Author: admin

  • ශෘංගාර මනසේ කැරලිකරුවාට සුබ උපන්දිනයක්! ‘සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්’

    ශෘංගාර මනසේ කැරලිකරුවාට සුබ උපන්දිනයක්! ‘සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්’

    අද ඒ කියන්නෙ මැයි 06 වෙනිදා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෙ උපන්දිනේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නෙ ලිංගිකත්වය පිළිබඳ අදහස් කැරැල්ලෙ පුරෝගාමියෙක්. ෆ්‍රොයිඩ්ව ඒ නිසාම ඒ කාලෙ වික්ටෝරියානු සමාජයෙන් අවමානයට ලක්වුනා. මව සහ පුතා අතර ලිංගික බැඳීමක් තියෙනවා කියල ෆ්‍රොයිඩ් ගෙනාපු කතාවෙන් වියනාව හෙල්ලුනා. ෆ්‍රොයිඩ් විපරීතයෙක් විදිහට සළකුනු වුනා.

    ෆ්‍රොයිඩ්ගේ ප්‍රශ්නය වුනේ කවුරු හරි විපරීත නැත්තං පර්වර්ට් වෙන්නෙ කොහොමද කියන එක නෙමෙයි. ඒ වෙනුවට කවුරු හරි සාමාන්‍ය වෙන්නෙ කොහොමද කියන එක.

    මොකද මානව ලිංගිකත්වය කියන්නෙම මූලිකවම විපරීත වුනු සංසිද්ධියක්. ඒක බාධාවීමේ ප්‍රකාශනයක්.

    ෆ්‍රොයිඩ්ට අනුව සෙක්ස් කියන්නෙ ලිංගේන්ද්‍රියන් දෙකක් විනිවිදීම නෙමෙයි. එයා ලිංගිකත්වය කියල කතා කලේ ඊට වඩා විශාල කලාපයක්. කෙනෙකුගේ ලිබිඩෝ උද්දීපනයක් ඇති කරන, ශෘංගාර හැඟීම් මතුකරන ඕනම ක්‍රියාවක් ෆ්‍රොයිඩ් සෙක්ෂුවල් විදිහට හැඳින්නුවා. අයිස්ක්‍රීමක් කන තැන ඉඳන්, ෆුට් මසාජ් එකක්, දත්මැදීමක් පවා සෙක්ස් ඇක්ට් එකක් වෙන්න පුළුවන්.

    පරිණාමවාදී දෘෂ්ටියකින් මානව ලිංගිකත්වය කියවන්න උත්සාහ කිරීම නොමග යනසුලු වෑයමක්. මානව ලිංගිකත්වය කියන්නෙ අතිශය සංකීර්ණ කලාපයක්. දරුවන් බිහිකිරීමට වඩා බොහෝ දේ අපිට සෙක්ස් ඇතුලෙ කරන්න තියෙනවා. කරමින් ඉන්නවා. දරුවන් බිහිකිරීම කියන එක ඒකෙ අනවශ්‍යම දේ වෙන්න පුළුවන්. අපේ මුළු ශරීරයෙන්ම අපිට තෘප්තිය ලබන්න පුළුවන්. සෙක්ස් කියන්නෙ මානවයාගේ එක තැනකට හෝ කලාපයකට සීමාවුනු දෙයක් නෙමෙයි.

    අතදරුවා කාලෙ ඉඳන් සෙක්ස් තියෙනවා කියල ෆ්‍රොයිඩ් කිව්වා. ඒක එයා මුඛ ලිංගික අවධිය කියල හැඳින්නුවා. ඊට පස්සෙ ගුද අවධිය හෙවත් ඒනල් ස්ටේජ් එක එනවා. කටේ ඇඟිලි ගහගෙන ඉඳීමේ ඉඳන් මළපහ කිරීමේ පුහුණුව දක්වා දරුවෙක් ලබන ලිංගික තෘප්තිය ෆ්‍රොයිඩ් විස්තර කළා. මිනිස්සු කුලප්පු වුනා.

    ළමයෙක් බලාගන්නවා කියන්නෙම ලිංගික අත්දැකීම් ගොඩක්. ඇසීමෙන්, දැකීමෙන්, ස්පර්ශයෙන් විශාල ලිංගික පරාසයක් දරුවෙක් මේ ක්‍රියාවලියෙදි අත්විඳිනවා. මේක අපි වැඩිහිටි ලිංගිකත්වය කියල දකින දේට වඩා වෙනස්. ඊට වඩා විස්තෘතයි. වැඩිහිටි අවධියේදි අපේ ලිංගිකත්වය නිර්මාණය වෙන්නෙ මේ සංවේදනා සහ අත්දැකීම උඩයි. වයසින් වැඩෙද්දි මේ පැතිරුනු ලිංගික අවකාශය අපේ ලිංගේන්ද්‍රියන් වටා කේන්ද්‍ර වෙන්න පටන් ගන්නවා.

    ඇත්තටම ළමා අවධියේ ලිංගිකත්වය වැඩිහිටි අවධිය කරා ගෙනාවොත් ඒක සම්මත සමාජය දකින්නෙ පර්වර්ෂන් එකක් විදිහට. විපරීතයක් විදිහට. උදා විදිහට වොයරිසම් කියන එක වැඩිහිටි සමාජයේ පර්වර්ට් දෙයක්. ඒත් ළමා කාලෙදි මේ විදිහට බලාසිටීම ඉතාම සාමාන්‍ය ලිංගික උත්තේජනයක්.

    වැඩිහිටි ලිංගිකත්වය කියන්නෙ සමාජානුයෝජනය හරහා අපේ ලිංගික කලාපයන් සීමාකළ, වාරණ පැනවුනු සංවේදන කලාපයක්.

    විපරීතය කියන්නෙ කවුරුවත් විසින් ලබාගන්නා දෙයක් නෙමෙයි. ඒක උපතින්ම එන දෙයක්. ලොකු වෙද්දි සිද්ද වෙන්නෙ ලැජ්ජාව සහ වරදකාරීත්වය විසින් ඒ පර්වර්ෂන් එක යටපත් කිරීම. සෙක්ස්වලට සමාජය පිලිගන්නා පොදු හැඩයක් ලබාදීම.

    ෆ්‍රොයිඩ් හරිම තීරණාත්මක තැනක් ප්‍රශ්න කළා. සාමාන්‍ය කියන්නෙ මොකක්ද, අසාමාන්‍ය කියන්නෙ මොකක්ද? ඒ කියන්නෙ නෝමල් සහ ඇබ්නෝමල් අතර බෙදීම.

    ‘විද්‍යාත්මකව මානසික කලාපයේ සාමාන්‍ය දේ මේකයි කියල කියන්න බෑ’ – ෆ්‍රොයිඩ්

    ෆ්‍රොයිඩ් නිසා අපිට අපෙන් බාහිර ඇබ්නෝමල් කියල වෙනම කැටගරියකට මිනිස්සු දාලා නිදහස් වෙන්න බැරි වෙනවා. එයා රෝගීන් එක්ක කාලයක් තිස්සෙ කරපු පර්යේෂනවලින් හොයාගන්නවා ඒ රෝග ලක්ෂණ අපි හැමෝටම පොදුයි කියල. ඒ කියන්නෙ ඒවා සාමාන්‍ය තත්වයන් කියල.
    නෝමල් කියන එක හැදෙන්නෙ ලිංගිකත්වය බෙදිලා, කැඩිලා, සංස්කරණය වෙලා, යටපත් වෙලා. කවදාවත් සම්පූර්ණයෙන් අත්පත් කරගන්න බැරි දෙයක් විදිහට.

    අපිව පොඩි කාලෙදි බලාගන්න අය අතිනුයි අපේ ලිංගිකත්වය නිර්මාණය වෙන්නෙ. ෆ්‍රොයිඩ් මේක අවධීන් තුනක් විදිහට බෙදාදක්වනවා. කලින් කියපු ඕරල් නැත්තං මුඛ අවධිය, ඊළඟට ඒනල් නැත්තං ගුද අවධිය, තුන්වෙනුව ෆැලික් නැත්තං ලිංගේන්ද්‍රි අවධිය විදිහට. ඕරල් ඒනල් අවධි පහුකරලා ඊළඟට අපි එනවා අපේ ලිංගේන්ද්‍රියන් ස්පර්ශ කරමින් තෘප්තිමත් වෙන අවුරුදු 03 සිට 06 දක්වා විතර කාලෙට. අපේ ශරීරය ගැනත්, අපේ ලිංගේන්ද්‍රියන්ගෙ වෙනස ගැනත් උනන්දු වෙන වයස. මේ කාලෙ කොල්ලො ඇඟිල්ලෙන් ජුංඩා කරකව කරකව වටේ දුවනවා.

    ළමයි හදපු අය, අම්මලා මේ ලිංගිකත්ව අවධීන් ගැන අත්දැකීමෙන්ම දන්නවා. ඒත් අපි වැඩිමහල් වෙද්දි මේ සියල්ල අමතක කරනවා. ඒවා ගැන කතා කිරීම පවා ලැජ්ජාව දනවන දෙයක් වෙනවා. මේ විදිහට අපි අපේ සවිඥානයෙන් අපේ ළමාකාලෙ ලිංගික අත්දැකීම් එලියට දැම්මට ඒවා වෙනත් වේශයන්ගෙන් නැවත මතුවෙනවා.

    මානව රෝගය නැත්තං හියුමන් සිම්ප්ටම් එක කියන්නෙම ලිංගිකත්වය එක්ක ගැටගැහුනු දෙයක් කියල ෆ්‍රොයිඩ් අනාවරණය කළා. හිස්ටීරියාව, නියුරෝසියාව විදිහට අපිට මුනගැහෙන්නෙ බාධාවුනු, නැත්තං බලහත්කාරයට, අපචාරයට ලක්වුනු ළමාවියේ ලිංගික අත්දැකීම් කියල එයා කිව්වා.

    ෆ්‍රොයිඩ් මනොවිශ්ලේෂණයෙන් කලේ මේ දේවල් නිරාවරණය කරන එක. ඒ ගැන හැංගුනු භීතිකාවන් දුරු කරන එක. ඒ යටපත් කළ ලිංගිකත්වය සම්බන්ධ කාරණා නැවත සවිඥානයට ගෙන ඒමෙන් ඒ රෝගය අවසන් වෙනවා.

    සෙක්ස් කියන්නෙ හැංගිලා කතා කරන්න ඕන දෙයක් කියන සමහරෙකුගේ උදහස ෆ්‍රොයිඩ්ට අනුව කියෙව්වොත් ඒ අය ගැන මොන වගේ දෙයක් එලිවෙයිද?

  • පශ්චාත් කොරොනා සෙක්ස් සමය සුන්දරද?

    පශ්චාත් කොරොනා සෙක්ස් සමය සුන්දරද?

    දැන් පලවෙනි සෙක්ෂුවල් රිවොලූෂන් එක සිද්ද වෙලා සියවස් බාගයකටත් වැඩියි. ඒක වුනේ 1960දි. අපි සෙක්ස් රෙවලූෂන් 2.0 වර්ෂන් එක එනකල් බලන් ඉන්නවා. සෙක්ස් ටෝයිස්, ඩේටින් ඇප්, මිලේනියල්ස්ලා මේ ඔක්කොම තියෙද්දි ඒක වැඩියෙන්ම ටි්‍රගර් කරන කාරණය වසංගතයක් වෙයි කියල කවුරුවත් හිතුවද? ඔන්න දැන් අපි එතනට ඇවිත් ඉන්නවා. කොරොනා එක්ක ජීවිතේ දිගම දිග අවුරුදු ගතකරමින් ඊට පස්සෙ එළඹෙන හැමදෙයක්ම වෙනස් වුනු ලෝකයක් දිහා බලාගෙන. කොරොනාවට පෙර ලෝකය සහ කොරොනාවට පසු ලෝකය කියන්නෙ ලෝක දෙකක්. ඒ පශ්චාත් කොරොනා අවධියේදි අපේ සම්බන්ධතාවල දැවැන්ත වෙනසක් සිදුවීම අනිවාර්යයි. අපි ඉන්නෙ නව ලිංගික යුගයක ආරම්භක එලිපත්තෙ. ලිංගික සම්බන්ධතා ගැන විශේෂඥයො මුලින් හිතුවෙ මේ නව යුගය ටොන් ගනං කැෂුවල් සෙක්ස් සිද්ද වෙන කාලයක් වෙයි කියල. ඒත් ඒක වැරදි වෙන්න පුළුවන්.

    කින්සි ඉන්ස්ටිටියුට් එකේ විශේෂඥයො පිරිසක් මිනිස්සු 2000 විතර එක්ක පර්යේෂණ කළාට පස්සෙ ඒ අයට මුනගැහුනෙ වෙනස් යතාර්ථයක්.

    ඒක ආස්වාදනීය එකක්ද? ප්‍රීතිමත් එකක්ද?

    ඒ ගොල්ලො සෙක්ස්වල අනාගතය දැක්කෙ මෙහෙම.

    හුදකලා වුනත්, ජෝඩු වුනත්, තුන්දෙනෙක් වුනත් මේ මොන විදිහක අය වුනත් වඩා පරිපූර්ණ සහ අලුත් ඉසව් සොයා යන සෙක්ස් ගැන උනන්දුවක් දක්වමින් තියෙනවා. ඇත්තටම ඒක සෙක්ස් කරන වාර ගණනක් විදිහට අඩුවෙන්න පුළුවන්. ඒත් වඩාත් ගුණාත්මක ලිංගික සම්බන්ධතා ගැන මිනිස්සු හිතන්න පටන් අරන් තියෙනවා.

    ‘මිනිස්සු පුරුදු වෙලා ඉන්න හැසිරීමක් වෙනස් කරන්න හරිම අමාරුයි. හැබැයි මේ වසංගතය අපිව වෙනස් කරන්න ලොකු බලපෑමක් කරනවා’ ලෝගන් යූරි, හින්ජ් ඩේටින් ඇප් එකේ සම්බන්ධතා විද්‍යාව පිළිබඳ අධ්‍යක්‍ෂවරයා කියන්නෙ එහෙමයි. ලොක්ඩවුන් කාලෙ කියන්නෙ ඩේටින් ඇප්වලට ආපහු මුල ඉඳන් හිතන්න සිද්ද වුනු කාලයක්. මිනිස්සු ඩේටින් ඇප්වලින් හොයාගෙන යන්නෙ හුදු තෘප්තියක් නෙමෙයි, ඊට වඩා යම් දෙයක් කියල ලෝගන් තමන්ගේ මේ වසංගත සමයේ සම්බන්ධතා තේරුම් ගැනීම ගැන කතා කරනවා.

    ‘අපේ පර්යේෂණවලදි මුනගැහුනු හැමෝම කැෂුවල් සෙක්ස් ගැන කිසිම ගරුත්වයකින් කතා කළේ නෑ’ සානා ව්රැන්ගලෝවා ලිංගික පර්යේෂිකාව කියනවා.

    ‘මිනිස්සු ආශාව, හැකියාව, අනුරාගය හැමදෙයක්ම යොදවලා ක්ෂනික සතුටක් හොයාගෙන යනවා නෙමෙයි. අපි කවදාවත් හිතුවෙ නෑ අපිට මේ වචන ලියන්න වෙයි කියල. වන් නයිට් ස්ටෑන්ඩ් කියන දේ අභාවයට යනවා. “අපේ පර්යේෂණයෙන් අඩකටත් වඩා පිරිසක් කිව්වෙ තවදුරටත් ඒ වගේ සම්බන්ධයකට තමන් ලෑස්ති නෑ කියල. ඒ වගේම තමන් ඩේටින් ඇප් එකකින් පවා යම් ගැඹුරු සම්බන්ධයක් හොයනවා කියලයි බහුතරයක් කිව්වෙ. ක්ෂනික තෘප්තිය ඒ අයගෙ අරමුනක් වුනේ නෑ”

    අවුරුදු කීපයක් තිස්සෙ කොරොනා භීතිකාව ඇතුලෙ ජීවත් වුනු මිනිස්සු තමන් එක්ක ලිංගික සම්බන්ධතා පවත්වන අයගෙන් යම් හැඟුම්මය ගැඹුරු සම්බන්ධයක් ඉල්ලා සිටිනවා.

    කාර්යක්ෂමබව ගැන අලුත් ප්‍රවනතාවයක් මෙතනින් පටන්ගන්නවා. ස්වයිප් කරලා එසැනින් බීමකට හෝ නැත්තං කාමරයකට යන සම්බන්ධතා ස්වරූපය වෙනුවට ස්වයිප් එකකින් පස්සෙ අපේ කෙමිස්ටි්‍ර එක ගැන ටිකක් බලමුද, නැත්තං අපි ටිකක් කතා කරමුද වගේ තත්වයක් වැඩිදෙනෙකුට ඕන වෙනවා. 33%ක් විතර අපේ පර්යේෂණයට සහභාගි වුනු අය කිව්වෙ මුනගැසීමට පවා තරමක කාලයක් ගන්න ඒ අය කැමතියි කියල. ඒ වගේම ලිංගික සම්බන්ධයකට යන්න තවත් කාලයක් අවශ්‍යයි කියල. ව්රැන්ගලෝවා කියන විදිහට අපි දැන් ඉගෙනගෙන තියෙනවා සෙක්ස් නැතුව ටික කාලයක් හිටියා කියල ලෝක විනාසය සිද්ද වෙන්නෙ නැති වග. මේ හින්දම වසංගත කාලෙදි වීඩියෝ චැටින් පටන්ගත්ත අයගෙන් 70%ක්ම තවදුරටත් සම්බන්ධය ඒ විදිහට පවත්වාගෙන යන්න කැමතියි. ඇත්තට මුනගැහෙන සම්බන්ධයකට කලින් ඒ අයට ඒ අය ගැන තව බොහෝ දේ දැනගන්න ඕන.

    ලොක්ඩවුන් කාලෙදි එකටම ගතකරන්න වීමෙන් දික්කසාද වීමේ සහ සම්බන්ධතා බිඳී යාමේ සෑහෙන ප්‍රවනතාවයක් තිබුනත් ඒ බහුතරයක් නැවත සොයමින් හිටියෙ කැපවීමක් ඇති සම්බන්ධතාවයක්. මේ කියන්නෙ විවාහයකින් කෙලවර වෙන සාම්ප්‍රදායික සම්බන්ධයක් කියන එක නෙමෙයි. කාලයක් පුරා එකිනෙකා අතර දේවල් බෙදාහදාගන්නා මිනිස් ඇසුරක උවමනාවයි එතන තිබුනෙ.

    ඒ වගේම සමහරු තමන්ගේ බිඳවැටෙමින් තිබුනු සම්බන්ධතා කොරොනා කාලෙ අලුත් කරගෙන තිබුන. ඩේටින් ඇප්වල ගෝස්ටින්, චේසින් වගේ නරක ඇබ්බැහිවලට පුරුදු වෙලා හිටපු බහුතරයක් තමන් යම් හරයක් ඇති සම්බන්ධතා වෙනුවෙන් උනන්දු බව කිව්වා.

    පැහැදිලිව තේරුම් ගන්න ඕන. මේ කියන්නෙ ඉස්සරහට සෙක්ස් කියන දේ පට්ට බෝරිං වෙනවා කියල නෙමෙයි. හැමෝම හුදු ශාරීරික සම්බන්ධයක් වෙනුවට ජීවිතේ යම් ඉමෝෂනල් කනෙක්ෂන් එකක් ඇති ඇසුරු කිරීමේ රටාවකට මාරුවෙමින් ඉන්නවා කියන එක. අපි සම්බන්ධයකදි කෙනෙක්ගෙන් හුදු සෙක්ස්වලට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අරගෙන.

    ඒ වගේම අපිට උවමනා තරම් අත්හදාබැලීම් ලිංගික කලාපයේ කරන්න බැරිවීමක ආතතියකුත් තියෙනවා. දැන් කලේ නැත්තං වැඩක් නෑ වගේ හැගීමක් ඒක.

    මේ හින්ද සම්බන්ධතා ඇතුලෙත් ඉන් පිටතත් පැහැදිලිව දකින්න පුළුවන් අලුත් දේවල් හොයාගෙන යාමේ නැඹුරුවක් ඇති වග ව්රැන්ගලෝවා කියනවා. අනාගතයේදි වඩා විවෘත සම්බන්ධතාවලට, ඒ කියන්නෙ ඕපන් රිලේෂන්ෂිප් වලට යාමේ වැඩි ප්‍රවණතාවයකුත් දකින්න තියෙනවා. ඒ වගේම ශෘංගාර කලාපවල, අන්‍යොන්‍ය ස්වයං මෛථුනයේ සිට ටෝයිස් පාවිච්චිය වගේ විවිධ අත්හදාබැලීම්වලට තරුණ පිරිස් පෙළඹිලා තියෙනවා.

    සෙක්ස් ටෝයි ඉන්ඩස්ටි්‍ර එක නම් මේ වෙද්දි ඉන්නෙ තොලකට ලෙවකමින්. ඒත් මේ ඉල්ලුම ඉහලයාමත් එක්කම මේ ටෝයිස් වඩාත් පුද්ගලානුබද්ධ වීමේ උවමනාවකුත් වැඩියෙන් දැනෙන්න අරන් තියෙනවා. ෆියුචර් ඔෆ් සෙක්ස් පොඩ්කාස්ට් එක කරන බ්‍රයොනි කෝල් කියන විදිහට සෙක්ස් ටෝයිස් නිර්මාණය කරද්දි ඊළඟට මුහුණ දෙන ගැටලු වෙන්නෙ, ‘කොහොමද ස්ත්‍රී පුරුෂ දෙකටම අයිති නැති අයව ආශක්ත කරගන්නෙ’, ‘කොහොමද ආබාධිත ප්‍රජාවට ආමන්ත්‍රණය කරන්නෙ’ වගේ දේවල්.

    පසු වසංගත කාලෙ සෙක්ස් කියන්නෙ ගොඩක් සෙක්ස් කරන එක නෙමෙයි. වඩා හොඳින් අත්දැකීම්වල උපරිමය ග්‍රහණය කරන එක. යන්තම් සැනහීම වෙනුවට පූර්ණ තෘප්තියක් හොයාගෙන යන එක.

  • බිල් මෙලින්ඩා ආදරයක විරාමය

    බිල් මෙලින්ඩා ආදරයක විරාමය

    අවුරුදු 27ක විවාහ ජීවිතයකින් පස්සෙ බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් දික්කසාද වෙනවා. එතනදි ඒ ගොල්ලො ඒකෙ හේතුව විදිහට ලස්සන කතාවක් කියනවා.

    ‘අපිට එකට වර්ධනය වෙන්න පුළුවන් කියල අපි තවදුරටත් විශ්වාස කරන්නෙ නෑ’

    ඒ ගොල්ලො දික්කසාද වෙන්නෙ දෙන්නගෙම ජීවිතේ ඉදිරි වර්ධනයට මේ කසාදය ඵලදායී වෙනවද කියන විමසා බැලීමෙන් පස්සෙ. අවුරුදු 65ක් වෙලා, දැන් ළමයි තුන්දෙනත් ලොකුයි, ඉතුරු ටිකත් කොහොම හරි ඔහොම අල්ලගෙන ඉන්නවා කියන කුසීත සම්බන්ධතා ස්වරූපයෙන් මිදිලා ඒ වෙනුවට අලුත් ජීවිතයක් උත්සාහ කරන්න තරමට ඒ දෙන්නම තාම තරුණයි.

    මෙලින්ඩා සහ බිල් කියන්නෙ ලෝකෙ ධනවත්ම යුවළ පහෙන් එකක්. ඒ දෙන්නා වෙන්වීම ගැන ට්විටර් පණිවුඩයක් දාලා තියෙනවා.

    “ගොඩක් දුර සිතා බැලීමෙන් සහ අපේ සම්බන්ධතාවය පැත්තෙන් ගොඩක් දේ උත්සාහ කිරීමෙන් පස්සෙ අපේ විවාහය අවසන් කරන්න අපි තීරණය කළා. එකට ගත කළ අවුරුදු 27දි අපි ඉතාම සුන්දර දරුවන් තුන්දෙනෙක් ලොකුමහත් කළා. ලෝකෙ පුරා මිනිස්සුන්ට නීරෝගී ජීවිතයක් ගත කිරීමට උදව් දෙන පදනමක් ගොඩනැගුවා. අපි තවමත් ඒ මෙහෙවර විශ්වාස කරන අතර පදනමේ වැඩ දෙදෙනාම එකතු වෙලා ඉදිරියට කරගෙන යනවා. නමුත් අපේ ජීවිතේ ඊළඟ අදියරේදී අපට එක්ව වර්ධනය විය හැකි යැයි අපි විශ්වාස කරන්නේ නෑ. අපි අපේ අලුත් ජීවිත ආරම්භ කරන මේ අවස්ථාවේ අපට ඒ සඳහා අවශ්‍ය පුද්ගලිකත්වය සහ ඉඩකඩ ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා”

    මෙලින්ඩා සහ බිල් ගේට්ස් පදනම ලෝක සෞඛ්‍ය සහ රෝග වැලැක්වීමේ මෙහෙයුම් සඳහා විශාල වශයෙන් ආධාර කරනවා. කොරොනා වයිරසය සඳහා ප්‍රතිකාර සොයාගැනීමටත් මේ පදනම විශාල දායකත්වයක් දක්වනවා.

    ගේට්ස් පවුලෙ ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ජෙනෆර් අවුරුදු 25යි. රෝරි 21යි. බාලයා ෆෝබි 18යි.

    මෙලින්ඩාට මේ වෙද්දි අවුරුදු 56ක්. එයා කියන්නෙ බිල් එක්ක විවාහ ජීවිතය ඉතාම දුෂ්කර එකක් කියල. මොකද බිල් අවුරුදු 65දිත් දවසට පැය 16ක් වැඩකරනවා. පවුලට කියල වෙලාවක් ඇත්තෙම නැති තරම්.

    ‘විශ්වාස කරන්න, අපේ විවාහ ජීවිතේ සමහර තැන් ඇවිත් තියෙනවා ‘මේක මෙහෙම කරගෙන යන්න පුළුවන්ද ’ කියල හිතෙන තරමට’ මෙලින්ඩා 25වෙනි විවාහ සංවත්සරය සමරමින් ඉන්ටවිව් එකකදි කියල තිබුන.

    1975දි මයික්‍රොසොෆ්ට් පටන් ගන්න බිල් මෙලින්ඩාව මුනගැහෙනකොටත් බිලියනපතියෙක්. එයා අවුරුදු 31දි මෙලින්ඩා එක්ක විවාහ වෙනවා. මෙලින්ඩා කියනවා බිල් එදත් සති ගානක් තිස්සෙ බඳිනවද නැද්ද කියල කල්පනා කරමින් හිටියලු. ඒ මෙලින්ඩා සම්බන්ද ප්‍රශ්නෙකට නෙමෙයි, තමන්ගේ වැඩත් එක්ක පවුල් ජීවිතයක් ගතකරගෙන යන්න ඇත්තටම පුළුවන්ද කියල.

    ‘ගේට්ස්ගෙ දික්කසාදය පවුල් ප්‍රශ්නයක් කියන තැනින් එහාට ගිහින් ලෝකෙ ව්‍යාපාර, අධ්‍යාපන, සෞඛ්‍ය, සිවිල් සමාජ සහ සහන සේවා ආදී ක්‍ෂේත්‍ර ගණනාවකට බලපාවි. ඒක එහෙම වෙන්නෙ අපේ සමාජය විසින් ධනයේ බලයෙන් රජයක් හැටියට තීරණ ගැනීමේ අවස්ථාව මිළට ගන්න පුද්ගලික පුරවැසියන්ට දීලා තියෙන හින්ද’ විනර් ටේක්ස් ඉට් ඕල්’ පොත ලියපු ආනන්ද ගිරිධාරදාස් මේ දික්කසාදය පුද්ගලික තැනකින් එහාට අරගෙන කතා කරනවා.

    ඒ කොහොම වුනත් බිල් සහ මෙලින්ඩා දෙන්නම අවුරුදු 65ක් 55ක් වයසෙදිත් තමන්ගෙ ජීවිතේ ඉස්සරහ ගැන කල්පනා කරනවා. තම තමන්ගේ අනාගත වර්ධනයට තමන්ගේ පවුල් ජීවිතය බලපාන්නෙ කොහොමද කියල හිතනවා. තමන්ගේ ජීවිතයේ ඊළඟ පියවර වෙනුවෙන් ඵලදායී නැති තැනදි සුහදව පරිණතව කතා කරලා සම්බන්ධතාව අවසන් කරනවා. දෙන්නා අලුතෙන් ජීවිත දෙකක් පටන් ගන්නවා.

    ඒක අභියෝගයක්. ඒත් නිදහස් තීරණයක්.

    එකට ඉන්න එක තවදුරටත් තේරුමක් නැත්තං අනුන් වෙනුවෙන් කොහොම හරි එකට ඉන්නෙ නැතුව ගෞරවාන්විතව වෙන්වීමේ වටිනාකම ගේට්ස් යුවළ කියල දෙනවා.

  • මැරි කරපු කෙනෙකුට ලව් කරද්දි

    මැරි කරපු කෙනෙකුට ලව් කරද්දි

    එයා බැඳලා නම් එතනින් ඔයා නවතින්න ඕන. ඒක තමයි සම්මතය. සම්මතය තියෙන්නෙ එකම දේ කරමින් සතුටු වෙන අයට. ජීවිතේ කියන්නෙ ඇඩ්වෙන්චර් එකක් විදිහට ගන්න අයට සම්මතය තියෙන්නෙම කඩන්න. ඇත්තටම ආදරේ තියෙන්නෙ සම්මතෙන් එලියෙ. අපි සමූහයාගේ සම්මුතියෙන් බැහැරව අපේ සම්බන්ධතා ගොඩනගන තැනදි. ඒක අන්තරායකරයි. කසාද බැඳපු අය සමඟ ප්‍රේමයන් නිසා පවුල් පිටින් විනාස වෙලා ගිහින් තියෙනවා. අපි නැව යාත්‍රා කරන්නෙ කුණාටුවක් මැද්දට. අපේම හැඟීම් පවා පිස්සු කෙලින්න ගන්නවා.

    ඒත් ඒ ආදරය ඒ තරම් වටිනවා. අවසානයක් ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව, ගොඩනගා ගත් සියලු සමාජ සම්බන්ධතාවලට පිටස්තරව, පිටුවහල්ව නිර්මාණය කරන හැඟුම්මය ජීවිතයක්. කොයිතරම් කාලෙකටද කියන්න බෑ. කාටවත් අයිතිවාසිකම් කියන්න බෑ. ඒක සමාන්තර විශ්වයක් වගේ. ඒ තරම්ම සුන්දර පාපයක්.

    මේ වගේ ආදරයක් එක එක හේතු නිසා උපදින්න පුළුවන්. සමහර විට දැක්කම ඇතිවෙන ආශාව. සෙක්ස් කරන්න උවමනාව, සමහර විට හොරකම් කරගෙන, තමන්ගේම කරගෙන වනාන්තරේක ගල්ගුහාවක හංගගෙන ඉන්න හිතෙන්නත් පුළුවන්. එයා ගැන ඇතිවෙන කුතුහලය, එයා නිසා අපේ හිතේ ඇතිවෙන සුන්දර සතුටුමය හැඟීම්, කිසිම හේතුවක් නැතුව එයා දැකීමෙන් විතරක් ඔයා සතුටින් පිරෙනවා වගේ දේවල් නිසා ආදරේ හිතෙන්නත් පුළුවන්.

    ඉතින් අපිට එහෙම නීතියෙන්ම අන්සතු හිතක් ගැන ප්‍රේමයක් ඇතිවුනොත් ඒක දිනාගන්න අපි ළඟ ඕනතරම් ප්‍රේම සැලසුම් තියෙන්න පුළුවන්. අපිට අනිවාර්යෙන්ම ඕනවෙනවා ඒ ආදරයට මැප් එකක්. එයාව ලබාගන්නවද නැද්ද කියන එකට නෙමෙයි, අපි සුන්දර හැඟුම්බර ගමනකට ලෑස්ති වෙන්න ඕන. මේ ලියන්නෙ එක්තරා ප්‍රේම සැලසුමක යෝජනාවක්. මේක තියෙන්නෙ පිරිමියාගෙ පැත්තෙන්. අත්සනින් අන්සතු පෙම්වතියක් ගැන අනුරාගයෙන් බැඳුනු පෙම්වතෙකුට යෝජනා පහක්.

    1. ඉස්සෙල්ලම ඔයා පැහැදිලි වෙන්න.
    ඇයගෙන් තමන් බලාපොරොත්තු වෙන්නෙ මොන විදිහක සම්බන්ධතාවයක්ද කියන එක ගැන නිරවුල් කරගන්න. තමන්ටම බොරු කර නොගෙන ඒක සන්නිවේදනය කරගන්න තරමට හදවතත් එක්ක කුළුපඟ සම්බන්ධයක් තියාගන්න එක වැදගත්. සරල කායික ආශාවක්ද, අත්‍යන්ත බැඳීමක්ද, අයිති කරගැනීමක්ද කියන දේවල් ගැන තමන්ම තමන්ගෙන් විමසා තේරුම් ගන්න. සම්බන්ධතාවයක් කඩලා ආයිමත් ඒ වගේම එකක් හදන, හිත් තුවාලවෙන ආදරයකට වඩා හැමෝගෙම ජීවිත වඩා පරිණත සම්බන්ධතාවලට ගෙනියන ආදරයක් පරිකල්පනය කරන්න පුළුවන් නම් වටිනවා.

    2. කසාද බැඳපු මිනිහට ගරු කරන්න
    ඇය සමග ජීවත්වෙන පිරිමියාට හෝ ගැහැණියට ගරු කරන්න බැරි නම් මෙවන් සම්බන්ධතාවයකට ඔයා නුසුදුසුයි. ඒක තමයි පලවෙනි කොන්දේසිය. ඇය සමග ජීවත් වෙන අනෙකාට ගරු කිරීම. ඔහු ඇගේ ආදරය ලැබුවෙක්. ඇය සමග ජීවිතය බෙදාගන්නෙක්. ඔහුගේ අඩුපාඩුවක් නිසා ඇය තමන් ළඟට එනවා කියන පරණ ගොං මනස්ගාතයට රැවටෙන්න එපා. හැමෝගෙම ජීවිතේ අනිවාර්යයක් වෙන ඒකාකාරීබව, සම්බන්ධතාවල කිතිකැවෙන මුල්යුගය වෙනත් අවධියකට පරිවර්තනය වීම නිසා ඒ මුල්කාලෙ දැනුනු හිරිමල් හැගීම් මිස් වීම, අලුත් ලෝකයන් ගැන කුතුහලය, නිර්මාණශීලීත්වය මේ ගොඩක් දේවල් ඇය ඔහුගෙන් පිටත ඇතිකරගන්න සම්බන්ධයකට පාදක වෙන්න පුළුවන්. ඇය හොයන්නෙ ඇගේ ලෝකය සම්පූර්ණ කළ හැකි තවත් ආදරයක්, අනුපූරණයක් මිස පවතින ආදරයට හුවමාරුවක් නෙමෙයි. ආදරේට ආවස්තික පිරිවැයක් තියෙන්න බෑ.

    ඒ වගේම පවතින ආදරෙන් ගැලවීමේ උවමනාව නිසා ඔයාට ආදරය කරන කෙනෙක් එක්ක සම්බන්ධය භයානක වෙන්න පුළුවන්. ඇය එන්නෙම මෙහෙයුමක් එක්ක. ඒක දෙන්නෙක් අතර නිදහසේ ගොඩනැගෙන සම්බන්ධයක් නෙමෙයි. ඔයාට කාලයත් එක්ක ඇගේ උවමනාව වෙනුවෙන් පාවිච්චි වුනා වගේ හැඟීමක් එන්න ඉඩ තියෙනවා.

    3. ඇගේ මිතුරා වෙන්න
    ඇයට යවන සීනිබෝල ටෙක්ස්ට් පනිවුඩ, කවිකෑලි වලින් ඇගේ ජීවිතේට ඇතුල්වෙන්න ලැබෙයි කියල හිතන එක නොතේරුම්කමක්. කෙල්ලෙක් ආස දේවල්වලින් කසාද බැඳපු ගැහැණියකගෙ හැඟීම්වලට කතා කරන එකමත් ඇයව අවතක්සේරු කිරීමක්. ඇය මේ වෙද්දි පිරිමි ගැන දන්නවා. ඇතුල්පිට කණපිට දෙකම. ඉතින් ළඳබොළඳ ආයාචනා වෙනුවට ඇයව තේරුම් ගන්න යටහත් වෙන්න. ඇගේ රිද්මය, ඈ දේවල් දකින කියවන විදිහ, ඇගේ කැමති අකමැති දේවල්, ඇගේ හුස්මවල වේගය, මේ දේවල් දැනෙන තරමට ඇයට ළංවෙන්න. ඇගේ ජීවිතය බෙදාගන්න. ඇගේ ශරීරයට ඇතුල්වීමේ පටු දොරටුව වෙනුවට ඇගේ ජීවිතයට ඇතුල්වීමේ විශාල කවුළුව තෝරගන්න. ඇයව මනුෂ්‍යයෙක් විදිහට තේරුම් ගන්න, ඇයව විනිශ්චය නොකරන, ඈ දිහා බලාසිටින්නෙක් සිටින වග දැනවීමෙන් ඇගේ සිත සතුටු කරන්න. ආදරය කියන්නෙම මේ බෙදාගැනීමට.

    4. ඇගේ හොඳම සවන්දෙන්නා වෙන්න.
    ගැහැණියකට පවුල් ජීවිතයක් ඇතුලෙ නොලැබෙනම දේ වෙන්නෙ තමන්ට ඇහුම්කන් දෙන කෙනෙක්. ආදරයක මුල්කාලෙදි තියෙන අනෙකාගේ සියල්ල සාවධානව අසා සිටීමේ ගුණය ඇසුරක කාලයත් සමග වියැකෙනවා. බොහෝ විට පිරිමියා කියන කතාව දිගටම අහන් ඉන්න, ඒ කතාවට දේවල් එකතු කරන්න ගැහැණියට සිද්දවෙනවා. ඇගේ කතාව එලියට එන්නෙ නැති තරම් වෙනවා. ඒ හින්ද මේ සමාන්තර ලෝකෙදිවත් ඇයට අසා සිටින්නෙක් ලබාදෙන්න ඔයාට පුළුවන් නම් ඒකට එයා ගොඩක් කැමති වෙයි.
    අවධානය කියන කාරණයයි මෙතනදි වැදගත්. එයාගෙ හැම පුංචි දෙයක් ගැනම අවධානය දෙන්න ඔයාට පුළුවන් නම් ඒක එයාට ගොඩක් ලස්සන හැඟීම් උපද්දවයි. එයාගෙ පරණ වුනු ඇසුර එක්ක නොපෙනී ගිය පුංචි දේවල් තාමත් පේන කෙනෙක් ඉන්න එක ඇගේ ප්‍රේමාන්විත මතක අලුත් කරාවි. ඒ සුන්දර ආදර කාලය නැවත නැවත ගත කරන්න ඕනම කෙනෙක් කැමතියි.

    5. ඇයට ගරු කරන්න.
    ගරු කිරීමේ පළමු පියවර අවංකවීමයි. ඇය ගැන ඔයාගෙ තියෙන හැඟීම් අවංකව ඇයට කියන්න. රවට්ටන්න, වසන් කරන්න යන්න එපා. ඇයට ප්‍රේමය බාරගැනීමේ හෝ ප්‍රතික්‍ෂේප කිරීමේ පූර්ණ නිදහස දෙන්න. ඒ වගේම ඇගේ තීරණය මොකක් වුනත් ඒක බාරගන්න තරමට ඇයට ආදරේ වෙන්න.

    ඇය ප්‍රේමයේ යෝජනාව බාරගත්තොත්,

    ඒ අවදානම්කාරී අඩවියට ආදරය වෙනුවෙන් පැමිනීම ගැන ඇයට හැමදාටම ගෞරවනීය වෙන්න. ඇගේ විශ්වාසය රකින්න. නිතර මතුවෙන හැඟුම්මය ආවේගයන් දරාගැනීම පුහුණු කරන්න. ඒක මේ වගේ ආදරයක ස්වභාවය බව තේරුම් ගන්න. ඒ ආදරය ඔබේ උපරිම නිර්මාණශීලීත්වයෙන් හැඩගන්වන්න. ඇයව ඔබේ පරිකල්පනයන්ගේ සොඳුරුතම ඉසව් කරා ගෙනියන්න. ඒ අසම්මත නිමේෂය හැමවිටම උපරිමයෙන් දල්වන්න.

    ඒ වගේම ඕනෑම මොහොතක ආපසු හැරීයාමේ නිදහස ඇයට දෙන්න. ඒ මොහොතේ කිසිවිටක ඇයව ප්‍රශ්න නොකරන්න. මේ වගේ සම්බන්ධතාවයන් ඇතිවෙන පවතින නැතිවෙන කාලය ගැන කිසිදෙයක් කියන්න කාටවත් පුළුවන්කමක් නෑ. ඒකෙ සුන්දරත්වය තියෙන්නෙත් මේ අවිනිශ්චිතතාවෙමයි.
    මේ සියලු දුෂ්කරතා මැද මෙවන් ආලයකට එළඹීමේ ඇති සතුට මොකක්ද? හුදු හඹායාමේ සතුටට ඔබ්බෙන් ඔයා ඇත්තටම මේ ආදරේ පිළිබඳ සතුටක් විඳිනවද කියල ඔයාගෙන්ම විමසා බලන්න ඕන. සියල්ලෙන් නිදහස් සාමාන්‍ය කෙල්ලෙකුට වඩා බොහෝ දේ මේ අසම්මත ආදරය ඇතුලෙ ඇයට බෙදාගන්න පුළුවන්. ඒ වගේම අත්දැකීම් සහ පරිණතබව නිසාම සෙක්ස් වගේම සංවාදත් ගැඹුරට අරන් යන්න ඇයට පුළුවන්. ඇය ඇගේ ජීවිතේ උපරිම නිදහස විඳින තැන ඔයා නිසාම ඒක පාරාදීසයක් දක්වා අරන් යන්න ඔයාට පුළුවන්.

    ඉතින් ඔයාට ආඩම්බර වෙන්න පුළුවන් විදිහට ඇයට ආදරය කරන්න. ඇය ආරධනාව ප්‍රතික්‍ෂේප කලොත් මෙතරම් හැඟීමක් ඔයා ඇතුලෙ දැල්වීම වෙනුවෙන් ඇයට ස්තුතිවන්ත වෙන්න.

  • රා රා රස්පුටින්

    රා රා රස්පුටින්

    රස්පුටින් ගැන ඉතාම හොඳ යූටියුබ් වැඩක් චාමර සුමනපාල කරලා තිබුන. රස්පුටින් කියන්නෙ දෙවියෙක් යකෙක් කියන තැනින් ගලවලා රස්පුටින් කියන්නෙ ගැමියෙක් මිනිහෙක් කියන තැනට ගේන්න චාමර රුසියානු ඉතිහාසයේ කරුණු ගලපමින් රස්පුටින් මිත්‍යාව පරීක්ෂාවට ලක්කරනවා.

    මේ කරන්නෙ රස්පුටින් ගැන තවත් විදිහක ඉතිහාස කරුණු ඇවිස්සීමක්. විශේෂයෙන් රස්පුටින්ගෙ ලිංගික ජීවිතය ගැන විස්තර හොයායාමක්. එතනදි චාමරට වගේ ඇත්තම සොයායෑමේ උවමනාවක් මට නෑ. ඒ වෙනුවට රස්පුටින් ගැන ඉතිහාස සාක්ෂි, කටින්කට එන කතන්දර, විශ්වාස ඇදහිලි හැමදෙයක්ම එකට අරගෙන ඒ මහා ප්‍රබන්ධය රසවිඳින්නයි මෙතන උවමනාව.

    ග්‍රිගොරි එෆිමොවිච් රස්පුටින් 1871 ඉඳන් 1916 වෙනකල් කාලයේ ජීවත් වුනා කියල තමයි කියන්නෙ. රස්පුටින් සාන්තුවරයෙක් වගේම යක්ෂයාගේ දූතයෙකුත් වුනා. මේ සයිබීරියානු පිස්සු පූජකයා එයාගෙ අනුරාගය වෑහෙන ඇස්වලින් ගැහැණුන්ව ලිංගික උන්මාදයකට අරගෙන ගියා. නිකොලස්ගේ හිමොෆීලියාව වැළඳුනු දරුවට ප්‍රතිකාර කිරීමෙන් ට්සාර් පවුලේ විශ්වාසය දිනාගත්තා. එක් තීරණාත්මක පරිච්ඡේදයක රුසියානු ඉතිහාසයේ සංධිස්ථානයක් සලකුණු කළා.

    රස්පුටින්ට තිබුනා දිගට වැවුණු කිළුටු කොන්ඩයක්. ඒක මැදින් බෙදලයි තිබුනෙ. කැපී පෙනෙන ලොකු නහයක්. අපිලිවෙල දිග රැවුලක්. ඒ වගේම විනිවිද දකින, ගැඹුරු, උන්මාදනීය ඇස් දෙකක්. රස්පුටින් නෑවෙ ඉතා කලාතුරකින්. ඒක හින්දම එයා ළඟින් යද්දි ගඳක් දැනුනා. එයා කෑම කෑවෙ අත්වලින්. රස්පුටින්ව දැකපු සමහරු කියන්නෙ එයා උසයි කියල. සමහරු කියන්නෙ එයා කොටයි කියල. සමහරු කියනවා එයා දෙවෙනි නිකලස්ගෙ බිරිඳ ඇලෙක්සැන්ඩ්‍රාගෙ පෙම්වතා කියල. රස්පුටින්ට වැඳුම්පිදුම් කරපු ගැහැනියක් කියන විදිහට රස්පුටින් බෙලහීනයි.

    බටහිර සයිබීරියාවෙ ගමක රස්පුටින් ඉපදෙන්නෙ. ඒ ගොවි පවුලක තුන්වැනියා විදිහට. රස්පුටින් පොඩි කාලෙ ඉඳන් වැඩිපුර ස්වභාව ධර්මය එක්ක ගත කරනවා. මිනිස්සු එක්ක කතාබහ අඩුවෙන්. රස්පුටින්ගෙ මුල්කාලෙ ගැන විස්තර හරිම අපැහැදිලියි. ඒත් එයා මිනිස්සුන්ගෙ ලෙඩ සුවපත් කළ බව කියනවා. රස්පුටින් කියන නම පවා පටබඳින්නෙ ගැමියන් විසින්. ඒකෙ තේරුම නිදහස්කාමී කියන එක. සදාචාරය තුට්ටුවකටවත් මායිම් නොකර ඉන්ද්‍රිය තෘප්තිය හඹායනවා කියන එක.

    රස්පුටින් අවුරුදු 18දි බැඳලා ළමයි තුන්දෙනෙක් හදනවා. එයා හොඳටම බොනවා. හොඳටම යාඥා කරනවා. හැබැයි පාදිලියෙක් නෙමෙයි. අවුරුදු 20දි ගොවිපොලේ වැඩකරමින් ඉන්න අතරෙ රස්පුටින්ට කන්‍යා මරියාතුමිය දර්ශනය වෙනවා. එයාගෙ මේ අමුතු විජ්ජා ගැන හොයන්න ගමේ පූජකයා ලෑස්ති වෙද්දි රස්පුටින් ගම අතෑරලා යනවා.

    එයා දෙවියන්ගෙ පනිවුඩකරුවෙක් විදිහට ගමෙන් ගමට යනවා. ග්‍රිගොරිගෙ තාත්තා එක වෙලාවක කියනවා ‘මිනිහා වන්දනාකාරයෙක් වුනේ කම්මැලිකම හින්ද. වෙන මොකක්වත් හින්ද නෙමෙයි’ කියල. රස්පුටින් අවබෝධය හොයාගෙන යනවා. එයා විශ්වාස කරන්නෙ දෙවියන් කරා ළංවිය හැකි හොඳම මාර්ගය දිගටම පාපයේ ගැලීමයි කියල. විශේෂයෙන්ම සෙක්ස් මාර්ගයෙන්. ඒ වගේම කළ පාපය ගැන පසුතැවීමෙන්.

    රස්පුටින්ගෙ දුව මරියා පස්සෙ ලියනවා රස්පුටින්ගෙ තාත්තාට කවදාවත් රස්පුටින්ව තේරුම් ගන්න බැරිවුනා කියල.

    රස්පුටින්ගෙ ලිංගික හැකියාව ගැන කතා ඇත්ත නම් රස්පුටින් ප්‍රමාණයෙන් සහ වික්‍රම පෑ හැකි කාලයෙන් කියන අංශ දෙකෙන්ම වැඩකරුවෙක් වෙලා ඉඳලා තියෙනවා. මේ හැකියාවන් දෙවියන් විසින් එයාට දීපු දේවල් විදිහට එයා විශ්වාස කළා. ඒ වගේම රස්පුටින් ඛිලිස්ටි කියන නිකායෙ සාමාජිකයෙක් බවට පත්වෙනවා. ඒක ශෘංගාරය සහ ශෘංගාරය ආශ්‍රිත දේවලින් ආධ්‍යාත්මිකත්වය හොයාගෙන යන නිකායක්.

    මරියා රස්පුටින් ලියන විදිහට ‘රස්පුටින්ගෙ කාන්තා බැතිමත්තු ඔහුගේ ශිෂ්නය වන්දනා කරනවා. ඒකට ලිංගිකමය සහ මිත්‍යාමය ඇදහිලි ආරෝපනය කරනවා. කොහොමටත් ඒක අසාමාන්‍ය ලිංගේන්ද්‍රියක්. ප්‍රාණවත් වුනාට පස්සෙ අඟල් 13ක් විතර දිගයි. හැඟීම් ඇවිස්සුනාට පස්සෙ ඇදහිලි ගැන සිහියක් නැති වෙනවා. සහභාගි වෙන හැමෝම ඕර්ජි එකක් නැත්තං සමූහ සම්භෝගයක් අරඹනවා. මේ වගේ දේකට පස්සෙ තාත්තා පැය ගානක් භාවනා කරනවා. එයාගෙ අභ්‍යන්තර මනස කිසියම් හෝ කැළඹීමකට ලක්වුනාද කියල පරීක්ෂා කරනවා’

    රස්පුටින් එයාව හැඳින්නුවෙ ‘හෝලි ස්ටාර්’ කියල. එයාගෙ නිදන කාමරය ‘ශුද්ධ දේ අතරිනුත් පාරිශුද්ධ වූ’ තැනක් වුනා. එයා එයාගෙ බැතිමතියන්ට කිව්වෙ මාංශය විඳින්න කියල. ආගමික් ස්තෝත්‍ර කියන අතරෙ ඔවුන්ගේ පියයුරු හුරතල් කරමින් රස්පුටින් ඔවුන්ව ලිංගික-ආධ්‍යාත්මික එක්ස්ටසියකට අරන් ගියා. රස්පුටින් එක්ක සෙක්ස් කළා කියල ඒ ගැහැණුන්ගෙ සැමියන් උරණ වුනේ නෑ. රස්පුටින් එක්ක සෙක්ස් කිරීම දෙවියන් විසින් පනවන ලද පව්සමාකිරීමේ ක්‍රියාවක් හැටියෙන් ඒ ගොල්ලො විශ්වාස කළා.

    රස්පුටින්ට පෙම්වතියන් දහස් ගානක් හිටියා කියල විශ්වාස කරනවා. ඒ අතර ගැමි කෙල්ලන් වගේම වංශවත් කාන්තාවනුත් ඉන්නවා. ඒ හැමෝම රස්පුටින්ට දෙවියෙකුට වගේ බැතිමත් වුනා. රස්පුටින් ගමකට එද්දි ගැමි කෙල්ලො එයාගෙ පාද ළඟ වැද වැටුනා. ‘ග්‍රිගොරි පියතුමා, අපේ ගැලවුම්කාරයා’ ඒ ගොල්ලො මැතිරුවා.

    ඒත් රස්පුටින් කිව්වෙ එයා වංශවත් ගැහැණු එක්ක යහන්ගත වෙන්න වඩා කැමතියි කියල. ඒ මොකද ඒ අයගෙ සුවඳ වඩා හොඳ හින්ද. රස්පුටින්ට ලැබුනු මේ අවධානයෙන් එයාගෙ නිල් ඇස් ඇති සුදු කෙස් ඇති ගැමි බිරිඳ කණස්සල්ලට පත් වුනේ නෑ. ‘එයාට හැමෝටම ඇතිතරම් තියෙනවා’ ඇය කියනවා.

    රස්පුටින්ව මරන්න කීපවතාවකම උත්සාහ කරනවා. එකවරක් ගණිකාවක් වන්දනාවෙ යන විදිහට ඇවිත් රස්පුටින්ගෙන් සල්ලි කීයක් හරි ඉල්ලනවා. කාසි කීපයක් ගන්න සාක්කුවට අතදාද්දි ඇය පිහියකින් රස්පුටින්ගෙ බඩට අනිනවා. ‘මං ජේසුස් වහන්සේගේ සතුරා මරා දැම්මා’ කියල ඇය කෑ ගහනවා. රස්පුටින් පිහිය එලියට ඇදලා අරන් අතින් බඩ තද කරගෙන ට්සාර් මාලිගාවට දුවනවා. ඒ රාජකීය මාලිගයේ කෑම මේසෙ උඩ රස්පුටින්ගෙ සැත්කම කරනවා. රස්පුටින් මැරෙන්නෙ නෑ.

    ‘මං මැරුනොත් ට්සාර්ගෙ ඔටුන්න නැති වෙනවා’ රස්පුටින් කියනවා.

    ෆීලික්ස් යුසුපොව් කියන වංශවතා ලෑස්ති කරන පාටියකදි රස්පුටින්ට වහ දාපු වයින් වීදුරු කීපයක් පොවනවා. පොටෑසියස් සයනයිඩ් දාපු කේක් කන්න දෙනවා. ඒකෙන් රස්පුටින්ට කිසි ගානක් නැති වුනාම මාලිගාව ඇතුලෙදි වෙඩි තියනවා. මැරිලද කියල බලන්න ෆීලික්ස් පාත්වෙද්දි රස්පුටින් එයාගෙ බෙල්ල මිරිකලා අල්ලගන්නවා. ෆීලික්ස් උදව් ඉල්ලගෙන පැනලා දුවනවා. රස්පුටින් මිදුලට පැනගන්නවා. ෆීලික්ස් යුසුපොව්ගෙ කණ්ඩායම රස්පුටින්ට පන්න පන්න වෙඩි තියනවා. පොලුවලින් ගහනවා. පිහියෙන් කීපවරක් ඇනලා මොයිකා ඇලට දානවා. අවුරුදු 44දි රස්පුටින් වතුරෙ ගිලිලා මැරෙනවා. ගැමියන් සහ රස්පුටින් පෙම්කළ ගැහැණු මේ මරණය ගැන ශෝක වෙනවා.

    රස්පුටින්ගෙ ළමයි තුන්දෙනා ලොකු වෙනවා. දිමිත්‍රි සහ වර්යා රස්පුටින් මැරුනු කාලයේම ආපහු සයිබීරියාවට යනවා. රස්පුටින්ගෙ දුව මරියා රුසියානු නිලධාරියෙක් බැඳලා කැබරේ ගායිකාවක් විදිහට වැඩකරනවා. ඒ අතරෙ රිංග්ලින් සහෝදරයන්ගෙ සර්කස් එකක ‘පිස්සු පූජකයාගේ දුව’ විදිහට සත්තු එක්ක නර්තන ඉදිරිපත් කරනවා. 1945දි ඇමරිකානු පුරවැසිභාවය ගන්නා ඇය තාත්තා ගැන පොත් කීපයක් ලියනවා. එයින් එකක් තමයි, රස්පුටින්- මිත්‍යාව පිටුපස මිනිසා.

  • සාහිත්‍ය ලෝකයේ විශිෂ්ට පාදඩයා – හෙන්රි මිලර්

    සාහිත්‍ය ලෝකයේ විශිෂ්ට පාදඩයා – හෙන්රි මිලර්

    ‘ගමනාන්තයක් කියන්නෙ තැනක් නෙමෙයි. දේවල් වෙනස් විදිහට දකින අලුත් විදිහක්’ – හෙන්රි මිලර්

    හෙන්රි මිලර් පැරිසියෙ ගතකරපු ස්වයං පිටුවහල් ජීවිතේදී ලියන ට්‍රොපික් ඔෆ් කැන්සර් පොතේ පලවෙනි පිටුවෙ බොරිස් කියන කාලගුන අනාවැකිකරුවා මෙහෙම කියනවා, ‘කාලගුණය දිගටම නරක් වේවි. තව තවත් විනාශයන්, මරණයන්, සහ වියවුල් සිදුවේවි. වෙනසක් වෙන හෝඩුවාවක් හෝ කොතනකවත් නෑ. කාලයේ පිළිකාව විසින් අපි සියල්ලන් කා දමමින් තියෙනවා. අපේ වීරයො ඔවුන්ම මියගිහින් හෝ මියයමින් ඉන්නවා. වීරයා කියන්නෙ කාලයට නෙමෙයි, අකාලයට. අපි මරණයේ සිරකුටිය වෙත යන්න ඕන. ඉන් ගැලවීමක් නෑ. කාලගුණය වෙනස් වෙන්නෙ නෑ’.

    මිලර්ගෙ ලේඛන එකතුවක් සංස්කරණය කරන ඔහුගේ මිත්‍රයෙක් වුනු බි්‍රතාන්‍ය ලේඛක ලෝරන්ස් ඩුරෙල් ඒකෙ පෙරවදනෙ මිලර්ව හඳුන්වා දෙන්නෙ ‘සාහිත්‍යයේ විශිෂ්ටම පාදඩයෙක්’ විදිහට.

    මේක ඇත්තක්. මේ සියවසෙත් ඕනම කෙනෙක් මිලර්ව කියන්නෙ ඒ ලිවීම ගැන පුදුම වෙමින්. මිලර් අසභ්‍ය රචකයෙක් හැටියට තහනම් වුනු නිසා ඇමරිකාවෙ සහ බි්‍රතාන්‍යයේ 1964 වෙනකල් මිලර්ව කියවන්න දෙන්නෙ නෑ. ඒත් අද වෙද්දි හෙන්රි මිලර්ගෙ පොත් ඒ රටවලම විශ්ව විද්‍යාල වල අධ්‍යනය කරනවා, විශිෂ්ට සාහිත්‍යය විදිහට.

    මුල්කාලෙදි මිලර් ප්‍රංශය ගැන ගොඩක් ආදරෙන් හිටියෙ. මොකද ප්‍රංශයෙ අසභ්‍යයි කියල පොත් තහනම් කිරීම සිද්ද වුනේ නෑ. ඒ වගේම ප්‍රංශ අධිකාරීන් ඉංග්‍රීසියෙන් ලියන පොත් ගැන එච්චර උනන්දු වුනෙත් නෑ. ඇත්තටම මිලර්ව ඉංග්‍රීසි කතාකරන රටවලට වඩා ජපානයේ මිනිස්සු කියෙව්වා.

    මිලර්ගෙ කෘතිවලට ලැබිය යුතු ගෞරවය ඒ කාලෙදිම හිමි නොවීම දුකක්. ඒත් ලෝකෙ හැටි එහෙමයි. මේ වෙද්දි ඇමරිකානු පෙරටුගාමී සාහිත්‍යකරුවන් විදිහට ගන්න විට්මන්ලා, ට්වේන්ලා, හෙමින්ග්වේලා එක්කම හෙන්රි මිලර්වත් කියවනවා.

    මිලර් කියන්නෙ දැඩි බුද්ධිමය එඩිතරභාවයක් තිබුනු ලේඛකයෙක්. ඒ වගේමයි එයාගෙ වචන පාවිච්චිය. මිලර් එයාගෙ වියවුල් පිරුනු ලෝකය ගැන කියවන්නාගේ ඇස් ඉස්සරහ රූප මැවෙන්න ලිව්වා. එයා ඇත්තටම සාහිත්‍ය ගැන්ග්ස්ටර් කෙනෙක්. අසභ්‍යයි කියන දෙයින් හා ජීවිතේ ගැන තිබුනු කොන්දේසි විරහිතව නිදහස් දැක්මෙන් එයා අකුරු ඇතුලෙ ප්‍රොටෙස්ට් කළා. සාහිත්‍ය කියන දේ සාහිත්‍යයේ සීමාවෙන් ගලවලා අරන් ගිහින් ජීවිතය තියෙන තැන ඇත්තට හිටෙව්වා. මිලර්ගෙ හැම ලියවිල්ලක්ම ප්‍රකෝපකාරීයි. ඇවිලෙනසුලුයි.

    මිලර් එයාගෙ කතා ලිව්වෙ ආත්මකථන විදිහට. පිටු ඉරාගෙන එලියට පනින්නෙ එයාගෙ ජීවිතය. එයා ලිව්වෙ හරියට නැවත නැවත එයාගෙ ජීවිතේ ගතකරන්න කෑදරකමෙන් වගේ. මිලර් ලියපු දේවල් ආන්දෝලනාත්මක නොවුනා නම් අනිවාර්යෙන්ම ඒ ලිවීම ඒ කාලෙත් ප්‍රශංසාවට ලක්වෙන්න තිබුන. මාකි ඩි සාද් වගේම මිලර්ගෙ සාහිත්‍යයත් බිහිසුණු එකක්.

    මිලර් එක්ක ඊලඟට මතක්වෙන්නෙ ඩීඑච් ලෝරන්ස්ව. ලෝරන්ස් වගේම මිලර්ටත් පුළුවන් මිනිස්සුන්ගෙ වල් වැදුනු අභ්‍යන්තරය ඇතුලට රිංගන්න. හැබැයි ලෝරන්ස්ට වගේ මිලර්ට සදාචාරමය හෝ සත්‍යය සොයා යාමේ උවමනාවක් දශමයකටවත් නෑ. නමුත් ආර්ට්වල නිදහස වෙනුවෙන් දෙන්නම එකම විප්ලවීය තැනක පෙනී හිටියා.

    මිලර් ලෝරන්ස්ව ඉතා අගය කළා. ‘තමන්ගෙ අදහස් රාක්කෙ සාහිත්‍යය එල්ලා තැබූ මිනිහෙක්’ මිලර් ලෝරන්ස් ගැන ලිව්වෙ එහෙම. එයා උත්සාහ කළා ලෝරන්ස් ගැන විචාර කෘතියක් කරන්න. ‘මං පොත ඇතුලට යන්න යන්න මට මං කරන්නෙ මොකක්ද කියල තේරුමක් නැතුව ගියා’. මිලර් තමන්ගෙ විචාරය මගදි නැවැත්තුවා.

    තව පැත්තකින් මිලර් සැමුවෙල් බෙකට් ළඟින් යන ගතියක් තියෙනවා. ‘ආගමටයි පාරභෞතික දේවල්වලටයි ලෝකෙ තිබුන අධිකාරිය ඉවරයි’ බෙකට් කියනවා. බෙකට් ලියන්නෙ හරියට තමන්ගේ මනසින් පිට කිසිවක් නොපවතී වගේ තැනක ඉඳන්. ‘ආදරය කියන්නෙ බලයේ මායාවක්’ කියල බෙකට් කියනවා. තමන් ජීවත්වෙන කාලයේ නාස්තිවෙලා ගිය මනස් සහ අබ්බගාත වුනු ශරීර යලි කිසි දවසක එක් නොවනු ඇතැයි කියල බෙකට් හිතුවා.

    අපරාධය ඇරඹෙන්නේ දෙවියන්ගෙනි, කියාගෙන මිලර් එන්නෙ ඔතනදි. මිලර් එයාගෙ ‘එයාර්-කන්ඩිෂන්ඩ් නයිට්මෙයාර්’ (වායුසමීකරණය කළ මාරක හීනය) පොතේ ලියනවා ‘ දෙවියන් නැවත මුනගැහෙන තැනදී අපරාධය මිනිසාගෙන් අවසන් වෙයි’ කියල.

    මිලර්ට පැරිසියෙදි ශෘංගාර කතා ලියන්නියක් වුනු ඇනායිස් නීන් මුනගැහෙනවා. ඒ දෙන්නා අතර ඉතා දැඩි වගේම එකිනෙකා පෝෂනය කරන ආදර සම්බන්දයක් ගොඩනැගෙනවා. මිලර් අතින් ට්‍රොපික් ඔෆ් කැන්සර් ලියවෙන්නේ ඒ කාලෙදි.

    මිලර් සාර්ථක වෙන්නෙ මේ පොතෙන්. ප්‍රංශයේ ඔබෙලිස්ක් ප්‍රෙස් එක මේ පොත ප්‍රින්ට් කරනවා. පොතේ පිරිලා තියෙන්නෙ කාලකණ්ණිකම සහ සෙක්ස්. ඒ තමයි මිලර්ගෙ ඇත්ත අත්දැකීම්. මේ පොතෙන් පස්සෙ මිලර් එයාගෙම වූ ශෛලියක් ගොඩනගනවා. එයා විසින් මෙතෙක් අගය කළ කිසිවෙකුගෙ ටෝන් එකක්, ස්ටයිල් එකක් හෙවනැල්ලක් හෝ මිලර් අනුගමනය කරන්නෙ නෑ.

    මිලර්ට ආරට් කියන්නෙ ජීවිතයට ආදේශකයක්. එයා පෲස්ට්, එලියට්, ජොයිස් ආදීන් නියෝජනය කරපු නූතනවාදී රැල්ලට සෙට් වුනේ නෑ. මිලර් වැඩිපුර ළංවුනේ ඩාඩාවාදීන්ට, අධිතාත්විකවාදීන්ට වගේම ප්‍රංශමය නොවුනු ප්‍රංශ ලියන්නන්ට. මිලර් විශ්වාස කලේ සාහිත්‍යය කියන්නෙ අසනීපයක් තරමට බරපතල අතිශය විශිෂ්ට නියුරෝසියාවක් කියල.

    සාත්‍ර එයාගෙ සාහිත්‍ය යනු කුමක්ද කෘතියෙ කියනවා ආර්ට් එකක් වටිනවා නම් ඒක ජනතාවගේ කැමැත්තෙන් පිළිඹිඹු වෙනවා කියල. මිලර් හිටියෙ මේ අදහසට සම්පූර්ණයෙන්ම අනිත් පැත්තෙ. එයා හිටියෙ හරියටම ඇමරිකානු සිත්තරෙක් වුනු ජැක්සන් පොලොක් හිටපු තැන. ඒ කියන්නෙ ආර්ට් සම්පූර්ණයෙන්ම පුද්ගලිකයි කියන ස්ථාවරයෙ. පොලොක් විශ්වාස කලේ ආර්ට් එකකට සැමවිටම එහි ආර්ටිස්ට් විසින් ප්‍රේක්ෂකයාට වඩා වටිනාකමක් දෙනවා කියල.

    මිලර් කිව්වෙ ලිවීම කියන්නෙ ආත්මකථනයක් කියල. ‘අපි ඩයරියක් නැවත නැවත බලන්න ඕන ඒ සිදුවීම්වල සත්‍යය තේරුම් ගන්න නෙමෙයි. අපි ඩයරිය කියවන්න ඕන සත්‍යය ගැන තියෙන මේ උන්මාදයෙන් නිදහස් වීමේ අරගලයේ ප්‍රකාශනයක් විදිහට’ – මිලර්

    මිලර්ට බලපාපු විවිධාකරයේ ලේඛකයන් සහ සිතන්නන් හිටියා. විශේෂයෙන්ම ස්වාමි විවේකානන්ද, ජේ ක්‍රිෂ්ණමූර්ති, රාමක්‍රිෂ්න වගේ අය ලොකු බලපෑමක් කළා. ඩුරෙල් කියනවා ඉන්දියානු සහ චීන ආගම් වගේම ෆ්‍රොයිඩ්ගේ හෙවනැල්ල මිලර්ගෙ ලිවීම් පිටිපස්සෙ තිබුන කියල.

    මිලර් අසභ්‍ය දේට පක්ෂ වෙමින් පෝර්න්වලට විරුද්ධ වුනා. එයාට පෝර්න් ගැන වෙනම අදහසක් තිබුන. පැරිස් රිවීව් ඉන්ටර්විව් එකක එයා මේක කියනවා.

    ‘අසභ්‍යයි කියන්නෙ කෙලින් කියන දේට. පෝර්න් කියන්නෙ වටරවුම්වලට. මං විශ්වාස කරන්නෙ අමුවෙන් කෙලින් ඇත්ත කියන එක. ඒක කොයිතරම් තැතිගන්වනසුලු වුනත්. ඒක වචනවලින් හංගන්න, වහන් කරන්න නරකයි. අසභ්‍යයි කියන්නෙ ඇත්තටම පවිත්‍රකරණයක්. පෝර්න් කියන්නෙ තවත් මඩ කිරීමක්. අසභ්‍ය දේ නෙමෙයි වැදගත්ම දේ. හැබැයි කිසිම වෙලාවක ඒක නොතකා හැරීම හෝ යටපත් කිරීම කරන්න නරකයි’

    හෙන්රි මිලර්ගෙන් වදන් අටක්

    1. රාක්කෙක තියෙන පොතක් කියන්නෙ අපතෙ යන උන්ඩයක් වගේ. සල්ලි වගේම පොත් නිතරම වටේ යන්න ඕන. පොතක් කියන්නෙ ඔයාට යාළුවෙක් විතරක් නෙමෙයි තව යාළුවො තනා දෙන්නෙක්. පොතක් ඔයාගෙ මනස, ආත්මය අල්ලාගත්තා කියන්නෙ ඔයා පෝසත්. ඒ පොත තව අයට පාස් කළා කියන්නෙ ඔයා තවත් පෝසත්.

    2. මට හුදකලා වෙන්න ඕන. මගේ ලැජ්ජාව සහ අවුල ගැන මට හුදකලාව හිතන්න ඕන. මට හිරු එළිය සහ පදික වේදිකාවෙ ඇල්ලූ ගල් විතරක් ඕන වෙන කවුරුවත් නැතුව. කිසි සංවාදයක් නැතුව මට මටම මුහුණ දෙන්න ඕන. මගේ හදවතේ සංගීතය විතරයි මට ඇහෙන්න ඕන.

    3. හැමෝටම තියෙනවා තමන්ගෙම රියැලිටියක්. කෙනෙක් බියගුළු නැත්තං එයාට ඒකෙ එහාමෙහා පීනන්න පුළුවන්. ඒක විතරයි පවතින එකම රියැලිටිය.

    4. පරිකල්පනය කියන්නෙ නිර්භීතබවේ හඬට. දෙවියෙක් කියල දෙයක් තියෙනවා නම් ඒ තමයි ඒක. එයා පොඩ්ඩක්වත් බයවුනේ නෑ ඕනම දෙයක් පරිකල්පනය කරන්න.

    5. මං විශ්වාස කරනවා අපි පොතක් හොයාගෙන යන්න ඕන, ඒකෙ එක හොඳ පිටුවක් හරි තියෙනවා නම්. අපි පුංචි කොටස්, කෑලි, නියපොතු ඕන දෙයක් හොයාගෙන යන්න ඕන ඒකෙ වටින දෙයක් තියෙනවා නම්. අපේ ශරීරය සහ ආත්මය පණගස්වන්න පුළුවන් ඕනම දෙයක් එතන තියෙනවා නම්.

    6. මම ඉගොයිස්ට් කෙනෙක්. ඒ කියන්නෙ මං ආත්මාර්ථකාමියෙක් කියන එක නෙමෙයි. ඒක වෙනස්. මං නියුරෝසිකයෙක්. මට මං ගැන නොහිතා ඉන්න බෑ. ඒ කියන්නෙ මං මාර වැදගත් කියල මං හිතනවා නෙමෙයි. මට වෙන කිසි දෙයක් ගැන හිතන්න බෑ. එච්චරයි. මං කෙල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් ඒකෙන් පොඩි හරි උදව්වක් වෙයි. ඒත් මාව උනන්දු කරවන කෙල්ලෙක්ව මට හොයාගන්නත් බෑ.

    7. ඔයා යටත් වුනාම ප්‍රශ්නය නතර වෙනවා. ඒක විසඳන්න හරි යටත් කරන්න හරි ඔයා වෑයම් කරද්දි තව ප්‍රතිවිරෝධය වැඩිවෙනවා විතරයි. මට හොඳටම විශ්වාසයි මං ඒ කියන දේ වුනොත් සියලු බාධක එතනින් අවසන් වෙනවා. ඒත් තියෙන අමාරුම දේ තමයි තමන්ගෙ සම්පූර්ණ පැවැත්ම ඇතුලෙන්ම මේ තේරුම් ගැනීමට යන එක. ඔයා තනියෙන් ජීවිතේ කිසි දෙයක් පාලනය කරන්නෙ නෑ කියන තේරුම් ගැනීම.

    8. මිනිස් වර්ගයාගේ ජීවන තත්වය ගැන සදාතනික අවුලකින් පෙලෙන මිනිහෙක් කියන්නෙ එක්කො ඒ මිනිහට තමන්ගෙම කියල ප්‍රශ්න නෑ, නැත්තං ඒ ප්‍රශ්නවලට මුහුන නොදී පලායනවා.

  • හැම පිරිමියෙක්ම ගන්නම ඕන ෆන් එකක්

    හැම පිරිමියෙක්ම ගන්නම ඕන ෆන් එකක්

    බහුතරයක් විෂම ලිංගික පිරිමි ඒනල් සෙක්ස්වලට බයයි. තමන්ගේ ගුද මාර්ගය ආශ්‍රිතව තියෙන පිරිමිකම පිළිබඳ මොකක්ද එකක් ඒ අය විශ්වාස කරනවා. කවුරු හරි තමන් සමග ගුද සංසර්ගය කලොත් ඒ පිරිමිකම නැති වෙනවා වගේ එකක්.

    ‘මට පු.. අරින්නද එන්නෙ?’

    මේ වගේ යෙදුම් පවා හැදෙන්නෙ මේ ගුදය සමග බැඳුනු පිරිමිකමෙන්. පිරිමින්ගෙ ගුද සංසර්ගය සලකන්නෙ සමලිංගිකයන්ට සීමාවුනු දෙයක් විදිහට. මෙන්න මේ මරිමෝඩ පිරිමි සංකල්පය නිසා ගුද සංසර්ගයෙන් ලැබෙන විශාල ආස්වාදයක් විෂම ලිංගික පිරිමින්ට මගඇරෙනවා.

    මෙතනදි ගුද සංසර්ගය කිව්වට මේක ඉංග්‍රීසියෙන් හඳුන්වන්නෙ ඈස්ප්ලේ කියල. ඒ කියන්නෙ සංසර්ගයට අමතරව ඇඟිලිවලින් දිවෙන් ආදියෙන් ඒනසය (ගුදය) ආශ්‍රිතව කරන තවත් බොහොමයක් ශෘංගාර ක්‍රියාකාරකම්.

    1. ඒක ආස්වාදනීයයි.
    ඒනල් සෙක්ස් වේදනාකාරීයි කියන එක මිත්‍යාවක්. හරි සූදානමකින් තොරව, හදිස්සියෙන් කරන ඒනල් සෙක්ස් වේදනාකාරීයි තමයි. ඒත් ඕනම ලිංගික ක්‍රියාකාරකමක් ඒ විදිහෙන් කලොත් වේදනාකාරීයි. ලූබ්රිකන්ට් පාවිච්චි කරලා, ටිකෙන් ටික ඒනසය එක්ක ශෘංගාර හැසිරීම් පුහුනු වුනොත් ඒක පුදුම තරම් ආස්වාදජනකයි.

    2. සංසර්ගය විතරක් නෙමෙයි
    කලින් සඳහන් කළා වගේ මේක අනිවාර්යෙන්ම ශිෂ්නයක් ඇතුල් කිරීමක්ම වෙන්න අවශ්‍ය නෑ. මොකක් හරි විදිහකින් උදා විදිහට බට් ප්ලග් එකක්, සෙක්ස් ටෝයි එකක් පාවිච්චි කරලා, ප්‍රොස්ටේට් උත්තේජනයක් ලබාදෙන්න පුළුවන් නම් මේ තෘප්තිය ලබාගන්න පුළුවන්.

    3. පෙගින්
    පෙගින් කියන්නෙ කාන්තාව කෘතිම ශිෂ්නයක් පැළඳගෙන පිරිමියා සමග ඒනල් සෙක්ස් කරන එකට. ඒක වෙනම විදිහක ෆැන්ටසියක්. ගැහැණුබව ගැන පිරිමිබව ගැන අපේ ඔලුවල කන්ඩිෂන් කරපු සීමාවන්, මනස්ගාතයන් පැත්තකට දාලා නිදහසේ සෙක්ස් කරන්න අපිට පුළුවන් නම් අපේ තෘප්තියත් අසීමිත එකක් වෙනවා. කැමති විදිහකින් ශරීරය විඳින්න. සෙක්ස් කියන්නෙ ඒකට.

    4. ඈස්ප්ලේ කරන්න නම් ඇඟ ගැන හොඳට දැනගන්න.
    පිරිමියෙකුගේ හෝ ගැහැනියකගේ ගුද මාර්ගය කියන්නෙ වැජයිනා එකකට වඩා වෙනස් කලාපයක්. යෝනි සංසර්ගයේදි ලුබ්රිකන්ට් අවශ්‍ය නොවෙන්න පුළුවන් වුනත් ඒනල් සෙක්ස්වලදි ලුබ්රිකන්ට් අවශ්‍යමයි. ඒ වගේම ඒනල් සෙක්ස් කරන අය ඒ මාර්ගය පිරිසිදුව සූදානම්ව තියාගැනීමත් පුහුනු කරන්න ඕන. සෞඛ්‍ය සම්පන්න ආහාර කියන එක එතනදි වැදගත්.

    5. සතුට වැඩියි
    පිරිමින්ගේ ජී-ස්පොට් එකක් තමයි ප්‍රොස්ටේට් ග්‍රන්ථිය. ඒක තියෙන්නෙ අපේ ගුදයෙ අඟල් දෙකක් විතර ඇතුලෙන්. ඒක වෝල්නට් එකක් තරම ඇති. මේ ග්‍රන්ථිය ඇතිල්ලෙනකොට තදවෙනකොට දැනෙන ආස්වාදය ඉතා වැඩියි.

    ඒ වගේම තව තෘප්ති කලාපයක් තමයි ඒනල් රිංග් එක. මුලින් මේක හරිම තදට දැනෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්නෙ ජීවිත කාලෙ පුරාම නොදැනුවත්වම මේක තද කරගෙන සිටීම නිසා. මේ මාංශපේශීන් ඉහිල් කිරීම සහ විවර කිරීම ලොකු තෘප්තියක් ලබාදෙනවා. සුරතාන්තයකට පත්වෙන තරමෙ තෘප්තියක් මේ වළල්ලෙන් විතරක් ගන්න පුළුවන්.

    ඒ වගේම ක්ෂනික මෝචනය ගැන ගැටලුවක් තියෙනවා නම් මේ ගුද මාර්ගය ඇඟිල්ලක් හෝ සෙක්ස් ටෝයි එකක් මගින් උත්තේජනය කිරීමෙන් සුරතාන්තය පමා කරන්නත් පුළුවන්. ශිෂ්න තෘප්තියෙන් ගුද තෘප්තියට මාරු වෙන්න පුළුවන්. පිරිමියෙක් තමන්ගේ ශිෂ්නයෙන් විතරක් තෘප්තිමත් වෙන එක හරියට කාන්තාවක් එයාගෙ ක්ලිටොරිස් එක විතරක් පාවිච්චි කරනවා වගේ වැඩක්. සංසර්ගයකදී පරිපූර්ණ තෘප්තියක් හොයාගෙන යන එකයි වටින්නෙ.

    6. පී ස්පොට්
    මේ ප්‍රොස්ටේට් එකට කියනවා පී ස්පොට් කියල. මේ වෙනුවෙන්ම හැදුනු සෙක්ස් ටෝයිස් තියෙනවා. මොකද පී ස්පොට් එක ආශ්‍රිත සුරතාන්තය අසමසම එකක්.

    7. සෙක්ස්වලදි සාම්ප්‍රදායික වෙන්න එපා
    සෙක්ස්වලදි අත්හදාබැලීම් කරන එක අපි හිතනවට වඩා ලොකු ආත්මීය නිදහසක් ලබාදෙනවා. ආගමෙන් සම්ප්‍රදායෙන් සමාජයෙන් පැනවුනු සීමාවන් බිඳගෙන යාමේ නිදහස එතන දැනෙනවා. අපේ සංසර්ගයට පවා පනවා ඇති ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමේ තෘප්තිය සුරතාන්තමය එකක්. පෙම්වතිය එක්ක ඔබේ ආශාවන් කුතුහලයන් බෙදාගන්න. ඔයාව තෘප්තියේ අනෙක් කෙලවර දක්වා ගෙනියන්න එයාට ඉඩදෙන්න. ඔබ ඇය තුලට ඇතුල්වෙනවා වගේම ඔබ තුලට ඇය ඇතුල්වීමේ තෘප්තියත් විඳින්න.

    8. අනෙක් ලිංගිකයන් තේරුම් ගන්න උදව්වක්.
    විෂම ලිංගික සීමාවෙන් එලියට ඇවිත් ඒනල් සෙක්ස් ආස්වාදය විඳින කෙනෙකුට පුළුවන් ‘ගේ’ හෝ ‘බයි’ අයව වඩා හොඳින් තේරුම් ගන්න. විෂම ලිංගික සදාචාරයේ විනිශ්චයන් බැහැර කරන්න. ඇත්තටම තෘප්තියෙන් ඔබ්බට හොඳ වටහාගැනීමක් ඇති සමාජ සම්බන්ධතාවලටත් පිරිමියෙක් විදිහට ඒනල් සෙක්ස් විඳීම බලපානවා.

    9. ප්‍රොස්ටේට් කැන්සර් වළක්වන්න
    ප්‍රොස්ටේට් පිළිකා වළක්වන්න ප්‍රොස්ටේට් ග්‍රන්ථිය මසාජ් කිරීම හොඳ විදිහක් කියල විශේෂඥයො කියනවා. ඉතින් ඒනල් සෙක්ස් කියන්නෙම ප්‍රොස්ටේට් මසාජ් එකක්. පිළිකාව වළක්වන්න. ඒනල් ට්‍රයි කරන්න.

  • කාස්ටින් කවුච් – කුප්‍රකට හොලිවුඩ් පුරාවෘත්තයේ උපත

    කාස්ටින් කවුච් – කුප්‍රකට හොලිවුඩ් පුරාවෘත්තයේ උපත

    බැලු බැල්මට අහිංසකයි වගේ පේන වචනයක් හොලිවුඩ් ෂෝ බිස්නස් එකේ ලිංගික දේශපාලන දූෂිත බවේ රූපකයක් වුනේ කොහොමද?

    හාවි වීන්ස්ටයින්ට විරුද්ධව දුසිම් ගානක් කාන්තාවො ඉස්සරහ ඇවිත් තමන් මුහුන දීපු ලිංගික අතවර ගැන කියද්දි නැවත නැවත මතුවුන වචනයක් තමයි කාස්ටින් කවුච් කියන එක. උදා විදිහට ග්ලෙන් ක්ලොස් කියන ජ්‍යෙෂ්ට නිළිය කාස්ටින් කවුච් කියන සිද්දිය අදටත් අපේ බිස්නස් එකෙත් ලෝකෙත් ඇත්තටම සිද්ද වෙන දෙයක් වීම ගැන එයාගෙ දැඩි තරහ පලකරලා තිබුන.

    කාස්ටින් කවුච් කියන්නෙ ඇතැම් චරිත ලබාගැනීම පිනිස ආධුනික නිළියන්ට ලිංගික අල්ලස් ලබාදෙන්න සිදුවෙන එකට. මේක හොලිවුඩ් ස්ටුඩියෝ ක්‍රමය නැගලා ගිය 1920 ගනංවල හරිම හුරුපුරුදු දෙයක් වුනා. ඒ වගේම මේ යෙදුම කාලයත් එක්ක මේ ලිංගික බලහත්කාරය සාමාන්‍යකරනය කරන්නත් පාවිච්චි වුනා.

    කොහොමද මේ අහිංසක යෙදුම ෂෝ බිස්නස් එකේ අපචාරී ස්ටෑන්ඩර්ඩ් එකක් වුනේ? කාස්ටින් කවුච් සම්ප්‍රදාය ඇතිවුනෙ හොලිවුඩ් ෆිල්ම් ඉන්ඩස්ටි්‍ර එක විනෝදාස්වාද ලෝකයේ කේන්ද්‍රය වෙන්න ගොඩක් කලින් බ්‍රෝඩ්වේ තියටර් එකෙන්. ‘ද බෝයිස් ෆ්‍රොම් සිරැකස්’ කියන පොතේ ෆොස්ටර් හර්ෂ් විස්තර කරනවා බ්‍රෝඩ්වේ තියටර් එක ගොඩනගපු සහෝදරයන් තුන්දෙනාගෙන් වැඩිමලා වන ‘ලී ෂුබර්ට්’ විසින් ප්‍රසංගයේ ප්‍රධාන චරිත කරන, බලාපොරොත්තු දල්වන කාන්තාවන් මුනගැහෙන්න උසස් ගෘහභාන්ඩ සහිත සුඛෝපභෝගී කාමරයකුත්, පරිවාර චරිත කරන කාන්තාවන් මුනගැහෙන්න බාල වර්ගයේ කාමරයකුත් පවත්වාගෙන ගියා කියල.

    ‘ඔයා ඒ ගොල්ලො එක්ක නිදාගත්තෙ නැත්තං ඔයාට ඒ චරිතය ලැබෙන්නෙ නෑ’ බ්‍රෝඩ්වේ නර්තන ශිල්පිනියක් වුනු ‘ඇග්නස් ඩි මිල්’ පසුකාලයක ෂුබර්ට් සහෝදරයො ගැන කිව්වා. ‘ෂුබර්ට්ස්ලා කරගෙන ගියේ ගණිකා මඩමක්. ඕන නං මට නඩු දාන්න කියන්න’

    මේ කාස්ටින් කවුච් කියන අදහස ෂූබර්ට්ලා එක්ක සම්බන්ද වෙනවා කියල වචනවල ඉතිහාසය හොයාගෙන යන පීටර් ටැමොනි ප්‍රකාශ කළා. ඇමරිකානු අසභ්‍ය වචනවල ඓතිහාසික ශබ්දකෝෂයේ හැටියට ටැමොනි 1931 උදාහරනයක් හොයාගන්නවා මේ වචනෙ පාවිච්චි වුනු. ‘ ඒක සිද්ද වුනෙ ෂුබර්ට් බිල්ඩිමෙන් කාස්ටින් කවුච් එලියට දාන්න ගොඩකාලෙකට කලින්…’ කියල ඒකෙ යම් සිද්ධියක් ගැන සඳහන් වෙනවා.

    මෙතනින් කාස්ටින් කවුච් එක හොලිවුඩ්වලට මාරුවෙනවා. 1920 ෆොටෝප්ලේ මැගසින් එකේ ලිපියක් පලවෙනවා ‘කැමරා දේශයේ සදාචාර කෙලෙසීම’ ගැන. ඒකෙ සඳහන් වෙනවා තරුණ කාන්තාවන්ට ස්ටුඩියෝ මැනේජර්ලට, ඩිරෙක්ටර්ලට, බලවත් පිරිමි චරිතවලට දොලපිදේනි නොදී තමන්ගේ වෘත්තියෙන් ඉහලට යන්න බැරිවීම ගැන.

    මේ වෙද්දිත් කාස්ටින් කවුච් කියන වචනෙ ස්ථාපිත වෙලා තිබුනෙ නෑ. මේ ලිපියෙ පවා ඒක සඳහන් නොවෙන්නෙ ඒ හින්ද. මේ වචනෙ හරියටම ලොකු ඕඩියන්ස් එකක් අතරට ගෙනියන්නෙ 1924 හැදෙන නිහඬ බ්ලූ ෆිල්ම් එකක්. ඒකෙ නම වෙන්නෙම කාස්ටින් කවුච්. ඒකෙ පෙන්නනවා චරිතයක් ලබාගැනීම වෙනුවෙන් නිළියක් කාස්ටින් ඩිරෙක්ටර්ගෙ ආශාවන් ඉටුකරන හැටි. මේ බ්ලූ ෆිල්ම් එකේ ඔරිජිනල් නමම ඒක වුනාද කියල හරියටම කියන්න අමාරුයි. මොකද මේ වගේ ෆිල්ම්වල ඉතුරු වුනු කොපි පස්සෙ නැවත නැවත සංස්කරණය වුන නිසා.

    1989 පොර්නොග්‍රෆි ඉතිහාසය ගැන ‘හාර්ඩ් කෝර්’ නමින් පොතක් ලියන ලින්ඩා විලියම්ස්ට අනුව ‘ද කාස්ටින් කවුච්’ කියන ෆිල්ම් එක මේ ජොන්රා එකේ ක්ලැසික් එකක්. අන්තිමට ටයිට්ල් අතර දාන හාස්‍යජනක උපදේශයක් ඇය උපුටා දක්වනවා.

    ‘තරුවක් වෙන්න ඇති එකම මග හොඳ ඩිරෙක්ටර් කෙනෙකුට යටවීම සහ එතන ඉඳන් ඉහලට ගමන් කරන එකයි’

    එහෙම වුනත් කාස්ටින් කවුච් වගේ නමක් දාන එක ඒ කාලෙ හැටියට ෆිල්ම් එකකට වාණිජමය වශයෙන් අවාසිදායක නමක් හැටියෙන් සලකන්න බොහොම ඉඩ තියෙනවා.

    1920 ගනං අග වෙද්දි මේ තත්වය වෙනස් වුනා. සෙක්ස්වලට බර භාෂාව ප්‍රධාන ධාරාව දක්වාම ඇවිත් තිබුන. 1929 ‘මැක්ස් ලීෆ්’ කියන නිව්යෝර්ක් ඩේලි නිව්ස් රචකයා නවකතාවක් ලියනවා. ඒකෙ නම හැන්ග්ඕවර් – බ්‍රෝඩ්වේ ආචාර පැවතුම් ගැන නවකතාවක්. ඒකෙ කවරයෙ මෙහෙම ලියලා තියෙනවා.

    “වාචාලයා සිට හයිජැක් කරන්නා දක්වා, ටැක්සි ඩ්‍රයිවර් සිට නයිට් ක්ලබ් පයිරෙට් දක්වා, ෂෝ ගර්ල්ගෙ සිට කාස්ටින් කවුච් ප්‍රොඩියුසර් දක්වා, ඉනිමග දිගයි. ඒත් මේ බ්‍රෝඩ්වේ ප්‍රපාතයේ මත්වුනු නිළියො ඒ ඉනිමග කොහොම හරි නගිනවා”

    1934 වෙද්දි කාස්ටින් කවුච් කියන එක නරකක් නැති වචනයක් වුනා. හොලිවුඩ් ගැන ලියන සාමාන්‍ය පත්තර කොලමක පවා ඒක ලියවුනා. වචන පරීක්ෂාවේ යෙදෙන ‘බැරී පොපික්’ මේකට උදාහරනයක් විදිහට ඒ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ සිඩ්නි ස්කොල්ස්කි කියන ගොසිප් තීරු රචකයා විසින් ‘කාස්ටින් කවුච් සිංදුව’ කියල ඒ කාලෙ හොලිවුඩ් ඇන්තමයක් බවට පත්වුනු ‘රූඩි වැලීගෙ’ සිංදුවක් ගැන ලියපු සටහන මතුකරනවා. පොපික් කියන විදිහට ස්කොල්ස්කිත් වගකියන්න ඕන මේ හොලිවුඩ් ස්ලෑන්ග් එක මේ තරම් ප්‍රසිද්ද කිරීමට. ඇකඩමි සම්මානවලට අනවර්ත නාමයක් විදිහට ඔස්කාර් කියන නමත් මුලින්ම ලියවෙන්නෙ 1934 මාර්තු ස්කොල්ස්කිගෙ කොලමෙ.

    මේ ප්‍රසිද්ද වුනු තැන් කීපය ඇරුනම කාස්ටින් කවුච් කියන එක හොලිවුඩ් ජෝක් එකක් විදිහටම තිබුන. ඊට අවුරුදු කීපයකට පස්සෙ 1937දි චිකාගෝ ටි්‍රබියුන් එකේ ලියන්නෙක් මේ වචනෙ ලිංගික අදහස ගැන කිසිම දැනීමක් නැතුව ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකාවක කාන්තාවක් විසින් කරගෙන යන කාස්ටින් ඔෆිස් එකක් හඳුන්වන්නත් මේ වචනෙ පාවිච්චි කරලා තිබුන. වෙරයිටි සඟරාව ලැජ්ජ හිතෙන විදිහට මේ වරද පෙන්නලා දුන්නා.

    මේ අතරෙ අවසාන කාලයේ බේබද්දෙක් වුනු ‘එෆ් ස්කොට් ෆිට්ස්ගෙරල්ඩ්’ මේ යෙදුම ගැන දැනගෙන එයාගෙ ලාස්ට් ටයිකූන් කියන නවකතාවට මේක ඇතුලත් කළා. මේ කතාවෙ චිත්‍රපට නිෂ්පාදකයෙකුගෙ දුවෙක් වෙන සිසිලියා නැමැති කෙල්ල වයිලි කියන තිර රචකයා එක්ක කාර් එකක යනවා. ඒ අතරෙ එයා කියනවා ‘මොන්රො ස්ටාහ්ර්’ නම් දරන ලොකු නිෂ්පාදකයාව මුනගැහෙන්න එයාගෙ තියෙන සැලසුම් ගැන. එයා මවාගන්නවා ස්ටාහ්ර් එක්ක එයාගෙ ඔෆිස් එකේ මුනගැහීම එකපාරට කාමරේ ඇතුලට එන කෙනෙකු නිසා බාධා වෙන හැටි. ‘ටක් ගාලා ඔයා කාස්ටින් කවුච් එකෙන් බිමට පැනලා සාය හදාගන්න’ වයිලි මෙතනදි කියනවා. මේ කියන දේ පැහැදිලියි. සිසිලියා ඒ කවුච් එකේ මොනවා කරමින් හිටියද කියල කියන්න ඕනම නෑ.

    කාලයත් එක්ක මේ වචනය තනිකරම ෂෝ බිස්නස් එකේ ලිංගික දේශපාලන බලහත්කාරය සංකේතවත් කිරීම වෙනුවෙන් පමනක්ම යෙදෙන්න ගත්තා. හොලිවුඩ් කොලම් රචකයෙක් වුනු ‘ඩික් ක්ලයිනර්’ 1965දි තරුණ කාස්ටින් ඩිරෙක්ටර් කෙනෙක් වුනු ‘මර්වින් පේජ්’ ගැන ලියද්දි එයා මුලින්ම සලකුනු කරන්නෙ පේජ්ගෙ ඔෆිස් එකේ කවුච් එකක් නැතිකම. පේජ් එතනදි කියනවා, කාස්ටින් කවුච් යුගය අවසන් කියල.

    60 ගනං වෙද්දි ඇත්ත කාස්ටින් කවුච් එක අතීතෙට එකතු වුනාට එයින් ඇති කරපු පරිසරය, සංස්කෘතිය තව ඉස්සරහට වර්ධනය වුනා. ලාස්ට් ටයිකූන් පොතෙන් 1976 ෆිල්ම් එකක් කරද්දි සිසිලියාගෙ චරිතය කරන තරුණ ‘තෙරේසා රසල්’ මේ හා සමානම තත්වයකට මුහුන දීම අයිරනියක්. රසල් කියනවා එයා මේ ෆිල්ම් එකේ ප්‍රොඩියුසර් වුනු සෑම් ස්පීගල්ගෙ නොහොබිනා උත්සාහයන් සියල්ල ප්‍රතික්‍ෂේප කළත් එයාට චරිතය ලැබුනා කියල.

    ඊට දශක ගානකට පස්සෙ වීන්ස්ටයින්ගෙ සිදුවීම අපිට කියන්නෙ කාස්ටින් කවුච් පුරාවෘත්තය තාමත් හොලිවුඩයෙ හොල්මන් කරනවා කියන එක. නමුත් මේ ආකාරයේ එලිදරව් වීම් නිසා අපිට පුළුවන් වෙනවා මේ යෙදුම පිටිපස්සෙ තියෙන බලහත්කාරයේ සංස්කෘතිය අවසන් කරන්න ඊට එරෙහිව හිටගන්න.

    Harvey Weinstein
  • සුවඳ දැනී දැනී දැනෙනවා….

    සුවඳ දැනී දැනී දැනෙනවා….

    මේ මෑතක මගේ පිටරටක ඉන්න යාලුවෙක් කතාවක් මැද මාර කතාවක් කිව්වා.

    ‘ඔය මචං මාර්කටින් වලින් අටවපු උගුල්නෙ අපි බදාගෙන ඉන්නෙ. දැන් බලපං අපි ගඳයි කියල උන් අපිට සුවඳ ගහන්න කියල දුන්නා. දැන් අපි පර්ෆියුම් ගානවා, ඩියොඩ්‍රන්ට් ගානවා. අපිට අපිව ගඳයි. තනිකර උගුලක් ඕක’

    මීට කලිනුත් ලංකාවෙ කීපතැනක මං මේ කතාව අහලා තියෙනවා. අපිව සුවඳ කරවීම වෙළඳපොලේ බලහත්කාරයක් හැටියෙන්. මට ඒ කතාව ගැන පුදුමයි.

    මේ සුවඳ කිරීමේ නිර්මාණශීලී පුරුද්ද නිසා අපේ ශෘංගාරයේ දියුණු වෙන ඉසියුම් වෙන තැන් ගැන කියල නිමකරන්න බෑ. ඒ විඳීම, ආඝ්‍රාණය නිසාම අපිට ෆැන්ටසීන්වල පීනන්න පුළුවන්. පෙම්වතිය හෝ පෙම්වතා ඇතුලෙන් හැඟීමක් ඉඹින්න පුළුවන්. ඒ සුවඳත් ශරීර සුවඳත් අතර කැලතිල්ලෙ නැලවෙන්න පුළුවන්. පර්ෆියුම් එකක් කියන්නෙ සෙක්ස්වලදි මැජික් එකක්.

    අපි අපේ ශරීරයේ සුවඳ කියන එක නිර්මාණ කලාපයක් විදිහට බාරගැනීමක්. ඒ ඇසුරෙන් විවිධ අත්දැකීම් මවන්න අපිට පුළුවන්. සුවඳට පුළුවන් හැමදෙයක්ම වෙනස් විදිහකින් දනවන්න. ඒක අපිට හසුනොවෙන තරම් සියුම් තැනක්.

    ඒ මානව සංවේදිතාවයන් දියුණු තියුණු කරපු එක මාර්කටින්වලට පවරන්න පුළුවන්ද? ඒක අපේ සවිඥානකත්වයේ දියුණුවක්. අපේ රස කලාපයන්ගේ විස්තීර්ණවීමක්.

    මෙතනදි වැදගත් කාරණයක් වෙන්නෙ අපේ සාමාන්‍ය ශරීරයෙ සුවඳ හෝ ගඳ ගැන ලැජ්ජාවකින් පෙලෙන්න දෙයක් නෑ කියන එක. ඒ පියවි සුවඳට අමතරව තව සුවඳ ෆැන්ටසිවල අපිට රමණය කරන්න පුළුවන්. අපේ එකිනෙකාගෙ දහඩිය සුවඳ කියන එක සෙක්ස්වලදි දැනෙන මූලිකම කාම උද්දීපකයක්. ඒ ප්‍රාථමිකයෙ ඉඳන් අපිට පුළුවන් තවත් අනේක සුවඳ දෙව්ලොව මවන්න.

    “සුවඳ කියන්නෙ ශෘංගාරයේ ප්‍රාථමිකම කොටස. ඒක ගැන අපි උවමනාවෙන් බැලුවත් නැතත්. සුවඳ කියන්නෙ අපේ ආදරවන්තයාගෙ ශරීරය විනිවිදීමක්. ගොඩක් අය විශ්වාස කරනවා ආදරවන්තයන්ගෙන් කෙනෙක් ඇත්තටම අනුරාගීව උද්දීපනය වෙන්න නම් එයා අනෙකාගේ ස්වභාවික සුවඳට ඇළුම් කරන්න ඕන කියල. ඒත් ඔයාට පුළුවන් හිතාමතාම සුවඳ පාවිච්චි කරලා ඔයාගෙ ශෘංගාර ජීවිතේ වඩා රසවත් කරන්න. සෙක්ස් කරද්දි විතරක් විශේෂ සුවඳක් ගල්වන්න. ඒ සුවඳත් එක්ක මතකයක් නිර්මාණය කරන්න. කාලයක් යද්දි ඒ සුවඳ කියන්නෙ ඔය දෙන්නගෙ සුන්දරම මතක මිටියාවතක් වෙනවා. ඒ සුවඳ දැනෙන ඕනම තැනක ශෘංගාරය අවදි වෙනවා.

    අපේ ප්‍රකෘතිම සුවඳ වෙන සෙක්ස් සහ දහඩිය සුවඳ ගැන ගොඩක් අය ලැජ්ජ වෙනවා. ඒ ලැජ්ජාව හින්ද ඒ අයගෙ සෙක්ස්වලට පවා බාධා වෙනවා. සමහර කාන්තාවෙ මේ ලැජ්ජාව නිසා ඕරල් සෙක්ස් කරන්නෙ පවා නෑ. ඒත් ඒ අය දන්නෙ නෑ ඒ අයගෙ පෙම්වතුන් මේ සුවඳට කොයිතරම් ආසද කියන එක. ඔයාට පුළුවන් නම් ඔයාගෙ ආදරවන්තයා ඔයාගෙ නිරුවත් ශරීරයේ සුවඳත් රසයත් නිසා අනුරාගයෙන් මත්වෙන හැටි තේරුම් ගන්න ඔයාට තව තවත් ගැඹුරට ආස්වාද කලාපයන් තරණය කරන්න පුළුවන් වෙනවා’


    ක්‍රිස් මැක්ස්වෙල් රෝස්

  • සුවඳ දැනී දැනී දැනෙනවා..

    සුවඳ දැනී දැනී දැනෙනවා..

    මේ මෑතක මගේ පිටරටක ඉන්න යාලුවෙක් කතාවක් මැද මාර කතාවක් කිව්වා.

    ‘ඔය මචං මාර්කටින් වලින් අටවපු උගුල්නෙ අපි බදාගෙන ඉන්නෙ. දැන් බලපං අපි ගඳයි කියල උන් අපිට සුවඳ ගහන්න කියල දුන්නා. දැන් අපි පර්ෆියුම් ගානවා, ඩියොඩ්‍රන්ට් ගානවා. අපිට අපිව ගඳයි. තනිකර උගුලක් ඕක’

    මීට කලිනුත් ලංකාවෙ කීපතැනක මං මේ කතාව අහලා තියෙනවා. අපිව සුවඳ කරවීම වෙළඳපොලේ බලහත්කාරයක් හැටියෙන්. මට ඒ කතාව ගැන පුදුමයි.

    මේ සුවඳ කිරීමේ නිර්මාණශීලී පුරුද්ද නිසා අපේ ශෘංගාරයේ දියුණු වෙන ඉසියුම් වෙන තැන් ගැන කියල නිමකරන්න බෑ. ඒ විඳීම, ආඝ්‍රාණය නිසාම අපිට ෆැන්ටසීන්වල පීනන්න පුළුවන්. පෙම්වතිය හෝ පෙම්වතා ඇතුලෙන් හැඟීමක් ඉඹින්න පුළුවන්. ඒ සුවඳත් ශරීර සුවඳත් අතර කැලතිල්ලෙ නැලවෙන්න පුළුවන්. පර්ෆියුම් එකක් කියන්නෙ සෙක්ස්වලදි මැජික් එකක්.

    අපි අපේ ශරීරයේ සුවඳ කියන එක නිර්මාණ කලාපයක් විදිහට බාරගැනීමක්. ඒ ඇසුරෙන් විවිධ අත්දැකීම් මවන්න අපිට පුළුවන්. සුවඳට පුළුවන් හැමදෙයක්ම වෙනස් විදිහකින් දනවන්න. ඒක අපිට හසුනොවෙන තරම් සියුම් තැනක්.

    ඒ මානව සංවේදිතාවයන් දියුණු තියුණු කරපු එක මාර්කටින්වලට පවරන්න පුළුවන්ද? ඒක අපේ සවිඥානකත්වයේ දියුණුවක්. අපේ රස කලාපයන්ගේ විස්තීර්ණවීමක්.

    මෙතනදි වැදගත් කාරණයක් වෙන්නෙ අපේ සාමාන්‍ය ශරීරයෙ සුවඳ හෝ ගඳ ගැන ලැජ්ජාවකින් පෙලෙන්න දෙයක් නෑ කියන එක. ඒ පියවි සුවඳට අමතරව තව සුවඳ ෆැන්ටසිවල අපිට රමණය කරන්න පුළුවන්. අපේ එකිනෙකාගෙ දහඩිය සුවඳ කියන එක සෙක්ස්වලදි දැනෙන මූලිකම කාම උද්දීපකයක්. ඒ ප්‍රාථමිකයෙ ඉඳන් අපිට පුළුවන් තවත් අනේක සුවඳ දෙව්ලොව මවන්න.

    “සුවඳ කියන්නෙ ශෘංගාරයේ ප්‍රාථමිකම කොටස. ඒක ගැන අපි උවමනාවෙන් බැලුවත් නැතත්. සුවඳ කියන්නෙ අපේ ආදරවන්තයාගෙ ශරීරය විනිවිදීමක්. ගොඩක් අය විශ්වාස කරනවා ආදරවන්තයන්ගෙන් කෙනෙක් ඇත්තටම අනුරාගීව උද්දීපනය වෙන්න නම් එයා අනෙකාගේ ස්වභාවික සුවඳට ඇළුම් කරන්න ඕන කියල. ඒත් ඔයාට පුළුවන් හිතාමතාම සුවඳ පාවිච්චි කරලා ඔයාගෙ ශෘංගාර ජීවිතේ වඩා රසවත් කරන්න. සෙක්ස් කරද්දි විතරක් විශේෂ සුවඳක් ගල්වන්න. ඒ සුවඳත් එක්ක මතකයක් නිර්මාණය කරන්න. කාලයක් යද්දි ඒ සුවඳ කියන්නෙ ඔය දෙන්නගෙ සුන්දරම මතක මිටියාවතක් වෙනවා. ඒ සුවඳ දැනෙන ඕනම තැනක ශෘංගාරය අවදි වෙනවා.

    අපේ ප්‍රකෘතිම සුවඳ වෙන සෙක්ස් සහ දහඩිය සුවඳ ගැන ගොඩක් අය ලැජ්ජ වෙනවා. ඒ ලැජ්ජාව හින්ද ඒ අයගෙ සෙක්ස්වලට පවා බාධා වෙනවා. සමහර කාන්තාවෙ මේ ලැජ්ජාව නිසා ඕරල් සෙක්ස් කරන්නෙ පවා නෑ. ඒත් ඒ අය දන්නෙ නෑ ඒ අයගෙ පෙම්වතුන් මේ සුවඳට කොයිතරම් ආසද කියන එක. ඔයාට පුළුවන් නම් ඔයාගෙ ආදරවන්තයා ඔයාගෙ නිරුවත් ශරීරයේ සුවඳත් රසයත් නිසා අනුරාගයෙන් මත්වෙන හැටි තේරුම් ගන්න ඔයාට තව තවත් ගැඹුරට ආස්වාද කලාපයන් තරණය කරන්න පුළුවන් වෙනවා’

    ක්‍රිස් මැක්ස්වෙල් රෝස්