Tag: featured

  • දරුවන් සමාජානුයෝජනය වෙනුවට, සමාජය දාරකානුයෝජනය

    දරුවන් සමාජානුයෝජනය වෙනුවට, සමාජය දාරකානුයෝජනය

    මනුස්සයෝ දෙන්නෙක් සෙක්ස් කරන වීඩියෝ එකක් දැක්කම සාමාන්‍යය මනසක් තියෙන කෙනෙක් කරන්නේ ඒක රසවිඳින එක. මොකද ඒ වගේ දේවල් දකිද්දි සාමාන්‍යය මනසට ලිංගික උත්තේජනයක් ලැබෙන්නෙ. එහෙම නැත්නම් එහෙම වීඩියෝවක තියෙන්නෙ තමාට ඒ විදියේ උත්තේජනයක් නොලැබෙන ආකාරයේ තමාගේ ටේස්ට් එකේ නොවන දෙයක් නම්, සාමාන්‍යය මනස කරන්නේ අහක බලාගන්න එක. අපි ඔන්ලයින් පෝර්න් බලද්දි කොච්චර නම් අපි ආශා නොකරන විදියේ පෝන් වීඩියෝ දකිනවද? ඒත් අපිට කවදාවත් ඒකෙ පේන්න ඉන්න මිනිස්සු එක්ක කේන්ති ගිහින් ඒ මිනිස්සුන්ගේ ජීවිත අවුල් කරල විනාශ කරන්න හිතිල තියෙනවද? සාමාන්‍යය මනස කරන්නෙ ඒ වගේ අපිට සෙට් නොවන ඒවා ස්කිප් කරන එක.

    එච්චර සිම්පල් ප්ලෑන් එකක් විකල්පයක් විදියට තියෙද්දි ඒ වෙනුවට මනුස්සයෝ දෙන්නෙක් සෙක්ස් කරනව දැක්ක ගමන් කේන්ති යන්නෙ, මුංට දැඩි දඬුවම් දෙන්න ඕන, මෙහෙම ඒවා වෙන එක නවත්තන්න ඕන, රටේ ලොකුම පුටුවෙ ඉන්න එකාට ලියන්න ඕන, වගේ හිතෙන්න වැඩිහිටි මනසක් මොන වගේ තත්වයකට පත් වෙන්න ඕනද කියන එකයි මං කල්පනා කලේ.

    තමාගේ ආශාවල් සහ උවමනාවල් මුදුන් පත් කරගන්න බලාපොරොත්තුවෙන් වැඩ කරන මිනිස්සු ඒ ආශා ඉෂ්ඨ කරගන්න සාධාරණීයකරනය කිරීම් විදියට උතුම් කියල පිළිගැනෙන හේතු හොයාගන්නවා. මේ දේ දැනගෙන වගේම නොදැන දෙවිදියටම වෙනව. ‘ළමයි ආරක්ෂා කරගන්න නිසා’ වගේ හේතුවක් ඉදිරිපත් වෙන්නෙ ඒ ආකාරයෙන් වෙන්න පුළුවන්. මොකද ළමයි කියන මිනිස් කොටස ගැන ඔය තරම් සහකම්පනයක්, කරුණාවක් තියෙනව නම් ඒ උන්දැලා වසන තැන් වල සිදු වෙන තරම් ශාරීරිකව සහ මානසිකව දෙආකාරයෙන්ම ළමා අපයෝජන රටේ වෙන කොහෙවත් සිදුනොවෙන බව ඒ උන්දැලා නොදැන ඉන්න විදියක් නැහැනෙ. ළමයි ආරක්ෂා කරන එක නම් මූලික අරමුණ, එහෙනම් මේ වෙද්දි පහන්තුඩාව ගැන එක ලියුමක් නෙමෙයි, පන්සල් වල කෙරෙන අපයෝජන ගැන ලියුම් සියදහස් ගණනක් ජනපතිවරුන්ට යවලා ඒවා නවත්තපු හැටි ගැන මිනිස්සු අතීත කතන්දර කියන තත්වයකුයි තියෙන්න ඕන.

    මිනිස් සමාජයක් වුනාම ළමයින්ට සුදුසු ආකාරයේ අවකාශ වගේම ළමයින්ට නුසුදුසු, වැඩිහිටි අවශ්‍යතා වෙනුවෙන් සැකසුනු සමාජ අවකාශ නඩත්තු කිරීමත් අත්‍යාවශ්‍යය දෙයක්. ළමයින්ව කොතනටද කොයි මට්ටමකයද කොයි කාලයේද කොයි තරමකටද ඒවාට නිරාවරණය කරන්නේ කියන වගකීම් සහගත වැඩිහිටි ප්‍රවේශය වෙනුවට මේ යෝජනා කෙරෙන්නේ සමාජයේ ළමයි ඉන්න නිසා අපි ඔක්කොම ළමයි වගේ ඉමු කියන විසඳුමයි. අන්තිමට වෙන්න ඉඩ තියෙන්නේ ළමයි දකියි කියල හැමිනෙන්නේ නැතුව ඉන්නයි.

    සමාජයේ තියෙන මොකක් හෝ ආකල්පවල අඩුපාඩුවක් හේතුවෙන් තමන්ගේ භාරයට ලැබෙන ළමයි ටික පරිස්සම් කරගන්න බැරුව ගෙවල් වල දෙමව්පියන් එක්ක හැදෙන වැඩෙන දරුවන්ව සෙක්ස් වලින් ආරක්ෂා කරගන්න පොලිසි යනවා. මොනවද මේ විහිලු?

    මේ වගේ සෙක්ස් වීඩියෝ නිසා කෙනෙක්ට තමන් මතුපිටින් අශිෂ්ඨය කියල තමන්ට තහවුරු කරගෙන ඉන්න තමන්ගේම ආශාව තමන්ටම අභිමුඛ වෙන නිසා ඒ දෙය දෑහැට නොපෙනෙන තැනකට තල්ලු කරල නැති කරලම දාන්න හිතෙනව වෙන්න පුලුවන්. නැත්නම් සමාජය තමන්ට අහිමි කරනු ලැබූ දෙයක් හොරෙන් හොරෙන් කරනව වෙනුවට ප්‍රසිද්ධියේ(?) කරල තමන්ගෙ මූණෙ උලන්න එනව වගේ කියල හිතල කේන්ති යනව වෙන්නත් පුළුවන් (“අපිට කරන්නත් නෑ. කරනව නම් කරන දෙයක් ලයිට් ඕෆ් කරන් අපිට නොපෙනෙන්න හොරෙන් කරනව වෙනුවට දැන් මුන් මේවා එළිපිටම කරන්න අරන්. අපි පව් නැද්ද? ඇයි අපිව මෙච්චරම නොසලකා හරින්නෙ. අපි ඉන්නව කියල උඹලට මතක නැද්ද?”)

    ඔය කිසිවක් නෙමේ නම් ඉතුරු වෙන්නේ තලෙයිබාන් පැහැදිලි කිරීම.

    මිනිස් ජීවිතය විඳීමේ සියලු ආකාර අකැපය කියන අවකාශයකට තල්ලු කරල ඒ දේවල් සදාචාරය කියන මහා දොරෙන් වහල සංස්කෘතිය කියන අගුලෙන් අගුලුදාන ප්‍රවේශය. මොන ආකාරයෙන් හෝ ඒ දොර කඩාගෙන ඒ විඳීම් එළියට එන්න හදන හැම විටකම නීතිය, තුවක්කුව හෝ තමාගේ ආගමික පොතපත අවි බවට හරවගෙන මොන ක්‍රමයකින් හෝ ඒවා අර අඳුරු මුල්ලට තල්ලු කිරීමේ උවමනාව. සමහර පුද්ගලයන්ට අදාලව සලකපුවම මේක ඇත්තටම “හොඳ” කිරීමේ අරමුණින් හටගත්ත සදාචාරය පිලිබඳ විකෘති සහගත රාමුවකට සීමා වීමේ ප්‍රතිපලයක් වෙන්න පුලුවන්.

    මීට කලින් කිහිප වතාවක්ම ලියල තියෙන කරුණක් ආයෙම මතක් කරනව නම් සි.බෞ ගෝත්‍රික වටිනාකම් සහ ඔවුන් තමන්ගේ ප්‍රතිවාදියා කරගෙන ඉන්න අරාබිකරයේ වටිනාකම් වල තියෙන්නේ පුදුම ආකාරයක ගැලපීමක්. දෙපිරිසේම සදාචාරාත්මක ආකෘතීන් සෑහෙන දුරකට සමානයි. ආකෘති සමානයි ගැඹුරින් පමණයි වෙනස්.

    පැහැදිලි කරනව නම්; දෙපිරිසම වැරදි කියල හඳුනාගන්නේ එකම ආකාරයේ මිනිස් හැසිරීම්. ඒ වැරදි එක්ක ගනුදෙනු කරන විදිය, ඒ කියන්නේ ඒ වැරදි වලට දෙන දඬුවම් ආකාර ගැන පමණයි වෙනස්කම් තියෙන්නෙ. මානව අයිතීන් ගැන, කාන්තා නිදහස ගැන, සමරිසි අයිතීන් ගැන, ප්‍රකාශනයේ නිදහස ගැන, කන්‍යාභාවය ගැන, සෙක්ස් ගැන.. මේ මොක ගැන ආකල්ප ගත්තත් අරාබිකරය සහ සි.බෞ ගෝත්‍රිකයන් කියන්නේ නෑදෑයෝ.

    මේ සමානකමට හේතුව සි.බෞ ගෝත්‍රිකයන් බුදුන්වහන්සේ සමඟ තියෙන සම්බන්ධයට වඩා වැඩි සම්බන්ධයක් ක්‍රිස්තියානි බයිබලය සමඟ තිබීමයි. ක්‍රිස්තියානි බයිබලයේ පැරණි ගිවිසුම ඇසුරෙන් ගොඬනැගුනු වික්ටෝරියානු සදාචාරයට බුදුන්ගේ ලේබලය අලවගෙන දශක ගාණක් පුරා නටන මේ නාඩගම ඇත්තටම විනාශකාරී විකෘතියක්.

    මේ සටහනට පාදක වුන වීඩියෝවේ හිටිය යුවල සොයා පොලිස් පරීක්ෂණ සිදුවෙන බවයි දැන් වෙද්දි දැනගන්න තියෙන්නෙ.

    අපේ සමාජයට මේ වගේ පරිප්පු කන්න වෙලා තියෙන්නෙ විහින්මයි.

    පොඩි කාලෙ ඉඳල පිරිසක්ව ජීවිතය විඳින දේවල් වලින් ඈත් කරල ඒ දේවල් අහිමි කරවල ඒ මදිවට ඒ පිරිසට සමාජීය දේවල් ක්‍රියාත්මක වන ආකාර වලට බලපෑම් කරන්න සිවිල් බලයකුත් මෙන්න කියල වැඳලම දුන්නම ඒ මිනිස්සු මොනව කරයි කියලද අපේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ?

    අන්තිමට සිද්ධ වෙලා තියෙනෙ උන් නොරකින සිල් අපිට රකින්න උන්ම කරන බලපෑම් වලට යටත් වෙන්න.

    ඉතිහාසයේ කිසිදා නොවුන මට්ටමකට හැම පැත්තෙන්ම මේ තරම් රටක් අවදානමට ලක් වෙලා ඉද්දි සෙක්ස් වීඩියෝවක් දැකීම නිසා ඇතිවුන කම්පන ඇරියස් කවර්කරගන්න දඟලන උන්දැලාගේ කීම අහලා අර ඔක්කොම ප්‍රශ්න තියෙද්දි, ඒ වචනයට අනුව මෙහෙයවෙන රජයක් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන ජනතාවකට ඉතින් අබ සරණ හැර කුමන සරණක්ද?


    ජේමිස් බණ්ඩා

  • “පහන්තුඩාවෙ වීඩියෝව හාමුදුරුවොත් බලලා…. ඊළඟට ජනපති….”

    “පහන්තුඩාවෙ වීඩියෝව හාමුදුරුවොත් බලලා…. ඊළඟට ජනපති….”

    ලංකාවේ බෞද්ධ හිමිනමක් ලිංගික වීඩියෝවක් හෙවත් පෝන් වීඩියෝවක් ගැන ලියුමක් ලියලාලු. ලියුමේ ඡායාරූපය ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයකම පළ කරලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඒ ලියුම ලියමින් ඉල්ලලා තියෙන්නේ ‘අවශ්‍ය පියවර ගන්න’ කියලා ඉල්ලමින්.

    දම්සක් පදනම නම් සංවිධානයේ සභාපති ධුරන්දර ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංස හිමිගේ නමින් තමයි ඒ ලියුම තියෙන්නේ.

    මෙරට පුරවැසියන්ගේ ලෞකික ජීවිතේට අයිති දෙයක් වන ලිංගික වීඩියෝ වැනි දෙයක් ගැන බෞද්ධ හිමිවරුන් ලියුම් ලිවීම සුදුසුද? නැද්ද යන කාරණය ගැන විවිධාකාර අයට විවිධාකාර අදහස් ඇති. මේ සටහන ටිකක් හිතුවක්කාර එකක්. ඇතැම් අය එතරම් මේ සටහන ගැන නොසතුටු වෙන්නත් පුළුවන්.

    ඒත් ඉතින් අදහස් ප්‍රකාශනය කියන්නේ ඕක තමයි. හැමෝම කියන දේට හැමෝම කැමති නෑ.

    කොහොම වුණත් පහන්තුඩාව වීඩියෝව ගැන බොහෝදෙනෙක් සැලකුවේ සාමාන්‍ය දෙයක් හැටියට. ලෞකික සමාජයක, නූතන සමාජයක මෙවැනි දේවල් සාමන්‍යයි. මිනිසුන්ට නිදහස තියෙන ලෝකෙක විවිධ අය තමන්ගේ කැමැත්නේ විවිධ දේවල් කරනවා. අනුන්ට හානියක් නොවනතුරු ඒවායේ වරදක් නැහැ. විශේෂයෙන් ලිපිනයක් ඇතුළු කරලා පිවිසෙන්න ඕනෑ වෙබ් අඩවියක, මෙවැනි දෙයක් තිබීම සාමාන්‍ය දෙයක්.

    ඒ නිසා වෙන්න ඇති දිනමිණ වෙබ්ත් අඩවියත් තමන්ගේ වීඩියෝවකට අවධානය දිනාගන්න ‘පහන්තුඩාව බලන්න කලින් මේ වීඩියෝව බලන්න’ කියල යොදා තිබුනෙ

    අපට වගේම බොහෝ දෙනෙක් විහිළුවට වගේ මුලින්ම විමසා තිබුණු ප්‍රශ්නය මේ හාමුදුරුවන් ලියුම ලියන්නට කලින් වීඩියෝව නැරඹුවාද, නැද්ද කියන එක. ගෞරවණීය ස්වාමීන්වහන්සේට අපහාසයක් විදියට නෙවෙයි එවැනි අදහස් හුවමාරු වෙන්නේ. මෙවැනි මාතෘකාවක් ගැන කතා කරන විට මිනිසුන්ගේ ඔයවගේ විමසීම සාමාන්‍ය දෙයක්.

    ඒ ලියුමේ බැලීම හෝ නොබැලීම ගැන පැහැදිලිව කිසිවක් සඳහන් වන්නේ නැහැ. ඒත්, ඒක නොබලා ඒ ගැන පරීක්ෂණ කරන්න ලියුමක් ලීවා නම් එතැනත් ප්‍රශ්නයක් තියෙනවා.

    වීඩියෝවේ ඇති කරුණු හරිහැටි නොදැන ඒකෙන් සංස්කෘතියට සිදු වෙන හානිය ගැන කතා කරන්නේ කොහොමද?

    අනෙක් පැත්තෙන් නැරඹුවා නම් එය නැරඹුවේ කුමන අරමුණෙන්ද? මෙරට සංස්කෘතිය බේරාගැනීමේ උත්තරීතර අරමුණෙන් හෝ අධ්‍යන අවශ්‍යතා මත පමණක් නැරඹුවා වෙන්න පුළුවන්. නැත්නම් හිමිනමට මේක අකැප නිසා තවත් කෙනෙක් යොදවා, ඒ කෙනා නරඹා එකතු කරගත් තොරතුරු මත මේ ලිපිය ලීවා වෙන්නත් පුළුවන්.

    මේ ලියුමට පදනම් වී තිබුණේ පහන්තුඩාව නමින් ප්‍රකට වූ පෝන් වීඩියෝව ගැන.

    පෝන්හබ් වෙබ් අඩවියේ ‘විද්‍යාගේ දිනපොත’ නමින් ඇති චැනලයෙන් ප්‍රසිද්ධ කර තිබුණු පහන්තුඩාව නමින් ප්‍රකට පෝන් වීඩියෝව ගැන ලොකු සමාජ සංවාදයක් ඇති වුණා. ඒ වීඩියෝව බොහෝ අය නරඹා තිබුණා, එහි ඡායාරූප එක්ක සමාජ මාධ්‍යවල අදහස් හුවමාරුවීම් තිබුණා.

    සතියෙන් සතියට විවිධාකාර මාතෘකා උත්කර්ශයට නැගෙන සමාජ මාධ්‍ය අවකාශය ශානි නිෂාධි නම් ෆේස්බුක් වීඩියෝ ක්‍රීඩා කරන තරුණියගේ කතාවෙන් පස්සේ කටගැස්මට තෝරාගෙන තිබුණේ ඒ වීඩියෝව.

    මෙලෙස පෝන්හබ් වැනි වෙබ් අඩවිවලට මුදල් ඉපයීමේ අරමුණෙන් කැමැත්තෙන් වීඩියෝ නිර්මාණය කිරීම පසුගිය වසර කිහිපයේ වේගයෙන් ජනප්‍රිය වූ කාරණයක්. මේ වන විට ඒ මාර්ගයෙන් ඉතා ඉහළ ආදායමක් ලබන (විදේශ විනිමය) නිර්මාණකරුවන් පිරිසක් සිටින බව කියනවා. ලංකාවේ අසභ්‍ය ප්‍රකාශන පනත වැනි පරණ අණපනත් පාවිච්චි කරමින් පොලීසිය අනුන්ගේ කාමරවලට එබීම සහ ලිංගික විනෝදය කැඩීම එදිනෙදා සිද්ධවෙන දෙයක්. ඒ නිසා ලංකාවේ සිටින නිර්මාණකරුවන්ට තමන්ගේ මුහුණ පෙන්වන්න බැහැ.

    කෙසේ වෙතත් කැමැත්තෙන් නිර්මාණය කරන නිර්මාණකරුවන්ගේ වීඩියෝවලට වැඩි ඉඩක්, තල්ලුවක් ලබා දීම පෝන්හබ් ආදී වෙබ් අඩවිවල ප්‍රතිපත්තිය. ඒ නිසා ලංකාවේ තරුණ තරුණියන්ගේ ජීවිත විනාස කරන, අකැමැත්තෙන් හෝ හොරෙන් වීඩියෝ කළ, නැත්නම් සොරකම් කළ වීඩියෝ එවැනි වෙබ් අඩවිවල ප්‍රේක්ෂකයන්ට දැන් මුණගැහෙන්නේ අඩුවෙන්.

    කැමැත්තෙන් නිර්මාණය කළ වීඩියෝවලින් වෙබ් අඩවි පිරෙද්දී, ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙන්ම ලංකාවේත් ලිංගික වීඩියෝ කර්මාන්තයක් නිර්මාණය වෙද්දී කැමැත්තකින් තොරව අනුන්ගේ නිරුවත සහ ලිංගික ක්‍රියා බලන සංස්කෘතිය ලංකාවේ වෙනස් වෙමින් තිබුණා. තමන් කැමති කාන්තාවකගේ හෝ ප්‍රසිද්ධ චරිතයකගේ වීඩියෝවක් ‘ලීක්’ වනතුරු බලා සිටීම ටිකෙන ටික අඩු වුණා. ඒ වෙනුවට තමන් කැමතිම නිර්මාණකරුවන් කැමැත්තෙන් වීඩියෝවක් කරනතුරු බලා සිටින තැනට සංස්කෘතිය මාරු වී තිබුණා.

    ලෝකයේ ගොඩක් නූතන රටවල සංස්කෘතිය ඒකයි.

    එහෙත්, ඒවා නවත්වා අනුන්ගේ නිරුවත හොරෙන් බලන සංස්කෘතියට මාරු වීමට කැමති අයත් ඇති. මේ ලියුම ලියා තියෙන හිමිනම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇත්තේ එවැනි අරමුණකන් නොවන බව නම් ලිපිය කියවූ විට පැහැදිලියි.

    ඒ හිමියන් ලෝකෝත්තර දිවියක් ගතකරන පැවිදි හිමිනමක්. ලෞකික ජීවිතය ගැන එහිමියන්ට අවබෝධය අඩු ඇති.

    එහිමියන් ලියූ ලියුම පහතින්.

    ‘ඔබතුමන් දන්නා පරිදි පහන්තුඩාව දිය ඇල්ල ලංකාවේ ඇති සුන්දරම දිය ඇල්ලකි. ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයකි. රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ කොට්ඨාශයේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවට අයත් එම දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි.

    එම ස්ථානයේ පසුගිය දවසක තරුණ දෙපළක් අසැබි වීඩියෝවක් නිර්මාණය කොට එය අන්තර්ජාලයට මුදා හැර ඇත. දන්නා තොරතුරු අනුව ඒ දෙපළම මුදල් හෙවීමේ අරමුණෙන් මීමුරේ ප්‍රදේශයේද එවැනිම විඩියෝවක් නිකුත් කර මුදල් උපයා ඇති බව වාර්තා වේ.

    ඉතාම අභාග්‍ය සම්පන්න මෙම ක්‍රියාව ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගැන නරක ආරංචියක් පැතිර යාමකි. එය විදේශ රටවලද ජනප්‍රිය වීමෙන් රටේ සංස්කෘතියට සදාචාරයට මරු පහරකි. ඊටත් වඩා මෙහි ඛේදජනක තත්වය වන්නේ දැන් දරුවන් ඔන්ලයින් තාක්ෂණයේ නිතර අධ්‍යාපනය ලබන බැවින් මෙවැනි දර්ශන බැලීමට යොමුව තිබීමයි. ඔවුන් මේ දර්ශන ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ආදිය සමාජජාලා මාධ්‍ය වෙතද මුදාහැර ඇත. එය ඛේදවාචකය තීව්‍ර වීමට හේතු වී ඇත.

    එබැවින් ගරු ජනාධිපතිතුමනි, ලංකාවේ සංචාරක ව්‍යාපාර ගැන වැරදි සිතුවම් මැවෙන බැවිනුත්, සදාචාර හා සංස්කෘත හානියත්, දරුපරපුරට වන හානිය ගැන සලකා මේ සඳහා හැකි ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.’

    දැනටමත් මේ ජනාධිපතිවරයා යටතේ සීඅයිඩීය වැනි ආයතන භාරදූර රාජකාරීවල යෙදී ඉන්නවා. ඒ ආණ්ඩුවට විරුද්ධ පුද්ගලයන් කියන කරන දේවල්වල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීම වගේ අසීරු රාජකාරී. ලංකාවේ තවම නොවිසඳුණු මහා පරිමාණ අපරාධ නැති නිසාදෝ, සීඅයිඩීයට පැවරුණු අලුත් රාජකාරිය ඔවුන් සාර්ථකව කරමින් ඉන්නවා. සතියකට වතාවක් හෝ කාගේ හෝ කට වැරදුණ තැනක් අල්ලාගෙන සීඅයිඩීයට කැඳවනවා.

    සමහරවිට ඉදිරි කාලයේ ලිංගික වීඩියෝ නිර්මාණය කරන නිර්මාණකරුවන් කොටු කිරීමේ භාරදූර රාජකාරියත් සීඅයිඩීය පවරාගනීවි. ඒත්, ඕනෑ තැනකින් රිංගායෑමේ හැකියාව තිබෙන අන්තර්ජාලය නම් වූ සංකීර්ණ අවකාශය පාලනය කරන්න කිසි රජයකට බෑ. රටක් ඇතුළේ වෙබ් අඩවි තහනම් කළත් වීපීඑන් තියෙනවා. වෙනත් මාර්ග තියෙනවා. එවැනි පසුබිමක නිර්මාකරුවන් කොටු කරන්නට පටන්ගතහොත් ඊළඟට සිද්ධවෙන්න පුළුවන් දේ තමයි තරුණ තරුණියන්ගේ පෞද්ගලික රූපරාමු හොරකම් කොට ප්‍රසිද්ධ කරන, ඒ අයගේ අකැමැත්තෙන් ඒවා බලන සංස්කෘතියක් යළි ඇති වීම.

    මේ හිමිනම ලෞකික ජීවිතය ගැන නොදන්නා පැවිදි හිමිනමක් බව අප අනුමාන කළේ කලින් කී ලියුමේ තිබුණ එක වාක්‍යයක් නිසා. ලංකාවේ සංචාරක ව්‍යාපාරයට නරක විදියට මේ වීඩියෝව නරඹනු ඇති බවත්, මේ වීඩියෝව පිටරටවල අය බැලීමෙන් අපේ සංස්කෘතියට මරු පහරක් එල්ලවිය හැකි බවත්.

    ඇත්තටම දැන් මෙවැනි වීඩියෝ නිර්මාණ නැති රටවල් ලෝකයේ නැති තරම්. ආ…. වැරදීමක්. ආගම් මත පදනම් වූ නීති රජකරන, මෙවැනි දෙයක් කළොත් ගල් ගසා මරන ආකාරයේ දඬුවම් ලැබෙන මූලධර්මවාදී රටවල නම් මේවා අඩුයි. අනෙක් සෑම නූතන රාජ්‍යයකම මේවා මැජික් නෙවෙයි.

    ඔන්ලයින් අධ්‍යාපනය ලබන දරුවන් මේවා නැරඹීම ගැන එහිමියන්ගේ කම්පාවත් තේරුම්ගත හැකියි. එහෙත්, ඔන්ලයින් අධ්‍යාපනය එන්නට පෙර සිටම දරුවන් බලන දේවල්වලට පාලනයක් තිබුණේ නැහැ. තමන්ගේ දරුවන් නරඹන දේවල් ගැන විමසිල්ලෙන් සිටීම ඒ ඒ මාපියන්ට කළ හැකි දෙයක්. ඒත්, ඕනෑ සීමාවක් මැද්දෙන් නවයොවුන් දරුවන් ලිංගිකත්වය ගැන කුතුහලයෙන් දේවල් සෙවීම වැට බැඳ නවත්වන්න බෑ. අපිත් නවයොවුන් කාලේ එහෙමයි. ඕනෑ කෙනෙක් එහෙමයි.


    උපුටාගැනීම – සටහන් බ්ලොග් අඩවියෙන්

  • පහන්තුඩාව

    පහන්තුඩාව

    ෆේස්බුක් එකේ පහන්තුඩාව කිය කිය ඇල්ලක් ළඟ එක එක ෆොටෝ වැටෙද්දි මං වල්මත් වෙලා බලන් හිටියා. මොකක් හරි ලීක් එකක් කියල හිතුනත් ‍හරියටම මොකක්ද කියල අදහසක් ගන්න බැරිවුනා. ඉතින් ලීක් වුනු වීඩියෝව ඉල්ලලා ‍ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ ඉල්ලීමක් කළා. ගොඩක් අය වීඩියෝව ඉන්බොක්ස් කරලා තිබුන. මගේ කුතුහලය සංසිඳුවීම ගැන ඒ හැමදෙනාටම ස්තුතියි.

    ඒත් ඒක ලීක් එකක් නෙමෙයි. පෝර්න් හබ් එකට වීඩියෝ හදන ලංකාවෙ යුවළක් විසින් කරපු තවත් එක වීඩියෝවක්. දැන් ටික කාලෙක ඉඳන් මම පෝර්න් හබ් බලන්නෙ නෑ. පෝර්න් හබ් වලින් රියල් ලයිෆ් වීඩියෝ අයින් කරලා සැලසුම් සහගතව කරපු, අනන්‍යතාව තහවුරු කරන වීඩියෝ විතරක් ඉතුරු වුනාට පස්සෙ මට ලංකාවෙ පෝර්න් ක්ලිප් එකක තියෙන ආස්වාදය අහිමි වුනා. ඉතින් වැඩිපුර මම ගැවසෙන්නෙ xvideos වල.

    ලංකාවෙ පෝර්න් හබ් එකට කරන ගොඩක් වීඩියෝවල මූන වැහෙන්න වෙස්මූනක් දානවා. ඒකෙන් මගේ සම්පූර්ණ වින්දනය බාධා වෙනවා. ඇත්තටම පෝර්න් එකක හැඟීම් දනවන තැන මූන. ශරීරයේ එක එක අවයව පෙන්නුවට ඒක ජීව විද්‍යා පාඩමක් වගේ වෙනවා විතරයි. ඒත් ලංකාව වගේ රටක එහෙම මූනත් පේන වීඩියෝ හදලා ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් නෑ. ඒ හින්ද මං නොබැලුවත් දේශීය පෝර්න් කලාවෙ පුරෝගාමී වැඩක් කරමින් හිටපු කොල්ලන්ට කෙල්ලන්ට මගේ තිබුණ ගරුත්වයක්.

    මේ පහන්තුඩාව වීඩියෝව කරන්නෙ විද්‍යා ඉසුරිකා කියල කෙනෙක්. එයාට තියෙනවා පෝර්න් හබ් චැනල් එකක්. ඒකෙ වීඩියෝ තුන්සිය හැටගානකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා හයදාස් ගානක් ඉන්නවා. මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක විව්ස් තියෙනවා.

    විද්‍යාගේ වීඩියෝ අනිත් අ‍යගේ වීඩියෝවලට වඩා වෙනස්.

    ‘මං ආසයි එයත් එක්ක ලෝකෙ වටේ ඇවිදින්න. විනෝද වෙන්න’

    ඒක තමයි විද්‍යාගෙ මො‍ටෝ එක. ඇත්තටම එයාගෙ වීඩියෝවල තියෙන්නෙත් පෙම්වතා එක්ක රටේ තැන් තැන්වලට ගිහින් සෙක්ස් කරන එක. මුල ඉඳන් බලාගෙන ගියොත් ඒ වීඩියෝ ටිකෙන් ටික තත්වයෙන් උසස් වෙන හැටිත්, නිර්මාණාත්මක වෙන හැටිත් දකින්න පුළුවන්. එයා වනාන්තරවල, මීමුරේ වගේ තැන්වල එලිමහනෙ පෙම්වතා එක්ක රමණය කරනවා. පෙම්වතා අතින් විද්‍යාව වීඩියෝ වෙනවා.

    නිකංම ශරීරයේ කොටස් වීඩියෝ කරනවා වෙනුවට මේ වීඩියෝවලදි අවට පරිසරයත් ඒ අනුරාගයට එකතු කරගන්න උත්සාහ කරනවා. සෙක්ස් කියන එක වැහුනු කාමරයක ඇඳක් උඩ කරන දෙයක් කියන තැනින් විද්‍යා ඒක ස්වභාවික එලිමහනක විඳින පැතිරුනු අනුරාගයක්, විනෝදයක් බවට පත්කරනවා.

    වැදගත්ම දේ මේ වීඩියෝවල මූනට වෙස්මූනක් දාන්නෙ නෑ. ඒ වෙනුවට කැමරා කෝනය වෙනස් කිරීමෙන් හෝ නැත්නම් කොන්ඩයෙන් මූන වැහෙන විදිහට සකස් කිරීමෙන් රූප රාමුව හදාගන්නවා. ඒ හින්දම මට අනිත් වීඩියෝවලදි වෙන ශෘංගාරභංගය විද්‍යාගේ වීඩියෝවලින් සිද්ද වෙන්නෙ නෑ. ඒ වීඩියෝ ඇත්තටම ආස්වාදනීයයි. ඒ වගේම බලාපොරොත්තු දනවනසුලුයි. විද්‍යාට ටිප් කරන්න උත්සාහ කළත් මොකක් හරි තාක්ෂණික දෝෂයක් නිසා ඒ ඔප්ෂන් එක වැඩ කරන්නෙ නෑ.

    එකපාරටම මේ ඇතිවුනු පහන්තුඩාව රැල්ල නිසා විද්‍යාගේ වීඩියෝ නිර්මාණවලට සංස්කෘතික පොලිසිවලින් හානියක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇලවල් දොලවල් ළඟ පෙම්වතුන්ට ගිහින් මේ විදිහෙ ආස්වාදයක් ලබන්න ඇති අවස්ථා ඇහිරෙන එකක් නෑ කියලත් හිතනවා. මොකද මේ වගේ දේකට පස්සෙ ඇල්ල ළඟ මුරට ඉන්න වගේ විහිලු පටන් ගන්න බොහෝ ඉඩ තියෙන හින්ද.

    පහන්තුඩාවත් එක්ක මට හිතුන එලිමහනෙ ලිංගික හැසිරෙන එක ගැනත් ටිකක් කතා කරන්න. ඒක අනිවාර්යෙන්ම ඕනම කෙනෙක් විසින් ලැබිය යුතු වර්ගයේ දිව්‍යමය අත්දැකීමක්. හැමෝගෙම බකට් ලිස්ට් එකේ එහෙම එකක් තියෙන්නම ඕන. එලිමහන කිව්වම එක පැත්තකින් තියෙනවා ජනාකීර්ණ තැන්වල රහසින් කරන හදිසි ලිංගික එක්වීම්, පබ්ලික් සෙක්ස් කියන වර්ගයට අයිති වෙන. ඒත් මෙතනදි අපි කතා කරන්නෙ වඩාත් සොබා දහම එක්ක කරන රමණයන්. ඒ කියන්නෙ වනාන්තරවල, හුදකලා වෙරළ තීරවල, දියඇලි යට, රාත්‍රී තරු වියන් යට වගේ තැන්. මේ වගේ අනුරාගී අත්දැකීමකදි වැලි, කොල, වතුර සහ මඩ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕන. ඒවා සිරුරේ තැවරෙන්න වගේම ඒවත් එක්ක සෙක්ස් කරන්න සිද්ද වෙනවා.

    මේ විදිහෙ එලිමහනකදි දැනෙන ප්‍රධාන දේ තමයි ඇඩ්වෙන්චරස් ගතිය. ඒකෙ තියෙන රහස්‍ය බවත්, අලුත් බවත්, නිර්භීත බවත් මේ වගේ ලිංගික එක්වීමක් වඩාත් ආස්වාදනීය කරනවා. ඒ වගේමයි අසීරුව. හොඳ සනීප යහනක වැතිරෙනවා වගේ නෙමෙයි ගස් කඳක් බදාගෙන සෙක්ස් කරන එක. නමුත් මේ හැමදේකින්ම මේ රමණය වඩාත් රමණීය එකක් කරනවා.

    ලංකාවෙ එලිමහන් සෙක්ස් කරද්දි ඒක පරිස්සමෙන් කරන්න ඕන. කීයටවත් අහුවෙන්න නම් එපා. අපේ රටේ තියෙන ලිංගික අසහනයත් එක්ක ඒ වගේ දේක සුන්දරත්වය හෝ දඟකාරබව විඳින්න දන්න පිරිස අඩුයි. ඒ වෙනුවට ඔය සදාචාරය රකින පිරිස් එකතුවෙලා මේ පෙම්වතුන් ලැජ්ජාවට පත් කරමින්, පොලිසිය කැඳවමින් ලොකු සංදර්ශනයක් කරන්න ඉඩ තියෙනවා. නැත්නම් පාදඩයන් පිරිසක් විසින් මේ අයට අතවර කරන්න ඉඩ තියෙනවා. අපි සංස්කෘතිකව ආරක්ෂිත රටක් නෙමෙයි කියන තත්වය අවාසනාවන්ත විදිහට වුනත් අපිට මතක තියාගන්න වෙනවා.

    කලින් සූදානමක් ඇතුව යන එක වඩාත් හොඳයි. ඕන කරන විදිහෙ ගන බ්ලැන්කට්ටුවක්, ඇඳගන්න ඇඳුම් හෝ අවශ්‍ය වෙනත් දේවල් ලෑස්ති කරගෙන යන එකෙන් මුහුන දෙන අවහිරතා අඩු කරගන්න පුළුවන්. ඒත් ඒ අනපේක්ෂිත බවම විඳින්න කැමති අයට ඒ විදිහට කරන්නත් බාධාවක් නෑ.

    මේ වගේ තැන්වලදි ක්‍රියේටිව්ම දේ වෙන්නෙ තෝරගන්න පොසිෂන් එක. අපිට හිතේ තියෙන හැම විදිහකටම රමණය කරන්න එලිමහන සුවපහසු නෑ. ඒ හින්දම වෙලාවට තැනට ගැලපෙන පොසිෂන් තෝරගන්න නැත්නම් නිර්මාණය කරගන්න අපිට සිද්ද වෙනවා.

    පබ්ලික් සෙක්ස්වල වගේ හදිස්සියක් මේ විදිහෙ එලිමහන් රමණයකදි අවශ්‍ය වෙන්නෙ නෑ. ඊට වඩා අපිට නිදහසේ නිරුවතින් ඒ සියල්ල විඳින්න තියෙනවා නම් තමයි ඒ අත්දැකීම පරිපූර්ණ වෙන්නෙ. ශිෂ්ටාචාරෙන් පිටමං වෙලා වනාන්තරගත මොහොතක ශරීර ආශ්චර්යය විඳින එකයි ඒ වගේ දේක ගැඹුරු ආසාව වෙන්නෙ. නිකංම ලිංගික ක්‍රියාව කරලා දුවගෙන එනවා වෙනුවට නිරුවතින් වැතිරගෙන තුරු වියන් හෝ තරු වියන් නරඹමින් ඉන්න එක සුරතාන්තයට එහා ආස්වාදයක්.

    ඉතින් පහන්තුඩාවේ ආස්වාදය විද්‍යාට විතරක් නෙමෙයි. ඒකෙන් ඉන්ස්පයර් වෙලා තව තවත් අය, තව තවත් තැන්වල නිරුවත් වෙන්න. ඒකාකාරී රමණය රමණීය එකක් කරගන්න.

  • Hug එකක ආශ්චර්යය

    Hug එකක ආශ්චර්යය

    “මිනිසුන් දෙදෙනෙකු අතර වැළඳ ගැනීමේ සාමාන්‍ය කාලය තත්පර 3 කි. නමුත් පර්යේෂකයන් විසින් විශ්මය ජනක දෙයක් සොයා ගන්නා ලදී. වැළඳ ගැනීම තත්පර 20 ක් පවතින විට එය ශරීරයට සහ මනසට චිකිත්සක බලපෑමක් ඇති කරයි. එයට හේතුව අවංක වැළඳගැනීමෙන් හෝමෝනයක් නිපදවයි. ආදරයේ හෝමෝනය ලෙසද හැඳින්වෙන ඔක්සිටොසින්. මෙම ද්‍රව්‍යය අපගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට බොහෝ වාසි ඇති අතර, එය අපට විවේක ගැනීමට, ආරක්‍ෂිතව සිටීමට සහ අපගේ බිය සහ කාංසාව සන්සුන් කිරීමට උපකාරී වේ. ළමයෙකු තුරුළු කරගෙන, බල්ලෙකු හෝ බළලෙකු රැකබලා ගන්නාව්ට, සහකරු සමඟ නටමින්, යමෙකු ළඟට එන හෝ ඔහු උරහිසේ මිතුරෙකු තබා ගන්නා පුද්ගලයෙකු ඔබ අපේ අතට ගන්නා සෑම අවස්ථාවකම නොමිලේ මෙම අපූරු සන්සුන් භාවය පිරිනැමේ”

    • නිකොල් බෝඩෙලූ

    පරිවර්තනය – තරංග ලක්නාත්
    මූර්තිය – බෲනෝ බෲනි

  • මලක සුවඳින් අවදිවන්න

    මලක සුවඳින් අවදිවන්න

    පෘතුවිය. අවුරුදු මිලියන 114ට කලින් එක උදේක ඉර පායමින් තිබුන. පෘතුවිය මත පළමු වරට ඉර රැස් විඳිමින් මල් පිපෙමින් තිබුන. පෘතුවිය මත ශාඛ ජීවිතය විශාල පරිණාමීය වෙනසකට ලක් කළ මේ සිදුවීමට අවුරුදු මිලියන ගානකට කලින් පෘතුවිය ශාඛවලින් ආවරණය වෙලා තිබුන. මුලින්ම පිපුනු මල් වැඩි වෙලාවක් නොතිබෙන්න ඇති. කොහොමටත් මල් කියන එකම දුර්ලභ සංසිද්ධියක් වෙන්න ඇති. මොකද ඒ වෙනකොටත් මල් හැමතැනම පිපෙන්න කාරණා සකස් වෙලා තිබුනෙ නෑ. එක දවසක මේ සියල්ල සම්පූර්ණ වුනු මොහොතක පෘතුවිය පුරාම විවිධ වර්ණ වලින් විවිධ සුවඳින් මල් ඇතිරිල්ලක් එලෙන්න ඇති. ඒක විඳගත හැකි සවිඥාණයක් ඒ වෙද්දි තිබුනා නම්….

    ඊට ගොඩකාලෙකට පස්සෙ මේ මල් කියන සියුමැලි සුවඳ ජීවීන් තවත් වර්ගයකගේ සවිඥානකත්වයේ වැදගත්ම පරිවර්තනයක් ඇති කරනවා. මානවයො මේ මල්වල අලංකාරයට වශී වෙනවා, ඒවායින් ආස්වාදයට පත්වෙනවා. මානවයාගේ සවිඥානය වර්ධනය වෙද්දි තමන්ට උපයෝගීතාවයක් නැති නමුත් ඔවුන් වටිනාකමෙන් සළකපු පළමු දේ බොහෝවිට මල් වෙන්න ඉඩතියෙනවා. මල්වලින් මානවයාගේ ජීවිතය ගලවා ගැනීම වගේ දේකට උදව්වක් නෑ. ඒත් ඒවා ගිණිය නොහැකි තරම් කලාකරුවන් කවීන් මුනිවරයන් අවදි කරලා තියෙනවා. ඉන්ස්පයර් කරලා තියෙනවා. මල් දෙස බලා සිට ජීවත්වෙන හැටි උගන්නැයි ජේසුස් අපිට කියනවා. බුදුන් මලක් පාවිච්චි කරලා නිහඬ දේශනාවක් කරනවා. එයා මල අල්ලාගෙන ඒ දෙස බලා සිටින්නැයි කියනවා. ටික වෙලාවකට පස්සෙ ඒ පිරිස අතර හිටපු මහා කාශ්‍යප තෙරුන්ගෙ මුවට මදහසක් නැගෙනවා. එතන හිටපු අයගෙන් මේ දේශනය වැටුහුනු එකම කෙනා මහා කාශ්‍යප. පුරාවෘත්තයෙ හැටියට මේ අවබෝධයේ මදහස ආචාර්යවරුන් වහන්සේලා විසි අටකට උරුම වෙනවා. එතැනින් සෙන් දහමේ උපත සිදුවෙනවා.

    මලක සුන්දරත්වය දැකීමෙන් සුළු මොහොතකට හෝ ඕනම මනුෂ්‍යයෙක් තමන්ගේ අභ්‍යන්තර සුන්දරත්වයට අවදි වෙනවා. ඔවුන්ගේ සැබෑ ස්වභාවයට අවදි වෙනවා. මානව සවිඥානකත්ව පරිණාමයේ සුවිශේෂතම තැනක් තමයි මේ සුන්දරත්වය කියන දේ වැටහීම. සතුටේ සහ ආදරයේ හැඟීම් මේ දැනීමත් එක්ක අත්‍යන්තයෙන් බැඳිලයි තියෙන්නෙ. අපි නොදැනුවත් වුනත් මලක් අපිට කියන්නෙ අපි තුල පවතින හැඩයක් නැති, උසස්, දිව්‍යමය තත්වයක් ගැන හැඟීමක්. මලක් කියන්නෙ ඉතාම කෙටි වෙලාවක් පවතින අතිශයින්ම සියුමැලි ආධ්‍යාත්මික බවක් දනවන විකසිත වීමක්. ඒක ඒ මල දරන ගහට ඇති ගුණයක් නෙමෙයි. ඒක හරියට වෙන යතාර්ථයකින් අපිට එවන පණිවුඩයක් වගේ. හැඩයන් ආකෘතීන් පවතින මේ ලෝකයත් ආකෘතියක් හැඩයක් නොමැති වෙනත් ලෝකයකුත් අතර පාලමක්. මල් වලින් දැනෙන සුවඳ මතුපිට සංවේදනයක් විතරක් නෙමෙයි. ඒ සුවඳ කියන්නෙ ඇතුලතින් දැනෙන හැඟීමකුත් වෙනවා. අවබෝධයට පත්වීම නැත්තං එන්ලයිට්න්මන්ට් කියන එක වඩා පුළුල් අදහසකින් ගත්තොත් මලක් පිපෙනවා කියන්නෙ ගහක් අවබෝධයට පත්වීම කියල අපිට දකින්න පුළුවන්.ඕනම ජීවිත ආකෘතියක් අවබෝධයට පත්වෙනවා කියල අපිට කියන්න පුළුවන්. ඛනිජයක් වුනත්, එළවලුවක් වුනත්, සතෙක්, මනුස්සයෙක් වුනත් මේ අව‍බෝධයට පත්වීමේ ක්‍රියාවලිය තුලින් ගමන් කරනවා. ඒත් ඒක අන්තිම විරල සිදුවීමක්. මොකද ඒක පරිණාමීය ක්‍රියාව ඉක්මවා යන්නක්. එක විදිහකට ඒ පරිණාමීය භෞතික ක්‍රියාවෙන් ඛන්ඩනයක් සලකුනු කිරීමක්. වෙනම පැවැත්මකට ගන්නා වූ පිම්මක්. වැදගත්ම දේ ඒක ‍භෞතිකත්වයෙන් අඩුවීමක් දුරස්වීමක් දැනෙන තැනක්.


    Echart Tolle

    A New Earth

  • සමලිංගිකත්වය මානසික රෝගයක් නොවෙයි. ලිංගිකත්වය මත වෙනස්කම් කරන්න එපා!!!

    සමලිංගිකත්වය මානසික රෝගයක් නොවෙයි. ලිංගිකත්වය මත වෙනස්කම් කරන්න එපා!!!

    ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය

    ලිංගික දිශානතියේ සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවයේ විවිධත්වයක් පැවතීම මානසික රෝගයක් නොවන බවත්, සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්නභාවී (LGBTIQ) ප්‍රජාවන් ට වෙනස්කොට සැලකීම් සිදුනොකළ යුතු බවත් පවසමින් ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය (Sri Lanka College of Psychiatrists – SLCP) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

    මෙම නිවේදනය නිකුත් කිරීමට හේතුව වන්නේ මෑත දිනක තමා මනෝ උපදේශිකාවක යැයි හඳුන්වා ගත් තැනැත්තියක විසින් මහනුවර පොලීසියේ ශ්‍රවණාගාරය තුළ පැවැත්වූ ආන්දෝලනාත්මක පුහුණු වැඩමුළුවකට ප්‍රතිචාර වශයෙනි.

    මෙම පුහුණු වැඩමුළුව සජීවීව පටිගත කොට සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබිණි. අදාළ පුහුණු වැඩමුළුව තුළ මෙම තැනැත්තිය විසින් සමලිංගිකත්වය යනු මානසික රෝගයක් බවත්, සමලිංගිකයන්ගේ ගොදුරු වීමෙන් කුඩා දරුවන් ආරක්ෂා කර ගත යුතු බවත් ඒත්තු ගන්වන අතර, වැඩමුළුවට සහභාගී වී සිටින පොලිස් නිලධාරීන් ඊට එකඟතාව පළකරන අයුරු ද එම වීඩියෝවේ දැක්වේ.

    ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය යනු මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳව ලංකාවේ පවතින ඉහළතම ආයතනය වන අතර, ඔවුන් පෙන්වා දෙන්නේ මෙම පුහුණු වැඩමුළුව තුළ මතුකර ඇති කරුණු වල සත්‍යතාවයක් නොමැති බවත්, නූතන වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීම අනුව ලිංගික අනන්‍යතාවයේ විවිධත්වයක් පැවතීම රෝගී කාණ්ඩයකට ඇතුළත් නොකරන බවත් ය.

    ඒ අනුව LGBTIQ ප්‍රජාවන්ට ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවය මත වෙනස්කොට සැලකීම් සිදුනොකළ යුතු බවත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුළ සමලිංගික හැසිරීම් සාපරාදීකරණය කරන වගන්ති අහෝසි විය යුතු බවත් අදාළ නිවේදනයේ වැඩිදුරත් දැක්වේ.

    සමලිංගිකත්වයට බලපාන නීති සංශෝධනය විය යුතු බවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් විසින් පිළිගත් දෙවන අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකිය. මීට ඉහත දී සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් නිවාර්ණ වැඩසටහනේ (National STD/AIDS Control Program – NSACP) 2018 – 2022 වර්ෂයන්ට අදාළ ජාතික ක්‍රමෝපායික සැලැස්ම හරහා ද රජයට යෝජනා කර සිටියේ සමලිංගික හැසිරීම් සාපරාදීකරණය කරන දණ්ඩ නීති සංග්‍රහයේ 365 / 365අ වැනි ප්‍රතිපාදන සංශෝධනය විය යුතු බවයි.


    සංස්කාරක (LGBTIQ)

  • නොබි‍‍ඳ‍ෙන ආදරයක පුරාවෘත්තය, අතුල – සමිතා

    නොබි‍‍ඳ‍ෙන ආදරයක පුරාවෘත්තය, අතුල – සමිතා

    අතුල අධිකාරි එක්ක ළහිරු කරන ඉන්ටවිව් එකක් බැලුවා. මුලින් අපේ වෙදකම තියෙනවා නං කොරොනාවලට වුනත් බය වෙන්න ඕන නෑ වගේ කතා කියාගෙන එද්දි බලන එක නතර කරන්න හිතුනත් තව ටිකක් බලනවා කියල හිතුන. අතුල ලස්සනම දේවල් කියන්න පටන් ගන්නෙ ඊට පස්සෙ.

    ලංකාවෙ සම්බන්ධතා ගැන කතා කරනවා නම් ඒකට හොඳම දෙන්නා අතුලයි සමිතයි කියල මට හිතිලා තිබුන. ඒක‍ට හේතුව වුනෙම ඉතාම කුණාටු සහිත ආදර මුහුදක සුන්දරතම විදිහට යාත්‍රා ක‍ළේ උන් දෙන්නා කියල මට හිතෙන හින්ද. ඒ අන්අපොලොජටික් ජීවිතය ලංකාවෙ විරලයි. කොටින්ම ගොඩක් දාර්ශනික සංවාද කරන අයට වුනත් මේ විවෘතකම දරාගන්න අමාරුයි. ඒත් අතුල සමිතා අපේ නූතන සමාජයේ මනස්කාන්ත ආදර පුරාවෘත්තයක් නිර්මාණය කරලා තියෙනවා.

    අතුල තමන්ගේ වෙන්වීම ගැන කතා කරනවා.

    වෙන්වෙන අයත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යනවා කියල එයා කියනවා. අපි කවදාවත් අපේ ප්‍රශ්න අරන් පොලිසියකට ගිහින් නෑ. නඩු දාගෙන නෑ. අදටත් අපි එකට ඉඳ‍ගෙන කෑම කනවා..

    මේක ජීවිතය ගැන ලොකු චිත්‍රයක්. මරාගෙන මැරෙන සම්බන්ධතා වෙනුවට සදා කල් නොබි‍‍‍‍දෙන සම්බන්ධතාවයක් අතුල යෝජනා කරනවා.

    “අදටත් අතුල ඉන්නෙ අමායා එක්ක. අමායා කසාද බැඳලා. අපි යාළුවො. අපේ මනුස්සකම් ඉවර වෙලා නෑ”

    තමන්ගේ සීමිත ඉරිසියාකාර ප්‍රේමය වෙනුවට ඊට වඩා පළල් මනුස්ස සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් වීමේ කතාවයි මේ අතුල කියන්නෙ. අපේ රොමාන්තික ආදරය හෝ මොනොගමික විවාහය අවසන් වුනු තැනින් අ‍පේ මනුස්ස ආදරය නතර වෙන්න බෑ.

    “සංකීර්ණ වුනාම ලේසියි. ප්‍රශ්න අඩුයි” – අතුල

    සරල මතුපිට ජීවිතයකට වඩා එදිනෙදා සමාජ ප්‍රශ්නවලින් එලියෙ ගත කරන, වෙනස් ප්‍රශ්න සහ සිතුවිලි එක්ක ගතවෙන ජීවිතයකට පොදු සමාජයෙන් පැටවෙන ප්‍රශ්න අඩුයි. මහා සමාජ ආතතිය අඩුයි. ඒ හුදකලා පැවැත්ම ලේසියි. මොකද එතන තියෙන්නෙ තමන්ගෙ ප්‍රශ්න. අනුන්ගෙ ප්‍රශ්න නෙමෙයි.

    ජීවිතය සම්පූර්ණ වෙන්නෙ ආදරය ඇතුලෙ කියල අතුල කියනවා. ආදරය ඇතුලෙ ලිංගිකත්වය තියෙනවා. ලිංගිකත්වය ඇතුලෙ ආදරය තියෙනවා. ලංකාවෙ ඔය දෙක වෙන් කරනවා. සමහර අය ආදරේ විතරයි කරන්නෙ. සමහර අය සෙක්ස් කරනවා ආදරේ කරන්නෙ නෑ. ඔය දෙක ඉඳිකට්ටයි නූලයි වගේ. වෙන් කරන්න බෑ..

    අපේ රටේ ප්‍රධාන ධාරාවෙ තරු අතර අතිවිරල මේ විදිහෙ විවෘත අදහස් සහ නිදහස් පැවැත්මක් අතුලට එන්නෙ අතුලලාගේ පරම්පරාවට බලපාපු බටහිර සංගීතය ‍පිටිපස්සෙ නෑසී ඇසුනු ඒ බටහිර නිදහස් ස්වාධීන ජීවිතයක් ගැන අදහස් වලින් කියල මට හිතෙනවා.

    “මං කිසි දවසක මගේ පෙම්වතිය වැටෙයි කියල අල්ලගෙන යන්නෙ නෑ. ඒත් ලංකාවෙ ගොඩක් පෙම්වතුන් මුල් කාලෙදි පෙම්වතිය වැටෙයි කියල අල්ලගෙනමයි ඉන්නෙ. ඒත් ටික කාලයක් යද්දි ඒක නැති වෙනවා. අපේ රටේ පිරිමින්ට හීනමානයක් තියෙනවා. ගෑනියෙකුට සලකන එක මදිකමක් කියල හිතන්නෙ. වාහවනයක දොරක් ඇරලා දෙන එක. සුද්දා එහෙම නෑ. බිරිඳට වාඩිවෙන්න පුටුව දෙනවා. ආවාම කෝට් එක ගලවලා ගන්නවා. මං තාමත් සමිතාගෙ අම්මටත් අමයාගේ අම්මටත් එකම විදිහට ඒ ගෞරවයෙන් සලකනවා. අපි වෙන්වුනා කියල ඒ දේවල් වෙනස් වෙලා නෑ”

    අතුලට කසාදයක් ඇතුලෙ ඉන්න බැරි ඇයි කියල ළහිරු අහනවා. අතුල කියන්නෙ එයාට පුද්ගලිකත්වය ස්වාධීනත්වය ගැන හැඟීම වැඩියි කියල.

    විවාහය ඇතුලෙ හිත් අමනාපකම් ගැටීම් තිබුනා කියල කියන අතරෙම කිසි දවසක දරුවන් ඉස්සරහ රන්ඩු වෙලා නෑ කියල අතුල කියනවා. තමන්ගේ නිදහස් සම්බන්ධතා ගැන දරුවන්ට අදහසක් ඇතිවෙන්නෙ මෙතනින්. ඒක ආතතිකර, භයානක, තමන්ට යම් කෙනෙක් අහිමි කරන දෙයක් බවට පත්වෙන්නෙම අපි ඒ දේවල් විසඳගන්න ආකාරයත් එක්ක. දරුවන්ට ඒකෙන් ඇතිකරන කම්පනය තමයි බරපතලම වෙන්නෙ. ඒ අය ඉතාම දැඩිව කෙනෙක් අල්ලගන්නා, තදින් බැ‍‍ඳ‍ෙන, එනිසාම සම්බන්ධතා බි‍ඳ‍ෙන පිරිසක් වෙනවා. අතුල කියන්නෙ තමන්ගෙ නිදහස්කාමී ජීවිතය ඇතුලෙ ඇතිවුනු ප්‍රශ්න දරුවන්ට භයානක හීනයක් වෙන්න ඉඩ දුන්නෙ නෑ කියන එක.

    එයා හරි ලස්සන කතාවක් කියනවා අද කාලෙ ප්‍රේමයන් ගැන. ඉන්න තැනක ඉඳන් වීඩියෝ කෝල් ගන්න ඕන. ළඟ ඉන්නෙ කවුද කියල පෙන්නන්න ඕන. පරක්කු වුනොත් හේතු කියන්න ඕන. මේ විශ්වාසයක් නැතිකම.

    අතුල විවාහය කියන සංසිද්ධියෙ අවුල හරිම සරලව කියනවා. අවුරුදු ගානක් ඇසුරු කරපු පෙම්වතුන් බැඳලා මාස ගානෙන් වෙන්වෙන හැටි කියනවා. ඒ අත්සන් කරලා බාරගැනීමෙන් පස්සෙ එතෙක් තිබුනු හැමදෙයක්ම වෙනස් වෙන හැටි කියනවා.

    ‘අත්සනෙන් පස්සෙ අයිතියක් එනවා. ඒකයි අවුල’

    ‘ආදරේ කරද්දි යාළුවො වගේ ඉන්න ඕන. අරක අඳින්න එපා කොටට අඳින්න එපා, රස්සාවට යන්න එපා වගේ ඒවා යාළුවො කියන්නෙ නෑනෙ. ඩාන්සින් කරන කෙල්ලෙක් එක්ක යාළු වෙනවා ඊට පස්සෙ ඩාන්සින් අතාරින්න කියනවා…’

    නෙලු අධිකාරි ක්‍රිස්තියානි නිකායකට ගිය එක ගැනත් ළහිරු අහනවා. අදහන ආගමෙන් වැඩක් නෑ. මනුස්සයෙක් විදිහට ඉන්නවද කියන එකයි වැදගත්. බෞද්ධ කොඩිය දාගෙන හිටියත් අනුන්ට හෙණ ගහපං කියනවා නම් එයා බෞද්ධ නෙමෙයි නේද කියල අතුල අහනවා.

    ‘එක වීඩියෝවක් තියෙනවා, හාමුදුරු කෙනෙක් බනිනවා බණ මඩුවට බීලා ආපු මිනිහෙකුට. බැනලා එලවලා පොලිසියටත් කතා කරන්න හදනවා. බුදු හාමුදුරුවො නං එහෙම කරයිද? බීපු මිනිහෙකුටනෙ ප්‍රශ්න තියෙන්නෙ. එයාටනෙ බණ කියන්නම ඕන. දැන් බණට කියන්නෙ පෝර්න් ගැන. බණ කියනවා කියන්නෙ මිනිස්සුන්ට විහිළු සපයනවා කියන එක නෙමෙයි’

    ඒ වගේම අතුල තමන් බුක්ති විඳින නිදහසට පදනම වුනේ තමන්ගෙ දෙමව්පියන් නැත්තං හැදුනු වටපිටාව කියන එකත් මතක් කරනවා. කිසිම දවසකට තමන්ගේ අවසරයක් නැතිව තමන්ගේ කාමරයට ගෙදර අම්මා හෝ තාත්තාවත් ඇතුල් නොවුනු වග කියනවා. ඒ තරමට දරුවෙකුගෙ පුද්ගලිකත්වය ගරු කරන පරිසරයක් අතුලට තිබිලා තියෙනවා. කොටින්ම තමන් දික්කසාද වුනත් ඒ ගැනවත් කිසි දවසක අම්මලා තමන්ගෙන් ප්‍රශ්න කළේ නෑ කියල අතුල කියනවා. තාමත් අපි දෙන්නටම ඒ බැඳලා හිටපු කාලෙ සළකපු විදිහටම සළකනවා කියල ඒ බාරගැනීම ගෞරවයකින් මතක් කරනවා.

    අතුල සිරාම කතාව කියන්නෙ ඊට පස්සෙ. කිසි දවසක තමන්ගෙ දුව කවින්ද්‍යාට අවුරුදු විසි පහක් විතර වෙනකං කෙල්ලෙක් නැතුව හිටපු කොල්ලෙක්ව බඳින්න දෙන්නෙ නෑ කියල එයා කියනවා. කසාද බැඳපු මිනිහෙක් බැන්දත් ඒ මිනිහා බැඳපු වාර ගාන ප්‍රශ්නයක් කරගන්නෙ නැති අතුල අවුරුදු 25ක් වෙනකල් කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලපු නැති හොඳ පුතෙකුට විරුද්ධ වෙනවා.

    ‘ඒ කියන්නෙ එයාගෙ මොකක් හරි ලෙඩක්. එයා දන්නෙ නෑ ගෑනියෙක් එක්ක ඇසුරු කරන්නෙ කොහොමද කියල’

    කවදා හරි දවසක අතුලයි සමිතයි දෙන්නත් එක්ක ඒ දෙන්නගෙ ආදරේ ගැන අන්සෙන්සර්ඩ් කතාබහක් කරන්න තිබුනොත් ඒක මාර වෙයි. ඒත් මේක ලංකාවනෙ. එහෙම විවෘතකමක් බාරගන්න පුළුවන්කමක් තියෙනවද කියන එකත් සැකයක්.

    බෙල්ලෙ එල්ලෙන ධර්ම චක්‍රය ගැනත් අතුල කියනවා.

    ‘මේක සිම්බල් එකක්. අටලෝ දහම කියන එක. දුක සැප නින්ද ප්‍රශංසා ඔක්කොමත් එක්ක ජීවිතේ කැරකෙනවා කියන එක. සමහරු මේක හරි ශුද්ධ වූ දෙයක් විදිහට හිතනවා. ටොයිලට් එකට යද්දි ගලවලා යනවා. එහෙම දෙයක් නෙමෙයි මේක. මේක සංකේතයක්’

    දරුවන්ට යුතුකම් ඉටු කිරීම ගැනත් හරි වැදගත් කතාවක් කියවෙනවා. ලංකාවෙ දරුවන්ට යුතුකම් ඉටු කිරීම කියන්නෙ තමන්ට ඕන විදිහට තමන්ගේ අරමුණු කරා යන දරුවන් නිර්මාණය කරන එකනෙ. අතුල ‍දෙමව්පියන්ගෙ යුතුකම විදිහට දකින්නෙ දරුවන්ට නිදහසේ කරදරයක් නැතුව හැදෙන්න ඉඩදෙන එක. ඒ අයගෙ කැමැත්තට උදව් කරන එක. ඒ අයට බාධාවක් නොවෙන එක.

    සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙදවන් මට දන් දුන් මගේ කිරුළු නුඹ ලා ගන්
    දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ….

    (සංවාදයේ අදහස අරගෙන සමහර වචන ගැලපෙන පරිදි වෙනස් කළ බව සළකන්න)


    චින්තන ධර්මදාස

  • වමත හුරු නම් සෙක්ස් හොඳයි

    වමත හුරු නම් සෙක්ස් හොඳයි

    අද අගෝස්තු 13 ලෝක වමත්කරුවන්ගේ දවස. ඇත්තටම මගේ ජීවිතේ මුනගැහුනු ගොඩක් වමත්කරුවන් විවිධ දේවලින් වඩා නිර්මාණශීලී අය. ඒ අය පංතියේ ලියන මේසෙ ඉඳන් කන තැන්වලදි, ගිටාර් ගහද්දි, කොටින්ම කෑන් ඕපනර් එකක් පාවිච්චි කරද්දි පවා අපහසුතාවයට පත්වෙනවා. හැබැයි ඒ හින්දම ඒ ගොල්ලො ගොඩක් දේවලදි නිර්මාණශීලී වෙනවා. විශේෂයෙන්ම සෙක්ස් වලදි.

    2014 ලෝකයේම 10,000ක් දෙනා සම්බන්ධ කරගනිමින් කරපු පර්යේෂණයකට අනුව වමත්කරුවන් දකුණත් හුරු අයට වඩා තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගතකරනවා. ඒ පර්යේෂණයෙදි වමත්කරුවන් 86%ක් තමන්ගේ ලිංගික ජීවිතය ගැන අතිශය තෘප්තිමත් කියල කිව්වා. ඒත් දකුණත්කරුවන්ගෙන් ලිංගික ජීවිතය තෘප්තිමත් කියල කිව්වෙ 15%ක පිරිසක් විතරයි. මේක බරපතල පරතරයක්.

    ලෝක ජනගහනයෙන් 10%ක පිරිසක් වමත්කරුවන් වෙනවා. ඇයි මේ අයගේ ලිංගික ජීවිතය වඩා හොඳ වෙන්නෙ? මේකට හේතුව විදිහට කියන්නෙ වමත්කරුවන් වඩා තෘප්තිමත් වෙන්නෙ තමන්ගෙ මොළයෙ දකුණු අර්ධයෙන් කියන එකයි. මොළයේ මේ දකූනු පැත්ත තමයි නිර්මාණශීලීත්වයට, කලාත්මකබවට සහ අනුරාගයට මුල්වෙන්නෙ. මේ නිසා ඒ අයගෙ ලිංගික ජීවිතයත් ඒ දේවල්වලින් පොහොසත් වෙනවා. අනිත් පැත්තට දකූණ හුරු අය වැඩි තෘප්තියක් ලබන්නෙ තමන්ගෙ මොළයෙ වම් අර්ධයෙන්. ඒ කියන්නෙ ගණිතයට, තර්කයට, විශ්ලේෂණයට බර කොටස. ඉතින් සෙක්ස්වලදි තෘප්තිය අඩුවීම අහන්නත් දෙයක්ද?

    මේ හින්දම LELO කියන සමාගම Detrux කියල ස්ටේ‍රස් බෝලයක් වගේ සෙක්ස් ටෝයි එකක් නිර්මාණය කරලා තියෙනවා දකුණත් හුරු අය වෙනුවෙන්ම. ඒ වමත්කරුවන් ලබන ලිංගික තෘප්තිය පුහුණු වෙන්න. ඒක වම් අතේ මිරිකගත්තම වයිබේ්‍රට් වෙමින් මොළයේ දකූණු අර්ධය උත්තේජනය කරනවා කියලයි කියන්නෙ. එතකොට දකුණත්කරුවන්ට වමත්කරුවන් ලබන අසීමිත ලිංගික තෘප්තිය අත්දකින්න පුළුවන් වෙනවලු.

    දැන් කෙනෙකුට ඕන නම් පුළුවන් තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තෝරාගැනීමේදී මොන අතද වඩා හුරු කියන එකත් වලංගු කාරණයක් කරගන්න. කොහොම වුනත් මගේ පෙම්වතියත් ඇතුලු සමස්ත සෙක්සි වමත්කරුවන්/කාරියන්ට සුබ දවසක් වේවා.

  • රස්තියාදු පදනම අසභ්‍ය ද?

    රස්තියාදු පදනම අසභ්‍ය ද?

    මුලින්ම කියන්න ඕන මං රස්තියාදු පදනමේ රසිකයෙක් නෙමෙයි. ඊටත් වඩා රස්තියාදු සිංදු ඇහුවත් පදනමේ සිංදුවල රහ මට තාම සෙට් වුනේ නෑ. ඒත් කොල්ලො ටිකක් මෙහෙම එකතු වෙලා මොකක් නිර්මාණයක් කරනවා කියන එක මට වටින දෙයක්. ඒකෙන් කාටවත් හානියක් හෝ අපහාසයක් නොවෙනවා නම් ඒක සභ්‍ය දෙයක්. ඒ වචන, සංගීත භාවිතය, සංස්කෘතිය වගේ දේවල් සමාජයක සංවාදයට බඳුන්වෙනවා මිස නීතියෙන් විනිශ්චය කරන්න යන එක සභ්‍ය දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම පොලිසිය විසින් තීරණය කරන එක අසභ්‍යම තත්වයක්.

    රස්තියාදු පදනමේ අවුරුදු කීපයක් පරණ සිංදුවක් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙහෙම අසභ්‍යයි කියල විනිශ්චය කරලා ඒ අයව අත්අඩංගුවට ගත්තා. අද අලුත්කඩේදී මේ ගීතය වහාම ඉවත් කරගන්න කියල මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරලා මේ අයට ඇප ලබා දුන්නා. එතනදි මහේස්ත්‍රාත්වරිය විසින් කියල තිබුනෙ පාසැල් දරුවන් මේ දවස්වල ඔන්ලයින් අධ්‍යාපනය ලබන නිසා මේවගේ දේවල් වලින් ඒ අයගේ මනස් දූෂණය වෙනවා කියල.

    ඒ අනුව දැන් යූටියුබ් නාලිකා හැමදෙයක්ම කරන්න ඕන දරුවන්ට සුදුසුද කියන දර්ශකය අනුවයි. සිනමාව, රූපවාහිනිය, යූටියුබ් ඇතුළු සියලු සමාජ මාධ්‍යයන් දරුවන් වෙනුවෙන් වෙන් කරලා වැඩිහිටි සමාජයක් රටේ ජීවත් වෙනවා කියන එක අමතක කරපු යුගයකයි අපි ජීවත් වෙන්නෙ. තමන්ගේ දරුවන් නරඹන්නේ මොනවද කියන එක ගැන වගකීමක් ගන්න අපොහොසත් දෙමව්පියන් නිසා ඒ ගැන තීන්දු තීරණ ගන්න වෙලා තියෙන්නෙ උසාවියට. මේ කියන ප්‍රවෘත්තියේ හැටියට දෙමව්පියන් පිරිසක් විසින් තමන්ගේ දරුවන් මේවා නරඹනවා කියල පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. තමන්ගේ දරුවන් හදාගැනීමේ වගකීමක් තමන්ට නැද්ද කියල අහන්න තරම් දැනුමක් නැති පොලිසිය විසින් අර නිර්මාණය කරපු පිරිස අත්අඩංගුවට ගන්නවා. මොකක්ද මේ සදාචාරය?

    මෙතනදි රස්තියාදු පදනමේ සිංදුවට වඩා ඉරාජ්ගේ ෆිල්ටිගෙ සිංදු අසභ්‍යයි. ඒවායින් විවිධ පුද්ගලයන්ට අපහාස කරනවා. ඒ අපහාස පිණිස ලිංගික අර්ථයන් පාවිච්චි කරනවා. ඒත් ඒ වගේ සිංදු ගැන පොලිසියට පැමිණිලි එන්නෙ නෑ.

    මෙතන අනියමින් ක්‍රියාත්මක වෙන්නෙ සමාජ මාධ්‍ය පාලනය කිරීමේ නීති ගෙනඒමේ උවමනාව වග පැහැදිලියි. ඒ හරහා පුරවැසි සමාජයක් ළමා සමාජයක් ලෙස පවත්වාගෙන යාමේ උවමනාව සුපැහැදිලියි. අපි අද කුණුහරුප විදිහට හඳුන්වන හැම වචනයක්ම ඉතාම හොඳ සිංහල වචන ලෙස පැවතුනු ඒවා වග ඒ බස හසුරුවන ජාතියම නොදැන සිටීම ලැජ්ජාවක් වගේම දුකක්.

    උදා හැටියට හුත්තී යනු සුත්තී හෙවත් සුතන් ඇත්තී කියන එක. ඒ කියන්නෙ යහපත් වූ තන් ඇත්තී, වෙන කවුරුවත් නෙමෙයි අම්මා කියන එක. ඒ වගේම හුකනවා කියන්නෙ සුඛ නැත්තං සුකනවා, සැප ලබනවා කියන එක. සිංහල නොදැන යද්දි මේවා කුණුහරුප වගේ පේනවා.

    “සිංහලේ කුණුහරුප කියල දෙයක් නෑ. දෙයක් කුණුහරුපයක් වෙන්නෙ බලන කෙනාගේ හිත කුණුහරුපයක් හින්ද. දැන් ගෑණු ළමයෙක් කොටට ඇඳන් යන එක කාටහරි අසභ්‍යයි කියල පේන්න පුළුවන්. ඒත් ඒක කොට ඇඳුමෙ අසභ්‍යකමක් නෙමෙයි බලන මිනිහගෙ හිතේ අසභ්‍යකම. ගොවියෙකුගෙ අමුඩයක් වුනත් කෙනෙකුට අසභ්‍ය ඇඳුමක් වෙන්න පුළුවන්…”

    – උපුල් ශාන්ත සන්නස්ගල

    අසභ්‍ය කියන දේ තේරුම හරියට දැනගත්තා නම් පොලිසිය අසභ්‍ය විදිහට දරුවො හදනවා කියල අවවාද කරන්න ඕන මේ දෙමව්පියන්ට. අධිකරණය අවවාද කරන්න තිබුනෙ පොලිසියට. ඒත් මේකෙන් වෙන්නෙ හැමදෙයක්ම කුණුහරුපයක් වෙන එක. මේ සිතීම සභ්‍ය නෑ. අපි අසභ්‍ය සමාජයක් නිර්මාණය කරමින් ඉන්නවා.

    දරුවන් නොමනා වීඩියෝ බැලීම නතර කිරීමට කළ යුත්තේ දෙමව්පියන්ට බ්‍රවුසින් සීමා කිරීමේ තාක්‍ෂණය පුහුණු කිරීම මිස සියලු සමාජ මාධ්‍ය ළදරු කිරීම නෙමෙයි.


    චින්තන ධර්මදාස

  • කමලා දාස්

    කමලා දාස්ව මට මුලින්ම කියවන්න හම්බුවෙන්නෙ අනුරාගයේ මුල්පොත කියන පොතෙන්. ඩබ් ඒ අබේසිංහ ඒ පොත පරිවර්තනය කරන්නෙ ද ඇල්ෆබට් ඔෆ් ලස්ට් කියන ඉංග්‍රීසි පොතෙන්. දහය වසරෙ විතර හිටපු මට ගැහැණියක් විසින් ලියපු ඒ පොත අමුතු හැඟීමක් දුන්නා. අනුරාගයට එහා ගිහින් කමලා දාස් කියන්නෙ මගේ ලෝකෙ වීරයෙක් වුනා.

    කමලාදාස් ඉපදන්නෙ 1934. එයාගෙ කසාද නම තමයි කමලා දාස් කියන්නෙ. මාධවීකුට්ටි කියන්නෙ එයාගෙ ගෙදරට කියන නම. එයා ඉපදෙන්නෙ කේරලේ. එයාට මලයාලම් භාෂාවෙන් වගේම ඉංග්‍රීසියෙනුත් හොඳට ලියන්න පුළුවන්. එයා ලියපු හැමදෙයක්ම වගේ ලිව්වෙ එයාගෙ ජීවිතේ ගැන. ගැහැණියක් විදිහට බය නැතුව දැනෙන දේ ලියන්න, හිතෙන විදිහට ජීවත් වෙන්න කමලා දාස් උත්සාහ කළා. එයාගෙ තාත්තා ඉංග්‍රීසි ආන්ඩුවෙ හොඳ රස්සාවක් කළා. අම්මටත් හොඳට ලියන්න පුළුවන්. නලපත් නාරායන කියන එයාගෙ මාමාත් ප්‍රසිද්ධ ලේඛකයෙක්.

    කමලා අවුරුදු පහලොවේදි අම්මලාගෙ උවමනාවට කසාද බඳිනවා. ඒ තමයි මාධව් දාස්. කමලා ලියන හැඳින්වීමක් කියන කවියෙදි මේ කසාදය ගැන කියනවා. අවුරුදු පහලොවක කෙල්ලෙක් විදිහට එයාට දැනුන තරහ ලියනවා. ඒත් මාධව් කමලාට ගොඩක් ආදරේ කරනවා. එයාව ලියන්න උනන්දු කරනවා. කමලාගේ විරෝධාකල්පික ජීවිතය දරාගෙන එයා එක්ක හැමදාම ආදරෙන් ඉන්නවා. කමලා ඉංග්‍රීසියෙන් ලියන්නෙත් තමන්ගේ භාෂාව ඇතුලෙ තමන්ට පැනවුනු සීමාවන් එක්ක තරහට. එයාගෙ සටන වෙන්නෙම ගැහැණුකම නිදහස් කරගැනීම.

    එයා අවුරුදු 43දි මගේ කතාව නමින් තමන්ගේ ජීවිත කතාව ලියනවා. ඒක අතිශය ආන්දෝලනාත්මක කතාවක්. මේ විදිහට නිරුවත්ව ලියන්න එපා කියල ගොඩක් අය එයාට අවවාද කරනවා.

    කමලා ඒ ගැන මෙහෙම කියනවා.

    සමහරු මට කියනවා මේ විදිහට කිසිවක් නොසඟවා උපරිම අවංකව ලියන එක හරියට ප්‍රසිද්ධියෙ ඇඳුම් උනාදැමීමක් වගේ කියල. ඇත්ත. මං මුලින්ම මගේ ඇඳුම් සහ පළඳනා උනා දමන්නම්. ඊට පස්සෙ මගේ තද දුඹුරු හම පලා ඇටකටු බිඳින්නම්. අන්තිමට ඔබ දකීවි මගේ අසරණ අනාථ අතිශය සුන්දර ආත්මය. ඇටකටුවලට පතුලෙන් හතරවෙනි මානයේ සැරිසරන….

    හැඳින්වීමක් – කමලා දාස්

    මං දේශපාලනය දන්නෙ නෑ.
    ඒත් මං දන්නවා බලයෙ හිටපු අයගෙ නම්,
    නේරුගෙන් පටන්ගෙන එකදිගට කියන්න පුළුවන්
    හරියට සතියෙ දවස් ටික වගේ, නැත්තං මාස ටික වගේ.
    මං ඉන්දියානුවෙක්, තද දුඹුරු පාට. මලබාරයේ ඉපදුනු
    මං භාෂා තුනක් කතා කරනවා, දෙකකින් ලියනවා,
    එකකින් හීන දකිනවා.
    ලියන්නෙපා ඉංග්‍රීසියෙන්, ඒ ගොල්ලො කියනවා.
    ඉංග්‍රීසි ඔයාගෙ මව්බස නෙමෙයි.
    ඇයි මට පාඩුවෙ ඉන්නෙ නොදෙන්නෙ?
    විචාරකයො, යාළුවො, යන එන නෑදෑ සොහොයුරො
    ඔය හැමෝම.
    ඇයි මං කැමති භාෂාවකින් කතා කරන්න නොදෙන්නෙ?
    මං කතා කරන භාෂාව මගේ. ඒකෙ ඇදපළුදු, අමුතුකම් මගේ. මගේ විතරමයි.
    ඒක බාගෙට ඉංග්‍රීසි, බාගෙට ඉන්දියානු, සමහර විට අමුතු නමුත් හරි අවංක.
    ඒක මනුස්සයි මං වගේම. පේන්නෙ නැද්ද ඔයාට? ඒ හඬ මගේ සතුට, මගේ බලාසිටීම, මගේ ප්‍රාර්ථනාව
    කපුටෙකුට උගේ කැරැව්ව වගේම සිංහයෙකුට උගේ ගෙරවිල්ල වගේම ඒක මනුස්ස භාෂාවක්.
    ඒක මනසක භාෂාවක් එතන නෙමෙයි මෙතන. දකින, ඇහෙන, දැනෙන මනසක.
    හුළඟට අහුවුනු අඳබිහිරි ගස්වල භාෂාව නෙමෙයි. මෝසම් වළකුලු හෝ වැස්සේ හෝ
    ඇවිලෙන දරසෑයෙ අපැහැදිලි මිමිනිල්ල නෙමෙයි.
    මං පොඩි එකෙක්. පස්සෙ ඒ ගොල්ලො කිව්වා මං ලොකුවෙලා කියල. මං උසගිහින්, කකුල් මහත් වෙලා, තැනක දෙකක මයිල් වැවුන හින්ද.
    වෙන ඉල්ලන්න දෙයක් නොදැන මං ආදරේ ඉල්ලුවම
    ඔහු අවුරුදු දාසයක මාව කාමරේට දාගෙන දොරවැහුවා
    මට ගැහුවෙ නෑ. ඒත් මගේ දුක්මුසු ගැහැණු ශරීරය හොඳටම තැලුම්කෑවා.
    මගේ පියයුරුවල සහ ගර්භාෂයේ බරින් මාව අසරණව ඇකිලුනා.
    ඊට පස්සෙ මං මගේ සොයුරාගෙ ෂර්ට් කලිසම් ඇන්දා
    කොටට කොන්ඩෙ කපලා ගැහැණුකම අමතක කළා
    සාරි අඳින්න, ගැහැණියක් වෙන්න, බිරිඳක් වෙන්න ඒ ගොල්ලො කිව්වා
    එම්බ්‍රොයිඩර් කරන්න, උයන්න, වැඩකරන අය එක්ක රන්ඩුවෙන්න.
    හැඩගැහෙන්න. හරියට හැදෙන්න. බෙදා කාන්ඩ කරන අය කෑගැහුවා.
    තාප්ප උඩ ඉන්න එපා, ජනෙල්තිරවලින් එබෙන්නෙපා
    ඒමි වෙන්න, නැත්තං කමලා, මාධවීකුට්ටි නං වැඩිය හොඳයි
    නමක් තෝරගන්න, චරිතයක් තෝරගන්න.
    බොරු රැවටිලි සෙල්ලං කරන්න එපා.
    පිස්සියෙක් හෝ වල් ගෑනියෙක් වෙන්න එපා.
    ආදරෙන් පැරදුනාම ලැජ්ජ හිතෙන තරමට කෑ ගහලා අඬන්න එපා.
    මට පිරිමියෙක් හම්බුනා. මං ආදරේ කළා.
    නමෙන් ඇති වැඩක් නෑ. හැම පිරිමියෙක් වගේම එයාට ඕන වුනේ ගෑනියෙක්.
    හැම ගැහැනියක් වගේම මට ඕන වුනේ ආදරයක්.
    එයා තුල ගැලුවෙ කලබලකාරී ගඟක්
    මං තුල තිබුනෙ මුහුදක්. ඉවරයක් නැති බලාහිඳීමක්.
    ඔයා කවුද? මං එක එක්කෙනාගෙන් ඇහුවා
    මම කියන එකයි උත්තරේ
    ඕනම තැනක මේ ලෝකෙ පිරිමියෙක් කියනවා ඒ මම කියල.
    ඒක කොපුවක ලූ කඩුවක් වගේම තදින් බැඳිලා තිබුනෙ පිරිමින්ට.
    ඒ මම තමයි
    නාඳුනන නගරවල හෝටල්වල
    රෑ දොළහටත් තනියම බොන්නෙ.
    ඒ මම තමයි හිනාවෙන්නෙ, රමණය කරන්නෙ
    ලැජ්ජා වෙන්නෙ. ඒ මම තමයි මැරෙන්න වැටිලා උගුරෙ හිරවුනු ගොර ගොරයත් එක්ක ඉන්නෙ.
    මම පව්කාරියක්. මම සාන්තුවරියක්
    මම පෙම්වතියක් වගේම පාවා දෙනු ලබන්නෙත් මාවයි
    මගේ සතුටත් ඔබේ වගේමයි. මගේ වේදනාවත් ඔබේ වගේමයි
    මාත් මට කතා කරන්නෙ මම කියලයි.


    පරිවර්තනය – චින්තන ධර්මදාස