Author: admin

  • කෙල්ලනි, මෙන්න සෙක්ස් කරද්දි දස නරක කතා

    කෙල්ලනි, මෙන්න සෙක්ස් කරද්දි දස නරක කතා

    1. හරියට කෙලින්වෙලා නෑ

    හරි හැටි ප්‍රාණවත් වෙලා නැති නිසා ඇතුල්කරගන්න අපහසු වෙලාවට මේ වගේ කතාවක් කියන්නම එපා. ඉතුරු ටිකත් ඉවරයි. පොඩි බොරුවකින් පුළුවන් කාටවත් රිද්දන්නෙ නැතුව වැඩේ හරි අතට ගන්න.

    2. ඔයාට යන්නෙ නැද්ද?

    සමහර විට ඔයාගෙ ‘බිග් ඕ’ එක ඒ කියන්නෙ සුරතාන්තයේ උපරිමය පහුවෙලා වෙන්න පුළුවන්. ඔයාට බඩගින්නක්, නැත්තං කම්මැලිකමක් වගේ දැනෙනවා වෙන්නත් පුළුවන්. ඒත් ඒක මෙහෙම කියන්න එපා. එක්කො ඉරියව්ව ඔයාට පහසු විදිහට මාරු කරගන්න, නැත්තං ‘මං මොනාද ඔයාට කරන්න ඕන..’ කියල අහලා අනුරාගය උපරිම කරන්න.

    3. ආ, ඒක ෆාර්ට් එකක් නෙමෙයි.

    සෙක්ස් කරද්දි එක එක විදිහෙ සද්ද එනවා. ඒ හැම එකක් ගැනම කතා කරන්න යන්න ඕන නෑ. හිනාවකින් ඒක සමනය කරලා වැඩේ කරගෙන යන්න. ඒක පැහැදිලි කරන්න යන්න එපා.

    4. බුදු අම්මෝ

    සෙක්ස්වලදි අපි එක එක වචන කියනවා. ‘ඕ බේබි’, ‘ඔහ් ගෝඩ්’ ‘ජීසස් ක්‍රයිස්ට්’.. ඔය වගේ එක එක එක්ස්ප්‍රෙෂන්. හැබැයි ඒ මැද්දට බුදු අම්මෝ වගේ වචනයක් ආවොත් සම්පූර්ණ වැඩේම ඇනහිටින්න පුළුවන්. ‘ජයවේවා’ වගේ වචනයක් වුනත් එහෙමයි.  ඒ එක්ස්ප්‍රෙෂන් එක මොකක් වුනත් ඒක අනුරාගී එකක් කරන්න.

    5. කොහොමද ඔයාගෙ පවුලෙ අය?

    එකිනෙකාගෙ විස්තර අහන එක නරක දෙයක් නෙමෙයි. ඒත් සෙක්ස් කරන වෙලාව ඒකට හරියන වෙලාව නෙමෙයි. අම්මලගෙ විස්තර, දරුවන්ගෙ විස්තර වගේ දේවල් අනුරාගනාශක. ඒවා වෙන වෙලාවක කතා කරන්න. සෙක්ස්වලදි වගකීම් දරන ඒ භූමිකාවෙන් නිදහස් වෙන්න ඉඩක් දෙන්න.

    6. සොරි

    වරදක් වුනාම සොරි කියන එක හොඳයි. ඒත් සෙක්ස් කරද්දි සොරි නෑ. ඒ බි්‍රතාන්‍ය සංස්කෘතිය ඇඳ උඩට ගේන්න එපා. ඔයා කරන දේ ඔයා විශ්වාසෙන් කරන්න.

    7. ඔයාට ඕන නං කරන්න.

    සෙක්ස් කරද්දි තමන්ගේ උවමනාව පාවාදෙනවා කියන එක සෙක්සි නෑ. කරන ඕන දෙයක් එකපයින් උනන්දුවෙන් කරන්න ඕන. ඔයා අකමැති දෙයක් කරන්න යනවා නම් පැහැදිලිව ඒක කියන්න. ඔයාට ඕන නං කරන්න වගේ බයාදු තැනකට වැටෙන්න එපා.

    8. ඔයා කී දෙනෙක් එක්ක සෙක්ස් කරල තියෙනවද?

    සෙක්ස් කරන්න කලින් ප්‍රොටෙක්ෂන් ගැන හිතන එක හොඳයි. ඒකට අනිත් කෙනාගෙ චර්යාව ගැන දැනගන්න එකත් වැදගත්. හැබැයි ඒක සෙක්ස් කරන වෙලාවට අහන්න ඕන දෙයක් නෙමෙයි. ඇඳට යන්න තීරණය කරන්න කලින් කතා කරලා ඒවා ගැන සැකසංකා නැති කරගන්න. කලින් සෙක්ස් කරපු අය ගැන අහන එක ගොඩක් අයට ඒ තරම් අනුරාගී දෙයක් නෙමෙයි.

    9. අනා කියුට්

    කියුට්, ස්වීට් වගේ වචන පාවිච්චි කරන්න ඕන ඇඳුම් ඇඳගෙන ඉන්න වෙලාවට විතරයි. නිරුවත් ශිෂ්නයක් දිහා බලාගෙන කියන්න හොඳ වචන නෙමෙයි.

    10. මං ආසයි සෝමෙටත් කතා කරන් ත්‍රීසම් එකක් දාන්න

    සෙක්ස් ෆැන්ටසි ගැන කතා කරන එක ඉතාම හොඳ දෙයක්. ඒකෙන් සංසර්ගය වඩාත් උත්කර්ෂවත් කරන්න පුළුවන්. ඒත් ඒක කරන්න කලින් අනිත් මනුස්සයාගෙ විදිහ තේරුම් අරන් ඉන්න ඕන. එයා ඒ වගේ ෆැන්ටසියකට කැමතිද, සෝමෙ ගැන එයාට හිතෙන්නෙ කොහොමද වගේ දේවල් දන්නෙ නැතුව එකපාරට අතාරින්න එපා. මේ ෆැන්ටසිය විතරක් නෙමෙයි ඕනම ෆැන්ටසියක් බෙදාගන්න කලින් අනිත් කෙනාව දැනං ඉන්න.

  • Raising the Skirt (රෙද්ද ඉස්සීම)

    Raising the Skirt (රෙද්ද ඉස්සීම)

    කැතරීන් බ්ලැක්ලෙජ්

    ආචාර්ය කැතරීන් බ්ලැක්ලෙජ් කියන්නෙ බ්‍රිතාන්‍ය ජාතික සෙක්ස් සම්බන්ධ විද්‍යාවෙන් සමාජය දැනුවත් කරන්නියක්. ඒ වගේම සෙක්ස් සහ ප්‍රජනනය ගැන කැම්පේන් කරන කෙනෙක්. එයා සමාජයේ ටැබූ බිඳගෙන විද්‍යාවේ දැනුම අරගෙන යනවා. මේ පොතේ කැතරීන් ඉතිහාසයේ පටන් නූතනය දක්වා වැජයිනාව සතු බලය පිළිබඳ අපිට කියනවා. ගැහැණියක් වීමේ ආශ්චර්ය ගැන ලියනවා.

    වැජයිනාවේ (vagina) බලය ගැන නොගැයූ ගීතය

    ඇය කතා කරන්නේ ඇගේ කකුල් දෙක මැද්දෙනි.

    වැජයිනාවක් ඇතුව ඉපදුනු හැමකෙනෙක්ම බෙදාගන්නා එක මොහොතක් තියෙනවා. ඒ මොහොත තමයි ගැහැණු ජීවිතය ආපහු හරවන්න බැරි විදිහට වෙනස් කරන්නෙ. හැඩයක් හදන්නෙ. ඒ තමයි ඔයා ඔයාගෙ තියෙන මොකක් හරි හින්ද පීනසයක් (penis) ඇති විශේෂ කණ්ඩායමකට වඩා වෙනස් විදිහක සැලකුම් ලබන බව වටහා ගන්නා මොහොත.

    මේ අවබෝධයේ මොහොත සාමාන්‍යයෙන් කෙල්ලෙකුගේ මුල්කාලෙදිම ලැබෙනවා. මට ඒ මොහොත මුනගැහුනෙ මං ප්‍රයිමරියෙ ඉඳිද්දි. මට අක්කලා දෙන්නෙකුයි අයියලා දෙන්නෙකුයි ඉන්නවා. මගේ අයියලට බයිසිකල් තිබුන. ඒත් මට පදින්න තහනම්. කෙල්ලෙකුට ඒක නරකයි කිව්වා. අයියලට ගෙදර වැඩ මොකවත් නොකලත් ඒ වැඩ ඔක්කොම කරන මටයි අක්කලටයි සමානවම පොකට් මනී ලැබුන.බ්‍රිතාන්‍ය

    මට ඒකට තරහ ගියා. ඒ වගේම මොකක්ද මේ කියල හිතුන. මගෙයි අයියලගෙයි තිබුන එකම වෙනස මගේ වැජයිනාව විතරයි. වැජයිනාව නරක වෙලා පීනසය හොඳ වුනේ කොහොමද? කවුරුවත් කිව්වෙ නැතත් අදහස ඒක නේද? මං දන්නවා මේක දැනෙන්නෙ මට විතරක් නෙමෙයි කියල. මගේ නෙගටිව් හැඟීම් මගේ වැජයිනාව මත පටවපු එකම කෙනා මං නෙමෙයි. වැජයිනාව නිසා මගේ වටිනාකම අඩුයි කියල දැනුන එකම කෙනා මං නෙමෙයි.

    මේ විදිහට වැජයිනාව කියන්නෙ පාපය නැත්තං නරක විදිහෙ සම්බන්ධයක් හැදුනම කෙල්ලෙකුට හෝ ගැහැණියකට තමන්ගේ ලිංගේන්ද්‍රය ගැන ආඩම්බරයක් දැනෙන්නෙ කොහොමද? අපි කොහොමද අපේ වැජයිනාව උපරිමයෙන් විඳින්නෙ? මොකද ඉතාම ගැඹුරෙන් අපිට දැනෙනවා ඒක තමයි අපේ ජීවිතේ මුහුනදෙන වේදනාවෙ සහ අසමානතාවයෙ මූලය කියල. කොහොමද මේ වැජයිනා තුවාලය සුව කරන්නෙ?

    හිතන්න. හැම දෙමාපියෙකුම, භාරකරුවෙකුම, ආච්චි සීයා කෙනෙකුම, යාළුවෙකුම වැජිනාවක් තිබීම ගැන රැඩිකල් විදිහට වෙනස් කතාවක් තමන්ගේ දරුවන්ට කියන ලෝකයක් ගැන. ගැහැණියක් වීමේ අභිමානය සහ ශක්තිය ගැන කතා කියන කාලයක් ගැන. ගැහැණු ලිංගේන්ද්‍රයේ, ගැහැණුකමේ වටිනාකම ගැන කතා කියන කතන්දර ගැන. මේ වගේ කතන්දර ඇත්තටම තියෙනවා. වැජයිනාවේ ගැහැණු බලය ගැන ඒ වගේ කතා ලෝකෙ තියෙනවා. ඒවා තමයි රෙද්ද ඉස්සීමේ කතා. හැම ගැහැණියෙක්ම ඒ කතා දැනගන්න ඕන.

    ලෝකෙ ඕනම රටක ඉතිහාසයේ, මිත්‍යා කතා ඇතුලෙ, ජනකතා ඇතුලෙ මේ කතා ඕනතරම් හොයාගන්න පුළුවන්. ඒ හැම කතාවකින්ම කියන්නෙ ගැහැණියක් රෙද්ද ඉස්සුවොත් සිද්ද වෙන්න පුළුවන් මහා වෙනස්කම් ගැන.

    මේ විදිහට වැජයිනාව විදහාපෑමෙන් ගැහැණු ලෝකය පාලනය කිරීමේ බලය අතට ගන්නවා. තමන්ගේ සැමියන් රකින්න චණ්ඩ මාරුත මැඩපවත්වනවා. මහ මුහුදු කුණාටු සමනය කරනවා. රෙද්ද ඉස්සීම කියන්නෙ නරක පාලනය කිරීමේ බලයක්. මහ වලස්සු සිංහයො වැජයිනාවට බයේ පලායනවා. යක්කු පෙරේතයො පැනලා දුවනවා.

  • කොවිඩ් සෙක්ස් ගැන ස්ලැවොයි ජිජැක්

    කොවිඩ් සෙක්ස් ගැන ස්ලැවොයි ජිජැක්

    කොවිඩ් අපිට කියන්නෙ ආධ්‍යාත්මික මාධ්‍යයක් හැටියට සෙක්ස්වල වැදගත්කමද?

    කොවිඩ් 19 නිසා අනිවාර්යෙන්ම ඩිජිටල් සෙක්ස් ගේම්වල වැඩිවීමක් සිද්ද වෙයි. හැබැයි ඒ වගේම අපේ ශාරීරික සමීපතාවයේ වටිනාකම අගය කරන්නත්, දෙන්නෙක් අතර සෙක්ස් කියන එක ආධ්‍යාත්මික මාවතක් හැටියෙන් තේරුම්ගන්නත් කොවිඩ් අපිව පොළඹවයි.

    අයිරිෂ් සෞඛ්‍ය බලධාරීන් විසින් කොවිඩ්වලදි සෙක්ස් කළ යුතු ආකාරය ගැන නිර්දේශ වගයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙ තියෙන ප්‍රධානම නිර්දේශ දෙකක් තියෙනවා.

    එකක් ශාරීරික සහ මුහුණට මුහුණ සම්බන්ධතාවලින් ඈත් වෙලා ඉන්න එක සලකා බැලීම වැදගත් කියන එක, විශේෂයෙන් සෙක්ස් ආශ්‍රිත රැකියා කරන අයට වීඩියෝ ඩේට්ස්, චැට් රූම්ස්, සෙක්ස්ටින් වගේ දේවල් පාවිච්චි කරන්න සලකා බලන්න කියල උපදෙස් දෙනවා. අනිත් අය එක්ක කීබෝර්ඩ් එක බෙදාගන්නවා නම් පාවිච්චි කරන්න කලින් ඒක විශබීජහරණය කරන්නත් ඕන. අනිත් කාරණය තමයි ස්වයං වින්දනයෙන් කොරොනා වයිරසට බෝනොවෙන බව. විශේෂයෙන්ම ස්වයං වින්දනයට  තත් 20ට කලින් ඔබේ අත් සහ සෙක්ස් ටෝයිස් සබන් යොදා පිරිසිදු කරගත්තොත් එය ආරක්ෂිතයි කියල කියනවා.

    මේවා ශරීරයෙන් ශරිරයට බෝවෙන වසංගතයක් ඇති කාලෙක සාමාන්‍ය කාරණා. හැබැයි කෙනෙකුට පේන්න ඕන මේ නිර්දේශයන්ගෙන් ඇත්තටම කරන්නෙ දැනටමත් අපේ ජීවිතේ සිද්ද වෙමින් යන ඩිජිටල්කරනය වඩා හොඳින් ස්ථාපිත කරන එකයි කියල. සංඛ්‍යා දත්ත වලින් පේනවා මේ වෙද්දි නව යෞවනයෙක් තමන්ගේ ලිංගිකත්වය හොයාගෙන යාමට යොදවන කාලය එයා වෙබ් එකේ ගත කරන කාලයට සාපේක්ෂව ඉතාම අඩු ප්‍රමානයක් කියල.

    ඒ ගොල්ලො සෙක්ස් කළත් ඒක කරන්නෙත් ඩිජිටල් ස්පේස් එකක. සමහර විට පෝර්න් එක්ක. ඒක ලේසියි වගේම ඉක්මන් තෘප්තියක්.

    මේ හේතුව නිසාම HBO එකෙන් හයිස්කූල් ශිෂ්‍ය පිරිසක්  ඩ්‍රග්ස්, සෙක්ස් සමග අනන්‍යතා, ඛේදවාචක, සෝෂල් මීඩියා, ආදරය සහ යාලුකම් අතර යන ගමනක් කියල යුෆෝරියා සීසන් එක ගෙනෙද්දි ඒ ගොල්ලො ගේන්නෙ දැන් යෞවනයේ නැතිම දේ. ඒක මේ කාලෙ නව යෞවනය නෙමෙයි. ඒ හින්ද ඒක අදාල නැති කාලයක කතාවක් වගේම දැන් මැදිවියේ කාගෙ හරි නොස්තැල්ජියාවක් වගේ වෙනවා.

    හැබැයි අපි මෙතනින් අඩියක් ඉස්සරහට ගිහින් ඇහුවොත්, ඇත්තටම කවදාවත් එහෙම රියල් සෙක්ස් කියල දෙයක් තිබුනද? ෆැන්ටසියකින් තොරව පැවතුනු රියල් එකක් ඉතිහාසෙවත් තිබුනද? ස්වයං වින්දනය කියන එකම සාමාන්‍ය අර්තයෙන් ගත්තොත් වෙන අයව මවාගනිමින් තමන් විසින් කරගැනීම. රියල් සෙක්ස් කියන්නෙ කොහොමත් තව කෙනෙක් එක්ක කරන මාස්ටර්බේෂන් එකක් කියල කිව්වොත්?  මොකක්ද මං ඒකෙන් අදහස් කරන්නෙ? ගාඩියන් එකේ කමෙන්ට් එකක් විදිහට ඊවා වයිස්මන් විසින් ජොන් රොන්සන්ගෙ ඉන්ටර්නෙට් පෝර්න් කම්පනය ගැන කරපු බටර්ෆ්ලයි අෆෙක්ට් කියන පොඩ් කාස්ට් සීරීස් එක මතක් කරනවා. පෝර්න් සෙට් එකක නළුවාට මගදි බහිනවා. ඒක ආපහු නග්ගගන්න නළුවා කරන්නෙ නිළියගෙන් අනිත් පැත්තට හැරිලා ෆෝන් එකෙන් පෝර්න් හබ් බලබල ස්වයං වින්දනයෙ යෙදෙන එක. නිරුවත් ගෑනියෙක් එයාගෙ කකුල් දෙක ළඟ ඉන්නවා. මේ සිද්දිය ඇයව කම්පනය කළා කියල ඊවා කියනවා.

    ‘සෙක්ස් කියන දේ මොකක් හරි නරක් වෙලා’ ඊවා අවසන් කරන්නෙ එහෙම.

    මං එකඟයි. ඒත් මං මේකට සයිකොඇනලසිස් පාඩමක් එකතු කරනවා. සෙක්ස් කියන එකේ කොහොමත් ස්වභාවයෙන්ම නරක් වෙලා තමයි තිබුනෙ. මානව ලිංගිකත්වය කොහොමත් විපරීතයි. සැඩොමැසිකිස්ට් දේවල්වලට විවෘතයි. විශේෂයෙන්ම ඒක රියැලිටියෙ සහ ෆැන්ටසියෙ මිශ්‍රණයක්. මං මගේ සහකරුවා හෝ සහකාරිය සමග ඉඳිද්දී පවා ඔහු/ඇය සමග මගේ සම්බන්ධය මගේ ෆැන්ටසි එක්ක ගැටගැහිලයි තියෙන්නෙ. හැම ලිංගික සම්බන්ධයක්ම ගොඩනැගිලා තියෙන්නෙ ඇත්ත සහකරුවෙක් එක්ක ස්වයං වින්දනය කිරීමක් විදිහට. මං මගේ සහකරුවාගේ මාංශය, ශරීරය පාවිච්චි කරන මගේ ෆැන්ටසිය අත්පත් කරගන්න මෙවලමක් විදිහට.

    අපිට මේ සහකරුවකුගේ ශරීරමය යතාර්ථය සහ ෆැන්ටසි විශ්වය අතර පරතරය පීතෘමූලික සහ සමාජ ආධිපත්‍යයික ස්වරූපය නිසා හෝ සූරාකෑම නිසා ඇතිවුනු තත්වයක් විදිහට ලඝු කරන්න බෑ. මේක ආරම්භයේ ඉඳන්ම මෙහෙමයි. ඒ හින්ද මට හොඳටම තේරෙනවා නැවත ප්‍රානවත් වෙන්න පෝර්න් හබ් බලන නළුවාගෙ තත්වය. එයා හොයන්නෙ එයාගෙ පර්ෆෝමන්ස් එකට ෆැන්ටැස්මික උදව්වක්. සෙක්ස් කරද්දි කෙනෙක් අනෙකාට මොනවා හරි කියන්න, ගොඩක් වෙලාවට වල් දේවල් කියන්න කියන්නෙත් මේ හේතුවටමයි. අපි අපේ අත්වලින් ඒ දේ, අපේ සහකරුවාගේ ශරීරය අල්ලගෙන හිටියත් අපි ඉල්ලනවා ෆැන්ටසියක උදව්ව.

    මේක අර නළුවට හරියටම වැඩකරනවා. මොකද එයා ඒ නිළිය එක්ක ආදර සම්බන්දයක ඉන්නවා නෙමෙයි. ඇගේ ශරීරය එයාට පන තියෙන සෙක්ස්බොට් කෙනෙක් විතරයි. ඔන්න ඒ නළුවා ඇය සමග අනුරාගී ආදරයකින් පසුවුනා නම් ඒ ශරීරය එයාට දැනෙන්න තිබුන. මොකද එහෙම වුනා නම් ඔහුගේ හැම ස්පර්ශකින්ම ඇගේ ආත්මයේ අරටුව කම්පනය කරන හින්ද. කෙනෙක් තමන් ආදරය කරන කෙනෙක් සමග සංවාසයේදී ඒ සහකරුවාගේ ශරීරය ස්පර්ශ කිරීම හරිම වැදගත් දෙයක්. ඒ හින්ද අපිට සිද්ද වෙනවා ලිංගික අනුරාගය ශාරීරිකයි -ආදරය ආධ්‍යාත්මිකයි කියන සාමාන්‍ය පිලිගැනීම වෙනස් කරන්න. ලිංගික ආදරය ශාරීරීකයි, දැනෙනසුලුයි, ආදරයෙන් තොර ලිංගිකයට වඩා. තවත් විදිහකින් කිව්වොත් ආදරයත් එක්ක සෙක්ස් දැනෙනවා වැඩියි, ආදරයක් නැති සෙක්ස්වලට වඩා.

    එහෙම නං මේ වසංගතය නිසා ලිංගිකත්වය සීමා වෙලා ආදරය පැතිරෙන්න පටන් ගනීද? ස්පර්ශ කළ නොහැකි දුරින් සිටින ආදරවන්තයා ගැන වර්ණනාත්මක හැඟීම් විකසිත වෙයිද? වසංගතය නිසැකවම ඩිජිටල් සෙක්ස් ගේම්වලට නම් ලොකු තල්ලුවක් දේවි.

    ඒ වගේම ලිංගික අනුරාගය ගැන සමීපත්වය ගැන අලුත් විදිහක වටිනාකමක් වසංගතය නිසා මිනිස්සු තේරුම් ගනීවි කියලත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

    මෙතනදි ආන්ද්‍රෙයි තර්කොව්ස්කිගෙ පාඩමක් මතක් කරන එක හොඳයි. තර්කොව්ස්කිට පොලොව කියන්නෙ ඒ පොලොව ඇතුලෙ තියෙන තෙත සහිත බවත් එක්ක, ආධ්‍යාත්මිකබවට විරුද්ධ යමක් නෙමෙයි. පොලොව කියන්නෙ ආධ්‍යාත්මිකත්වයේ මාධ්‍යයමයි. තර්කොව්ස්කිගෙ මාස්ටර්පීස් එකක් වුනු මිරර් ෆිල්ම් එකේ එයාගෙ තාත්තා අර්සෙනි තර්කොව්ස්කි මේ වචන කියනවා. ‘ශරීරයක් නැති ආත්මය පව්කාරයි. හරියටම ඇඳුම් නැති ශරීරයක් වගෙයි’

    පෝර්න් බලාගෙන මාස්ටර්බේට් කරන එක පව්කාරයි. ශරීරයෙන් ශරීරය ස්පර්ශය ආධ්‍යාත්මිකයට මාර්ගයයි.

  • කංසා එක්ක සෙක්ස් – Cannasexual

    කංසා එක්ක සෙක්ස් – Cannasexual

    කැනබිස් නැත්තං කංසා එක්ක සෙක්ස් කොහොමද කියන එක ගැන ගොඩක් සාකච්ඡා පර්යේෂණ සිද්ද වෙලා තියෙනවා. පළමු කාන්ඩයේ මත්ද්‍රව්‍යයක් විදිහට පිටුවහල් කරලා තියෙද්දි පවා තමන් සතු සීමිත හැකියාව පාවිච්චි කරලා පර්යේෂකයො කංසා ගැන නිර්මාණය කරපු මිත්‍යා බිඳින සොයාගැනීම් කළා. අවුරුදු දහස් ගානක් තිස්සෙ කංසා කියන්නෙ මිනිස්සු පාවිච්චි කරපු ඇෆ්‍රොඩිසියැක් එකක්. ඒ කියන්නෙ වාජීකරණ නැත්තං ලිංගික උත්තේජනය ඇති කරන ඖෂධයක්.

    ක්‍රි.ව 7 සියවසේ විතර ඉන්දියාවෙ තාන්ත්‍රික සෙක්ස් එක්ක කංසා පාවිච්චි කරපු වාර්තා තියෙනවා. කංසා පාවිච්චි කරන ගොඩක් අය කියන්නෙ ඒක තමන්ගේ ලිංගික ජීවිතය වඩා තෘප්තිකර එකක් කරනවා කියල. සමහරු කියනවා ඒකෙන් නෙගටිව් ප්‍රතිඵල තියෙනවා කියලත්.

    පර්යේෂණවලින් පේන්නෙ මොකක්ද? කංසා පැලයට ඔයාගෙ ලිංගික ජීවිතය තවත් රසවත් කරන්න පුළුවන් කියන එකට සාක්ෂි ඕනතරම් තියෙනවා.

    1. කංසා පාවිච්චි කිරීමෙන් කාන්තාවන් වඩා හොඳ සුරතාන්තයන් ලබනවා.

    2019 පර්යේෂණයක් කරනවා කංසා සහ කාන්තාවන්ගේ සුරතාන්තය අතර සම්බන්ධය ගැන. මේකට කාන්තාවන් 373 දෙනෙක් යොදාගන්නවා. මෙතනින් සෙක්ස්වලට කලින් කංසා පාවිච්චි කරපු 127 දෙනෙක් අනිත් අයට වඩා තෘප්තිදායක සුරතාන්තයන්ට ළඟා වෙනවා. කැනබිස් පාවිච්චි කිරීමෙන් පාවිච්චි නොකරන්නියකට වඩා 2.13 ගුණයක් වඩා හොඳ සුරතාන්තයක් ලැබීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම නිතර කංසා පාවිච්චි කරන්නියක් ඉඳහිට කංසා පාවිච්චි කරන්නියකට වඩා 2.10 ගුණයක් තෘප්තිකර සුරතාන්තයක අවස්ථාව ලබනවා.

    2. කංසා පාවිච්චි කරන අය වැඩියෙන් සෙක්ස් කරනවා

    2017 පර්යේෂණයක් කරලා තියෙනවා කංසා සහ සෙක්ස් කිරීම අතර සම්බන්ධය ගැන හොයන්න. පිරිමි ගැහැණු 50000ක් මේ පර්යේෂණයට සහභාගි වෙලා තියෙනවා. මෙතනදි ඉතාම පැහැදිලි සම්බන්ධයක් මතුවෙනවා. කංසා පාවිච්චි කරන අය අනිත් අයට වඩා වැඩිපුර සෙක්ස් කරන්න නැඹුරුවෙනවා. මේකෙ ගැහැණු පිරිමි භේදයක් නෑ. ඒ වගේම කංසාවලින් ලිංගික ආබාධයන් ඇති නොකරන බවත් මේ පර්යේෂනයෙදි පැහැදිලි වෙන කාරණයක්.

    3. කංසාවලින් කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යය යහපත් කරනවා

    2020දි කාන්තාවන් 452ක් යොදාගෙන පර්යේෂණයක් කරනවා කංසා සහ කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යය අතර සම්බන්ධය තේරුම් ගන්න. මෙතනදි ඒ අයගේ ආශාව, සුරතාන්තය, උත්තේජනය, තෙත්වීම, තෘප්තිය, වේදනාව වගේ කාරණා ගැන ප්‍රශ්න කළා. නිතර කංසා පාවිච්චි කරන කාන්තාවන් ආශාව, උත්තේජනය, සුරතාන්තය, තෘප්තිය ආදී කාරණාවලින් කංසා පාවිච්චි නොකරන අයට වඩා ඉහළ ලකුණු ලබාගත්තා. කංසා පාව්චිචි කරන ආකාරය හෝ පාවිච්චි කරන කංසා වර්ගය මෙතනදි බලපෑමක් වුනේ නෑ.

    4. කංසා පාවිච්චියෙන් කාන්තාවන්ට වැඩි ලිංගික උත්තේජනයක් සහ අඩු වේදනාවක්

    2017 කළ පර්යේෂණයකින් එලිවුනේ කංසා පාව්චිචි කරන කාන්තාවන්ගේ ලිංගික පෙළඹවීම වඩා වැඩියි කියල. ඒ වගේම සෙක්ස්වලදි ඔවුන් ලබන වේදනාවත් කංසා නිසා අඩුවුනා.

    මේ පර්යේෂනය කලේ කාන්තාවන් 289ක් යොදාගෙන. සෙක්ස්වලට පෙර කංසා පාවිච්චියෙන් ඔවුන්ගේ ලිංගික අත්දැකීම පැහැදිලි වෙනසකට බඳුන් කළා. 60%ක් කිව්වා ඔවුන්ගේ ලිංගික පෙළඹවීම සහ ආශාව මේ නිසා වැඩිවුනා කියල. ඒ වගේම සෙක්ස්වලදි වේදනාවක් අත්විඳිනවා කියපු අයගෙන් 77%ක් කිව්වා තමන්ගේ වේදනාව ඉතාම අඩු මට්ටමක තිබුන කියල. අනිත් පෙරකී පර්යේෂණ දෙක වගේම මෙයිනුත් සනාථ වුනේ කංසා මගින් සුරතාන්තය වඩාත් තෘප්තිමත් එකක් කරනවා කියල.

    5. කංසාවලින් පුරුෂ ලිංගේන්ද්‍රිය ප්‍රානවත් වීම වැඩි කරන්න පුළුවන්. තව පර්යේෂණ කරන්න අවශ්‍යයි.

    කංසා සහ කාන්තා ලිංගිකත්වය ගැන කෙරුනු තරම් පර්යේෂණ කංසා සහ පිරිමි ලිංගිකත්වය ගැන කරලා නෑ. සමහර පර්යේෂකයන් පෙන්නා දෙන විදිහට කංසාවලින් පිරිමි සුරතාන්තයට පත්වීම අසීරු කරනවා. ඒත් හැම පර්යේෂණයක්ම ඒ තත්වය සනාථ කරලා නෑ.

    2011 කරපු පර්යේෂණයකට අනුව කංසාවලින් පිරිමින් සුරතාන්තයට පත්වීම ප්‍රමාද හෝ අසීරු කරන බවට කරුණු ගේනවා. ඒ වගේම පිරිමි ලිංගිකත්වය පැත්තෙන් ධනාත්මක කාරණාත් මේ පර්යේෂණයෙදි එලිදරව් වෙලා තියෙනවා. කොහොම වුනත් මේ පර්යේෂකයන්ගේ අදහස සමස්තයක් හැටියට කංසා නිසා පිරිමින්ගේ ලිංගික ක්‍රියාව වඩා යහපත් කරන බවයි.

    ඒත් මේ ගැන දෙපාර්ශ්වයකින් දෙවිදියක අදහස් පළවෙන නිසා තවදුරටත් පර්යේෂණ කරන්න සිද්ද වෙනවා.

    කැනබිස් නැත්තං කංසා පාවිච්චි කරමින් සෙක්ස් කරන අයට කියනවා කැනාසෙක්ෂුවල් කියල. මේක පුහුණුවක් විදිහට කරන අයත් ඉන්නවා. මෙතනදි පාවිච්චි කරන කංසා වර්ගය, මාත්‍රාව, දැනෙන වෙනස ආදිය ගැන වාර්තා තබාගැනීමෙන් වඩා හොඳ ප්‍රතිඵල කරා යන්න පුළුවන්. විශේෂයෙන් සමහර කාන්තාවන්ට කංසා නිසා මනෝභ්‍රාන්ති වගේ තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ අයට කැනබිස් ඔයිල් යෝනියේ ආලේප කිරීම ආදිය මගින් වඩා හොඳ තෘප්තියක් ආස්වාදයක් ලබන්න හැකියාව තියෙනවා.

    මේ විදිහට කංසා එක්ක සෙක්ස් කිරීමේ විවිධ ආකාර ප්‍රභේද තියෙනවා. තමන් කැමති තමන්ට ගැලපෙන භාවිතය හොයාගන්න එක අපේ වැඩක් වෙනවා.

  • මොනොගමිය සතුටක්ද? දුකක්ද?

    මොනොගමිය සතුටක්ද? දුකක්ද?

    මංගල සමරවීර එක්ක මං කරපු සාකච්ඡාවෙදි මංගල සමලිංගිකත්වය සහ පවුල කියන කාරනය ගැන එක ගැඹුරු තැනක් සලකුනු කළා. මංගල සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී හිටියට එයා පුද්ගලිකව සමලිංගික විවාහ අවශ්‍යයි කියල හිතන්නෙ නෑ. ඒ කියන්නෙ මංගල සමලිංගික විවාහ නීතිගත කිරීමට විරුද්ධව වැඩකරනවා කියන එක එහෙම නෙමෙයි. මංගලගෙ අදහස වුනේ විෂම ලිංගික ආදරයේ නිර්මාණයක් වුනු විවාහය කියන එක සමලිංගික පෙම්වතුන් විසින් කොපි කළ යුතු නෑ කියන එකයි. විවාහ සංස්ථාව කියන වැඩවසම් ආකෘතිය ඇතුලට යන්න සටන් කිරීම නිදහස වෙනුවෙන් කරන සටනක් නෙමෙයි කියන එකයි. තමන්ගේ සමරිසි ලිංගික අනන්‍යතාවය හංගන්නෙ නැති ලංකාවෙ එකම දේශපාලන චරිතය පවුල ගැන දරන මේ අදහස සංස්කෘතිකව ප්‍රගතිශීලී එකක්.

    බොක්සර් එකක් පිටින් කොල්ලෙක් උගේ වෘෂනකෝෂ මිරිකාගෙන ඉන්න පිංතූරයක් ලිපියක පලකිරීම නිසා මාව ෆේස්බුක් එකෙන් සතියකට පිටුවහල් කළා. මේකෙ අසභ්‍ය මොකක්ද කියල හිතාගන්න බැරුව මං ගූගල් එකේ මේක ටිකක් හෙව්වා. ඇන්තනි වයිනර් කියන කොංග්‍රස් සාමාජිකයාගෙ අපචාර සිද්දිය කියවන්න ලැබුනෙ එතකොට. වයිනර් අවුරුදු 21ක කෙල්ලෙකුට ට්වීට් කරනවා එයාගෙ යටඇඳුම් පිටින් ප්‍රානවත් වුනු ලිංගය දැක්වෙන ෆොටෝ වගයක ලින්ක් එකක්.

    මේක අපවාදයක් විදිහට නැගෙද්දි වයිනර් මුලින් කියනවා එයාගෙ ට්විටර් එක හැක් කරලා කියල. පස්සෙ එයා පිලිගන්නවා එයා නාඳුනන මේ කාන්තාවට එයා විසින්ම මේ පිංතූර සහිත ලින්කුව යැව්වා කියල.

    වයිනර්ට අපි හිනාවුනාට වයිනර්ගෙ මේ පෙනී සිටීම අපිව අර්බුදයට යවන ප්‍රශ්නයක් ඉතුරු කරනවා. මොනොගමි පවුලක නැත්තං ඒක භාර්යා විවාහයක ඉන්න හැමෝම වයිනර් කරපු විදිහෙ දේවල් කරන්නෙ නැතුව ඇති. ඒත් ඒ විවාහය විසින්, වගකීම විසින් අපි මත පවරාපු චරිතයට පිටස්තර, හිතුවක්කාර, වනචර දෙයක් කිරීමේ ආශාව අපිට බැහැර කරන්න පුළුවන්ද? හැමදාම එකම විදිහට පවතින විවාහ ජීවිතය වෙනුවට පිටස්තර සම්බන්ධයක් විසින් දනවන ආස්වාදය අපිට බැහැර කරන්න පුළුවන්ද? ඕනම විවාහක යුවලකට අඩුම ගානෙ මේ හැගීම ආගන්තුක එකක් නෙමෙයි. වයිනර් කරන්නෙ එයාගෙ පවුලට චීට් කරන්න බැරිකමට කරන ඔන්ලයින් ෆ්ලර්ට් කිරීමක්.

    විවාහය කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒක ඒ අනුමත ප්‍රමිතියෙන් පවත්වාගෙන යාම අතිදරුණු වගකීමක්. අපි එකිනෙකා ගැන තබාගන්නා යතාර්ථවාදී නොවෙන අපේක්ෂා නිසා විවාහ ජීවිතය ඉතාම අසීරු ජීවිතයක් වෙනවා.

    සෙක්ස් ගැන ලෝකය පුරා ජනප්‍රිය ‘සැවේජ් ලව්’ කියන කොලම ලියන ඩෑන් සැවේජ් මොනොගමි ගැන අවුරුදු 20ක් පුරා ලියනවා. ඩෑන් කියන්නෙ විවාහය ගැන රොමැන්තික විශ්වාසයෙන් භක්තියෙන් යනවට වඩා ප්‍රැක්ටිකල් ආචාර ධර්ම රාමුවක් තමන් විසින් සකසා ගැනීම වැදගත් කියල. තමන් පමණක්ම පැතීම කියන මිත්‍යාව ලෙඩක්. ඒක ලංකාවෙ වගේම ඇමරිකාවෙත් ඔබ්සෙෂන් එකක් කියල ඩෑන් ලියනවා.

    ඩෑන් සැවේජ් කියන්නෙ මොනොගමි නැත්තං මේ ඒක භාර්ය ව්‍රතය සමහර අයට ඉතාම හොඳින් ගැලපෙන ක්‍රමයක් කියල. ඒත් මේ මොනොගමි ආදරය ගැන අපේ තියෙන කතිකාව, විශේෂයෙන්ම ඒ ආශ්‍රිත ලිංගික ජීවිතය ගැන කතාබහ අන්තිම බොරුවක්, අවංක නැති එකක්. සමහර අයට එක සහකරුවෙක් හෝ සහකාරියකට වඩා ඇසුරු කරන්න උවමනා වෙනවා. සමහර අය කැමතියි ෆ්ලර්ට් කරන්න, ඒ කියන්නෙ ශෘංගාර කම්පන කලාපයක ජීවත් වෙන්න. සමහර අය කැමතියි තමන්ට කසයකින් තලනවට. ඒ අපේ ආශාවන් අපි අපේ සහකරුවන් හෝ සහකාරියන් සමග විවෘතව කතා කරන්න ඕන.

    සමහර විට ඒ නිසා අපේ රහස් සම්බන්ධතාවලට ඉඩ ඇහිරිලා යන්න පුළුවන්. සමහර විට ඒ නිසාම විවෘත වෙනත් සම්බන්ධතා ඇතිවෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් සම්බන්ධයේ අවංකකම කියන එක අනිත් හැමදේකටම වඩා වටිනවා. ඒක ආදරයේ ප්‍රතිපත්තියක් වෙන්න ඕන.

    ‘මොනොගමි ජීවිතේ හොඳ දේවල් තියෙනවා’ ඩෑන් කියනවා.

    ලිංගික ආරක්ෂාව, ආසාදනවලින් ප්‍රවේශම් වීම, ඉමෝෂනලි දැනෙන ආරක්ෂිත බව, රැකබලා ගැනීමේ විශ්වාසය වගේ දේවල් ඒ සම්බන්ධතාවයක තියෙන ප්‍රතිලාභ. ඒ වගේම ඒකෙ අවාසිත් තියෙනවා. විශේෂයෙන්ම දරන්න බැරි ඒකාකාරීත්වය, විවිධත්වයක් නැති වීම, ලිංගික මරණය, නිතර ලැබෙන ඇසුරක් නිසා නොදැනී යාම, අවුල් සහගතබව වගේ තත්වයන් පවතින බවත් අපිට පිලිගන්න වෙනවා.

    ඩෑන්ගෙ අදහස මොනොගමි විවාහයේ නම්‍යශීලීබවක් අවශ්‍යයි කියන එක. අවංකත්වය, සතුට සහ සිනහව කියන දේවල්වලට වඩා විවාහය ලොකුයි කියල හිතන එක ලොකු අවුලක් නිර්මාණය කරනවා. ඒකෙන් අපි විය නොහැකි, මිනිස් නොවන තත්වයක් අපේ සහකරුවා හෝ සහකාරිය මත පටවනවා. ඒකෙන් පවුල් විනාශ වෙනවා.

    හොඳ ආදරයකට ආදරවන්තයින් ගුඩ්- ගිවින්ග් සහ ගේම් කියන කාරණා වලින් සමන්විත වෙන්න ඕන කියලයි ඩෑන් කියන්නෙ. ඒ කියන්නෙ දක්ෂ වෙන්න ඕන, ත්‍යාගශීලී වෙන්න ඕන, ඕනම දේකට සූදානම් වෙන්න ඕන. එකිනෙකාගේ සතුට වෙනුවෙන් විවාහයෙන් එලියට යන්න වෙනවා නම් ඒකටත් පසුබට නොවෙන්න ඕන. සම්බන්ධතාවයක් විසින් ඒකට අදාල හැඩය නිදහසේ නිර්මාණය කරගන්න ඕන.

    කොහොමටත් මේ ඒක භාර්යා අපේක්ෂාව පිරිමින් මත පැවරීම විෂම ලිංගික සමාජය විසින් කරගත්ත වරදක් කියලයි ඩෑන් සැවේජ් කියන්නෙ. පිරිමි ඉතිහාසයේ කිසිම දවසක ඒක භාර්යා වුනේ නෑ. හැම කාලයකදිම පිරිමින්ට වෙනත් බිසවුන්, අබිසරු ලියන්, රහස් පෙම්වතියන් හිටියා. කසාදයේදි හැමෝම සමාන වෙන්න ඕන කියල තීරනය කරන කල් පිරිමි මොනොගමි වුනේ නෑ. ස්ත්‍රීවාදී විප්ලවය විසින් කලේ පිරිමින් විසින් බුක්ති විඳිමින් හිටපු නිදහස ආස්වාදය කාන්තාවන් සඳහාද විවෘත කිරීම නෙමෙයි, ඒ වෙනුවට කාන්තාවන්ට පැනවී තිබුනු සීමා තහංචි පිරිමියා මතද පැනවීමයි.

    ඩෑන් කියන්නෙ මොනොගමස් වෙනුවට මොනොගමිෂ්, ඒ කියන්නෙ ඒක භාර්යාමය ස්වරූපයක් උත්සාහ කරන එක වඩා ප්‍රායෝගිකයි කියල. ඒ කියන්නෙ ඉඳහිට වෙනත් සම්බන්ධතාවලට ඉඩක් අවසරයක් තියෙනවා කියන එක.

    ඩෑන් කියන්නෙ ටිකක් ඇස් ඇරලා අවට බලන්න කියල. අපි වටේ පවතින මොනොගමි සම්බන්ධතාවල ස්වරූපය අපිව සතුටු කරනවද කියල. ඒ වෙනුවට සම්බන්ධතාවයක වටිනාකම අවංකබව ඔස්සේ තමන්ට පමණක් සීමිත ලිංගික ඇසුර කියන සීමාවෙන් එලියට, වඩා උසස් තලයකට ගෙනියන්න මහන්සි වෙන්න කියල.

  • ජොකා නැතුව ලබ්බ බහීද?

    ජොකා නැතුව ලබ්බ බහීද?

    අද උදෙත් ජිම් එකේදි යාලුවෙක් සෑහෙන වොරි වෙවී හිටියා ඌ සපෝර්ටර් එක ගහලා ආවෙ නෑ කියල. ලබ්බ බහී කියල බයකින් පුළුවන් තරම් බර අඩුවෙන් ඌ එක්සර්සයිස් කර කර හිටියා. මේක ඇත්තක්ද? ජොකා නොගහා බර ඉස්සුවොත් ලබ්බ බහිනවද?

    නෑ. මේක පචයක්. කාලයක් තිස්සෙ එන මිත්‍යාවක්. පිරිමි හැමෝම වගේ හිතනවා ජොකා නැතුව බර ඉස්සුවොත් ඇටදෙක පාත් වෙනවා කියල.

    ඇත්තටම සපෝර්ටර්ස් නෙමෙයි ජොකෙක් නැතුවමත් වුනත් බර උස්සන්න පුළුවන්. ඒකෙන් හර්නියා හැදෙන්නෙ නෑ. එකම දේ ඇටදෙක එහෙමෙහෙ යද්දි වැඩේ කරගෙන යන්න අමාරු වෙන එක.

    හර්නියා ගැන දැනගන්න ඕන නම් ගූගල් කරලා බලන්න. ඔයාට දුර්වල මාංශපේශීන් තියෙනවා නම් ඔයාට හර්නියා හැදෙන්න ඉඩකඩ වැඩියි. මාංශපේශීන් වර්ග තුනක් තියෙනවා. අස්ථිමය මාංශපේශී, හෘදමය මාංශපේශී සහ මෘදු මාංශපේශී කියල. අස්ථීන්වල චලනයට අස්ථිමය මාංශපේශීනුත්, හදවතේ රුධිර සැපයුමට හෘදමය මාංශපේශීනුත් ක්‍රියාකරන අතරෙ උදරය බඩවැල් ආදිය නිර්මාණය වෙන්නෙ මෘදු මාංශපේශීන්වලින්. උදර සහ යටිබඩ ප්‍රදේශයේ මේ මෘදු මාංශපේශීන් දුර්වල නම් ඔයාට හර්නියා හැදෙන්න ඉඩක් තියෙනවා.. මේ මධ්‍ය ප්‍රදේශයට කරන ව්‍යායාම වලින් බඩ සහ යටිබඩ ප්‍රදේශයේ මාංශපේශීන් ශක්තිමත් කරගන්න එක හර්නියා වළක්වාගන්න උදව්වක් වේවි.

    හර්නියා වලක්වාගන්න ඕන නම් ජොකා තදට ඇදලා හරියන එකක් නම් නෑ. ඒත් මේ පියවර හතරෙන් ඒ හැදෙන්න තියෙන සම්භාවිතාව අඩු කරගන්න පුළුවන්.

    1. හරි බර පංතියෙ ඉන්න. ඔයාගෙ උසට අදාල බර පිළිබඳ දර්ශකයට අනුව ඔයාගෙ ඇඟේ බර පවත්වාගන්න එක වැදගත්.
    2. ශරීරයේ මැද කොටස ශක්තිමත් කරගන්න. නිතරම නිවැරදි ඉරියව්වෙන් ශරීරය පවත්වාගන්න. ශරීරයේ මධ්‍ය කොටස ශක්තිමත් කරන ප්ලැන්ක්ස් වගේ ව්‍යායාම කරන්න.
    3. ව්‍යායාම කරන්න කලින් මාංශපේශීන් උත්තේජනය කරන්න. උදා විදිහට ස්කොට්ස් කරන්න කලින් ග්ලූට්ස් (තට්ටමේ විශාලම මාංශපේශීය) සංකෝචනය කරන එක, උදර ප්‍රදේශයේ මාංශපේශීන් සංකෝචනය කරන එක අවශ්‍යයි.
    4. හරි ආහාර ගන්න. ඇසිඩික් කෑම අඩු කරන්න. ඒවායින් ඇති කරන ආසාදන නිසා ඔබේ උදර බිත්ති දුර්වල වෙන්න පුළුවන්.

    ඉතිං බර උස්සද්දි ජොකා අඳින්නෙ වල්ල එක තැන තියාගැනීමේ පහසුවට මිස ලබ්බ බහිනවට නෙමෙයි.

  • කෝ එයා තාම නෑ (දෙවෙනි කොටස)

    කෝ එයා තාම නෑ (දෙවෙනි කොටස)

    “ඔයා මහ වනචර බැල්ලියෙක් නේද?”
    ඒ හිස්තැනට පස්සෙ තමලු මගේ කනට කෙඳිරුවා.
    “ඔව්..”
    “මිනිහා ළඟ තියාගෙන ඔහොම වෙන මිනිස්සු එක්ක නිදාගන්න තරමට උඹ වේසියෙක්..”
    “ඔව්.. ඇත්ත..”
    මං තවත් හයියෙන් මගේ ඇගිලි යෝනි තොල් අතර එහා මෙහා කළා.
    තමලු මාස්ටර්බේට් කරන ගමන් මාව හියුමිලියේට් කරනවා.
    “උඹ මං කියන ඕන දෙයක් කරනවා නේද?”
    “ඔව්..”
    “නැගිටලා මට උඹේ එක පෙන්නපං එහෙනං..”
    මං නැගිට්ටා. කැමරාව ඉස්සරහ ස්කර්ට් එක උඩට ඇද්දා. ආශාවෙන් පෙඟී පිම්බී තිබුන මගේ වැජයිනා එක පෙන්නුවා.

    “කී දෙනෙක් ඕකට හු.. ඇද්ද ?” තමලු ඕනවට වඩා යනවද කියල මට හිතුන. ඒත් මට ඕන නං නවත්තන්න තිබුන.
    “ඔව්… ගොඩක් අය…” මං නාට්‍යය ඉස්සරහට ගෙනියන්න කැමති වුනා.
    ඒ අපහාසය ලැජ්ජාව වගේම කැමරාව ඉස්සරහ මගේ නිරුවත මාව පුදුමාකාර විදිහට ශක්තිමත් කරනවා වගේ මට දැනුනා. මේ ලැප්ටොප් එකත් එක්කම තමලු ඇතුලු මුලු ලෝකෙම මගේ යෝනියේ ගිල්වා දාන්න පුළුවන් වගේ හැගීමක් ඒක.
    ‘මට පේන්න මාස්ටර්බේට් කරන්න’
    තමලුගේ අණ.
    “බෑ”
    මං පොඩි කාලෙන් පස්සෙ එහෙම තනියම කරගෙන නෑ.
    ‘කරපං. නැත්තං මං තරහ වෙනවා’
    නාට්‍යයෙ සම්පූර්ණ බලය තියෙන්නෙ එයාගෙ අතේ. මට තියෙන්නෙ අවනත වෙන්න. ඒ අවනත වීම කියන්නෙ මගේ උඩුහිතට විරුද්ධ යටිහිතට පක්ෂ ආසාව.
    මං හෙමින් ඇඟිල්ලක් මගේ යෝනිය ඇතුලට අරන් ගියා. ඊට පස්සෙ තව ඇඟිල්ලක්. යන්තම් ඇඟිලි සම්පූර්ණයෙන් නොපෙනී ගියා විතරයි.

    ‘ඌෳම්ම්හ්…….. ’
    තමලුගෙ මෝචනය මට ඇහුන. මටත් හෙමින් කෙඳිරි ගෑවුනා.ඒකත් එක්කම එයාගෙ ඒ වනචර ආත්මයත් නැවතුනා. එයා සාමාන්‍ය වුනා. එතකොට මට දැනුනා මං අමු හෙළුවෙන් කියල. මට ලැජ්ජා හිතුන. මං ඇඳුම් පිලිවෙල කරගත්තා.
    ‘ඔයා මාරයි… මං ඔයාට ආදරෙයි’
    තමලු කිව්වා. ඒ පරාජිත වචන යම් පමණකට මාව අස්වැසුවා. එයා ඉන්නෙ සහනයෙන් වග මට දැනුනා. ඒත් එයා මාව ඉතුරු කලේ අසහනයකින්.
    ඒත් මට ඊට වැඩියෙන් එයාගෙන් ඉල්ලන එක මදිකමක් වගේ දැනුනා. පිරිමියෙක් වුනහම දැනගන්න ඕන ගෑනියෙකුට කොහොමද සලකන්නෙ කියල.

    ‘මං යනවා. මට ඇති’
    මගේ තරහ පළ කලේ එහෙම. එයාට උත්තර දෙන්න ඉඩක් නොදීම මං ලයින් එක කට් කළා.

    ඒ තරහත් එක්ක සිද්දියෙ තිබුනු ආතතිය ඒක තවත් ආස්වාදනීය කළා. පලවෙනි වතාවට පිරිමියෙක් ඉස්සරහ එහෙම වනචර වුනාමයි. මං වොෂ්රූම් එකට ගිහින් මාවම ස්පර්ශ කරන්න ගත්තා. මට තෙමෙන්න ඕන වුනා. ඒ හින්ද ෂවර් එක ඇරගත්තා. මේ දවස්වල වතුර සීතලයි. ඒ වුනාට මං රස්නෙයි. ඇඳුම් පිටින්ම නෑවෙමින් මං වතුර මල යට මොහොතකට කලින් සැනහුන ඩිජිටල් සිහිනය මෙනෙහි කරමින් යෝනිතොල් ඇඟිලිවලින් කිතිකැව්වා.

    ඒක විපරීත ආස්වාදයක්. මං සුරතාන්ත පෙලක් එකදිගට පහුකළා. මගේ සර්වාංගයම ඒ විපරීතයෙන් විමුක්තිය ලැබුවා.

    මං ආපහු ඇඳට ආවෙ නිවුනු මනසින්. නිදාගන්න.
    “මොකද මේ රෑ නාලා?” මලින්ද ඇහුවෙ තෙත එයාගෙ ඇඟට ඉහුනු හින්ද.
    ‘රස්නෙයි.. දාඩියයි’.
    මං නිදි.

    පහුවෙනිදා ඔෆිස් ගියත් මං හිටියෙ උඩ පැන පැන. හුඟක් දඟ වැඩක් කරපු පොඩි එකෙකුට තිබුන උද්දාමයක් මට දැනුනා. මෙච්චර කාලයක් මගේ ඇඟ ඇතුලෙ හිටපු මංවත් නොදැන හිටපු මාව අවදි වුනු වගක් දැනුනා.

    මං හරි වල්… එහෙම හිතද්දි මට සකුටු හිතුනා.

    පැය කොහොමද තත්පර වගේ ගෙවුනෙ කියල මං දන්නෙ නෑ. ඔෆිස් එකේ පැට අට පුරාත් මගේ මයිල් ගස් කෙලින් වෙලා, වරින් වර හිරිගඩු පිපුනු වග විතරක් මං දන්නවා. ඔෆිස් ඇරුනා. මලින්ද ගෙදර ආවා. අපි කෑවා. එයා නිදාගත්තා.

    රෑ දහයයි. මගේ ඩිජිටල් රහස් ජීවිතේ දොරටු ඇරෙන වෙලාවයි.
    තමලු එන්න එන්නම නරක් වුනා. එයාට මාව සම්පූර්නයෙන්ම නිරුවත් කරන්න ඕන වුනා.

    කොයිවෙලාවෙ මලින්ද ඇහැරෙයිද දන්නෙ නෑ. එහෙම වුනොත් මට කියන්න දේකුත් නෑ. හෙඩ්ෆෝන් දෙකක් කනේ ගහගෙන හෙළුවෙන් මාස්ටර්බේට් කරන අමන්දව දැක්කොත් එයාගෙ ඔලුව නරක් වෙයි.
    ඒත් ඒ හැම මුරන්ඩු වැඩක්ම වඩ වඩාත් ආකර්ශනීය වුනා. තමලු මාව උමතුවක අද්දරට තල්ලු කළා. ඒ කෙලවරේදි මට මගේ වනාන්තර ආත්මය මුනගැහුන.
    මං වල් ගෑනියෙක්..

    තමලුයි මායි එක එක දේවල් කළා. එක එක දේවල් මගේ යෝනියට ඇතුල් කරලා බලන්න එයා ආස වුනා. මං කිසි දෙයක් බෑ කිව්වෙ නෑ. මං තමලුගෙ කැමරා ස්පර්ශයෙන් එක රැයකට කීපවතාවක් සුරතාන්තයට පත්වුනා. ඒත් තාමත් මං තමලුව දැකලා නෑ. ඒ කැමරාව පිටිපස්සෙ ඉන්නෙ කවුරු වෙන්න පුළුවන්ද?

    ඒ මිනිහව නොපෙනෙන තාක් කල් මට ඒ සිදුර පිටුපස්සෙ දෙවියන්වහන්සේ ඉන්නවා කියල හිතාගන්න පුළුවන්.

    ‘වේසි, උඹ මට පේන්න උඹේ මිනිහා එක්ක සෙක්ස් කරන්න ඕනි’
    තමලු දවසක මට විධාන කළා.
    ‘බෑ’
    ‘ඇයි?’
    ‘මට ඕන නෑ අපි දෙන්නා අතරට එයාව ගන්න’
    ‘මට ඕනි’
    ‘ඒක අසාධාරනයි. මට එයාව එහෙම පාවිච්චි කරන්න බෑ’
    ‘උඹ ඒක කරන්නම ඕනි’

    මෙතනදි හරි පුදුම දෙයක් වුනා. මං ලයින් එක කට් කරලා නැගිට්ටෙ නෑ. ඒ වෙනුවට මං ඒ වැරැද්ද කරන අරමුනෙන් නැගිට්ටා. මං හිතන්නෙ මට මං ගැන තිබුනු විශ්වාසය ඉස්මුරුත්තාවෙ ගිහින් තිබුනෙ.
    මං කැමරාව ඇඳ පේන විදිහට හැරෙව්වා. මලින්ද ළඟට ගිහින් හෙමින් එයාගෙ කලිසම උඩින් අතගෑවා.
    මලින්ද නිදිමතේම අත පැත්තකට ගසලා අනිත් පැත්ත හැරුනා. මං එයාගෙ පිට පැත්තෙන් හාන්සි වුනා. ඇඟේ ගෑවෙන විදිහට ඉන්න ගමන් පැත්තකින් අත එයාගෙ කලිසම ඇතුලට අරන් ගියා. කලබලයක් නැතුව හෙමින් හෙමින් මං මලින්දගෙ ශිෂ්නය උඩපහල කළා. ඊට කලින් කිසිම දවසක මං එහෙම දේකට මුලපුරලා තිබුනෙ නෑ.

    මට කිසිම බයක් සැකක් තිබුනෙ නෑ. ලැජ්ජාව කියල දෙයක් අහලකවත් තිබුනෙ නෑ. තමලු කැමරාවෙන් බලාගෙන.

    මලින්ද එකපාරට ගැස්සිලා මගේ පැත්තට හැරුනා. ඊට පස්සෙ එයා තිගැස්සුනා. හිතාගන්න බැරුව ආපහු ඇස් ඇරලා බැලුවා.
    මං කතාවක් නැතුවම එයාගෙ ශිෂ්නය කලිසමෙන් එලියට ගත්තා. මලින්ද ඇහැරෙන්න කලින් එයා ඇහැරලා හිටියෙ.

    මං කෙලින්ම මගේ තොල් ශිෂ්නය මතට පාත් කළා. මලින්ද බලාගෙන කටත් ඇරගෙන. හැබැයි එයා මගේ ඔලුව අතින් තදින් පහලට තල්ලු කළා. සම්පූර්ණයෙන්ම ඒක මගේ කට ඇතුලට තෙරපෙන හැටි තමලු බලාගෙන ඇති.

    මං මලින්දගේ ඇඟ උඩ ඉඳගෙන එයාගෙ ශිෂ්නය මගේ යෝනි තොල් අතරින් හෙමින් හෙමින් ඇතුල් කරගත්තා. ඒත් තෙත්වෙලා තිබුනු තරමට ඒක ඕනවටත් වඩා වේගෙන් සම්පූර්ණයෙන් නොපෙනී ගියා. මං මලින්දට පිටිපස්ස හරවලා තමලුට ඉස්සරහින් පේන විදිහට රිද්මයානුකූලව උස්පහත් වුනා. පියයුරු නිරුවත්ව නිදහස්ව පැද්දුනා. මං ඉස්සරහ දෙවියන් වහන්සේ. මගේ පිටිපස්සෙ මලින්ද.
    මං මලින්දව දෙවියන්ට පාවාදෙමින් හිටියා.

    මගේ ඒ සීමාවක් නැති උන්මත්තක හැසිරීම මට මං ගැනම බයක් ඇති කළා. බිහිසුනු සුරතාන්තයකින් පස්සෙ ආපහු පියවියට ආපු මං කරපු දේ ගැන පසුතැවුනා.
    කරන්න දෙයක් නෑ. කරලා තියෙන්නෙ මෝඩම වැඩක්.

    මාව මගේ පාලනයෙන් තොරවුනු මොහොතක් නිසා මට ඒකෙ වගකීමක් ගන්න පුළුවන්කමකුත් නෑ.
    තමලු එක්ක තියෙන මේ වර්චුවල් සම්බන්ධය නතර කරන්න මං හිතාගත්තා. මේ සම්බන්දෙ මට වගේම මගේ ළඟ ඉන්න මිනිස්සුන්ටත් හානිකර එකක්.
    පහුවෙනිදා රෑ දහයට මං බලාගෙන හිටියා එයාගෙන් සමුගන්න.

    තමලු කතා කළා. වෙනදට වඩා එයාගෙ කටහඬ අසහනකාරීයි. ඒ හඬ තරහකින් පිරිලා වගේ මට දැනුනා.
    ‘උඹ දන්නවද? උඹ මහ කැත ගෑනියෙක්. උඹ වගේ උන් ගැන රටටම කියන්න ඕන. මං උඹේ ඔක්කොම වීඩියෝ, උඹයි මිනිහයි ඉන්න වීඩියෝවත් එක්කම එලියට දානවා. ඊට කලින් පුළුවන් නම් ජීවිතේ නැති කරගනිං. නැත්තං මිනිස්සු උඹට ගල් ගහලා මරනවා. උඹ වේසියෙකුටත් වඩා අන්තයි’

    මොකක්?
    ‘උඹට ඇහුනනෙ..’
    ඒක ඇත්තක්ද නාට්‍යයක්ද කියල තේරුම් ගන්න මට ටිකක් වෙලා ගියා. මං හිනාවෙන්න උත්සාහ කළා. ඒත් එයා සීරියස්.

    ‘අදින් පස්සෙ උඹට මාව මුනගැහෙන්නෙ නෑ. හැබැයි උඹට උඹව මුනගැහෙයි. උඹ බලපං ඒ ගෑනිට උඹ කැමතිද කියල’

    තමලු ලයින් එක කට් කළා. මුලින් තුෂ්නිම්භූත තත්පර කීපයක් ගතවුනා. ඊට පස්සෙ මගේ මුලු ඇඟම හීතල වෙන්න ගත්තා. කැමරාව පිටුපස හිටපු දෙවියන් විසින් මාව විනිශ්චය කරන්න පටන් අරන් තිබුන.
    මට ඒක කියාගන්න කිසි කෙනෙක් හිටියෙ නෑ. මලින්ද වෙනදා වගේම සරලව සැපෙන් නිදාගෙන හිටියා. ඒත් මං හිටියෙ මෝචරියක අයිස් ලාච්චුවක තරම් සීතලක. මාව වෙව්ලන්න අරන් තිබුන.

    තමලු එහෙම කිව්වෙ බොරුවට කියල හිතන්න උවමනාවට මං එයාට දිගටම ටෙක්ස්ට් කළා.
    ඇයි මේ?
    මොකක්ද වෙලා තියෙන්නෙ?
    කතා කරන්න ප්ලීස්..
    උත්තර නෑ. එහා පැත්තෙ කවුරුත් නෑ.

    ‘එයා හැමදෙයක්ම එලියට දායිද? ඒක තවත් එයාගෙ ෆැන්ටසියක් විතරද? හෙට ඉඳන් මං ලෝකෙට මුහුන දෙන්නෙ කොහොමද?’

    ෆෙෘ්න් එකෙන් ෆෝන් එකට මගේ ක්ලිප් මාරු වෙමින් යනවා මට පෙනුනා. රටේම මිනිස්සු රට ඇතුලෙත් වෙන රටවල් ඇතුලෙත් ඉඳන් මගේ නිරුවතට මාස්ටර්බේට් කරනවා මට පෙනුනා.
    මලින්ද??? ඒ මනුස්සයා මේක දරාගන්නෙ කොහොමද?

    මං ඉවරයි කියල මට දැනුන. ඔව්, මං මැරෙන්නම ඕනි.
    මට වීස් එක හැදුනා. හුස්ම ගන්න අමාරු වුනා. මං පපුව අල්ලගෙන ඇඳේ හාන්සි වුනා. මලින්දව ඇහැරවන්නෙ නැතුව. මේක හාර්ට් ඇටෑක් එකක් නම් හොඳයි. මං මෙහෙමම මැරෙයි.
    ඒත් ඒ මරණය බාරගැනීමේ සිතුවිල්ල මාව සංසුන් කළා.

    ඇස් වහගත්තම මගේ නිරුවත හැම ඔන්ලයින් සයිට් එකකම නිවි නිවි පත්තුවෙනවා මං දැක්කා.
    ‘උඹ මැරෙන්න ඕන’ තමලු කියනවා මට ඇහුනා.

    මං ඇයි ඌ කියන දේ කරන්න ඕන?
    මාව වෙනස් කලේ ඒ ප්‍රශ්නය වෙන්න ඕන.
    මං පිරිමියෙක් නං කියල මට හිතුන. මට දැනෙන ලැජ්ජාව සහ බයට හේතුව මං ගැහැනියක් වීම වග මට පසක් වුනා.

    රෑ දොලහ පහුවුනා. අමන්දා මැරිලා ඉපදුනා.

    මං මගේ ඇඟ ගැන ලැජ්ජා වෙන්නෙ නෑ. මගේ ඇඟ ගැන මට ලැජ්ජාවක් ඇති කරන්න ඉඩ දෙන්නෙත් නෑ. ගැහැනියක් විදිහට මගේ වටිනාකම අනුන්ගේ සදාචාරයෙන් විනිශ්චය කරන්න මං ලෑස්ති නෑ.
    මලින්ද මාව දාලා යයි. ඒත් ඇත්තටම මලින්ද මාව දාලා ගිහින් කොයිතරම් කල්ද?

    මගේ ඇතුලෙ මං වෙනුවෙන් සටන් කරන ගැහැනියක් නැගිටිනවා මට දැනුන. ලැජ්ජාවේ අන්තිම පතුලෙදි ගැහැනියක් මැරිලා වඩා ශක්තිමත් ආත්මයක් ඇතුව ඉපදෙනවා කියල මට හිතුන.

    මගේ ඇස්වලින් කඳුළු කඩාහැලුනා. ඒ මැරුනු මං ගැන දුකට වෙන්න ඇති. කොට්ටෙ පෙඟෙන කල් මං ඇඬුවා. ඒත් ඉකිගැහුවෙ නෑ. අඬන්න අඬන්න මං සැහැල්ලු වුනා. මළගෙයක් තරමට මං අඬන්න ඇති.
    ඇස්වල කඳුළු හිඳුනට පස්සෙ මට සනීපෙට නින්ද ගියා. පහුවෙනිදා වෙනදා වගේම එලිවුනා. ෆෝන් ඔන් වුනා. අපි රස්සාවලට ගියා. මගේ නිරුවත විසින් රටම ආක්‍රමනය කරන කල් මං ඉවසිල්ලෙන් බලන් හිටියා.

    තමලු මං ලෑස්තියි.
    කෝ එයා තාම නෑ.

    නිමි

  • කෝ එයා තාම නෑ!

    කෝ එයා තාම නෑ!


    “ඔයා එන්නෙ නැද්ද?”watsapp මැසේජ් එකක්. වෙලාව හරියටම රෑ දහයයි. පොඩ්ඩක්වත් පරක්කු වෙන්න බෑ.
    “තාම බෑ..”
    මං කියන්නෙ මොකක්ද කියල එයාට තේරෙනවා. මලින්ද තාම ඇහැරලා.
    “බෑ.. මට ඕනි”
    එයා දැන් ගොඩක් හිතුවක්කාරයි. මාත් ඒකට ආසයි. ඒක හින්ද උල්පන්දම් දීලා දැන් ඕනවට වැඩියි.
    “බෑ. එන්නෙම නෑ”
    “එහෙම කොහොමද? බලාගමු.”
    ටෙක්ස්ට් එකක් යවන්න කලින් උත්තරේ ඇවිත්. එහෙම වෙන්නෙ එයා ෆෝන් එකේම එබීගෙන ඉන්න හින්ද. මොනවා වුනත් පිරිමියෙක් මෙහෙම අසිහියෙන් තමන් එනකං බලන් ඉන්නවා කියල දැනෙන එක පිස්සුවක්. ඉන්න බැරි කරනවා.

    මලින්ද තාම නිදි නැතුවත් මං ලැප්ටොප් එක ඇරගත්තා. හැමදාම රෑට මට ගොඩක් වැඩ. ඒක තමයි මං හදලා තියෙන කතාව. මලින්ද දැන් මං කියන දෙයක් ගැන ඊට වඩා එහාට දෙයක් අහන්නත් කම්මැලියි. එයාගෙ මං ගැන තිබුන උනන්දුව මැරිලා. මට ඒක තේරෙනවා. අපි ගොඩක් ළංවුනාම දැනෙන දේවල් අඩුවෙනවා. ඒක හින්දම මං ගැන උනන්දු කාට හරි මං ආස වෙනවා.

    තමලු මට මුනගැහුනෙ මං ඒ හිස්තැනේ ඉඳිද්දි. මුලින්ම එයා මට රික්වෙස්ට් එකක් එවලා තිබුන. ජපුරෙ ඉගෙන ගන්න වග කියලා තිබුන. මං ඇක්සෙප්ට් කළා.

    “හායි ” එයා ටෙක්ස්ට් කළා.
    මං හිනාමූනක් යැව්වා.
    “You have a beautiful smile. Don’t let it fade.” එයා කිව්වා.

    අපි කතාව පටන් ගත්තෙ එහෙම. මීට මාසෙකට විතර කලින්.
    ඊට පස්සෙ අපි හැමදාම චැට් කළා. රෑ එක දෙක වෙනකල්. කැමති සිංදු ෆිල්ම් පොත් එදා දවසෙ රටේ වෙච්ච දේවල් ගැන අපි සුමානයක් විතර චැට් කරන්න ඇති. ඊට පස්සෙ අපි අපි ගැන. අපේ ආසාවල් ගැන කතා කළා. ඇත්තටම එයා මගේ ආස තැන් ගැන කතා කළා.

    ‘මං හරි ආසයි ඔයාගෙ බෙල්ලෙ යට පැත්තට. හැරෙද්දි මතුවෙන නාරටියට..”
    “බොරු කියන්න ඕන නෑ. ඇත්තට ආස තැන ගැන කෙලින් කියන්න” වටේ යද්දි මං එයාට විහිළු කළා.
    ‘හ්ම්ම්.. ඇත්තටම මං ආසම ඔයාගෙ boobs වලට’

    රෑ එලි වෙනකල් එහෙම හිත කිතිකැවෙන දේවල් කතා කර කර ඉන්න කෙනෙක් ඉන්න එක මරු. ඒ කියන සමහර ඒවට ඇඟේ හිරිගඩුත් පිපෙනවා. මලින්ද නිදි. මං ඕනවටත් වඩා ඇහැරලා. තමලු එක්ක බෑ.

    “පොඩ්ඩක් ගලවලා පෙන්නන්නකො..”
    තමලු එකපාරට එහෙම ඉල්ලීමක් කළා.
    “ඔයාට පිස්සුද?”
    මං හිතන්නත් කලින් මං කියලා ඉවරයි.
    “මොනාද හලෝ..”
    “බෑ.. එච්චරයි..”

    එදා රෑ එතනින් කලින් ඉවර වුනා. අපි තරහ වුනා. මට නින්ද ගියෙත් නෑ.
    තමලු කියන එක කරනවද නැද්ද? මට පුළුවන්ද එහෙම වෙන පිරිමියෙක් ඉස්සරහ ඇඳුම් ගලවන්න?
    හොඳටම රස්නෙයි. දාඩියත් දානවා.

    එයා ආයිමත් මාත් එක්ක කතා නොකර ඉඳීද?
    එහෙම ළඟින් චැට් කරපු කෙනෙක් නැති වෙලා යනවා කියන්නෙ ලොකු හිස්තැනක් ඉතුරු කරනවා. ඊට පස්සෙ රෑට මං මොනවද කරන්නෙ? ආදරයක් නොවුනට ඒක සමහර විට ආදරේකටත් වැඩි ඇබ්බැහියක්.

    මං ආයිමත් චැට් කරන්නෙ නෑ. මං තීරණය කළා. ඊට පස්සෙ මට නින්ද ගියා.
    ඒත් උදේ වෙද්දි ආපහු ඒ හිස් තැන එහෙමම තිබුන. මලින්ද ලෑස්ති වෙලා වැඩට ගියා. මං කාංසියට බියොන්සෙගෙ crazy in love  දාගත්තා.


    I look and stare so deep in your eyes (I…)
    I touch on you more and more every time
    When you leave, I’m begging you not to go
    Call your name, two, three times in a row
    Such a funny thing for me to try to explain
    How I’m feeling, and my pride is the one to blame (Yeah)
    ‘Cause I know I don’t understand
    Just how your love can do what no one else can

    සිංදු කියන්නෙ හරි නපුරු ජාතියක්. මට තමලුගෙ වල් ඉල්ලීම් දඟකාර ආදර ඉල්ලීම් වගේ පේන්න ගියේ වචන පේලි කීපයයි.

    ඇයි මට එයාව විශ්වාස නැත්තෙ? ඇයි ඇයි මං බය?
    මං ෂවර් එක යට ඉන්න ගමන් මගෙන්ම ඇහුවා.

    එතකොට එයා සෙක්ස් කරන්න කතා කළත් මං යනවද?
    ඒක කල්පනා කරද්දිම මගේ කකුල් මැද්දෙ ඉඳන් හදවත වෙනකල් එකපාර දැනුන විදුලියෙන් මං උත්තරේ තේරුම් ගත්තා. මං ඉන්නෙ විනාසයක් අද්දර.

    ඔෆිස් එකේ වැඩ මං කලේ වෙනදට වඩා හයියෙන්. වැඩ කරන වේගෙට කාලෙ දුවනවා වගේ හැඟීමක් මට තිබුන. මේල් ටික ගහගෙන ගහගෙන ගියා. මීටින්ග්ස් ටික කඩාගෙන බිඳගෙන ගියා. සැරින් සැරේට මැසේජ් එකක් ඇවිත්ද කියල බැලුවා. ෆේස්බුක් යූටියුබ් මොකුත් නෑ. පුළුවන් තරම් ඉක්මනට දහවල රෑ කරවන්න මං වැඩකළා. ආදරේකට පුළුවන් අපිව හරිම ප්‍රොඩක්ටිව් කරන්න.

    ආදරයකට?
    ඔව්. ඒක සමාන්තර ආදරයක්.

    ගෙදර ආවා. නෑවා. කණ්ණාඩියෙන් මගේ ඇඟේ හැම තැනම බැලුවා. මුරන්ඩු මයිල්ගස් ඔලුව උස්සලද? නිපල්ස් වෙනදට වඩා පාත් වෙලා වගේද? හැරෙද්දි වම් තට්ටමේ උපන් ලපේ පේනවද?මං හරියට කැම් ගර්ල් කෙනෙක් වගේ. අනේ අමන්දා…උඹ නං ඇත්තටම වල්.  මං මටම කියාගත්තා.
    මලින්ද ගෙදර ආවා. මං කෝපි හදලා දුන්නා. එයාගෙ ඔෆිස් එකේ විස්තර කිව්වා. ඒවා කිය කිය හිනාවුනා. එයා හරිම හොඳ කෙනෙක්. ඒත් හැමදාම වගේ එයාට මගේ දවස කොහොමද කියල අහන්න අමතක වුනා.

    රෑ දහයයි. මලින්ද නිදි. තමලුගෙන් දවසෙම කිසි පනිවිඩයක් නෑ. දහය පහුවෙලත් තාම නෑ. මාව බිමටම කඩාගෙන වැටුන.

    “හායි…”
    ඉවසන්න බැරිම තැන මං ටෙක්ස්ට් කළා.
    “හලෝ…”
    විනාඩි දහයකට විතර පස්සෙ එයා.
    “එනවද?”
    ඒ මං.
    “අද බෑ. වැඩක්. ”
    එයාගෙ ආඩම්බර.
    මං ෆෝන් එක තියල ගිහින් නිදාගන්න හැරුනෙ. ඔච්චර නං බෑ.

    “ආවා..”
    එතකොටම එයාගෙන් ටෙක්ස්ට් එකක් ආවා. මාව තෙත් වුනා.
    “ඔයාට මාව විශ්වාස නෑ නේද?”
    එයා ටෙක්ස්ට් එකට පස්සෙ දුක මූනක් අමුනලා එව්වා.
    “නෑ..”
    “එහෙනං?”
    “එකපාර බෑ කියල හිතුන”
    “අද පුළුවන්ද?”

    මට මගේ පපුව ගැහෙන සද්දෙ ඔක්කොටම වඩා සද්දෙන් ඇහෙනවා. මං හැරිලා බැලුවෙ ඒ සද්දෙට මලින්දත් ඇහැරලද කියල. හුස්ම වැටෙන්නෙ හරියට පිරිමියෙක් ඇඟ උඩ ඉන්නකොට වගේ.
    මං කැමරාව ඔන් කළා. හෙඩ්ෆෝන් දෙක දාගත්තා.

    “ෂා….”
    මට දැන් තමලුව ඇහෙනවා. එයාට තිබුනෙ හරිම අසහනකාරී හඬක්. ඒකට මං ආසවුනා.
    එයා හාට් පෝලිමක් එව්වා.

    ‘කොහොමද? ඔයා හිතපු තරම් ලස්සනද මං?’ මං එයාගෙන් ඇහුවා.
    “ඕක ගලවන්නකො ඉතින්..”

    පලවෙනි වතාවට කසාද බැඳපු මිනිහා පිටිපස්සෙ තියාගෙන වෙන පිරිමියෙක් ළඟ නිරුවත් වෙන්න මං ලෑස්තියි. මේ වෙව්ලිල්ලට පපුව පැලුනෙ නැත්තං.. ඔව් ඒක මං කරයි. මං බොත්තමෙන් බොත්තම නිදහස් කළා. බ්‍රා එකෙන් විතරක් වැහුනු පියයුරු කැමරාව ඉස්සරහ. ලාවට දාඩියත් දාලා.

    “ඔයාගෙ කැමරාවත් ඔන් කරන්නකො”
    “බෑ..”
    “ඇයි?”
    “මං ආස මෙහෙම”

    එයා ආස එහෙම වුනාට මං නිරුවත් වෙන්නෙ නිකංම තිරයක් ඉස්සරහ. ඒ කැමරාව පිටිපස්සෙ ඇස් දෙකක්ද ඊට වඩා වැඩි ගානක් තියෙනවද කියන්නවත් මං දන්නෙ නෑ.

    “බෑ.”
    මං ආපහු බ්ලව්ස් එකේ බොත්තම් දාගන්න හැදුවා.
    “ප්ලීස්..”
    “හ්ම්…. ”

    රතුපාට බ්‍රා එක අකරින් පේන මගේ පියයුරු පිරිමියෙක් පිස්සු වට්ටන තරම ගැන දැනීමක් මට තිබුන. මේක හරිම අමුතු අත්දැකීමක්. මගේ පෑන්ටි එක මේ වෙද්දි සම්පූර්නයෙන්ම තෙතයි. කකුල් තැවරෙද්දි ලිස්සනවා මට දැනෙනවා. “ඕකත්..”
    මං අත් පිටිපස්සට දාලා හුක් එක පැන්නුවා. මගේ පියයුරු තුඩු නිරාවරනය කරමින් බ්‍රා එක පහතට වැටුනා.
     තමලු හුස්ම ගන්න සද්දෙ මට ඇහුනා. එයා මැරෙන්න තරම් තදට හුස්ම ගත්තා.  නෑ… එයා මාස්ටර්බේට් කරන වග මට දැනුනා. මාත් මගේ අත ස්කර්ට් එක ඇතුලට අරන් ගියා.

    ‘ල ස් ස න…….” හිරවුනු හුස්මක් එක්ක එයාට කියවුනා. ඊට පස්සෙ ටික වෙලාවක් හුස්ම විතරයි. මං දිහා ඒ සිදුරෙන් කවුරු හරි බලන් ඉන්නවා කියල කියන්නෙ ඒ හුස්ම විතරයි.

     To Be Continued..

  • සෙක්ස් පොසිටිව් අරගලය

    සෙක්ස් පොසිටිව් අරගලය

    ‘මගේ ජීවිතේ ලොකුම බය ජීවිතේ බේසික් වෙන එක. හරියටම කිව්වොත් ආපහු බේසික් එක දක්වා අපගමනය වෙන එක. මං නිතර දකින බයවෙන හීනයක් තියෙනවා ,දවසක මං ඇහැරෙද්දි මං හස්බන්ඩ් කෙනෙකුයි, ළමයි දෙන්නෙකුයි, අගනාගරික පුංචි ගේකුයි එක්ක ජීවත් වෙමින් ඉදී කියල. මං එතනට කොහොම ආවද කියල මට මතක නෑ. නිකං හරියට ඒක මගේ ඉරණම වගේ. මේ හීනෙ ඇත්ත වෙන එක වලක්වන්න මෙතෙක් මගේ ස්ට්‍රැටජිය වුනේ මේ ලක්ෂණ පහල වුනු ගමන් මගේ සම්බන්ධතා විනාශ කරලා දාන එක. මේ රොමැන්ටික් කඩාබිඳ දැමීමේ මං 100%ක් සාර්ථක වෙලා තියෙනවා “

    -කාර්ලි සියොර්ටිනෝ-

    සෙක්ස් පොසිටිව් කියන්නෙ මොකක්ද කියන එක ගැන අදහසක් නැති වුනත් ඒ වෙනුවෙන් කරපු කැම්පේන් ගොඩක් අය දැකල ඇති. උදා විදිහට #freethenipple වගේ ට්‍රෙන්ඩ්ස්. ඒත් නිරුවත, ත්‍රීසම්, නිතර කරන ලිංගික රෝග පරීක්ෂාව වගේ දේවල්වලට  වඩා ලොකු කතාවක් සෙක්ස් පොසිටිව් කතිකාවෙ තියෙනවා . ඒක ජීවිත විලාසයක් වෙනවා. ලැජ්ජාව කියන දේ තෘප්තිය කියන දෙයිනුත්, විනිශ්චය කියන දේ නිදහස කියන දෙයිනුත් රිප්ලේස් වීමක් එතනදි වෙනවා.

    සෙක්ස් පොසිටිව් කියන එකේ මූලික අදහස සෙක්ස් කියන දේ මනුස්ස ජීවිතේට පොසිටිව් හැටියෙන් බාරගැනීම. ඒ වගේම මිනිස්සුන්ට තමන්ගේ ලිංගිකත්වය ගවේෂණය කරන්න, අත්හදා බලන්න, ඒ ගැන ඉගෙන ගන්න අවකාශ තිබිය යුතුයි කියල විශ්වාස කිරීම.

    කිසිවෙක් විනිශ්චය නොකිරීම සහ සියලු ලිංගිකත්වයන්ට ගරු කිරීම කියන්නෙ සෙක්ස් පොසිටිව් ශික්ෂාවක්. ලිංගික හැසිරීමක් සදහා එකිනෙකාගේ කැමැත්ත නැත්තං කන්සෙන්ට් එක තියෙනව නං එච්චරයි. එවැනි ක්‍රියාවක කිසි නරකක්  නෑ. 

    අපිට හිතෙන්න පුළුවන් ‘අයියො ඕක සාමාන්‍ය දෙයක්නෙ’ කියල. ඒ අපි ජීවත් වෙන්නෙ ස්වභාවයෙන්ම සෙක්ස් නෙගටිව් සමාජයක කියල නොදන්නාකම. දවස ගානෙ ගොසිප් පිටු පුරා බෙදන්නෙ සෙක්ස් නෙගටිව් රෝග ලක්ෂණ. ආගම, සදාචාරය හරහා අපිට උගන්නන්නෙ සෙක්ස් නෙගටිව් වීම සාමාන්‍යයක්, නැත්තං එතනිනුත් එහාට උසස් ඵලයක් වගේ තත්ත්වයක් කියල.

    කෙල්ලන්ට කොටගවුං අදින්න එපා කියන්නෙ සෙක්ස් නෙගටිව් සංස්කෘතියක ලක්ෂණ. බීච් එකක ලව් කරන ජෝඩු පොලිසියෙන් අල්ලන්නෙ සෙක්ස් නෙගටිව් නීතියක ලක්ෂණ .

    ගණිකා සේවයේ නියුතු අයට, ට්‍රාන්ස් ජෙන්ඩර් සහ අනෙක් විකල්ප ලිංගිකයන්ට, කාන්තාවන්ට සිදුවන අතවර, ලිංගික අධ්‍යාපනයට විරෝධය , කන්‍යාභාවය පිලිබද, හොද/නරක කෙල්ලො පිලිබඳ අදහස් ආදිය අපි ජීවත් වෙන්නෙ සෙක්ස් නෙගටිව් වටපිටාවක කියන එක ගැන මතක් කිරීම්.

    ඉන්ස්ටා, ෆේස්බුක් වගේ සමාජ ජාලා මාධ්‍ය පවා තන පුඩුවක් පෙන්නීමේ සිට ලිංගික අධ්‍යාපනය බෙදන ක්‍රියාකාරීන් දක්වා වාරණය කරන්නෙ ඒ සෙක්ස් නෙගටිව් ඇටිටියුඩ් එකට ඇති බලය හින්ද.

    සෙක්ස් ගැන බයක්, පීඩනයක්, ලැජ්ජාවක් හෝ වරදකාරී හැගීමක් පැනවෙනවා නම් ඒක සෙක්ස් නෙගටිව්. සෙක්ස් නෙගටිව් අදහසට අනුව සෙක්ස් කියන්නෙ  කැත, භයානක, අප්‍රසන්න, අස්වාභාවික , හානිකර, අන්තරායකර, පාලනය කර ගත නොහැකි දෙයක්.

    මේ මෑතක මං ත්‍රීවිලේක එන ගමන් ඒ ඩ්‍රයිවර් මා එක්ක කතාවට වැටුන. කලින් සම්බන්ධයක් තිබුනු, ඒ නිසා කන්‍යාභාවයද නැති කරගත් කෙල්ලෙක් සමග තමන්ගේ යාලුවෙක් පටන්ගත් සම්බන්ධයක්  ගැන ඌ මට කියනවා. 

    ‘ වැඩක් නෑ මහත්තයා. ගෑනියෙක් දෙවෙනි මිනිහා එක්ක ඉන්නවා කියන්නෙ ඒ ගෑනිව එතනින් නවත්තන්න බෑ. මොකද ඒ ගෑනිගෙ බය නැති වෙනවා. ඊට පස්සෙ ඕනම මිනිහෙකුට කකුල් දෙක පලල් කරනවා ඈ..’

    ගැහැනියක් සතෙක් මෙන් කොටුකර බයකර තබාගැනීමේ වැදගත්කම ඌ මට පැහැදිලි කරන්නෙ තමන් කියන ඒ දේ ගැන කිසිම සැකයක් ඇතුව නෙමෙයි . ඒක තමයි ලංකාවේ සාමාන්‍ය පිරිමි ඇදහිල්ල.

    අපි උපතින්ම සෙක්ස් නෙගටිව්. අම්මගෙ බඩෙන් ආපු අය මිස යෝනියෙන් බිහිවුනු අය නෙමෙයි .

    සෙක්ස් පොසිටිව් කියන වචනය හැදෙන්නෙ 1920 දි විල්හෙල්ම් රීච් කියන මනෝවිශ්ලේෂකයා අතින්. ඒ කාලෙ පැවතුනු ජනප්‍රිය සෙක්ස් නෙගටිව් අදහස්වලට විරුද්ධව යමින් එයා කියනවා සෙක්ස් කියන්නෙ ඇත්තටම හොද නිරෝගී දෙයක් කියල.

    මේ අදහස ඒ කාලෙ ඒ තරම් ජනප්‍රිය වුනේ නෑ. ඒත් 1960 හිපි අරගලය එක්ක මේ අදහස පුනරුත්පත්තිය ලැබුවා. ඒ වගේම පහුගිය ට්‍රම්ප් පාලනය විසින් ලිංගික ශ්‍රමිකයන්ගේ, ට්‍රාන්ස් සහ විකල්ප ලිංගිකයන්ගේ අයිතිවාසිකම් නොතකා හැරීම නිසා සෙක්ස් පොස්ටිව් රැල්ලක් පැන නැගුනා. 

    ඒ කියන්නෙ  දැන් හැමෝම සෙක්ස් පොසිටිව් වෙන්න ඕනද?

    කොහෙත්ම නෑ. ඒක ඔයාගෙ තෝරාගැනීම. ඒත් අනිත් අයට තමන්ගේ කැමැත්තෙන් , තමන්ට රිසි පරිදි ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන්න නිදහස තියෙනවා කියල ඔයා අවංකව පිලිගන්නවා නම්, එච්චරයි අවශ්‍ය.

    ඩොසී ඊස්ටන් සහ ජෙනට් හාඩිගෙ එතිකල් ස්ලට්, කාර්ලි සියොර්ටිනෝගෙ ස්ලට් එවර් වගේ පොත්, බ්ලොග්, සෙක්ස් පොසිටිව් සංස්කෘතිය වගේම විශේෂයෙන් ස්ත්‍රිය පිලිබද සමාජ දෘෂ්ටිය වෙනස් කරන මේ ධාරාවෙ ප්‍රශස්ත ව්‍යායාම් වෙනවා.

  • සීතට කොට වෙනවද?

    සීතට කොට වෙනවද?

    ගොඩක් අය බැදපු ගමන් හනිමුන් යන්නෙ නුවර එළියෙ. ලස්සන පැත්ත ඇවිදින්න. ඒත් සෙක්ස් කරන්න නං නරකම පැත්ත. කන්ද උඩට යන්න යන්න ශිෂ්නය පුංචි වෙලා ඇකිලිලා යනවා.

    සීතලට ශිෂ්නය කුඩාවීමට කියනවා winter penis නැත්තං ශීත ශිෂ්නය කියල. මුලින්ම අහන්න ලැබුනෙ winter vagina ගැන. ඒ කියන්නෙ ශීත යෝනිය. දේශගුණය සීත වෙද්දි කාන්තාවන්ගෙ යෝනිය වියලෙන්න පටන්ගත්තා. ඇත්තටම දේශගුණය අපේ ලිංගේන්ද්‍රියට බලපානවද ?

    දේශගුණය නිසා ලිංගේන්ද්‍රිය හැකිලීම වෙන්න පුළුවන් . ඒ වගේම සුරතාන්තයට පත්වීම අපහසු කරන්නත් පුළුවන්. ඒක වෙන්නෙ ශීත උෂ්ණත්වය  නිසා ශිෂ්නයට රුධිරය සැපයෙන රුධිර නාලිකා වසාදැමෙන නිසා.

    පිරිමි ශිෂ්නයක දිග 50% දක්වාත්, වටප්‍රමාණය 20%-30% දක්වාත් අඩු කරන්න ශීත දේශගුණයට පුළුවන් .

    මේක වෙන්නෙ සීතල තත්ත්වයකදී ශරීරයේ උණුසුම සහ ශක්තිය  වඩා වැදගත් ඉන්ද්‍රියයන් කරා යොමුකෙරෙන නිසා. ඒ කියන්නෙ ශරීරයේ මැද කොටස. මේ නිසා ඇගිලි. ශිෂ්නය වැනි ප්‍රදේශවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවෙනවා.

    මේකෙන් වෘෂණකෝෂ පවා පුළුවන් තරම් ශරීරයෙ උණුසුමට කිට්ටු වෙලා හැංගෙනවා.

    මේකෙ අනිත් පැත්ත තමයි summer penis, ඒ කියන්නෙ ගිම්හාන ශිෂ්නය. උණුසුම් දේශගුණයකදි ශිෂ්නයේ දිග තවත් වැඩිවෙලා පේනවා.

    ඇත්තටම හනිමුන් යන්න හොද අනුරාධපුර පොලොන්නරු පැත්තක.

    සීතල නිසා අවාසි වෙන්නෙ සයිස් එකට විතරක් නෙමෙයි . ඒක ෆීල් එකටත් බලපානවා. සීතලට ශිෂ්නයේ සංවේදිතාවත් අඩු වෙනවා. මේ නිසා සුරතාන්තය අසීරු වෙනවා. ඒ වගේම සීත විසින් අවධානය අනුරාගයෙන් වෙන වෙන දේවලට යොමුකරන නිසා ඒක තෘප්තියටත් බලපානවා.