Category: Features

  • ආබාධිතයන්ට ලිංගික සතුට

    ආබාධිතයන්ට ලිංගික සතුට

    මට මේ කතාව දකින්න ලැබුනෙ ස්ලට්එවර් සීරීස් එකෙන්. ස්ලට්එවර් කියන්නෙ වයිස් කියන ඉතාම ආකර්ශනීය, ඔලුව බම්ප් කරනසුලු වැඩකරන මීඩියා හවුස් එකෙන් කරන වෙබ් සීරීස් එකක්. කාලි සියොර්ටිනො කියන මේ වෙද්දි මං උමතුවෙන් ඉන්න කෙල්ල තමයි ඒක ප්‍රොඩියුස් කරන්නෙ. ඒ සීරීස් එක පදනම් වෙන්නෙ කාලිගෙ ස්ලට්එවර් කියන බ්ලොග් එක මත. කාලිගෙ වචනවලින් ඒ සීරීස් එක කියන්නෙ පෝස්ට් ෂේම් වර්ල්ඩ් එකක, ඒ කියන්නෙ ලැජ්ජාවේ යුගයට පසු ලෝකයක ජීවත්වෙන ස්වාධීන ගැහැනියකගේ සංදේශ. මේ වෙබ් සීරීස් එක නිව්යෝර්ක් ටයිම්ස්වලට අනුව නූතන අවධියේ ලිංගික පර්යේෂන වාර්තාවක්.

    මෙන්න මේ සීරීස් එකේ එක කොටසක් තිබුන මෙඩිකල් ඇසිස්ටඩ් සෙක්ස් ගැන. ඒ කියන්නෙ ආබාධිත අයට ලිංගික සතුට ලබාදෙන වෘත්තිමය ආයතනයක් ගැන. ඒක පවත්වාගෙන යන්නෙ සායනික ලිංගික වෛද්‍ය සහ සමීප ඇසුර පිළිබඳ මගපෙන්වන්නියක් වන ජොස්ලින් නර්ඩාල්.

    මේ සේවය ගැන ස්පෙන්සර් විලියම්ස් කියන රෝද පුටුවක ජීවත් වෙන අවුරුදු 26ක ආබාධිත තරුණයෙක් කතා කරනවා. ස්පෙන්සර් නිදහස් ලේඛකයෙක් වගේම වැන්කුවර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. එයාගෙ ශරීරයේ පහල කොටස අප්‍රානිකයි.

    “මට කොයිතරම් ආස හිතෙන අය මුනගැහුනත් මේ වීල්චෙයාර් එක මට ලොකු බරක්. ඒක මට යන්න ඕන හැම තැනකම මාව අරන් යන්නෙ නෑ. විශේෂයෙන්ම සමීප ඇසුරු කිරීම්වල පැත්තට. මං හිතුවා මට කන්‍යාභාවය තියාගෙනම මැරිලා යන්න වෙයි කියල. මං මේ ගැන ගූගල් කළා. මට ජොස්ලින්ව මුනගැහුනෙ එහෙම”

    වැන්කුවර් වල සෙන්ෂුවල් සොලියුෂන්ස් නමින් තමන්ගේ සේවා ආයතනය කරගෙන යන ජොස්ලින් ඒ ගැන විස්තර කරනවා.

    “මං ගොඩක් ශරීරයේ අවයව ගැන කියල දෙනවා. සංසර්ගය ගැන කියලා දෙනවා. මගේ ක්ලයන්ට් කෙනෙකුගෙ ශරීරය උත්තේජනය කරන්න පුළුවන් විවිධ ක්‍රම ගැන මං කියල දෙනවා.

    මං විශ්වාස කරනවා සෙක්ස් කියන්නෙ සුවපත් කිරීමේ මාධ්‍යයක් කියල. මං උදව් කරනවා ශාරීරික ආබාධ තියෙන අයට ඒ ගොල්ලොන්ගෙ ශරීරය සම්පූර්ණයෙන් විඳින්න”

    සෙන්ෂුවල් සොලියුෂන්ස් කරන්නෙ ආබාධිත අයගේ ලිංගික කාර්යයන් වෙනුවෙන් සහාය සලසන එක. එතන සම්බන්ධතා ගොඩනගා ගැනීමේ පුහුණුව, ලිංගික අධ්‍යාපනය ලබාදීම වගේම ලිංගික තෘප්තිය ලබාගැනීමට සහාය වීමත් කරනවා. ඒකට කියන්නෙ මෙඩිකලි ඇසිස්ටඩ් සෙක්ස් කියල. පැයක සෙෂන් එකක් ඩොලර් 225ක් විතර.

    “සමහර ආබාධිත අය ඒ අය රැකබලාගන්න අය විසින් නිතර ස්පර්ශ කිරීම් සිදු වෙනවා. නොයෙක් දේවල්වලට උදව් කරද්දි, ඇඳුම් මාරු කරද්දි ආදිය මේ ලැබෙන ස්පර්ශය ගොඩක් වැදගත්. ඒත් මට හුඟක් අය කියල තියෙනවා ඉරොතික ස්පර්ශයන් නැතිකම ඒ අයට ලොකු අඩුවක් විදිහට දැනෙනවා කියල. තනිවුනු, කළකිරුනු වගේම තමන්  මිනිස්සු විදිහට සලකන්නෙ නෑ වගේ හැඟීමක් එනවා කියල”

    නර්ඩාල් ආබාධිත අයගේ අවශ්‍යතා ගැන තමන්ගේ අත්දැකීම් විස්තර කරනවා.

    නර්ඩාල්ගෙ සෙෂන්ස් එක එක අය අනුව වෙනස් වෙනවා. ඒ එක එක අයගේ සංවේදනා තෘප්තීන් අනුව සකස් වෙනවා. ස්පෙන්සර් කියන විදිහට එයාගෙ සෙෂන් එකක් හුස්ම ගැනීමේ ව්‍යායාම වලින් පටන් අරන් ශාරීරික ව්‍යායාමවලට ගිහින් එතනින් ස්පර්ශයන්, සිපගැනීම් සහ අනෙක් ක්‍රියාකාරකම් දක්වා ගමන් කරනවා.

    “මේ සෙෂන් එකකදි මුලින් අපි කරනවා බොඩි මැපින්ග් කියල එකක්. ඒ කියන්නෙ ශරීරයේ විවිධ ප්‍රදේශ හරහා ගමන් කරමින් ඒවායේ සංවේදනා හඳුනාගැනීමක්. විවිධ ස්පර්ශයන් අත්හදා බැලීමක්. ඒ හරහා අපිට පුළුවන් කෙනෙක් කැමති ස්පර්ශයන් සහ කලාපයන් හඳුනාගන්න”
    නර්ඩාල් එයාගෙ විෂය පැහැදිලි කරනවා.

    ආබාධිත අය ගැන කතා කරද්දි සෙක්ස් ගැන කතා කරන එකත් ටැබූ එකක්. ස්පෙන්සර් විලියම්ස් කියන්නෙ එයාට මේ සේවය සෙක්ස් ගැන සේවයක් වුනත් ඊට වඩා ගොඩක් ලොකු දෙයක් ඒකෙ තියෙනවා කියල.

    “මං සෙක්ස් හින්ද තමයි මේක හොයාගෙන ගියෙ. ඒත් මට ඊට වඩා දේවල් ඕන වුනා. කාට හරි ළංවෙන්න, කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න, සිපගන්න, ඒ ස්පර්ශය විඳින්න මේ හැමදෙයක්ම.
    සමහර වෙලාවට සමහර අය මං පව් කියල මාත් එක්ක සෙක්ස් කරන්න කැමති වෙනවා. මට එහෙම වැඩක් නෑ. ඒක හරි කෘතිමයි”

    ස්පෙන්සර් ඊට වඩා නර්ඩාල්ගෙ සෙෂන්ස්වලට කැමතියි. කිසිම විනිශ්චයකින් තොරව තමන් කැමති දෙයක් ආරක්ෂිතව අත්හදා බලන්න පුළුවන් නිසා ඒ වෙනුවෙන් මිළක් ගෙවන එක පවා තමන්ට ප්‍රශ්නයක් නෑ කියලයි ස්පෙන්සර් කියන්නෙ.

    කැනඩාවෙ ලිංගික සේවා සැපයීම නීතිගත වුනත් ලිංගික සේවා ලබාගැනීම නීතිගත නෑ. ඒ නිසා නර්ඩාල්ගෙ මේ අමුතු සේවය තියෙන්නෙ අපැහැදිලි කලාපයක.කැනඩාවෙ නීති විශාරදයන් පෙන්වා දෙන විදිහට ඒ නීතිය ඇතුලෙ ආබාධිත පිරිස් ගැන විශේෂ සිතාබැලීමක් කරලම නෑ.

    “වෙන කෙනෙක් ලිංගික සේවාවක් ලබාගැනීමේ වරදටම ආබාධිතයෙක් වුනත් හසුවෙනවා. නමුත් ආබාධිතයාගේ තත්වය ආබාධිත නොවන කෙනෙකගේ තත්වයට වඩා වෙනස්. ඒක ඒ මනුස්සයාට ලැබිය යුතු අනිවාර්ය සේවයක්. කැනඩාවෙ නීතිය කොහොමත් සෙක්ස් කියන්නෙ අපරාධයක් කියන දෘෂ්ටියෙන්ම හැදුනු එකක්. නෙදර්ලන්තෙ වගේ රටක තත්වය මීට වඩා වෙනස්. මෙඩිකලි ඇසිස්ටඩ් සෙක්ස් නෙදර්ලන්තෙ නීතිගතයි විතරක් නෙමෙයි ඒකත් එක්ක ලැබෙන තව තවත් ප්‍රතිලාභ පවා තියෙනවා”

    කැනඩාවෙ නීතියත් එහෙම නං ලංකාව ගැන කවර කතාද?

  • ලිංගික ආබාධ ඇති අයට සතුට සැපයු මනුස්සයෙක් සහ අමුනුස්ස පොලිසියක්

    ලිංගික ආබාධ ඇති අයට සතුට සැපයු මනුස්සයෙක් සහ අමුනුස්ස පොලිසියක්

    මීගමුව පැත්තේ ලිංගික ආබාධ සහිත ජෝඩුවලට නොමිලේ ලිංගික සතුට ලබා දුන්නා කියල මනුස්සයෙක්ව අත්අඩංගුවට අරගෙන. මේ මනුස්සයා ෆේස්බුක් එකේ දැන්වීමක් දාලා තියෙනවා ඒ සේවය අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් තමන් අමතන්න කියල. එහෙම සේවය ඉල්ලා සිටි පවුල් කීපයකට සේවය සපයලත් තියෙනවා. තමන්ට බලහත්කාරකමක් කළා හෝ අපහරණයක් කළා හෝ කියන කිසිදු පැමිනිල්ලක් ඒ කිසි කෙනෙකුගෙන් ඇවිල්ලත් නෑ. ඒත් පොලිසියෙ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ට පොලිස්පතිවරයා මේ දැන්වීම දැකපු ගමන් කලබල වෙනවා.  කොහොම හරි මේ මනුස්සයාව අල්ලන්න කියල නියෝග කරනවා. ඒ ඇයි?කවුරුන් හෝ තමන්ගේ කැමැත්තෙන් තව කෙනෙකුගේ ලිංගික සහායක් ලබා ගැනීම වරදක් වෙන්නෙ කොහොමද?

    මෙතන මුදල් අයකිරීමක් සිදුවෙලා නැති නිසා මේක ගණිකා වෘත්තියේ යෙදීමක් හැටියට ගන්නත් බෑ. ඒ වගේම තමන් විසින් ගණිකා වෘත්තියේ යෙදෙන කෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම වැරදියි කියල දුන් ප්‍රසිද්ධ නඩු තීන්දුත් තියෙනවා.

    ඊට පස්සෙ පොලිසියෙ සැරයන්වරියකුත් යොදාගෙන ලිංගික දුබලතා ඇති ජෝඩුවක් විදිහට රඟපාලා මේ මනුස්සයාව මගට ගෙනල්ලා අල්ලනවා. සිවිල් පිට තව පිරිස් යොදවලා මේ වෙනුවෙන් මහා මෙහෙයුමක් කරනවා.  ඊළඟට මේ මනුස්සයාගෙ කසාද බිරිඳවත් ගෙනල්ලා මේ නාට්‍යය විනාශයක් දක්වා අරන් යනවා.

    විධායක අංශයේ රැකියාවක නියුතු මේ මනුස්සයා කිසිවෙකුට හානියක් නොවන පරිදි පවත්වාගෙන ගිය තමන්ගේ රහස් ජීවිතය පොලිසිය විසින් නින්දිත බලහත්කාරයක් පාවිච්චි කරලා එලිදරව් කරනවා. ලිංගික ආබාධ සහිත පවුල්වල පිරිමියා සහ ගැහැණිය යන දෙන්නාටම අවශ්‍ය සතුට ලබාදීම තමන් කරගෙන ගියා කියල ඒ මනුස්සයා පිළිගන්නවා. එයා කරගෙන ගිහින් තියෙන්නෙ මනුස්ස වැඩක්. පොලිසිය මේ කලේ අමුනුස්ස වැඩක්.

    මේකද පොලිසිය විසින් කරන මහජන සේවය? මිනිස්සුන්ගෙ පුද්ගලික ලිංගික සම්බන්ධතා ඇතුලට මේ විදිහට කඩා පනින පොලිසියෙ සදාචාරය මොකක්ද?  කිසිදු අවුලකින් තොරව සියලු පාර්ශ්වයන්ගේ කැමැත්තෙන් තෘප්තියෙන් පවත්වාගෙන ගිය සේවා සම්බන්ධතාවයක් පොලිසිය විසින් පුහු සදාචාරයේ බලහත්කාරය පාවිච්චි කරලා පවුල් කඩා ඉහිරවන තත්වයට අරගෙන ගිහින් තියෙනවා.

    අවුරුදු 18ට වැඩි පිරිමි හෝ ගැහැණු තමන් කැමති අය සමග ලිංගිකව එක්වීම පොලිසිය විසින් විශේෂ මෙහෙයුම් යොදා අත්අඩංගුවට ගන්නා තරම් වරදක් කරන මේ රටේ නීතිය කුමක්ද? මේ සදාචාර පොලිසියෙ මෙහෙයුමෙන් සමාජයට අත්වුනු යහපතක් ඇත්නම් ඒ කුමක්ද? පොලිසිය මේවා කරන්නෙ කා වෙනුවෙන්ද? මිනිස් නිදහස සීමා කරන මෙවන් අපචාරමය නීති වෙනස් කිරීමට සවිඥානක ජනතාව නීතිය ප්‍රශ්න කළ යුතුය.

  • වයග්‍රාවේ උපත

    වයග්‍රාවේ උපත

    වයග්‍රා ගැන අහලවත් නැති අවුරුදු 18ට වැඩි කෙනෙක් ඉන්න පුළුවන් කලාතුරකින්. ඒ පුංචි නිල් පෙත්ත පිරිමින්ට ශෘංගාර සුබාරංචියක්. ඒත් එක පරීක්ෂාකාරී නර්ස් කෙනෙක් නොහිටියා නම් ඔය මැජික් පෙත්ත පිරිමින්ට නැති වෙන්න ඉඩ තිබුන.

    ෆයිසර්ලගෙ මේ ශිෂ්න කෙලින් කරන බ්ලොක් බස්ටර් පෙත්ත එන්නෙ 1998දි. ඒක හැම තැනම පැතිරුනා. ෆයිසර් වාර්තාවල හැටියට මිලියන 62ක් ලෝකෙ පුරා පිරිමි මේ පෙත්ත අරගත්තා. එක්සත් ජනපත මිලිටරිය විතරක් අවුරුද්දට ඩොලර් මිලියන 41ක් මේ වෙනුවෙන් වියදම් කරනවා. 2020දි මේ බ්ලූ පිල් එක වෙනුවෙන් ෆයිසර් එකට තිබුනු පේටන්ට් එක අවසන් වෙනවා.

    මේ ඩ්‍රග් එක කොයිතරම් ජනප්‍රිය වුනත් මේක විද ්‍යාඥයො උවමනාවෙන් හොයාගෙන ගිය එකක් නෙමෙයි. වයග්‍රාවල ක්‍රියාකාරී සංයෝගය වුනු සිල්ඩිනෆිල් හොයාගත්තෙ හෘදයාබාධවලට ප්‍රතිකාර කරන්න. හදවතේ රුධිර නාල විශාල කරන්න එකයි ඒකට පැවරුනු වැඩේ වුනේ. සත්තු යොදාගෙන මේ ගැන පර්යේෂන කළාම මේක හොඳ මට්ටමකට වැඩ කළා. සැලකිය යුතු නරක තත්වයන් උද්ගත වුනෙත් නෑ. ඒ නිසා 90 ගනන්වලදි මේ පෙත්ත සායනික පරීක්ෂාවන්ට ගෙනාවා. ඒ කියන්නෙ මිනිස්සුන්ට ඩ්‍රග් එක ලබාදුන්නා.

    කිසි ප්‍රශ්නයක් වුනේ නෑ. ඒත් ඒ රිසර්ච් එකේ එක අසාමාන්‍ය කාරණයක් සඳහන් වුනා. මේ අයව පරීක්ෂා කරපු නර්ස්ලා කියල තිබුන මේ පිරිමි හැමෝම  වගේ මුනින් අතට හැරිලා අපහසුවෙන් ඉන්නවා කියල. ඒ කාලෙ ෆයිසර් එකේ මේ පර්යේෂනය බාරව හිටපු ජෝන් ලාමැටිනා මේ ගැන පොඩ්කාස්ට් එකක කියනවා.

    “හොඳටම පරීක්ෂාකාරී නර්ස් කෙනෙක් තමයි මේක මුලින්ම වාර්තා කලේ. එයා කිව්වා මේ පිරිමි ලැජ්ජාවෙන් ඉන්නෙ මොකද ඒ ගොල්ලොන්ගෙ ශිෂ්නයන් දරුණු විදිහට ප්‍රානවත් වෙලා නිසා කියල”


    හදවතේ නෙමෙයි වයග්‍රාවලින් පිරිමින්ගේ ශිෂ්නයේ රුධිර වාහිනී විශාල කරලා තිබුන. ශිෂ්නයට රුධිරය සැපයෙනවා වැඩි වෙද්දි ශිෂ්නය ප්‍රානවත් වෙනවා.
    සිල්ඩිනෆිල් වැඩ කරලා තිබුන. ඒත් ඕන තැනට නෙමෙයි. ඒත් ඒකෙන් තමයි මේ නිල්පාට පිරිමි බලය රකින පෙත්ත බිහිවෙන්නෙ.

    ඇමරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය විසින් 98දි ශිෂ්නය ප්‍රානවත්වීමේ ආබාධ සඳහා වයග්‍රා අනුමත කරනවා. ඊට පස්සෙ විද ්‍යාඥයො ආපහු තමන් කරන්න හදපු වැඩේ උත්සාහ කළා. ඒ ගොල්ලො මාත්‍රාව දෙගුන කිරීමෙන් හදවතේ ආබාධවලට ප්‍රතිකර්මයක් හොයන්න බැලුවා. ඒක හරි ගියා. 2005දි ඒ  ඩ්‍රග් එක අනුමත වෙනවා රිවෂියො නමින්.

    කොයිතරං ප්‍රයෝජනවත් වුනත් මේ වයග්‍රා හින්ද ලංකාවෙ මැතිඇමතිවරු පවා අමාරුවෙ වැටිලා තියෙනවා. අසංක සායක්කාර  ‘මං කෙලින් මිනිහෙක්’ කියල නාට්‍යයක් පවා මේ ගැන හදලා තියෙනවා. ඒක නිසා වයග්‍රා පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම වෛද ්‍ය උපදෙස් අරගෙන කරන්න. නැත්තං අපේ ආස්වාදය රටේම ආස්වාදයක් වෙන්න ඉඩ තියෙනවා.

  • විවාහක රූ රැජින තරගය නින්දිතයි. අශිෂ්ටයි.

    විවාහක රූ රැජින තරගය නින්දිතයි. අශිෂ්ටයි.

    ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගය ඉතාම නින්දිත කිරුළු පැළඳීමකින් අවසන් වුනා කියන එකයි අපේ හැඟීම. නෙළුම් පොකුනේ පැවැත්වුනු මේ තරගයෙදි කිරුළ ලබාගන්නේ පුෂ්පිකාද සිල්වා. නමුත් වේදිකාවට ගොඩවෙන හිටපු විවාහක රූ රැජින මේ ජයග්‍රාහිකාව දික්කසාද වී ඇති බැවින් කිරුළට නුසුදුසු බව කියමින් පුෂ්පිකාගේ කිරුළ ගලවා දෙවෙනි තැන හිමි කාන්තාවට එය පළඳනවා. පුෂ්පිකා වේදිකාවෙන් ඉවත්ව යනවා. ශාලාව පුරා හූ හඬ නැගෙනවා. ජයග්‍රහනය හිමි විවාහක රූ රැජිනියො දෑත් ඔසවාගෙන සතුට බුක්ති විඳිනවා. කසාද ගෑනු ටික එකතු වෙලා දික්කසාද ගෑනිව පලවා හරිනවා.

    මේක යම් ආකාරයක පිටපතක් අනුව සිදුවුනා වෙන්න පුළුවන්. කැරලින් එයා විසින්ම විරෝධය දැක්වුවා වෙන්නත් පුළුවන්. නමුත් මෙතනින් සමාජගත කරන පණිවුඩය ඉතාමත් පහත් එකක්. නොදියුණු එකක්. ලංකාවේ විවාහක රූ රැජිනියක් වීමේ ගෞරවය සදහටම මේ දවස විසින් අවසන් කරනවා.

    තරගය සඳහා නියමිත සුදුසුකම් සපුරා නැත්නම් කළ යුතුව තිබුනේ ඇයව තරගයට ඉදිරිපත් නොකිරීමයි. එය යම් විදිහකින් නොදැන සිටි හෝ වසන් කළ දෙයක් නම් කල් ඇතුව එම තත්වය විසඳා ගැනීමයි. වේදිකාව උඩදි දික්කසාද වීම නුසුදුසුකමක්, හිස පළන් කිරුළ පවා නැවත අහිමි විය හැකි තත්වයක් බවට පත් කිරීමෙන් කරන්නෙ  වෙන්ව තනිව ජීවත්වෙන ගැහැණුන්ට අපහාස කිරීමක් මිස අනෙකක් නෙමෙයි. හූ හඬ නැගිය යුත්තේ කැරොලින්ට සහ තරග සංවිධායකයන්ටයි.

    දික්කසාද වූ කෙනෙකුට අවිවාහක රූ රැජින තරගයකට ඉදිරිපත් විය හැකිද? අප දන්නා තරමින් දික්කසාද වූ, වෙන් වූ, හෝ ගැබ්ගත් කිසිවෙකුට අවිවාහක රූ රැජින තරගයට ඉදිරිපත් විය නොහැකියි. නැත්නම් එවන් කාන්තාවන්ගේ සුන්දරත්වය ඇගයුමට දික්කසාද රූ රැජින තරගය යනුවෙන් අපවාදාත්මක ස්වරූපයේ තරගයක් වෙනම පැවැත්විය යුතුද?

    කවර තරගයක වුවද අවසානයේදී වැදගත් වන්නේ ඉන් සමාජගත කරන පණිවුඩයයි. එය තමන්ගේ විවාහයෙන් වෙන්වීම නුසුදුසුකමක්, පලවා හැරීමට කාරණයක් යන්න නම් ඒ තරගය ශිෂ්ට සමාජයකට ගැලපෙන එකක් නෙමෙයි.

    මේ තරග සංවිධායකයන් සහ හිටපු විවාහක රූ රැජින මෙසේ අමානුෂික ලෙස වේදිකාවෙන් බැහැර කළ ගැහැණියගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. එමගින් සමාජයේ වෙසෙන සුවහසක් දික්කසාද කාන්තාවන්ට ඇති කළ සිත් රිදවීම වෙනුවෙන් තමන්ගේ කණගාටුව පළ කල යුතුයි.

  • ලංකාගේ ක්‍රොස් ඩ්‍රෙසින් ලීක් වෙයි

    ලංකාගේ ක්‍රොස් ඩ්‍රෙසින් ලීක් වෙයි

    මෑතක යූටියුබ් නාලිකාවක ක්‍රොස්ඩේ‍රසින් සඳහා සහාය වන රූපලාවන්‍ය ශිල්පිනියක් කියා සිටියේ මේක අනුකම්පා කළ යුතු තත්වයක් කියල. තමන් ළඟට ගැහැණුන් හැටියට ඇඳුම් අඳින්න ආසාවෙන් එන තරුණ කොල්ලන් ඒ තත්වයට පත් කිරීම වෙනුවෙන් එයා අම්මලටත් දොස් පැවරුවා. ඇත්තටම ඇය ප්‍රදර්ශනය කරමින් හිටියෙ ක්‍රොස්ඩේ‍රසින් ඇඳුම් ඇන්දුවත් ක්‍රොස්ඩේ‍රසින් ගැන තමන්ට තියෙන නොදැනුම.

    ක්‍රොස්ඩේ‍රසින් කියන්නෙ ආර්ට් එකක්. කෙනෙක් තමන්ගේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයාගේ රූපයට සමවදිමින් අනෙක් ලිංගිකත්වය ආස්වාද කිරීමේ සුන්දර වෑයමක්. ඒක අනුකම්පා කළ යුතු හෝ වළක්වාගත යුතු තත්වයක් නෙමෙයි. හැම කෙනෙක්ම ක්‍රොස්ඩේ‍රසින් කරනවා නම් හොඳයි කියන එකයි අපේ අදහස. නමුත් ඒක තමන්ගේ රුචිකත්වය අනුව කරන තෝරාගැනීමක් වෙන්න ඕන.

    ලංකා එයාගෙ ක්‍රොස්ඩේ‍රසින් පිංතූර එක්ක මෙහෙම සටහනක් යොදනවා.

    ”ලිංගිකත්වය වර්ණාවලියක්. මම එහි එක් තැනක ඔබ එහි වෙනත් තැනක”

     අරුන්දතී රෝයිගේ මේ ප්‍රසිද්ධ ප්‍රකාශය මම මගේ සමාජ ජීවිතේදී නිතර මතක් කරගන්න දෙයක්.

    මේ වර්ණාවලියේ අන්ත දෙකට උපතේ සිටම, සත්‍ය වශයෙන්ම කළලයක්ව අප පිළිසිඳගත් මොහොතේ සිටම තල්ලු කරලු ලැබූවායින් පසුව අප ,පරිපූර්ණ ගැහැණිය සහ පිරිමියා, යන ඓතිහාසික වංකගිරියේ සැරිසරමින් සිටින්නවුන්.  එම වර්ණාවලියේ අනෙක් වර්ණයන්ගේ ගෞරවනීය පුරවැසි අයිතිය උල්ලංඝනය කලවුන්ය. අනෙක් වර්ණයන්ගේ නිදහස් සමාජ ජීවිතය කොල්ලකනු ලැබූවන්ය.

    පරිපූර්ණත්වය පිළබඳ වූ එම එෛතිහාසික හීනමානය විසින් වර්ණාවලියේ අන්ත දෙක වෙත ඇතිකරනු ලැබූ අධිකාරී බලය හමුවේ බුල්ඩෝස්  නොවූ, එම ලිංගිකත්වයේ වර්ණාවලිය සම්පූර්ණ කීරීම වෙනුවෙන් සටන් වදිමින් සිටින, දිවිදුන් සියලුම මනුශ්‍යන් වෙත මගෙන් තිලිණයක්.

    මේ මගේ පලවෙනි ක්‍රොස් ඩ්‍රසින් අත්දැකීම. මේකට සිංහලෙන් “හරස් විලාසිනියන්” කියන යෙදුම භාවිතා වුනත් ඒක එතරම්ම ගැලපෙන්නේ නෑ කියලා හිතෙන නිසායි මම ඉංග්‍රීසි යෙදුමම පාවිච්චි කලේ.



    ලංකාවේ ගේ, ලෙස්බියන්, ට්‍රාන්ස් වැනි ලිංගිකත්වයන් ගැන යම් සාධනීය කතා බහක් ඇතිවුනාට ක්‍රොස් ඩ්‍රසින් ගැන කතිකාව ඉතාම දුර්ලබයි. ඒ වගේම ක්‍රොස් ඩ්‍රසර්ස්ලාගේ සමාජ, දේශපාලනික ප්‍රශ්ණ සහ අයිතිවාසිකම් ගැන වුනත් සාධනීය කතිකාවක් නෑ. ඒ නිසාම ඔවුන්ට තමන්ගේ අනන්‍යතාවය පිළිබඳ විවෘත වෙන්න අපේ සමාජයේ තියෙන ඉඩ අනිත් සමලිංගික සමාජ වලට වඩා සීමා වෙලා. ඔවුන්ට ගත කරන්න සිද්දවෙලා තියෙන රහසිගත දෙබිඩි ජීවිත වලින් එලියට එන්න නම් ලංකාව ඇතුලෙ සියලු ලිංගික අනන්‍යතා පිළිබඳව වඩා පුළුල් කතිකාවක් ඇතිවිය යුතුයි.

    මගේ මිත්‍රයෙක්ගේ ආරාධනයක් ලැබුනාම ක්‍රොස් ඩ්‍රසින් එකක් කරන්න මම ඉතාම කැමැත්තෙන් ඊට සහභාගී වුනේ මම ඉහත කිව්ව වර්ණාවලියේ නේක පැහැ වර්ණ වල සුන්දරත්වය මහා සමාජයේ ඇති කරන්න හෝ අඩුතරමේ මම ආදරය කරන අයට මගේ සමාජය ඇතුලේ නිදහසේ ජීවත් වෙන්න  පුංචි හරි දායකත්වයක් මගේ පැත්තෙන් දෙන්න පුලුවන් වෙන නිසයි.

  • අකමැති කෙල්ලෙක්ව දාගන්න කරුණු 05ක්

    අකමැති කෙල්ලෙක්ව දාගන්න කරුණු 05ක්

    මේ මට ආපු ටෙක්ස්ට් එකක්.
    “කෙල්ලෙක් ඉන්නවා. ඒකි කොළඹ. මං ගමක. මං ඒකිට හොඳටම ට්‍රයි. හැබැයි කෙල්ලගේ කිසිම හොඳ සුබවාදී ප්‍රතිචාරයක් නෑ. අවුල තියෙන්නෙ කොතනද කියල මට තේරෙන්නෙ නෑ. කොහොම හරි ඒකිව දාගන්න ඕනි. මං දෙපාරක්ම ඇහුවා. එයාට ඉගෙන ගන්න ඕනිලු. ඒකියි මායි දෙන්නම එක කැම්පස් එකේ.

    ඒකිව දැක්කම නම් සෙක්ස් හැඟීමක් තමයි එන්නෙ. අපි ටි්‍රප් එකක් ගියා. එදා ටිකක් මාත්‍රාව වැඩිවෙලා මං පිස්සුවක් කෙලියා. ඒ දවස්වල මට එහෙම හැඟීමක් තිබුනෙ නෑ. දැන් තමයි එකපාරට එයා ලස්සන වෙලා පේන්නෙ”

    මගේ පිලිතුර- එයාගෙ හොඳ යාලුවෙක් වෙන්න බැලුවෙ නැද්ද?

    මැසේජ් එක- “යාලුවො වගේ ඉඳලා හැමදෙයක්ම කරගන්නත් බෑනෙ. යාලුවො යාලුවො කියල සමහර කෙල්ලො මට ගේම දීලා ගිහින් තියෙනවා. ගමේ හිටිය එකත් යාලුවො වගේ ඉඳලා තමයි ගේම දුන්නෙ”

    මේ ටෙක්ස්ට් එක කියවන කෙනෙකුට පැහැදිලි වෙන්න ඕන ඇයි මේ කියන කෙල්ල මේ කියන කොල්ලට අකමැති කියල. මූලිකවම පැහැදිලියි මේ දෙන්නා ඉන්නෙ සංස්කෘතික කලාප දෙකක. කොල්ලා ගමේ කෙල්ල කොළඹ. මේ ගමේ සංස්කෘතිය නිසාම ආදරයේ සංස්කෘතිය ගැන අඩු දැනුමක් කොල්ලගෙන් ප්‍රකට වෙනවා.

    1. මුලින්ම ගරුත්වය කියන එක. ආදරය වුනත් සෙක්ස් වුනත් පළවෙනිම කාරණය වෙන්නෙ අනිත් කෙනාට අපි දක්වන ගෞරවය. එයා තමන්ගේ ආශාව හෝ උවමනාව පිරිමසාගන්නා බඩුවක් විතරද නැත්තං එයා එක්ක බෙදාහදාගන්න පුළුවන් ආස්වාදයක්, අත්දැකීමක් වෙනුවෙන්ද තමන් මහන්සි වෙන්නෙ කියන එක. ආදරය හරි සෙක්ස් හරි කියන්නෙ දෙන්නෙක් හෝ කීපදෙනෙක් එකතුවෙලා බෙදාහදාගන්න මිනිස් ඇසුරක්. එතනදි වැදගත්ම දේ අනෙකාට තමන් හා සමානව සලකන එක. සමහර විට හුරුපුරුදු භාෂාව නිසා වෙන්න පුළුවන්, ඒත් “ඒකි ඒකි” කියන වචනය කොහෙත්ම ඉන්ටිමේට් සම්බන්දයක් දනවන එකක් නෙමෙයි. ඒක නිසා කෙල්ලෙක් එක්ක ලව් කරන්න හරි සෙක්ස් කරන්න හරි හැගීමකින් පසුවෙන කෙනෙක් පිලිපදින්න ඕන පලවෙනි කාරණය, ඒ ආදරයේ වස්තුවට ගරු කරන්න. ඒක උත්කර්ෂයට නංවන්න. 

    2.  දෙවෙනි කාරණය තමයි යාළුවෙක් වෙන එක. සම්බන්ධතාවයකදි අපි මුනගැහෙන්නෙ වෙනස් සංස්කෘතික කලාප දෙකක් විදිහට. 

     

    වෙනස් සංස්කෘතියක් මුනගැහෙද්දි ඒක තමන් ඇස්පයර් කරන නැත්තං ආශාවෙන් පසුවෙන සංස්කෘතියක් නෙමෙයි නං පලවෙනි ප්‍රතිචාරය වෙන්නෙ ප්‍රතික්‍ෂේප කරන එක. ඈත් වෙන එක. මෙතනදි සංස්කෘතියක් කියන්නෙ අපි අඳින පළඳින කතාබහ කරන ඇවිදින හිතන පතන  විදිහ.

    ඒක නිසා වැදගත්ම කාරණය වෙන්නෙ මිත්‍රත්වයේ කලාපයට ඇතුල්වෙන එක. එතනදි අපිට තේරුම් ගන්න පුළුවන් අනිත් කෙනාගෙ ජීවිත රිද්මය. එයාගෙ වේගය. එයාගෙ ආශාව. මේකට අපි කියනවා පේසින්ග් කියල. කෙනෙක් කියන දේකට අනෙකා නතුවෙන්න නම් ඒ දෙන්නා අතර පේස් එක නැත්තං වයිබ් එක සමාන රේන්ජ් එකකට එන්න ඕන. ඒ දෙන්නා අතර ඉන්ටිමේට් අවස්ථා නිර්මාණය වෙන්න ඕන. කෙනෙක් අනෙකාගේ ආශාව ස්පර්ශ කරන්න ඕන. මේ හැමදෙයක්ම කරන්න නම් අපි ඒ අපි ආශා කරන කෙනාගේ මානසික විශ්වයට ඇතුල් වෙන්න ඕන. ඒක තමයි යාළුකම කියන්නෙ.

    මෙතනදි මට මැසේජ් කරපු කොල්ලා අපූරු කතාවක් කියනවා. යාළුවො වගේ ඉඳලා ඇරලා යාමක් ගැන. මේ ආකල්පය හරිම ග්‍රාම්‍ය එකක් වග කියන්න ඕන. මේ කියන්නෙ යාළුවෙක් වගේ ඉඳලා ආදර සම්බන්ධයකට එන්නෙ නැතුව වෙන්වෙලා යාමක් වෙන්න පුළුවන්. ඒ යාළුකම ඇතුලෙ වැයවුනු තමන්ගේ මහන්සිය කාලය ගැන පසුතැවීම වෙන්න පුළුවන්. ඒත් කෙනෙක් ආදරවන්තයෙක් වෙන්න සුදුසු වෙන්නෙම ඒ ඉඩ දෙන්න තරම් පොහොසත් නම් විතරයි. මෙතනදි ඒ ඇරලා ගිය කෙල්ලගෙ පැත්තෙන් ගත්තොත් එයා කියයි මේ යාළුකම ඇතුලෙ කොල්ලා කොයිතරම් ඩෙස්පරේට් විදිහට තමන්ගෙ උවමනාවන් වෙනුවෙන් ඉන්න වග එයාට දැනුනද කියල. තමන්ගේ ආදරයේ භාෂාව එයාට තේරුම් ගන්න බැරි වුනාද කියල. 

    කෙල්ලෙක් වෙනුවෙන් මහන්සි වීම, ඒ කෙල්ල වෙනුවෙන් සිහින දැකීම, එයා වෙනුවෙන් දහසක් දේවල් ඉටුකිරීම මේවා ආදරයක තියෙන චමත්කාර දේවල්. අපි මිනිස් සම්බන්දයකදි තේරුම් ගන්න ඕන වැදගත්ම කාරණයක් තමයි ඒ සම්බන්ධයේ අවසානය නෙමෙයි වැදගත්ම වෙන්නෙ. ඒ සමබන්ධය පවතින අවකාශය. වෙන විදිහකට කිව්වොත් මේ ට්‍රයි කරන කාලයමයි ආදරේ වැදගත්ම කාලය වෙන්නෙ. අත්පත් කරගැනීමේ මොහොත කියන්නෙ ආදරය අවසන් වෙන මොහොත. ඒක නිසා තමන් ආදරය කරන හෝ ආශා කරන අය වෙනුවෙන් කළ හැකි උපරිමය බැතිමත්ව කරන්න. ඒක ගනුදෙනුවක ස්වරූපයෙන් විනිශ්චය කරන්න එපා.

    3. එයාට එයා වෙන්න ඉඩ දෙන්න. මේකට තමයි අර මිත්‍රත්ව අවකාශය වැදගත්ම වෙන්නෙ. කෙනෙක් තමන් හා රැඳෙන්නෙ මොකක් හරි උවමනාවක් වෙනුවෙන් කියන හැඟීම කිසි කෙනෙකුට ප්‍රියජනක එකක් වෙන්නෙ නෑ. එතනදි අපි අපේ සීමාවන් ආරක්ෂා කරනවා. අපි විවෘත වෙන්නෙ නෑ. එතකොට ආදරයක් ඇතිවෙන්නෙ නෑ.

    අපි අතර තියෙන සම්බන්ධය අනෙකාව වඩා නිදහස් කරන, විවෘත කරන අවකාශයක් නම් එතන අපිට අපේ හැඟීම් බෙදාගන්න පුළුවන්. අනෙකා හුදු ශරීරයක් විදිහට නැතුව පැවැත්මක් විදිහට තේරුම් ගන්න පුළුවන්.

    විශේෂයෙන්ම ගැහැණියක් තමන්ගේ ආශාව නිරුවත් කරන්නෙ ඒ වගේ ආරක්ෂිත විශ්වාසනීය පරිසරයකදි විතරයි. වඩා වැදගත් වෙන්නෙ අපේ ආශාව එයා තේරුම් ගන්න එක නෙමෙයි, එයාගේ ආශාව අපි තේරුම් ගන්න එකයි. එතනදි හොඳ ශ්‍රාවකයෙක් වෙන්න ඕන. හොඳ කන් දෙකක් තියෙන්න ඕන. හදිස්සියෙන් තොර වෙන්න ඕන. ඒ ඇසුරම ආස්වාදයක් වෙන්න ඕන. අපි අතර සම්බන්ධයකදි එයාට ආරක්ෂිත වැටවල් නැතුව එයා විදිහටම පවතින්න ඉඩ තියෙනවා නම් ඒ කියන්නෙ අපි දැනටමත් ආදරෙයි.

    4. ඔයා කවුද කියල පෙන්නන්න. ඔයා හිතන විදිහ, අහන සිංදු, බලන චිත්‍රපටි, ආස කරන දේවල් එයා එක්ක බෙදාහදාගන්න. කෙනෙක්ට ආදරේ වෙනවා ඒ කෙනා ජීවත් වෙන ලෝකෙට ආදරේ වෙන එක. සම්බන්ධයකදි වැදගත් වෙන්නෙ ඒ ලෝකෙ දෙකක් අතර හුවමාරු වෙන දේවල්. ඉතින් එයාටත් ඔයාගෙ ලෝකෙට ඇතුල්වෙන්න ඉඩදෙන්න. ඔයාගෙ හැඟීම් එයාව ඔෆෙන්ස් කරන්නෙ නැතුව කියන්න පුළුවන් තරමෙ විශ්වාසයක් තේරුම් ගැනීමක් ගොඩනගා ගන්න. එයා ගැන කෙයාර් කරන තරම, එයාට ඔයාව විශ්වාස කරන්න පුළුවන් තරම දැනෙන්න ඉඩ හදන්න. වැදගත්ම දේ තමයි ඔයාගෙ වල්නරබිලිටීස්, ඒ කියන්නෙ බයසැක, නොතේරෙන තැන් එයාට දැනෙන තරමට විවෘත වෙන්න. ඒ පෞර්ෂය එයාට අනුරාගී නම් තීරණය කරන්න එයාට ඉඩ දෙන්න. ඒ තීරණයට ගරු කරන්න ඉගෙන ගන්න.

    5. ආචාරශීලී වෙන්න. ආදරය කරන කෙනා වෙනුවෙන් ලස්සනට අඳින්න. ලස්සනට කතාබහ කරන්න. ලස්සන වචන පාවිච්චි කරන්න. අර මැසේජ් එකේ තිබුනා වගේ එයා ඉස්සරහ බීලා පිස්සු කෙලින්න යන්න එපා. වෙන කවුරුවත් ළඟකදි නැති තරම්, වෙන කිසිම තැනකදි නැති තරම් එයා වෙනුවෙන් ආචාරසම්පන්න වෙන්න. ඒක බොරු මවාපෑමක් නෙමෙයි. එයාව අපිට කොයිතරම් විශේෂද කියල දැනවීමක්.

    අපේ ලංකාවෙ සංස්කෘතියෙන් පුරුදු කරපු නැති දෙයක් තමයි ගැහැණුන්ට ගරු කිරීමේ සමාචාර. එයා වෙනුවෙන් දොරක් විවෘත කරගෙන සිටීම, අවශ්‍ය වෙලාවට අතදීම වගේ දේවල් පුරුදු කරන්න. ඒවා සෝබන නෙමෙයි. අනෙකාට ගරුත්වය, පිලිගැනීම පළකරන විදි.

    මේ විදිහට ආදරය කරන හෝ ආශා කරන ඇයව දිනාගැනීම කලාවක් විදිහට රසවිඳින්න. ඔබේ ආශාව වෙනුවෙන් අනෙකා අවනත විය යුතු නෑ. ඒ වෙනුවට ඇගේ ආශාව අවදි කිරීමට තරම් ඔබ අනුරාගී වෙන එකයි වැදගත්.

  • ආදරේ භාෂා පහ

    ආදරේ භාෂා පහ

    අපි හැමෝම ආදරේ කරනවා. ඒ වගේම ආදරේ විඳිනවා. ඒත් අපි එක එක්කෙනා ආදරේ කරන්නෙත් ආදරේ විඳින්නෙත් එක එක විදිහට. මේක හින්ද නිතර ආදරවන්තයන් අතර ඇහෙන දෙයක් තමයි, එයා මට දැන් ආදරේ නෑ.. එතකොට අනිත් පැත්තෙන්, මං දන්නෙ නෑ මොනවා කරන්නද කියල.. ඔය වගේ කතන්දර.

    විවාහ සම්බන්ධතා ගැන විශේෂඥයෙක් වුනු ආචාර්ය ගැරී චැප්මන් මේ ප්‍රශ්නෙ දිහා සීරියස් විදිහට බැලුවා. එයා අවුරුදු ගානක් එයා ළඟට ආපු විවාහක පෙම්වතුන්ගේ අර්බුද විශ්ලේෂනය කළා. මෙතනදි එයාට තේරුම් ගන්න පුළුවන් වුනා මේ ප්‍රශ්නවල රටාවක් තියෙනවා කියල.

    එක එක අයගේ පෞර්ෂය අනුව ඒ අයගෙ ආදරේ ස්වභාවය වෙනස් වෙනවා. අනෙකාගේ ආදරයේ භාෂාව තේරුම් ගත්තොත් අපිට පුළුවන් වෙනවා වඩා හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න. නැත්තං අන්තිමට අපේ ආදරේ බිඳෙන්නෙ සන්නිවේදන ගැටළුවක් හින්ද.

    ආචාර්ය චැප්මන් ආදරයේ භාෂා පහක් හඳුනාගන්නවා. හැමෝටම මේ භාෂාවන් අතර ප්‍රමුඛ වූ භාෂාවක් තියෙනවා කියල එයා කියනවා. ඒ ප්‍රමුඛ ආදර භාෂාව හරහා අපිට පුළුවන් වඩාත් ආදරේ දනවන්න.

    1. වචන – අපිව දිරිමත් කරන, අපිව පිළිගන්නාසුළු, අපිව ඔසවා තබන වචන තමයි සමහරුන්ට ආදරය වඩාත් දනවන භාෂාව වෙන්නෙ. ඒ අය මානසිකව අවිනිශ්චිත හෝ දුර්වල මොහොතක ඒ වචනවලට පුළුවන් වෙනවා නැවත ඒ අයව සොයාගන්න උදව් කරන්න. ජීවිතයට මුහුණ දෙන්න හුදකලාව නැති කරන්න. ළඟින්ම තව කෙනෙක් ඉන්නවා කියලා දනවන්න. හරියටම දැනෙන අවශ්‍ය වචනය ළඟ ඉඳන් කියන්න පුළුවන්කම ආදරේදි ආර්ට් එකක්.

    2. සේවය – අපිට අවශ්‍ය දේ අවශ්‍යම වෙලාවට කරලා දෙන්න කෙනෙක් ඉන්නවා කියන්නෙත් ආදරයේ ක්‍රියාවක්. ඕනම දෙයක් කරද්දි සහායට ඉන්න ආදරවන්තයෙක් තමයි සමහරුන්ට වඩාත් හදවතට සමීපව දැනෙන්නෙ. ඕනම දේකදි එයාගෙ හැම දෙයක්ම දෙවෙනි කරලා අපේ උවමනාව වෙනුවෙන් වෙහෙසෙන ආදරයේ භාෂාවක් තමයි මේ ළඟම ඉන්න උදව්කාරයා වීම.

    3. තෑගි- තව සමහර කෙනෙකුට ආදරය දැනෙන්නෙම තෑගි හරහා. එයා කැමති දේවල් එයාට තෑගි විදිහට දීම හරහා ඒ ආදරේ ගොඩක් දේවල් ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. හරියටම ගැලපෙන, එයා හොයමින් ඉන්න දේ තෑග්ගක් විදිහට තෝරගන්න සාස්තරේ තමයි මෙතනදි වැදගත්ම කලාව වෙන්නෙ.

    4. වෙලාව – කෙනෙක් තමන් එක්ක ගත කරන කොලිටි ටයිම් එක තමයි තව පිරිසකට ආදරය දනවන ලොකුම දේ වෙන්නෙ. ඔෆිස් වැඩ නැතුව, ෆෝන් එකේ ෆේස්බුක් එකේ නැතුව තමන් එක්ක කතාබහ කරන්න, තමන් එක්ක ගත කරන්න, තමන් වෙනුවෙන් හදාගන්න වෙලාව තමයි ඒ ආදරේ භාෂාව වෙන්නෙ.

    5. ස්පර්ශය – තව කෙනෙකුට ශාරීරික ස්පර්ශය තරම් ආදරය දනවන වෙනත් දෙයක් නෑ. හොඳ හග් එකක්, සමහර විට අතින් අල්ලන් ළඟින් ඉන්න එක, සමහර විට තුරුල් කරගෙන ඉන්න එක, කොයි විදිහකින් හරි අපේ ස්පර්ශය අනෙකා සමග හුවමාරු කරගැනීම තමයි මේ භාෂාව. එතනදි අපි කොයිතරම් අනෙකාගේ ස්පර්ශ සංවේදනයන් තේරුම් ගන්නවද, ඒ ස්පර්ශයේ මෘදුරළු ස්වභාවයන් තේරුම් ගන්නවද කියන එක වැදගත්.

    ඉතින් මේ ආදරේ භාෂා පහ තමයි හැම කෙනෙක්ම ආදරය තේරුම් ගනිද්දි පාවිච්චි කරනවා කියල ආචාර්ය චැප්මන් කියන්නෙ. ඒ වගේම තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතියගේ ආදරයේ භාෂාව අඳුරගන්න එක අනිවාර්යෙන්ම ඒ සම්බන්ධතාවය දුර අරගෙන යනවද කියන කාරණය තීරණය කරනවා. මැසිවිලි නොනගන ආදර සම්බන්ධයකට ආදරයේ පංචවිධ භාෂාවන් ප්‍රගුණ කරන එක වැදගත් වෙනවා.

  • ඇඳක් උඩ සම්මුඛ සාකච්ඡාවක්

    ඇඳක් උඩ සම්මුඛ සාකච්ඡාවක්

    මං එක සෙක්ස් වටයක් ඉවර කරලා එයා මතින් නැගිට්ටා. මං මගේ සුරතාන්තය ලැබුවට එයා එයාගෙ උපරිමයට ඇවිත් තිබුනෙ නෑ. ඉතිං මං එයාගෙ ඇඟ දිගේ ඉඹගෙන පහලට ගියා. කකුල් ඈත් කරලා දිවෙන් එයාව කිතිකවන්න, එයාගෙ ප්‍රමෝදයේ ඉහලටම අරන් යන්න මට ඕන වුනා.
    ම්හ්….
    වෙනදට ඒකට කැමති වුනත් අද එයා මාව වැලැක්වුවා.

    ඇයි?
    ඕනි නෑ. මාව මෙහෙම ටිකක් වෙලා බදාගෙන ඉන්න.

    එයා මට නැවත එයා මත වැතිරෙන මෙන් ඉල්ලීමක් කළා. ඇඟෙන් ඇඟ උනුසුමෙන් තැවරෙන අතරෙ එයා ඇස් පියාගත්තා.

    ඔයා ඇයි හස්බන්ඩ්ට හොරෙන් මාත් එක්ක මෙහෙම සම්බන්දයක් කරන්නෙ?

    මගේ ප්‍රශ්නෙට එයා ඇස් ඇරියා. ඒ ඇස්වල තිබුනෙ යන්තම් නොරිස්සන ගතියක්.
    ඔයා දන්නෙ නෑ පොඩ්ඩක්වත් මූඩ් එකක ඉන්න නේද? ෆැකල්ටි ඔෆ් සෙක්ස් එකේ එඩිටර් නේද?
    මං හිනාවුනා. 
     
    ඉතිං කියන්නකො.
    එයා මාව ඇඟ උඩින් පැත්තකට තල්ලු කරගෙන අනිත් පැත්තට වුනා. දැන් අපි මූනට මූන බලාගෙන. ඇඳේ දෙපැත්තෙ.
    මගෙන් ඔයාට එහෙම මාර සෙක්ස් ප්ලෙෂර් එකක් එන්නෙත් නෑනෙ.
    හ්ම්… දැන් ඇයි ඔයා මේවා අහන්නෙ? ලියන්නද?
    ඔව්.

    ඔයා දන්නවද කෙල්ලෙක් එක්ක සෙක්ස් කරලා ඒක වීඩියෝ කරලා ඔන්ලයින් දාන පිරිමියෙක් කරන වැඩේමයි ඔයා මේ කරන්නෙ කියල?

    ඔව්. එහෙම කියන්නත් පුළුවන් ඕනි නං.

     

    එයා හිනාවුනා.
    මං සතුටු වෙන්නෙ ඔයත් එක්ක මෙහෙම එන එකෙන්. ඉන්ටර්කෝස් එකෙන් නෙමෙයි. මේ කරන ඇඩ්වෙන්චර් එකෙන්. හොර වැඩෙන්.

    ඒ කියන්නෙ හස්බන්ඩ්ට චීට් කරන එකෙන්?

    මං විවෘතව ඇහුවා. දෙන්නෙකුට හෙළුවෙන් ඇඳක ඉන්නකොට පුළුවන් ඕන දෙයක් අමුවෙන් කතා කරන්න.

    මං එයාට චීට් කරලා සතුටු වෙනවා කියන එක වැරදියි. මං හිතන්නෙ මට මෙහෙම කරද්දි මුනගැහෙන මගේ වර්ෂන් එකටයි මං ආස. මං ළමයෙක් ඉන්න අම්මා කෙනෙක් කියන එක මට අමතක වෙනවා. මං බැඳලා මිනිහෙක් ඉන්නවා කියන එකත් මට අමතක වෙනවා. ඒ වෙනුවට මට අමතක වෙලා ගිය මාව මට ආපහු හම්බුවෙනවා. හොර සම්බන්දයක් ඇතුලෙ ගෑනියෙකුට තියෙන සතුට ඒක මං හිතන්නෙ.

    එයා සිගරට් එකක් පත්තු කරගත්තා. එයා සිගරට් බොන්නෙ මෙහෙම ගමනකදි විතරයි. නැත්තං එයා සාරි ඇඳන් ළමයත් අරන් ගුරුදෙගුරු රැස්වීම් වලට යන සමාජයට අනුව හොඳ හැදිච්ච ගෑනියෙක්.
    එතකොට මෙතන ඉන්නෙ මංද කවුද කියන අදාල නැද්ද?

    එයා හිනාවුනා.

    අදාල වෙනවා. ඒ ඔයා කොයිතරං වෙලා මාත් එක්ක සෙක්ස් කරනවද කියන එකෙන් නෙමෙයි. ඔයා එක්ක මට කොයිතරම් මගේ ඒ මගඇරිච්ච සෙල්ෆ් එක ෂෙයාර් කරගන්න පුළුවන්ද කියන එකෙන්. දැන් මේ ඔයා මේ විදිහට හාර හාර අහන ප්‍රශ්න වලින් මට ඔයාව එපා වෙනවා.
    එයා මගේ කම්මුලට එකක් ගැහුවා. 

    කවද හරි ඔයා හස්බන්ඩ් ඩිවෝස් කරලා ඔයා කැමති වයිල්ඩ් චරිතය මේන්ටේන් කරන්න පුළුවන් කෙනෙක් එක්ක ජීවත් වෙන්න හිතන්නෙ නැද්ද?

    පිස්සුද? මං එයාට ගොඩක් ආදරෙයි. මේ ඇඩ්වෙන්චර් එක කියන්නෙ මගේ ජීවිතේ පොඩි කොටසක් විතරයි. එයා එක්ක මං බෙදාගන්න දේවල් මං ඔයත් එක්ක බෙදාගන්නෙ නෑනෙ. එයා මගේ පුතාගෙ තාත්තා. ඒක සරල සම්බන්දයක් නෙමෙයි. අනික එයා හරිම හොඳ කෙනෙක්. 
     

    ඒ කියන්නෙ ආපහු මුලට ගිහින් කසාද බඳින්න තීරනය කළත් ඔයා එයාව බඳිනවද?
    අපි බැන්දෙ අවුරුදු හතරක ලව් එකකට පස්සෙ. මං තාමත් එයාට ඒ වගේම ආදරෙයි. ඔව්, බඳිනවා නං මං ආපහු බඳින්නෙ එයාවම තමයි.

    ඒක මාර වැඩක්නෙ?
     
    මාර වැඩක් නෙමෙයි. අපි ආදරේ කරනකොට මුලින් අපිට දැනෙන කුතුහලය, ආසාව වගේ දේවල් මාර ඉන්ටෙන්ස්. ඒ දවස්වල එයා අතින් ඇල්ලුවත් මාව වෙට් වෙනවා. ඒත් අපි අපි ගැන ගොඩක් දේවල් දැනගත්තම, නිතරම එකට ඉන්න පටන් ගත්තම ටික ටික ඒ ඉන්ටෙන්සිටි එක නැති වෙනවා. එයාට මාව දකින දකින වෙලාවෙදි ඉරෙක්ට් වෙන්නෙ නැති වෙනවා. 

    දැන් අපි සෙක්ස් කරන්නෙත් ගොඩක් කාලෙකින්. ඒ එක්සයිට්මන්ට් එක දෙන්නටම අඩුවෙලා ගිහින්. ඒක නැචුරල්. අපි ඊට වඩා ගොඩක් ගැඹුරෙන් සම්බන්ද වෙලා කියල මට තේරෙනවා.
     

    එතකොට මං?

    මං අසරණ ද ෑසින් බලාගෙන එයාගෙ දිග කොන්ඩ ගස් අතරින් ඇඟිලි අරන් ගියා.

    ඔයාගෙ මට වැදගත්ම දේ වෙන්නෙ මං දිහා ඔයා බලන ඒ ආශාව. ඒක තාම අලුත්. මගේ ඇඟේ හැමතැනකටම ඔයා තාම අලුත්. එහෙම තමන් දිහා පිරිමියෙක් ආසාවෙන් බලද්දි ගෑනියෙකුට දැනෙන ලොකු සතුටක් තියෙනවා. ඒකයි මං ඔයා ළඟට එන්නෙ.

    එයා මගේ අතක් අරගෙන එයාගෙ පියයුරු උඩින් තියාගත්තා.

    එහෙම නැතුව ඔයා මට ආදරේ නෑ ඒ කියන්නෙ?

    මං හිනාවෙවී ඇහුවා. ඒ අතරෙ එයාගෙ ළා දුඹුරු පාට නිපල් එක ඇඟිලිවලින් කිතිකැව්වා.

    ආදරේ කියන්නෙ හරි සංකීර්න වචනයක්නෙ. මං ආසයි ඔයා එක්ක ඉන්න මේ වෙලාවට. ඔයා කතා කරන දේවල්වලට. ඒත් මං කැමති නෑ මේක අත්අරින්න බැරි බැඳීමක් වෙනවට.
    ඔයාට ඕන මාව අත්අරින්න?

    කවද හරි අපි වෙනම අපේ පාරවල්වල යන්න ඕන. එතකොට රන්ඩු වෙවී ලොකු ඩ්‍රාමා දාන්න මං ආස නෑ. අපි ෂෙයාර් කරගත්ත ලස්සන දේවල් තියෙනවා. මට ඕන හැමදාම ඔයාව මගේ හොඳම යාලුවෙක් විදිහට තියාගන්න. අනික අපි අතර තියෙන ඒ දුරම තමයි අපේ එක්සයිට්මන්ට් එක. ඕනවට වඩා ළංවුනොත් ඔයත් මට කසාදෙ වගේම වෙයි.

    හ්ම්…

    ඔව්. මං මෙහෙම ආසයි… මං දිගටම ඒ සුමුදු ස්පර්ශය පවත්වාගෙන ගියා.
    ඉතිං ඔයා කැමති නැද්ද මේක හස්බන්ඩ්ට කියන්න? හොරෙන් නැතුව එලිපිට කරන්න?
    එයා ඇඳෙන් නැගිට්ටා. සිගරට් කොටේ ජනේලෙන් එලියට විසි කළා. පෑන්ටි එක අරන් ඇඳගත්තා.
    මං දන්නවා ඒක එයාට කොහොම බලපායිද කියල. මට ඕන නෑ එයාව එහෙම රිද්දන්න. ඊට වඩා මං කැමතියි මගේ ගිල්ටිය හිතේ තියාගන්න. ඒකෙන් මට එයා ගැන ආදරෙත් වැඩිවෙනවා.
    මගේ හිත නිදහස් කරගන්න කියල ඒ මනුස්සයාගෙ හිතට බරක් පටවන්න ඕන නෑ නේද?

    ඉතිං දවසක එයා දැනගත්තොත්?

    එයා කිසි ගානකට නැතුව කිව්වම මං ඇඳේ කෙලින් වෙලා ඇහුවා.
    ඇත්තටම. මට වැදගත්ම දේ මගේ පවුල වෙන්න ඕන නෙ.
    ඉතිං හස්බන්ඩ් එහෙම දැනගෙනත් ඔයාව තියාගනීද?
    දැන් එයා බ්‍රා එක අඳිනවා. එයා යන්නයි ලෑස්ති වෙන්නෙ. 
    එහෙම දේකින් කැඩිලා යන තරම් සරල සම්බන්දයක් නෙමෙයි අපි අතරෙ තියෙන්නෙ. 
    දැන් ඔයත් ප්‍රශ්න අහන වදකාර පිරිමියෙක් වෙලා. කෝ ඇඳගන්න. යං.
    එයා ඇවිත් පාත් වෙලා මාව ආදරෙන් ඉම්බා. 
    තරහද හ්ම්?  මූන ළඟට පාත්වෙලා ඇහුවා.
    මං හිනාවෙලා ඔලුව වැනුවා.

    ඔයා ඇත්තට ඇහුවා. මං ඇත්තට උත්තර දුන්නා. ඉක්මනට ඇතිවෙලා නැතිවෙලා යන දෙයක් හින්ද තමයි මේ අපේ සම්බන්දෙ පොඩි වෙලාවක්වත් අපතේ යවන්න නරක. ඒ අස්තිරබවම තමයි මේකෙ තියෙන ආස්වාදයත්. නැද්ද?

    දැන් මට මාව පාවිච්චි වෙනවා වගේ හැඟීමක් දැනෙනවා.. මං ඇඳෙන් නැගිටලා අන්ඩර්වෙයාර් එක හොයන ගමන් කිව්වා.

    අපි දෙන්නගෙන් එක්කෙනෙකුට එහෙම දැනෙන්න ඕනනෙ. ඒ කෙනා ඔයා වෙච්ච එක ගැන මට සතුටුයි.
    එයා හිනාවෙවී මගේ ජොකා අහුලලා මගේ පැත්තට විසි කළා.
     

    මේ දේවල් ලිව්වට කමක් නෑ. කිසිම නමක් ගමක් සඳහනක් කරන්නෙ එහෙම නෑ.
    මරනවා එහෙම වුනොත්.

    එයා මට ආදරෙන් කිව්වා

  • හෙලන්ගෙන් වදන් දහයක්

    හෙලන්ගෙන් වදන් දහයක්

    හෙලන් ගර්ලි බ්‍රවුන් අවුරුදු 32ක් කොස්මොපොලිටන් මැගසින් එකේ සංස්කාරක වෙලා හිටියා. එයා කොස්මො සඟරාව පාවිච්චි කළේ රැඩිකල් අදහසක් වෙනුවෙන්. ගැහැනුන්ට සමාජයේ එලියට බැහැලා හොඳ රස්සාවක් කරන්නත්, ඒ වගේම කැමති කෙනෙක් එක්ක රොමාන්තිකව ආදරය කරන්නත්, මිළමුදල් පොහොසත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නත් එකවිට පුළුවන් කියන මතය සමාජගත කරන්න. ගැහැණියක් මේ කිසි දෙයක් වෙනුවෙන් තව දෙයක් කැප කළ යුතුයි කියල හෙලන් විශ්වාස කළේ නෑ. එයා ඒක ආදර්ශයෙන් කරලා පෙන්නුවා.


    ගොඩක් කෙල්ලො වගේම කොල්ලොත් සෙක්ස් සහ රොමෑන්ස් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ කොස්මොපොලිටන් මැගසින් පිටුවලින්. කොස්මො තමයි 1960 ගනංවල ඉඳන් මෑතක් වෙනකල්ම තරුණ කෙල්ලන්ගෙ, තනිකඩ ගැහැණුන්ගෙ සහ නාගරික ගෘහනියන්ගෙ තොරතුරු තාක්‍ෂන සඟරාව වුනේ.
    ඒකෙ ගෞරවය තනිකරම හිමිවෙන්නෙ කොස්මොවලට සෙක්ස් සහ සෙක්ස් ඇපීල් එක ගැන විවෘත සංවාදය හඳුන්නලා දුන්නු හෙලන් බ්‍රවුන්ට. එයාගෙ සංස්කාරකත්වය යටතේ පලවුනු හැම ලිපියකම තිබුනා ෆෙමිනිස්ට් ටෝන් එකක්. ඒ වගේම සඟරා කාර්යාලෙත් හෙලන් ගැහැණුන්ට වගකීම් දරන ප්‍රධාන තැන් පවරා දුන්නා. අද ෆැෂන් මැගසින් දැක්කම ඒවා ස්ටයිල්වලට වඩා සෙක්ස් පැත්තට වැඩි වගේ කියල හිතෙනවා නම් ඒකටත් වගකියන්න ඕන හෙලන්.  ගැහැනියක් සෙක්ස්ද විලාසිතාද කියන දෙකෙන් එකක් තෝරගන්න ඕන කියල හෙලන් විශ්වාස කළේ නෑ.

    “මං කවදාවත් කැමති වුනේ නෑ මට ප්‍රෝග්‍රෑම්වෙලා තිබුනු ජීවිතයට. සාමාන්‍ය දුප්පත් ජීවිතයක්. අවුරුදු 07 ඉඳන් මං ඒකට විරුද්ධ වුනා.”
    හෙලන් පොඩි කාලෙ ඉඳන්ම එයාට පැවරුනුජීවිතේට එරෙහි කැරැල්ලක හිටපු කෙනෙක්.

    “ඔයා සෙක්ස් ඔබ්ජෙක්ට් එකක් නෙමෙයිද? එහෙනං ඔයා ඉන්නෙ ලොකු අවුලක”

     හෙලන් ප්‍රසිද්දියෙ කියද්දි සාම්ප්‍රදායික ස්ත්‍රීවාදීන් කුලප්පු වුනා. 

    හෙලන්  1962දි ලියනවා සෙක්ස් ඇන්ඩ් සින්ගල් ගර්ල් කියන පොත. ඒ පොතේ තියෙන්නෙ ගැහැනියකට තනිකඩව හිඳිමින් ජීවිතේ විශාලව ගත කරන විදිහ. ඒකෙ හෙලන්  විවෘතවම අවිවාහක කාන්තාවන් සෙක්ස් කිරීම සහ සෙක්ස් ආස්වාද කිරීම ගැන ලිව්වම ගොඩක් විචාරකයො හෙල්ලිලා ගියා. ඒ වගේම පොතේ මිලියන ගනං කොපි අලෙවි වුනා.

    හෙලන් අවුරුදු 90ක් ජීවත් වුනා. එයා අන්තිම වෙනකල්ම එයාගෙ තරුණකම අත්අරින්න ලෑස්ති වුනේ නෑ. නිව්යෝර්ක් ටයිම්ස් හෙලන්ගෙ ප්ලාස්ටික් සර්ජරි ගැන පවා ලිව්වා.

    මේරි රිචර්ඩ්ස් කියන ටීවී චරිතය තනිකඩ ගැහැණුන්ට කසාදය වෙනුවට වෘත්තීය සාර්ථකත්වය තෝරගන්න කියද්දි හෙලන්  කිව්වෙ මේ හැමදෙයක්ම එකපාර ලබාගන්න කියලයි. හොඳ රස්සාවක්, හොඳ ආදරයක් වගේම හොඳ ජීවිතයක් එකවර විඳින්න ගැහැනියකට හැකියාව තියෙනවා කියලයි කොස්මොපොලිටන් කිව්වෙ.

    “සල්ලිවලට සතුට ගේන්න බැරි නං අඩුතරමෙ සුවපහසු විදිහට දුක්වෙන්න ඉඩක් හදන්න පුළුවන්” හෙලන් පෙනී හිටියෙ සුවපහසු ජේත්තුකාර ජීවිතයක් වෙනුවෙන්.

    එයා කෙල්ලන්ට අවවාද කළා.“මතක තියාගන්න. තැනකට ගියාම දිගටම කතා කරගෙන යන්නෙ ඔයා නම්, මේ වෙද්දිත් ඔයා කාට හරි බෝරිං වෙන්න පටන් අරගෙන”

    හෙලන් බ්‍රවුන්ගෙ කොස්මොපොලිටන් පෙරලිය අද කාලෙට ගලපලා කරපු ටීවී සීරීස් එකක් නෙට්ෆ්ලික්ස්වල තියෙනවා. ද බෝල්ඩ් ටයිප්. ඒක නිර්මාණය කරන්නෙ හිටපු කොස්මොපොලිටන් සංස්කාරකවරියක් වුනු ජොආනා කෝල්ස්. හරිම සරල, සුමට, සබන්මය ගතියකින් කරපු නිර්මාණයක් වුනත් ඒක ඇතුලෙ කොස්මොපොලිටන් ෆිලොසොෆිය හොඳට විස්තර වෙනවා.

    මෙන්න හෙලන් කියපු හොඳම වදන් දහය.

    1. තියරියෙ හැටියට ලස්සන තනිකඩ කෙල්ලෙකුට සෙක්ස් ලයිෆ් එකක් තියෙන්න බෑ. මොන බොරුවක්ද? එහෙම කෙනෙක් තමයි එයාගෙ බැඳපු යාළුවන්ටත් වඩා හොඳ සෙක්ස් ලයිෆ් එකක් ගත කරන්නෙ.

    2. සෙක්ස් තමයි ලෝකෙ තියෙන හොඳම දේවල් තුනෙන් එකක්. අනිත් දෙක මොනවද කියල මං දන්නෙ නෑ. ඔයා නිතරම ඔයාට කියාගන්න ඕන මේ වචන. “ මං සෙක්ෂුවල් මනුස්සයෙක්. මට මගේ ජීවිතේට සෙක්ස් ඕන. මං කොහොමවත් ඒක නැතිවෙන්න දෙන්නෙ නෑ” 

    3. ගැහැණුන්ටත් ඕන පිරිමින්ට ඕන දේවල්මයි. සමාජයේ සාධාරණ පිලිගැනීම, සතුට, ගෞරවය, ප්‍රශංසාව සහ වැඩ කරන්න ධෛර්යය දීම කියන දේවල්.
    4. පිරිමි කියන්නෙ සතුරො නෙමෙයි. ඒ වගේම ගැහැණු කියන්නෙ ගොදුරු නෙමෙයි. කම්මැලිකම, බය, අරමුණු හඹා නොයාම තමයි ඔයාව එක තැන හිරකරලා තියෙන්නෙ.

    5. හැම ආදරයක්ම රොමැන්ටික් නෑ. ඔයාට පුළුවන් ගොඩක් අයට ආදරය කරන්න.

    6. අවදානමට බය වෙන්න එපා. ඔයාට නැවත නැවත වේදනා විඳින්න වෙන්න පුළුවන්. ඒත් වේදනාවට බෑ ඔයාව වට්ටන්න. වේදනාව උඩින් පිම්මක් පැනලා ඒ වේදනාව ඔයාගෙ ඊලඟ වැඩේට බලයක් කරගන්න පුළුවන් නම් ඔයා සාර්ථකයි.

    7. හොඳ කෙල්ලො ස්වර්ගයට යනවා. නරක කෙල්ලොන්ට පුළුවන් ඕන තැනක යන්න.

    8. ලස්සනට බෑ ඔයාව සතුටෙන් තියන්න. ඒත් කියවීම ලිවීම සහ සිතීම කියන මොලේ වැඩවලට ඒක පුළුවන්.

    9. කිසිම ගැහැණියක් ස්ත්‍රීවාදියෙක් වෙන්නෙ කොහොමද? ගැහැනියකට ඕන එයා වෙන්න. ෆෙමිනිස්ට් කියන්නෙ ඒක නෙමෙයි නං ඉතිං මං දන්නෙ නෑ ඒ මොකක්ද කියල.

    10. මගේ දර්ශනය මේකයි. ඔයා සෙක්ස් කරන්නෙ නැද්ද? එහෙනං ඔයා ඉවරයි

    Helen Gurley Brown and David Brown, New York City, 1963

  • හෙළුවෙන් හොල්ලන සමාජ ජාලා

    හෙළුවෙන් හොල්ලන සමාජ ජාලා

    ”අනියම් ඇසුරක් මාට්ටු වී නිරුවතින් දිව යන මන්ත්‍රීවරයෙකුගේ වීඩියෝව සමාජ ජාලා හොල්ලයි”

    මේක මාර හෙඩිමක්. ඇසුර අනියම්. ඉන්නෙ මන්ත්‍රියෙක්. දුවන්නෙ හෙලුවෙන්. එහෙම දුවද්දි සමාජ ජාලා හෙල්ලෙනවා. මේවා නිව්ස් නෙමෙයි. වනචර කතන්දර. 

    මේ නිව්ස් එක හැදෙන්නෙ මන්ත්‍රී මහපාරෙ හෙළුවෙන් දුවලා නෙමෙයි. අපි මන්ත්‍රී හෙළුවෙන් හිටපු කාමරේ අස්සට රිංගලා. මේ වීඩියෝව මුදාහරින්නෙ ඒ කවුරු හරි එතන ඉන්නවා කියන ගැහැණියගේ සැමියා. වීඩියෝවෙ අරමුණ වෙන්නෙම සමාජය ඉස්සරහ මිනිස්සු දෙන්නෙක් නිරුවත් කිරීම. වරද ප්‍රේමයක්.

    ප්‍රේමයේ නියම් අනියම් කියල ප්‍රභේද නැහැ. ඒක තියෙන්නෙ නීතියෙ. නීතිය කියන්නෙ ප්‍රේමය නැතිම තැන. මේ සැමියා මේ වීඩියෝව කරන්නෙ රිවෙන්ජ් එකක් විදිහට. මගේ ගෑනි කියල හඳුන්වන කාන්තාවක් ඇගේ කැමැත්තෙන් කරගෙන යන ප්‍රේම සම්බන්ධතාවයක් මැද්දට සැමියෙක් කඩාගෙන පැනලා තියෙනවා. එයාගෙ අරමුණ වෙන්නෙ ඇයව නිරුවතින් පිරිමියෙක් සමග වීඩියෝ කරලා සමාජාපවාදයට ලක් කිරීම. එයාගෙ අදහස එයාට ඒකට අයිතියක් තියෙනවා කියල වෙන්න ඕන.

    ඒ වගේම මේ සැමියා කියන පිරිමියා තුල ඒ ගැහැනිය ගැන කිසිම ආදරයක් තබා මනුෂ්‍ය ගෞරවයක්වත් නැති වගත් පැහැදිලියි. ඈ සම්බන්ධතා පවත්වන්නෙ කාත් එක්කද කියන එක ඇගේ තීරණයක්. ඒක සැමියාගෙ කැමැත්තට පටහැනි නම් එයාට පුළුවන් වෙන් වෙන්න. නිරුවතින් වීඩියෝ කරලා සමාජයට මුදහැරීම කියන්නෙ අශිෂ්ට අසභ්‍ය ක්‍රියාවක්. අපරාධයක්.

    හෙඩිම වෙන්න ඕන අශිෂ්ට සැමියාගේ නිරුවත සමාජ ජාලා හොල්ලයි කියල.

    මේක සී නිව්ස් වගේ වෙබ් අඩවිවල පලවෙන එකෙන් සහ මේ මන්ත්‍රී කියල විශේෂයෙන් කොටු කරලා හැඳින්වීම ඇතුලෙ මේක පිටිපස්සෙ සෙක්ෂුවල් රිවෙන්ජ් එකට අමතරව පොලිටිකල් රිවෙන්ජ් එකකුත් තියෙන වග පැහැදිලියි. මෙතනදි සදාචාරයට මුවා වෙලා ඉන්න හැමෝම කරමින් ඉන්නෙ අපචාරයක්. මේ නිව්ස් එකේ කතා කරන හෙළුව තියෙන්නෙ කැමරාව ඉස්සරහ නෙමෙයි. කැමරාව පිටිපස්සෙ.

     අපි හිටගන්නෙ පෙම්වතුන්ගෙ පැත්තෙ. ඔයා හිටගන්නෙ පොලිසිය පැත්තෙද?