ඇලෙක්ස් පීනා කියන ස්පාඤ්ඤ පෙරලිකාරයාගේ වයිට්ලයින්ස් සීරීස් එක ආවෙ 2020 මැයිවල. මනි හයිස්ට්වලින් පස්සෙ ලෝකෙ හැමෝම දැනගත්තා ඇලෙක්ස් පීනා කියන්නෙ කොහොම වැඩකාරයෙක්ද කියන එක. ටීවී සීරීස්වල තියෙන්නම ඕන විස්මිත චරිත ගොඩනැංවීමේ, සබ්ප්ලොට්කරණයේ සහ ප්ලොට් කරණම්වල සූරයෙක්. ඒ වගේම ලේයර් ගානක සෞන්දර්යයක් අධිවේගී විනෝදයක් එක්ක සමගාමීව පවත්වාගෙන යන්න දක්ෂයෙක්. පීනාගෙ හැම කතාවකම වගේ ගැඹුරුම තලයෙදි ස්පාඤ්ඤ දේශපාලන පැතිකඩකුත් සම්බන්ධ වෙනවා.
ලොක්ඩ් අප් සීරීස් එකේදී ත්‍රස්තවාදය ගැන භීතිය, මනි හයිස්ට්වලදි මූල්‍ය ආතතිය සහ බැංකු විරෝධී මානසිකත්වය, එතකොට වයිට්ලයින්ස්වලින් කියන්නෙ ෆ්‍රැන්කො කාලෙ වලදාපු අපරාධ ගොඩගන්න ස්පාඤ්ඤයේ නවසූදානම ගැනද?
පීනා කියන්නෙ මේ ඔක්කොම එතන තියෙනවා කියල. ‘ඒකාධිපතියෙක් යටතේ හිටපු අඳුරු පරිච්ඡේදයක් විසින් අනිවාර්යෙන්ම ප්‍රචන්ඩත්වය නිර්මාණය කරනවා. ඒ වගේම ජීවත් වෙන්න, විනෝද වෙන්න, දේවල් විඳින්න දැනෙන පුපුරායනසුලු උවමනාවකුත් ඇතිවෙනවා. ස්පාඤ්ඤයෙ සිවිල් යුද්ද කාලෙන් පස්සෙ ඇතිවුනු වෛර්ණම සංස්කෘතික මොහොත මේ නිසා ඇතිවුනා. මිනිස්සුන්ට සංගීතය, ක්ලබ්, දෙන ලද ජීවිතයෙන් පලායාම සහ ජීවිතේ උපරිමයෙන් විඳීම අවශ්‍ය වුනා. මෙන්න මේ කාලෙදි තමයි ඉබිසා බිහිවුනේ’
ඇලෙක්ස් පීනාගෙ හැම ටීවී සීරීස් එකක් වගේම ටෙලිවිෂන් එකේ අසාර්ථක වෙනවා. පීනා කියන විදිහට එයා අතින් නිර්මාණය වෙන ඇඩ්රිනලින් රෂ් එක කොටස් වශයෙන් ඇඩ් මැද්දට කැපෙන ටෙලිඩ්‍රාමා මොඩ්ල් එකෙන් රසවිඳින්න බෑ. ඒ නිසාම නෙට්ෆ්ලික්ස් කියන්නෙ පීනාටම හදපු පිට්ටනියක්. එකදිගට බලාගෙන යන්න තියෙන වේගයෙන් ගලායන පීනාගේ නිර්මාණ හැම එකක්ම හිට්වෙන්නෙ නෙට්ෆ්ලික්ස්වලින්.
වයිට්ලයින්ස් කියන්නෙම කොකේන් ඉරිවලට. මේ සීරීස් එක පටන් ගනිද්දිම උඩින් දානවා සෙක්ස්, ඩ්‍රග්ස්, වයලන්ස්, නියුඩිටි සහ එකී නොකී හැමදෙයක්ම තියෙන 18ට වැඩි අයට බලන්න තියෙන එකක් කියල. මං ටීවී සීරීස් එකක් බලන්න ඉඳගන්නෙ ඒ වගේ වැඩිහිටි කලාපයන් ස්පර්ශ කරනවා නම් විතරයි. ඒ වර්ගීකරණයට උපරිම සාධාරණයක් වයිට්ලයින්ස් කරනවා. අපි ඉන්නෙ පැය දහයක ටි්‍රප් එකක.
වයිට්ලයින්ස් කැපෙන්නෙ ඉබීසාවල අතිසුන්දර රෙසෝට් ඇතුලෙ. කතාව ගතවෙන්නෙ දැවැන්ත ඩීජේ පාර්ටි මැද්දෙ. පැයේ කොටස් දහයක මේ කතාව කියන්නෙ ඇත්තටම පැය දහයක දිග පාටියක් කිව්වොත් ඒක හරි.
මේ කතාව පටන් ගන්නෙ අවුරුදු 20ට කලින් මරලා වලදාපු තරුණයෙකුගේ සිරුරක් ගොඩගැනීමෙන්. මැන්චෙස්ටර්වල ඉඳන් ඉබීසාවලට ආපු මේ ඩීජේ තරුණයාගෙ සිරුර සහෝදරිය විසින් අඳුරගන්නවා. එයාට ඕනවෙනවා මේ මරණය කොහොම සිද්ද වුනාද කියල දැනගන්න. එයා අවුරුදු විස්සක් අතීතයට සම්බන්ධතා ඔස්සේ ගමන් කරනවා. මේ තාරුණ්‍යයෙන් මත්වුණු ඇක්සෙල් කියන තරුණයා එක්ක අවුරුදු 20ට කලින් සුඛපරම ජීවිතයක් ගතකරපු හැමෝම දැන් හතලිස් ගනන්වල. වෙන වෙන ජීවිතවල. ඒත් ඇක්සෙල්ගෙ මරණය හොයායාම පිටිපස්සෙන් මේ හැමෝම නැවත තමන්ගේ විසිගනංවල ජීවිතයට එබෙනවා. තමන්ට අහිමිවුනු ඒ ජීවිතයේ නිදහස උමතුව අනුරාගය ගැන තෘෂ්නාවෙන් පෙළෙනවා. නැවත ඒ තාරුණ්‍යය මොහොතකට හෝ අත්විඳින්න ආශාවෙන් ලුහුබඳිනවා.

මේක රිවර්ඩේල් වගේ හයිස්කූල් ක්‍රයිම් ස්ටෝරි එකක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් මේ අතීතය නැත්තං අපරාධය නැවත විඳින්න යන්නෙ තාරුණ්‍යය ඉක්මවා ගිය පිරිසක්. ඒ වගේම මේ අපරාධය කතාවෙ කේන්ද්‍රයම වුනත් පීනා කතාව ඇතුලෙ ඒක කේන්ද්‍රීය නොවෙන තැනකට අරන් යනවා. අපරාධය නෙමෙයි අපරාධය සොයා යන්නා කේන්ද්‍රය බවට පත්වෙනවා. මේ අතීතය හඹායන අයගේ වර්තමාන ජීවිතයේ වෙනස්වීම්, තේරුම් ගැනීම් කතාවේ මධ්‍යයට ගේනවා. මේක ක්‍රයිම් ස්ටෝරි එකක්ද? මගේ අදහස නෑ කියන එක. ඒ අපරාධය රූපකයක්. ඒ අපරාධය කියන්නෙ අපේ තාරුණ්‍යය. අපේ වාරණය. ඒක හොයන්න යන හැමෝම ඒ සීමාවෙන් පිටපනිනවා. අතීතයේ මුනගැහුනු නොදැමුනු, මමත්වයෙන් ඉදිමුනු, තාරණ්‍යය පසුකිරීමට අසමත් වූ මිතුරා නිසා හැමෝම සැලසුම්කරලා, දේවල් යටපත් කරලා හදාගත්ත වර්තමානය කැළඹෙන්න පටන් ගන්නවා.
වයිට් ලයින්ස් නිෂ්පාදනය කරන්නෙ පීනාගේ සමාගම සහ ක්‍රවුන් සීරීස් එක නිෂ්පාදනය කරපු බි්‍රතාන්‍ය ලෙෆ්ට් බෑන්ක් පික්චර්ස්ලා එකතු වෙලා. මේ අදහස මුලින්ම එන්නෙ ක්‍රවුන් නිෂ්පාදක ඇන්ඩි හැරීස්ට. ඒ ස්පාඤ්ඤය සහ බි්‍රතාන්‍යය එකට කරන සීරීස් එකක් ගැන. මුල් කාලෙදි මැන්චෙස්ටර් වගේ පැතිවල ඉඳන් ඉබීසාවලට ගිහින් එහේ ක්ලබ්වල ඩීජේ කරමින් අතිසුන්දර හිපි ජීවිතයක් ගතකරපු මිනිස්සු ගැන ඇත්ත අත්දැකීම් හැරීස් ළඟ තියෙනවා. එයා ඒ ගැන පීනා එක්ක කතා කරද්දි ඒක ආදරය, අනුරාගය, ප්‍රචන්ඩත්වය මිනිස් සන්තානයේ අඳුරු අහුමුළුවලට එබෙන ගතිය ඔක්කොම කලවම් කරන්න බඩු පීනා ළඟ තියෙනවා.

‘ඉංග්‍රීසි භාෂාව හරිම සංයුක්තයි. කෙටියි. ඕනම දෙයක් නිශ්චිතව කියන්න පුළුවන්. ඒත් ස්පාඤ්ඤ භාෂාව එහෙම නෙමෙයි. අපි දෙයක් කියන්න ගොඩක් වචන පාවිච්චි කරනවා. සංදර්ශනයක් වගේ. මේ වගේ වෙනස්කම් එක්ක වැඩකරන එක හරියට ඇන්ත්‍රොපොලොජිකල් වැඩක් වගේ වුනා. අපි ෂුට් එකකදි වුනත් මරාගන්නවා. කෑ ගහනවා. මේ නිසා අපේ බි්‍රතාන්‍ය කණ්ඩායම බයවෙලා හිටියෙ. ඒත් ඒ අපේ විදිහ. ඒක තරහ පිටකරගැනීමක් නෙමෙයි. අපි සුහදව වැඩකරන විදිහ”
පීනා මේ වැඩේ කරපු බ්‍රිතාන්‍ය ස්පාඤ්ඤ හවුල ගැන කියනවා.
වයිට්ලයින්ස් කියන්නෙ නැරටිව් බෝම්බයක්. සුඛපරමවාදය, ඝාතන, හාස්‍යය, ඇවිලුම් බිළි (ඊතලයක් මෙන් විදිය හැකි ආයුධයක්) මේ ඔක්කොම එකට. එකකින් අනිත් එකට කැපෙන්නෙ අපිට හිතාගන්නවත් බැරි ඉක්මනට. කිසිම ළඟ නවන වංගුවක් ගැන කිසිම විදිහක සමාවභජනයක් පීනාගෙ නෑ. කතාව අතිප්‍රචන්ඩ විදිහට මානසික කලාප ඉරාගෙන බහිනවා.

කතාවෙ පෙම්වතුන් දෙන්නාගෙ ආදර සිත් බැඳෙන්නෙම ඇවිලුම් බිළියකින් කකුල හිල්වෙන්න විදලා. එතන ඉඳන් අම්මලා එක්ක මාස්ටර්බේට් කරන පුතාලා, අම්මයි දුවයි දෙන්නා එක්කම ආදරෙන් බැඳෙන පෙම්වතුන්, පල්ලියෙ ෆාදර්ගෙ දේශනා අහන අතර කලිසම ඇතුලට අතදාන කාන්තාවො, කසාද බඳින දවසෙම යාලුවා එක්ක හොරෙන් සෙක්ස් කරන මනමාලියො මේ විදිහෙ විපරීත ශෘංගාර සූපයක් රසකරන මනුස්සකම, ආදරය, බැඳීම ගැන කතාවක් මේ සුදු ඉරි අතර තියෙනවා.
වයිට් ලයින්ස්වල ප්‍රධාන තේමාව විදිහට එන්නෙ සොඉ කියන මැන්චෙස්ටර්වල පුස්තකාල කෙල්ලෙක් ඉබීසාවල තම සහෝදරයාගෙ මිනීමරුවා සොයා යාම. බි්‍රතාන්‍ය කියන්නෙ සදාචාරයට බර, හැඟීම් ආවේගයන් පාලනය කරන සංස්කෘතියක්. ස්පාඤ්ඤය විශේෂයෙන්ම මේ කතා කරන ඉබීසාවල හිපි යුගය කියන්නෙ ඊට සපුරාම වෙනස් කලාපයක්. සොඉ අම්මා කෙනෙක් විදිහට ඉබීසාවලට ආවට එතනදි එයාගෙ ජීවිතේ යටපත් කරලා තිබුනු නිදහස්කාමී යෞවනිය ඇහැරෙනවා. ඕනම කෙල්ලෙක් ආශාවෙන් බැඳෙන බොක්සර් කියන බවුන්සර් එක්ක ආදරෙන් පැටලෙනවා. නුනො ලොපෙස් කියන පෘතුගීසි නළුවා නිරූපණය කරන බොක්සර්ගෙ චරිතයත් අමුතුම එකක්. මිනිස්සුන්ව අමුවෙන් කොකුවල එල්ලා මරන්න තරම් හිත්පිත් නැති ප්‍රචන්ඩත්යක් එක්ක අනිත් පැත්තෙන් අතිරොමාන්තික චරිතයක්. සංගීතයද, නැටුම්ද, උයන පිහන කලාවද, කෙල්ලෙකුට ආදරය කිරීමේ කලාවද සියල්ල එකතැන්වුනු කොහෙත්ම පැවතිය නොහැකි පීනාගේ එක්ස්ටී්‍රම් එකක්. ඒක හරියටම වයිට්ලයින්ස් කතාව වගේ. එහෙම කතා කොහේවත් තියෙන්න බෑ.
ඒත් ඇලෙක්ස් පීනාගේ විශ්මලන්තයේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ ලෝකෙ කොකේන් ගහන බල්ලො නාන තටාකවල පාවෙවී ඉන්නවා.
වයිට්ලයින්ස් කියන්නෙ මේ වගේ ලොක්ඩවුන් කාලෙකට තෙරපියක්. ගෙවල්වල කොටුවෙලා ඉන්න අතරෙ ඒ සුන්දර මුහුදු තීරයන්, නිල්වන් අහස් කලාපයන්, අතිරමනීය රොසෝර්ටයන්, එකට පොදිවෙලා නටන ක්ලබ්කාමී ජීවිතය වගේම අනුරාගී මානව බැඳීම් අපිව ආශාවෙන් පොඟවනවා. නැවතත් අපි හදවත් ගැහෙන, ජීවිත විඳින්න පෙරමග බලාඉන්න මිනිස්සු වග පසක් කරනවා.
අවාසනාවට මේ සීරීස් එක දෙවෙනි අදියරකට අරගෙන නොයන්න නෙට්ෆ්ලික්ස් තීරණය කළ බව කියනවා. ඒත් ටීවී සීරීස් අත්දැකීමක් විදිහට මේ සුදුඉරි ටික අපිට දුර්ලභ එක්ස්ටසිමය කොකේනියානු වින්දනයක් අරන් එනවා.


මේ ක්‍රීම් එක දවසට එකපාරයි පාවිච්චි කිරීම සුදුසු. මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ 100% ස්වභාවික ද්‍රව්‍යවලින් කියල කියනවා. ඒ වගේම මේකෙන් ස්වභාවික ආකාරයේ ශිෂ්න වර්ධනයක් ඇති කරනවා මිස කෘතිම විශාලනයක් සිද්ද කරන්නෙ නෑ. පැය තුනක් දක්වා කාලයක් සෙක්ස් කරන්න පුළුවන් හැකියාවක් ලාර්ගෝ ලබාදෙනවා කියල පොරොන්දු වෙනවා. ඒ වගේම පෝර්න් ස්ටාර්ස්ලා වැඩිදෙනෙක් පාවිච්චි කරන මේ ආලේපනය ශිෂ්නය දැඩි විදිහට ප්‍රාණවත් කරනවා.

තන්ත්‍ර කියන්නෙම විවිධ සම්ප්‍රදායන්ගෙන් පෝෂනය වුනු එකක්. ඒක තනි ගොඩනැංවීමක් නෙමෙයි. මේ නිසාම අදටත් හින්දු, වජ්‍රයාන සහ සෙන් සම්ප්‍රදායන්වල තාන්ත්‍රික කොටස් ඉන්නවා.
තන්ත්‍ර පන්සල් ඇතුලෙ පුහුණු වෙන දෙයක් නෙමෙයි. ඒක ජීවිතේ ඇතුලෙ පුහුණු කළ යුතු දෙයක්.


මිනිස්සු දශක ගණනාවක් තිස්සේ නිහඬව වැඩි හාහෝවක් නැතිව නිදහස් ආදරයන් සාර්ථකව කරගෙන ගිහින් තියෙනවා. අපි මේ පොතෙන් කරන්නෙ ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු වුන තාක්‍ෂණයන්, කුසලතා සහ පරමාදර්ශයන් බෙදා ගැනීමයි.





සෙක්ස් ගැන කතා කරද්දි ඒකෙ අංශයන් දෙකක් නැත්තං කලාපයන් දෙකක් ගැන අපිට දැනුමක් ඕන වෙනවා. එකක් සෙක්ස් සම්බන්ධ ජීව විද්‍යාත්මක ඒ කියන්නෙ අපේ ශරීරයේ බයොලොජිය පැත්තෙන් කතාව. අනිත් පැත්තෙන් සෙක්ස් සම්බන්ධ මනෝ විද්‍යාව, සයිකොලොජි පැත්තෙන් කතාව. සෙක්ස් කියන්නෙ ශරීරයයි මනසයි දෙකම එකක් වෙන තැනක්. මනස ශරීරයට බලපාන අතර ශරීරය මනසට බලපානවා. වෙන් කරලා කතා කළාට පවතින්නෙ තනි සමස්තයක් විදිහට. ඒක සිස්ටම් එකක් කියල අපිට කියන්න පුළුවන්.
ඒ පාර ෆිෂර් මොළේ අනිත් පැත්තට ටෙස්ටෙස්ටරොන් විදිනවා. එතකොට මීයා ප්‍රචණ්ඩ වෙනවා. ලිංගික ආවේගයෙන් හැසිරෙන්න ගන්නවා.
පොඩි කාලෙම අපි දරුවන්ට ලිංගික අවයව වසන් කිරීම උගන්නනවා. හෙළුවෙන් ඉන්න එක වරදක් කරනවා. ඒ වගේම ලිංගේන්ද්‍රියන් අතපත ගෑම නරක දෙයක් බවට පත් කරනවා. ඒවට කියන වචනයක්වත් හරියට කියලා දෙන්නෙ නෑ. චූටි කුරුල්ලා, චූවා වගේ විකාර නම් තමයි පොඩිකාලෙ ඒවා හඳුන්වන්නෙ.

දිනිතිගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ නම සමීර. එයාව එක්කගෙන දිනිති අපේ ගෙදර එන්නයි සැලසුම. ගෙදර පැත්තෙන් තියෙන කරදර නිරවුල් කරන එක මගේ වගකීම. ඒක ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි. ඒත් ඉවසන්නම බැරි හිතේ කැළඹිල්ල.

අපි ස්වභාව ධර්මයට ඉහළින් ඉන්නවා කියන කතාව හරියට කකුල් වෙවුලන සර්ෆර් කෙනෙක් මුහුදට ඉහළින් ඉන්නවා වගේ එකක්. අපි ලිස්සලා වැටුනෙ නැතත් ( ඒක හැමෝටම වෙනවා) අපේ අභ්‍යන්තර ස්වභාවය විසින් ඕනම වෙලාවක අපිව ඇතුලට ඇදලා ගන්න පුළුවන්. බටහිර හැදුනු අය විශ්වාස කළා මිනිසා හරි සුවිශේෂයි කියල. අනිත් හැම ජීවත්වෙන දේකටම වඩා වෙනස් කියල. ලෝකයට වඩා ඉහලින් ඉන්නෙ කියල. සත්ව ජීවිතය සලකුණු කරන පහත් අවමන් තත්වයන්ගෙන් නිදහස් කියල. අපිට පහතින් අපිට යාබදවම තියෙන ස්වභාවික ලෝකය කියන්නෙ ලැජ්ජාවට හේතුවක්, පිළිකුල්කටයුතු, අවධානයෙන් සිටිය යුතු, ගඳ ගහන, අවුල්සහගත, වසා දොරගුළු ලා සඟවා තබාගත යුතු තත්වයක් කියල. එහෙම නැත්තං අපි ඒක ඕනවටත් වඩා ඉහළින් තබමින් පාවෙන, දිව්‍යමය, අවිහිංසක, උසස්, සමතුලිත, ප්‍රඥාවන්ත දෙයක් විදිහට සලකන්න ගත්තා.










