හොඳ තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන්න පිරිසිදුකම සහ තමන්ගේ ශරීරය ගැන සැලකිලිමත් වීම කියන්නේ අත්‍යවශ්‍ය අංගයන් දෙකක්.
Sex කියන්නේ අඩුම වශයෙන් දෙදෙනෙක් අතර සිදු වන ක්‍රියාවක්.. එතනදි තමන්, අනිත් කෙනාගේ ආස්වාදය ගැන සිතීමත් කල යුතුම දෙයක්.
කිසි කෙනෙක් කැමති වෙන්නෙ නැහැ අපිරිසිදු හෝ තමන් ගැන නොසලකා හරින කෙනෙක් එක්ක ලිංගික ඇසුරක් පවත්වන්න. එක එක fetishes තියෙන්න පුලුවන්, ඒ ගැන විවාදයක් නැහැ, මේ කියන්නේ බහුතරයක් වෙලාවට බලපාන හේතු සම්බන්ධයෙන්.
පිරිසිදුකම කිව්වම, නිතිපතා ස්නානය කරන එක, දත් මදින එක, mouthwash එකක් පාවිච්චි කරන එක, තමන්ගේ ලිංගික අවයව පිරිසිදුව තබා ගන්න එක වගේ දේවල් දවසේ චර්යාවට අනිවාර්යයෙන්ම එකතු විය යුතුයි.
තමන්ගේ ශරීරයට තමන් ආදරෙයි කියන කාරණය මනුස්සයෙක් අදින පළදින විදිහෙන්, තමන්ගේ ඇඟ පිටතට ප්‍රදර්ශනය කරන විදිහෙන් ගොඩක් දුරට පේනවා. මේක ලිංග භේදයකින් තොරව අදාලයි.
ලස්සන ඇඟක් හිමියි කියන්නේ තමන්ගේ ශරීරයට ආදරෙයි කියන එක සහ තමන්ව ආදරෙන් බලාගන්නවා කියන එකයි.. ඒක හරිම positive attitude එකක්.
කිසියම් කාන්තාවක් තමන්ගේ ඇඟ ලස්සනට තියාගෙන ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ තමන්ව හොදින් නඩත්තු කරනවා කියන එකයි.
ආකර්ශනීය වෙන්න size zero වෙන්න අවශ්‍ය නැහැ.. පිරිමියෙක්ට ආකර්ශනීය වෙන්න six pack ම අවශ්‍ය නැහැ.
ශරීරයේ ප්‍රමාණය, හමේ වර්ණය, මේ හැම දෙයක්ම තම තමන්ට ආවේණිකයි, ඒ ආවේණික ලස්සන තමන් මුලින් අගය කරනවා නම්, පිටතටත් ඒ ලස්සන බොහෝ වෙලාවට දැනෙනවා. තමන් තමන්ට දෙන තක්සේරුව අනිත් අයටත් පේනවා.
ලස්සනට අඳින එක, ශරීරය ගැන හිතන එක වගේම තමයි හොද perfume/cologne එකක් පාවිච්චි කරන එක.. සුවඳ කියන්නේ අපේ ජීවිත එක්ක තදින්ම බද්ධ වෙච්ච දෙයක්. අවුරුදු ගානකට පස්සේ උනත් කාලෙකට කලින් පාවිච්චි කරපු Perfume එකකට පුලුවන් පරණ මතකයන් අවුස්සලා ගන්න, ආගිය තැන්, ඇසුරු කරපු අය මතක් කරවන්න.
Sex වලදි අපි අනිත් කෙනාගෙ සුවඳ එක්ක බැඳෙනවා, ඒ සුවඳට පුලුවන් වෙනවා කෙනෙක්ව තමන්ගේ වසඟයට පත් කරගන්න. පාවිච්චි කරන සුවඳින් තමන්ගේ personality එකට ආයාසයකින් තොරව එසවීමක් ලැබෙනවා.
බාහිර පෙනුමට වඩා සැලකිලිමත් වියයුතු කාරණයක් තමයි, sexual hygiene කියන්නේ.
උඩින් මොන ආලේපන දාලා, ලස්සනට ඇදලා හිටියත් වැඩක් නැහැ තමන්ගේ යට ඇඳුම ඉරිලා වැහිරිලා ගිය අපිරිසිදු එකක් නම්.
That’s a turn off.
ලිංගාශ්‍රිත රෝග, එහෙමත් නැත්තන් STDs සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමත් ඉතා වැදගත්.
එවැනි රෝග වැළදීම වළක්වා ගන්න පියවර ගත යුතුයි වගේම රෝගයක් වැළදුනොත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ගන්න එකත් අත්‍යවශ්‍ය දෙයක්.
එය කිසිසේත්ම ලැජ්ජ විය යුතු කාරණයක් විදිහට සලකන්න බැරි ලිංගාශ්‍රිත රෝග කියන්නේ ඕනම කෙනෙක්ට ඇති විය හැකි තත්වයක් නිසා.
රෝග තත්වයක් තිබුනත් නැතත් විවිධ ලිංගික සවඳතා පවත්වන කෙනෙක් මාස 6කට වරක් හෝ අවුරුද්දකට වරක් වත් checkup එකක් කරගැනීම අවශ්‍යයි.
ලිංගික අවයව කියන්නේ අපේ ශරීරයේ වැඩිපුරම අවධානයක් දැක්විය යුතු කොටසක්.
Sex කලාට පසුව තම ලිංගික අවයව හොඳින් පිරිසිදු කිරීම අතිශයින් වැදගත් කාරණයක්. කාන්තාවන් sex වලින් පසුව මුත්‍රා කිරීමෙන් විෂබීජ ඇතුලු වීම බොහෝ දුරකට වළක්වා ගන්න පුලුවන් කම ලැබෙනවා.
ශරීරය කියන්නේ තමන්ගේ නවාතැන.
ඒ ගැන නොතකා හරිනවා කියන්නේ ආකර්ශනීය ලිංගික ජීවිතයක් වෙනුවට සම්පූර්ණයෙන්ම අඩපණ වුන ලිංගික ජීවිතයකට හිමිකම් කියන්න සිද්ධ වෙන එක.
ඒකෙන් හානියක් සිද්ධ වෙන්නේ ලිංගික ජීවිතේට විතරක් නෙමෙයි, තමන්ගේ සමස්ත personality එකටයි.
මොන දේ කරන්නත් කලින්, අපි අපිට ආදරේ කරන්න ඕන.
එසේ නොකර, වෙන කෙනෙක් තමන්ට, තමන්ගේ ශරීරයට ආදරේ වෙයි කියලා බලාපොරොත්තු වෙන එක පවා අසාධාරණයි.
ජීවිතේ සතුටට ලිංගික ජීවිතයේ සතුට දැඩිවම බලපානවා. තමන් තමන්ට ආදරේ කරන තැන තමයි ඒ සතුට රැදෙන එකම තැන.
ශේනි විජේසුරේන්ද්‍ර








තම තමන්ගේ fantasies මොන ආකාරයේද කියන එකටත් මේ කාරණා බලපාන්න පුලුවන්..
කෙනෙක් Sex තුලින් සුරාන්තයකට පත්වෙන මොහොතක් කියන්නෙ තමන් තමන්ට සීයට සීයක් එකඟ වෙන මොහොතක්. කාන්තාවකට මේ තත්වයට ළගා වෙන්න කායික සහ මානසික සහයෝගය කියන දෙකම අවශ්‍යයි.
Fantasies තියෙනවා කියන්නේ ඒ ආසාවන් යතාර්ථයක් කරගන්න හිතන එක නෙමෙයි, ඒ මවන දේ ඇතුලේ ඒ රහ විදීමින් ඒ තුලින් ලිංගික උද්දීපනයක් සහ ආස්වාදයක් ඇති කරගැනීමයි.




බැන්දට පස්සේ ගොඩක් couples සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි, ‘sex කරන එක කාලෙත් එක්ක එපා වෙනවා’ කියලා. මේක ඕන කෙනෙක් නිතර අහලා තියෙන දෙයක්. එහෙමනම්, මුලින්ම කල යුතු දේ තමයි ඒ මැරිච්ච spark එක නැවත ගෙන එන්න උත්සහ කිරීම. ළමයෙක් හැදෙන්න ඕන හොඳ තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන දෙන්නෙක් ළඟයි.
ඒ නිසා, හැමවෙලේම තමන් තුල ඉන්න නිදහස් ගැහැණියට සලකන්න.

අන්තිමට පියුමි දෙරණට ඇවිත් චතුර එක්ක කරපු සංවාදයෙන් පස්සෙ මං පියුමිව හිතෙන් අත්ඇරලා දැම්මා. එතනදි කිසිම දවසක ඇගෙන් අපේක්ෂා නොකළ තරමෙ දෙබිඩිකමක් විද්‍යාමාන වුනා. තමන්ගේ කොටට ඇඳීමේ නිදහස ගැන කතා කරන අතරෙම පියුමි ටික්ටොක්වල නාකි ඇන්ටිලා නටන එකට හිනාවුනා. ඒක ලැජ්ජා විය යුතු දෙයක් විදිහට කතා කළා. එයාට අනුරාගය සහ විලාසිතා ගැන තිබුනෙ තරුණ වයස එක්ක ගැටගැහුණු පටු අදහසක්. මේ වයසට මේවා කරන්න ඕන කියන එකයි පියුමිගේ දර්ශනය වුනේ. එහෙම නැතුව කැමති කෙනෙකුට, කැමති වයසකදි, කැමති විදිහකට ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕන කියන එක ගැන එයාට කොහෙත්ම හැඟීමක් තිබුනෙ නෑ. හැබැයි සුමනා ගෝමස් කියන නිළියට ඒ නිදහස ගැන වැටහීමක් තිබුන.
එහෙම සමාජයක හැදුන මට, ඒ හණමිටි අදහස් සියල්ල සම්පූර්ණයෙන්ම වගේ කණපිට පෙරලුනේ ඇමෙරිකාවේ ආවාට පස්සෙයි..


hough the use of sex toys shows considerable increase in Sri Lanka, it is still treated with a great deal of discretion. Yet the doors of sexual pleasure and liberation these sex toys could open are immense. Those sexual fantasies we erotically weave in our heads are brought to life by these sex toys. Why scorn them when all what they do is tap on our deepest parts of pleasure?


