Category: Features

  • අම්මත් එක්ක.

    අම්මත් එක්ක.

    ෆැකල්ටි ඔෆ් සෙක්ස් මැසේජ් බොක්ස් එකට ප්‍රශ්නයක් ඇවිත් තිබුන.

    මං කැමති මගේ අම්මත් එක්ක සෙක්ස් කරන්න. නැත්තං එයා වෙන කාත් එක්ක හරි සෙක්ස් කරනවා බලන් ඉන්න. ඒ ආසාව මට නවත්තගන්නම බෑ. මං මොකක්ද කරන්න ඕන?

    මීට ටික කාලෙකට කලින් ෆේස්බුක් ගෲප් එකකුත් හැදිලා තිබුන. අම්මලා සමග සෙක්ස් කරන්න කැමති උන්ගේ සංගමය කියල. ඒකට කුපිත වුනු අනෙක් ෆේස්බුක් මහජනතාව ඒක රිපෝර්ට් කරලා කරලා ගලවලම දැම්මද කොහෙද.

    අපිට තියෙන ලොකුම කුනුහරුපෙ තමයි අම්මට හුකනවා කියන එක. සමහරුන්ට ඕක ඇහුන ගමන් මළ පනිනවා හොඳටම. කොහොම වුනත් මේ මව සමග සංවාසය කියන එක සෑහෙන ඈත අතීතයේ ඉඳන් පැවත එන ව්‍යභිචාරයක්. ඉන්සෙස්ට් එකක්.

    ඒක බරපතල තහංචියක් වෙන එකෙන්ම පැහැදිලි අනෙක් කාරණය තමයි ඒක පවතිනවා කියන එක. ඒ වගේම ඒක සමාජ සංස්ථාවෙ දරුණු නිලයක් කියන එක. අපි මේ කතා කරන්නෙ අපි දන්න ලොකුම කුනුහරුපෙ ගැන.

    මව සමග සංවාසය කියන ආශාව, ෆැන්ටසිය ඍජුව මුදුන්පත් කරගන්න බැරි වුනාම අපි අම්මා වගේ කෙනෙක් සමග සංවාසය රසවිඳින තැනට මාරු වෙනවා. මිල්ෆ් නැත්තං මම්ස් අයි ලව් ටු ෆක් කියන කැටගරිය නියෝජනය කරන්නෙ මේ වෙස්මාරු කරපු ආශාව.

    අම්මලට පිරිමි පුතාලගෙ ඇතිවෙන ලිංගික ආකර්ශනය ලොකු රහසක් නෙමෙයි. හැබැයි සමහර අය මේක ඕනවට වඩා දුර  අරගෙන යනවා. මිචිගන්වල කිම් වෙස්ට් සහ බෙන් ෆෝර්ඩ්ගෙ කතාව එහෙම එකක්. ඒ කතාව මාධ්‍යවල පළවුනාට පස්සෙ ඇමරිකානු පොලිසිය කියනවා මේ දෙන්නට අවුරුදු 15ක සිරදඩුවමක් දෙන්න පුළුවන් කියල. ඊට පස්සෙ මේ දෙන්නට සිද්ද වෙනවා වසන් වෙලා ජීවත් වෙන්න. 

    කිම් වෙස්ට් ට අවුරුදු 51ක්. බෙන්ට  32 ක්.  අවුරුදු දෙකක ආදර සම්බන්දයකින් පස්සෙ ඒ ගොල්ලො කසාද බඳින්න තීරණය කරනවා. අපි පුදුම තරම් ආස්වාදනීය ලිංගික ජීවිතයක් ගත කරනවා කියල ඒ දෙපල කියනවා.

    බෙන් කියන්නෙ කිම්ගෙ පුතා. බෙන්ට සතියක් වයසෙදි කිම් එයාව හදාගන්න දීලා තියෙනවා. 2013දි මේ දෙන්නා හදිස්සියෙ මුනගැහෙනවා. කිම් කියනවා එයාට මුල් දුරකථන සංවාදවලදිම බෙන් ගැන හැගීම් ඇතිවෙන්න ගත්තා කියල. එයාට බෙන් සම්බන්ද  ශෘංගාර හීන පේන්න ගන්නවා. අන්තිමේදි මේ දෙන්නා හෝටල් කාමරයක මුනගැහෙනවා. ෂැම්පේන් බෝතලයකින් ආදරය සමරනවා. පලවෙනි හාදුව හුවමාරු කරගන්නවා. හැමදෙයක්ම පටන් ගත්තෙ එතනින්.

    මීට කලින් බෙන් කසාද බැඳලා ඉන්නෙ. එයා අම්මා වෙනුවෙන් ඒ කසාදය අත්අරිනවා. මේ දෙන්නා කියන්නෙ ඒ ගොල්ලො ජෙනටික් සෙක්ෂුවල් ඇට්‍රෑක්ෂන් වෙන විදිහකට කිව්වොත් ජානමය ලිංගික ආකර්ශන තත්වයක් නිසා මෙහෙම බැඳුනා කියල. ඒක ව්‍යභිචාරයක් හැටියෙන් ඒ ගොල්ලො බාරගන්නෙ නෑ.

    නමුත් ජෝන් මේයර් කියන මනෝ වෛද්‍යවරයා කියන්නෙ එහෙම එකක් නෑ කියල. ජීඑස්ඒ කියන්නෙ මිනිස්සු සමාජයේ වටිනාකම් පද්ධතිය බිඳින්න පාවිච්චි කරන නිදහසට කාරණයක් කියල.

    මේයර් කියන්නෙ ඉන්සෙස්ට් කියන දේ අපේ සමාජවල හැමදාකම පැවතුනා කියල. ඒ සමාජ අපවාදය, තහංචිය  ඒ විදිහට දිගටම ශිෂ්ටාචාරයෙ තිබුනෙ ඒක පවත්වාගෙන යාමට අවශ්‍ය හේතු තිබුනු නිසා. මේයර්ට අනුව බෙන් සහ කිම් කියන්නෙ  සමාජවිරෝධී ජීවිත ගත කරන මානසික රෝගීන් දෙන්නෙක්.

    නිව්යෝර්ක් සෙක්ස් තෙරපිස්ට් කෙනෙක් වෙන ඉයන් කර්නර්ට මේ ගැන තියෙන්නෙ සැකයක්. ජාන ලිංගික ආකර්ශනය කියන එක ගැන තාම කවුරුවත් අධ්‍යනය කරලා නෑ කියලයි එයා කියන්නෙ. නමුත් අපේ සංවාස සම්ප්‍රදාය හැදිලා තියෙන්නෙ ජානමය වෙනස්කම් හොයාගෙන යන්න මිස සමානකම් හොයාගෙන යන්න නෙමෙයි. නමුත් මේ විදිහෙ ව්‍යභිචාර තත්ව වලදි පොදු කාරනා හොයලා ඒක රෝගයක් හෝ ජානමය තත්වයක් කියනවට වඩා වැදගත් වෙන්නෙ ඒ අයගෙ පුද්ගලික ජීවිතය ඇතුලෙන් මේ දිහා බලන එක කියලයි ඉයන් කියන්නෙ.

    2015දි නිව්යෝර්ක් මැගසින් එක මේ වගේම මේ කතාවෙ අනිත් පැත්ත වාර්තා කරනවා. ඒ තාත්තා කෙනෙක් එක්ක ලිංගිකව එක්වීමෙන් කන්‍යාභාවය නැති කරගත්ත දුවෙක් ගැන. ඒ අය එකිනෙකා දකින්නෙ අවුරුදු 12ට පස්සෙ. ඒ දැකපු ගමන් ඒ දෙන්නා අතර ඇතිවෙන වාවාගත නොහැකි හැගීම් නිසා ඒ මොහොතෙම විවාහ වෙලා දරුවන් ලබන්න ඕන වුනා කියල ඒ ගොල්ලො කියනවා.

    සමාජයෙන් තහංචි පැනවුනු ඉතා සමීප ඥාති සම්බන්ධතා ඇති අය අතර ලිංගික සම්බන්ධතාවලට අපි කියනවා ඉන්සෙස්ට් නැත්තං ව්‍යභිචාරය කියල. දෙමව්පියන් දරුවන් අතර සහෝදර සහෝදරියන් අතර ඇතිවෙන සබඳතා මේකට උදාහරන. මේක ලිංගික සංසර්ගයක්ම විය යුතු නෑ. කවර හෝ ලිංගිකමය ආශ්‍රයක් මේ ගනයට වැටෙනවා.

    මේක ටැබූ එකක් වුනත් මේක යුනිවර්සල් ටැබූ එකක්. හැම සමාජයකම ව්‍යභිචාරය තියෙනවා. සංස්කෘතියෙන් සංස්කෘතියට සමහර ඥාති සම්බන්ධතා අතර සම්බන්ධතා පිලිගන්න හැටි වෙනස් වෙනවා. සමහර සංස්කෘතීන්ට අනුව පලවෙනි මස්සිනා එක්ක හැර අනිත් අය එක්ක සෙක්ස් කරන්න පුළුවන්. කලින් කසාදයේ දුවත් එක්ක දෙවෙනි කසාදෙ බාප්පා අතර ඇතිවෙන සම්බන්දය තවත් මේ වගේ එකක්. පරණ ඊජිප්තු ඉන්කා සමාජවල රාජකීයයන් අතර ඉන්සෙස්ට් එක අනිවාර්යයක් වුනා. ඒ උරුමය පිනිස ඒ පවුල්වල අයට ඒ පවුල් අතරම ලිංගික සම්බන්ධතා පවත්වන්න වුනා.

    මනෝවිශ්ලේෂනවාදය කියන විදිහට අවුරුදු 3 සිට 5 දක්වා දරුවෙක් තමන්ගේ විරුද්ධ ලිංගික මව හෝ පියා සමග ව්‍යභිචාරාත්මක ලිංගික ආශාවක් ඇති කරගන්නවා. පිරිමි දරුවෙක් නම් මේ සම්බන්දතාවට ඊඩිපස් සංකීර්නය කියල ෆ්‍රොයිඩ් කියනවා. ඒ අදහස ෆ්‍රොයිඩ් ගන්නෙ ග්‍රීක ඛේදාන්තයක් වුනු මහා ඊඩිපස්  කතාවෙන්. මව ගැන ලිංගික ආකර්ශනයකින් සහ තාත්තා සමග එදිරිවාදීකමකින් දරුවෙක් පෙලෙනවා කියල ෆ්‍රොයිඩ් කිව්වා. තාත්තා විසින් තමාව කප්පාදු කරයි කියලා ඇතිවෙන බිය නිසා පිරිමි දරුවා තාත්තා වගේ වෙන්නත්, තාත්තාගේ වටිනාකම් සමග අනුගත වෙන්නත් පෙළඹෙනවා. මේකම ෆ්‍රොයිඩ් ගැහැනු දරුවන්ගෙ පැත්තෙන් ඉලෙක්ට්‍රා සංකීර්නය කියල කතා කරනවා.

    සහෝදර සහෝදරියන් අතර සහ තාත්තා දුව අතර ලිංගික සම්බන්ධතා ඇතිවීම මව සහ පුතා අතර සම්බන්ධතාවයන්ට වඩා වැඩියි කියලයි පිලිගැනීම. පවුල ඇතුලෙම පුතා සහ මව අතර ගුප්ත ලිංගිකමය සම්බන්දයක් පැවතීම ගොඩක් සංස්කෘතීන්වල ස්වභාවික දෙයක්. ඒක අනුරාගී එකක් නොවුනත් ලිංගිකමය එකක්. ඒක අපි අධි පිවිතුරු තත්වයක් වෙනකල් ශිෂ්ට කරලා අරගෙන තියෙනවා.
    පවුලේ පිරිමියෙක් අතින් ඉන්සෙස්ට් සම්බන්ධතා ඇතිවීමේ වැඩි ප්‍රවනතාවයක් තියෙනවා. විවිධ මානසික ප්‍රශ්න සහ ආවේගයන්ගෙන් පෙලෙන තාත්තලා අතින් දුවලා අතවරයට ලක්වීම බහුලයි. මේ බොහෝ අවස්තාවල අම්මා ඒ ගැන දැනුවත්ව හිටියත් ඊට විරුද්දව කිසිවක් කරකියාගන්න බැරි තත්වයක් තියෙනවා.

    ව්‍යභිචාරය ඇතිවෙන්න දුප්පත් පොහොසත්, නාගරික ගම්බද, දියුණු නොදියුණු වගේ කිසි වෙනස්කමක් බලපාන්නෙ නෑ. ඒක ඕන තැනක වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලාවට මේකට ගොදුරු වෙන්නෙ බාල වයස්කාරයන්. ඒක බලහත්කාරයක් විදිහට සිද්ද වුනාම ඒ ගොදුරු වෙන අයට ලිංගික දුර්වලතා ඇතිවීම, ප්‍රචන්ඩ ලිංගික චර්යාවන් ඇතිවීම, අපචාරී වීම වගේ දේවල් වෙන්න පුළුවන්. අපි දන්නවට වඩා ඉන්සෙස්ට් සම්බන්ධතා ඇත්තටම බහුලයි. පවුලේ ගරුත්වය ගැන හිතන නිසා ඒවා වාර්තා වෙන්නෙ අඩුවෙන්. ඒ වගේම පුංචි දරුවන්ට බොහෝ විට තමන් මුහුන දෙන අතවරය ගැන පැමිනිලි කරන්න හැකියාවක් නෑ.

    ඇමරිකාවෙ ලොකුම පෝර්න් කැටගරි තියෙන වෙබ්සයිට් එකක් තමයි ගේම්ලින්ක්.  ඒ ගොල්ලො කියන විදිහට අන්තිම අවුරුදු 04 ඇතුලත මිල්ෆ් කියන පෝර්න් කැටගරිය 83%කින් වැඩිවෙලා තියෙනවා.

    ගේම්ලින්ක් කියන විදිහට මේ මිල්ෆ් පෙරලිය ඇතිවුනු තැන ලේසියෙන්ම ලකුනු කරන්න පුළුවන්. ඒ 99 ඇමරිකන් පයි ෆිල්ම් එකේ ස්ටිෆ්ලර්ගෙ අම්මා පුතාගෙ යාලුවෙක් එක්ක බේස්මන්ට් එකේ පූල් ටේබල් එකක් උඩ සෙක්ස් කරන තැනින්. 2003දි ෆවුන්ටන්ස් ඔෆ් වේන් බෑන්ඩ් එක ස්ටේසිස් මාම් සිංදුව රිලීස් කරනවා. ඒකත් මේ ආසාවට හොඳ තල්ලුවක් දුන්නා. 2007 සහ 2009 අතර ලීසා ඈන් විසින් සාරා පේලින්ගෙ පැරඩිය ‘හූස් නේලින්ග් පේලින්’කියන පෝර්න් එක කරාම මිල්ෆ් අලෙවිය රොකට් වගේ නගින්න පටන් අරන් තියෙනවා.

    මේ කතාව වෙන විදිහකට කිව්වොත් ගොඩක් අය අම්මලට ආස කරනවා. ඒ මොකද? ක්ලැසික් උත්තරේ වෙන්නෙ අර උඩ කියපු ෆ්‍රොයිඩියානු කතාව. එතකොට තාත්තාගෙ අතින් කප්පාදු වෙන්න ඇති බය නිසා මේක අම්මාගෙන් අම්මා වගේ අය කරා මාරු වෙනවා.

    තව තියරියක් තමයි ජැක් මොරින් කියන සෙක්ස් තෙරපිස්ට් එයාගෙ ‘ද ඉරොටික් මයින්ඩ්’ පොතේ කතා කරන මධ්‍ය ශෘංගාර තේමාවන්. නැත්තං කෝර් ඉරොටික් තීම්ස්.  එයා කියන්නෙ ඒවා අපේ වැඩෙන වයසෙදි අපි මුහුන දෙන හැගීම්මය තත්වයන්ට අපේ සබ්කොන්ෂස් එකෙන් දක්වන ප්‍රතිචාර කියල. මේවා දිගටම අපේ ලිංගික ජීවිතයට බලපානවා. අම්මලා ගැන ආශාවත් සමහර අයට ඒ වගේ ඇතිවෙන ප්‍රාථමික ශෘංගාර තේමාවක්.

    පීටර් කැනරිස් කියන සායනික මනෝවෛද්‍යවරයා කියන්නෙ  මේක ටැබූ එකක් වීමමත් ඒ ආශාව වැඩි කරනවා කියල. ඒක ව්‍යභිචාරී ෆැන්ටසියක්. නමුත් සමාජය ඇතුලෙ මේක දරුණු ලැජ්ජාවක ප්‍රභවයක්. එක්කො ෆැන්ටසිය තියෙන කෙනාම ඒ ගැන ලැජ්ජාවෙනවා. නැත්තං එයාට විශේෂ අනෙකෙක් විසින් මේක ගැන දැනගැනීම ලැජ්ජාවක් ඇති කරනවා. තමන්ගෙම අම්මා නොවුනත්, මේ වෙන අම්මා කෙනෙක් වෙත දිගු වෙන ෆැන්ටසියෙ වුනත් කෙනෙක් ව්‍යභිචාරී වරදකාරයෙක් වෙන තැනක් තියෙනවා. මේ එකම ආශාව.

    කැනරිස් දකින විදිහට අපේ සමාජයෙ අම්මා කෙනෙක් දරුවන් ලැබුනට පස්සෙ සෙක්ස්හරණය කළ තත්වයකින් සැලකීමත් මේ ටැබූමය ගතිය වැඩි කරනවා. නමුත් ඇත්තටම මේ ෆැන්ටසිය වර්ධනය කරන්නෙ දරුවන් වැඩෙන අවදියේදී අම්මලා එක්ක ගත කරන ලිංගික අත්දැකීමකට සමාන සම්බන්ධතා ස්වරූපය හින්ද.  අම්මලා එක්ක මේ කුඩා වියේ ඇතිවන ලිංගිකරූපී ආදරය සාමාන්‍යයක්. මේක යටපත් වෙලා තිබිලා නැවත ඇක්ටිවේට් වෙමින් අපේ ආශාවෙ න්‍යෂ්ටිය බවට පත්වෙන එකයි වෙන්නෙ.

    ගොඩක් පුතාලා අන්තිමට බඳින්නෙ තමන්ගෙ අම්මට සමාන රූපයක් ඇති ගැහැනු. සම්බන්ධතා ඇතුලෙ උත්සාහ කරන්නෙ තමන්ගෙ අම්මා වගේ ගැහැනියක් හදන්න. අඩුවැඩි වශයෙන් අපි හැමෝම ව්‍යභිචාරියි.

    ඒත් හැම ෆැන්ටසියක්ම යතාර්ථයක් කරගන්න අවශ්‍ය නෑ. සමහර ෆැන්ටසි යතාර්ථයක් වුනහම පොලොවෙ වැදිලා කුඩුපට්ටම් වෙලා යනවා. හැම ෆැන්ටසියක්ම ඇත්ත කරගන්න උත්සාහ නොකර ඒක ෆැන්ටසියක් විදිහටම රස විඳින්න අපිට ඕන වෙනවා ශෘංගාර පරිණතකමක්. ඒ පරිණතභාවය හුරු කර නොගැනීම අපිව ආශාව රස විඳින්නෙක් වෙනුවට ආශාවෙ වහලෙක් බවට පත් කරනවා.

    ටැබූ කඩන එක නරක නෑ . හැබැයි ටැබූ ගැන පූර්ණ සවිඥානක වීමකින් පස්සෙ.

  • Dominatrix – ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක් වත්..

    Dominatrix – ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක් වත්..

    මෑත දවසකදි අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් මට මග් එකක් තෑගි දුන්නා. මං ඕකෙ ෆොටෝ එකක් ෆේස්බුක් දැම්මා. ඒ කෙල්ලට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ගොඩක් ආවා. මේ අතරෙ කෙනෙක් අමුතුම ආදර හසුනකුත් එවලා තිබුන.

    මට ඔයාගෙ කකුල් ඉඹින්න දෙන්න. ඒ ඇඟිලි ලෙවකන්න දෙන්න. ඒ පතුල්වලින් පෑගෙන්න අවසර දෙන්න. මට ඔයාගෙ කකුල් ළඟ දැවටෙන්න දෙන්න… ඔයා මගේ දේවදූතිය වෙන්න.

    ඕක දැකපු ගමන් ඒ කෙල්ල හොඳටම බය වුනා. ඒක එයාට දැනුනෙ අපහාසයක් වගේ. ඒත් ඇත්තටම ඒ නෝට් එක පුරාම තිබුනෙ වර්ණනාවක්.

    ලංකාවෙ මේ විදිහට ෆෙටිෂ් එකක් තේරුම් ගන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. ඒ වෙනුවට ඒ නෝට් එක අරගෙන නමත් එක්ක එෆ්බී දාලා අර මිනිහව විනාශ කරන අවස්ථා වැඩියි. තමන්ගෙ කකුල් ඉඹින්න ආසාවෙන් පෙලෙන මිනිහව පර්වර්ට් කෙනෙක් අසහනකාරයෙක් මානසික රෝගියෙක් විදිහට ප්‍රකාශයට පත් කරලා තමන්ගෙ යහපත්භාවය තහවුරු කරගන්නයි ගොඩක් අය පෙළඹෙන්නෙ. ඒක පුද්ගලිකව ඒ කාගෙවත් වැරැද්දක් නෙමෙයි. අපේ සංස්කෘතික ඉගැන්වීමෙ විදිහ.

    ලංකාවෙ ෆුට් ෆෙටිෂ් කියපු ගමන් මට මතක් වෙන සිංදුවක් තියෙනවා.

    ‘ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම්…’ චන්ද්‍රලේඛා කියන මේ වචන ටික එයා කියන්නෙ මේ අදහසින් නොවුනත් ෆුට් ෆෙටිෂ්වල ඉස්තරම් ප්‍රකාශනයක්.

    මං මේ දවස්වල අහන ලව් ඇන්ඩ් රේඩියෝ කියල පොඩ්කාස්ට් එකක් තියෙනවා. ඒකෙ විවිධ ලිංගික ෆැන්ටසිවල ජීවත්වෙන අය තමන්ගෙ අත්දැකීම් බෙදාගන්නවා. ඒක අහනකොට දැනෙන දෙයක් තමයි සාමාන්‍ය සමාජය විපරීතයි කියන සම්බන්ධතා ඇතුලෙ මොනතරම් එකිනෙකා ගැන විශ්වාසයක්, ගෞරවයක් ආරක්ෂා වෙනවද කියන එක. ඒ හැමදෙයක්ම කරන්නෙ ඒ පදනම උඩ. ඒ වගේම ඒ ලිංගික පරිකල්පනයන් අපිව පුදුම කරනවා. අපි සෙක්ස් කියල දකින්නෙ මොනතරම් බෝරිං දේවල් ටිකක්ද කියල හිතෙනවා.

    එක එපිසෝඩ් එකක ඒකෙ කතා කරනවා ඩොමිනේටි්‍රක්ස් ගැන. ෆුට් ෆෙටිෂ් කියන එකත් බොහෝ විට මේ ඩොමිනේටි්‍රක්ස් කියන බීඩීඑස්එම් ශෘංගාරයේ එක කලාපයක්. ඩොමිනේටි්‍රක්ස් කියන්නෙ කාන්තාව විසින් ආධිපත්‍ය අරගෙන පිරිමියාව පාගා දමන ස්වරූපයේ ලිංගික අත්දැකීමකට. ඒකෙ ඩොමිනන්ට් කියන පදයෙන් බිඳලා අරගෙන මේ නපුරු ගැහැණිය ඩොම් කියල හඳුන්වනවා. මේ නපුරු ගැහැනියගේ කුරිරුකම තමයි පිරිිමියාගෙ සතුට වෙන්නෙ.

    ඇරිස්ටෝටල් සහ ෆිලිස්ගෙ කතාව ඩොමිනේටි්‍රක්ස්වල ප්‍රසිද්ද කතාවක්. ෆිලිස් කියන මේ අධිපති ගැහැනිය ඇරිස්ටෝටල් කියන මහා දාර්ශනිකයාව යටපත් කරගන්නවා. ඇරිස්ටෝටල්ට දනගහන්න කියල අන කරනවා. ඊට පස්සෙ ඇරිස්ටෝටල්ගෙ පිට උඩ නැගලා ෆිලිස් කස පහර දිදි අස්සයො පදිනවා.

    මේ පොඩ්කාස්ට් එපිසෝඩ් එකේදි මේ පුංචි කෙල්ල කියනවා එයා කොහොමද මේ ෆැන්ටසියට ඇතුල් වුනේ කියල. එයාට නිතර මැසේජ් එවන අර කලින් විදිහෙ ශෘංගාර රසිකයෙක් ඉන්නවා. එයාගෙ කකුල් ගැන, එයාගෙ ඇඟිලි ගැන, ඒ නියපොතු, හීනි මයිල් ගස් මේ වගේ එකීනොකී හැම දෙයක්ම ඒ පිරිමියාගෙ වර්ණනාවට අහුවෙනවා. මුලින් මේ කෙල්ලට තරහ යනවා. තරහ ගිහින් බනිනවා. හැබැයි අපේ ගෑනු ළමයි වගේ ඒවා කොපි කරලා එෆ්බී දාන්නෙ නෑ.

    අර තරුණයා කියනවා එයාට තියෙන්නෙ අඟල් දෙකක විතර පුංචි ශිෂ්නයක් කියල. මේ කෙල්ල ඒකට හිනාවෙනවා. හිනාවෙලා පාච්චල් කරනවා. මේ හැමදේකින්ම අර පිරිමියා සතුටු වෙනවා කියල එයා තේරුම් ගන්නවා.  කොයිතරම් අපහාස කළත් ඒ පිරිමියා එයාට කතා කරන්නෙ මැඩම් කියන ගෞරවාර්ථයෙන්ම විතරයි. ඒ යටහත් පහත් බව එයා සදා රකිනවා. කොයිතරම් තේරුම් ගන්න අමාරු වුනත් මේ කෙල්ල අර වහල් පිරිමියාව බ්ලොක් කරන්නෙ නෑ. මේ වැඩේ හරි ඉන්ටරෙස්ටින් කියල කෙල්ලට හිතෙනවා.

    දවසක් මේ පිරිමියා එයාගෙන් මුත්‍රා ටිකක් ඉල්ලනවා. ඒ වෙනුවෙන් හොඳ මුදල් ගෙවන්නත් එයා ලෑස්ති වෙනවා. ඒත් මේ කෙල්ල හිතන්නෙ මේක පචයක් කියල. චූ ටිකකට මෙච්චර ගානක් ගෙවන්නෙ කවුද කියල එයාට හිතෙනවා. ඒත් නැති වෙන්න තියෙන්නෙ මොනවද? එයා චූටි බෝතලේකට චූ කරලා ඒක ලස්සනට පැක් කරලා අර පිරිමියාගෙ ඇඩ්‍රස් එකට යවනවා. එයාට අර කියපු මුදල චෙක් එකක් විදිහට ලැබෙනවා.

    ඊට පස්සෙ එයා දැනගන්නවා කෙල්ලන්ගෙ ඇඳපු යට ඇඳුම්, කොන්ඩ බෝල, මේස්, ස්ටොකින්ස්, කෙස්ගස්, වසාරෝම හැමදේකටම මේ විදිහෙ ඉල්ලුමක් තියෙනවා කියල. එයා එයාගෙ චැනල් එකක් පටන් ගන්නෙ ඊට පස්සෙ.

    ඒ ච ැනල් එකේ එයා කැමරාව ඉස්සරහට ඇවිත් එයාගෙ කුරිරුකම් විඳින්න සැදී පැහැදී ඉන්න පිරිමි එක්ක කතා කරනවා. ඒ පිරිමින්ට සැර කරනවා. අපහාස කරනවා. එයා ඇඳපු පැලඳපු දේවල් විකුණනවා. ඒ පිරිමි ඒ වෙනුවෙන් සල්ලි දෙනවා.

    සමහර වෙලාවට තමන්ගෙ බැංකු ගිනුමෙ අංකය අරගෙන සම්පූර්නයෙන්ම තමන්ව බංකොලොත් කරන්න කියල ඒ පිරිමි ඉල්ලනවා. ඒක තමයි ආස්වාදය. තව කෙනෙකුට තියෙනවා යෝද ගැහැනියකගෙන් පෑගිලා මැරෙන ශෘංගාරයක්. එතකොට මේ කෙල්ල හොඳටම ලෝ ඈන්ගල් ෂොට් එකක ඉඳන්, එතකොට එයාව යෝදියෙක් වගේ පේනවා, ඒක ඒ පිරිමියා එක්ක කතා කරනවා. ගොඩ්සිලා ගෑනියෙක් විසින් මේ පුංචි කුරාකුහුඹු පිරිමියා පාගලා මරන හැටි, කටේ දාගෙන හපන හැටි එයා විස්තර කරනවා. ඒ අතරෙ අනිත් පැත්තෙ පිරිමියා ස්වයං වින්දනයෙ යෙදෙනවා.

    උඹ මේවා අහගෙන මාස්ටර්බේට් කරනවා නේද අගුටුමිට්ටො?
    ඔව්.. ඔව් මැඩම්.. මට සමාවෙන්න මැඩම්.. මාව මරන්න මැඩම්..

    ඒක හරිම අපූර්ව ෆැන්ටසියක්. මේ කෙල්ලගෙ රසිකයො කැමති නෑ කොයිම වෙලාවකවත් එයා නිරුවත් වෙනවට. එයා ඔවුන් වෙනුවෙන් නිරුවත් වෙනවට වඩා ඉහළ දෙවඟන තත්වයක් තමයි ඒ ගොල්ලොන්ට ඕන. සමහර විට මේ කෙල්ලට එයා ආදරේ කරන කොල්ලො එක්ක ඩේට් යන්න පවා වියදම් කරන්නෙ මේ යටහත් පිරිමි.

    එයා මේ ෆැන්ටසිය විඳින්නෙ නෑ කියල මේ කෙල්ල කියනවා. ඒක එයාට ප්ලේ එකක්. ඒක එයා කරන පර්ෆෝර්ම් එකක්. ඒකට ඇත්තටම ඒ ෆැන්ටසිය එයා විඳිනවද කියන එක අදාල නෑ.
    ඒ වගේම අර පිරිමිත් කරන්නෙ ඇක්ට් එකක්. ඒ අයට ඇත්තටම පුංචි ශිෂ්නයක් නැතුව ඇති. ඇත්ත බැංකු ගිනුම් අංක දෙන්නෙ නැතුව ඇති. ඒ ආස්වාදය වෙනුවෙන් ඒ ගොල්ලො චරිතයක් නිර්මාණය කරගන්නවා. මේක තනිකරම රෝල් ප්ලේ එකක්.

    ඉතින් ගොඩක් අය හිතනවා වගේ මේක මානසික රෝගයක් නෙමෙයි කියලයි මේ කෙල්ල කියන්නෙ. ඒ වෙනුවට ඉතාම දැනුවත්ව, අනෙකාගෙ පුද්ගලිකත්වට ගරු කරමින් කරගෙන යන ශෘංගාර නාටකයක් විදිහටයි එයා මේක දකින්නෙ. නමුත් තමන්ගෙම ප්‍රේක්ෂක පිරිසක් එක්ක, තමන්ගේ සුවපහසුව ආරක්ෂාව ඇතුව හොඳ ආදායමක් උපයමින් මේ කරන වෘත්තිය ගැන ඇය ඉන්නෙ තෘප්තියෙන්.

    එයා තව තවත් නිර්මාණශීලී දේවල් තමන්ගෙ වහල් පිරිමින් වෙනුවෙන් ඉදිරිපත් කරනවා. අලුත් වධහිංසන හොයාගන්නවා. අලුත් අපහාස යොදාගන්නවා.

    ඒ අන්ධකාර රාත්‍රියේ තමන්ගෙ දෙපා සිඹින්නට බලන් ඉන්න සියගානක් පිරිමි ඉස්සරහට එයා මහේශාක්‍ය විදිහට කසය අරන් එනවා. අපිට දඩුවම් කරන්න මැඩම්…

  • වල් කතා කියවීම සහ වාත නොවී සෙක්ස් කිරීම – ගැහැනු ළමයෙකුගෙන් චෝදනාවක්

    වල් කතා කියවීම සහ වාත නොවී සෙක්ස් කිරීම – ගැහැනු ළමයෙකුගෙන් චෝදනාවක්

    ඔයාගෙ පොත් කියවලා මිනිස්සු වල් වෙනවා. අහලපහල අයටවත් ඉන්න විදිහක් නෑ.

    මට මැසෙන්ජර් එකෙන් කමෙන්ට් එකක් එව්වා ගෑනු ළමයෙක්.

    ආ?

    විහිලුවක්ද, බැනුමක්ද කියල අකුරුවලින් හිතාගන්න බැරුව මං ප්‍රශ්නාර්තයක් යැව්වා.
    මං ඉන්නෙ උඩ තට්ටුවක රෙන්ට් එකට. මායි තව ගෑනු ළමයෙකුයි තමයි මේ තට්ටුවෙ ඉන්නෙ. පහල තට්ටුවෙ ගෙදර අයිතිකාරයො. කිසිම අවුලක් නැති කාගෙවත් දේවල්වල ඇගිලි ගහන්නෙ නැති ජෝඩුවක්. ඒ ගොල්ලොන්ට ළමයි දෙන්නෙකුත් ඉන්නවා.

    ටික දවසක ඉඳන් මහ රෑට අල්ලපු ගෙදරින් මහ සද්දෙට සිංදු ඇහෙනවා. ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ඒ සද්දෙටම ඒවා කියනවත් එක්ක. ඒක ගෝෂාවක්. ඒ මදිවට උදේට රන්ඩු වෙනවා. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම බැනගන්නවා. ඔක්කොමටම වඩා උන් සෙක්ස් කරනකොට. වටේම මිනිස්සු දන්නවා. කෙඳිරිගන්නෙයි එක එක ඒවා කියන්නෙයි රටටම ඇහෙන්න.

    මේක ඉවසන්නම බැරි තැන මායි මගේ එහා පැත්තෙ අපාර්ට්මන්ට් එකේ ගෑනු ළමයයි තීරණය කළා මේ ගොල්ලොන්ට මේක කියන්න. අපිට නිදාගන්න විදිහක් නෑ කියල. එයාලගෙ බේඩරූම් එක තියෙන්නෙ අපේ බැල්කනිවලට කෙලින්ම. හැමදේම හොඳටම පේනවා රෑ ලයිට් එලියට. ඔන්න එදා රෑත් දෙන්නා රන්ඩු වෙන්න ගත්තා. ඊට පැයකට පස්සෙ සිංදු කියන්න ගත්තා. සද්දෙන් හිනාවෙන්න ගත්තා. වෙලාව එකට විතර ඇති.

    අපි බැල්කනියට ගිහින් කතා කළා. ඇහෙන්නෙ නැති තැන කෝටු කෑල්ලකින් දමලා ගැහුවා ජනේලෙට. ජනේලෙ ඇරලා ඒ ගෙදර පිරිමියා කතා කළා. අවුරුදු 50ක් විතර ඇති. මැරෑටි පාටයි.
    අපි බොහොම කරුනාවෙන් අපිට තියෙන කරදරේ කිව්වා. නිදාගන්න බෑ සද්දෙ ටිකක් අඩු කරන්න කියල ඉල්ලුවා. ඒත් මේ මිනිහා අපි දෙන්නටම බැන්නා.

    පුළුවන් දෙයක් කරපල්ලා, පොලිසි පලයල්ලා කියල ඉංග්‍රීසි භාෂාවෙ නරකම වචන ගොඩකුත් කිව්වා. ඒකට අපේ ගෙදර අයිතිකාරයාට තරහ ගිහින් එයත් ඇවිත් අර මිනිහට බැන්නා. රන්ඩුව එතනින් ඉවර වුනාට සද්දෙ ඉවර වුනේ නෑ. දිගටම ඒ ගොල්ලො ඒක කරගෙන ගියා. 
    ඊගාව දවසෙ මං වැඩ ඇරිලා එද්දි අර මනුස්සයා ජනේලෙන්  මට හූ කිව්වා. මං ගානකට නොගෙන ඇවිත් නාලා ඇඳුම් වැලට දාන්න බැල්කනියට යද්දි අර මිනිහා මහ හයියෙන්

    oh baby.. suck my dick.. I wanna suck your pussy..
    වගේ ඒවා කියනවා. 

    ඒ අතරෙ ජනේලෙත් ඇරියා. මට ඉතින් ඒ පැත්ත බැලුනා. කාමර් ලයිට් දාලා. ඒ මිනිහා ජනේලෙ එල්ලිලා මං දිහා බලන් ඉන්නවා. ගෑනු කෙනා එතනම දන ගහගෙන එතනම වැඩේ කරනවා.

    මම ඉක්මනට ගේ ඇතුලට ගිහින් ලයිට් ඔෆ් කළා. එක දිගටම ඒ දෙන්නා අදාල කාර්ය කරගෙන ගියා. සද්දෙන් කියවන්නයි කෙඳිරිගාන්නයි ගත්තා. බොරු කියන්න ඕන නෑනෙ මාත් බලාගෙන හිටියා.
    උන් දෙන්නා එතනම සෙක්ස් කරනවා කිසිම අවුලක් නැතුව. මට ඒක නං ප්‍රශ්නයක් නෙමෙයි.
    ඊට පස්සෙ මං මගේ කාමරෙන් ඒ පැත්ත පේන ජනේලෙ කොල අලවලා වහලා දැම්මා. (වැහුවට වැඩක් නෑ දිගටම උන් සෙක්ස් කරන සද්දෙ අපිට අහගෙන ඉන්න වුනා) පස්සෙ ගෙදර අයිති අක්කට මේ කතාව කිව්වා. එයා අර ගෙදර අයිති අයට කියලා ඒ අයිති අය අර මිනිහව හම්බුවෙන්න ආවා. ඒ ගෙදර අයිති අවුරුදු 60ක විතර ආන්ටි කෙනෙකුට.

    පිරිමියා මිනිස්ටර් කෙනෙක් ළඟ වැඩලු.

    ඒ ආන්ටි අපේ අක්කට කියල, අර මිනිස්සු වල් පොත් කියව කියව, වල් ෆිල්ම් බල බල බිබී සෙක්ස් කරනවා කියල. අක්කා අහලා මොන වල් පොත්ද කියල. අර චින්තන ධර්මදාසද මොකෙක්ද කියල වල්පොත් ලියන මිනිහෙක් ඉන්නෙ. ඇතුල්වෙන තැන මේසෙ උඩම තියෙන්නෙ ඒ පොත් කියල.
    අක්කා මට මේක කිව්වම මට ඔයාට මේක කියන්න හිතුනා. ඔයාගෙ පොත් හින්ද අනිත් මිනිස්සුන්ට නිදාගන්නවත් නෑ කියල. ඔයා ඕකෙ ලියලා තියෙනවද රෑට ජනෙල් ඇරගෙන මහ සද්දෙට අනිත් එවුනුත් ඇහැරෙන්න සෙක්ස් කරන්න කියල?

    මගේ පොත් මේ විදිහෙ පිලිගැනීමකට ලක්වෙන එක ආඩම්බරේකට කාරණයක් වුනත් අනිත් මිනිස්සුන්ට තමන් සෙක්ස් කරන එක වාතයක් වෙන එක නං මං කිසි දවසක බලාපොරොත්තු නොවුනු තත්වයක්.
    මං ඉතින් මට මේ කතාව කියපු ගෑනු ළමයගෙන් ඒ වෙනුවෙන් සමාව ඉල්ලුවා. පොලිසියට කිව්වත් බය නැති හාදයෙක්ට මං කියල මොනා කරන්නද? ඕන නං ඔය කාමරේ මට ගන්න පුළුවන්.  චින්තන ධර්මදාස

  • නිරුවත් වෙන්න ලෑස්ති වෙන්න

    නිරුවත් වෙන්න ලෑස්ති වෙන්න

    ලංකාවේ අතිශය ජනප්‍රිය කාන්තා චරිතයක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරන විඩියෝවක සිටින්නේ ඇය නොවන බව කියමින් සිටින්නීය….එහිදී සිදුව ඇති දේ බොහෝ දෙනාට පැහැදිලි විය යුතුය….එනම්, ඇයගේ රුවට ආසන්න රුවක් සහිත වෙනත් විදේශික කාන්තාවකගේ විඩියෝවක්, ප්‍රසිද්ධිය ලබන අටියෙන් කූඨ ලෙස සමාජ මාධ්‍යයන්ට එක් කර තිබීමය…..ඒ සිටින්නේ තමා නොවන බව කියමින් ඇය යූ ටියුබ් චැනලයක හඬා වැටෙන විඩියෝවක්ද සංසරණය වෙමින් තිබේ…. කෙනෙකුට නිරුවත් විඩියෝවක් හෝ ඡායාරූපයක් පෙන්වා ඒ සිටින්නේ තමා නොවන බවට හගිස්සවමින් හඬා වැටෙන්නට සිදුවන තරමට සරාගී බව සහ ශෘංගාර සමීපනය ( ඉන්ටිමසි ) භයානක දෙයක් වී තිබීම වෙනම සාකච්ඡාවට ගත යුතුය….. එම කාන්තාවට සමාන රුවක් ඇති කවර හෝ තැනැත්තියක් යුද හමුදා කැළෑ ඇඳුම ( කැමෆ්ලාජ් ) ඇඳ, ගිනි අවියක් අත දරාගෙන, යුද්ද ටැංකියක් පිට ඉන්නා සේයාරුවක් හෝ විඩියෝවක් “ඇගේය” කියා සමාජගත වූවා නම්, ඇයට ඒ ඉන්නේ තමා නොවන බව කියමින් සමාජය ඉදිරියේ දණින් වැටී හඬන්නට සිදු නොවනු ඇත….

    නමුත්, කිව යුතු දේ එය නොවේ…..ජනප්‍රිය චරිත වල මුහුණු වලට සමරුව ඇති අයගේ විඩියෝ, අදාළ පුද්ගලයන්ගේ යැයි කියමින් යැවීම මෙතරම් භයානක නම්, තාක්ෂණය සමඟ ඉදිරිය බොහෝ සෙයින් අඳුරු විය හැක…..කෘත්‍රිම බුද්ධිය හෙවත් “ආටිෆිෂල් ඉන්ටෙලිජන්සි ” නිර්මාණකරණයට ඈඳා ගැනීමත් සමඟ බිහිවූ විෂය පථයකි : කෘත්‍රිම පරිකල්පනය හෙවත් “ආටිෆිෂල් ඉමැජිනේෂන්”මේ කෘත්‍රිම පරිකල්පනය යටතේ එන විෂය ක්ෂේත්‍රයක් වන්නේ “සින්තටික් මීඩියා” ය….කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින්, කෘත්‍රිම බුද්ධියේ සියුම් හඳුනා ගැනීමේ සහ වෙනස් කිරීමේ ඥාණයන් මෙන්ම, අතිශය සංකීර්ණ ලෙස යමක් විශ්ලේෂණය කිරීමේ ඥාණය යොදාගනිමින් රූපයන් පමණක් නොව, විඩියෝ පවා “අන්‍ය ආකාර” කිරීම “ඩීප් ෆේක්” නමින් හැඳින්වේ…..මේ ඩීප්ෆේක් ගැන කථාව මුලින්ම කරළියට එන්නේ 2017 වසර ආශ්‍රිතවය….රුසියාව කේන්ද්‍ර කරගනිමින් බිහිවූ මෘදුකාංග නිමැවුම්කරුවන් ජාලයක් විසින් “ඩීප් නියුඩ්” යන සන්නාමය සහිතව, ඕනෑම කෙනෙකුගේ ඕනෑම ආකාරයක ඡායාරූපයක්, විනාඩි කිහිපයකින්, ඉතාම ස්වභාවික ලෙස නිරුවත් කර දීම සමඟ ඒ අයට බොහෝ ඉල්ලීම් ගලා එන්නට විය….එයින් නොනැවතුනු තවත් කණ්ඩායම් කිහිපයක් 2019 වසර අගභාගය වනවිට “ඩීප් නියුඩ්” යන නම සහිතව ස්මාට්ෆෝන් ඇප් එකක්ද නිර්මාණය කරන ලදී….. කාන්තා රූප වලට පමණක් ක්‍රියාත්මක වන එම ඇප් එක, ඕනෑම කාන්තා රූපයක ඇඳුම් විනාඩි 12 ක උපරිමයක් තුළ ඉවත් කර, ඇයගේ සමට සහ ශරීරයේ හැඩතල වලට ගැලපෙන පරිදි එම සේයාරුව නිරුවත් කර දෙයි….පසුව ලොවපුරා නැගී ආ විරෝධයත් සමඟ එම ඇප් එක අන්තර්ජාලයෙන් ඉවත් කරගන්නට එහි නිර්මාතෘවරු කටයුතු කර තිබිණි….නමුත් ඒ වනවිට රටවල් ගණනාවක පුද්ගලයන් කාන්තා සේයාරූ මිලියන 2 ක් පමණ ඒ ඇප් එක යොදාගෙන නිරුවත් කරගෙන තිබිණි….මේවා ඔබ මෙතෙක් දන්නා “ෆොටෝ එඩිටින් ” නොවේ…..කිසි ලෙසකින් වත් ව්‍යාජයැයි කිව නොහැකි තරම් මනාව කෘත්‍රිම බුද්ධිය මඟින් සකසන ලද රූපය…..ඒවා අදාළ රූපයේ හිමිකාරියට “අන්‍ය යථාර්තයක” නිරුවතක් ( නියුඩිටි ඉන් ඇන් ඕල්ටර්නේටිව් රියැලිටි ) මවන තරම් සූක්ෂමය…..එයින් පසුව එම ක්ෂේත්‍රයේ පැමිණ තිබෙන නවතම අභියෝගය වන්නේ “ඩීප් ෆේක් ඉන් මෝෂන් ඉමේජස්” හෙවත් “ඩීප් ෆේක් විඩියෝස්” ය…..බිල් ගේට්ස් අමු තිත්ත කුණුහරුප කියමින් කෑ ගසන ආකාරය, චීන ජනාධිපතිවරයා ඇමරිකාවට එරෙහිව යුද්ද ප්‍රකාශ කරන ආකාරය ( සී.එන්.එන් බ්‍රේකින් නිව්ස් පසුතලයක් සහිතව ), පාප් වහන්සේ දෙවියන් නොමැති බව ප්‍රකාශ කරන ආකාරය, හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිටසක්වළ ජීවීන් තවත් ස්වල්ප මොහොතකින් පෘතුවියට පහර දෙන බව පවසන ආකාරය, යනාදී වශයෙන් විඩියෝ රාශියක් මේ වනවිට ඔබට අන්තර්ජාලයේ සොයාගත හැක…. ඒවායින් සමහරක් ව්‍යාජයක් යැයි කිව නොහැකි තරම් දක්ෂ ලෙස මුහුණු බද්ධ කරවා තිබෙන අතර, සමහර ඒවායේ පසුතලය සහ පුද්ගලයාගේ ශරීරය පවා ව්‍යාජව සකසා තිබේ….මේ වනාහි අනාගතයේදී ඔබ පුද්ගලිකත්වය විෂයෙහි මුහුණ දෙන අභියෝගයයි….මෑතකදී ඔබ අප සියලු දෙනා ඉමහත් ආශාවෙන් යුතුව අපගේ මුහුණු ලිංග විපර්යාසයකට ලක් වූ පසු කෙබඳුද යන්න බලාගත් ඇප් එක, අප ගැහැණුන් වූවා නම්, පිරිමින් වූවා නම්, බිළිඳුන් වූවා නම්, මහල්ලන් වූවා නම් කෙසේදැයි ඉතාම විශිෂ්ඨ ලෙස පෙන්වා දුන්නා නොවේද…..?….. එහිම ඊළඟ මට්ටම වූයේ චිත්‍රපටි වල විවිධ ජවනිකා සඳහා ජනප්‍රිය නලුවන් හෝ නිළියන් වෙනුවට අපේ මුහුණු වලට බද්ධ කරන ලද කඳක් රඟන ඇප් එකකි…..එයද මාත් ඇතුලුව බොහෝ දෙනෙකු භාවිතා කළ බව ඔබ දකින්නට ඇති….

    ඒ වනාහි අනාගතයේ එන්නට යන තාක්ෂණයේ ඉතාම සුළු, ප්‍රාථමික අදියරක් පමණි…..ඉතින් අදාළ ජනප්‍රිය චරිතයට මේ මොහොතේ හිනැහෙන, “එයා එහෙම නෑ බන්” කියමින් සමච්චල් කරන ඔබ සැමට, තම තමන්ගේ නමට කැපවුනු විඩියෝ පටවල ඉන්නේ තමන් නොවන බව කියමින් දස අතේ දිවුරන්නට වෙන දිනය ඉතාම ආසන්නය….ඒ තාක්ෂණය දැනටමත් භාවිතාවේ ඇත……ඔබේ නොවන සිරුරක් සමඟ, යථාවේ නොපවතින ඇඳක, ඔබව නිරුවත් කර යහන් ගත කරන “ඩීප් ෆේක්” දැනටමත් පවතින බැවින්, අන් අයගේ පෞද්ගලිකත්වයට එල්ලවන ප්‍රහාර වල රස විඳින්නේ සහ හිනාවෙන්නේ පරිස්සමින්.-දමිත් කේතකගේ ෆේස්බුක් සටහනක්- 

  • මරණයේ රමණය (හිත දුර්වල නං කියවන්න එපා)

    මරණයේ රමණය (හිත දුර්වල නං කියවන්න එපා)

    මරණය සහ රමණය අතර තියෙන්නෙ ගොඩක් ළඟ සම්බන්දයක්. මළ ගෙදරක ගියාම ඇවිස්සෙන කාමය දැනිලා ගොඩක් වෙලාවට පුදුම හිතිලත් ඇති. සමහර මරණාසන්න මිනිස්සුන්ගෙ ලිංගික ප්‍රානවත් වීම් ගැන කතන්දර අහලත් ඇති. ඒ කොහොම වුනත් මරණය කියන්නෙ රාගය උත්සන්න කරන හැගීමක්.

    සමහර විට ඒක ජීව විද්‍යාත්මක බලපෑමක් වෙන්න පුළුවන්. මිය යාමේ අවදානම දැනෙන සෛලයක් පවා පුළුවන් තරම් ප්‍රජනනය කරන්නයි උත්සාහ ගන්නෙ. මිනිස්සුත් මැරෙන්න කලින් තමන්ගෙ ජාන පුළුවන් තැනක තැන්පත් කරන්න අවිඥානකව පෙළඹෙනවා ඇති 

    මේ මරණය ගැන ඇතිවෙන ශෘංගාරය සමහර විට ලිංගික විකෘතියක් දක්වා යනවා. විකෘතියක් කියන වචනෙ ඒතරම් නිවැරදි එකක් නෙමෙයි. වෙනස් අපූර්ව ලිංගික නැඹුරුතා විදිහට කියවන එකයි හරි.

    මැරනු දේවල් දැකීමෙන් ලිංගිකව පිබිදීමට කියනවා නෙක්රොෆීලියා කියල. ලංකාවෙ හුස්ම ෆිල්ම් එක බලලා පෝර්න් සයිට් පුරා බෙදාහදා ගත්තෙ ඒ නෙක්රොෆීලියාවෙ හැඩයක් තමයි. මළ සිරුරු සමග ලිංගික සම්බන්ධතා පවත්වන්න ඇතිවෙන ආශාව කියල මේක සරලව තේරුම් ගන්න පුළුවන්.

    මේ මෘතශෘංගාරය නිසා සමහරු මළ සිරුරු හොරකම් කරනවා. සමහරු සිරුරු වළ නොදා තියාගන්නවා. ඒ හැමදේකටම වඩා දරුණු තත්වය වෙන්නෙ සමහරු මිනිස්සුන්ව මරලා ඒ අය එක්ක රමණය කරන්න පෙළඹෙනවා. මේ විදිහෙ අනෙකාට හානිකර තත්වයක් දක්වා මේ ශෘංගාරය අරගෙන ගියොත් ඒක ප්‍රතිකාර කළ යුතු රෝගයක් වෙනවා. නමුත් මළ සිරුරක් සමග අවසරයක් නැති රමණයක් අපරාධයක් හැටියට සැලකිය යුතුද? මේක සදාචාරය පැත්තෙන් විවාදාපන්න කාරණයක්.

    මේ මෘතශෘංගාරය නැත්තං නෙක්රොෆීලියාව ගැන සමාජ මනෝවිද්‍යාත්මක දැක්මකින් කතා කරපු කෙනෙක් එරික් ෆ්‍රොම්. එරික් ෆ්‍රොම් කියන්නෙ ජර්මානු යුදෙව් මනෝ විද්‍යාඥයෙක්. සමාජ විද්‍යාඥයෙක්. වඩාත්ම මානවවාදී දාර්ශනිකයෙක්. එයා මේ ගැන පැහැදිලි කරන්නෙ මෙහෙමයි.

    නෙක්රොෆීලියා කියන්නෙ මරණයට ආදරය කිරීම කියන එක. මේකෙ අනිත් පැත්ත තමයි බයොෆීලියා. ඒ කියන්නෙ ජීවිතයට ආදරය කිරීම. නෙක්රොෆීලියා කියන වචනය යොදන්නෙ මෘත ශරීරයක් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ ආශාවට. සමහර විට මෘත ශරීරයක් සමග ජීවත් වීමේ ආශාව වෙන්නත් පුළුවන්.

    නෙක්රොෆීලියා ලක්ෂන අරගෙන ඒ ඇසුරෙන් කිව්වොත් මිය යන, මිලාන වෙන, අභාවයට යන, රෝගී වුනු අයට හෝ දේවල්වලට ඇති දැඩි ආශාව විදිහට මේක දකින්න පුළුවන්. ජීවත්වන යමක් මරණයට  හෝ අජීවී බවට පරිවර්තනය කිරීමේ ආශාව. විනාශයේ සෞන්දර්ය වෙනුවෙන්ම විනාශ කිරීමේ ආශාව නෙක්රොෆීලික් එකක්. මේක හරිම යාන්ත්‍රික විදිහට සිද්ද වෙන්නෙ. සියලු ජීවත්වන දේවල් කඩා බිඳ දැමීමේ ආශාව එන්නෙ මේ මූලයෙන්.

    මරණයට ආශා කිරීම ඕනම මනුස්සයෙක් තුල ඇතිවෙන්න පුළුවන්. ඒක සිද්ද වෙන්නෙ මිනිස් පැවැත්මක ප්‍රාථමිකම හැකියාවන් වර්ධනය කරගන්න බැරි වුනාම. ඒ කියන්නෙ ජීවිතය යම් ආකර්ශනීය ආස්වාදනීය දෙයක් විදිහට බලන්න බැඳෙන්න බැරි නම්, ආදරය සහ අවබෝදය වර්ධනය කරගන්න බැරි නම් කෙනෙක් මරණය ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මේ ප්‍රාථමික දේවල් එක්ක සම්බන්ද වෙන්න බැරි වුනාම මිනිහෙක් වෙනත් ආකාරයක සම්බන්දයක් නිර්මාණය කරගන්නවා. ජීවිතේ නිර්මාණය කරගැනීම වගේම ජීවිතය විනාශ කරගැනීම ඇතුලෙන් ඒ වගේ පුද්ගලයෙක් තෘප්තියක් විඳිනවා.

    මෘත ශරීරයක් එක්කම සම්බන්ද නොවුනත් සමහර අය මීට ළඟින් යන වෙන වෙන ආස්වාදයන් හොයනවා. සමහරු කැමතියි සෙක්ස් කරද්දි තමන්ගෙ බිරිඳ සිහිනැති විදිහට ඉන්නව නං. නැත්තං නින්දෙන් ඉඳිද්දි සෙක්ස් කරන්න පුළුවන් නං. මේක නෙක්‍රොෆිලික් ෆැන්ටසියක්.

    නෙක්රොෆීලියා තියෙන කිසි කෙනෙක් ඒ ගැන ප්‍රසිද්ධියෙ කතා කරන්නෙ නෑ. පුළුවන් තරම් ලැජ්ජාවෙන් ඒක හංගනවා. නැත්තං සමාජෙ ඉන්න ලැබෙන්නෙ නෑ.  කැරන් ග්‍රීන්ලී කියන්නෙ ඒ විදිහට ලෝකෙම ආන්දෝලනයට පත් කරපු නෙක්රොෆීලියා කතාවක්. කාලෙකට කලින් කැරන් ගැන හෙඩ්ලයින් වැදුනෙ එයා හර්ස් එකක් එක්ක දවස් දෙකක් අතුරුදන් වුනු නිසා. බොඩි එක කනත්තට දෙන්නෙ නැතුව එයාට හිතෙනවා ඒ සිරුර එක්ක ටික වෙලාවක් ගත කරන්න.  එයාව පොලිසියට අහුවෙන්නෙ නාකොටික් පේන් කිලර් එකක් ඕවර්ඩෝස් වෙලා ඉඳිද්දි. එයාව අත්අඩංගුවට ගන්නෙ අනවසරයෙන් හර්ස් එක අරගෙන යාමට සහ අවමංගල්‍යයට බාධා කිරීම යටතෙ. නෙක්රොෆීලියාවලට එරෙහි නීති කැලිෆෝනියාවෙ නෑ. බොඩියත් එක්ක පෙට්ටිය ඇතුලෙ කැරන් ලියපු පිටු හතරක ලියුමක් තියෙනවා. ඒකෙ එයා කියනවා මළ සිරුරු 20-40ක් අතර ප්‍රමානයක් එක්ක එයා ගත කළ ලිංගික අත්දැකීම්. එයාගෙ ආශාවන් ගැන එයාම පසුතැවිලි වෙනවා.

    ඇයි මං මෙහෙම? ඇයි ඇයි? ආදරය කරන්න සම්බන්ධතා පවත්වන්න තියෙන බයටද?. හැබැයි කිසි ආදරයක් මේ තරම් රිදවන එකක් නෑ. මං මෝචරි මීයෙක්. මේ තමයි මගේ මීගුල. මගේ මිනී වල.

    ඒ ලියුම එයාට අවාසියට හිටියා. හර්ස් එකයි මිනියයි හොරකම් කරපු වරදට දවස් 11ක් හිරේ ඉන්න වුනා. අවුරුදු දෙකක ප්‍රොබේෂන් කාලයක අනිවාර්ය වෛද්‍ය ප්‍රතිකාර දුන්නා. මේ අතර මළ මනුස්සයගෙ අම්මා නඩු දැම්මා. මේ සිද්දියෙන් එයාගෙ මනසට ඇතිවුනු වේදනාව වෙනුවෙන් කියල ඩොලර් මිලියනයක් ඉල්ලුවා.

    පත්තරවලට රජ මගුල්. ලෝයර්ලා පෝසත් වුනා. කැරන්ට රස්සාවයි එයාගෙ ලිංගික තෘප්තියට තිබුනු එකම මාර්ගයයි දෙකම නැති වුනා. හැබැයි මේ වෙද්දි කැරන් එයාගෙ ලිංගිකත්වය ගැන ලොකු ආත්ම විශ්වාසකින් ඉන්නවා.

    මං අර ලියුම ලියද්දි එතකොටත් මං සමාජය කියන දේ අහනවා. හැමෝම කිව්වා නෙක්රොෆීලියා කියන්නෙ වරදක් කියල. ඉතිං මාත් හිතුවා මං කරන්නෙ වැරැද්දක් කියල. ඒත් මිනිස්සු මාව පිස්සෙක් කියල ඔප්පු කරන්න හැදුවා. අන්න එතකොට මට මගේ ආශාවන් ගැන වඩාත් විශ්වාසයක් ඇති වුනා.

    මේ සම්මුඛ සාකච්චාව කරන්නෙ කැරන්ගෙ අපාර්ට්මන්ට් එකේ. ඒක පොත් පිරුන ස්ටුඩියො එකක්. නෙක්රොෆීලික් චිත්‍ර සහ සාතන්ගේ සැරසිලි පිරුනු කුටියක්.

    නඩුවෙදි ඔබට ලැබුනෙ ඉතාම අඩු සහයෝගයක් වග පත්තරවල කියවුනා…

    කැරන්- කිසිම සහයෝගයක් ලැබුනෙ නෑ. පත්තර තමයි නරකම. මං අද වෙනකල් වාර්තාකාරයන්ට වෛර කරනවා. එක්කෙනෙක් මාව රිචර්ඩ් ටේ‍රන්ටන් චේස්ට සමාන කරලා ලිව්වා. මගේ පවුලෙ අයත් මාව ප්‍රතික්‍ෂේප කළා. එක සහෝදරයෙක් මාව සම්පූර්නයෙන්ම අත්ඇරලා දැම්මා. මගේ අනිත් සහෝදරයා මට පොඩි හරි සහයෝගයක් දුන්නා. ඒත් එයත් මගෙන් ඇහුවා, තමුසෙ කොහොමද මේක කලේ? කියල.

    නඩුවට කලින් මට පෙම්වතෙක් හිටියා. එයත් මේ ගැන දැනගෙන තිබුන. එයාට හොඳටම තරහ ගිහින් මට පහර දුන්නා. එයා කිව්වා මං ගෑනියෙක් නෙමෙයි කියල. මට ගිහින් මගේ මළමිනී එක්ක හුකාගන්න කියල. මං දන්නෙ නෑ කොහොම දැනගත්තද කියල. ගොඩක් අය මේ ගැන දැනගෙන තිබුන.

    පිරිමි, ඒ ගොල්ලො හිතුවෙ මට හරියට ලිංගික ආස්වාදයක් ලැබෙන්නෙ නැතුව ඇති කියල. ඒ ගොල්ලො මාත් එක්ක සෙක්ස් කලොත් ඒ ලැබෙන තෘප්තියෙන් පස්සෙ මට මළමිනී ඕන වෙන එකක් නෑ කියල. මාත් එහෙම හිතුවා. මං සමහර පිරිමි එක්ක නිදාගත්තා ඒ හේතුව විශ්වාස කරලම.  

    මගෙන් වැඩියෙන්ම අහපු ප්‍රශ්නෙ. කොහොමද මේකි එහෙම කලේ?

    ඒක තමයි ප්‍රශ්නෙ. හරිම විවෘත මනසක් තියෙනවා වගේ පේන මිනිස්සු පවා එහෙම ඇහුවා. ඔයා ඒ ගැන කිව්වට පස්සෙ ඒ ගොල්ලො කියනවා, ඒක හරිම ඉන්ටරෙස්ටින් ඇති කියල. හැබැයි ඊට පස්සෙ ඒ අය ඔයා එක්ක සම්බන්දකම් නතර කරනවා. මට ප්‍රශ්නයක් නෑ මිනිස්සුන්ට මං ඒක කලේ කොහොමද කියල කියන එක. ඒත් සෙක්ස් ගැන දන්න කෙනෙක් ඒ ප්‍රශ්නෙ අහන්නෙ නෑ. මිනිස්සුන්ට තියෙනවා හරි මෝඩ අදහසක් ලිංගික තෘප්තිය ලබන්න නම් ඇතුල් කිරීමක් තියෙන්නම ඕන කියල. ගැහැනියකගෙ වඩාත්ම සංවේදී කොටස තියෙන්නෙ ඉස්සරහ කොටසෙ. එතනයි උත්තේජනය වෙන්න ඕන.

    ඒ වගේම ලිංගික ආස්වාදයෙ විවිධාකාර තියෙනවා. ස්පර්ශය දැනීම, 69, සමහර විට අත්අල්ලාගෙන ඉන්න එක පවා. එතන ශරීරයක් වැතිරිලා ඉන්නවා. ඒකට තියෙනවා මාව සතුටු කළ හැකි හැමදෙයක්ම. සීතල, මරණයේ මුද්‍රාව, මරණ සුවඳ, අවමංගල වටපිටාව. මේ හැමදෙයක්ම ශෘංගාරයට එකතු වෙනවා.

    මළමිනී සුවඳ?

    කැරන්- අනිවාර්යෙන්ම. මට මිනීවලින් දැනෙන්නෙ ඉතාම අනුරාගී සුවඳක්. එක එක විදිහෙ මරණ සුවඳවල් තියෙනවා. වතුරෙ ගිලිලා සති දෙකක් විතර තිබුනු හෝ පිච්චිලා ගිය ශරීරවල සුවඳට මං කැමති නෑ. ඒත් අලුතෙන්ම එම්බාම් කරපු මිනියක් කියන්නෙ වෙනම කතාවක්.

    ඒ වගේමයි ලේ වුනත්. ඔයා මිනියක් උඩ ඉන්නකොට සමහර විට ඒ මිනියෙ කටින් ලේ වැගිරෙන්න පුළුවන්. ඔයා ආශාවෙන් ආදරය කරන ගමන් එහෙම වෙද්දි ඒක ආස්වාදනීයයි. ඔයා එතන ඉඳලම බලන්න ඕනි.

    ඒඩ්ස් ගැන බයක් නැද්ද?

    කැරන්- ඒක තමයි මං මෑත කාලෙක එහෙම දෙයක් නොකරන්න හේතුව. එහෙම නැත්තං මං කොහොම හරි මල් ශාලාවක වැඩක් හොයාගන්නවා. ඒත් මං කැමති අවුරුදු විසි ගානෙ තරුණ කොල්ලො තමයි වැඩියෙන්ම ඒඩ්ස් හින්ද මැරෙන පිරිස.

    ඔයා මෘතදේහ පෙම්වතුන්ගෙ මළගෙවල්වලටත් ඔයා යනවද?

    කැරන්- ඔව්. මල්ශාලාවල වැඩ කරන එක තමයි ලේසිම. මට පුළුවන් පවුලෙ අය එක්කම කනත්තට යන්න. ඒ අය එක්කම දුක්වෙන්න. හැබැයි මං කෙඳිරිගාන්නෙ ටිකක් වෙනස් විදිහට. මිනිස්සුන්ට කියන්න බෑ ඔයා කෙඳිරිගාන්නෙ දුකටද නැත්තං ආශාවටද කියල. පවුලෙ අය මාව බදාගෙන කියනවා, අපි හරිම සතුටුයි ඔයා ආපු එකට කියල. ඔන්න එතකොට බොරුවක් කියන්න ඕනි. ආ, මං එයාව ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම දන්නවා වගේ එකක්. කොල්ලට කෙල්ලෙක් නොහිටියොත් පවුලෙ අය හිතන්නෙ මං තමයි එයාගෙ පෙම්වතිය කියල.

    නඩු විභාගය කාලෙදි ඔයා සැක්‍රමැන්ටොවල හිටියෙ නෑ නේද?

    කැරන්- නෑ මං වැඩ කර කර හිටියෙ වෙන නගරයක මල් ශාලාවක. ඒ අතරෙ ඉස්කෝලෙත් ගියා. මට නඩුව ගැන ටෙලිග්‍රෑම් එක ආපු දවසෙ මං වැඩ කරපු මල්ශාලාවෙනුත් මාව අස් කළා. කවුරු හරි මං ගැන දැනගෙන. ඒ ගොල්ලො මේ සිද්දිය දැනගෙන හිටියෙ නෑ. ඒක දැනගත්තෙ පස්සෙ. 

    මං ඒ මල් ශාලාවෙ අවුරුද්දක් විතර වැඩ කළා. එතන තමයි මං මගේ අතිරේක ක්‍රියාකාරකම් වැඩියෙන්ම කරපු තැන. යතුරු තිබුනෙ මගේ ළඟ. ඒක හින්ද රෑට ඇවිත් කැමති තරම් වෙලා ඉන්න මට පුළුවන් වුනා. මල් ශාලාව බලාගන්න කෙනා හිටියෙ පහල තට්ටුවෙ. මිනිහා බීලා නිදා ගන්නවා. නැත්තං මිනිහා ගාව තුවක්කුවක් පවා තිබුන. 

    නෙක්රොෆීලියා ගැන ඔයා දැනගත්තෙ මොන කාලෙද?

    කැරන්- ඒක මගේ පුංචි කාලෙ ඉඳන්ම තිබුන දෙයක්. මං මගේ හුරතල් සත්තු මැරුනම ඒ ගොල්ලොන්ට අවංගල චාරිත්‍ර කළා. මට පුංචි සුරතලුන් වෙනුවෙන් කනත්තක් පවා තිබුන. මං හිටියෙ පුංචි ටවුමක. බාබකියු කඩේ තිබුනෙත් මල් ශාලාවක් ළඟම. එතන ටොයිලට් යනවා නම් පාවිච්චි කරන්න වුනේ මල් ශාලාවෙ ටොයිලට් එක. මං බොරුවට ටොයිලට් යනවා වගේ ගිහින් මෝචරිය ඇතුලට රිංගන්න පුරුදු වෙලා හිටියා.

    අනිත් ළමයි වගේ ඔයාට බය හිතුනෙ නැද්ද?

    කැරන්- නෑ. මං මාර ආසයි ඒකට. ඒක හරිම කුතුහලය පිරුන වැඩක්.

    මල් ශාලාවල වැඩකරන්න නැති එකේ අඩුවක් ඔයාට දැනෙනවද?

    කැරන්- හොඳටම. නෙක්රොෆයිල් කෙනෙක් නොවුනත් මං ආසයි මෝචරිවල වැඩට. මං ආසයි හැමදෙයක්ම එම්බාම් කරන්න. මහත අයව ඇරෙන්න. මහත අයගෙ ශරීර එක්ක වැඩ කරන්න තමයි මං අකමැතිම. විශේෂයෙන්ම ඒ අයව ඔටොප්සි කරලා තිබුනොත්. එතකොට ඒ බඩවැල් ඔක්කොම බිමට වැටෙනවා. ෆැට් එක දියවෙලා වැක්කෙරෙනවා. ඊයා.

    වැම්පයර් කිලර් ගැන ඔයා කලින් කතා කළා. එයත් සැක්‍රිමැන්ටො වල නේද?

    කැරන්- මං වැඩ කරපු දෙවෙනි මල් ශාලාව, මං ඔය කියන කාලෙදි එතන හිටියෙ නෑ, එතනට ඇවිත් තිබුන චේස්ගෙ අතින් මැරුනු පිරිමියෙක් ගැහැනියක් සහ දරුවෙක්. ඉතින් මට අහන්න ලැබුනා ඒ මළ සිරුරු ගැන අන්තිම නරක විස්තර. ඒවා තනිකරම කපා කොටා දාලා තිබුන. බඩවැල් එලියට ඇදලා කටේ ඔබලා තිබුන. චේස් පටන් ගත්තෙ සත්තු මරලා උන්ගෙ ලේ බොන්න අරගෙන. ඒක මදි වුනාම එයා මිනිස්සු මරන්න ගත්තා. එයා මේ ජෝඩුව මරලා පොඩි එකා පැහැරගෙන ගිහින්. පස්සෙ එයාවත් මරලා කුනු බක්කියකට දාලා තිබුන. ඒ අයව එම්බාම් කරපු කෙනා කිව්වා එයාට මළමිනී දකින්න කවදාවත් අපහසුවක් තිබුනෙ නෑ ඒත් මේ ශරීර නං එයාව හොඳටම අවුල් කළා කියල.

    මොකක්ද ඔයා මූන දීලා තියෙන අපහසුම සිදුවීම?

    කැරන්- හ්ම්ම්.. එක පාරක් පොඩි ළමයෙක් වාහනයක යන ගමන් වංගුවකදි එලියට වැටුනා. එයාගෙ අම්මා තමයි වාහනේ එලවමින් හිටියෙ. වාහනේ රෝදෙ ඒ පොඩි එකාගෙ ඔලුව උඩින්ම ගිහින් තිබුන. තව වතාවක සිගරට් දවටනයකින් පොඩි එකෙකුගෙ හුස්ම හිරකරලා මරලා තිබුන. තව පාරක් මනුස්සයෙක් එයාර් ගන් එකකින් ඔලුවට වෙඩි තියාගෙන මැරිලා තිබුන. එක පාර මැරුනෙ නැති නිසා එයාට කීප වතාවක් වෙඩි තියාගන්න වෙලා තිබුන. අන්තිමට කොහොම හරි මිනිහා සාර්තක වෙලා. තවපාරක්  ක්‍රොස්ඩේ‍රසර් කෙනෙක් එයාගෙ ස්ටොකින්ස් වලින් හුස්ම හිරකරගෙන මැරිලා තිබුන. මට හිතෙන්නෙ එයාට ඕන වුනේ හුස්ම හිරවෙන අතරෙ තියුණු සුරතාන්තයක් ගන්න. ඒත් අන්තිමට වෙලා තිබුනෙ එයා එල්ලිලා මැරුනු එක. මේ අත්වැරැද්ද සිද්ද වුනු පලවෙනි කෙනා නම් එයා නෙමෙයි.

    මොනවද එහෙම අමුතු අවමගුල් තියෙන්නෙ?

    කැරන්- එකපාරක් ඔය ආගමික පිස්සො ටිකක් ඒ අයගෙ සාමාජිකයෙකුගෙ මළගෙයක් කළා. ඒ ගොල්ලො අකමැති වුනා එයාව එම්බාම් කරනවට. නිකං පෙට්ටියක දාන්න විතරයි ඕන වුනේ. අපි සාමාන්‍යයෙන් එහෙම කරන්නෙ නෑ. ඒත් අපි හොඳහිත පෙන්නන්න කියල එයාව අන්දලා හෝල් එකෙන් තිබ්බා. අපිට ඇහුනා කවුරු හරි කියනවා, ජේසුගෙ නාමයෙන් නැගිටින්න කියල. ගිහින් බලද්දි ඒ ගොල්ලො යාඥා කර කර මේ මළ මිනියට ගහනවා. ඒක නං හරිම අමුතුයි.

    මේ අවමංගල කටයුතු කරන අය අතරෙ නිකං රහස් සමාජයක වගේ තද ළඟ සම්බන්ධයක් තියෙනවා නේද?

    කැරන්- ගොඩක් දුරට ඔව්. ඒ ගොල්ලො ගොඩක් ළඟින් ඉන්නවා මොකද එලියෙ සමාජෙ කාටවත් ඕන නෑ ඒ ගොල්ලොන්ට ළංවෙන්න. මට මතකයි මං ඉස්සර පාර්ටිවලට ගියත් මාව අඳුන්නලා දෙන්නෙ, ආ මේ කැරන්, එයා මෝටිෂන් කෙනෙක් කියල (අවමංගල කටයුතු කරන). ඒත් කවුරුවත් ආ, මේ කැරන් එයා සෙකටි්‍ර කෙනෙක්, නැත්තං පශූ ඇසිස්ටන්ට් කෙනෙක් වගේ කතා කියන්නෙ නෑනෙ. මිනිස්සු හිතන්නෙ මෝටිෂන්ලා හරි අමුතු  මිනිස්සු කියල. ඒත් උන් කාමර ඇතුලෙ කියන විහිලු ඇහුවොත් එලියෙ එවුන් ජනෙල්වලින් විසිවෙනවා.

    මේ කවුරුවත් නඩුවෙදි ඔයාගෙ පැත්තට කතා කළාද?

    කැරන්- එක ෆියුනරල් ඩිරෙක්ටර් කෙනෙක් වෘත්තිය පැත්තෙන් කතා කළා. එයාගෙන් ඇහුවා නෙක්‍රොෆීලියා කියන එක කොයිතරම් දකින්න තියෙනවද මේ ෆීල්ඩ් එකේ කියල. එයා කිව්වා මේ ඇහුවමයි කියල.

    ඒක පචයක්.

    අනිවාර්යෙන්ම. නෙක්‍රොෆීලියා අපි ගොඩක් අය හිතනවට වඩා මේ ෆියුනරල් හවුස්වල තියෙනවා.  ඒවා කවුරුවත් රිපෝර්ට් කරන්නෙ නෑ. මං හොරෙන් පැන්න එක තැනකදි එතන අයට මාව අහු වුනා. හරියටම වැඩේ කර කර ඉඳිද්දි. ඒ ගොල්ලො මට යන්න දුන්නා. තව තැනකදි මට එක්කෙනෙක් ඇවිත් කිව්වා, කවුරු හරි මේ බොඩි එක්ක පිස්සුවක් කෙලිනවා. මුං මේකට හුකනවා වගේ.. කියල.

    මං පුදුම වෙලා වගේ ඇහුවා , ඇත්තටම?

    මං හිතන්නෙ ඒ ගොල්ලො දැනගත්තා.

    තව මහ අමුතු මනුස්සයෙක් හිටියා. එයා පිරිමි බොඩිවල ඩික් එක අස්සට අර ලොකු ඉඳිකටුව ගහනවා. ඊට පස්සෙ, ඒක දිහා බලාගෙන මේ බලන්න මේ යකා මැරිලත් නැගලා කියනවා. මං හිතන්නෙ එයාට නෙක්‍රොෆීලික් ගති තිබුන. ගෑනු මරණ තිබුනෙ නැති වුනාම මිනිහා හොඳටම අප්සෙට් යනවා. එක පාරක් මං එම්බාම් කාමරේට එද්දි මිනිහා කලිසම පාත් කරගෙන. මං මේ පම්ප් එකක් දානවා කානුවට, මිනිහා බය වුන පාර එහෙම කිව්වා.

    ඔයා එකපාරක් කර කර ඉඳිද්දි අහුවුනා කිව්වා නේද?

    ඔව්. මං එතකොට හිටියෙ ෆියුනරල් හවුස් එකකට බ්ලොක් කීපයක් එහායින්. මං තීරනය කරලා තිබුන කනත්තට ගිහින් දිවිනහගන්න. මේ කනත්ත ළඟම තිබුන ෆියුනරල් හවුස් එකක මෝචරියක්. මං හොඳටම ඩිප්‍රෙස් වෙලා ඔතන ඉන්න අතරෙ මට හිතුනා මගේ ලයිසන් කාර්ඩ් එක දාලා මෝචරියෙ දොර අරින්න ට්‍රයි කරන්න. දොර ඇරුනා. මං ඇතුලට ගියා. ඇතුලෙ බොඩි එකක් දාලා තිබුන. මං ඉතින් ෆන් එකක් ගත්තා. මට මැරෙන්න අමතක වුනා. ඊට පස්සෙ කීප වතාවක්ම මං එතනට ගියා. බොඩි නැත්තං හැරිලා ආවා.

    එක දවසක් මං ඔතනට ගිහින් මේසයක් උඩ නැගගෙන හොඳ ෆන් එකක් ගනිද්දි මට දැනුනා පිටිපස්සෙන් කවුරු හරි එනවා කියල. මං මිනිය වහලා තිබුන රෙද්දත් පොරවගෙන මේසෙන් බිමට බැස්සා. මගේ ඇඳුම් හැමතැනම. ඇඟ පුරාම ලේ. ඒක ඔටොප්සි එකක් කරපු මිනියක්. මං පිටිපස්සෙ තිබුනු පෙට්ටියක් අස්සෙ හැංගුනා. ඒත් මගේ කකුල් හොඳටම පේනවා. එතන හිටියෙ පිරිමියෙක් එක්ක ගෑනියෙක්. 

    කවුද උඹ? මොනාද මෙතන කරන්නෙ? එක්කෙනෙක් ඇහුවා.

    මං මෙතන බලාගන්නං. ඔයා තුවක්කුව අරන් එන්න.

    අනිත් එක්කෙනා කිව්වා. 

    මං දැනගත්තා එතන ඉන්න එකෙන් හොඳක් වෙන්නෙ නෑ කියල. ඒ තැන මේ වෙද්දි මට හොඳට පුරුදුයි. මං පැනලා දිව්වා කනත්තෙනුත් එලියට. 

    ඔතන වැඩ කර කර හිටියා මගේ යාලුවෙක්. එයා මට කිව්වා,

    කවුරු හරි ෆියුනරල් හෝම් එකට හොරෙන් පැනලා. උන් දන්නවා ඒ උඹ කියල. දැන් අලාර්ම් එකක් හයිකලා කියල.

    ඒ ගොල්ලො පොලිසියට කතා කලේවත් පැමිනිලි කලේවත් නෑ. ඒ ගොල්ලොන්ට ඕන වුනේ නෑ ඒක ප්‍රසිද්ද කරන්න.

    ඔයා හිතනවද නෙක්රොෆීලියා ගැන මිනිස්සු හිතන විදිහ යම් පමනකින් හරි වෙනස් වෙලා කියල?

    කැරන්- ඔව්. මටත් එහෙම හිතුන. ඒත් ඒක තනිකරම බොරුවක්. ඔය පෙන්නන කවුරුවත් නෙක්රොෆීලික් නෑ. ඒ වගේ පෙන්නන බොරු කල්ට්කාරයො ගොඩක් ඉන්නවා. ඔය ඩෙත් කල්ට් වගේ නම් වලින්. සමහර විට ගොඩක් අය ඇති තමන් නෙක්‍රොෆිලික් කියල තාම නොදන්න.

    නෙක්‍රොෆිලියා ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා වෙන්න බැරිද, එකිනෙකා නොදන්නවා වුනාට?

    කැරන්- ලීලා වෙන්ඩල්ගෙ ඇමරිකන් නෙක්‍රොෆිලික් පර්යේෂණ සහ අවබෝදය කියල සංගමයක් තියෙනවා. ඒ ගොල්ලො උත්සාහ කරනවා මේ තොරතුරු හොයන්න.

    අනිත් අය ඔයාව සනීප කරන්න හදනකොට, ඒ අය වගේ කරන්න හදනකොට දුක හිතෙනවද?

    කැරන්- අනිවාර්යෙන්ම. මාත් කාලයක් එහෙම හිතුවා. ඇයි මට බැරි අනිත් අය වගේ වෙන්න කියල. පස්සෙ හැම අපායක් ඇතුලෙන්ම ගිහින් එලියට ඇවිත් මං මාව බාරගත්තා. ඒ මම. ඒ මගේ හැටි. මං ඒක එන්ජෝයි කරනවා. මම මම නොවෙන කෙනෙක් වෙන්න හදද්දි ඒක විකාරයක්. මාව පහත් කරලා කතා කරන මිනිස්සුන්ගෙ ජීවිතවල මට වඩා පාපතර දේවල් ඕනතරං තියෙනවා. එක සමලිංගික යාලුවෙක් මට දවසක් කිව්වා, මං අපායෙ යනවලු නෙක්‍රොෆිලික් හින්ද. 

    අවුරුදු දෙකක ප්‍රොබේෂන් කාලෙදි මට තෙරපි යන්න වුනා. එතනදි මට මුනගැහුනා හරිම හොඳ සමාජ සේවිකාවක්. පොඩ්ඩක්වත් අනිත් මනුස්සයව විනිශ්චය කරන්නෙ නෑ. මේ වගේ අය එක්ක කතා කරද්දි මට තේරුනා නෙක්‍රොෆිලියා කියන්නෙ මගේ හැටි කියන එක. හැම ප්‍රශ්නයක්ම එන්නෙ මං මාව ඒ  විදිහට බාරගන්නෙ නැති වුනාම. ඒක බාරගත්තම සැනසීම ලැබෙනවා. මාව වෙනස් කරන්න හදපු අය ඇත්තටම මට උදව් කළා ඇත්ත මාව හොයාගන්න. තෙරපිස්ට් ළඟ ඉඳන් මං කෙලින්ම ගියෙත් මල් ශාලාවට. ඒ මම.

  • සොඳුරු පෙම්වතුන්ගේ දිනයක් වේවා

    සොඳුරු පෙම්වතුන්ගේ දිනයක් වේවා

    ආදරේ කියන්නෙ නිරුවතට. අපිට ඇඳුම් නැතුව ඉන්න පුළුවන් තව කෙනෙක් එක්ක තියෙන සම්බන්දෙට. එහෙම නිරුවත් වෙන්න පුළුවන් තැන් ජීවිතේ හරි අඩුයි. ආදරේ කිව්වට ගොඩක් ආදර වෙන තැන්වලටත් වඩා ඇඳුම් ඇඳන් ඉන්න වෙන තැන්. ආදරේ කියන්නෙ අපිට අපේ හැම වල්මත්බවක්ම, මෝඩකමක්ම, ආශාවක්ම, අසහනයක්ම නොසගවා නිදහස් කරන්න පුළුවන් සවිඥානක සම්බන්දයක්. අපිව අනෙකාට දැනෙන්න ඕන. අපිව අනෙකාට ඇහෙන්න ඕන. අනෙකාව අපිට දැනෙන්න ඇහෙන්නත් ඕන. ඒක හුදු දෙන්නෙකුගෙ හෝ කීපදෙනෙකුගෙ එකට පැවතීමක් ගතවීමක් නෙමෙයි. අපේ නිරුවත් පැවැත්ම අනෙකා එක්ක බෙදාගන්න තැනක්. මාංසයත් ආත්මයත් අනෙකා එක්ක එකතුවෙන අවකාශයක්. අපේ නිරුවත්ම මොහොත පවතින්න ඕන අපේ ආදරේ ඇතුලෙ. ඒ මොහොත තමයි අපේ අවංකම මොහොත. ජීවිතේ අසිරිමත්ම මොහොත. මොකවත්ම නැතුව පවතින්න පුළුවන් බැඳීම. මේක කායික නිරුවත විතරක් නෙමෙයි. සිතින් කයින් වචනයෙන් කියන තුන්දොරින්ම නිරුවත් වීමක්. නිරුවතින් එකිනෙකා ගතින් වගේම සිතින් බදාවැළඳ ගන්නා ඒ ආදරයේ දිව්‍යමයභාවය බැතිමත්ව දණනමන අල්තාරයක්. මරණයෙන් අවදිවන ප්‍රාතිහාර්යයක්.

    ඒ ප්‍රාතිහාර්යය අත්විඳින සොඳුරු පෙම්වතුන්ගේ දිනයක් වේවා.
    Chinthana Dharmadasa

  • ඉරොතික කතාවක් විනිශ්චය කරන්නෙ කොහොමද?

    ඉරොතික කතාවක් විනිශ්චය කරන්නෙ කොහොමද?

    විනිශ්චය කියන්නෙම වැරදි වචනයක්. කිසිම ආර්ට් එකක් හෝ මනුස්සයෙක් විනිශ්චය කරන්න බෑ. ඒත් එක එක අවස්තාවල අපි යම් යම් මානයන් හදාගන්නවා උවමනාව අනුව. ඉරොටික් ෆෙස්ට් එකත් එහෙම වැඩක්. අපිට ලැබුන කතා ගොඩ අපි කරුනු කීපයක් හිතේ තියාගෙන බලනවා.

    සාහිත්‍යමය විනිශ්චයන්ට වඩා මෙතනදි ප්‍රායෝගික විනිශ්චයන් මූලික වෙන්න ඕන කියලයි අපි හිතන්නෙ. ඒක නිසා එක දෙයක් විදිහට කතාව කොයිතරම් අලුත් අත්දැකීම් දිශාවට ගිහින් තියෙනවද කියල අපි බලනවා. අපිට කොයිතරම් දේවල් ෆැන්ටසයිස් කරන්න පුළුවන්ද කොයිතරම් ඩීටේල් ඇතුව ෆැන්ටසිය මවන්න පුළුවන්ද කියන එක මූලිකම කාරණයක්.

    ඊට පස්සෙ ඒ ශෘංගාර අත්දැකීම ලිංගික උවමනාව කියන ප්‍රාථමික තැන ඉඳන් කොයිතරම් දුරට සෞන්දර්යාත්මක, මනෝවිද්‍යාත්මක හෝ සමාජ දේශපාලනික වටපිටාවක් එක්ක සම්බන්දද කියන එක. අපිට ආශාව ඇතුලෙ කොයිතරම් වැඩ දාන්න පුළුවන්ද කියන එකයි මෙතනදි වැදගත්.

    මේ හැම දෙයක් අතරම කියවන්නාගේ ආශාව අවුස්සන එකත් වැදගත්. මේ තරම් පෝර්න් තියෙද්දි අකුරු ඇතුලෙ හැංගුන ශෘංගාරය හොයන රහස දැනගන්න එකත් වැදගත්. අනිත් කලාවන් වගේ බුද්ධිමය ආමන්ත්‍රණ කතා කියල පැනලා යන්න බෑ. තෙත් වුනේ නැත්තං කෙලින් වුනේ නැත්තං කතාව ෆේල්.

    ඉරොතික කතාවක් ලියන්නෙ කොහොමද කියන එක ගැන නම්දරාපු ඉරොතික ලේඛකයො මේ වගේ මතක් කිරීම් කීපයක් කරනවා. 

    ඉරොතික කතාවක සෙක්ස් මූලික කාරණයක් වුනාට ඒක ලියන කෙනා විසින් ද්විතියික විදිහට සැලකිය යුතුයි කියලයි කියන්නෙ. නිතරම කතාවෙ ප්ලොට් එකට සහ චරිතවලට ලිංගික ක්‍රියාවට වැඩි මූලිකත්වයක් දෙන්න කියන එකයි උපදෙස. මොකද ඒ කතාව සහ චරිතවලින් තමයි කියවන්නා ලිංගික අත්දැකීමට ඇතුල්වෙන්නෙ.

    ඒ වගේම චරිත ගොඩනැංවීමේදී ඒ චරිතවල ඩයිනමික්ස් නැත්තං ගතිකයන් නිර්මාණය වෙන්න ඕන. කවුරුවත් කැමති නෑ ෆ්ලැට් චරිත දිහා බලන් ඉන්න. ඒ හින්ද ඔබේ චරිත කතා කරන විලාසය, ඒ චරිතවලට ඇති විනෝදාංශ ආදිය ඒ ගොල්ලො අහන විඳින මියුසික් වගේ චරිතයේ විවිධ නැඹුරුතා කතාව කියවන පාඨකයා දැනගන්න ඕන.

    කතාවෙ පර්ස්පෙක්ටිව් එක නැත්තං දෘෂ්ටිකෝනය කියන එකත් සැලකිලිමත් විය යුතුම දෙයක්. අපි කතාව කියන්නෙ ගැහැණියකගෙ පර්ස්පෙක්ටිව් එකෙන්ද නැත්තං පිරිමියෙකුගෙ පර්ස්පෙක්ටිව් එකෙන්ද එහෙමත් නැත්තං වෙනමම කෝනයකින්ද කියල තීරණය කරන්න වෙනවා. ගැහැණු පර්ස්පෙක්ටිව් එකෙන් ලියවෙන කතාවලට වැඩි ආකර්ශනයක් තියෙනවා කියලයි ඉරොතික සාහිත්‍යයේ පේන්න තියෙන්නෙ. හැබැයි ඒක අනිවාර්යයක් නෙමෙයි. මේ විදිහටම ලේඛකයා මේ චරිත සහ සිද්දීන් දිහා බලන දෘෂ්ටිකෝනයත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ලේඛකයා ඒ දේවල් දිහා බලන්නෙ වරදකාරීත්වයකින්ද, පසුගාමීබවකින්ද නැත්තං නිදහස් දැක්මකින්ද කියන එක කතාවෙ ශෘංගාරයෙ තීව්රබවට හෝ බිඳවැටීමට බවට බලපානවා.

    අපිට පුළුවන් ඉරොතික කතාවක් අතර විවිධ ජොන්රා වලට මාරු වෙන්න. සමහර විට රොමෑන්ස්වල ඉඳන් ඇක්ෂන් හෝ ත්‍රිලර් හොරර් ජොන්රා එකක් දක්වා කතාව දිගහැරෙන්න පුළුවන්. එකම කතාවක් ඇතුලෙ මේ විදිහට ජොන්රා අතර ගමන්කිරීම එක්සයිට්මන්ට් එක වැඩි කරන කාරනයකුත් වෙනවා.

    කතාව පුරාම අනුරාගය එකම හුයක් විදිහට අරගෙන යන එක වැදගත් වෙනවා. අපි සමහර විට කතාව ඇතුලෙ ගේ, ගෲප්, බීඩීඑස්එම් වගේ සබ්කැටගරි ස්පර්ශ කරන්න පුළුවන් ඒත් අනුරාගය එකම විදිහට පවත්වාගැනීමෙන් අපිට පුළුවන් වෙනවා මේ සියල්ල අතරෙ කියවන්නාව සියුම්ව බැඳතබාගන්න . අනුරාගය කිව්වම ඒකට ගොඩක් දේවල් ඇතුලත්. පසුබිම, දෙබස්, විස්තර, චරිත, භාෂාව, රිද්මය මේ හැමදෙයක්ම අනුරාගීව හසුරුවන්න පුලුවන්.

    ඉරොතික කතාවලදි වැදගත්ම දේ බය නැතුව අත්හදාබැලීම් කරන එක. අනිත් කිසිම සාහිත්‍යයකට වඩා මෙතනදි පරිකල්පනය නිදහස් කරන්න අවසර තියෙනවා. තහංචි නොතකාහරින එකම ශෘංගාරය උපරිම කරනවා . එතනදි අපි අපේ සිහින පුළුවන් තරම් විශාල අවකාශයක මෝචනය කරන්න උත්සාහ කරන්න ඕන.

    කතාවෙ ටෙන්ෂන් එක නැත්තං ශෘංගාර ආතතිය නිදහස් කරන්න කොයිම වෙලාවකවත් හදිස්සි වෙන්න එපා. ඒ ආතතිය පුළුවන් තරම් දුර දරාගෙන යාමෙමයි සෞන්දර්යය තියෙන්නෙ. හදිස්සිය හැමදෙයක්ම කැත කරනවා කියලයි කියන්නෙ.

    ගොඩක් අය හිතනවා සෙක්ස්වලදි ආදරය අනිවාර්යයි කියල. ආදරයත් එක්ක බැඳුන ශෘංගාරය වගේම ආදරය විරහිත රළු, හදිසි ශෘංගාරයෙත් ඊට අනන්‍ය ආස්වාදයක් තියෙනවා. ඒ නිසා හැමදෙයක්ම ආදරෙන් වටකරලා සමමිතික කරන්න ඕන නෑ.

    ගොඩක් වෙලාවට අපි අතින් හරියට නිර්මාණය නොවෙන කොටස තමයි ෆෝර්ප්ලේ කොටස. හැම ලිංගික අත්දැකීමකදී වගේම කතාවකදිත් පෙර ශෘංගාර කොටස ඉතා හොඳින් හෙමින් ලියවෙන්න ඕන. තියෙන හදිස්සියට කෙලින්ම ඇක්ෂන් එකට පනින්න නරකයි.

    කතාව ලියද්දි ඒක හරියටම සෙක්ස් ඇක්ට් විදිහටම ගන්න. කතාවෙ අවසානය තෘප්තිමත් එකක් කරන්න. ඒ කියන්නෙ සියල්ලො සතුටෙන් විසිර ගියා වගේ එකක් නෙමෙයි. සමහර විට මිනීමැරුමක් වුනත් තෘප්තිමත් අන්තයක් වෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නෙ අපි හැඟීම්වලින් උස්සලා තියෙන තැන අනුව.

    ඉරොතික කතාවක ස්ට්‍රක්චර් එක හරියටම ලිංගික ක්‍රියාවක් විදිහටම නිර්මාණය කරන්න කියලයි මේ ශෘංගාර ප්‍රවීනයො කියන්නෙ. පූර්ව ලිංගික කලාපය (උත්තේජනය), ක්‍රියාත්මක වෙන කලාපය (ක්‍රියාව), සුරතාන්තය සහ සංසුන්බවට පත්වීම කියන කොටස් හරහා තමන්ගෙ කතාව ස්ට්‍රක්චර් කරගන්න එක වැඩකරන විදිහක්.

    කතාව කියවන කෙනා තමන්ගේ ශෘංගාර අත්දැකීමේ සජීවී කොටස්කරුවෙක් විදිහට සලකන්න. ඇඳ ළඟ පාඨකයා පුටුවක් තියාගෙන බලන් ඉන්නවා කියල හිතන්න. එයා වෙනුවෙන් දේවල් ලියන්න.

    ඉරොතික කතාවකදි අපි තෝරගන්න ලොකේෂන් එකත් සෑහෙන වැඩකොටසක් කරනවා. ඒ පසුබිමේ ඊස්තටික්වලින් අනුරාගයට ලොකු බලපෑමක් සිද්ද වෙනවා. ක්විකී එකකට තෝරගන්න පසුබිමක් රොමාන්තික ශෘංගාරයකට නොගැලපෙන්න පුළුවන්. ඒ වගේම තෝරාගන්නා පසුබිමෙන් පුළුවන් ආස්වාදය උපරිමයෙන් දැනවෙන ඩීටේල් කතාව ඇතුලට ගේන්න. වර්ණ සුවඳ ස්පර්ශය හඬ විඳින්න පුළුවන් විදිහට දැනෙන්න ලියන්න.

    ගොඩක්ම කෙලවෙන තැන තමයි වචන. මේක හරිම සබ්ජෙක්ටිව් තෝරාගැනීමක්. වැඩකරන්නත් පුළුවන් කෙලවෙන්නත් පුළුවන්. හැබැයි තෝරගන්න හැම වචනයකටම තමන්ගෙ ඇතුලෙ ඉරොතික සාධාරණයක් ඉටු කරන්න ලියන කෙනාට පුළුවන් වෙන්න ඕන.

    කතාව ලියන රිදම් එක ගැනත් හිතන්න. ඔයා ශෘංගාරය ප්‍රිය කරන්නෙ සෙමින් සුමුදුවද නැත්තං වේගයෙන් රළුවද? මේ හැගීම කතාවෙ වචන වාක්‍ය කඩන රිද්මයෙන් දනවන්න පුළුවන්. උස්පහත් කරන්න පුළුවන්. හරිටම ශෘංගාර නර්තනයකදි වගේ කතාව අවසානයේ සමාපත්තියකට ගේන්න පුළුවන්කම තියෙනවා.

  • දුවෙක් හිටියනං කොන්ඩම් එකක් අතට දෙන්න මම දෙපාරක් හිතන්නෙ නෑ.

    දුවෙක් හිටියනං කොන්ඩම් එකක් අතට දෙන්න මම දෙපාරක් හිතන්නෙ නෑ.

    2021 පෙබරවාරි 03දා ධරනී පුවත්පතේ පල වුණු 2016 ජාත්‍යන්තර විවාහක රූ රැජින කිරුල දිනූ චන්දි අලුවිහාරේසමග කල කතාබහකින් කොටසක්. ලංකාවෙ කාන්තාවක් හැටියට බය නැතිව හදවතට එකඟ දේ විවෘතව ප්‍රකාශ කිරීම වෙනුවෙන් ගරු කිරීමක් වශයෙනුයි මේ උපුටාගැනීම පල කරන්නෙ.සම්පූර්ණ ලිපිය කියවන්න පත්තරේ අරගන්න. සාකච්ඡාව කරලා තිබුනෙ සෙව්වන්දි හෙට්ටිආරච්චි.

    මම ලෝකයේ සම්මතයි කියලා කියන දේවල් හෝ මිනිස්සු විසින් ලෝක සම්මතයි කියල හදාගත්තු දේවල්වගට අනුව වැඩ කරන කෙනෙක් නෙමෙයි. මම කොයි දේ කරන්නෙත් හෘදයසාක්ෂියට අනුව. පැවරෙන වගකීම් පුළුවන් උපරිමයෙන් ඉටුකරන්න උත්සාහ කරන කාන්තාවක් විදිහට මාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට මම කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සමාජ සුබසාධන කටයුතු රාශියකම නිරත වෙනවා.

    ඔබ පෙනී ඉන්නෙ තනිවුනු මව්වරුන් වෙනුවෙන්. ලෝකයේ ගොඩක් රටවලට අලුත් දෙයක් නොවුනට මේ සින්ගල් මදර් කියන සංකල්පය ලංකාවට තවමත් ආගන්තුකයි නේද?

    ඔව්. ඒක එහෙම වෙලා තියෙන්නෙ ආකල්පමය වශයෙන් තවමත් අපි ඉන්නෙ ඉතාම නොදියුණු මානසිකත්වයක නිසා ගොඩනැගිලි හදලා විතරක් රටක් දියුණු කරන්න පුළුවන් කියල හිතන මිනිස්සු ඉන්න රටක මේ වගේ සංකල්පයක් ප්‍රතික්‍ෂේප වීම එක අතකට පුදුම වෙන්න කාරණාවක් නෙමෙයි.

    නමුත් දියුණු රටවල මේ තත්වය වෙනස්. ඔවුන් භෞතිකව වගේම ආකල්පමය වශයෙනුත් ඉතාම දියුණුයි. දරුවෙක් එක්ක තනිවෙන මවකට ඒ දරුවාව උස්මහත් කරගෙන සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් ඒ රටවල නීති පද්ධතියෙන්ම සකස් කරලා දීලා තියෙනවා.

    ඇයි මවක් මේ විදිහට තනිවෙන්නෙ?

    මෙතනදි කාරණා දෙකක් ගැන කතා කරන්න පුළුවන්. විවාහක කාන්තාවන් දරුවන් සමග තනිවෙන්නෙ ඇයි කියල මුලින් කතා කරමු.  උපන්දා ඉඳලා දැනසිටිය දෙන්නෙක් වුනත් එකට ජීවත් වෙන කොට එකිනෙකාගෙ වැරදි අඩුපාඩු වැඩියෙන් පේන්න ගන්නවා. ඒ අඩුපාඩු ගලපාගෙන එකට ජීවත්වෙන්න පුළුවන් නම් ඒ බැඳීම සාර්තකයි. ඒත් ගලපගන්න අපහසු තැන් දිගින් දිගටම ගලපා ගැනීමට යාමෙන් සිද්ද වෙන්නෙ ඒ කාන්තාව කායිකවත් මානසිකවත් පීඩාවට ලක්වීම විතරයි. මම කියන්නෙ කිසිම කාන්තාවක් ඒ වගේ බැඳීමක සිරකාරියක් විය යුතු නෑ. එවැනි බැඳීමකින් ඉවත් වෙන්න තීරණය කරන කාන්තාවකට සිද්ද වෙනවා තනිවුනු මවක් විදිහට සමාජයට මුහුණ දෙන්න. 

    ඒ වගේම නීත්‍යානුකූලව විවාහ නොවී මව්වරුන් වෙන කාන්තාවනුත් ඉන්නවා. මම නම් කියන්නෙ ඒ වරදට සම්පූර්ණයෙන් වගකියන්න ඕන මේ සමාජය සහ අපේ අධ්‍යාපන ක්‍රමය. තවමත් අපේ රටේ දරුවන්ට නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන්නෙ නෑ. ඒ නිසාම අපේ රටේ මව්වරුන්ගේ අනුපාතය දවසින් දවස ඉහල යමින් තියෙනවා. මෙතනදි මම තව දෙයක් කියන්න කැමතියි. මව විවාහකද අවිවාහකද කියන කාරණය මාතෘත්වයට අදාල කාරණාවක් නොවෙයි.

    සෙක්ස් කියන වචනය ගැන වැඩිපුර හොයපු රට විදිහට ලංකාව වාර්තා තියන්නෙ ඔය කියපු අධ්‍යාපන දුර්වලතා නිසාද?

    කවුරු මොනවා කිව්වත් මේ ලෝකයේ පැවැත්ම රඳා පවතින්නෙ ලිංගිකත්වය කියන ක්‍රියාවලිය මත. යම් වයස් සීමාවකදි හැමකෙනෙකුටම ලිංගිකත්වය කියන කාරණාව ගැන වැඩිපුර දැනෙන්න ගන්නවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. නමුත් ගොඩක් දෙමව්පියන් ඒ වගේ අවස්ථාවල දරුවො දිහා බලන්නෙ ලෝකෙ තියෙන ලොකුම අපරාධය කරපු අපරාධකාරයො දිහා බලනවා වගේ. ඒ වගේ වෙලාවක හිතට එකඟව ඔබට තරුණ කාලය මතක් කරගන්න පුළුවන් නම් ඒ වගේ ප්‍රශ්නයක් දිහා ඊට වඩා මානුෂික විදිහට බලන්න පුළුවන් වෙයි. ඒ නිසා අඩු වයසකදි අනාරක්ෂිත ලිංගික ඇසුරකට යොමු වුනොත් ඒකෙන් අත්වෙන්න පුළුවන් ඉරණම ගැන ඔබේ දියණියට වගේම පුතාටත් ආදරෙන් කියාදෙන්න. මට දියණියක් හිටියා නම් අම්මා කෙනෙක් විදිහට නිසි වයස ආවට පස්සෙ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න කියන එක කියලා දෙන්න මම පැකිලෙන්නෙ නෑ. මගේ අවුරුදු 12ක් වෙන පුතාටත් මං මේ වෙනකොට මේ කාරණා කියල දීලයි තියෙන්නෙ.

    අදටත් අපේ මිනිස්සු විවාහයේදී කන්‍යාභාවය සෙවීම ගැන ඔබේ අදහස මොකක්ද?

    කවුරු හරි පිරිමියෙක් විවාහ වෙන්න කලින් කන්‍යාභාවය හොයනවා නම් ඒ මනුස්සයව කවදාවත් බඳින්න එපා. කිසිම කෙනෙකුට කාන්තාවකගෙන් ඔයා වර්ජින්ද කියල අහන්න අයිතියක් නෑ. ශරීර අංගයකින් කාන්තාවකගේ පවිත්‍රභාවය මනින්න හදන්නෙ සිතින් වගේම කයිනුත් අපවිත්‍ර මිනිස්සු.

  • CUCKOLD රති රහස

    CUCKOLD රති රහස

    ටික දවසකට කලින් මට කෝල් එකක් ආවා. දන්නෙ නැති නම්බර් එකක් නිසා ආන්සර් නොකර ඉන්න ගියත් වැරදිලා අතවැදිලා කෝල් එක ඔන් වුනා.

    අයියෙ, කකෝල්ඩ් අය ගැන ලියන්න බැරිද ෆැකල්ටි ඔෆ් සෙක්ස් එකේ?

    අනිත් පැත්තෙ තරුණයා ඇහුවා.

    පුළුවන්. ලියන්න ඕනි.

    මං මේ පැත්තෙ ඉඳන් කිව්වා.

    අයියෙ, මං කකෝල්ඩ් කෙනෙක්. මගේ කෙල්ලත් ඒක දන්නවා.

    ඒ තරුණයා විවෘත වුනා. ෆැකල්ටි ඔෆ් සෙක්ස් හින්ද මට ලැබුනු ආස්වාදජනකම දේ මිනිස්සුන්ගෙ මේ විවෘතකම අත්විඳින එක තමන් කිසිදවසක කිසි කෙනෙකුට කියන්න නොහිතපු දේවල් බෙදාගන්න තරම් විශ්වාසයක් හැදුන එක.

    ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?

    අපොයි නෑ. අපි දෙන්නම ඒක හොඳටම එන්ජෝයි කරනවා. මට තියෙන්නෙ පුංචි ඩික් එකක්. ඉතින් එයා මට හිනාවෙනවා. ලොකු ලොකු ඒවා තියෙන අය එක්ක එයා සෙක්ස් කරන්න කතා කරනවා. ඒක මට හරිම එක්සයිටින්.

    ඒ විදිහෙ අමුතු අපූර්ව සම්බන්දයක් තියන් ඉන්න පුළුවන් වීම ගැන මට ඒ කොල්ලයි කෙල්ලයි ගැන සතුටු හිතුන. 

    උන් උන්ට දැනෙන දේවල් අනිත් මනුස්සයෙක් එක්ක ෂෙයාර් කරගන්න තරම් නිර්ලෝභී වීම ගැන ආදරේ හිතුන.

    කකෝල්ඩ් ගැන ලියන්න මං තීරණය කලා.

    කකෝල්ඩ් කියන්නෙ ෆෙටිෂ් එකක්.  ඒ කියන්නෙ අර්චනකාමයක්. යම් වස්තුවක් හෝ ශරීරයක් ක්‍රියාවක් මගින් අසාමාන්‍ය අන්දමේ මානසික පරිකල්පනයක් ලබාගනිමින් තෘප්තිමත් වීමක්. සරලව කකෝල්ඩ් කියන්නෙ තමන්ගෙ පාට්නර් (පිරිමි හෝ ගැහැණු වෙන්න පුළුවන්) වෙන කෙනෙක් එක්ක ලිංගිකව එකතු වීම ගැන දැනීම දැකීම තුලින් විඳින ආස්වාදය.

    මේ වචනෙ ආවෙ කුකූ බර්ඩ් නැත්තං කොහා හින්ද කියලත් කියනවා. මොකද කොහා බිත්තර දාන්නෙ වෙන උන්ගෙ කූඩුවක. මේ විදිහට සැමියාට හොරෙන් බිරිඳ විසින් වෙනයම් සම්බන්ධයක් කරගෙන යද්දි දුර්වලයෙක් හැටියට පේන සැමියා හඳුන්වන්න ඉස්සර මේ වචනෙ පාවිච්චි වුනා.

    ඒත් දැන් මේක ෆෙටිෂ් එකක්. ඒ කියන්නෙ එහෙම දුර්වලයන් ගැන කතාවක් නෑ. මේක රංගයක්. තවදුරටත් කකෝල්ඩ්ලා වෙන්නෙ විෂම ලිංගිකයන් හෝ ලිංගික දුර්වලතාවයන් ඇති අය විතරක් නෙමෙයි. ඕනම කෙනෙකුට මේ ආස්වාදය ගන්න පුළුවන්. සහකරුවාට හෝ සහකාරියට හොරෙන් කරන සෙක්ස් කියන කතන්දරයත් යල් පැනලා. නූතන කකෝල්ඩ් සම්බන්ධතාවලදි සහකරුවන් ඒ ගැන දැනුවත්. ඒක දෙපාර්ශ්වයෙම පූර්ණ කැමැත්තකින් සිද්ද වෙන දෙයක්. කකෝල්ඩ් කියන ජොන්රා එක බීඩීඑස්එම් එක්ක ඉතා  සම්බන්ධයි. මොකද මේ ආශාව ඇතුලෙ ඩොමිනේෂන් (බලය මෙහෙයවීම), සබ්මිෂන් (යටත්වීම), හියුමිලියේෂන් (අපහාස විඳීම) කියන කාරණා ඔක්කොම සම්බන්ධ වෙනවා. මේ ආස්වාදය ලබන පිරිස සුළු පිරිසකුත් නෙමෙයි කකෝල්ඩ් පෝර්න් කැටගරිය ගත්තොත් ඒක මේ වෙද්දි වැඩිම පිරිසක් සර්ච් කරන කැටගරි කීපයෙන් එකක්.

    කකෝල්ඩ් කියන්නෙ පිරිමින්ට විතරක් කියන එකක් නෙමෙයි. ඕනම ලිංගිකයෙක් කකෝල්ඩ් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක භූමිකාවක්. මෙතනදි මේ ලිංගික ක්‍රියාවට සම්බන්ධ වෙන තුන්වෙනි පාර්ශ්වය හඳුන්වන්නෙ බුල් කියලා.

    මනෝවිද්‍යාඥයො කකෝල්ඩ් ආස්වාදය ලැබීම ගැන එක එක විදිහෙ මත පලකරනවා. ලංකාවෙ වගේ අය නෙමෙයි හින්ද කිසි කෙනෙක් මේක රෝගී තත්වයක් හරි පිටුදැකිය යුතු තත්වයක් හරි විදිහට දකින්නෙ නෑ. ඒ වෙනුවට පුද්ගල තෘප්තිය සම්බන්ධයෙන් ඇති නිදහසට ගරු කරමින් ඒ ගොල්ලො මේ මානව චර්යාව ගැන කරුණු හොයනවා.

    බයොලොජිකල් කාරණයක් විදිහට ස්පර්ම් කම්පිටිෂන් තියරි එක මේ ආස්වාදයට බලපාන්න පුළුවන් කියල සමහරක් අය කියනවා. ස්පර්ම් කම්පිටිෂන් කියල කියන්නෙ එක ඩිම්බයක් සංසේචනය කිරීමට පිරිමි කීපදෙනෙකුගේ ශුක්‍රානු තරග කිරීමේ තත්වයක්. කෙටි කාලයක් තුල පිරිමින් කීපදෙනෙක් සමග ගැහැනිය සංසර්ගයේ යෙදීම මෙතෙනදි සිද්ද වෙනවා. මෙතනදි ඩිම්බයට වඩා විශාල තෝරාගැනීමක් ලැබෙනවා. ඒක පිරිමින්ට තියෙන පරිණාමීය පීඩනයක් විදිහටයි ගනන් ගන්නෙ.

    ඒ වගේම මනෝවිද්‍යාඥයන් කියනවා තමන්ගේ සහකාරිය (සියලු ලිංගික ප්‍රජාවන් වෙනුවෙන් මේ වචනය යොදනවා) වෙන කෙනෙක් සමග ලිංගිකව එක්වන බව දැනගැනීම කෙනෙකුට ඉතාම ආස්වාදජනක ලිංගික උත්තේජනයක් ඇති කරනවා කියල. මේ නිසා කක් චරිතයට ඉතාම හොඳ සුරතාන්තයක්, ශුක්‍ර මෝචනයක් වගේම නැවත ඉක්මනින් ප්‍රානවත් වීමක් ඇති කරනවා.

    මෙතනදි ඇතිවෙන ඊර්ශ්‍යාව සම්බන්ද තත්වය ගැනත් සයිකොලොජිස්ට්ලා උනන්දුවෙලා තියෙනවා. තමන්ගෙ සහකාරිය වෙනත් කෙනෙකු විසින් ආශා කරනවා කියල දැනගැනීම අවුස්සනසුලු දෙයක්. මේකෙන් පිරිමියෙක් තමන්ගේ සරුභාවය පිලිබඳ තරගයට පුබුදුවනවා කියලයි කියන්නෙ. සෙක්ෂුවල් ජෙලසි කියන දේ සෙක්ස්වලදි හරිම ඉන්ටෙන්ස් සෞන්දර්යයක් ගේනවා.

    තව තත්වයක් තමයි අනෙකාගේ සතුටුවීම දැකීමෙන් සතුටක් ලැබීම. තමන්ගේ සහකාරිය වෙනත් කෙනෙක් සමග ඉතා දැඩි ආස්වාදයක් ලැබීම නිසා කෙනෙක් සතුටු වෙන්න පුළුවන්. පොලිමරස් ඒ කියන්නෙ බහුසහකාර ජීවිත පිලිගන්න අය ගොඩක් වෙලාවට ඉන්නෙ මේ තත්වෙ. මොනොගමස් අයට නං මේක දරාගන්නම අමාරු තැනක්.

    තව දෙයක් තමයි අපිට එලියෙ මහා හෙට්‍රො සමාජෙ අපහාසයන් ලැජ්ජාවන් විදිහට දැනෙන දේවල් ශෘංගාර ලෝකය ඇතුලෙදි ඉතාම ආස්වාදනීය දේවල් බවට හැරෙනවා. සුවඳ ගඳ තත්වයන් පවා වෙනස් වෙනවා. මේ නිසා පොන්නයා කියල එලියෙදි කියන අපහාසය වුනත් ඇඳ උඩදි ආස්වාදයක් වෙනවා.

    කකෝල්ඩ් සම්බන්ධතාවලදි තමන්ගෙ සහකාරිය තමන්ව රවටනවා දැකීමෙන් කෙනෙක් ලිංගිකව සතුටට පත්වෙනවා. මරාගන්න යන්නෙ නෑ.

    තමන්ගෙ සහකාරිය වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලන් ඉන්න. ඒ වගේ තැනකදි සහකාරිය බුල් සමග එකතුව තමන්ට උසුළු විසුළු කිරීම ආදිය මේ රතියෙ උපරිම තැන් වෙනවා.

    ඒ වගේම කකෝල්ඩ්වල තියෙන්නෙ උපරිම යටත්වීමක්. තමන්ගෙ සහකරුවා සතුටු කිරීමට තමන් සතු බලය වෙන කෙනෙකු වෙත පාවාදීමක්. ඒ වගේම තුන්වෙනි පාර්ශ්වයකට යටත්වීමේ සතුටක්. ඒකම එක්සයිට්මන්ට් එකක් වෙනවා.

    කකෝල්ඩ් කියන්නෙ සමාජයෙන් තහනම් ලිංගික හැසිරීමක්. ඒ කියන්නෙ ටැබූ එකක්. ටැබූ එකක් කඩන එකම ශෘංගාරය උපරිස කරන අත්දැකීමක්. ඒක නිසාමත් මේක ආස්වාදනීය වෙලා තියෙනවා.

    කෙනෙක් හිතන්න පුළුවන් තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය කකෝල්ඩ් වීමෙන් එයාට තියෙන වාසිය නැත්තං විනෝදය මොකක්ද කියල. පලවෙනිම දේ තමයි තෘප්තිය. සාමාන්‍ය ලිංගික හැසිරීමකින් ලබන්න බැරි තරමෙ නිදහස් තීව්ර තෘප්තියක් මේ අසම්මතකමේ තියෙනවා. තමන් ආශා කරන බුල් කෙනෙක් එක්ක කිසිම බැඳීමක් නැතුව සෙක්ස් කරන්න පුළුවන් නිදහස මේ නිසා කකෝල්ඩ් සම්බන්ධයක් ඇතුලෙ තියෙනවා. ඒ වගේම මේ ගැන කරලා තියෙන සමීක්ෂන වලින් කියන්නෙ මේ නිසා මීට සම්බන්ධ වෙන පෙම්වතුන් දෙදෙනා අතර ලිංගික ආකර්ශනය සහ ආස්වාදය එන්න එන්නම ඉහල යනවා කියලයි. සම්බන්ධතාවයන් නැවත නැවත අලුත් වෙනවා වගේ දැනීමක් මේ කකෝල්ඩ් පෙම්වතුන්ට මේ නිසා ලැබිලා තිබුන.

    වැදගත්ම ලාභය තමයි ඉමෝෂනල් ඉන්ටිමසි එක. ඒ කියන්නෙ හැඟීම්මය අතින් අපි කොයිතරම් ලං වෙලා සිතින් සිත රමණය කරනවද කියන එක. කකෝල්ඩ් සම්බන්ධතා ඇතුලෙ තමන්ගේ ගැඹුරුම තැන්වල හැංගුන සදාචාරය විසින් පිටමං කරපු හැඟීම් ආදරය කරන අනෙකා එක්ක බෙදාගන්න ඉඩකඩ විවෘත වෙනවා. එහෙම සම්බන්ධතාවයක තෘප්තිය කායික තෘප්තියට එහා ගිහින් සම්පූර්ණ පැවැත්ම තෘප්තිමත් කරන එකක වෙනවා.

    කකෝල්ඩ් සම්බන්ධතාවයක තුන්වෙන්නා සමග සම්බන්ධ වෙන සහකාරියට කියන්නෙ කකෝල්ඩ්‍රස් කියල. ඇත්තටම මේ සමස්ත ඇක්ට් එකේ බලය තියෙන්නෙ එයාට. තමන් කැමති කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න ආස්වාදය ලබන්න වගේම තමන්ට අවනත, තමන් වෙනුවෙන්ම කැපවුනු පිරිමියෙක් ලබාගන්නත් කකෝල්ඩ්‍රස් කෙනෙකුට හැකියාව තියෙනවා.

    තුන්වෙනි පාර්ශ්වයක් විදිහට එකතු වෙන බුල්ට මේකෙන් මොනවද ලැබෙන්නෙ? කිසිම වගකීමක් බැඳීමක් නොදරා තමන් කැමති අනුන් සතු යැයි සිතූ කෙනෙක් එක්ක කැමති විදිහට සෙක්ස් කරන්න ලැබීමම ලොකු ආස්වාදයක්. ඒ වගේම තව කෙනෙකුගෙ නිදන කාමරයේ සමහර විට ඒ ඇඳ උඩම ඒ සහකාරිය තමන් සතු කරගැනීමේ පර්වර්ට් ආසාවත් මෙතන තියෙනවා.

     

    කක්හෝල්ඩ් හැසිරීම්වලට අපි කියනවා කකින්ග් කියලා. මේ කකින්ග් කියන කියන්නෙ තමන්ගේ සහකාරිය වෙන කෙනෙන් එක්ක ඉන්නවා බලන් ඉඳීමම විතරක් නෙමෙයි. සහකාරිය වෙන කෙනෙක් එක්ක සෙක්ස් සම්බන්ද දේවල් කතා කරනවා අහන් ඉන්න එකත් මේකෙම දිගුවක්. ඒ වගේම ඒ අය කැමති වෙන වෙන අය ගැන විස්තර අහන එක, දිගට දිගට කතා කරන එක වගේ දේවල් හරහාත් කෙනෙක් ලබන්නෙ මීට ආසන්න ආස්වාදයක්.

    කවුරු හරි කකෝල්ඩ් සම්බන්ධතාවක් පුහුණු කරනවා නම් එකපාරට උපරිම දේවල් අත්හදා බලන්න යන එක බයානකයි.

    මුලින් තමන්ගේ සහකාරිය වෙන කෙනෙක් එක්ක ෆ්ලර්ට් කිරීම තමන්ට දැනෙන්නෙ කොහොමද කියල බලන්න. ඒ වගේ තැනකින් රසවිඳීම පටන් ගන්න. ඊට පස්සෙ එයා කැමති කෙනෙක් එක්ක ඩේට් එකක් යන තැනකට එන්න පුළුවන්. ඒ ආගිය විස්තර අහලා ආස්වාදය ලබන්න පුළුවන්.

    සම්පූර්ණ දුර යනවා කියන්නෙ ඒ විදිහෙ ලිංගික එක්වීමක් අතරට ඔයත් එකතු වෙනවා කියන එක. හැබැයි ඊට කලින් ගොඩක් දේවල් ගැන කතා කරලා ගොඩක් පැහැදිලි කරගැනීම් දෙන්නෙක් අතර සිද්ද වෙන්න ඕන.

    එකපාරට ගහෙන් ගෙඩි එන්නා වගේ තමන්ගේ සහකාරිය එක්ක තමන්ගේ කකෝල්ඩ් ආශාවන් කතා කිරීම ෂොක් එකක් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් අහන් ඉන්න කෙනා සාම්ප්‍රදායික කෙනෙක් නම් හාර්ට්ඇටෑක් එකක් වුනත් එන්න පුළුවන්. ඒ නිසා ඕනම දෙයක් ගැන කතා කර හැකි විවෘත සංවාදයක් ඉස්සෙල්ලම තමන්ගෙ සහකාරිය එක්ක තිබීම අවශ්‍යම වෙනවා.

    ඒ වගේම කකෝල්ඩ් කෙනෙක් වෙන්න කෙනෙකුට ලොකු ධෛර්යයක් පෞර්ෂයක් තියෙන්න ඕන. සමාජයෙන් පිලිගත්ත අනුදැන වදාල ලිංගික චර්යාවක් නෙමෙයි මෙතන තියෙන්නෙ. මේ වගේ තෘප්තියක් සොයායන්නෙක් අනිවාර්යෙන්ම සමාජයෙන් පිටස්තරයෙක් වෙනවා. ඒ වගේම මෙතනදි තමන්ගෙ සහකාරිය විවෘතව තවත් කෙනෙක් ගැන කියන සියලු ආශාවන්  විනිශ්චයකින් තොරව අහගෙන ඉන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ඒ විනිශ්චය නොකිරීම කියන්නෙ කකෝල්ඩ් ශික්ෂාවක් වෙනවා.

    තමන්ගෙ සහකාරිය මේ අත්දැකීම ලබන්න කැමතිද කියන එක ගැන පැහැදිලි කතාබහක් කරන්න ඕන. සමහරු ඉන්නවා ඒ ෆැන්ටසියට කැමතියි ඒත් ඒක රියැලිටියක් කරන්න අකමැතියි. එහෙම කෙනෙක් එක්ක ඒ ෆැන්ටසි සීමාවෙ විතරක් සැරිසරන්න පරිස්සම් වෙන්න ඕන. එහෙම නැත්තං ඒක බලහත්කාරයක්.

    අනෙකාගේ ආශාව සම්පූර්ණයෙන්ම නොසගවා කියන්න තරම් තියෙන එක සම්බන්දතාවයකදි හරිම වැදගත්. ඒ වගේම මේක ඇත්තටම තමන් කැමති දෙයක්ද කියල තීරනය කරන්නත් කෙනෙක් යම් කාලයක් ගන්න ඕන. හදිස්සියෙන් කොහෙන් හෝ ලැබෙන මේ විදිහෙ ෆැන්ටසියක් ඇත්තට රසවිඳින්න ගියොත් ඉතාම අමිහිරි විදිහට කෙලවර වෙන්න පුළුවන්. ඔබේ සහකාරිය මේ අත්දැකීමට අකමැති නම් එයාව ඒ පැත්තට තල්ලු කරන්න උත්සාහ ගන්න එපා. ඒක ඒ විදිහට බාරගන්න. කකෝල්ඩ් විතරක් නෙමෙයි ඕනම ෆැන්ටසියක් සුවපහසු අත්දැකීමක් වෙන්නෙ දෙන්නම කැමැත්තෙන් ඒක විඳිනවා නම් විතරයි.

    පියවරෙන් පියවර අත්දැකීම තුලට යන්න. එකපාර ගැඹුරට පනින්න එපා. හැම පියවරකදීම තමන් ඉන්නා වග සහකාරියට දනවන්න. සියලු හැගීම් විවෘතව බෙදාගන්න.

    තවත් වැදගත්ම දෙයක් තමයි විශ්වාසවන්ත බුල් කෙනෙක් හොයාගන්න එක. වැරදි තෝරාගැනීමක් ජීවිතේම අවුල් කරන්න පුළුවන්. ඒ නිසා කොයිම වෙලාවකදිවත් first මුනගැහීමට නිදන කාමරය තෝරගන්න එපා. එලිමහන් තැනක මුනගැහිලා කතාබහ කරන්න. නුවුමනා පරිදි පුද්ගලික තොරතුරු හුවමාරු කරගන්න එපා. එකිනෙකා හොඳින් තේරුම් ගන්න. දෙන්නා තුලම විශ්වාසයක් ගොඩනැගෙනවා නම් විතරක් ඊලග පියවරට යන්න. ලිංගිකව එක්වෙන හැම වෙලාවකදිම කොන්ඩම් මතක තියාගන්න.

    ඕනම ලිංගික ක්‍රියාවකදි වගේම මෙතනදි වැදගත්ම කාරණා තුනක් තියෙනවා. සන්නිවේදනය, කැමැත්ත සහ ගෞරවය කියන්නෙ ඒ තුන. එකිනෙකාගේ හැගීම් උවමනා එපාකම් හොඳින් සන්නිවේදනය වීම වැදගත්. ඒ වගේම අනෙකාගේ කැමැත්ත ගැන ඉතා හොඳින් සාවධාන වීම වැදගත්. ඕනෑම මොහොතක කෙනෙකුට නවතින්න උවමනා නම් ඒකට සම්පූර්න ඉඩකඩ තියෙන්න ඕන. එකිනෙකා කෙරෙහි ගෞරවය තමයි ලිංගික ක්‍රියාවක් ලස්සන කරන්නෙ. සිතින් කයෙන් වචනයෙන් ඒ ගරුත්වය ආරක්ෂා කරන්න පුළුවන් අය විතරයි මේ අසම්මතයේ වගකීම දරන්න සුදුසු වෙන්නෙ.

    කකෝල්ඩ් අත්දැකීමක් සාර්ථක වෙන්නෙ ඊට සම්බන්ධ සියල්ලන් පූර්ණ වශයෙන් අවංක නම් විතරයි. වංචාව කියන්නෙ ශෘංගාර ලෝකයට අයිති සංකල්පයක් නෙමෙයි.

    එහෙනං මේ ප්‍රායෝගික පුහුණුවට කාලයයි.

  • Philosophy of Fuck by Istefan

    Philosophy of Fuck by Istefan

    I think that when it comes to the question of the desire to fuck, there are three variations.

    (This is in no way an exhaustive list, there may be far more, it is just that I can at least attest to the existence of these three. Also, while we are still in parenthesis, let me just say that this is about to get graphic; hide your children.)

     1) “I want to fuck you.”

    2) “I want to be the one who fucks you.”

    3) “I want to fuck, and you will do.”

     I think it is likely that you will experience all three of these in your lifetime. Potentially with the same person, and maybe even at the same time.

     3.

    The “I want to fuck, and you will do” desire is the basest. Not just physical but physiological, evolutionary, and chemical. Here the person is not important, only the variables in their biological construction.

    It is hormone fueled. It is simple and yet mysterious, or perhaps just mystifying; like how you are able to beat your heart without ever having to learn, or why lavender smells better than cow shit.

    It is the desire that keeps tinder in business and fuels the vast majority of internet porn. It is the reason that said pornographic material expresses itself the way it does; with breasts, penises and buttocks as big as possible. Where passion is expressed by volume, volume of flesh, volume of people, volume of screams. Where intensity is expressed by the athleticism exhibited in these orifice stretching and stuffing Olympics. All available online, instantly, at the click of the button, and this is key.

    It is the drive behind both the world’s oldest profession and the more recent rise of the Jackson Pollocks of jizz.  

     2.

    The “I want to be the one that fucks you” desire is the most abstract. It exists on the most intellectual and mythical layer of reality, along with our egos. Here the person, specifically as they are defined by your peers, is most important.  

    It is the desire to fuck someone, in order to become the person that has fucked them or is fucking them. It is enjoyed more deeply before and after sex, than during. 

    It is desire that other desires like BDSM are predicated upon. Particularly domination and submission, as politics are a symptom of self. In fact, it reduces all fucking to role play, just that sometimes the roles we play are those cast by our society and referred to by the names our parents gave us.

    At best it fuels sex in the religious sense; the deification of the other, the impetus to find our existential place literally inside another. At worst it gives rise to such conventions as contemporary marriage. (Or maybe it is the other way around, I guess that too depends on the kind of person you are.)

    When you are driven by this desire parading is important. Being seen together at parties, in shared online profile photos, at big weddings and in even bigger wedding albums, and (God forbid) in matching outfits.

    It is often encountered by those who seek love.

    But its satisfactions are far from the moment, always elusive and never enough.

    1.

    The “I want to fuck you” desire is the most cosmic. It is the hardest to describe as it exists on a different layer of reality than language. It is too present and immediate to be considered abstract, and yet too much a product of consciousness to be considered physical.

    It is the desire to complement rhythms, close loops and create bonds. It is the way that Yin fucks Yang, and water flows.

    It is fueled by the resonance between what one might call ‘souls’ (for lack of a better term) at certain points in space-time. It arrives without planning, and disappears without warning. In fact the surest way to avoid this desire is to try to plan for it, the surest way to kill it is to try to hold onto it, tightly.  

    It is often encountered by those who love without seeking love.

    But it is more comparable to gravity, electrical charge or osmosis. It mirrors the form of the universe’s desire to spread its particles and fill spaces.