Category: Features

  • Is pre-marital sex acceptable?

    Is pre-marital sex acceptable?

    The mere fact that such a question has risen is an indicator of the underlying issue. Is there anyone who hasn’t enjoyed pre-marital sex? What could possibly be the connection between marriage and sex in the first place? The core issue of the matter of discussion is derived from the 1940’s Victorian roots. The shift in the discourse of sex commences in the 1960’s. As a result of the introduction and advancement of contraceptive methods a distinction is drawn between sex and reproduction. People began to indulge in the pleasure of sex until the discussion on HIV risks started making its way through. Religious institutions, in spite of their ideological differences, unanimously work towards one common cause, which is the suppression of sex and sexual desire. Despite the failures evident in religious institutions, they do not give up on this common cause. These religious institutions strongly and fanatically stand against the legalization of abortion yet hypocritically burn down condom manufacturing machines, quite literally.

    At this particular point of time over 75% of the population in a Western country have had sexual encounters. Hypothetically, the statistic should be quite similar in Sri Lanka, if proper research and surveys were carried out. It is almost strange to encounter a person who has not enjoyed the bliss of pre-marital sex. It is perceived more of a disqualification rather than a qualification.

    Though there’s an opinion that this welcoming perception on pre-marital sex was a disastrous thought of the 1960’s, research shows that this situation had persisted even in the 1940’s, the difference lies in the society’s reluctance to openly accept it.

    The reason to raise this matter of concern is a so-called medical opinion I encountered at a recently held discussion on sex education. At this discussion, a professional from the public health sector claimed that sex is solely for married couples and the prohibition of pre-marital sex should be internalized strongly into the society.

    My initial query to this staggering opinion was the scientific basis behind it. We sort a scientific explanation only in circumstances that are devoid of our value system, which we refer to as “value-free”. Ironically, what we mostly believe as “scientific” has a traditional belief system behind it. Dr. Padeniya in Sri Lanka is a living testimony of this irony. Tissa Jananayake, a science instructor, is yet another classic example. Those involved in the discussion on unbiased science in Sri Lanka is just a handful.

    There was once a time when science claimed that homosexuality is a disease, which was the belief in Sri Lanka until recent times. This claim is a completely non-scientific yet functioned as a scientific certification beneath the grip of religious claims. The prohibition of pre-marital sex is yet another instance of religion’s restrictive grasp on the value system of the society beneath the façade of science.

    Marriage is not a scientific phenomenon but rather one which is completely cultural, also largely positioned in a heterosexual framework. Homosexual marriages are still not legalized in certain countries like Sri Lanka. By around 12 years a child begins to experience changes in sexual feelings through bio-scientific means yet the average age of marriage is 28 and beyond (Under-aged Muslim marriages being an exception). In such a situation the unnecessary and exaggerated imposition on chastity using the scientific façade to curtail pre-marital sex only leads to an indirect distortion of the discourse on virginity. It is very unfortunate and ironic that individuals who are professionally involved in propagating sex education are subject to such cultural blindness.

    It is also ridiculous to be compelled to get married just for the sake of having “sanctioned sex”. The modern trend is such that marriage is no longer perceived as mandatory. The younger generation, especially the women have started questioning marriage as a necessity. Marriage no longer offers the younger generation the enticement it traditionally did. Yet no longer being interested in marriage does not definitely replicate the desire for sex.

    Projects related to sex education in Sri Lanka is largely funded by foreign reproductive health programmes. These projects are carried out with the intervention and the monitoring of Government Medical officials. Though the original intention is to socialize accurate information, what eventually happens is an unnecessary imposition of culture that restricts the distribution of this accurate information. this tragic plight of sex education in Sri Lanka is one which is fed by religious institutions.

    Implementing an abstinence- only education is considered to be illegal and a violation of human rights in certain countries. The abstinence-only education is one which is proven to be unsuccessful through extensive research and on the other hand abstinence-only education is one which the American Judicial system believes is largely a curtailment of both the right for information and the right for sex of the young generation. Yet it still continues to be a norm in Sri Lanka.

    It is believed that pre-marital sex causes unwanted pregnancies, sexually stimulated diseases, regret, depression and shame yet what we fail to understand is that these could all exist in any kind of heterosexual relationship. The bio scientific repercussions can be largely controlled by a use of a condom and the psychological and emotional repercussions are essentials for one’s maturity.

    The absence of effective contraceptive methods in one great disadvantage in our context. Other than the use of a condom, the other contraceptive methods are largely centered around the woman. These methods meddle with a woman’s hormonal changes. Though these methods are somewhat effective, many women experience weight gain and mood swings as a result of these methods. The “morning after pill”, more commonly known as “Postinor”, is becoming quite popular among the youth. This indicates that the pill is used without much awareness since it is a pill meant to taken at an emergency and the frequent use of it could lead to adverse side-effects.

    Hence the use of the condom seems to appear the probable option as it allows those involved in sex to enjoy the experience with comparatively less intensity but also with the least side effects.

    Apart from this, it is claimed that some research shows how those who refrain from engaging in pre-marital sex are more inclined to be in long-term relationships, are comparatively more loyal and have a lower tendency of resorting to divorce. But these opinions were challenged and further research carried out suggest that these are distorted opinions. it is further stated that the number of individuals who have not engaged in pre-marital sex is becoming a significant minority and to arrive at such conclusions based on a minority is scientifically erroneous and flawed.

    These restrictive opinions are making a negative impact. This mindset creates personalities that are highly dependent, less enduring and disturbingly insecure. This also would lead to troubled marital relationships with dissatisfied sex lives who blindly live in the marriage largely out of compulsion rather than love. This deprives us the luxury of choice and free-will.

    Sex is an amazing experience. The release of dopamine and oxytocin through the indulgence of a sexual act help us be happier and build healthier inter-personal relationships. As we scroll through our newsfeeds in our social media platforms we excessively encounter political conflicts, insults, complaints, self-obsessive depictions, which are all consequences of sexual frustration. To engage in sex and acquire its positive and enriching benefits, sex has to be an act of meaning, if not it would only leave you with and empty and distressing feeling. Sex has to be experienced with its true essence of spirituality.

    Sex should not be junk- sex, which like junk-food could lead to a dreadful life. It then becomes an act of consumption and a mere addiction- a momentary pleasure and an endless chase. Sex is meant to be experienced with a consciousness of both body and soul, one which is supposed to aesthetically fulfilling and enriching and that is what defines a healthy sexual experience.

    Sex education then should function as an informational pathway that would facilitate a healthy sex life and not create a distorted and a diseased society.


    Original Sinhala article by Chinthana Dharmadasa

  • කසාදෙට කලින් සෙක්ස් කරන එක හොඳද?

    කසාදෙට කලින් සෙක්ස් කරන එක හොඳද?

    මේක ඇත්තටම අහන්නවත් වලංගු ප්‍රශ්නයක් නෙමෙයි. කසාදෙට කලින් සෙක්ස් නොකරන්නෙ කවුද? කසාදයයි සෙකසුයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද? ඇත්තටම මේ මාතෘකාවෙ ප්‍රශ්නෙ වික්ටෝරියානු ප්‍රශ්නයක්. 1940 ගණංවල තත්වයක්. 1960න් පස්සෙ ලෝකෙ සෙක්ස් කියන එක වෙනස් වෙනවා. උපත්පාලන ක්‍රම දියුණු වෙනවත් එක්ක සෙක්ස් සහ ළමයි හැදීම කියන කාරණය දෙකක් වෙනවා. ආපහු HIV අවදානම එනකල් මිනිස්සු තමන්ගේ ජීවිත උපරිමෙන් බුක්ති විඳිනවා. ආගමික ප්‍රජාවත් කොයිතරම් අසාර්ථක වුනත් තමන්ගේ සෙක්ස් යටපත් කිරීමේ ව්‍යාපෘතිය අතාරින්නෙ නෑ. කොහොමෙන් හරි ගබ්සාවට විරෝධය පවත්වා ගනිමින් මිනිස්සුන්ගේ සෙක්ස් කොන්ට්‍රෝල් කිරීමේ තමන්ගේ ලෝකෝත්තර කාර්යය ඒ ගොල්ලො කරගෙන යනවා. සිවුරුකාරයො කොන්‍ඩම් මැෂින් ගිනි තියනවා.

    මේ වෙද්දි බටහිර රටක නම් අවුරුදු 20 වෙද්දි 75%‍ට වැඩි පිරිසක් ලිංගිකව හැසිරිලා තියෙනවා. ලංකාවෙත් හරි පර්යේෂණයක් නැතත් ප්‍රතිශතය මීට ආසන්න වෙන්න ඕන. කසාද බඳින්න කලින් කිසිම කෙනෙක් ඇසුරු නොකරපු ‍ගැහැණියක් හෝ පිරිමියෙක් කියන්නෙ ටිකක් අමුතු තත්වයක්. ඒක සුදුසුකමකට වඩා නුසුදුසුකමක්.මේක 1960න් පස්සෙ ඇතිවුනු විනාශකාරී තත්වයක් විදිහට මතයක් තිබුණත් පර්යේෂකයො පෙන්නලා දෙනවා 1940 ගනං වලත් මේ තත්වය මේ විදිහටම පැවතුනා කියල. සමාජය ඒක විවෘතව බාරනොගැනීම විතරයි වෙනස.

    මේ කතාව ගැන ලියන්න හිතුනෙ මෑතක ලිංගික අධ්‍යාපනය සම්බන්ධ සාකච්ඡාවකදි මට අහන්න ලැබුනු වෛද්‍ය මතයක් හින්ද. එතනදි මහජන සෞඛ්‍ය අංශයේ ප්‍රවීනයෙක් කියා හිටියෙ කසාද බැඳපු අයට පමණක් ලිංගිකව හැසිරීමේ ආරක්ෂිත ක්‍රම ප්‍රචාරය කළ යුතු බවත් කසාදයට පෙර නම් ලිංගිකව හැසිරෙන්න එපා කියන එක දැඩිව සමාජගත කළ යුතු බවත්.

    මේක විද්‍යාත්මකද කියල ඒ වෙලාවෙ මං ප්‍රශ්න කළා. මං එහෙම ඇහුවෙ අපි යමක් විද්‍යාත්මකයි කියන්නෙ ඒක අපි පිලිගන්නා වටිනාකම්වලින් තොර නම් විතරයි. ඒකට අපි කියනවා ‘වැලියු ෆ්‍රී’ කියල. බොහෝ විට විද්‍යාව කියල අපිට උගන්වන කාරණා පිටිපස්සෙ පරණ සාම්ප්‍රදායික ඇදහීම් තියෙනවා. ලංකාවෙ දොස්තර පාදෙණිය කියන්නෙ මේකට ජීවමාන උදාහරණයක්. විද්‍යාව උපදේශකයෙකු වන තිස්ස ජනනායක තවත් ඒ වගේ කෙනෙක්. ලංකාවෙ අන්-බයස්ඩ් සයන්ස් කතා කරන අය ඉන්නෙ අතේ ඇඟිලි ගාණටයි. කාලෙකට කලින් විද්‍යාවෙන් කිව්වා සමලිංගිකත්වය රෝගයක් කියල. ඒක මෑතක් වෙන තුරු ලංකාවෙත් උගන්වමින් තිබුන. ඒක තනිකරම විද්‍යාත්මක නොවන නමුත් විද්‍යාත්මක සහතිකය ඇතුලෙන් ප්‍රචාරය කරන ආගමික අගතියක්. කසාදයට කලින් ලිංගිකව හැසිරීමෙන් වැලැක්වීමත් ඒ හා සමානම ක්‍රියාවක්.

    මේ වගේ පිළිවෙත් නිසා සමාජයේ මිනිස්සු පීඩාවට පත් කරන අගතීන් නඩත්තු වෙනවා. විවාහය කියන්නෙ විද්‍යාත්මක සංසිද්ධියක් නෙමෙයි. ඒක තනිකරම සංස්කෘතික කාරණයක්. ඒ වගේම විෂම ලිංගික නිර්මාණයක්. සමලිංගික විවාහ තාමත් අපේ වගේ රටවල නීතිගත නැති තත්වයක් තියෙන්නෙ. ඒ වගේම අවුරුදු දොලහෙදි පමණ ලිංගික හැඟීම් උපදින ජීව විද්‍යාත්මක වෙනස්කම් සිදුවන දරුවෙක් විවාහයට පත්වෙන්නෙ අවුරුදු විසි අට හෝ තිහ නැත්නම් ඊටත් පස්සෙ. (අඩු වයස් මුස්ලිම් විවාහ හැර). ඒ අතර තුර කසාදය තෙක් පතිවත රැකීම විද්‍යාත්මක අර්ථයකින් ප්‍රවර්ධනය කිරීමෙන් වෙන්නෙ වක්‍රාකාරයෙන් කන්‍යාභාවය පිළිබඳ සියලු තත්වයන්වලට උඩගෙඩි දීමක්. ලිංගික අධ්‍යාපනය බෙදාහරින පිරිස් මේ විදිහෙ සංස්කෘතික අන්ධභාවයකින් හැසිරීම ඉතාම අවාසනාවක්.

    ඒ වගේම සෙක්ස් කරන්න අවශ්‍ය නිසා කසාද බඳින්න සිද්ද වෙන එක මොන අපරාදයක්ද? කසාදය ප්‍රවණතාවයක් හැටියට අඩුවෙමින් යන තත්වයක් පෙන්නුම් කරන්නෙ. තරුණ පිරිස් විශේෂයෙන් කාන්තාවන් තමන් ගත කරන අලුත් ජීවිත තත්වයන් එක්ක කල්පනා කරනවා කසාදයක් තමන්ට අවශ්‍යද කියල. කසාදය විසින් ආකර්ශනීය ජීවිතයක් නූතන පරම්පරාවට පිළිගන්වන්න අපොහොසත් වෙලා තියෙනවා. ඒත් කසාද බඳින්න අකමැතියි කියන්නෙ සෙක්ස් කරන්න අකමැතියි කියන එක නෙමෙයි.
    ලංකාවෙ ලිංගික අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘතිවලට බොහෝ විට ආධාර ලැබෙන්නෙ වෙනත් රටවල ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන් හරහායි. මේ ව්‍යාපෘති ලංකාව තුල දියත් කරන්න ඒ අයට සිද්ද වෙනවා විවිධ රජයේ වෛද්‍ය කණ්ඩායම් එක්ක කටයුතු කරන්න. ඒ අයගෙ අධීක්ෂණය යටතෙයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නෙ. ඒකෙ අදහස වඩා නිවැරදි තොරතුරු සමාජගත කිරීම වුනත් ඇත්තටම එතනදි සිද්ද වෙන්නෙ සදාචාර සීමාවන් මතින් තොරතුරු වාරණය කරන එකයි. ලංකාවෙ ලිංගික අධ්‍යාපනය පිළිබඳ මේ දුක්ඛදායක යතාර්ථය හිතාමතා නඩත්තු කරන ආගමික එකක්.

    ඇබ්ස්ටිනන්ස්- ඔන්ලි ඒ කියන්නෙ ලිංගික ක්‍රියාවෙන් වැලකී සිටීමේ අධ්‍යාපනය පමණක් තරුණ පිරිස්වලට ලබාදීම නීතිවිරෝධී විදිහටයි ලෝකෙ පිලිගන්නෙ. එක පැත්තකින් සියලු පර්යේෂණ මගින් ඒක අසාර්ථක ක්‍රමවේදයක් බවට ඔප්පු වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ඒක තමන්ගේ අගතීන් පාවිච්චි කරමින් තරුණ පරපුරේ තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ඔවුන්ගේ ලිංගිකව එක්වීමට ඇති අයිතිය යන දෙකම බාධාකරන බවට ඇමරිකානු අධිකරණයෙන් පිලිඅරන් තියෙනවා. ඒත් ලංකාවෙ මේක අපි දිගටම කරගෙන යනවා.
    කසාදයට පෙර ලිංගිකව හැසිරීමෙන් අනවශ්‍ය ගැබ්ගැනීම්, සමාජ රෝග, පසුතැවීම්, සිත්රිදීම්, මානසික ආතතිය, ලැජ්ජාව ආදී කාරණාවලට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි මේ තත්වය ‍මොනොගමික කසාදය තුල නොපවතින ඕනම විෂම ලිංගික සම්බන්ධතාවයකට පොදුයි. කොන්ඩමයක් පැළඳීමෙන් ජීව විද්‍යාත්මක වශයෙන් සිදුවිය හැකි ආපදා සියල්ල මැනවින් කළමනාකරණය කරගන්න පුළුවන් අතර අනෙක් මානසික ආපදා ඇත්තෙන්ම ජීවිතය විඳින්න නම් අවශ්‍ය ඒවා වෙනවා.

    තාමත් අපිට හොඳ උපත් පාලන ක්‍රමයක් නැතිවීමේ අවාසිය තියෙනවා. කොන්ඩමය හැරුනු කොට අන් සියලු උපත් පාලන ක්‍රම කාන්තාවන් ඉලක්ක කරගන්නවා. ඒ අයගෙ හෝ‍මෝන එක්ක සෙල්ලං කරනවා. බොහෝ විට සාර්ථක වුනත් මූඩ් ස්වින්ග්ස් සහ තරබාරු වීම් ආදී තත්වයන්ට මුහුණ දෙන්න සිදුවන කාන්තාවො ඉන්නවා. ඒ වගේම මෝනිං ආෆ්ටර් පිල් හෙවත් ලංකාවෙ නම් පොස්ටිනො කියල හඳුන්වන පෙති පාවිච්චිය ශීග්‍රයෙන් ඉහල යාමක් දකින්න තියෙනවා. ඒකෙ අදහස තරුණ පිරිස් නිතර මේ පෙති මත පවතින තත්වයක් ඇතිවෙලා කියන එක. ඉතාම හදිසි තත්වයක් යටතේ පාවිච්චි කරන්න නියමිත මේ පෙති නිතර පාවිච්චියෙන් නරක ප්‍රතිඵල ඇති කරනවා.ලිංගික නිදහස ඇත්තටම විඳින්න තියෙන එකම මග කොන්ඩම් එකයි. ඒකෙන් නිරුවත් සතුට පිළිබඳ හැඟීම තරමක් අඩු කළත් දෙන්නාටම සමානව පසු ආපදාවලින් තොරව සතුටු වෙන්න පුළුවන්.

    මේ හැරුනු විට කසාදයට පෙර ලිංගිකව හැසිරීමෙන් වැලකෙන අය ගැන කරපු පර්යේෂනවලදි ඒ අය වඩාත් පක්ෂපාතී, දිගුකාලීන සම්බන්ධතාවලට නැඹුරු, දික්කසාද වීම් අඩු අය බව පෙනී ගිහින් තියෙනවා. ඒත් මේ ගැන නැවත අභියෝග කළ පර්යේෂකයන් පෙන්වා දෙන්නෙ මේ දත්ත ඉතාම විකෘතිසහගත බවයි. ඒ වගේම කසාදයට පෙර ලිංගිකව හැසිරීමෙන් වලකින පිරිස එන්න එන්නම කුඩාවෙමින් යන අතර ‍එවන් සුලු ප්‍රතිශතයකින් මෙවන් නිගමනවලට එළඹීම විද්‍යාත්මක නෑ කියල ඔවුන් පෙන්වා‍ දෙනවා.

    ඒ කොහොම වුනත් මේ කියන ප්‍රතිඵල පොසිටිව් ඒවා නම් නෙමෙයි. කසාදයෙහි දැඩිව එල්ලී සිටින, සියල්ල සඳහා අනෙකා මත පදනම් වෙන, දික්කසාදයක් දරාගැනීමේ ශක්තිමත් මානසිකත්වයෙන් තොර, දුර්වල පුද්ගල පෞර්ෂයන් නිර්මාණය වෙන බවක් තමයි එතන පේන්න තියෙන්නෙ. ඒ වගේම තමන්ගේ එකම ලිංගික අත්දැකීමෙන් තෘප්තිමත් වීමත්, එය කුමක් වුනත් බාරගෙන ඉදිරි ජීවිත කාලයම එලෙසම පැවතීමත් වඩා ළංවෙන්නෙ වහල්බවකට මිස ආදරයකට නෙමෙයි. එතනදි අපි තෝරාගැනීම කියන කාරණය අහිමි කරනවා.සෙක්ස් කියන්නෙ ඉතාම හොඳ දෙයක්. සෙක්ස්වලින් ඩෝපමින්, ඔක්සිටොසීන් ආදී රසායනයන් මුදාහරිමින් අපිව සතුටට, සැනසිල්ලට පත් කරන අතර අපේ අන්තර්පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කරනවා. අපිව නිරෝගී කරනවා. අපි ෆේස්බුක් වගේ කලාපයකට ආවම දකින්න තියෙන දේශපාලනය, වාද විවාද, අපහාස, අවලාද, සෙල්ෆි සටන් බොහොමයක් ලිංගික අතෘප්තිමත්භාවයේ ප්‍රතිඵල. හැබැයි ජීවිතේ අනිත් හැමදෙයක්ම වගේ සෙක්ස් වලින් මේ හොඳ ප්‍රතිඵල අත්පත් කරගන්න නම් ඒක අර්ථවත් සම්බන්ධයක් වෙන්න ඕන. නැත්නම් හිස්කමක්, මානසිකව බිඳවැටීමක් විතරක් ඉතුරු වෙන්න පුළුවන්. සෙක්ස් කියන්නෙ ආධ්‍යාත්මිකව, මානුෂිකව පිරුණු අත්දැකීමක් වෙන්න ඕන.

    එහෙම නැතුව අපි දකින දකින අය එක්ක සෙක්ස් කරනවා නම් ඒකට අපි කියනවා ජන්ක්-සෙක්ස් කියල. හරියට ජන්ක් ෆුඩ් වගේම ඒකෙන් අපිට නරක ප්‍රතිඵල අත්කරලා දෙන්න පුළුවන්. ඒක හුදු ඇබ්බැහියක්, නොනවතින් පරිභෝජනයක් විතරයි. ඒ සතුට හරියටම අපි මතට ඇබ්බැහි වීමක් වගේ. මොහොතක තෘප්තිය සහ නතර නොවන හඹායාමක්. ඒ වෙනුවට සෙක්ස් කියන්නෙ අපි සවිඥානකව යෙදෙන සිරුරෙන් සහ මනසින් විඳින අත්දැකීමක් බවට පත් කරගන්න ඕන. ඒක අපිව පොහොසත් කරන දෙයක් වෙන්න ඕන. නිරෝගී ලිංගික ඇසුරක් කියන්නෙ ඒකට.

    ලිංගික අධ්‍යාපනය කියන්නෙ එවන් නිරෝගී ලිංගික ඇසුරකට අවශ්‍ය දැනුම ලබාදෙන එකටයි. නැතුව ‍රෝගී සමාජයක් පවත්වාගෙන යන එකට නෙමෙයි.

  • ගැහැණියක් විඳින්න දන්නවද?

    ගැහැණියක් විඳින්න දන්නවද?

    ගැහැණියක් විඳින්න දන්න පිරිමි අඩුයි.

    ගැහැණියක් විතරක් නෙමෙයි, සමස්තයක් විදිහට ගත්තම ජීවිතේ විඳින්න දන්න මිනිස්සු සෑහෙන්න අඩුයි.

    අපි කරන කියන හුගක් දේවල් විඳවන්න මිසක් විඳින්න මග පාදගන්නේ නැත්තේ නොදැනුවත්කම නිසා වෙන්න පුලුවන්.
    ඒක දුක්බර උනත් ඇත්ත තත්වයක්.

    ගැහැණියක් විඳිනවා කියන්නේ මොකක්ද ?

    ඇගේ ශරීරයයි, මනසයි කියන දෙකම එක විදිහට විඳින එක.

    ගොඩක් වෙලාවට කසාද ජීවිත වල හෝ සම්බන්ධතා ඇතුලේ ඉන්න පිරිමි ගොඩක් වෙලාවට පාවිච්චි කරන වචනයක් තමයි, ‘ගෙදර ගෑනි’ කියන එක.

    මේකෙන් ඉස්මතු කරන්නෙ, අර්ථ ගන්වන්නෙ, ලංකාවේ පවුල් කේන්ද්‍රය ඇතුලේ සාමාන්‍යයක් වෙලා තියෙන බරපතල අවුලක්.

    ‘ගෙදර ගෑනි’ කොටට අඳිනවට කැමති නැහැ, හැබැයි ගෙදරින් එලියට ගිය වෙලේ ඉදන් බලන් ඉන්නේ කොටට ඇදන් යන වෙන ගෑනු දිහා. එහෙම බලලා, ‘අපේ ගෙදර ගෑනු ඔහොම අදින්නේ නෑනෙ බං’ කියනවා.

    තමන් ආස කරන විදිහේ කාන්තාවක් කසාද බඳින එක වෙනුවට සමාජය හොදයි කියලා හිතන කෙනෙක්ව කසාද බැඳලා, ඒ කාන්තාව ගේ කාර්යය උයන්න, රෙදි හෝදන්න, ළමයි බලාගන්න පමණක් සීමා කරනවා. ගෙදර ගෑනි හැදෙන්නෙ එහෙම .

    ළමයි ලැබුනට පස්සේ ගෙදර ගෑනි ළමයින්ගේ අම්මා බවට පත්වෙනවා. ඉන් පස්සේ sex කියන එක ගෙදරින් පිටතදි තමන් ආස කාන්තාවන් සමග විඳින්නත්, කරන්නත් පුරුදු වෙනවා.

    හැබැයි, පිටතදිත් ගැහැණියක් හරියට විඳිනවද කියන එක සැකයක්.

    ලිංගිකව එකතු වෙනවා කියන එක බහුතරයක් පිරිමි වගේම ගැහැණු බලන්න පුරුදු වෙලා ඉන්නෙ, තමන්ගේ අවශ්‍යතාවයන් සපුරගන්න කාන්තාවක් පාවිච්චි කිරීම කියන කෝණයෙන්.
    Sex කරනවා කියන්නේ පිරිමියා හා සමානවම ගැහැණියත් වින්දනය ලබන ක්‍රියාවක්, සිතීමක් කියන එක ගැන දැනුවත් නැති නිසා, කසාදය ඇතුලේ ඉන්න ගැහැණියත් හිතන්න පුරුදු වෙනවා තමන්ගේ රාජකාරිය සැමියාට අවශ්‍ය වෙලාවට ඇ‍ඳ මත වැතිරී සිටීම කියලා.

    පවුලක් කියන එක ඉන් මත්තට ගහපු අත්සනකින්, සාලේ මැද්දේ තියලා තියෙන මගුල් photo එකෙන් පමණක් රැකිලා තියෙනවා.

    මේ තත්වෙට තව ප්‍රධාන වශයෙන්ම වග කියන්න ඕනේ දෙයක් තමයි, ආගම.

    උදාහරණයක් විදිහට, ගිහි ජීවිතයේ උපරිම ඵල ලබාගන්න නම් සැමියා සමග ලිංගිකව හැසිරීමෙන් පවා වැලකී සිටිය යුතුයි කියලා මහමෙව්නාවේ බෞද්ධ භික්ෂූන් බුදුබණ කියලා හිතාගෙන දෙසනවා මම දැකලා තියෙනවා.

    මේ දේවල් තුලින් සිද්ධ වෙන්නේ, ආගම විසින්, ගැහැණුන්ට ජීවිතේ විඳවන්න මග පාදමින්, පවුල් ජීවිත විනාස කර දමන්න අවශ්‍ය අඩිතාලම සකසන එකයි.

    මේ ඔක්කොම මැද්දේ, කොහොමද එහෙමනම් ජීවිතේ විඳින්නෙ?

    බුදු මැදුරේ අපි sex කරන්නෙ නෑනෙ. කොටින්ම ඒ ගැන හිතන්නෙවත් නෑනෙ. ඒ වගේම නිදන කාමරේ ඇතුලෙත් බුදු බණ අහන්න තියා හිතන්නවත් අවශ්‍ය වෙන්නෙ නැහැ.

    ඒ ඉරි දෙක වෙන් කර තබා ගන්න එකයි පළමු පියවර. ලිංගික ජීවිතය අත්හැර ගිය හාමුදුරුවරුන්ගෙන් ලිංගික උපදෙස් පතන්න එපා.Sex විඳිනවා කියන්නෙ, ගැහැණියක් විඳිනවා කියන්නෙ කායිකව සහ මානසිකව කියන දෙකෙන්ම එකතු වෙන තැනක්. එහෙම එකතු වෙන සම්බන්ධකම් ඇතුලෙ, එකිනෙකාගේ ආසාවන් ගැන විවෘත කතාබහක් ඇති වෙනවා. අලුත් දේවල් කරන්න, ගවේෂණය කරන්න ආසාව ඇති වෙනවා. ළමයි, ජීවන අරගල, මේ සියල්ල පොඩ්ඩකට හරි පැත්තකින් තියලා, Sex තුලින් මානසිකව, ශාරීරිකව දෙදෙනාම සුවයක් ලබා ගන්නවා.

    ඒ සුවය ඇබ්බැහියක් බවට පත් වෙනවා.

    ඒ ඇබ්බැහිය ඇතුලේ තියෙන්නෙ ජීවිතේ විඳීම.

    සම්බන්ධකමකදි, එහෙම ඇබ්බැහියක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

    ජීවත් වෙනවා කියන්නෙම, තව තව විඳින්න ආස හිතෙන එක්තරා විදිහක ඇබ්බැහියක්ම තමයි.


    ශේනි විජේසුරේන්ද්‍ර

  • ගෙදරදීම “පෝර්න්” එකක් සාදාගන්නා අන්දම

    ගෙදරදීම “පෝර්න්” එකක් සාදාගන්නා අන්දම

    හැම මනුස්සයම අතේ කැමරා ෆෝන් එකක් තියෙන සමාජයක තමයි අද අපි ජීවත් වෙන්නේ. මානව සමාජය අන් කවරදාටත් වඩා ප්‍රදර්ශණාත්මකයි. අපි අපේ ජීවිතේ ඕනම ලස්සන මෝමන්ට් එකක් ටක් ගාලා කැප්චර් කරලා සෝෂල් මීඩියා හරහා සමාජයට මුදාහරිනවා. මිනිස්සු ඒවා දකිනවා. රියැක්ට් කරනවා. කමෙන්ට් කරනවා. ශෙයා කරනවා.

    හැබැයි අපි එහෙම කැප්චර් කරන ලස්සන අවස්ථා අතුරින් අපිට සෝෂල් මීඩියා දාන්න බැරි.. ඒත් සමහර වෙලාවට සමීපම මිතුරන් අතරේ විතරක් හුවමාරු කරගන්න.. පස්සේ වෙලාවක බලලා සන්තෝස වෙන්න ඉතුරු කරගන්න දෙයක් තමයි අපිම හදන “පෝර්න්”

    මම අද කියලා දෙන්නේ ගෙදරදීම පෝර්න් එකක් හදාගන්නේ කොහොමද කියලා.

    1. වරදකාරීබවෙන් මිදෙන්න.

    පෝර්න් එකක් හදන්න බැරි ප්‍රධානම හේතුව තමයි ඒකට මොරාල් එක(ගැම්ම/ගට) නැතිකම. සමහරුන්ට තමන්ගෙ ශරීර ගැන, සයිස් එක ගැන ආත්ම විශ්වාසයක් නෑ. එහෙම උනහම වීඩියෝ කරලා කාට හරි යවන්න බයයි.

    අනික් අතට මේ වීඩියෝ එකට සම්බන්ධ වෙන අනික් පාර්ශවය බොහෝ විට තමන් ආදරය කරන බිරිද. නැත්නම් පෙම්වතිය. එයාව සම්පූර්ණයෙන් නිරුවත් කරලා වෙනත් මිනිහෙක්ගෙ කායික තෘප්‍තියක් වෙනුවෙන් කැමරාවක් ඇතුලට අරගන්න එක සමහරුන්ට මාර ගිල්ටි වැඩක්. ඒත් ඇත්තටම ඒක එහෙම නෙමෙයි. කාලෙක ඉදලා පෝර්න් හදන කෙනෙක් විදිහට මම නම් ආස මගෙ වයිෆ්ගෙ ලස්සන ලෝකය දකිනවට. කොල්ලො උන්ට ඇචීව් කරගන්න බැරි, හැබැයි මම භුක්ති විදින මගේ දෙයක් ගැන අඩුම තරමේ ස්වයං වින්දනේකින් හරි සතුටු වෙනවනම් ඒක වෙනම ආතල් එකක්.

    හැබැයි මේ වීඩියො කිරිල්ලට දෙන්නගෙම කැමැත්තනම් අනිවාර්යයි!

    2. කැමරාවක් හොයාගන්න.

    මේ වැඩේට කැමරා වර්ග නෑ. ඕනම ෆෝන් එකක් කැමරාවක් තමන්ට කම්ෆටබල් විදිහට යූස් කරන්න.

    මුල්ම එක අඩුපාඩු ගොඩක් තියෙන කුණු ගොඩක් වෙන්න පුලුවන්.. හැබැයි දිගටම ට්‍රයි කරන්න. තමන්ගෙ බොඩි එක.. ෆීලින්ග්ස්.. මූමන්ට්ස් ට්‍රස්ට් කරන්න. කැමරා ඈන්ගල් ටිකක් ඉගෙනගන්න.

    3. ආරක්ෂාකාරී වෙන්න.

    කිසිම වෙලාවක මුහුණ නම් වීඩියෝ වෙන්න දෙන්න එපා. ඇඟ විතරයි. මිනිස්සුන්ට පේන තැන්වල ටැටූ ගහපු අයත් ටිකක් පරිස්සම් වෙන්න. ඒකට හේතුව තමයි බැරි වෙලාවත් එකක් ලීක් උනොත් අසහනකාරයින්ගෙන් එන මල වදේ හරිම පීඩාකාරී වීම. ඒ නිසා හොදම දේ අපි කවුද කියලා හොයාගන්න බැරිවෙන විදිහට වැඩේ කරන එක.

    4. ළඟම අය අතරේ විතරක් ශෙයා කරගන්න.

    මනුස්සයෙක්ගෙ ලිංගික සංසර්ගයක් මැදිහත් සිතින් දකින්න පුලුවන් මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වයට වටිනාකමක් දෙන යමක් කමක් තේරෙන දැන උගත් සර්කල් එකක් මේ වැඩේ ප්‍රේක්ෂකයො විදිහට තියාගන්න. එයාලව මේවා යවලා එයාලට දැනෙන අවංක අදහස අහන්න. ඒක ගොඩක් වෙලාවට ඔබේ බිරිඳ පෙම්වතිය ගැන පට්ට වල්, බලු, වනචර කතාවක් වෙන්න පුලුවන්. ඒක බොහොම ආත්ම සංයමයකින් පිළිගන්න.

    5. වෙනස් වෙනස් දේ අත්හදා බලන්න

    හැමදාම එකම ඇඳේ එකම පොසිෂන් එකට එකම විදිහට ට්‍රයි කරන්න එපා. එහෙම කියලා පහන්තුඩාවේ වගේ ලීක් කරගන්නත් එපා. වෙනස් වෙනස් දේවල් ට්‍රයි කරන්න. හිටගෙන කරන්න. ඉදගෙන කරන්න. බැක් සයිඩ් කරන්න. කම්ෂොට්ස් මූණට දෙන්න. ලස්සන තොන්ග් එකක් අන්දවන්න. එයා ආස දේවල් අහගෙන රොමෑන්ටික් ටච් එකක් දෙන්න. බීඩීඑස් එම් කරන්න. ත්‍රීසම් එකක් ට්‍රයි කරන්න. වෙනස් වෙන්න.

    මම මේ සරළ පියවර පහ කිව්වේ දැනට අවුරුදු කිහිපයක ඉදලම පොඩි පොඩි පෝර්න් ක්ලිප්ස් හදලා තියෙන පළපුරුද්දෙන්. මීට වඩා ගොඩක් දේවල් ඇති ඔයාලා දන්න. ඒවත් විවෘතව ෂෙයාර් කරගන්න.


    සැමුවෙල් අමරසේකර ලියයි

  • ජංගි හොරාට මල් මල් ජංගියක්

    ජංගි හොරාට මල් මල් ජංගියක්

    සෝමරත්න දිසානායක ජංගි හොරා කියන නමෙන් ෆිල්ම් එකක් දැම්මම මුලින්ම මං සතුටු වුනේ සෝමරත්න වැඩිහිටියෙක් වීම ගැනයි. මෙච්චර කාලයක් සෝමෙ මාමා කිය කිය ළමා චිත්‍රපටකරුවෙකුට ඇඳගෙන හිටියට සෝමරත්න දිසානායක කිසි දවසක ළමයින්ට චිත්‍රපට කලේ නෑ කියන එකයි මගේ අදහස. එයාගෙ චිත්‍රපටිවලින් කලේ වැඩිහිටියන්ව ළමයි කරන එක. ලොකු අය විසින් ළමයින්ට පෙන්විය යුතු යැයි හිතන දේවල් චිත්‍රපටවලට ඇමිනීමෙන් පවුල් පිටින් හෝල්වලට ගේන්න පුළුවන් තත්වයක් සෝමරත්න හදාගත්තා. ඒවා පන්සල් ගානෙ ඉස්කෝල ගානෙ පෙන්නුවා.

    සෝමරත්න දිසානායක කියන්නෙ මහින්ද චින්තන සිනමාවෙ පුරෝගාමී චරිතයක්. ඒ සිනමාව කියන එක නිර්මාණය වුනෙම අපේ 2500ක සංස්කෘතිය සදාචාරය කියල එකක් උඩදාන්න සහ රාජ පාක්ෂිකභාවය ඇති කරන්න. මොකද ඒ කාලෙ අපිට හිටියෙ ර‍ජෙක්.

    මේ සංස්කෘතික කතිකාව ගොඩනැගුනෙම ලිංගිකත්වය යටපත් කිරීම හරහා. කිසිම සරාගී අනුරාගී කලා කතිකාවක් මතු නොවන යුධ වින්දන ආකෘතියක (විදර්ශනගේ වචන). මේ යටපත් කරපු සෙක්ස් තමයි ජාතික හැඟීම විදිහට ඉස්සරහට ආවෙ. ඒ හින්ද ජනතාවට වඳ කොත්තු, වඳ බ්‍රා හීනෙං පේන්න පටන් ගත්තා. තමන්ගේ පුරුෂභාවය අඩුවෙයි කියලා හෙළ පිරිමි බයවුනා. ගඟ පලාගෙන පත නයි වඩින්න ගත්තා. ඒ කාලෙ ජනප්‍රිය වුනු ඕනම සංසිද්ධියක් අරන් බැලුවොත් ඒවා සමාජයේ ලිංගිකත්වය පාගා දැමීම හින්ද ඇති වුනු රෝග ලක්ෂණ බව තේරුම් ගන්න අමාරු නෑ. ඒ සිනමාවෙ උවමනාව වුනේ රටම ළමයින් බවට පත් කරන එක. සිනමාව ටීවී එක වගේ පවුලම එකට හිඳ නරඹන එකක් කරන එක. ලංකාවෙ සමස්ත සිනමා ඉතිහාසයම ඇතුලෙ ලිංගිකත්වය පූර්ණ මර්දනයක පැවතුනු යුගය ඒක. මැදගොඩ අබේතිස්සලා ඒ නෂ්ටකාම යුගයේ නිර්මාණ. ඒ කාලෙ කාමය යනු රාජපක්ෂලාට සහ ඊට පක්ෂලාට පමණක් හිමි වරප්‍රසාදයක් වුනා. අනිත් හැමෝටම උරුම වුනේ අතීතකාමය විතරයි.

    දැන් සෝමරත්න වැඩිහිටි චිත්‍රපටයක් කරනවා. ‘පුතේ දුවේ සෝමෙ මාමාගෙ මේ ෆිල්ම් එක ඔයගොල්ලො බලන්න එපා’ කියනවා. පවුලේ සිනමාව පමණක් විශ්වාස කරපු එයා වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපටියක් හදනවා. එච්චරක් ඇති. මං ඊට වඩා කිසි දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.

    ලංකාවෙ මහා සිනමා ප්‍රේක්ෂාගාරය හිමි දැවැන්තම සිනමාකරුවා තමයි සෝමරත්න. එයා තනියම වුනත් කර්මාන්තමය මුහුණුවරකින් ඒක පවත්වාගෙන යාමේ ලොකු උත්සාහයක් දරනවා. සෝමරත්නගෙ ෆිල්ම් ලංකාවෙ ‘මාස්’ එකට කතා කරනවා. ඉතින් සෝමරත්න වැඩිහිටි වෙනවා කියන්නෙ ලංකාවෙ ‘මාස්’ එක වැඩිහිටි වෙනවා කියන එක. ඒක හින්ද මං සතුටු වුනා.

    ඇඩ්වලින් පෙනුනු විදිහට සෝමෙ තෝරගෙන තිබුනෙ ඉතාම ආරක්ෂිත කලාපයක්. මානසික රෝගයක් යටින් අතදාලා සෙක්ස් ටිකක් අතපත ගාන එක. වල් නමක් ගාගන්නෙ නැතුව ගානත් හොයාගන්න පුළුවන්. මුලින් ජංගිහොර කියල දාපු නම ටික ටික අන්ඩර්පෑන්ට් තීෆ් වෙද්දි මට මගේ විශ්වාසය තවත් තහවුරු වුනා. මං ෆිල්ම් එක බලන එක කල් දදා හිටියෙම බැලුවා කියල ඇති වැඩක් නැති හින්ද. ෆිල්ම් එක තියෙන්නෙ තිරයෙන් පිටත කියල හිතුන හින්ද.

    අන්තිමට බදාදාවක හවස හතරට විතර ජංගි හොරා බලන්න මං ජංගි නැතුව රොක්සි එකට ගියා.

    චිත්‍රපටිය බලන් ඉඳිද්දි මගේ පූර්ව නිගමන එකින් එක බිඳවැටෙන්න පටන් ගත්තා. ජංගි හොරා කියන්නෙ මානසික රෝගයක් ගැන චිත්‍රපටයක් නෙමෙයි. ඒක තමයි ලංකාවෙ පළවෙනි සෙක්ස් කෙ‍ාමඩි ෆිල්ම් එක වෙන්නෙ. මානසික රෝග තත්වයක් අරගෙන ‍සෝමරත්න ඒක කොමඩියක් දක්වා එක්සැජරේට් කරනවා. බලන වියත්තු ගොඩක් මේ මානසික රෝගයේ යතාර්ථය හොයන්න යනවා. ඒත් සෝමෙ කරන්නෙ වෙන වැඩක්.

    අපේ සිනමා ඉතිහාසය ගත්තොත් හැමදාම ලංකාවෙ සිනමා තිරය උඩ ලිංගිකත්වය නිරූපනය වුනේ මහ භයානක දෙයක් විදිහට. ලෝක විනාසයක් හැටියට. ගොඩක් වෙලාවට ඒක බලහත්කාරයක් හෝ දූෂණයක්. තනිකරම පුරුෂ කේන්ද්‍රීය තෘප්තියක්. ගැහැණියක් තමන්ගේ ආශාව තෘප්තිමත් කරගැනීමක් ගැන අපේ චිත්‍රපටයක කතා කරලා නැති තරම්. විවෘත ආර්ථිකයෙන් පස්සෙ වුනත් සෙක්ස් සහ භයංකාරය අතර තියෙන සම්බන්ධය කිසිම විදිහකින් බිඳුනෙ නෑ. විකල්ප සිනමාකරුවන් පවා ලිංගිකත්වය නිරූපණය කළේ ස්ත්‍රිය යටපත් වන, කෙලෙසෙන, පාවිච්චි වෙන රාමුව ඇතුලෙමයි. සමහර විට ඒක ලංකාවෙ බහුතර යතාර්ථය හින්ද වෙන්න ඇති. කසාද ජීවිත ඇතුලෙත් දිනපතා සිද්ද වෙන දූෂණයක් නැත්නම් ඉන් පිට කරන රැවටීමකට වඩා ‍දෙයක් සෙක්ස් ඇතුලෙ නොවිඳින ජනතාවකගේ සිනමා කැඩපත ඒක.

    ලංකාවෙ චිත්‍රපටයක පළවෙනි වතාවට ලිංගිකත්වය පොසිටිව් දෙයක් විදිහටත්, කලාත්මක දෙයක් විදිහටත් ගනිමින් සෙක්ස්වලදි ස්ත්‍රියගේ තීරණ ගැනීමේ අයිතිය ඉස්මතු කරන්නෙ ජංගි හොරා චිත්‍රපටිය. සිනමාවට අවුරුදු හැත්තෑපහක් ගතවුනා ලිංගිකත්වය පිළිබඳ අන්ධකාරයෙන් ගැලවෙන්න. පුදුම හිතෙන කරුණ වෙන්නෙ අවුරුදු හැත්තෑ පහකට පස්සෙත් ඒක කරන්නෙ මහින්ද චින්තන සෝමරත්න. ලංකාවෙ සිනමා ඉතිහාසය තුල බිහිවුනු ප්‍රෝග්‍රෙසිව්ම චිත්‍රපටය ජංගි හොරා කියලයි මං හිතන්නෙ.

    මේ අවුරුද්දෙ අපේ සිනමා දැවැන්තයන් දෙන්නෙක් ශෘංගාර කලාපයට අවතීරණ වුනා. උදයකාන්ත කලින් අතෑරපු තැනින් ආපහු වැඩේ පටන් ගත්ත අතර සෝමරත්න අලුතෙන්ම වැඩිහිටි වුනා. මෙතනදි උදයකාන්ත තමන්ට හුරු රොමැන්ටික් ත්‍රිලර් ආකෘතිය ගන්නවා. සෝමරත්න ලංකාවටම ආවේණික සෙක්ස් කොමඩි හැඩයක් නිර්මාණය කරනවා. පළවෙනි වතාවට රටක ජොන්රා අත්හදා බැලීමක් කරනවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි.

    මේක සෝමෙගෙ අනිත් ෆිල්ම් එක්ක බලද්දි ලෝබජට් වැඩක්. කතාව තියෙන්නෙ සීතල කඳුකර පැත්තක බංගලාවක් අයිති අමුතු ලිංගික ආතතියකින් පෙලෙන සෑම් කියන තරුණයෙක් ගැන. ෆිල්ම් එක පටන් ගන්නෙමත් සෑම්ගෙ නෑනා අපි කාට වුනත් හොරකම් කරන හිතෙන ජංගි දෙකක් රෙදි වැලෙන් ගන්නවා සෑම් බලන් ඉන්න තැනින්. සෑම්ට කෙල්ලෙකුගෙ ජංගියක් දැක්කම ඇතිවෙන හැඟීම පාලනය කරන්න බෑ. එයාව වෙව්ලන්න ගන්නවා. එයාට මිරිකන්න හිතෙනවා. ෆේස්බුක් එකේ අපි දකින ලංකාවෙ බහුතරයකටත් මේ ජංගි දැක්කම වෙව්ලන ලෙඩේ තියෙනවා. ඒ ගොල්ලො ඒ වෙව්ලිල්ලට බනිනවා, විවේචනය කරනවා, ලියුම් ගහනවා . එහෙම කරලා තෘප්තිමත් වෙනවා. හැබැයි සෑම් ඒ ජංගිය අල්ලලා බලනවා.

    සෑම්ගෙ මේ ආසාව විවෘත එකක්. භයානක හිංසාකාරී රෝගයක් නෙමෙයි. ඒක බලන් ඉන්න අපිට විනෝදයක්. මේ ජංගි ආතතියෙන් සෑම්ව මුදවගන්න තමයි දිල්හානි ඒ කියන්නෙ අයියගෙ බිරිඳ උත්සාහ කරන්නෙ. සෑම් ජංගි හොරකමට අමතරව කරන්නෙ ගිටාර් ගහන එක. එයා ගෑනුන්ගෙ පියයුරු අල්ලන්නත් ආසයි (අපි හැමෝම වගේ). අපි මිරිකද්දි සෑම් පියයුරු වාදනය කරනවා. එයාට ඒවා ගිටාර් තත් වගේ.

    සෝමරත්න මෙතනදි ලස්සන වැඩක් කරනවා. පියයුරක් ස්පර්ශ කිරීම ගැන තියෙන අපේ සාමූහික වනචර අදහස වෙනස් කරනවා. ඒක ගිටාර් තතක් වයනවා වගේ ලස්සන වැඩක් කරනවා.

    මේ සෑම්ගෙ නෑනත් කලාත්මක හැඟීම් තියෙන කෙනෙක්. එයා නටන්න ආසයි. සෑම් වයන්න ආසයි. නෑනා සම්මතයේ සීමාවන් ඉක්මවා ගිහින් සෑම්ගේ ආශාව සංතර්පනය කරනවා. සෑම්ගෙ පාලනය කළ නොහැකි ආශාව පාලනය කළ හැකි එකම ගැහැණිය බවට පත්වෙනවා. ඇත්තටම ජංගි හොරා කියන්නෙ විපරීත සෑම් සහ අයියාගේ බිරිඳ අතර ඇතිවන ප්‍රේමයේ කතාව. සෝමරත්න සෙක්ස් රොමාන්තික කරනවා.

    සෑම්ගේ අකීකරු ආශාව කීකරු කළ හැකි එකම ශරීරය බවට නෑනා පත්වෙන මේ ප්‍රේම කතාව අවසාන වෙන්නෙ අයියා සහ මල්ලි දෙදෙනා සමගම විවෘතව නිරුවතින් හැසිරෙන තෘප්තිමත් ගැහැණියක් නිර්මාණය කිරීමෙන්. එක පැත්තකින් සෙක්ස් කියන්නෙ බෙහෙතක් ගානට අරන් එන ගමන් සෝමරත්න සෙක්ස් සම්බන්ධ විපරීතයන් මානසික රෝග හැටියෙන් පිටස්තර නොකර සම්මතයන් එහා මෙහා කරගනිමින් විසඳාගැනීමක් යෝජනා කරනවා. සම්මතයෙන් රෝගී වෙන තත්වයන් අසම්මතය තුල ප්‍රේමනීය බවට පත්වෙනවා.

    අන්තිමට නෑනා විවෘතව සෑම් සමග සබඳතා පවත්වන අතරම අයියා සමග දරුවන් හදන හැටි ගැන සිහින දකින විසල් මිනිස් ගැහැණියක් වෙනවා. කුහකකම, දෙබිඩිකම අහෝසි කරනවා.

    ලිංගිකත්වය සම්බන්ධ කුහකකම නිරූපණය කරන්නෙ මෙහෙකාරිය වන කරුණාගෙ චරිතයෙන්. එයා දෙබිඩි විදිහට සදාචාරය සහ අපචාරය අතර සෙල්ලම් කරමින් සෑම්ගෙ ලිංගික අසහනයෙන් සල්ලි කඩා ගන්නවා. නෑනා මේ දෙබිඩිකම කුඩුපට්ටම් කරනවා. සෑම් තමන්ගේ නිරුවත් පියයුරු ස්පර්ශ කරන හැටි බලන්න කරුණාටත් එන්න කියනවා. සෝමරත්න අලුත් සදාචාරයක් යෝජනා කරනවා.

    සෝමරත්න නිර්මාණය කරන ඇතැම් ශෘංගාර දර්ශන හිරිගඩු පිපෙන තරම් තීව්රයි. එක තැනක අයියා සමග ලිංගිකව හැසිරෙන නෑනා එයාගෙ යට ඇඳුම ගලවලා මල්ලිට ගන්න ලේසි තැනක තියනවා. මල්ලිට පේන්න අයියා එක්ක ලිංගිකව හැසිරෙනවා. අයියා කලබල වුනාම ‘එයා බලන් හිටියම මොකද’ කියල අහනවා. ඒ සියලු සම්මත විපරීතයන් ආදරය ඇතුලෙ සොඳුරු බෙදාගැනීම් බවට පෙරලනවා.

    මේ කිසි දෙයක් සෝමරත්න කරන්නෙ බරසාර විදිහට නෙමෙයි. ඉළ ඇදෙන දෙබස් එක්ක. චිත්‍රපටය පුරාම දිවෙන්නෙ හාස්‍යය. ලංකාවෙ ශෘංගාර සිනමා උත්සාහයන් වලදි ගොඩක් වෙලාවට ජයගන්න බැරි අභියෝගයක් වන ‘සොෆිස්ටිකේටඩ් බියුටි’ කියන කාරණය මගහරින්න සෝමරත්න හාස්‍යය ඇතුලෙන් පාරක් හොයාගන්නවා.

    අපේ සිනමාවෙ සාමාන්‍ය ලිංගික දර්ශන පෙන්නද්දි ගස්වලට, ජනෙල් තිරවලට කැමරාව හරවන බයගුළුකම ජංගිහොරාගෙ නෑ. සෝමෙ නිරුවත දිහා බය නැතුව බලනවා. මේ දර්ශන වෙනුවෙන් එඩිතරව පෙනී සිටීම ගැන බුද්ධි රන්දෙණියට සහ හේලිට ගෞරවය හිමිවෙන්න ඕන. ලංකාව වගේ රටක කැමරාවක් ඉස්සරහ ඇදුම් ගලවනවා කියන්නෙ ගෑනියෙකුට ලොකු ගටක් තියෙන්න ඕන වැඩක්.

    ගොඩක් අය මැසිවිලි කිව්වෙ දිල්හානි තමන්ගේ පියයුරු නොපෙන්නීම ගැනයි. දිල්හානි කියන්නෙ අපේ පරම්පරාවෙ බහුතරයකගෙ අනුරාගී සිහින උල්පතක්. ඒ ප්‍රතිරූපය අපි වෙනුවෙන් ඉතුරු කරන එක දිල්හානිගෙ වගකීමක්. වයසත් එක්ක ඒ අපි සිහින පයෝධර අනුහස වියැකී ඇත්නම් ජංගි හොරා වෙනුවෙන් ඒවා නොපෙන්නා සිටීම ගැන දිල්හානිට ස්තුතිය පළකරන්න ඕන. දිල්හානි නිරුවත් වෙනවා දකින්න ආසාවෙන්ම ෆිල්ම් එක බලන්න ආපු අයගේ ආශාව අනිත්‍ය පිළිබඳ වැටහීමක් බවට පත් නොකර ගෙදර අරන් යන්න දීපු එක ඉතා වටිනවා.කතාවෙ මුල ඉඳන් ජංගිය වෙනුවට පෑන්ටිය හෝ නොකියා ඉතාම ආගන්තුක විදිහට අන්ඩර්පෑන්ට් කියන වචනය යොදන හේතුව නම් හිතාගන්න අමාරුයි. මොකක් හරි හින්ද මුල ඉඳන්ම ජංගියට වාරණයක් තිබිලා තියෙනවා.

    සෑම්ගේ සහ නෑනාගේ අමුතු ප්‍රේමය මුහුකුරා යද්දි සෑම් බලන් ඉන්නෙ ඇඳුම් වැල දිහා. ඒ තමයි සෑම්ගෙ ආලකමන්දාව. ඇඳුම් ඔක්කොම අරගෙනත් තමන් වෙනුවෙන් ලස්සන පෑන්ටියක් ඉතුරු කරයි කියන එකයි සෑම්ගෙ ආදර පැතුම. ඒත් නෑනා පෑන්ටියත් ගන්නවා. සෑම්ට දුක හිතෙනවා. හැබැයි නෑනා සෑම් ළඟටම ඇවිත් පෑන්ටිය එයා අතට දෙනවා. මේ වගේ හිත හිරි වට්ටන ආදර සැමරුම් නං මං සිනමාවෙ දැකලා නෑ.

    ජංගි හොරාගේ රූප රචනය, රංගනය, සංස්කරණය වගේ කාරණා ගැන නම් කතා කරන්න දෙයක් නෑ. ඒවායෙ කිසිම සුවිශේෂයක් නෑ. ඒ වගේම කතාව බලාගෙන යන්න බාධාවකුත් නෑ. අපි සිනමා කෘතියක සෞන්දර්ය වියරණ සාකච්ඡා කළ යුත්තේ ඒ කෘතිය විසින් ‍ඒ භාෂාවන් යොදාගෙන ඇත්නම් නම් විතරයි. සෝමරත්න කතා කරන ‘මාස්’ එකට සිනමා භාෂාවෙන් ඇති වැඩක් නෑ. ඒ ගොල්ලො කිසි අවුලක් නැතුව විසිල් ගගහා හිනාවෙවී ජංගි හොරා බලනවා. කතාවෙ අපිට පේන හැම දුර්වලකමක්ම ඒ සරල සිනා රතියට උදව්වක් වෙනවා කියල මට හිතෙනවා.

    ජංගි හොරා බැලුවම මට සෝමරත්න ගැන දැනුනෙ ආඩම්බරයක්. ඒ 2500ක සදාචාරය කරේ තියාගත්ත තමන්ගෙ ඕඩියන්ස් එකට මේ ලිංගික විවෘතබව, පිලිගැනීම යෝජනා කරන එකම ලොකු අභියෝගයක්. මොනවා වුනත් ජංගි හොරා විසින් කරන්නෙ ඉතා දියුණු ශෘංගාර සංස්කෘතික යෝජනාවක්.


    චින්තන ධර්මදාස

  • බැඳපු කෙනෙක්ව බඳින එක අවුල්ද?

    බැඳපු කෙනෙක්ව බඳින එක අවුල්ද?

    කසාද බඳිනවා කියන එක මගේ ජීවිතේ කවදාවත් goal එකක් වෙලා තිබුනේ නැහැ. 30 වෙන්න කලින් බඳින්න ඕනේ, කාලය යනවා වගේ සිතිවිලි ඇත්තටම මට තිබිලා නැහැ. මගේ ජීවිතේ ගමන් මග මට ආවේණික නිසා මගේ ජීවිතේ තීරණත් ඒ විදිහටම ආවේණිකයි කියන දේ මම තදින් විශ්වාස කලා.

    කසාද බඳින්න හේතුව වුනේ ජීවිතේ බෙදාගන්න මට කැමත්තක් හිතෙන කෙනෙක් ලැබුන නිසයි. ඒ උනාට goal එක තියෙන්නෙ එහෙම කෙනෙක් මුණගැහිලා කසාද බැඳපු එකේ නෙමෙයි, අපි මේ ගමන ගෙනියන විදිහෙයි.

    මං බැන්දෙ කලින් කසාද බැඳපු කෙනෙක්.

    මේ සම්බන්ධකම ගැන මිනිස්සු මගෙන් වැඩිපුරම අහපු ප්‍රශ්න තමයි,

    ‘අම්මලා ඕකට කැමති වුනාද?’

    ‘කලින් කසාද බැදපු කෙනෙක්ව බඳින්නෙ ඇයි?’

    ‘ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක් බදින්න ඔයාගෙ අඩුපාඩු මොනාද?’

    මේ ප්‍රශ්න එකක් වත් කිසි විදිහකින් වැරැද්දක් විදිහට මට පෙනුනෙ නැහැ. හේතුව තමයි, අපේ සමාජ ක්‍රමය තුල මං ගත්ත තීරණය සාමාන්‍යය දෙයක් නෙමෙයි නිසාත්, මං වෙනුවෙන් හොඳම දේ කියලා ඒගොල්ලො හිතන දේට කලින් කසාද බැදපු කෙනෙක්, ළමයෙක් ඉන්න කෙනෙක් කියන කාරණා අඩංගු වෙන්න විදිහක් නැති නිසාත්.

    මම ඒ හැම කෙනෙක්ටම පැහැදිලි කලේ මේ ලියන්න යන කාරණායි.

    මගේ අම්මාටයි තාත්තාටයි හැම වෙලාවකම අදාල උනේ මම සතුටින්ද කියන එක විතරයි, ඒ දෙන්නා ජීවිතේ දිහා හරිම විවෘතව බලන දෙන්නෙක්.

    ඊලගට, දුක් විඳ විඳ කසාදයක ඉන්නෙ නැතුව එතනින් අයින් වෙනවා කියන්නේ තමන් තමන්ට ආදරෙයි කියන එකයි. එහෙම කෙනෙක්ට විතරයි තව කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් කම තියෙන්නෙ.

    අනිත් දේ තමයි, ළමයි කියන්නේ මම මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන පිරිස. ළමයෙක් ඉන්න කෙනෙක්ව කසාද බඳින්න කිසි අඩුපාඩුවක් තියෙන්න ඕනෙ නැහැ. මගේ බඩින් වදනවද, නැත්තන් කාගෙන් කොයි විදිහටද ළමයි මේ ලෝකෙට එන්නෙ කියන දේ මට කොයිම වෙලාවකවත් ළමයෙක්ට ආදරේ කරන්න වැදගත් වෙන්නේ නැහැ.

    මට ඇත්තටම අදාල වෙන්නෙ, සතුටින්, සැහැල්ලුවෙන් මේ කෙනා එක්ක මට ජීවත් වෙන්න පුලුවන්ද, ජීවිතේ එන ප්‍රශ්නවලට අපි මුහුණ දෙන විදිහ මොකද්ද, අපිට මේ සම්බන්ධකම ඇතුලේ වැඩෙන්න පුලුවන්ද, මේ unit එක නිර්මාණය කිරීමෙන් ඇත්තටම අපි තෘප්තිමත් ද කියන කාරණායි.

    අනාගතය ගැන මම කියන්න දන්නේ නැහැ. ඒක අවිනිශ්චිතයි. මම හිතන විදිහට සම්බන්ධකමක් කාලයක් පවතින්න නම්, එකිනෙකා අතර තියෙන විශ්වාසය, අවබෝධය, ආදරය, නිදහස කියන සාධක නඩත්තු වෙන්න ඕන.

    මම කිසිම වෙලාවක කසාදය රකින්න උත්සහ කරන්නේ නැහැ, මම විශ්වාස කරන්නේ කසාදය විසින් අපිව රැකිය යුතුයි කියන එකයි. ඒ කියන්නේ, මේ කසාදෙ ඇතුලෙ ඉන්න එකෙන් අපි දෙන්නා සතුටින් ඉන්නවද, අපිට ඉන්න දරුවා සතුටින් ඉන්නවද කියන කාරණායි.

    කසාදයේ හිඳීමෙන් ඒ දේ සිද්ධ වෙන්නේ නැත්තන්, තව දුරටත් අත්සන් කරපු කොලයක් රකින්න ඉතුරු ජීවිත කාලය දුක් විදින්න අපි දෙන්නම කිසි වෙලාවක සූදානම් නෑ.

    එක ගෙදර ඉදගෙන දුකින් ඉන්න දෙමව්පියන් ළමයින්ට ලැබෙනවාට වඩා තැන් දෙකක සතුටින් ඉන්න දෙමව්පියන් ළමයින්ට ලැබෙන එක වඩාත් හොදයි.

    ජීවිතේ විඳින්නයි මම කසාද බඳින්න තීරණය කලේ. අනිත් කෙනා එක්ක කාලය ගත කරන්න තියෙන කැමැත්ත, අත්දැකීම් බෙදාගන්න තියෙන ආසාව, එකිනෙකාගෙන් දේවල් ඉගෙන ගන්න, පවුලක් විදිහට අපේ ජීවතය විඳින්න තියෙන කැමැත්තයි ඒකට මුල්වුනේ.

    අපි අපිව කොච්චර තේරුම් ගන්නවද කියන එක තීරණය වෙන්නේ, මම දවසක ඇවිත් කිව්වොත් මම සතුටින් නෙමෙයි ඉන්නෙ, මට වෙන්වෙන්න ඕන කියලා, අනිත් කෙනාට ඒක තේරුම් ගන්න අපහසු නැත්තන්, ඒක මහා පුදුමයක්, කලබැගෑනියක් නෙමෙයි නම්, අපේ සම්බන්ධකම සාර්ථකයි කියලයි මම හිතන්නෙ. අපිට අපිව දැනෙන්න ඕනේ සතුටෙදි විතරක් නෙමෙයි.

    දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්, වෙන්වෙනවා නම් ඒක කොහොමද සාර්ථක සම්බන්ධකමක් වෙන්නෙ කියලා?

    සම්බන්ධකමක් පටන් ගන්නකොට තියෙන ආදරණීය බව, ගෞරවය සම්බන්ධකමක් ඉවර කරන කොටත් තියෙනවා නම් එහෙම සම්බන්ධකම් අසාර්ථක වෙන්නේ කොහොමද?

    අවුරුදු 60දිත් මම මේ කසාදෙ ඉන්නවා කියන්නේ, අද මේ මම ගත්ත තීරණය ඉතා හොඳ එකක් කියන එකයි. මගේ සතුට මෙතන රැඳිලා තියෙනවා කියන එකයි.

    එහෙම නැත්තන්, වෙන් වෙලත් අතුලයි සමිතායි වගේ ආදරෙන් අපි ඉන්නවා කියන්නෙ, ඒත් අද මේ මම ගත්ත තීරණය ඉතා හොඳ එකක් කියන එකයි.

    මානුෂිය ගණුදෙනු ආදරෙන් පමණක්ම විසඳීම මගේ ජීවිතේ එකම ඉලක්කයයි!


    ශේනි විජේසුරේන්ද්‍ර ලියයි

  • ප්‍රදර්ශනකාමයේ මිහිරියාව

    ප්‍රදර්ශනකාමයේ මිහිරියාව

    එක්සිබිෂනිසම් කියන්නෙ අපේ නිරුවත් ශරීරය හෝ අපේ ලිංගික ක්‍රියාවක් අන් අය විසින් නැරඹීමෙන් නැත්නම් නරඹනවා යන හැගීමෙන්, ෆැන්ටසියෙන් ලිංගික උත්තේජනයක් ලබනවට. මේක අතිශය සාමාන්‍ය තත්වයක්. කොටට ඇඳීමේ ඉඳන්, සික්ස් පැක් පෙන්නීම, සායම් තැවරීම, විසිතුරු යටඇඳුම් ඇඳීම ආදී අපි එදිනෙදා හිතා නොහිතා කරන එකීනොකී ලිංගික ආකර්ශනය වැඩිකරන ආකාර සියල්ලම ප්‍රදර්ශනකාමීයි. කොටින්ම සෝෂල් මීඩියා යු‍ගයේ හැමකෙනෙක්ම ප්‍රදර්ශනකාමියෙක්.

    මේකෙ අනිත් පැත්ත වොයරිසම් නැත්නම් නැරඹුම්කාමය කියන්නෙ. ලීක් වීඩියෝ බලන, පෝර්න් බලන, පැපරාසි පිංතූර එලවන අපි හැමෝම අනිත් පැත්තෙන් නැරඹුම්කාමීයි. මිචෙල් ෆුකො කියන විදිහට ලෝකයේ කැමරා තාක්ෂණය සම්බන්ධ සියලු වර්ධනයන් අත්වුනේ ප්‍රදර්ශනකාමීත්වය සහ නැරඹුම්කාමීත්වය හින්ද. නැතුව මිනිස්සු සදාචාරය රකින්න තාක්ෂණය දියුණු කරන්නෙ නෑ.

    නිව්යෝර්ක්වල කරපු පර්යේෂණයක් අනුව පිරිමි 66%ක් සහ ගැහැණු 57%ක් විවෘතව ප්‍රසිද්ධ ස්ථානවල ලිංගිකව එකතුවීම ගැන ෆැන්ටසි රසවිඳිනවා. ඒ ‍වගේම ලිංගභේදයක් නැතුව 82%ක් ඔෆිස් එකක වගේ තැන්වල සෙක්ස් කිරීමේ ආසාවෙන් පෙලෙනවා. ලංකාවෙ නම් මේ වගේ රිසර්ච් කරන්න පුළුවන් වෙන්නෙ නෑ. තමන්ගේ ආශාව පිළිබඳ ඇත්ත විවෘතව පිළිගන්න තරමට පෞර්ෂයක් වර්ධනය වෙලා තියෙන්නෙ අල්පමාත්‍රව හින්ද. හැබැයි අපේ ලීක් වීඩියෝ ප්‍රමාණය සහ ඒවා නරඹන, ට්‍රිගර් වෙන ප්‍රමාණය දැක්කම ප්‍රදර්ශනකාමීන් සහ නැරඹුම්කාමීන් බහුතරයක් ඉන්න බව නිශ්චිතයි.

    අපි නිරුවතින් ඉන්නවා හරි සෙක්ස් කරනවා හරි වෙන කෙනෙක් බලන් ඉන්නවා කියන සිතුවිල්ලෙන් අපිව ප්‍රාණවත් වෙනවා නම් අපි මේ සෙක්ස් ආර්ට් එකට වැටෙනවා.ප්‍රදර්ශනකාමය ඩිසෝර්ඩර් එකක් නැත්නම් මනෝ ආබාධයක් වෙන අයත් ඉන්නවා. ඒ කියන්නෙ අනිත් අයටත් තමන්ටත් හානිකර අන්දමින් මේ ලිංගික රසය පවත්වාගෙන යන එක. ඒ හැසිරීම තමන්ට හිතකර අන්දමින් පාලනය කරගන්න බැරිවීම. එහෙම අය අතලොස්සක් ඉන්නවා.

    ඕනම ලිංගික රසයක් එතිකල් වෙන්න ඕන. ඒ කියන්නෙ පරණ හණමිටි සම්ප්‍රදායන් රකිනවා කියන එක නෙමෙයි. ඒක අන් කෙනෙකුට හානිකර නොවීමේ පිළිවෙත රකිනවා කියන එක. සුන්දරත්වය සහ රසය බෙදාගැනීමේ අරමුනෙන් කරනවා කියන එක. උදා විදිහට පහන්තුඩාවෙ ඇල්ල ළග වීඩියෝව එතිකල් එක්සිබිෂනිසම් අවස්තාවක්. එතන අනිත් මිනිස්සු ළමයි නාන අතරෙදි සිද්ද වුනා නම් ඒක ඩිසෝර්ඩර් එකක්. මෙතනදි වැදගත් වෙන්නෙ එක ප්‍රධාන කාරණයක්. ඒ තමයි කන්සෙන්ට් කියන එක. ඒ කියන්නෙ අනෙකාගේ කැමැත්ත මත ප්‍රදර්ශනය හෝ නැරඹීම සිද්ද වෙනවා කියන එක.එක්සිබිෂනිසම්වල අනිත් පැත්තනෙ වොයරිසම් නැත්නම් නැරඹුම්කාමය කියන්නෙ. ඒ කියන්නෙ කවුරුන්ගේ හෝ ලිංගික ක්‍රියාවක් නැරඹීමෙන් ආස්වාදය ලැබීම. අපි හැමෝම එක විදිහකට අන්එතිකල් වොයරිස්ට්ලා. පොලිසිය ජෝඩු ඇල්ලීම, කාමරවලට පැනීම කියන්නෙ රජයෙන් පවත්වාගෙන යන නිල වොයරිසම් සම්ප්‍රදාය.

    කාගේ හෝ නිරුවතක් ලීක් වුනාම ඒක අපි නරඹන්නෙ ඒ අයගෙ අනවසරයෙන්. ඒ කියන්නෙ කන්සෙන්ට් එකක් නැතුව. එහෙම නරඹලා ඒකට අපහාස කරමින්, ජනාදිපතිලට ලියුම් ලියමින් කල්ගත කරන්නෙ ඒ අනවසර එබී බැලීම දූෂණයක් බලහත්කාරයක් බවට පෙරලගෙන ආස්වාදය ලබන රෝගීන්.

    ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන එතිකල් එක්සිබිෂනිස්ට්ලා ඒ කියන්නෙ ලිංගික ආචාර ධර්ම රකින ප්‍රදර්ශනකාමීන් වෙන්න. ඒක වඩාත් සෞන්දර්යාත්මක අත්දැකීමක් කරන්න. ඒකට අපිට සිද්ද වෙනවා අපි එක්ක ලිංගිකව එක්වෙන අනෙක් පාර්ශ්වයේ කැමැත්ත ලබාගන්න. අපි නරඹන ගොඩක් ලීක් පෝර්න්වල තියෙන්නෙ කෙල්ලව රවටා හෝ බලහත්කාරයෙන් කරන රූගත කිරීම්. එතනදි පිරිමියා තමන්ගේ මුහුණ පවා සගවාගනිමින් කෙල්ලගේ මූණ පෙන්නන්න උත්සාහ දරන අවස්ථා එමටයි. ඒවා අපිට සලකන්න වෙන්නෙ අපරාධ විදිහට.ඉතාම විවෘත කතාබහ කිරීමකින් ඒ නැරඹුම්කාමය ඊට සම්බන්ධ වෙන සියලු දෙනා රසවිඳින බව තේරුම් ගැනීම වැදගත්. ඇවිලෙනසුලුයි මගේ චිත්‍රපටය වෙනුවෙන් මං ආදරේම කරන මිතුරෙක් මට දුන් ප්‍රදර්ශනකාමී තෑග්ග මට ජීවිත කාලයටම අමතක නොවෙන එකක්. ඒක වීඩියෝවක්. මගේ මිතුරා ඔහුගේ පෙම්වතිය සමග නිරුවතින් සිටින අතර ඇගේ වැජයිනාවෙන් රෝල් කළ කරදාසියක් එලියට ගන්නවා. ඒකෙ ලියලා තිබුනෙ, ඉන්ෆ්ලැමබල් විෂස් ෆොර් යූ කියල. ඒ දෙන්නාගෙ ප්‍රදර්ශනකාමී බව මට අමරණීය සුබ පැතුමක් වුනා.

    මේ එක්සිබිෂනිසම් කියන එක ආර්ට් එකක් නැත්නම් ප්‍රකාශනයක් වෙන්නත් පුළුවන්. ස්ටීවන් කොහෙන් වගේ ආර්ටිස්ට් කෙනෙක් ගත්තොත් එයා ප්‍රංශෙ අයිෆල් කුළුන ඉස්සරහ තමන්ගෙ ශිෂ්නයට කුකුලෙක් ගැටගහගෙන ඇවිදිනවා. ඒක එයාගෙ ආර්ට් පීස් එක. එයා ප්‍රංශයෙ ජාතික සංකේත එක්ක තමන්ගෙ ලිංගිකත්වය සම්බන්ධ කරනවා. පොලිසිය කොහෙන්ව අත්අඩංගුවට ගන්නවා.‘මගේ ශිෂ්නය කියන්නෙ මම. ඒකෙන් මගේ හැමදෙයක්ම නියෝජනය වෙනවා. මගේ යුදෙව්බව, පිරිමි බව, සමලිංගික බව මේ හැමදේකම ප්‍රකාශනය මගේ ශිෂ්නය. පොලිසිය කියන්නෙ මං ලිංගික දෙයක් කළා කියල. මං කලේ ලිංගිකත්වය සම්බන්ධ දේශපාලන ප්‍රකාශනයක් මිස ලිංගික දෙයක් නෙමෙයි..’ ස්ටීවන් කොහෙන් විස්තර කරනවා.

    ප්‍රදර්ශනකාමයේ මූලික කාරණයක් වෙන්නෙ නිරුවත කියන එක. එතනදි අපේ ඇඳුම් අපිට ආවෙ කොහොමද කියල කල්පනා කරන්න ඕන. මුලදි දේශගුන සහ පරිසර සාධක නිසා විළි වහගත්තා වුනත් ඇඳුම පස්සෙ විවිධ සංස්කෘතික වටිනාකම් දරන්න පටන් ගන්නවා. පංතීන් නියෝජනය කරනවා. උදා විදිහට දිගු නියපොතු වවා තබාගැනීම එක අවධියකදි ධනවත් බව ප්‍රදර්ශනය කිරීමක් වුනා. මොකද වැඩ කරන අයට ඒ විදිහට නියපොතු තබාගන්න බැරි නිසා.ඉතින් මේ ඇඳුම් ඉවත්කිරීම කියන්නෙ අපි ඒ විවිධ සංස්කෘතික වැසුම් අයින් කිරීමෙන් ලබන අනුරාගයක් වෙනවා. ඉතා මිළ අධික ලොන්ජරීස්- යට ඇඳුම් අනු‍රාගය බැ‍‍‍දෙන්නෙ මේ කාරණය එක්ක.

    ඒ වගේම ප්‍රදර්ශනකාමයේ ආස්වාදය පවතින්නෙ අපි ලැජ්ජාව නැත්නම් ෂේම් කියන සීමාව එක්ක කරන නිර්මාණාත්මක ගනුදෙනුව උඩ. ලුවී ස්ට්‍රව්ස් කියන මානව විද්‍යාඥයා පෙන්නලා දෙනවා නියුඩිස්ට් සමාජවල පවා මේ ලැජ්ජාවේ සීමාව පවතිනවා කියල. ඒ කියන්නෙ ඒ අය නිරුවතින් හිටියත් ලිංගික කාර්යය විවෘතව කරන්නෙ නෑ. ශරීරය නොවැහුවත් සෙක්ස් වහනවා. ප්‍රදර්ශනකාමයේදී අපි සමාජ සම්මතය ඉක්මවා යනවා. ඒ කියන්නෙ දෙන්නෙක් නිරුවතින් රහස් තැනකදී එක්වීම සමාජය විසින් පිලිගත් චර්යාවක්. නමුත් එතනට තුන්වැනි නරඹන්නෙක් එක්වීම කියන්නෙ තහංචියක්. ප්‍රදර්ශනකාමයේ අනුරාගය පවතින්නෙ මේ තහංචිය එක්ක ප්ලේ කිරීම මත.

    අපි සෙක්ස් කරන අතර කැමරාවක් අතට ගන්නවා කියන්නෙ නාඳුනන නරඹන්නො පිරිසක් අපේ ඇඳ ළගට ගේනවා කියන එක. යම් විදිහකින් සජීවීව වෙනත් කෙනෙක් හෝ කීප දෙනෙක් නැරඹීම සඳහා එක් කරගත්තොත් එතනදි අපි සහ ඒ නරඹන අය අතර පවතිනවා ගිවිසුමක්. අපි එකම අනුරාගයක කොටස්කරුවො. අපි එකිනෙකා විනිශ්චය කරන්නෙ නෑ. අපි එකිනෙකාට ආශා කරනවා ‍වගේම ගරු කරනවා.

    කැමරාවක් අතට ගත්තම විය හැකි නරක ප්‍රතිඵලය තමයි අපිට සම්බන්ධ වෙන අනෙකා සමග ඒ වගේ ගිවිසුමක් නැතිවීම. ඒ නරඹන්නා ඕනෑම කෙනෙක් විය හැකියි. විශේෂයෙන් අනුදැනුම මත බෙදාහදාගැනීමක් නො‍වන ලීක් එකකදි ඇතිවන අර්බුදය ඒකයි. ප්‍රදර්ශනකාමයේ ගිවිසුම අපි අතර නැතිවීම.ඒ කොහොම වුනත් විවිධාකාරයෙන් රට පුරා බහුතරයක් දෙනා රහසේ ප්‍රදර්ශනකාමයේ හැසිරෙනවා සහ විඳිනවා. මාත් ඒ විදිහට වෙනත් අය යහන්ගත වෙන තැන්වල බලාහිඳිමින් ඒ විදිහට ආස්වාදය බෙදාගෙන තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි කොයිතරම් අපේ ලිංගික චර්යාව ගැන දැනුවත්ද, එහි සෞන්දර්යාත්මකද, අනෙකාට ගර‍ැ කරන්න දන්නවද කියන එක.

    එහෙම අයට ප්‍රදර්ශනකාමය කියන්නෙ දිව්‍යමය අත්දැකීමක්.


    චින්තන ධර්මදාස

  • ජාතික රූපවාහිනියෙ පෙන්නපු කෙටි චිත්‍රපටයකට නඩුවක්

    ජාතික රූපවාහිනියෙ පෙන්නපු කෙටි චිත්‍රපටයකට නඩුවක්

    ඊයෙ ඒ කියන්නෙ 13 වෙනි බ්‍රහස්පතින්දා දවල් 12.05ට විතර ජාතික රූපවාහිනියෙ කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙනවා. ඒකෙ නම ‘වොයිස්’ නැත්නම් ‘ඇගේ හඬ’. මේ ෆිල්ම් එක යන්නෙ GIZ විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපට පෙලක් අතරෙ. මේකෙ තේමාව වෙන්නෙ කොන්ඩම් පාවිච්චිය.

    කෙල්ලෙක් තමන්ගෙ කොල්ලා මුනගැහෙන්න යනවා. හැමදාම මතක් කළත් කොල්ලා විසින් කොන්ඩමයක් අරන් එන්න අමතක කරනවා. එදා ඒ කෙල්ල හිතාගන්නවා කොන්ඩමයක් නැතුව නම් සෙක්ස් කරන්නෙ නෑ කියල. එයා ෆාමසි කීපයකට යනවා. ඒ ෆාමසි ඇතුලෙ ඉන්න මිනිස්සු දැක්කම ලංකාවෙ සදාචාරය මතක් වෙන නිසා එයාට කොන්ඩමයක් ඉල්ලන්න කට පණ නැති වෙනවා.

    පරක්කු වෙද්දි කොල්ලා තව ඇවිස්සෙනවා. කොල්ලව අපිට ෆෝන් එකෙන් ඇහෙනවා විතරයි.

    ‘ඔය රබර් පයි දාන්න මට බෑ. තමුසෙට පෙත්තක් බොන්න බැරිද? ෆාමසි ගානෙ ගිහින් වේස බඩුවක් වගේ කොන්ඩම් ඉල්ලන්න ලැජ්ජ නැද්ද?’

    කොල්ලා කෙල්ලට බැනවදිනවා. ඒ බැනිල්ලට කෙල්ලට කේන්තියත් එක්ක දැඩි ආත්ම ශක්තියක් ඇතිවෙනවා.

    ‘මට කොන්ඩම් එකක් දෙන්න’ කෙල්ල කට ඇරලා ඉල්ලනවා.

    ඔන්න ඔය කතාව ජාතික රූපවාහිනයෙ පෙන්නනවා. ඒක පෙන්නිය යුතුම කතාවක්. හැබැයි මොකක් හරි අතපසුවීමකින් පෙන්නපු වෙලාව නම් අවුලක්. ඒ වගේම සාලෙ මැද තියෙන රූපවාහිනිය ගැන සලකලා ඇතැම් දෙබස් කපා නොදැමීමත් ගැටලුවක්. ඒක බොහෝ විට සිද්ද වෙන්න ඇත්තෙ ස්පොන්සර්ඩ් ටයිම් බෙල්ට් එකක් මැද යන කන්ටෙන්ට් එකක් නිසා වෙන්න ඕන.

    ජාතික රූපවාහිනිය කෙටි චිත්‍රපට ප්‍රදර්ශනයට අවකාශ සැලසීමත් මෙබඳු වැඩිහිටි තේමාවන් සාකච්ඡාවට ගැනීමත් ප්‍රශංසා කටයුතු දෙයක්. නමුත් ප්‍රදර්ශනය වෙන කාලය සහ එය නරඹන ප්‍රේක්ෂාගාරය පිළිබඳ නොසැලකීම ප්‍රශ්න ඇති කරන්නක් වග පැහැදිලියි.

    රාත්‍රී දහයෙන් පස්සෙ වගේ මෙබඳු ජනතාව දැනුවත් කරන වැඩිහිටි තේමාවන් ඇතුලත් වැඩසටහන් ප්‍රදර්ශනයට ජාතික රූපවාහිනිය දැනුවත්ව මැදිහත් වෙනවා නම් වටිනවා. ආරම්භයට කලින් වැඩිහිටියන්ට පමණයි යනුවෙන් දැනුම්දීමකුත් කරන්න පුළුවන්.

    ඒ කොහොම වුනත් මෙතෙක් ලංකාවෙ රූපවාහිනී මාධ්‍යයක ප්‍රදර්ශනය කළ වඩාත් ප්‍රගතිශීලීම එඩිතරම සහ ආන්දෝලනාත්මකම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීිමේ ගෞරවය ජාතික රූපවාහිනියට හිමිවිය යුතුයි.

    මෙබඳු අප්‍රවේශම්කාරී කටයුතු නිසා වැඩිහිටි ලිංගික අධ්‍යාපනයට තවතවත් දැඩි සීමා පැනවීමක් සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමු.

  • ලිංගික කටයුතු අමාත්‍යධූරයක්?

    ලිංගික කටයුතු අමාත්‍යධූරයක්?

    2017දි ස්පාඤ්ඤයෙ පළමු වරට ලිංගික අමාත්‍යධූරයක් ඒ කියන්නෙ මිනිස්ටර් ඔෆ් සෙක්ස් කියල පදවියක් ඇති කළා. එදෙල්මිරා බැරීරා තමයි පළමු අමාත්‍යවරිය විදිහට පත්වුනෙ. මේ අමාත්‍ය ධූරය ඇති කරන්න බලපෑවෙ ස්පාඤ්ඤයෙ ජනගහනය එන්න එන්නම අඩුවෙන්න පටන් අරගෙන තිබුන හින්ද. ළමයි හදන්න ජනතාව උනන්දු කරවීම තමයි මේ ඇමතිට පැවරිලා තිබුන රාජකාරිය.

    Edelmira Barreira

    ස්පාඤ්ඤ තරුණයො දවසම වැඩ කරලා, රෑ වෙනකල් පාටිදාලා මහන්සි හින්ද සෙක්ස් කරනවා අඩුයි කියලයි කියන්නෙ. ස්පාඤ්ඤයට සෙක්ස් විශේෂයෙන් ප්‍රවර්ධනය කරන්න ඕන කියල තේරුනෙ 2015දි උපත් අනුපාතයට වඩා මරණ අනුපාතය ඉහල යන්න පටන්ගත්තම. ජීවිතේට වඩා මරණය ඉස්සර වුනාම. සාමාන්‍යයෙන් ස්පාඤ්ඤයෙ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 82ක්.

    2018දි බැරීරා මේ තනතුරෙන් ඉවත්වෙලා ඉසොරා ලීල් ෆර්නැන්ඩස් එතනට පත්වෙනවා.

    ස්පාඤ්ඤය හැමතිස්සෙම කතෝලික රටක් වුනත් ලිංගික කාරණා ගැන ඉතාම ප්‍රගතිශීලී තීන්දු තීරණ ගත්ත රටක්. ඒත් 2021දි ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂයේ 40වෙනි සංවත්සරයෙදි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රො සැන්චෙස් පොරොන්දු වෙනවා ඒ රටේ ගණිකා වෘත්තිය තහනම් කරනවා කියල. මේ සමාජවාදීන් කියන්නෙ ගණිකා වෘත්තිය මගින් කාන්තාවන්ගෙ ජීවිත වහල්භාවයට ඇදදමනවා කියලයි.

    සමාජවාදී කම්කරු මුහුණුවරකින් ආවත් මේ පිටුපස පැහැදිලිව පෙනෙන ආගමික, දක්ෂිනාංශික නැඹුරුව ගැන ගොඩක් අය විරෝධය පළ කරනවා. 2005දි ස්පාඤ්ඤය තමයි මුලින්ම කතෝලික රටක් විදිහට සමලිංගික විවාහය නීතිගත කරන්නෙ. සැන්චෙස් කියන්නෙත් ලිබරල් අයිතීන් වෙනුවෙන් බය නැතුව පෙරමුන ගත්ත චරිතයක්. පහුගිය අවුරුද්දෙ එයා යුතනේෂියා හෙවත් තමන්ගේ කැමැත්තෙන් ජීවිතය අත්හැරීමේ අයිතිය නීතිගත කරනවා. ඒ වගේම ලිංගික අනන්‍යතාවය පිළිබඳ වඩාත් විස්තරාත්මකම නීති සම්පාදනය කරමින් LGBTQ අයිතීන් වෙනුවෙන් ලෝකයේම පෙරමුණ ගන්නත් සැන්චෙස්ගෙ කැබිනට්ටුවට පුළුවන් වෙනවා. මේ අනුව අවුරුදු 14දි ළමයෙකුට තමන්ගේ අභිමතය පරිදි ලිංගය වෙනස් කිරීමේ සැත්කම් කරගැනීමට හැකියාව ලැබෙනවා. ඊට තිබුනු සීමාවන් ඉවත් කරනවා.

    Pedro Sánchez

    මෙහෙම සැන්චෙස්ගෙ ගණිකා වෘත්තිය තහනම් කිරීමේ සමාජවාදී ප්‍රවේශය ගැන දෙස් විදෙස් ගොඩක් අය කලබල වෙනවා. ස්පාඤ්ඤයේ ලිංගික ශ්‍රමිකයන් සඳහා වූ එකම වෘත්තිය සමිතියේ ලේකම්වරිය කියන විදිහට මේ තහනමෙන් සිද්ද වෙන්නෙ මාෆියාවක් නිර්මාණය කරන එකයි. ඒ වගේම ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිය වෙනුවෙන් වූ සංවිධාන 100ක පමණ එකතුවක් වන යුරෝපීය ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් සඳහා වූ සාමූහිකයේ ප්‍රකාශිකාවක් කියන්නෙ, කොවිඩ් නිසා ස්පාඤ්ඤයේ වගේ ලෝකයේම ලිංගික ශ්‍රමිකයන් බරපතල විදිහට අපහසුතාවයට පත්වුනා. ගොඩක් අයට ඉන්න හිටින්න තැන් පවා නැති වුනා. ඒ හින්ද සැන්චෙස් කළ යුත්තෙ මේ අය නියෝජනය කරන සංවිධාන සමග සාකච්ඡා කිරීමෙන් ඒ අයගේ ප්‍රශ්නවල සැබෑ විසඳුම් ලබාදෙන ප්‍රතිපත්ති සැකසීමයි.

    සැන්චෙස් මුලින්ම මේ අදහස පළකළේ 2019දි ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂයේ ස්ත්‍රීවාදී ප්‍රකාශනය එලිදක්වමින්.

    ස්පාඤ්ඤයේ තුන්වන බලෙවේගය හැටියට නැගී එන නව දක්ෂිනාංශික පක්ෂයක් වන වොක්ස් මගින් සියලු ස්ත්‍රීවාදී දේශපාලනයන්ට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග ඉදිරියේ වඩාත් කාන්තා ආකර්ශනය දිනාගැනීමේ අපේක්ෂාවෙන් සැන්චෙස් ආණ්ඩුව වාමාංශික මුහුණුවරකින් දක්ෂිනාංශික තීන්දු ගැනීමට පෙළඹිලා තියෙන බවයි විචාරකයන් පෙන්වා දෙන්නෙ.

  • Sex බදාගන්න නෙමෙයි බෙදාගන්න

    Sex බදාගන්න නෙමෙයි බෙදාගන්න

    Forbes සඟරාව විසින් නිකුත් කරපු ලිපියක සදහන් වෙනවා sex වලදි අඩුවෙන්ම සුරාන්තයකට පත් වෙන්නේ විශමලිංගික සම්බන්ධතා ඇතුලේ ඉන්න කාන්තාවන් කියලා.

    ඒක ඇත්තටම පුදුම වෙන්න ඕනේ කාරණයක් නෙමෙයි.

    ගොඩක් වෙලාවට, ගැහැණියක් සුරාන්තයකට පත් වෙනවා කියන්නේ මොකද්ද කියලාවත් පිරිමි දැනුවත් නැහැ.. එහෙම දැනුවත් උනත්, ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් දැනීමක් ඇත්තෙම නැති තරම්.

    පිරිමි තියා, සමහර වෙලාවට කාන්තාවන් පවා තමන්ගේ ශරීරය පිලිබඳව හරිහැටි අවබෝධයක් නැහැ.. sex කියන්නේ සංසර්ගය යෙදීම පමණයි කියලා හිතන් ඉන්න කාන්තාවන් අපේ වගේ රටවල් වල බහුලයි.

    Sex කියන ක්‍රියාව හැම වෙලාවකම ‘give and take’ මත සිදු වෙන්න ඕනෙ කියලා මම හිතනවා.. ඒ තරාදිය සමාන වන තරමට, ලිංගික ජීවිතයේ සතුට දෙදෙනාටම උපරිමයෙන් විඳින්න පුලුවන් වෙනවා. අනිත් කෙනාගෙ pleasure points මොනාද, විශේෂයෙන්ම කාන්තාවකට තෘප්තිය ලැබෙන දේවල් මොනවද කියන එක ගැන තමන්ගේ සතුට හා සමානවම හිතනවා නම්, ඒ තුලින් තමන්ටත් වෙනදාට වඩා සතුටක්, ආස්වාදයක් ලබන්න පුලුවන් වෙනවා.

    Sex කියන්නේ තව දුරටත් විනාඩි 15ක්, 20ක් සංසර්ගයේ යෙදී සුරාන්තයකට පත් වීම නොවී, නැවුම් ලිංගික අත්විදීම් ලබන ක්‍රියාවක් බවට පත් වෙනවා.

    ඒ තුලින් සිද්ධ වෙන්නේ sex කියන එක ගවේෂණයක් බවට ඉබේම පත් වීම. අලුත් අත්දැකීම්, අලුත් ඉසව් සොයා යන්න හිතෙන එක.

    කාන්තාවක් සුරාන්තයකට පත් කරන්න නම් ඇයගේ ලිංගික අවයව ගැන දැනුමක්, ලිංගික තෘප්තියක් ඇයට දැනෙන්නේ කොයි ආකරයෙන්ද කියන කාරණා ගැන නිසි වැටහීමක් තිබීම වැදගත්.

    පිරිමියෙක් ට වඩා කාන්තාවකට සුරාන්තයකට පත් වෙන්න කාලය ගත වෙනවා.. සංසර්ගය යෙදීම විතරක් එයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ.. ඊට කලින් ඇය ලිංගිකව උද්දීපනයක් ලබන්න (wet වෙන්න) අවශ්‍යයි.. එහෙම වෙන්න නම්, සංසර්ගයේ ‍යෙදෙන්න පෙර ‘foreplay/ make out’ විශාල වශයෙන් උදව් වෙනවා.. ගොඩක් වෙලාවට කාන්තාවකට sex වලදි සුරාන්තයකට පත් වෙන්න බැරි වෙන්නේ මේ කිසි දේකින් තොරව සංසර්ගයේ පමණක් යෙදෙන්න පිරිමින් sex තුලදි පෙලඹෙන නිසයි.

    කසාද ජීවිතවල ඉන්න ගොඩක් කාන්තාවන්, තමන්ගේ ස්වාමියාව සතුටු කරනවා ඇරෙන්න, තමන්ගේ සතුට ගැන සම්පූර්ණයෙන්ම නොසලකා හරිනවා.. orgasm gap කියන තත්වයට ප්‍රධානතම හේතුව තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් ගැන එකිනෙකා අතර කතාබහක් ඇති කර නොගැනීමයි.

    මම පෞද්ගලිකව හිතනවා sex කියන්නේ හැම මනුස්සයෙක්ටම තියෙන ප්‍රධානතම ආසාව කියලා. හැබැයි, ඒක විඳින්නේ කොයි ආකාරයෙන්ද, ඒ හරහා ආසාවේ තරම, ගැඹුර වෙනස් වෙනවා. ඕනෑම දෙයක් විඳින්න දන්නවද කියන එක උඩයි ඒ තුලින් වින්දනයක් ලබනවාද කියන එක තීරණය වෙන්නේ.

    යම්කිසි කාන්තාවක් ශරීරය නිරාවරණය කෙරෙන කොට ගවුමක් ඇදන් යනවා නම්, ඒ ලස්සන, සුන්දරත්වය පාඩුවෙ විඳින එකයි, එහෙම ඇන්දේ ඇයි කියලා බනින එකයි තමයි දෙයක් විඳින්න දන්න එක සහ නොදන්න එක අතර තියෙන පැහැදිලි වෙනස.

    ‘මටත් ඒ වගේ කාන්තාවක් විඳින්න තිබුනා නම්’ කියලා ඇති වෙන ආසාව, බනින, නොබනින හැමෝටම පොදුයි.

    හැබැයි, ඒ හා සමානවම ඇයට ආස්වාදයක් ලබා දෙන්නත් ආසාව තිබිය යුතුයි.
    තමන්ගේ ශරීරය ගැන ඉගෙන ගන්න, තමන්ගේ සහකාරියට/ සහකරුවාව සතුටට පත් කරන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් වෙන්න.

    ලිංගික ජීවීතේ සතුට උපරිම විඳින්න නම් බෙදාගන්න ඕනේ, බදාගත්තාට වැඩක් නෑ, sex කියන්නේ jumbo peanuts නෙමෙයි!


    ශේනි විජේසුරේන්ද්‍ර ලියයි