Tag: sex

  • පහන්තුඩාව මතකද?

    පහන්තුඩාව මතකද?

    පහන්තුඩාවෙ දියඇල්ල පසුබිම් කරගෙන වීඩියෝවක් නිර්මාණය කරලා ලංකාවෙ සියලු සදාචාරවාදීන් සංස්කෘතිය රැකගැනීමට එකාවගේ පාරට බැස්ස දවස මතකද? පැය 48 විශිෂ්ට මෙහෙයුමකින් ජනාධිපති, පොලිස්පති පවා ක්‍රියාත්මක වීමෙන් ඒ යුවළ අත්අඩංගුවට ගත්තා මතකද? ඊට පස්සෙ කොවිඩ් ආසාදනය වී ඇති නිසා ඒ අයව නිරෝධායනයට යොමු කළානෙ. ඊට පස්සෙ මොකද වුනේ කියල දන්නවද?

    ඒ අය තමන් නිවැරදිකරුවන් ලෙස පෙනී සිටිමින් නීතිය අභියෝග කරන්න පසුබානවා. ඒක ලංකාවෙ හැටි. එහෙම නීතිය එක්ක හැප්පුනා නම් හැම නඩුවාරයක් පාසාම මාධ්‍යවේදීන් කියන අය ෆොටෝ දදා ඒ අයව විනාස කරනවා. ඉතින් කිසි කෙනෙක් මේ යටත්විජිත කාලෙ නීති වෙනස් කරන්න ඉස්සරහට එන්නෙ නෑ.

    මේ නඩුව තිබුනෙ බලංගොඩ. ඒ මහේස්ත්‍රාත්වරයා වරද පිලිගැනීම නිසා මේ යුවළට රුපියල් 10,800ක දඩයක් නියම කරනවා. මාස තුනක සිර දඬුවමක් නියම කරලා ඒක වසර හතකට අත්හිටුවනවා. ඒ යුවළ නිදහස් වෙනවා. රටක් කළඹන මහා මෙහෙයුම් කරපු වරදක් පිටිපස්සෙ තියෙන ඇත්ත නීතිමය තත්වෙ ඔච්චරයි. දිගට නඩුවක් කියනවට වඩා වරද පිලිගෙන යන එක චූදිතයන්ට වාසියි.

    ඒත් නැවත නැවත මේ වගේ කාම ප්‍රවෘත්ති මගින් රටක මිනිස්සුන්ගෙ කුණු චෛතසිකය පිනවමින්, වික්ටෝරියානු කුහකත්වය සන්තර්පනය කරමින් මාධ්‍ය රැඟුම් පෑමේ අවකාශය දිගටම පරිස්සම් වෙනවා.

  • ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් – අතීතයේ උන් වැඩිහිටි පරපුරෙන්.

    ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් – අතීතයේ උන් වැඩිහිටි පරපුරෙන්.

    මේ කාම පත්තර රැල්ල අපිට මුනගැහුනෙ අසූවෙ අග සහ අනූව මුල කාලෙදි. මරදානෙ එල්ෆින්ස්ටන් එක ළඟ පාලමේ යට පත්තර කඩෙන් අතට අහුවෙන ඕනම වැඩිහිටි පත්තරයක් ගන්න අපි ඇබ්බැහි වෙලා හිටියා. ඒ පත්තර මිටි පිටින් මෙට්ටෙ යට දාගෙන පරිස්සම් කළා. ඒවා අහුවෙලා ගෙවල්වලින් ගුටිකෑවා. ඒත් ඒ පත්තරයක් අතට ගත්තම දැනෙන හැඟීම වෙන කිසිදේකින් ලබාගන්න බැරි වුනා. වැඩිහිටි වීඩියෝ කැසට් තිබුනත් ඒවා ඕන වෙලාවට අතට ගන්න පුළුවන් විදිහෙ භාවිතයක් නෙමෙයි. රෑට තනියම කාමරේ ඉන්නකොට වැඩක් ගන්න පුළුවන් වුනේ වැල පත්තරවලින් විතරයි. නවරස, සතුට, එක්කම බන්දුල පද්මකුමාර නම නැතුව කරපු පතිපතිනි පත්තරෙත් නිතර ගන්න තිබුන.

    ඊට පස්සෙ මේ හාර්ඩ්කෝර් වැල පත්තර කලාව ටික ටික අභාවයට යමින් සොඳුර සීදේවි වගේ සොෆ්ට්පෝර්න් පත්තර කලාවක් ආවා. ඒවා කඩවල ප්‍රසිද්ධියෙ එල්ලෙමින් තිබුන. මං එකක් නෑර සොඳුර පත්තරේ ගත්තා. රෝහණ කුමාර කියන්නෙ මගේ වීරයෙක් වුනා. ඇත්තටම සොඳුර පත්තරේ ලංකාවෙ ශෘංගාර ප්‍රකාශන කලාවේ විශේෂයෙන් කතා කරන්න ඕන වැඩ කීපයක්ම කළා. හැම පත්තරයක් එක්කම පිටිපස්සෙ පිටුවෙ පිනප් ගර්ල් කෙනෙක්ගෙ පිංතූරයක් දුන්නා. ඒ ශෘංගාර විප්ලවය සමරන්න වෙන් කරන ඉඩක් මේ.

    Sepa


    Sathuta


    Sakunthala


    Sadamali


    Rath Aunty


    Deepakka


    Rasama Rasa


    Mal Raani


    Maneesha


    Nawarasa


    Nawarasa 02


    Play Boy


    Play Boy 02


    Kiss


    Kiss 02


    Lollipops


    Love


    Love 02


    Lucky Stud


    Mal


    Mal Paba


    Asawata Thatu Labila


     

  • නිදහස් කාලෙ කාම පත්ත‍රයක්

    නිදහස් කාලෙ කාම පත්ත‍රයක්

    1948 ලංකාවෙ පළවුන කාම සඟරාවක්. මේක මාව සුරතාන්තගත කරපු වැඩක්. දිනෙත් මල්ලිකාරච්චි ශූරීන්ට ස්තුතිවන්ත වෙනවා මේක මාවෙත තැපැල් කිරීම ගැන.

    ‘කාම විද්‍යාවෙන් උගන්වන්නේ ඉන්ද්‍රියයන් සහ ඒවා ආශ්‍රය කොටගෙන උපදින හැඟීම් නොමග යා නොදී හරිමග ගෙනා යා හැකි ශාස්ත්‍රය සහ ශිල්පයයි’

    ගිහිගේ සඟරාවෙ කතුවැකිය වෙන රහස තමන්ගේ පාඨකයාට කියන්නෙ එහෙමයි. ඒ කාලෙත් සෙක්සොලොජිස්ට්ලා ඉන්නවා. ඒ ගැන දැන්වීම් පළවෙනවා. හැබැයි මොනවගේ උපදෙස් දුන්නද කියල නම් ෂුවර් නෑ. ඩියුරෙක්ස් ලිංගාවරණ සහ කංචුක ගැන දැන්වීම් පලවෙනවා.

    ලකුණැති සොලොස් රතිකෙළි දැන වෙන වෙනම

    කර රුති පහස විඳ විඳ රුති වඩන පෙම

    රතිගති රුවැති දිගුනෙත සමග මනරම

    නොනැවති පහස විඳ වෙහෙසෙමිනි තුන්යම

    ඒ කාලෙත් කියවෙනවා සො‍ළොස් රතිකෙළි අතීතයේ මිනිස්සු දැන හිඳ අභාවයට ගිය කතාවක්.

    ස්ත්‍රියක් කාමාශාවෙන් පෙළෙන බව වටහා ගන්න විදිහ විස්තර කරනවා. ලස්සනම දේ ළඟම ඉන්න පොඩි එකෙක් වඩාගෙන පේන්න හුරතල් කරන එක. ඇඟ කම්මැලි අරින්න වගේ ඇඹරුනත් ෂුවර් නෑ.

    ඒ වගේම කාම ලැදි වුනාට මත්විරෝධී ගතියකුත් තියෙනවා. ගෑනුන්ගෙ පීරියඩ්ස් ගැන එහෙම කියනවා මරු කතා ටිකක්. යුරෝපියන්ගේ මතය වැරදියි කියමින් පරණ සාම්ප්‍රදායික පීරියඩ් විරෝධයම අරගෙන එනවා. ඒ ආර්ටිකල් එකේම පෑඩ් විකුණනවා.

    ගොනොරියා සිපිලිස් ආදී සමාජ රෝග ගැනත් කතා කරනවා. නරක ස්වාමි පුරුෂයන් නිසා පතිව්‍රතතාවය ආරක්ෂා කරන ගුනගරුක කාන්තාවන්ට පවා මේ රෝග වැළ‍ඳ‍ෙන බව කියනවා. බය වෙන්න එපා මේ අහන්න ලැබෙන දේවල් නිසයි එහෙම කීවෙ කියනවා.

    මේ කාම ශාස්ත්‍රය ජ්‍යොතිශයත් එක්ක හොඳටම ගැටගැහිලා තිබුණු වගක් පේනවා. ඒත් අසූ ගනන් වල කාම පත්තර රැල්ලෙ මේ නැකැත්බලි විශ්වාස තිබ‍ුනෙ නෑ.

    විවාහ දිනයේදී යුවළකට තෑග්ගක් විදිහට දෙන්න හොඳම ගිහිගේ වාර්ෂික කලාප එකතුවක් කියලත් සඳහන් කරනවා. මොනවා වුනත් ඇඩ්වර්ටයිසින් පැත්ත නම් හොඳටම කරලා තියෙනවා. හැම පිටුවකම මොනවා හරි විකුණනවා.

    මේ පත්තරවල අන්තර්ගත කාරණාවලට වඩා වටින්නෙ ඒ කාලෙ සමාජයෙ ලිංගිකත්වය ගැන තිබුණු ප්‍රශ්න, මතවාද සහ නිදහස පිළිබඳ කාරණා මේ හරහා අනාවරණය කරගන්න පුළුවන් එකයි. එක පත්තරයකින් ගොඩක් දේවල් කියන්න අමාරුයි. ඒත් අපේ රටේ කාම පත්තර ඉතිහාසෙ සුවිශේෂ තැනක් ගිහිගේ පත්තරේට අනිවාර්යෙන්ම හිමිවෙනවා.

  • ඇල්ලයි එල්ලුංගහයි – සෙක්ස් කතා දෙකක්

    ඇල්ලයි එල්ලුංගහයි – සෙක්ස් කතා දෙකක්

    සැප්තැම්බරය පටන් ගත්තෙ පහන්තුඩාව ඇල්ල ළඟ යුවළක් කරපු වැඩිහිටි වීඩියෝවක අනුරාගයත් එක්ක. පෝර්න්හබ්වල පළවුනු ඒ වීඩියෝව රටම එක දවසින් අවුළුවාලන්න සමත් වුනා. හැම කෙනෙක්ම ඒක නැරඹුවා. නරඹා ආස්වාදය වාවාගත නොහුනු සමහරු ගල්ගැහුවා. පහන්තුඩාව පූජා ස්ථානයක් බවට පත්වුනා. එතන රමණය මහා පාපකාරී වරදක් වුනා. අන්තර්ජාතික ප්‍රජාව අතර පහන්තුඩාවේ පිවිතුරුබව කෙලෙසීම ගැන විදග්ධ රචනා ලියවුනා. හාමුදුරුවරු ජනාධිපතිට ලියුම් ලිව්වා. පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති මැදිහත් වුනා. පැය 48කින් මහා මෙහෙයුමක් කරලා ඒ යුවළ අත්අඩංගුවට ගත්තා.

    ඒ තමයි පළවෙනි කතාව.

    දෙවෙනි කතාව සිද්ද වෙන්නෙ ඊට දෙසතියකට පස්සෙ. ඇමතිවරයෙක් තමන්ගේ පෙම්වතිය සමග මධුවිතෙන් මත්ව හෙලිකොප්ටර් සවාරියක් යනවා. ලංකාවෙ ජනතාව මේ ටුවර් එක ස්පොන්සර් කරනවා. ඒ ගොල්ලො මහ රෑ අනුරාධපුර හිරගෙදර නරඹන්න යනවා. එතනින් වැලිකඩ හිරගෙදරට එනවා. ඒකෙ එල්ලුම්ගහේ පහස ලැබීමේ රති උන්මාදයකින් පෙළෙනවා. ඒ යට රමණය කිරීමේ ආශාවද, නැත්නම් ඒ ස්මරණය කිරීමේ ආශාවද කියල පැහැදිලි නෑ. නමුත් ඒක ඉරොතික ෆැන්‍ටසියක් බව පැහැදිලියි. පිස්තෝලයක් ඇදගෙන රැඳවියන් දනගස්සනවා. ඒ සුරතාන්තය එසේ නිමාවෙනවා.

    ඇමතිවරයා තමන්ගේ අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වෙනවා. බන්ධනාගාර අධිකාරීන් කිසිම සිදුවීමක් සිද්ද වුනේ නෑ කියල සනාථ කරනවා. ඒ කියන්නෙ ඒක තනිකරම අපේ මනසේ මැවුනු සිහිනයක් කියන එක.

    දැන් මේ සිදුවීම් දෙකෙන් අසභ්‍ය සිදුවීම වෙන්නෙ මොකක්ද? වඩා වරදකාරී වන්නේ එල්ලුම් ගහ යට රමණයද නැත්නම් ඇල්ල ළඟ රමණයද? තමන්ගේ බලය පාවිච්චි කරමින්, කිසිවක් කරකියාගත නොහැකි රැඳවියන් පෙලමින්, අපේ සල්ලිවලින් ලත් මේ පරපීඩක කාමයද නැත්නම් ඇල්ල ළඟ වීඩියෝවක් කරලා චැනල් එකක දාලා මුදල් ඉපැයූ ඒ ප්‍රදර්ශනකාමයද අසභ්‍ය? ඇල්ල ළඟ වීඩියෝව සුවහසක් නැරඹුම්කාමීන්ට ආස්වාදයක් වුනා. එල්ලුම්ගහ ළඟ රමණය ආස්වාදයක් වුනේ කාටද? ප්‍රසිද්ධ ස්ථානය වෙන්නෙ හිරගෙදර එල්ලුම් ගහද, නැත්තං කවුරුත් නැති වෙලාවක පහන්තුඩාව ඇල්ලද?

    හාමුදුරුවරු ලියුම් ලිව්වෙ නෑ. පොලිස්පති නියෝජ්‍ය පොලිස්පති කිසිම කැළඹීමක් නෑ. ගිනිඅවි ආඥා පණත ක්‍රියාත්මක නෑ. සරලව ඇමතිකම බාරදීලා ගෙදර යනවා. පෙම්වතිය ඒ තමන්ට කරන අපහාසයක් කියල ෆේස්බුක් එකේ ලියනවා. ගල්ගහන සදාචාරවාදියො මෙතන නෑ. ඒ වෙනුවට ඇමතිව වීරත්වය‍ට නංවන මහා පිරිසක් ඉන්නවා. එල්ලුංගහ යට පරපීඩක කාමය බාරගන්න අපේ සමාජය සරල අඹුසැමි එක්වීම බාරගන්නෙ අසභ්‍ය විදිහට.

    බලය පාවිච්චි කිරීම අසභ්‍ය නෑ. රජයේ තනතුරු පාවිච්චි කිරීම අසභ්‍ය නෑ. මිනිස් අයිතිවාසිකම් උදුරාගැනීම අසභ්‍ය නෑ. වරප්‍රසාද අවභාවිතා කිරීම අසභ්‍ය නෑ. අධිකාරීන් වගකීම පැහැර හැරීම අසභ්‍ය නෑ. ඇල්ලක් ළඟ දෙන්නෙක් සෙක්ස් කිරීම අසභ්‍යයි.
    පළවෙනි කතාවට අතිරික්තව නැරඹුම් ශාංගාරය එකතු වෙන අතරෙ දෙවෙනි කතාවට නීතිය කැඩීමේ ශෘංගාරය එකතුවෙනවා.
    මේ මධ්‍යම රාත්‍රියේ මධුවිතෙන් මත්වී එල්ලුම්ගහ නරඹන්නට ඇතිවෙන පරපීඩකකාමය වඩාත් සමීප වෙන්නෙ BDSM කියන රති කලාපයට.

    B – Bondage – බන්ධනය
    D – Discipline or Dominance – විනය හෝ පාලනය
    S – Sadism or Submission – පරපීඩකකාමය හෝ යටත්වීම
    M – Masochism – ස්වපීඩකකාමය

    ඒකෙ තියෙනවා එල්ලුම්ගහ බෙහෙවින්ම සමපාත වෙන බ්‍රෙත්ප්ලේ නැත්තං හුස්ම ක්‍රීඩාව කියල ලිංගික විලාසයක්. මේක වඩාත්ම ජනප්‍රිය වුනේ අපේ සුප්‍රකට කුංෆු නළුවා ඩේවිඩ් කැරඩේන් මේ බ්‍රෙත්ප්ලේ ඇක්ට් එකකින් මරණයට පත්වීමත් එක්ක. හැබැයි කැරඩේන් පරපීඩකකාමයක් වෙනුවට ස්වපීඩකකාමයක් අත්විඳිමින් අනුන්ට හානියක් නැතිව ලබපු ආස්වාදයක් ඒක.

    කොහොම වුනත් මේ බ්‍රෙත්ප්ලේ නැත්තං ඉරොටික් ඇක්ෆික්සියේෂන් කියන රති ක්‍රීඩාව ඉතාමත් ඉතාමත් අන්තරායකාරී වෙන අතරම ඒ තරමටම ආස්වාදනීය වෙනවා කියලයි කියන්නෙ. ලිංගික ක්‍රියාව අතරදී මොළයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුකිරීම තමයි මෙතනදි සිද්ද වෙන්නෙ. ඒ කියන්නෙ යම් විදිහකින් සෙක්ස් කරන අතර හුස්ම හිරකිරීම. මෙතන තියෙන අවදානම වෙන්නෙ එක්තරා ප්‍රමාණයකට පස්සෙ ඔක්සිජන් අහිමිව මොළයට හානි සිදුවෙන අතර ඒ කොයි ප්‍රමාණයකින්ද කියන එක අතිශයින් අවිනිශ්චිත වෙන එකයි. නමුත් මේ ස්වයංපීඩක ක්‍රියාව නිසා ලිංගික ක්‍රියාව වඩාත් ඉන්ටෙන්ස් වන අතරෙම ඒ නිසා ලබන සුරතාන්ත අත්දැකීමක් අසමසම වෙනවා. ලිංගික උපදෙස් ලබාදෙන කිසි කෙනෙක් බ්‍රෙත්ප්ලේ එක දිරිමත් කරන්නෙ නැත්තෙ ඒ නිසා ලබන ආස්වාදය පරදන තරමෙ හානි සිදුවන අවස්ථා බොහොමයක් තියෙන හින්දයි.

    මේ රති ක්‍රීඩාවෙදි මොළයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙන අතරම අනිත් පැත්තෙන් රුධිරයේ කාබොන්ඩයොක්සයිඩ් ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ නිසා බ්‍රෙත්ප්ලේ කරන දෙන්නෙක් නම් එකිනෙකාගේ ශරීර ගැන ඉතාම සියුම් මට්ටමේ අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේම හුස්ම හිරකරන යාන්ත්‍රණය මගින් ශරීරයට දිගුකාලීන ආබාධ ඇති නොකිරීමේ දැනුමත් තියෙන්න ඕන. ඒ කියන්නෙ මේක නිසි අධ්‍යනයකින් සහ පුහුණුවකින් පස්සෙ කරන්න ඕන.

    අනෙක් බොහොමයක් BDSM ක්‍රීඩාවලදි යොදා ගැනෙන සේෆ් වර්ඩ් එක ඒ කියන්නෙ නතර කිරීමේ වචනය මෙතනදි ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඒ නිසා ඇහැක පිල්ලම් ගැසීමක් හෝ අතක චලනයක් හෝ වැනි ඉරියව්වකුත් යොදාගන්න වෙනවා. එහෙම වුනත් ඒ දෙකටමත් වඩා සහකරුවා හෝ සහකාරිය විශේෂ අවධානයකින් සහ වටහා ගැනීමකින් පසුවෙන්නත් ඕන. බීලා බ්‍රෙත්ප්ලේ කරන්න ගියොත් නං අබසරණයි.

  • සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස

    සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය – දෙවෙනි කොටස

    සුජිත් අක්කරවත්ත එක්ක ලංකාවෙ ශෘංගාරවංශය ගැන කරගෙන ගිය නිදහස් කතාබහේ දෙවෙනි කොටසයි මේ.

    ක්‍රිව දෙවෙනි සියවසේදි වගේ වෝහාරික තිස්සයි ගෝඨාභය රජුයි විසින් සෙක්ස් කියන එක පිටමං කළා. ඕක මිහිඳු හාමුදුරුවො ආපු වෙලාවෙ ඉඳලා තිබුනු ප්‍රශ්නයක්. බුදු දහම තිබුනෙ දහමක් විදිහට. ඒක රාජ්‍යයට පිලිගන්න ඕන වුනාම රාජ්‍යයට ගැලපෙන විදිහට සංස්කරණය කරන්න වෙනවා. ඉතින් බුදුදහම රාජ්‍ය ආගම වෙද්දි රාජ්‍යයට ගැලපෙන විදිහට බුදුදහම හැඩගැහුනා. සාහිත්‍යය, ආගම, රාගය වගේ ඒවා කොහෙත්ම රාජ්‍ය එක්ක බැඳිලා පවතින්න පුළුවන් දේවල් නෙමෙයි. රාජ්‍යයන් මේවා පිලිගන්න ගියාම වෙන්නෙ රාජ්‍යයේ හැඩයට මේවා තලාගන්න එකයි. බුදුදහම ලංකාවෙ තිබුනෙ මිනිස්සු කැමති දහමක් විදිහට. රාජ්‍ය ආගමක් ලංකාවෙ තිබුනෙ නෑ. අශෝක අධිරාජයාගෙ බලපෑමත් උඩ අපි මේ බුදුදහම රාජ්‍ය ආගම විදිහට පිලිගත්තා. ඒකත් එක්කම බුදුදහමෙ වෙන වෙන හැඩතල හැදුනා. මුල්කාලෙ ඕක අවුලක් වුනේ නෑ. මොකද මිහිඳු හාමුදුරුවො මහරහත් කෙනෙක් නිසා. එයාට සෙක්ස් ඇරියස් තිබුනෙ නෑ. ඊට පස්සෙ සංඝ පීතෘන් වෙන්නෙ මහරහතුන් නෙමෙයි. අපි වගේම ඇරියස් තියෙන අය. එතකොට ඒ ගොල්ලොන්ගෙ අතින් ඔය දහම එන්න එන්න පටුවෙනවා.
    පළවෙනි ගෝඨාභයයි වෝහරික තිස්සයි තමයි ඕක පටන්ගන්නෙ. වෝහාරික තිස්ස කියන්නෙම ව්‍යවහාරයට ගෙනාවා කියන එක. ව්‍යාවහාරික තිස්ස. ඔය කියන්නෙ ප්‍රැක්ටිකල් බුඩිසම් ගෙනාවෙ එයා කියන එක. යතාර්ථයට ඔබ්බෙන් වූ යතාර්ථයක් විදිහට ආගමක් තියෙන්න බෑ, ඒක තියෙන්න ඕන මේ යතාර්ථය තුලමයි කියන එක තමයි වෝහාරික කිව්වෙ. හැබැයි බුදුදහම යතාර්ථයේ හිරකරන්න බෑනෙ. ඒක යතාර්ථයෙන් එපිට පවතින එකක්නෙ. සම්මුති සත්‍යයෙන් ඔබ්බෙ තියෙන දෙයක් ගැනනෙ බුදුදහම කතා කරන්නෙ. මෙතනදි වෝහාරික කරන්නෙ ඒක සම්මුතියට ගේන එක. මොකද රාජ්‍යයට සම්මුතියක් ඕන කරනවා. බුදුදහමත් එක්ක රාජ්‍යයක් ගෙනියන්න බෑ.

    මේ සිදුවීම වෙන්නෙ මිහිඳු ඇවිත් අවුරුදු 500ට විතර පස්සෙ. වෝහාරිකට තිබුන ප්‍රශ්නෙත් අපි තේරුම් ගන්න ඕන. සම්මුතිය පිලිගන්නෙ නැති දහමක් එක්ක කොහොමද රාජ්‍ය ඉස්සරහට ගෙනියන්නෙ කියන එක ඇත්ත ප්‍රශ්නයක්. ඉතින් ඔතනින් පටන්ගත්ත එක දිගටම එන්න ගත්තා. අන්තිමට මිනිස්සුන්ට ලෞකික ජීවිතයක් ඉතුරු නොවෙන ගානටම බුද්ධාගම රාජ්‍ය ඇතුලෙන් ඉස්සරහට ගෙනාවා. ඕක දරාගන්න බැරුව තමයි මහසෙන් ඇවිත් ක්‍රි.ව 300දි ගැහුවෙ. මහා විහාරයයි අභයගිරියයි දෙකම කඩලා දාලා ජේතවනාරමය කියන නව චින්තන ගුරුකුලය හදනවා. ඒත් මේ ගැටුම ඉවර වුනේ නෑ. සීගිරි කාශ්‍යප තමයි තීරණය කළේ මේක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලන්න ඕන කියල. ලෞකිකකරණය කරන්න ඕන කියල. ඒක හින්දයි ඉතිහාසෙන් සීගිරිය පිටමං වෙන්නෙ.

    දඹදෙනි යුගයෙදි අපි සම්මුති බුදුදහම හොඳටම පිලිගත්තා. ඒ කියන්නෙ රාජ්‍ය විසින් පනවන හැමදේම අපි පිලිගන්නවා කියන එකයි. හාමදුරුවරු ටික බ්‍රාහ්මණයොත් එක්ක එකතු වෙලා රාජ්‍යයට ඕන විදිහට බුදුදහම හදලා දුන්නා. මත්පැන් තහනම් කලොත් වැඩියෙන් භාන්ඩාගාරයට සල්ලි ලැබෙනවා. තහනම් කරලා තියන්න තියන්න පාවිච්චි කරන ප්‍රමාණය වැඩි වෙනවා.

    ඉතින් රාජ්‍යයට ඕන විදිහට බුදුදහම අර්ථකතනය කරලා දෙන එක තමයි භික්ෂුන්ට පැවරිලා තියෙන්නෙ. භික්ෂුන්ට වෙන ජීවිතයක් නැති වුනා. භික්ෂුත්වය රාජ්‍යයේ පිරුවටයක් විදිහට තමයි පවතින්න ගත්තෙ. භික්ෂුන් කල්පනා කළා අපිට සීල සමාධි ප්‍රඥා කිසි එකක් ඕන නෑ, රාජ්‍යයට ඕන විදිහට ආගම සකස් කරලා දීමෙන් සුඛෝපභෝගී ජීවිත ගත කරන්න පුළුවන් කියල. ඉතින් මොකද වුනේ රාජ්‍යයි ආගමයි එකතු වෙලා මිනිස්සුන්ට ලෞකිකත්වය අහිමි කළා. රාජ්‍යයි ආගමයි විතරක් ලෞකික සුව විඳින්න පටන්ගත්තා.

    දැන් පහන්තුඩාවෙ සිද්ධියට මිනිස්සු පහර දෙන විදිහ බලන්න. භික්ෂුන් සම්බන්ධ වුනු ඔයිට වඩා නරක දේවල් කොයිතරම් අපි ප්‍රවෘත්ති වල දකිනවද? කවුරුවත් ඒවට පහර දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ. පාදිලියන්ටත් එහෙමයි.

    අපේ පැවතුනු සංස්කෘතියම ශෘංගාර එකක්. රන්මසු උයන, නාලන්දා ගෙඩිගේ වගේ තැන් ගැන අහලා ඇතිනෙ. අපි ව්‍යවහාරය කියල දෙයක් පිලිගත්තෙ නෑ 1824 වෙනකල්. ඉතින් ශාංගාරය කියල වෙනම බෙදීමක් අවශ්‍ය වුනෙත් නෑ. දැන් උදා විදිහට අපේ සංස්කෘතියෙ සමලිංගිකත්වය ගැන වෙනම සඳහනක් වෙන්න දෙයක් තිබුනෙ නෑ මොකද ඒක තහනම් වෙලා තිබුනෙ නැති හින්ද. බයිසෙක්ෂුවල්, ගෲප් සෙක්ස් වගේ දේවල් ගැන වෙනම සඳහන් කරන්න දෙයක් නෑ. අපේ කැටයම්වලත් ඒවා දකින්න පුළුවන්. ඒවා හරි ලොකු වෙන්නෙ ඒවා තහනම් කරපු රටවල. දැන් ලිංගික නිදහස මේ රටේ තිබුන නම් චින්තන ධර්මදාසගේ පොත් බල්ලෙක්වත් කියවන්නෙ නෑ. ඒවාට තැනක් හම්බුවෙලා තියෙන්නෙම ලිංගික නිදහස නැති හින්ද.

    නාලන්දා ගෙඩිගේ, බෙල්ගෙ කාලෙ සංරක්ෂණය කරන්න පවා ඉඩ දුන්නෙ නෑ. ඒ කාලෙ තිබුනෙ වික්ටෝර‍ියා රැජිනගෙ බලය. නාලන්දා ගෙඩිගේ ඔය තියෙන තැන නෙමෙයි තිබුනෙ. ඔය ජලාශෙ මැද තිබුනු දූපතේ තිබුනෙ. උන් නාලන්දා ජලාශය පුළුල් කළා. ඕක කැඩුවා. පස්සෙ පරණවිතාන ලොකු අරගලයක් කරලා තමයි ඕක ඔතන පිහිටෙව්වෙ. නාලන්දා ගෙඩිගේ තිබුනු තැන තමයි නාලන්දා ජලාශය හැදුවෙ. මේක යටකළා ජලාශෙට. පුළුවන් නම් කිමිදිලා බලන්න. තව ගොඩක් ඔය වගේ මූර්ති තියෙනවා වතුර යට. ඔය අපි දකින්නෙ ගොඩට ගෙනල්ලා හයිකරපු ටික විතරයි.

    නාලන්දා ගෙඩිගේ ඔතන පිහිටන්නෙ ලංකාවෙ මධ්‍ය ලක්ෂය ඔතන පිහිටන හින්ද. ඉතිං ඒකත් එක්ක බැඳුනු විශ්ව ශක්තීන් ගැන විශ්වාස එක්ක පිහිටපු තැනක්. බුදුදහමයි තන්ත්‍රයාන බලපෑමයි එකට තිබුනෙ. රාගයේ උපරිම තැන නිවනයි කියන අර්ථයෙන් ඒක ආධ්‍යාත්මික වුනා. කජිරාවො වලටත් වඩා ඉස්සරහ ගිය තැනක්.

     

    මේ හැමදෙයක්ම සම්පූර්නයෙන් නැතිවෙන්නෙ සුද්දන්ගෙ වික්ටෝරියානු එක හින්ද තමයි. දැන් මීට අවුරුදු තිහ හතලිහකට කලින් වුනත් ලංකාව මීට වඩා සෙක්ෂුවලි නිදහස් තැනක්. මහින්ද ඇවිත් නැති කරපු ටික තමයි අද මේ අපි දකින්නෙ. එතකොට සුද්දොන්ගෙන් ඇතිවුනු බලපෑම තේරුම් ගන්න පුළුවන්නෙ. ඒ ගොල්ලො ඒක-විවාහ නීතිගත කළා, අනිත් ලිංගිකත්වයන් තහනම් කළා. ලංකාව කවදාවත් විවාහ ජීවිතයක් කියන එක පිලිගත්තෙ නෑ. විවාහය පිලිගත්තෙ නෑ කියන්නෙ ලිංගිකත්වය රාජ්‍යයට අදාල නෑ කියන එක. ඒක 1824 වෙනකල් අපේ රටේ තිබුන. දඹදෙනි කාලෙදි යම් යම් නීති පැවතුනා. ත්‍රීසම්වලට නීතියක් පැනවුනා ඒක කුල සිරිත් සම්ප්‍රදායක් වෙන්න ඕන කියල. මුලින් තිබුනෙ කවුරු හරි කැමති නම් ඒ අයගෙ සෙක්ස් ගැන රාජ්‍යයට ප්‍රශ්නයක් නෑ කියන එක. දඹදෙනි යුගයෙන් පස්සෙ අපි කැමති වුනාට බෑ අපේ කුල සම්ප්‍රදායන් ඒකට එකඟ වෙන්න ඕන. ඒක සම්මුතියක්. හැබැයි ලියාපදිංචියක් නෑ.

    ලංකාවෙ කසාදය කියල එකක් තිබුනෙ නෑ. පෘතුගීසින් තමයි පහතරටට කසාදය අඳුන්නලා දුන්නෙ. පෘතුගීසින් කළේ පහත රට කසාදය අඳුන්නලා දීලා උඩරට මිනිස්සුන්ගේ නිදහස් ලිංගිකත්වය පහත් අශිෂ්ට විදිහට හඳුන්වපු එක. ඒ කාලෙ පහතරට මිනිස්සු උඩරැටියන්ට පහරදුන්නෙ එහෙමයි. ඒ අය වනචරයි කියල. අපිට කසාදය කියන එකට සිංහල වචනයක්වත් නෑනෙ.

    රාජ්‍යය කසාදය පිලිගන්නෙ නෑ කියන්නෙ ලිංගික දේවල් ඒ ඒ අයගෙ රුචි අරුචිකම් මත සිදුවිය යුතුයි කියන එකනෙ. ඒක කොයිතරම් ලිබරල්ද? මෙච්චර දියුණු සංස්කෘතියක් තිබුනත් අපි විවාහය පිලිගත්ත නැති ජාතියක්. අපිට තිබුනෙ අඹුව කියන එකනෙ. අඹාගන්නවා කියන එකයි අදහස. අඹුකමට තියාගන්නවා කියලනෙ කියන්නෙ. සහේට ගන්නවා කියලත් කිව්වා. ඒ කියන්නෙ හවුල්කාරයා කියන එකනෙ.

    අපි පෘතුගීසි කසාදෙට කිව්වෙ හිරයක් ගන්නවා කියල. ඒක හිරේ යනවා වගේ වැඩක් විදිහටයි අපේ මිනිස්සුන්ට දැනුනෙ. කසාද නොබැඳ කවුරු හරි එක‍ට හිටියොත් හිරේ දානවා කියන එකයි නීතිය. මිනිස්සු ඒකම හදාගත්තා එයා හිරයක් ගත්තනෙ කියල. ඒ ඒකට දාපු පොඩි අපහාසාත්මක යෙදුමක්. වහරෙන් හැදෙන වචනවල තියෙනවා ඒ කාලෙ මිනිස්සුන්ට ඒ ගැන තිබුනු හැඟීම. ආගම කියන වචනෙත් එහෙම එකක්. ආගම කියන්නෙම පිට කියන එක. බුදුදහම අදහන්නෙ නැති අයටනෙ ආගමේ කියන්නෙ. බුදුදහම නෙමෙයි කියන එක. ආගම කියන එක අපේ නෙමෙයි කියලයි කියවෙන්නෙ. බුදුදහම අ‍පිට ආගමක් නෙමෙයි. ඒක අපේ ජීවන විලාසය.

    දැන් කොයිතරම් ලිබරල් වුනත් රනිල් වික්‍රමසිංහටත් බෑනෙ ලිංගිකත්වය විවෘතව බාරගන්න. කොයිතරම් නිර්භීත වුනත් මංගල සමරවීර වුනත් ලිංගිකත්වය සම්බන්ධ ප්‍රශ්නය බලය ඇතුලට ගෙනාවෙ නෑ කියල මං හිතනවා. මේක තමයි ලංකාවෙ මේ වෙලාවෙ තියෙන ලොකුම ප්‍රශ්නය.

  • සෙක්ස් කරන්න ගැබ් නොගන්න

    සෙක්ස් කරන්න ගැබ් නොගන්න

    උපත් පාලනය කියන්නෙ මිනිසාගේ ලිංගික නිදහස අත්පත් කරගැනීමෙදි වැදගත්ම විප්ලවය. එතෙක් දරුවන් හැදීම සහ ලිංගික සතුට අතර ගැටගැහිලා තිබුනු අගුල ගැලවුනේ මේ විද්‍යාවෙ පෙරලියෙන් පස්සෙ. උපත් පාලනය කියන එකේ මූලික අදහස වෙන්නෙම සෙක්ස් කරන්නෙ තෘප්තිය වෙනුවෙන් මිස දරුවන් හැදීමේ පරමාර්ථයෙන්ම නෙමෙයි කියන එක.

    දැන් අවුරුද්දක කාලයක් ළමයි හදන්නෙ නැතුව ඉන්න කියල ලංකාවෙ වෛද්‍යවරු අවවාද කරනවා. ඒක සලකා බැලිය යුතු ඇත්ත කාරණයක්. වසංගතයෙ අවදානම වගේම වංගතයෙන් බිඳවැටෙන ආර්තිකයෙ අවදානමත් ඒ දරුවට දරන්න වෙනවා. මේක ළමෙයක් මේ ලෝකෙට ඉපදෙන්න හොඳ වෙලාවක් නෙමෙයි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක.

    හැබැයි මේක වෛද්‍යවරු කිව්වට රටේ ජනතාවට උපත්පාලනය ගැන තියෙන්නෙ කොහොම දැනීමක්ද? උපත්පාලනය කියන්නෙ ජාතිය වඳකිරීමේ සැලැස්මක්. ඒක තමයි රාජපක්ෂ ආන්ඩුව විසින් ජනගත කළ මතය. ලිංගික අධ්‍යාපනයට එරෙහිව වගේම හාමුදුරුවරු, පූජකවරු උපත්පාලනයට එරෙහිවත් පාරට බැස්සා.

    කොවිඩ් නිසා ලොක්ඩවුන්වෙලා ගෙදර ඉන්න අතරෙ වැඩිවැඩියෙන් මිනිස්සු සංසර්ගයේ යෙදෙනවා. සමහර විට කොන්ඩම් එකක්, උපත්පාලන පෙති පැකට් එකක් මේ වෙලාවෙ ගෙදරක අවශ්‍යම ලැයිස්තුවෙ නැතුව ඇති. එතකොට ප්‍රායෝගිකව මේක කරන්නෙ කොහොමද? මේ කාරණයෙ වැදගත්කම අවධාරණය කිරීමට සහ ඒක පිළිබඳ දැනුම ජනතාව අතරට අරන් යන්න රජය විසින් කරන වැඩකොටස මොකක්ද? වඳ කොත්තු, වඳ බ්‍රා, පැලෝපීය නාල ගැන භීතිකා ජනිත කළ රජයකට (චන්න ජයසුමන කියන ඇමතිවරයා එහි ප්‍රමුඛයෙක්) උපත්පාලනය කරන්න කියල ජනතාවගෙන් ඉල්ලා සිටින්න සිදුවීම උත්ප්‍රාසයක්. ඒ කොහොම වුනත් අර භීතිය ජනනය කරන්න මීඩියාවල වෙන්කරපු කාලයෙන් කොයිතරම් ප්‍රතිශතයක් උපත්පාලන දැනුම වෙනුවෙන් ලබාදෙයිද?

    ලංකාවෙ උපත්පාලන ක්‍රමවේද පිළිබඳ දැනුම පවතින්නෙ අන්තිම අවම මට්ටමක. කොන්ඩම් එක පැළඳීම රේන්කෝට් ලා නෑමක් වැනිය කියල පැත්තකට දැම්මම බහුලව පවතින්නෙ උපත් පාලන පෙති. එහෙම වුනත් ලෝකෙ මේ වෙද්දි නිර්මාණය වුනු උපත්පාලන ක්‍රමවේදයන් බොහොමයක් තියෙනවා. ඒ ක්‍රමවලින් හොඳම ක්‍රමය තෝරගන්න එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ වගේම එකම පුද්ගලයෙකුගේ වුනත් ගැලපෙන උපත් පාලන ක්‍රමය කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්.

    ආණ්ඩුව කතා නොකරන හින්ද උපත් පාලනය ගැන අපි කතා කරන්න හිතුවා. උපත් පාලන ක්‍රමයක් තෝරගනිද්දි අපි අපෙන් විමසන්න ඕන ප්‍රශ්න කීපයක් තියෙනවා.

    1. අපි කොයිතරමක විතර ආරක්ෂිත බවක් බලාපොරොත්තු වෙනවද?
    2. ඒ වෙනුවෙන් අපිට දරන්න පුළුවන් වියදම කොයිතරම්ද?
    3. ප්‍රිවසි නැත්තං රහස්‍යභාවය කොයිතරම් වැදගත්ද?
    4. ස්ථිර සහකරුවෙක් ඉන්නවද?
    5. ලිංගික රෝගවලින් ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වීම අවශ්‍යද?
    6. පීරියඩ්ස් නැත්නම් ආර්තවයට එහි බලපෑම අවුලක්ද?
    7. ඒ වෙනුවෙන් කොයිතරමක විතර වෙහෙසක් දරන්න ලෑස්තිද?
    8. ඉදිරියේදී දරුවෙක් ලැබීමට අපේක්ෂා කරනවද?

    මෙන්න මේ ප්‍රශ්න අනුව තමන්ට වඩා ගැලපෙන උපත් පාලන ක්‍රමය තෝරගන්න වෙනවා. උපත් පාලන ක්‍රම වැඩකරන විදි කීපයක් තියෙනවා. ඒ කියන්නෙ ගැබ්ගැනීම පාලනය කරන්න පාවිච්චි කරන ටෙක්නික් එක වෙනස්.
    1. චර්යාමය – මේ කියන්නෙ අපේ චර්යාමය වෙනසකින් ගැබ්ගැනීම පාලනය කරන එකට. යන්න යද්දි එලියට ගන්න එක, සෙක්ස් නොකර ඉන්න එක, පීරියඩ් සයිකල් එක නැත්තං ඔසප් චක්‍රයේ දින අනුව සංසර්ගයේ යෙදෙන එක වගේම විකල්ප ලිංගික ක්‍රම පාවිච්චිය ආදිය වැටෙන්නෙ මේ කාන්ඩයට.
    2. බාධකමය – ඒ කියන්නෙ මොකක් හරි විදිහකින් ශුක්‍රානු සහ ඩිම්බ අතර බාධකයක් ඇති කරන ක්‍රමවේද. මේ නිසා ඩිම්බ සංසේචනය වීම නවතිනවා.
    3. හෝමෝනමය – කාන්තාවගේ ශරීර රසායනය වෙනස් කිරීමේ ක්‍රම. මේ හෝමෝන මගින් ඩිම්බ නිපදවීම වළක්වනවා, නැත්තං ගැබ්ගෙල ප්‍රදේශ රළු කිරීමෙන් ශුක්‍රානු ඇතුල්වීම වළක්වනවා, ගර්භාෂ බිත්තිය තුනී කිරීමෙන් ඩිම්බය රෝපනය වීම වළක්වනවා.
    4. වෛද්‍යමය – යම් ශල්‍යමය මැදිහත්වීමකින් ශරීරයේ වෙනසක් ඇති කිරීමෙන් ගැබ්ගැනීම වළක්වනවා.

    දැන් අපි බලමු අපිට ලබාගන්න පුළුවන් උපත්පාලන ක්‍රම මොනවද කියල. ඒවායේ වාසිඅවාසි එකිනෙකට වෙනස්. ගැලපෙන ආකාර වෙනස්.

    1. වැලකීමඒ කියන්නෙ සෙක්ස් නොකරම ඉන්න එක. එහෙම නැත්තං යෝනි මාර්ගයේ ලිංගික ක්‍රියාවන්ගෙන් වළකින එක. මේක වැටෙන්නෙ චර්යාමය උපත්පාලන කාන්ඩයට. මේ විදිහෙන් කිසිම අතුරු ආබාධයක් නෑ. සෙක්ස් සම්පූර්නයෙන් නවත්තලා ඉන්න එක නම් මානසික සෞඛ්‍යයට ඒ තරම් හොඳ නෑ.


    2. ස්ටෙරිලයිස්මේ

    මේක වෛද්‍යමය මැදිහත්වීමකින් සිද්ද කරන දෙයක්. අර දොස්තර සාෆිව අල්ලගෙන මැරෙන්න හැදුවෙ මෙන්න මේ උපත්පාලනය අනවසරයෙන් කරනවා කියලයි. මෙතනදි කරන්නෙ පැලෝපීය නාල අවහිර කරන එක. ගැටගැසීමක් වගේ දෙයක්. මේක ස්ථාවර එකක්. ආපහු නිවැරදි කරන්න බලාපොරොත්තුවක් නැත්නම් තමයි සුදුසු වෙන්නෙ. සිහිනැති කරලා කරන සැත්කමක්. නරක ප්‍රතිඵල විදිහට සමහර අයට වේදනාව, රුධිර ගලනය, ආසාදන වීම් වගේම සමහර දුර්ලභ අවස්ථාවල ගර්භාෂයෙන් පිටත කළලයක් වර්ධනය වෙන තත්වයන් ඇතිවෙන්න පුළුවන්.


    3. පිරිමි ස්ටෙරිලයිස්

    මේකට වාසෙත්කමී කියලත් කියනවා. ඉස්සර මේ සැත්කම කරගන්න අයට රජයෙන් යම් මුදලක් දුන්නා. මේකත් වෛද්‍යමය කාණ්ඩයේ උපත්පාලනයක්. මෙතනදි කරන්නෙ වෘෂණකෝෂ වලින් එන නාල අවහිර කරන එකයි. ඒ නිසා තරලයක් පිටවුනත් ශුක්‍ර පිටවීමක් සිද්‍ද වෙන්නෙ නෑ. ස්ථාවරයි. අදාල ප්‍රදේශය හිරිවැට්ටීමකින් කරන්න පුළුවන් සරල සැත්කමක්. හැබැයි ආපහු හරවන්න බෑ.


    4. උපත්පාලන රෝපනය

    සම යටට ඉඳිකටුවක උදව්වෙන් ප්‍රොජෙස්ටින් හෝමෝනය අඩංගු ගිනිකූරු හිසක තරම් පොඩ් එකක් ඇතුල්කරනවා. මේක දිගුකාලීන ක්‍රමයක්. නමුත් ආපහු අයින් කරන්න ලේසියෙන් පුළුවන්. අයින් කිරීමෙන් පස්සෙ ගැබ්ගැනීම සිද්ද වෙනවා. අතුරු ප්‍රතිඵල විදිහට මහත් වෙන එක, පීරියඩ්ස් වෙනස් වීම, බඩේ සහ පියයුරුවල වේදනා ආදිය ඇතිවෙන්න පුළුවන්.


    5. ප්‍රොජෙස්ටින් IUD

    නමෙන්ම තේරෙනවා මේක හෝමනල් වැඩක් කියන එක. මෙතනදි කරන්නෙ ප්‍රොජෙස්ටින් අඩංගු ටී හැඩයේ උපකරණයක් ගර්භාෂයේ රඳවන එක. අවුරුදු 3-5ක් අතර කාලයක් ගැබ්ගැනීම් වළක්වාගන්න මේකෙන් පුළුවන්. වාසි පැත්තෙන් බැලුවොත් සෙක්ස් කරන්න කලින් ලෑස්ති වෙන්න දෙයක් නෑ. IUD එක අයින් කළාම ආපහු ළමයි හදන්න පුළුවන්. පීරියඩ්ස් හැදෙන එකත් අඩුවෙනවා හෝ නැති වෙනවා.

    අවාසි පැත්තට තියෙන්නෙ සමහර විට සමහර අයට මේකෙන් පස්සෙ අවිධිමත් පීරියඩ්ස් ඇතිවෙන්න පුළුවන්. වේදනාව වැඩියෙන් එන්න පුළුවන්. ඩිම්බකෝෂවල කුඩා ගෙඩි ඇතිවෙන්න ඉඩතියෙනවා
    (මේවායෙන් අවදානමක් නෑ) ඉතා අඩු අවස්තාවල මේක ඉන්‍ෆෙක්ට් වෙන්න හෝ ගර්භාෂයේ ඇලෙන්න පුළුවන්.


    6. කොපර් IUD

    මේක වෛද්‍යමය මැදිහත්වීමක්. මෙතනදි කරන්නෙ ටී හැඩයෙ තඹ උපකරණයක් ගර්භාෂයේ තැන්පත් කරන එකයි. මේ උපකරණයෙන් ශ්‍රකානු ඩිම්බ ළඟාවෙන එක වලක්වනවා. ඩිම්බ ගර්භාෂ බිත්තියේ ඇලෙන එකත් වලකනවා.

    මේ උපකරණය අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන්. සෙක්ස් කරද්දි කලින් ලෑස්ති වෙන්න කියල දෙයක් නෑ. හැබැයි සමහර විට ක්‍රෑම්ප් (කෙන්ඩා පෙරලීම්) ඇතිවෙන්න පුළුවන්. අසාමාන්‍ය තත්වවලදි ශ්‍රෝනි ප්‍රදේශයේ ආසාදනවලට මේක උදව්වක් වෙන්නත් පුළුවන්. ඉතා දුර්ලබ අවස්තාවලදි මේක ගර්භාෂයේ ඇලෙන්න ඉඩතියෙනවා.


    7. උපත් පාලන එන්නත – ඩිපොප්‍රොවෙරා

    හෝමොන එන්නතක් මගින් උපත් පාලනය කරන එකයි වෙන්නෙ. වෛද්‍යවරයෙක් මගින් එන්නත ලබාගන්න ඕන. මාස තුනක කාලයකට පිළිසිඳගැනීම් වළක්වනවා. මාස තුනකට පස්සෙ නැවත එන්නත ගන්න ඕන. මේකෙදිත් සෙක්ස් කරද්දි ලකලෑස්ති වෙන්න කියල දෙයක් නෑ. විදපු වෙලාවෙ ඉඳන් පාලනය වැඩකරනවා. කරදරයක් විදිහට නැවත නැවත ගන්න සිදුවීම තියෙනවාත. ඒ වගේම අවුරුදු දෙකක් එක දිගට ගත්තොත් ඇට වල ඝනත්වය අඩුවෙනවා. පීරියඩ් කාල අතර රුධිර ගලනය ඇතිවෙන්න පුළුවන්. හිසරුදාව, මහත්වීම, නොසන්සුන්බව, බඩේ අපහසුව ඇතිවෙන්න පුළුවන්. එන්නතෙන් පස්සෙ සමහර විට අවුරුද්දක් විතර ඩිම්බ නොහැදෙන්නත් පුළුවන්.


    8. යෝනි මුදුව (නුවාරිංග්)

    මේකත් හෝමෝනමය ක්‍රමයක්. මෙතනදි නම්‍යශීලී මුදුවක් යෝනියට දානවා. එයින් ප්‍රොජෙස්ටින් සහ ඊස්ට්‍රජන් හෝමෝන නිදහස් කරනවා.

    එක වලල්ලක් මාසයක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. වෛද්‍යවරයෙකුගේ සහය ඕන වෙනවා. හැබැයි හරිම ලේසියි. මේක දැම්මම සෙක්ස්වලට කලින් හිතන්න ඕන නෑ. අවාසි විදිහට තියෙන්නෙ හරියට නිසිතැන වළල්ල රඳවාගැනීම අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම නිසිකලට මාරු කිරීම කරන්න වෙනවා. සමහර අයට මේ නිසා යෝනි ශ්‍රාවය වීම් ඇතිවෙන්න පුළුවන්. සියුම් අපහසුතා දැනෙන්න පුළුවන්. කලාතුරකින් හෘදයාබාධ ඇති කරන්න ඉඩතියෙනවා. ඒ වගේම කරදරකාරී විදිහට සංසර්ගය අතර එලියට එන්න පුළුවන්.


    9. වැජයිනා ජෙල් (ෆෙක්සි)

    මේක හෝමෝනමය නොවන ක්‍රමයක්. සංසර්ගයට කලින් මේ ජෙලි ආධාරකයක් මගින් යෝනි මාර්ගයේ තවරන්න ඕන. යෝනි මාර්ගයේ PH අගය අඩුකිරීම මගින් ශුක්‍රානු වලට ඩිම්බය කරා ළංවීමට බාධාවක් ඇතිකිරීමයි සිද්ද වෙන්නෙ. එක පාරයි වැඩකරන්නෙ. ලේසියි. ජෙලි එක හින්ද ලුබ්‍රිකේට් වීමකුත් වෙනවා. පැයක කාලයක් විතරයි මේක වැඩ කරන්නෙ. සමහර අයට සුළු ඉරිටේෂන් එන්න පුළුවන්.


    10. උපත් පාලන ස්ටිකරය

    මේකත් හෝමෝනමය විදිහක්. අඟල් දෙකක විතර පැච් එකක් යටිබඩ ප්‍රදේශයේ හෝ තට්ටම්වල හෝ අතේ හෝ පිටේ අලවන එකයි කරන්නෙ. ‍මේ ස්ටිකරයෙන් පිටවන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටින් හෝමෝන සම හරහා ශරීරයට ඇතුල්වෙනවා. සති තුනක් විතර පාවිච්චි කරන්න. ඊට පස්සෙ සතියක් විතර අතාරින්න. එතකොට නැවත පීරියඩ්ස් එනවා.

    එක පැච් එකක් වැඩකරන්නෙ සුමානයයි. මේකටත් වෛද්‍යවරයෙකුගේ සහය ඕනකරනවා. හැබැයි වැඩේ හරිම ලේසියි. සෙක්ස් කරන්න කලින් හොයන්න දෙයක් නෑ. සමහර අයගෙ සමට මේ ස්ටිකරය කහන්න වගේ ගන්නවා. අවදානමක් විදිහට ලේ කැටි ගැසීම් සහ හෘදයාබාධ ඇතිකරන්න පුළුවන්.


    11. අඛන්ඩ උපත් පාලන පෙත්ත

    දිනපතා ලබාගන්නා හෝමෝනමය පෙත්තක්. ප්‍රොජෙස්ටින් සහ ඊස්ට්‍රජන් සහිත පෙත්තක් දිනපතා ගැනීමයි කරන්නෙ. මාස තුනක කාලයක් හෝ අවුරුද්දක කාලයක් වෛද්‍ය නිර්දේශය අනුව ගන්න ඕන. පෙති 84ක් සාමාන්‍යයෙන් එනවා. අමතරව අක්‍රිය පෙති 07ක් එනවා. මේ පෙති ගනිද්දි බ්ලීඩ් වෙන්නෙ අවුරුද්දටම හතරවතාවයි. ඒ අර අක්‍රිය පෙති ගන්න දිනවලදියි. ඇක්ටිව් පෙති විතරක්ම ගන්නත් පුළුවන්.

    සෙක්ස් කරන්න කලින් කරදර නෑ. ඔසප් වේදනා සහ කුරුලෑ ඇතිවීමත් අඩු කරනවා.
    හැබැයි හැමදාම එකම වෙලාවට පෙත්ත ගන්න ඕන. සාමාන්‍ය උපත් පාලනයට වඩා පීරියඩ් අතර රුධිර පිටවීම වැඩි වෙන්න පුළුවන්. පීරියඩ්ස් නැති හින්ද ගර්භනීද නැද්ද කියල බලාගන්න අමාරුයි. කැරකිල්ල, පියයුරු මෘදුවීම, හිසරුදාව, අධික රුධිර පීඩනය, රුධිරය කැටි ගැසීමෙන් හෘදයාබාද ඇතිවීම වගේ අවදානම් තත්වයන් තියෙනවා.


    12. සාමාන්‍ය උපත් පාලන පෙත්ත

    දිනපතා ප්‍රොජෙස්ටින් සහ ඊස්ට්‍රජන් සහිත පෙත්තක් ගැනීමයි සිද්ද වෙන්නෙ.පැකට් එක මාසයයි. සෙක්ස්වලට කලින් කිසි අවුලක් නෑ. පීරියඩ්ස් වේදනා පවා අඩුවෙනවා. අක්‍රමවත් නම් වඩා පිලිවෙල වෙනවා. හැබැයි හැමදාම පෙත්ත ගන්න ඕන. අවදානමක් හැටියට සමහර අයට මේ නිසා අධික රුධිර පීඩනය, රුධිරය කැටිගැසීම. හෘදයාබාද ඇතිවෙන්න ඉඩතියෙනවා. මේ ක්‍රමයෙදි මාස්පතා බ්ලීඩ් වීම සිද්ද වෙනවා.


    13. උපත් පාලන මිනිපිල් එක

    කලින් ඒවා වගේම හෝමෝන පෙත්තක්. මේකෙ තියෙන්නෙ ප්‍රොජෙස්ටින් හෝමෝනය. දිනපතා ගන්න ඕන. මේකෙන් පීරියඩ්ස් සැහැල්ලු කරනවා. වේදනාව අඩු කරනවා. අධික රුධිර පීඩනය, රුධිරය කැටිගැසීම, ඉරුවාරදය වගේ වෙනත් උපත්පාලන පෙති ගන්න බැරි තත්වයක් තියෙනවා නම් මේක සුදුසුයි.

    හැමදාම ගන්න ඕන. අක්‍රමවත් රුධිරවහනය, හිසරුදාව, පියයුරු මෙලෙක් වීම, කැරකිල්ල වගේ තත්වයන් ඇතිවෙන්න පුළුවන්.


    14. ශ්‍රක්‍රඝාතක ඩයෆ්‍රම්

    මේ ක්‍රමය වැඩකරන්නෙ බාධකයක් විදිහටයි. ඩෝම් එකක් හැඩයෙ ශුක්‍ර ඝාතක ජල්ලියක් අඩංගු රබර් හෝ සිලිකන් කප් එකක් යෝනිමාර්ගයේ ගැබ්ගෙල ආවරණය වෙන මෙන් තැන්පත් කිරීමයි කරන්නෙ. ඒ වෙලාවෙම වැඩකරනවා. මේක නිසා සහකරුවාට කිසිම අපහසුවක් දැනෙන්නෙ නෑ. ඔයාට දැනෙන්නෙත් නෑ. සංසර්ගයට පැය කීපයකට කලින් දාන්න පුළුවන්. පැය 24ක් තියෙන්න අරින්න පුළුවන්. හැබැයි ක්‍රියාකාරීත්වය තියෙන්නෙ පැය දෙකයි. සෙක්ස් කරලා පැය දෙකකට පස්සෙ ආපහු කරනවා නම් රිෆිල් කරන්න ඕන. කප් එක හරියට ෆිට් වෙන්න ඕන. සමහර අයට ඉරිටේෂන් ඇතිවෙන්න පුළුවන්. නොනොක්සිනොල් සහිත ස්පර්මිසයිඩ්/ ශුක්‍රඝාතකවලින් HIV ආසාදනය වීමේ අවදානම වැඩි වෙන්නත් ඉඩතියෙනවා. සෙක්ස් කරලා පැය 06ක්වත් ඉවත් නොකර ඇතුලෙ තියන්න ඕන.


    15. කොන්ඩම්

    මේක තමයි සුප්‍රසිද්දම ක්‍රමය. හොඳ බැරියර් එකක්. ලේසිම ක්‍රමයත් මේක. වැදගත්ම දේ ලිංගිකව බෝවන රෝග පවා මේ ක්‍රමයෙන් වළක්වනවා. වාතෙකට තියෙන්නෙ හැමපාරකම අලුතෙන් එකක් දාන්න ඕන. ඒ වගේම වින්දනය අඩු කරනවා කියන එකත් ලොකු චෝදනාවක්. සමහර අයගෙ හමට සුළු ඉරිටේෂන් තත්වයන් ඇතිවෙන්න පුළුවන්.
    ලේසිම වැඩිම ක්‍රමය. එස්ටීඩීත් වලක්වනවා. හැමපාරකම අලුතෙන් දාන්න ඕන. සෙක්ස්වල වින්දනය අඩුකරනවා කියන හැගීම. සමහර විට සුළු ඉරිටේෂන් ඇතිවෙන්න පුළුවන්.


    16. ෆීමේල් කොන්ඩම්

    මෙතනදි කරන්නෙ ශිෂ්නය වෙනුවට වැජයිනා එකට තුනී කොපුවක් දාන එකයි. පිරිමි කොන්ඩම් එකෙන් ලැබෙන ඔක්කොම වාසි තියෙනවා. ඒ වගේම පිරිමින්ට කොන්ඩමයක් නිසා දැනෙන අවුල මේකෙන් අඩුකරනවා. හැබැයි සමහර විට කරද්දි අතරමග ගැලවෙන්න පුළුවන්. දාන්න අමාරු වෙන්න වගේම ගලවන්න අමාරුවෙන්නත් පුළුවන්. ගොඩක්ම අවුල තියෙන්නෙ මේක හොයන්න අමාරු එකයි. පිරිමි කොන්ඩමයට වඩා මිළත් වැඩියි.


    17. එලියට ගැනීම

    ගොඩක් අය සුලබව පාවිච්චි කරන ක්‍රමයක්. යන්න කිට්ටු වෙද්දි එලියට ගන්න එක. එකම අවුල මේක ඒ තරම් ෂුවර් ක්‍රමයක් නොවෙන එක. මේක චර්යාමය ගනයටයි වැටෙන්නෙ.


    18. දින ගනං කිරීම

    හරියට පීරියඩ්ස් දින අනුව සිද්ද වෙනවා නම් ආර්තවය දින ගනං කරමින් සෙක්ස් කරලා ගැබ්ගැනීම් වළක්වන්න පුළුවන්. වඩාත්ම සරුභාවයක් තියෙන්නෙ පීරියඩ් සයිකල් එකේ 12-14 දිනවල. ඩිම්බයක් මෝචනය සිද්ද වෙන දවස්. ඒ කාලෙ තමයි අවදානම වැඩිම. පිරියඩ්ස් සිද්ද වුනු ගමන්ම මුල් සතිය යම් ආරක්ෂිත බවක් තියෙනවා. ඒත් මේ ක්‍රමයත් සාර්ථක වෙනවා කියල නිශ්චිතව කියන්න බෑ. අනිත් පැත්තට දවස් ගැනලා මිසක් උවමනා වෙලාවට සෙක්ස් කරන්න බෑ.

    19. විකල්ප ක්‍රම භාවිතා කිරීම

    යෝනි මාර්ගයෙන් බැහැරව සංසර්ගය සිදු කරන්නත් පුළුවන්. මේ සඳහා ගුද සංසර්ගය, මුඛ සංසර්ගය ආදී ක්‍රමයන් යොදා ගන්න පුළුවන්. ගැබ්ගැනීමක් ගැන කිසිදු බයක් ඇති කරගන්න දේකුත් නෑ. චර්යාමය ක්‍රමයක් නිසා අතුරු ආබාධත් නෑ.

    20. ස්පර්මිසයිඩ් ස්පොන්ජ්

    ස්පර්මිසයිඩ් හෙවත් ශුක්‍රඝාතක ද්‍රව්‍ය අඩංගු කුඩා තැටියක් ආකාර ස්පොන්ජ් එකක් ලිංගිකව එක්වීමට කලින් යෝනි මාර්ගයට ඇතුල් කරනවා. මෙයින් ආකාර දෙකකින් ගැබ්ගැනීම වළක්වනවා. එකක් ශුක්‍රානුවලට ගැබ්ගෙල ප්‍රදේශයට ඇතුල්වෙන්න බාධකයක් හැටියෙන් ක්‍රියාකිරීමෙන්. දෙවැන්න ශුක්‍රඝාතක රසායනයෙන්.

    මේ ස්පොන්ජ් එක පැළඳු වෙලාවෙ පටන්ම වැඩකරනවා. පැය 24ක කාලයක් මේ බලය පවතිනවා. නැවත නැවත ඇඩ් කරන්න දෙයක් නෑ. දරුවන් ලැබූ අලුත අම්මලට මේක හරියටම ෆිට් වෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඉරිටේෂන් ඇතිවෙන්නත්, ඉවත් කිරීම අපහසු වෙන්න පුළුවන්. සංසර්ගයෙන් පස්සෙ පැය හයක්වත් ස්පොන්ජ් එක තියන්න ඕන. හැබැයි පැය 24ට වඩා තියන එක නරකයි.

    21. ස්පර්මිසයිඩ්

    ශුක්‍රඝාතක රසායන කියන්නෙ බාධකයක් පාවිච්චි කරන ක්‍රමයක්. මේ ස්පර්මිසයිඩ් ජෙලි, ක්‍රීම්, පෙන, හෝ පෙති විදිහට එන්න පුළුවන්. එක්වීමට කලින් යෝනි මාර්ගයට ඇතුල්කිරීමයි කළ යුත්තෙ. එකපාරකට විතරයි වැඩකරන්නෙ. දෙවෙනිවර සංසර්ගයේදී නැවත ඇතුල්කරන්න වෙනවා.
    විනාඩි 05ට විතර කලින් දාලා, ඉවර වුනාට පස්සෙත් පැය 6ක් විතර තියන්න ඕන.

    22. මෝනිං ආෆ්ටර් පිල්

    පොස්ටිනො කියල ජනප්‍රිය පෙත්ත මේකයි. මේක හදිසි හෝමෝන බලපෑමක් ඇතිකරන පෙත්තක්. මේක පාවිච්චි කරන්නෙ උපත්පාලනයක් රහිතව ලිංගිකය එක්වීමක් ඇතිවුනාට පස්සෙ. ඒ අතපසු වීමෙන් පැය 72ක කාලයක් ඇතුලත පෙත්ත ගන්න පුළුවන්. මෙමගින් ඩිම්බය ඩිම්බකෝෂයෙන් පිටවීම වළක්වනවා. ඒ වගේම ඩිම්බය ශුක්‍රානුවක් සමග එක්වීමත්, ගර්භාෂ බිත්තියේ රෝපණය වීමත් වළක්වනවා. මේකට කියන්නෙ ප්ලෑන් බී කියල. නිතර පාවිච්චි කරන්න හොඳ ක්‍රමයක් නම් නෙමෙයි. කැරකිල්ල, මහන්සිය, ඔලුවෙ කැක්කුම සහ බඩ රුදාව ඇතිවෙන්න පුළුවන්.

    23. Ella

    මේක තවත් හදිසි හෝමෝන පාලනයක්. අනිත් හැම පියවරක්ම මගහැරුනම ගන්න තියෙන්නෙ මේ පෙත්ත. අතපසු වීමෙන් මුල් දවස් 05ක කාලට ඇතුලත ගන්න පුළුවන්. ‍මේක ගන්න නම් වෛද්‍ය නිර්දේශයක් ඕන වෙනවා. මහත අයට මේ ක්‍රමය වැඩ කරනවා වැඩියි. හැබැයි නිතිපතා පාවිච්චි කරන්න හොඳ ක්‍රමයක් නම් නෙමෙයි.

    ඉතින් මේ අතරින් කෙනෙකුට තමන්ට වඩා ගැලපෙන උපත් පාලන ක්‍රමය තෝරගන්න පුළුවන්. චර්යාමය සහ බාධකමය ක්‍රමයන්ට බැහැර අනෙක් ක්‍රමවල විවිධ අතුරු ආබාධ ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. උපත් පාලන ක්‍රමයක් තෝරාගනිද්දි ඇයගේ සෞඛ්‍ය ගැන හිතන එක ඉතා වැදගත්. ඇත්තටම මේ තීරණයේ අයිතිය තියෙන්නෙ ඇයටයි. ඒ නිසා නිසි වෛද්‍ය උපදෙස් මත වඩා සරල පහසු අතුරු ආබාධ රහිත ක්‍රමයක් තෝරාගැනීම ආදරය කරන කෙනෙකුගේ වගකීම වෙනවා.

  • කොරෙ‍ානා ඉවර වුනු ගමන් දඟකාර රමණයක්

    කොරෙ‍ානා ඉවර වුනු ගමන් දඟකාර රමණයක්

    කොරොනා ඉවර වුන ගමන් කරන්න බලන් ඉන්න ශෘංගාරාත්මක දේවල් ලැයිස්තුවක් හැදුවොත් කොහොම වෙයිද? ඒ කියන්නෙ ගෙවල් ඇතුලෙ හිරවෙලා, එලියෙ සියලු සම්බන්ධතා ගැලවිලා, ගතකරපු හුදකලා කාලයක් අවසන් කරන සැමරුමක් මොන වගේ වෙන්න ඕනද? අපි ආයිමත් පරණ විදිහටම වැඩට යනවා, ගෙදර එනවා, නිදාගන්නවද? නැත්තං පොඩි දඟකාර අනුරාගයකින් ආපහු මිනිස්සු විදිහට උණුසුම් වෙනවද? එහෙම කල්පනා කරනකොට මගේ හිතට ආපු දේවල් ලිස්ට් එකක් මේ. මීට අමතරව කරන්න හිතේ තියෙන තව ගොඩක් දේවල් ඇති. කැමති නම් ඒවත් එක්ක මෙතනින් බකට් ලිස්ට් එකට දාගන්න හොඳම 3 කමෙන්ට් කරන්න. (ෆේස්බුක් පිටුවෙ)

    1. Public sex
    අපිට වැඩිපුරම නැති වුනේ සමාජය. එලිමහන. මිනිස්සු. ඉතින් මිනිස්සු අතර රමණය කරනවා තරම් සොඳුරු අත්දැකීමක් කොවිඩ්වලට පස්සෙ තියෙන්න පුළුවන්ද? කා‍ගෙවත් ඇස නොගැටෙන ගොඩනැගිලි කෙලවරක, බීර අවන්හලක, සුවපහසු පොදු වැසිකිලියක තව ගොඩක් තැන්වල අපිට පුළුවන් අනුරාගයෙන් වෙලෙන්න. කවුරුවත් දකීද කියන සිතුවිල්ල හැඟීම් තවත් උන්මාදනීය කරනවා. ඉක්මනත්, හදිස්සියත්, ඇඩ්රිනලින් රෂ් එකත් අත්දැකීමේ තීව්රතාවය වැඩි කරනවා. ඒක සැමරුමක්. හැබැයි මේ ලංකාව කියන එකත් මතක තියාගන්න ඕන. හෙට ‍රටේ වැදගත්ම ප්‍රවෘත්තිය බවට පත්නොවී මේ රසය විඳින්නත් නිර්මාණශීලී වෙන්න ඕන. අපි ජීවත්වෙන්නෙ ලිංගික කුහකයන්ගෙන් පිරුනු රටක නිසාම කාටවත් හිරිහැරයක් නැති විනෝදයක් රටේ බරපතල අපරාධයක් වෙන්න පුළුවන්.


    2. Water sexදියඇල්ලක, ඇලක, දොළක, සමහර විට පූල් එකක වුනත් සෙක්ස් කරන එක සුන්දර අත්දැකීමක්. කවුරුවත් නොගැවසෙන අවසරයක වතුරෙ ගිලිලා එකිනෙකාගෙ සිරුරු වෙලෙන එක රමණීය රමණයක්. අපි අතර දියකඳක් තියෙනවා කියන එකත්, ඒ සොබාදහමට දියවීමේ අනුහසත් හැමදෙයක්ම වඩාත් සෞන්දර්යාත්මක කරනවා. සමහර වෙලාවට ලිංගිකව එක්වීමම අවශ්‍ය වෙන්නෙ නෑ. නිරුවතින් නිදහසේ දියකෙළින එකමත් පැහැදිලි ශෘංගාරයක්. සැළලිහිණින්ට නොපෙනෙන්න විඳිය යුතු අසිරියක්.


    3. Sex in the Wildකාගෙන්වත් හිරිහැරයක් නැති වනාන්තරයක ගස්කොලන් අතර වැතිර කරන රමණයක් කියන්නෙ ට්‍රිප් එකක්. ඉහලින් පේන තුරු වියන් දිහා බලාගෙන එකිනෙකාගේ ඇස් සමවඳින සුයාමයක්. කැලයක් කියන්නෙ නිරුවත් වෙන්නම ඕන තැනක්. මඩ, දිරාපත් කොල, තරමක් රළු තන පලස් තමයි මේ අනුරාගයේ අනිවාර්යතා වෙන්නෙ. ඒත් වනාන්තරයක් ඇතුලෙ රමණයක් මේ ශිෂ්ටත්වයේ රැහැන්වලින් මිදිලා අපේ පැවැත්මේ ගැඹුරු මොහොතක් ස්පර්ශ කරන්නත් පුළුවන්.


    4. Car Sex

    මේක නම් අපි හැමෝම වගේ කරලා තියෙන දෙයක්. ඒත් අනිවාර්යෙන්ම කාලෙකින් මගහැරුනු දෙයක්. වාහනයක් ඇතුලෙ සෙක්ස් කරනවා කියන්නෙ හරියට නාට්‍යයක් රඟදක්වනවා වගේ වැඩක්. ඒ තියෙන ඉඩට ගැලපෙන විදිහට ඉරියව් හසුරුවාගන්න ඕන. ඒ වගේම තමන් ඉන්නෙ වීදුරු ‍කුටියක කියන එකත් මතක තියාගන්න ඕන. හැබැයි මේ ආස්වාදය විඳපු කෙනෙකුට ඒක අමතක කරන්න නම් බැරි තරමෙ එකක්.


    5. Sex in a Tent

    කෑම්පින් ගිහින් ටෙන්ට් එකක් ඇතුලෙ සෙක්ස් කරනවා කියන්නෙ වෙනස්ම අත්දැකීමක්. කඳු වළල්ලක් මැද, සමහර විට හඳ පායන තැනිතලාවක පුංචි කූඩාරමක් ඇතුලෙ ගුලිවෙනවා කියන්නෙ හීනයක් තරම් ලස්සන රමණයක්. පරිසරය මැද නමුත් පුංචි රෙදි කඩකින් වෙන්වෙලා විඳින සුවයක්. කොවිඩ් ඉවර වුනු ගමන් ආපහු පැක් කරගන්න, යන්න කන්දක් තැන්නක් ඇලක් දොලක් හොයාගෙන. ඒ අපේ හුස්ම පිරුන කූඩාරමක සමෙන් සමට දැනෙන ආදරය විඳගන්න.

    අපි හිතමු ගෙදරින් එලියෙ අනුරාගය විඳින මේ උරුමයන් අපිට ආපහු ඉක්මනට ලැබේවි කියල. වඩාත් කැමති විදිහට අපි ඒවා සැලසුම් කරලා තියාගමු. ඒ වගේ සැමරුම් සිහින නොවේ සැමදා කියල නිතර මතක් කරමු.


     

    6. Make a sex tape

    ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය විශ්වාස කළ හැකි, වගකීමක් ගැන වැටහීමක් තියෙන කෙනෙක් නම් ඔබට පුළුවන් මේ එලිමහන් ආස්වාදයන් සම්මත සීමාවලින් එලියට අරන් යන්න. කොවිඩ් වලින් පස්සෙ සමරන මේ නිදහස් අනුරාගයන් වීඩියෝ ෆිල්ම් එකකට ගන්න. ඒ තැන්, ඒ දඟකාරකම් නැවත නැවත නරඹන සොඳුරු මතකයන් කරගන්න. මේවා ලීක් වීමේ අවදානමක් තියෙනවා තමයි. ඒත් ඒ අවදානමට වඩා ලැබෙන ආස්වාදය වැඩි නම් අපි අවදානම කළමනාකරණය කරගන්න නිර්මාණශීලී වෙන්න ඕන.

  • අසභ්‍ය යනු කුමක්ද?

    අසභ්‍ය යනු කුමක්ද?

    ‘කතා කිරීමේ නිදහස කියන දේ තියෙන්නෙ ඔබ කැමති දේ ආරක්ෂා කිරීම නෙමෙයි. ඔබ අකමැති දේ ආරක්ෂා කිරීමටයි.’ – ලැරී ෆ්ලින්ට්

    පහන්තුඩාවෙ සිද්දියත් එක්ක ගොඩක් කතාබහට ආපු කාරණයක් තමයි අසභ්‍ය කියන එක. ඉංග්‍රීසියෙන් ඔබ්සීන් කියල කියනවා. මේ අසභ්‍ය කියන කාණ්ඩයේ දේවල්,  කතා කිරීමේ නිදහස කියන මූලික මිනිස් අයිතිවාසිකම යටතේ ආරක්ෂා වෙන්නෙ නෑ.

    හැබැයි ලංකාවෙ බහුතරයක් හිතන් ඉන්නෙ පෝර්න් කියන්නෙ අසභ්‍ය දේවල් කියල. ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. පෝර්න් කියන්නෙ වැඩිහිටි ප්‍රකාශන කාණ්ඩයක්. පෝර්න්වල ඉතා කුඩා ප්‍රමාණයක් තියෙන්න පුළුවන් අසභ්‍ය කියන දේවල්. මේ අසභ්‍යයි කියන දේ හරියට අර්ථකතනය කරන්න මානව නිදහස අගය කරන සාධාරණ නීතියට සෑහෙන අමාරු කාරණයක්.

    මේ ගැන ඉතිහාසයක් පුරාම විවිධාකාරයේ අභියෝග ඇතිවෙලා තියෙනවා. ලංකාවෙ නම් අසභ්‍යයි කියල මොකක් හරි නඩුවක් දැම්‌මොත් ඒකෙ වරද පිළිඅරන් දඩයක් ගෙවලා වැඩේ එතනින් ඉවර කරන්නයි ඔ්‍න කෙනෙක් ට්‍රයි කරන්නෙ. ඒක නිසා නීතිය යාවත්කාලීන වෙන්නෙ නෑ. එක්දාස් අටසිය ගණන්වල පාදඩ නීතිවලින් අදටත් මිනිස්සු දුක් විඳිනවා.

    අපේ රටේ අසභ්‍ය නීතිය ඇමරිකාවෙ අසභ්‍ය නීතියට ගොඩක් ළඟයි. ඉතින් අපිට මේ සම්බන්ධ පූර්වාදර්ශ විදිහට ඇමරිකාවෙ නීතිය අර්ථකතනය වෙලා තියෙන විදිහ බලන්න පුළුවන්. ඒ සංස්කෘතික අභියෝග එක්ක නීතිය පරිණාමය වුනු හැටි තේරුම් ගන්න පුළුවන්. ඇමරිකාව අසභ්‍ය නීතිය ක්‍රියාත්මක කරද්දි වඩාත්ම සැලකිලිමත් වෙන කාරණය තමයි පළමු සංශෝධනය හෙවත් කතා කිරීමේ නිදහස (ප්‍රකාශනයේ නිදහස)  අවහිර වෙනවද කියන එක.

    (ලැරී ෆ්ලින්ට් කියන්නෙ හස්ලර් කියන පොර්නොග්‍රෆි සඟරාවෙ නිර්මාතෘ. එයා මේ අසභ්‍ය යනු කුමක්ද කියන එක අරඹයා නීතිය එක්ක දරුනුවට ගැටුනු කෙනෙක්. මං කැමති චරිතයක් හින්දම අතරින් පතර ලැරී ෆ්ලින්ට්ගෙ අදහස් කීපයකුත් එකතු කළා. පුළුවන් අය ‘people vs larry flint ෆිල්ම් එක බලන්න.)

    ‘මෝසස් යුදෙව්වන්ට නිදහස ලබාදුන්නා. ලින්කන් වහල්ලුන්ට නිදහස ලබාදුන්නා. මම නියුරෝසිකයන්ට නිදහස ලබා දුන්නා’ – ලැරී ෆ්ලින්ට්

    අද මූලිකව ගත්තම අසභ්‍ය කියන එක තීරණය කරන්න පාදක වෙන්නෙ නූතන ප්‍රජා පිලිගැනීම්වලට එරෙහිව යන ලිංගික චර්යාවන් නිරූපණය කරනවා නම් හෝ එහි කිසිදු සාහිත්‍යමය, කලාත්මක හෝ විද්‍යාත්මක අගයක් නොමැති නම් කියන කාරණායි. මේ අර්ථකතනය අනුව බොහෝ වැඩිහිටි ප්‍රකාශන – පෝර්න් කතා කිරීමේ නිදහස යටතේ ආරක්ෂාව ලබනවා. අසභ්‍ය යැයි තීරණය කළ හැකි සහ ළමයින් යොදාගන්නා ලිංගික ප්‍රකාශන විතරයි මේ ආරක්ෂාවෙන් පිටත තියෙන්නෙ.

    අපි මේ සංවාදය ආපු විදිහ බලමු. කොහොමත් මුල ඉඳන්ම අසභ්‍ය කියන නීතිය මූලික මිනිස් නිදහසත් එක්ක තදබල විදිහට ගැටුනා. 1964දි ‘ද ලවර්’ කියන ප්‍රංශ  ෆිල්ම් එක පෙන්නුවා කියල තියටර් මැනේජර්ට නඩු දානවා. එතනදි අධිකරණයේ තීන්දුව වෙන්නෙ ඒක අසභ්‍යයි කියල කියන්න බෑ කියන එක.

    ‘මට ඒක ගැන හරියටම කියන්න බෑ. ඒත් මට ඒක දැක්කම කියන්න පුළුවන්’

    විනිසුරු පොටර් ස්ටුවර්ඩ්ට ඊට වඩා හොඳ නිර්දේශයක් අසභ්‍ය කියන එකට දෙන්න බැරි වෙනවා.

    1960 ගනංවල චිත්‍රපට වර්ගීකරන මණ්ඩලය විසින් පනවපු දර්ශකයක් තිබුන ඩලස්-ටෙක්සාස් නීතිය කියල. ඒක යටතේ ඕනම චිත්‍රපටයක් අපරාධ සහ සෙක්ස් මත පදනම් වෙලා  ළමයින්ට සුදුසු සහ නැති විදිහට වර්ගීකරණය කරනවා. මේ මණ්ඩලය විසින් ලුයී මාලේගෙ ‘විවා මරියා’ ෆිල්ම් එක ළමයින්ට සුදුසු නැති ලෙස නිර්දේශ කිරීමට විරුද්ධව ඒකෙ නිෂ්පාදක නඩු පවරනවා.  එතනදි අධිකරණය  වර්ගීකරණ මණ්ඩලය විසින් නිශ්චිත නිර්දේශ දක්වා නෑ කියල  කියනවා. මෙම නිර්දේශ මගින් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වෙනවා කියල තීන්දු කරනවා. ඒ නිසා නිෂ්පාදකවරයා නඩුව දිනනවා.

    මේ කාලෙදිත් සමහර අධිකරණ 1868 බ්‍රිතාන්‍යයේ හෙක්ලින් නීතිය මිනුම් දන්ඩක් විදිහට පාවිච්චි කළා. ඒක හරි අපූරු නීතියක්. ඒ අනුව, යම් ප්‍රකාශනයකින් දූෂණය වීමට ඉඩ ඇති යම් අයගේ සිත් එමගින් දූෂනය වෙනවා නම්, එම ප්‍රකාශනය එසේ දූෂනය විය හැකි සිත් ඇත්තන් අතට පත්වෙනවා නම් ඒක අසභ්‍යයි කියල තීරණය කරනවා.

    මෙතනදි අසභ්‍ය කියන සීමාව පැනවෙන්නෙ යම් තෝරාගත් ජන කොටසක් මත පදනම් වෙලයි. ඒ වගේම කෘතියක් සමස්තයක් හැටියෙන් නොගෙන එහි ඇතැම් කොටස් මත පදනම්ව අසභ්‍ය බව තීරණය කෙරුනා. මේක ප්‍රකාශනයේ නිදහස දැඩි විදිහට යටපත් කිරීමක් කියලයි සැලකෙන්නෙ.

    අසභ්‍ය නීතියේ පරිණාමයට වැදගත් වුනු මූලිකම සිද්ධියක් තමයි 1957 සැමුවෙල් රොත්ගෙ නඩුව. සැමුවෙල් රොත් කියන ප්‍රකාශකයා අසභ්‍ය යැයි සැලකෙන දේවල් තැපැල් කළා කියල වරදකරුවෙක් වෙනවා. මේ සිදුවීමෙදි විලියම් ජේ බ්‍රෙනන් කියන විනිසුරුවරයා අසභ්‍ය දෙයක් මනින්න නිර්ණායක තුනක් ඉදිරිපත් කරනවා. රොත් ටෙස්ට් එක කියල පස්සෙ හැඳින්වෙන්නෙ මේ නිර්ණායක. එතනදි හෙක්ලීන් නීතියට වඩා වෙනස්වන තැන් දෙකක් අවධාරණය වෙනවා. එකක් තමයි අසභ්‍ය කියන එක අර දූෂණය විය හැකි මනස් ඇති සුවිශේෂය මත තීරණය වෙන්න බෑ කියන එක. ඒ වෙනුවට සාමාන්‍ය පුද්ගලයෙක් විසින් මෙය අසභ්‍ය හැටියෙන් දකිනවද කියන කාරණය සැලකිල්ලට ගන්නවා. ඒ එක්කම ඒ කාලයට අනුරූප ප්‍රජා වටිනාකම් මත ඒක තක්සේරු කරන්න අවශ්‍ය වෙනවා. අතීත වටිනාකම් මත ඒ මොහොතේ අසභ්‍යකම තීරණය කරන්න බෑ.

    දෙවෙනි කාරණය තමයි කෘතියේ කොටස් මත පදනම් වෙලා අසභ්‍යයි කියන්න බෑ. සමස්තයක් හැටියට කෘතිය අරගෙන බලන්න අවශ්‍යයි කියන එක අවධාරණය වෙනවා.

    1966 ‘මෙමොයර්ස් ඔෆ් අ වුමන් ඔෆ් ප්ලෙෂර්’ නැත්තං ෆැනී හිල් කියන පොතත් එක්ක ආපහු අසභ්‍ය ප්‍රශ්නෙ මතු වෙනවා. රොත් පරීක්ෂාව හරියටම තහවුරු වෙන්නෙ මේ සිද්දියත් එක්ක. මේ පොත කිසිම සාහිත්‍යමය අගයක් නැති ලිංගික තෘප්තිය පිනිසම ලියවුනු එකක් කියන චෝදනාව එනවා.

    මේ පරීක්ෂාවට ගන්න කාරණා 03 මෙහෙමයි. යමක් අසභ්‍ය වෙන්න නම්, ඒක තනිකරම සෙක්ස් වෙන්න ඕන.

    වත්මන් ප්‍රජා පිලිගැනීම් අනුව පැහැදිලි වරදකාරීත්වයක් තියෙන්න ඕන. ඒ කියන්නෙ ඒ කෘතියෙ සෙක්ස් නිරූපනය කර ඇති ආකාරය වරදකාරී වෙන්න ඕන.

    සමාජ වටිනාකම් බරපතල විදිහට නොසලකා හැරලා තියෙන්න ඕන.

    66 පිලිගැනුනු රොත්/මෙමොයර්ස් නීතිය අනුව මේ තුනම සම්පූර්ණ වුනු එකක් තමයි අපිට අසභ්‍යයි කියල ගන්න පුළුවන් වෙන්නෙ.

    ඊට පස්සෙ 1968දි මාර්වින් මිලර් සෙක්ස් පොත් හතරක් සහ ෆිල්ම් එකක් ගැන ප්‍රචාරණ දැන්වීම් තැපැල් කරලා අහුවෙනවා. මාර්වින් මිලර්ට ඒ කාලෙ කිව්වෙ කුනුහරුපවල කිංග් කියල. මෙන්න මේ නඩුවෙදි මිලර් ටෙස්ට් එක නිර්මාණය වෙනවා. නීතිය ක්‍රියාත්මක කරන අයට පහසු වෙන්න කියලයි මේ පරීක්ෂාව ඉදිරිපත් කරන්නෙ.

    ඒ අනුව දෙයක් අසභ්‍ය වෙන්න නම්,

    අදාල ප්‍රාන්තයේ සාමාන්‍ය පුද්ගලයෙක් විසින් අද පවතින තත්වයන්ට අනුව එම කෘතිය සමස්තයක් හැටියෙන් අරගෙන අසභ්‍යයි කියල තීරණය කරන්න ඕන.

    නීතියේ දක්වා ඇති පැහැදිලි වරදකාරී ලිංගික හැසිරීම් අඩංගු වෙන්න ඕන.
    සාහිත්‍ය, කලා, දේශපාලන හෝ විද්‍යාත්මක වටිනාකමකින් තොර වෙන්න ඕන.

    රොත් පරීක්ෂාවෙ තිබුනු සමාජ වටිනාකම්වලට පටහැනි වීමේ කාරණය මිලර් පරීක්ෂාවෙදි ඉවත්වෙනවා. ඒ අනුව යමක් අසභ්‍ය වීමට මේ කාරණා තුනම එකවර සම්පූර්ණ කරන්න වෙනවා. ඒ යටතේ මිලර් නිදහස් වෙනවා. පැහැදිලි වරදකාරී දරුණු ලිංගික චර්යාවන් කියන වගන්තිය නිසා බොහොමයක් පෝර්න් අසභ්‍යයි කියල පිලිගන්නෙ නෑ. ඒ වගේම සාහිත්‍ය, කලා, දේශපාලන හෝ විද්‍යාත්මක වටිනාකමකින් තොර බව ඔප්පු කරන එකත් අසීරු කාරණයක්.

    1973 පැරිස් වැඩිහිටි සිනමාහල් නඩුව කියල එකක් එනවා. එතනදි වෙන්නෙ වැඩිහිටි සිනමාශාලා දෙකක් අසභ්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය කළා කියල නඩු පැවරීමක්. ‘මැජික් මිරර්’ සහ ‘ඉට් ඕල් කම්ස් අවුට් ඉන් දි එන්ඩ්’ චිත්‍රපටි දෙක තමයි මේ විදිහට අසභ්‍යයි කියල චෝදනා ලබන්නෙ. ඒත් මේ ප්‍රදර්ශකයො වැඩිහිටියන් වෙනුවෙන් මෙවන් චිත්‍රපට ප්‍රදර්ශනය කළ හැකිය කියල අධිකරණයෙ පෙනී ඉන්නවා. එතනදි අධිකරණය ඒක පිලිගන්නවා.  මේ අවස්තාවෙ රොත් පරීක්ෂාව ඉදිරිපත් කරපු විලියම් බ්‍රෙනන්ම කියනවා තමන් ඉදිරිපත් කරපු පරීක්ෂාවෙන් ප්‍රකාශනයේ නිදහසට බාධා වෙනවා කියල.  ඔහු විරුද්ද වෙනවා මේ තහනමට.

    ‘මිනිමැරුමක් නීතිවිරෝදීයි. හැබැයි ඒ අවස්ථාව ඡායාරූපගත කලොත් ඔයාට සම්මාන ගන්න පුළුවන්. ඒත් සෙක්ස් නීති විරෝධී නෑ. හැබැයි ඒක ඡායාරූපගත කලොත් ඔයා හිරේ’ – ලැරී ෆ්ලින්ට්

    1976 වෙද්දි එනවා ඩීප්ත්‍රෝට් නඩුව. පෝර්නොග්‍රැෆික් ෆිල්ම් එකක් කතාවක්, චරිත ගොඩනැංවීමක් සහිතව, ප්‍රධාන ධාරාවෙ ප්‍රදර්ශනය වෙන පළවෙනි වතාව මේක. මේක විවිධ ප්‍රාන්තවල තහනම් වෙනවා. තවත් ප්‍රාන්තවල නිදහස ලබනවා.

    එක තැනකදි මනෝ වෛද්‍යවරයෙක් ලවා මේ ෆිල්ම් එක පරීක්ෂා කරනවා. එතනදි මනෝවෛද්‍යවරයා කියන්නෙ ඒ චිත්‍රපටියෙ කිසිදු මානසික රෝගී තත්වයක් නෑ, ඒ ලිංගික ක්‍රියා සාමාන්‍යයි කියල. සිනමා විචාරකයෙක් ඒක බලලා ඒ තුල කාන්තාවන් පිළිබඳ මානුෂික දෘෂ්ටියක් පිළිඹිඹු වෙනවා කියනවා. ඒ වුනත්  ප්‍රාන්ත 23ක චිත්‍රපටය තහනම් වෙනවා. පළවෙනි වතාවට චිත්‍රපටයේ නළුවාට විරුද්දව නඩු පැවරෙනවා. එතනදි ජැක් නිකල්සන්, නෝරා බියෙටි වගේ හොලිවුඩ් තරු හැරී රීම්ස් වෙනුවෙන් පෙරට එනවා. උසාවි තීන්දුව ආපහු හරවන්න ඔවුන්ට පුළුවන් වෙනවා. අද වෙද්දි ඩීප් ත්‍රෝට් කියන්නෙ කල්ට් ක්ලැසික් එකක්.

    ‘පෝර්න්වලට විරුද්ද ජාති දෙකක මිනිස්සු ඉන්නවා. එක කට්ටියක් තමන් මොනවා ගැනද කතා කරන්නෙ කියල දන්නෙ නෑ. අනිත් කට්ටිය තමන්ට මගඇරිලා තියෙන්නෙ මොනවද කියල දන්නෙ නෑ’ – ලැරී ෆ්ලින්ට්

    1983දි ඉලිනොයිවල පොලිස්කාරයො දෙන්නෙක් ‘පෝප්’ කියන සේවකයා වැඩකරන කඩේට ඇවිත් වැඩිහිටි සඟරා මිළට අරගෙන ඊට පස්සෙ පෝප්ව සහ තවත් සේවකයෙකුට විරුද්දව අසභ්‍ය ප්‍රකාශන අලෙවියට නඩු පවරනවා. පළාතේ සාමාන්‍ය කෙනෙකුගේ අවබෝධය අනුව මෙය අසභ්‍යයි කියන කරුණ මුල්කරගෙන ඉලිනොයි අධිකරණයෙන් වරදකරුවන් විදිහට නියම වෙන මේ දෙන්නා ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. එතනදි ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරනවා සාමාන්‍ය බහුතරයගේ අදහස අසභ්‍ය දේ තීරණය කිරීමට යොදා ගැනීම වැරදියි කියල. ඒ වෙනුවට තමන්ගේ මතවාදයෙන් බැහැරව, සාධාරණව සහ තාර්කිකව ඒ දෙස බැලිය හැකි කෙනෙක් එය අසභ්‍ය හැටියෙන් දකින්න අවශ්‍යයි කියල අධිකරණය කියනවා. සේවකයන් දෙදෙනා නිදහස් වෙනවා.

    මෙතනදි පළවෙනි සංශෝධනයට බාධා නොවන පරිදි අසභ්‍යබව තීරණය කිරීම දුෂ්කර වෑයමක් බවත්,  වැඩිහිටියන් වෙනුවෙන් පළවෙන, ඔවුන්ගේ කැමැත්තෙන් පරිහරණය කරන ප්‍රකාශනවල අසභ්‍යබව පාලනය කිරීමට නීතිය උත්සාහ නොකල යුතු බවත් විනිසුරු බ්‍රෙනන් නැවත අවධාරණය කරනවා.

    නමුත් ඇමරිකාවෙ අදාල ප්‍රාන්තය අනුව අසභ්‍යකම තීරණය කිරීම දිගටම සිද්ද වුනා. මේ නිසා 2002 දි තීරණය කරනවා අසභ්‍යබව තීරණය කිරීමේදි ප්‍රාදේශීයව නෙමෙයි ජාතික මට්ටමෙන් ප්‍රජා පිලිගැනීම කියන සාධකය සලකන්න ඕන කියල. මේ යෝජනාව ඉදිරිපත් වෙන්නෙ 1998දි දරුවන් වැඩිහිටි ප්‍රකාශන නැරඹීම වැලැක්වීමේ නීති ගෙන ඒමත් සමග. වැඩිහිටි ප්‍රකාශන අවකාශයකට අවුරුදු 17ට අඩු කෙනෙකුට පිවිසීමට ඉඩ තැබීම වරදක්. පෝර්න් සයිට්වලට ඇතුල්වෙද්දි වයස සහතික කරන්න සිද්ද වෙන්නෙ මේ හින්ද.

    නමුත් අසභ්‍ය කියන කැටගරිය ඇතුලට දරුවන්ට ප්‍රචන්ඩත්වය හුරුවෙන වීඩියෝ ගේම් ආදිය ගේන්න හදන උත්සාහයට අධිකරණය එකඟ වෙන්නෙ නෑ.  ඒ හින්ද ලිංගිකමය නොවන ප්‍රචණ්ඩත්වය අසභ්‍ය දෙයක් විදිහට නීතියෙන් සැලකෙන්නෙ නෑ.

    මේ ඉතිහාසය දිහා බලන කෙනෙකුට පේන්න ඕන දෙයක් තමයි ඇමරිකානු අධිකරණය හැමවිටකම ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම පැත්තෙන් වඩාත් අවධානය යොමු කරමින් අසභ්‍ය නීති හසුරුවන්න උත්සාහ කරන වග. ඒ වෙනුවට බහුතරයේ මතය පිලිගෙන, සංස්කෘතික පොලිසිය පැත්තෙ හිටගෙන, අසභ්‍ය නීතිය අර්ථකතනය කරන්න යාමෙන් සිද්ද වෙන්නෙ ප්‍රකාශනයේ නිදහස කියන මූලික අයිතිවාසිකම බාධා කරන එකයි.

    ‘බහුතරයේ කැමැත්ත කියන එක වැඩකරන්නෙ පුද්ගලයාගේ අයිතිය කියන කාරණය සැලකිල්ලට ගන්නවා නම් විතරයි. වෘකයො පස්දෙනෙක් එක්ක තනි බැටළුවෙක් තියා‌ගෙන රෑ කෑමට ගන්නෙ මොනවද කියල චන්දයක් විමසන්න බෑ’ – ලැරී ෆ්ලින්ට්


    චින්තන ධර්මදාස

  • පහන්තුඩාව සිතුවම් සැනකෙලිය

    පහන්තුඩාව සිතුවම් සැනකෙලිය

    #justice4pahanthudawacouple

    ඔබ දවස් දෙකකින් බිම තියන්න නියමිත ප්‍රශ්නයක් මේ තරම් දුරක් ඇදගෙන යාම ගැන සමා‍වෙන්න. නමුත් පහන්තුඩාව අපට අනුව අපේ රටේ සංස්කෘතික සංධිස්ථානයක් වෙනවා. විශේෂයෙන්ම ලංකාවෙ පෝර්න් කර්මාන්තයේ බිහිවීම, පැවැත්ම සහතික කරන තැන වෙනවා. ලංකාවේ පාදඩ පණත, අසභ්‍ය පණත ප්‍රශ්න කරන්න විවෘත වුනු වේදිකාවක් වෙනවා. ඒ නිසා මේ සිද්ධිය සම්බන්ධයෙන් මතුවෙන සංස්කෘතික කතිකාව තව ඉස්සරහට ගෙනියන්න අපි කල්පනා කරනවා. උදා විදිහට පොලිසිය කියන හැටියට මේ නිසා ලංකාවට වුනා කියන අපහාසය වෙනුවට කලාත්මක සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කිරීමේ කතිකාවක ආරම්භයක් විදිහට පහන්තුඩාව සලකුනු කරන්නයි අපේ උත්සාහය.

    ඒ වෙනුවෙන් පහන්තුඩාව සිතුවම් සැනකෙලියක් අපි පටන් ගත්තා. හරියට ගෝටාබය රාජපක්ෂ ජනාදිපති වුනාම ගෝටා ෆෑන්ස්ලා තාප්පවල චිත්‍ර ඇන්දා වගේ පහන්තුඩාව ෆෑන්ස්ලා එකතු කරගෙන කරන වැඩක් මේක. අපි නරඹන ඕනම පෝර්න් එකක් වෙනුවෙන් ඒක නිර්මාණය කරන පිරිසට ගෞරවයක් හිමිවිය යුතුයි කියන එකයි අපේ විශ්වාසය. රටෙන් ලක්ෂ පනහකට වඩා නැරඹූ වීඩියෝවක් කියන්නෙ සෙල්ලමක් නෙමෙයි. ඒ හරහා ජනාධිපති, පොලිස්පති ඉඳන් පැය 48ක ලංකාවෙ වේගවත්ම බුද්ධි මෙහෙයුමක් සිද්ද වෙලා තියෙනවා. වෙනත් යුවළකගේ රූපයක් ෂෙයාර් කිරීම හරහා සයිබර් බුලින්ග් පිළිබඳ දරුණු ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. මේවා සියල්ල පහන්තුඩාවේ ආශ්චර්යයන්.

    ඉතින් අපි පහන්තුඩාව නමින් ඔන්ලයින් චිත්‍ර ප්‍රදර්ශනයක් කරනවා. විවිධ සිත්තරුන් එක්ක අපි මේ වෙනුවෙන් වැඩ කරනවා. ඔයගොල්ලොන්ටත් පුළුවන් කැමති නම් පහන්තුඩාව වෙනුවෙන් චිත්‍රයක් එකතු කරන්න. මේ ප්‍රදර්ශනයේ චිත්‍ර අන්තර්ජාතික අවධානයට ලක්කරන එකයි අපේ බලාපොරොත්තුව. ඒ හරහා පහන්තුඩාවට තිබුනට වඩා හොඳ සංචාරක ආකර්ශනයක් දිනාගන්න පුළුවන් බවයි අපේ ස්ථාවරය.

    මේ චිත්‍ර ඒ ප්‍රදර්ශනයේදී අලෙවි කරන්නත් ඒ මුදල් පහන්තුඩාවේ යුවල සිදුවු සමාජ අලාභය වෙනුවෙන් සංකේතීය වන්දියක් හැටියෙන් පිලිගැන්වීමටත් අපි බලාපොරොත්තු වෙනවා. පහන්තුඩාව නරඹපු හැමෝටමත් පුළුවන් ඒ වෙනුවෙන් තමන් යම් දායකත්වයක් ලබාදිය යුතුයි කියල හිතනවා නම් එකතු වෙන්න.


    faculty of sex

  • සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය

    සුජිත් අක්කරවත්ත සමග ශෘංගාරවංශය

    මේ සුජිත් අක්කරවත්ත එක්ක ෆෝන් එකෙන් ඇතිවුනු සංවාදයක්. මේ සංවාදය සුජිත්ගේ කතාව වගේම නිදහසේ ගලායන්න ඉඩහරිනවා. ලංකාවෙ සෙක්ස්වලට තහනම් වැටීම ගැන අපි අතර ඇතිවුනු අහම්බ කතාබහක්. මගේ බාධා කිරීම් අයින් කරලා සුජිත්ගේ කතාව විතරක් ඉතුරු කරනවා.

    හැමෝම මොකක් හරි දෙයක් ආවම ඒක හිස්ට්‍රිවලට බද්ධ කරලා මොකක් හරි දෙයක් ඉදිරිපත් කරනවා. රාජ්‍යයත් එහෙමයි ජනතාවත් එහෙමයි. කාටවත් මේක ගැඹුරින් තේරුම් ගැනීමේ උවමනාවක් නෑ. ඒ අවස්තාවට මේක පාවිච්චි කරනවා විතරයි. (සුජිත් අද කාලෙ ඉතිහාස කාරනා ගැන ඇතිවෙන උනන්දුවට කියන්නෙ සිල්ලර උනන්දුවක් කියල)

    ඔය පහන්තුඩාව වගේ සිද්ද වලින් තමයි ආන්ඩුව යන්නෙ. පරිසර සිද්දිය දවස් තුනයි, නැවේ සිද්දිය දවස් තුනයි, අවුරුදු පහලොවේ ගෑනු ළමයගේ සිද්දිය දවස් තුනයි. විපක්ෂයක් නැති රටක ඕක වෙනවා. දේශපාලනික සමාජයකුත් නෑ දේශපාලනික පක්ෂෙකුත් නෑ. එෆ්බීනෙ අද මාධ්‍ය දෙයියො වෙලා තියෙන්නෙ. දවස් තුනකින් ඕක ඉවරයි. බලන්නකො කාගෙ ගොසිප් වලින්ද වැඩිපුර මේවා උස්සන්නෙ කියල. ඒ ගොල්ලො දන්නවා කුහක බවයි රසයයි එකට කළතලා ඕක ඉදිරිපත් කරන්න. ඕක විතරක් නෙමෙයි. ඔය පරිසර එක බලන්න. කවුද අද පරිසරය ගැන කතා කරන්නෙ? ඒ මූමන්ට් හදපු අයවත් කතා කරන්නෙ නෑ. දැන් රළ පනාවෙ ප්‍රශ්නෙ. ඒකත් දවස් දෙකයි. ඇත්ත කතන්දරේ ඒක. හැබැයි ලංකාවෙ යටපත් කරපු ලිංගික නිදහස සම්බන්ද ප්‍රශ්නයක් කොහොමත් තියෙනවා.

    විඳපු නැති සමාජයක් යමක් කැමැත්තෙන් බාරගන්න දන්නෙ නෑ. තමන් නොලබන රසයක් වෙන කෙනෙක් ලබනවට කැමති නෑ. ඒක ‍මනෝ විද්‍යාත්මකයි. අපේ දැනුම් සමාජය වුනත් ඔහොමයි. ලිංගිකව කුහකයි. ප්‍රබුද්දයොත් එහෙමයි.

    මේක දඹදෙනි යුගයේ බ්‍රහ්මනයො බුද්දාගම අල්ලගන්න තැන ඉඳන් එන ප්‍රශ්නයක්. ඇත්තටම සීගිරි කාශ්‍යප පන්නා දාපු දවස‍ෙ ඉඳන් එන ප්‍රශ්නයක් සුද්දො ඇවිල්ලා සම්පූර්ණ විකෘති කළා. දඹදෙනි යුගයෙන් පස්සෙ මේක යම්දුරකට සංස්ථාපිත තැන්වල හරි පැවතුනා. ත්‍රීසම් එක, එකගෙයි කෑම ලංකාවෙ තිබුන. ඒකට නිල සංස්ථාවක් තිබුන.

    දඹදෙනි යුගයෙදි බ්‍රාහ්මන කියවීමක් එනවා හරියට දැන් අපිට චීන කියවීමක් එනවා වගේ. දැන් අපේ සාහිත්‍ය, කලා ඔක්කොටමත් චීන බලපෑම එනවා. ඒවා හරියට ටොයිස් බඩු වගේ වෙනවා. ටික්ටොක් එහෙම අරන් බලන්නකො. දේශපාලනයත් චීනකරනය වෙනවා. පපඩං වගේ වෙනවා. ඒ වගේ දඹදෙනි යුගයෙදි බ්‍රාහ්මන චින්තනය තනිකර නිල බුදු දහමෙ චින්තනය බවට පත් වෙනවා. බුදුදහම අයින් වෙලා බුද්ධාගම කියල එකක් ‍එනවා. ආගමක් නෑනෙ බුදුදහමෙ. ආගම කියන්නෙම බුදුන් එපා කියපු එකක්නෙ. හැබැයි දඹදෙනි යුගයෙන් පස්සෙත් සුද්දො එනකංම මේ ලිංගික නිදහස සම්බන්ද තත්වයන් යම් තත්වයක් තිබුනා සමාජ සංස්තා විදිහට. එකගොයි කනවා කියන්නෙ ඉතින් ත්‍රීසම්නෙ. ඔය මාක්ස්වාදී ඉතිහාසඥයො කියනවා දේපොල පිට යන එක වළක්වන්නයි මේ එකගෙයි කෑවෙ කියල. නෑ, ඒක ත්‍රීසම්වලට කැමති අය කරපු දේ රාජ්‍ය විසින් බාරගන්නෙ රාජ්‍යයට අනුයුක්ත දෙයක් විදිහට. දේපොල කතාව ඒකට ගැටගැහෙන්නෙ එහෙමයි. දේපොල හේතුවක් වුනත් එකගෙයි කෑවෙ ත්‍රීසම්වලට කැමති අය. නැත්තං මොන එකකට වුනත් තව එකෙක් එක්ක එක ගෑනියෙක් තියාගෙන මරාගන්නෙ නැතුව හිටියා කියන එක ලේසි දෙයක්ද?

    ජයසේන ජයකොඩිගේ බැද්දෙ ගෙදර ජනප්‍රිය වුනා. මේ දවස්වල සුදත් රෝහනගේ ඔය නාට්ටිය ආයිමත් පෙන්නනවා. බලන්න ඒක කොයිතරම් ආසාවෙන් බලනවද කියල. සුදත් රෝහන ඒක වැරදි විදිහටයි අර්තකතනය කරලා තියෙන්නෙ, පොතේ හරියට තියෙනවා. ඇයි ඒක මිනිස්සු ඔච්චර කැමැත්තෙන් බලන්නෙ? පහන්තුඩාවට ගල්ගහන මිනිස්සු ගෙදර ටීවී එකේ බැද්දෙ ගෙදර බලනවනෙ.

    මිනිස්සුන්ගේ සීයට අනුවක් රාජ්‍ය කියන එක ඇත්ත විදිහට පිලිගන්නවා. නිරෝදායනය වෙන්න කිව්වම ගෙදරට වෙලා ඉන්නෙත් ඉතින් ඒ වගේම එකක් තමයි.

    සුජිත් අක්කරවත්ත

    හොඳට හිතලා බැලුවොත් බලය උත්පාදනය වෙන තැනක් තමයි කුහකත්වය කියන්නෙ. ලිංගිකව අනෙකා යටපත් කිරීමනෙ අවසාන අර්ථයෙන් බලය කියන්නෙ. මේ පොදු මහා සාධකය පටන් ගත්තෙම ලිංගික යටපත් කිරීමෙන්. ආගම බිහිවෙන්නෙ එහෙමයි. රාජ්‍යයි ආගමයි එකට ලේසියෙන්ම ගැටගැහෙන්නෙ ඒකයි. නැත්තං කොහොමද ඔය දෙක එකට පවතින්නෙ? බලයයි ආගමයි එකට තියෙන්න විදිහක් නෑනෙ.

    රාජ්‍ය වික්ටෝරියානු නීතිය පිලිගත්තම මිනිස්සුත් ඒක පිලිගත්තා. ඉස්කෝලෙ යන්න කියල රාජ්‍ය කිව්වම මිනිස්සු ඉස්කෝලෙ යන්න පටන් ගත්තා. නැත්තං දැනුම ගන්න ඉස්කෝලෙ යන්නම ඕන නෑනෙ. ඒ කාලෙ ගුරුකුල, තිබුනා, චින්තකයො හිටියා, පිරිවෙන් තිබුන. මිනිස්සු දැනුම ගත්තා. හැබැයි අධ්‍යාපනය ඉස්කෝලෙන් දෙන්න කියල රාජ්‍ය නියම කළාම අපි ඉස්කෝලෙ යන්න ඕන. ඉස්කෝලෙ නොයන එක අපරාදයක් වෙනවා. ඉස්කෝලෙ යන එකා උගතා වෙලා නොයන එකා නූගතා වෙනවා. පාර්ලිමේන්තුවෙ අටපාස් කිව්ව‍ට ඇත්තටම උන් නූගත් නෑනෙ. දැන් ජීඑලුයි විමල් වීරවංසයි උගත්කමෙන් ලොකු වෙනසක් තියෙනවා කිව්වට මොකද්ද දැන් තියෙන ඇත්ත වෙනස?
    රාජ්‍ය කියල තියෙනවනෙ ලිංගිකව හැසිරෙන්න ඕන මෙහෙමයි කියල. ඉතින් සීයට අනූවක් හිතන්නෙ ඒක තමයි විදිහ කියල. ඒ සීයට අනූවම දන්නවා ඒ විදිහට ඒ වැඩේ කරන්න බෑ කියල. ඉතින් රහසින් විඳිමත්, කුහකකමත් ඇතිවෙනවා. තමන්ට නැති ප්‍රමෝදයක් අනුන් විඳිනකොට ඒකට ගහනවා.

    සීගිරිය වටකරලා මුගලන් තමයි මේක පටන් ගන්නෙ. හැබැයි ලිංගිකත්වය සම්බන්ධ රාජ්‍ය නිල මතයක් ඇතිවෙන්නෙ දඹදෙනි යුගයෙන් පස්සෙ තමයි. දඹදෙනි යුගයෙන් පස්සෙ සැබෑ බුදුදහම නැතිවෙලා යනවා. දැන් මේ සිංහල කියන්නෙ අපිට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් එකක් නෙමෙයිනෙ. තව අවුරුදු පනහකින් සිංහලකම කියල එකක් හොයාගන්නවත් බෑ. දැන් මේ සිංහල කියන්නෙ අර ජාතික ඇඳුම වගේ එකක්නෙ. මේ බන්ඩාරනායකගේ හුටප්පරේට මොන එහෙකටද ජාතික ඇඳුම කියන්නෙ? ලංකාවෙ කැටයමකවත් ඔය මගුල ඇඳපු එකෙක්වත් ඉන්නවද? ඒත් අපි ඕකට ජාතික ඇඳුම කියනවනෙ.

    රාජ්‍ය පවත්වාගෙන යන්න බ්‍රාහ්මන මතය පිලිගන්න වුනා.

    බ්‍රාහ්මන ආගමේ සෙක්ස්වලට සීමා පනවලා තියෙනවා. එක අවධියක් විතරයි සෙක්ස් වෙනුවෙන් වෙන් කරන්නෙ. ඒ කාලෙ විතරයි සෙක්ස් කරන්න ඕන. බ්‍රාහ්මන කියන්නෙ හින්දුදහම නෙමෙයි. ඒක ආර්යයන්ගෙන් ඒ කියන්නෙ යුරෝපෙන් ආපු අය හරහා ඇතිවෙන එකක්. බ්‍රාහ්මන කියන්නෙ ඉන්දියාවට පිටින් එන කට්ටියක්. ඒ ගොල්ලො ඇවිත් ඉන්දියාවෙ තිබුන බහුදේවවාදයට උඩින් මහා බ්‍රහ්මන් කියල කෙනෙක් හදනවා. පීතෘ දෙවියෙක් නිර්මාණය කරනවා. මහා බ්‍රහ්මන් කියල එකෙක් හින්දුදහමෙ හිටියෙ නෑ. මැවුම්කාර දෙවිකෙනෙක් මැව්වා. හින්දුදහමෙ සෙක්ස්වලටත් දෙවි කෙනෙක් හිටියා. ඒකෙ මේ වගේ තහනමක් තිබුනෙ නෑ.

    ඔය බ්‍රහ්මන්ව මවපු බ්‍රාහ්මනයොන්ගෙන් පස්සෙ තමයි අධ්‍යාපනය ආයතනගත වෙන්නෙ, මේ අය තමයි රාජ්‍ය උපදේශකයො වෙන්නෙ. ඊට පස්සෙ කාලෙක මේ හින්දුවාදය බුදුදහම හින්ද චින්තන තලයේ පරාජයට පත්වෙනවා. ආපහු ශංකරාචාර්ය ඇවිල්ලා බුදුහාමුදුරුවන්වත් අවතාරයක් කරලා මේකෙ විශාල පිබිදීමක් ඇති කරනවා.

    බ්‍රාහ්මනයො රාගවිරෝදී වුනේ නෑ. ඒත් ඒ ගොල්ලො ඒක අවධියකට සීමා කළා. ඊට පස්සෙ සෙක්ස් කරනවට දෙවියො කැමති නෑ වගේ එකක් ගෙනාවා.

    ලංකාවෙ වුනත් ගබ්සාවට එහෙම මුලින්ම විරුද්ද වෙන්නෙ හාමුදුරුවො නෙමෙයි. මුලින්ම විරුද්ද වෙන්නෙ කතෝලික සභාව. බිෂොප්ලා. ඒක දෙවියන්ගෙ මැවුම්වාදයට විරුද්දව යන හින්ද. ඊට පස්සෙ තමයි හාමුදුරුවරුත් විරෝදයට සෙට් වෙන්නෙ. හැමදාම පල්ලිය තමයි ගබ්සාවට විරුද්දව දැඩිව ඉන්නෙ. දෙවියන් විසින් මැවූ දෙයක් මිනිසා විසින් නැසිය නොහැකියි කියලනෙ කියන්නෙ. මේක මැවුම්කාර දේව ආභාෂය.


    මතු සම්බන්ධයි.