Author: admin

  • ‘මරණින් මතුත් – මැරිලින් සමග’

    ‘මරණින් මතුත් – මැරිලින් සමග’

    ඔහු වීරයෙකි. හැඟුම් විහඟුන් තටු ගසා ඉගිලෙන අඩ අඳුරු නිදන කාමරයේ සැඟවී තිබූ ‘නිරුවතේ ලාලිත්‍යය’ සාහිත්‍යයක් පත් කළ නිසාම, මේ ලෝකය තුළ ඔහු එක්තරා වීරයෙකි. ඔහු ලිංගිකත්වයේ කුහක බැමි ලිහා දමා එයින් විවෘත වෙළඳපොළ තුළ බලපෑම් සහගත නිදහස් සංස්කෘතියක් නිර්මාණය කළේය.

    වයස අවුරුදු 91 දී මියගිය ‘ප්ලේබෝයි’ නිර්මාතෘ හියු හෙෆ්නර්, ලෝකයේ එදා මෙදාතුර බිහිවූ සරාගීම ගැහැනිය ලෙස සැලකෙන අති සුරූපී මැරිලින් මොන්රෝ අසලින් සැතපෙන්නට සූදානමින් සිටියි. ‘අනංග සීයා’ නමින් විරුදාවලි ලබාසිටි හියු හෙෆ්නර්ගේ මරණයටත් වඩා මේ වන විට පුවත් මවමින් තිබෙන්නේ ඩොලර් හැත්තෑපන් දහසක් ක් කලින් ම ගෙවා, එනම් 1992 වසරේ පටන් හියු හෙෆ්නර් විසින් සැලසුම් කර තිබූ මේ අවසන් යහන්ගත වීමයි.

    තම ජීවිත කාලයෙන් වැඩි කොටස ඔහු ගත කළේ ලෝකයේ සරාගීම සුරූපිනියන් පිරිවරාගෙන ප්ලේබෝයි මන්දිරයේ බඹරෙකු විලසිනි. ඇමරිකානු සංස්කෘතිය තුළ ‘ප්ලේබෝයි මන්දිරය’ (Playboy Mansion) යන්න ‘සුඛපරමවාදය’ හෙවත් ‘ආස්වාදවාදයට’ සමාන වචනයක් විය.

    වාර්තාවලට අනුව හියු හෙෆ්නර් විසින් මෙම ‘යහන’ වෙන් කර ගෙන තිබෙන්නේ 1992 වසරේදී ය. මැරිලින් මොන්රෝ සුරූපිනිය මිය ගියේ 1962 වර්ෂයේ ය. කෙසේ නමුත් හියු හෙෆ්නර්ට මොන්රෝ අසලින් ම සැතපෙන්නට විශේෂ හේතුවක් තිබේද? ඔව්. එය එසේ ය. එදා 1953 වසරේදී ඔහු ප්ලේබෝයි මන්දිරය නිර්මාණය කරන්නේ ප්ලේබෝයි සඟරාවේ ආගමනයට සමාන්තරව ය. ඒ පළමු ප්ලේබෝයි සඟරාවේ කවරය සැරසුණේ සුරූපී සරාගිනිය මැරිලින් මොන්රෝගේ රුවෙනි. ප්ලේබෝයි සඟරාවේ තේමාව එහි කවරයේ සඳහන් වෙයි. ‘පිරිමින්ගේ සතුට සඳහා..” කවරයේ තවත් තැනෙක දැක්වෙන්නේ පළමු වතාවට මැරිලින් මොන්රෝ, සඟරාවකට ලබාදෙන නග්න ඡායාරූපවලින් ඇතුල් පිටු සමන්විත වන බවයි.

    ‘ඇතුල් පිටු’?.. ඔව්. ඔහුගේ කතාව කියවා ගත යුත්තේ එතැනිනි. ප්ලේබෝයි කෙනෙක් වශයෙන් හෙෆ්නර්ට හෙන සදාචාරයක් තිබිණි.

    ඉතා සරලව කියන්නේ නම් ඔහු කිසිදා ‘ගෙඩි පිටින් සංසර්ගය’ මාකට් කළේ නැත. ඔහු පහන් නිවා දැමූ නිදන කාමරයක ඇති හැකි ආත්මාර්ථකාමීන් විසින් රහසින් තලු මැරූ ස්ත්‍රී රූපය, සෞන්දර්යාත්මක ලෙසින් ආලින්දයට කැන්දාගෙන ආවේය. කාම සිත්වලට විවෘත වෙළඳපොළක් නිර්මාණය කර දුන්නේය. නමුත් සඟරා නිර්මාණකරුවෙක් වශයෙන් හියු හෙෆ්නර් ලංකාවේ බසින් කියනවා නම් පිටකොටුවේ යට ගසා විකුණන සකලවිධ ‘වැල’ සඟරා සහ පුවත්පත්වලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටියේය. අද ද එය එසේය.

    හියු හෙෆ්නර් ප්ලේබෝයි සඟරාව පටන් ගන්නා අවධියේ, එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසු 50 දශකයේ ඇමරිකාවේ පැවතියේ අද ලංකාවේ පවතින පසුගාමී කුහක සුචරිතයට නොදෙවෙනි තත්වයකි. ඒ කාලයේ සරසවි සිසුවියක් ගැබ් ගැනීම, සිය දිවි හානි කර ගැනීම සඳහා බලකරන සමාජ බලපත්‍රයක් විය. ගබ්සාව නීතිගත වී නොතිබිණි. ලිංගික අපවාද හොර රහසේ තළු මරමින් සංසරණය වෙමින් තිබිණි. විවාහය තුළ පවා මුඛ ලිංගික සංසර්ගයේ යෙදීම නීතිවිරෝධී විය!

    නමුත් හියු හෙෆ්නර්ගේ ප්ලේබෝයි ආගමනයෙන් පසු 60 සහ 70 දශකවල ඇමරිකානු සංස්කෘතිය අති ධාවනකාරී අන්දමින් විපර්යාසයකට බඳුන් විය. ඇමරිකානු ඩොලර් මිලියන 20 ක මූලික වටිනාකමකින් යුක්ත වූ ප්ලේබෝයි අධිරාජ්‍යය ගොඩනගන විට හියු හෙෆ්නර්ගේ වයස අවුරුදු 27 කි. ඒ වන විට ඔහු ලෝකයට අවශ්‍ය භෞතික සැප සම්පත් පිළිබඳ මනා සංජානනයකින් පසු වූ තරුණයෙක් විය. සංගීතයෙන් සහ ගෘංගාර රසයෙන් පිරුණු 30 දශකයේ ඇමරිකානු චිත්‍රපටවලට ඔහු රාගාන්විත ලෙස ආදරය කරමින් සිටියේය. සැබවින්ම හියු හෙෆ්නර් කළේ තම ෆැන්ටසිය යථාර්ථයක් බවට පත් කර ගැනීමයි. එහිදී ඔහු කිසිවිටෙක පරාජිතයෙක් වූයේ නැත. ඒ මන්ද? ‘පිරිමි ලෝකයේ බහුතරයේ සතුට’ යනු කුමක්දැයි ඔහු හොඳින් අවබෝධ කරගෙන සිටි නිසා ය. එය කලාත්මක හෝ සෞන්දර්යාත්මක ලෙසින් විදාරණය කරන ආකාරය පිළිබඳ ඔහුට සාර්ථක ‘මාකටින් ප්ලෑන්’ එකක් තිබූ නිසා ය. ඒ අනුව ඔහු හොඳ විෂනරි කෙනෙක් වූ නිසා ය. අදටත් කෙසෙල් ගෙඩි සහ මැද්දෙන් ක්‍රීම් වැක්කෙරෙන සොසේජස් පෙන්වමින් ලිංගිකත්වය ගොන් පාට් එකෙන් මාකට් කරන්නට තැත් කරන ඉරාජ් වැනි ලංකාවේ මෝඩ පහේ තරුණයන්ට හියු හෙෆ්නර් අසලින් දණගසාගෙනවත් හිටගන්නට බැරි ඒ නිසා ය.

    2008 වසරේදී නිව්යෝක් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් (මෙය හියු හෙෆ්නර්ගේ අවසන් මාධ්‍ය හමුව ලෙස සැලකෙයි) ඔහු මෙසේ කීවේය. “මට ප්ලේබෝයි කියන්නෙ බිස්නස් එකක් විතරක් නෙවෙයි. ප්ලේබෝයි කියන්නෙ මගේ ප්‍රේමයේ ආයාසයයි. (It’s the labour of Love!) ඒ ආයාසයට ප්‍රේම කරන්නේ නැතිනම් ඔබ මෝඩයෙක්”!!

    ජීවන ලලාසාවට පෙම් බඳින්නේ කෙසේදැයි ඔහු මැනවින් දැන සිටියේය. ගැහැනු සිරුර සයුරක් සේ විඳින අයුරු මේ පිරිමියා දැන සිටියේය.

    මැරිලින් මොන්රෝ අසලින් සැතපෙන්නට ඔහු ගෙන තිබූ තීරණය ප්‍රකට වීමත් සමග දැන් ඉතින් සුචරිතවාදී ඊනියා ස්ත්‍රීවාදීහු කුපිත වී සිටිති. ඔවුන්ට අනුව හියු හෙෆ්නර් මේ ලෝකයේ සිටින ලොකුම කාම අපරාධකරුවා ය. හියු සමුගත් දිනයේ බීබීසී පුවත් සේවයේ ‘නිව්ස් නයිට්“ වැඩසටහන වෙත කැඳවූ හියුගේ ජීවිත කතාව සහ චිත්‍රපට තිර පිටපත ලියූ බ්‍රිජට් බර්මන් අවධාරණයෙන් කියා සිටියේ හියු කිසිවිටෙක Pornographer කෙනෙකු නොවූ බව ය. ඊට වඩා බෙහෙවින් ඔහු සිවිල් අයිතිවාසිකම් සහ මානව නිදහස අගය කළ ‘සෙක්ෂුවල් ලිබරේටර්“ කෙනෙකු බව ය. ඒ සාකච්ඡාවටම සජීවී ලෙස අදහස් ඉදිරිපත් කරන ටිපිකල් ස්ත්‍රීවාදිනියක වන නයෝමි වුල්ෆ් මේ සඳහනින් කෝප වන්නීය. ඇය එහිදී ගෙන එන එක් තර්කයක් වන්නේ ලිබරල් ධනවාදය තුළ හියු විසින් ස්ත්‍රිය තවදුරටත් ලිංගික භාණ්ඩයක් බවට පත් කිරීම සහ ලිංගික සූරාකෑමකට ඇය ලක්කිරීමයි. මේ විවාදය කොතරම් උණුසුම් වේ ද යත් නයෝමි වුල්ෆ් අතරමගදී “මට මේ සාකච්ඡාවට තවත් එකතු වෙන්න උවමනා නෑ.. සොරි..” යනුවෙන් පවසමින් ඉයර්ෆෝන් ගළවා දමා තිරයෙන් බැහැර වන්නීය.

    ප්‍රාග්ධනය විසින් නිර්මාණය කළ ශ්‍රම වෙළඳපොළ තුළ ශ්‍රමය සූරාකෑම සහ ලිංගික සූරාකෑම යන දෙකම නොවැළැක්විය හැකි සාධකයන් ය. ලිංගික සූරාකෑම තුළ සිදුවන්නේ ද ධනවාදය තවදුරටත් ස්ථාපිත වීමයි. එසේ නම් ප්ලේබෝයි නිර්මාතෘ විසින් සිදුකර තිබෙන්නේ අලුත් අපරාධයක් නොවේ. නමුත් ඔහු ඉතා සුමට අයුරින් ප්‍රාග්ධන වෙළඳපොළ තුළ ලිංගිකත්වය සම්බන්ධයෙන් නව මානයක් නිර්මාණය කළේය. ඒ ගැන කිසිදු තර්කයක් නැත.

    මෝඩ ගෑනුන්ගේ බුල්ඩෝසර් කතා මදකට පසෙකින් තැබුවහොත් හියු හෙෆ්නර්ගේ ලෝකයේ විසල් චිත්‍රය ඔබ ඉදිරියේ දිස්වනු ඇත. ඔහු සැබවින්ම කළේ Art of Nudity හෙවත් නග්නත්වයේ කලාව (නිරුවත් කලාව)ට කැමරාව හයි කිරීමයි. කාමසූත්‍රය ලියූ වාත්ස්‍යාන කීවේ රතිය, කෙළියක් (ක්‍රීඩාවක්) බව ය. නමුත් හියු, රති කෙළිය සඟරාවක් බවට පත් කරන විට වාත්ස්‍යානටත් වඩා සංයමයකින් එය කළේය. එතැනදී සම්භෝගයේ ඉරියව් එකසිය ගණනක් සිතියම් ගතකරන වාත්ස්‍යාන තරම්වත් ඔහු දුර නොගියේය. ඒ වෙනුවට ලොව පුරා ශතවර්ෂ ගණනාවක් තිස්සේ විවිධ ශිෂ්ටාචාරයන් විසින් රහසේ රස විඳි නග්නත්වයේ කලාව, අපවාද මැදින් සුගම ලෙස සමාජගත කළේය. ඉතිහාසය තුළ සංයමයෙන් සක්මන් කළේය. එනිසාම කාමසූත්‍ර සමග වාත්ස්‍යානගේ නම බැඳී තිබෙන්නේ යම් සේ ද, ප්ලේබෝයි සංස්කෘතිය සමග හියුගේ නම ඊටත් වඩා නෑකමකින් බැඳී තිබේ. එනිසා ඔහුව හැඳින්විය හැක්කේ, Pornography සහ Art of Nudity අතර වෙනස රචනා කළ ‘‘ප්‍රාග්ධනයේ මිනිසෙකු“ ලෙස ය.

    හියු හෙෆ්නර් සිය මුල්ම රැකියාව වශයෙන් තෝරාගෙන තිබෙන්නේ ඇමරිකානු හමුදාවේ ලේඛකයෙකු වශයෙන් කටයුතු කිරීමයි. ඔහුට තිබෙන්නේ මනෝවිද්‍යා උපාධියකි. පසුව චිකාගෝ නුවර එස්ක්වයර් මැගසිනයේ ප්‍රවර්ධන නිලධාරියෙකු වශයෙන් කටයුතු කළේය. ළමා සඟරාවක බෙදාහැරීමේ කළමනාකරු වශයෙන් ද කටයුතු කළේය. පළමු ප්ලේබෝයි සඟරාව බිහිකරන විට ඔහු හැදී වැඩුණු චිකාගෝ නුවර පැවතියේ, මැරිලින් මොන්රෝ පිළිබඳ පුවත් අසන්නට තැපැල් කන්තෝරු සහ තැබෑරුම් අසල ජනයා පොරකමින් සිටි තත්වයකි. සියල්ලන්ටම ඇයව විඳින්නට අවශ්‍ය වී තිබිණි. නමුත් කිසිවෙක් හරිහැටි ඇයව දැක තිබුණේ නැත. “මේක මෙහෙම වෙන්න ඕනෙ නෑ.” යැයි එදා තමන් සිතූ බව හියු හෙෆ්නර් පසුව කියයි. ඔහු පළමු සඟරාව මුද්‍රණය කිරීම සඳහා ඩොලර් 8000 ක් ණයට ගත්තේය. අවසානයේ මැරිලින්ගේ කවරයෙන් සැරසුණු ප්‍රථම ප්ලේබෝයි සඟරාවේ පිටපත් 50,000 ක් ඉතා ලෙහෙසියෙන්ම අලෙවි කළේය. මැරිලින් මොන්රෝ පසුව මේ ගැන කීවේ කුමක්ද? ඇය විසින්ම පසුකලෙකදී ඒ පිළිබඳ කරන ප්‍රකාශවලට අනුව මැරිලින්, ප්‍රථම ප්ලේබෝයි සඟරාවේ කවරය සරසන්නේ ඇයට ඒ වන විට රංගනයෙන් ලැබෙන ආදායම අඩු වී තිබූ නිසා ය. මොඩ්ලින් ගාස්තුව වශයෙන් හියු හෙෆ්නර් ඩොලර් 50 ක් ඇයට ගෙව්වේය. සිය ස්වයං චරිතාපදානය වන Marilyn: Her Life in Her Own Words හි මැරිලීන් මෙසේ ලියන්නීය. “නිරුවත් මැරිලින් ගේ ඡායාරූපවලින් මිලියන ගණන් මුදල් උපයාගත් අය කිසිවිටෙක මට ‘ස්තූතියි’ යනුවෙන්වත් කියා නැත. මා පෙනී සිටි කවරය දැකබලා ගැනීම සඳහා මට ද සඟරාවක් මිලදී ගන්නට සිදුවිය.” නමුත් මේ කවරයෙන් පසුව මැරිලීන්ට රංගන අවස්ථා ගලා ආවේය. ඇය අවසානයේ නතර වුණේ එවකට ප්‍රබල දේශපාලනඥයෙකු වූ සහ අනාගත නායකයෙකු වූ ජෝන් එෆ් කෙනඩිගේ තුරුලේ ය. 1993 වසරේ කවරය සැරසූ ‘ප්ලේමේට්’ ඇනා නිකොල් ස්මිත්, එම නිරූපණයෙන් අනතුරුව එක රැයින් තරුවක් බවට පත්වූ අතර, එවකට 26 හැවිරිදි වූ ඈ, 89 හැවිරිදි ධන කුවේරයෙකු සහ ඛනිජ තෙල් ව්‍යාපාරිකයෙකු වූ ජේ. හොවාඩ් මාෂල් සමග එයින් වසරකට පසු අතිනත ගත්තාය. සුරූපී මැඩෝනාගේ රුවින් 1985 සැප්තැම්බර් ප්ලේබෝයි සඟරාවේ කවරය සැරසීමෙන් අනතුරුව ඇය එක රැයින් තරුවක් බවට පත්විය. 2016 වසරේදී හියු නිවේදනය කර සිටියේ මින් ඉදිරියට කිසිදු පූර්ණ නග්න රූපයක් ප්ලේබෝයි සඟරාවල පළ නොකරන බවය. 2000 වසර වන විට කේට් මොස් වැනි ලෝකයේ අංක එකේ නිරූපණ ශිල්පිනියන්, ප්ලේබෝයි සඟරාවේ කවරයට පෙනී සිටීම සිය වෘත්තීය ජීවිතයට ඉණිමගක් සහ ගෞරවයක් සේ සලකන්නට පටන් ගත්හ.

    “මට කිසිදාක සෙක්ස් මැගසින් එකක් කරන්න උවමනා වුණේ නැහැ.” හියු හෙෆ්නර් පසුව කියයි. “මම හැමවිටම සිතුවේ ලිංගිකත්වය වැදගත් අමුද්‍රව්‍යයක් වශයෙන් යොදාගත් ලයිෆ්ස්ටයිල් සඟරාවක් නි්රමාණය කරන්නයි” ඔහු තම ජීවන ලලාසාව ‘ජීවන විලාසයක්’ (ලයිෆ් ස්ටයිල් එකක්) බවට පත් කර සමාජ ගත කරමින් සිටියේය.

    මෙයට සමාන්තරව ලොව පුරා ප්ලේබෝයි සමාජ ශාලා බිහිවිය. කායික සතුට වෙනුවෙන් නිර්මාණය වූ වීදි, විසල් හුදෙකලා නගර අතික්‍රමණය කළේය. 1966 වසරේ එංගලන්තයේ ප්ලේබෝයි ලන්ඩන් ක්ලබ් විවෘත කෙරුණේය. එය පළමු අන්තර්ජාතික ප්ලේබෝයි රජදහන විය. 60 සහ 70 දශකයේ එහි දැකගත හැකි වූ ලෝ ප්‍රකට මුහුණු අතර සුපිරි ජේම්ස් බොන්ඩ් නළු ෂෝන් කොනරි, ජෝන් කොලින්ස්, රොජර් මුවර්, වූඩි ඇලන්, ප්‍රකට ලේඛිකා කෙනත් ටයිනන් යනාදීහු වූහ. ඒ වන විට ලන්ඩනය අත්දකිමින් සිටි සමාජ නිදහස දළු ළමින් වැඩෙන්නට හියු හෙෆ්නර්ගේ සංස්කෘතිය තෝතැන්නක්ම විය. 1981 වසරේදී එංගලන්තය කැසිනෝ සඳහා නව නීති ගෙන ඒමත් සමග ඒ ව්‍යාපාරය යම් පසුබෑමකට ලක්වුවද අද පවා ප්ලේබෝයි ක්ලබ්ස්, ලන්ඩන් ඉතිහාසයේ සන්ධිස්ථානයකි. පාක් ලේන් හි පිහිටි එම සමාජ ශාලාව අද වන විට සුවිසල් හෝටලයකි. 2011 වසරේදී හියු පාක් ලේන් වෙනුවට මේෆෙයර් ප්‍රදේශය තෝරාගනිමින් නැවත පණ ගසා එයි. එහි සේවය සඳහා සුරූපී තරුණියන් හෙවත් ‘බනීස්’ලා 80 දෙනෙක් සමග සේවකයන් 850 දෙනෙක් බඳවා ගනියි. සුපිරි ඉංග්‍රීසි ගායක එල්ටන් ජෝන්ගේ දීර්ඝ කාලීන සහකරු සහ පෙම්වතා වන ඩේවිඩ් ෆර්නිෂ් ද ඒ අතර වෙයි. ඔවුන් මුලින්ම හමුවන්නේ ද එහිදී ය.

    පසුකලෙක හියු හෙෆ්නර් සමලිංගික විවාහ වෙනුවෙන් කතා කරන්නෙක් සහ පෙනී සිටින්නෙක් බවට ද පත්විය. ඒ ගැන ඔහු කීවේ මෙසේ ය. “එය අපේ සියලු අයිතිවාසිකම් වෙනුවෙන් කරන සටනක්..” හියුගේ සඟරාවේ මාතෘකා පුළුල් පරාසයක විහිදුණේය. එය ලිබරල් මත්ද්‍රව්‍ය නීති, ගබ්සා අයිතිය මෙන්ම සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද කතා කළේය. ඔහු මාටින් ලූතර් කිංගේ අයිතිවාසිකම් ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙන්ම මාටින් ලූතර්ගේ හොඳ මිතුරෙකු ද විය. ජෙසී ජැක්සන් ද ඔහුගේ මිතුරු ලැයිස්තුවේ සිටියේය. මාටින් ලුතර් කිං ඝාතනයට ලක්වන්නට පෙර ලියූ අවසන් ලිපිය පළ වුයේ ද ප්ලේබෝයි සඟරාවේ ය. හියු විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට කළු ජාතික සුරූපිනියන් සඳහා වෙළඳපොළක් නිර්මාණය කර දුන්නේය. මේ නිසා සෙක්ස් ඉල්ලන ටිපිකල් සුදු පිරිමියා විටෙක ස්නේහයෙන් වැළඳගන්නේ එතෙක් කල් පිළිකෙව් ඇසින් බැලූ, කළු සම ඇති ආදරියකි. හියුගේ දේශපාලනික නිලය අල්ලා ගැනීමට මෙයම ප්‍රමාණවත් ය.

    70 දශකය මුල භාගය වන විට ප්ලේබෝයි සඟරාව ලොව පුරා පිටපත් මිලියන 7කට වඩා අලෙවි වී තිබුණේය. ඒ කාලයේ සිදුකෙරුණු එක් සමීක්ෂණයකින් හෙළි වූයේ ඇමරිකානු කොලීජි ශිෂ්‍යයන්ගෙන් හතරෙන් එකක්ම පුරුද්දක් වශයෙන් ප්ලේබෝයි සඟරාව මිලදී ගන්නා බවයි.

    ප්ලේබෝයි සඟරාවට ලිපි සැපයූවන් අතර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සහ රෝලන්ඩ් ඩාල් වැනි සුප්‍රසිද්ධ සහ සම්මානීය ලේඛකයන් ද සිටි බව ඔබ දන්නවාද? ළමා ප්‍රබන්ධකරුවෙක් වශයෙන් අසිරිමත් නමක් දිනා සිටි රෝල් ඩාල් 1965-1974 අතර කාලයේදී අඳුරු ෆැන්ටසි සපිරි කතා මාලා 4 ක් ප්ලේබෝයි සඟරාවට තමන්ගේ නමින්ම ලියුවේය. ඒවා 1974 වසරේදී Switch Bitch නමින් පොතක් වශයෙන් ද පළ කෙරුණේය. ප්ලේබෝයි හි ලේඛක ලැයිස්තුව ඉතා දිගුය. එහි සඳහන් ලෝක ප්‍රකට නාමයන් අතර ජැක් කෙරෝක්, ඉයන් ෆ්ලෙමිං ආදීහු ද වෙති. සුපිරි ජේම්ස් බොන්ඩ් රචක ඉයන් ෆ්ලෙමිං On Her Majesty’s Secret Service නමැති ප්‍රකට ජේම්ස් බොන්ඩ් කතාව කොටස් වශයෙන් පළ කළේ ප්ලේබෝයි සඟරාවේ ය. එනමින් යුත් චිත්‍රපටය එළි දකින්නේ එයට සය වසරකට පසු ය. ලොලිතා ලියූ ව්ලැදිමීර් නැබකොව් ප්ලේබෝයි සඟරාවේ සම්පූර්ණ නවකතා දෙකක්ම කොටස් වශයෙන් පළ කළේය. ගේබ්‍රියෙල් ගාෂියා මාකේස් නිතර ප්ලේබෝයි වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදුණු අයෙකි. මායාවී මළකඳක අබිරහස සොයාගනු වස් කියන කුඩා දකුණු ඇමරිකානු ධිවර ගම්මානයක කතාව රැගත් The Handsomest Drowned Man in the World ඔහු පළ කළේ 1968 වසරේ පළ වූ ප්ලේබෝයි සඟරාවල ය. ශ්‍රී ලාංකිකයන් සදා ආඩම්බර වන ශ්‍රීමත් ආතර් සී ක්ලාක් එවකට යාවජීව ප්ලේබෝයි සම්මාදම්කරුවෙක් විය. මේ සුපිරි විද්‍යා ප්‍රබන්ධකරුවාගේ Dial F For Frankenstein කතාව වෙනුවෙන් හියු හෙෆ්නර් නොමසුරුව ප්ලේබෝයි සඟරාවේ ඉඩ වෙන් කළේය.

    ප්ලේබෝයි සඟරාවේ පස්වන සංවත්සරය වන විට එහි ප්‍රින්ට් ඕඩරය හෙවත් මුද්‍රණ ඇණවුම, මසකට පිටපත් දස ලක්ෂයක් හෙවත් මිලියනයක් විය. හියු හෙෆ්නර් ඒ පුරවමින් සිටියේ රික්තකයකි. ඒ රික්තකය තුළ ඔහු ‘පණ පිටින් දිව්‍ය ලෝකයට යාම’ ඔහුගේ ආයාසයේ ප්‍රතිඵලයකි. දශක හයක් තිස්සේ ඒ දිව්‍ය ලෝකය නඩත්තු කර ගැනීමට සමත් වීම හෙවත් ‘එක්ස්පයර් නොවීම’ හෙවත් ‘කල් ඉකුත් නොවීම’ ඔහුගේ පෙර දැක්මේ ප්‍රතිඵලයකි.

    ඔහු මෙසේ කියා ඇත.

    “මා ව්‍යාපාරිකයෙකු නොව සෙල්ලක්කාර දාර්ශනිකයෙකි. එය ඇමරිකානු සිහිනයයි… ලිංගික මර්දනය සහ ආඥාදායකත්වය එක්ව ගමන් කරන දේ ය. ලිංගික විප්ලවයේ එක් අරමුණක් වන්නේ ලිංගිකත්වයට තාර්කිකත්වය ගෙන ඒමයි.. මේ ලෝකය ශිෂ්ට සම්පන්න කරන ප්‍රධානතම බලවේගය ලිංගිකත්වය මිස ආගම නොවේ… අනුන්ගේ සිහිනයක ජීවත් වීමට තරම් ජීවිතය කෙටි වැඩි ය…!!!”


    ක්‍රිෂාන්ති රාජපක්ෂ

  • මිහිරි ආදරය හලාහල විසක් කර නොගන්නට

    මිහිරි ආදරය හලාහල විසක් කර නොගන්නට

    “…මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නෙ ආදරය කියන්නෙ හෙනම හෙන ගුප්ත, රොමෑන්ටික්, ෆට්ටන්දර විකසිත සීන් එකක් නෙමෙයි.

    සාර්ථක ප්‍රේමයක් කියන්නෙ අනිවාර්යයෙන්ම මිත්‍රත්වයේ දිගුවක්. අපි යාළුවන්ට හැම දේම කියනවා. නමුත් පෙම්වතුන් හෝ පෙම්වතියන්ගෙන් බොහෝ දේ සඟවනවා. මේක පට්ටම කුජීත වැඩක් මම හිතන්නෙ.

    පෙම්වතුන් අතර මිතුරන් අතර ඇති තරමේවත් මානසික බැඳීමක් නැත්තම් දෙන්නම නොදන්නව වුණාට ඒ සබඳතාවය යන්නෙ හෙනම අවුල් ට්‍රැක් එකක.

    මේ නිසා මෙම ප්‍රශ්නය අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන් සමග ක්‍රියා කරන හැටි ඇසුරෙන් විග්‍රහ කරන්ඩ පුළුවන් මම හිතන්නෙ.

    අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන්ට නීති දානව ද? දාන අවස්ථා අතළොස්සක් තියෙන්ඩ පුළුවන්, නමුත් බොහෝ විට මිතුරන්ගේ මූලික ස්වරූපයන් වෙනස් කිරීමට බලපාන නීති දැමීමක් සිදු වන්නෙ නෑ.

    මගේ හොඳම මිතුරිය මට කිව්වොත් “හැම මාසෙම පන්සල් පලයන්” කියල මම අනිවා කියන්නෙ “උඹ පන්සල රෝල් කරල ඔබාගනින් ____” කියල..

    ඒක අහලා ඇයට අවශ්‍ය නම් “මේ යාළුකම හරි යන්නෙ නෑ” කියල අත ඇරල දැම්මැහැකි. එහෙමත් නැතිනම් “මූ පන්සල් නොගියට හොඳ එකා” කියලා යාළුකම පවත්වාගත හැකි.

    යාළුවන් සම්බන්ධයෙන් අප මේ තීරණ දෙකම ගන්නා විවිධ අවස්ථා තියෙනවා.. මේ අනුව පෙනෙන්නේ අප යාළුවන් තෝරා ගැනීමේ දී එක්කෝ සමාජයීය, මතවාදීමය හෝ වෙනත් ආකාරයේ සමානතාවයන් දැක ආසක්ත වෙනවා. සමාන නැති උන් එක්ක යාළු වෙන්නෙ නෑ.

    එහෙමත් නැතිනම් ඒවා සම්බන්ධ වෙනස්කම් තිබියදීත් පුද්ගලික ගති ලක්ෂණ හෝ වෙනත් හේතූන් නිසා ආසක්ත වී අර වෙනස්කම් ඉවසනවා. මේ විදි දෙකෙන් කොයි එක හරි ද කියලා අපිට තීරණය කරන්ඩ බෑ. මේ සම්බන්ධව එක එක්කෙනාගේ ආකල්ප විවිධයි. නමුත් එබඳු වෙනස්කම් තිබියදී මිතුරු වී පසුව එම වෙනස්කම් දුරු කර ගැනීම සඳහා නීති දැමීම හෝ බලපෑම් කිරීම නම් අමුම කුජීතයි.

    එකම දේ එලෙස බලපෑම් කරන තුරු එම යාළුකම් පැවතීමට තියෙන ඉඩ අඩුයි, මොකද මේ ලෝකයේ කවුරුවත් කාවවත් පාලනය කිරීම සාර්ථක නැති නිසා. එල්සේම එබඳු අවස්ථා වලදී විකල්ප යාළුවන් බොහෝ විට සිටින නිසා.

    දැන් අපි බලන්ඩ ඕනෙ ප්ලේටොනික් සහ රොමෑන්ටික් සම්බන්ධතා අතර මහලොකු වෙනසක් තියෙනවද කියලා?

    යම් වෙනස්කම් කිහිපයක් තියෙනවා. එකක් නම් ප්‍රේම සබඳතා වල සාමාන්‍ය යාළුකමකට වඩා මනෝමය සමීපතාවක් තිබීම. සාමාන්‍ය මිතු දමක වගේම නොගැලපෙනව නම් දමා ගසා යාමට හැකි වුවත් මෙහිදී එකිනෙකා අනෙකා තුළ කර ඇති මානසික ආයෝජනය වැඩි නිසා වෙන්ව යාමෙන් ඇති වන මානසික ගැටළු වැඩියි.

    අනෙක් එක තමා දෙදෙනෙක් පෙම්වතුන් වූ වහාම සමාජ පෙළඹවීම වන්නේ හැකි ඉක්මනින් විවාහ වී දරුවන් සාදා මේන්ස්ට්‍රීම් එකේ ගමන් කිරීමටයි.

    ඊට පෙර ඔවුන් වෙන් වී, වෙනත් අය සමග එක් වී, නැවත වෙන් වී, ආදී වශයෙන් සිදු වීම අප සමාජය ලොව වෙනත් විවෘත සමාජ එක්ක බලද්දි ඉවසන්නෙ අඩුවෙන්. මේ නිසා බිඳී යාමකින් යම් සමාජ පීඩනයක් ද එල්ල වෙනවා. මෙලෙස බිඳී ගියහොත් ඇති වන පීඩනය නිසා අකමැත්තෙන්, අසතුටෙන්, යටහත්කමින් ඉන්න පෙම්වතුන් හා පෙම්වතියන් අප දැක තිබෙනවා.

    මගේ විශ්වාසය නම් එය ජාතික අපරාධයක් බවයි”


    “…. බුද්ධික තාඹුගල කියන්නට තියෙන දෙයින් සෑහෙන කොටසක් කියල ඔහු නවත්තපු තැනින් කන්ටිනියු කරන්නම්.

    ..ආදරය කරද්දි මං හිතන විදියට එකිනෙකාගේ අනන්‍යතා සහ පෞරෂයන් තේරුම් ගන්න එක වැදගත්.

    ඒ පුද්ගලයාව ඒ පුද්ගලයා විදියට භාර අරගෙන ඉන් එහාට තමයි මේ ආදරය කියන ගනුදෙනුව සිද්ධ වෙන්න ඕන.

    නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ අපි අපේ සහකරුවාගේ/කාරියගේ අනන්‍යතාව කපලා කොටලා ඔවුන්ගේ ආසාවල් වලට කෙළවල දාලා, ඔවුන්ගේ බලාපොරොත්තු අපිට ඕන විදියට වෙනස් කරල, ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය විනාශ කරල, අපිට ඕන විදියට අපි කැමති ආකාරයේ අනන්‍යතාවයක් ඔවුන් තුළින් නිර්මාණය කරගන්න දඟලන එක.

    කොටින්ම අපිට මුලින්ම මුණ ගැහෙද්දි හිටපු කෙනාව වෙනස් කරල ඌව/ඒකිව අපේ කැමැත්තට අනුව වැඩ කරන හිතන පතන රොබෝ කෙනෙක් කරන්න හදන එක.

    තමාගේ ඔලුවේ තියෙන අයිඩියල් සහකරුවෙක්/කාරියක්ව තමන්ට හම්බුන මනුස්සයා තුළින් නිර්මාණය කරගන්න හද හද දෙන්නාම ඔය විදියට අනිත් කෙනාගෙ අනන්‍යතාවය මරල දාලා අලුත් පුද්ගලයෙක් නිර්මාණය කරගන්න කරන මේ පොරය නිසයි ගොඩක් ආදර සබඳතාවල් වලට කෙළ වෙන්නෙ. (කෙළ වෙනවා කියන්නේ අවසාන වෙනවා නෙමේ. සතුට නැති වෙලා විඳීම වෙනුවට විඳවීම ඉස්මතු වෙනවා කියන එකට)

    දැන් ඔහොම ටෝක් දුන්නට තමන්ගේ කොල්ලව/කෙල්ලව වෙනස් කරන්න දඟලන්න එපාය කියල, ඇත්තටම බැලුවොත් ඕක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දි පට්ට අමාරුයි.

    ඇයි?

    ඇයි ඉතින් තමන්ගේ සහකරුවා/කාරිය තමන් අකමැති මලමගුල් කරද්දි ඌ එක්ක/ඒකි එක්ක ඉන්නෙ කොහොමද?

    එතනදි තමයි අදහස් හුවමාරුව කියන පට්ටම වැදගත් පාර්ට් එක එන්නෙ.

    තමාගේ සහකරුවා/කාරිය තුල තියෙන තමා කැමති දේ මොනවද අකමැති දේ මොනවද කියන එක ගැන ඉඳල හිටල දෙන්නට එකතු වෙලා කතා කරල ඒ ඒ දේවල් ගැන එකඟතා වලට එන එක වැදගත් දෙයක්. මේක කරන්න පට්ටම අමාරු වුනත්, මේක කරන්නම ඕන දීර්ඝ කාලයක් හොඳින් ඉන්න නම්. එකිනෙකාට සවන් දීලා, අනෙකාගේ අවශ්‍යතා තේරුම් ගැනීමයි මෙතනදි වෙන්න ඕන.

    කොහොම කලත් මේ “වෙනස් කම්” කියන දේවල් නැත්තටම නැති වෙන්නෙ නං නෑ ලොවෙත්. එතනදි කරන්න වෙන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ හොඳ විදියට තමා දකින දේ වෙනුවෙන් ඔවුන්ගේ අඩුපාඩු ඉවසන එක. කතාවක් තියෙන්නෙ “අපි ආදරවන්තයා/ආදරවන්තිය විදියට තෝරගන්න ඕන අපිට ඉවසන්න පුළුවන් වැරදි තියෙන කෙනෙක්ව” කියල. ඒ මොකද අපි වැරදි/අඩුපාඩු විදියට දකින දේවල් නැති එකෙක් හොයාගන්න මේ ලෝකයේ කිසිම ජගතෙක්ට කිසිම විදියකට බෑ.

    ඊළඟට, තමන්ගේ සහකරුවාට/කාරියට ඔවුන්ගේ ජීවිතය විඳින්න ඔවුන්ට තියෙන නිදහස අහිමි කරන්න තමන්ට කිසිසේත්ම අයිතියක් නැති බව නම් දෙන්නම තේරුම් ගන්න ඕනම දෙයක්. මේ නිදහස කියන එක තමා විසින් අනෙකාට “දෙන” දෙයක් නෙමේ. ඒක කොහොමත් හැමෝටම තිබිය යුතු දෙයක්.

    හැම වෙලේම තමාගේ සහකරුවාට/කාරියට තමන්ගේ අදහස කියන්න. එකඟ වී හෝ නොවී තීරණය කිරීම ඔවුන්ට බාර දෙන්න. විධාන දෙන්න යන්න එපා. තමන් කියන දේට එකඟ වුනේ නෑ කියල, අවනත වුනේ නෑ කියල පළිගන්න එපා.

    තමා කියන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ ජීවිතයේ එක කොටසක් බවත්, තමන්ගෙන් පිට ඔහුට/ඇයට තවත් ජීවිතයක් තියෙන බවත් තේරුම්ගන්න ඕන. මොකද තමන්ගේ සහකරුවා/කාරිය කියන්නේ පෙම්වතෙක් සහ පෙම්වතියක්වත් සැමියෙක් සහ බිරිඳක්වත් විතරක් නෙමේ. පුතෙක්, සහෝදරයෙක්, මිතුරෙක්, රාජකාරිකරන තැනදි සේවකයෙක්.. වගේ සෑහෙන භූමිකා රඟපාන්න වෙන ඔහුත් මනුස්සයෙක්. මේකෙ සහකාරියන්ට අදාලව අනිත් පැත්තත් එහෙමයි. ඒ නිසා තමා ගැන විතරක් තමාගේ සහකරුවා/කාරිය සිතිය යුතුය, තමාටම හැම වෙලේම මුල් තැන දිය යුතුය කියල හිතල ආත්මාර්ථකාමී මුග්ධයෙක් විදියට වැඩ කරන්න යන්න එපා.

    මේ ඔක්කොම කරලත් දිගින් දිගටම තියෙන්නේ දෙන්නගේ වෙනස් කම් නම්, ඉතින් හොඳම දේ තමා අකමැත්තෙන් වුනත් එකිනෙකාට “ගුඩ් බායි” කියන එක. මොකද එකිනෙකාව රවට්ටගෙන අවුරුදු දෙකතුනක් ලව් කලත් බැඳලා මාස හය හතක් යද්දි තමන් හංගන් හිටිය තමාගේ සහකරුවා/කාරිය අකමැති පැත්ත එළියට එන එක අනිවාර්‍යයි.

    ඊට පස්සෙ ඉතින් දෙන්නගෙම කසාද ජීවිතේට සොරි ඩොට් කොම්ම තමා”

    අදහස් දැක්වීම අහවරයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.

    ප/ලි –

    1. මේ බණ කිව්වාට අපිත් ලව් කරන රහස සොයාගත් ශාස්තෲවරුන් නොවෙමු. අපි විසින්ම සහ අපි වටේ ඉන්නා උන් කන පරිප්පු දැක දිනෙන් දින ඉගෙනගෙන අපිත් අමාරුවෙන් අනුගමනය කරන කරුණු කාරනා කිහිපයක්ය මෙතනදි කියවන අය සමඟ බෙදා ගත්තේ.

    2. බුද්ධික තාඹුලගේ අදහස් දැක්වීම දැනට වසර කිහිපයකට පෙර බුකියේ දැක මා විසින් සේව් කරගත් අදහසකි. කාලයකට පසු සේව් කරගත් තැනින් අද එය දුටු නිසා මගේ අදහස් සමඟින් අද මෙසේ පල කලෙමි.


    ජේමිස් බණ්ඩා

  • 1948 පළවූ ගිහිගේ තවත් කලාපයක්

    1948 පළවූ ගිහිගේ තවත් කලාපයක්

    මේ පැරණි සඟරාත් අලුත් අසභ්‍ය ප්‍රකාශන නීති යටතේ තහනම් වෙලා යන්න පුළුවන්. මේවා නැවත පළකිරීම පවා අසභ්‍ය අශ්ශීල වෙන්න පුළුවන්. හතලිස් ගනංවල තිබුණු නිදහසත් අද අහිමි වෙන්න පුළුවන්. ඉතිං පණත් සම්මත වෙන්න කලින් අපිට මෙහෙම අතීතයක් තිබුණ කියල රසවිඳින්න.

    “නව ව්‍යාපාර පටන්ගන්නේත්, නව නිපදවීම් ඇති කරන්නේත්, නව පන්නය ඇති කරන්නේත්, නවකයන් පුහුණු කරන්නේත්, නවකලා බෝ කර ඒවාට පණ පොවන්නේත් හුදෙක් කාම ශක්තිය ඇති පුද්ගලයෝමය.

    සමාජය දෙස බලන්න. හොඳම කලාකාරයා, හොඳම ශිල්පියා, නිෂ්පාදකයා ආදී හොඳ වැඩකාරයො සියලු දෙනාම කාමශක්තියෙහි හස්තිබල ඇත්තෝය. එය මට නිර්භයවම කිව හැකි කාරණයකි. මා දන්නා බොහෝ කීර්තිමත්, බොහෝ දක්ෂ, බොහෝ විනෝදකාමී ඉතා හොඳ කෙරුම්කාරයෝ බොහෝ දෙනා මහා කාමාධික පුද්ගලයෝය. ඔවුන් කෙතරම් කාම ශක්තිමත්ද කිවහොත් ඇතැම් විට ඔවුන් ශිෂ්ට ජනසමාජයට නුසුදුසු තරම්ය.

    කාමාධික පුද්ගලයෝ රටකට සමාජයකට උවමනා පිරිසකි. ඇයි?

    ඒ ඔවුන් නොම්මර එකේ මනමාලයෝය. ඔවුන්ගේ ඒ මනමාලකම විදහා දැක්වීම පිනිස ඔවුන්ට රසට කෑමබීමත්, ලක්ෂනට අඳින්නට පළඳින්නටත්, අතදිග හැර වියදම් කරන්නටත් උවමනාය. ඒ උවමනාකම් නිසා ජනසමාජයේ කීදෙනෙක් යැපෙන්නේදැයි සිතන්න”

    – ගිහිගේ සඟරා කර්තෘ 1948

    ඒ කාලෙ මිනිස්සුන්ට තිබුණු දැනීමවත් අද සමාජයේ අයට නැති එක කණගාටුවට කාරණයක්.
    ගිහිගේ වැඩිහිටි සඟරාව සමග තවත් ගොඩක් කාම පොත්වල දැන්වීම් පළකල බවක් පේනවා. රුපියල් දෙකක් වන මේ සඟරා ලිපිණයැති කවරයක් සමග ඉල්ලුම් කිරීමෙන් තැපෑලෙන් ගෙන්න ගන්න පුළුවන්. මගුල් රහස කියන පොතේ පෙම්වතියක් තෝරගන්න හැටි, සිපගන්නා හැටි, දුනුවිල නිලමේ සහ ගජමන් නෝනාගේ ප්‍රේම කතා, මගුල් දවසෙ මුලින් කරන්න ඕන දේවල් වගේ ලිපි පලවෙනවා. ඒක ඇල් ඩීඩී කරුණාරත්නගේ වැඩක්.

    වාතස්‍යානගේ කාමසුත්‍රයෙන් උපුටාගෙන පලවෙන ලිංගික බෙලහීනතාවය දුරු කරන ප්‍රතිකාර නම් අත්හදා බැලීම භයානකයි. ඒවා එත්නොඉරොටිසම් නැත්නම් අතීතයේ කාලයත් සමග විකාශනය වුනු ශෘංගාර විෂයක සුන්දරත්වය විඳින්න මිස විද්‍යාත්මක ප්‍රතිකර්ම හැටියෙන් ගැනීම අමනෝඥයි. කූඩැල්ලන්ගෙන් කඩියන්ගෙන් හිඳින තෙල් පුරුෂ ලිංගය කෙලවරේ ආලේප කිරීම වගේ අද්භූත අත්බෙහෙත් එතන නියම කරනවා.

    මාර්ෂල් ගුණවර්ධන කියල කෙනෙක් මේ සඟරා වෙනුවෙන් ඉංග්‍රීසි පොත් සිංහලට හරවනවා. කාම නිල කියල පරිවර්තනය කරන මේ පොත් පිංචෙ ඔරිජිනල් එක මොකක්ද ලේඛකයා කවුද කියල හොයාගන්න අමාරුයි. ඒ වගේම මහාචාර්ය එච් එස් ගැම්බර්ස්ගෙ මැරිටල් ඇක්ට් වගේ පොත් (1946) පවා පරිවර්තනය වෙනවා.

    ඒ ‍වගේම ගිහිගේ සඟරාවට ආවේණික ජ්‍යොතිෂ, මිත්‍යා ශාංගාර සංකලනයත් අඛණ්ඩව කරගෙන එනවා.

  • අසභ්‍ය නීතිවලට එරෙහි වෙමු

    අසභ්‍ය නීතිවලට එරෙහි වෙමු

    ආණ්ඩුවෙන් අශිෂ්ට අශ්ලීල ප්‍රකාශන මැඩලන්න අලුත් නීති ගේන්න හදනවා. මේක අර අවුරුදු 16 දැරිය සම්බන්ධ සිද්ධියෙදි අධිකරණයෙන් කරපු ඉල්ලීමක් අපිට මතක විදිහට. ඒ සිද්ධියෙ දැරිය අපයෝජනය කරපු ලිස්ට් එකේ හිටියා සඟ වෙද ගුරු ගොවි කම්කරු නීති ආදී හැමෝම. ඒ සිද්ධියෙ පැහැදිලිව පෙනුන දේ තමයි සමාජය කොයිතරම් අශිෂ්ටද අසහනකාරීද කියන එක. ඒත් නීති හැදෙන්නෙ අර ඇඩ් එක පලකරපු සයිට් එකට විරුද්ධව. ඒ සයිට් එකේ ඕන කෙනෙකුට මුදල් ගෙවා තමන්ගෙ ඇඩ් එකක් පළකරගන්න පුළුවන්. නීතියෙන් අශ්ශීල බව දකින්නෙ එතන. අර දැරිය දූෂනය කරපු සමාජයෙ නෙමෙයි.

    මේ පණත ගේන කතාව එලියට එන්නෙ නිරූපමාගෙ පැන්ඩෝරාව වහන්න කියන එක පැහැදිලියි. හැමතිස්සෙම තමන්ගෙ දේශපාලන පදනම හෙල්ලෙන තත්වයක් එද්දි ආණ්ඩුව සෙක්ස් ප්‍රශ්නයක් සමාජගත කරනවා. ඇත්තටම වඩාත්ම ලිංගික ප්‍රකාශන සිද්ද කරන්නෙ පොලිසිය සහ ආණ්ඩුවට හිතවාදී මාධ්‍ය එකතුවෙලා. මේ ළඟදි තලංගම පොලිසිය හොඳ උදාහරණයක්. දැන් අශිෂ්ට ප්‍රකාශන කියල හඳුන්වන්නෙ ඒවද?

    මේ නීති ගේන එක ආණ්ඩුවට සිල්ලර වාසියක්. කවුරුවත් මේවට විරුද්ධ වෙන්නෙ නෑ. හාමුදුරුවරු විශේෂයෙන් මැදගොඩ අබේ වගේ අයට ආපහු කරලියට එන්න හොඳ චාන්ස් එකක් තියෙනවා. ඕන නම් ඩෑන්ටත් එන්න පුළුවන්. මොකක් හරි වැඩිහිටි ක්ලිප් එකක්, වෙබ් එකක්, රැප් එකක්, ෆිල්ම් එකක් කරපු ගමන් මිනිස්සුන්ව කුදලන් ගිහින් දාලා නිව්ස් හදන්න පුළුවන්. ඕනම නිව්ස් එකක් සෙක්ස් නිව්ස් එකකින් යට යනවා කියල ආණ්ඩුව දන්නවා. මේ කරන්න හදන්නෙ අනිත් හැම තැනකදිම වගේ අශිෂ්ට ප්‍රකාශන කිරීමේ අයිතිය තමන්ට විතරක් පවරාගැනීමක්. මොකද ඇත්තටම ඒ වගේ ප්‍රවෘත්ති හදලා විකිනීම තමයි අශිෂ්ට. අසභ්‍ය. ඒ අශිෂ්ටත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගේන මේ වගේ නීති තමයි අසභ්‍ය.

    මේක ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ඉතාම නරක තත්වයක් ඇති කරනවා කියන එක පැහැදිලියි. ඒ වගේම ඉස්සරහට අතපය බැඳගෙන හාමුදුරුවරුන්ගෙන් අවසර අරගෙන නිර්මාණ කරන්න වෙන තත්වයක් එන බවත් පැහැදිලියි. ඒ වගේ සංස්කෘතික වාරණයක් ගැන කතා කරන්න පුළුවන් විද්වත් බුද්ධිමත් ක්‍රිටිකල් කියන මිනිස්සු අද අපි අතරෙ නෑ. ඒ වගේ කාරණයක් ගැන කතා කරන්න නැගිටින දේශපාලන පක්ෂ නෑ. වැඩිහිටි නිදහස කියන කාරණය ලංකාවට අදාල නෑ.

    මේක තමන්ගේ නිදහස සීමා කිරීමක් කියල දැනෙන හැඟ‍ෙන, විවෘත මිනිස්සුන්ට සිද්ද වෙනවා එකතු වෙන්න. මේ අවසරය අපේ අසභ්‍ය උරුමය විදහා පාන්න පාවිච්චි කරන්න. සිංහයෙක්අ සමග සංවාසයෙන් අපේ සිංහල ජාතිය බිහිවීමේ ඉඳන්, ඊටත් කලින් ජාතක පොතේ ඉඳන්, සීගිරි චිත්‍ර, නාලන්දාවෙ කැටයම් පහුකරන්, සැළලිහිනියෙන් කොළඹ යුගයේ කවිය දක්වා ඇවිත් සයිමන්ලාගේ කේකේලාගේ කතා අස්සෙ දැවටෙමින්, හඳගමලාගෙ සිනමා රූප ඇතුලෙන් එබුනෙ ඒ අපේ අසභ්‍ය උරුමය තමයි. ඒක ගැන අපි ලැජ්ජා වෙන්න ඕනද?

    48 ඉඳන් ගිහිගේ, විවාහකයන්ගේ සඟරාව, මගුල් රෑ, මදන කුලප්පුව, පාන්දර, මකුනා, නවරස, සතුට, සොඳුර විදිහට ආපු උරුමයත් අපේ සාහිත්‍ය උරුමයක්ම තමයි. මේවා අසභ්‍යයි හෝ අශ්ශීලයි කියමින් ළමා සමාජයක් බිහිකිරීමට උත්සාහ කරන මේ ආණ්ඩුවේ විහිලුව පරාජය කළ යුතුයි. ඒක කරන්න ඕන ඒ අපේ ඓතිහාසික අසභ්‍ය උරුමය උත්කර්ෂයට නැගීමෙන් කියලයි අපි හිතන්නෙ.

    මේ නිදහසට එරෙහිව පැනවෙන වාරණයට තමන්ට දැනෙන විදිහට, තමන්‍ට පුළුවන් විරෝධයක් නගන්න කියල ඉල්ලා සිටිනවා. වඩා විවෘත, අසහනයෙන් සහ කුහකකමෙන් අඩු, ආගම්වලට පක්ෂවලට ගොනාට ඇන්දවිය නොහැකි පුරවැසියන් පිරිසක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් මේ මොහොතේ අසභ්‍ය යනු කුමක්ද කියන සංස්කෘතික කතිකාව දැවැන්තව නිර්මාණය වෙන එක වැදගත් කියල අපි විශ්වාස කරනවා.

  • ශෘංගාර ඉන්දියාව

    ශෘංගාර ඉන්දියාව

    ඉන්දියාව කියන්නෙ ලෝකෙ පොහොසත්ම රට. අනිත් ඕනම රටකට ධනයෙන් බලයෙන් පොහොසත් වෙන්න පුළුවන් වුනත් ඉන්දියාවෙ පැරණි සංස්කෘතික පොහොසත්කම කොහෙත්ම සමකරන්න පුළුවන් එකක් නෙමෙයි. එක පැත්තකින් ආධ්‍යාත්මික දර්ශනයත් අනෙක් පැත්තෙන් ශෘංගාරය පිළිබඳ විශිෂ්ටතම උරුමයත් ඉන්දියාව සතුවෙනවා. ඉන්දියාව කියන්නෙ කාමසූත්‍රය ලියවුණු බිම.

    අවුරුදු දෙදාස් පන්සීයකට කලින් ඉන්දියාවෙ ආගමික උත්සව පවා ලිංගිකත්වයෙන් පිරිලා තිබුන. දෙවියන් වෙනුවෙන් මහා සමූහ රමණයන් තිබුන. රජවරු බිසෝවරු තමන්ගෙ හිතේ පරිමාවට ලිංගික තෘප්තිය හඹා ගියා. ඕර්ජීස් වගේ දේවල් කියන්නෙ අන්තිම සරල දේවල්. අවුරුදු දාසයේදි විතර අපිට හිතාගන්න පුළුවන් ඔක්කොම සෙක්ෂුවල් ෆැන්ටසි ඉන්දියාවෙ ඇත්තට තිබුන.

    මේ කියන්නෙ අද තියෙන ඉන්දියාව ගැන නෙමෙයි. අද තියෙන ඉන්දියාවට එදා ඒ තිබුණු උරුමය බාරගන්නවත් බැරිවෙලා තියෙනවා. සුද්දටත් වඩා වික්ටෝරියානු වීමේ පාපයෙන් දුක්විඳිනවා. ලංකාවෙ තත්වෙත් මේකමයි. ඉන්දියාවට ඈඳිලා තිබුනු නිසාමත්, පෙරදිග බටහිර අතර වෙළඳ මාර්ගයක පිහිටි නිසාත් ලංකාවෙ ඉතාම නිදහස්, විචිත්‍ර ශෘංගාර සංස්කෘතියක් තිබුණ. ඒත් අද අපිට ඒ උරුමය බාරගන්න බැරි වෙලා තියෙනවා.

    අපි අසභ්‍ය ප්‍රකාශන මැඩලන්න වි‍ශේෂ අනපනත් ගේන්න හදනවා. ලිංගික අසහනයෙන් උතුරා හැලෙන බහුතර පුරවැසි ප්‍රජාවක් පිනා යනවා.

    ශෘංගාරවිරෝධී වර්තමානයක ජීවත් වෙන අපිට ඉතුරු වෙන්නෙ අතීතයට කිමිදිලාවත් ඒ නිදහස් සෞන්දර්ය මොහොතකට විඳගන්න විතරයි. ආයිමත් කිසි දවසක අපි ඒ තිබුණු තත්වෙට නිදහස් මනස් ඇත්තවුන් වෙන්නෙ නෑ. සමහර විට ඒ අතීතයත් වාරණය වෙන්න පුළුවන්.

    මේ ඉන්දියාවෙ අතීත ශෘංගාර උත්සව මවන ගමනක්.

    1. ඝාට් කංචුකි

    බජිරා‍ඕ පාලන කාලෙ තිබුනු මේක හරියට ලයිව් ටින්ඩර් ගේම් එකක් වගේ. මේ සෙල්ලමට ගෑනු පිරිමි අටක් දහයක් විතර සම්බන්ධ වෙනවා. ඕනම කුලයක, ආගමක, ලිංගිකත්වයක කෙනෙකුට සහභාගි වෙන්න පුළුවන්. තව සුළු පිරිසක් ක්‍රීඩාව නරඹනවා.

    මුලින්ම මේ පිරිස රවුමට වාඩි වෙනවා. මැද්දෙ කඩදාසියක ඇඳපු චක්‍රයක් වගේ එකක් තියෙනවා. ඊට පස්සෙ හැමෝම තමන් හැඳ සිටින ඇඳුම් ගලවනවා. ඒ ඇඳුම් ලොකු කලයකට දානවා.

    ඊළඟට එකිනෙකා කලයෙන් තමන්ගෙ අතට අහුවෙන ඇඳුම ගන්නවා. එ් ඇඳුම අයිති කෙනත් එක්ක තමයි එයා රමණය කරන්න ඕන. මේ විදිහට හැමකෙනෙක්ම හැම කෙනෙක් එක්කම රමණය කරලා අවසන් වන තෙක් මේ තරගය යනවා. බලන් ඉන්න පිරිස අත්පොලොසන් දෙනවා.

    කොහොමද ඒක?

    2. ව්‍යභිචාරය – අන්දමන්ද වෙන ඉතිහාසය

    ඉන්දියාවෙ වගේම ලංකාවෙ වුනත් අතීතයෙදි සහෝදර සහෝදරියන් අතර සෙක්ස් කියන එක පයිසෙකටවත් ගනං ගත්තෙ නෑ. සහෝදරියකට තමන්ගේ සහෝදරයෙක් දැක්කම, ආ අපේ මල්ලිටත් ශිෂ්නයක් තියෙනවනෙ. ඇයි අපිට ඒකෙන් විනෝද වෙන්න බැරි?, කියල හිතුනොත් උන් සෙක්ස් කළා. ළමයි හැදුවා. ඒක ඒ කාලෙ අශිෂ්ට දෙයක් නෙමෙයි. ගෝත්‍රයෙ අය අතරමයි රමණයන් සිද්ද වුනේ.

    කෞට්බික් කියල හැඳින්නුවෙ මේ ව්‍යභිචාර රමණයන්. මහාභාරතයේ පවා මේ ගැන සඳහන් වෙලා තියෙනවා. ඍග් වේදයේ දහවෙනි මණ්ඩලයෙ මේ රමණය ගැන සංවාදයක් එනවා. මේක වෙන්නෙ යම සහ යමී අතර.

    යමීට ඕන කොහොම හරි යම ඒ කියන්නෙ තමන්ගේ සහෝදරයත් එක්ක රමණය කරන්න. ඒත් යමට ඒ ගැන ඒ තරම් උනන්දුවක් නෑ. යම මේක ප්‍රතික්ෂේප කරාම යමී පෝර්න් වීඩියෝවක වගේ දෙබසක් කියනවා.

    ඔයා ඉඳලත් ඔයාගෙ සහෝදරිය අතෘප්තියෙන් නම් ඉතින් ඔයාගෙන් ඇති වැඩේ මොකක්ද?

    3. මහරාජා රංජිත් සිංග් – ලොකුම මෝලක් තිබුනු රජා

    රංජිත් සිංග් හිටියෙ 1839 විතර. මිනිහා ඇත්තටම සෙක්ස්වල පුදුම තරම් ආස කළා. එයාට හිටියා ගනං කරන්න බැරි තරම් මෙහෙසියන් පිරිසක්. නිකංම ර‍ජෙක් වුනු නිසා ගෑණු හිටියා කියල කියන්න පුළුවන් වුනත් ඇත්තටම රංජිත් වැඩකාරයා නිසා ගෑණු කැමති ගතියකුත් තිබුන කියනවා.

    රංජිත් තමන් රමණය කරන ගෑණු සම්බ‍න්ධයෙනුත් සෑහෙන තේරීමක් කරලා තියෙනවා. සමහර අයව රංජිත්ට ආස විදිහට ප්ලාස්ටික් සර්ජරි පවා කරලා අරගෙන තියෙනවා.

    එයාගෙ මහා නාන තටාක වල මේ සියලු මෙහෙසියන් සමග සමූහ රමණයන් කරනවා. ඒ නරඹන විශාල පිරිසකුත් ඉන්නවා. කොටින්ම රංජිත් රාජ සභාවේ පවා, තමන්ගේ ජනතාව ඉදිරියේ සෙක්ස් කරනවා.

    ඩිවාන් ජර්මානි දාස් විසින් මහරාජා නමින් මේ චරිතය අළලා පොතක් ලියනවා. ඒ කරුණුවලට අනුව පිරිමි ගැහැණු 1500ක් 2000ක් පමණ සහභාගිවන මහා පූජා රංජිත් කරලා ති‍යෙනවා. සියලු කාන්තාවන් කන්‍යාවන් වන අතර රංජිත් විසින් ඒ අයගේ සිරුරු මත මධු වත් කරනවා. අර පිරිමි ඒ සිරුරු ලෙවකනවා. අනතුරුව සියල්ලන් එක පොදියෙ රමණය කරනවා. රංජිත් බලාගෙන ඉන්නවා.

    ඉතිං ඉන්දියාවෙ ශෘංගාර ඉතිහාසයෙන් අල්පමාත්‍රයක් විතරයි මේ. ඒවා කියවලා අපි ආපහු ව්‍යභිචාරය කරන්න ඕන කියනවා නෙමෙයි. ඒත් අඩුගානෙ සෙක්ස් දිහා තරමක් නිදහස්ව, සුන්දරව බලන්න අපිට මේ ඉතිහාස කාරණා වැදගත් වෙයි කියල හිතනවා.

  • 1954 පළවූ විවාහකයන්ගේ සඟරාව

    1954 පළවූ විවාහකයන්ගේ සඟරාව

    1948 පළවූ ගිහිගේ වැඩිහිටි සඟරාවට වඩා ලොකු වෙනසක් 1954 පළවෙන විවාහකයන්ගේ සඟරාවෙ තියෙනවා. ගිහිගේ සඟරාව බෞද්ධ සහ වෙනත් ඇදහිලි මිත්‍යා සමග පවත්වන සම්බන්ධය විවාහකයන්ගේ සඟරාවේදි අපිට මුනගැහෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ කාලෙ හිතාගැනීමට පවා අපහසු විද්‍යාත්මක කාරණා ස්පර්ශ කිරීමේ උනන්දුවක් මේකෙ තියෙනවා. නුගේගොඩ මොඩර්න් පොත් සමාගම ලිංගික විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා විශාල මෙහෙවරක් කරලා තියෙනවා.

    “අප සමාජය පුරුදු කර ඇති ව්‍යාජ ලැජ්ජාශීලී ගතිය මෙම අවශ්‍ය දැනුම ලබාගැනීම බාධා කරන තිරයකි. එයට අප වහල්විය යුතු නොවේ. කාමය උල්පන අවිනීත කුණුසරුපයෙන් නොව අවශ්‍ය ලිංගිකත්වය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය දැනුමක් ලබාගැනීමට උපකාරවන අන්දමින් මෙම සඟරාවේ මංගල කළඹ ඔබ අත තබනෙමු”

    1922 පළවෙන ෆ්‍රැන්සිස් මාර්ෂල්ගෙ ෆිසියොලොජි ඔෆ් රිප්‍රොඩක්ෂන් වගේ පොත්වලින් උපුටාගැනීම් පළකරමින්, බ්‍රිතාන්‍ය ආදී රටවල ලිංගික සංස්කෘතිය ගැන විස්තර කරමින් විවාහකයින්ගේ සඟරාව විසින් ලංකාවට සම්පාදනය කරන දැනුම ප්‍රශස්ත මට්ටමක තියෙනවා. ඒ වගේම ඒ කාලෙ පාවිච්චි වෙන වචන පවා වෙනස්. උදා විදිහට කන්‍යාසිවිය වෙනුවට ප්‍රශස්ත රජ්ජුව කියල යොදනවා. ප්‍රශස්ත රජ්ජුව විවර නොවී තිබියදීත් ගැබ් ගැනීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කරනවා.

    කාලයක් පුරා විවාහයේ ර‍සය පවත්වාගන්න කායික අනුරාගයේ ඇති වැදගත්කමත් රති ඉරියව් ගැනත් කතා කරනවා. උපත් පාලනයේ වැදගත්කම අවධාරණය කරනවා. ඒ කාලෙදි උපත් පාලනයත් පවක් හැටියෙන් සළකන ලද වගක් තමයි පේන්න තියෙන්නෙ. විවාහකයන්ගේ සඟරාව විසින් ගබ්සාව පාපයක් වන අතර ගැබ්ගැනීම වැළැක්වීම පාපයක් නොවෙන හැටි පැහැදිලි කරනවා. ගබ්සාව විෂයෙහි පසුගාමී අදහසක් වුනත් ඒ කාලය සම්බන්ධයෙන් වඩා ප්‍රගතිශීලී තැනක මේ සඟරාව වැඩ කරමින් තිබුණු වගක් පේනවා.

    වැදගත්ම දෙයක් තමයි සිරුර සුවඳවත් කරන ආකාරයන් ගැන දැනුම ලබාදීම. ඒ කාලෙ ඩියොඩ්‍රන්ට් වර්ග තිබුනෙ නෑ. ඩියොඩ්‍රන්ට් තියෙන අද කාලෙත් ස්වභාවික ගැමි සුවඳ ගැන වර්ණනා ලියන හෙළයො බොහොමයි. ඒත් මේ සඟරාව සිරුරේ එක් එක් ප්‍රදේශ සුවඳවත් කරන පිළිවෙත් කියා දෙනවා. සම්භෝගයේදි සුගන්ධවත්බවහෙි වැදගත්කම අවධාරණය කරනවා.

    ප්‍රසුතියකින් පසු ලිංගික කාර්යයේ යෙදිය යුතු අන්දම, සැබෑ නිවුන් සහ ව්‍යාජ නිවුන් දරුවන් අතර වෙනස, නපුංසකයන්, ඌන සහ අධිවෘද්ධි ලිංගිකයන් ආදී තත්වයන් ගැන තොරතුරු කියනවා. වැදගත්ම ලිපියක් විදිහට ආගම සහ ලිංගිකත්වය ගැන සාකච්ඡාවක් පළවෙනවා.

    ‘රති කලාවො දුරාතීතයේ නම් ප්‍රමුඛ ආගමික ලක්ෂණයක් විය. පියවි මිනිසුන් බොහෝ සෙයින් මෙම ස්වභාවික රස වරප්‍රසාදය ආගම හා සම්බන්ධ කොට සිරිත් විරිිත් තනාගත් බව පෙනේ. බැබිලොනිය, ග්‍රීසිය, ඉන්දියාව වැනි දේශයන්හිද සමෘද්ධිමත් කාලයන්හි පවා රති පූජාව ආගමික චාරිත්‍රයක්ව පැවතිනි. ශිව ලිංගිය ශුක්‍රයෙන් පූජා කිරීම මෑතක් වන තුරු දකුණු ඉන්දියාවෙ සිරිතක් විය.’

    සියලු පැරණි ආගම් ලිංගිකත්වය බාරගනිද්දී ‍බුද්ධාගම, ජෛන ආගම, ඉස්ලාමය සහ ක්‍රිස්තියානිය විසින් ලිංගිකත්වය බැහැර කරන ආකාරය මේ ලිපිය පෙන්වා දෙනවා. විනය පිටකයෙ පාරාජිකා පාලියෙන් උදාහරණයක් ගෙනෙමින් භික්ෂුවක් විසින් ස්ත්‍රියකගේ ස්ථානත්‍රයක් සංසර්ගයෙන් සේවනය කළහොත් එය පාරාජිකාවක් වන හැටි කියනවා. ඒ තුන වෙන්නෙ මුඛ මාර්ගය, ගුද මාර්ගය සහ යෝනි මාර්ගය යන තුනයි. ඒ කාලෙ පටන්ම මේ බහු ආකාර සංසර්ග විධි පැවතුනත් අසූගනංවලත් බ්ලෝජොබ් එකක් දෙන්න ලංකාවෙ ගෑනු දැනගෙන හිටියෙ නැති එක පුදුමයක්. බ්ලූ ෆිල්ම්වලට පිං සිද්ද වෙන්න දැන් නම් ඒ අර්බුදය අවසන්.

    විවාහකයන්ගේ සඟරාව වඩාත් නාගරික, ඒ වගේම බටහිර විද්‍යාත්මක දැනුමට නැඹුරු වුණු සඟරාවක් බව පේනවා. මේ දැනුම පරිශීලනය කරපු පිරිස් ගැන යම් වටහා ගැනීමක් ගන්න තිබුණා නම් ඉතා වැදගත් කියල හිතෙනවා. මොනවා වුනත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වෙමින් ලිංගිකත්වය කුණුහරුපයක් බවට පත්වෙන්න පෙර කාල‍යේදී,  54දි මේ වගේ සඟරාවක් කරන්න මොඩර්න් පොත් සමාගම පෙළඹීම අගය කළ යුතුයි.

    (මේ ස්කෑන් පිටපත් ලබාදීම වෙනුවෙන් නන්දිත බැද්දේගමට අපගේ ස්තුතිය)

  • පහන්තුඩාව මතකද?

    පහන්තුඩාව මතකද?

    පහන්තුඩාවෙ දියඇල්ල පසුබිම් කරගෙන වීඩියෝවක් නිර්මාණය කරලා ලංකාවෙ සියලු සදාචාරවාදීන් සංස්කෘතිය රැකගැනීමට එකාවගේ පාරට බැස්ස දවස මතකද? පැය 48 විශිෂ්ට මෙහෙයුමකින් ජනාධිපති, පොලිස්පති පවා ක්‍රියාත්මක වීමෙන් ඒ යුවළ අත්අඩංගුවට ගත්තා මතකද? ඊට පස්සෙ කොවිඩ් ආසාදනය වී ඇති නිසා ඒ අයව නිරෝධායනයට යොමු කළානෙ. ඊට පස්සෙ මොකද වුනේ කියල දන්නවද?

    ඒ අය තමන් නිවැරදිකරුවන් ලෙස පෙනී සිටිමින් නීතිය අභියෝග කරන්න පසුබානවා. ඒක ලංකාවෙ හැටි. එහෙම නීතිය එක්ක හැප්පුනා නම් හැම නඩුවාරයක් පාසාම මාධ්‍යවේදීන් කියන අය ෆොටෝ දදා ඒ අයව විනාස කරනවා. ඉතින් කිසි කෙනෙක් මේ යටත්විජිත කාලෙ නීති වෙනස් කරන්න ඉස්සරහට එන්නෙ නෑ.

    මේ නඩුව තිබුනෙ බලංගොඩ. ඒ මහේස්ත්‍රාත්වරයා වරද පිලිගැනීම නිසා මේ යුවළට රුපියල් 10,800ක දඩයක් නියම කරනවා. මාස තුනක සිර දඬුවමක් නියම කරලා ඒක වසර හතකට අත්හිටුවනවා. ඒ යුවළ නිදහස් වෙනවා. රටක් කළඹන මහා මෙහෙයුම් කරපු වරදක් පිටිපස්සෙ තියෙන ඇත්ත නීතිමය තත්වෙ ඔච්චරයි. දිගට නඩුවක් කියනවට වඩා වරද පිලිගෙන යන එක චූදිතයන්ට වාසියි.

    ඒත් නැවත නැවත මේ වගේ කාම ප්‍රවෘත්ති මගින් රටක මිනිස්සුන්ගෙ කුණු චෛතසිකය පිනවමින්, වික්ටෝරියානු කුහකත්වය සන්තර්පනය කරමින් මාධ්‍ය රැඟුම් පෑමේ අවකාශය දිගටම පරිස්සම් වෙනවා.

  • කරුණු සහ හිතලු

    කරුණු සහ හිතලු

    අපි ගොඩක් වෙලාවට හිතන්නෙ අපි යම් යම් දේවල් ගැන ෆැක්චුවලි දන්නවා කියල. ඒ කියන්නෙ කරුණුමය කාරණා ගැන අධ්‍යනය කරලයි තියෙන්නෙ කියල. ඒත් එහෙම අපිට දෙයක් ගැන පූර්ණ කරුණුමය අවබෝධයක් පවතින්න පුළුවන්ද?

    උදා විදිහට වෙන රටක සිද්ද වෙන යම් සිදුවීමක් ගැන අපි ප්‍රවෘත්ති සහ විවිධ සාකච්ඡා ඇසුරෙන් අවබෝධයක් ගන්නවා. ඒත් ඒක ඒ රටේ ඇත්තටම සිදුවුනු සමස්තය ගැන අවබෝධයක් වෙනවද? රටක යම් දේශපාලන මොහොතකදී ඒ සංස්කෘතිය තුල ජීවත්වෙන මිනිහෙකුට ඇරෙන්න පිටස්තරයෙකුට ප්‍රවෘත්ති අනුසාරයෙන් ගත හැකි තේරුම් ගැනීම කොයිතරම් අල්පද? අපේ යුද්ධය ගැන වෙන රටක මනුස්සයෙක් කතා කරද්දි, කොටින්ම කොළඹ හිටපු කෙනෙක් උතුරෙ යුද්දෙ ගැන කියද්දි ඒවා කොයිතරම් වෙනස් අර්ථකතනද? හැබැයි ඒ හැම එකක්ම තාර්කිකයි. කරුණුමයයි. නැත්තෙ අවබෝධය කියන එක.

    අපි කිසිම කරුණක් දිහා අදහසක් නැතුව බලන්නෙ නෑ. අපිට කිසි දෙයක් එහෙම පේන්නෙ නෑ. ඒක මනුස්ස ඥානන ක්‍රියාවලියෙ හැටි. අපි කරුණු දිහා බලන්නෙ අදහසක් ඇතුව. කරුණුවලට කලින් අපේ එල්බගැනීම ඇතිවෙනවා. අපේ අදහස අනුව අපි කරුණු සංවිධානය කරනවා. යතාර්ථය ගොඩනගනවා. ඒ අනුව තර්ක කරනවා. හැමවෙලාවකම අපේ කරුණු ගොඩනැංවීමට හා සමාන කරුණුමය ගොඩනැංවීමක් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයටත් තියෙනවා. කොටින්ම ලෝකෙ ගෝලාකාරද පැතලිද නැද්ද කියන එක ගැන පවා කරුණුමය සංවාදයකින් කිසි කෙනෙක් අනෙකාව ජයග්‍රහණය කරන්නෙ නෑ.

    කරුණු කියන්නෙ අපේ හිතලුවට තියෙන ආයුධ. සටනෙදි අපි ඒවා පාවිච්චි කරනවා. හැඟීම්වලින් සටන් කිරීම කියන්නෙ බෙයාර් හෑන්ඩ් නැත්තං නිරායුධ සටන. කරුණු වගේම අපිට උපාධි, සහතික පිලිගැනීම් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒත් ඒ හැම එකක්ම අපේ හිතලුව කවර් කරන්න.

    කිසි කෙනෙකුට කරුණුමය හෝ වාස්තවික පදනමක් නැති අදහසක් පහල වෙන්නෙ නෑ. එහෙම වුනොත් ඒක ඔරිජිනල්ම ඔරිජිනල් අදහසක් වෙනවා. සමහර විට අපේ අදහසකට පාදක වෙන්නෙ කරුණුමය හෝ තාර්කික දේකට වඩා අත්දැකීමක් මූලික කාරණයක් වෙන්න පුළුවන්. විවිධ සංස්කෘතික කාරණා ගණනාවක් මත පදනම් වෙලා අපේ අදහස ගොඩනැ‍ගෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නෙ අපිට කොන්ටිටෙටිව් පදනමකට බැහැරින් කොලිටෙටිව් පදනමක් දරන්න පුළුවන්.

    ලෝකෙ විද්‍යා ප්‍රබන්ධ මත විද්‍යා සොයාගැනීම් සිද්ද වෙලා තියෙනවා. ප්‍රබන්ධමය යතාර්ථයන් පවතින යතාර්ථයන් බවට පත්වෙලා තියෙනවා. ගුවන්යානය වුනත් එහෙමයි. ඉගිල්ලීම ගැන හීනයක් ප්‍රබන්ධයක් විතරයි තිබුනෙ. කොවිඩ් වසංගතය වුනත් අපිට කාලෙකට කලින් පොතක කතාවක් විදිහට මුනගැහෙනවා. ඇත්තට කරුණුමය තර්කන කියන්නෙ සිදුවෙලා අවසන් දේට. ප්‍රබන්ධ නැත්තං හිතලු කියන්නෙ ඉස්සරහට වෙන්න පුළුවන් දේවල්වලට.

    කොවිඩ් එන්නත්කරණය උදාහරණයක් විදිහට ගමු. එන්නතෙන් කොවිඩ් පාලනය වෙනවා කියන එකට අධිපති විද්‍යාත්මක කරුණු කතිකාවක් තියෙනවා. එන්නත විශ්වාස නොකරන දේව භක්තිකයන් පිරිසකුත් ඉන්නවා. කොවිඩ් එන්නත වයිරස් විද්‍යාවෙ සිදුවුනු ලොකුම වරදක් බව කියන නොබෙල් සම්මානලාභී වයිරස විද්‍යාඥයනුත් ඉන්නවා. දැන් අපිට එන්නත ඵලදායී නොවේ කියන එක කරුණුමය වශයෙන් පරාජය කරන්න පුළුවන්ද?

    මිත්‍යා විශ්වාස පදනමේ ඉඳන් විද්‍යාත්මක කරුණු පදනමක් දක්වා මේ ඇන්ටි වැක්සර් කතිකාව පැතිරෙනවා. අනිත් පැත්තෙන් මිනිස් නිදහස, තමන්ගේ ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය වගේ කාරණා මූලික කරගත්ත දේශපාලන කතිකාවකුත් මෙතන තියෙනවා. එතකොට වැක්සින් විරෝධය හුදු හිතලුවක් කියල බැහැර කරන්න පුළුවන්ද? එහෙම හිතලුවක් නම් ඒක අධිකාරී බලයන් පාවිච්චි කරලා යටපත් කරන්න උත්සාහ දරනවා වෙනුවට කරුණුමය වශයෙන් පරාජය කරන්න පුළුවන් වෙන්න ඕන නේද?

    කිසිම දෙයක් කරුණුමය වශයෙන් අසත්‍යයි කියන්න බෑ. ඒකයි අවුල.

    මේක තව පැත්තක් තියෙනවා. කාලෙකට කලින් අනුරුද්ධ ප්‍රදීප් මාත් එක්ක සංවාදයකදි, ලෝකෙ කිසිම සිවිල් යුද්ධයක් එක පැත්තක් පරාජය කිරීමෙන් තොරව කෙලවර වෙන්නෙ නෑ කියල කියනවා. ඒ වෙලාවෙ උතුරෙ ප්‍රශ්නය වෙනුවෙන් අනුරුද්ධ යුධමය විසඳුමකුත් මම දේශපාලන විසඳුමකුත් පිලිගැනීම මත තමයි කතාව යන්නෙ. දැන් අනුරුද්ධ කියන කාරණය කරුණුමය වශයෙන් ඔප්පු කළ හැකි තර්කයක් වුනත් ඒක මානුෂීයව බාරගැනීම සුදුසු එකක්ද කියල ප්‍රශ්නයක් එනවා. සිවිල් යුද්ධයකදි මැරෙන්නෙ එකම රටක ජනතාව. ලෝකෙ මෙතුවක් කිසි දවසක සාකච්ඡාවෙන් සිවිල් යුද්ධයක් ඉවර නොවීම කියන්නෙ ඊළඟ මොහොතක එය සිදුවිය හැකිබව බැහැර කළ හැකි තත්වයක් නෙමෙයි. අල්ලපු වැටේ එකා එක්ක ඇතිවෙන රණ්ඩුව කතා කරලා විසඳගන්න පුළුවන් නම් යුද්ධයක් සාකච්ඡාවෙන් විසඳාගත හැකියි කියන උපකල්පනය සාධාරණ එකක්. ඔයා පොත්වල ලියල තියෙන කාරණා උඩම ප්‍රශ්නවලට විසඳුම් හොයන කෙනෙක් කියල මං ඒ වෙලාවෙ අනුරුද්ධට කියනවා. කරුණුමය පැත්තෙන් අනුරුද්ධගේ ස්ථාවරය හරි වෙන්න පුළුවන්. ඒත් පරණ විදිහට හැමදාම දේවල් විස‍ඳ‍ෙනවා කියල එකක් නෑ.

    චූලෝදර මහෝදර යුද්ධය බුදුන් සාමයෙන් විසඳුවා කියල අපි කතාවක් අහලා තියෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ සර්වඥයි කියලත් අපි අහලා තියෙනවා. යුද්ධයක් සාමයෙන් විසඳිය නොහැකියි කියන එක බුදුන් නොදැන සිටියාවත්ද?

    ලංකාවෙ අපි දැනුම කියල සලකන්නෙ කරුණු. මේ හින්දම කරුණුමය දැනුම අධිතක්සේරු වෙලා තියෙනවා. ඒකෙන් සිද්ද වෙන නරකම දේ තමයි සියලු බුද්ධිමතුන් කියන පාර්ශ්වයන් කරුණු බුද්ධිමතුන් වෙන එක. ඒත් දැනුමේ ආකාර හතරක් තියෙනවා.

    පළවෙනි එක තමයි මේ කියන ෆැක්චුවල් නොලේජ් නැත්තං කරුණුමය දැනුම. පොතපතෙන්, ප්‍රවෘත්තිවලින් ලබාගන්නා සිද්ධිවාචක දැනුම. මේ දැනුම උඩ අපි තර්ක ගොඩනගනවා. ඒත් අපේ මොලේ තියෙන්නෙ ‍මේ විදිහෙ කරුණු ගබඩාගත කරන්න නෙමෙයි. ඒකට දැන් ඉන්ටර්නෙට් එක තියෙනවා.

    කාලෙකට කලින් සුනන්ද මහේන්ද්‍ර සහ එඩ්වින් ආරියදාස උගන්නපු ජනමාධ්‍ය පාඨමාලාවලකට ගියා. එතනදි සුනන්ද මහේන්ද්‍ර ආරම්භක දේශනය කරමින් මෙහෙම කතාවක් කිව්වා.

    ‘මේ ඉන්නෙ එඩ්වින් ආරියදාස ශූරීන්. ඇවිදින විශ්ව කෝෂයක්. ඕනම දෙයක් අහන පරක්කුවෙන් දන්නවා. හාර්ඩ් ඩිස්ක් එකක් වගේ දැනුම් තැන්පතුවක්. මං ඔය කිසි දෙයක් ඔලුවෙ තියාගෙන ඉන්නෙ නෑනෙ. ඕන වෙලාවට එඩ්වින් ආරියදාසට කතා කරලා අහගන්නවා. මං උනන්දු වෙන්නෙ සංකල්ප ගැන. තොරතුරු ගැන නෙමෙයි’

    දෙවෙනි දැනුම් ආකාරය තමයි කන්සෙප්චුවල් නොලෙජ් හෙවත් සංකල්පීය දැනුම. ඒ කියන්නෙ තොරතුරු හෝ අදහස් මත ගොඩනැගෙන සංකල්ප පිළිබඳ සාකච්ඡාව. න්‍යායාන් සහ ආකෘතීන් පිළිබඳ දැනුවත් බව. උදා විදිහට මට මාර්කටින් වලදි ‍තොරතුරුවලින් ඇති වැඩක් වෙන්නෙ නෑ. තොරතුරු විශ්ලේෂණය කරලා ඒවා ආකෘතිගත කළාට පස්සෙ ඒවා අතර වෙනස්කම් හා රටාවන් ඇසුරින් මතු කළ හැකි නව මානයන් තමයි වැදගත් වෙන්නෙ. ඒ කියන්නෙ කන්සෙප්ට්ස්. සමාජ දේශපාලන සංකල්ප සහ න්‍යායන් ගැන සාකච්ඡාව එන්නෙ මෙතනදි.

    අපි සාමාන්‍ය කතාවෙදි කියනවා දෙයාකාරයක මිනිස්සු ගැන. එක පිරිසක් කවුරු හරි ගැන විස්තර කතා කරනවා. ඒ කියන්නෙ තොරතුරු කතා කරනවා. තව පිරිසක් ඒ කවුරු හරි ඇසුරෙන් සංකල්පයක් ගැන කතා කරනවා. ෆේස්බුක් එකේ මොනවා හරි දැම්මම බහුතර පිරිසක් ඒ පෝස්ට් එක දාපු එකා ගැන කතා කරනවා. ඒ තමයි තොරතුරු පිරිස. සුළුතරයක් ඉන්නවා ඒ මිනිහා කියන අදහස ගැන කතා කරනවා. ඒ තමයි කන්සෙප්චුවල් පිරිස.

    තුන්වෙනි දැනුම් කාණ්ඩය වෙන්නෙ ප්‍රොසිඩියරල් නොලේජ් කියන එක. ඒ කියන්නෙ යමක් ක්‍රියාවෙ යෙදවීමෙන් ලබන ප්‍රායෝගික දැනීම කියන එක. ඒක හැකියාවක්. ඒ ඇසුරෙන් ඒ අය දන්නවා තාක්ෂණයන් සහ විවිධ උපක්‍රමයන් දේවල් වඩාත් සාර්ථක කර ගත හැකි. කරුණු හෝ සංකල්ප දැනුමට වඩා ඒක පුහුණුවේ යෙදවීමේ දැනුමයි මෙතනදි අදාල වෙන්නෙ.

    හතරවෙනි කාණ්ඩයේ දැනුම තමයි මෙටාකොග්නිටිව් නොලේජ් නැත්තං පාරඥානනමය දැනුම. ඒ කියන්නෙ අපේ සිතීම් සහ අදහස් ඇතිවීම් ගැන සවිඥානක බව තුලින් ලබන දැනීම. පෙරදිග අතීතයේදි ගොඩක් ප්‍රචලිත දැනුම් ආකාරය වුනේ මේක. මේ අසුරෙන් අන් අය සිතන පතන වෙනස්කම්, ඒ අයගෙ සංස්කෘතික පසුබිම් ගැන සියුම් අවබෝධාත්මක ඥානයක් ලබනවා. මේක ඇතිවෙන්නෙ තමන්ම තමන් තුලට සිතීමෙන්. හිතලුවල ඔරිජිනල්ම තත්වය තියෙන්නෙ මෙතන.

    මේ දැනුම් ආකාරවලින් එකක් අනෙකට වඩා උසස් කියල එකක් නෑ. මේ සියල්ලම එක්කෙනෙකුට පිහිටන්නෙත් නෑ. යම් කාරණයක් ගැන මේ දැනුම් ආකාර හතරෙහි ප්‍රවීනයන් බලන විදි වෙනස්. ඒ සාකච්ඡාව තුලින් තමයි කාරණය ගැන සංයුක්ත දැනුමක් ගොඩැනැගෙන්නෙ.

    ඒ හින්ද අපේ සංවාදවල පදනම වෙන්න ඕන අනෙකාව කරුණුමය වශයෙන් පරාජය කිරීම නෙමෙයි ඒ වෙනුවට වඩා නිර්මාණාත්මක අදහසක් විවෘත කරන එක. ඒ ඔස්සේ තව අයව ඉන්ස්පයර් කරන එක. එහෙම ඉන්ස්පයර් වෙන සමහර කෙනෙක් ඒකට කරුණුමය පදනමක් ගොඩනගයි. තව කෙනෙක් ඒකට සංකල්පීය පදනමක් දෙයි. තවත් කෙනෙක් ඒකෙන් දේශපාලන මැදිහත්වීමක් දකී. ඒක සමාජයේ ප්‍රා‍යෝගික වීම ගැන කතිකාවන් ඇතිවෙයි. මේ විදිහට හිතලුවක් යතාර්ථයක් බවට පරිණාමය වෙයි.

    තර්කයකදි මේ මොහොතෙ කරුණුමය වශයෙන් ජයග්‍රහණය කරන්නෙ මළ මොහොතක්. නිර්මාණශීලී අදහස නෙමෙයි. ඒකට හේතුව ඒ ජයග්‍රහණය කරන කරුණුමය පදනමට මතවාදයක් හැටියෙන් ඒ මොහොතෙ ගොඩනැගිලා ති‍යෙන බලය. මේ මොහොතේ බලය හිමි කතිකාව කියන්නෙ ඊළඟ මොහොතේ මියැදෙන්න නියමිත අදහස. ඒ ගොලායත්ට ප්‍රතිවිරුද්ධව සටන් කරන ඩේවිඩ් නම් ගල්කැට කොල්ලා කියන්නෙ ඊළඟ මොහොත නිර්මාණය කරන අදහසට.

    අදහසක වැදගත් දේ කරුණුමය පදනම නෙමෙයි. යම් අදහසක් අපිට තේරෙනවා කියන්නෙම ඒකට කරුණුමය පදනමක් පවතිනවා කියන එකයි. එහෙම නැත්තං අපිට භාෂාවෙන් ඒක තේරුම් ගන්න බැරි වෙන්න ඕන. නිර්වාණය වගේ වෙන්න ඕන. ලෝකෙ තියෙන ඇත්තම හිතලු වෙන්නෙ නිර්වාණය සහ ස්වර්ගය වගේ කතන්දර. අපි බුදුන් හිතලු දේශනා කරනවා කියල කියන්නෙ නෑ. ඒ වෙනුවට මේ හිතලු අපි කරුණුමය, සංකල්පීය සහ දේශපාලනමය පදනම්වලට ගේන්න උපරිම උත්සාහ දරලා තියෙනවා.

    අදහසක වැදගත්ම දේ වෙන්නෙ ඒකෙ දිශානතියයි. ඒකෙන් මිනිස් සිතීම පළල් කරනවද, තවත් පටු කරනවද, සාමයේ දිශාවට යන ගමනක්ද, නැත්තං යුද්ධයේ දිශාවට අතවැනීමක්ද, නිදහසේ දිශාවට යන අදහසක්ද, වාරණයේ දිශාවට යන අදහසක්ද, බලය සංකේන්ද්‍රණ කරන තත්වයක්ද, බලය බෙදාහැ‍රෙන තත්වයක්ද, කොටින්ම ඒ අදහස හරහා කියන්න උත්සාහ කරන දේශපාලනය මොකක්ද කියන එකයි වැදගත්.

    ඒ හින්ද කරුණු පස්සෙ හදාගන්න පුළුවන්.
    (මේ ලිපියට ප්‍රස්තුත වුනේ අනුරුද්ධ ප්‍රදීප් සමග පැවති සාකච්ඡාව බැවින් එතුමාට ස්තුතිය පිරිනමමි)


    චින්තන ධර්මදාස

  • ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් – අතීතයේ උන් වැඩිහිටි පරපුරෙන්.

    ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් – අතීතයේ උන් වැඩිහිටි පරපුරෙන්.

    මේ කාම පත්තර රැල්ල අපිට මුනගැහුනෙ අසූවෙ අග සහ අනූව මුල කාලෙදි. මරදානෙ එල්ෆින්ස්ටන් එක ළඟ පාලමේ යට පත්තර කඩෙන් අතට අහුවෙන ඕනම වැඩිහිටි පත්තරයක් ගන්න අපි ඇබ්බැහි වෙලා හිටියා. ඒ පත්තර මිටි පිටින් මෙට්ටෙ යට දාගෙන පරිස්සම් කළා. ඒවා අහුවෙලා ගෙවල්වලින් ගුටිකෑවා. ඒත් ඒ පත්තරයක් අතට ගත්තම දැනෙන හැඟීම වෙන කිසිදේකින් ලබාගන්න බැරි වුනා. වැඩිහිටි වීඩියෝ කැසට් තිබුනත් ඒවා ඕන වෙලාවට අතට ගන්න පුළුවන් විදිහෙ භාවිතයක් නෙමෙයි. රෑට තනියම කාමරේ ඉන්නකොට වැඩක් ගන්න පුළුවන් වුනේ වැල පත්තරවලින් විතරයි. නවරස, සතුට, එක්කම බන්දුල පද්මකුමාර නම නැතුව කරපු පතිපතිනි පත්තරෙත් නිතර ගන්න තිබුන.

    ඊට පස්සෙ මේ හාර්ඩ්කෝර් වැල පත්තර කලාව ටික ටික අභාවයට යමින් සොඳුර සීදේවි වගේ සොෆ්ට්පෝර්න් පත්තර කලාවක් ආවා. ඒවා කඩවල ප්‍රසිද්ධියෙ එල්ලෙමින් තිබුන. මං එකක් නෑර සොඳුර පත්තරේ ගත්තා. රෝහණ කුමාර කියන්නෙ මගේ වීරයෙක් වුනා. ඇත්තටම සොඳුර පත්තරේ ලංකාවෙ ශෘංගාර ප්‍රකාශන කලාවේ විශේෂයෙන් කතා කරන්න ඕන වැඩ කීපයක්ම කළා. හැම පත්තරයක් එක්කම පිටිපස්සෙ පිටුවෙ පිනප් ගර්ල් කෙනෙක්ගෙ පිංතූරයක් දුන්නා. ඒ ශෘංගාර විප්ලවය සමරන්න වෙන් කරන ඉඩක් මේ.

    Sepa


    Sathuta


    Sakunthala


    Sadamali


    Rath Aunty


    Deepakka


    Rasama Rasa


    Mal Raani


    Maneesha


    Nawarasa


    Nawarasa 02


    Play Boy


    Play Boy 02


    Kiss


    Kiss 02


    Lollipops


    Love


    Love 02


    Lucky Stud


    Mal


    Mal Paba


    Asawata Thatu Labila


     

  • නිදහස් කාලෙ කාම පත්ත‍රයක්

    නිදහස් කාලෙ කාම පත්ත‍රයක්

    1948 ලංකාවෙ පළවුන කාම සඟරාවක්. මේක මාව සුරතාන්තගත කරපු වැඩක්. දිනෙත් මල්ලිකාරච්චි ශූරීන්ට ස්තුතිවන්ත වෙනවා මේක මාවෙත තැපැල් කිරීම ගැන.

    ‘කාම විද්‍යාවෙන් උගන්වන්නේ ඉන්ද්‍රියයන් සහ ඒවා ආශ්‍රය කොටගෙන උපදින හැඟීම් නොමග යා නොදී හරිමග ගෙනා යා හැකි ශාස්ත්‍රය සහ ශිල්පයයි’

    ගිහිගේ සඟරාවෙ කතුවැකිය වෙන රහස තමන්ගේ පාඨකයාට කියන්නෙ එහෙමයි. ඒ කාලෙත් සෙක්සොලොජිස්ට්ලා ඉන්නවා. ඒ ගැන දැන්වීම් පළවෙනවා. හැබැයි මොනවගේ උපදෙස් දුන්නද කියල නම් ෂුවර් නෑ. ඩියුරෙක්ස් ලිංගාවරණ සහ කංචුක ගැන දැන්වීම් පලවෙනවා.

    ලකුණැති සොලොස් රතිකෙළි දැන වෙන වෙනම

    කර රුති පහස විඳ විඳ රුති වඩන පෙම

    රතිගති රුවැති දිගුනෙත සමග මනරම

    නොනැවති පහස විඳ වෙහෙසෙමිනි තුන්යම

    ඒ කාලෙත් කියවෙනවා සො‍ළොස් රතිකෙළි අතීතයේ මිනිස්සු දැන හිඳ අභාවයට ගිය කතාවක්.

    ස්ත්‍රියක් කාමාශාවෙන් පෙළෙන බව වටහා ගන්න විදිහ විස්තර කරනවා. ලස්සනම දේ ළඟම ඉන්න පොඩි එකෙක් වඩාගෙන පේන්න හුරතල් කරන එක. ඇඟ කම්මැලි අරින්න වගේ ඇඹරුනත් ෂුවර් නෑ.

    ඒ වගේම කාම ලැදි වුනාට මත්විරෝධී ගතියකුත් තියෙනවා. ගෑනුන්ගෙ පීරියඩ්ස් ගැන එහෙම කියනවා මරු කතා ටිකක්. යුරෝපියන්ගේ මතය වැරදියි කියමින් පරණ සාම්ප්‍රදායික පීරියඩ් විරෝධයම අරගෙන එනවා. ඒ ආර්ටිකල් එකේම පෑඩ් විකුණනවා.

    ගොනොරියා සිපිලිස් ආදී සමාජ රෝග ගැනත් කතා කරනවා. නරක ස්වාමි පුරුෂයන් නිසා පතිව්‍රතතාවය ආරක්ෂා කරන ගුනගරුක කාන්තාවන්ට පවා මේ රෝග වැළ‍ඳ‍ෙන බව කියනවා. බය වෙන්න එපා මේ අහන්න ලැබෙන දේවල් නිසයි එහෙම කීවෙ කියනවා.

    මේ කාම ශාස්ත්‍රය ජ්‍යොතිශයත් එක්ක හොඳටම ගැටගැහිලා තිබුණු වගක් පේනවා. ඒත් අසූ ගනන් වල කාම පත්තර රැල්ලෙ මේ නැකැත්බලි විශ්වාස තිබ‍ුනෙ නෑ.

    විවාහ දිනයේදී යුවළකට තෑග්ගක් විදිහට දෙන්න හොඳම ගිහිගේ වාර්ෂික කලාප එකතුවක් කියලත් සඳහන් කරනවා. මොනවා වුනත් ඇඩ්වර්ටයිසින් පැත්ත නම් හොඳටම කරලා තියෙනවා. හැම පිටුවකම මොනවා හරි විකුණනවා.

    මේ පත්තරවල අන්තර්ගත කාරණාවලට වඩා වටින්නෙ ඒ කාලෙ සමාජයෙ ලිංගිකත්වය ගැන තිබුණු ප්‍රශ්න, මතවාද සහ නිදහස පිළිබඳ කාරණා මේ හරහා අනාවරණය කරගන්න පුළුවන් එකයි. එක පත්තරයකින් ගොඩක් දේවල් කියන්න අමාරුයි. ඒත් අපේ රටේ කාම පත්තර ඉතිහාසෙ සුවිශේෂ තැනක් ගිහිගේ පත්තරේට අනිවාර්යෙන්ම හිමිවෙනවා.