Category: Features

  • අම්මට හු*** හීනයක් නොහොත් ඇන්ටික් කඩේක මරණයක්

    අම්මට හු*** හීනයක් නොහොත් ඇන්ටික් කඩේක මරණයක්

    *Spoiler Alert

    හඳයා නාට්‍යයක් කරනවා කිව්වම මට මුලින්ම ආවෙ හඳයා ඉවර වෙන්න යනවද කියල සැකයක්. මොකද වේදිකාවෙන් පටන් අරන් ආපහු වේදිකාවෙන් රවුමක් සම්පූර්ණ වෙන්න යනවද කියල හැඟීමක් මට තිබුන. මිනිස්සුන්ට එහෙම වෙනවා. ආපහු මුලටම එනවා. ඔය රස්සාවෙන් විශ්‍රාම යනවා කියන කාලෙ හරිම ක්‍රිටිකල්.  ඒත් හඳයා තද විශ්වාසෙකින් ඉන්න වග පෙනුන.

    හඳයා කියන්නෙ ලංකාවෙ අමුතුම අනන්‍යතාවයක් හදාගත්ත ආර්ටිස්ට් කෙනෙක්. එයා කරන වැඩවලින් ලාබ ගන්න බෑ. ඒ වගේම මාර ප්‍රශංසා ලැබෙන්නෙත් නෑ. රට රටවල සම්මාන ලැබෙන්නෙත් අඩුවෙන්. හැබැයි ඒ ආර්ට්වලින් අනිවාර්යෙන්ම ලොකු කම්පනයක් ඇති කරනවා. සමහර වෙලාවට නඩු යන තරමට කම්පනය ප්‍රබලයි. හඳයා මහා සමාජයට කතා කරන්නෙ නෑ. එයා කතා කරන්නෙ නිෂ් එකකට. තෝරාගත් ක්‍රිටිකල් සමාජ තීරුවකට.  හරිම හිතුවක්කාර විදිහට එයා තමන්ට හිතෙන දෙයින් දමලා ගහනවා. ඒක ආර්ට්ද නැද්ද කියන එකවත් හඳයාට අදාල නෑ. එයාට අදාල වෙන්නෙ ඒකෙන් ඇති කරන කම්පනය. තිගැස්ම. ඒක හින්දම හඳයාගෙ හැම වැඩක්ම ප්‍රචන්ඩයි. ඉස්සර මං කිව්වෙ හඳයාගෙ වැඩ දේශපාලනිකයි කියල. ඒත් දැන් මං කැමතියි  හඳයාව ලිංගිකව කියවන්න. හඳයා අපේ අවිඥානය එක්ක කරන ගනුදෙනුව කියවන්න. හඳයා අපේ පුරුෂ ලිංගයෙන් අල්ලගන්න හැටි කියන්න.

    හරියට 07ට නාට්‍යය පටන් ගත්තා. 

    නාට්‍යයක් ආරම්භ වෙද්දි හෝල් එකක තියෙන්න ඕන බලාපොරොත්තුව පිරිලා පිම්බිලා තිබුන. ඒ වගේ ප්‍රේක්ෂාගාරයක ඉඳගෙන ඉන්න එකත් චමත්කාරයි. නාට්ටියෙ මුල ඉඳන්ම පුදුම එනර්ජි එකක් තිබුන. පටන් ගත්ත තැන ඉඳන් ඕඩියන්ස් එකත් එක්ක කෙලින් හරිම සජීවී සම්බන්දයක් ගොඩනගා ගන්නවා. අපි අපෙන් බාහිර කතාවක් බලන් ඉන්නවා නෙමෙයි. සිනමාවට වගේ නෙමෙයි වේදිකාවට පුළුවන් අපිත් එක්ක ගනුදෙනු කරන්න.

    තල ගණනාවක දිගහැරෙන ඇන්ටික් කඩයක් ඒක. කතාව, කතාව කියන තාක්‍ෂණය, වේදිකාව පාවිච්චි කරන විදිහ ආදී මේ හැමදේකදිම ලේයර් ගනනාවක් එකිනෙක අතිපිහිත වෙන විචක්ෂන එලීමක්.

    සිනමාවෙන් වේදිකාවට හඳයාගෙ පැමිනීම ඒකෙ තියෙනවා. ඒ සිනමාව ඇතුලෙ මූන දීපු නඩු තියෙනවා. සිනමාව ඇතුලෙ ඒ මේ චරිතවල අතීත කතාව තියෙනවා. වේදිකාව උඩ ඒ අයගෙ වර්තමානය තියෙනවා. ඒක කාලය සමග කරන පුදුමසහගත සෙල්ලමක්. සිනමා තිරයෙ ඉඳන් අපි ප්‍රේක්ෂකයො මේ ඉඳන් ඉන්න පුටුව දක්වා හඳයා එයාගෙ කතාව එලනවා. ඇස් ඉස්සරහ නළුනිළියො පේන වේදිකාව පාවිච්චි කරලා අපිව හීනයක් ඇතුලට ගෙනියනවා. ඒ හීනය සාමූහික හීනයක්. හඳයා ඇන්ටික් කඩේ ඇතුලෙන් යන්නෙ අපේ ඉතිහාසෙට. අතීතයේ ජීවත් වෙන ජාතියක් දකින භයානක හීනයක්. ඒ මදිවට ඒක ඇත්තක්.

    කතාවෙ මූලික තේමාවක් විදිහට ෆ්‍රොයිඩියානු ඊඩිපස් සංකල්පය එනවා. අම්මා සහ පුතා අතර සම්බන්ධය. හැම පැටලිල්ලක්ම පටන් ගන්නෙ මේ ඊඩිපස් අවුල හරියට විසඳිලා නැති තැනින්. කප්පාදු නොවුනු පුතෙක්. එයාට නීතියක් නෑ. නීති කඩන එකමයි එයාගෙ සතුට. එයාට ලෝකයක් නෑ. ඉන්නෙ අම්මෙක් විතරයි. එයා අම්මා එක්ක තියෙන සම්බන්දෙ සදාකාලික හිරකාරයෙක්. එකවර ලිංගික සහ අලිංගික ස්වභාවයන් දෙකම දරන ජීවිතේ එකම සම්බන්දය එයාව නෂ්ටකාමියෙක් කරනවා. මට ධර්මසිරිගෙ තුන්වෙනි යාමයෙ පොඩි එකාවත් මතක් වෙනවා. හැබැයි මං කැමති නෑ හඳයාව ෆ්‍රොයිඩ්ගෙ තියරියක හිරකරන්න.

    මේ පොඩි එකාට ඕන අම්මා එක්ක නිරුවතින් නාන්න විතරයි. ඌ කරදඬු උස්වෙනකලුත් සෙක්ස් කියල දන්නෙ එච්චරයි. ඉතුරු ටික ඌට අනුව දූෂනයක්. නොවැඩුනු කැඩීබිඳුනු ලිංගික ජීවිතයක අර්බුදය. හඳයා ලංකාවෙ ඉංග්‍රීසි කතා කරන මැද පංතියේ වර්තමානය කියවන්නෙ එහෙම.

    මේ කතාව අතීතයක් සහ අනාගතයක් අතර පිහිටන එකක්. ඒත් ඒ අනාගතය කියන්නෙ අද. එතකොට ඇත්තටම අනාගතයක් නෑ. අනාගතය කියන්නෙ අද දකින හීනයක් විතරයි. 

    හැබැයි මේ අද නැත්තං වර්තමානය තියෙන්නෙත් නැවතත් අතීතයක. ඒ අතීතයෙන් තමයි මේ වර්තමානයේ සියල්ල තීරනය කරන්නෙ. ඒ අතීතය කියන්නෙත් භයංකාර හීනයක්. අතීතය තුල පවතින වර්තමානයක් තමයි මේ ඇන්ටික් කඩේ මොහොත.

    මං වෙන්ඩ්ට් එකට ඇතුල්වෙන තැන ජැකා හිටියා. එයත් ඩ්‍රාමා එක බලන්න ඇවිත්. සෞම්‍ය කරන මේ ඇන්ටික් කඩේ මනුස්සයාගෙ චරිතෙ මට පුදුමාකාර විදිහට ජැකාට මාරු වෙවී පෙනුනා. ජාතික කෞතුකාගාරයක් මුර කරපු මනුස්සයා දැන් පුද්ගලික ඇන්ටික් කඩයක් දාගෙන ඉන්නවා. මිනිහා විකුනන්නෙ මහා සිංහල වංශකතාව. මං කියන්නෙ හඳයා ජැකාව ඔලුවෙ තියාගෙන මේ චරිතය කළා කියල නෙමෙයි. අපි ඉන්න වර්තමානය ඒ තරම් සමීපව වේදිකාව උඩ තිබුන කියන එක.

    මුලු කතාවම ඉන්සෙස්ට්. ව්‍යභිචාරීයි. අපේ ඉතිහාසය වගේමයි.  අම්මයි පුතයි අතර සම්බන්දෙ, ඊට පස්සෙ තාත්තයි දුවයි අතර සම්බන්දෙන් බිහිවෙන දරුවො, දුව සමග කොල්ලෙක් සංසර්ගය කරනකල් එලියට වෙලා ඉන්න තාත්තෙක්. මේ කතාවෙ තරුණයා ව්‍යභිචාරි සම්බන්දෙකින් පස්සෙ පරිවාසෙක අපචාරයට ලක්වෙමින් ඉඳලයි එලියට එන්නෙ. ඒ අපචාරී පරිවාසය තමයි ඒ තරුණයා දකින බාහිර ලෝකය.

    කතාව පිහිටන්නෙ පංති දෙකක් අතර කියලත් කෙනෙකුට කියන්න පුළුවන්. එකක් ඉංග්‍රීසි කතා කරන ඉහල මැද පංතිය. අනික සිංහල කතා කරන පහල මැද පංතිය. හඳයා මේ චරිතවලින් කියන්නෙ පංති විඥානයට වඩා පංති අවිඥානයේ කතාව කියලයි මට හිතෙන්නෙ.

    මේ සිංහල පහල මැද පංතිය  ආරක්ෂා කරන්නෙ අතීතය. ඒ කෞතුක වස්තු. ඒක තමයි ඒ ගොල්ලන්ට තියෙන එකම සහ ලොකුම එක. සාමූහික අතීතයක නටඹුන් උරුමය. ඒ ගොල්ලො ඒක ආරක්ෂා කරගෙන ඉන්නවා. පුළුවන්කමක් තියෙනවා නම් ඒ ජාතික උරුමය පුද්ගලික කරගන්න බලනවා. ඒ වගේම ඒ සිංහල අතීත උරුමය විකුනලා හරි සුද්දගෙ උරුමය ලබාගන්න හීන දකිනවා. ඒ ලෝකෙන් එන අපරාධකාරයෙක් වුනත් ගැලවුම්කාරයෙක් විදිහට වැළඳගන්නවා.

    ඉංග්‍රීසි කතා කරන ඉහල මැද පංතියෙ අතීතය හිස්. ඒක ගලපගන්න බැරි තරම් බිඳුනු එකක්. ඒක අම්මගෙ අතීතයක්. සිංහල පහල මැද පංතිය නියෝජනය කරන්නෙ තාත්තාගෙ අතීතයක්. දුටුගැමුනුගෙ පරපුර. ඇන්ටික් කතාවෙ පෙම්වතුන් වෙන්නෙ තාත්තා එක්ක හැදෙන දුවෙක් සහ අම්මා එක්ක හැදෙන පුතෙක්. මේ පිරිමි ඉතිහාසය අවුල් කරන්නෙ ගැහැනිය. ඇත්තටම නම් ඒ ගැහැනියගේ උමතුව. තෙරපාගත් පීඩාව පුපුරා හැලෙන මොහොත. වංශක්කාර පවුල්වල පිරිමින්ට දාව මෙහෙකාරියන්ට  ඉපදුනු, ඉංග්‍රීසි මැද පාංතික සමාජයේ වරප්‍රසාද ඇතුව හැදුනු වැඩුනු ගැහැනු, ඒ පංතියේ මළමිනී වගේ පිරිමි නිසා අර්බුදයට යනවා. පුපුරා යන ඒ ස්ත්‍රී ලිංගික ආතතිය සිංහල බෞද්ධ- වික්ටෝරියානු ඉතිහාසය කුඩුපට්ටම් කරගෙන යනවා. ඒ ගැහැණිය දමනය කරන්න පුළුවන් වෙන්නෙ ප්‍රානවත් වෙන පුරුෂ ලිංගයකට විතරයි. සිංහල බෞද්ධ ඉතිහාසය උරුම පරපුරෙත් ප්‍රානවත් වෙන පුරුෂ ලිංගයක් හොයාගන්න බැරි වෙලාවක්. ඒවා බෙලහීනවෙලා ගිහින්. ඒ බෙලහීනකම විශ්ව විද්‍යාල වාමාංශික අරගල විදිහට පවා එලියට ආ හැකියි.

    සිංහල මැද පාංතික පිරිමියාගේ අකලට කඩා වැටුනු ශිෂ්නය ප්‍රානවත් වන්නේ ඉංග්‍රීසි මැද පාංතික ගැහැනියගේ උමතුව ඇතුලෙයි. ඒ ට්‍රෝමැටික් අත්දැකීමට පස්සෙ  මුලු ජීවිත කාලයම ඒ පිරිමියා ගත කරන්නෙ වරක් පමනක් ලැබුනු ඒ අසමසම සුරතාන්තය ගැන හීන දකිමින්. ඒ මදිවට දූෂනයක වරදකාරීත්වයකුත් එතන තියෙනවා. අතීතය රකින්නාගෙ තැන ඉඳන් අතීතය විකුනං කන්නා බවට පත්වෙද්දි තමන්ගෙ සදාචාරය අවසන් වෙන අභ්‍යන්තර පැල්මකුත් සිංහල බෞද්ද- ක්‍රිස්තියානි තාත්තාගෙ තියෙනවා.

    දැන් පෙම්වතුන් දෙන්නා ගැන. පුංචි කාලෙ මේ කොල්ලට මේ කෙල්ලව මුනගැහෙන්නෙ සාපරාධී මොහොතක. ඒ කෙල්ල ඉස්සරහ කොල්ලා අම්මට පිහියෙන් අනිනවා. මැරෙන්න පණ අදින අම්මා ළඟට යන්න දෙන්නෙ නැතුව කෙල්ල කොල්ලව තමන් ළඟට ඇදලා ගන්නවා. තමන්ගේ මව මරනවා ඇසින් දුටු පිරිමියා සමග ප්‍රේමයෙන් වෙලීමේ නොතිත් ආශාවෙන් මැඩිමැඩී කෙල්ල ලොකුමහත් වෙනවා. ඒක මාර සරියල් තැනක්. මාතෘගාතක පිරිමියෙක් සමග රමණය කිරීමේ ගැහැණු ආශාව හඳයා වේදිකාව උඩට ගේනවා.

    මේ කෙල්ල අනුරාගී වෙන්නෙ අම්මා මරා දැමූ පුතාටයි. නමුත් පුතාට කෙල්ලව පේන්නෙ නැවත අම්මා වගේමයි. පන්සල් ප්‍රේමයක අතෘප්තියෙන් හිරවෙලා ඉන්න කෙල්ල මේ සාපරාධී පෙම්වතාට වසඟ වෙනවා. 

    එයාගෙ මෙච්චර කාලයක් හිරවෙලා තිබුනු ආශාව, පීඩාව ඇන්ටික් කඩය බිඳගෙන යක්ෂාවේශයක් විදිහට මුදාහරිනවා. පංති භේදයක් නැතුව ගැහැණියගේ උමතු ආශාව ඉතිහාසය කුඩුපට්ටම් කරනවා.  අම්මාගෙ අලිංගික ප්‍රේමයේ හිරවෙලා ඉන්න පුතා ආශාභරිත අම්මාගේ රූපයෙන් තැතිගෙන ඇයව මරා දානවා. පලවෙනි වතාවෙ තමන්ගේ රැකවරණයට ආපු අම්මව. දෙවෙනි වතාවෙ තමන් එක්ක රමණයට ආපු අම්මව.

    මේ විදිහට පංති  අතර කතාවක් මතුපිටින් තිබුනත් අන්තිමට අපි බලන් ඉන්නෙ එකම පංතියක කතාවක් දිහා. එකම පංතියක පීඩිත උන් පංති දෙකක් විදිහට වෙස් මාරු කරගැනීමක්. ඒ අයට නැවත මුනගැහෙන්නෙ ඒ අයමයි. වෙනින් කවුරුවත් නෙමෙයි.  

    ඇන්ටික් කඩේ කියන්නෙ ඇලොගරියක්. අපේ වර්තමානයෙන් ඇතුල්වෙලා අතීතය සහ අනාගතය දකින්න දොරක්. හැබැයි ඒ අතීතයත් අනාගතයත් තියෙන්නෙ මෙතන මේ මොහොතෙමයි.

    නළු නිළියන්ගෙ රංගනය විශිෂ්ට වග කියන්න ඕන. නිපුනි ශාරදා, පසන් ඒ චරිත කරනවා රිදෙන්න. අනිත් හැම චරිතයක්මත් අවසානය දක්වා පුදුම ජවයකින් තමන්ගෙ භූමිකාව කරනවා. නාට්‍යය පුරාම ඉන්නවා මියුසික් බෑන්ඩ් එකක්. උන් ඔය යන එන අයට විහිලුතහලු කරන වර්ගයේ සෙට් එකක්. කවුරු හරි කුනු කානුවක් ගැන කිව්වොත් උන් කියනවා කුනු කානුවේ ගීතය. ගල්කාලේ ගීතය. ඇඟ හිරිවැටෙන ගීතය, පුරුෂ ලිංගයේ ගීතය. හඳයා මේ සිංදු එක්ක කරන විහිලුව මරු. මං දන්න තරමින් හඳයාගෙ එකම වචනයක්වත් වෙනස් කරන්න මියුසික් බුවාට, අපේ චින්තක ජයකොඩිට අවසර නෑ. ඒ විදිහටම තියෙද්දි මෙලඩි දාන්න ඕනි.  ඒවා සිංදු කියල හිතලා ලියපු සිංදු නෙමෙයි. සිංදු නොවෙන සිංදු. පට්ටම ආතල් සිංදු.

    මේ මියුසික් බෑන්ඩ් එක හින්ද නාට්ටිය පුරාම තියෙනවා පොප් ගතියක්. විනෝදයක්. කොයිතරම් බරපතල කාරනා කතා කළත් ඇන්ටික් කඩේ කියන්නෙ ආතල් එකේ බලන්න පුළුවන් නාට්‍යයක්. ඒක හැම අංශයකින්ම  පොහොසත්, පරිකල්පනය කිතිකවන වැඩක්.

    ඇන්ටික් කඩේ පැහැදිලිවම පේන දේ තමයි පිරිමි ඇන්ටික් කඩේට විරුද්ධව ස්ත්‍රී ආවේශය අරන් එන එක. කතාව පුරාම අපි දකින්නෙ බිඳ වැටුනු දුර්වල පිරිමි සහ ශක්තිමත් ගැහැණු.

    ඩ්‍රාමා එක ඉවර වුනාම මං බලාපොරොත්තු වුනේ ස්ටෑන්ඩින් ඕවේෂන් එකක්. ඒත් ඒ නාට්ටිය බරයි. නැගිටගන්න බැරි තරම් බරට හැමෝටම නාට්ටිය වැදිලා තිබුන කියල මට හිතුන. ඉවර වෙලත් ටික වෙලාවක් යනකං පුටුවෙන් නැගිටගන්න බැරි තරමෙ කම්පනයක් ඇන්ටික් කඩේ තිබුන.

    හඳයා මරු.

     By Chinthana Dharmadasa

  • අපේ කාලෙ ලිංගික රෙබෙලා PORN HUB

    අපේ කාලෙ ලිංගික රෙබෙලා PORN HUB

    පෝර්න් හබ් කියන ස්ට්‍රීමින්ග් සෙක්ස් අධිරාජයා විසින් හෙලන් ගර්ලි බ්‍රවුන් හරි මාස්ටර්ස් ඇන්ඩ් ජොන්සන් හරි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හරි කළාට වඩා මෙහෙයක් මිනිස් ලිංගික සිහින කලාපය විස්තීර්න කරන්න කළා කියන එක පිලිගත යුතු ඇත්තක්.

    THE CUT කියන පෙරලිකාර කාන්තා වෙබ් අඩවියෙ මෝරින් ඕ කොනර් මෙහෙම ලියනවා.

    ඉරිදා උදේ නැගිටිද්දි මට ටෙක්ස්ට් එකක් ආවා ඊයෙ පාටියෙ අපි ගියාට පස්සෙ තත්වය ගැන.

    “අපි හොඳටම වැදිලා ටෲත් ඕර් ඩෙයා කළා. ටෙඩුයි ඉවානුයි ඩොක් කළා”

    මේ ඩොක් Docking කියන එක කරන්නෙ පිරිමි දෙන්නෙක්. ඒකට එක්කෙනෙක් හරි  සුන්නත් නොකරපු කෙනෙක් වෙන්න ඕන. ගොඩක් වෙලාවට හෝමෝසෙක්ෂුවල් හරි බයිසෙක්ෂුවල් හරි අය අතර කෙරුනත් ස්ටේ්‍රට් අයත් මේක නොකරනවා නෙමෙයි. බ්‍රොමෑන්ස් නැත්තං පිරිමි දෙන්නෙක් අතර සහෝදර බැඳීමෙ උච්චාවස්තාවක් විදිහටත් ඩොකින්ග් කරන අය ඉන්නවා.

    ඒක කරන්නෙ මෙහෙමයි. පිරිමි දෙන්නෙක් මූනට මූන හිටගෙන ලිංගයන් ප්‍රානවත් කරගන්නවා. දෙන්නම තමතමන්ගෙ පෙරසම පස්සට අදිනවා. ශිෂ්නයන් එකිනෙකා ගෑවෙන තරමට ළංවෙනවා. එක්කෙනෙක් තමන්ගේ පෙරසම අනෙකාගේ ශිෂ්න මුන්ඩයත් වැසීයන පරිදි මුදාහරිනවා. එතකොට එකම සමක් ඇතුලෙ එක විට දෙන්නාගෙම ශිෂ්න එකට මුනගැහෙනවා. එක්කෙනෙක් මාස්ටර්බේට් කරද්දි අනෙකාටත් දැනෙනවා.  ගොඩක් වෙලාවට මේ ක්‍රමයෙන් දෙන්නටම එකවිට මෝචනය වෙනවා.

    මොනවා?

    මං හිතන් හිටියෙ ඒක පෝර්න් වල විතරක් වෙන දෙයක් කියල. ඒක මීට කලින් ඒ පාර්ටියෙ හිටපු කවුරුවත් කරලා තිබුනෙත් නෑ. ඒත් සමහර වෙලාවට ඒ වගේ අමුතු දෙයක් ඔලුවට ගියාම ඒක කොහොම හරි අත්හදා බැලෙනවා. ගොඩක් වෙලාවට ආශාව හෝ කුතුහලය නිසාම. ඇත්තටම ඒකට හේතුවක් තියෙන්නම ඕන නෑ. එහෙම දෙයක් තියෙනවා. ඔයා ඉන්නවා. ඔයාට ඒක කරලා බලන්න හිතෙනවා. එච්චරයි.

    ඉන්ටර්නෙට්වල තියෙනවා 34 වෙනි වගන්තිය කියල එකක්. ඒකෙ කියන්නෙ, ඔයාට යමක් ඉමැජින් කළ හැකිද, ඒ සඳහා වූ පෝර්න් එකක් පවතී කියල. ඒක අනිවාර්යයි. 

    දැන් අපි ඉන්ටර්නෙට් පෝර්න් යුගයෙ පිනුම් ගගහා ඉන්න හින්ද අපිට පුළුවන් තව නියමයක් එකතු කරන්න.

    “යම් පෝරන් එකක් පවතීද, මිනිසුන් විසින් එය අත්හදා බලනු ඇත”. ඒක 35 වෙනි නියමය වෙන්න පුළුවන්. 

    ඉතින් මිනිස්සු මේක අත්හදා බලනවා නම් ඒ සමහරක් ඕක වීඩියෝ කරලා අප්ලෝඩ් කරනවා. එතන ඉඳන් මේක දිගටම ලූප් එකක් වගේ වැඩකරන්න ගන්නවා. ඉස්සර කවුරු හරි අලුත් මොනවා හරි දෙයක් ට්‍රයි කරලා වීඩියෝ කළත් වීඑච්එස් එකක් හරි ඩීවීඩී එකක් හරි විදිහට ඕක පැතිරෙන්න අවුරුදු ගානක් යනවා. ඒ වෙන්නෙත්  පුංචි කට්ටියක් අතර. ඒත් අද පෝර්න් ගැන දන්නෙ නැති කෙනෙක් නෑ. පෝර්න් කියන එක මේන්ස්ටී්‍රම් වෙලා තියෙන්නෙ.

    මොකක් හරි දෙයක් ඔයා ඔයා විහින්ම ට්‍රයි කරලා බලන්න ඕන නෑ, ඒක නැරඹීමෙන්, ඒ ගැන ටෙක්ස්ට් කිරීමෙන්, ඒ ගැන ජෝක් කිරීමෙන්, ඒ ගැන හිතලා මාස්ටර්බේට් කිරීමෙන්, සර්ච් එන්ජින්වල ටයිප් කිරීමෙන් ඒ දේ සෙක්ෂුවල් විශ්වයට කැඳවන්න නිමවන්න ඔයා සමනල බලපෑම් ඇති කරනවා. මේවායින් සෙක්ෂුවල් මීම්ස් හැදෙනවා. ඉරොතික ක්‍රියාවන්, ෆැන්ටසීන් මේ විදිහට ලැව්ගිනි වගේ ඇවිලිලා යනවා.

    අපි මේ ජීවත් වෙන්නෙ සෙක්ෂුවල් ක්‍රියේටිවිටිවල ස්වර්ණමය යුගයෙ. ඒ හින්දම අද අපි අත්විඳින ඉරොතික පුනරුදය ඉතිහාසයේ කිසිදවසක නොවූ විරූ තත්වයේ එකක්. අද අපිට එක මිනිත්තුවකදි පුළුවන් කලිගියුලා රාජසභාවෙ කෙනෙක් ජීවිත කාලෙම දැක්කට වඩා ප්‍රානවත් වුනු ලිංගයන් දකින්න. මේකම සෙක්ෂුවල් සංස්කෘතියෙ සෑම අංශයක්ම විප්ලවීය වෙනසකට බඳුන් කරනවා. දැකීමෙන් වැඩේ නවතින්නෙ නෑ. අපි මේ දකින දේවල් නැවත ප්‍රතිනිර්මාණය කරනවා. ෂෙයාර් කරනවා. අලුත් කරනවා. මේක තමයි අපේ අද කාලෙ කින්සි වාර්තාව වෙන්නෙ. අපි අවට ඇති අතිවිශාල ප්‍රමාණයක් ඉරොතික ආශාවන් සහ චර්යාවන් විදහාපාන වේදිකාව වෙන්නෙ.

    මේ සමහර මීම්ස් අපේ ඇත්ත ජීවිතේ ඇතුලට පනිනවා. මෑත කාලෙදි මේ විදිහට හැදුනු ස්පෑන්කින්, ඩොකින්ග් වගේ ගොඩක් සෙක්ෂුවල් මීම්ස් ඇත්තට ගොඩක් අය ට්‍රයි කළා.

    ස්ක්වර්ට් කරන්න ඉගෙන ගන්න එක ෆෙමිනිස්ට් වැඩක්ද? බ්ලොග් එකක් කියවමින් හිටපු මගේ යාලුවෙක් දවසක් ඇහුවා. තව යාලුවෙක් මට කිව්වා සෙක්ස් කරන අතරෙ වැජයිනා එකට ගහන පිරිමි හින්ද එයාට තාවකාලික ලිංගික ඇසුරවල් එපා වෙලා කියල.

    “මං හිතන්නෙ මුං මේක අල්ලගෙන තියෙන්නෙ පෝර්න් බලලා..” එයා කිව්වා.
    එතකොට කොහොමද ඒක පෝර්න්වලට ආවෙ? මේක කිකිලිද බිත්තරේද වගේ ප්‍රශ්නයක්. අපි මේ විදිහට සෙක්ස් කරන්නෙ පෝර්න් හින්දද? නැත්තං පෝර්න් එහෙම වෙන්නෙ අපි එහෙම හින්දද? නැත්තං අපි හීන දකින්නෙ පෝර්න්වල වගේ  සෙක්ස් කරන්නද?

    පෝර්න් පටන් ගත්ත කාලෙ ඉඳන් පෝර්න් හින්ද අපේ සෙක්ස් ලයිෆ් එක විනාස වෙනවා කියල අඬා වැටෙන මිනිස්සු හිටියා. පෝර්න්වල ඇතුලට කිමිදෙන කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවා පෝර්න්වලින් අපිට උගන්නන සෙක්ස් ප්‍රභේදය අනුව පෝර්න් තේරුම් ගන්න එක ප්‍රමානවත් නෑ කියල. මොකද මේ ස්ටී්‍රමින් යුගයෙදි පෝර්න්වල විවිධත්වය සහ ප්‍රමානය අපේ ඇත්ත ජීවිතේ සෙක්ස්වල පරිමානයට වඩා අධිවේගයෙන් වර්ධනය වෙනවා. පෝර්න් කියන දේ ඇත්ත සෙක්ස්වලට වඩා ලොකුයි. ඇත්ත සෙක්ස් කියන කෝදුව පොඩියි.

    අපි බලන පෝර්න් අමුතුයි, වනචරයි, අපි ජීවිතේ කවදාවත් කරයි කියල හිතන්නෙවත් නැති දේවල් එතන තියෙනවා. පෝර්න් එක්ක ඇත්ත ජීවිතේ සෙක්ස්වල සම්බන්ධයක් නොපවතිනවා නෙමෙයි. ඒත් පෝර්න් ඇත්ත සෙක්ස්වලට වඩා අතිශයින්ම නිර්මාණශීලීයි. පෝර්න් කියන්නෙ සංසර්ගය කරන විලාසයන් පෙන්නීමක් නෙමෙයි. ඒ තමයි අපේ ලිංගික ආශා පරිකල්පනයේ පර්යේෂනාගාරය. ඒ තමයි හිතාගත නොහැකි වේගයෙන් පරිනාමය වන අපේ සාමූහික ලිංගික සවිඥානකත්වය.

    මේ පරිනාමයේ වේගය තේරුම් ගන්න පුළුවන් මේ වෙද්දි හැදෙන සෙක්ෂුවල් මීම්ස් කොයිතරම් අපේ සාම්ප්‍රදායික ලිංගික හැසිරීම්වලින් දුරස්තද කියන එකෙන්. පුසි ස්ලැපින්, බෝල් ස්ක්වීසින් වගේ අලුත් විනෝදයන් ආස්වාදයන් අපේ සාමාන්‍ය ලිංගික ජීවිතයට අසාමාන්‍ය රසයන් එකතු කරලා තියෙනවා. මේවා අලුත් නැරටිව් හදනවා. සමාජයෙදි පෝර්න්වලට විරුද්ද අය කාමරේදි ඒ විරුද්ද වුනු පෝර්න්ම නරඹනවා. සමලිංගිකත්වය ජුගුප්සාවෙන් බැහැර කරන අය තනිවුනාම සමලිංගික පෝර්න් බලනවා.

    ඒ තර්කය සදාචාරය බොඳ වුනු ශෘංගාර කලාපයේ රැඩිකල් විප්ලවකාරයා විදිහට පෝර්න් හබ් ඍජුව නැගී සිටිනවා.

  • අහිමි සුරතාන්තය

    අහිමි සුරතාන්තය

    ලංකාවෙ කසාදය ඇතුලෙ ගෑනියෙක් තමන්ගෙ සුරතාන්තය අහිමි වීම ගැන මීට කලින් කතා කරලා නෑ. ළමයි නැති එක වගේ සාම්ප්‍රදායික කාරණා ගැන තැන්තැන්වල  සිංදු ලියවුනත් ගෑනියෙකුගෙ සුරතාන්ත අයිතිය ගැන අපේ ගීත සාහිත්‍ය නිහඬයි. ඉන්දිකා උපමාලි පලවෙනි වතාවට සිංදුවකින් ගැහැණියකගෙ ලිංගික අයිතිය ගැන කතා කරනවා. අවාසනාවට ඒ සිංදුවෙ වචන ලියන්නෙත් පිරිමියෙක්.

    රෑ මද්දහනෙ බීගෙන ගෙදර එන සැමියෙක්.

    එයාගෙ උවමනාව එයාගෙ ධාතු ටික පහකර ගැනීම විතරයි. හැබැයි ඉස්සර එයා එහෙම නෙමෙයි. පීරියඩ්ස් ඉවර වෙනකල් බලන් ඉන්නෙ ඔරු පදින්න. මගදි අහම්බ මෝචනයක් වුනත් ආදරෙන් තුරුල් කරගෙන ඈවත් සුරතාන්ත ඉවුරට අරන් යන පෙම්වත් පෙම්වතෙක්.

    කොයිතරම් තව රුවල් දාපු නැව් ඇසට අසුවන මානයේ යාත්‍රා කළත් ඈ තාම පතන්නෙ ඒ පෙම්වත් පරණ ඔරු කඳමයි.

    ආයිමත් ඉස්සර වගේ ඔරු පදින දවසක් ඇගේ හීනයයි.

    රෑ මැදියම මත් වූ තොටියෝ
    ඔරු පදින්න මා කැඳවන නුඹ විතරක් එතෙරට යන
    රෑ මැදියම මත් වූ තොටියෝ

    මාස් වැස්ස ඉවර වෙලා
    අළුත් වතුර ගලන ගඟේ
    මල් නෙළුවා මතකද තොටියේ
    ඔරුව පෙරලුනත් ගඟ මැද
    මාව අරන් නුඹේ තුරුලට
    එතෙර කළා මතකයි තොටියෝ

    රුවල් නගා යන නැව් දැක
    සසල වෙලා බැලුවත් නුඹ
    නැව් නගින්න හිත නෑ තොටියෝ
    නුඹේ ඔරුවෙන් යලි දවසක
    කුමුදු පිපුන හඳ එළියක
    එතෙර යන්න ආසයි තොටියෝ

    පද- රජී වසන්ත වෙල්ගම

     https://www.youtube.com/watch?v=M4uZwyhHu6U

  • සෙක්ස් සහ ආධ්‍යාත්මය

    සෙක්ස් සහ ආධ්‍යාත්මය

    සෙක්ස් කියන්නෙ ආධ්‍යාත්මික පුහුණුවක් කියල කිව්වම ගොඩක් අය ඒක පිලිගන්නෙ නෑ. ඒත් සරලවම හොඳ සෙක්ස් එපිසෝඩ් එකක අවසානය වෙන්නෙ මොකක්ද?

    සතුට.
     ඒක හුදු කායික සතුටක්ද?
     නෑ අවසානයේදි සියලු මානසික අර්බුද ආතතීන්වලින් මිදිලා පාවෙනසුලු සෞන්දර්යයක අත්දැකීමක් විඳින එක තමයි සෙක්ස්වල පරම සුඛය. බලහත්කාරයකදි අපිට අහිමිවෙන්නෙ මෙන්න මේ ආධ්‍යාත්මික සුවය. ඒ වගේ ලිංගික ක්‍රියාවක් ආරම්භයත් අවසානයත් ආතතිකරයි. ඒක වනචරයි කියල සරලව හඳුන්වන්නෙ ඒකයි. කායික තෘප්තියෙන් විතරක් සැනසෙන ලිංගික ක්‍රියාවක් පවතින්නෙ අපේ මිනිස් හැකියාවන්ගෙ ඉතාම ප්‍රාථමික තලයක. එතැනින් ඉහලට, මානසික බැඳීමට, ශරීරයේ සීමාවන් අතික්‍රමනයට, නිර්වාණයට ළඟාවීම තමයි පිරිමියෙක් හෝ ගැහැනියක් විදිහට ලබන මාර්ගඵලය වෙන්නෙ.

    සෙක්ස් කියන්නෙ සම්බන්ධවන සියලු පාර්ශ්වයන් නිවී සැනහෙන තෘප්තියක් වෙන්න ඕන. ඒක අපේ ශරීරය හරහා අපේ ආධ්‍යාත්මය පොහොසත් කරන අත්දැකීමක් වෙන්න ඕන.

    ආගම ගොඩනැගුනෙ ශරීර ආශාවන් යටපත් කිරීමේ ප්‍රවේශයෙන්. තන්ත්‍ර ගොඩනැගෙන්නෙ ශරීර ආශාවන් ට්‍රාන්සෙන්ඩ් කිරීමේ නැත්තං ශරීරය ඉක්මවා ආධ්‍යාත්මික තලයකට ගෙනයාමේ ප්‍රවේශයෙන්. අපේ දෙබෙදුම, ඩුඅලිටිය ඒකත්වයකට පූර්ණත්වයකට පත්කිරීමේ ආධ්‍යාත්මික පුහුනුවක් විදිහට.

    සත්තුන්ගෙයි අපෙයි වෙනස කියල ආගමික සදාචාරවාදියො හිතන්නෙ ලිංගික ක්‍රියාව පාලනය කිරීම. දකින දකින තැන සෙක්ස් කරන්නෙ සත්තු, මිනිස්සු කතාවට කියන්නෙ එහෙමයි. ඒත් ඇත්ත කතාව වෙන්නෙ මිනිස්සුන්ට පුළුවන් සෙක්ස් කියන එක ශරීරයෙන් ඔබ්බට විමුක්තිය කරා ගෙනියන්න. එහෙම ආධ්‍යාත්මික තලයෙ ලිංගික සම්භෝගයක් තමයි මනුස්ස අත්පත් කරගැනීම වෙන්නෙ.

    පාරක තොටක නෙමෙයි ඕනම තැනක සෙක්ස් කිරීමේ වරදක් නෑ. ඒක විඳීම, දැනීම, ඒකත්වය, සෞන්දර්යය, සාමය උත්සන්න කරන ක්‍රියාවක් නම් ඒක නිරෝගීයි. කසාද බැඳලා වුනත්, නීත්‍යානුකූලව වුනත් අපේ සෙක්ස්වල තියෙන්නෙ පීඩාව, බෙදීම, ආතතිය, අසහනය උත්සන්න කිරීමක් නම් ඒක රෝගීයි.

  • විප්ලවයේ මෙහෙකාරිය

    විප්ලවයේ මෙහෙකාරිය

    හෙලන් ඩෙමුත් සහ කාල් මාක්ස්

    කවුරු හරි දාර්ශනිකයෙකුගෙ ලිංගික ජීවිතය පාදඩ එකක් වීම නිසා ඒ දාර්ශනිකයාගෙ සියලු අදහස් බැහැර කළ යුතුයි කියල අපි විශ්වාස කරන්නෙ නෑ. ඒත් දාර්ශනිකයාගෙ ප්‍රකාශිත අදහස් සහ අප්‍රකාශිත ලිංගික ජීවිතය අතර වැදගත් දේශපාලනයක් කියවගන්න තියෙනවා කියල අපි විශ්වාස කරනවා. සමහර විට ශ්‍රේෂ්ටත්වය සහ පාදඩත්වය අතරින් මනුස්සයාව මතුවෙලා පේන්න පුළුවන්.

    ශ්‍රේෂ්ටයි කියල පිලිගන්න ගොඩක් දාර්ශනිකයන්ගෙ අශිෂ්ට ලිංගික පැවතුම් තියෙනවා. මෙතනදි අශිෂ්ටයි කියන්නෙ අන් අයට හානිකරයි කියන අදහසින් මිස අසම්මත තෘප්තීන් කියන අදහසින් නෙමෙයි. සමහර විට ඒ අශිෂ්ට පැවතුම්වල අර ශ්‍රේෂ්ට දාර්ශනික අදහස් එක්ක ළඟ සම්බන්ධයක් තියෙනවා කියල හිතෙනවා. ෆෙඩ්රික් නීට්ෂගෙ ප්‍රකට කියමනක් තියෙනවා ගහක අතු ස්වර්ගය ස්පර්ශ කරන්න නම් ඒ ගහේ මුල් අපායට යන්න ඕන කියල.

    කාල් මාක්ස් කියන්නෙත් ලෝකයක් වෙනස් කරපු දාර්ශනිකයෙක්. විශේෂයෙන්ම ඓතිහාසික භෞතිකවාදය කියල අදහසක් ගෙනල්ලා ඉතිහාසය කියන්නෙ අදහස්වලට වඩා ද්‍රව්‍යන්ගේ සහ තත්වයන්ගේ වෙනස්වීමක් කියල මාක්ස් විස්තර කියනවා. ආගම, සදාචාරය, සමාජ සංස්ථා ආදී සියල්ල ආර්ථිකමය කාරණා විදිහට දකිනවා. ඉතිහාසය කියන්නෙම පංති සටනක් කියල විස්තර කරනවා.

    මාක්ස් වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායක් කතා කරනවා. සියලු පරිභෝජන ද්‍රව්‍ය මේ තියරියෙන් කියවන්න පුළුවන් කියල විශ්වාස කරනවා. වැඩ කරන ජනතාව ධනපතීන්ට වැටුප් වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය විකුණනවා කියල කියනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ හැකි මේ බලය මාක්ස් ශ්‍රම බලය විදිහට හඳුන්වනවා. ධනවාදී ක්‍රමයෙ ලාභය කියන්නෙ සූරාකන ලද අතිරික්ත ශ්‍රමය කියල නිගමනය කරනවා.  

    ඒ වගේම මාක්ස් සෙක්ස් සම්බන්ධයෙන් සෑහෙන වික්ටෝරියානුයි. ඕන නම් වැඩවසම් කියල වුනත් කියන්න පුළුවන්. එයා ගණිකා වෘත්තියට විරුද්දයි. මෙතනදි වෙන්නෙත් අනිත් හැමතැනකදිම වගේ ශ්‍රමය ගණිකා වෘත්තියේ යෙදවීමයි කියල එයා කියනවා. ඒ වගේම ධනවාදය නිමා කරද්දි ගණිකා වෘත්තියත් අහෝසි කළ යුතුයි කියලා ලියනවා.  කොමියුනිස්ට් ප්‍රකාශනයෙදි එයා කියනවා ගණිකා වෘත්තිය කියන්නෙ බුර්ෂුවා පවුලෙ ඌන පූරකයක් කියල. පවුල සහ ගණිකා වෘත්තිය කියන දෙකම එකවිට අහෝසි වෙනවා කියල.

    මේ විදිහට තව ගොඩක් දේවල් මාක්ස් කිව්වා. අපි ඒ අදහස් එක්ක එකග වුනත් නැතත් ඒ අදහස් ලෝකය විස්තර කරන්න වෙනස් මානයක් නිර්මාණය කළා. සමහර විට ක්‍රිස්තියානියට පස්සෙ නිර්මාණය වුනු ලොකුම ආගම ඒකෙන් හැදුනා.

     

    දැන් කාල් මාක්ස්ගෙ අධෝ ව්‍යුහය. එක්ස් එක ඒ කාලෙ මේකට ලස්සන වචනයක් පාවිච්චි කළා. බුරියෙන් පහල දේශපාලනය කියල.

    කාල් මාක්ස්ගෙ ලිංගික ජීවිතය සදාචාරාත්මක එකක් නෙමෙයි. වෙන විදිහකින් කිව්වොත් ඒක සාපරාධී එකක්. ගොඩක් වාමාංශිකයන් පාවිච්චි කරන වචනෙකින් කිව්වොත් තක්කඩි එකක්. ලංකාවෙ ඔය වමේ පුංචි දාර්ශනිකයෙක් කෙල්ලෙකුගෙ පුකක් මිරිකුවා කියල අනිත් වාමාංශිකයො පල කරන විරෝධය ඇත්ත නම් ඒ අය ඊට කලින් මාක්ස්ගෙ ලිංගික බලහත්කාරය ගැන විවෘතව කතා කරන්න ඕන කියල අපි හිතනවා. ඇත්තට ප්‍රභාකරන්ගෙ පුතාව මරා දාපු එක ගැන කතා කරනවා නම් ලෙනින් විසින් සාර්ගෙ රෝගී දරුවා මරා දැමීම ගැනත් කතා කරන්න ඕන.  අපේ වාමාංශික යාලුවෙක් කිව්වෙ ලෙනින් සාර්ගෙ දරුවා මරා දැමීම ඒ අයගේ දේශපාලන දර්ශනය අනුව ඕ.කේ කියල.

    කොහොම වුනත් කාල් මාක්ස්ගෙ මේ අනියම් සම්බන්ධය මාක්ස්ගෙ කාලෙ ඉඳන්ම වාමාංශිකයො දැඩි උත්සාහයකින් වසන් කරන රහසක්.

    පෝල් ජොන්සන් කියන ඉතිහාසඥයා 1988 පොතක් ලියනවා ඉන්ටලෙක්චුවල්ස් කියල. ඒ පොතේ තියෙන්නෙ රූසො, ෂෙලී, මාක්ස්, ඉබ්සන්, තොලස්තෝයි, හෙමින්වේ, රසල්, බ්‍රෙක්ට්, සාත්‍ර,  චොම්ස්කි සහ තවත් ගොඩක් චරිත ගැන විස්තර. ඒ චරිතවල විශිෂ්ටත්වය වගේම අන්ධකාර අන්තරාය ගැනත් මේ විස්තර ඇතුලෙ ජොන්සන් ලියනවා.

    එයා මාක්ස් ගැන මෙහෙම ලියනවා.

    බි්‍රතාන්‍ය ධනවාදය ගැන කරපු පර්යේෂන ඇතුලෙ මාක්ස්ට අඩු වැටුප් ලබන කම්කරුවන් ඕන තරම් මුනගැහුනා. ඒත් කිසිම ගෙවීමක් නොකරන කම්කරුවො කිසි කෙනෙක් එයාට මුනගැහුනෙ නෑ. හැබැයි එහෙම එක්කෙනෙක් හිටියා. එයා හිටියෙ මාක්ස්ගෙ ගෙදර. ඒ තමයි හෙලන් ඩෙමුත්. මාක්ස් පවුලෙ කාලයක්ම හිටපු ගෘහ සේවිකාව. එයා හරියට මහන්සි වෙලා වැඩ කළා. ඒත් මාක්ස් සතයක් වත් හෙලන්ට ගෙව්වෙ නම් නෑ.

    1849- 50 කාලෙදි හෙලන් මාක්ස්ගෙ අනියම් පෙම්වතිය වෙනවා. එයාට දරුවෙක් ලැබෙන්න එනවා. මාක්ස් තාත්තෙක් වීමේ වගකීම බාරගන්න පසුබට වෙනවා. මේ දරුවාගෙ තාත්තා එයා කියන එක එයා ප්‍රතික්‍ෂේප කරනවා. පස්සෙ මේ දරුවව කම්කරු පවුලකට දෙනවා හදාගන්න. මේ පොඩි එකාට අම්මව බලන්න එන්න මාක්ස් අවසර දෙනවා. ඒත් කොයිවෙලාවකවත් ඉස්සරහ දොර පාවිච්චි කරන්න අවසර නෑ. අම්මව මුනගැහෙන්න පුළුවන් කුස්සියෙදි විතරයි.

    මේ දරුවාගෙ තාත්තා තමන් කියල දැනගත්තොත් දාර්ශනිකයෙක් සහ විප්ලවීය නායකයෙක් විදිහට තමන්ගෙ චරිතයට විශාල බලපෑමක් වෙයි කියල මාක්ස් බයවෙනවා. එයා එංගල්ස්ට කියනවා දරුවාගෙ තාත්තා විදිහට පෙනී ඉන්න කියල. එංගල්ස් මේක කරනවා. ඒත් 1895 අගෝස්තු 05 වෙනිදා එංගල්ස් උගුරෙ පිලිකාවකින් මැරෙන වෙලාවෙදි කතා කරගන්න බැරුව ඉඳිද්දී පවා එංගල්ස් මේ රහස එලීනා මාක්ස්ට (මාක්ස්ගෙ දුවෙක්) හෙලි කරනවා. එයා මේ වචන ලියනවා.

    “ෆ්‍රෙඩී කියන්නෙ මාක්ස්ගෙ පුතා..”

    ඩෙඩ්ලි සීක්‍රට් ඔෆ් කාල් මාක්ස් පොත ලියන රැල්ෆ් බුල්ජන්ස් ෆ්‍රෙඩී ගැන තවදුර විස්තර කියනවා.

    මේකෙන් එලීනා ලොකු කම්පනයකට පත්වෙනවා. අවුරුදු තුනකට පස්සෙ එයා දිවි නසාගන්නවා.

    ෆ්‍රෙඩී ඩෙමුත් අතෑරලා දාපු ළමයෙක් විදිහට ලොකුමහත් වෙනවා. එංගල්ස්ගෙන් යැපෙමින් හිටපු මාක්ස්ට ෆ්‍රෙඩී වෙනුවෙන් කිසි දෙයක් දෙන්න පුලුවන් වෙන්නෙ නෑ. එංගල්ස් ඉඳලා හිටලා පොඩි පොඩි ගනං එවනවා. ෆ්‍රෙඩීට හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නෙ නෑ. එයා ජීවිතේ වැඩි කාලයක් කම්කරුවෙක් විදිහට වැඩ කරනවා.

    මාක්ස් මැරුනට පස්සෙ හෙලන් එංගල්ස්ගෙ ගෘහ පාලිකාව විදිහට යනවා. ෆ්‍රෙඩී අම්මව බලන්න සතිපතා එහෙට එනවා. මාක්ස් වගේම එංගල්ස් ෆ්‍රෙඩීට ඇතුල්වෙන්න ඉඩදෙන්නෙත් පිටිපස්සෙ දොරෙන් කුස්සියට විතරයි.

    1890දි හෙලන් මැරුනට පස්සෙ ෆ්‍රෙඩී ආපහු එංගල්ස්ව දකින්නෙ නෑ. එංගල්ස් හෝ මාක්ස් ෆ්‍රෙඩී වෙනුවෙන් කිසි දෙයක් දෙන්නෙ නෑ. නමුත් මාක්ස්ගෙ දුවලා ෆ්‍රෙඩීට ඒ අයගෙ අදායම්වලින් කොටසක් දෙන්න තීරණය කරනවා. මේ අවජාතක ජීවිතය ෆ්‍රෙඩී,  අවුරුදු 78දි ලන්ඩනයේ දූප්පත් පැත්තක මැරිලා යනවා. හෙලන් කිසි දවසක ෆ්‍රෙඩීට එයාගෙ ඇත්ත තාත්තා ගැන කියන්නෙ නෑ. මැරෙන තුරු ෆ්‍රෙඩී විශ්වාස කරන්නෙ එයා එංගල්ස්ගෙ අවජාතක පුත්‍රයා කියල. එංගල්ස්ගෙ මරනෙදි පවුලෙ සමීපතමයො සහ මිතුරන් කීප දෙනෙක් විතරක් ෆ්‍රෙඩීගෙ ඇත්ත කතාව දැනගන්නවා.

     

    මාක්ස් ගැන ලියවෙන කිසිම චරිතාපදානයක ෆ්‍රෙඩී ගැන වචනයක් හෝ ලියවෙන්නෙ නෑ. මාක්ස්වාදී ලෝකෙ ඇතුලෙ ෆ්‍රෙඩී ඩෙමුත් කියලා කෙනෙක් නෑ. විප්ලවීය පීතෘවරයාගේ ශ්‍රේෂ්ට නාමය මේ අවජාතක පුත්‍රයෙක් නිසා කැත කරන්න, ඒ පුද්ගලික ලිංගික ජීවිතය ඇතුලෙ තිබුනු බොරුව, රැවටිල්ල සහ අපචාරය එලියට අදින්න ඒ ගොල්ලො ලෑස්ති නෑ.

    2016දි සෙන්ට්‍රල් වික්ටෝරියාවල ඇනිට්‍රා නෙල්සන් මේ හෙලන්ගෙ චරිතය මුල්කරගෙන නාට්‍යයක් කරනවා. ඒ නාට්‍යයෙ නම තමයි විප්ලවයේ මෙහෙකාරිය.

    මාක්ස්ට හෙලන්ව ලැබෙන්නමත් වැඩවසම් දායාදයක් විදිහට. ජෙනීලගෙ පවුලෙන්. එයාට කිසි වැටුපක් ලැබෙන්නෙ නෑ. හෙලන් ගැන ගොඩක් දේවල් මාක්ස් එංගල්ස්ට ලියපු ලියුම්වල තියෙනවා. වෙන කොහේවත් එයා ගැන සටහනක් නෑ.

    ‘දැන් නම් තත්වෙ අමාරුයි. මට උදව් වෙන්න’ කියල මාක්ස් වෙලාවක හෙලන්ගෙ ගැබ්ගැනීම ගැන එංගල්ස්ට ලියනවා.

    ඇනිට්‍රා හෙලන් ගැන හොයන්න තියෙන හැම තොරතුරක්ම එකතු කරගෙන විප්ලවය වෙනුවෙන් මෙහෙකාරියක් වුනු ඇය ගැන ඒ නාට්‍යය කරනවා.

    අපි විශ්වාස කරන ලෝකයේ ආදරයේ නියම් අනියම් භේදයක් නෑ. නමුත් අනෙකාට නිසි ගරුත්වය නොලැබෙන, අනෙකා පීඩාවට ලක්වෙන, රැවටිලිකාර සම්බන්ධතා අශිෂ්ටයි කියන එකයි අපේ විශ්වාසය. කොයිතරම් ශ්‍රේෂ්ටයෙකුගේ වුනත් ඒ අශිෂ්ට පැතිකඩ නොසගවා කතා කිරීම සදාචාරය කියල අපි හිතනවා. චින්තන ධර්මදාස

  • රේප් එක ජෝක් කරන එක හරිද?

    රේප් එක ජෝක් කරන එක හරිද?

    ආර්ට් කියන්නෙ ඔයා ආර්ට් කියල දකින දේ නෙමෙයි. ආර්ට් කියන්නෙම ගැප් එකට. ප්‍රකාශ කරන්න අවශ්‍ය දේ සහ ප්‍රකාශිතය අතර පරතරයට. මේ මගහැරුනු සම්බන්ධයට. දන්නා දේ අසමත් වෙන මොහොතේදී නිර්මාණයට ඉඩ විවෘත වෙනවා.
    -මාර්සල් ඩුෂාම්-

    වැනිසා ප්ලේස්ව මට මුනගැහුනෙ ස්ටෙෆාන් දීපු පොඩ්කාස්ට් ලින්ක් එකකින්. එයාගෙ කටහඬ එක මොහොතකින් මාව ට්‍රාන්ස් එකකට දැම්මා. ඊට පස්සෙ එයාගෙ අදහස්. මට මුනගැහුනු ගැඹුරුම සහ සංකීර්ණම ගැහැණු චරිතය වැනිසා ප්ලේස් බව නිහතමානීව කියන්න ඕන.

    ප්ලේස් ලෝයර් කෙනෙක්. එයා පෙනී ඉන්නෙ ලිංගික වැරදිකරුවන් වෙනුවෙන්. ඒ වගේම එයා ස්ත්‍රීවාදී ප්‍රකාශනයක් ලේ ෆිගේ කියන ස්ත්‍රීවාදී ප්‍රකාශනයෙ ආරම්භක කර්තෘ. එයා කන්සෙප්චුවල් කවියෙක්. කවිය සහ චිත්‍රය අතර වැඩ කරන කෙනෙක්.

    එයා කියනවා ලෝයර් කෙනෙක් විදිහට වැඩකරද්දි එයාට ලැබුනු අසාමාන්‍ය තේරුම් ගැනීම ගැන. එක උදාහරණයකින් කිව්වොත් එයා වරක් පෙනී ඉන්නවා අඩු වයස් කෙල්ලෙකුගෙ නිරුවත් ඡායාරූප ගැනීමක් සිදු කරපු වරදකරුවෙක් වෙනුවෙන්. මේ වරදකරුවාට උසාවියෙන් ඇප ලබා දෙනවා. ඇප ලබාදීමකදි අත්අඩංගුවට ගත්ත එයාගෙ කැමරාව ආදී උපකරණ ආපහු බාරදිය යුතු වෙනවා. ප්ලේස් මේ මොහොත විස්තර කරනවා.

    වරදකරුවා ශාලාවක් මැද හිටගෙන ඉන්නවා. පොලිස්කාරයා එයාගෙ බඩුමුට්ටු ඇතුව මේසයක් අසල ඉන්නවා. කැමරාව අතට ගන්න පොලිස්කාරයා වරදකරුවාට ඒක දෙන්න වගේ දිගු කරමින් හිතාමතාම ඒක බිමට අතාරිනවා. කැමරාව කුඩුවෙනවා.

    ප්ලේස් මේක කියවන්නෙ අපරාධකාරයාට වඩා පොලිස්කාරයා අපරාධයක් සිදු කරන මොහොතක් විදිහට. අපරාධකාරයාගේ වැඩේ වෙන්නෙ අපරාධය සිදු කිරීම. ඒක එයා හරියට කරලා තියෙනවා. නමුත් නීතියේ නිලධාරියාගේ වැඩේ වෙන්නෙ අපරාධකාරී විදිහට හැසිරීම නෙමෙයි. මේ මොහොතෙදි අපරාධය සිදු කරන්නෙ පොලිස්කාරයා විසින්. 

     

    මේ විදිහට අපරාධකරුවන්ට එරෙහි අපරාධ වැලැක්වීමේ නීතිය අපරාධකරුවාට වඩා සාපරාධී හැසිරීමක් දරන වග වැනිසා ප්ලේස් තමන්ගෙ අත්දැකීම් ඇසුරින් කියනවා. ඒ නිසාම එයා අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටීම තමන්ගේ වගකීම හැටියෙන් ගන්නවා. වඩාත් මානුෂීයව මගහැරුනු කොටස තියෙන්නෙ එතන.

    කෙල්ලෙක් එක්ක ඩේට් එකක් ගිය කොල්ලෙක් ඩේට්රේප් එකක වරදකරුවෙක් වුනු අවස්ථාවක් ගැනත් ප්ලේස් මතක් කරනවා. එදා රාත්‍රියේ මුනගැහුනු මේ කොල්ලයි කෙල්ලයි කාමරයකට යනවා. මුලින් සෙක්ස් කරන්න එකග වෙන කෙල්ල ඒ කරන අතරමගදි හිත වෙනස් කරගන්නවා.

    දැන් ඇති. එයා කියනවා.

    කොල්ලා අසරණ වෙලා බලන් ඉන්නවා.

    මට එපා. ඔයා ඕන නං කරන්න. කෙල්ල ඊට පස්සෙ කියනවා. කොල්ලා වැඩේ කරගෙන යනවා. කෙල්ල විසින් තමන්ව රේප් කළා කියල නඩු දානවා.

    මෙතනදි වැනිසා ප්ලේ කියන්නෙ මේ අවස්ථාවෙ වරද හෝ නිවරද තීරණය වෙන්නෙ බලය පවතින දිශාව අනුවයි කියල. ඔව්, මේක නීතියෙන් වැරදියි. ඒත් සදාචාරමය විදිහට එහෙම නොවෙන්න පුළුවන්. මෙතනදි තියෙන්නෙ කෙල්ල කියන දේ සහ කොල්ලා කියන දේ විතරයි. කවුද හරි කියන තීරණය සංකීර්ණ එකක්.

    වැනිසා ප්ලේස් රේප් ජෝක් කරනවා. රේප් ජෝක් කියන්නෙ ස්ටෑන්ඩප් කොමඩියන්ස්ලා අතර ප්‍රසිද්දි විහිලු වර්ගයක්. ඕනම කොමඩියන් කෙනෙකුගෙ සාක්කුවෙ රේප් ජෝක් කීපයක් තියෙනවා. මේ රේප් ජෝක් ගැන ස්ත්‍රීවාදීන්ගේ මුල ඉඳන්ම තිබුනා තද බල විරෝධයක්.

    රේප් ජෝක් කීපයක්.

    1. සහභාගිවෙන පිරිසෙන් දහයෙන් නම දෙනෙක්ම එන්ජෝයි කරන වැඩේ මොකක්ද? ගැන්ග් රේප් එකක්

    2. රේප් විසිල් එකක් ළඟ තියෙන මහත කෙල්ලෙක් ගැන කියන්න තියෙන්නෙ මොකක්ද? අතිශය සුබවාදීයි

    3. ඔයා ආසද රේප් සෙල්ලම කරන්න.
    නෑ.
    අන්න ස්පිරිට් එක!

    4. මං දන්නවා ඔයා රේප් ජෝක්වලට ආස නෑ කියල. ඒත් මං බලහත්කාරෙන් එකක් ඔයාට කරන්නයි යන්නෙ.

    රේප් එකක් කියන්නෙ විහිලුවක්ද? එහෙම විහිලු කරන එක රේප් එකකට ගොදුරු වුනු කෙනෙකුගෙ පැත්තෙන් කොයිතරම් පීඩාකාරීද?

    මේ විදිහට ඒ ගොල්ලො රේප් ජෝක්වල සදාචාරය ප්‍රශ්න කළා. ඊට එරෙහිව පෙනී හිටියා. මීටු වගේ පෙරමුණු දැඩිව මේ ආර්ට් ෆෝර්ම් එකට පහර දුන්නා.

    වැනිසා ප්ලේස් රේප් ජෝක් කරද්දි එක ගැහැනියක් නැගිටලා ප්‍රශ්න කරනවා.

    ඔයා ඔහොම විහිලු කරන්නෙ ඔයා කවදා හරි රේප් වෙලා තියෙනවද?

    වැනිසා ප්ලේස් හරිම නිසොල්මනේ උත්තර දෙනවා.

    ”මං රේප්ජෝක් එකක් කරන්න කොලිෆයි වෙන්න කී වතාවක් රේප් වෙලා තියෙන්න ඕනද ඔයාට අනුව? මං කොහොමද රේප් වෙලා තියෙන්න ඕන? ඒක ගැන්ග් රේප් එකක් වෙන්න ඕනද? මං මගේ තාත්තා අතින්, නැත්තං බාප්පා, සහෝදරයා අතින් රේප් වෙන්න ඕනද? මං කොහොම රේප් වුනොත්ද ඔය කියන සුදුසුකම මට ලැබෙන්නෙ?”

    අත්දැකීමක් විසින් යමක් ගැන අපිට කතා කළ හැකි දැනුමක් හෝ වරමක් ලබාදෙනවා කියල හිතන එක පටු අදහසක්. සමහර අත්දැකීම් අපිව තවත් මෝඩ කරනවා. සීමා කරනවා. සමහර අත්දැකීම් අපිට කිසිම දැනුමත් පරිණතබවක් ලබා නොදීම ගතවෙලා යනවා.

    වැනිසා ප්ලේස් කියන්නෙ ඒ රේප් ජෝක් අහන්න එතනට පැමිනීම ඒ ගැහැනිය විසින් ගත්ත තීරණයක් කියල. කවුරුවත් එයාව බලහත්කාරෙන් එතන රඳවාගත්තා නෙමෙයි. ඕනම වෙලාවක එයාට නැගිටලා යන්න පුළුවන්. 

    මං මගේ ආර්ට් එක ඇතුලෙ කරන්නෙ කාටවත් හැදෙන්න සදාචාරාත්මක උපදෙස් දෙන එක නෙමෙයි. මගේ ආර්ට් එකේ බලාපොරොත්තුව කම්පනයක් ඇති කිරීම. ඒක කොයි ආකාරයක කම්පනයක්ද කියන එක මට අදාල නෑ. ආර්ට් එකක් තියෙන්නෙ මනුස්සයෙක්ව ඊට කලින් අත් නොවිඳි කම්පනයකට රසයකට භාවයකට පත් කරන්න විතරයි. හොඳ නරක කියල දෙන එක ආර්ට්වල වැඩක් නෙමෙයි.

    ස්ලැවොයි ජිජැක් මෙතනදි ලස්සන අදහසක් ගේනවා.
    ”සානුකම්පාව සහ අභිමානය ගැන දරන සියලු හැසිරීම් බොරු මුලාවන්.”
    -ජිජැක්-

    යූ හැඩ් ටු බී දෙයාර් කියන වැනිසා ප්ලේස්ගෙ රේප් ජෝක් පොතේ ඒ ගැන අදහසක් පලවෙනවා.

    ”ඒක හරිම පැහැදිලියි. රේප් ජෝක්ස්වලට හාස්‍යජනකයි. වැඩියෙන්ම ඒවා හාස්‍යජනක ලෙස සැලකීම වරදක් නිසාම.”

    ඇත්තටම රේප් එකක් ගැන ඇතිවන භාවාතිෂය අනුකම්පාව කියන්නෙ පලායාමේ ක්‍රමයක්. ඒක අපිව සුවපහසු කරනවා. ඒ වෙනුවට අපිට ශක්තියක් හැකියාවක් තියෙන්න ඕන රේප් එකක භයානකකමට මුහුන දෙන්න. ඒ භයානකකම හාස්‍යයට ලක්කරන්න. රේප් ජෝක් එකක් කරන්නෙ ඒක. හුදෙක් අපේ සුවපහසු ආරක්ෂිත කලාපයට රිංගාගැනීමෙන් රේප් එකක කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ.

    වැනිසා ප්ලේස්ගෙ නිර්මාණ ගැඹුරු ප්‍රචන්ඩ ප්‍රශ්න අපි ඉස්සරහ ඉතුරු කරනවා.

     

    මොකක්ද රේප් එකක් කියන්නෙ? හරියටම කියන්න බෑ. මොකක්ද ආර්ට් එකක්, නැත්තං කවියක්, කොමඩියක් කියන්නෙ? ඒකත් හරියටම කියන්න බෑ. ප්ලේස් එයාගෙ ආර්ට් ඇතුලෙ ප්‍රචන්ඩත්වය සහ කලාව අතර පවතින ඕගනික් සම්බන්ධය ඉස්මතු කරනවා. වැනිසා ප්ලේස්ට අනුව ආර්ට් කියන්නෙ කාලය අවකාශය සහ පිලිගත් තත්වයන්ට ඇතිකරන ප්‍රචන්ඩත්වයක්.

    වැනිසා ප්ලේස් කියන්නෙ කන්සෙප්චුවල් පොයට් නැත්තං සංකල්පීය කවියෙක් කියල කිව්වනෙ. මේ කන්සෙප්චුවල් පොයෙටි්‍ර කියන එක ඇතිවෙන්නෙ විසි එක්වෙනි සියවසේ මෙහෙයුමක් විදිහට. ඒ කලාවෙ යෙදෙන අයගෙ පුහුනුව වෙන්නෙම ක්‍රියේටිව් නොවෙන්නෙ කොහොමද කියන එක. මොකද ක්‍රියේටිව් කියන එකම සීමාවක් විදිහට ඒ ගොල්ලො තේරුම් ගන්නවා. කන්සෙප්චුවල් කවියක් කොයිම වෙලාවකවත් අවසාන නිමි නිෂ්පාදනයක් වෙන්නෙ නෑ. ඒකෙ වෑයම වෙන්නෙම අදහසක් විදිහට පැවතීම. තවත් අලුත් නිර්මාණවලට අමුද්‍රව්‍යයක් වීම.

    වැනිසා ප්ලේස් මේ විදිහට චිත්‍ර සහ කවිය අතර පර්යේෂන කරනවා. ඒ සීමාවන් බොඳ කරනවා. එයා එක වෙලාවක කණ්ණාඩියක් පිටිපස්සෙ ඉඳගෙන ප්‍රේක්‍ෂකයන්ගෙන් එකතු කරගත්ත පාපොච්චාරන ස්ටුඩියො එකක නැවත එයාගෙ හඬින් එයාගෙ පාපොච්චාරනයද සහිතව ඉදිරිපත් කරනවා. ද ලෝයර් ඉස් ප්‍රසන්ට් කියන නමින්.

    වැනිසා ප්ලේස් විශ්වාස කරන්නෙ කවිය කියන එක වේදිකාවක් විදිහට. ඒක හරියට ෆේස්බුක් එක වගේ. ඒකෙ වැදගත්ම කාරණය වෙන්නෙ අනිත් අයට සහභාගීත්වයට ඉඩක් පැවතීම. හුදු නරඹන්නො හෝ කියවන්නො කියන්නෙ මේ යුගයේ කලාවට අදාල පිරිසක් නෙමෙයි.

    ෆේස්බුක් පිටුවක් ගත්තොත් ඒකෙ අපේ ආත්මීය දේවල් අපි ලියනවා. ඒ වගේම අනිත් හැමෝටම ඒකට එකතු වෙන්නත් පුළුවන්. එකම වෙලාවක සබ්ජෙක්ටිව් සහ ඔබ්ජෙක්ටිව් කියන පරාසයන් දෙකේම මේ පැවැත්මට වැනිසා ප්ලේස් කියන්නෙ සොබ්ජෙක්ටිව් කියල. එකම විටක තමන්ගේ ආත්මීය දෙයක් සහ වාස්තවික දෙයක් හැටියෙන් පැවතීම තමන්ගෙ කවියක පරාසය විදිහට ප්ලේස් තේරුම් ගන්නවා.

    මේ අපි ගතවෙන යුගය වැනිසා ප්ලේස් විස්තර කරන්නෙ සෙමියො කැපිටලිසම් නැත්තං සංඥාර්ථ ධනවාදය විදිහට. මේ යුගයෙදි අපි හුවමාරු කරගන්නෙ සංකේත සහ සංඥාර්ථ. මෙතනදි වඩා වටිනාම දේ වෙන්නෙ පුද්ගලයා කියන එක. ෆේස්බුක් ටම්බ්ලර් මේ හැම ප්ලැට්ෆෝම් එකකම මෙහෙමයි. අපි හුවමාරු කරගන්නෙ අපිව. මෙතනදි ඒ මමත්වයට පැලස් පොයෙටික් මම කියන වචනය පාවිච්චි කරනවා. ඒ මම තමයි මේ හුවමාරුවෙ ස්වර්ණමය වටිනකම දරන ඒකකය.

    මේක හුදු පරිභෝජනයක් නෙමෙයි. සහභාගීත්වයක්. අපි කරමින් ඉන්නෙ අතිශය ආත්මීය නිෂ්පාදන හුවමාරු කරගැනීමක්. සෞන්දර්ය නිෂ්පාදනයක උපරිම තැන වෙන්න පුළුවන් මේකයි.

    වැනිසා ප්ලේස් තමන්ගෙ කාව්‍යාත්මක නිෂ්පාදන තමන්ගෙම සමාගමක අලෙවි කරනවා. ඒක එයා හඳුන්වන්නෙ ප්‍රාග්ධනයේ සහ හදවතේ කොටසක එකතුවක් හැටියට. ඒකෙන් බ්‍රෑන්ඩ් එකක් හැදෙනවා. මුදල් ලැබෙනවා. එයින් තව තව නිෂ්පාදන බිහිවෙනවා. හුවමාරු වටිනාකම වෙන්නෙ පොයෙටික් මම කියන එක. මේකට එකතු වෙන්නෙ එකම විලාසිතාවක් බලාපොරොත්තු සහ කැටගරයිස් නොකරපු ආශාවන් ඇති පිරිස්. හරියටම ඔන්ලයින් ලයික් එකක් වගේ. ඒක උඩින් පේන වටිනාකම නෙමෙයි ඒ ලයික් එකට ඇති ඇත්ත හේතුව පිටිපස්සෙ තියෙන්නෙ.
    මේ මොහොතෙ සංස්කෘතික ප්‍රාග්ධනය පවතින්නෙ සමාජ මාධ්‍යවල කියල ප්ලේස් කියනවා. නවකතාව සිනමාව ආදිය මේ යුගයෙදි වලංගු කලාත්මක ප්‍රකාශන හැටියට ගැනීමයත් අස්වාභාවිකයි කියලයි එයාගෙ අදහස.

    ”කවිය සහ චිත්‍රය අතර ඇත්තටම වෙනසක් තියෙනවද? මේ දෙක වෙනස් වෙලා තියෙන්නෙ ඒ වටා හැදුනු ඩිස්කෝර්ස් එක කියන මාර්කටින් කතන්දරය නිසා නෙමෙයිද? කාලය කියන්නෙම අවකාශය. අවකාශය කියන්නෙම කාලය. චිත්‍රයක් වුනත් කවියක් වුනත් අපි ස්කෑන් කරනවා. ඊට පස්සෙ ඉන් කියවාගත යුතු දේ අපි තීරණය කරනවා. ඒක රෙකෝර්ඩ් කිරීමක්.

    කවිය කියන්නෙ සමාජ මාධ්‍යවල විශිෂ්ටතම මීඩියම් එක වෙන්න පුළුවන්. සෝවියට් මානසිකත්වය බලන්නෙ සාමූහිකත්වය දිහා බල්ක් එක දිහා. ඒක හින්ද ආත්මය කියන එක ඒ ගොල්ලොන්ට වටින දෙයක් වුනේ නෑ. ඒත් සෙමියො කැපිටලිසම් වල කවියාගෙ ආත්මය කියන්නෙ බ්ලූචිප් ස්ටොක් එකක් වගේ.”

    – වැනිසා ප්ලේස්.

  • බල්ලො සහ බූරුවො

    බල්ලො සහ බූරුවො

    කවුද මනුස්සයෙක් බලු පැටියෙක්ව දූෂනය කරපු ප්‍රවෘත්තියක් දෙරනෙ නිව්ස් එකක් විදිහට දාලා තිබුන. ඒ වීඩියෝ එකේදි අදාල මනුස්සයගෙ මූන පවා ආවරනය කරන්න උත්සාහයක් චැනල් එකෙන් අරගෙන තිබුනෙ නෑ. බල්ලෙක් එක්ක සෙක්ස් කරපු කතාවක් බලු විදිහට පෙන්නුවා කියල තමයි දෙරණට කියන්න වෙන්නෙ.

    මිනිස්සු සත්තු එක්ක සෙක්ස් කරන එක මහ අමුතු දෙයක් නෙමෙයි. සිංහලයාගෙ වංශකතාවම පටන් ගන්නෙ සිංහයෙක් එක්ක සෙක්ස් කරන තැනකින්. ඒත් මේ මනුස්සයා බීමත්ව ඒ සතාට දරුණු හිංසාවක් කරලා තියෙන වග පැහැදිලියි. අන්තිමට ඒ බලු පැටියා මැරිලා.

    මේ කතාව ප්‍රවෘත්තියක් විදිහට ජාතික නාලිකාවක් විකාශය කළ යුතු ප්‍රවෘත්තියක් නෙමෙයි. මිනිස්සු තිරිසනුන් වෙනවා කියල වර්චු සිග්නලින් කරනවට වඩා, ඒ කියන්නෙ බොරු සදාචාරවාදයක් පතුරනවට වෙනවට වඩා වැදගත් වෙන්නෙ මේ කතාව පිටිපස්සෙ තියෙන අසරණකම තේරුම් ගන්න එක. අර මැරුනු බල්ලා තරමටම අර මනුස්සයත් අසරණයි.

    මේ වීඩියෝ එකත් එක්ක මට මතක් වුනේ වයිස් VICE චැනල් එකෙන් කරලා තිබුන ඩොකියුමෙන්ටි්‍රයක්. ඒකෙ තිබුනෙ කොලොම්බියාවෙ උතුරු වෙරලට වෙන්න තියෙන කාටහේනා කියල පලාතක් ගැන. ඒ පලාතෙ මිනිස්සු අතර සම්ප්‍රදායක් තියෙනවා නව යොවුන් වයසෙදි තරුණයෙක් බූරු දෙනක් එක්ක සංසර්ගය කරන්න ඕන කියල. මේ පලාත අතීතයේ කගබා නම් ප්‍රජාවක් ජීවත් වුනු කෘෂිකාර්මික ගම් ප්‍රදේශයක්. ඒ ප්‍රජාව අතර මිත්‍යාවක් විදිහට මේ අදහස කාලයක පටන් පැවතිලා තියෙනවා. නව යොවුන් වයසෙදි තරුණයෙක් බූරු දෙනක් එක්ක සංසර්ගය කිරීමෙන් තරුණයාගෙ ශිෂ්නය විශාල වෙනවා වගේම වඩා හොඳ ලිංගික ශක්තියක් ඇතිවෙනවා කියල මේ විශ්වාසයේ එනවා. මේ පැත්තෙ ගොඩක් අය අවුරුදු දහයක් එකලොහක් වෙද්දි බූරුවෙක් එක්ක සෙක්ස් කරනවා.
     

    මේ විදිහට සත්තු එක්ක සෙක්ස් කරන එකට කියනවා බිස්ටියැලිටි Bestiality කියල. බිස්ටියැලිටි කියන්නෙ ඒ කරන ක්‍රියාවට. මේ කරන අතරෙ කෙනෙක් ලස්සන තරුණියක් ගැන හීන දකිනවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නෙ හැඟීමෙන් සම්බන්ධ නෑ. මේකත් එක්කම සම්බන්ධ අනිත් ලිංගිකත්ව කලාපය තමයි සූෆිලියා Zoophilia  කියන එක. එතනදි ඒ කෙනා උත්තේජනය ලබන්නෙත් සතා ගැනම මතක් කිරීමෙන්. සත්තු ගැන ලිංගික හැගීම් තියෙන අයට අපි කියනවා සූෆිලියා කියල.

    කාටහේනා කියන්නෙ තදටම කතෝලික පලාතක්. ඒ හැදියාව සංස්කෘතිය  කෙල්ලොන්ට සෙක්ස් නොකර කසාද බඳින කල්ම ඉන්න බලකරනවා. අපේ සිංහල බෞද්ධ සිනා නොමසෙන් දසන් දක්වා හැදියාවට ගොඩක් ළඟයි. මේ නිසා නව යොවුන් වයසෙ තරුණයන්ට තමන්ගේ ලිංගික අත්දැකීම් හුවමාරු කරගන්න ඉතුරු වෙන්නෙ බූරුවො විතරයි.

    හැබැයි තරුණයෙක් බූරුවෙක් එක්ක සෙක්ස් කිරීම ඒ තරම් වරදක් විදිහට තරුණියො පිලිගන්නෙත් නෑ. ඒත් විවාහයෙන් පස්සෙ ඒක නවත්තන්න ඕන කියලයි ඒ ගොල්ලො හිතන්නෙ.

    කොහොමත් ගෑනියෙක් එක්ක සෙක්ස් කරන එක බූරුවෙක් එක්ක සෙක්ස් කරනවට වඩා ආස්වාදනීයයි කියල සාමාන්‍ය කාටහේනා පිරිමියෙකුත් පිලිගන්නවා. ගෑනියෙක් එක්ක යෝනි සංසර්ගයට අමතරව මුඛ සංසර්ගයත් කරන්න පුළුවන් වුනත් බූරුවෙක් එක්ක ඒක කරන්න බෑ කියල උන් හිනාවෙනවා.

    මේ ප්‍රසන්ටර් බූරුවො එක්ක සෙක්ස් කරපු පොඩි උන් රැලක් එක්ක කතා කරනවා. එතනදි පොඩි එකෙක් විස්තර කරනවා බූරුවාගෙ ලිංග ප්‍රදේශය ආදරෙන් උත්තේජනය කරද්දි බූරුවා වල්ගය උස්සලා ඉඩ දෙන හැටි. ඒ කොල්ලා තමන්ගෙ ආදරවන්තියන් විදිහට කියන්නෙත් බූරු දෙන්නු ගැන.

    සමහර පිරිමි බැල්ලියක් සමග ලිංගික සංසර්ගයේ ආස්වාදයට ඇබ්බැහි වීමෙන් ගැහැනියක් සමග සංසර්ගය පවා නොතකා හරිනවා කියල සූෆිලියා ගැන අධ්‍යයන කරපු ආචාර්ය හානි මිලෙට්ස්කි කියනවා. බොහෝ මුස්ලිම් රටවලත් මේ ආකාරයෙන්ම බූරුවන් සමග සංසර්ගයෙන් පිරිමින්ගේ ලිංගික හැකියාවන් වැඩිවන බවට විශ්වාසයන් පවතිනවා කියල එයා කියනවා.

    සත්තු එක්ක වගේ නෙමෙයි ගැහැනු එක්ක ලිංගිකව හැසිරෙද්දි ලොකු මනෝසෙල්ලමක් කරන්න වෙනවා කියල මේ ආචාර්යවරියට සූෆිලියා ලිංගිකයන්  කියනවා. ඒ අය කියන විදිහට ගැහැනියකගෙ සංකීර්නත්වය නිසා ඒ අවශ්‍ය ආස්වාදය ලබන්න බැරි වෙනවා. 

    ලංකාවෙ අහංගම පලාතෙදි මට මුනගැහිලා තියෙනවා මේ විදිහට බැල්ලියක් එක්ක සංවාසයේ යෙදෙන අවුරුදු හැත්තෑවක විතර මනුස්සයෙක්. ඒ මනුස්සයා ඒ බැල්ලිව නාවලා හොඳට පිරිසිදුව තියාගෙන ඉන්නවා. හරිම ආදරෙන් බලාගන්නවා. ඒ මනුස්සයාගෙ බිරිඳ දවස් තුන්සිය හැටපහේම සිල් සමාදන් වෙලා ඉන්න ගෑනු කෙනෙක්. ලිංගිකව හැසිරීම අපාගත වෙන පාපයක් කියල විශ්වාස කරන කෙනෙක්. හිටිහැටියෙ අර සැමියා බිරිඳව ගැටගහලා බලෙන් ලිංගිකව හැසිරෙන්න උත්සාහ ගන්නවා. එතකොට බිරිඳ ගමටම ඇහෙන්න කෑ ගහනවා. ගමේ කොල්ලො කුරුට්ටො ඇවිත් අර මනුස්සයව ගස් බැඳලා ගහනවා. ඉතින් අන්තිමට ඒ මනුස්සයා අර බැල්ලි එක්කම එකට එක කාමරේක ජීවත් වෙන්න පටන් ගත්තා.

    මුහුදු යන ධීවරයො ගැනත් මේ වගේම ප්‍රවාදයක් තියෙනවා. මුහුදෙදි අහුවෙන මඩුමාළු එක්ක ධීවරයො සංසර්ගය කරන කතාව සෑහෙන ජනප්‍රිය එකක්. ඒ වගේම මඩුවන්ටම ඇබ්බැහි වුනු මිනිස්සු ගැනත් මඩුවො නිසාම දෙදරා ගිය කසාද ගැනත් කතන්දර ලංකාවෙ තියෙනවා.

     https://www.youtube.com/watch?v=_VKWLC87Uzw&t=232s

  • තන්ත්‍ර සෙක්ස්

    තන්ත්‍ර සෙක්ස්

    අපිට සෙක්ස් ඇතුලට භාවනාව ගේන්න පුළුවන්ද? භාවනාව කියන්නෙ සවිඥානක බවට. අපිට දැනෙන හිතෙන දේවල් නිකංම ආශාව විසින් මෙහෙයවනවා වෙනුවට අපි ආශාව මත නැගී සියල්ල පූර්ණව සංසුන්ව විඳිමින් රාගය භාවනාවක් කරගන්නවා. එහෙම පුළුවන් නම් අපිට දැනෙන ආස්වාදය මීට වඩා ඉහළ තලවලට අපිට අරන් යන්න පුළුවන්. 

    හැමෝම වගේ තන්ත්‍ර සෙක්ස් ගැන අහලා තියෙනවා. ඒත් මොකක්ද තන්ත්‍රවල උගන්නන සෙක්ස්? මොකද්ද ආධ්‍යාත්මිකත්වයත් එක්ක සෙක්ස්වලට තියෙන ගනුදෙනුව?

    තාන්ත්‍රික සෙක්ස් වලදි කතා කරන්නෙ වඩාත් සවිඥානක බවක් සහ සහභාගිවෙන අයගේ ඇතුලතින් සිදුවන ගැඹුරු සම්බන්ධයක් අත්විඳීමේ උවමනාවෙන් සංයෝග වීමක්. දෙන්නාගෙ හුස්මවල වේගය, අනිමිසලෝචනය, ස්පර්ශය, සම්බාහනය, චුම්බනය වගේම හෙමින් විඳිමින් කරන සංසර්ගය මෙතනදි කමටහන් වෙනවා. තන්ත්‍ර සෙක්ස් කියන එක එන්නෙ මනස සහ ශරීරය අතර සම්බන්ධය ගැන උනන්දු වෙන තන්ත්‍ර කියන සම්භාව්‍ය ආධ්‍යාත්මික සම්ප්‍රදායෙන්. තාන්ත්‍රික සම්භෝගයේ අරමුණ වෙන්නෙ දෙදෙනා අතර හුවමාරු කරගන්නා ලිංගික ශක්තියෙන් දෙදෙනාගේම සුවපත්වීම, පිබිදීම සහ ආධ්‍යාත්මික වර්ධනය අත්පත් කරගැනීම.

     

    තන්ත්‍ර බිහිවෙන්නෙ අවුරුදු දාහකට විතර කලින් ඉන්දියාවෙ. හින්දු බෞද්ධ ජෛන සම්ප්‍රදායන්ගෙ එකතුවක් විදිහට. සම්භාව්‍ය තන්ත්‍ර කියන්නෙ අපේ ශරීරයේ තියෙන චක්‍ර නමින් හඳුන්වන ශක්ති කේන්ද්‍රයන් හරි විදිහට පෙළගස්වා ගනිමින්, ජීවිතේ අභ්‍යන්තර බාහිර බෙදීමක් නැතුව සෑම පැතිකඩක්ම සවිඥානකව බාරගැනීම තුලින් අවබෝධය කරා යන ආධ්‍යාත්මික ක්‍රමයකට. අනෙක් හැම සම්ප්‍රදායක්ම ශරීරය සහ භෞතික ලෝකය බැහැර කරමින් අවබෝධය කරා යද්දි තන්ත්‍ර කියන්නෙ සමස්තය බාරගන්නා පිළිවෙතකට. කිසිවක් බැහැර නොකිරීමට. ජීවිතය නොබෙදන දර්ශනයකට.

    අද අපි බටහිර අර්ථයෙන් තන්ත්‍ර කියල දකින්නෙ මේ සම්භාව්‍ය තාන්ත්‍රික දර්ශනය නෙමෙයි. මේ අපි කතා කරන තන්ත්‍ර සෙක්ස් කියන එක අවුරුදු 150ට විතර කලින් නියෝ-තන්ත්‍ර කියල නිර්මාණය වෙන සම්ප්‍රදායක්. එතනදි මූලික අරමුණ වෙන්නෙ සවිඥානක බව හා මේ සම්බන්ධතාව වඩාත් ලිංගික සම්බන්ධතාවයන්ම කේන්ද්‍ර කරගෙන පුහුණු කිරීම.

    තන්ත්‍ර සෙක්ස්වල මහත්ඵල

    1. අපේක්ෂා බරෙන් නිදහස

    අනිත් හැමදේකදිම වගේ සෙක්ස් වලදිත් අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. බලාපොරොත්තු තියෙනවා. ඇතුල් වීමේ හදිස්සිය තියෙනවා. අනිත් කෙනා සතුටු කිරීමේ වගකීම තියෙනවා. අපේ සතුට ගැන අපේක්ෂාව තියෙනවා.  ඒත් තන්ත්‍රවලදි කියන්නෙ මේ විදිහෙ අවසාන අරමුණකින් තොරව සෙක්ස් කරන්න කියල. ඒ ගමනම, ඒ මොහොතම ආස්වාද කරන්න කියල. තන්ත්‍ර සෙක්ස්වලදි සංසර්ගයක් වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. 

    සුරතාන්තයක් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඔයාට සෙක්ස් කරන්න කෙනෙක් ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. ඔව්. සහකරුවෙක් හෝ සහකාරියෙක් නැතුවත් තන්ත්‍ර සෙක්ස් කරන්න පුළුවන්. මේ බරෙන් නිදහස් වුනාම අපි ඒ මොහොත රස විඳින්න පටන් ගන්නවා. එතනදි ලිංගික අත්දැකීම ආධ්‍යාත්මික අත්දැකීමක් බවට පෙරලෙන්න ගන්නවා.

    2. මේ මොහොතට කැඳවීම
    ගෙදර දොරේ, වැඩකරන තැන්වල ප්‍රශ්න ඇඳ උඩට ගේන්නෙ නැතුව පූර්ණව සහකරුවා හෝ සහකාරිය ඉදිරියේ පැවතීමේ සාවධාන බව තන්ත්‍ර සෙක්ස් වලින් පුහුනු කරනවා. අපේ වගේම අපිත් එක්ක ඉන්න අනිත් කෙනාගෙත් මානසික වියවුල් නිරවුල් කරන්න, මේ ආස්වාදනීය මොහොතට කේන්ද්‍ර වෙන්න තන්ත්‍ර උදව් වෙනවා. ඒකෙන් අපේ ලිංගික ශක්තීන් අවදි වෙනවා වගේම වඩාත් තෘප්තිකර ලිංගික සාධනාවක් ලබන්න පුළුවන්.

    3. ගැඹුරු සම්බන්ධතාවයකට කැඳවීම
    තනිව වුනත් තව කෙනෙක් සමග වුනත් තන්ත්‍ර සෙක්ස් වලින් කරන්නෙ ඔයාව ඒ ලිංගික අත්දැකීම එක්ක හරියටම සුසර කරන එක. හුස්මෙන්, ස්පර්ශයෙන්, ඇසිනැස බලා සිටීමෙන් අපි ඇතුලෙම මෙතෙක් අපි නොදැන වසා හුන් දොරටු විවෘත කරනවා.

    4 නොනිමෙන සංසර්ගයක්
    තන්ත්‍රවල කියන මන්දගාමී සාවධාන චලනයෙන් ඔයාව සුරතාන්තය ගැන පීඩනයෙන් තෙරපන සෙක්ස්වලට වඩා වෙනස් ආස්වාද කලාපයකට ගෙනියනවා. ඒක ගැඹුරු සංසුන්බවක් ඇති කරනවා. ඒ වගේම පූර්ව රති ක්‍රියාවල වැඩි වේලාවක් ගත කිරීමෙන් සහ අගිස්සට ගොස් පැමිනීමේ අභ්‍යාසය, ඒ කියන්නෙ සුරතාන්ත දොරටුවට ගොස් නැවත උවමනාවෙන් එයා පමා කරමින් මෙපිට ඒමෙන්, ඉතා දීර්ඝ සෞන්දර්යාත්මක සම්භෝගයක් ඇති කරනවා.

    තන්ත්‍ර සම්භෝගයට සය වැදෑරුම් උපදෙස්

    1. නිකං අතට අහුවෙන තැන සෙක්ස් කරනවා වෙනුවට සෙක්ස් කියන එක ශුද්ධ වූ නැත්තං ආගමික ක්‍රියාවක ගරුත්වයෙන් කරන්න ඕන. ඒ තැන ආරක්ෂිත, සහභාගි වෙන හැමෝම සුවපහසු තැනක් වෙන්න ඕන. ඒ වගේම සුවඳ, ශබ්ද, ආලෝක සියලු කලාපයන්ගෙන් ඊට අවැසි උත්තේජනය, මූඩ් එක නිර්මාණය වෙන්න ඕන. ස්නානයෙන් අරඹන්න. ඒ වතුර සහ සිරුර අතර සම්බන්ධය පවා කල්වේලා ගනිමින් විඳින්න. නැහැවෙන අතර නිවෙන්න. ඉන් පසු ඇඟලන ඇඳුම ගැනත් හිතන්න. එහි පහස ගැන දැනුවත් වෙන්න. ස්මාර්ට් ෆෝන් නිවා දමන්න. මේ මොහොතේ තනිවෙන්න.

    2.  අනිමිසලෝචනය
    මුහුනට මුහුණ හිඳගන්න. ඇසින් ඇස බලා ඉන්න. අනිමිස කිව්වට මෙතනදි ඇසිපිය සැලීමට අවසර තියෙනවා. ඇස් තුලින් අනෙකා තුලට එබී බලන්න. මේක මුලින්ම නුහුරු දෙයක් වෙනවා. අහක බලන්නම හිතෙනවා. ඒත් දිගටම බලාහිඳීම ඇතුලෙ අපි වෙනස් වෙනවා. වඩාත් ගැඹුරින් අනෙකාව දැනෙන්න, අනුරාගී වෙන්න පටන් ගන්නවා. මේ පරිවර්තනය පහසු කරන්න ඕන නම් අත් අල්ලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම හුස්ම රිද්මය සමව පවත්වාගැනීමත් උදව් වෙන්න පුළුවන්.

    3. අනිමිසලෝචනයට පස්සෙ තියෙන්නෙ පරිපථය තනා ගැනීම. අපේ දකුනු අත අනෙකාගෙ හදවත ස්පන්දනය දැනෙන තැනින් තබාගන්නා අතරම වම් අත අපේ හදවතට ඉහලින් තබාගන්නවා. මේ රිද්මයන් දෙක එකට අපේ ශරීර සම්බන්ධ කරමින් ස්පන්දනය වෙන්න ගන්නවා. අපේ ශරීර එකිනෙක සුසර වෙන්න පටන් ගන්නවා.

    4. පූර්ව-රති ක්‍රියාවට මොහොත.
    ඉන්පසු වඩ වඩාත් අනුරාගයෙන් ඇලෙමින් ගැලෙමින් ගත කරන්න කාලය. එකිනෙකා සම්බාහනය කිරීම වගේම දීර්ඝව සිපගැනීමත් තාන්ත්‍රික සම්භෝගය දිව්‍යමය කරනවා. ශරීර එකිනෙක හොඳින් හඳුනාගන්න ඉඩ දෙන්න.

    5. ඔයා කැමති දුරක් යන්න
    තන්ත්‍ර සෙක්ස්වල සංසර්ගයක් සිදු වෙන්නම අවශ්‍යයි කියල එකක් නෑ. අනිත් කෙනාගෙ කැමැත්ත අසා දැනගෙන ඒක තීරනය කරන්න. සංසර්ගය කරනවා නම් යබ්-යම් මුද්‍රාව වඩා හොඳයි. පුරුෂ ශක්තිය ඒ කියන්නෙ ශිව සහ ස්ත්‍රීභාවය, ශක්ති යන ආකාර දෙක මෙතනදි මූර්තිමත් වෙනවා. පිරිමියා කකුල් නවා හිඳ සිටින අතර ගැහැණිය ඔහුගේ උකුල මක හිඳිමින් සංසර්ගයේ යෙදෙනවා. පිරිමියාගෙ මුහුණට මුහුණ හිඳිමින්, ඇස්වලින් ඇස්වලට ගැලෙමින්, හුස්මෙන් හුස්ම විඳිමින් බඳ වටා කකුල්වලින් වෙලෙනවා. මේක අනිවාර්යයක් නෙමෙයි. කැමති ආකාරයක් අත්හදා බලන්න, අවශ්‍ය නම් සෙක්ස් ටෝයිස් ආදිය යොදාගන්නත් කිසිම බාධාවක් නෑ. නමුත් වැදගත් වෙන්නෙ හුස්මක් ගැන පවා සවිඥානක බවක් පවත්වාගනිමින් චලනයම භාවනාවක් කරගැනීම.

    6. කෙලවර ස්පර්ශ කිරීම.
    තන්ත්‍ර සෙක්ස්වල කූටප්‍රාප්තියක් නෑ. නමුත් ආස්වාදය පිනිස අපිට පුළුවන් කෙලවර ස්පර්ශ කරමින් නැවත එන්න. මේකට අනිත් කෙනාගෙ සහයෝගය සහ දැනීමත් වැදගත් වෙනවා. දීර්ඝ වෙලාවක් මේ විදිහට කෙලවරටම එමින් යමින් සිටීම අවසානයේදී ඉතාම තියුණු සුරතාන්තයක් ලබාදෙන්නත් උදව් වෙනවා.

    තනියම තන්ත්‍ර

    1. ලෑස්ති වෙන්න. තනියම වුනත් ඒක ආගමික කටයුත්තක් වගේම බැතිමත්ව කරන්න. ස්නානයෙන් සුවඳින් දුහුල් වතින් සැරසෙන්න. සංගීතයෙන්, ආලෝකයෙන් සැනහෙන්න.

    2. හුස්ම ගැන සාවධාන වෙන්න. හුස්ම ඉහල පහල යන හැටි බලන් ඉන්න. ඒ හුස්ම එක්ක ගතවෙන්න. පෙනහළු පිරෙන හැකිලෙන හුස්මෙහි ගමන විඳින්න.

    3. ස්පර්ශ කරන්න. ඔබේ ශරීරය පුරාම අත් ගෙනියන්න. වඩාත් දැනෙන පිබිදෙන තැන් තේරුම් ගන්න. ඒ තැන් ස්පර්ශයේදී ඔබේ ලිංගේන්ද්‍රිය කිතිකැවෙන හැටි අත්විඳින්න. ශරීරයේ හැම කොටසක්ම අනුරාගීව සම්බාහනය කරන්න. ඇඟිලි තුඩුවලින් පුබුදන්න.

    4. සුරතාන්තයක් අවශ්‍ය නම් ස්වයං වින්දනය කරන්න. හෙමින්, හුස්ම සමගම රිද්මයානුකූල වෙමින්, සිරුරේ අනෙකුත් ස්පර්ශයන්ගෙන් කුල්මත් වෙමින් දීර්ඝ වෙලාවක් ලිංගේන්ද්‍රිය ස්පර්ශ කරමින් ගත වෙන්න.

    5. පෙර කී පරිද්දෙන්ම සුරතනාත්තය ලබන්න හදිස්සි නොවන්න. ළඟටම ගිහින් නැවත එන්න. වරින් වර ඉවුරු ස්පර්ශ කරන්න. සුරතාන්ත මොහොත තීව්ර කරගන්න.

    එබඳු සුරතාන්තයකින් හුදු ආතතිය අසහනය  නිදහස් කරගැනීමේ ශෘරීරික ක්‍රියාවකට ඔබ්බෙන් ගැඹුරු කායික මානසික සම්බන්ධතාවයක සුවයක් අත්විඳින්න පුළුවන් වෙනවා. සාමාන්‍ය ආතතිකර ස්වයං වින්දනයක අවසානයේ ඇතිවෙන හිස්බව වෙනුවට වඩාත් පරිපූර්ණ බවක් දනවනවා. අපේ ආතතීන් අගතීන් සුවපත් කරනවා.

  • ලිංගිකත්වය මත වෙනස්කම්වලට ලක්වෙන ප්‍රජාවන් ආරක්ෂා කරනවා -ගෝඨාභය රාජපක්ෂ

    ලිංගිකත්වය මත වෙනස්කම්වලට ලක්වෙන ප්‍රජාවන් ආරක්ෂා කරනවා -ගෝඨාභය රාජපක්ෂ

    ඊයේ (මාර්ත 01)  වෙනස් කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වෙනුවෙන් ට්විටර් පනිවුඩයක් නිකුත් කර තිබුනා. එහි ප්‍රකාශ කර තිබුනේ සෑම පුද්ගලයෙකුගේම වයස, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය, වාර්ගිකත්වය, බාහිර පෙනුම හෝ විශ්වාසයන් මත වෙනස් කොට සැලකීම්වලට ලක් නොවී ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි.

    මෙය සුවිශේෂී ප්‍රකාශයක් වන්නේ ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වෙනස්කම්වලට ලක් නොවීමේ අයිතිය පිලිගත් ලංකාවේ පළමු ජනාධිපතිවරයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ වන නිසයි. මින් පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටියදී  සමනළුන් ආදී යෙදුම් භාවිතා කරමින් සමරිසි පිරිස්  ප්‍රසිද්ධියේ අවමානයට ලක් කිරීම  පවා සිදුවුනා.

    සෑම ලිංගිකත්වකයකටම සමාන පිලිගැනීමක් ලැබීමේ අයිතිය වෙනුවෙන් රටේ නායකයා හැටියට මෙසේ පෙනී සිටීම ගැන ගෝඨාභය රාජපක්ෂට අපගේ ගෞරවය හිමිවෙනවා.

  • ASMR සෙක්ස්

    ASMR සෙක්ස්

    එයාගෙ කෙඳිරිල්ලකට පුළුවන් නම් ඔයාව ගොඩක් දුර අරන් යන්න ඔයත් ASMR ලෝලියෙක් වෙන්න පුළුවන්.

    හීන් කෙඳිරිල්ලක්, මේසෙකට නියපොතුවලින් දාන යාන්තම් තට්ටුවක්, සුමුදු සීරුමක්, සමහර විට කෑම කන එක වෙන්න පුළුවන්, මේවායින් අපිව මාර රිලැක්සේෂන් එකකට හරි, ස්වර්ගාස්වාදය වගේ තත්වයකට හරි ගෙනියනවා නම් ඒක ASMR (ඔටොනමස් සෙන්සරි මෙරිඩියන් රෙස්පොන්ස්) තත්වයක් කියල කියනවා. ඉන්ද්‍රිය ස්වායත්ත කූටප්‍රාප්ති ප්‍රතිචාරයක් කියල දල වශයෙන් කියන්න පුළුවන්. කොන්ඩෙ කපද්දි කතුර කන ළඟින් එහා මෙහා යන සද්දෙටත් මෙහෙම එකක් දැනෙනවා. ඒක ඇඟම කිළිපොලා යන අත්දැකීමක්

    කොහොම වුනත් මේ තත්වය බහුතරයකට තියෙන එකක් නෙමෙයි. ඒ වගේම තියෙන අයටත් ඒ ගොල්ලොන්ව ටි්‍රගර් වෙන දේවල්වල රේන්ජ් එක මාර ලොකුයි. ASMR තත්වයක්ම නැතත් ශබ්ද සහ සංවේදන වලින් ඕන කෙනෙකුගෙ ශෘංගාරය අවදි කරන්න පුළුවන්. ළාවට කොන්ඩෙ අතරින් බෙල්ල දිගේ පහලට යන සුමුදු ස්පර්ශයක හැඟීම කොයි වගේද? ඒක සුරතාන්ත අත්දැකීමක් වගේ නැද්ද? මේ අත්දැකීමත් ඊට බෙහෙවින්ම සමීපයි. මේ එස්එම්ආර් වලින් පුළුවන් අපේ සෙක්ස්ලයිෆ් එක වෙනම තලයකට අරන් එන්න.

    ASMR කියන්නෙ මූලිකවම ශබ්දය සහ රූප වලින් ඇති කරන කිතිකැවෙන, ආස්වාදජනක හෝ රිලැක්ස් කරනසුලු සංවේදනයට. මුක්බාන්ග් කියන ඉන්ටර්නෙට් ටේ‍රන්ඩ් එක මේ විදිහෙ ASMR ලෝලීන්ගෙ වැඩක්. කවුරු හරි කැමරාවක් ඉස්සරහ කෑම කන එකේ වීඩියෝ තමයි එතනදි පාවිච්චි වුනේ. ඒ කෑම කන, උරන, ලෙවකන, හපන රූපය සහ ශබ්ද ඒක නරඹන්නන්ට අර යුෆොරික් හැඟීම දෙනවා. මුක්බාන්ග් ස්ටාර්ස් ලා ඉන්නවා.

    කොඳුරන සද්දෙට, හුළඟක් වදින සද්දෙට, හීරුමක සද්දෙට, මොකක් හරි ලියද්දි, ටයිප් කරද්දි එන සද්දෙට, කොටින්ම ඔරලෝසුවෙ කටු දුවන සද්දෙට වුනත් ASMR අවදි වෙන්න පුළුවන්.

    මේ අත්දැකීම පෝර්න් එකකින් ගන්න එක්සයිට්මන්ට් එකට වඩා වෙනස්. පෝර්න් එකක් බලද්දි අපි ආස්වාදයකට ගියත් අපේ හාර්ට් එක ගැහෙන වේගය වැඩි වෙනවා. ASMR කියන්නෙ අපිව ගොඩක් සංසුන් කරන අත්දැකීමක්. සෙක්ස්වලට ගියත් ඒක හරියට සෙන් භාවනාවක් වගේ. මේකෙන් ඇන්සයටි ඩිප්‍රෙෂන් අඩුවෙනවා කියලයි කියන්නෙ. හාර්ට් එක ගැහෙන වේගය පවා තත්පරයට වාර තුනකින් අඩුවෙනවා කියල පර්යේෂණවලින් පෙන්නනවා.

     ASMR තියෙන අය වුනත් ඒක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ කෙලින්ම සෙක්ස්වලට නෙමෙයි. ඒක මොලේ ඇතුලෙ ඒ රහ ඇති කරන තැනම උපදින තෘප්තියක් වගේ දෙයක්. චොක්ලට් කේක් එකක් දැක්කම කෙනෙකුට ම්ම්ම්ම් ගාලා කියවෙන්න පුළුවන්. ඒක අපේ මොලෙන් නිර්මාණය කරන ත්‍රිල් එකක්.

    ASMR වැඩ කරන්නෙ සෙක්ස්වලට නොවුනට ඒ හරහා වෙන රිලැක්ස් වීම සෙක්ස්වල උපරිම ආස්වාදයක් කරා යන්න උදව් වෙනවා. මුලින් කරන සිහින් කෙඳිරිලිවලට පුළුවන්, ඒ කොඳුරන දේ තේරුමට නෙමෙයි ඒ සද්දෙට, අපිව ශෘංගාර ලෝකෙක මංමුලා කරන්න. ඒ හුස්මට, කන අද්දරින් වදින හුස්ම හුළඟට පුළුවන් අපිව ආදම්ගෙ උයනට කැඳවන්න. අල්ලන මිරිකන මොහොතට කලින් ඇඟ පුරා දුවන සිහින් ස්පර්ශයකට පුළුවන් හැම තැනක්ම අවදි කරන්න.

    ASMR වීඩියෝ ගොඩක් යූ ටියුබ් තියෙනවා. ඒවා බලලා කෙනෙකුට පුළුවන් තමන්ව කිතිකවන ASMR වර්ගය හොයාගන්න. මේ වීඩියෝ බලද්දි අනිවාර්යෙන්ම හෙඩ්ෆෝන් පාවිච්චි කරන්න ඕන. මේවා අන්තිම පර්සනල්. ඔයත් එක්ක, කෙලින්ම ඔයාගෙ මොලෙත් එක්ක විතරයි ගනුදෙනු කරන්නෙ. සමහර අය කෑම කන හැටි, තොල් හොලවන හැටි, දිවෙන් තෙත් කරන හැටි අපිව තෙත් කරනසුලුයි.

    අපිට අලුත් සංවේදන කලාපයක් විවෘත කරන හැම විදිහකින්ම සිද්ද වෙන්නෙ අපේ ශෘංගාරය ඉරොතිකය පුළුල් වෙන එක. අල්ලනවා, මිරිකනවා, හපනවා, ඉඹිනවා, සංසර්ගය කරනවා කියන හැමදාම කරන ටික වෙනුවට ASMR කලාපයත් අපේ රාග වියමනට එකතු කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් වළාකුල් අතර තටු ගහන්න.

     https://www.youtube.com/watch?v=hclLssaEgqE