Tag: featured

  • තාත්තා

    තාත්තා

    අද ලෝක පියවරුන්ගෙ දිනය. ඒක නිසා හැමෝම වගේ තමන්ගේ තාත්තා ගැන මතක් කරලා සුබපැතීම් කරනවා. මේ අතරෙ අපිට පුළුවන් කල්පනා කරන්න අපිට තාත්තාව මුනගැහෙන තැන. ඒ කියන්නෙ ඉපදුනු දවස නෙමෙයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට අනුව අපිට තාත්තාව මුනගැහෙන්නෙ අපේ ඊඩිපස් සංකීර්ණය ඇතුලෙදි. ඒ කියන්නෙ අපේ අවුරුදු 03-05 දක්වා කාලෙදි.

    අපි හිතන්න පුරුදු වෙලා ඉන්නවා අපේ ළමා කාලය හරිම සුන්දර එකක් කියල. ඒත් ෆ්‍රොයිඩ් අපේ මනස ඇතුලෙන් හොයාගත්තෙ ඊට වඩා ගොඩක් වෙනස් ළමා කාලයක්. ඒ කාලෙ අපිට ඉතාම තදබල ආශාවන් තියෙනවා. ඒ වගේම ඒ ආශාවන් නිසා හටගත් බය, ආතතිය දැනෙනවා. ඊඩිපස් සංකීර්ණයත් එක්කම අපි ආදර සම්බන්ධතාවලට ඇතුල්වෙනවා. මේ ආදර සම්බන්ධතා ඇතුලෙ අපි ජීවිතේ ලොකුම ප්‍රශ්නවලට මුහුණ දෙනවා.

    මේ කාලෙදි අපිට සිද්ද වෙනවා අපි ආස කරන දේ කැප කරන්න. දේවල් අත්හරින්න. අපි කීකරු වෙනවා. කීකරු වෙනවා කියන්නෙම අපේ ආශාවන් රිප්‍රෙස් කරනවා. අපේ කීකරුබව, විනය ඇති කරන්නෙ තාත්තා විසින්. අපිට ජීවිතේ මුලින්ම මුනගැහෙන අධිකාරී බලය තමයි තාත්තා කියන්නෙ.

    පොඩි එකෙක් ඉපදෙද්දි ඌට ලෝකෙ රජා විදිහට දැනෙන්නෙ ඌව. කැමති හැමදෙයක්ම ඒ වෙලාවෙම ඉටු කරගන්නයි ඌට ඕන. විශේෂයෙන්ම අම්මව තමන්ට අයිති වස්තුවක් විදිහටයි පොඩි එකා දකින්නෙ. මේ ඊඩිපස් කාලෙදි ඌ තේරුම් ගන්නවා අම්මව තමන්ට අයිති නෑ කියල. අපිට ඕන විදිහට හැමදේම සිද්ද වෙන්නෙ නෑ කියල. මේ හරිම ප්‍රචන්ඩ අත්දැකීමක් දරුවෙකුට.

    හැම දරුවෙක්ම මේ ලෝකෙට ඉපදෙන්නෙ මේ ඊඩිපස් සංකීර්ණය තරණය කිරීමේ මහා අභියෝගය දෑතින් අරගෙන.

    සෑහෙන කාලයක් යනකල් මේ ඊඩිපස් කම්ප්ලෙක්ස් කියන එක තේරුම් අරගෙන තිබුනෙ වැරදියට. ගොඩක් අය මේ ගැන හිතුවෙ දරුවෙක් තමන්ගේ විරුද්ධ ලිංගික මව හෝ පියා වෙත ආකර්ශනය වෙමින් සමලිංගික පාර්ශ්වය සමග ගැටීමක් ඇති කරගැනීම කියල. ඒක ඊඩිපස් කම්ප්ලෙක්ස් එක සිම්ප්ලෙක්ස් එකක් කිරීමක්. සංකීර්ණයක් කියන්නෙ තත්වය ඒ තරම් සරල නෑ කියන එක.

    ෆ්‍රොයිඩ් මේක නිවැරදි කරනවා. එයා කියනවා පිරිමි වුනත් ගැහැණු වුනත් දරුවෙක් ආදරෙන් බැඳෙන්නෙ තමන්ගේ මවත් සමග කියල. පියා සමග ඇතිකරගන්නා බැඳීමට ඉලෙක්ට්‍රා සංකීර්ණය යනුවෙන් සංකල්පයක් පාවිච්චි කිරීම පවා තේරුමක් නෑ කියල ෆ්‍රොයිඩ් පසුව කියනවා.

    දරුවෙක් මව සමග ඇති කරගන්නා සම්බන්ධය ලිංගික එකක් කියල ෆ්‍රොයිඩ් පැහැදිලිව කියනවා. නමුත් ඒ ලිංගික කියන අදහස අපි වැඩිහිටි වයසෙදි ලිංගික කියන අදහස එක්ක සමපාත එකක් නෙමෙයි. ඒක අපිට හිතාගන්න බැරි විදිහක එකක්. තමන්ට හැකි හැමදෙයක්ම මේ වෙද්දිත් දෙන, හැමවෙලාවකම ළඟ රැඳෙන, තුරුලේ රඳවන මවගෙන් තවත් දේ ආශා කිරීම කියන්නෙ ඒක වෙනස් තත්වයක්. ඉරීමෙන්, සැපීමෙන්, ලිංගේන්ද්‍රට ඇතිල්ලීමෙන් ආදියෙන් දරුවෙක් මේ ආශාව තෘප්තිමත් කරගන්නවා. ඒක වෙනස් පරිමාණයක ලිංගික උවමනාවක්.

    ඊඩිපස් කාලෙදි දරුවෙක් තේරුම් ගන්නවා අම්මාගේ සම්පූර්ණ ලෝකයම තමන් නෙමෙයි කියන එක. තමන්ගෙන් බාහිර ලෝකයක් මවට පවතිනවා කියන එක. අම්මාගේ ආදරය ලබාගැනීමේ තරගය ඇති වෙනවා. ඇගේ ආදරය ලබන වෙන ඕනම කෙනෙක් එක්ක ඊර්ශ්‍යාව, තරහව ඇති වෙනවා. මෙතන බොහෝ විට ඉන්නෙ තාත්තා. නමුත් තාත්තා හෝ සහෝදර සහෝදරියක හෝ කවුරුන් හෝ මේ බාධකය වෙන්න පුළුවන්.

    දරුවෙකුට තමන්ව මවගෙන් වෙන් කරන ජීවිතයේ වේදනාකාරීම බාධකය වෙන්නෙ තාත්තා. දරුවෙකුගේ ජීවිතේ පරිපූර්ණම ප්‍රේමය අසම්පූර්ණ කරන්නෙ තාත්තා.

    දරුවෙක් තමන්ගේ ආශාව ගැන බයට පත්වෙනවා. ඒක දැනගත්තොත් මොනවා කරයිද කියල. තමන්ගේ ආදරයේ වස්තුව තමන්ට අයිති නෑ කියල දරුවෙක් තේරුම් ගන්නවා.

    තාත්තා කියන්නෙ අම්මා සහ දරුවා වෙන් කරන කවර හෝ බාධකයකට.

    ෆ්‍රොයිඩ් කියන්නෙ අපි ගැහැණු හෝ පිරිමි බවට පත්වෙන්නෙ ඊඩිපස් සංකීර්ණයෙන් පස්සෙ කියල. ඒ කියන්නෙ තාත්තා මුනගැහීමෙන් පස්සෙ. තාත්තා පිරිමි විදිහටත් අම්මා ගැහැණු විදිහටත් අපිට මෙතනදි මුනගැහෙනවා. පුරුෂ ලිංගයක් හිමි දරුවා තාත්තාට වඩා පිරිමිබව මඳක් අඩුවෙනුත් පුරුෂ ලිංගයක් අහිමි දරුවා මවට වඩා ස්ත්‍රීභාවය මඳක් අඩුවෙනුත් තමන්ව පිහිටුවා ගන්නවා. ඊඩිපස් සංකීර්ණය කියන්නෙම අපිට පූර්ණ පිරිමියෙක් හෝ ගැහැණියක් විය නොහැකියාවට. අපේ අසමත් වීමට. කිසි කෙනෙක් මේ සංකීර්ණය නිවැරදිව විසදාගන්නවා කියල එකක් නෑ. හැමකෙනෙක්ම මෙතනදි ඩැමේජ් වෙනවා. අපි සමාජගත වෙන්නෙම ඩැමේජ් ජීවිත විදිහට.

    අපේ තාත්තා වඩා බලවත් වෙද්දි අපේ කීකරුබව යටත්බව වැඩිවෙනවා. සමාජයට අවනත, සම්මතය බාරගන්නාසුලු දරුවන් බිහිවෙනවා. අපි අපේ තාත්තා වීරයෙක් හැටියට දකිනවා. ඒ තාත්තා ඇතුලෙ අපේ ආරක්ෂාව රැකවරණය හොයනවා.

    තාත්තාට බයෙන් යටපත් ආශාවන් ජීවිත කාලය පුරාම අපිව බයට පත් කරනවා. අපේ සම්බන්ධතා ඇතුලෙ හොල්මන් කරනවා. ඇත්තටම මනුස්සයෙකුගේ ජීවිතය කියන්නෙ පවුල ඇතුලෙ අත්විඳි භීතීන්ගෙන් නිදහස් වෙන එකට.

    තාත්තා අපිට මුනගැහෙන්නෙ ආගමික සංස්කෘතික ආධිපත්‍යයක් විදිහට. තාත්තා තමයි සමාජය අරගෙන එන්නෙ. එයා තමයි අපේ ආශාව වාරණය කරන්නෙ. අම්මයි දරුවයි අතර තියෙන ස්වභාවික අපචාරී සම්බන්ධය බිඳින්නෙ තාත්තා මැදිහත් වීමෙන්.

    ඊට පස්සෙ අපි අපේ ඇතුලෙ වෙනම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා. අපි ඇතුලෙම සදාචාරයක් අධිකාරියක් හදාගන්නවා. අම්මා අපේ ජීවමය උපත වුනාට අපේ සංස්කෘතික උපත සලකුනු කරන්නෙ තාත්තා.

    ඉතින් හැම සංස්කෘතික දුවෙක්ම පුතෙක්ම ඒ තාත්තාට සුබ පතන්න ඕන. වීරයෙක් ලෙස බාරගැනීම මිස කළ හැකි අන් කිසිවක් නොමැති ජීවිතයේ සොඳුරුතම දුෂ්ටයා වීම වෙනුවෙන්.

    සුබ පියවරුන්ගේ දිනයක් වේවා.

  • කාමසූත්‍ර – සයවන කොටස

    කාමසූත්‍ර – සයවන කොටස

    පුරවැසියෙකුගේ ජීවිතය

    පුරුෂයෙක් මෙසේ ලබා ගත් අධ්‍යාපනයෙන් සහ ත්‍යාග වශයෙන් (බ්‍රාහ්මණයන්ට ධනය ත්‍යාග ලෙස ලැබුණි), අත්පත් කරගැනීමෙන්, ලබාගැනීමෙන්, ඉතුරු කිරීමෙන් හෝ උරුමයෙන් ලත් ධනයෙන් (මේ සියල්ල වෛශ්‍යයයන්ට ධනය ලැබුනු ආකාරයි) ගෘහපතියෙක් ව (ගෘහස්ථ) පුරවැසියෙකුගේ ජීවිතය ගත කළ යුතුය. ඔහු නගරයේ නිවසක් හෝ විශාල ගමක් හෝ යහපත් මිනිසුන් වසන ප්‍රදේශයක් හෝ බොහෝ අය පොදුවේ නිවසන නිකේතනයක් හෝ වාසයට ගත යුතුය. මේ නිවස ජල පහසුකම් වලට සමීපව පිහිටිය යුතු අතර විවිධ අවශ්‍යතා සඳහා වෙන් කළ කාමර සහිත විය යුතුය. මේ නිවස උයනකින් වටව තිබිය යුතු අතර බාහිර සහ අභ්‍යන්තර කාමර දෙකක් තිබිය යුතුය. අභ්‍යන්තර කාමරය කාන්තාවන් සඳහාය. බාහිර කාමරය හොඳින් සුවඳවත් විය යුතුය. එහි මෘදු, සිත්ගන්නාසුලු, පිරිසිදු සුදු රෙද්දෙන් වැසුනු, මැද කොටස පහත, එහි මල්මාලා සහ මල් පොකුරු ගැවසුනු, ඉහළින් වියනක් සහිත, ඉහළින් එක කොට්ටයක්ද, පහළින් තව කොට්ටයක්ද වන සේ කොට්ට දෙකක් සහිත සයනයක් තිබිය යුතුය. එහි කවිච්චියක්ද එහි හිස පෙදෙසට වන්නට ස්ටූල් එකක්ද තිබිය යුතුය. ස්ටූල් එක මත රාත්‍රිය සඳහා අවැසි සුවඳ ගැල්වුම්ය. මල්ය. නෙතෙහි ගල්වන අඳුන්ය. මුව ගල්වන සුවඳය. දෙහි ගස් දඬුය. කවිච්චිය අසල බිම පඩික්කමක් තිබිය යුතුය. ඒ අසල ආභරණ පෙට්ටියක් සහ ඇත් දළයකින් තැනූ ආධාරකයක ඇති වීනාවකි. සිත්තම් ඇඳීමට පුවරුවකි. සුවඳ පිරුණු කලසකි. පොත්ය. කහ අමරන්තා මල් වැල්ය. කවිච්චියට නුදුරින් බිම රවුම් අසුනකි. ක්‍රීඩා භාණ්ඩ කරත්තයකි. දාදු ලෑල්ලකි. මේ කාමරයට පිටතින් කුරුළු කූඩුවකි. එමෙන්ම කපු කැටීමට සහ කැටයමට බඳු දේ සඳහා වෙන් කළ තැන්ද ඇත. උයනෙහි කැරකෙන ඔන්චිල්ලාවක් සහ සාමාන්‍ය ඔන්චිල්ලාවකි. මලින් ගැවසුනු ලතා මණ්ඩපයකි. ඒ අසල හිඳගැනීමට උස්ව සකස් කළ අසුනකි.

    ගෘහපතියා උදේ පිබිදී ශරීර කෘත්‍යයන් ඉටු කළ පසුව, දත් මැද, සිරුරෙහි ආලේපන සහ සුවඳ නිසි පමණ ගල්වා, ආභරණ පැළඳ, නෙත් පියෙහි සහ නෙත් යට අඳුන් ගල්වා, දෙතොල වර්ණ ගන්වා ඔහු දෙස කැඩපතින් බැලිය යුතුය. අනතුරුව බුලත් කොලයක් සමග මුව සුවඳ කරන අනෙක් දේ සපා ඔහුගේ දවසේ ව්‍යාපාර ආරම්භ කළ යුතුය. ඔහු දිනපතා ස්නානය කළ යුතුය. දිනක් හැර දිනක් සිරුරෙහි තෙල් ගැල්විය යුතුය. දින තුනකට වරක් සබන් (හා සමාන යමක්) ගැල්විය යුතුය. දින හතරකට වරක් කෙස් රැවුල් මුඩු කළ යුතුය. දින පහකට හෝ දහයකට වරක් සිරුරේ අනෙක් රෝම මුඩු කළ යුතුය. මේ කිසිවක් අමතක නොකළ යුතු අතර කිහිලිවල දහඩියද ඉවත් කළ යුතුය. චරායනට අනුව පෙර දහවල්, පසු දහවල් සහ රාත්‍රී ආහාර ගත යුතුය. පාතරාසයට පසු ගිරවුන්ට කතා කිරීම පුහුණු කිරීමටත්, කුකුලන් සහ එළුවන් පොරයට පුහුණු කිරීමටත් කාලයයි. සීමිත කාලයක් පිතාමර්දා, විතා, විධූෂක ආදීන් සමග විනෝදවීමට ගත කළ හැකිය. අනතුරු දිවා මැද සැතපීම කළ යුතුය. අනතුරුව නැවත වස්ත්‍රාභරණයෙන් සැරසෙන ගෘහපතියා සවස් කාලයේ මිතුරන් සහ අල්ලාප සල්ලාපයේ ගත කළ යුතුය. සන්ධ්‍යා කාලයේ ගීත ගායනා වලින් අනතුරුව ගෘහපතියා අර පෙරදී සුවඳ ගල්වා සකස් කළ කුටියේ තමන්ගේ මිතුරෙක් සමග රැඳී සිටිය යුතුය. ඒ ඔහු වෙත ආකර්ශනය වූ ගැහැණිය පැමිණෙන තුරුය. නැතහොත් ඔහු කාන්තාවක් අත ඇයට පණිවුඩය යැවිය හැකිය. නොඑසේනම් ඔහුම ගොස් ඇයට කතා කළ හැකිය. ඇය සපැමිණි පසු ඔහු හා ඔහුගේ මිතුරා ඇයව පිළිගෙන ආදරණීය රසවත් සංවාදයෙන් ඇයට ආස්වාදය ලබා දිය යුතුය. දවසේ කාර්යය නිමා විය යුත්තේ එසේය.

    ඉඳහිට විනෝදාස්වාදය සඳහා කළ යුතු දේවල් පහත පරිදිය.
    1. විවිධ දේවතාවන්ට උත්සව පැවැත්වීම
    2. ස්ත්‍රී පුරුෂ සමාගමයන්
    3. මධුසාද
    4. උයන්කෙළි
    5. වෙනත් සමාජ කටයුතු

    උත්සව

    විශේෂ නැකත් දිනවල පුරවැසියන්ගේ සමුළුවක් සරස්වතී කෝවිලට කැඳවිය යුතුය. ගායනා සහ අනෙකුත් හැකියාවන් ඇති නගරයට අලුතෙන් පැමිණි කලාකරුවන්ගේ දක්ෂතා එහිදී පරීක්ෂා කළ යුතුය. එදිනම දක්ෂ අය අගයමින් ත්‍යාග ලබා දිය යුතුය. පැමිණි පුරවැසි සමූහයේ ප්‍රසාදය අනුව ඔවුන් රඳවා ගැනීම නැවත පිටත් කර හැරීම කළ හැකිය. මෙම සමුළුවෙහි පුරවැසියන් සමෘද්ධියේදී මෙන්ම ආපදා සමයේදීත් ප්‍රසංගයන්ට ක්‍රියාකාරීව සහභාගි විය යුතුය. එමෙන්ම අලුතෙන් සමුළුවට එක්වූ අයට ආගන්තුක සත්කාර දැක්වීමද මේ පුරවැසියන්ගේ වගකීමකි. මෙහි දක්වා ඇති කරුණු අනෙක් දේවතාවන් වෙනුවෙන් පවත්වන උත්සව සඳහාද මෙපරිද්දෙන්ම සිදු කළ යුතු වෙයි.

    සමාගමය

    එකම වයසක, තරාතිරමක සහ සමාන දක්ෂතා ඇති, සමාන රුචිඅරුචිකම් සහ සම මට්ටමක අධ්‍යාපනයක් ඇති පුරුෂයන් පුරඟනන් සමග එක්ව හිඳිමින් හෝ පුරවැසියන් කණ්ඩායමක් සමග හෝ ඒ කෙනෙකුගේ වාසස්ථානයක එකිනෙකා සමග සිත්ගන්නාසුලු කතාබහේ නියැලීම සමාගමයක් ලෙස හැඳින්වෙයි. මේ සංවාදයන් කෙනෙකුගේ අඩක් නිමකළ කාව්‍යයක් සම්පූර්ණ කිරීම පිළිබඳ විය හැකිය. නැතහොත් වෙනත් කලාවන් ගැන දැනුම් පරීක්ෂා කිරීම් පිළිබඳ විය හැකිය. ඉතා සුන්දර කාන්තාවන්, පුරුෂයන් කැමති දේට කැමැත්තක් දක්වන කාන්තාවන්, අනෙකුන්ගේ මනස් ඇදගැනීමේ දක්ෂ කාන්තාවන් මෙහිදී ගෞරවයට පාත්‍ර වේ.

    මධුසාද

    පුරුෂයන් සහ ස්ත්‍රීන් එකිනෙකාගේ නිවෙස්වල මධුපාන කළ යුතුය. මෙහිදී පුරුෂයන් විසින් පුරඟනන් හට පානයට අවකාශ සැලසිය යුතුය. අනතුරුව ඔවුන් පානය කළ යුතුය. මධු, ඒරෙය, සුරා, සහ ආසව ආදී තිත්ත මෙන්ම ඇඹුල් පානයනුත් විවිධ දඬු, පළතුරු සහ පත්‍ර මුසු පානයනුත් මෙහිදී භාවිතා කෙරේ.

    උයන්කෙළි

    උදෑසන පුරුෂයන් මනාව හැඳ පැළඳ පුරඟනන් සමග අසුන් පිට උද්‍යාන කරා යා යුතුය. සේවකයන්ට ඔවුන් සමග මේ ගමනට එක්වෙයි. දවසේ කටයුතු එතැන් සිට කිරීමෙන් අනතුරු, වටුවන්, කුකුළන් හෝ එළුවන් කෙටවීම වැනි සිත්ගන්නාසුලු ක්‍රීඩාවන්ගේ යෙදීමෙන් පසු සවස් යාමයේ ඔවුන් නැවත නිවෙස් කරා එන්නේ නෙලාගත් මල්පොකුරුද අතැතිවය.

    ගිම්හාන සමයේදී විසකුරු සහ අනතුරුදායක සතුන් ඉවත් කළ ආරක්ෂිත දිය පහරක ස්නානයේදීද මෙපිරිදිම කාරණා සිදුවෙයි.

    අනෙක් සමාජ ක්‍රීඩා

    දාදු ක්‍රීඩාවේ නියුතු රාත්‍රීන්. සඳ ඇති රාත්‍රීන්හි පිටත සංචාරයන්. වසන්ත සමයේ උත්සව පැවැත්වීම. අඹ කඩන්නට යාම. නෙළුම් දඬු කෑම. ළපටි ඉරිඟු කෑම. දළුලන සමයේදී වනාන්තරවල ඇවිදීම. උදකක්‍ෂවේදික හෙවත් ජලක්‍රීඩා. එකිනෙකා මලින් සැරසීම. කොහොඹ මලින් පහරදීම. ආදී තවත් නොයෙක් රටටම පොදු වූ හෝ ඒ පළාතට විශේෂ වූ ක්‍රීඩා. මෙවන් විනෝදාස්වාදයන් පුරවැසියන් විසින් පවත්වාගෙන යා යුතුය.

    පුද්ගලයෙකු වෛශ්‍යාවක් සමග සිටියදී මෙන්ම වෛශ්‍යාවක විසින් තමන්ගේ සේවිකාවන් සමග හෝ පුරවැසියන් සමග ඉහත විනෝදාස්වාදයන්හි යෙදිය හැකිය.

    විනෝදාස්වාදයන් සඳහා සම්බන්ධවන (කලින් සඳහන් කළ) චරිත පහත පරිදිය.

    පිතාමර්දා යනු ධනයක් නැති, ලෝකයේ හුදකලා වුනු, ඔහුගේ අසුන, පෙණ නගන යම් ද්‍රව්‍යයක් සහ රතු රෙදි කඩක් පමණක් සන්තකව ඇති, උසස් ප්‍රදේශයකින් පැමිණි, සියලු කලාවන්හි දක්ෂ, මේ කලාවන් උගැන්වීමෙන් පුරවැසියන්ගේ සහ පුරඟනන්ගේ ඇසුර ලබන්නෙකි.

    විතා යනු වාසනාවේ ඵලවන් අත්විඳින ලද, ඔහුගේ ප්‍රදේශයේම අය ඇසුරු කරන, ගෘහමූලිකයෙකුගේ ගුණාංගයන් සහිත, බිරිඳක් සිටින, පුරවැසි සමළුවවෙහි සහ පුරඟනන්ගේ ගෞරවය ලබමින් ඔවුන්ගෙන් යැපෙමින් ඒ තැන්හි වෙසෙන්නෙකි.

    විදූෂක නොඑසේනම් වෛහාසක යනු යම් කලාවන් ප්‍රමාණයක් පමණක් දන්නා, සියල්ලන් විසින් විශ්වාස කරන කවටයෙකි.

    මේ අය පුරවැසියන්ගේ සහ පුරඟනන්ගේ ගැටුම් සමථයට පත් කරන්නට ඉදිරිපත් වෙයි. ස්ත්‍රී යාචිකාවන්, හිසමුඩු කළ කාන්තාවන්, අනාචාරයේ හැසිරෙන කාන්තාවන් සහ විවිධ කලාවන්හි නිපුණ වයස්ගත පුරඟනන් සම්බන්ධයෙන්ද මේ කාරණය අදාල වේ.

    මෙපරිද්දෙන් තමන්ගේ ග්‍රාමයේ හෝ නගරයේ වෙසන, සියල්ලන්ගේ ගරුත්වය ලබන පුරවැසියෙක් ඔහුගේ කුලයේ හඳුනාගැනීම වටිනා අයව කැඳවිය යුතුය. ඔහු සාමූහිකව සංවාද කළ යුතු අතර ඔහුගේ මිතුරන් සතුටු කළ යුතුය. විවිධ දේ සඳහා අන් අයට සහාය වීමෙන් අන් අයටද එපරිදිම එකිනෙකාට සහාය වීමට අවස්ථා සැලසිය යුතුය.

    මේ ගැන කියවෙන ඇතැම් ශ්ලෝකයක් පහත පරිදිය

    “සංස්කෘත භාෂාවට පමණක් හෝ අනෙක් ප්‍රාදේශීය භාෂාවකට පමණක් හෝ සීමා නොවී, සමාජයේ විවිධ කාරණා ගැන කතිකා කරන පුරවැසියෙක් උසස් ගෞරවයක් ලබන්නේය. මහජනයා විසින් ප්‍රතික්‍ෂේප කරන, පාලනය වන නීතියක් නොමැති, අනෙකුන්ගේ විනාශය අරමුණු කරන සමාජයන්වල බුද්ධිමතුන් ජීවත් නොවිය යුත්තේය. ජනතාවගේ අරමුණු අනුව ක්‍රියා කරන, තෘප්තිය අරමුණු කරන සමාජයක ජීවත්වන උගත් පුරුෂයා ලෝකයේ ගෞරවයට පාත්‍ර වන්නේය.”

  • මැයි දෙසැම්බර් ප්‍රේමය

    මැයි දෙසැම්බර් ප්‍රේමය

    මේ ප්‍රවෘත්තිය දැක්කෙ අහම්බෙන්. අවුරුදු අසූවක පිරිමියෙක් එක්ක අවුරුදු 29ක ගැහැණියකගේ විවාහය. ඒක රූපවාහිනී ප්‍රවෘත්තියක් වෙනවා.

    එහෙම ප්‍රවෘත්තියක් වීම එක විදිහකට වැදගත්. මේක තෝරගන්න මූලික වෙන හේතුව නරඹන ජනතාවගේ ‘අනේ බලන්නකෝ නාකි කෝලම්’ ‘ඊයා නේද තාත්තටත් වඩා වයසයි’ ආකාරයේ සාමූහික ජාගර උපහාස රසයක් ඇතිකිරීම බව පැහැදිලියි. ඒත් අනිත් පැත්තෙන් අපි දන්නෙම නැතුව අපේ ආදර ලෝකෙ වයස් සීමාව තරමක් හරි පළල් කරන්නත් මේක හේතුවක් වෙනවා. ඊළඟට අවුරුදු 75ක ප්‍රේමවන්තයෙක් දැක්කට ඒ තරම් අපේ අපහාස උපහාස රසය ඇවිස්සෙන්නෙ නෑ.

    වැදගත්ම දෙයක් තමයි මේ වගේ ප්‍රවෘත්තියකට වැටෙන කමෙන්ට් දිහා පරීක්ෂාවෙන් බලන එක. සාමාන්‍යයෙන් කමෙන්ට් එකක් දාන්නෙ ළඟ ඉන්න කෙනෙක් එක්ක ජුගුප්සාව පළකිරීමෙනුත් තෘප්තිමත් කරගන්න බැරි තරමෙ ආශාවක් තිබුනම. ඒක එක්තරා විදිහකට සමාජයේ අවංකම අවුලක් ප්‍රදර්ශනය කරනවා.

    මේ කමෙන්ට්වල වැඩිහරියක් උපහාසයට නගන්නෙ මේ අසූ වියැති පෙම්වතා සමග මේ කාන්තාවගේ සංවාස අභ්‍යාසයි. මෙතනදි මෙවන් තරුණියකගේ පහස ලැබීමේ වාසනාව ගැනත් කතා වෙනවා. ප්‍රශංසාත්මකව හෝ ආස්වාදනීය ආකාරයකින් නෙමෙයි. හියුමිලියේෂන් ආස්වාදයකට.

    මෑතක කරපු පර්යේෂණයකින් එලිදරව් වෙනවා අවුරුදු 65 – 80 දක්වා කියන්නෙත් ලිංගිකව සක්‍රීය වයසක් කියල. ඒ වගේම ඒ අය බොහොමයක් කියනවා තමන් ලිංගිකව තෘප්තිමත් බවත්. 40%ක් මේ වයස් කාණ්ඩයේ වැඩිහිටියන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙනවා. ඒ වගේම මේ වයස් කාණ්ඩයෙන් අඩකටත් වඩා කියනවා සෙක්ස් කියන එක තමන්ගේ ජීවිතයේ ගුණාත්මක තත්වය පවත්වාගෙන යන්න වැදගත් කියල.

    එතකොට වයස එක්ක සෙක්ස් ගැලපීමෙන් නගන හාස්‍යය අපේ පරණ හණමිටි දැනුමක් එක්ක ගැටගැහෙනවා. ඒ වයස කියන්නෙ පන්සලක පල්ලියක පරලොවක් වෙනුවෙන් වැඩ කළ යුතු කාලයක් කියන ඇදහිල්ලයි මේ උපහාසය පිටිපස්සෙ තියෙන්නෙ. ඒ අයට තමන්ගේ ශරීරය සහ ලිංගිකත්වය ආස්වාද කිරීමේ අයිතිය සමාජ සදාචාර මුහුණවරකින් අධෛර්ය කිරීමක් තමයි මේ කමෙන්ට්වල තියෙන්නෙ.

    මනෝ විද ්‍යාත්මක ගැහැණු වඩා වයස්ගත පිරිමින්ට ආශක්ත වීමේ විභවයක් තියෙනවා. මේක තමන්ගේ පියා සම්බන්ධ අවිඥානක තත්වයක් විදිහට ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය ඇතුලෙ පැහැදිලි කරනවා. සංඛ්‍යාත්මක දත්ත එක්ක ගත්තත් ගැහැණු තමන්ගේ පියාගේ හිසකෙස් වර්ණය, ඇස්වල වර්ණය, සමාන ලක්ෂණ හිමි පිරිමින්ට ආකර්ශනය වීම සනාථ වෙලා තියෙනවා. ඒ වගේම වඩා වයස්ගත දෙමව්පියන් එක්ක ඉන්න කාන්තාවක් වැඩිහිටි පිරිමියෙක් විවාහ කරගැනීමේ හැකියාව වැඩි බවත් කියනවා. නමුත් මේක අවිඥානක පෙළඹවීමක් මිස සවිඥානක වුනා නම් ඒ අය කරන තෝරාගැනීමක් නෙමෙයි.

    එතකොට මේ කාන්තාව අසූවියැති පෙම්වතා සමග විවාහ වෙන්න හේතු වෙන්න ඇත්තෙ මොනවද? මුලින්ම අපේ දුප්පත් මානසිකත්වය විසින් දෙන තාර්කික හේතුව තමයි ධනය හෝ බලය කියන එක. ඒක ඒ තරම්ම මතුපිටින් නොවුනත් ස්ථාවරත්වය, ආරක්ෂාව, සුවපහසුව පැත්තෙන් කාන්තාවකගේ ආකර්ශනය වැඩිහිටි පිරිමියෙක් කරා ගෙනියන කාරණයක් වෙන්න පුළුවන්.

    මෙතනදි අපහාස උපහාස කරන බහුතරයක් පටලවා ගන්න කාරණයක් තමයි විවාහය සහ ලිංගික හැසිරීම එකම දෙයක් විදිහට සැලකීම. ඒ කියන්නෙ විවාහක පිරිමියා සමගම පමණක් ලිංගිකව හැසිරීමේ විශ්වාසය තියාගෙනයි මේ බහුතරයා මේ ප්‍රවෘත්තියට එබෙන්නෙ. ඇයට පුළුවන් ඔහු සමග විවාහ වෙන්න. ඔහුගේ ආදරය ලබන්න. ලිංගිකව හෝ ප්‍රේමනීයව හෝ තවත් පිරිමින් සමග බැඳෙන්න. ඔවුන් ඉන්නෙ විවෘත විවාහ ජීවිතයකද, සංවෘත විවාහ ජීවිතයකද යන්න ගැන ප්‍රවෘත්තියේ කිසිදෙයක් නෑ.

    අනෙක් අතට ඇය ඒසෙක්ෂුවල් වෙන්න පුළුවන්. ඇයට ලිංගික ආස්වාදයක් උවමනාම නැති වෙන්න පුළුවන්. ඒ වගේ තත්වයකදි ඇයට වඩාත් ගැලපෙන ප්‍රේමය මේ පෙම්වතා සතුවෙන්න පුළුවන්. ඇඳ උඩ ලිංගික ජවනිකාවෙන්ම මේ ජීවිතවලට එබෙන අයට දැනෙන ලිංගික අතෘප්තියක් විතරක්ම මේ ප්‍රතිචාර ඇතුලෙ පේනවා වෙන්න පුළුවන්. විවිධාකාර ලිංගිකත්වයන් සහිත පිරිස් අපේ සමාජයේ ජීවත් වෙනවා කියන එක අපි නිතර අමතක කරනවා. සියල්ල දිගුවෙන්නෙ විෂම ලිංගික මොනොගමික සාම්ප්‍රදායික ලිංගික පවුල් ආස්වාදයට විතරයි.සමහර විට ඇය සමලිංගික වෙන්නත් පුළුවන්. සමලිංගික විවාහයකට අවසර නැති රටක ඇයට ඇති වඩා තේරුම් ගන්නාසුලු, පහසු මාර්ගය මේ විවාහය වෙන්න පුළුවන්. ඒ විවාහය ඇතුලෙ ඇගේ සමලිංගික ප්‍රේමයකට අවසර තියෙන්න පුළුවන්. එය ඉතාම ඉහලින් අගය කළ යුතු මානුෂීය සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්.

    තව විදිහකින් මේ දෙන්නා අතර ඉතාම අනුරාගී සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. ඇය වයස්ගත පිරිමියෙකුගේ ඇසුරක අන් කිසි තැනක නොලබන තෘප්තියක් ආස්වාදයක් ලබනවා විය හැකියි. අපේ ලිංගික ආස්වාදය කියන එක අපේ පුද්ගලික ගැඹුරු මනසේ පෙළඹවීම් එක්ක සම්බන්ධයි. ඒක හුදු සම්මතයෙන් පිලිගත් වයස් කාණ්ඩයන් හෝ ලිංග කාණ්ඩයන් අතරම හැසිරෙන එකක් නෙමෙයි. ඒ විස්තෘතත්වය බාරගැනීම සහ අගය කිරීම කියන්නෙ අපේ පරිණතබව. ඒකට අපහාස උපහාස කිරීම කියන්නෙ අපේ නොමේරූ බව. වෙනස් විදිහක ශෘංගාර තෝරාගැනීමක් කියන්නෙ සෞන්දර්යයක්.

    තව පැත්තකින් මේක හුදු ලිංගික කාරණයක් නම් ඔවුන්ට විවාහය වැදගත් නොවෙන්න තිබුණ. මේ ප්‍රසිද්ධිය වැදගත් නොවෙන්න තිබුණ. ඕනම කෙනෙකුට විවාහ නොවී වුනත් ලිංගිකව එක්ව ජීවත්වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ විවාහය කියන්නෙම ඔවුන්ට සමාජය පැත්තෙන් දිය යුතු පණිවුඩයක් බව නිශ්චිතයි. ඒක එක්කො කෙනෙකුගේ ස්ථාවරත්වය ගැන, රැකබලාගැනීම සහ ආරක්ෂාව ගැන සහතික කිරීමක්. නැත්තම් ආදරය, විශ්වාසය සහ නිදහස ගැන සහතික කිරීමක්. මේ දෙපැත්තම කියන්නෙ හොඳ මානුෂීය ගනුදෙනුවක කතාවක්.

    නිර්මානුෂීය කතාව තියෙන්නෙ අපේ පැත්තෙ.

  • ශෘංගාර මුද්‍රා

    ශෘංගාර මුද්‍රා

    මෑත දවසක මම ලියන ලිපි කියවන ගෑණු ළමයෙක් මට කතා කළා.
    ‘ඔයා ඇයි සෙක්ස් හරියට ආධ්‍යාත්මික මාර්ගයක් වගේ ලියන්නෙ? ඒක හරි විකාරයක්. සෙක්ස් කියන්නෙ සෙක්ස්. මං කැමති අනංමනං නැතුව සෙක්ස් විදිහට සෙක්ස් විඳින්න. ඒක පහලට දාන්න ඕනත් නෑ ඕනවට වඩා උඩට දාන්න ඕනත් නෑ’

    එයා කිව්වෙ තරමක චෝදනාත්මක ස්වරයෙන්.

    ‘මට සෙක්ස් කියන්නෙ ඒ වගේ දෙයක්. මට ඒක දැනෙන්නෙ ඔයාට වඩා වෙනස් විදිහට’
    මං එයාට කිව්වා.

    මේ අපි කතා කරන්නෙ අපේ ශෘංගාර වෙනස ගැන. ඒකට කියන්නෙ අපේ ඉරොටික් බ්ලූ ප්‍රින්ට් එක කියල. ජයීයා-මා කියන සම්මානලාභී සෙක්සොලොජිස්ට් තමයි එයාගෙ පර්යේෂණ හරහා මේ ශෘංගාර වෙනස්කම සළකුනු කරන්නෙ. අපේ ශෘංගාර මුද්‍රාව අපි දැනගත්තොත් අපිට පුළුවන් වඩාත් ගැලපෙන සම්බන්ධතා හොයාගන්න. ඒ වගේම ඒ සම්බන්ධතාවල ගැඹුරු ආස්වාදයක් ලබන්න. මේ ශෘංගාර මුද්‍රා නැත්තං ඉරොටික් බ්ලූප්‍රින්ට් පහක් තියෙනවා.

    1. එනර්ජටික්.

    මේ ශෘංගාර කලාපයේ අය අවදි වෙන්නෙ ශක්තීන්ගේ හුවමාරුවෙන්. බලාසිටීමෙන්, යාන්තම් ස්පර්ශයකින් ඒ වගේම ප්‍රසන්ස් එකෙන්. ඒ කියන්නෙ පවතින බව දැනීමෙන්. යෝග, තන්ත්‍ර භාවනා හරහා ශෘංගාරය ලබන්න නැඹුරු වෙන්නෙ මේ ශක්ති ශෘංගාරිකයන්. ඒ අයට ස්පර්ශයට වඩා දේවල් දැනෙන්නයි උවමනා වෙන්නෙ. කාව්‍යාත්මක ප්‍රේමයන් අයිති වෙන්නෙත් මේ කලාපයට.

    මේ අයට පුළුවන් ස්පර්ශයකුදු නොලබාම වුනත් සුරතාන්තයට පත්වෙන්න. ඒ වගේම ශෘංගාරයේදී වෙනත් මානසික කලාපයන් ස්පර්ශ කරන්න. ගැඹුරු සම්බන්ධයක් සහ සමීපත්වයක් මේ අයට දැනෙනවා.

    නරක තියෙන්නෙ ඒ නිසා මේ අය හිතනවා අනිත් ශෘංගාරයන්ට වඩා තමන්ගේ එක වඩා උසස් කියල. අනෙක් ශෘංගාරයන් නොගැඹුරුයි කියල. ඒ වගේම අනෙකා පූර්ණව ඒ මොහොතේ තමන් හා පවතිනවා කියල දැනෙන්නෙ නැත්නම් මේ අයගේ ආශා දොරටු එසැණින් වැසී යනවා. අනුරාගී ස්පර්ශ කිරීම්වලදි එහෙම වෙව්ලන්න උණගන්න පවා ඉඩ තියෙනවා.

    2. සෙන්ෂුවල්

    ඉන්ද්‍රියමය ශෘංගාරය කියන්නෙ දැකීමෙන්, ඇසීමෙන්, විඳීමෙන් ආස්වාදය ලබන ශෘංගාරයට. මේ ශෘංගාර මුද්‍රාවෙ අය සුන්දර දර්ශන දැකීමෙන්, මියුරු සංගීතය ඇසීමෙන්, රස දේ කෑමෙන්, නර්තනයෙන්, සම්බාහනයෙන් උපරිම තෘප්තියට ළඟා වෙනවා. මේ අයට සුඛෝපභෝගීත්වය, දිව්‍යමය බව ඉන්ද්‍රියයන් හරහා දැනෙන්න ඕන.

    ඉන්ද්‍රිය ශෘංගාරිකයන්ගේ සුරතාන්තය පූර්ණ ශරීරමය එකක්. ඒ අයට පුළුවන් සුන්දර ඉර බහින දර්ශනයකින් වුනත් උත්තේජනය ලබන්න. රසවත් කෑමකින්, කැමති සංගීතයකින් ඒ අය පිබිදෙනවා. පූර්ණ ඉන්ද්‍රිය තෘප්තියක් වෙනුවෙන් ඒ අය කැපවෙනවා.

    මේ ශෘංගාරිකයන්ට ආස්වාදය ලබන්න පූර්ණ විවේකයක් අවශ්‍ය වෙනවා. සිතෙන් ගතෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න උවමනා කරනවා. පරිසරය අවුල් නම්, ඔලුවෙ මොකක් හරි ප්‍රශ්නයක් නම් තෘප්තිය ලබන්න බැරි වෙනවා. ඒ වගේම උවමනාවටත් වඩා දේවල් සැලකිලිමත් වෙන්න යන නිසා ගොඩක් ශෘංගාරයන් බාධා වෙනවා.

    3. සෙක්ෂුවල්

    ලිංගිකමය ශෘංගාරිකයන් උත්තේජනය වෙන්නෙ නිරුවත් ශරීර දැකීමෙන්මයි. ලිංගික අවයව ස්පර්ශ කිරීමෙන්, සංසර්ගයේ යෙදීමෙන්, පෝර්න් බැලීමෙන් වගේ දේවල් වලින්. මේ අය ඉතා බහුලව ලිංගික ක්‍රියාවල යෙදෙනවා.

    බොහෝ විට ලිංගික ශෘංගාරිකයන් සැහැල්ලුයි. විනෝදයි. ඒ අය සමග ලිංගිකව එක්වීම පහසුවක් වගේම නිදහසක්. ලිංගික දේ ගැන ලැජ්ජාවෙන් සහ විනිශ්චයෙන් තොරයි. සෙක්ස් කියන්නෙ මේ අයට ෆන් එකක්. හැමෝම හැම වෙලාවකම කළ යුතු හරිම විනෝද වැඩක්. ඒකෙ ලොකු ගැඹුරකුත් නෑ, කිසිම නරකකුත් නෑ.

    මේ හින්දම ලිංගික ශෘංගාරිකයන්ට සෙක්ස් ගැන දැනෙන පරාසය පටු වෙන්න පුළුවන්. ලිංගික සංසර්ගයක් නැත්තං සෙක්ස් නෙමෙයි කියල ඒ අය හිතන්න පුළුවන්. කවි ලියමින්, නටමින් ශෘංගාරයට කාලය ගත කිරීම මේ අයට විහිලුවක් වගේ. ඇයි කෙලින්ම අවශ්‍ය දේට යන්න බැරි? ඒ අය කැමති වටේ නොයන කෙලින් අයට. සුරතාන්තය ලැබීම තමයි ලිංගික ශෘංගාරිකයන්ගේ එකම අරමුණ වෙන්නෙ. ඒ නිසා ශෘංගාර සම්බන්ධතා ගොඩනැගීම පැත්තෙන් දුර්වල වෙන්න පුළුවන්.

    4. කින්කි

    කින්කි කියන එකට ගැලපෙන සිංහල වචනයක් හොයාගන්න බැරි නිසා ඉංග්‍රීසි වචනෙම පාවිච්චි කරමු. මේ අය උත්තේජනය වෙන්නෙ අසම්මත දේවලින්. නෝටි වැඩවලින්. තහනම් ස්පර්ශයන්ගෙන්. කින්කි ශෘංගාරිකයන්ට සෙක්ස් කියන්නෙ නිර්මාණශීලී රඟ මඩලක්. ඒ අය විවිධ පර්යේෂණ අත්හදා බැලීම් කරනවා.

    කින්කි කියන්නෙ ඉතාම ක්‍රියේටිව් ඉරොටික් ප්‍රින්ට් එකක්. නිවැරදිව කින්කි ශෘංගාරයේ යෙදෙන අයට ඉතාම ගැඹුරින් තමන්ගේ මනස සුවපත් කරගැනීමටත් වෙනත් සමාජ මානසික පරිවර්තනයන් ලබන්නත් හැකියාව තියෙනවා. ඒක ආර්ට් තෙරපි එකක්.

    මේ ශෘංගාරයේ මූලයන් ගැඹුරු නිසාම බොහෝ දෙනෙක් වරදවා තේරුම් ගන්නත් බියපත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම සන්නිවේදනයෙදි ඉතා දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. බොහෝ විට තමන්ගේ පෙම්වතුන් සමග හෝ තමන්ගේ ශෘංගාරය ගැන විවෘතව කතාබහ නොකොට කින්කි ශෘංගාරිකයන් ඉතාම දුක්බර සිරගත ජීවිත ගත කරනවා.

    5. ශේප් ෂිෆ්ටර්

    වේශ ශෘංගාර මුද්‍රාව කියන්නෙ කලින් කියපු ඕනෑම මුද්‍රාවක් බවට පරිවර්තනය වීමේ හැකියාව තියෙන අයට. මේ අය ලබන ආස්වාදය උපරිමයි. ඒ වගේම අලුත් අමුතු ශෘංගාර අත්දැකීම් හඹායන්න පෙළඹෙනවා. ඒ වගේම ඒවා ගැන කැමැත්ත මොහොතින් මොහොත වෙනස් වෙනවා.

    මේ අය ශෘංගාරය රසවිඳීම අතින් ඉතාම උසස්. එක එක විදි වලින් සුරතාන්තයන් අත්විඳින්න හැකියාව තියෙනවා. ඕනෑම ශෘංගාර මුද්‍රාවක කෙනෙක් එක්ක ඒ මුද්‍රාවට සමවැදීමෙන් ආස්වාදය ලබනවා. වේශ ශෘංගාරිකයන් දන්නවා අනිත් හැම කලාපයකම අය විඳින රසය ගැන.

    නරකකට තියෙන්නෙ මේකම සංකීර්ණ තත්වයක් ගන්න එක. නිතර තමන්ගේ පෙම්වතියගේ ශෘංගාර මුද්‍රාව බවට පරිවර්තනය වීමෙන් තමන් තුල අතෘප්තියක් ඉතුරු වෙන්න පුළුවන්. ඒ වගේම මේ ආශා ස්වරූපයන් පරිවර්තනය වීම ඒ අයටත් ඒ අය සමග සම්බන්ධතා පවත්වන අයටත් පැටලිලිසහගත වෙන්න පුළුවන්.

    ඉතින් අපි අනෙකාගේ ශෘංගාර ස්වරූපය ප්‍රශ්න කරන්න හෝ එයින් අවුල් වෙන්න උවමනා නෑ. අපේ ශෘංගාර කලාපය නිවැරදිව අවබෝධයෙන් හඳුනාගැනීමයි වැදගත් වෙන්නෙ. ඒකට ඉවසිල්ලෙන් අපේ ආශාව අනුරාගය දිහා බලාගෙන ඉන්න ඕන. ඒ වගේම සම්බන්ධතාවයකදි අනෙකාගේ ආශාවේ අනුරාගයේ ස්වරූපය තේරුම් ගැනීම සවිඥානක වෙන්නත් ඕන.

  • කාම සූත්‍ර – පස්වන කොටස

    කාම සූත්‍ර – පස්වන කොටස

    සූසැට ශිල්පය

    කාම සූත්‍රය සමග පහත කලාවන් හැදෑරිය යුතුය.

    1. ගායනය
    2. වාදනය
    3. නර්තනය
    4. නර්තන ගායන සහ වාදන සංකලනය
    5. ලේඛනය සහ චිත්‍ර ඇඳීම
    6. ටැටූ
    7. සහලින් සහ මල්වලින් සැරසිලි කිරීම
    8. මල් වැවීම
    9. දත්, ඇඳුම්, කෙස්, නිය, ශරීරය වර්ණ ගැන්වීම
    10. වර්ණ ගැන්වූ වීදුරු පොලොවට ඇල්ලීම
    11. ඇඳක් සකස් කිරීම, කළාලයක් එලීම, ආසන සැකසීම.
    12. ජලය පිරවූ වීදුරු වාදනයේ හැකියාව
    13. පොකුණු කලාව
    14. රූප රාමු සැකසීමේ කලාව
    15. මාල, වළලු සැකසීම.
    16. හිස් පළඳනා සැකසීම.
    17. නාට්‍යකරණය
    18. කරාබු සැකසීම
    19. සුවඳ ගැල්වීමේ කලාව

    1. මැණික්, විසිතුරු දේවල් ඇඳුමකට නිසිලෙස ඇමිනීමේ කලාව
    2. මැජික් හෝ මන්ත්‍ර
    3. අතපය වැඩෙහි සුරුබව
    4. ඉවුම්පිහුම් කලාව
    5. විවිධ පානයන් සකස් කිරීමේ කලාව
    6. මැහුම් කලාව
    7. නූල් සහ රෙදිවලින් විවිධ විසිතුරු දේ තැනීම.
    8. ප්‍රහේලිකා විසඳීම.
    9. ගීතයෙන් ගීතය ආකාරයේ ක්‍රීඩා. කෙනෙක් නවතන තැනින් අනෙකා ආරම්භ කළ යුතු.
    10. අනුකරණයේ කලාව
    11. කියවීම. මන්ත්‍ර කීම
    12. අසීරු වාක්‍ය උච්චාරණ කලාව. මෙය ක්‍රීඩාවක් වශයෙන් පුහුණු කළ යුතුය.
    13. කඩුව, දුන්න -ඊතලය සහ රිටි පුහුණුව.
    14. තාර්කිකභාවය
    15. වඩුවැඩ
    16. ගෘහනිර්මාණකරන ශිල්පය
    17. රන් රිදී කාසි ගැන සහ මැණික් ගැන දැනුම.
    18. රසායනය සහ ඛනිජ ගැන දැනුම
    19. පබළු සහ මැණික් වර්ණගැන්වීම
    20. පතල්, කොරි පිළිබඳ දැනුම
    21. ගෙවතු වගාව

    41. කකුලන් එළුවන් පොරට යෙදීම
    42. ගිරවුන්ට කතා කරවීම
    43. සිරුරේ සුවඳ ගැල්වීම
    44. රහස් භාෂා කියවීමේ දැනුම
    45. අකුරු වචන මාරු කරමින් කතා කිරීමේ කලාව
    46. ප්‍රාදේශීය වහර ගැන දැනුම
    47. මල් බඳුන් සැකසීමේ කලාව
    48. ගුප්ත මණ්ඩල ආදී දේ සැකසීමේ කලාව
    49. මානසික අභ්‍යාස. අඩු වචන වාක්‍ය පිරවීම, උඩ යට මාරු කර ඇති ඡේදයන්ගේ අර්ථ වටහාගැනීම ආදිය.
    50. කාව්‍යකරණය
    51. වාග්කෝෂය පොහොසත් වීම.
    52. වේශ නිරූපණය
    53. කලා අධ්‍යක්‍ෂණය
    54. සූදු කෙළිය
    55. මන්ත්‍ර ආදියෙන් අන්සතු දේ අයිති කරගන්නා ක්‍රම
    56. තරුණ ක්‍රීඩා හැකියාව
    57. සමාජ චාරිත්‍ර ගැන දැනුම පුහුණුව
    58. යුද්ධය පිළිබඳ දැනුම
    59. ජිම්නාස්ටික්
    60. දේහ ලක්ෂණ විද්‍යාව
    62. ගණිත සමීකරණ
    63. කෘතිම මල් සැකසීම
    64. මැටි භාණ්ඩ ඇඹීම

    ඉතා හොඳ පිළිවෙලක් සහිත, සුන්දර මෙන්ම අනෙක් උසස් ගති ලක්ෂණවලින් යුත්, ඉහත කලාවන්ගේ නිපුණ, ප්‍රසිද්ධ ගැහැණුන්ට ගණිකා යන උසස් නාමය ලබා දෙන ලදී. ඔවුන්ට පිරිමින් හා සමව සභාවන්ගේ අසුන් පැනවිනි. ඇය රජුගේ ප්‍රසාදයටත් බුද්ධිමතුන්ගේ වර්ණනාවටත් ලක්විය. සියල්ලන් විසින් ඇගේ ඇසුර ඉල්ලා සිටින හෙයින් විශ්වීය ආකර්ශනයක් ඇති වස්තුවක් විය. රාජ කුමාරියක් වුවද , ආමත්‍ය දියණියක් වුවද මෙකී ශිල්ප උගත්තේ නම් ඔවුන්ගේ ස්වාමියන්ට වඩා ප්‍රිය වන්නේය. තව දහසක් කාන්තාවන් ඔවුන්ට සිටියද ඒ අයව නොපෙනී යන්නේය. එමෙන්ම සැමියාගෙන් වෙන්ව තනිවන කාන්තාවකට වුවද වෙනත් දේශයකදී වුවද මෙකී ශිල්පයන්ගෙන් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගත හැකි වන්නේය. ඒ ගැන දැනීමම වුවද කාන්තාවක් වඩාත් ආකර්ශනීය කරන්නේය. මේවා පුහුණුවේ යෙදවීමට නම් ඒ උචිත අවස්ථා උදාවිය යුතුය. මෙම කලාවන් ප්‍රගුණ කළ, වාග් කෞෂල්‍යයෙන් සහ කාන්තාවන්ට ගරු කිරීමේ පිළිවෙත්වලින් හෙබි පිරිමින් කාන්තාවන්ගේ හදවත පැහැර ගන්නේය. ඔවුන් සමග ඔහු ගත කරන්නේ ඉතා කෙටි කාලයක් වුවද ඔවුන් සතුටින් ඔහුව පිළිගන්නේය.

  • පියුමිව අල්ලන්න ආසද?

    පියුමිව අල්ලන්න ආසද?

    පහුගිය දවසක කොරොනා මැද චන්දිමාල්ගෙ අර මහා බර්ත්ඩේ පාටිය ටිකක් පොඩියට සමරපු සිද්ධියක් එලියට ආවා. ඒ ගැන චන්දිමාල් එක්ක පියුමි හංසමාලිව අත්අඩංගුවට අරන් රුපියල් මිලියනයක් වගේ ගානක ඇප මත මුදාහැරියා කියල ප්‍රවෘත්ති පලවුනා. ඔන්න ඊට පස්සෙ ෆේස්බුක් එකේ පියුමි අල්ලන රැල්ලක් හැදුනා. පියුමිව නිදහස් කරපු එක කොරොනා මැද්දෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ වුනා. කොහොමද මේක වුනේ?

    මුලින්ම කියන්න ඕන නිරෝධායන නීති කැඩුවා කියල මිනිස්සු හිරේ දානවට මං විරුද්ධයි. දඩයක් වගේ දේකින් ඒක ඉවර වෙන්න ඕන. සම්පූර්ණයෙන්ම අසාර්ථක රජයක් යටතේ මිනිස්සුන්ට කන්න වෙලා තියෙන පරිප්පුවට ආයිමත් උන්වම වැරදිකාරයො කරන එක රටක යුක්තියක් නෙමෙයි. ලොක්ඩවුන් කියන්නෙ හැම මිනිහෙකුටම සනීපෙන් ගෙදර ඉන්න පුළුවන් තත්වයක් නෙමෙයි.

    ඉතින් මං නිරෝධායන නීති කැඩුවයි කියල මිනිස්සුන්ව කරන හැම බලහත්කාරයකටම විරුද්ධයි. පියුමි හිරේ දැම්මා නං ඊටත් වඩා විරුද්ධයි.

    පියුමි හංසමාලි කියන්නෙ මං ලංකාවෙ ආදරේම කරන ගැහැණියක්. ලංකාවෙ ඉන්න එකම සරාගී නිළිය පියුමි. සුමනා ගෝමස්ට පස්සෙ අපේ රටට එහෙම ශෘංගාර ගැහැණියක් හිටියෙ නෑ. ඒක නිසා පියුමි යන පාටියක්, පියුමිගෙ අලුත් ෆොටෝ එකක් කියන්නෙ මාත් ඇතුලුව රටක්ම ආස්වාදය ලබන දේවල්. ඉතින් ඒ ශෘංගාරය නිර්මාණය කරන ගැහැණිය ගැන මට තියෙනවා ගෞරවයක්.

    මේ වරදට හරි නම් ඇඟිල්ල දික්වෙන්න කොතනටද? ඒ පාටිය තිබ්බා කියන හෝටලේට. මිනිස්සුන්ට වඩා ආයතන නීතිය රකින්න බැඳිලා ඉන්නවා. ඒත් කිසි පෝස්ට් එකක් ඒ ගැන මං දැක්කෙ නෑ. ඊට පස්සෙ එතන චන්දිමාලුත් ඉන්නවා. ඒත් චන්දිමාල් මාතෘකාවක් වෙන්නෙත් නෑ. පියුමි සහ පියුමිගේ තන් තමයි වැරැදිකාර වෙන්නෙ.

    ඇයි පියුමිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියල කියන්නෙ? පියුමිව පනිෂ් කරන්න ඕන හින්ද. ඒ පෝස්ට් හදන, චෝදනා කරන හැමෝම මටත් වඩා පියුමිට ආශාවෙන් මත්වුනු අය. හැබැයි ඒ ගොල්ලො සතුටු වෙන්නෙ තමන්ගේ ආශා වස්තුවට ප්‍රසිද්ධියේ අපහාස කරලා. මේක ඉරොතින් හියුමිලියේෂන් නෙමෙයි, පබ්ලික් හියුමිලියේෂන්. ඒ ආශා වස්තුව ප්‍රසිද්ධියේ නිරුවත් කරලා.

    අර ජේසුගෙ ප්‍රසිද්ද කතාවක් තියෙනවනෙ ගණිකාවකට ගල්ගැසීමක් ගැන. එතනදි ඒ ගැහැණිය එක්ක රමණය කළ උන්ම තමයි ගල් ගහන්න අත් උස්සන්නෙ. ඒක සදාචාරය කින්ක් එකක් විදිහට පාවිච්චි කරන අහිතකර කාම තෘප්තියක්.

    ඇයි ඒක අහිතකර? ඒකෙන් තව මනුස්සයෙකුගෙ ජීවිතයට බලපෑමක් සිද්ද වෙනවා. ඒක ගෞරවය ආදරය ඇතුලෙන් එන රාගයක් නෙමෙයි. යමක් ෆැන්ටසියක් ඇතුලට අරගෙන ඒක රසවිඳින්න දන්නෙ නැති ප්‍රාථමිත මිනිස් මනසක ඇතිවෙන සාපරාධී කාමුකත්වයක්. ඒවට අපි කියනවා අශිෂ්ට ආශාවන් කියල. ඒකෙන් කිසි දෙයක් ලස්සන වෙන්නෙ නෑ. බියුටි කියන වචනෙ ලස්සන කියන සිංහල වචනෙන් කැටි කරන්න අමාරුයි. බියුටි නැත්තං එතන ඉරොටික්ස් නෑ.

    ඒක නිසා පියුමි ගැන කතා කරන මේ සාපරාධී කාම රැල්ල හරියට තේරුම් ගන්න ඕන. ඒක එක පැත්තකින් කාව හරි වධයකට බන්ධනයකට ලක්කිරීමෙන් තෘප්තිමත් වෙන එකක්. අනෙක් පැත්තෙන් පියුමි කියන ශෘංගාර වස්තුව ප්‍රසිද්ධියේ කෙළෙසීමෙන් තෘප්තිමත් වෙන එකක්. මේ දෙකම නොමිනිස් කාණ්ඩයේ ආශාවන්.

    ඒක හින්ද පියුමිගේ පෝස්ට් එකක් දැක්කම පියුමිට වඩා බලන්න ඕන පෝස්ට් එක ෂෙයාර් කරපු කෙනා දිහා. ඔයාට එන්නෙ පබ්ලික් හියුමිලියේෂන් එකකට ආරාධනාවක්, ෂෙයාර් බොත්තම ඔබනවා කියන්නෙ ඔයා ඒ හිංසනයෙන් සතුටුවෙනවා කියන එක.

    ඉරොටික්ස් දන්න කෙනෙක් එහෙම කරන්නෙ නෑ.


    චින්තන ධර්මදාස

  • KINK ඔයා කින්කි ද?

    KINK ඔයා කින්කි ද?

    කින්ක් කියන එක වෙනම ඇහුවම නුහුරු වගේ දැණුනට අපි හැමෝගෙම කින්කි තැන් තියෙනවා. ඒවා කිසිම අමුත්තක් නැතුව සම්ප්‍රදාය එක්ක එකතුවෙලත් තියෙනවා. ඒ කියන්නෙ කින්කි දේවල් හැංගිලා තියෙනවා වගේම ප්‍රධාන ධාරවෙත් තියෙනවා. උදා විදිහට අම්මි තාත්ති කියල කතා කරන පෙම්වතුන් කොයිතරමක් ඉන්නවද? තමන් ලිංගිකව හැසිරෙන කෙනෙකුට අම්මි කියල කතා කරන එක කින්කි වැඩක්. ඒක අසම්මත පරිකල්පනයක්. අපේ සාම්ප්‍රදායිකම දෙයක් වෙන කන්‍යාභාවය ගැන ආශාව වුනත් කින්ක් එකක්. ස්වභාවික කියන ලේබලයට අනුව එහෙම කන්‍යා සිවියක් ගැන ආශාවකින් පසුවෙන්න විදිහක් නෑ. ඒක කොයිතරම් ප්‍රබල කින්ක් එකක්ද කිව්වොත් කන්‍යාවියන් බලාපොරොත්තුවෙන් බෝම්බ පුපුරගෙන මැරෙන්න පවා පිරිස් ඉන්නවා. ඒවා ආගම් විදිහට ප්‍රචලිත වෙනවා. මේ මෑතක මං දැක්කා පෝස්ට් එකක්. කකුල් දෙක අල්ලලා වඳින කෙල්ලෙක් ලබන්න පිං කරන්න ඕන කියල ඒකෙ තිබුන. තමන් එක්ක නිරුවතින් ලිංගිකව හැසිරෙන කෙල්ල තමන්ගේ කකුල් ළඟ වැටිලා වඳිනවා බලන්න තියෙන ආසාව කින්ක් එකකට වඩා දෙයක් නෙමෙයි. අපි නිතර අහන සිංදු ඇතුලෙත් කින්කිමය සංකල්ප තියෙනවා. එක ප්‍රසිද්ද සිංදුවක් තමයි ඔබේ දෙපා ළඟ දූවිල්ලක් වගේ දැවටෙන්න ආසයි කියන එක. මේ විදිහට ආදරය, පාරිශුද්ධත්වය වගේ කාරණා පිටිපස්සෙත් කින්කි ආශා පැටලිලා තියෙන්න පුළුවන්. හැබැයි අපි සාම්ප්‍රදායික විදිහට කින්කි කියල දකින්නෙ පොදුවෙ සම්මතය විසින් පිළිනොගන්නා දේවල්. ෆැන්ටසි.

    මොකක්ද කින්ක් කියන එකේ අදහස? කින්ක් කියල හඳුන්වන්නෙ ගතානුගතික නැත්නම් පැවත එන ආකාරයේ නොවන, වෙනස් ආකාරයේ ලිංගික රසයන්, පරිකල්පනයන් සහ චර්යාවන්. මේ අර්ථගැන්වීම ටිකක් ගැටලුකාරී එකක්. මොකද දරුවන් බිහිකිරීමට අදාල නොවෙන ඕනම දෙයක් මේ හඳුනාගැනීම අනුව කින්කි කියල දාන්න පුළුවන්. ලිස් පවෙල් කියන සෙක්ස් තෙරපිස්ට් පෙන්නලා දෙන විදිහට ඒක හින්ද මේ ලෝකෙ ඕනම දෙයක් කින්ක් වෙන්න පුළුවන්.

    කින්ක් සහ ෆෙටිෂ් කියන වචන දෙකම නිතර එක ළඟ යෙදෙනවා. ෆෙටිෂ් කියන්නෙ මොකක් හරි ශරීර අංගයක්, නැත්තං දෙයක්, උපකරණයක් නිසා ලිංගික උත්තේජනය ඇතිවෙන එකට. කින්ක් ෆැන්ටසියක් ඇතුලෙ ෆෙටිෂ් තියෙන්න පුළුවන්. අපිට හිතාගන්න බැරි දේවල් ගැන එක එක අයට ෆෙටිෂ් නිර්මාණය වෙන්න පුළුවන්. උදා විදිහට ජාතිය ආගම වගේ දේවල්වලින් පවා සමහර අයගෙ ෆෙටිෂ් හැදෙන්න ඉඩතියෙනවා. සිවුරක් විසින් කෙනෙකුට ලිංගික උත්තේජනයක් ඇති කරන්න පුළුවන්. ෆෙටිෂ් කියන එකට නම් සිංහලෙන් තියෙන නම ලස්සනයි. අර්චනකාමය. ඒත් කින්ක් කියන එකට නම් වචනයක් නෑ.

    එක එක පුද්ගලයා අනුව කින්කි ආශා වෙනස් වෙනවා. ඒක කොහෙත්ම පොදු තත්වයක් නෙමෙයි. එකම කින්ක් එකක වුනත් විවිධ පරිකල්පනයන් එක එක අය ළඟ තියෙනවා. මේ නිසා කින්ක් ලෝකය හරිම විචිත්‍ර එකක්. කොහෙත්ම බෝරිං එකක් නෙමෙයි. අන්‍යොන්‍ය කැමැත්ත ඇතුව කරන කිසිම කින්ක් එකක කිසිම වරදක් නෑ.
    ලෝකෙ ප්‍රසිද්ධ කින්ක් ෆැන්ටසි කීපයක් ගැන අපි කතා කරමු.

    1. වොයරිසම් Voyeurism

    මේක අපි හැමෝම හොඳටම දන්න දෙයක්. බීච් එකේ පාක් එකේ ලව් කරන්න ගියත් අපි දකින හිල්මරන්නො කියන්නෙ මේ වොයරිසම් වින්දනය ලබන අය. ඒ ගොල්ලො විතරක් නෙමෙයි පෝර්න් බලන, ෆිල්ම් බලන අපි ළඟත් වොයරිසම් උත්තේජනය තියෙනවා. මේකෙ අදහස තමයි වෙන කවුරු හරි ලිංගික ක්‍රියාවේ යෙදීම බලාගෙන ඉඳලා ඒකෙන් ආස්වාදයක් ලැබීම. මේ බැලීම කියන කාරණය ඊට වඩා දුර යන්නත් පුළුවන්. කවුරු හරි සෙක්ස් කරන සද්ද අහගෙන ඉන්න, ඒ අයගෙ ලිංගික අත්දැකීම් දැනගන්න තියෙන ආශාවත් වොයරිස්ටික් එකක්ම තමයි.

    2. Breath play

    මේ හුස්ම ක්‍රීඩාව වැටෙන්නෙ බීඩීඑස්එම් කැටගරියට. ඒ ගැන අපි ඊළඟට කතා කරනවා. මෙතනදි වෙන්නෙ කෙනෙකුගෙ හුස්ම හිරකරන අතරෙ ලිංගික ක්‍රියාවේ යෙදෙන එක. මේක ඉතාම අනතුරුදායක ආස්වාදයක්. අපි කවුරුත් දන්න ඩේවිඩ් කැරඩේන් මියයන්නෙත් මේ ක්‍රීඩාව වැරදීමකින් කියලයි කියන්නෙ. අපේ තෘප්තියේ සීමාව අනුව අනෙකාගෙ හුස්ම හිරවීම කොයිතරම් වෙයිද කියල නිශ්චිත නොවෙන්න පුළුවන්. ඒක නිසා ලිංගික උපදෙස් දෙන අය කියන්නෙ සංසර්ගය අතර තමන්ම හුස්ම හිරකරගැනීමෙන් මේ ආස්වාදය ලබන්න පුරුදු වෙන්න කියලයි. ඒත් ඉතින් මේක එහෙම කරලා ලබන්න පුළුවන් අත්දැකීමක් නෙමෙයි.

    3. BDSM

    ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ ෆිල්ම් එකත් එක්ක මේක ලෝකෙ පුරාම උන්මාදයක් විදිහට ජනප්‍රිය වුනු කින්ක් එකක්. මේකට අයිති වෙනවා ප්‍රධාන කාණ්ඩ කීපයක්.

    B සහ D – බොන්ඩේජ් සහ ඩිසිප්ලින්. ඒ කියන්නෙ බන්ධනය සහ ශික්ෂණය කියන එක. මාංචු, ලණුවලින් ගැටගැසීමෙන් සහ දඬුවම් කිරීමේ විවිධ ක්‍රමවලින් මේක ක්‍රියාවට නැගෙනවා.
    D සහ S – ඩොමිනේෂන් සහ සබ්මිෂන්. ඒ කියන්නෙ යටපත් කරගැනීම සහ යටත්වීම කියන එක.
    S සහ M – සේඩිසම් සහ මැසොකිසම්. ඒ කියන්නෙ පරපීඩකකාමය සහ ස්වපීඩකකාමය කියන එක.
    මෙතනදි වැදගත් කාරණයක් තමයි බීඩීඑස්එම් ක්‍රියාවල යෙදෙන්න අනිවාර්යෙන්ම ඒ අයගෙ කැමැත්ත අනුමැතිය තියෙන්න ඕන. මේක ආර්ට් එකක් විදිහට වේදනාව පුහුණු කිරීමේ සහ ඉන් ආස්වාදය ලැබීමේ සම්ප්‍රදායක්.

    4. රංග රතිය Scene play

    මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ සීන්-ප්ලේ කියල. ඒ කියන්නෙ කින්කි රංගනයක් පවතින කාලය. මෙතනදි චරිත ආදිය ඒ අය විසින්ම නිර්මාණය කරගන්නවා. අදාල ෆෙටිෂ් එකතු කරගන්නවා. සාමාන්‍ය කෙනෙකුට නිකංම හුකප් එකක් වගේ පේන දෙයක් කින්කි මනසක් තියෙන කෙනෙකුට සැලසුම් කළ රංගයක් වෙන්න පුළුවන්. ඒ අය පිටපතකට අනුව තමන්ගේ ගැඹුරු අඳුරු ආශාවන් තෘප්තිමත් කරන කවුළුවක් නිර්මාණය කරගන්නවා.

    5. ඩොමිනේෂන් සහ සබ්මිෂන් Domination Submission

    සෙක්ස්වලදි ඩොමිනේෂන් කියන්නෙ තමන්ගේ ආධිපත්‍යය පැතිරීම. වදහිංසා කිරීම. අපහාස අපවාද කිරීම වගේ දේවල්. මේවා කායික හෝ මානසික වෙන්න පුළුවන්. ඒ වගේම සබ්මිෂන් කියන්නෙ ඒවා ලබාගන්නා පාර්ශ්වය. පහර කෑමට, අපහාස විඳීමට කැමැත්තෙන් බඳුන්වෙන පැත්ත. මේක අනන්‍යතාවය මත හැදෙන නිශ්චිත පාර්ශ්ව දෙකක් නෙමෙයි. ක්‍රියාව අනුව එකිනෙකා මේ භූමිකා මාරු කරගන්න පුළුවන්.

    6. සේඩිසම්- මැසොකිසම් Sadism Masochism

    සේඩිසම් කියන්නෙ අනෙකාට කායික හෝ මානසික වේදනාවක් දීමෙන් ලිංගික ආස්වාදයක් ලබන එකට. මැසොකිසම් කියන්නෙ ඒ වේදනාව විඳීමෙන් ලිංගික ආස්වාදයක් ලැබීමට. මේක ඩොමිනේෂන් සබ්මිෂන් එක්ක සමානයි වගේ පෙනුනත් හැමතිස්සෙම ඩොම් කෙනෙක් සේඩිස්ට් කෙනෙක් වීම හෝ සබ් කෙනෙක් මැසොකිස්ට් කෙනෙක් වීම අනිවාර්යයක් නෙමෙයි.

    7. ස්වර්ණ ස්නානය Golden shower

    මේකට පිස්-ප්ලේ කියලත් කියනවා. ඒ කියන්නෙ මුත්‍රා සමඟ රති ක්‍රීඩාවේ යෙදීම. අනෙකාගේ මුත්‍රාවලින් තමන්ගේ මුහුණ ශරීරය නහවා ගැනීමෙන් ආස්වාදය ලැබීමක් මෙතනදි වෙනවා. මේ ආස්වාද කලාපයෙන් බැහැර කෙනෙකුට මේක එක්ස්ටී්‍රම් විදිහට පේන්න ඉඩ තිබුනත් මෙතන සිද්ද වෙන අත්‍යන්ත බෙදාගැනීමකුත් තියෙනවා. සමාජ සම්මතය ඇතුලෙ පහත් කිළිටි ලෙස බැහැර කරන කිසිවක් අප්‍රිය නොකර උත්කර්ෂයෙන් බාරගැනීම ඇතුලෙ එකිනෙකා විඳින ශෘංගාරයක් මේ සම්බන්ධතාවය ඇතුලෙ තියෙනවා.

    8. ආන්තික ක්‍රීඩා Edge play

    මේකට කියන්නෙ එජ්ප්ලේ කියල. ගොඩක් වෙලාවට දරුණු කායික වේදනා ආදිය සමග කරන ශෘංගාර ක්‍රීඩා මේ ගනයට වැටෙනවා. පිහි, ඉඳිකටු පාවිච්චි කරමින් තරමක් දරාගත නොහැකි වේදනාවන් සමග ආස්වාදය ලබන වර්ගයේ කින්ක් මේ කොටසට අයිතිවෙනවා. ඒ වගේම ඉතාමත් අපහාසාත්මකයි අපචාරීයි වගේ බාහිරින් දකින චර්යාවනුත් මෙතනට අයිතියි. උදා විදිහට ස්වර්ණ ස්නානය වගේ දෙයක් වුනත් කෙනෙකුට එජ්ප්ලේ එකක් විදිහට දකින්න පුළුවන්.

    9. RACK

    මේ අකුරු හතරෙන් කියන්නෙ රිස්ක් අවෙයාර්නස් කන්සෙන්ෂුවල් කින්ක් කියන එක. ඒ කියන්නෙ කින්ක් එකක් කරන්න කලින් ඒ සම්බන්ධ හැමෝටම මුහුනදීමට සිද්ද වෙන අවදානම් ගැන හොඳ දැනුවත්භාවයකින් කින්ක් එක කරනවා කියන එකයි. මෙතනදි තමන් ගැන වගේම අනෙකා ගැනත් සිතීම වැදගත් වෙනවා. කින්ක් චර්යාවන්ගේ යෙදෙන අය මේක ආචාර ධර්මයක් වශයෙන් ආරක්ෂා කරනවා.

    10. අපවාද ශෘංගාරය- Erotic Humiliation

    කුණුහරුප, පහත් වචන පාවිච්චි කරමින් අනෙකාට අපහාස කිරීමත් ඒ අපහාස විඳීමත් මේ කින්ක් එකට අයිතියි. ඒ වගේම වෙන අය එක්ක සෙක්ස් කරන මෙන් බලකිරීම වගේ දේවලුත් ඉරොටික් හියුමිලියේෂන්වලම කොටසක් වෙන්න පුළුවන්. මෙතනදි අපවාද කරන්නා වගේම අපවාද විඳින්නාත් ඒකෙන් ආස්වාදයක් ලැබීම වැදගත්.

    11. කකෝල්ඩින්ග් Cuckolding

    මේක ගැන අපි කලින් ලිපියක වෙනම කතා කරලත් තියෙනවා. කකෝල්ඩින්ග් කියන්නෙත් ඉරොටික් හියුමිලියේෂන්වලටම අදාල කොටසක්. මුලදි මේ වචනෙ පාවිච්චි කළේ තමන්ගේ පෙම්වතිය හෝ බිරිඳ වෙන කෙනෙක් සමඟ යහන්ගත වෙන ආකාරය බලමින් සතුටුවෙන පිරිමින්ට. මේ පිරිමියාට කියනවා ‘කක්’ කියල. සහකාරිය හෝ පෙම්වතිය කකෝල්ඩ්‍රස් කියන නමිනුත් තෙවන පාර්ශ්වය ‘බුල්’ කියන නමිනුත් හඳුන්වනවා. ඒත් අද වෙද්දි මේක විෂම ලිංගික සම්බන්ධතාවලට සීමාවුනු දෙයක් නෙමෙයි. ලිංගභේදයක් නැතුව ඕනම කෙනෙකුට කකෝල්ඩින්ග් කරන්න පුළුවන්.

    මෙතනදි අනෙක් පිරිමියා ‘බුල්’ සමග සංවාසයේ යෙදීමට අමතරව තමන්ගේ සහකරුවාගේ ශිෂ්නයේ ප්‍රමාණය ආදිය ගැන අපහාස කිරීමත් මේ ශෘංගාරයේ කොටසක්. ‘කක්’ එකම කාමරයේ සිටීම හෝ වෙනත් තැනක තමන්ගේ සහකාරිය තව කෙනෙක් හා යහන්ගත වන බව දැනසිටීම, නොඑසේ ඒ බව දුරකථනයකින් හෝ දැන්වීම මගින් මේ ශෘංගාරය ක්‍රියාවට නැගෙන්න පුළුවන්.

    12. CBT

    සාමාන්‍යයෙන් සීබීටී කිව්වම එකපාර මතක් වෙන්නෙ කොග්නිටිව් බිහේවියරල් තෙරපි කියන එක. ඒ කියන්නෙ හැඟීම්මය ආවේගයන් පාලනය කරගන්න දැනුවත්ව ඇති කරන චර්යාත්මක වෙනස්කම්වලට. ඒත් මෙතන කතා කරන්නෙ වෙන දෙයක් ගැන. කින්ක් වලදි සීබීටී කියන්නෙ කොක් ඇන්ඩ් බෝල් ටෝචර් කියන එක. මං හිතන්නෙ වචනෙන්ම අදහස තේරෙනවා. පිරිමියාගේ කැමැත්ත පරිදි එයාගෙ ශිෂ්නය සහ වෘෂන වේදනාවට ලක්කිරීමෙන් ආස්වාදයක් ලැබීම/ලබාදීම මේකට අයිති වෙනවා. සමහර විට වෘෂනවලට පහරදෙන්න, මිරිකන්න, පාගන්න ආදිය කරන්න පුළුවන්.

    13. ෆුට් ෆෙටිෂ් Foot fetish

    මේක නම් ඉතාම සාමාන්‍ය ෆෙටිෂ් එකක්. දැන හෝ නොදැන ගොඩක් අය රසවිඳින දෙයක්. ගැහැණියකගේ පාද පිළිබඳ ශෘංගාරය තමයි මේකට අයිති වෙන්නෙ. ඇගේ පාද ශුද්ධ වූ වස්තු ලෙසින් වන්දනාමාන කරනවා. ඒවා සිඹින්න, ඒවාට පෑගෙන්න ආශාවෙන් බලාඉන්නවා. ඒ පාද සුන්දර කරන හීල්ස්, ආලේපන ආදිය ෆුට් ෆෙටිෂ් තවත් මනෝරම්‍ය කරනවා. ගොඩක් වෙලාවට කෙල්ලන්ගෙ ෆේස්බුක් ඉන්බොක්ස් ෆුට් ෆෙටිෂ්කාමීන්ගේ ඇරයුම්වලින් පිරිලා යනවා.

    14. ඉම්පැක්ට් ප්ලේ Impact play

    තදින් පහරදීම් කරන ශෘංගාර ක්‍රීඩාවන් අයිති වෙන්නෙ ඉම්පැක්ට් ප්ලේ කියන වර්ගයට. ස්පෑන්ක් කිරීම නැත්නම් තට්ටම්වලට තදින් අතුල් පහරවල් දීම, කසය පාවිච්චි කිරීම ආදිය මෙතනදි ප්‍රධානයි. මේ වර්ගයේ කින්ක් වලදි සේෆ්වර්ඩ් එකක් පාවිච්චි කරනවා. පහර ලබන අයට වේදනාව දරන්න අමාරු නම් ඒ මුරපදය කීමෙන් රංගය අවසන් වෙනවා. මොකද මේක රති ක්‍රීඩාවක් මිස වධ හිංසනයක් නොවෙන හින්ද.

    15. 24/7

    මේක නම් පිස්සුවක්. මෙතනදි වෙන්නෙ කින්ක් එකක නිර්මාණය කරන බල හුවමාරුව හෝ චරිත පැය 24 පුරාම පවත්වාගෙන යන එකයි. ඔෆිස් වැඩ, අනිත් වැඩ අතරෙදිත් කින්ක් එක දිගටම පවතිනවා. ඒකට අවනත වෙන්න සිද්ද වෙනවා. නිශ්චිතව අවසන් කරන තෙක්ම දවස් ගානක් වුනත් මේ ශෘංගාරය පවත්වාගෙන යන්න පුළුවන්.

    16. වයස් ක්‍රීඩාව Age play

    ඒජ්-ප්ලේ කියන්නෙ ටිකක් අමතු චරිත හුවමාරුවක්. කෙනෙක් වයස්ගත විදිහටත් අනෙකා ළාබාල විදිහටත් චරිත ආරෝපණය කරගනිමින් ආස්වාදයක් ලබනවා. උදා විදිහට තාත්තා සහ දුව අතර හෝ අම්මා සහ පුතා අතර ආකාරයේ, සම්මතයෙන් අපචාරී විදිහට හඳුන්වන ලිංගික සම්බන්ධතා ෆැන්ටසි විදිහට මෙතනදි ක්‍රියාත්මක වෙන්න පුළුවන්.

    17. රැහැන් බැඳුම් Rope Bondage

    කඹයකින් තදින් ගැටගැසීමෙන් ආස්වාදය ලැබීමේ සහ ලබාදීමේ ක්‍රමයක් මේක. කෙනෙක් අනෙකාගේ අත් තදින් ගැටගැහනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තං ෂිබාරි කියන ජපන් කලාව අනුව ශරීරයම කඹයකින් වෙළමින් නොයෙක් ආකාරයෙන් එල්ලා තබමින් ලබාදෙන තියුණු ආස්වාදයක් වෙන්නත් පුළුවන්.

    18. ෆිස්ටින්ග් Fisting

    මේක තරමක් දරුණු ආකාරයේ සෙල්ලමක්. කෙනෙකුගේ අතක ඉදිරි කොටස සම්පූර්ණයෙන් යෝනියට හෝ ගුද මාර්ගයට ඇතුල් කිරීමෙන් ලබන ආස්වාදයක්. ඉතාම හොඳ පුහුණුවක් සහ විශාල ලූබ් ප්‍රමාණයක් පාවිච්චි කරන්න ඕන වැඩක්.

    19. සුරතාන්ත පාලනය Orgasm Control

    ඕගස්ම් කොන්ට්‍රෝල් කියන එකෙන් අදහස් කරන්නෙ අනෙකාගේ සුරතාන්තය ලැබීමේ අයිතිය උදුරා ගැනීමක්. ඒ කියන්නෙ සුරතාන්තය ලබන ආසන්නයටම ගෙනත් නැවත අත්හැර දැමීමේ රති ක්‍රීඩාවක්. මෙහෙම කරන එකට එජින්ග් කියල කියනවා. තමන්ට අවශ්‍ය වෙලාවට තමන්ට අවශ්‍ය පරිදි සුරතාන්තය ලබාදීමේ ආධිතපත්‍යය තමයි මෙතනදි ශෘංගාර නිමිත්ත වෙන්නෙ. අනෙකා සුරතාන්තය ඉල්ලා ආයාචනා කරමින් මේ පීඩාවේ ශෘංගාරය විඳිනවා.

    මේක කින්ක් එකක් නෙමෙයි. නමුත් කින්ක්වලදි වැදගත්ම දෙයක්. හැම ක්‍රියාවකටම පස්සෙ අනෙකා එය විඳිනවද, ඉන් යම් අපහසුතාවයක් ඇතිවෙනවද වගේ කාරණා විමසා දැනගන්න එක වැදගත්. ඒක කින්ක් සම්බන්ධයකදි අනිත් කෙනා ගැන දක්වන ආදරය සැලකිල්ල ගැන කාරණයක්. සමාජ සම්මතයෙන් බැහැර මේ විචිත්‍ර ආශා ලෝකයේ තමන් සමග එන ගමන් සගයාට ගෞරව දැක්වීමක්. ඒ වගේම කින්ක් ඇක්ට් එකකට පස්සෙ ඒ ගැන කතාබහ කරමින් ආශා කරන නොකරන දේවල් ගැන වටහා ගැනීමක් ඇති කරගන්න එකත් වැදගත්.

    ඉතිං කින්ක් විශ්වයේ කෙන්දක් තරමෙ සංචාරයක් අපිට ඔය විදිහට සලකුණු කරන්න පුළුවන්. ඒත් මේ කිසිම දේකින් කින්ක් කියන්නෙ මේකටයි කියල සීමා පැනවෙන්නෙ නෑ. ඒක අතිශයින්ම පුද්ගලික දෙයක්. තමන් කැමති අසම්මත ආශාවන්, කාටවත් හානියක් නොවන පරිදි, අන්‍යොන්‍යව තෘප්තිමත් කිරීමේ සහ තෘප්තිය බෙදාගැනීමේ කින්කි සම්බන්ධයක් කියන්නෙ,
    ඕනම කෙනෙකුට ලොකු ආස්වාදයක්.

  • වෙසක් පොහොය නිමිත්තෙන් – තන්ත්‍ර

    වෙසක් පොහොය නිමිත්තෙන් – තන්ත්‍ර

    තන්ත්‍ර කියන වචනෙ ඇහුන ගමන් අපිට මතක් වෙන්නෙ සෙක්ස්. තන්ත්‍ර සම්ප්‍රදායෙ විශාල පරාසයම එක තැනකට කොටු කරලා අර්ථයෙන් පටුකරලා තියෙනවා. මේක සිද්ද වෙන්නෙ 1900 විතර පියරෙ බර්නාඩ් විසින් බටහිර පටන්ගන්න නියොතන්ත්‍ර ව්‍යාපාරයත් එක්ක. ඒකෙන් බටහිරට තන්ත්‍ර හොඳටම ව්‍යාප්ත වෙනවා. ඒත් අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

    එතකොට තන්ත්‍රවල සෙක්ස් නැද්ද? තන්ත්‍රවල සෙක්ස් තියෙනවා, අනිත් හැම ක්‍රියාවක්ම විදිහට. සෙක්ස් ප්‍රමුඛ කිරීමක් තන්ත්‍රවල නෑ. විශේෂයෙන්ම සෙක්ස් කියන්නෙ මාර්ගයක් විදිහට ගන්නවා මිස සෙක්ස් කියන්නෙ අවසානයක් විදිහට සලකන්නෙ නෑ. පියරෙ බර්නාර්ඩ් තන්ත්‍ර නමින් කරගෙන ගියේ සෙක්ස් ව්‍යාපෘතියක් විතරයි.

    තන්ත්‍ර කියන වචනෙ තේරුම වෙන්නෙම තාක්‍ෂණය කියන එක. පුහුණුව කියන එක. අනිත් හැම දර්ශනයකටම වඩා වෙනස් විදිහට තන්ත්‍ර දාර්ශනිකත්වයෙන් බැහැර වෙනවා. තර්කයෙන් බැහැර වෙනවා. ඒ වෙනුවට පුහුණුවක් ජීවිත ක්‍රමයක් යෝජනා කරනවා.

    තන්ත්‍ර කියන එක ඉසොටරික් පුහුණුවක්. ඒ කියන්නෙ පොඩි පිරිසක් අතර රහසින් පවත්වාගෙන ගිය සම්ප්‍රදායක්. ඒක බහුතරයට ගැලපෙන පුහුණුවක් නෙමෙයි.

    තන්ත්‍ර එක පැත්තකින් හින්දු සම්ප්‍රදායට වගේම තව පැත්තකින් බෞද්ධ සම්ප්‍රදායට සම්බන්ධ වෙනවා. ඒත් තන්ත්‍ර ඇතිවෙන්නෙ බුදුන්ට වඩා බොහොම කලින්. වේදාන්තවල ඉඳන්ම තන්ත්‍ර ඉගැන්වීම් වල කොටස් එනවා.

    තන්ත්‍රවල බිහිවීම සිදුවුනා කියන්නෙ ආදියෝගී විදිහට සලකන ශිවාගෙන්. ශිවා විසින් පාර්වතී ලබාදෙන පුහුණුව තමයි තන්ත්‍රවල උපත වෙන්නෙ. පාර්වතී ඇවිත් ශිවාගෙන් විවිධ ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න කිසි එකකට ශිවා උත්තර දෙන්නෙ නෑ. එයා ආදරයෙන් ඒ හැම ප්‍රශ්නයකටම උත්තරය හොයාගන්න පුහුණුවක් දෙනවා. මේ පුහුණු 212ක් එකතු වෙලා විඥාන භෛරව තන්ත්‍ර නිර්මාණය වෙනවා.

    තන්ත්‍ර කියන්නෙම විවිධ සම්ප්‍රදායන්ගෙන් පෝෂනය වුනු එකක්. ඒක තනි ගොඩනැංවීමක් නෙමෙයි. මේ නිසාම අදටත් හින්දු, වජ්‍රයාන සහ සෙන් සම්ප්‍රදායන්වල තාන්ත්‍රික කොටස් ඉන්නවා.

    මෑත දවසක මාත් එක්ක කතා කරපු තන්ත්‍ර ගැන හදාරන දෘවි නුලේශ්‍ය ලස්සන පැහැදිලි කිරීමක් කළා. ඉන්දියාවෙ තාන්ත්‍රකයො අතර වාමාංශික දක්ෂිනාංශික තාන්ත්‍රික වර්ග දෙකක් හිටියා කියල. වාමාංශික තාන්ත්‍රිකයො අත්තඛිලමතානුයෝගයටත් දක්ෂිණාංශික තාන්ත්‍රිකයො කාමසුඛල්ලිකානුයෝගයටත් යොමු වුනා කියල. ඒ අනුව බුදුන්ගේ දුෂ්කර ක්‍රියාව ගැනෙන්නෙත් තාන්ත්‍රික පුහුණුවක් විදිහට.

    තාන්ත්‍රිකයන්ගෙ පිළිවෙත වුනේ කිසිවක් බැහැර නොකිරීම. හොඳ නරක, පිරිසිදු කිළිටි, උස් පහත් ආදී වශයෙන් කිසිම බෙදීමකින් තොරව ජීවිතය සමස්තයක් විදිහට බාරගැනීම. ඒක උපරිමයෙන් විඳීම.

    බෞද්ධ සම්ප්‍රදායෙ කියන විදිහට තෘෂ්ණාව නැසීම ගැන තාන්ත්‍රිකයො උනන්දුවෙන්නෙ නෑ. ඒ අයගෙ උත්සාහය වෙන්නෙ තෘෂ්නාව පරිවර්තනය කිරීම. දැන් අපි බුදුන්ගෙ දර්ශනයෙන් ගත්තොත් සංසාරයේ කෙලවරනෙ නිර්වාණය තියෙන්නෙ. තන්ත්‍රයානය අනුව නිර්වාණය තියෙන්නෙ සංසාරය තුලමයි. මේ දෙක දෙකක් නෙමෙයි එකක්. මෙතන මේ මොහොතෙ ඔබ විඳින සංසාරයේම නිර්වාණ මොහොතත් පවතිනවා. ඒක හින්ද තන්ත්‍ර කියන්නෙ ජීවිතය බාරගැනීමේ පුහුණුවක්. බැහැර කිරීමේ හෝ බෙදා වෙන්කිරීමේ පුහුණුවක් නෙමෙයි.

    තන්ත්‍රවල වෑයම වෙන්නෙ මේ නිර්මාණ ක්‍රියාවලිය අවබෝධ කරගැනීම. මොහොතින් මොහොත ඇතිවෙමින් පරිවර්තනය වෙමින් පවතින ජීවිතේ හැමදෙයක්ම උපරිමයෙන් විඳීමෙන් ඒ ගැන අවබෝධය ලබන්න පුළුවන් කියලයි තන්ත්‍රවල උගන්නන්නෙ. මේ අවබෝධය කියන්නෙ ජීවිතේ සැබෑ ස්වභාවය දැකීම.

    සතුට, සමාධිය, තරහව, ඉරිසියාව මේ ඕනෑම දෙයක් බැඳීමක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ආවේගයන් පාලනය කිරීම විඳවීමක් වෙන්න පුළුවන්. මෙසේ ආවේගයන් යටපත් කිරීමේ ක්‍රමය හැමකෙනෙකුටම ගැලපෙන්නෙ නෑ. ඒක වෙනත් ව්‍යාධීන් විදිහට මතුවෙන්න පුළුවන්. තන්ත්‍ර කියන්නෙ ඒ අත්දැකීම තුලට සම්පූර්ණයෙන් සිහියෙන් යුතුව ගමන් කිරීමෙන් එහි යථා ස්වභාවය පිළිබඳ අවබෝධය ලබාගන්න පුළුවන් කියල.

    තන්ත්‍රවලට අනුව සංසාරයමයි නිර්වාණය. ඒ වගේම හැම සත්වයෙක්ම බුදු කෙනෙක්. ඒ කියන්නෙ ඕනෑම සත්වයෙක් තුල පවතින බුද්ධ ස්වභාවයක් තියෙනවා කියල තන්ත්‍ර කියනවා. ඕනම නරක ආවේගයක ධනාත්මක පැත්තකුත් තියෙනවා. අපේ ඍනාත්මක ආවේග ධනාත්මක පරිවර්තනයකට ලක්කිරීම තාන්ත්‍රික පුහුණුවක් වෙනවා.

    ලාමා යේෂේ මේක මේ විදිහට පැහැදිලි කරනවා.
    “අපේ අතෘප්තිය නිසා මතුවෙන සාමාන්‍ය ආශාවන්ගේ ශක්තියම තන්ත්‍ර මගින් සමාධියේ සහ ප්‍රඥාවේ අත්දැකීමක් බවට පෙරලනවා. මේ සමාධිය සහ ප්‍රඥාව තුලින් මෝහය දුරලා යතාර්ථය විනිවිද දකින්න පුළුවන් වෙනවා”

    සෙක්ස් භාවනාවක් කරන යෝග ක්‍රම තන්ත්‍රවල තියෙනවා. ඒ වගේම ඕනම ක්‍රියාවක් තාන්ත්‍රික පුහුණුවක් මගින් භාවනාවකට පෙරලන්න පුළුවන් වෙනවා. ඇවිදීම, ඇඳීම, කාමර අස්පස් කිරීම, නිදාගැනීම පවා සිහියෙන් පරිපූර්ණව කිරීමෙන් සමාධි තත්වයක් අත්විඳින්න පුළුවන්.

    බෞද්ධ සහ තන්ත්‍ර අතර සම්බන්ධයක් තිබුනත් පැහැදිලි වෙනස්කමුත් තියෙනවා. බෞද්ධ භික්ෂුවක් ලිංගිකත්වය යටපත් කිරීමේ උත්සාහයකයි ඉන්නෙ (දැන් පන්සල්වල ඉන්න අය නෙමෙයි). භික්ෂුව සෙක්ස් විතරක් නෙමෙයි සමස්ත ජීවිතයම යටපත් කිරීමේ වෑයමකයි ඉන්නෙ. සල්ලි, බලය, විලාසිතා මේ හැමදෙයක්ම බෞද්ධ භික්ෂුවකට අකැපයි. බුදුන් සෙක්ස් කියන්නෙ මහා නරක දෙයක් විදිහට දේශනා කළේ නෑ. නමුත් එය තෘෂ්නාවක් විදිහට දකිමින් විනයකින්, අවධානයෙන් සහ භාවනාවෙන් ඉක්මවා යායුතු තත්වයක් විදිහටයි බුදුන් විස්තර කළේ.

    තන්ත්‍ර පුහුණු කරන්නන් උත්සාහ කරන්නෙ තෘෂ්ණාව හෝ වෛරය පරිවර්තනය කරන්න. ඒක නසන්න නෙමෙයි. ‘මුවහත් ආයුධ සහිත සක’ කියන ඉගැන්වීමේ ගෙලෙක් රිම්පුෂෙ මෙහෙම විස්තර කරනවා.

    “අහිංසක සත්වයෝ ඔබේ වෛරයට විෂය වීම කිසිසේත් සුදුසු නෑ. අනෙක් අතින් මේ ඍනාත්මක ආවේගයන් නිර්මාණය කරන්නේම ඔබේ මමත්වය විසිනුයි. ඒ නිසා ඔබේ වෛරයට විෂය විය යුත්තේ ඔබේම මමත්වයයි.

    ඔබ නිවැරදි දිශාවට ඔබේ වෛරය එල්ල කළහොත් ඔබට වෛරයෙන් ගැලවිය නොහැකි වුවත් ඒ ආවේගය මාර්ගයට අවතීර්ණ වීම සඳහා යොදාගත හැකියි. වෛරය අන් සත්වයන් මත හෙලීම විනාශකාරීයි”

    තන්ත්‍ර පන්සල් ඇතුලෙ පුහුණු වෙන දෙයක් නෙමෙයි. ඒක ජීවිතේ ඇතුලෙ පුහුණු කළ යුතු දෙයක්.
    තන්ත්‍රවල මෙහෙම කියනවා,
    “සියලු ශබ්දයන් මන්ත්‍ර වේ. සියලු සත්වයන් බුදුවරුන් වේ”

    තාන්ත්‍රික පුහුණුවීම් වලදී මවාගැනීමේ වෙනම භාවනා ක්‍රම තියෙනවා. ඒ එකක් අනුව අපි බුදුවරයෙක් හැටියෙන් හිතාගෙන දවස ගත කරන්න ඕන. එතකොට ඒ මවාපෑම නිසා අපේ ඇත්ත බුද්ධ ස්වභාවය අවදි වෙන්න ගන්නවා කියලයි කියන්නෙ. බුදුවරයෙක් දේවල් වලට ප්‍රතික්‍රියා දක්වන්නෙ කොහොමද කියන එක ගැන සිහියෙන් අපිට අපේ ක්‍රියාවන් කරමින් දවස ගත කරන්න වෙනවා.

    මෙතනදි වැදගත්ම දේ තමයි කිසිසේත්ම ගුරුවරයෙක් නැතුව තන්ත්‍ර පුහුණු වීම නොකළ යුතුයි කියන එක. උදා විදිහට උඩ තියෙන පුහුණුවීමක් අපි කරද්දි අපි එකිනෙකා බුදු කෙනෙක් හැටියට මවාගන්නේ මොන විදිහෙ ගුණයන් තියෙන කෙනෙක්ද කියන ප්‍රශ්නය එනවා. ඒ උපදෙස් සහ මාර්ගය ගුරු කෙනෙක් විසින් පෙන්වා දිය යුතු වෙනවා.

    මෙතනදි නිතර කේන්ති යන කෙනෙකුට වෛරයේ පරිවර්තනය මූර්තිමත් කරන යමන්තක ගැන මෙනෙහි කරන්න කියනවා. කම්මැලියෙක් නම් හයාග්‍රීවගේ ශක්තිය ගැන මෙනෙහි කරන්න කියනවා. කාමාතුරයෙක් නම් වජ්‍රයෝගිනී පුහුණුව තියෙනවා. බයගුල්ලෙක් නම් තාරා සහ ප්‍රඥා පාරමිතාවේ බලය ගැන මෙනෙහි කරන්න පුළුවන්. මේ මොන විදිහකින් වුනත් තමන් ඉන්න තත්වයෙන්ම බුද්ධත්වය කරා එළඹීමක් මිස කිසිවක් පසෙක ලා මාර්ගයට පිවිසීමක් තන්ත්‍රවල කියන්නෙ නෑ.

    කලින් සඳහන් කළා වගේ තන්ත්‍ර සහ සෙන් බුද්ධාගමේ එක ළඟින් යන ගතියක් තිබුණත් ඒ දෙක ප්‍රතිවිරුද්ධ ආධ්‍යාත්මික එළඹුම් දෙකක්. තන්ත්‍රවල කියන්නෙ ලෝකයේ මේ පවතින ද්විත්ව ස්වභාවය, යතාර්ථය සහ මායාව දෙකම එක මිටට අරන් උපරිමෙන් විඳින්න කියල.

    සෙන් දහම මෙතනදි සංසාරයේ මුළාවට කෙලින්ම පහර දෙනවා. දෙබිඩි සිතීම බිඳිනවා. සෙන් සරලයි. ඍජුයි. ඒක හරියට සෙන් කතා කරන්නෙ නිර්වාණය පැත්තෙ ඉඳන් වගේ. තන්ත්‍ර කතා කරන්නෙ සංසාරය පැත්තෙ ඉඳන්.

    සෙන් දහමේ සහ තන්ත්‍රවල වෙනස උදාහරණයකින් කිව්වොත් ලොකු කානිවල් එකක් ගැන හිතන්න. සෙන් වලින් ඇතුල්වෙන කෙනෙක් කානිවල් එකේ කිසි දෙයක් නොබලා කෙලින්ම පිටවීමේ දොරටුව කරා යනවා. තන්ත්‍රවලින් කියන්නෙ කානිවල් එකේ හැම රවුමක්ම ගහලා විනෝදවෙලා පිටවීමේ දොර ළඟට යන්න කියලා. තන්ත්‍ර කියන්නෙ ත්‍රිල් රයිඩ් එකක්. ජීවිතෙන් එලියට ගිහින් බෑ ජීවිතේ ඇතුලට ගිහින් අවබෝධය ලබන්න කියල කරන යෝජනාවක්.

    තන්ත්‍රවල සංකේත දෙකක් වෙන ඝන්ටාරයයි වජ්‍රයයි කියන්නෙ ප්‍රඥාව සහ මෛත්‍රිය කියන දෙක. මේ දෙකම එකට පිහිටන්න ඕන. තන්ත්‍රවලදි නිර්වාණය සහ සංසාරය කියන්නෙ දෙකක් නෙමෙයි එකක්. ආකෘතිය සහ ශුන්‍යතාවය එකක්. ප්‍රඥාව සහ මෝඩකම කියන්නෙ එකක්.

    අනිත් භාවනා ක්‍රමවලදි මනස හිස්කිරීමෙන් සමාධිය ලැබීම වෙනුවට තාන්ත්‍රිකයන් පරිපූර්ණ මනසකින් විඳීම හරහා සමාධිය අභ්‍යාස කරනවා. ආශාව පතුලෙ නිර්වාණය ගවේෂණය කරනවා. බෙදුනු ජීවිතය වෙනුවට නොබෙදුනු පැවැත්මක් යෝජනා කරනවා.

  • Ethical Slut

    Ethical Slut

    1994 දි ලිංගික අධ්‍යාපනවේදිනියක් වුනු ජැනට් හාර්ඩි උණ ගැනිලා මාසයක් විතර ඇඳේ ඉන්නවා. ජැනට් කියන විදිහට ලෙඩේට කොඩේන් කෝෆ් සිරප් බීලා එයා හොඳටම ‘වැදිලා’ ඉන්නෙ. ඒ අතරෙ ටීවී එකේ යන ඉන්ඩීසන්ට් ප්‍රපෝසල් ෆිල්ම් එක එයා දකිනවා. ඩේවිඩ් සහ ඩයනා කියන විවාහක යුවළ ජෝන් කියන බිලියනපතියාගේ සදාචාර විරෝධී යෝජනාවෙන් කැළඹිලා යනවා. එක රාත්‍රියක් ඩයනා එක්ක ගත කරන්න ජෝන් ඩොලර් මිලියනයක් දෙන්න ලෑස්තියි. ජැනට් හාඩිගෙ වයස මේ වෙද්දි 62ක්. අවසානවරට කසාදයක හිටියෙ අවුරුදු 10ට කලින්. එදා ඉඳන් ජැනට් කවදාවත් ඒකභාර්යා විවාහයක් ඇතුලට ගියේ නෑ. මිලියනය ගන්න බැරුව අර දෙන්නා දඟලන එක දැක්කම ජැනට් හිතනවා එයා මේ උණ විකාරෙන් දකින හීනයක් කියල.

    මම ඉඳගෙන බලාගෙන හිටියා. ‘මේ මොකක්ද වෙන්නෙ?’ ඩොලර් මිලියනයක් දෙනවා. රොබර්ට් රොබර්ට් රෙඩ්ෆර්ඩ් එක්කයි ඉන්න තියෙන්නෙ. මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නෙ? මේක ජැන්ට්ට තේරෙන්නෙම නැතුව යනවා. ජැනට් කියන විදිහට ප්‍රධාන ධාරාවෙ ලිංගික ආචාර ධර්ම ගැන නොදැනෙන තරම් දුරට තමන් ගිහින් කියල එයාට තේරෙන්නෙ මේ වෙලාවෙදි.

    ජැනට් එයාගෙ යාලුවා සයිකොතෙරපිස්ට් කෙනෙක් වෙන ඩොසී ඊස්ටන්ව හම්බුවෙන්න යනවා. එයාට ඕන වෙන්නෙ මොනොගමි නොවීම ගැන පොතක් ලියන්න. ජැනට් සහ ඩොසී මීට කලින් පොත් දෙකක එකට වැඩ කරලා තියෙනවා. ඒ ‘කින්ක්’ සංස්කෘතිය ගැන. ඒ පොත් බීඩීඑස්එම් කව ඇතුලෙ ගොඩක් අය කියවනවා. මේ දෙන්නම නිශ්චිත නොවූ ලිංගික අනන්‍යතා තියෙන පොලියමරස් ඒ කියන්නෙ බහුපුරුෂ සම්බන්ධතා පවත්වන අය. ඒ දෙන්නට ඕනවෙනවා ‘ස්ලට්’ කියන වචනෙ ආපහු ගෞරවනීය තේරුමකට අරන් එන්න. මේ දෙන්නා ඒ දෙන්නගෙ විවෘත සම්බන්ධතා ඇතුලෙ ගතවුනු නොයෙක් ලිංගික සම්බන්ධතා, ඕර්ජීස් සහ ඒ එක්කම පොරබදන ඊර්ශ්‍යාව ගැන ලියනවා. ජැනට් හාර්ඩිගෙ පුංචි ප්‍රකාශන සමාගමෙන් 97දි එතිකල් ස්ලට් පොත එලියට එනවා. එතිකල් ස්ලට්-අසීමිත ලිංගික පරාසයක් සඳහා මගපෙන්වීමක් ඒකයි පොතේ නම. මේ පොත පිටපත් ලක්ෂ දෙකකට වඩා විකිණෙනවා.
    මේ කොටස් වශයෙන් පළවෙන්නෙ ඒ පොත

    යහපත් වලත්තී

    මාලි හෙට්ටිආරච්චිගේ පරිවර්තනයක්

    පළවෙනි පරිච්ඡේදය:
    යහපත් වලත්තියක් කියන්නෙ කවුද?

    විවෘත ලිංගික ජීවිතයක් ගතකරන්න බොහෝ දෙනෙක් හීන දකිනවා. ඒ තමන්ට උවමනා ආදරය, ලිංගිකත්වය, මිත්‍රත්වය සියල්ලම ලබා ගැනීමටයි. ගොඩක් අය උත්සාහ කරන්නෙම නෑ. එහෙම ජීවිතයක් ප්‍රායෝගිකව පැවතිය නොහැකි කියල විශ්වාස කරනවා. උත්සාහ කරන අයගෙන් බොහොමයක් මුහුණදීමට සිදුවන අභියෝග සහ දුෂ්කරතා නිසා ව්‍යායාමය මගදී අත්හැර දානවා. ඒ අතර කීපදෙනෙක් දිගටම එහි රැඳී ඉන්නවා. ඔවුන් විසින්, විවෘතව ලිංගිකව හා සමීපව සිටීම කළ හැකි දෙයක් පමණක් නොව, ඔවුන් සිතුවාටත් වඩා එය ප්‍රතිලාභදායී බව අවබෝධ කර ගන්නවා.

    මිනිස්සු දශක ගණනාවක් තිස්සේ නිහඬව වැඩි හාහෝවක් නැතිව නිදහස් ආදරයන් සාර්ථකව කරගෙන ගිහින් තියෙනවා. අපි මේ පොතෙන් කරන්නෙ ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු වුන තාක්‍ෂණයන්, කුසලතා සහ පරමාදර්ශයන් බෙදා ගැනීමයි.

    එහෙනම් යහපත් වලත්තියක් යනු කවුද? ඒ අපියි. තවත් බොහෝ අයයි. සමහර විට ඒ ඔබද විය හැකියි. ඔබ නිදහස ගැන, ලිංගිකත්වය ගැන, සීමාවක් නැති මිත්‍රත්වයන්, ෆ්ලර්ට් කිරීම්, ඒවා කැමැත්ත ඇතුව ජයගැනීම් ගැන සිහින දකිනවා නම්, ඔබේ ආශාවන් ලුහුබැඳ ඒවා ඔබව රැගෙන යන දිශාවට යාමට සිහින දකිනවා නම් ඔබ දැනටමත් පළමු පියවර තබා අවසන්.

    අපි මේ නම තෝරා ගත්තේ ඇයි?

    ඔබ මේ පොත දුටු හෝ ඒ ගැන ඇසූ මොහොතේ සිට සමහර විට තේරුම් ගන්න ඇති මෙහි ඇති සමහර යෙදුම් පාවිච්චි වෙන්නෙ ඔබට හුරු පුරුදු අර්ථයන්ගෙන් නොවන බව.

    තමන්ට වලත්ත යැයි අමතාගැනීමෙන් සතුටු වන්නේ කවුද? ඒ වගේ කෙනෙක් ඔහුගේ ආචාර ධර්ම වලට අනුව ඔහුව පිළිගැනීමක් ලබාදෙන මෙන් බල කරන්නේ ඇයි?

    ලෝකෙ බොහෝ රටවල “වලත්තිය” කියන්නෙ අතිශය අපහාසාත්මක යෙදුමක්. කාන්තාවකගේ නම් ඒක කෑදර, නින්දාසහගත හා කිසි වගවිභාගයක් නැති ලිංගික හැසිරීමක් දනවන්න භාවිතා කරන වදනක්. ඒත් මේකෙ සමාන සහ ප්‍රතිවිරුද්ධ වචනය වෙන ස්ටඩ් කියන එක පාවිච්චි වෙන්නෙ ලිංගිකව ඉතාම ආකර්ශනීය පිරිමියෙකුට. ඒක පිලිගැනීමක් ලබන, ඊර්ෂ්‍යාව දනවනසුලු යෙදුමක්. ඔබ පිරිමියෙකුගේ සදාචාරය ගැන ඇහුවොත් ඔබට අහන්න ලැබෙන්නෙ ඔහුගේ අවංකකම, පක්ෂපාතීත්වය, ප්‍රතිපත්තිගරුක බව සහ උසස් ගුණාංග වගේ දේවල් ගැනයි. ඔබ කාන්තාවකගේ සදාචාරය ගැන ඇසුවොත් ඔබට අහන්න ලැබෙන්නෙ ඇය සංවාසයේ යෙදුනේ කා සමගද, ඒ කුමන තත්වයන් යටතේද වගේ දේවල් ගැන. අපිට ඒක ප්‍රශ්නයක්.

    ඒ නිසා ”වලත්තිය” කියන වචනය පිලිගැනීමක් විතරක් නෙමෙයි ආදරය දනවන යෙදුමක් ලෙසිනුත් නැවත ශිෂ්ටත්වය කරා අපි ගේන්නෙ ආඩම්බරෙන්. අපට වලත්තිය කියන්නෙ සෙක්ස් ලස්සනයි. තෘප්තිය ඔබට හිතකරයි කියන රැඩිකල් අදහසට අනුව ජීවත් වෙන්න බය නැති ඕනෑම ලිංගිකයෙකුටයි. වලත්තියකට ඕනෑ නම් තමා සමග පමණක් හෝ මුලු පස්වන බලඇණිය සමගම හෝ ලිංගිකව හැසිරෙන්න තෝරගන්න පුළුවන්. ඒ තෝරා ගන්න කෙනා විෂමලිංගික, සමලිංගික, ද්විලිංගික, රැඩිකල් ක්‍රියාකාරී හෝ සාමකාමී නාගරික ඕනෑම කෙනෙක් විය හැකියි.

    ආඩම්බර වලත්තියන් ලෙස අපි විශ්වාස කරනවා ලිංගික ක්‍රියාව සහ ලිංගික ආදරය යහපත් ක්‍රියාවල මූලික බලවේගය කියල. බැඳීම් ශක්තිමත් කරන්න, ජීවිත වැඩි දියුණු කරන්න, අධ්‍යාත්මිකව අවදි කරන්න, සමහර විට ලෝකය වෙනස් කරන්න පවා සෙක්ස්වලට පුළුවන්. ඒ වගේම අපි පිළිගන්නවා ඕනම කැමැත්ත ඇතුව සිදුවන ලිංගික සම්බන්ධයක මේ හැකියාව තියෙනවා කියල. දැනුවත්ව තෝරාගෙන සිහියෙන් යුතුව අනුගමනය කරන ඕනෑම ලිංගික මාවතකට පුළුවන් පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ ප්‍රජාවන්ගේ ජීවිත වඩා ධනාත්මක හා නිර්මාණාත්මක කරන්න.

    වලත්තියක් ලිංගිකත්වය බෙදාගන්නෙ හරියට දානපතියෙක් එයාගෙ මුදල් බෙදාගන්නා ආකාරයටමයි. එයා ළඟ ගොඩක් තියෙනවා, ඒ වගේම බෙදාගැනීමෙන් එයා සතුටු වෙනවා, එහෙම බෙදාහදා ගැනීම ලෝකය වඩා යහපත් තැනක් කරනවා. වැඩි වැඩියෙන් ලිංගිකත්වය හා ආදරය ලබා දෙන තරමට, ඔවුන්ටද එය ලැබෙන බව වලත්තියො දන්නවා. පාන් සහ මාළු ප්‍රාතිහාර්යයේ වගේ සෑම කෙනෙකුටම වැඩි වැඩියෙන් ලැබීම සඳහා කෑදරකමට සහ ත්‍යාගශීලිත්වයට අත්වැල් බැඳගන්න පුළුවන්. ලිංගිකත්වයේ අසීමිත නිදහස ඇති ලෝකයක ජීවත්වීම මොහොතකට සිතෙහි මවාගෙන බලන්න!

    ලිංගික ඇඩ්වෙන්චරලෝලීත්වය

    ලෝකය සාමාන්‍යයෙන් වලත්තියන් දකින්නේ නිරෝගී ඒකභාර්යා විවාහයක් කරගත නොහැකි යම් මානසික රෝගයකින් පෙළෙන, පහත්, නීච, වැදගැම්මකට නැති, ජරා, දුරාචාරී, විනාශකාරී, අයාලේ යන පිරිසක් ලෙසයි. අනිවාර්යෙන්ම එහෙම එකක් යහපත් කියල කියන්න බෑ. අප අපව දකින්නේ ලිංගිකත්වය තුලින් සවිඥානකබවක් සොයායාමට කැපවුනු, අපේ ලිංගිකත්වය විඳීම සඳහා අපගේ ජීවිත නිදහස් කරන, අප එකිනෙකාට ගැලපෙන හැම ආකාරයකින්ම එය බෙදා ගන්නා පිරිසක් විදිහටයි. උත්සාහ කරන්නෙ නැතුව වඩා ගැලපෙන්නෙ මොකක්ද කියල අපි දන්නෙ නෑ. ඒ නිසා අපි කුතුහලයෙන් සහ ඇඩ්වෙන්චරීය බවෙන් යුතුයි.

    අපට ආශාවක් දනවන කෙනෙක් දැක්කම නිදහසේ ප්‍රතිචාර දක්වන්න අපි කැමතියි. අපේම ප්‍රතිචාරය දිගේ ගිහින් අපට එහෙම දැනෙන්න හේතු වුනු එම පුද්ගලයාගේ විශේෂත්වය හොයාගන්න අපි කැමතියි. අපි ආසයි මිනිස්සු එක්ක බැඳෙන්න. එක එක විදිහෙ මිතුරන් ඇසුරු කරන්න, අපි එකිනෙකාගෙ වෙනස්කම් කොයිතරම් අපේ සීමාවන් පුළුල් කරනවද, අපිට අපිව අලුතෙන් හොයාගන්න උදව් කරනවද කියල දකින්න.

  • සුදු අරලියා මල රජතුම ඇයි අවුල්ද?

    සුදු අරලියා මල රජතුම ඇයි අවුල්ද?

    අලෝක උපාලි ඇත්තටම ඇස්වලින් කඳුළු පනින ආතල් එකක්. මෙතනදි වස්ති කරන වැඩේ කෙනෙකුට නුවුමනා තරම් කියල හිතෙන ගානට මං උස්සලා තියන්නයි යන්නෙ. ඒ වස්ති විසින් මගේ අවදි කරපු බෑඩ් ටේස්ට් එකට ප්‍රණාමය පලකිරීමක් විදිහට. මං ඒක කියන්නෙ නරක අදහසකින් නෙමෙයි. බෑඩ් ටේස්ට් එක පිනවන්න ජරාවක් කරපු පමණින් බෑ. ඒකට ජරාවේ ඊස්තටික් එක දැනගෙන ඉන්න ඕන. වස්තිලා ඒ අත්හදා බැලීම දිගටම කළා සහ ආලෝක උපාලි කියන්නෙ ඒකෙ කූටප්‍රාප්තිය.

    ඇමරිකාවෙ ඉන්නවා ජෝන් වෝටර්ස් කියල මං කැමතිම ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. එයාට කියන්නෙ ජරාවේ පෝප්වරයා කියල. පෝප් ඔෆ් ට්‍රෑෂ්. මේක ආර්ට් එකක් විදිහට රසවිඳින්න වෙනම පුහුණුවක් ඕනවෙනවා. හොඳයි විශිෂ්ටයි කියල සම්මත වුනු රසයෙ විපරීතය කියන්නෙ ඊට වඩා ගව්ගානක් එහා සෞන්දර්යවේදයක්. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් එක වචනයයි තියෙන්නෙ. ඒක ටි්‍රප් එකක්.

    ජෝන් වෝටර්ස්ගෙ සිනමාව හඳුන්වන්නෙ ට්‍රාන්ස්ග්‍රෙෂන් සිනමාවක් විදිහට. මේක අන්ඩර්ග්‍රවුන්ඩ් සිනමාවෙ පාවිච්චි වෙන යෙදුමක්. මේ සිනමාවෙ මූලික ලක්ෂණය වෙන්නෙ නරඹන්නාව තිගැස්සවීම සහ හාස්‍යය. ඔස්සේ රඳවාගැනීම. ඒවා ඉතා මනාව ගොතන ලද ආඛ්‍යාන නෙමෙයි. විචාරකයො බැන බැන එළවන වර්ගයේ ඒවා. මේ සිනමාව ඇතිවෙන්නෙ 1970 ගණන්වල බිහිවුනු සෞන්දර්ය අරාජිකවාදයත් එක්ක. මේ චිත්‍රපටි ඇතුලෙ සම්මත සිනමාවෙ සෞන්දර්ය රීතීන් පිස්සු බවට පත් කරනවා. අපේ සංස්කෘතික සමාජ මොහොතවල් විපරීත කරලා ඒකෙන් අපිව ෂොක් කරනවා. නැත්තං ජෝක් කරනවා. ලංකාවෙ වස්තිලා කරන්නෙ මේ විදිහෙ ට්‍රාන්ස්ග්‍රෙෂන් වැඩක් කියන එකයි මගේ අදහස.

    වස්ති වැඩකරන්නෙ යූටියුබ් එකේ. ඒ වැඩ ගොඩක් වෙලාවට කැරකෙන්නෙ ප්‍රොඩක්ට් එකක් වටේ. ඒ කියන්නෙ එලියට එන්නෙ ඇඩ් එකක් විදිහට. සිනමාව වගේ ආර්ට් එකක කරන වැඩකට වඩා යූටියුබ් වගේ සමාජ ජාලයක මුදාහරින වැඩක සෞන්දර්ය තාක්‍ෂණය සම්පූර්ණයෙන්ම වෙනස්. යූටියුබ් වැඩක් නම් ඒක ඒ මාධ්‍යය හැසිරෙන ගතිකයන් එක්ක ගනුදෙනු කරන්න ඕන. උදා විදිහට අතිසරල හාස්‍යය සහ එදිනෙදා සමාජ සිද්ධි එක්ක ගැලපීම කියන්නෙ යූටියුබ් වීඩියෝවක ආකෘතිය විසින් ඉල්ලා සිටින විනෝදාස්වාද භාවිතයක්. වස්තිලා කරන්නෙ මේ පවතින මොහොත විපරීතයක් බවට හරවන එක. ඒ විපරීත මොහොත විනෝදයක් කරන එක. ඒක මට අනුව දරුණු ප්‍රකාශනයක්

    වස්තිලාගේ වැඩේ තේරුම හරි සාරය හරි කෙනෙක් ඇහුවොත් මට කියන්න තියෙන්නෙ සාරයක් නොමැතිබවේ සාරය තමයි එතන තියෙන්නෙ කියල. සාරය සහ අර්ථය සම්බන්ධ ගොඩනැංවීමෙන් පිටුවහල් කළ සෞන්දර්යවේදයක්. ඒක බුද්ධිමය එකක් නෙමෙයි. ඒක දැනෙනවා. නැත්තං කොහොමවත් දැනෙන්නෙ නෑ, අදහන පිරිසක් ඉන්නවා. නැත්තං මිත්‍යාදෘෂ්ටිකයි කියල බැහැර කරන පිරිසක් ඉන්නවා. මැද පාලම් නෑ.

    වස්තිගෙ ආලෝක උපාලි කියන්නෙ 2500 උරුමය සහ ටික්ටොක් ෆේස්බුක් ජීවිතය එකට අඹරපු හොඳ විරේකයක්. ගම් නියම්ගම්වල ජනතාව දිවිනසාගන්නෙ වී විකුණගන්න බැරුව නෙමෙයි. ෆේස්බුක් ප්‍රේමයන්ට රැවටීම නිසයි. අපේ සංස්කෘතියට සදාචාරයට වින කරන ඇහැට නොපෙනෙන පරදේසක්කාර කුමන්ත්‍රණ වෙන්නෙ මේ සමාජජාලයි. හැබැයි ඒ කියන හැමෝමත් නිලමෙ ඇඳුම් පිටින් වුනත් ආතල් ගන්නෙ ටික්ටොක් වීඩියෝ හරහායි. මේ වෙලාවෙ අපේ සමාජජාලවල අපිට එදිනෙදා මුනගැහෙන වන්ස් අපෝන් අ ටයිම් ඉන් බයිලන්තය තමයි අලෝක උපාලි ඓතිහාසික කතාවේ පසුබිම. ඉතිහාසය එදා නෙමෙයි අදයි.. ඒකයි ටැග්ලයින් එක වෙන්න තිබුනෙ’ අතීතය අදයි.. ඒකයි ටැග් ලයින් එක වෙන්න තිබුනෙ’.

    අනිත් යූටියුබ් චරිතවලට වඩා වස්තිලා තමන්ව නිර්මාණය කරගත්ත විදිහෙ තියෙනවා වෙනසක්. වස්ති කියන්නෙ අධිතාත්වික චරිත දෙකක්. ඩබල් කණ්ණාඩි දාන තඩියෙක් සහ කොන්ඩෙ උල්වෙච්ච පිස්සු කොටෙක්. ඕනම කතාවක් ඇතුලට උන් රිංගන්නෙ ඒ චරිත දෙක විදිහටමයි. (ඉඳලා හිටලා ගෑණු විදිහට ඇඳගෙන කරන අසාර්ථක වීඩියෝ ඇරුනම). රජාට ඇන්දත් අර නොගැලපෙන පිස්සු විපරීතයම තමයි රජ ඇඳුම් දාලා ඔටුනු දාලා ඉන්නෙ.

    මේක සම්භාව්‍ය සිනමාවෙ විදිහට කියෙව්වොත් ඉතිහාසය දිහා වර්තමානයේ ඇස්වලින් බැලීමක්. ඩෙරික් ජාමන් වගේ සිනමාකරුවො මේක කරනවා. මේකට කියන්නෙ ඇනක්‍රොනිසම් කියල. කාල පරිච්ඡේද අවුල් කරමින් දේවල් පිහිටුවීම. එක පැත්තකින් අපිට වස්තිලා මේ කරන වැඩේ ගමේ කෝලං නාට්ටිවල දිගුවක් විදිහටත් අනිත් පැත්තෙන් බටහිර යටිතලයෙ ට්‍රාන්ස්ග්‍රෙෂන් සිනමාවෙ නොදන්නා උත්සාහයක් විදිහටත් කියවන්න පුළුවන්. මේ දෙකටම තනියම අයිති කරගන්න බැරි ලක්ෂන වස්තිලගෙ තියෙනවා.

    මේ බයිලන්තය පාලනය වෙන්නෙ රාජ්‍ය දෙකක් විදිහට. පරණ මහරජා විසින් භෞතික රාජ්‍යය පාලනය කරන අතරෙ යුවරජා විසින් ඩිජිටල් රාජ්‍යය පාලනය කරනවා. ඒත් යුවරජා පවා ඩිජිටල් රාජ්‍යයේ අනුහසට ඇබ්බැහියට යටයි. ඩිජිටල් රාජ්‍යය පාලනය වෙන්නෙ ආතල්වලින්. මේ ආතල් නිසා පොලොවෙ රාජ්‍යය කඩාබිඳවැටෙන්න ගන්නවා. ඩෑන්ලා කලබල වෙනවා. සෝෂල් මීඩියා වාරණ එන්නෙ එතකොට.

    වස්තිලාගේ වැඩේ තේරුම හරි සාරය හරි කෙනෙක් ඇහුවොත් මට කියන්න තියෙන්නෙ සාරයක් නොමැතිබවේ සාරය තමයි එතන තියෙන්නෙ කියල. සාරය සහ අර්ථය සම්බන්ධ ගොඩනැංවීමෙන් පිටුවහල් කළ සෞන්දර්යවේදයක්. ඒක බුද්ධිමය එකක් නෙමෙයි. ඒක දැනෙනවා. නැත්තං කොහොමවත් දැනෙන්නෙ නෑ, අදහන පිරිසක් ඉන්නවා. නැත්තං මිත්‍යාදෘෂ්ටිකයි කියල බැහැර කරන පිරිසක් ඉන්නවා. මැද පාලම් නෑ.

    වස්තිගෙ ආලෝක උපාලි කියන්නෙ 2500 උරුමය සහ ටික්ටොක් ෆේස්බුක් ජීවිතය එකට අඹරපු හොඳ විරේකයක්. ගම් නියම්ගම්වල ජනතාව දිවිනසාගන්නෙ වී විකුණගන්න බැරුව නෙමෙයි. ෆේස්බුක් ප්‍රේමයන්ට රැවටීම නිසයි. අපේ සංස්කෘතියට සදාචාරයට වින කරන ඇහැට නොපෙනෙන පරදේසක්කාර කුමන්ත්‍රණ වෙන්නෙ මේ සමාජජාලයි. හැබැයි ඒ කියන හැමෝමත් නිලමෙ ඇඳුම් පිටින් වුනත් ආතල් ගන්නෙ ටික්ටොක් වීඩියෝ හරහායි. මේ වෙලාවෙ අපේ සමාජජාලවල අපිට එදිනෙදා මුනගැහෙන වන්ස් අපෝන් අ ටයිම් ඉන් බයිලන්තය තමයි අලෝක උපාලි ඓතිහාසික කතාවේ පසුබිම. අතීතය අදයි.. ඒකයි ටැග්ලයින් එක වෙන්න තිබුනෙ.

    අනිත් යූටියුබ් චරිතවලට වඩා වස්තිලා තමන්ව නිර්මාණය කරගත්ත විදිහෙ තියෙනවා වෙනසක්. වස්ති කියන්නෙ අධිතාත්වික චරිත දෙකක්. ඩබල් කණ්ණාඩි දාන තඩියෙක් සහ කොන්ඩෙ උල්වෙච්ච පිස්සු කොටෙක්. ඕනම කතාවක් ඇතුලට උන් රිංගන්නෙ ඒ චරිත දෙක විදිහටමයි. (ඉඳලා හිටලා ගෑණු විදිහට ඇඳගෙන කරන අසාර්ථක වීඩියෝ ඇරුනම). රජාට ඇන්දත් අර නොගැලපෙන පිස්සු විපරීතයම තමයි රජ ඇඳුම් ලාලා ඔටුනු දාලා ඉන්නෙ.

    මේක සම්භාව්‍ය සිනමාවෙ විදිහට කියෙව්වොත් ඉතිහාසය දිහා වර්තමානයේ ඇස්වලින් බැලීමක්. ඩෙරික් ජාමන් වගේ සිනමාකරුවො මේක කරනවා. මේකට කියන්නෙ ඇනක්‍රොනිසම් කියල. කාල පරිච්ඡේද අවුල් කරමින් දේවල් පිහිටුවීම. එක පැත්තකින් අපිට වස්තිලා මේ කරන වැඩේ ගමේ කෝලං නාට්ටිවල දිගුවක් විදිහටත් අනිත් පැත්තෙන් බටහිර යටිතලයෙ ට්‍රාන්ස්ග්‍රෙෂන් සිනමාවෙ නොදන්නා උත්සාහයක් විදිහටත් කියවන්න පුළුවන්. මේ දෙකටම තනියම අයිති කරගන්න බැරි ලක්ෂන වස්තිලගෙ තියෙනවා.

    මේ බයිලන්තය පාලනය වෙන්නෙ රාජ්‍ය දෙකක් විදිහට. පරණ මහරජා විසින් භෞතික රාජ්‍යය පාලනය කරන අතරෙ යුවරජා විසින් ඩිජිටල් රාජ්‍යය පාලනය කරනවා. ඒත් යුවරජා පවා ඩිජිටල් රාජ්‍යයේ අනුහසට ඇබ්බැහියට යටයි. ඩිජිටල් රාජ්‍යය පාලනය වෙන්නෙ ආතල්වලින්. මේ ආතල් නිසා පොලොවෙ රාජ්‍යය කඩාබිඳවැටෙන්න ගන්නවා. ඩෑන්ලා කලබල වෙනවා. සෝෂල් මීඩියා වාරණ එන්නෙ එතකොට.

    වස්තිලාගෙ වැඩේ ප්‍රබන්ධයක් වෙන අතරෙම අපේ රටේ ඩිජිටල් ෆ්ලෑෂ්බැක් එකකුත් වෙනවා. මධුරොක්ස්ලා, කුමාරි අක්කලා, ජනාදිපති තාත්තලා, කොකේන් ගහන ඇමතිලා, හඬපටිලා, බී ඇන් එස්ලා, සීදුවෙ සකුරලා, දිවිනසාගන්නා පුතාලා ඔක්කොම ඉන්නවා. බණ විතරයි අඩු. මට ෂුවර් ඒක ඩෑන් නිසා කැපුනා කියල.

    කුමාරි අක්කා ඇපියර් වෙන තැන ආතලෝද්දීපනය උත්කෘෂ්ටයි. මේ විදිහට සමාජය විසින් පිටමං කරපු, අවතක්සේරු කරපු චරිත ඇත්තට පණ පිහිටුවමින් වස්තිලා බලන් ඉන්න අයව ෂොක් කරනවා. අජිත් මුතුකුමාරණ සාස්තරකාරයෙකුට මරුම බඩුවක්. මේ කතාව ඇතුලෙ ඒ චරිත මුනගැහුනම ප්‍රේක්ෂකයා විඳින සැප ගැන කියන්න තාම මිනුම්දඬු හැදිලා නෑ. ඒක බම්ප්වෙන පිස්සුවක්.

    අලෝක උපාලි මියුසික් ගැනත් කියන්නම ඕන. කොස්තා සහ යුකී වැඩේ ලෙසටම කරලා තියෙනවා. හෙඩ්ෆෝන් දාගෙන අහද්දි මයිල් කෙලින්වෙන ගානට තියෙනවා. පීරියොඩික් ෆීල් එකයි කන්ටෙම්පරරි ටච් එකයි කියන දෙකම සංගීතය ඇතුලෙත් පිහිටුවලා තියෙනවා.

    ඩෑන් ප්‍රියසාද්ගෙ විරෝධය අලෝක උපාලියට තදින් බලපාපු වග පේනවා. කොටින්ම නම පවා ලයිට් උපාලි වෙන්නෙ ඒ නිසා වෙන්න ඕන. ආලෝක උපාලි කියන නම මරු. මගේ යාලුවා චත්‍ර වීරමන්ගෙ ෆිල්ම් එකේ නම පැරඩියක් කරලා වුනත් ඒක ආතල්ජනකයි. ඒ වගේම තිස්ස සහ පස්ස වගේ දෙබස් කැපිලා ගිහින් තිබුන. ඉතාම අසාර්ථක විදිහට බයියෝපහාසය මැද්දට පස්සෙ ටොයියෝපහාස කීපයකුත් ඔබලා බැලන්ස් කරන්න ට්‍රයි කරලා තිබුන. ඕෆ්ද කැමරා ඇහෙන මත්තල වී පිරවීම වගේ දෙබස් පස්සෙ බැලන්ස් එකට ගහපුවා වග පැහැදිලියි. ආරක්ෂක නිලමෙගෙ ඇඳුමෙ බැජ්වල පාට පවා මැකිලා තිබුන.
    ඩෑන්ට මේ තරම් බලපෑමක් කරන්න පුළුවන් වීම කණගාටුවට කාරණයක්. වස්ති බය නැතුව තමන්ගෙ වැඩේ එලියට දාන්න තිබුන කියල මං කියන්න යන්නෙ නෑ. මොකද ඔය තිස්සගෙ කතාවට අයිසීසීපීආර් එකක් වුනත් වදින්න ඉඩ තිබුන. ඉතින් ඩෑන් විසින් ආලෝක උපාලියට දැනෙනසුලු පහරදීමක් කරලා තියෙනවා. එහෙම කෘතිමව බැලන්ස් කරපු නිසාම කතාව ඉලක්කයක් නැති විසිරුනු එකක් වගේ දැනෙන්නත් ඉඩ තියෙනවා.
    රංගනය විශිෂ්ට මට්ටමේ තිබුන කියල මං කියන්නෙ නෑ. දුර්වල රංගනයන් වුනත් මේ විකාරරූපී විලාසිතාව ඇතුලෙ වැඩකරනවා. ඒ වගේම කතාවෙ අවසානයට මහරජ මංගලව අරන් එන එක එපික්. වස්තිලා එපික් වැඩක් එපික් එන්ඩ් එකකට අරන් යනවා. යූටියුබ් වැඩක් විදිහට මේ අපූර්ව එකලස් කිරීම මට හරිම ක්‍රියේටිව්. ෆලෝවරුන්, බිකිනිවත වගේ වචන කෑලි ඇතුලෙත් මේ ඇනක්‍රොනික් විනෝදෙ වස්තිලා හදනවා. ඩිජිටල් යෙදුම් රොත්තක් මුදාහරිනවා. පෝස්ට් මීම් රැල්ලකට බඩු දෙනවා. ඒකට කියන්නෙ ඩිජිටල් සාහිත්‍ය පෝෂණය කිරීම කියල.
    මේ ඔක්කොමත් එක්ක හඳුන්වාදෙන ඇප් එක නම් හරි හොයාබැලීමක් නැතුව ඩවුන්ලෝඩ් කිරීම අවදානම් වෙන්න පුළුවන්. එකක් මේ වගේ කාලෙක මේ තරම් ලොකු ආයෝජනයක් කරන්න ලංකාවෙ පුළුවන්කම තියෙන්නෙ කාටද? එහෙම කෙනෙක් මෙහෙම වැඩක් කරනවා නම් ඒ මොකක් වෙනුවෙන් වෙන්න පුළුවන්ද? ෆේස්බුක් වාරණය වෙද්දි දේශීය ෆේස්බුක් එකක් නිර්මාණය කිරීම කියන සංකල්පය වැඩකරන්නෙ කොහොමද? මේ කිසි දෙයක් ගැන විස්තර දැනගන්න පුළුවන් මට්ටමකට මේ ඇප් එකේ නිර්මාණකරුවන් තාම කතාකරලා නෑ. ඒක නිසා ඇඩ් එක මාරයි. ප්‍රොඩක්ට් එක ඔබට බාරයි.