මගෙ පොඩි කාලෙ ගැන ලියපු chapter එකේ මම කිව්වා, මට මුලින්ම porn video එකක් බලන්න ලැබුනෙ අම්මලගෙ කාමරෙ ලාච්චුවක තිබුන DVD එකකින් කියලා.
ඒ වුනාට ඒ දෙන්නා මුලු ජීවිත කාලෙම කලේ රණ්ඩු වුන එක කියලත් මම කිව්වා.
එහෙනම් මොකටද porn තියන් ඉන්නෙ කාමරේ කියලා එන ප්‍රශ්නයට උත්තරේ මේ chapter එක කියවන් යනකොට ලැබෙයි.

මම හැදුන වැඩුන පරිසරය ගැන, මගේ ජීවිතේ අභ්‍යන්තරයට ඇතුල් වෙන තරමට, sex ගැන මගෙ කියවීම, වැටහීම තේරුම් ගන්න ලේසි වෙයි කියලා මම හිතනවා.

Brown Alice හරහා මම ජීවිතේ කිසි කෙනෙක් එක්ක, මේ තාක් බෙදාහදා ගත්තෙ නැති දේවල් ලියනවා.
ඒ හරහා මට ලොකු සහනයක්, පෙරටත් වඩා මං තුල ආත්ම විශ්වාසයක් ගොඩනැගෙමින් තියෙනවා කියලා මට දැනෙනවා.
මම මාව accept කරන්න, මගේ scars එක්ක පෙමින් බැඳෙන්න පටන් අරන් තියෙනවා.
Brown Alice මම දිගටම, මගේ ජීවිතේ sex තියෙන තාක් ලියයි.

මම කලින් කියලා තියෙනවා වගේ, මම හැදුනෙ සම්ප්‍රදායික පවුලක නෙමෙයි.
අද මම ඒක කියන්නෙ හරිම ආඩම්බරයෙන්.

මට මතක ඇති කාලෙ ඉඳන් අපෙ අම්මාට boyfriends ලා හිටියා, කාලෙන් කාලෙට එක එක අය.
ඒ හැමෝම වගේ තාත්තාගෙ යාලුවෝ.
ඒ අය වෙනදට වඩා ගෙදර එන්න යන්න ගන්නකොට, අම්මා එක්ක එහෙ මෙහෙ යනකොට, මම දන්නවා ඒ තමයි අම්මාගෙ අලුත්ම boyfriend කියලා.
ඒක තමයි අපේ ගෙදර norm එක වුනේ.
කවුරුත් ඒ ගැන කතා කරන්නෙ නැහැ, ඒත් ඒ ගැන හැමෝම දැනුවත්, තාත්තාත් ඇතුලුව.

අම්මා යාලු වෙන අය ගෙදර එනවා යනවා, කනවා බොනවා, තාත්තා එක්කත් ඉතාම සුහදයි.
ඒ යාලුකම් වලට කිසි වෙලාවක ප්‍රශ්නයක් වුනෙ නැති වුනාම, මේක මට ටිකක් තේරුම් ගන්න අමාරු තත්වයක් වුනා.
අම්මට වෙන මිනිස්සු ඉන්නවා නම්, ඒ මිනිස්සු එක්ක තාත්තා මොකටද යාලුකම් පවත්වන්නෙ කියන එකයි මට තිබුන ලොකුම ප්‍රශ්නෙ වුනෙ.

මේ ප්‍රශ්න හැම එකකටම, කොටින්ම මගේ ළමා කාලය පුරාම මට තිබුන ප්‍රශ්න හැම එකකටම වගේ උත්තර මට ලැබුනෙ, අම්මා මට එයාගෙ ජීවිත කතාව ලියලා එවපු ලියුම කියෙව්වට පස්සෙයි.
තාත්තාගෙ පැත්තෙ කතාවත් අමුණගෙන, ඒ ලියුමෙ සඳහන් අනිත් චරිත එක්කත් කතා කරලා, මගේ ළමා කාලයේ අත්දැකීමුත් අරන්, එකින් එකට ගලපගත්තම, අම්මගෙයි තාත්තාගෙයි relationship/ partnership එක ගැන යම්කිසි understanding එකක් මට දැන් තියෙනවා කියලා මම හිතනවා.

මම කිව්වානෙ, අම්මයි තාත්තායි කලේ business කියලා.
ඒක තමයි ඉස්සර කවුරු ඇහුවත් මම දීපු උත්තරේ වුනේ.
Background එකෙන් පේන්න තිබුනු පොඩි පොඩි business තිබුනා, වාහන business, මිනිස්සු රට යවන වැඩ වගේ දේවල්, ඒවත් හරිම edgy.

ඒ හැම දෙයක් අතරින්ම, main source of income වුනේ, මිනිස්සු.
මම ඒක පැහැදිලි කරන්නම්.
ඒ කියන්නෙ, අම්මා යාලු වෙන්නෙ sex වලට විතරක් නෙමෙයි, අවශ්‍යතා සහ උවමනා සපුරගන්න.
එයා හරිම goal oriented චරිතයක්.
එයාට අවශ්‍ය දේ කොයි තාලෙන් හරි කරගන්න ජාතියේ කෙනෙක්.
අම්මා යාලු වුන හැම කෙනාටම තිබුන සමානකම් වුනේ, ඒ හැමෝම, business හරි, හොඳ රස්සාවල් හරි කරන, සල්ලි හොඳට තියෙන, හැබැයි කසාදෙ අවුල් වුන අය.

යාලු වෙන අය හරහා අම්මට කාලෙන් කාලෙට අවශ්‍ය සියලු වියදම් සපුරා ගන්නවා, ඒක තමයි අම්මගෙයි තාත්තාගෙයි business එක වුනේ.
තාත්තාත් දැනුවත්ව, අම්මත් කැමැත්තෙන් හවුලේ කරපු ව්‍යාපාරය.
ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මේ හැමදේම අරගත්ත ක්‍රමය වෙලා තියෙන්නෙ ඒක.
Sexual transaction එකක් කිව්වොත් හරි.
ගෙවීම සිද්ධ වෙන්නෙ sex වලින්.

අම්මා sex වලට කැමති වුනාට, එයාගෙ goal එක orgasm එකක් reach කරන එකට වඩා එහාට ගිය එකක්.
එයාට ඕනෙ වුනේ sex හරහා එයාගෙ life goals reach කරන්න.

තාත්තා කියන පුද්ගලයා ගත්තොත්, එයා ජීවිතේ sex කියන දේ boundaries නැතුව විඳලා, ඒක එක පාරට නැති වුන කෙනෙක්. එයා එතකොට බලන්නෙ, අම්මා හරහා එයාගෙ ආසාවන් යම්කිසි පමණකින් හෝ ඉශ්ට කරගන්න පුලුවන්ද කියන එක.

ඒ විදිහට තමයි, ඒ දෙන්නගෙ cuckold relationship එක පටන් අරගන්නෙ.
තාත්තාට මේක win win situation එකක්.
තමන්ගෙ wife, තමන්ගේම යාලුවෙක් එක්ක sex කරන එකෙන් financial benefits ලැබෙනවා වගේම තමන්ගෙ sexual desire එකත් යම්තාක් දුරකට fulfill වෙන නිසා, තාත්තාට අම්මා යාලු වෙන අය එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න හේතුවක් නැහැ.

ඒ business module එක, අවුරුදු 20ක් පුරාවටමත්, මම මේ කතාව ලියන මොහොතෙත් සිදු වෙමින් පවතින එකක්.
ඉස්සරහාට විස්තරාත්මකව, present story එක මම ලියන්නම්.

එහෙමයි කියලා, දකින දකින කෙනා එක්ක අම්මා යාලු වෙන්න ගියේ නැහැ.
එයාට achieve කරන්න ඕන වුන goals වලට ලං වෙන්න උදව් කරන්න පුලුවන් මට්ටමේ අය එක්ක විතරයි එයා සම්බන්ධකම් ඇති කරගත්තෙ.
Stepping stones විදිහට විතරයි ඒ හැම පිරිමියෙක්වම එයා ආශ්‍රේ කලේ.

එක කාලෙක මට මතකයි, තාත්තා හොර passport දෙකක් හදලා අහුවෙලා, මාස 8කට විතර remand කලා.
මම ගොඩක් පොඩියි මේ සිද්ධිය වෙනකොට.
තාත්තාගෙ යාලුවෙක් තමයි එතකොට වැලිකඩ prison එකේ හිටපු OIC.
අම්මා ඒ මාස 8දි, ඒ uncleව යාලු කරගත්තා.
ඒ හරහා, එයාට අවශ්‍ය වෙලාවල් වලට තාත්තාව බලන්න යන්න එන්න,
කෑම බීම ඕන දෙයක් හිර ගෙදරට අරගෙන යන්න, අනිත් visitors ලා වගේ gate එක ළඟට වෙලා කටු කන්නෙ නැතුව, කෙලින්ම gate එකෙන් ඇතුලට වාහනෙ යන්න පුලුවන් විදිහට vip සැලකිලි පවා හදාගත්තා.

අම්මා sex දිහා බැලුවෙම එයාට අවශ්‍ය දේවල් ළඟා කරගන්න පුලුවන් tool එකක් විදිහට.
එයාව ‘අම්මා’ කියන කණ්නාඩිය ගලවලා දාලා සාමාන්‍යය ගැහැණියක් විදිහට මම read කරන්න පටන් ගත්තම, මට අම්මව හරිම badass විදිහට පේන්න ගත්තා.

අම්මා එයාගෙ අරමුණු වෙනුවෙන්ම සම්බන්ධතා පැවැත්තුවා නම් තාත්තා එක්ක දිගටම හිටියෙ ඇයි කියන එක ප්‍රශ්නයක්. ඒ දෙන්නා කොයිතරම් රණ්ඩු වුනත් ඒ දෙන්නා අතර තිබුණ දෙන්නට දෙන්නා නැතුව ඉන්න බැරි බැඳීමක්. ඒක පොත්පත්වල ආදරේ විදිහට වර්ණනා කරපු බැඳීමක් නෙමෙයි. මට හිතෙනවා සාම්ප්‍රදායික කසාදවල ගෑනු පිරිමින්ට වඩා ඒ දෙන්නගෙ අවංක සම්බන්ධයක් තිබුන කියල. ඒක ඒ දෙන්නටම විශේෂ වුනු එකක්.

අම්මට හැමතිස්සෙම ඕන වුනේ පවුල ආරක්ෂා කරන්න. තාත්තා නැතුව අපිව හදන්න එයාට කොහෙත්ම ඕන වුනේ නෑ. එයාගෙ සෙල්ලක්කාර ජීවිතේ යට වගකීම්සහගත ගැහැණියකුත් හිටියා.

චින්තන අම්මා ගැන එක වෙලාවක refer කලා, ‘wild woman’ කියලා.
මම ඒකට හදවතින්ම එකඟයි.
She is definitely one.

එයා හරිම sexual ගැහැණියක්.
ඕන තැනක කැපිලා පේන, daring චරිතයක්.
පූජනීය, වන්දනීය, අම්මා කියන traditional චරිතෙ මම කවදාවත් අම්මගෙන් දැකලා තිබුනෙ නැහැ.
එයා හැම වෙලාවකම බය නැතුව තමන්ගේ ආසාවල් සපුරගත්ත ගැහැණියක්.
මේ නිර්වචනය, දැන් මට අම්මාව පේන විදිහ.

මෑතක් වෙනකන්ම, මට තිබුනෙ අම්මාව කාටවත්ම relate කරන්න බැරි වුන ප්‍රශ්නයක්.
මට එයාව තේරුම් ගන්න එක හරිම complex දෙයක් වුනා.
අම්මා අත්පත් කරන් හිටපු ඒ liberty එක මට තේරුම් ගන්න අමාරු වුනා.
ඒ නිසා මට අම්මා එක්ක තිබුන සම්බන්ධකම ලේසි එකක් වුනේ නැහැ.

ඇයි මගේ අම්මටත් අනිත් අම්මලා වගේ වෙන්න බැරි කියන එක මට ලොකු ප්‍රශ්නයක් වුනා.
ඒත් දැන් මට ඒ ගැන තියෙන්නෙ පුදුමාකාර සතුටක්.
වෙන අම්මලා වගේ නොවුන එක ගැන මට තියෙන්නෙ ගරුත්වයක්.
සම්ප්‍රදායන් වලට ඒ විදිහට challenge කරපු එක ගැන මට තියෙන්නෙ අම්මා ගැන ආඩම්බරයක්.

එයාට අවශ්‍ය දේ කරගන්න, ඕනම පිරිමියෙක්ව නම්ම ගන්න පුලුවන් seduction art එක අම්මා හොඳට දැනගෙන හිටියා.
ඒ charisma එක අඩු වැඩි විදිහට මටත් තියෙනවා කියලා මම හිමින් හිමින් තේරුම් ගනිමින්, ජීවිතේ ඉස්සරහට යමින් ඉන්නවා.

මම මාව දකින්නෙ, අම්මාගෙ ඒ sexuality එක, ඒ drive එක තියෙන, හැබැයි තාත්තා වගේ එක තැනක කොටු වෙලා ඉන්න අකමැති නිදහස් ආත්මයක් විදිහට.
මට ඕනෙ බැඳීම් මගේ ජීවිතේට සහනයක් සලසන්න.
මගේ අවශ්‍යතාව, හොඳ බැඳීම් පමණමයි.
ඒ හරහා වෙන ලාබ ප්‍රයෝජන ලබන්න මට උවමනාවක් නැහැ.

අම්මා එයාගෙ ජීවිතේ හිටපු හැම පිරිමියෙක් ගැනම වගේ ඒ ලියුමේ ලියලා තියෙනවා.
ඒ හැම පිරිමියෙක් අතරින්ම, එක්කෙනෙක්ව එයාට විශේෂ වෙනවා.
Use කරලා අතඇරලා දාන්න බැරි වෙන, ආදරයක් හටගත්ත සම්බන්ධකමක්.
ඒ කෙනත් තාත්තාගෙ හොඳම යාලුවෙක්.
අපි නම කියමු, හේමන්ත කියලා.

හේමන්ත uncle මුලදි මුලදි ඇවිත් තියෙන්නෙ threesomes වලට.
පස්සෙ පස්සෙ Cuckold කරන්න පටන් අරන් තියෙනවා.
අම්මාට හේමන්ත uncle ගැන feelings ඇති වෙලා තියෙන්නෙ එතකොට.
ඊට පස්සෙ අම්මා, යම්කිසි ආකාරයක serious relationship එකක් හේමන්ත uncle එක්ක පටන් අරගන්නවා.
අවුරුදු 5ක් විතරම, අම්මයි, තාත්තයි, හේමන්ත uncleවුයි ජීවත් වුනේ එක පවුලක් විදිහට.
එක පවුලක් කියන්නෙ, එක ගෙදර හිටියා කියන එක නෙමෙයි, ඒත් අම්මා ගැන එයාටත් අයිතියක් තියෙනවා කියන එක clearly පිට මිනිස්සුන්ට පවා පේන්න තිබුන දෙයක්.

තාත්‍තා accept කරපු, අම්මගෙ අනිත් husband වුනේ, හේමන්ත uncle.
හේමන්ත uncleටත් wife කෙනෙක් හිටියා, හැබැයි separate.
ලොකු දුවලා දෙන්නෙක් හිටියා.
අපිව අරන් අම්මයි, හේමන්ත uncleවුයි, පොඩි කාලෙ trips යනවා එහෙමත් මට හොඳට මතකයි.

ඔය කාලෙ අම්මා pregnant වුනා නංගිත් එක්ක.
ඒ ලියුම හරහයි මට දැනගන්න ලැබුනෙ, නංගි තාත්තාගෙ නෙමෙයි, හේමන්ත uncleගෙ කියලා.
අවුරුදු 20ක් තිස්සෙම, ඒක රහසක් විදිහට තියාගත්තෙ කොහොමද කියලා මට තාමවත් හිතාගන්න බැහැ.
නංගිට ඉස්කෝලේ යන්න, එතනින් පස්සෙ රට ගිහින් ඉගෙනගන්න වියදම් හැමදේමත් නිහඬව හේමන්ත uncle කලා කියලා අම්මා ලියුමෙ ලියලා තිබුනා.

ඒක දැනගත්ත හැටියෙ මම හේමන්ත uncleට අවුරුදු ගානකට පස්සෙ call කලා.
එයාගෙ sex life එක ගැන, අම්මයි තාත්තායි එක්ක එයා ලබපු sex experiences ගැන එයා කතා කලේ හරිම සතුටකින්, තෘප්තියකින්.

හේමන්ත uncle ගැනත්, තාත්තා ගැනත්, මට ඇති වුන පැහැදීම ගැන කියන්න වචන නැහැ.
නංගිගෙ ඇඟේ දුවන්නෙ එයා තාත්තා කියලා හිතන් ඉන්න කෙනාගෙ ලේ නෙමෙයි වුනත්, ඒක ඒ දෙන්නටම අදාල වුනේ නැහැ.
බැඳීම් තියෙන්නෙ හදවතේ කියන එකට වෙන නිදසුන් ඕනෙ නැහැ.

Sex වලදි, ඕනම මිනිස් සම්බන්ධකමදි, අවශ්‍ය වෙන්නෙ ඒ තේරුම් ගැනීමම නෙමෙයිද?
නංගි මේ කිසි දෙයක් අදටත් දන්නෙ නැහැ.
අම්මා, තාත්තා, හේමන්ත uncle, තුන් දෙනාම ඉන්නෙ එයා ඒක කවදාවත්ම දැනගන්න ඕනෙ නැහැ කියන තැන.
ඒත් මම නම් හිතන්නෙ, එයා ඒක ජීවිතේ කවදාම හෝ දවසක දැනගන්න ඕනෙ කියලයි.
එහෙම නැත්නම්, ඒක හේමන්ත uncleටත් කරන ලොකු අසාධාරණයක් වෙනවා.

අම්මා ලියුමෙ නංගි ගැන ලියලා තිබුනේ මේ විදිහට.

‘නංගි කියන්නෙ පුතේ මම වේසකමේ ගිහින් හදාගත්ත ළමයෙක් නෙමෙයි.
ඒ තමයි මගේ ජීවිතේ පොඩි හරි ආදරයක් මට මිනිහෙක්ගෙන් ලැබුනා නම්, අන්න ඒ ආදරේ ප්‍රතිඵලය’

එහෙමනම්, ඒ ආදරේ ප්‍රතිඵලයක් වෙන්න ලැබීම පිනක් කියලා කවදාහරි දවසක නංගිට මම කියන්න ආසයි.
හැම ළමයෙක්ටම ඒ වාසනාව නැහැ, මට තිබුනෙත් නැහැ, නංගි හිතන්නෙ එයාටත් නැහැ කියලා.

ඒත් ඇත්ත කතාව දැනගත්ත දවසක, එයාට සතුටු හිතෙයි, තාත්තාලා එක්කෙනෙක් නෙමෙයි එයාට දෙන්නෙක්ම ඉන්න එක ගැන.
හරියට, Harry Potterට Severus Snape හිටියා වගේ.
Guardian Angel කෙනෙක්.