Category: Features

  • රා රා රස්පුටින්

    රා රා රස්පුටින්

    රස්පුටින් ගැන ඉතාම හොඳ යූටියුබ් වැඩක් චාමර සුමනපාල කරලා තිබුන. රස්පුටින් කියන්නෙ දෙවියෙක් යකෙක් කියන තැනින් ගලවලා රස්පුටින් කියන්නෙ ගැමියෙක් මිනිහෙක් කියන තැනට ගේන්න චාමර රුසියානු ඉතිහාසයේ කරුණු ගලපමින් රස්පුටින් මිත්‍යාව පරීක්ෂාවට ලක්කරනවා.

    මේ කරන්නෙ රස්පුටින් ගැන තවත් විදිහක ඉතිහාස කරුණු ඇවිස්සීමක්. විශේෂයෙන් රස්පුටින්ගෙ ලිංගික ජීවිතය ගැන විස්තර හොයායාමක්. එතනදි චාමරට වගේ ඇත්තම සොයායෑමේ උවමනාවක් මට නෑ. ඒ වෙනුවට රස්පුටින් ගැන ඉතිහාස සාක්ෂි, කටින්කට එන කතන්දර, විශ්වාස ඇදහිලි හැමදෙයක්ම එකට අරගෙන ඒ මහා ප්‍රබන්ධය රසවිඳින්නයි මෙතන උවමනාව.

    ග්‍රිගොරි එෆිමොවිච් රස්පුටින් 1871 ඉඳන් 1916 වෙනකල් කාලයේ ජීවත් වුනා කියල තමයි කියන්නෙ. රස්පුටින් සාන්තුවරයෙක් වගේම යක්ෂයාගේ දූතයෙකුත් වුනා. මේ සයිබීරියානු පිස්සු පූජකයා එයාගෙ අනුරාගය වෑහෙන ඇස්වලින් ගැහැණුන්ව ලිංගික උන්මාදයකට අරගෙන ගියා. නිකොලස්ගේ හිමොෆීලියාව වැළඳුනු දරුවට ප්‍රතිකාර කිරීමෙන් ට්සාර් පවුලේ විශ්වාසය දිනාගත්තා. එක් තීරණාත්මක පරිච්ඡේදයක රුසියානු ඉතිහාසයේ සංධිස්ථානයක් සලකුණු කළා.

    රස්පුටින්ට තිබුනා දිගට වැවුණු කිළුටු කොන්ඩයක්. ඒක මැදින් බෙදලයි තිබුනෙ. කැපී පෙනෙන ලොකු නහයක්. අපිලිවෙල දිග රැවුලක්. ඒ වගේම විනිවිද දකින, ගැඹුරු, උන්මාදනීය ඇස් දෙකක්. රස්පුටින් නෑවෙ ඉතා කලාතුරකින්. ඒක හින්දම එයා ළඟින් යද්දි ගඳක් දැනුනා. එයා කෑම කෑවෙ අත්වලින්. රස්පුටින්ව දැකපු සමහරු කියන්නෙ එයා උසයි කියල. සමහරු කියන්නෙ එයා කොටයි කියල. සමහරු කියනවා එයා දෙවෙනි නිකලස්ගෙ බිරිඳ ඇලෙක්සැන්ඩ්‍රාගෙ පෙම්වතා කියල. රස්පුටින්ට වැඳුම්පිදුම් කරපු ගැහැනියක් කියන විදිහට රස්පුටින් බෙලහීනයි.

    බටහිර සයිබීරියාවෙ ගමක රස්පුටින් ඉපදෙන්නෙ. ඒ ගොවි පවුලක තුන්වැනියා විදිහට. රස්පුටින් පොඩි කාලෙ ඉඳන් වැඩිපුර ස්වභාව ධර්මය එක්ක ගත කරනවා. මිනිස්සු එක්ක කතාබහ අඩුවෙන්. රස්පුටින්ගෙ මුල්කාලෙ ගැන විස්තර හරිම අපැහැදිලියි. ඒත් එයා මිනිස්සුන්ගෙ ලෙඩ සුවපත් කළ බව කියනවා. රස්පුටින් කියන නම පවා පටබඳින්නෙ ගැමියන් විසින්. ඒකෙ තේරුම නිදහස්කාමී කියන එක. සදාචාරය තුට්ටුවකටවත් මායිම් නොකර ඉන්ද්‍රිය තෘප්තිය හඹායනවා කියන එක.

    රස්පුටින් අවුරුදු 18දි බැඳලා ළමයි තුන්දෙනෙක් හදනවා. එයා හොඳටම බොනවා. හොඳටම යාඥා කරනවා. හැබැයි පාදිලියෙක් නෙමෙයි. අවුරුදු 20දි ගොවිපොලේ වැඩකරමින් ඉන්න අතරෙ රස්පුටින්ට කන්‍යා මරියාතුමිය දර්ශනය වෙනවා. එයාගෙ මේ අමුතු විජ්ජා ගැන හොයන්න ගමේ පූජකයා ලෑස්ති වෙද්දි රස්පුටින් ගම අතෑරලා යනවා.

    එයා දෙවියන්ගෙ පනිවුඩකරුවෙක් විදිහට ගමෙන් ගමට යනවා. ග්‍රිගොරිගෙ තාත්තා එක වෙලාවක කියනවා ‘මිනිහා වන්දනාකාරයෙක් වුනේ කම්මැලිකම හින්ද. වෙන මොකක්වත් හින්ද නෙමෙයි’ කියල. රස්පුටින් අවබෝධය හොයාගෙන යනවා. එයා විශ්වාස කරන්නෙ දෙවියන් කරා ළංවිය හැකි හොඳම මාර්ගය දිගටම පාපයේ ගැලීමයි කියල. විශේෂයෙන්ම සෙක්ස් මාර්ගයෙන්. ඒ වගේම කළ පාපය ගැන පසුතැවීමෙන්.

    රස්පුටින්ගෙ දුව මරියා පස්සෙ ලියනවා රස්පුටින්ගෙ තාත්තාට කවදාවත් රස්පුටින්ව තේරුම් ගන්න බැරිවුනා කියල.

    රස්පුටින්ගෙ ලිංගික හැකියාව ගැන කතා ඇත්ත නම් රස්පුටින් ප්‍රමාණයෙන් සහ වික්‍රම පෑ හැකි කාලයෙන් කියන අංශ දෙකෙන්ම වැඩකරුවෙක් වෙලා ඉඳලා තියෙනවා. මේ හැකියාවන් දෙවියන් විසින් එයාට දීපු දේවල් විදිහට එයා විශ්වාස කළා. ඒ වගේම රස්පුටින් ඛිලිස්ටි කියන නිකායෙ සාමාජිකයෙක් බවට පත්වෙනවා. ඒක ශෘංගාරය සහ ශෘංගාරය ආශ්‍රිත දේවලින් ආධ්‍යාත්මිකත්වය හොයාගෙන යන නිකායක්.

    මරියා රස්පුටින් ලියන විදිහට ‘රස්පුටින්ගෙ කාන්තා බැතිමත්තු ඔහුගේ ශිෂ්නය වන්දනා කරනවා. ඒකට ලිංගිකමය සහ මිත්‍යාමය ඇදහිලි ආරෝපනය කරනවා. කොහොමටත් ඒක අසාමාන්‍ය ලිංගේන්ද්‍රියක්. ප්‍රාණවත් වුනාට පස්සෙ අඟල් 13ක් විතර දිගයි. හැඟීම් ඇවිස්සුනාට පස්සෙ ඇදහිලි ගැන සිහියක් නැති වෙනවා. සහභාගි වෙන හැමෝම ඕර්ජි එකක් නැත්තං සමූහ සම්භෝගයක් අරඹනවා. මේ වගේ දේකට පස්සෙ තාත්තා පැය ගානක් භාවනා කරනවා. එයාගෙ අභ්‍යන්තර මනස කිසියම් හෝ කැළඹීමකට ලක්වුනාද කියල පරීක්ෂා කරනවා’

    රස්පුටින් එයාව හැඳින්නුවෙ ‘හෝලි ස්ටාර්’ කියල. එයාගෙ නිදන කාමරය ‘ශුද්ධ දේ අතරිනුත් පාරිශුද්ධ වූ’ තැනක් වුනා. එයා එයාගෙ බැතිමතියන්ට කිව්වෙ මාංශය විඳින්න කියල. ආගමික් ස්තෝත්‍ර කියන අතරෙ ඔවුන්ගේ පියයුරු හුරතල් කරමින් රස්පුටින් ඔවුන්ව ලිංගික-ආධ්‍යාත්මික එක්ස්ටසියකට අරන් ගියා. රස්පුටින් එක්ක සෙක්ස් කළා කියල ඒ ගැහැණුන්ගෙ සැමියන් උරණ වුනේ නෑ. රස්පුටින් එක්ක සෙක්ස් කිරීම දෙවියන් විසින් පනවන ලද පව්සමාකිරීමේ ක්‍රියාවක් හැටියෙන් ඒ ගොල්ලො විශ්වාස කළා.

    රස්පුටින්ට පෙම්වතියන් දහස් ගානක් හිටියා කියල විශ්වාස කරනවා. ඒ අතර ගැමි කෙල්ලන් වගේම වංශවත් කාන්තාවනුත් ඉන්නවා. ඒ හැමෝම රස්පුටින්ට දෙවියෙකුට වගේ බැතිමත් වුනා. රස්පුටින් ගමකට එද්දි ගැමි කෙල්ලො එයාගෙ පාද ළඟ වැද වැටුනා. ‘ග්‍රිගොරි පියතුමා, අපේ ගැලවුම්කාරයා’ ඒ ගොල්ලො මැතිරුවා.

    ඒත් රස්පුටින් කිව්වෙ එයා වංශවත් ගැහැණු එක්ක යහන්ගත වෙන්න වඩා කැමතියි කියල. ඒ මොකද ඒ අයගෙ සුවඳ වඩා හොඳ හින්ද. රස්පුටින්ට ලැබුනු මේ අවධානයෙන් එයාගෙ නිල් ඇස් ඇති සුදු කෙස් ඇති ගැමි බිරිඳ කණස්සල්ලට පත් වුනේ නෑ. ‘එයාට හැමෝටම ඇතිතරම් තියෙනවා’ ඇය කියනවා.

    රස්පුටින්ව මරන්න කීපවතාවකම උත්සාහ කරනවා. එකවරක් ගණිකාවක් වන්දනාවෙ යන විදිහට ඇවිත් රස්පුටින්ගෙන් සල්ලි කීයක් හරි ඉල්ලනවා. කාසි කීපයක් ගන්න සාක්කුවට අතදාද්දි ඇය පිහියකින් රස්පුටින්ගෙ බඩට අනිනවා. ‘මං ජේසුස් වහන්සේගේ සතුරා මරා දැම්මා’ කියල ඇය කෑ ගහනවා. රස්පුටින් පිහිය එලියට ඇදලා අරන් අතින් බඩ තද කරගෙන ට්සාර් මාලිගාවට දුවනවා. ඒ රාජකීය මාලිගයේ කෑම මේසෙ උඩ රස්පුටින්ගෙ සැත්කම කරනවා. රස්පුටින් මැරෙන්නෙ නෑ.

    ‘මං මැරුනොත් ට්සාර්ගෙ ඔටුන්න නැති වෙනවා’ රස්පුටින් කියනවා.

    ෆීලික්ස් යුසුපොව් කියන වංශවතා ලෑස්ති කරන පාටියකදි රස්පුටින්ට වහ දාපු වයින් වීදුරු කීපයක් පොවනවා. පොටෑසියස් සයනයිඩ් දාපු කේක් කන්න දෙනවා. ඒකෙන් රස්පුටින්ට කිසි ගානක් නැති වුනාම මාලිගාව ඇතුලෙදි වෙඩි තියනවා. මැරිලද කියල බලන්න ෆීලික්ස් පාත්වෙද්දි රස්පුටින් එයාගෙ බෙල්ල මිරිකලා අල්ලගන්නවා. ෆීලික්ස් උදව් ඉල්ලගෙන පැනලා දුවනවා. රස්පුටින් මිදුලට පැනගන්නවා. ෆීලික්ස් යුසුපොව්ගෙ කණ්ඩායම රස්පුටින්ට පන්න පන්න වෙඩි තියනවා. පොලුවලින් ගහනවා. පිහියෙන් කීපවරක් ඇනලා මොයිකා ඇලට දානවා. අවුරුදු 44දි රස්පුටින් වතුරෙ ගිලිලා මැරෙනවා. ගැමියන් සහ රස්පුටින් පෙම්කළ ගැහැණු මේ මරණය ගැන ශෝක වෙනවා.

    රස්පුටින්ගෙ ළමයි තුන්දෙනා ලොකු වෙනවා. දිමිත්‍රි සහ වර්යා රස්පුටින් මැරුනු කාලයේම ආපහු සයිබීරියාවට යනවා. රස්පුටින්ගෙ දුව මරියා රුසියානු නිලධාරියෙක් බැඳලා කැබරේ ගායිකාවක් විදිහට වැඩකරනවා. ඒ අතරෙ රිංග්ලින් සහෝදරයන්ගෙ සර්කස් එකක ‘පිස්සු පූජකයාගේ දුව’ විදිහට සත්තු එක්ක නර්තන ඉදිරිපත් කරනවා. 1945දි ඇමරිකානු පුරවැසිභාවය ගන්නා ඇය තාත්තා ගැන පොත් කීපයක් ලියනවා. එයින් එකක් තමයි, රස්පුටින්- මිත්‍යාව පිටුපස මිනිසා.

  • සුවඳ දැනී දැනී දැනෙනවා….

    සුවඳ දැනී දැනී දැනෙනවා….

    මේ මෑතක මගේ පිටරටක ඉන්න යාලුවෙක් කතාවක් මැද මාර කතාවක් කිව්වා.

    ‘ඔය මචං මාර්කටින් වලින් අටවපු උගුල්නෙ අපි බදාගෙන ඉන්නෙ. දැන් බලපං අපි ගඳයි කියල උන් අපිට සුවඳ ගහන්න කියල දුන්නා. දැන් අපි පර්ෆියුම් ගානවා, ඩියොඩ්‍රන්ට් ගානවා. අපිට අපිව ගඳයි. තනිකර උගුලක් ඕක’

    මීට කලිනුත් ලංකාවෙ කීපතැනක මං මේ කතාව අහලා තියෙනවා. අපිව සුවඳ කරවීම වෙළඳපොලේ බලහත්කාරයක් හැටියෙන්. මට ඒ කතාව ගැන පුදුමයි.

    මේ සුවඳ කිරීමේ නිර්මාණශීලී පුරුද්ද නිසා අපේ ශෘංගාරයේ දියුණු වෙන ඉසියුම් වෙන තැන් ගැන කියල නිමකරන්න බෑ. ඒ විඳීම, ආඝ්‍රාණය නිසාම අපිට ෆැන්ටසීන්වල පීනන්න පුළුවන්. පෙම්වතිය හෝ පෙම්වතා ඇතුලෙන් හැඟීමක් ඉඹින්න පුළුවන්. ඒ සුවඳත් ශරීර සුවඳත් අතර කැලතිල්ලෙ නැලවෙන්න පුළුවන්. පර්ෆියුම් එකක් කියන්නෙ සෙක්ස්වලදි මැජික් එකක්.

    අපි අපේ ශරීරයේ සුවඳ කියන එක නිර්මාණ කලාපයක් විදිහට බාරගැනීමක්. ඒ ඇසුරෙන් විවිධ අත්දැකීම් මවන්න අපිට පුළුවන්. සුවඳට පුළුවන් හැමදෙයක්ම වෙනස් විදිහකින් දනවන්න. ඒක අපිට හසුනොවෙන තරම් සියුම් තැනක්.

    ඒ මානව සංවේදිතාවයන් දියුණු තියුණු කරපු එක මාර්කටින්වලට පවරන්න පුළුවන්ද? ඒක අපේ සවිඥානකත්වයේ දියුණුවක්. අපේ රස කලාපයන්ගේ විස්තීර්ණවීමක්.

    මෙතනදි වැදගත් කාරණයක් වෙන්නෙ අපේ සාමාන්‍ය ශරීරයෙ සුවඳ හෝ ගඳ ගැන ලැජ්ජාවකින් පෙලෙන්න දෙයක් නෑ කියන එක. ඒ පියවි සුවඳට අමතරව තව සුවඳ ෆැන්ටසිවල අපිට රමණය කරන්න පුළුවන්. අපේ එකිනෙකාගෙ දහඩිය සුවඳ කියන එක සෙක්ස්වලදි දැනෙන මූලිකම කාම උද්දීපකයක්. ඒ ප්‍රාථමිකයෙ ඉඳන් අපිට පුළුවන් තවත් අනේක සුවඳ දෙව්ලොව මවන්න.

    “සුවඳ කියන්නෙ ශෘංගාරයේ ප්‍රාථමිකම කොටස. ඒක ගැන අපි උවමනාවෙන් බැලුවත් නැතත්. සුවඳ කියන්නෙ අපේ ආදරවන්තයාගෙ ශරීරය විනිවිදීමක්. ගොඩක් අය විශ්වාස කරනවා ආදරවන්තයන්ගෙන් කෙනෙක් ඇත්තටම අනුරාගීව උද්දීපනය වෙන්න නම් එයා අනෙකාගේ ස්වභාවික සුවඳට ඇළුම් කරන්න ඕන කියල. ඒත් ඔයාට පුළුවන් හිතාමතාම සුවඳ පාවිච්චි කරලා ඔයාගෙ ශෘංගාර ජීවිතේ වඩා රසවත් කරන්න. සෙක්ස් කරද්දි විතරක් විශේෂ සුවඳක් ගල්වන්න. ඒ සුවඳත් එක්ක මතකයක් නිර්මාණය කරන්න. කාලයක් යද්දි ඒ සුවඳ කියන්නෙ ඔය දෙන්නගෙ සුන්දරම මතක මිටියාවතක් වෙනවා. ඒ සුවඳ දැනෙන ඕනම තැනක ශෘංගාරය අවදි වෙනවා.

    අපේ ප්‍රකෘතිම සුවඳ වෙන සෙක්ස් සහ දහඩිය සුවඳ ගැන ගොඩක් අය ලැජ්ජ වෙනවා. ඒ ලැජ්ජාව හින්ද ඒ අයගෙ සෙක්ස්වලට පවා බාධා වෙනවා. සමහර කාන්තාවෙ මේ ලැජ්ජාව නිසා ඕරල් සෙක්ස් කරන්නෙ පවා නෑ. ඒත් ඒ අය දන්නෙ නෑ ඒ අයගෙ පෙම්වතුන් මේ සුවඳට කොයිතරම් ආසද කියන එක. ඔයාට පුළුවන් නම් ඔයාගෙ ආදරවන්තයා ඔයාගෙ නිරුවත් ශරීරයේ සුවඳත් රසයත් නිසා අනුරාගයෙන් මත්වෙන හැටි තේරුම් ගන්න ඔයාට තව තවත් ගැඹුරට ආස්වාද කලාපයන් තරණය කරන්න පුළුවන් වෙනවා’


    ක්‍රිස් මැක්ස්වෙල් රෝස්

  • සුවඳ දැනී දැනී දැනෙනවා..

    සුවඳ දැනී දැනී දැනෙනවා..

    මේ මෑතක මගේ පිටරටක ඉන්න යාලුවෙක් කතාවක් මැද මාර කතාවක් කිව්වා.

    ‘ඔය මචං මාර්කටින් වලින් අටවපු උගුල්නෙ අපි බදාගෙන ඉන්නෙ. දැන් බලපං අපි ගඳයි කියල උන් අපිට සුවඳ ගහන්න කියල දුන්නා. දැන් අපි පර්ෆියුම් ගානවා, ඩියොඩ්‍රන්ට් ගානවා. අපිට අපිව ගඳයි. තනිකර උගුලක් ඕක’

    මීට කලිනුත් ලංකාවෙ කීපතැනක මං මේ කතාව අහලා තියෙනවා. අපිව සුවඳ කරවීම වෙළඳපොලේ බලහත්කාරයක් හැටියෙන්. මට ඒ කතාව ගැන පුදුමයි.

    මේ සුවඳ කිරීමේ නිර්මාණශීලී පුරුද්ද නිසා අපේ ශෘංගාරයේ දියුණු වෙන ඉසියුම් වෙන තැන් ගැන කියල නිමකරන්න බෑ. ඒ විඳීම, ආඝ්‍රාණය නිසාම අපිට ෆැන්ටසීන්වල පීනන්න පුළුවන්. පෙම්වතිය හෝ පෙම්වතා ඇතුලෙන් හැඟීමක් ඉඹින්න පුළුවන්. ඒ සුවඳත් ශරීර සුවඳත් අතර කැලතිල්ලෙ නැලවෙන්න පුළුවන්. පර්ෆියුම් එකක් කියන්නෙ සෙක්ස්වලදි මැජික් එකක්.

    අපි අපේ ශරීරයේ සුවඳ කියන එක නිර්මාණ කලාපයක් විදිහට බාරගැනීමක්. ඒ ඇසුරෙන් විවිධ අත්දැකීම් මවන්න අපිට පුළුවන්. සුවඳට පුළුවන් හැමදෙයක්ම වෙනස් විදිහකින් දනවන්න. ඒක අපිට හසුනොවෙන තරම් සියුම් තැනක්.

    ඒ මානව සංවේදිතාවයන් දියුණු තියුණු කරපු එක මාර්කටින්වලට පවරන්න පුළුවන්ද? ඒක අපේ සවිඥානකත්වයේ දියුණුවක්. අපේ රස කලාපයන්ගේ විස්තීර්ණවීමක්.

    මෙතනදි වැදගත් කාරණයක් වෙන්නෙ අපේ සාමාන්‍ය ශරීරයෙ සුවඳ හෝ ගඳ ගැන ලැජ්ජාවකින් පෙලෙන්න දෙයක් නෑ කියන එක. ඒ පියවි සුවඳට අමතරව තව සුවඳ ෆැන්ටසිවල අපිට රමණය කරන්න පුළුවන්. අපේ එකිනෙකාගෙ දහඩිය සුවඳ කියන එක සෙක්ස්වලදි දැනෙන මූලිකම කාම උද්දීපකයක්. ඒ ප්‍රාථමිකයෙ ඉඳන් අපිට පුළුවන් තවත් අනේක සුවඳ දෙව්ලොව මවන්න.

    “සුවඳ කියන්නෙ ශෘංගාරයේ ප්‍රාථමිකම කොටස. ඒක ගැන අපි උවමනාවෙන් බැලුවත් නැතත්. සුවඳ කියන්නෙ අපේ ආදරවන්තයාගෙ ශරීරය විනිවිදීමක්. ගොඩක් අය විශ්වාස කරනවා ආදරවන්තයන්ගෙන් කෙනෙක් ඇත්තටම අනුරාගීව උද්දීපනය වෙන්න නම් එයා අනෙකාගේ ස්වභාවික සුවඳට ඇළුම් කරන්න ඕන කියල. ඒත් ඔයාට පුළුවන් හිතාමතාම සුවඳ පාවිච්චි කරලා ඔයාගෙ ශෘංගාර ජීවිතේ වඩා රසවත් කරන්න. සෙක්ස් කරද්දි විතරක් විශේෂ සුවඳක් ගල්වන්න. ඒ සුවඳත් එක්ක මතකයක් නිර්මාණය කරන්න. කාලයක් යද්දි ඒ සුවඳ කියන්නෙ ඔය දෙන්නගෙ සුන්දරම මතක මිටියාවතක් වෙනවා. ඒ සුවඳ දැනෙන ඕනම තැනක ශෘංගාරය අවදි වෙනවා.

    අපේ ප්‍රකෘතිම සුවඳ වෙන සෙක්ස් සහ දහඩිය සුවඳ ගැන ගොඩක් අය ලැජ්ජ වෙනවා. ඒ ලැජ්ජාව හින්ද ඒ අයගෙ සෙක්ස්වලට පවා බාධා වෙනවා. සමහර කාන්තාවෙ මේ ලැජ්ජාව නිසා ඕරල් සෙක්ස් කරන්නෙ පවා නෑ. ඒත් ඒ අය දන්නෙ නෑ ඒ අයගෙ පෙම්වතුන් මේ සුවඳට කොයිතරම් ආසද කියන එක. ඔයාට පුළුවන් නම් ඔයාගෙ ආදරවන්තයා ඔයාගෙ නිරුවත් ශරීරයේ සුවඳත් රසයත් නිසා අනුරාගයෙන් මත්වෙන හැටි තේරුම් ගන්න ඔයාට තව තවත් ගැඹුරට ආස්වාද කලාපයන් තරණය කරන්න පුළුවන් වෙනවා’

    ක්‍රිස් මැක්ස්වෙල් රෝස්

  • කෙල්ලනි, මෙන්න සෙක්ස් කරද්දි දස නරක කතා

    කෙල්ලනි, මෙන්න සෙක්ස් කරද්දි දස නරක කතා

    1. හරියට කෙලින්වෙලා නෑ

    හරි හැටි ප්‍රාණවත් වෙලා නැති නිසා ඇතුල්කරගන්න අපහසු වෙලාවට මේ වගේ කතාවක් කියන්නම එපා. ඉතුරු ටිකත් ඉවරයි. පොඩි බොරුවකින් පුළුවන් කාටවත් රිද්දන්නෙ නැතුව වැඩේ හරි අතට ගන්න.

    2. ඔයාට යන්නෙ නැද්ද?

    සමහර විට ඔයාගෙ ‘බිග් ඕ’ එක ඒ කියන්නෙ සුරතාන්තයේ උපරිමය පහුවෙලා වෙන්න පුළුවන්. ඔයාට බඩගින්නක්, නැත්තං කම්මැලිකමක් වගේ දැනෙනවා වෙන්නත් පුළුවන්. ඒත් ඒක මෙහෙම කියන්න එපා. එක්කො ඉරියව්ව ඔයාට පහසු විදිහට මාරු කරගන්න, නැත්තං ‘මං මොනාද ඔයාට කරන්න ඕන..’ කියල අහලා අනුරාගය උපරිම කරන්න.

    3. ආ, ඒක ෆාර්ට් එකක් නෙමෙයි.

    සෙක්ස් කරද්දි එක එක විදිහෙ සද්ද එනවා. ඒ හැම එකක් ගැනම කතා කරන්න යන්න ඕන නෑ. හිනාවකින් ඒක සමනය කරලා වැඩේ කරගෙන යන්න. ඒක පැහැදිලි කරන්න යන්න එපා.

    4. බුදු අම්මෝ

    සෙක්ස්වලදි අපි එක එක වචන කියනවා. ‘ඕ බේබි’, ‘ඔහ් ගෝඩ්’ ‘ජීසස් ක්‍රයිස්ට්’.. ඔය වගේ එක එක එක්ස්ප්‍රෙෂන්. හැබැයි ඒ මැද්දට බුදු අම්මෝ වගේ වචනයක් ආවොත් සම්පූර්ණ වැඩේම ඇනහිටින්න පුළුවන්. ‘ජයවේවා’ වගේ වචනයක් වුනත් එහෙමයි.  ඒ එක්ස්ප්‍රෙෂන් එක මොකක් වුනත් ඒක අනුරාගී එකක් කරන්න.

    5. කොහොමද ඔයාගෙ පවුලෙ අය?

    එකිනෙකාගෙ විස්තර අහන එක නරක දෙයක් නෙමෙයි. ඒත් සෙක්ස් කරන වෙලාව ඒකට හරියන වෙලාව නෙමෙයි. අම්මලගෙ විස්තර, දරුවන්ගෙ විස්තර වගේ දේවල් අනුරාගනාශක. ඒවා වෙන වෙලාවක කතා කරන්න. සෙක්ස්වලදි වගකීම් දරන ඒ භූමිකාවෙන් නිදහස් වෙන්න ඉඩක් දෙන්න.

    6. සොරි

    වරදක් වුනාම සොරි කියන එක හොඳයි. ඒත් සෙක්ස් කරද්දි සොරි නෑ. ඒ බි්‍රතාන්‍ය සංස්කෘතිය ඇඳ උඩට ගේන්න එපා. ඔයා කරන දේ ඔයා විශ්වාසෙන් කරන්න.

    7. ඔයාට ඕන නං කරන්න.

    සෙක්ස් කරද්දි තමන්ගේ උවමනාව පාවාදෙනවා කියන එක සෙක්සි නෑ. කරන ඕන දෙයක් එකපයින් උනන්දුවෙන් කරන්න ඕන. ඔයා අකමැති දෙයක් කරන්න යනවා නම් පැහැදිලිව ඒක කියන්න. ඔයාට ඕන නං කරන්න වගේ බයාදු තැනකට වැටෙන්න එපා.

    8. ඔයා කී දෙනෙක් එක්ක සෙක්ස් කරල තියෙනවද?

    සෙක්ස් කරන්න කලින් ප්‍රොටෙක්ෂන් ගැන හිතන එක හොඳයි. ඒකට අනිත් කෙනාගෙ චර්යාව ගැන දැනගන්න එකත් වැදගත්. හැබැයි ඒක සෙක්ස් කරන වෙලාවට අහන්න ඕන දෙයක් නෙමෙයි. ඇඳට යන්න තීරණය කරන්න කලින් කතා කරලා ඒවා ගැන සැකසංකා නැති කරගන්න. කලින් සෙක්ස් කරපු අය ගැන අහන එක ගොඩක් අයට ඒ තරම් අනුරාගී දෙයක් නෙමෙයි.

    9. අනා කියුට්

    කියුට්, ස්වීට් වගේ වචන පාවිච්චි කරන්න ඕන ඇඳුම් ඇඳගෙන ඉන්න වෙලාවට විතරයි. නිරුවත් ශිෂ්නයක් දිහා බලාගෙන කියන්න හොඳ වචන නෙමෙයි.

    10. මං ආසයි සෝමෙටත් කතා කරන් ත්‍රීසම් එකක් දාන්න

    සෙක්ස් ෆැන්ටසි ගැන කතා කරන එක ඉතාම හොඳ දෙයක්. ඒකෙන් සංසර්ගය වඩාත් උත්කර්ෂවත් කරන්න පුළුවන්. ඒත් ඒක කරන්න කලින් අනිත් මනුස්සයාගෙ විදිහ තේරුම් අරන් ඉන්න ඕන. එයා ඒ වගේ ෆැන්ටසියකට කැමතිද, සෝමෙ ගැන එයාට හිතෙන්නෙ කොහොමද වගේ දේවල් දන්නෙ නැතුව එකපාරට අතාරින්න එපා. මේ ෆැන්ටසිය විතරක් නෙමෙයි ඕනම ෆැන්ටසියක් බෙදාගන්න කලින් අනිත් කෙනාව දැනං ඉන්න.

  • කංසා එක්ක සෙක්ස් – Cannasexual

    කංසා එක්ක සෙක්ස් – Cannasexual

    කැනබිස් නැත්තං කංසා එක්ක සෙක්ස් කොහොමද කියන එක ගැන ගොඩක් සාකච්ඡා පර්යේෂණ සිද්ද වෙලා තියෙනවා. පළමු කාන්ඩයේ මත්ද්‍රව්‍යයක් විදිහට පිටුවහල් කරලා තියෙද්දි පවා තමන් සතු සීමිත හැකියාව පාවිච්චි කරලා පර්යේෂකයො කංසා ගැන නිර්මාණය කරපු මිත්‍යා බිඳින සොයාගැනීම් කළා. අවුරුදු දහස් ගානක් තිස්සෙ කංසා කියන්නෙ මිනිස්සු පාවිච්චි කරපු ඇෆ්‍රොඩිසියැක් එකක්. ඒ කියන්නෙ වාජීකරණ නැත්තං ලිංගික උත්තේජනය ඇති කරන ඖෂධයක්.

    ක්‍රි.ව 7 සියවසේ විතර ඉන්දියාවෙ තාන්ත්‍රික සෙක්ස් එක්ක කංසා පාවිච්චි කරපු වාර්තා තියෙනවා. කංසා පාවිච්චි කරන ගොඩක් අය කියන්නෙ ඒක තමන්ගේ ලිංගික ජීවිතය වඩා තෘප්තිකර එකක් කරනවා කියල. සමහරු කියනවා ඒකෙන් නෙගටිව් ප්‍රතිඵල තියෙනවා කියලත්.

    පර්යේෂණවලින් පේන්නෙ මොකක්ද? කංසා පැලයට ඔයාගෙ ලිංගික ජීවිතය තවත් රසවත් කරන්න පුළුවන් කියන එකට සාක්ෂි ඕනතරම් තියෙනවා.

    1. කංසා පාවිච්චි කිරීමෙන් කාන්තාවන් වඩා හොඳ සුරතාන්තයන් ලබනවා.

    2019 පර්යේෂණයක් කරනවා කංසා සහ කාන්තාවන්ගේ සුරතාන්තය අතර සම්බන්ධය ගැන. මේකට කාන්තාවන් 373 දෙනෙක් යොදාගන්නවා. මෙතනින් සෙක්ස්වලට කලින් කංසා පාවිච්චි කරපු 127 දෙනෙක් අනිත් අයට වඩා තෘප්තිදායක සුරතාන්තයන්ට ළඟා වෙනවා. කැනබිස් පාවිච්චි කිරීමෙන් පාවිච්චි නොකරන්නියකට වඩා 2.13 ගුණයක් වඩා හොඳ සුරතාන්තයක් ලැබීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම නිතර කංසා පාවිච්චි කරන්නියක් ඉඳහිට කංසා පාවිච්චි කරන්නියකට වඩා 2.10 ගුණයක් තෘප්තිකර සුරතාන්තයක අවස්ථාව ලබනවා.

    2. කංසා පාවිච්චි කරන අය වැඩියෙන් සෙක්ස් කරනවා

    2017 පර්යේෂණයක් කරලා තියෙනවා කංසා සහ සෙක්ස් කිරීම අතර සම්බන්ධය ගැන හොයන්න. පිරිමි ගැහැණු 50000ක් මේ පර්යේෂණයට සහභාගි වෙලා තියෙනවා. මෙතනදි ඉතාම පැහැදිලි සම්බන්ධයක් මතුවෙනවා. කංසා පාවිච්චි කරන අය අනිත් අයට වඩා වැඩිපුර සෙක්ස් කරන්න නැඹුරුවෙනවා. මේකෙ ගැහැණු පිරිමි භේදයක් නෑ. ඒ වගේම කංසාවලින් ලිංගික ආබාධයන් ඇති නොකරන බවත් මේ පර්යේෂනයෙදි පැහැදිලි වෙන කාරණයක්.

    3. කංසාවලින් කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යය යහපත් කරනවා

    2020දි කාන්තාවන් 452ක් යොදාගෙන පර්යේෂණයක් කරනවා කංසා සහ කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යය අතර සම්බන්ධය තේරුම් ගන්න. මෙතනදි ඒ අයගේ ආශාව, සුරතාන්තය, උත්තේජනය, තෙත්වීම, තෘප්තිය, වේදනාව වගේ කාරණා ගැන ප්‍රශ්න කළා. නිතර කංසා පාවිච්චි කරන කාන්තාවන් ආශාව, උත්තේජනය, සුරතාන්තය, තෘප්තිය ආදී කාරණාවලින් කංසා පාවිච්චි නොකරන අයට වඩා ඉහළ ලකුණු ලබාගත්තා. කංසා පාව්චිචි කරන ආකාරය හෝ පාවිච්චි කරන කංසා වර්ගය මෙතනදි බලපෑමක් වුනේ නෑ.

    4. කංසා පාවිච්චියෙන් කාන්තාවන්ට වැඩි ලිංගික උත්තේජනයක් සහ අඩු වේදනාවක්

    2017 කළ පර්යේෂණයකින් එලිවුනේ කංසා පාව්චිචි කරන කාන්තාවන්ගේ ලිංගික පෙළඹවීම වඩා වැඩියි කියල. ඒ වගේම සෙක්ස්වලදි ඔවුන් ලබන වේදනාවත් කංසා නිසා අඩුවුනා.

    මේ පර්යේෂනය කලේ කාන්තාවන් 289ක් යොදාගෙන. සෙක්ස්වලට පෙර කංසා පාවිච්චියෙන් ඔවුන්ගේ ලිංගික අත්දැකීම පැහැදිලි වෙනසකට බඳුන් කළා. 60%ක් කිව්වා ඔවුන්ගේ ලිංගික පෙළඹවීම සහ ආශාව මේ නිසා වැඩිවුනා කියල. ඒ වගේම සෙක්ස්වලදි වේදනාවක් අත්විඳිනවා කියපු අයගෙන් 77%ක් කිව්වා තමන්ගේ වේදනාව ඉතාම අඩු මට්ටමක තිබුන කියල. අනිත් පෙරකී පර්යේෂණ දෙක වගේම මෙයිනුත් සනාථ වුනේ කංසා මගින් සුරතාන්තය වඩාත් තෘප්තිමත් එකක් කරනවා කියල.

    5. කංසාවලින් පුරුෂ ලිංගේන්ද්‍රිය ප්‍රානවත් වීම වැඩි කරන්න පුළුවන්. තව පර්යේෂණ කරන්න අවශ්‍යයි.

    කංසා සහ කාන්තා ලිංගිකත්වය ගැන කෙරුනු තරම් පර්යේෂණ කංසා සහ පිරිමි ලිංගිකත්වය ගැන කරලා නෑ. සමහර පර්යේෂකයන් පෙන්නා දෙන විදිහට කංසාවලින් පිරිමි සුරතාන්තයට පත්වීම අසීරු කරනවා. ඒත් හැම පර්යේෂණයක්ම ඒ තත්වය සනාථ කරලා නෑ.

    2011 කරපු පර්යේෂණයකට අනුව කංසාවලින් පිරිමින් සුරතාන්තයට පත්වීම ප්‍රමාද හෝ අසීරු කරන බවට කරුණු ගේනවා. ඒ වගේම පිරිමි ලිංගිකත්වය පැත්තෙන් ධනාත්මක කාරණාත් මේ පර්යේෂණයෙදි එලිදරව් වෙලා තියෙනවා. කොහොම වුනත් මේ පර්යේෂකයන්ගේ අදහස සමස්තයක් හැටියට කංසා නිසා පිරිමින්ගේ ලිංගික ක්‍රියාව වඩා යහපත් කරන බවයි.

    ඒත් මේ ගැන දෙපාර්ශ්වයකින් දෙවිදියක අදහස් පළවෙන නිසා තවදුරටත් පර්යේෂණ කරන්න සිද්ද වෙනවා.

    කැනබිස් නැත්තං කංසා පාවිච්චි කරමින් සෙක්ස් කරන අයට කියනවා කැනාසෙක්ෂුවල් කියල. මේක පුහුණුවක් විදිහට කරන අයත් ඉන්නවා. මෙතනදි පාවිච්චි කරන කංසා වර්ගය, මාත්‍රාව, දැනෙන වෙනස ආදිය ගැන වාර්තා තබාගැනීමෙන් වඩා හොඳ ප්‍රතිඵල කරා යන්න පුළුවන්. විශේෂයෙන් සමහර කාන්තාවන්ට කංසා නිසා මනෝභ්‍රාන්ති වගේ තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ අයට කැනබිස් ඔයිල් යෝනියේ ආලේප කිරීම ආදිය මගින් වඩා හොඳ තෘප්තියක් ආස්වාදයක් ලබන්න හැකියාව තියෙනවා.

    මේ විදිහට කංසා එක්ක සෙක්ස් කිරීමේ විවිධ ආකාර ප්‍රභේද තියෙනවා. තමන් කැමති තමන්ට ගැලපෙන භාවිතය හොයාගන්න එක අපේ වැඩක් වෙනවා.

  • මොනොගමිය සතුටක්ද? දුකක්ද?

    මොනොගමිය සතුටක්ද? දුකක්ද?

    මංගල සමරවීර එක්ක මං කරපු සාකච්ඡාවෙදි මංගල සමලිංගිකත්වය සහ පවුල කියන කාරනය ගැන එක ගැඹුරු තැනක් සලකුනු කළා. මංගල සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී හිටියට එයා පුද්ගලිකව සමලිංගික විවාහ අවශ්‍යයි කියල හිතන්නෙ නෑ. ඒ කියන්නෙ මංගල සමලිංගික විවාහ නීතිගත කිරීමට විරුද්ධව වැඩකරනවා කියන එක එහෙම නෙමෙයි. මංගලගෙ අදහස වුනේ විෂම ලිංගික ආදරයේ නිර්මාණයක් වුනු විවාහය කියන එක සමලිංගික පෙම්වතුන් විසින් කොපි කළ යුතු නෑ කියන එකයි. විවාහ සංස්ථාව කියන වැඩවසම් ආකෘතිය ඇතුලට යන්න සටන් කිරීම නිදහස වෙනුවෙන් කරන සටනක් නෙමෙයි කියන එකයි. තමන්ගේ සමරිසි ලිංගික අනන්‍යතාවය හංගන්නෙ නැති ලංකාවෙ එකම දේශපාලන චරිතය පවුල ගැන දරන මේ අදහස සංස්කෘතිකව ප්‍රගතිශීලී එකක්.

    බොක්සර් එකක් පිටින් කොල්ලෙක් උගේ වෘෂනකෝෂ මිරිකාගෙන ඉන්න පිංතූරයක් ලිපියක පලකිරීම නිසා මාව ෆේස්බුක් එකෙන් සතියකට පිටුවහල් කළා. මේකෙ අසභ්‍ය මොකක්ද කියල හිතාගන්න බැරුව මං ගූගල් එකේ මේක ටිකක් හෙව්වා. ඇන්තනි වයිනර් කියන කොංග්‍රස් සාමාජිකයාගෙ අපචාර සිද්දිය කියවන්න ලැබුනෙ එතකොට. වයිනර් අවුරුදු 21ක කෙල්ලෙකුට ට්වීට් කරනවා එයාගෙ යටඇඳුම් පිටින් ප්‍රානවත් වුනු ලිංගය දැක්වෙන ෆොටෝ වගයක ලින්ක් එකක්.

    මේක අපවාදයක් විදිහට නැගෙද්දි වයිනර් මුලින් කියනවා එයාගෙ ට්විටර් එක හැක් කරලා කියල. පස්සෙ එයා පිලිගන්නවා එයා නාඳුනන මේ කාන්තාවට එයා විසින්ම මේ පිංතූර සහිත ලින්කුව යැව්වා කියල.

    වයිනර්ට අපි හිනාවුනාට වයිනර්ගෙ මේ පෙනී සිටීම අපිව අර්බුදයට යවන ප්‍රශ්නයක් ඉතුරු කරනවා. මොනොගමි පවුලක නැත්තං ඒක භාර්යා විවාහයක ඉන්න හැමෝම වයිනර් කරපු විදිහෙ දේවල් කරන්නෙ නැතුව ඇති. ඒත් ඒ විවාහය විසින්, වගකීම විසින් අපි මත පවරාපු චරිතයට පිටස්තර, හිතුවක්කාර, වනචර දෙයක් කිරීමේ ආශාව අපිට බැහැර කරන්න පුළුවන්ද? හැමදාම එකම විදිහට පවතින විවාහ ජීවිතය වෙනුවට පිටස්තර සම්බන්ධයක් විසින් දනවන ආස්වාදය අපිට බැහැර කරන්න පුළුවන්ද? ඕනම විවාහක යුවලකට අඩුම ගානෙ මේ හැගීම ආගන්තුක එකක් නෙමෙයි. වයිනර් කරන්නෙ එයාගෙ පවුලට චීට් කරන්න බැරිකමට කරන ඔන්ලයින් ෆ්ලර්ට් කිරීමක්.

    විවාහය කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒක ඒ අනුමත ප්‍රමිතියෙන් පවත්වාගෙන යාම අතිදරුණු වගකීමක්. අපි එකිනෙකා ගැන තබාගන්නා යතාර්ථවාදී නොවෙන අපේක්ෂා නිසා විවාහ ජීවිතය ඉතාම අසීරු ජීවිතයක් වෙනවා.

    සෙක්ස් ගැන ලෝකය පුරා ජනප්‍රිය ‘සැවේජ් ලව්’ කියන කොලම ලියන ඩෑන් සැවේජ් මොනොගමි ගැන අවුරුදු 20ක් පුරා ලියනවා. ඩෑන් කියන්නෙ විවාහය ගැන රොමැන්තික විශ්වාසයෙන් භක්තියෙන් යනවට වඩා ප්‍රැක්ටිකල් ආචාර ධර්ම රාමුවක් තමන් විසින් සකසා ගැනීම වැදගත් කියල. තමන් පමණක්ම පැතීම කියන මිත්‍යාව ලෙඩක්. ඒක ලංකාවෙ වගේම ඇමරිකාවෙත් ඔබ්සෙෂන් එකක් කියල ඩෑන් ලියනවා.

    ඩෑන් සැවේජ් කියන්නෙ මොනොගමි නැත්තං මේ ඒක භාර්ය ව්‍රතය සමහර අයට ඉතාම හොඳින් ගැලපෙන ක්‍රමයක් කියල. ඒත් මේ මොනොගමි ආදරය ගැන අපේ තියෙන කතිකාව, විශේෂයෙන්ම ඒ ආශ්‍රිත ලිංගික ජීවිතය ගැන කතාබහ අන්තිම බොරුවක්, අවංක නැති එකක්. සමහර අයට එක සහකරුවෙක් හෝ සහකාරියකට වඩා ඇසුරු කරන්න උවමනා වෙනවා. සමහර අය කැමතියි ෆ්ලර්ට් කරන්න, ඒ කියන්නෙ ශෘංගාර කම්පන කලාපයක ජීවත් වෙන්න. සමහර අය කැමතියි තමන්ට කසයකින් තලනවට. ඒ අපේ ආශාවන් අපි අපේ සහකරුවන් හෝ සහකාරියන් සමග විවෘතව කතා කරන්න ඕන.

    සමහර විට ඒ නිසා අපේ රහස් සම්බන්ධතාවලට ඉඩ ඇහිරිලා යන්න පුළුවන්. සමහර විට ඒ නිසාම විවෘත වෙනත් සම්බන්ධතා ඇතිවෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් සම්බන්ධයේ අවංකකම කියන එක අනිත් හැමදේකටම වඩා වටිනවා. ඒක ආදරයේ ප්‍රතිපත්තියක් වෙන්න ඕන.

    ‘මොනොගමි ජීවිතේ හොඳ දේවල් තියෙනවා’ ඩෑන් කියනවා.

    ලිංගික ආරක්ෂාව, ආසාදනවලින් ප්‍රවේශම් වීම, ඉමෝෂනලි දැනෙන ආරක්ෂිත බව, රැකබලා ගැනීමේ විශ්වාසය වගේ දේවල් ඒ සම්බන්ධතාවයක තියෙන ප්‍රතිලාභ. ඒ වගේම ඒකෙ අවාසිත් තියෙනවා. විශේෂයෙන්ම දරන්න බැරි ඒකාකාරීත්වය, විවිධත්වයක් නැති වීම, ලිංගික මරණය, නිතර ලැබෙන ඇසුරක් නිසා නොදැනී යාම, අවුල් සහගතබව වගේ තත්වයන් පවතින බවත් අපිට පිලිගන්න වෙනවා.

    ඩෑන්ගෙ අදහස මොනොගමි විවාහයේ නම්‍යශීලීබවක් අවශ්‍යයි කියන එක. අවංකත්වය, සතුට සහ සිනහව කියන දේවල්වලට වඩා විවාහය ලොකුයි කියල හිතන එක ලොකු අවුලක් නිර්මාණය කරනවා. ඒකෙන් අපි විය නොහැකි, මිනිස් නොවන තත්වයක් අපේ සහකරුවා හෝ සහකාරිය මත පටවනවා. ඒකෙන් පවුල් විනාශ වෙනවා.

    හොඳ ආදරයකට ආදරවන්තයින් ගුඩ්- ගිවින්ග් සහ ගේම් කියන කාරණා වලින් සමන්විත වෙන්න ඕන කියලයි ඩෑන් කියන්නෙ. ඒ කියන්නෙ දක්ෂ වෙන්න ඕන, ත්‍යාගශීලී වෙන්න ඕන, ඕනම දේකට සූදානම් වෙන්න ඕන. එකිනෙකාගේ සතුට වෙනුවෙන් විවාහයෙන් එලියට යන්න වෙනවා නම් ඒකටත් පසුබට නොවෙන්න ඕන. සම්බන්ධතාවයක් විසින් ඒකට අදාල හැඩය නිදහසේ නිර්මාණය කරගන්න ඕන.

    කොහොමටත් මේ ඒක භාර්යා අපේක්ෂාව පිරිමින් මත පැවරීම විෂම ලිංගික සමාජය විසින් කරගත්ත වරදක් කියලයි ඩෑන් සැවේජ් කියන්නෙ. පිරිමි ඉතිහාසයේ කිසිම දවසක ඒක භාර්යා වුනේ නෑ. හැම කාලයකදිම පිරිමින්ට වෙනත් බිසවුන්, අබිසරු ලියන්, රහස් පෙම්වතියන් හිටියා. කසාදයේදි හැමෝම සමාන වෙන්න ඕන කියල තීරනය කරන කල් පිරිමි මොනොගමි වුනේ නෑ. ස්ත්‍රීවාදී විප්ලවය විසින් කලේ පිරිමින් විසින් බුක්ති විඳිමින් හිටපු නිදහස ආස්වාදය කාන්තාවන් සඳහාද විවෘත කිරීම නෙමෙයි, ඒ වෙනුවට කාන්තාවන්ට පැනවී තිබුනු සීමා තහංචි පිරිමියා මතද පැනවීමයි.

    ඩෑන් කියන්නෙ මොනොගමස් වෙනුවට මොනොගමිෂ්, ඒ කියන්නෙ ඒක භාර්යාමය ස්වරූපයක් උත්සාහ කරන එක වඩා ප්‍රායෝගිකයි කියල. ඒ කියන්නෙ ඉඳහිට වෙනත් සම්බන්ධතාවලට ඉඩක් අවසරයක් තියෙනවා කියන එක.

    ඩෑන් කියන්නෙ ටිකක් ඇස් ඇරලා අවට බලන්න කියල. අපි වටේ පවතින මොනොගමි සම්බන්ධතාවල ස්වරූපය අපිව සතුටු කරනවද කියල. ඒ වෙනුවට සම්බන්ධතාවයක වටිනාකම අවංකබව ඔස්සේ තමන්ට පමණක් සීමිත ලිංගික ඇසුර කියන සීමාවෙන් එලියට, වඩා උසස් තලයකට ගෙනියන්න මහන්සි වෙන්න කියල.

  • ජොකා නැතුව ලබ්බ බහීද?

    ජොකා නැතුව ලබ්බ බහීද?

    අද උදෙත් ජිම් එකේදි යාලුවෙක් සෑහෙන වොරි වෙවී හිටියා ඌ සපෝර්ටර් එක ගහලා ආවෙ නෑ කියල. ලබ්බ බහී කියල බයකින් පුළුවන් තරම් බර අඩුවෙන් ඌ එක්සර්සයිස් කර කර හිටියා. මේක ඇත්තක්ද? ජොකා නොගහා බර ඉස්සුවොත් ලබ්බ බහිනවද?

    නෑ. මේක පචයක්. කාලයක් තිස්සෙ එන මිත්‍යාවක්. පිරිමි හැමෝම වගේ හිතනවා ජොකා නැතුව බර ඉස්සුවොත් ඇටදෙක පාත් වෙනවා කියල.

    ඇත්තටම සපෝර්ටර්ස් නෙමෙයි ජොකෙක් නැතුවමත් වුනත් බර උස්සන්න පුළුවන්. ඒකෙන් හර්නියා හැදෙන්නෙ නෑ. එකම දේ ඇටදෙක එහෙමෙහෙ යද්දි වැඩේ කරගෙන යන්න අමාරු වෙන එක.

    හර්නියා ගැන දැනගන්න ඕන නම් ගූගල් කරලා බලන්න. ඔයාට දුර්වල මාංශපේශීන් තියෙනවා නම් ඔයාට හර්නියා හැදෙන්න ඉඩකඩ වැඩියි. මාංශපේශීන් වර්ග තුනක් තියෙනවා. අස්ථිමය මාංශපේශී, හෘදමය මාංශපේශී සහ මෘදු මාංශපේශී කියල. අස්ථීන්වල චලනයට අස්ථිමය මාංශපේශීනුත්, හදවතේ රුධිර සැපයුමට හෘදමය මාංශපේශීනුත් ක්‍රියාකරන අතරෙ උදරය බඩවැල් ආදිය නිර්මාණය වෙන්නෙ මෘදු මාංශපේශීන්වලින්. උදර සහ යටිබඩ ප්‍රදේශයේ මේ මෘදු මාංශපේශීන් දුර්වල නම් ඔයාට හර්නියා හැදෙන්න ඉඩක් තියෙනවා.. මේ මධ්‍ය ප්‍රදේශයට කරන ව්‍යායාම වලින් බඩ සහ යටිබඩ ප්‍රදේශයේ මාංශපේශීන් ශක්තිමත් කරගන්න එක හර්නියා වළක්වාගන්න උදව්වක් වේවි.

    හර්නියා වලක්වාගන්න ඕන නම් ජොකා තදට ඇදලා හරියන එකක් නම් නෑ. ඒත් මේ පියවර හතරෙන් ඒ හැදෙන්න තියෙන සම්භාවිතාව අඩු කරගන්න පුළුවන්.

    1. හරි බර පංතියෙ ඉන්න. ඔයාගෙ උසට අදාල බර පිළිබඳ දර්ශකයට අනුව ඔයාගෙ ඇඟේ බර පවත්වාගන්න එක වැදගත්.
    2. ශරීරයේ මැද කොටස ශක්තිමත් කරගන්න. නිතරම නිවැරදි ඉරියව්වෙන් ශරීරය පවත්වාගන්න. ශරීරයේ මධ්‍ය කොටස ශක්තිමත් කරන ප්ලැන්ක්ස් වගේ ව්‍යායාම කරන්න.
    3. ව්‍යායාම කරන්න කලින් මාංශපේශීන් උත්තේජනය කරන්න. උදා විදිහට ස්කොට්ස් කරන්න කලින් ග්ලූට්ස් (තට්ටමේ විශාලම මාංශපේශීය) සංකෝචනය කරන එක, උදර ප්‍රදේශයේ මාංශපේශීන් සංකෝචනය කරන එක අවශ්‍යයි.
    4. හරි ආහාර ගන්න. ඇසිඩික් කෑම අඩු කරන්න. ඒවායින් ඇති කරන ආසාදන නිසා ඔබේ උදර බිත්ති දුර්වල වෙන්න පුළුවන්.

    ඉතිං බර උස්සද්දි ජොකා අඳින්නෙ වල්ල එක තැන තියාගැනීමේ පහසුවට මිස ලබ්බ බහිනවට නෙමෙයි.

  • සීතට කොට වෙනවද?

    සීතට කොට වෙනවද?

    ගොඩක් අය බැදපු ගමන් හනිමුන් යන්නෙ නුවර එළියෙ. ලස්සන පැත්ත ඇවිදින්න. ඒත් සෙක්ස් කරන්න නං නරකම පැත්ත. කන්ද උඩට යන්න යන්න ශිෂ්නය පුංචි වෙලා ඇකිලිලා යනවා.

    සීතලට ශිෂ්නය කුඩාවීමට කියනවා winter penis නැත්තං ශීත ශිෂ්නය කියල. මුලින්ම අහන්න ලැබුනෙ winter vagina ගැන. ඒ කියන්නෙ ශීත යෝනිය. දේශගුණය සීත වෙද්දි කාන්තාවන්ගෙ යෝනිය වියලෙන්න පටන්ගත්තා. ඇත්තටම දේශගුණය අපේ ලිංගේන්ද්‍රියට බලපානවද ?

    දේශගුණය නිසා ලිංගේන්ද්‍රිය හැකිලීම වෙන්න පුළුවන් . ඒ වගේම සුරතාන්තයට පත්වීම අපහසු කරන්නත් පුළුවන්. ඒක වෙන්නෙ ශීත උෂ්ණත්වය  නිසා ශිෂ්නයට රුධිරය සැපයෙන රුධිර නාලිකා වසාදැමෙන නිසා.

    පිරිමි ශිෂ්නයක දිග 50% දක්වාත්, වටප්‍රමාණය 20%-30% දක්වාත් අඩු කරන්න ශීත දේශගුණයට පුළුවන් .

    මේක වෙන්නෙ සීතල තත්ත්වයකදී ශරීරයේ උණුසුම සහ ශක්තිය  වඩා වැදගත් ඉන්ද්‍රියයන් කරා යොමුකෙරෙන නිසා. ඒ කියන්නෙ ශරීරයේ මැද කොටස. මේ නිසා ඇගිලි. ශිෂ්නය වැනි ප්‍රදේශවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවෙනවා.

    මේකෙන් වෘෂණකෝෂ පවා පුළුවන් තරම් ශරීරයෙ උණුසුමට කිට්ටු වෙලා හැංගෙනවා.

    මේකෙ අනිත් පැත්ත තමයි summer penis, ඒ කියන්නෙ ගිම්හාන ශිෂ්නය. උණුසුම් දේශගුණයකදි ශිෂ්නයේ දිග තවත් වැඩිවෙලා පේනවා.

    ඇත්තටම හනිමුන් යන්න හොද අනුරාධපුර පොලොන්නරු පැත්තක.

    සීතල නිසා අවාසි වෙන්නෙ සයිස් එකට විතරක් නෙමෙයි . ඒක ෆීල් එකටත් බලපානවා. සීතලට ශිෂ්නයේ සංවේදිතාවත් අඩු වෙනවා. මේ නිසා සුරතාන්තය අසීරු වෙනවා. ඒ වගේම සීත විසින් අවධානය අනුරාගයෙන් වෙන වෙන දේවලට යොමුකරන නිසා ඒක තෘප්තියටත් බලපානවා.

  • කිස් එකක් මේ තරම් කික් ඇයි?

    කිස් එකක් මේ තරම් කික් ඇයි?

    ගැහැනියකගේ තොල් ඇගේ යෝනියේ හැඩය ගන්නවා ඒ නිසා පිරිමි ඒ දෙතොල් සිපගැනීමේ ආශාවෙන් පෙලෙනවා කියන කතාව කියන්නෙ ඩෙස්මන්ඩ් මොරිස්. ඒත් සිපගන්නෙ ගැහැණු පිරිමි විතරක් නෙමෙයි. ගැහැණු ගැහැණු, පිරිමි පිරිමි අතරත් අනුරාගී සිපගැනීම් ඇතිවෙනවා.

    ඇයි අපි කිස් කරන්න මේ තරම් ආස?

    සිපගැනීමක් කියන්නෙ හරිම අපූර්ව ක්‍රියාවක්. අනෙකාගේ තොල් අපේ තොල්වලින් ග්‍රහනය කිරීම, දිවෙන් තෙත් කිරීම, විවෘතවන මුවෙන් ඇතුල්වීම, අනෙකාගේ දිව, තල්ල, දත් අපේ දිවෙන් ස්පර්ශ කිරීම, එකිනෙකාගෙ කෙළ හුවමාරු කරගැනීම වගේ ගොඩක් දේවල් සිපගැනීමකදි සිද්ද වෙනවා. මේ හැමදෙයක්ම ප්‍රසිද්දියෙ වුනත් කරන්නත් පුළුවන්. ලංකාවෙ පොඩ්ඩක් නුහුරු වුනාට ප්‍රසිද්ධියේ සිපගැනීම ලෝකෙ අසභ්‍ය දෙයක් නෙමෙයි.සාමාන්‍යයෙන් අපි කෙනෙකුගෙ කෙළ ගැන දක්වන්නෙ අප්පිරියාවක්. කෙනෙකුගෙ කට ඇතුලට අපේ දිව දානවා කියන්නෙ සමහර විට ඔක්කාරය ඇති කරන දෙයක් වෙන්නත් පුළුවන්. සිපගැනීම කියන ක්‍රියාවම ඒ විශේෂ සමබන්ධය නැතුව හිතුවොත් ප්‍රියජනක එකක් නෙමෙයි.

    ඒත් ආදරේදි අපිට ඒ සියල්ල සුන්දර වෙනවා. ඇගේ ඛේටයෙන් නැහැවෙන්න මං නොඉවසිල්ලෙන් ඉන්නවා. ඇගේ දිව, දත්, කෙල, හුස්ම කිසි දෙයක් මට අප්‍රසන්න නෑ. ඒ වෙනුවට ඒවා මට දිව්‍යමයයි. ඒ වෙනස ඇති කරන්නෙ ආදරය.

    සිපගැනීමකදි අපිට දැනෙන අනුරාගීම හැඟීම තමයි සම්පූර්ණයෙන්ම අනෙකාව බාරගැනීම. අනෙකාගෙ සියලු දේ අපේ ආශාව දල්වන දේ බවට පත්වීම. අපි කිස් එකකින් කියන්නෙ ඔයාගෙ හැමදෙයක්ම මට ලස්සනයි, ඔයාගෙ කිසි දෙයක් මට අප්‍රසන්න නෑ කියන එක. ඇගේ තොල් අතරින් මගේ දිවට ඇගේ මුව තුලට පිවිසෙන්න පුළුවන් වෙනවා. ඒක ඇගේ ඉතාම පුද්ගලික කලාපයක්. කිසි කෙනෙක් එහෙම තව කෙනෙකුගෙ කට ඇතුලට ඇතුල් වෙන්නෙ නෑ ඒ තරම් සමීප සම්බන්ධයක් නැතුව. අපි සිපගැනීමකදි අපේ පුද්ගලික සීමා අහෝසි කරනවා. අපි එකිනෙකාගෙ ඛේටය හුවමාරු කරගන්නවා. එකම හුස්මෙන් හුස්ම ගන්නවා.|

    සිපගැනීමක් ඒ තරම් අනුරාගී වෙන්නෙ ඒක ඒ තරම් ගැඹුරු බාරගැනීමක් හින්ද. අතිශය පුද්ගලික ශරීර විනිවිදීමක් හින්ද. ඒක ඕන තැනක අපිට කරන්න පුළුවන් හින්ද.

  • අසම්මතය සම්මතේ හැඩයට කැපීම

    අසම්මතය සම්මතේ හැඩයට කැපීම

    අපේ අසම්මත සම්බන්ධතාවලට සම්මත රාමුවෙන් තේරුම් දෙන්න යන එක ලොකු අවුලක්. ඒ වරද හින්ද ගොඩක් සුන්දර අසම්මත සබඳතා අසුන්දර වෙනවා. උදා විදිහට විවාහයෙන් පිටත ආදර සම්බන්ධතා ඇතුලෙ අපිට නිතර ඇහෙන ප්‍රශ්නයක් තියෙනවා.

    ‘මොකක්ද මේ සම්බන්දෙ තේරුම?’

    මේ අහන්නෙ මේ සම්බන්ධයෙ ගමනාන්තය කොහෙද කියන එක. අපි දන්න ගමනාන්තය වෙන්නෙ විවාහයක්. එක ගෙදරක ජීවිතයක්. ළමයිබමයි. ඒකට සාපේක්ෂව තමයි අපි විවාහයෙන් බාහිර සම්බන්ධතාවත් විනිශ්චය කරන්නෙ.

    ‘අන්තිමට වේදනාව විතරයි’

    ඊට පස්සෙ අපි කවදා හෝ අහිමිවීමේ වේදනාව පෙරට අරගෙන ඊට කලින් සම්බන්ධය ඉවර කරන්න හදනවා.

    ඒත් ඒ සම්බන්දෙ අපි පටන් ගන්නෙම සම්මතයට පිටින්. ඒකෙ සුන්දරත්වය, ආකර්ශනය තිබුනෙම ඒ හින්ද. ඒත් දැන් අපිට ඕන වෙනවා ඒක ආපහු සම්මත රාමුව ඇතුලට ගේන්න. කලින් එක වගේම කරන්න. එතකොට අපිට අපි බලාපොරොත්තු වෙන තේරුම හොයාගන්න පුළුවන්. හැබැයි අපි අලුත් කියල කරගෙන යන්නෙත් පරණ සම්බන්දෙමයි.
    ‘නෑ ඒත් වෙන කෙනෙක් එක්කනෙ’ එහෙම හිතෙන්න පුළුවන්. ඒත් අපි අපේ සම්මත සම්බන්ධතාවයෙන් එලියෙ ඇසුරුක් හොයන්නෙ පුද්ගලයාගෙ අවුලක් නිසාම නෙමෙයි. ඒ සම්බන්ධතා ස්වරූපයේ තියෙන අවුලක් හින්ද. ඉන් බාහිර සම්බන්ධයක් වඩා අනුරාගී හින්ද. ඒක ඇතුලෙ වඩා නිදහසක් දැනෙන හින්ද. අපි ඇඩ්වෙන්චරස් හින්ද

    වර්තමානයේ මේ මොහොත විඳීම කියන එක මත ඇතිවුනු සම්බන්ධයක් අපි ඊට පස්සෙ අනාගත ස්ථාවර තේරුමකට සාපේක්ෂව කිරා බලනවා. විස්සෝප වෙනවා. අනිත්‍ය බවේ, අස්තිර බවේ, හැඩයක් රාමුවක් නොමැති වීමේ සෞන්දර්ය අපිට අමතක වෙනවා.

    අපේ සම්බන්ධතාවලට පවතින ආකෘතිවලින් තේරුම් හදන්න යන එක බයානකයි. ඒකෙන් සම්බන්දතාව කැත වෙනවා. අනුරාගීබව නැති වෙනවා. අපිට පුළුවන් වෙන්න ඕන අපේ සම්බන්ධය ඇතුලෙන් ඒකට තේරුමක් නිර්මාණය කරන්න. ඒ තේරුම හෝ ආස්වාදය පොදු එකක් නෙමෙයි. ඒක අපේ එකක්. ඒක වෙන කිසිවකට සාපේක්ෂව විනිශ්චය කරන්න බැරි එකක්.

    සමහර මිනිස්සුන්ගෙ සම්බන්ධතා ගැන කතා කරද්දි මේ වගේ පොදු කතා ඇහෙනවා.

    ‘ඌ ගෑනිට බයයි බං. ගෑනිගෙන් අහලා තමයි හැමදේම කරන්නෙ. ගෑනි ඕකට ගහනවත් එක්ක’
    මේ වෙනස් විදිහක සම්බන්ධතා ස්වරූපය අපි කියවන්නෙ සම්මත පුරුෂ මූලික පවුලට සාපේක්ෂව. එහෙම තමන්ගේ සහකාරියගේ වහලා බවට පත්වීමෙන්, යටත් වීමෙන්, නින්දා අපහාස ලැබීමෙන් ලිංගික තෘප්තියක් ලබන අය ඕනතරම් ඉන්නවා. ඒක තමයි ඒ අයගෙ ආස්වාදයේ ස්වරූපය. අපේ පරණ පවුල් දේශපාලනයෙන් ඒ ශෘංගාර ෆැන්ටසිය කියවන්න බෑ. ඒක ඒ සම්බන්ධතාවයේ සුවිශේෂී හැඩයක්.

    සම්මතයේ හැඩයට අසම්මතය කපා මහන්න යනවා කියන්නෙ විකාරයක්. ඒ ඒ සම්බන්ධතාවල තියෙන සුවිශේෂතා තේරුම් ගන්න ඕන. ආශා කලාපයන් හඳුනාගන්න ඕන. ඒ මගින් තමන්ගේ සම්බන්ධතාවයට තමන්ට අනන්‍ය හැඩයක්, තේරුමක් හදාගන්න ඕන. ඒ නිර්මාණය ඒ සම්බන්ධතාවයෙ ඉන්න දෙන්නාගේ හෝ කීපදෙනාගේ බෙදාහදා ගැනීමක්. එහෙම සම්බන්ධතා ලස්සනයි.

    සම්මත තේරුම් තියෙන්නෙ අලුත් තේරුම් හදාගන්න බැරි අයට.