Tag: featured

  • ලෝකෙ ලොකුම සමූහ රමණය

    ලෝකෙ ලොකුම සමූහ රමණය

    ගැන්ග් බැන්ග් එකක් කියන්නෙ සිංහලෙන් සාමූහික රමණයකට. මේක තුන්දෙනෙක් කරන ත්‍රීසම් හෝ හතර දෙනෙක් කරන ෆෝර්සම්වලට වඩා වෙනස්. ඒ වගේම ගෲප් සෙක්ස් කියන සංකල්පයටත් වඩා වෙනස්. මෙතනදි එක පුද්ගලයෙක් වටා සියලු අවධානය කේන්ද්‍රගත වෙනවා. ඒ අයගෙ සම්බන්ධතාවයක් හෝ අඳුරනබවක් වෙනුවට අහම්බ නාඳුනන ස්වරූපයක් තමයි පවතින්නෙ. හැමෝම කේන්ද්‍රගත චරිතය සමග ලිංගිකව හැසිරෙනවා මිස එකිනෙකා සමග ලිංගිකව ගනුදෙනු කරන්නෙ නෑ. මේක පෝර්න් ඉන්ඩස්ටි්‍ර එක ඇතුලෙ වර්ධනය වෙන කන්සෙප්ට් එකක්. බොහෝ විට පෝර්න් කර්මාන්තයේ යෙදෙන සමාගම් මුදල් වියදම් කරලා ගැන්ග් බැන්ග් සාදයන් පවත්වනවා. ඒවා පටිගත කරලා මුදා හරිනවා.

    ලෝකෙ ලොකුම සමූහ රමණය විදිහට සලකන්නෙ වර්ල්ඩ් බිගස්ට් ගැන්ග් බැන්ග් කියන ෆිල්ම් එක. මේක නිර්මාණය වෙන්නෙ 1995දි. ඇනබල් චොන්ග් කියන පෝර්න් නිළිය තමයි මේ ෆිල්ම් එකේ රඟපාන්නෙ. ෆිල්ම් එක පත්තු වෙලා යන්නෙ ඇය පිරිමි 300ක් එක්ක රමණය කරනවා කියන කතාවත් එක්ක. ඒත් ඇත්තටම පිරිමි 251ක ප්‍රමාණයක් තමයි සිද්ද වෙලා තියෙන්නෙ. මේ ෆිල්ම් එක අධ්‍යක්‍ෂණය කරන්නෙ ජෝන් ටී බෝන් කියන අධ්‍යක්‍ෂවරයා. එයාගෙ ඇත්ත නම ජෝන් ගිල්බර්ට් බෝවන්. මේ ෆිල්ම් එක තියන ආදායම් වාර්තා මත එයා 1996දි මේකෙ දෙවෙනි කොටසත් මුදාහරිනවා. තාමත් මේ නමින් සීක්වල් හැදෙනවා.

    මේ ෆිල්ම් එක අද වෙන තුරුත් ලෝකෙ වැඩියෙන්ම ආදායම් ඉපැයූ පෝර්න් ෆිල්ම් අතර එකක්. මේ ගැන ගෆ් ලුවිස් කියන අධ්‍යක්‍ෂවරයා 1999දි ඩොකියුමෙන්ටි්‍රයක් කරනවා. ඇනබල් චොන්ග් ස්ටොරි කියන නමෙන්. ඒක සන්ඩාන්ස් උළෙලේ ග්‍රෑන්ඩ් ජූරි අවෝර්ඩ් එකට නොමිනේට් වෙනවා. ඒ ඩොකියුමෙන්ට්‍රියේ චොන්ග් කියනවා ඇයට කිසිම මුදලක් මේ චිත්‍රපටය වෙනුවෙන් ලැබුනෙ නෑ කියල.

    මේ ෆිල්ම් එක පටන් ගන්නෙ සෙක්ස් කරන්න ඇවිත් ඉන්න අය සමග කතා කරන වීඩියෝ සංවාද පෙලකින්. ඊට පස්සෙ ඇනබල් චොන්ග් සෙට් එකට එනවා. ඩිරෙක්ටර් බෝන් එයාට සිද්ද වෙන්න ඕන දේ පැහැදිලි කරනවා. ඊට පස්සෙ සෙක්ස් කරන්න ඇවිත් ඉන්න අනිත් අයටත් සිද්දිය වෙන විදිහ විස්තර කරනවා. මේ ඉවෙන්ට් එක කරගෙන යන්නෙ රොන් ජෙරමි කියන සුප්‍රසිද්ධ පෝර්න් විරුවා. ජෙරමි ඊට පස්සෙ ෆ්ලෆ් ගර්ල්ස්ලව හඳුන්වාදෙනවා.

    ෆ්ලෆ් ගර්ල්ස් කියන්නෙ පෝර්න් එකක ශිෂ්නය ප්‍රානවත්ව රඳවාගැනීම බාර පිරිස. අවශ්‍ය ජවනිකාව සූදානම් වුනාම නළුවාගේ ශිෂ්නය අවශ්‍ය ප්‍රමාණයට ප්‍රාණවත් කරලා දෙන්නෙ මේ අය. මුඛ සංසර්ගය සහ තවත් යෝනිය භාවිතා නොකරන ක්‍රම මගින් ෆ්ලෆ් ගර්ල්ස්ලා මේ වැඩේ කරනවා. ෆිල්ම් එකක මේ කොටස අයිති වෙන්නෙ මේකප් ඩිපාර්ට්මන්ට් එකට. මේ වෙද්දි ප්‍රොස්තෙටික් ප්‍රයෝග සහ වයග්‍රා තියෙන හින්ද ගොඩක් පෝර්න්වලට ෆ්ලෆ් ගර්ල්ස්ලා පාවිච්චි වෙන්නෙ නෑ. ඒත් ගැන්ග් බැන්ග් වලට නම් අවශ්‍යම වෙනවා.

    ඇනබල් සමග සමූහ රමණය සිද්ද වෙන වේදිකාව හදලා තියෙන්නෙ රොමානු ක්‍රීඩා පිටියක් වගේ. ඒ මැද්දෙ තියෙනවා ඇඳක්. මෙසලිනා රෝම අධිරාජිනියගේ සමූහ රමණයක් වගේ හැඟීමක් දෙන්න තමයි මෙතනදි උත්සාහ කරලා තියෙන්නෙ. මෙසලිනා කියන්නෙ ක්ලෝඩියස් අධිරාජයාගෙ තෙවෙනි බිරිඳ. නීරෝගෙ සහ කලිගියුලාගේ ඥාති සොයුරිය. ඇගේ තිබුනු නොනිමෙන කාමගින්න සුප්‍රසිද්ද එකක්. ඇගේ සැමියාට විරුද්ධව කුමන්ත්‍රණයක් කිරීම නිසා ඇයට මරණ දඬුවම හිමිවෙනවා.

    මේ ෆිල්ම් එක කරද්දි චොන්ග් නොදැනුවත්ව දැඩි අවදානමක් ගන්නවා. ඇයට කියන්නෙ ඇය සමග ලිංගිකව හැසිරෙන හැම දෙනාවම ලිංගික රෝග සඳහා පරීක්ෂා කළ අය කියලයි. නවකයන් විසින් කොන්ඩම පැළඳුවත් ප්‍රවීනයන් කොන්ඩම පළඳින්නෙත් නෑ. නමුත් අවසානයේදී හෙළිවෙනවා මේ අයගෙන් බහුතරයක් රෝග පරීක්ෂාවක් කරගෙන නෑ කියල. කළ අය වුනත් පරීක්ෂා කරගෙන තිබුනෙ එච්අයිවී සඳහා පමණයි. ඇනබල් නොදැන ඇයව ජීවිත අවදානමක හෙලීමක් මෙතනදි නිෂ්පාදක කණ්ඩායම විසින් කරනවා.

    ඇයට පොරොන්දු වෙනවා ඩොලර් 10000ක මුදලක්. නමුත් මේ තරම් ආදායම් ලැබූ චිත්‍රපටයෙන් ඇයට ඒ මුදලවත් හිමිවෙන්නෙ නෑ. පෝර්න් කර්මාන්තය ඇයට සළකපු විදිහ ගැන ඇනබල් චොන්ග් පසුවෙන්නෙ දැඩි කළකිරීමකින්. ඒත් ඇය ශක්තිමත් ගැහැණියක්.

    “පිරිමියෙක් ගෑනු 251ක් එක්ක කැමරාව ඉස්සරහ සෙක්ස් කළා නම් එයා මාර පිරිමියෙක් වෙනවා. ඇයි පිරිමි 251ක් එක්ක සෙක්ස් කරපු ගෑනියෙකුට ඒ ගෞරවය ලැබෙන්නෙ නැත්තෙ. මං ස්ටඩ් කෙනෙක්”
    – ඇනබල් චොන්ග් –

    ඇනබල් චොන්ග් ගේ කලින් නම වෙන්නෙ ග්‍රේස් ක්වෙක්. ඇය ස්ත්‍රීවාදිනියක්. සදර්න් කැලිෆෝනියා යුනිවර්සිටියෙ ෆයින් ආර්ට්ස් උපාධිධාරිනියක්. පස්සෙ එයා තීරණය කරනවා එයාගෙ ඇතුලෙ පොරබදන අසම්මත නිදහස්කාමී ගැහැණියට ඉඩදෙන්න. එයා ඇනබල් චොන්ග් බවට පත්වෙන්න තීරණය කරනවා. ස්ටි්‍රප් ක්ලබ්වල නර්තනයෙ යෙදෙනවා. පැය දහයක් ඇතුලත පිරිමි 251ක් එක්ක සෙක්ස් කරලා වාර්තාවක් තියනවා.

    සිංගප්පූරු සාම්ප්‍රදායික සංස්කෘතියක හැදෙන, හොඳ පාසැල්වල හොඳ අධ්‍යාපනයක් ලබන කෙල්ලෙක් පෝර්න් ඇක්ට්‍රස් කෙනෙක් වෙලා වැඩිපුරම පිරිමි සමග නිදාගැනීමේ වාර්තාවක් තියන්න පෙළඹීම අමුතු කතන්දරයක්. මේ රෙකෝර්ඩ් එක තිබ්බට පස්සෙ එයා නැවත සිංගප්පූරුවට ගිහින් දෙමව්පියන්ට හෙලිකරනවා ඇගේ රස්සාව මොකක්ද කියල. එතනදි ඇතිවෙන හැඟීම්මය පුපුරා යාම ලුවිස්ගෙ ඇනබල්ගෙ කතාව ෆිල්ම් එකේ තියෙනවා.

    මේ සන්ඩාන්ස් සම්මාන ගන්න චිත්‍රපටිය කරන ගෆ් ලුවිස් ඇනබල් එක්ක අවුරුදු දෙකක කාලයක් එකට ගත කරනවා. එයා යන එන තැන්වල හැමදේම වීඩියෝ කරනවා. ඉන් අවුරුද්දක විතර කාලයක් ඔවුන් ආදරවන්තයන් වෙනවා. ඒත් ලුවිස් ඒ කතාව ෆිල්ම් එකේදි කියන්නෙ නෑ. ඒ වගේම සමහර සිදුවීම් එයාගෙ ආරක්ෂාව පිනිස වසන් කරනවා. උදා විදිහට දෙන්නා වෙන්වෙන තැනදි ඇනබල් විසින් ඇයට හිංසා කරගැනීම වීඩියෝගත කරන ලුවිස් ඊට මඳක් එපිටින් තමන්ටම ඒ හිංසාව කරගනිමින් හිටපු වග ෆිල්ම් එකට ගේන්නෙ නෑ. ඇය තමන්ගේ ජීවිතය ගැන ලුවිස් කරපු චිත්‍රපටයට චෝදනා කරනවා. නමුත් සන්ඩාන්ස්වලදි ඒ අවුරුද්දෙ සම්පූර්ණයෙන් අලෙවි වෙලා අවසන් වුනු චිත්‍රපටි 200 අතරට මේ ෆිල්ම් එක එනවා.

    ඇනබල් වැඩිහිටි චිත්‍රපටිවලට යොමුවෙන්නෙ ඇයට ඒ ගැන තිබුනු බුද්ධිමය කුතුහලයක් නිසාමයි. එයා ඇනබල් චොන්ග් කියන නම හදාගන්නෙත් එඩ්ගා ඇලන් පෝගෙ කවියකින්. ඇනබල්ට අනුව පෝර්න් කියන්නෙ ඉඩ් නැත්තං අපේ ප්‍රාථමික මනසේ සෙල්ලම් පිට්ටනිය. වර්ල්ඩ් බිගස්ට් ගැන්ග් බැන්ග් ෆිල්ම් එකට පස්සෙ එයාව සංවාදයකට ගෙනැත් අහනවා ‘ඇයි මෙහෙම එකක් කළේ’ කියල. එයා අනිත් පැත්තට අහනවා, ‘ඇයි මං එහෙම එකක් නොකරන්නෙ’ කියල. ඇනබල් එයාගෙ ෆිල්ම් එක දකින්නෙ ස්ත්‍රී ලිංගිකත්වයේ බලය නැවත අත්පත් කරගැනීමක් සහ ගැහැණුන් අප්‍රාණික ද්‍රව්‍ය ලෙස සැලකීමට විරෝධයක් හැටියෙන්.

    ඒත් මාධ්‍ය ඒක දකින්නෙ ඒ විදිහට නෙමෙයි. ඒ මාධ්‍යවල ඇනබල්ට කියන්න ඕන වුන කතාව පළවෙන්නෙ නෑ. අද වගේ ඒ දවස්වල ඇනබල්ගෙ අදහස කියන්න සමාජ මාධ්‍ය තිබුනෙත් නෑ.
    ඇනබල්ට සිංගප්පූරුවෙ ජනතාව සාප කරනවා. තමන්ව ඇහැටවත් දැකලා නැති අය පවා තමන්ට ඒඩ්ස් හැදිලා මැරෙන්න කියල ප්‍රාර්ථනා කරනවා දැකලා ඇය පුදුම වෙනවා. ඒ ප්‍රතිචාර මුලින් එයාව ඩිප්‍රෙස් කරනවා. පස්සෙ යාලුවො එක්ක බීපු වෙලාවට ඒවා හඬ නගා කියවලා හිනාවෙන්න එයා පුරුදු වෙනවා.

    එක රැයින් මේ තරම් ජනප්‍රිය වීම තමන්ට ඉතාම අහිතකර එකක් වුනා කියලයි ඇනබල් කියන්නෙ. එයාට ඒ සම්පූර්ණ ප්‍රතිරූපයම අත්අරින්න ඕන වෙනවා. ඒ අතීතය එක්ක තිබුනු සියලු සම්බන්ධතා නවත්වන්න ඕන වෙනවා. මගේ ශරීරය වෙනුවට මගේ බුද්ධිය ගැන උනන්දු වෙන මිනිස්සු ඇසුරු කරන්න මට ඕන වුනා කියල ඇනබල් කියනවා.

    එයා 2003දි පෝර්න් ඉන්ඩස්ටි්‍ර එකත් එක්ක තියෙන සියලු සම්බන්ධතා නතර කරනවා. ස්ටි්‍රපර් කෙනෙක් විදිහට එකතු කරපු සල්ලි වලින් ගෙදරක් අරන් එයා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදිහට ඉගෙන ගන්න පටන් ගන්නවා. ඇනබල් මේ වෙද්දි සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්.
    “බෝයිෆ්‍රෙන්ඩ්ලා ඇවිත් යනවා. ඒක් එක්ස්-බෝයිෆ්‍රෙන්ඩ්ලා හැමදාම ඉන්නවා”

    ඇනබල් කියන විදිහට එයාගෙ හැම පරණ පෙම්වතෙක් එක්කම එයා තාමත් හොඳටම යාලුයි. සම්පූර්ණයෙන්ම අමතක කළා කිව්වට පරණ අතීතයේ නටඹුන් දකින්න තාමත් එයා ඉඳහිට යනවා.
    හවායිවල ඇනබල් ස්ටි්‍රප් ඩාන්ස් කරපු ක්ලබ් එකක් තියෙනවා. එතන එයාව නිතර මුනගැහෙන්න ආපු කස්ටමර් කෙනෙක් ගැන එයාගෙ ලස්සන මතකයක් තියෙනවා. ඒ කස්ටමර් මිෂෙල් ෆුකො ගැන සංවාද කරමින් ඇනබල් ලවා ලැප් ඩාන්ස් ගන්න ආසා කළා. මෑතක නැවත ඒ අතීතය හොයාගෙන ඇනබල් එහේ ගියත් මේ තැන හොයාගන්න බැරි වෙනවා.

    ඒ කොහොම වුනත් ඇය ඇගේ අතීතය මරාදමනවා. ඇය ඇනබල්ව මරාදමමින් වෙබ් අඩවියෙ අවසාන වතාවට පළ කරන පණිවුඩය මෙහෙමයි.

    “ඇනබල් මියගියා. ඇයගේ නපුරු අවතාරය මෙතැන් පටන් පූර්ණ වශයෙන් ඇය විදිහට පෙනී ඉන්න පටන් ගන්නවා. ඇනබල්ගෙ සම්පූර්ණ සංකල්පයම මට මේ වෙද්දි ඇතිවෙලා තියෙන්නෙ. මං කැමතියි වෙන අලුත් දෙයක් කරන්න”

  • මීමැසි රමණය

    මීමැසි රමණය

    මීමැස්සො ගැන මට කියවන්න ලැබුනෙ අහම්බෙන්. එතකොට තමයි හිතුනෙ මීමැස්සන්ගෙ ලිංගික ජීවිතය කොයිතරම් පුදුමසහගතද කියල. අපි නිතර පිපුනු මලයි මීමැස්සයි ගැන සිංදු කවි අහලා තියෙනවා. එතනදි මල ගැහැණු විදිහටත් මීමැස්සා පිරිමි විදිහටත් තමයි කවිය ලියවෙන්නෙ. පරිකල්පන ලෝකෙ එහෙම වුනාට ඇත්ත ලෝකෙ කිසි දවසක පිරිමි මීමැස්සෙක් පැණි එකතු කරන්නෙ නෑ. මල් ගානෙ යන්නෙ ගැහැණු මීමැස්සො විතරයි.

    මීමැස්සන්ගෙ හැම වැඩක්ම කරන්නෙ වැඩකාර මැස්සියො. මීවද බඳින්නෙ, පැණි එකතු කරන්නෙ, පැටව් ලොකුමහත් කරන්නෙ ඔක්කොම මේ පුංචි වැඩකාර මැස්සියොන්ට අයිති වැඩ. මේ වැඩකාර මැස්සියන්ට සෙක්ස් කරන්න බෑ. ඒ අයගෙ ප්‍රජනන ඉන්ද්‍රයයන් වැඩිලා නෑ. ඒ අය ජීවත් වෙන්නෙත් සති කීපයයි.

    මීවදයක් පවතින්නෙ මීමැසි රැජිනක් හින්ද. එක මීවදේකට ඉන්නෙ එක රැජිණයි. ඒක එයාගෙ රාජ්ජෙ. අනිත් ගෑණු ඔක්කොම වැඩකාර මැස්සියො. පොඩිකාලෙ මේ මීමැසි පිලවුන්ට හැදෙන්න දෙනවා රෝයල්ජෙලි කියල ශ්‍රාවයක්. ඒක දිගටම ලැබෙන්නෙ රැජිණකට විතරයි. ඒ හින්ද රැජිණ අනිත් අයට වඩා විශාල හැදෙනවා. එයාගෙ ප්‍රජනන ඉන්ද්‍රිය සම්පූර්ණයෙන් වැඩෙනවා. වැඩකාර මැස්සියන්ට රෝයල්ජෙලි ලැබෙන්නෙ ටිකයි. ඒ හින්දම ඒ අයගේ ශරීරය පුංචියි.මේ වැඩකාර මැස්සියො මුලින් රැජිනගෙ ආවතේව කරනවා. ඊට පස්සෙ මීවදෙන් පිටත වැඩවල යෙදෙනවා. අන්තිම කාලෙදි තමයි මීපැණි හොයාගෙන යන කොටස පැවරෙන්නෙ. ඒක ඉතාම අන්තරායකාරී ගමනක්. කාගෙ හරි ගොදුරක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. සමහර විට හුළඟට ගහගෙන ගිහින් පාර හොයාගන්න බැරි වෙනවා. අසනීප වෙලා මැරෙනවා.

    පිරිමි මී මැස්සො ඉපදෙන්නෙ සෙක්ස් කරන්නම විතරයි. උන් ලොකුයි. ඔලුව වටේටම ඇස් විශාලව පැතිරිලා තියෙනවා. ඒ තියෙන්නෙ කන්‍යා රැජිණියන්ව අහසේදිම දැකගන්න. අනිත් මීමැස්සියන්ට වගේ පිරිමි මීමැම්සන්ට හදිස්සියට විදගන්න දළයක්වත් නෑ. උන් පුළුවන් වුනු ගමන් මීවදෙන් එලියට ගිහින් අනිත් මීවදවල රැජිනවල් ලුහුබඳිනවා.

    රැජින තමයි මීවදයක හැම මීමැස්සෙකුගෙම අම්මා වෙන්නෙ. වැඩකාර මීමැස්සියන්ටත් බිත්තර දාන්න පුළුවන්. ඒත් සංසේචනය නොවුනු ඒ බිත්තරවලින් හැදෙන්නෙ පිරිමි සත්තු. රැජින තෝර තෝර මේ බිත්තර කනවා එයාට අවශ්‍ය විදිහට ජනගහනය පාලනය කරන්න. ඒ හින්ද වැඩකාර මැස්සියකගෙ දරුවෙක් හැදෙන්නෙ එහෙමත් කලාතුරකින්. හොරෙන්.

    මී වදයක ජනගහනය වැඩි වුනාම ඉඩකඩ මදි වුනාම ඒ ගොල්ලො තීරණය කරනවා තව රැජිනක් හදන්න. ඒ රැජින වෙනුවෙන් කුටීරයක් ඉදි වෙනවා. ඒ රැජිනව රෝයල්ජෙලි දීලා ලොකුමහත් කරනවා. ඊට පස්සෙ සෙක්ස් කරපිය කියල මීවදෙන් එලියට එලවනවා. සෙක්ස් නොකරන කල් රැජින රැජිනක් විදිහට බාරගන්නෙ නෑ.

    කන්‍යා රැජිනගෙ මංගල ගමන ඉතාම සුවිශේෂයි. ඒක එයා ලොකු අවදානමක් අරගෙන යන ශෘංගාර චාරිකාවක්. එයා පිරිමි මීමැස්සො ගැවසෙන නිදහස් ප්‍රදේශයකට ඉගිල්ලෙනවා. රැජිනක් එනකල් කල්මරමින් ඉන්න පිරිමි මීමැස්සො ඇයව දකිනවා. ලුහුබඳින්න පටන් ගන්නවා. එතකොට රැජින පුළුවන් තරම් අහසේ ඉහළට ගමන් කරනවා. එයාට ඕන වඩාත් ශක්තිමත්ම පිරිමින්ගෙ ශුක්‍රානු එකතු කරගන්න.

    පිරිමි මී මැස්සො අහසෙ පියාඹන අතරෙ රැජින එක්ක සංසර්ගය කරනවා. මේ සංසර්ගයේ අවසානයේදී පිරිමි මීමැස්සාගේ ලිංගේන්ද්‍රිය පුපුරා යනවා. ඌ රමණයෙන් පස්සෙ අහසෙන් බිමට වැටෙන්නෙම මරණයක් විදිහට.

    ඊළඟ මීමැස්සට සිද්ද වෙනවා රමණයට කලින් පෙර මීමැස්සාගේ පුපුරා ගිය ලිංගේන්ද්‍රියෙ කොටස් පිරිසිදු කරන්න.

    මීමැසි රැජින මේ විදිහට දුසිමක් විතර පිරිමි මැස්සො එක්ක අහසෙ රමණය කරනවා. ඒ හැමෝගෙම ශුක්‍රානු වෙන වෙනම තැන්පත් කරගන්නවා. ඒක නිසා හොඳ ජාන විවිධත්වයක් ඇති මීමැසි පරපුරක් බෝකරන්න ඇයට පුළුවන් වෙනවා.

    අලුත් රැජින කන්‍යා චාරිකාවෙන් ආපහු ආවට පස්සෙ මව් රැජින ඇගේ පිරිවරත් එක්ක මීවදෙන් පිටව යනවා. ගිහින් වෙන අලුත් වදයක් තනා ගන්නවා.

    අවුරුදු හතරක් පහක් ජීවත්වෙන මීමැසි රැජිනක් රමණය කරන්නෙ මේ චාරිකාවෙදි විතරයි. ඊට පස්සෙ එයා කිසි දවසක මීවදෙන් එලියට යන්නෙ නෑ. බිත්තර දාන එකයි උපත් පාලනයයි තමයි කරන්නෙ.

    මට හිතාගන්න බැරි ලිංගය පුපුරා මැරෙන බව දැන දැන රමණය කරන්න තරම් මීමැස්සන්ගේ සුරතාන්තය කොහොම එකක් වෙන්න ඕනද කියල.

  • වැඩිහිටියන්ට තහනම්

    වැඩිහිටියන්ට තහනම්

    ලංකාවෙ බාලවයස්කාර දරුවන් ලිංගික අපයෝජනවලට පොළඹවන වෙබ් අඩවි තහනම් කරන්න කියල නියෝග කරලා. මේකට හේතුව විදිහට කියන්නෙ පාසැල් දරුවන් කොවිඩ් කාලෙ ගෙදර ඉන්න නිසා මේ වෙබ් අඩවිවලින් සංවිධානගත පිරිස් සූක්ෂම විදිහට අපයෝජනවලට පොළඹවා ගැනීම. දැන් කොහෙද මෙහෙම හේතුවක් තහවුරු වෙලා තියෙන්නෙ?

    මං දන්න තරමින් බාලවයස්කාර දැරියක් ඇගේ මවගේ අනුදැනුමත් ඇතුව ලිංගික ශ්‍රමිකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ ගැන දැන්වීමක් වෙබ් අඩවියක පළකරලා තියෙනවා. එතකොට අපි දරුවන්ව අම්මලාගෙනුත් ඈත් කරලා තියන්න ඕනද? මොකද මෙතනදි අම්මා තමයි අපයෝජනයට හවුල් වෙලා තියෙන්නෙ. ඕනම කෙනෙකුට මුදලක් ගෙවා දැන්වීමක් පළකරන්න පුළුවන් වෙබ් අඩවියක ඒ දැරිය ගැන දැන්වීම පළවෙලා තියෙනවා. ඒ දැන්වීමෙ වුනත් ඇය බාලවයස්කාර දැරියක් කියල සඳහන් වෙන්න විදිහක් නෑ.

    නමුත් මෙතනදි වෙබ් අඩවිය හසුවන වරද දැරිය බාලවයස්කාර වීම නෙමෙයි. නීතිය අනුව ලිංගික ශ්‍රමියන්ගේ දැන්වීම ප්‍රසිද්ධියෙ පළකරන්න බෑ.

    ඒක තියෙන්නෙ අපේ දණ්ඩනීති සංග්‍රහයෙ 360 ඒ වගන්තිය හැටියට. ඒකෙ හැටියට අවුරුදු 18ට වැඩි හෝ අඩු භේදයක් නැතුව, ඔවුන්ගේ කැමැත්ත ඇතුව හෝ නැතුව, පිරිමි ගැහැණු භේදයකින් තොරව ඕනම කෙනෙක්, රටෙන් පිට හෝ රටෙන් ඇතුලෙ ගණිකාවක් ලෙස ලබාදීම සහ ලබාදීමට උදව් කිරීම වරදක් වෙනවා. ඒ අනුව කාටහරි පුළුවන් දැන්වීම් පළකිරීම නිසා වෙබ් අඩවිය ගණිකා සේවයට උදව් කරනවා කියන්න.

    ඒ නීතියෙ හැටියට ලංකාවෙ ගණිකාවන්ට තමන්ගේ සේවය ගැන වෙබ් අඩවියකවත් දැන්වීමක් පළකරන්න පුළුවන්කමක් නෑ. එහෙම වුනොත් වෙබ් අඩවිය වරදට අහුවෙනවා. රටේ ගණිකා වෘත්තිය තහනම් නෑ කියල කිව්වට ඒ අයට පාරිභෝගිකයෙක් හොයාගන්න තියෙන හැම අවකාශයක්ම නීතියෙන් අහුරලයි තියෙන්නෙ. ඇගේ ජීවිතය ඉතාම අනාරක්ෂිත සහ දුර්වල එකක් බවට පත්කරලයි තියෙන්නෙ. ගණිකාවකට තමන්ම කෙනෙකුට කතා කරලා හෝ පිටේ බෝඩ් එක්ක ගහගෙන පාරෙ ගිහින් හෝ තමයි පාරිභෝගිකයෙක් හොයාගන්න වෙන්නෙ.

    විවෘත මනසකින් කල්පනා කරලා බැලුවොත් මේ වෙබ් අඩවි නිසා ලිංගික ශ්‍රමිකයන්ගේ ජීවිතයට වඩා පහසුවක්, නිදහසක් වගේම ආරක්ෂාවක් සැලසිලා තියෙනවා. අනෙක් පැත්තෙන් ඔවුන්ගේ පාරිභෝගිකයන්ටත් ඒ පහසුවම ආරක්ෂාවම ලැබෙනවා. මෙතෙක් වගකීම්රහිත, අඳුරු වෘත්තියක් වුණු ගණිකා වෘත්තිය යම් කිසි ශිෂ්ට ආකාරයෙන් ගනුදෙනු කළ හැකි වෘත්තීමයභාවයකට පත්වීම සමාජයක් පැත්තෙනුත් හිතකරයි.

    ඒත් අපිට තාම තියෙන්නෙ එදා තිබුනු නීතිය. සමාජයට ගැලපෙන විදිහට වෙනස් නොවුනු නීති ක්‍රියාත්මක වෙන්නෙ යහපතට වඩා අයහපත දිශාවට.

    මේ වෙබ් අඩවි මගින් සංවිධානාත්මකව දරුවන් අපයෝජනයට යොමු කරනවා කියන්න අපිට තියෙන පිළිගත හැකි සාක්ෂි මොනවද? මෙවන් තීන්දු විවේචනය කිරීම නෙමෙයි නමුත් ඒවාට හේතුවන තාර්කික අතාර්කික කාරණා ප්‍රසිද්ධ සංවාදයට ගන්න ඕන. මොකද ඒ හරහා එළඹෙන තීන්දු තීරණ පොදුවේ සමාජයකට බලපාන හින්ද. එක් අහඹු පුද්ගල වරදක් මත පදනම් වෙලා සමාජයක නිදහස සහ තෘප්තිය වාරණය වීමක් සිද්ද වෙන හින්ද.

    මේ තහනම සිද්ද වෙන්නෙ දරුවන් මේ වෙබ් අඩවිවලට පිවිසීම මුල්කරගෙන. ඒ කියන්නෙ ඇතැම් පවුල්වල වැඩිහිටියන් තමන්ගේ දරුවන් පාලනය කරගන්න බැරිවීම ගැන සමාජයටම වග කියන්න වෙනවා. කොවිඩ් නිසා ගෙදර ඉන්න බාලවයස්කාරයන් ගැන ඕනවටත් වඩා සිතීම ඇතුලෙ කොවිඩ් නිසා ගෙදර ඉන්න වැඩිහිටියන් නොතකා හළ යුතුද?

    සෑම වැඩිහිටි වෙබ් අඩවියකටම ඇතුල්වීමේදී වයස පිළිබඳ නිර්ණායකය වඩාත් හොඳින් තහවුරු වී තිබිය යුතුයි වගේ තීරණයකට එළඹීම ඉතාම තාර්කික සහ ඵලදායී එකක් වෙනවා. නමුත් කිසිසේත්ම අසම්බන්ධිත තහනමක් සහ හේතුවක් සමාජය විපිලිසර කරනවා.

    පවුලේ සිනමාව, පවුලේ රූපවාහිනිය වගේම පවුලේ වෙබ් අඩවිවල ගතවෙන ජීවිතයකට අපිව හිරවෙනවා. අන්තිමට අපි ළමයි වෙනවා.

    මේ සටහන පදනම් වෙන්නෙ කලම්බුටයිම්ස්.එල්කේ වෙබ් අඩවියේ පළවුනු ප්‍රවෘත්තියක් මතයි. ඒ ප්‍රවෘත්තිය අනුව මේ විදිහට දරුවන් අපයෝජනයට පොළඹවන වෙබ් අඩවි ලංකාවේ විශාල සමාජ ව්‍යසනයක් නිර්මාණය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කුමක් හෝ පර්යේෂණයක් සිද්ද වෙලා තියෙනවද? අපි මේ කතා කරන්නෙ සිද්ධි කීයක් මත පදනම්වද? මේ තරම් ඔන්ලයින් අවකාශයේ වැඩිහිටි වෙබ් අඩවිවල ගැවසෙන අපිත් නොදන්නා මේ විශාල සමාජ ව්‍යසනය තිබුනෙ කොහෙද?

    උසාවියෙන් නියෝග කරන්නෙ පාසැල් යළි ආරම්භ කරන කල් මේ වෙබ් අඩවි තහනම් කරන්න කියල. එතනදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා එහෙම පැලැස්තර දාලා වැඩක් නෑ ඩොමේන් එකෙන්ම ගලවන්න ඕන කියල. පොලිසිය හැමතිස්සෙම ඉන්නෙ සදාචාරය රකින්න නීතියටත් වඩා ඉස්සරහින්.ඇයි අපි සමාජයක් විදිහට මිනිස්සුන්ගේ ආශා කලාපයන් වාරණය කරන්නම හේතු හොයන්නෙ? ඒවා වඩා හිතකර ආකාරයෙන් නිදහස් වෙන්න ඇති අවස්ථා අයහිර කරන්නෙ? මේ සම්බන්ධයෙන් පවතින පැරණි නීති යළි සාකච්ඡාවට කැඳවීමෙන් වඩා මානුෂීය ආකාරයෙනුත්, නූතන තත්වයන්ට ගැලපෙන ආකාරයෙනුත් ඒවා වෙනස් කිරීමයි ප්‍රගතිශීලි සමාජයක සිදුවිය යුත්තෙ. යම් වරදක් පිළිබඳව සමාජයකට බලපාන තීන්දු ගැනීමේදී අපි වඩා මධ්‍යස්ත විද්‍යාත්මක පදනමක් අනුව ඒ කළ යුතුයි කියල අපි විශ්වාස කරනවා. නමුත් මෙතැනදී සිදුවන්නේ සැබෑ ළමා අපයෝජනයේ ප්‍රශ්නය තියෙන තැන අතහැර එය දඩමීමා කරගනිමින් ඉතාම අවශ්‍ය වැඩිහිටි නිදහසක් වාරණය කිරීමක් කියල අපි හිතනවා.

  • SEX/LIFE

    SEX/LIFE

    සෙක්ස්/ලයිෆ් කියන්නෙ මේ ජූනි මාසෙ නෙට්ෆ්ලික්ස් වලින් මුදාහැරපු ශෘංගාර සීරිසයක්. ඒක පදනම් වෙන්නෙ බීබී ඊස්ටන් කියන කොන්ඩෙ රෝස පාට ලේඛිකාවගේ 44 Chapters about 4 men කියන නවකතාව මත. ඒකෙ තේමාව වෙන්නෙ ගැහැණියක් විසින් මවක්, ගෘහණියක් බවට පත්වෙන්න කරන තෝරාගැනීම සහ ඒ නිසා මගහැරෙන අනුරාගී සෙල්ලක්කාර ආත්මය ගැන කතාන්දරය. ඒ ලෝක දෙකම අයිති කරගන්න ගැහැණියකට පුළුවන්ද? නැත්නම් ස්වාමියාගේ බිරිඳ හැටියෙන්, දරුවන්ගේ මව හැටියෙන් රාගහරණය කළ ජීවිතය ඇය තටු කපාගෙන බාරගත යුතුද?

    බීබී ඊස්ටන් කියන්නෙ සයිකොලොජිස්ට් කෙනෙක්. එයා දරුවන් දෙන්නෙක් සහ සැමියා එක්ක ජෝර්ජියාවෙ ජීවත් වෙන්නෙ. මේ වෘත්තියෙන් අයින් වෙලා එයා පොත් ලියන්න තීරණය කරනවා. එතනදි එයාට හිතෙනවා එයාගෙ පන්ක් රොක් අතීතය සහ හිතාගන්න බැරි තරම් ප්‍රචණ්ඩව ගතවුනු ලිංගික ජීවිතය ගැන ලියන්න. මේ පොත ලියවෙන්නෙ ඊස්ටන්ගෙ ඒ මතකයන් විදිහට. එයාගෙ ෆේස්බුක් පිටුවට ගියොත් බලාගන්න පුළුවන් ඒ දෙබස්, ඒ සිද්ධීන් එයා කොයිතරම් තලුමරනවද කියල.

    මේ කතා පෙළ ස්ටේසි රුකේසර් අතින් සීරිස් එකක් විදිහට නිර්මාණය වෙනවා. ඒකෙ නිතර තැන තැන අපේ ප්‍රධාන චරිතය වන සයිකොලොජිස්ට් එයාගෙ පරණ පෙම්වතා එක්ක ගතවුනු සෙක්ස් ගැන මතක් කරනවා. ඒ උමතුව අහිමි මළානික ජීවිතය ගැන කණස්සලු වෙනවා. ඒත් එයාට ඕන නෑ සැමියා සහ දරුවන් අත්ඇරලා ආශාව හඹා යන්න. ඒ වගේම සැමියා සහ දරුවන් වෙනුවෙන් ආශාව මරාදමන්න ඕනත් නෑ.

    ඒ එක තැනක කෙල්ලක් උමතු කරන තරමේ ශෘංගාර අනුහසක් සහ දිගු ලිංගයක් හිමි පෙම්වතා සමග රමණය කරන අතර අපේ කෙල්ල බිලී ඒ සෙක්ස් පොසිෂන් එක ගැන කතා කරනවා. ඒක තමයි කොයිටල් එලයින්මන්ට් ටෙක්නික්. බිලී ඒක සැමියා එක්කත් අත්හදා බලනවා. ඒත් සැමියාට කවදාවත් ඒක හරියට කරගන්න බැරි වෙනවා. කිසිම තාක්‍ෂණයක් ගැන නොදැන ඒ අතීත පෙම්වතා ශෘංගාර විස්කම් මැවූ හැටි ගැන බිලී පුදුම වෙනවා.

    කොයිටල් එලයින්මන්ට් ටෙක්නික් (Coital Alignment Technique), සිංහලෙන් අමාරුවෙන් කිව්වොත් සංසර්ග ඉරියව්ව ගලපා ගැනීමේ තාක්‍ෂණයට සාමාන්‍ය වහරෙන් කියන්නෙ තිරිඟු ඇඹරීම කියල. මෙතනදි වෙන්නෙ ප්‍රසිද්ධ මිෂනරි ඉරියව්වම ක්ලිටොරිසය උපරිමයෙන් උත්තේජන කරන ආකාරයෙන් සකස් කරගැනීම. උඩ සිටින පිරිමියා හෝ ඩිල්ඩෝවක් පැළඳි ගැහැණිය මඳක් ඉදිරියෙන් තම ශරීරය පවත්වාගනිමින් ඉහල පහළ යාම කරන්න ඕන. ඒ වගේම දෙන්නාගේම අවධානය ලිංගේන්ද්‍රියන් ස්පර්ශ වන තැන රඳවාගනිමින් ඒ ස්පර්ශය උපරිම කරන ආකාරයේ රිද්මයක් ඇති කරගන්න එකත් වැදගත්. මෙතනදි වෙන්නෙ ශිෂ්නය සම්පූර්ණයෙන් යෝනිය තුලට ගමන් කරනවා වෙනුවට එහි බඳ කොටස ක්ලිටෝරිසයේ ඇතිල්ලෙමින් යෝනියේ තරමක් ඇතුලට ගමන් කිරීමේ ප්‍රවේශයක් ගැනීම.

    මෙතනදි පිරිමියා විසින් ශිෂ්නය මිෂනරි ඉරියව්වේදී මෙන් ඉහලට යොමු කරනවා වෙනුවට පහල අතට යොමු කිරීමකුයි සිද්ද වෙන්නෙ. පිරිමියා ශරීරය ඉහළට ගෙන යද්දී ගැහැණිය පහළට යමින්ද නැවත පිරිමියා පහලට එන විට ගැහැණිය ඉහළට යමින්ද මේ ඇතිල්ලීමේ රිද්මය පවත්වාගන්නවා. එමෙන්ම බඳ කොටස කරකැවීමෙන් මේ සංවේදනය තවත් උපරිම කරන්න පුළුවන්. මේකට පුහුණුවක් අවශ්‍ය වෙනවා. හොඳින් පුහුණු වුනාට පසුව ගැහැණිය උඩින් සිටින ඉරියව්වෙන් Reverse CAT එකත් අත්හදා බලන්න පුළුවන්.

    මේ තාක්‍ෂණය මුලින්ම නිර්වචනය කරන්නෙ ඇමරිකානු සයිකොතෙරපිස්ට් කෙනෙක් වන එඩ්වර්ඩ් අයිෂල්. මේ ගැන කෙරුණු පර්යේෂණ වාර්තාව 1988 දි සෙක්ස් ඇන්ඩ් මැරිටල් තෙරපි ජර්නල් එකේ පලවෙනවා.

    මේ තාක්‍ෂණය හොයාගන්නෙම යෝනි සංසර්ගයෙන් පමණක් සුරතාන්තය ලැබීමට දුෂ්කර කාන්තාවන් වෙනුවෙන්. මෙතනදි උපරිම ආස්වාදය ලබන්නෙ බොටම් හෙවත් පහළින් සිටින ගැහැණියයි. යෝනි මාර්ගයේ ආස්වාදයට අමතරව එකවිටම ක්ලිටෝරිසයේ උත්තේජනයත් ලබාදීම මෙතනදි සිද්ද වෙනවා.

    මේකට තිරිඟු ඇඹරීම කියන්නෙත් ඒ තාක්‍ෂණයේ ස්වරූපය නිසාමයි. ඇතුලට ගමන් කිරීම වෙනුවට ක්ලිටෝරිසයේ ඇතිල්ලීම ගැනයි වැඩි අවධානයක් යෙදෙන්නෙ. ඒක හරියටම ලෙස්බියන් සම්බන්ධයකදි වගේමයි. මේ ඇතිල්ලීමේ ඉරියව්ව හින්දයි මේකට තිරිඟු ඇඹරීම කියල කියන්නෙ. ලංකාවෙ නම් ආප්ප ගැසීම වගේ එකක් වුනත් හැදෙන්න තිබුන.

    මේක මූලිකව ස්ත්‍රී පුරුෂ සංසර්ගයක් වෙනුවෙන් නිර්මාණය වුනත් ඩිල්ඩෝවක් සමග සමරිසි කාන්තාවන් දෙන්නෙකුට වුනත් අත්හදා බලන්න පුළුවන් ඉරියව්වක්.

    කලින් සඳහන් කළා වගේ CAT මුලින් යොදාගත්තෙ යෝනි සංසර්ගයෙන් සුරතාන්තය ලැබීමේ අපහසුතා ඇති කාන්තාවන්ට. ඒකට අපි කියනවා ෆීමේල් කොයිටල් ඇනොර්ගස්මියා (female coital anorgasmia) කියල. 1995දි මේ ගැන කරපු පර්යේෂණයකින් තහවුරු වුනා මේ CAT ඉරියව්වෙන් කාන්තාවන් බහුසුරතාන්තයන්ට සහ වඩා පරිපූර්ණ තෘප්තියකට ළඟා වෙනවා කියල.

    ඒ වගේම ක්ෂණික මෝචනයටත් මේක ඉතාම ප්‍රතිඵලදායී වුනා. ගැහැණු පිරිමි දෙදෙනාම ඇතිල්ලීම ගැන අරමුණු කරන නිසා බොහෝ වෙලාවක් ඔවුන්ට සංසර්ගයේ යෙදෙන්න පුළුවන් වුනා.

    සාමාන්‍ය සමතලා ඇඳකට වඩා කොට්ටයක් තබා ඉන ප්‍රදේශය ඔසවා තැබීමෙන් මේ ඉරියව්ව පහසු කරනවා වගේම වැඩි තෘප්තියක් ලබාදෙනවා. කාන්තාවට පිරිමියාගේ පුළුවන් බඳ වටා කකුල් යවා ගනිමින් පාලනය තමන් අතට ගන්න. ඒ වගේම මේ අතර ඇඟිලිවලින් ඇගේ ශෘංගාර ප්‍රදේශයන් ස්පර්ශ කිරීමෙන් කිතිකැවීමෙන් ආස්වාදය උපරිම කරන්නත් පිරිමියාට පුළුවන්.

    මතක තියාගන්න ඕන දේ තමයි හරි ස්ථානගත කිරීම් තේරුම් ගන්නකල් මේක ඉවසීමෙන් පුහුණු වෙන්න වෙනවා. ඒක නිසා එකපාර අතෑරලා දාන්න එපා. ඇත්තටම ඒ පුහුණුව කියන්නෙත් CAT ඉරියව්වෙ තෘප්තියෙන් අඩක්.

    රෑට නිදාගන්න කලින් එපිසෝඩයක් බලන්න රමණීය (ඒ කියන්නෙ රමණයෙන් විචිත්‍ර) සීරීස් එකක් අත අරින්න එපා.

  • අෂ්ටාංගික ප්‍රේමය – Greek Love

    අෂ්ටාංගික ප්‍රේමය – Greek Love

    ආදරය ගැන දීප්ති කුමාර ගුණරත්න ත්‍රිමාන අඩවියට ලිපියක් ලියල තිබුන. ආදරය ගැන ලියවුණු පරම වෛරය මුසුවූ ලියමනක් වන එහි දීප්ති ග්‍රීක ආදරය ගැන මතක් කරනවා. ඊට පස්සෙ ලිපිය පුරාම සෙක්ස් කියන එක පහත් කරමින් රාගයෙන් තොර පරම ආදරයක් උත්කර්ෂයට නංවන්න හදනවා. කොහොම වුනත් ඒ ලිපියේ පුද්ගලයන්ට පහර දීමේ වැඩි කොටස අයින් කරලා ආදරය ගැන අදහස ගත්තම කියන්න තියෙන්නෙ ග්‍රීක ආදරය ගැන පැටලිලි සහගත හෝ වැරදි සහගත කියවීමක් කියන එකයි.

    ඒත් ඒක හින්ද අපිට පුළුවන් ග්‍රීකයො ආදරය දැක්කෙ කොහොමද කියන එක කතාවට ගන්න.

    ආදරය කියන්නෙ හැමෝම ප්‍රශ්නයකට යන තැනක්. ඕනම කෙනෙක් තමන් ප්‍රාර්ථනා කරන විදිහෙ ආදරයක් නොලැබීමේ කාංසියෙන් පෙළෙනවා. ආදරයේ පොපියන චමත්කාරය සහිත මුල් ටික කාලෙන් පස්සෙ මේක ස්වභාවිකයි. ඊට පස්සෙ අපි ආදරය රඳවා ගන්න එක එක දේවල් කරනවා.

    අපි හැමෝම මේ මානසික අර්බුදයට මුහුණ දෙන්නෙ ඉතාම මෑත කාලෙක ආගමික අදහසක් විදිහට ආපු රොමාන්තික ආදරය ගැන සංකල්පය හින්ද. අපි හැම ආදරයක්ම එක මනුස්සයෙක් මත පවරනවා. එකම විදිහකට හැමදාම පවතින ආදරයක් ගැන සිහින දකිනවා. ඒක කොයිතරම් බොළඳද කියල දැන දැනත් අපිට ඒකෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙනවා. අපේ ආශාවන් අවුලන ලිංගික අනුරාගයත් අපි ගැන හොයන බලන ආරක්ෂාව සලසන සංසුන් ප්‍රේමයත් එකම තැනක රඳවන්න අපි ශිෂ්ටාචාරයක් පුරා අසාර්ථක වෑයමක යෙදෙනවා.

    අපි ආදරය කියන තනි වචනෙ දරන්න බැරි තරම් දේවල් වලින් පුරවලා තියෙනවා.

    ග්‍රීකයො මූලිකවම ආදරයේ තුන් ආකාරයක් ගැන කතා කළා. ඒ තුන එකම ආදරයක් ඇතුලෙ පවතින්න ඕන කියල ඒ ගොල්ලො විශ්වාස කළේ නෑ. ඒ තුන වෙන වෙනම පැවතිය හැකි ආදරයන්. ඒ වගේම ඒ එක් ආදරයක් අනෙක බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. හැම දෙයක්ම එක වචනයක ගොනු කරනවා වෙනුවට ග්‍රීකයො ඒ වෙනස් සම්බන්ධතා සහ හැඟීම් ස්වරූප වෙන වෙනම පවත්වාගත්තා. මානසික කලාපයන් විශාල කළා.

    Eros – මේ තමයි ආදරයක මුල් කාලය. ශරීරයෙන් උතුරා යන ප්‍රේමය. අනුරාගය. මේක හැමදාටම පවතින එකක් නෙමෙයි. එක්කො ආශාවන් තෘප්තිමත් කරමින් මේ ආදරය නිමාවෙනවා. නැත්තං ඒක වෙනත් ආදරයක් බවට පරිවර්තනය වෙනවා. සම්බන්ධතා ස්වරූපය මාරු වෙනවා. දීප්ති බයෙන් කතා කරන සෙක්ස් කියන කොටස තියෙන්නෙ මෙතන. ග්‍රීකයන් පවා මේක අනතුරුදායක විදිහට දැක්කෙ තමන්ගේ පාලනය ගිලිහී යන්න පුළුවන් නිසා. කොයිතරම් හිටියත් ඇතිවෙන්නෙ නැති ප්‍රේමයක්. ශරීරයෙන් ශරීරයට කතා කරන ආදරේ භාෂාව තමයි මේක.

    Philia – ඇරිස්ටෝටල් විසින් පරම ආදරය විදිහට හැඳින්නුවෙ මේ සම්බන්ධතා ස්වරූපය. ප්ලේටෝගේ ආදරය වුනෙත් මේක. ඒ තමයි මිත්‍රත්වය. මේ ආදරය ඇතිවෙන්නෙ සමානයන් දෙන්නෙක් අතර විතරයි. ඊරොස් කියන ප්‍රේමය කාලයකදි මේ දක්වා වර්ධනය වෙන්න පුළුවන්. නමුත් මේ මිත්‍රත්වයේ ආදරය පවතින්න සෙක්ස් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒක මනසින් මනසට කරන ආදරයක් විදිහටයි හැඳින්නුවෙ. විවාහයකට වඩා සුදුසු වෙන්නෙ මේ විදිහෙ ප්‍රේමයක්. අනුරාගී ආශාවන්ගෙන් බැහැර පවතින ආදරයක්. මේ ආදරයට සමාන්තරව තව තැනක ඊරොස් ඇවිලෙන්න පුළුවන්.

    Agape – මේ තමයි ආධ්‍යාත්මික ප්‍රේමය. නැත්තං මහා මෛත්‍රිය. සියලු දෙනා වෙත පතල කරන ආදරය. මේක ඇතිවෙන්නෙ විශාල එම්පතියක් එක්ක. දුකට පත් කෙනා ගැන ඇතිවෙන සහනුකම්පිත හැඟීම. මේ ආදරයේ වැදගත්කම ඒක අනෙකාගේ හොඳ මත ඇතිවෙන දෙයක් නොවෙන එක. මනුස්සයෙක් දුර්වලතාවයන් සමග බාරගන්න පුළුවන් වෙන්නෙ ඇගපෙ නිසා. දුෂ්ටයා විනාශ වෙද්දි පවා ඔහු වෙනුවෙන් ඇතිවෙන්නෙ මෙන්න මේ ප්‍රේමය. ආත්මාර්ථයෙන් තොර වූ මිනිස් ප්‍රේමය.

    මේ මූලික ආදරයේ හැඩයන්ට අමතරව තවත් ආදරනීය සම්බන්ධතා කීපයක් ගැන ග්‍රීකයො කතා කරනවා.

    Ludus – මේ කියන්නෙ ෆ්ලර්ටින් වලදි ඇතිවෙන ආදරයට සමාන හැඟීමක්. ඉතාම කෙළිදෙල්, සෙල්ලක්කාර, විනෝදකාමී, සතුටින් පිරුනු පාවෙනසුලු ආදර මොහොත. බොහෝ විට ඊරොස්වල පෙර මොහොත.

    Pragma – කාලයත් ජීවිතයත් එක්ක පරිණත වූ ආදරයට ප්‍රැග්මා කියනවා. විවිධ දේට එකට මුහුණ දීමෙන් දේවල් කැපකිරීමෙන් ගොඩනැගුනු සුවිශේෂී මිනිස් බැඳීමක්. මේක ආදරයේ ගැඹුරු පැවැත්ම කියන්න පුළුවන්.

    මේ සියලු ආදරයන් එකට එක තැනක පවතින්න ඕන කියල ග්‍රීකයො විශ්වාස කළේ නෑ. මේ සියල්ල එකවිට පවතින්න පුළුවන් ආදර කලාප හැටියෙනුයි ඒ ගොල්ලො දැක්කෙ. ඒ හැම ආදරයක්ම එකතු වෙලා මිනිහෙකුගේ හදවත විශාල කළා. එක ආදරයක් පවත්වාගැනීම වෙනුවෙන් අනෙක් සියල්ල කැපකිරීම සිද්ද වුනේ බොළඳ රොමාන්තික ආදරය ගැන විශ්වාසය ඇතිවුනාට පස්සෙ. ඊට කලින් මිනිස්සු තමන්ට මුනගැහෙන එක් එක් ආදරයේ ස්වරූපයන් වින්දා. ඒ නිසා එක ආදරයක් ඇතුලෙ නැති දේවල් ගැන හිතමින් තැවෙන්න ඕන වුනේ නෑ. අපි විවාහය ඇතුලෙ කරන්නෙ මේ සියලු සුවිසල් ආදර කලාපයන් එක තැනකට සීමා කරන එක. එක මනුස්සයෙක් මත පවරන එක. ඒ අතෘප්තියෙන් කාංසියට පත්වෙන එක.

    ග්‍රීකයො තවත් වෙනස් ආදරයේ ස්වරූපයන් ගැනත් කිව්වා.

    Filautia – තමන් පිළිබඳ ආදරය ගැනත් ග්‍රීකයො කතා කළා. තමන් ගැන ආදරය නැත්තාට පිටස්තර අයට ආදරය කළ නොහැකි යැයි ඔවුන් විශ්වාස කළා. අනෙක් අය ගැන ඇතිවන සෑම මිත්‍රශීලී හැඟීමක්ම කෙනෙක් තමන්ට දක්වන මිත්‍රශීලි බවේ දිගුවක් කියල ඇරිස්ටෝටල් කිව්වා.

    මේ ආදරයේ නරක ස්වරූපය තමයි නාසිසිසම් කියන්නෙ. තමන් පිළිබඳ ස්වරූපරාගයෙන් පෙළීම.

    Storge – පවුලේ බැඳීමක් විදිහට ඇතිවෙන ආදරය. සහෝදරයන් අතර පවතින්නෙ මේ හැඟීම. කණ්ඩායම් හැඟීම, ජාතික හැඟීම, වාර්ගික හැඟීම වගේ දේවල් අයිති වෙන්නෙ මේ ආදරයට.

    Mania – මේ තමයි උමතු ආදරය. අනෙකා මත දැඩිව රදා පවතින අනෙකාව මරාගෙන මැරෙන ප්‍රේමය. ඉරිසියාව, හීනමානය, තණ්හාව නලියන ප්‍රේමය. අපි පිහි ඇනුම්, දිවිනසා ගැනීම් දකින්නෙ මේනියාවේ ප්‍රතිඵල විදිහට. එකිනෙකා විනාශ කරන විෂ සහිත ආදරයන් ඇතුලෙ පවතින්නෙ මේ උමතු ප්‍රේමය.
    අපි ආදරය කියන වචනෙ ඇතුලෙ මේ හැමදේම කියනවා. එක වචනයක් මේ හැම හැඟීමක්ම දරද්දි ඒ වචනෙට තේරුමක් නැති වෙනවා.

    දීප්තිගේ යෝජනාව වන අන් සියලු ආදරයන් වෙනුවට ෆීලියා විතරක් පවත්වාගැනීම කියන්නෙත් නැවතත් කසාද ප්‍රේමයම වෙනස් විදිහකට යෝජනා කිරීමක්. ඒක රොමාන්තික ප්‍රේමය ගැන අදහසේම ගිලීමක්. ඒ වෙනුවට ආදරයේ ප්‍රගතිශීලී උත්සාහය වෙන්න ඕන වෙනස් වෙනස් ආදරයන් වෙනස් වෙනස් නම් වලින් පවතින විශාල හදවතක් හිමි මනුස්සයෙක් නිර්මාණය කරන එක.

  • මරාගෙන මැරෙන ප්‍රේමයට බැහැරින්

    මරාගෙන මැරෙන ප්‍රේමයට බැහැරින්

    මොනොගමික සම්බන්ධතාවයට බාහිරින් පවතින සම්බන්ධතා ස්වරූප ගැන අපි ලිපි ගානක කතා කරලා තියෙනවා. ඒ කියන්නෙ ආදරයේ වෙනස් ස්වරූපයන් ගැන. ඔයා මගේ මං ඔයාගෙ ආදරේට පිටින් පවතින නිදහස් ආදර කතිකාවන්. මේක ගැන වැඩියෙන් කතා කරන්න හේතුවක් වෙන්නෙම අපිට චොයිස් එකක් තිබිය යුතු වීම.
    පවතින එකම ස්වරූපයක ආදර සම්බන්ධතා ඇතුලෙ අපිව ඉතිහාසයක පටන් හිර කරලා තියෙනවා. සාහිත්‍යය, සිනමාව, විද්‍යාව ඇතුලෙ ඒක ස්වභාවික කරලා තියෙනවා. අපිට අපේ මිනිස් සම්බන්ධතා වෙනුවෙන් නිදහස් තෝරාගැනීමක් අහිමි කරලා තියෙනවා. ඒ හින්දමයි නැවත නැවත ඒ ගැන කතා කිරීම අවශ්‍ය වෙන්නෙ. මොනොගමි කියන්නෙ ආදරයේ එකම සම්බන්ධතා ස්වරූපය නෙමෙයි. ඒක ඉතිහාසෙ පටන්ම එහෙමයි. පවතින සදාචාර අධිකාරිය, ආගම විසින් පනවපු සීමාවන්ට පිටින් ආදරයන් හැමදාම පැවතුනා. ඒ අසීමිත ආදරයන්ගෙන් පිලිගත් සීමිත ආදරයන් පෝෂණය වුනා.

    සම්මතය විසින් නිර්මාණය කරදුන් මොනොගමි හෙවත් එකම පෙම්වතෙක් සහ පෙම්වතියක් (නැත්නම් එකම පෙම්වතියන් දෙන්නෙක් හෝ පෙම්වතුන් දෙන්නෙක්) පමණක් පවතින සබඳතා ස්වරූපයට බැහැරින් තවත් සම්බන්ධතා මාදිලි තුනක් අපිට අඳුරගන්න පුළුවන්. පොලිගමි, ඕපන් රිලේෂන්ෂිප් නැත්තං විවෘත සබඳතා, පොලියමරි කියන්නෙ මේ තුනට. මේ තුනෙන් හැඳින්වෙන්නෙ එකක් නෙමෙයි තුනක්.
    මොකක්ද මේවා අතර වෙනස?

    මුලින්ම අපි මොනොගමිය ගමු. මේක තමයි අපි ජීවත්වෙන සමාජයේ ස්වභාවික හැටියෙන් පිළිගත්ත සම්බන්ධතා ස්වරූපය. මේ විදිහෙ ආදරයන් වෙනුවෙන් මරාගෙන මැරෙන පෙම්වතුන් අපි සියදහස් ගානක් චිත්‍රපටි නවකතා සුරංගනා කතාවල දැකලා තියෙනවා. මේක තමයි සාම්ප්‍රදායික ප්‍රවේශය.

    මේකෙන් බාහිර ආකාරයන්ගේ සබඳතා අපි දකින්නෙ විකෘති නැත්තං අපචාරී විදිහට. මේවා හරිම ආන්දෝලනාත්මක මාතෘකා වෙනවා.

    පොලියමරි කියන්නෙ සම්බන්ධතාවයක ඉන්න දෙන්නට දෙන්නා විසින්ම වෙනත් රොමාන්තික සම්බන්ධතා පවත්වාගෙන යන්න ඉඩ දෙන, උදව් දෙන ආකාරයේ සම්බන්ධතාවලට. තමන් එක්ක තියෙන ආදරය වෙනුවෙන් වෙනත් ආදරයන් කැපකරනවා වෙනුවට ඒ ආශාවන්, ඒ බැඳීම් හොයාගෙන යන්න නිදහස දෙන එකයි පොලියමරි සම්බන්ධයක විශේෂත්වය. මෙතනදි වැදගත්ම දේ මේ සහකරුවන් දෙන්නාටම සමාන අයිතියක් නිදහසක් ලැබෙන එක.

    පොලිගමි කියන්නෙ එක්කෙනෙක් කීපදෙනෙක්ව විවාහ කරගැනීමට. උදා විදිහට අන්තපුරයක් කියන්නෙ පොලිගමි සම්බන්ධයක්. මුස්ලිම් විවාහය කියන්නෙ පොලිගමි සම්බන්ධතා ස්වරූපයක්. එකගෙයි කෑමත් වුනත් එහෙමයි. එතනදි සමාන අයිතිවාසිකම් බුක්ති විඳින තත්වයක් දකින්න අමාරුයි.

    ඒ වගේම පොලියමරි කියන එක ඕපන් රිලේෂන්ෂිප් එක්ක පටලගන්නත් එපා. පොලියමරි සම්බන්ධයකදි එකිනෙකා අතර ඇතිවෙන්නෙ රොමාන්තික සම්බන්ධතා. ඒක ලිංගික සම්බන්ධතාවලට සීමා වෙලා නෑ. ඒත් ඕපන් රිලේෂන්ෂිප් වලදි මේක වෙනස්. සහකරුවන් දෙන්නෙක් විසින් අනිත් අය එක්ක ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ නිදහස පමණක් පවත්වාගෙන යද්දි අපි ඒකට කියනවා විවෘත සම්බන්ධයක් කියල. මේ ආකාරයේ සම්බන්ධතාවයක් ඇතුලෙදි එක සහකරුවෙක් තව කෙනෙක් සමග ලිංගික සම්බන්ධයකට පිටින් ගිය ආදර සම්බන්ධයක් පවත්වා ගැනීම චීටින් හෝ රැවටීමක් වෙනවා.

    සමානත්වයකට තියෙන්නෙ පොලියමරි සහ ඕපන් රිලේෂන්ෂිප් කියන දෙකේදිම විවෘතව සහ අනෙකා දැනුවත්ව පිටස්තර සම්බන්ධතා පවත්වාගැනීම කියන එකයි.

    මේ විදිහෙ මොනොගමි නොවන සම්බන්ධතා පවත්වන අය ගැන තියෙන ගතානුගතික විශ්වාසය වෙන්නෙ එකකට සෙට්ල් වෙන්න බැරි, නැත්තං චීට් කරන්න පෙළඹෙන අය කරගෙන විසින් පවත්වාගෙන යන දුර්වල සම්බන්ධතා කියන එක. ඒත් පොලියමරි ගැන පර්යේෂණ කරන අය කියන්නෙ ඒක ඔය කියන විදිහෙ අපරිණත හෝ සදාචාරයක් නැති ආකාරයක සම්බන්ධයක් නෙමෙයි කියලයි. 2012-2015 අතර ලිංගික නිදහස වෙනුවෙන් වූ ජාතික සන්ධානය කියන ඇමරිකානු සංවිධානය මගින් මේ ගැන සමීක්ෂණයක් කළා. එතනදි පෙනුන දෙයක් තමයි 60%ක පිරිසක් තමන් මොනොගමි හැටියෙන් බාරගන්නා බව. ඒ වගේම 25%ක් පොලියමරි සම්බන්ධයකට උනන්දුයි නමුත් තවමත් එවැන්නක් අත්හදා බලලා නැතුව හිටියා. තව 7%ක් ඒ වෙද්දිත් පොලියමරි සම්බන්ධතාවල හිටියා. ඒ කියන්නෙ විශාල පිරිසක් ඉන්නවා පොලියමරි කියන එක සම්බන්ධතා ස්වරූපයක් වශයෙන් බාරගන්න.

    පොලියමරි කියන්නෙ විසිඑක්වෙනි සියවසේ හොයාගැනීමක් නෙමෙයි. මේ වචනෙ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියට නම් ආවෙ 2006දි. ඒත් මේ සම්බන්ධතා ඉතිහාසය පුරාම තිබුන. සියුස් ගැන, ඇෆ්රොඩිට් ගැන මිත්‍යා කතා වල අපිට ඒ ස්වරූප මුනගැහෙනවා. මේ වෙද්දි ලිංගික අධ්‍යාපනය ලංකාවෙ නැතත් ලෝකෙ තරමක් විවෘත වෙලා තියෙන නිසා මේ සම්බන්ධතා ගැන විනිශ්චය කිරීමකින් තොරව අත්දැකීම් බෙදාහදාගැනීමට ඉඩ ලැබිලා තියෙනවා.

    ගොඩක් අය හිතන්නෙ පොලියමරි කියන්නෙ පාලනය කළ නොහැකි ලිංගික ආශාවන්ගේ ප්‍රතිඵලයක් කියල. ඒත් ඒක වැරදි කියවීමක්. පොලියමරි සම්බන්ධයක මූලිකම කාරණා දෙක වෙන්නෙ විවෘතබව සහ ස්වේච්ඡාව කියන දෙක. එකිනෙකාට අවංකවීමත් අනෙකාගේ නිදහස ගරු කිරීමත් මේ සම්බන්ධතාවයක පවතින ආචාර ධර්ම.
    අනෙකා ලබන තෘප්තියෙන් හෝ සතුටින් තමන් සතුටට පත්වීමේ ගුණයත් පොලියමරි සම්බන්ධයක් පවත්වාගෙන යන්න වැදගත් වෙනවා.

    ඒ වගේම පොලියමරි කියන ස්වරූපය ඇතුලෙත් එක එක අය තමන්ගේ සම්බන්ධතා නිර්මාණය කරගන්නෙ වෙනස් වෙනස් විදිහට. මේ කිසි එකක් තව එකක් හා සර්වසම වෙන්නෙ නෑ. ඒ විශේෂ බවමයි ඒ සම්බන්ධතාවයේ සුන්දරත්වය වෙන්නෙත්.

    පොලියමරි සම්බන්ධයක් ඇතුලෙ ඉරිසියාව, වැරදි වැටහීම් ඇතිකරගැනීම ආදිය නෑ කියල කිව්වොත් ඒක බොරුවක්. මෙතන ආදරවන්තයන් වැඩි නිසාම ප්‍රශ්නත් සාමාන්‍යයෙන් වැඩියි. හැබැයි පොලියමරි සම්බන්ධයක් මොනොගමි සම්බන්ධයකට වඩා බොහෝ විට ශක්තිමත්. ඒ තේරුම් ගැනීම පැත්තෙන් සහ ඔවුන් සංස්කෘතිකව එකට මුහුණ දෙමින් ආපු ප්‍රශ්න නිසා. මේ හින්ද මොනොගමික සමබන්ධයකට වඩා ගැටලු විසඳාගැනීමේ හැකියාවක් පොලියමරි ඇතුලෙ නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා.

    ඇයි සමහර මිනිස්සු මොනොගමි නොවන සම්බන්ධතා තෝරගන්නෙ?

    1. අනෙකා එක්ක රහස් තියාගෙන බොරු කරන සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවයෙන් අත්මිදීම. සරලව විවෘතව අවංකව සම්බන්ධයක පවතින්න පුළුවන් කියන්නෙ ඒක ආශීර්වාදයක්.
    2. විශ්වාසය. කොන්දේසි විරහිත අවංකකම තමයි පොලියමරි සම්බන්ධයක පදනම. ඒකෙන් වඩා විශ්වාසනීය පරිසරයක් ඒ අය වටා නිර්මාණය වෙනවා.
    3. නිදහස. තමන්ට ඕනම කෙනෙකුට ආදරය කරන්න, ඕනම විදිහක ආශාවක් තෘප්තිමත් කරගන්න නිදහස පොලියමරි සම්බන්ධයක් ඇතුලෙ තියෙනවා. පොලියමරි කියන්නෙ ලිංගික සම්බන්ධයක් විතරක් නෙමෙයි. මේ නිසා වඩා විශාලව ආදරය කරන්න මේ සම්බන්ධයක් ඇතුලෙ අවසර තියෙනවා.
    4. තෘප්තිමත් බව. මොනොගමි සම්බන්ධයක හැඟීම්වලට තියෙන සීමිත නිදහස වෙනුවට පොලියමරි සම්බන්ධයකදි අසීමිත නිදහසක් ලැබෙනවා. ආශාවන් පාලනය මර්දනය වෙනුවට තෘප්තිමත් කිරීමට අනෙකාගේද උදව්ව ලැබෙනවා. ඒක සමහරුන්ට විශාල තෘප්තියක්.

    ඒ වුනත් තමන්ට අවශ්‍ය සහ තමන් තෘප්තිමත් වෙන සම්බන්ධතා ස්වරූපය තීරණය කරන්න ඕන තමන් විසින්මයි. ඒක සංස්කෘතිය හෝ සම්ප්‍රදාය හෝ අනුන්ට අවශ්‍ය පරිදි හෝ විය යුතු නෑ. තමන් තෘප්තිමත් වෙන්නෙ සරල මොනොගමික සම්බන්ධයකින් නම් ඒ තමයි ඔයාට වඩාත් ගැලපෙනම දේ. තමන්ගේ හිතට, තමන්ගේ අවංක තෘප්තියට ගැලපෙන ආදරය තෝරගන්න එකයි සවිඥානකව කරන්න ඕන.

  • ඔබ අන් පහසේ – තුටු වෙමි රහසේ

    ඔබ අන් පහසේ – තුටු වෙමි රහසේ

    මට වැඩිපුරම ඉල්ලීම් එන්නෙ කකෝල්ඩින්ග් ගැන ලියන්න කියල. ඒක අපි හිතනවට වඩා ගොඩක් සුලබ ෆැන්ටසියක්. අපි ඒ ෆැන්ටසියෙ එක එක තැන්වල ඉන්න පුළුවන්. ‘කක්‘ කියන වචනය අපහාසාත්මක අදහසකින් පාවිච්චි කරන එක ඇත්තටම සෙක්ස් ගැන නොදන්නාකම ප්‍රදර්ශනය කිරීමක්. කකෝල්ඩින්ග් කියන්නෙ ලස්සන ෆැන්ටසියක්. ඒක ගැන ලියන්න කියලා ඉල්ලන විවෘත ඉල්ලීම් වුනත් ලස්සනයි.

    ලෝකෙ ප්‍රසිද්ද මනෝ වෛද්‍යවරයෙක් වන ඩේවිඩ් ලේ, ජස්ටින් ලේමිලර් සහ සෙක්ස් රයිටර් කෙනෙක් වුනු ඩෑන් සැවේජ් කකෝල්ඩින් ගැන පර්යේෂණ කළා. එතනදි ඒ ගොල්ලො ආපු නිගමනය වුනේ ඒක දෙන්නෙක් අතර සම්බන්ධතාවයට ධනාත්මක විදිහට වැඩකරනවා කියන එකත් කිසිම විදිහකින් ඒක දුර්වලතාවයක් විදිහට දකින්න බෑ කියන එකත්.

    13 වෙනි සියවසේ ඉඳන් විතර සාහිත්‍යයේ මේ කකෝල්ඩ් ස්වරූපයේ චරිත දකින්න තියෙනවා. මුලින් ඒවා මුනගැහෙන්නෙ වෙන පිරිමියෙකුගෙන් තමන්ගේ බිරිඳට දරුවෙක් ලැබෙයි කියල බයෙන් ඉන්න සැමියෙක් විදිහට. ඒත් අද කකෝල්ඩින්ග් කියන එක නිර්මාණශීලීව සහ ශක්තිමත්ව ගොඩනැගුනු සංස්කෘතියක් වෙලා තියෙනවා. මේ වෙද්දි කකෝල්ඩ් කෙනෙක් කියන්නෙ තමන්ගේ පෙම්වතිය වෙන කෙනෙකු සමග ලිංගිකව එක්වීම කියන අදහසින් ප්‍රාණවත් වෙන පිරිමියෙකුට. අතෘප්තිය අසහනය වෙනුවට අසමාන තෘප්තියක් ලබන්නෙකුට. මේ ෆැන්ටසිය බෙදාගන්නා ගැහැණුත් ඉන්නවා. හැබැයි ප්‍රතිශතයක් විදිහට පිරිමින්ට වඩා අඩුයි.

    කකෝල්ඩින් කියන ෆැන්ටසිය කසාදය තරම්ම පරණයි කියල ඩේවිඩ් ලේ කියනවා. සමහර විට මේක ඊටත් වඩා එහාට යන්න පුළුවන්. එයා මේ විදිහෙ කකෝල්ඩින්ග් ෆැන්ටසිය ඇති ජෝඩු වෙනුවෙන් පොතක් ලිව්වා. ඒකෙ නම ‘ඉන්සැටයබල් වයිව්ස්’. ඒ කියන්නෙ තෘප්තිමත් කළ නොහැකි බිරින්දෑවරුන් කියන එක. ඩේවිඩ් කියන විදිහට වර්තමානයේදි වැඩිවැඩියෙන් පෙම්වතුන් මේ ෆැන්ටසීන් අත්හදා බලනවා. ඒ ගොල්ලො පවතින සම්මත ටැබූ ගනං ගන්නෙ නෑ.

    සංඛ්‍යාත්මකව ගත්තම කකෝල්ඩින් කියන එක අපි හිතනවට වඩා සමාජයේ ගොඩක් සුලබ දෙයක් කියල ලේමිලර් කියනවා. ‘ටෙල් මී වට් යූ වොන්ට්’ කියන නමින් ලිංගික ආශාවේ විද්‍යාව ගැන පොතක් ලියන ලේමිලර් එතනදි දහස් ගාණක් ඇමරිකානුවන් පර්යේෂණයට යොදා ගන්නවා. 58%ක් පිරිමි මේ ෆැන්ටසියෙන් වින්දනය ලබනවා කියලත් ගැහැණුන්ගෙන් තුනෙන් එකක් පමණ මේක බෙදාගන්නවා කියලත් ලේමිලර් පෙන්වා දෙනවා. එයා කියන්නෙ ගැහැණුන්ගෙ කකෝල්ඩින්ග් ආශාවන් ගැන වැඩිදුර පර්යේෂණයන්ට යොමුවීම අවශ්‍යයි කියල.

    ඩෑන් සැවේජ් කියන විදිහට මේක මුලින් තිබුනෙ විෂම ලිංගික දෙයක් හැටියට.
    ‘මට ගොඩක් ලියුම් ලැබෙනවා හෙට්‍රොසෙක්ෂුවල් ජෝඩුවලින් ඒ අයගෙ කකෝල්ඩින් අත්දැකීම් ගැන. ගොඩක් වෙලාවට මේක හඳුන්වාදෙන්නෙ සැමියා විසින්. සමලිංගික විවාහ අයිතිය දිනාගන්න කල් මට සමලිංගික පෙම්වතුන්ගෙන් මේ ගැන අහන්න ලැබුනෙ නෑ. ඒත් විවාහයත් එක්ක දැන් ඒ අය අතරත් මේක කතාබහට ලක්වෙනවා’ – ඩෑන් සැවේජ්

    එයා ලේමිලර් සහ ඩේවිඩ් එක්ක සමලිංගික පිරිමි 580කගේ කකෝල්ඩින් ෆැන්ටසි සමීක්ෂණය කරන්න එකතු වුනා.

    සමලිංගික පිරිමි සහ විෂම ලිංගික පිරිමි අතර මේ ෆැන්ටසියෙ සමානතා තිබුනත් ඒ වගේම පැහැදිලි වෙනස්කම් තියෙනවා කියල ඩේවිඩ් ලේ කියනවා. විෂම ලිංගික කකෝල්ඩින්වල සුලබව මුනගැහෙන ඉන්ටරේෂල් (අන්තර්වාර්ගික) සහ බීඩීඑස්එම් තේමාවන් සමලිංගික සම්බන්ධතාවලදි දකින්න ලැබෙන්නෙ ගොඩක් අඩුවෙන්. ඒ වගේම මූලිකව මේ ෆැන්ටසියට ඇති පෙළඹවීමත් මේ පාර්ශ්ව දෙක අතර වෙනස්.

    විෂම ලිංගිකයන්ට කකෝල්ඩින්වල තියෙන ලොකුම රසය ඒක මොනොගමික පවුල් සම්ප්‍රදායේ තහංචියක් වුන එක. මොනොගමිය ඇතුලෙ විඳින්න පුළුවන් තහනම් රසයක් විදිහටයි මේක වර්ධනය වෙන්නෙ. ඒත් සමලිංගික පවුල් සම්බන්ධතාවයට මොනොගමික අදහස ඒ තරම් බලපෑමක් ඇති කරන්නෙ නෑ.

    හැබැයි ලේමිලර් පෙන්වා දෙන විදිහට ඒ අයට මේක වෙනත් ආකාරවලින් ආකර්ශනීය වෙනවා. උදා විදිහට වොයරිසම් සහ ගෲප් සෙක්ස් වගේ දේවල් කකෝල්ඩින් එක්ක සම්බන්ධ වෙනවා. ඒක මේ ෆැන්ටසියෙ තියෙන තියෙන විශේෂත්වයක් විදිහට එයා දකිනවා. ඒක ටැබූ එකක්, නව්‍යතාවයක්, වොයරිසම් හෙවත් නැරඹුම්කාමයක් මේ ඕනම ආකාරයක් විදිහට පරිවර්තනය වෙන්න පුළුවන්.

    ඩෑන් සැවේජ් කියන විදිහට තමන්ගේ පෙම්වතිය වෙන කෙනෙකු සමග ඉන්නවා දැකීමෙන් කෙනෙකුට විශාල ලිංගික උත්තේජනයක් ඇති වෙනවා. කකෝල්ඩින්වල තියෙන අනිවාර්ය දෙයක් තමයි හියුමිලියේෂන් කියන එක. අපේ ශෘංගාර පරිකල්පනයට පුළුවන් මේ ලැජ්ජාවේ දෙහි ගෙඩිවලින් සුමිහිරි කින්කි ලෙමනේඩ් හදන්න.

    මේ පර්යේෂණයෙන් දකින්න ලැබුනෙ බලාපොරොත්තු වුනාට වඩා වෙනස් ප්‍රතිඵලයක්. කකෝල්ඩින් නිසා පවුල්වලට ඇතිවිය හැකි නෙගටිව් බලපෑම වෙනුවට ඉතාම ධනාත්මක ප්‍රතිඵල මේ අයට දකින්න ලැබුනා.

    ‘කකෝල්ඩින් කියන්නෙ බාධාවක් හෝ අහිතකර විදිහෙ සම්බන්ධයක් හෝ තමන්ගේ පෙම්වතාව නොකතා හැරීමක් හෝ කියන්න කිසිම විදිහක සාක්ෂියක් අපිට හම්බුනේ නෑ. හැබැයි කකෝල්ඩින් ෆැන්ටසියක් වඩාත් හොඳින් විඳින්න පුළුවන් පෞර්ෂමය සාධක වගයක් අපිට තේරුම් ගන්න පුළුවන් වුනා. සම්බන්ධතා ගැන බොහෝ බයෙන් සැකෙන් පසුවන, ඒවා බිඳීයාම ගැන සිතමින් තැවෙන, සමීප ඇසුරෙහි සහ සන්නිවේදනයේ දුර්වල, අප්‍රවේශම්කාරී, තදින් සැලසුම් කළ ජීවිතයක් ගෙවන අයට මේ විදිහෙ අන්‍යොන්‍ය අවසරය ලත් -මොනොගමික නොවන ෆැන්ටසියක් නෙගටිව් අත්දැකීමක් වෙන්න පුළුවන්. වෙන විදිහකින් කිව්වොත් කකෝල්ඩින් ෆැන්ටසියක් තිබුනු පලියටම හැමෝම ඒක ඇත්තට අත්විඳින්න යාම සුදුසු වෙන්නෙ නෑ’ – ඩේවිඩ් ලේ

    සමහර විට ඒ ගැන අදහස් හුවමාරුව විතරක්ම වුනත් හැඟීම් අවදිකරනසුලු වෙන්න පුළුවන්. මුලු ගමනම යාමට ඔයා තාම පරිණත නැතිවෙන්න පුළුවන්. එහෙම ෆැන්ටසිය ඇත්තක් කරන උවමනාවක් තියෙනවා නම් අඩියක් පස්සට අරගෙන මැදිහත්ව බලන්න. ඔයාගෙ සම්බන්ධතාවය හොඳ තැනක තියෙනවද, ඔයාගෙ ලිංගික දේවල් ගැන සන්නිවේදනය කිරීමේ හැකියාව කොයිතරම් දියුණුද, මේ දේවල් මතයි ඒ අත්දැකීමේ සාර්ථකත්වය තීරණය වෙන්නෙ.

    කකෝල්ඩින් කියන්නෙ අවංකත්වය, විශ්වාසය, සන්නිවේදනය සහ අන්‍යොන්‍යව පිලිගන්නා වටිනාකම් කියන දේවල් හොඳින්ම පවතින්න ඕන කලාපයක්. ගොඩක් අය උත්සාහ කරනවා තමන්ගේ බිරිඳව රැවටීමකින් මේකට පොළඹවා ගන්න. කිසිම වෙලාවක ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් අත්වෙන්නෙ නෑ. ෆැන්ටසිය විනාශයකින් කෙලවර වෙනවා විතරයි.

    මේක කරන්න ඉදිරිපත් වෙන අය වුනත් පියවරෙන් පියවර හෙමින් යන්න කියලයි මේ විශේෂඥයන් උපදෙස් දෙන්නෙ. තමන්ගේ පෙම්වතිය තව කෙනෙක් සමග රමණය කිරීම බලා සිටීම හෝ ඒ ගැන දැනුවත්ව සිටීම කියන එක දරන්න පහසු අත්දැකීමක් නෙමෙයි. අපි කිසිදවසක නොදුටු, බලාපොරොත්තු නොවුනු බලවත් හැඟීම් මතුවෙලා අපේ සම්බන්ධතා පළුදු කරන්න පුළුවන්. මේ හින්ද ටිකෙන් ටික ඉතාම හොඳ කතාබහක් සහ සන්නිවේදනයක් ඇතුව කළ යුතු පුහුණුවක් මේක.

    ඩෑන් සැවේජ් කියන විදිහට එහෙම සාර්ථකව ගියොත් කකෝල්ඩින් කියන්නෙ දෙන්නෙක් අතර සම්බන්ධතා වඩා සුන්දර කරන බැඳීම් ශක්තිමත් කරන සෙක්ස් මැජික් එකක් වෙනවා.

  • තව පෝයක් ඕන

    තව පෝයක් ඕන

    පෝය කියන දවස හරිම ලස්සන දවසක්. කාලයක් මම ආගමික පටු අර්ථයකින් පෝය දිහා බලලා මේ තේරුමක් නැති නිවාඩුව ගැන විවේචන කළා. ඒත් දැන් මට පෝය කියන්නෙ බෞද්ධ දවසක් නෙමෙයි. මිනිස්සු සිස්ටම් එකෙන් ගැලවෙන අමුතු දවසක්. සති අන්ත නිවාඩුව කියල කිව්වට සෙනසුරාදාත් දවස් පහටම ඈඳිලා ඉවරයි. ඉතුරු වුනේ ඉරිදා විතරයි. ඉරිදා කියන්නෙ අතීතයේ ඉඳන්ම සූර්ය දෙවියන්ට පූජා පිනිස වෙන් කරපු දවස. ඒක හෝලිඩේ නැත්තං ආගමික දවසක්. ඒ ආගමික දවස් තියෙන්නෙ අපේ පුංචි වෙමින් යන ජීවිතේ විශාලත්වය මතක් කරන්න. අපි ජීවිතේට වඩා බරට කරට අරන් තියෙන වැඩවලින් නිදහස් වෙලා තමන් ගැන, තමන් වටවුනු විශාල විශ්වය ගැන කල්පනා කරන්න තියෙන දවස්. ඒත් ඉරිදා කියන්නෙත් මේ වෙද්දි ඒ ආධ්‍යාත්මික අදහසින් සම්පූර්ණයෙන් බැහැර වුනු සාමාන්‍ය දවසක්. සතියෙ අනිත් දවස් හයේම ඉතුරු වැඩ ටික ඉරිදාට පැවරෙනවා.

    පෝය කියන්නෙ චන්ද්‍රයාගේ දවස. ඒක මාසෙකට වරක් අතරමැද දවසක අහම්බයක් විදිහට එනවා. සියලු බාහිර විනෝදයන් අහිමියි. කඩසාප්පු ඔක්කොම වැහෙනවා. මිනිස්සු වැඩ කරන්නෙම නෑ. අත්ඇරලා දාපු දවසක් වගේ. එකම කරදරේට තියෙන්නෙ පන්සලේ ලවුඩ්ස්පීකර් එක. එහෙම නැත්තං පෝය කියන්නෙ අපිට ඇතුලතට හැරෙන්න බලකරන දවසක්. ඒක අපිව මොහොතකට නතර කරනවා. අපිට ආධ්‍යාත්මික නිවාඩුවක් ගන්න කියල පණිවුඩයක් දෙනවා.

    එහෙම දවස් මනුස්සයන්ට ඕන. තමන් ගත කරන ජීවිතෙන් වෙන් කරන අපේ පැවැත්ම සිහිපත් කරන දවස්. අපි වෙහෙස වන කෘතිම දේවල්වලින් දවසකට හරි මිදෙන දවස්. මිනිස්සු ඉපදෙන්නෙ වැඩකරන්න නෙමෙයි. මිනිස්සු වැඩ කරන්න ඕන තමන් ඒ වැඩෙන් තෘප්තිමත් වෙනවා නම් විතරයි. ඒත් අපි වැඩකරන්නෙ වැඩේ ගැන අතෘප්තියෙන්, වැඩෙන් ලැබෙන මුදල ගැන තණ්හාවෙන්. අපි අතෘප්තියෙන් දවස් විසි නවයක් වැඩකරනවා එක පඩි දවසක තෘප්තිය වෙනුවෙන්. ඒක ජීවිතය ගැන හොඳ සැලසුමක් නෙමෙයි. අපි නොදැනුවත්ව අපේ යහපත වෙනුවෙන් කියල නිර්මාණය කරගත්ත සිස්ටම් එක අපිවම භෞතික ශ්‍රමයකට වැඩි දෙයක් නොවන තැනට ඌනනය කරලා තියෙනවා. අපිට ඒ සමාජමය සංස්කෘතිකමය ආර්ථිකමය හිරගෙයින් එලිය දකින්න තියෙන පුංචි විවරයක් තමයි පෝය කියන්නෙ.

    පෝය ඇත්තටම ආගමික අර්ථයකින් ගැලවිලා ආධ්‍යාත්මික අර්ථයකට පෙරලෙන එක වැදගත්. පෝය කියන්නෙ අපේ මිනිස් පැවැත්ම ගැන සිහිපත් කරන දවසක් වෙන්න ඕන. දානයේ, මිනිස් ඇසුරේ, ශරීර ස්පර්ශයේ, විවේකයේ, භාවනාවේ සහ පූජාවේ දවසක් විදිහට පෝය ගතවෙන්න ඕන. අපි ආගමිකව කියන්නෙ සත්‍යය හොයාගෙන යනවා කියලනෙ. ඒ සත්‍යය කියන්නෙ සමාජ ජීවිතය වෙනුවෙන් අපි යටපත් කළ, ඩයිවර්ට් කළ ආශාවන්ගේ සත්‍යය. ඒ ආශාවන්ට නිරුවත්ව සිහියෙන් යුතුව මුහුණදීම. ඒවා ගැන සවිඥානක වීම. එතනදි ඒ ආශාවන් නිදහස් කිරීම හෝ ඒ ආශාවන් දැනුවත්ව පාලනය කිරීම මාර්ගයන් විදිහට තෝරගන්න පුළුවන්. නමුත් අපි අපේ ගැඹුරු මිනිස් පැවැත්ම බාරගන්නවා. ඒ සත්‍යය වෙනුවෙන් පෝය දවස වෙන් වෙන්න ඕන.

    කෙනෙක් ඒක සංගීතයෙන් කරන්න පුළුවන්. කෙනෙක් එක්ක සිත්තමක් එක්ක කරන්න පුළුවන්. සමහර විට ආරාමයක. සමහර විට සංවාදයෙන්, සංවාසයෙන්, සයිකඩෙලික් උදව්වකින්, මේ මොනම ආකරයකින් වුනත් බාහිර ලෝකය වෙනුවට තමන් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමයි වැදගත්.

    අපි දුප්පත් කියන්නෙ අපි කරන කැපකිරීම් වැඩියි කියන එක. අපි අපේ ජීවිතයේ ලොකු කොටසක් සමාජයත් එක්ක ජීවත්වීම වෙනුවෙන් කැපකරලා තියෙනවා. අපේ පවුල්, අධ්‍යාපනය, රස්සාව වෙනුවෙන් කැපකරලා තියෙනවා. කොයිතරම් කැපකරලා තියෙනවද කියල කිව්වොත් අපි ඒකට ජීවිතය කියලත් කියනවා. ඒ හැමදෙයක්ම කරලා අන්තිමට දරුවන්ට කියනවා අපි උඹලා වෙනුවෙන් කෙරුවා කියල. දරුවොත් ඒකම කරනවා. අපි කම්කරුවො හෝ වහල්ලු වෙන්නෙ ධනවාදී ආර්ථික ක්‍රමයක් හින්ද නෙමෙයි. අපිට ඊට වඩා දෙයක් නිර්මාණය කරගන්න බැරිවුන හින්ද. අපි අපේ තෘප්තිය හොයාගෙන යනවා වෙනුවට අනාගත තෘප්තියක් වෙනුවෙන් කැපකිරීම තෝරගත්ත හින්ද. හැමදාම වර්තමානය කැපකිරීමයි දුප්පත්කම කියන්නෙ. අනාගතය ගැන ලොකු හීන තියෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට. පෝසත් මිනිස්සු කියන්නෙ වර්තමානය සංතෘප්තියෙන් ගතකරන අයට. බුදුන් පොහොසත් වෙන්නෙ එහෙමයි. ඒ ගතකරන මොහොත පරිපූර්ණව ගත කරන්න තෝරාගැනීම හින්ද. තමන්ගේ මිනිස් පැවැත්මේ ගැඹුර ස්පර්ශ කරන ජීවිතයක් තෝරගත්ත හින්ද. අපි වර්තමානය තෝරාගන්නා මොහොතේදී අපි කම්කරුබවෙන් නිදහස් වෙනවා. මේ මොහොතේ අත්විඳිය යුතු තෘප්තිය මේ මොහොතේ අත්විඳීමට තීරණය කරන තැනින් අපි මොහොතක හෝ පොහොසත් බවක් විඳිනවා.

    කම්කරුවෙක් හවසට බොන එක ගැන මං සතුටු වෙන්නෙ ඒ හින්ද. ඒක ඒ මනුස්සයා තමන්ගේ තෘප්තිය වෙනුවෙන් ගන්න එකම හිතුවක්කාර තීරණය හින්ද. එයාගෙ ජීවිතේ එයා ගත කරන එකම පොහොසත් මොහොත ඒක. ඒ මුදලත් නැවත අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න කියන එක මේ සිස්ටම් එකේ වහල්බව විසින් මතුකරන තර්කයක්. ජීවිතය තියෙන්නෙ තෘප්තිය පැත්තෙ මිස අතෘප්තිය පැත්තෙ නෙමෙයි. පැවැත්ම තියෙන්නෙ විවේකය පැත්තෙ මිස කාර්යබහුල වීම පැත්තෙ නෙමෙයි.

    මේ දේවල් ගැන හිතන්න විවේකය දෙන පොහොසත් දවසක් පෝය කියන්නෙ.

    ඒත් මං කැමතියි පෝය කැලන්ඩරයෙ ලකුණු වෙලා නොතිබුනා නම්. පෝය කියන්නෙ සැලසුම් කළ නොහැකි දවසක් වුනා නම්. මාසෙකට වරක් එන සම්පූර්ණයෙන් අහම්බ දවසක්. ඊට කලින් දවසේ රාත්‍රියේ පමණක් නිශ්චිතව කිව හැකි දවසක්. අපේ වැඩ නතර වෙන වෙලාව ගැන අපිට කිසිම සැලසුමක් නැති කරන ඩිස්රප්ෂන් එකක්. පෝය එහෙම වුනා නම් ඒකෙ ආධ්‍යාත්මික ගුණය තවත් වැඩි වෙනවා. දවස ගැන සැලසුමක් නැති තැනදි අපි අපේ පැවැත්මේ හිස්තැනට ඇදවැටෙනවා. අපිට වර්තමානය බලහත්කාරයෙන් වුනත් බාරගන්න වෙනවා. ඉර හඳ ගැන කෘෂිකාර්මික යුගයක විශ්වාස මත පදනම් වුනු ඒ ආධ්‍යාත්මික අවකාශයන් නූතන වපසරියට ගැලපෙන විදිහට නැවත නිර්මාණය කරන්න පුළුවන් වුනා නම් වටිනවා.

    එහෙම වුනා නම් අපිට තව අලුත් පෝයක් නිර්මාණය කරගන්න තිබුන. කැලන්ඩරයේ නැති අපිට ජීවිතය මුනගැහෙන පෝයක්.


    චින්තන ධර්මදාස

  • ආදරණීය හිස්ටීරියා

    ආදරණීය හිස්ටීරියා

    ස්වර්ණා සහ සමිතා ගැන සිරිමල් විජේසිංහ පෝස්ට් එකක් දාලා තිබුන. ඒ පෝස්ට් එක ගැන අදහසක් විදිහට තවත් කෙනෙක් දිග පැහැදිලි කිරීමක් කරලා තිබුන. සිරිමල් ඒ පැහැදිලි කිරීම හඳුන්වලා තිබුනෙ දීප්ති කුමාර ගුණරත්නගේ අදහස් මත පාදක වුනු එකක් විදිහට. සිරිමල් හෝ දීප්ති ඒ ගැන නැවත නිවැරදි කිරීමක් නොකරන තාක් අපිට පුළුවන් ඒ ස්වර්ණා සහ සමිතා කියන ගැහැණුන් දෙදෙනා ගැන දීප්තිගේ කියවීමක් හැටියෙන් සලකන්න. ඒ අදහස සම්පින්ඩනය කරලා දක්වන කොටසක් තමයි මේ.

    “මේ දෙදෙනා තුළම පවත්නා පොදුසාධකය නම් ඔවුන් හිස්ටරික වීමය. එනම් තමන් කවුද යන්න නිශ්චිත පිලිතුරක් තමාගෙන් ම අසමින් සිටින්නියන්ය. තමා තුල ඇති සංකේතීය පිලිවෙල අහිමි වීමෙන් තමාට අර්ථයක් නොමැති බව හැගෙන විට හිස්ටරිකත්වය තුළින් වන්නේ තමාගේ ආත්මීය හඩට ඇහුම්කන් දීමය. බොහෝ විට මෙබදු පිරිස් තමාගේ රහසිගත අශ්ශීල විනෝදය හෙලිදරව් කරන්නේ තමාට අර්ථයක් ලබා තනු පිණිසය.

    හිස්ටරිකයන් තමාගේ අශ්ශීල ජීවිතය (යථ හෙවත් සැබෑව) යථාර්ථය තුළ හෙලිකල විට සමාජයෙන් – නීතිය හෝ සදාචාරය ඔස්සේ ගැරහුම් ගෙන දේ මේ ගැරහුම හෙවත් පරපීඩිතබව (අනෙකාගෙන් බාහිරින් එන පීඩා) දැනෙන විට පමනි.

    හිස්ටරිකයෙකුට තමාට අර්ථයක් ඇති යැයි හැගෙන්නේ ද හිස්ටරිකත්වය ට සදාචාරයක් අවශ්ය වන්නේ නැත්තේ එනිසාය. යමෙක් තමාගේ අශ්ශීල විනෝදය හෙලිකරයි නම් ඇය රැඩිකල්වාදී ස්ත්‍රියක් නොව පිලිවෙල අහිමි වූ හිස්ටීරිකාවකි” – දීප්තියානු අදහස

    හිස්ටීරියා කියන වචනෙ හැදෙන්නෙ හිස්ටෙරා කියන ග්‍රීක වචනයෙන්. ඒකෙ තේරුම ගර්භාෂය කියන එක. මුල් කාලෙදි හිස්ටීරියාවට හේතුව විදිහට තේරුම් ගත්තෙ ගැහැණුන්ගෙ මේ ගර්භාෂය ශරීරය ඇතුලෙ එහෙ මෙහෙ ගමන් කිරීම කියල. ඉතින් හිස්ටීරියාව කියන වචනයට තියෙන්නෙ අතීතයෙ ඉඳන්ම කාන්තාවන් ඉලක්ක කරගත්, කාන්තාවන් යටපත් කරන පිරිමි බලයක ඉතිහාසයක්.

    එක්ස් කණ්ඩායම තියෙන කාලෙදි මේ වචනෙ ෆ්‍රොයිඩියානු අදහස විකෘති විදිහට පාවිච්චි කරමින් පිරිමි ගැහැණු චරිත හැම එකකටම පහර දුන්නා. මානසික රෝගීන් විදිහට හැඳින්නුවා. මේ නැවත අපි දකින්නෙ ඒ පරණ සාම්ප්‍රදායික පිරිමියෙක් විසින් මනෝ විශ්ලේෂණයේ බලය පාවිච්චි කරන තැනක්.

    ඩොනල්ඩ් ට්‍රම්ප් කියන අන්ත දක්ෂිණාංශික මුග්ධ පිරිමියාත් හිස්ටීරියාව පාවිච්චි කරලා කාන්තා නැගීසිටීම් වලට පහර දුන්නා. මාර්තු අටවෙනිදා කාන්තා අයිතීන් වෙනුවෙන් විරෝධතා දක්වපු අයව පිස්සියන්, පිස්සු ස්ත්‍රීවාදීන් විදිහට හැඳින්නුවා. ඒ විරෝධතාවයන් මීඩියා හිස්ටීරියාවක් කිව්වා. මේ ගැහැණු හිස්ටරිකයන් වන නිසාම අඬනවා කෑ ගහනවා ඇරෙන්න වෙන කිසිදෙයක් දන්නෙ නෑ කියල අපහාස කළා. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දීප්ති කුමාර ගුණරත්න අතර පේන මේ සම්බන්ධතාව හරි අපූරු එකක්. එක්කෙනෙක් ඇමරිකානු දක්ෂිනාංශය. අනෙකා ලංකාවෙ වාමාංශය.

    ට්‍රම්ප් මෙතනදි පෙන්නන්න හැදුවෙ මේ ස්ත්‍රී විරෝධතා කියන්නෙ තාර්කික දේවල් නෙමෙයි ප්‍රතිකාර කළ යුතු මානසික ආබාධයක ලක්ෂණයක් කියල. දීප්ති ඉහත පෙන්වන්න හදන්නෙ අර ගැහැණුන්ගේ ජීවිතය ඒ අයගේ අරගලයක් නෙමෙයි ඒක මානසික ප්‍රතිකාර කළ යුතු රෝගයක් කියල.

    මේ විදිහට ගැහැණුන්ව හිස්ටීරියාවෙන් යටපත් කිරීමට අඳුරු ඉතිහාසයක් තියෙනවා. මේ වචනය ඇතුලෙ හැමදාම ප්‍රකාශමාන වුනේ ගැහැණියගේ ශරීරයට එරෙහි වීමක්. ඇගේ ශරීරයම රෝගයක් හැටියෙන් ගනිමින් ඇයට ස්වාධීනත්වයක් අහිමියි කියන තැනට පත්කිරීමේ බලහත්කාරයක් මේ වචනෙ පිටිපස්සෙ තිබුන. කෙනෙක් උමතුයි කියන්නෙ එයාට යමක් ගැන අදහසක් දැක්වීමේ අයිතිය අහිමි කරන අසාධාරණ බල දිගුවක්. හිස්ටීරියාවෙදි ඒක විද්‍යාවේ නමෙන් ගැහැණිය දිහාවට දිගුවුනා.

    මේක අවිද්‍යාත්මක ඓතිහාසික පිරිමි උරුමයක්. පිරිමි තාර්කිකයි, පිරිමින්ගේ අනසකෙන් මිදුනු වහාම ගැහැණු හිස්ටරිකයි. ඔවුන් ප්‍රසිද්ධ ජීවිතයට නුසුදුසුයි. ෆ්‍රොයිඩ්ට කලින් හිස්ටීරියාව කියන පොතේ හෙලන් කින්ග් ලියනවා ග්‍රීක යුගයෙදි ප්ලේටෝ සහ හිපොක්‍රටීස් හිස්ටීරියාව ගැන හිතපු විදිහ.

    ‘ගර්භාෂය ශරීරය පුරා ගමන් කරමින් කාන්තාවගේ පැවැත්ම අවුල් කරනවා. මේ අසනීපය ගර්භාෂ තෙරපුම කියල හඳුන්වනවා’

    මේ නිසා කාන්තාවගේ චර්යාව විශ්වාස කළ නොහැකි යැයි ඒ ගොල්ලො කිව්වා. මේකට ප්‍රතිකාරයක් විදිහට කිව්වෙ ඇයව නිතරම ගර්භනීව තැබිය යුතුයි කියල. ගැහැණුභාවයෙන් මාතෘභාවයට පත් කළ යුතුයි කියල.

    මධ්‍යතන කාලෙ වෙද්දිත් ස්ත්‍රිය පිළිබඳ සාම්ප්‍රදායික වටිනාකම්වලට එකඟ නොවෙන ගැහැණු රෝගීන් විදිහට හැඳින්වීම කළා. 2021දි දීප්ති කරන්නෙත් ඒකමයි. 17 වෙනි සියවස වෙනකල් බටහිර වෛද්‍ය විද්‍යාවේ න්‍යායන්ට පාදක වුනු ග්‍රීක වෛද්‍යවරයෙක් වූ ගැලන් කියනවා කාන්තාවකගේ සංසේචනය නොවුනු ඩිම්බ නරක් වීමෙන් ඇය රෝගී වෙනවා කියල. මේ නිසා ඇයව ගැබ් ගැන්වීමෙන් කාර්යබහුල කළ යුතුයි කියල. ගැලන්ගේ තියරිවලින් වෛද්‍ය විද්‍යාව මේ වෙද්දි ගැලවුනාට දිගටම ඒ විද්‍යාව ඇතුලෙ මේ අවිද්‍යාවෙ සද්දෙ ඇහුනා. 1883දි ඔගස්ටෙ ෆේබර් කියන ප්‍රංශ වෛද්‍යවරයා කියනවා, හැම ගැහැණියක්ම හිස්ටරිකයි. හැම ගැහැණියක්ම හිස්ටීරියාවේ බීජ දරාගෙනයි ඉන්නෙ’ කියල.

    ඇත්තටම හිස්ටීරියාව කියන වචනෙ මුලින්ම එන්නෙ මධ්‍යතන කාලෙ මායාකාරියන් දඩයම් කිරීමත් එක්ක. 17 වෙනි සියවසේදි මේ දඩයම ඉහළින්ම සිදුවෙද්දි යුරෝපයේ කසාද බඳින්න උනන්දු නැතිවීම සහ දැඩි ලිංගික ආශාවන් පැවතීම කාන්තාවකගේ හිස්ටරික ලක්ෂණ විදිහට සැලකුනා. මේ අය සාතන් සමග සම්බන්ධ හැටියට සැලකලා ඇතැම් විට මරාදැමුනා.

    19 වෙනි සියවසේදි මායාකාරියන් කියන තැනින් ගැලවිලා හිස්ටීරියාව ස්නායු රෝගයක් බවට පත්වුනා. 1800 වෙද්දි ඕනම දෙයක් හින්ද ගැහැණියක් හිස්ටරිකයෙක් විදිහට ලේබල් කරන්න පුළුවන් වුනා. එතනදි ප්‍රධානම එකක් වුනේ ස්ත්‍රීවාදී පෙරමුණුවලට එකතු වීම.

    පීතෘමූලිකභාවය අභියෝග වෙමින් විප්ලවකාරී දූවරුන් කැම්පස් යන්න, රස්සා කරන්න, චන්දෙ දාන්න අයිතිය ඉල්ලද්දි ලේසිම දේ වුනේ ඒ අය මානසික ආබාධයකින් පෙලෙන හැටියට සලකුණු කරන එක. ශ්‍රීමත් ඒ. ඊ රයිට් කියන සුප්‍රකට වෛද්‍යවරයා ලිපියක් ලියනවා, මානසික ආබාධයක් කාන්තාවන් පෙරමුණ ගැනීමක් හැටියෙන් වරදවා වටහා ගැනීමක් සිදුවෙලා තියෙනවා කියල.

    “මේ අයට ඕන වෙලා තියෙනවා විවාහයෙන් සහ මාතෘභාවයෙන් බාහිර වෙනත් වටිනාකම් ආරෝපනය කරගන්න. මේ සමතැන ගැන ආශාව කියන්නෙම රෝගයක්. ආත්ම ගරුත්වය ගැන කාන්තාවන්ගේ හැඟීම අනතුරුදායක විසක්. නමුත් කලබල විය යුතු නෑ. ප්‍රතිකාර තියෙනවා. ඒ තමයි එයාගෙ සැමියාගේ නිවසට වෙලා විවේක ගන්න එක” – ශ්‍රීමත් ඒ.ඊ රයිට්

    19 වෙනි සියවසේ චාලට් පර්කින්ස් ගිල්මන් කියන ලේඛිකාවත් මේ විදිහෙ විවේක ප්‍රතිකාර සඳහා නියම කළ කෙනෙක්. මේ අය ඇඳටම වෙලා ඉන්න ඕන. මේදය වැඩි ආහාර ගන්න ඕන. එහෙම ගන්නෙ නැත්නම් බලෙන් කවන්න ඕන. කතා කිරීම, ලිවීම සහ ඇඳුම් මැසීම ආදිය ඒ අයට තහනම්.
    පුළුවන් තරම් ගෘහනියකගේ ජීවිතයක් ගත කළ යුතු අතර පෑනක් පැන්සලක් හෝ පින්සලක් ජීවිත කාලය පුරාම අතින් ඇල්ලීම තහනම්.

    මේ ප්‍රතිකාරවල අදහස වුනේ ගැහැණිය තමන්ගේ සැමියා යටතේ කීකරුව සිටින දරුවෙකුගේ මානසිකත්වයට පත්කිරීම. ඒත් මේක සාර්ථක වුනේ නෑ.

    1880දි වෛද්‍ය ජෝසෆ් මෝටිමර් ග්‍රැන්විල් මේකට ප්‍රතිකාරයක් විදිහට වයිබ්‍රේටර් එක හඳුන්වාදෙනවා. ඒ මගින් හිස්ටරිකල් පැරොක්සිසම් එකක් හෙවත් සුරතාන්තය ඇති කිරීමෙන් රෝගය සුව අතට හැරෙන බව කියනවා. අද වෙද්දි ඒක ගැහැණු නිදහස සංකේතවත් කරන ස්ත්‍රීවාදී සෙක්ස් ටෝයි එකක්.

    ඉතිහාසෙ ඉඳන් හැරිලා බලනකොට අපිට හිතෙන්න පුළුවන් අද ගැහැණියගේ තත්වය කොයිතරම් මානුෂික වෙලාද කියල. ඒත් දීප්තිලා වගේ ප්‍රගතිශීලීන් හැටියට පෙනී සිටින අයත් දරන මේ වගේ අදහස් අපිව ඒ සුවදායී සිහිනයෙන් ඇහැරවනවා. තාමත් මවක්, කීකරු බිරිඳක්, හොඳ ගෘහණියක් කියන සීමාවෙ නොරැඳෙන ගැහැණියක් හිස්ටරික රෝගියෙක් හැටියෙන් ලේබල් කරනවා. ඇගේ ප්‍රසිද්ධ ජීවිතය උමතුවක් හැටියට අවලංගු කරනවා.

    ඔබේ බිරිඳට රස්සාවට යන්න ඉඩදෙන්න එපා. ඒක භයානකයි.
    – ඩොනල්ඩ් ට්‍රම්ප් –

    1950දි ඇමරිකානු මනෝවිද්‍යා සංගමය හිස්ටීරියාව මානසික රෝගයක් හැටියෙන් බැහැර කරනවා. ඒත් අද වෙනතුරුත් සම්ප්‍රදාය අභියෝග කරන ගැහැණුන්ට මේ ලේබලය ඉලක්ක වෙනවා. විශේෂයෙන්ම ගැහැණිය එලිපිට තමන්ගේ ආශාව හොයාගෙන යද්දි කලබල වෙන ගතානුගතික පිරිමියා ඇයව රෝගියෙක් කරන්න මේ වචනයේ බලය පාවිච්චි කරනවා.

    ඔයාට සාම්ප්‍රදායික නොවූ හැඟීම්, ආශාවන් තියෙනවා නම්, ඒවා බය නැතුව විවෘතව බාරගන්නවා නම්, ඔයා හිස්ටරික, පිස්සු ගැහැණියක්. ඒකයි දීප්ති උඩ කියන ලැජ්ජා නැති අදහස.

    ස්වර්ණා සහ සමිතා කියන ගැහැණු චරිත දෙකම සමාජයට බොහෝ සුන්දර දේවල් නිර්මාණය කරලා තියෙනවා. ඒ අයගේ පුද්ගලික ජීවිත අර්බුද ඇතුලෙ වුනත් ඔවුන් රටේ බොහෝ දෙනෙකුට රසවිඳින්න දේවල් නිෂ්පාදනය කළා. මෙතනදි ස්වර්ණා ගැහැණියක් විදිහට ඉතාමත් නිර්භීත ඇඩ්වෙන්චරීය ගමනක් ආවා වුනත් මං හිතන්නෙ ඇගේ අවසාන අරමුණ වුනේ සාම්ප්‍රදායිකව පිළිගන්නා මවක් බවට පත්වීම. ඒ තරම්ම සමාජ පීඩනය විසින් ඇයව දුර්වල කරන්න ඇති. හුදකලා කරන්න ඇති. මං දකින්නෙ ස්වර්ණා තමන් ගත කළ අසම්මත, කැරලිකාර ස්ත්‍රී ජීවිතය ආඩම්බරෙන් බාරගත්තෙ නෑ කියල.නමුත් සමිතා මෙතනදි වෙනස්. ඇය ලංකාවෙ ගැහැණියක් හැටියට ආශාව සහ නිදහස වෙනුවෙන් විප්ලවීය වැඩ කොටසක් තනියම නොදැනුවත්ව කරනවා. ඒක නිසා ලැබෙන ටොන් ගණන් අපවාදවලට මුහුණ දෙනවා. ඇය තමන්ගේ අසම්මත ප්‍රේමයේ අරගලය කරන්නෙත් සම්භාව්‍ය ඉඩකඩක නෙමෙයි ජනප්‍රිය අවකාශයක.

    මෙතනදි සමිතා ගැහැණියක් පිළිබඳ සම්මතයන් ගණනාවක්ම අභියෝග කරනවා. පිළිගන්නා සම්මත විවාහය අභියෝග කරන ඇය සුන්දර යැයි සම්මත ස්ලිම් සිරුරක් හෝ ප්‍රේමවන්ත යැයි සම්මත වයසක් හෝ පයිසයකට මායිම් නොකර සිනාමුසුව තමන්ගේ ආදරය සහ ආශාව වැළඳගන්නවා. ලංකාවෙ ගැහැණියකගෙන් බලාපොරොත්තු නොවිය හැකි තරමේ නිදහස් රොමාන්තික අවකාශයක් සමිතා විසින් විවෘත කළා කියන එකයි මගේ පිළිගැනීම.

    මේ ගැහැණුන්ට හිස්ටරිකයි කියන නිරෝගී දීප්ති සමාජයට කරලා තියෙන්නෙ මොනවද කියන එක ඕන නම් ඒ එක්ස් සංස්කෘතියෙ පිරිස් අතර යන සංවාදයකදි තේරුම් ගන්න පුළුවන්.

    ෆ්‍රොයිඩ්ගෙ වැදගත්ම මැදිහත්වීම සිද්ද වුනේ හිස්ටීරියාව කියන එක කායික රෝගයක් නෙමෙයි මානසික රෝගයක් හැටියෙන් තේරුම් කිරීමෙන්. ඒ වගේම හිස්ටීරියාව කියන්නෙ කාන්තාවන්ට පමණක් හැදෙන රෝගයක් නෙමෙයි, කුඩා කාලයේ ලිංගික අතවරයකට, ට්‍රෝමැටික අත්දැකීමකට, බරපතල ලිංගික යටපත් කිරීමකට, දඬුවමකට පාත්‍ර වුනු කෙනෙකුගේ ඒ යටපත් අත්දැකීම නිසා පසු කාලයක ශාරීරිකව ප්‍රකාශමාන වන ව්‍යාධිමය තත්වයන් හැටියෙන් ෆ්‍රොයිඩ් විස්තර කළා. ඒ කියන්නෙ හිස්ටීරියාව යනු පුද්ගලික රෝගයක් නෙමෙයි ඒක සමාජයෙන් ඇති කරන රෝගයක් කියන තැන ලකුණු කරන්නෙ ෆ්‍රොයිඩ්. ඒ යටපත් බියජනක අත්දැකීම සිහිකැඳවීම හරහා ඒ රෝගයෙන් නිදහස් වෙන්න පුළුවන් කියල ෆ්‍රොයිඩ් අනාවරණය කළා.

    එතකොට හිස්ටීරියාව කියන්නෙ සමාජය ඇතුලෙ පවතින ලිංගික යටපත් කිරීම සහ බලහත්කාරය සම්බන්ධ රෝගයක්. හිස්ටීරියාව සැබවින්ම ප්‍රකාශමාන වෙන තැනකදි වුනත් ඒකෙන් ඒ පුද්ගලයා ලේබල් කිරීම, එය ඔහුගේ හෝ ඇයගේ අශ්ශීල ආශාවන්ගේ ප්‍රතිඵලයක් හැටියට දැක්වීම කියන්නෙ අශිෂ්ටකමක්. අශ්ශීල කියන වචනෙ හරියට ගැලපෙන්නෙ එතනට.

    කෙනෙක් තමන්ගේ දේශපාලනය ඇතුලෙ ගැහැණුන්ට පුද්ගලිකව මානසික රෝගීන් හැටියට අපහාස කරනවා කියන්නෙ ඒ මනුස්සයාගේ දේශපාලනයෙ රෙදි ගැලවෙන තැනක්.

  • ආදරයෙන් අවබෝධයට තන්ත්‍ර යෝග

    ආදරයෙන් අවබෝධයට තන්ත්‍ර යෝග

    අද ලෝක යෝග දිනය. යෝග කියන්නෙ සම්බන්ධ වීම, ඒකත්වය කියන තේරුම. යෝග කිව්වම අපිට මුලින්ම මතක් වෙන හථයෝග වුනත් කර්ම යෝග, ඥාන යෝග, රාජ යෝග ආදී තවත් යෝග සම්ප්‍රදායන් තියෙනවා. ඒ වගේම තන්ත්‍ර පැත්තෙන් තන්ත්‍ර යෝග විදිහට හඳුන්වන විශ්වය සමග අපේ ඒකාත්මිකත්වය ඇති කරන පුහුණුවීම් තියෙනවා. හථ යෝග වලදි අපි ගොඩක් වෙලාවට එක ඉරියව්වක ආසනයක බොහෝ වේලාවක් හිඳීම පුහුණු කරන අතර තන්ත්‍රවලදි එක ඉරියව්වකින් අනෙකට චලනය ගැන අවධානය යොදනවා. ඒ වගේම භාවනා, මන්ත්‍ර, ප්‍රාණයාම ආදී සියල්ලත් මේ ශාරීරික පුහුණුව ඇතුලට ගේනවා.

    අපි තන්ත්‍ර යෝග කියපු ගමන් හිතන්න පෙළඹෙන්නෙ ලිංගික විලාසයන් ගැන. ඒ බටහිර ගොඩක් ජනප්‍රිය වුනු තන්ත්‍රවල කුඩා කොටසක්. ඒකට කියන්නෙ රක්ත තන්ත්‍ර කියල. තමන්ගේ ප්‍රේමය සමග කයින් එකතු වීමෙන් ඒ ආස්වාදය තුලින් ශාරීරික සීමාවන්ගෙන් ඔබ්බෙහි වූ ඒකත්වයක් සොයායාමේ සාධනාව. අනෙක් කොටසට කියනවා ශ්වේත තන්ත්‍ර කියල. ඒ පුහුණුව තියෙන්නෙ තනිවම. තමන් තුලින් තමන්ව සොයාගෙන යාමෙන් විශ්වය සමග ඇති ඒකත්වය අවබෝධ කරගැනීමේ සාධනාව. තමන් තුල මේ සෙවීම ප්‍රගුණ කළ කෙනෙකුටයි ප්‍රේමාන්විතයා සමග සම්භෝග සමාධියට යන්න පුළුවන් වෙන්නෙ. ශ්වේත යෝග කියන්නෙ තමන්ට ප්‍රේම කිරීමේ අභ්‍යාසයක් විදිහටත් දකින්න පුළුවන්.

    තන්ත්‍ර යෝග ගැන ගොඩක් කතන්දර සම්බන්ධ වෙන්නෙ පරිපූර්ණ විඥානය මූර්තිමත් කරන ශිවට. තන්ත්‍රවල බොහෝ පුහුණුවීම් සහ උපදෙස් ලැබෙන්නෙ ශිවගෙන් පාර්වතීට. පාර්වතී අහන ප්‍රශ්නයකට උත්තරයක් විදිහට. ඒවා ආදර සංවාද.

    ශිව පාර්වතී ආදරය ගැන කතාවත් හරිම ගැඹුරු තේමාවන් ස්පර්ශ කරන එකක්. ඒක පටන් ගන්නෙ මෙහෙම.

    ශිව ගැඹුරු ධ්‍යානයකට සමවැදිලා බොහෝ කාලයක් එකම ඉරියව්වෙන් භාවනාවේ ඉන්නවා. ඒත් ශිව කියන්නෙ මේ විශ්වයේ එක්තරා විශේෂ කාර්යයක් භාර කෙනෙක්. ලෝකයට අවශ්‍ය නොවෙන දේවල් ඉවත් කිරීම, විනාශ කිරීම සිදු කරන්නෙ ශිව. එතකොට ශිව මේ විදිහෙ උග්‍ර භාවනාවලට ගියාම ලෝකයේ සමතුලිතබව නැති වෙනවා. හැමදේකම පාලනයක් නැති වෙනවා. ඉතින් දෙවිවරු කලබල වෙනවා.

    ඒ අයට ඕන වෙනවා ශිවගේ දැහැන බිඳින්න. ඒක කරන්න පුළුවන් එක විදිහයි තියෙන්නෙ. ඒ තමයි ශිව ආදරයෙන් මුසපත් කරන එක.

    මේක කරන්න පුළුවන් එක්කෙනයි දෙවිවරු දන්නෙ. ඒ තමයි මහා මාතාව ශක්ති. එයා ඉන්නෙ එයාගෙ කඳුවැටියක. දෙවිවරු ගෞරව සම්ප්‍රයුක්තව ඉල්ලා සිටිනවා ශක්තිගෙන් ශිවගේ මනුෂ්‍ය පෙම්වතිය වෙන්න කියල.

    ඇය කියනවා මගේ පෙම්වතා වෙන්නෙ ශිව නම් මම ඔහු වෙනුවෙන් කාලය සහ අවකාශය අතරට යන්නම්. මම ඔහුගේ සදාතනික පෙම්වතිය වෙන්නෙම්, කියල.

    ඇය කඳුකර රජෙකුගේ දියණියක් විදිහට මනුස්ස රූපයකින් ඉපදෙනවා. කඳුකර දියණිය කියන අදහස ඇතුව ඇයට පාර්වතී නම ලැබෙනවා. අවුරුදු දාසයක් ගතවුනු තැන පාර්වතී ශිව භාවනා කරන අසපුවට යන්න ගන්නවා. එතන වතාවත් කරනවා. භාවනා කරනවා. වැඩිවෙලාවක් ශිව දෙස බලාගෙනම ඉන්නවා. ඒත් ශිව නෙමෙයි එකවරක්වත් දෑස් විවර කර බලන්නෙ.

    මේක දකින දෙවිවරු කලබල වෙනවා. මේ ආදරයට ජම්ප් ස්ටාර්ට් එකක් දෙන්න කල්පනා කරනවා. ඒ ගොල්ලො ආශාවට අධිපති කාම කැඳවනවා. කාම ළඟ තියෙනවා උක්දඬුවලින් හදපු මල් හී පහක්. ආශාව ඇති කිරීම, සිත වියවුල් කිරීම, ආශාවෙන් ඇවිලීම, පිපාසය සහ විනාශය කැඳවීම කියන්නෙ ඒ හී පහට කරන්න පුළුවන් වැඩ. එයා දෙවියන්ගේ ඉල්ලීම අනුව ශිවගේ හදවතට මල් හීයක් විදිනවා.

    ඒ හීයෙන් ශිව ආශාවෙන් පිරී යනවා. කාම ගින්නෙන් දැල්වෙනවා. එයා ඇස් ඇරලා බලද්දි සුන්දර පාර්වතී එයාගෙ ඇස් දිහා බලාගෙන ඉන්නවා.

    ඒත් මේ නිකම්ම අන්ධ වෙන පෙම්වතෙක් නෙමෙයි. ශිවට සැක හිතෙනවා මේ හැඟීම ගැන. මේක සැලසුමක් කියල හිතනවා. එතකොට එයා කාම දකිනවා.

    මුගෙ අම්මට… කියල තුන්වෙනි ඇස විවර කරන සැනින් කාම එතනම අළුවෙලා වැටෙනවා. ශිව ආපහු දැහැනට සමවදිනවා. ආදරය අමතක කරනවා.

    පාර්වතී දැනගන්නවා තමන්ට තිබුණු අවස්ථාව ගිලිහුනු බව. එයා යෝගිනියක් වෙනවා. උග්‍ර ව්‍රතයන් පුරන්න පටන් ගන්නවා. තනි පයින් සීත හිම මත අවුරුදු ගණන් හිටගෙන මන්ත්‍ර කියනවා.

    ඕම් නමහ් ශිවාය ශිවාය නම ඕම්..

    මේ ව්‍රතයේ බලයෙන් මුලු පරිසරයම උණුසුම් වෙන්න ගන්නවා. ශිවට තමන්ගේ දැහැනේ ඉන්න බැරි තරමට උණුසුම දැඩි වෙනවා. ශිව එයාගෙ ඇස් ඇරලා බලනවා. මේ උණුසුමට හේතුව පාර්වතී බව දකිනවා. ඒ ඇගේ ආදරයේ අරගලය බව තේරුම් ගන්නවා. ඇගේ හිත තවත් පරීක්ෂා කරන්න ශිවට ඕන වෙනවා.

    එයා රාජ කුමාරයෙකුගේ වෙස් අරගෙන පාර්වතී මුනගැහෙන්න යනවා. පාර්වතී දුටු ගමන් ඇගේ රුව වර්ණනා කරනවා. ඇගේ හදවත පැහැර ගත් පෙම්වතා කවුද කියල විමසනවා.
    ඇය ශිවගේ නම කියනවා.

    අයියෝ, ඔයාට අර කන්දක් උඩ ඉන්න මිනිහද? එයාට පවුලක් ගැන හැඟීමක්වත් නෑ. කොච්චර කාලයක් තිස්සෙ තනියම ඔහොම ඉන්නවද. ගොඩක් වෙලාවට හෙළුවෙනුත් ඇවිදිනවා. ඔයාට පුළුවන් නෙ විෂ්නු වගේ ඔයාව සැපෙන් සුවෙන් තියන්න පුළුවන් කෙනෙකුගෙ පෙම්වතිය වෙන්න. මේ පිස්සු හිඟන්නෙක් පස්සෙ යන්නෙ නැතුව.

    රාජ කුමාරයා කියනවා. මේකට පාර්වතීට හොඳටම තරහ යනවා. ඇගේ ඇස්වලින් ගිනි පිටවෙනවා.
    ශිවට පවුලක් නැත්තෙ ශිව සම්මතය සහ ආකෘතිය ඉක්මවා පවතින නිසයි. ශිව නිරුවතින් ඉන්නෙ ඔහු පිරිසිදු විඥානයම හැර අන් කිසිවක් නොවන නිසයි. මම ආදරය කරන්නේ ඒ කන්ද උඩ ඉන්න පිස්සාටම විතරයි.

    මෙයින් ශිවගේ ආදරය ගැන සැක හැරෙනවා. ඔවුන් පෙම්වතුන් වෙනවා. කෛලාශ කූටය ඔවුන්ගේ ප්‍රේමයේ අසපුව වෙනවා. අවුරුදු 33000ක් එක දිගට ශිව සහ පාර්වතී රමණය කරනවා. ඒ රමණය අතර තුර විරාමයේදී ඔවුන් සත්‍යය ගැන සංවාද කරනවා. තන්ත්‍ර කියන්නෙ ඒ රමණ අතර සත්‍යය සොයන සංවාදයට.

    හරියටම කිව්වොත් තන්ත්‍ර කියන්නෙ පාර්වතීගේ කොට්ටෙ උඩ වැතිරිලා මහායෝගී ශිව කියන විශ්වයේ ඒකාත්මිකතාවය ගැන කතන්දර.

    තන්ත්‍ර යෝග බිහිවුනේ අන්න එතනදි කියලයි මිත්‍යා කතාවල කියන්නෙ.