Category: Features

  • නව නාරි බෝම්බය – ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය

    නව නාරි බෝම්බය – ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය

    ඇෆ්‍රොඩයි‍ට් මල් කොල්ලය ගැන නරකක් කියන කෙනෙක් නැති තරම්. ඒ ඇත්තටම ඒක ඒ තරම්ම හොඳ නාට්‍යයක් හින්ද. පණ්ඩිත දාර්ශනික කතා නැති, හාස්‍යය විනෝදය සපිරි, ලේයර් ගණනාවකින් කියවා ගත හැකි, ලංකාවෙ බලාපොරොත්තු විය නොහැකි විදිහෙ නාට්‍යයක් ඒක. මට හිතෙන්නෙම මේක ස්පැනිෂ් කතාවකින් අරගෙන තියෙනවා කියල. ඒත් තාමත් එහෙම කිසිම මූලාශ්‍රයක් මට හොයාගන්න බැරි වුනා. ‍ඒත් මේ ආකෘතිය කොහෙත්ම ලංකාවෙ එකක් නෙමෙයි.

    මේක ඒ විදිහට කොහෙන් හරි අරගෙන තිබුණත් ඒකෙන් මේකෙ වටිනාකම බාල වෙන්නෙ නෑ. මේ වගේ කතාවක් ඔලුවට එන ඩිරෙක්ටර් කෙනෙක් මෙහේ ඉන්නවා කියන එක අදහාගන්න බැරිකමටම මං සර්ච් කළා ආනයනය කරපු තැනක් හොයාගන්න. ඒත් මට බැරි වුනා.

    ඇෆ්‍රොඩයිට් මංකොල්ලය කියන්නෙ මහා ජනතාවකගේ සුවිශාල ලිංගික ආකර්ශනයක් දිනාගත් ගැහැණු නව දෙනෙක් ඒ ආකර්ශනය සි්‍දී ගිහින් තමන්ගේ හිස් ජීවිතය මුනගැහෙන මොහොතේදී ඒ හිස්කමට එරෙහිව ගහන කැරැල්ලක්. නිළියන් වුණු ඔවුන්ට නිළිකම අවසන් තැන, තමන්ව හොයාගන්න සිද්ද වෙන විටදි මුහුණ දෙන ත්‍රාසමය අත්දැකීමක්. මේ ත්‍රාසය මංකොල්ලයක් විදිහට සංවිධානය වෙනවා.

    ඇෆ්‍රොඩයිට් මල්කොල්ලයෙ ඉන්නෙ නාකි ගෑණු නම දෙනෙක්. ඇත්තටම මේ නාට්‍යය පවතින්නෙ කතාවක් මතට වඩා මේ ගෑණු නම දෙනා ‍මත. ඒ අයගෙ සම්බන්ධතා මත. මේ නාකි – නිළියො නම දෙනෙක්. ඒ නිළියො ටික ඒ අයගෙ ජීවිතේ මහළු මඩමක ගෙවී යන අවාසනාවන්ත ඉරණමට මුහුණ දීගන්න බැරුව බැංකු මංකොල්ලයක් කරනවා. ඒ අයගෙ ජීවිතේ අවසාන හීනෙ වෙනුවෙන්.

    මේ නාකි ගෑණුන්ට සමාජය විසින් පැවරුණු කාර්යයන් තියෙනවා. බෝධි පූජා කරන එක, වන්දනා ගමන් යන එක ආදිය. ඒත් මේ ගෑණු ඒ සමාජයෙන් තමන්ගේ වයසට පැවරුණු භූමිකා ප්‍රතික්ෂේප කරනවා. ඒ අය තමන්ගේ හීන හොයාගෙන යන්න කැරැල්ලක් ගහනවා. මෙතෙක් කාගේ හෝ පිටපතකට රඟපෑ නිළි‍යන් පළමු වරට තමන්ගේ පිටපතකට රඟපාන්න තීරණය කරනවා.

    මේ නාට්‍යය මේ නිළියන් විසින් තමන්ට අවැසි විදිහට මෙහෙයවාගෙන ඇති බව පැහැදිලියි. මේ නිළියො රඟපෑමෙ අදහාගන්න බැරි පිම්මක් පනිනවා. මීට කලින් අපි මේ නිළියන්ගෙන් කිසි දවසක නොදුටු, නොපැතූ රංගනයක් මේ අය ඉදිරිපත් කරනවා. මට වැඩියෙන්ම දැණුනෙ ඒක, ‘උඹලා දැකපු අය නෙමෙයි අපි’ කියලා කරන ප්‍රචන්ඩ ප්‍රකාශනයක් වගේ. ඒක ඇඟ හිරිවැටෙන තරමෙ අත්දැකීමක්. විශේෂයෙන් අමා විජේසේකර නාකි වුණු සරාගී නිළියක් විදිහට කරන රංගනය පිස්සු වට්ටනසුලුයි. අමාගෙ තියෙන දැහැමි මූණ පිරිමි ශිෂ්නයක් පතන බේබදු ගැහැණියක් බවට පෙරලුනාම පරණ අමාව පුරුදු නරඹන්නාට දැනෙන්නෙ තිගැස්මක්.

    කෞෂල්‍යා, චාන්දනී, සමාධි, නිල්මිණී, සුජානි ඇතුලු සෙට් එකම විශ්මිතයි. විශේෂයෙන්ම කෞෂල්‍යාගේ සහ චාන්දනීගේ නිරුත්සාහයික රංගනය මාරයි. ඒ මුනිවර රංගන පරාසයේ සිට තරුණ ජව සම්පන්න රංගනය දක්වා වේදිකාව උඩ එකිනෙක මුහුවෙමින් දිගහැරෙනවා. අලුතෙන්ම දකින රන්දි පවී පවා හොඳ රංගනයක් එක්ක අර දැවැන්ත රංග ආනුභාවයන් සමග මනාව මුහුවෙනවා. උන් මේ ඩිරෙක්ටර්ගෙ පිටපත තම තමන්ගේ අත්අඩංගුවට අරගෙන. සෝෂල් මීඩියාවල තැන තැන දකින්න තිබුනා මේ නාට්‍යයේ පෝස්ටරය දැකලා කලබල වුනු ස්ත්‍රීවාදීන්ගේ විචාර. මේක පිරිමි ඇග්‍රෙෂන් එකක්ය, පිරිමි අනුකරණය කිරීමක්ය, පිරිමින්ගේ ලිංගික තෘප්තිය පිණිස කරන රෝල් ප්ලේ එකක්ය ආදී වූ චෝදනා ඒ තැන්වල ඇහුනා. ඒත් මේක තනිකරම පිරිමි අධ්‍යක්ෂවරයෙක් යටත් කරගෙන එයාගෙ පිටපත බලහත්කාරයෙන් අත්පත් කරගෙන, තමන්ට ඕන නාට්‍යය රගපාන ගැහැණු නව දෙනෙකුගේ මංකොල්ලයක්.

    කෙනෙකුට හිනා නොවී ඉන්න නම් බෑ. හිනා වෙනවා නෙමෙයි හිනා පනිනවා. ඒත් අපි හිනාවෙන්නෙ හරි භයානක දේවල්වලට. ‍එහෙම භයානක දේවල්වලට හිනාවෙවී අපි ගෑණු නව දෙනෙක් තම තමන්ගේ වෙනස් වෙනස් ආශාවන් වෙනුවෙන් එක්ව කරන තනි මංකොල්ලයක් බලන් ඉන්නවා.

    මේ ගෑණු නිළියො වෙන්න තමන්ගෙ ජීවිතේ හැම හීනයක්ම කැප කරපු මිනිස්සු. ඒත් වයසත් එක්ක හිස්බව මිස වෙන කිසිම දෙයක් ඉතිරි නොවුනු මිනිස්සු. සමහරු තාමත් තමන්ගේ පෙම්වතා එනකල් බලන් ඉන්නවා, සමහරු කලින් පෙම්වතා එක්ක ආපහු පැනලා යන්න සැලසුම් හදනවා, සමහරු තමන්ගේ ලිංගිකත්වය මාරු කරගන්න හදනවා, සමහරු තමන් ගබ්සා කරන්න ගිය දරුවාගේ මූන බලන්න මගබලන් ඉන්නවා. තමන්ට නිළි ජීවිතය නිසා මිස් වුන දේවල් හොයාගෙන යන්න මේ ගෑණු කැරැල්ලක් ගහනවා.

    නාට්‍යය වඩාත් ත්‍රිල් වෙන්නෙ ඒකෙ තියෙන ට්විස්ට් හින්දමයි. ඒත් අන්තිමට ත්‍රිල වැඩි කරන්න ළග ළග දෙන ට්විස්ට් ටිකක් වැඩිද කියලත් හිතුන. නාට්‍යය මැද්දෙදි තරමක මන්දගාමී වෙන ගතියක් පේන්න තිබුන. දෙමළ වයසක ගැහැණියක්ද ඇතුලත් කරගනිමින් පොලිටිකලි කරෙක්ට් වෙමින්, ජනවාර්ගික ප්‍රශ්නයත් යන්තමින් හරි ගැටගහන්න උත්සාහ කිරීම තේරුමක් නැති වැඩක් කියලයි හිතෙන්නෙ. ඒ වගේම ඇමන්ඩා විසින් එකවරම බැලේ නර්තනයක් යෙදීමත් නාට්‍යයේ නැරටිව් එකෙන් එලියට වැටීමක් වගේ පෙනුනා.

    නමුත් මේ කිසි දේකින් මේ ගෑනු නමදෙනාගේ කැරැල්ල අවතක්සේරු කරන්න බෑ. ඒක ලංකාවෙ නිළි පරම්පරාවක චරිත රංගනයේ සුවිශේෂ අවස්ථාවක්. ඒ සුවිශේෂී අවස්ථාව වේදිකාව උඩ නිර්මාණය කරදීම සචිත්‍ර රාහුබද්ධ විශිෂ්ට රංග කාර්යයක් වෙනවා.

    නාට්‍යයේ හැම පුංචි දෙයක් ගැනම හිතලා තිබුන. හැම චරිතයකම පාහේ සියුම් ඩීටේල් මතු කරලා තිබුන. ඇත්තටම ගැහැණු නව දෙනෙක් රඟපෑවාට එතන ගෑනූ දහදෙනෙක් ඉන්නවා. නිල්මිනී සිගේරා ගෑණු දෙන්නෙකුට රඟපානවා. නිල්මිණී කියන්නෙ අපූරු නිළියක්. එයා පුළුන් තරම් සැහැල්ලුවට වේදිකාවෙ එහා මෙහා යමින් ගින්දර වගේ රංගනයක යෙදෙනවා. මෑත කාලෙදි ඇතිවුනු අවමතාවාදී වේදිකාව වෙනුවට සචිත්‍ර විසින් දස නාරී බෝම්බයක් වේදිකාව උඩට අතාරිනවා. ඒක හැම ප්‍රේක්ෂාගාරයකම ප්‍රේක්ෂකයන්ගෙ රස නහර කපාගෙන යන මුනිස්සම් තියෙන බර බෝම්බයක්.

    නාට්‍යය ඉවර වෙලා ආචාර කරන්න එද්දි හින්දි ගීතයක් වාදනය වෙන එක පවා මරු. ඒ හැම දේකම වෙනසක් ලකුණු වෙනවා වගේම ප්‍රේක්ෂකයාගේ ඔලුව මඤ්ඤං වෙන බහුබූතයක් වෙනුවට සැහැල්ලුවෙන් හින‍ාවෙවී ගෙදර යන්න පුඵවන්, නැවත ඇවිත් බලන්න පුළුවන් නිර්මාණයක් කිරීමේ උවමනාව සටහන් වෙනවා.

    ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය කියන්නෙ නාකි කියන්නෙ තරුණ කියන එක බව පසක් කරන නිර්මාණ වෑයමක්. මොකද නාකි බව විසින් අන් කවර කලකටත් වඩා ප්‍රචන්ඩ විදිහට තරුණ බව හඹා යන්න පටන් ගන්න හින්ද. විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන. නාකි ගෑණුන්ගෙන්.


    චින්තන ධර්මදාස

  • ලෙනින්ගේ කලිසම ඇතුලට එබෙමු

    ලෙනින්ගේ කලිසම ඇතුලට එබෙමු

    ව්ලැද්මීර් ලෙනින්ගෙ ලිංගික ජීවිතය ගැන හොයන්න මට උනන්දුවක් ඇති කළේ ෆේස්බුක් මිතුරෙක් වන බුද්ධි දිනේෂ්. ලෙනින්ගේ නොයෙක් ඕපාදූප හොයමින්, කොනිත්තමින් හිටපු මට වඩා රසවත් කලාපයක් ගැන ඔත්තුවක් ලබාදුන්නෙ ඔහුයි.

    ඕනෑම ‍විශාල ප්‍රතිරූපයක ලිංගික ජීවිතය පිළිබඳ කියවීම අතිශය වැදගත්. ඒ අතිශය පුද්ගලික ජීවිතයත්, ප්‍රසිද්ධ ජීවිතයත් අතර ගැටුම තමයි ඒ අදාල පුද්ගල චරිතය වෙන්නෙ. කෙනෙකුගේ ලිංගික ජීවිතය පිළිබඳ දැනීමක් නැතිව ඔහුගේ හෝ ඇයගේ දාර්ශනික, දේශපාලන ජීවිතය කියවීම ඔහු හෝ ඇය පිළිබඳ කියවීමක් නෙමෙයි. කර්තෘත්වයෙන් තොර සංකල්ප ගනුදෙනුවක් විතරයි.

    පිරිමියෙක් ගැඹුරින් තේරුම් ගන්න නම් ඔහු කතා කරද්දි ඔහුගේ පුරුෂ ලිංගය දිහා බලන්න ඕන. ඒ කටින් පිටවෙන වචන සහ යටපත් ලිංගික ජීවිතය අතර සම්බන්ධය තේරුම් ගන්න. ගැහැණියක් ගැඹුරින් තේරුම් ගන්න නම් ඇගේ වචන දිහා නැතුව දෙතොල් දිහා බලන්න ඕන.

    ඒක මං ඉගෙන ගත්තෙ සයිමන්ගෙන්. සයිමන් ගැන ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඒ මහජන පුස්තකාලෙ ශ්‍රවණාගාරයේ ඉස්සරහ පුටුවක තියාගෙන පියසීලි විජේගුණසිංහ විසින් සයිමන්ව පතුරු ගහපු සිදුවීමක්. සයිමන්ගේ රචනාවල ඇති පිරිමි බව, කෲර‍ බව ආදිය කුමාරිගේ ස්ත්‍රීවාදී විවේචනයට හසුවුනා ලු. සයිමන් ඒ සියල්ල අහගෙන ඉඳලා,

    ‘ඔය වගේ ලස්සන තොල් දෙකකින් ඔය වගේ නපුරු කතා කියන්නෙ කොහොමද කියල මං බලාගෙන හිටියෙ…’ වගේ කතාවක් කිව්වලු. මේ කතාව කල්පිතයක් වෙන්න පුළුවන්. ඒත් ඒකෙ සයිමන් කියන කතාව වැදගත්. වචනවල නපුරු බව වෙනුවට තොල්පෙතිවල සොඳුරු බව දෙස බලා සිටීම.

    ඉතිං මං ලෙනින්ගේ ලිංගික ජීවිතය ගැන කියවන්න පටන් ගත්තා. ලෙනින්ගෙ ලිංගික ජීවිතය ගැන ඔය පාක්ෂිකයො සහ ඇදහිලිවන්තයො දන්නෙ නැති තරම්. ඒත් ඉතිං මේක කියවලා මට විරුද්ධව අවි ‍අමෝරා ගන්න එක තේරුමක් නෑ. ‍මේ ලිපියෙ අරමුණ කොහෙත්ම අපහාසයක් නෙමෙයි. ඒ වෙනුවට ලෙනින් ගැන ප්‍රකට නොයෙක් කතා අතර එයාගෙ අප්‍රකට රහස් ජීවිතය ගැනත් කුතුහලයක් දැල්වීම විතරයි.

    ලෙනින්‍ගේ ජීවිතයට බලපාන සුවිසල් ගැහැණිය වෙන්නෙ ලෙනින්ගෙ අම්මා. මරියා උල්යානොවා.

    තාත්තා මැරෙද්දි ළමයි හයදෙනෙක් පවුලෙ. මේ හය දෙනාගෙම බර පැටවෙන්නෙ අර අම්මා‍ට. මේ පවුලෙ කිසි කෙනෙක් ගොඩක් වැඩිමල් වෙලත් කිසිම ආකාරයේ ඉපැයීමක් කරන්නෙ නෑ. ඒ අය දිගටම අම්මා මත යැපෙනවා. මේ හැමෝම විප්ලවවාදීන්. ලෙනින් හැර අනිත් හැමෝම හිරෙත් ඉඳලා තියෙනවා.

    ලෙනින්ගෙ අම්මා – මරියා උල්යානොවා

    ලෙනින්ගේ මුලු පවුලම ජීවත් වුනේ අම්මාගේ පැන්ෂන් එකෙන් කියල ලෙනින්ගෙ වැඩිමල් සහෝදරිය ආන්නා උල්යානොවා ලියනවා.

    ලෙනින් අවුරුදු 40ක් වෙනකල් ජීවත් වෙන්නෙ අම්මාට ලැබෙන මුදලින්. අවුරුදු 17ක් ලෙනින් රටෙන් පිටවෙලා ඉන්නවා. ස්විට්සර්ලන්තෙට, පැරීසියට, ජර්මනියට යනවා. ස්විට්සර්ලන්තෙදි එයාගෙ අසනීප තත්වය නිසා සැනටෝරියම් එකක (විශේෂ සෞඛ්‍ය පරිශ්‍රයක) ඉන්න වෙනවා. එයා එතන ඉඳන් අම්මාට මෙහෙම ලියනවා, ‘මේ රිසෝර්ටයේ හිටපු දවස් කීපයට මට ලොකු ගුණයක් දැනෙනවා. හැබැයි මේ ප්‍රතිකාර හරි ගනං. දැනටමත් මගේ සල්ලි ඉවරයි. තව රූබල් සීයක් විතර පුළුවන් නම් එවන්න’ මේ 1895දි.

    සති තුනකට පස්සෙ එයා බර්ලිනයට යනවා. එහේ ඉඳන් ආපහු අම්මාට ලියුමක් ලියනවා.

    ‘බය හිතෙන කාරණය වෙන්නෙ ආපහු මගේ සල්ලි ඉවරයි. පොත් ගන්න නිතර පෙළඹෙන නිසා සල්ලි වාෂ්ප වෙනවා. පුළුවන් නම් තව රූබල් 50ක් 100ක් එවන්න’

    අම්මා හැම වෙලාවකම ලෙනින් කියන දේ කරනවා.

    මරියා උල්යානොවාට පැන්ෂන් එකෙන් හැමදේම කරන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. එයාට හම්බුවෙන්නෙ මාසෙකට රූබල් සීයක් විතර. ඒ කාලෙ ඒක ‍සෑහෙන ගානක්. හැබැයි මේ වියදම කොහෙත්ම ප්‍රමාණවත් වුනේ නෑ. ලෙනින් ඒ කියල තමන්ගේ සුවපහසුව කැප කළෙත් නෑ. එයා පිටුවහල්ව ඉඳිද්දී පවා එයාගේ සහ බිරිඳගේ වැඩ පිණිස මෙහෙකාරයෙක් නඩත්තු කළා.මේ දෙන්නා නිතර පිටතට ගිහින් කැෆේ වලින් ආහාර ගත්තා (සුනිල් හඳුන්නෙත්ති දැක්කා නම් ඉඳලා හමාරයි) කෘප්ස්කයාට කුස්සියෙ උයන්න පිහන්න දැනීමක් තිබුනෙත් නෑ.

    මේ හින්ද අම්මාට තාත්තලාගෙ පරම්පරාවෙන් ලැබුනු ගෙදර විකුණන්න වෙනවා. විකුණලා හම්බුවෙන සල්ලිවලින් ලොකු කොටසක් වැය වෙන්නෙ පවුලෙ ණය ගෙවන්න. ඉතිරි ටික පවුලෙ අරමුදලක දාලා ඒ පොලියෙන් දරුවන්ට ජීවත් වෙන්න හදලා දෙනවා. ලෙනින් අම්මාට ලියන හැම ලිපියකම පාහේ මේ පවුලේ අරමුදල ගැන සඳහන් කරනවා.

    ලෙනින්ට යාළුවො හිටියෙ නෑ. එයාගෙ ජීවිතේ ලොකු භූමිකාවක් කළේ ගැහැණුන් විසින්. ලෙනින් ගැන විශේෂඥයෙක් වෙන ‍‍ලෙව් ඩැනිල්කින් කියන විදිහට, ලෙනින්ට කිසිම යාලුවෙක් හිටියෙ නෑ කියල කියන්න පුළුවන්.

    ලෙනින් කියන්නෙ එයාගෙ අම්මාගෙ අන්තිම කොපෙක් ටිකත් වියදම් කරලා රිසෝර්ට් එකකට යන ජාතියෙ පුතෙක්. ඒක නරක නෑ. ඒ තමයි ලෙනින්.

    ඒ වගේම එයා විශ්වාස කළේ නෑ ගැහැණුන්ට ලිංගික ආශාවන් තියෙනවා, ඒවා තෘප්තිමත් කරන්න අයිතියක් තියෙනවා කියල.

    ලෙනින්ට බිරිඳක් හිටියට තවත් පෙම්වතියකුත් හිටියා. එයා ගත කළේ පොලිගමි නැත්නම් බහුභාර්යා ජීවිතයක්.

    කෘප්ස්කයා තමයි ලෙනින්ගෙ ජීවිතේ වැඩිම කාලයක් රැදුනු සහකාරිය. එයා ජීවිත කාලෙම ලෙනින් එක්ක හිටියා. ඒ දෙන්නා මුනගැහෙන්නෙ පෑන් කේක් කකා, තේ බොමින් පැවැත්වුනු මාක්ස්වාදීන්ගෙ සාදයකදි. ඊට පස්සෙ ඉඳන් ලෙනින් ඉරිදා දවල් කෑමට කෘප්ස්කයාගෙ ගෙදර යන්න පටන් ගන්නවා. මේ අතර ලෙනින් තවත් ශිෂ්‍යාවන් මුනගැහෙන්න යනවා (කෘප්ස්කයා විතරක් නෙමෙයි).

    කෘප්ස්කයා සහ ලෙනින්

    ලෙනින්ව පිටුවහල් කළාම කෘප්ස්කයා ලෙනින් එක්ක යන්න තීරණය කරනවා. ඒ දෙන්නා කසාද බඳින්නෙ එහෙදි. ඒත් සයිබීරියාවෙ සීතලට මේ දෙන්නා අතර තිබුනු ආශාවේ-අනුරාගයේ බැඳීම් මිය යන බවක් පේනවා. කෘප්ස්කයා ලියනවා, ‘අපිට සීතල කාමරේට වෙලා ඉන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ. අපි නිතර චිත්‍රපටි බලමින් නාට්‍ය බලමින් කාලය ගත කළා’.

    නමුත් මේ ඇසුරෙහි වෙනස කෘප්ස්කයා තවත් ලෙනින්ට ළං කරනවා. කලින් කිව්වා වගේම ලෙනින් කිසි දවසක ගැහැණියකගේ ආශාවන් පිළිබඳ පිළිගැනීමක් තිබුන කෙනෙක් නෙමෙයි. ඒත් මේ ගැහැණුන් ඔහුට අසීමිතව ආදරය කළා.

    ‘ගැහැණුන්ට ලිංගික විප්ලවයක් කළ නොහැකියි. ඒ ඔවුන්‍ට ඒ ගැන ගැඹුරු සහ පුළුල් දැනුමක් නැති නිසයි’ ලෙනින් ලියනවා.

    හැබැයි එයාට පැරිසීයෙ එයාගෙ (අනියම්) පෙම්වතිය සමග බැ‍දෙන්න මේ පිලිගැනීම් බාධාවක් වෙන්නෙ නෑ. ඉනෙස්සා ආමන්ඩ් දැඩි බොල්ෂෙවික්වාදිනියක්. ලෙනින් එයා එක්ක බැඳුනත් කෘප්ස්කයා අත්හැරීම ප්‍රතික්ෂේප කරනවා. මේ ගැහැණුන් දෙදෙනා ඉතාම කුළුපඟ මිතුරියන් බවට පත් වෙනවා. පස්සෙ මේ තුන්දෙනාම එකට ජීවත් වෙන්න පවා පටන් ගන්නවා. විවෘතව නොවුනත් ඔවුන් රහසිගතව මේ පොලිගමි සබඳතාව පවත්වාගෙන යනවා. ඒ අතින් ලෙනින්ට ජීවිතේ මුනගැහෙන්නෙ ආශ්චර්යමත් ගැහැණු. එයාගෙ පක්ෂෙ සහෝදරවරුන්ට මේ ගැන යන්තම් හරි ඉවක් දැනෙන්නෙ ලෙනින් මේ දෙන්නවම මුල් නම් වලින් ආමන්ත්‍රණය කරන්න ගන්න හින්ද. සාමාන්‍යයෙන් ලෙනින් අන් අයව ආමන්ත්‍රණය කරන්නෙ ඉතාම විධිමත් ආකාරයට.

    ඉනෙස්සා මිය ගිහින් අවුරුදු තුනකින් ලෙනින් මිය යනවා. කෘප්ස්කයා ලෙනින්ගෙ භෂ්මාවශේෂ ඉල්ලනවා ඉනෙස්සා සමීපයෙන් තැන්පත් කරන්න. නමුත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා.

    වික්ටෝරියානු යුගය සහ රුසියානු විප්ලව යුගය සම්බන්ධයෙන් අධ්‍යයන කරන හෙලන් රැප‍ර්පෝර්ට් කියන පරිදි,

    ‘ලෙනින්ගේ ජීවිතයේ මුනගැහෙන සියලු ගැහැණුන් ඔහු විසින් සූරාකනවා. නඩෙස්ඩා කෘප්ස්කයා, ලෙනින්ගේ මව මරියා, නැන්දණිය එලිසාවෙටා, සහෝදරියන් වූ ආන්නා සහ මරියා, පෙම්වතිය වූ ඉනෙස්සා ආර්මන්ඩ් යන සියල්ලන්ට ලෙනින්ගේ දේශපාලනය වෙනුවෙන් ජීවිත කා‍ලයම වැරහැලි අඳිමින් ජීවත් වෙන්න සිද්ද වුනා’

    ලෙනින්ගේ පෙම්වතිය ඉනෙස්සා

    මේ කිසිම ගැහැණියකට ඉතිහාසයේ ලැබිය යුතු ගෞරවය නොලැබුනු වග හෙලන් සඳහන් කරනවා. අද පවා වාමාංශික පක්ෂවල බැනර් පෝස්ටර් විදිහට එසැවෙන වීරයො පිරිමි විතරයි.

    මේ විදිහෙ ගැහැණුන් ඇසුරෙ ජීවත් වුනු ලෙනින් ලිංගිකත්වය, එහි නිදහස ගැන බැලුවෙ කොයි විදිහටද? එයා ෆ්‍රොයිඩ්ගෙ මනෝ විශ්ලේෂණයම බුර්ෂුවා විකාරයක් විදිහට බැහැර කරනවා. ලිංගිකත්වය මිනිස් ජීවිතයේ ප්‍රධාන අංගයක් විදිහට බාරගැනීම ලෙනින් ප්‍රතික්ෂේප කරනවා. මේ තැන නම් තාම ලංකාවෙ වාමාංශිකයොත් ඉන්නවා.

    ‘ෆ්‍රොයිඩ්ගේ උපන්‍යාසය විද්‍යාත්මක බවක් පෙන්නන්න හැදුවත් එය ආධුනිකයෙකුගේ පොට වරද්දා ගැනීමක් විතරයි. ෆ්‍රොයිඩ්ගේ න්‍යායන් දැන් විලාසිතාවක් වෙලා. මම සෙක්ස් ගැන පොත්පත්වල පළවෙන න්‍යායන් විශ්වාස කරන්නෙ නෑ. මේ න්‍යායන් සරුවට පැලවෙන්නෙ බුර්ෂුවා සමාජය විසින් රැස්කළ ගොම ගොඩවල් මතයි. ඉන්දියානු සාන්තුවරයෙක් තමන්ගේ බුරිය දිහා බලා‍‍ගෙන භාවනා කරනවා වගේ, සමාජයේ ලිංගික ප්‍රශ්න දිහා බලාගෙන ඉන්න අයව මං විශ්වාස කරන්නෙ නෑ. මේ හතු පිපෙන්නා වගේ සෙක්ස් තියරි පැන නගින්නෙ පුද්ගල උවමනාව මතයි. තමන්ගේ විපරීතභාවය හෝ අධිකාමය සාධාරනීකරණය කිරීමටයි. මේවා මගින් බුර්ෂුවා සමාජ සදාචාරයෙන් සමාව ගැනීමයි බලාපොරොත්තු වෙන්නෙ. මෙය මට සියල්ල සෙක්ස් මත පදනම් කිරීම තරම්ම පිළිකුල්සහගතයි. මේ තියරි මොන තරම් ප්‍රගතිශීලී වුනත්, විප්ලවීය වුනත් අවසාන අර්ථයෙන් ඒවා සේවය කරන්නෙ බුර්ෂුවා සමාජයටයි.

    ‍ලිංගිකත්වය ගැන න්‍යායන් බැහැර කිරීමෙන් වගේම ලෙනින් ලිංගිකත්වය සහ ආදරය ගැන දැරුවෙත් අතිශය සාම්ප්‍රදායික අදහසක්. ඒක ඇත්තටම ලෙනින් ගත කළ පොලිගමි ජීවිතයට පරස්පරයි. ලෙනින්ගෙ අදහස අනුව ආදරය නැවත සමාජ පිළිගැනීම් මත පැවතිය යුතු වෙනවා.

    ‘කොමියුනිස්ට් සමාජයක ආදරය සහ සෙක්ස් හරියට වතුර වීදුරුවක් බොනවා තරම් සරල, නොවැදගත් දෙයක් වෙනවා කියල කතාවක් ඔබ අසා ඇති. මේ වතුර වීදුරුවෙ කතාව අපේ මිනිස්සුන්ව පිස්සු වට්ටනවා. මේක සම්පූර්ණයෙන්ම මාක්ස් විරෝධී කතාවක්. ලිංගික ජීවිතය කියන්නෙ ස්වභාවික ‍දෙයක් විතරක් නෙමෙයි. එහි සංස්කෘතික සාධකත් සැලකිල්ලට ගන්න වෙනවා. ඒ චර්යාව සාමාන්‍ය මනුෂ්‍යයෙක් විසින් සිදු කරයිද කියල හිතන්න වෙනවා. ඔව් තිබහ සංසිදුවන්න ඕන තමයි. ඒත් ඒකට මඩ වතුර බොනවද? සමාජයේ පිළිගැනීම් මෙතනදි ඉතාම වැදගත්. වතුර බොන එක තනි පුද්ගලයෙකුගේ වැඩක්. ඒත් ආදරය කියන්නෙ දෙන්නෙක් සම්බන්දයි. තුන්වැන්නෙක් ඉපදෙන්න පුළුවන්. ඒ කියන්නෙ ඒක සමාජ කාරණයක් වගේම සමාජ වගකීමක් වෙනවා’

    (මේ ප්‍රකාශය ඥානසාර වගේ කෙනෙක්ගෙ කියලා හිතාගෙන කියවන්න. එතකොට එහි ඇති අයහපත මැනවින් තේරුම් ගන්න පුළුවන්)

    ලෙනින් ඉනෙස්සාට ලියන ලියුමක මෙහෙම කියනවා,

    ‘මං කෙලින්ම කියන්නෙ, ඔය නිදහස් ආදරය ගැන කොටස වහාම මකා දමන්න. ඒක බුර්ෂුවා ඉල්ලීමක්. කිසිම නිර්ධනයෙක් නිදහස් ආදරය ඉල්ලන්නෙ නෑ’

    රුසියානු ජනමාධ්‍යවේදිනියක් වන මාෂා ගෙසොන් කියන විදිහට බොල්ෂෙවික්වාදීන්ට කවදාවත් සෙක්ස් සම්බන්ධයෙන් ප්‍රගතිශීලී දැක්මක් තිබුනෙ නෑ කියල. විශේෂයෙන් සමලිංගිකත්වය ගැන.

    ‘ඒ අයට තිබුනෙ සාර්ගේ රුසියාවෙ තිබුනු සමාජ ආයතන විනාශ කළ යුතුයි කියන අදහස විතරයි. ඒ හින්ද පවුල් සහ බැඳුනු නීති ඉවත් වුනා. ඒවත් එක්ක සමලිංගිකත්වය වරදක් කර තිබුනු නීතිත් අයින් වුනා. මේක බටහිර රටවල පොත් පත්වල වැරදි විදිහට සටහන් වුනා, සමලිංගිකත්වය නීතිගත කළා කියල. ඒත් ඇත්තටම සමාජය වඩාත් ගතානුගතික වෙමින්, එහි ආයතන දැඩි වෙමින්, පසුගාමීත්වයකට ඉක්මනින් ඇදී ගියා. 1930 ගනං වෙද්දි මේ පසුගාමීත්වය සම්පූර්ණ බලය අත්පත් කරගත්තා. 1934 දි සෝවියට් සමුහාන්ඩුව විසින් නැවත සමලිංගිකත්වය අපරාධයක් බවට පත්කිරීමට පියවර ගත්තා. ඒක නොවැලැක්විය හැක්කක්’

    (නමුත් සාම්ප්‍රදායික සදාචාරවාදී රාජ්‍ය නීතින් ඉවත් කිරීමෙන් නව සෝවියට් ආන්ඩුව මුලිකත්වය ගත් වෙනස, මිනිසුන්ගේ පුද්ගලික සම්බන්ධතා සමලිංගික, බහු ලිංගික, සමූහ ලිංගික ආදී කවර ආකාරයක වුවත් රජයකට ඒවා සම්බන්ධයෙන් මැදිහත්වීමක් නැති බවට ලෝකය පුරා ලිංගික විමුක්තිකාමීන් ගෙන ගිය සටනට විශාල ශක්තියක් වූ බව කියන්න ඕන)

    ලෙනින් කොයිතරම් සමාජ පිළිගැනීම මත ආදරය පැවතිය යුතුයි කිව්වත් ලෙනින් සමාජ රෝගවලට ගොදුරු වුනා. සමාජ රෝගයකට ගොදුරු වීම කොහෙත්ම පහත් ‍තත්වයකට වැටීමක් නෙමෙයි. නමුත් ලෙනින් විසින් පිළිගත් ජීවිතය අනුව ගත්තොත් ලෙනින්ගේ පුරුෂ ලිංගය සැරිසරලා තියෙන්නෙ එයා විශ්වාස කළ තැන්වලම නොවන වග පේනවා.

    ලෙනින්ට සිපිලිස් වැළදී තිබුනු බවට කතාවක් බොහෝ කාලයක ඉඳන් තිබුන. යුරෝපියානු නියුරොලොජි ජර්නලයට ඊශ්‍රායල් චිකිත්සකයන් තිදෙනෙක් ඉතිහාසයේ වාර්තා පරීක්ෂා කර බලමින් කියන්නෙ එය සත්‍යයක් බවයි. ලෙනින්ට මෙය වැළදී ඇත්තේ ඔක්තෝබර් විප්ලවයට කලින් යුරෝපයේදී බවත්, වරින් වර උත්සන්න වූ එය 1924 ලෙනින්ගේ මරණයට පවා හේතුවූ බවත් ඔවුන් සඳහන් කරනවා. මේ අය සාක්ෂි විදිහට ලෙනින් විසින් ප්‍රතිකාර ගත් වෛද්‍යවරුන්ගේ තොරතුරු ඉදිරිපත් කරනවා.

    මේ ලෙනින් ගැන තවත් කතා විතරයි. මේවාට ප්‍රතිවිරුද්ධ තව තවත් කතා ඇති. මෙතන වැදගත් දේ වෙන්නෙ ලෙනින්‍ කලිසමක් නැතුව හෙළුවෙන්, ඇට දෙක කහ කහා පොඩ්ඩක් අපි වගේ එහා මෙහා ඇවිදින හැටි බලාගෙන ඉන්න එකයි. මොකද අපි ඇගිල්ල උරුක් කරගත්ත මහා වීර ලෙනින් දිහා ගොඩක් කල් බලාගෙන ඉන්න හින්ද.


    චින්තන ධර්මදාස

  • වැඩිහිටියන් වෙනුවට ළමයින්ට Sex උගන්නමු !

    වැඩිහිටියන් වෙනුවට ළමයින්ට Sex උගන්නමු !

    ළමයි කියන්නෙම, හරිම curious ජාතියක්.
    ලොකු වෙන්න වෙන්න, ඒක වැඩි මිසක් අඩු වෙන්නෙ නැහැ.
    Sex වලට expose වෙන එක, ඒ ගැන දැනගන්න ඕන වෙන එක, තමන්ගෙ ඇඟේ කොටස් ගැන දැනගන්න ඕන වෙන එක,
    ඒ curiosity එකේම කොටසක් මිසක් වෙන මුකුත් අමුතු දෙයක් නෙමෙයි.
    ඒ තමයි සාමාන්‍යය මිනිස් ස්වභාවය.
    මේ දේවල් අපිට නතර කරන්න විදිහක් නැහැ.
    It’s the way of things.

    ළමයි මේ දේවල් ගැන curious වෙන්න පටන් ගන්නකොටම,
    ඉස්කෝලෙන් ඉගෙනගන්න කල් කියලා ඉන්නෙ නැතුව, ළමයින්ට ඒ අවශ්‍ය අවබෝධය දෙන එක තමයි, වැඩිහිටියෝ විදිහට දෙමව්පියන්ගෙ වගකීම.

    අවුරුදු 4,5ක් වෙනකොට, තමන්ගෙ නම මොකද්ද, වයස කීයද, වගේ දේවල් දැනගන්න කාලෙ වෙනකොට, Sexuality/ ලිංගිකත්වය, ගැන healthy conversation එකක් ගෙදර පටන් ගන්න ඕනෙ.
    හිතවත්කම්, සම්බන්ධකම්, යාලුකම්, තමන්ගෙ body parts වල නම්, මේ හැමදෙයක් ගැනම කතාබහක් ටික ටික ඇති වෙන්න ඕනෙ.

    මට මතකයි වෙන රටක news එකක්, පොඩි ගෑනු ළමයෙක්ව abuse වෙලා පවුලෙ කෙනෙක්ගෙන්, ඒ ගැන kindergarten ගිහින් teachers ලට කිව්වට,
    කවුරුත් ඒක serious දෙයක් විදිහට consider කරලා නැහැ.
    ‘He touched my apples’ කිව්වට, මේ කියන්නෙ මොකද්ද කියලා කාටවත් තේරිලා නැහැ.
    ‘Apples’ කියන්නෙ, body part එකකට කියන ආදේශක නමක් කියන එක කවුරුත් හිතලා නැහැ.
    Boobs, Vagina, Penis, වගේ body parts වල හරි නම් ළමයින්ට loud and clear කියලා දෙන එකේ වැරැද්දක් නැත්තෙ මේ නිසයි.
    තමන්ගෙ ශරීරයේ කොටස් වල නම් කියන්නෙ, ‘කුණුහරප’ නෙමෙයි.
    ළමයි පරිස්සම් කරනවා කියන්නෙ, දැනුවත් කරන එකට,
    ignorant කරවන එකට නෙමෙයි.

    බහුතරයක් දෙමව්පියන්, විශේෂයෙන්ම ලංකාව වගේ සෑහෙන regressive රටක,
    sex ගැන තියෙන්නෙ බයක්.
    දැනුවත් වෙනවා වෙනුවට කරන්නෙ පුලුවන් තරම් ළමයිව sex වලින් ඈත් කරලා තියන්න හදන්න එක.
    Sex වටේ අමුතු මනංකල්පිත බයක් හදාගෙන ඉන්නවා.
    වැඩිහිටියෝ හිතනවා ළමයි sex ගැන දැනගත්තොත්, curiosity එක වැඩි වෙලා වේලාසනින්ම sex කරන්න පටන් ගනී, එහෙමත් නැත්නම් ළමයිගෙ ඔලු විකෘති වෙයි කියලා.

    නමුත්, ළමයින්ව sex ගැන දැනුවත් කලොත් ඇත්තටම සිද්ධ වෙන්නෙ ඒකද?
    AAP (American Academy of Pediatrics) එකෙන් කරපු research එකකදි prove වෙලා තියෙනවා,
    ළමයි sexuality ගැන දැනුවත් වෙන තරමට sex කරන්න පරක්කු වෙනවා කියලා.
    Sex කරනවා නම්, safety precautions අරගෙන වගකීමකින් sex කරන්න ඉගෙනගන්නවා කියලා,
    Teenage pregnancies වලින් වැළකෙන්න ළමයි දැනගන්නවා කියලා.
    දෙමව්පියෝ, වැඩිහිටියෝ ළමයි ‘පරිස්සම්’ කරන්න නොයේක ප්‍රයත්නයන් දරද්දි,
    ළමයි තමන්ට අවශ්‍ය දැනුම internet එකෙන්, media වලින්, යාලුවන්ගෙන් දැනගන්නවා කියලත් ඒ research එකේ කියලා තියෙනවා.

    මේක තමයි අද ලෝකෙ මිනිස්සු ජීවත් වෙන විදිහ, දියුණු වෙලා තියෙන තරම.
    Information කියන්නෙ තව දුරටත් ලබාගන්න කිසිසේත්ම අමාරු දෙයක් නෙමෙයි.
    ඕනම දෙයක් ගැන තොරතුරු හොයාගෙන ඉගෙනගන්න, අද ලෝකෙ ළමයින්ට, ඕන තරම් සම්පත් තියෙනවා.
    මේ ලැබෙන නිමක් නැති information, හරිහමන් විදිහට හසුරුවන්න අවශ්‍ය මග පෙන්වීමයි අපි ළමයින්ට දෙන්න ඕනෙ.

    Sex කියන එකෙයි, sexuality කියන එකෙයි වෙනස අපි ළමයින්ට කියලා දෙන්න ඕනෙ.
    Sex education කියන්නෙ, කායික සාධක විතරයි, විශේෂයෙන්ම sexual intercourse/ ලිංගික සංසර්ගය, ගැබ්ගැනීම්, සහ STDs (Sexually Transmitted Diseases) වළක්වන විදිහ වගේ දේවල් විතරයි.
    මේ දේවල් ගොඩක් වැදගත් වුනත්,
    sexuality/ ලිංගිකත්වය කියන එක එතනින් නතර වෙන දෙයක් නෙමෙයි.
    Sexuality කියන්නෙ, එදිනෙදා ජීවිතේ අපි අපිව express කරන විදිහ.
    ඒක පටන් ගන්නෙ අපි ඉපදෙනකොටමයි,
    නැති වෙන්නෙ මැරෙනකොට.
    ඒ කියන්නෙ, sexuality වලින් තොර ජීවිතයක්, පැවැත්මක් මනුස්සයෙක්ට නැහැ කියන එක.

    තව ඉස්සරහට විස්තර කලොත්, sexuality කියන්නෙ, තමන්ගෙ ගැහැනු බව හෝ පුරුෂභාවය.
    තමන්ගෙ ලිංගික ආසාවන්, ශරීරයෙ පෙනුම, ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය, ස්ත්‍රී පුරුෂ භූමිකාව, කාමුකත්වය, ලිංගික අවයව, ආකල්ප, අගයන්, දැනුම, හැසිරීම්,
    intimacy, relationships, love,
    මේ කියන ඔක්කොම.
    ඒ නිසයි මේ දැනුම වැදගත් වෙන්නෙ,
    ළමයින්ට ජීවත් වෙන්න උගන්නන්න,
    මිනිස්සු එක්ක සම්බන්ධකම් හසුරුවන්න උගන්නන්න.

    අපි එකිනෙකාට සෑහෙන වෙනස්.
    එකම පරිසරයක හැදුනත්, එකම social values එක්ක හැදුනත්, අපේ sexuality values සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුලුවන්.
    ඒක අපි පිළිගන්න ඉගෙනගන්න ඕනෙ.
    එහෙම කොහොමද! අපේ සංස්කෘතිය!
    Sex වලට ඒ කිසි දෙයක් බලපාන්නෙ නැහැ, කාටවත් හිරිහැරයක් නොවන තාක් ඕන මනුස්සයෙක්ට ඕන විදිහකට ජීවිතේ විඳින්න පුලුවන්කම තියෙනවා.
    තමන්ගෙ ලිංගිකත්වය නිදහසේ ප්‍රකාශ කරන්න තහනමක් නැහැ කියන එක ළමයි දැනගන්න ඕනෙ.

    Sex ගැන තියෙන නොදැනුවත්කම් වැඩි නිසා,
    ඒ සම්බන්ධයෙන් තියෙන වැරදි වැටහීම් ලංකාව වගේ රටක ගොඩක් වැඩියි.
    මිනිස්සු බහුතරයක් හිතන දෙයක් තමයි, හැමෝම sex කරන්නෙ ළමයි හදන්න කියන එක.
    නමුත්, Reproduction කියන්නෙ, sex වල එක අංගයක් විතරයි.
    එහෙම ප්‍රාථමික විදිහට අපිට sex දිහා තව දුරටත් බලන්න පුලුවන්කමක් නැහැ.
    අපි species එකක් විදිහට පරිණාමයේ සෑහෙන දුරක් මේ වෙද්දී ඇවිත් තියෙනවා.
    අපිට ඒකෙන් ආපස්සට යන්න බැහැ.
    අපේ රට, අපේ සංස්කෘතිය, අපේ අරක, අපේ මේක,
    ඒ හැමදේම පැත්තකින් තියලා,
    අපි මිනිස්සු කියන තැනින් හැමවෙලේම පටන්ගන්නවා නම්, මේ ගොඩක් පැටලිලි ලිහාගන්න ලේසියි.

    මිනිස්සුන්ට තියෙනවා වර්ගයා බෝ කරන එක ඇරෙන්න පිරිමහගන්න ගොඩක් ආසාවන්.
    සතුට වෙනුවෙන් Sex කරන්න, ආරක්ෂිතව sex වල ඇසුර ලබාගන්න,
    මිනිස්සු මේ වෙද්දි හොඳටම දැනුවත්.
    අපි කරන්න ඕනෙ ඒ දැනුම බෙදාගන්න එක.

    Sexuality education නැතිකමින් ලංකාවෙ පිරිමින්ගෙ පොදුවෙම තියෙන ගතියක් තමයි,
    ගෑනු කෙනෙක් කියන්නෙ තමන්ට pleasure එක දෙන්න ඉන්න කෙනෙක් මිසක් එයාට sex වලට ආසාවක් නැහැ කියලා හිතාගෙන ඉන්න එක.
    ගෑනු කෙනෙක් කියන්නෙත් සියලු මිනිස් හැඟීම් දැනෙන, සතුට විඳින්න ආස කෙනෙක් කියලා හිතන්න තේරෙන්නෙ නැතිකම.
    එයා sex කරන්නෙත්, පිරිමි වගේම pleasure එකක් හොයාගෙන කියලා නොදන්නකම.
    මට හිතෙන විදිහට, Sex වල ලස්සනම දේ තමයි, එක්කෙනෙක් විතරක් මේ ගමන යන්න දැනගෙන හිටියට වැඩක් නැති එක.
    ලංකාව මිනිස්සු බහුතරයක් දෙනා හිතන් ඉන්නෙ, sex කියන්නෙ intercourse කියලා,
    විශේෂයෙන්ම පිරිමි.
    නමුත්, Intercourse කියන්නෙ, ගමනාන්තය විතරයි.
    ලස්සන තියෙන්නෙ යන මග දිගේ.
    මග දිග ලස්සන බලන්න ඇඟ විතරක් තිබිලා මදි, හිතත් ඕනෙ.
    පණ තියෙන හැමදේකටම තමන්ගෙ කියලා purpose එකක් තියෙනවා,
    ඒක අපි ළමයින්ට කියලා දෙන්න ඕනෙ.

    මේ තත්වය හිතනවට වඩා බරපතලයි.
    ලංකාවෙ ගොඩක් ගෑනු අයත් පිළිඅරන් තියෙන්නෙ sex කියන්නෙ, පිරිමින්ට විතරක් අයිති දෙයක් විදිහට.
    මොකද්දො උස් පහත් කිරීමක් තියෙනවා,
    කොල්ලොන්ව නම් නාවලා ගෙට ගන්න පුලුවන්, කෙල්ලොන්ව නම් එහෙම බැහැ,
    මේ වගේ අමුත් privilege එකක්, entitlement එකක් පිරිමින්ට හදලා දීලා තියෙනවා.
    ඒ හැම දෙයක්ම ඒ විදිහට සිද්ධ වෙලා තියෙන්නෙ, sexuality කියන එක ගැන කිසිම අවබෝධයක් නැතිකමින්.

    මගෙ යාලුවෝ ඉන්නවා අදටවත් orgasm එකක් කියන්නෙ මොකද්ද කියලා හරියට දන්නෙ නැති,
    vibrator එකක් කියන්නෙ මොකද්ද කියලා අහලා නැති,
    නමුත් කසාද බැඳලා, ළමයිනුත් ඉන්න.
    මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි මේ couples වල sex lives ගැන.
    ජීවිතෙ කොච්චර හිස් ඇතිද කියන එක.
    අපි මිනිස්සු විදිහට කරන්න අවශ්‍ය basic ම දේ අපේ ඇඟ ගැන දැනගන්න එක.
    ඉතින් තමන්ගෙ ඇඟ ගැනවත් හරියට නොදන්න කෙනෙක් කොහොමද තව ජීවිතයකට ජීවත් වෙන හැටි කියලා දෙන්නෙ?

    නමුත් එහෙම අය තමයි ලංකාවෙ ගොඩක් අම්මලා වෙලා ඉන්නෙ.
    ඒ නිසා තමයි Sex වලට මේ විදිහෙ අනවශ්‍ය බයක් තියෙන්නෙ,
    sex කියන්නෙ ගෝනි බිල්ලෙක් කියලා ළමයිවත් බය කරන්නෙ.
    කොච්චර ඈතට කරලා තියන්න හැදුවත්,
    Sexuality කියන්නෙ අපි කවුද කියන එක.
    ඉතින් අපි කොහෙද අපිව මගඇරලා යන්නෙ?

    පොඩි කාලෙ ඉඳලම අපි ළමයින්ට උගන්නන්න ඕනෙ එකිනෙකාට ගෞරව කරන්න, ආදරේ කරන්න, එකිනෙකාව තේරුම් ගන්න.
    එක පාරට උදේ නැගිටලා බලනකොට ළමයි වැඩිහිටියෝ වෙලා තියෙන්නෙ නැහැ,
    වැඩිහිටියෝ වුනාට පස්සේ, එක රැයින් මේ කිසි දෙයක් කියලා දෙන්න හැදුවා කියලා වැඩක් වෙන්නෙත් නැහැ.
    ඒ නිසා, වැඩිහිටියෝ විදිහට අපේ කොටස, අපේ වගකීම ළමයි වෙනුවෙන් කරමු,
    ආදරේ දන්න, දැනෙන, අඳුරන, සමාජයක් වෙනුවෙන්….


    ලූනා අමරසේකර

  • උදයන්ති වගේ ගැහැණුන්ට ආදරෙන්

    උදයන්ති වගේ ගැහැණුන්ට ආදරෙන්

    උදයන්ති යූටියුබ් නාලිකාවක තමන්ගේ පෙම්වතා සමග ඇවිත් කතා කරන අතරේ ස‍ංවේදී වෙමින් හැඩුම්බර වෙන වීඩියෝවක් දකින්න ලැබුන. ගොඩක් කැමරා ඉස්සරහට ඇවිත් අඩන කාන්තාවන් හිටියත් උදයන්තිගෙ මේ දුක්බර වීම හදවතට දැනෙන කාරණයක් වුනා. ඒකට එයාට ඇත්ත අයිතියක් තියෙනවා.

    උදයන්තිගේ නිරුවත් වීඩියෝවක් පෝර්න් සයිට්වලට මුදාහැරියේ එවක ඇගේම පෙම්වතෙක් විසින් කියලා ප්‍රසිද්ධ වුනා. මේ වීඩියෝව කොහෙත්ම පෝර්න් එකක් නෙමෙයි. කාන්තාවක් නිරුවතින් බත් කෑමේ තියෙන ශෘංගාරය හෝ ‍පෝර්න්මය රසය මොකක්ද කියන එක ගැටලුවක්. ඒත් උදයන්ති නිළියක් වීම නිසාම ඒක ඇවිලිලා පැතිරිලා ගියා. ඒකෙන් උදයන්තිගේ ජීවිතයට ලොකු බලපෑමක් සිද්ද වුනා.

    එතනින් එහාට ලංකාවෙ ගැහැණියකට අත්වෙන ඉරණම උදයන්තිට විතරක් පුද්ගලික වෙන දෙයක් නෙමෙයි. ගලවාගැනීමේ හමුදාව විදිහට එන පිරිමි රැළකින් ගැහැණියකට ඊලගට බේරෙන්න සිද්ද වෙනවා. හැම කාරණයකදිම සියල්ලට වඩා කලින් ඇගේ නිරුවත ඉස්සරහට එනවා.

    ඒත් උදයන්ති හරිම නිර්භීත විදිහට මේ සියල්ලට මුහුන දෙමින් ඉස්සරහට ආවා. එයා‍ට විඳින්න සිද්ද වුනු දේවල්වලට එයා තනියම අඩන්න ඇති. ඒත් එයා අමාරුවෙන් වුනත් හිනාවෙවී හිටියා. උදයන්ති ලංකාවෙ දැකපු ශක්තිවන්තම ගැහැණියක්.

    නැවත කවදාක හරි විශ්වාසය තැබිය හැකි ආදරයක් මුණගැහෙන තැනදි හදවත උණුව, ඇස් කඳුළුබර වෙන එක ගැහැණු ගතියක්. ඒක කාලයක් එයා තනියම දරාගෙන හිටපු වේදනාවක් වෙන්නැති.

    නමුත් උදයන්ති, කිසිම පිරිමියෙක් තමන් රැකබලා ගනීවි හෝ ආරක්ෂා කරාවි යැයි විශ්වාස කරන්න එපා. තමන්ට තනිවම ජීවත් වෙන්න පුළුවන් ආත්ම විශ්වාසය හැමදාටම තියාගන්න. ආදරය කරන කෙනෙක් ලැබුනොත් ඒක බෝනස් එකක්. නමුත් සියල්ල ඔහුට පවරා දෙන්න එපා. ගැහැණියක් වීමේ සහ ජීවිතේ අවමන්, අපහරණ සියල්ල මතින් ඇවිද ආ ගැහැණියක් හැටියට ඔයාගෙ ජීවිතේ හයිය දිගටම තියාගන්න. ආදරය සහ සුබපැතුම්.

  • ලුවී එක්ක චැට් එකක්

    ලුවී එක්ක චැට් එකක්

    ලුවී ආභාෂය ලබන චිත්‍රපටි ‍මොනවද?

    ඇත්තටම සිංහල සිනමාවට එන්න මගේ කිසිම බලාපො‍රොත්තුවක් තිබුනෙ නෑ. හැබැයි මං පොඩි කාලෙ ඉඳලම හරි ආසයි සිංහල චිත්‍රපටි බලන්න. ‘මාතලං’ බලලා තියෙනවා අට පාරක් විතර. ‘වනමෝහිනී’ පස් පාරක් විතර. ඔය අතරෙදි මං ‘ගැටවරයො’ යි ‘රන්මුතු දූව’යි බැලුවා. ඒ දෙක අපි, ලංසි අය බලන්න ටයිප් එකේ ෆිල්ම්. ඒ වීරත්වය, වීරයො අපිට බටහිර චිත්‍රපටි වගේ දැනුනා. මේ චිත්‍රපටි දෙක බැලුවෙ නැත්තං මං කවදාවත් සිංහල චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වෙන්නෙ නෑ.

    බටහිර චිත්‍රපට අධ්‍යක්ෂවරු ඉන්නවද ආස කරන?

    මම පොඩිකාලෙ ඉඳන් ආසයි ජෝන් ෆෝර්ඩ්ගෙ චිත්‍රපටිවලට. ඒ වගේම සර්ජි ලියෝනෙ කියන ඉටැලියන් ඩිරෙක්ටර්ගෙ ඒවට, අර fistful dollars කලේ. ජෝන් ෆෝර්ඩ් කියන්නෙ හොඳම කව්බෝයි ෆිල්ම් කරපු කෙනෙක්. ඇල්‍ෆ්‍රජ් හිච්කොක්. ජෝන් ෆ්‍රැන්කර්හයිමර් කියල හිටියා තව හරිම දක්ෂ ඩිරෙක්ටර් කෙනෙක්. එයා කලේ ත්‍රාසජනක චිත්‍රපටි. මම කරපු චිත්‍රපටිවල‍ට ඔය අධ්‍යක්ෂවරුන්ගෙන් යම් යම්‍ දේ ඇතුල්වෙලා තියෙනවා.

    චිත්‍රප‍ටි කියන්නෙ වින්දන මාධ්‍යයක්නෙ. එහි විවිධ වින්දන පරාසයන් නිෂ්පාදනය වෙනවා. වෙන රටවල නම් සෙක්ස් ෆිල්ම්ස් කියන වර්ගයේ චිත්‍රපටත් දියුණු වෙමින්, වර්ධනය වෙමින් එනවා. නමුත් අපේ රටේ හැටියට මේ සෙක්ස් ෆිල්ම්ස් කියන්නෙ නරක දෙයක්නෙ. ඒකට සංස්කෘතිය කියල එකකින් පිටුදැකිය යුතු දෙයක් විදිහට ලේබල් අලවනවා.

    එහෙම මිනිස්සුන්ගෙ රසාස්වාදනය ලේබල් කරන එක හරි වැරදියි. නිදහස තියෙන්න ඕන. සමහරු කැමතියි කොමඩි ෆිල්ම් බලන්න. ෆැමිලි ෆිල්ම් බලන්න. සමහරු සෙක්ස් ෆිල්ම් එකක්, ඇක්ෂන් ෆිල්ම් එකක් බලන්න. එන්ටර්ටේන්මන්ට් කියන දේ විවිධයි. අපි තහංචි දාන්න නරකයි. දැන් කිව්වොත් එහෙම ෆැමිලි ෆිල්ම් විතරයි කරන්න ඕන කියල අනිත් මිනිස්සුන්ට මොකද වෙන්නෙ? මිනිස්සුන්ට නිදහස දෙන්න ඕන කැමති දේ කරන්න, කැමති දේ විඳින්න.

    අනික අපේ තියෙනවා රැගුම් පාලක මණ්ඩලයක්. අපි ඒ ගොල්ලො හරහා තමයි සිනමා ශාලාවට යන්නෙ. ඉතිං සංස්කෘතියකට හරි, ජාතියකට හරි, ආගමකට හරි නිග්‍රහයක් වෙනවා කියල හිතන කොටස් ඉවත් කරලා චිත්‍රපටයක් පෙන්නන්න අවස්ථාව දෙන්න ඒ ගොල්ලොන්ට පුළුවන්. ඒ ගොල්ලො කියන්න නරතයි මේක කරන්න එපා, අරක කරන්න එපා කියල. දැන් චිත්‍රපටි සංස්ථාවෙන් වෙලා තියෙන්නෙ ඒ ගොල්ලො කියනවා මේවා කරන්න එපා, ඉඩ දෙන්නෙ නෑ කියල. රැගුම් පාලක මණ්ඩලය අනුමත කළත් සංස්ථාව හරියට පොලිසියෙන් පනිනවා වගේ එක එක බාධක දාලා. රැගුම් පාලක මණ්ඩලයේ සභාපතිවත් අපහසුතාවයට පත් කරනවා. රැගුම් පාලක මණ්ඩලයට පත් කරන්නෙ බුද්ධිමතුන් කියල කියන පිරිසක්නෙ. ඒ බුද්ධියටත් කරන නිග්‍රහයක්නෙ මේක. මණ්ඩලයේ අනුමැතිය පවා වාරණය කරන්න සංස්ථාවට පුළුවන්. කලාකාරයෙකුටයි, සිනමාවටයි කරන්න පුළුවන් ලොකුම අසාධාරණය තමයි මේක.

    ලංකාවෙ මිනිස්සු ඇයි සෙක්ස්වලට බය?

    ඕනම ළමයෙක් ඉස්කෝලෙන් එලියට එනකොට වැඩිහිටියෙක් විදිහටනෙ එලියට එන්නෙ. කාම ආසාව කියන එක ඕනම සතෙකුට සිව්පා‍වෙකුට, කුරුල්ලෙකුට වුනත් තියෙනවා. බටහිර රටවල නම් දුව එළියට යනකොට අම්මා අහනවා ඔයාගෙ pill එක ගත්තද කියල. ඒ තරම් විවෘතයි. ඒ මිනිස්සු සෙක්ස්වලට බය නෑ. දුවට ආරක්ෂා වෙන්න විතරයි අම්මා කියන්නෙ. ඒ වගේම ලෝකෙ ඕනම තැනක සෙක්ස් ෆිල්ම්ස් බලන්න කැමැත්තක් තියෙනවා. ඇමරිකාවෙ, බ්‍රිතාන්‍යයේ සෙක්ස් ෆිල්ම්ස් පෙන්නන වෙනම ෆිල්ම් හෝල් තියෙනවා. සෙක්ස් නළු නිළියො ඉන්නවා. සිල්වෙස්ටර් සැටැලොන් මුලින්ම ඇක්ට් කලේ blue film එකක. ඊට පස්සෙ තමයි එයා Rockie කියන චිත්‍රපටියට සම්බන්ධ වුනේ. කාමය කියන දේට කාටවත් බෑ තහංචි දාන්න. ගෙදර ඉන්න දරුවටවත් තහංචි පනවන්න බෑ. ඒක අවශ්‍යතාවයක්. හැමදාම කාම චිත්‍රපටි බලන්න අලුත් පරපුරක් බිහිවෙනවා.

  • ලුවී එක්ක චැට් එකක් – දෙවෙනි කොටස

    ලුවී එක්ක චැට් එකක් – දෙවෙනි කොටස

    ඇගේ වෛරයෙන් පසු ඔබ කළ චිත්‍රපටිවල එන්න එන්නම බටහිර සිනමා ආභාෂය වෙනුවට දකුණු ඉන්දියානු කාම චිත්‍රපට ආභාෂය දකින්න ලැබෙන්නෙ ඇයි?

    මම කරපු ‘සරාගී’ චිත්‍රපටයෙ තමයි ඔය කියන ගතිය වැඩියෙන්ම තිබුනෙ. ඒකෙ නිෂ්පාදකවරයා ජූඩ් මුත්තයියා. එයාට තමයි දකුණු ඉන්දියානු ගතිය උවමනා වුනේ. එයා කිව්වෙ, ලුවී දැන් අපි වෙනසක් කරන්න ඕන. ඔය බටහිර සෙක්ස් ෆිල්ම්ස්වල අඩ නිරුවත, නිරුවත දැකලා මිනිස්සුන්ට ඇතිවෙලා තියෙන්නෙ. අපි මේකෙ වෙනසක් කරමු, කියල මට දෙමළ ෆිල්ම් එකකුත් පෙන්නුවා. ඔය දකුණු ඉන්දියානු ආභාෂය මගේ ෆිල්ම්ස් වල තිබුනෙ නෑ. සරාගී වලින් පස්සෙ මම ආයිමත් එහෙම කලෙත් නෑ. මට තේරුනා ඒක හරියන්නෙ නෑ කියන එක. ඒ ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාරයක් ආවා. ඒත් මම නං ඒක බලලා සෑහීමකට පත්වුනේ නෑ.

    ලුවීගේ ෆිල්ම්වල නිළියන් ඇඳුම් ගලවන්න ඇරුනම රගපෑම අතින් ඉතා දුර්වලබවක් පෙන්නන්නෙ ලුවී අධ්‍යක්ෂවරයෙක් විදිහට ඒ ගැන උනන්දුවක් නැති හින්දද?

    ඇත්තම කාරනේ ඒ ගොල්ලොන්ට රගපාන්න බෑ. මෙහෙමනෙ. මම මේ ඇත්ත කියන්නෙ. වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් කරනකොට අපි බලන්නෙ කතාවයි. ඒක පසුබිමේ කුතුහලය, ත්‍රාසය වගේ දේවල් ඇතුල් කරන්නෙ කොහොමද කියන එකයි. කොහොමත් අලුත් නිළියකට එකපාර ඇවිල්ලා හොඳ රගපෑමක් කරන්න බෑ. ඉන්න ප්‍රසිද්ද නිළියකට කතා කළොත් එයත් ඇඟ පෙන්නනවා කියල රගපාන්න කැමති වෙන්නෙ නෑ. ඉතිං අපිට ආධුනිකයන්ව හොයන්න වෙනවා. ඒ ආධුනිකයන්ගෙ රඟපෑම ඇත්තටම හුගක් දුර්වලයි. මං පිළිගන්නවා. ‘ඇගේ වෛරයෙ’ චන්දි රසිකාට පස්සෙ මගේ චිත්‍රපටිවල හොඳ රඟපෑමක් දකින්න තිබුනෙ නෑ. මොකද අපි ඒ චිත්‍රපටිවලට ගත්තෙ නිළියො නෙමෙයි. අපි ඒ ගොල්ලොන්ව නිළියො කරනවා. මේ චිත්‍රපටයෙ අඩ නිරුවත තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා කිව්වමත් ඒ ගොල්ලො කැමති වුනොත් අපි ඒ ගොල්ලොන්ව තෝරගන්නවා. රූපයත් බලපානවා. ඉතිං ඔහොම තෝරගත්ත අයගෙන් තමයි මේ චිත්‍රපටි කෙරෙන්නෙ.

    වැඩිහිටි සිනමාවට තිබුණු ආකර්ශනය දැන් අඩුවෙලා ගිහින්. ඒ මොකද?

    සෑහෙන්න අඩුවීමක් වුනා. හේතුව මේකයි. පස්සෙ පස්සෙ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි කළේ හරිම බාල විදිහට. මගේ චිත්‍රපටිවල තිබුනා හොඳ කතන්දරයක්. ත්‍රාසය, භීතිය, කුතුහලය ගැබ්වෙලා තිබුන. නමුත් මේ පස්සෙ කරපු අය නිකං ආප්ප පුච්චනවා වගේ යන්තං කෙල්ලෙකුගෙ නිරුවත පෙන්නලා, මොකක් හරි කරලා වැඩේ ඉක්මනට ඉවරයක් කරලා දානවා. ඒ ගොල්ලො හිතන්නෙ ගෑනියෙකුගෙ නිරුවත පෙන්නපු ගමන් චිත්‍රපටිය දුවයි කියල. ඔය වර්ගයේ චිත්‍රපටි හුගක් එන්න පටන් ගත්තා. ඒ මදිවට ඉන්දියාවෙනුත් ගෙනාවා. ඒවායින් මිනිස්සුන්ට චිත්‍රපටි එපා වුනා. අද වුනත් කවුරු හරි වැඩිහිටියන්ට පමණයි තේමාව යටතෙ හොඳ චිත්‍රපටියක් කලොත් ඒක දුවාගන්න පුළුවන්. ඒක මුලු ලෝකෙම අලෙවියක් තියෙන චිත්‍රපය කාන්ඩයක්.

    පසුකාලීනව ලුවී කරපු චිත්‍රපටිවල දකුණු ඉන්දියානු චිත්‍රපටිවලින් කෑලි පිටින් කපලා අලවලා තිබුනා?

    ඒ චිත්‍රපටියෙ නිෂ්පාදකවරයා ඉන්දියාවෙන් ගෙනාවා ෆිල්ම් එකක්. ඒක තමයි අපි සිංහලෙන් කෙරුවෙ. මට දීපු තිර නාටකය මම ෂූට් කරලා අයින් වුනා. පස්සෙ එයා සංස්කරණ ශිල්පියෙක් ගෙනල්ලා අර චිත්‍රපටියෙ කෑලි ඩුප්ලිකේට් කරලා මේක මැද්දට දාලා තිබුන. ඒ වැඩේ නිසා අපි අතර තිබුන මිත්‍රත්වයත් පළුදු වුනා. මම එයාට කිව්වා ආයිමත් නං මෙහෙම වැඩවලට මං එන්නෙ නෑ කියල. අපිට තිබුන ඒ සීන්ස් ෂූට් කරන්න ඊට වඩා හොඳට.

  • අත්තනායකගේ වැල පත්තරේ

    අත්තනායකගේ වැල පත්තරේ

    අත්තනායක එම් හේරත් කියන්නෙ මගේ ගුරුවරයෙක්. දක්ෂයෙක්. සරාගී මිනිහෙක්. කතා කරද්දි මෝහනය කරනසුලුයි. අත්තනායකගෙ වැඩේ තියෙන්නෙ එයා පිහිටන්නෙ අතිශය සදාචාරය රකින, සම්ප්‍රදාය වෙනුවෙන් පෙනී සිටින ආස්ථානයක. හැබැයි එයාගෙ කන්ටෙන්ට් එක කාමාතුරයි. මෙන්න මේ පැල්ම ඇතුලෙ තමයි වල්කම කියන එක උපදින්නෙ. ඒ කියන්නෙ තමන් ආශා කරන දේට ප්‍රතිවිරුද්ධව පෙනී සිටීම. එතකොට අපි සරාගය ඇතුලට එය විනිශ්චය කරන සදාචාරයත් අරගෙන යනවා. එතකොට සරාගී ක්‍රියාව වනචර ස්වරූපයකින් පිළිඹිඹු වෙනවා. වැල කතා නොහොත් වල්කතා කියන එකේ අර්ථය ඒක.

    සරාගය තුලට සෞන්දර්යය, ආශ්චර්යය, දර්ශනය අරගෙන ගියොත් එතන වල්කම නෑ. වැල නෑ.

    හැබැයි ලංකාවෙ ලිංගික මොහොත නැත්තං පරාසය පවතින්නෙ අන්න අර දෙබිඩිබව ඇතුලෙ. අපි නිතර අහන, ඒක කියෙව්වම සෙක්ස් නැති වුනා වගේ කතාව එන්නෙ අර වල්බව උත්පාද නොවීම හින්ද. අපි සෙක්ස් කියල විඳින්න දන්න රසය ඒක. විවෘතබව ඇතුලෙ ලංකාවෙ සෙක්ස් වාෂ්ප වෙනවා.

    අත්තනායක දක්ෂයෙක් කියන්නෙ ඒකයි. එයා හරියටම ආශාව ඉලක්ක කරනවා. ඒ රසය දෙනවා. නමුත් එය වැරදිකාර රසයක් බව කියනවා. ඒ නිසා ජීවිතේ වැනසෙන බව කියනවා. ඉරාජ් එයාගෙ සිංදුවලත් මේක කරනවා. සියලු ආශා ආස්වාදයන් පෙන්නලා ඒක ගිල්ටිකරනය කිරීම. එතකොටයි වල් වෙන්නෙ. එතකොටයි විකිනෙන්නෙ.

    අත්තනායක තමන් ලියන්නෙ මොකක්ද කියල දන්නවා. ඒක කියවන විට උපදින හැගීම දන්නවා. තමන්ගේ විෂය පවතින්නේ මේ වැරදිකාර ආස්වාදය කලාපයේ බව දන්නවා.

    මේ තාක්ෂණයම යොදාගත්ත තවත් පරණ අතිරේකයක් තමයි 33 කාමරය. ඇඟ රත්කරනසුලු පර්වර්ට් ෆැන්ටසියක් ලියලා ඒ නිසා වැළදුනු ලිංගික ‍රෝගයකට සම්බන්ධ කරනවා. අපි රෝගය කොටස නොකියවා මුල් කොටස විතරක් කියවනවා.

    අත්තනායක එම් හේරත් විසින් ජාතක පොත කියවනකොට වුනත් මාරයි. ජාතක පොතෙත් ‍මේ වගේ දරුණු පර්වර්ට් කතා කියාගෙන ඇවිත් අවසානයේ ආශාව නිසා විනාශය ළගා වූ බව කියනවා. හැබැයි ඒ කතාව කියන මිනිහාගෙ මනස ඇතුලෙ අර විපරීත ආශාව බුබුළු දානවා.

    මේ වරදකාරී බව ඇති කිරීම තුලයි වල්කම උපදින්නෙ. තහනම් ගහේ ගෙඩි කෑ නිසා නොව දෙවියන් ඉන්න බව දැනීමෙනුයි ලැජ්ජාව උපදින්නෙ. විනිශ්චය කියන තැනයි තහනම් රසය පවතින්නෙ.

    ඒ හින්ද අත්තනායක දක්ෂයෙක්. අත්තනායකගේ ප්‍රේක්ෂක ප්‍රජාව අතිවිශාල එකක්. ඇත්තටම අපි අත්තනායකගෙ ලිපිය ෂෙයාර් කරමින් හිනාමූනු පළකිරීමෙන් කියන්න උත්සාහ කරන්නෙ මොකක්ද?

  • LOUIE එක්ක CHAT එකක්.

    LOUIE එක්ක CHAT එකක්.

    ලුවී වැන්ඩස්ට්‍රාටන් එක්ක 2006 දි ගරිල්ලා සඟරාව විසින් කළ සාකච්ඡාවක් කොටස් වශයෙන්.

    ලංකාවෙ කුප්‍රකටම චිත්‍රපටකරුවා හැටියට ගෞරව ලබන තැනකට ඔබ පත්වුනේ කොහොමද?

    මුලින් සිනමා ජීවිතය ආරම්භ කරන කොට මං ඔය හොඳයි කියන චිත්‍රපටි තමයි හැදුවෙ. මගේ මුල්ම චිත්‍රපටය විජය කුමාරතුංග, රොබින් ප්‍රනාන්දු, නීටා ප්‍රනාන්දු, දෙනවක හාමිනේ වගේ අය සම්බන්ධ කරගෙන තමයි කෙරුවෙ. ඒකෙ නම ‘බිඳුනු හදවත’. ඇත්තටම ඒක තමයි විජය කුමාරතුංගගෙ මුල්ම චිත්‍රපටය. නමුත් මට ඒක ඉවර කරගන්න බැරි වුනා ඉක්මනට. විජය ඒ අතරෙ තමයි හන්තානෙ කතාව’ට ඉන්ටවිව් ගිහිල්ලා ඒක ඉක්මනට කෙරිලා එලියට ආවෙ. මම ප්‍රමාද වුනා එතනදි. අද ප්‍රසිද්ද වෙලා තියෙන්නෙ ඉතිං හන්තානෙ කතාව තමයි විජයගෙ මුල්ම චිත්‍රපටිය කියල. ඊට පස්සෙ මං කරපු ෆිල්ම් දෙකක් මේ ළගදි පෙන්නුවා සිරසෙ. ‘බෝනික්කා’ එකක්. අනික ‘මව්බිම නැත්තං මරණය’. මේ දෙකම ක්‍රියාදාම චිත්‍රපට. ගීතා කුමාරසිංහ, අනෝජා වීරසිංහ, රොබින් ප්‍රනාන්දු, සෝමසිරි දෙහිපිටිය වගේ අය තමයි ඒ ෆිල්ම්වල රගපෑවෙ. අදත් මට පැසසුම් ලැබෙනවා ඒ චිත්‍රපට සිරසෙ පෙන්නද්දි බලපු අයගෙන්. ඊට පස්සෙ මං හැදුවා ‘ඇගේ වෛරය’ කියන චිත්‍රපටිය. ඒකෙ කතාව ගත්තෙ මං බලපු ඉන්ග්ලිෂ් ෆිල්ම් එකකින්. ඇත්තටම ඒ ෆිල්ම් එක බ්ලූ ෆිල්ම් එකක් වගේ. ඒත් මට තේරුනා මේ කතාවෙ අපේ කාන්තා පාර්ශ්වය සිනමාහලට ගෙන්නා ගන්න තරම් ආකර්ශනයක් තියෙන වග. ගැහැණිය පුරුෂ ආධිපත්‍යයට විරුද්ධව සටන් කරන කතාවක්. අපේ ලංකාවෙ ගෑනුත් මේ වගේ දූෂණය වෙලා තියෙනවා. පිරිමින්ගෙන් නොයෙක් අතවර වලට ලක්වෙලා තියෙනවා. නමුත් ඔවුන්ට පෙරලා පහර දෙන්න තරම් ශක්තිය නෑ. නමුත් මේ චිත්‍රපටයෙ ගැහැණිය එයාට හතුරුකම් කරපු හැම පිරිමියෙක්ගෙන්ම පලි ගන්න තරම් ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්. ගැහැණියකට ශක්තියත් නෑනෙ පිරිමියෙකුට වගේ. මෙතනදි එයාගෙ ශරීරය තමයි ආයුධයක් විදිහට පාවිච්චි කරන්නෙ. මිනිස්සු ඕකට කාම කියනවා, අරක කියනවා මේක කියනවා. ඒත් ගාමන්ට් ෆැක්ටරිවල කෙල්ලො කෑම පාර්සල් අතේ තියාගෙන පෝලිමේ ඉඳලා ඒ ෆිල්ම් එක බැලුවෙ. ගෑනු තමයි ඇගේ වෛරය බැලුවෙ පිරිමින්ට වඩා. කොහොම හරි ඒකෙ පොඩි සීන් දෙකක් තිබුණ. ඒවා හින්දා තමයි ආන්දෝලනාත්මක වෙලා ඒ චිත්‍රපටිය සාර්ථක වුනේ. ඒත් ඒ චිත්‍රපටිය කරද්දි අපි බලාපොරොත්තු වුනේ නෑ ප්‍රේක්ෂකයන්ගෙන් එහෙම ප්‍රතිචාරයක්. අනිත් එක ඒක කාමුක චිත්‍රපටියක් විදිහට නිර්මාණය කලෙත් නෑ. කතාවට අවශ්‍ය වෙන විදිහට ඒ සීන් කීපයක් සම්බන්ධ කළා. ඒක තමයි මං හිතන්නෙ ලංකාවෙ චිත්‍රපටියකට වැදුන හොඳම කණා පල්ලම. මොකද අපි ඉතා සුළු වියදමකින් ඒ චිත්‍රපටිය කලේ. ලක්ෂ අටහමාරකින් විතර. අපි කොහොමවත් බලාපොරොත්තු වුනේ නෑ ඒ වගේ ආදායමක් ඒ චිත්‍රපටියට ලැබෙයි කියල. මට හුගක් මඩ ගහන්නෙ ඇත්තටම ඊට පස්සෙ ඒ චිත්‍රපටිය අනුකරණය කරලා ගොඩක් අය කරපු චිත්‍රපටි දුර්වල හින්ද. ඒවා හුගක්ම කාමුක වර්ගයේ ඒවා තමයි. මම කරපු ඇගේ වෛරය දෙවනි එකත් හොඳ කතාවක් ඇතුවයි කලේ. ඒකටත් මට ප්‍රශංසා ලැබුන. ඉතින් මිනිස්සු බැලුවෙ මේ වගේ වැඩිහිටියන්ට පමණයි තේමාව යටතේ චිත්‍රපටි හැදුනොත් මේවා දුවනවා, ලාබ ගන්න පුළුවන් කියලයි. නිෂ්පාදකයො කීප දෙනෙක් මැදිහත් වෙලා මේ අරමුණට පහත් ගණයෙ චිත්‍රපටි හදන්න ගත්තා. ඒ වැඩවල සේරම මඩ ආවෙ මට. කවුරු හරි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් හැදුවොත් මගෙන් අහනවා, ලුවී ඔයා නේද ඒක කලේ කියල. ඕක තමයි වුනේ. මම දැන් ඒ තේමාවෙන් ඈත් වෙලයි වැඩ කරන්නෙ. ඒත් මට හොඳ කතාවක් ලැබුනොත්, මේකෙන් ආයිමත් ප්‍රේක්ෂකයො සිනමාහලට ගේන්න පුළුවන් කියල දැනුනොත් මං ආයිමත් වැඩිහිටියන්ට පමණයි තේමාවෙ චිත්‍රපටියක් කරනවා.

    ඒ කියන්නෙ ඔබට අවශ්‍ය වුනේ නෑ Sex Film Director කෙනෙක් වෙන්න?

    නෑ. කිසිම උවමනාවක් තිබුනෙ නෑ. මම ඇගේ වෛරයත් එක්කම ‘සෙල්ලම් කුක්කා’ කියල මේ ළමයෙක් ගැන චිත්‍රපටියක් කෙරුවා. ඒක හරියට ප්‍රචාරය කරගන්න බැරි වුනු හින්ද අසාර්ථක වුනා. ඊට පස්සෙ මම ‘ජූරිය මමයි’ කළා. ඒකෙ රන්ජන් රාමනායකට චරිත තුනක් දුන්නා. ඒකෙ රන්ජන්ගෙ රගපෑම් දැකලා තමයි ඊට පස්සෙ එයාට දිගටම චිත්‍රපටි ලැබුනෙ. ඒක බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම් එකක්. ඒකෙ ශ්‍රියන්ත මෙන්ඩිස්, සඳුන් විජේසිරි, ඩිලානි වගේ අය රගපෑවා. ඊට පස්සෙ ඔන්න ආයිමත් ‘ගර්ල් ෆ්‍රෙන්ඩ්’ කියල වැඩිහිටියන්ට පමණයි එකක් කළා. මේකනෙ ඔය චිත්‍රපටියක් දුවනකොට සමහර අයට බලන් ඉන්න බෑ. මේ ක්ෂේත්‍රයේ ඉරිසියාව කියන එක උපරිමයි. ඒකට බෙහෙත් නෑනෙ. මගේ චිත්‍රපටිය දුවද්දි ඒ කාලෙ හැදුන සමහර චිත්‍රපටි දිව්වෙ නෑ. ඉතිං ඒ ගොල්ලො බැලුවා, අපේ චිත්‍රපටි දුවන්නෙ නැත්තෙ මොකද? ආ, මේ ලුවී හින්ද. ඉතිං මට පහර දෙන්න ගත්තා. ඒකෙන් මට මොකුත් වුනේ නෑ. තවත් වැඩියෙන් පබ්ලිසිටි එකක් හම්බුනා. බොරුල්ලෙ කනත්ත ළග කට්ටියක් පෙලපාලි ගියා මගේ නම බෝඩ්වල ලියලා උස්සගෙන. ලුවීගෙන් සිංහල සිනමාව බේරගන්න ඕනය කියල. මමත් ඒක බලාගෙන හිටියා. හුගක් අය මාව දන්නෙ නෑනෙ. ඉතිං ඒ ගොල්ලො මාව අදුරගත්තෙ නෑ.


    සාකච්ඡාව – අශෝක වීරසිංහ

  • අප කළ චෝදනාවලට Lankaads පිළිතුරු දෙයි!

    අප කළ චෝදනාවලට Lankaads පිළිතුරු දෙයි!

    අප විසින් ලංකාඇඩ්ස්වල සෙක්ස් වංචා නමින් පුවතක් පළ කළ දිනයේම ලංකාඇඩ්ස් ඇඩ්මින්වරයා අපව සම්බන්ධ කරගෙන ඒ ගැන පැහැදිලි කිරීමක් කළා. එය වෙබ් අඩවියක් ඔවුන්ගේ වගකීම්සහගත බව පෙන්වාදෙන ක්‍රියාවක් හැටියෙන් අපි බාරගන්නවා.

    ලංකාවෙ මේ වගේ ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් පවතින වෙබ් අඩවි ඉතාමත් වැදගත් සේවාවක් කරන බව අපේ පිලිගැනීමයි. විශේෂයෙන්ම එමගින් ලිංගික ශ්‍රමිකයන්ට ආරක්ෂාවත්, ස්වාධීනත්වයත් ලැබෙනවා. ලයිව්කැම් හරහා ගෙවල් වල ඉඳගෙනම මුදල් උපයන්න අවස්ථාව ලැබෙනවා.

    මේ සේවා වෙනුවෙන් ලංකාවෙ දැනට පවතින්නෙ ප්‍රධානවම සයිට් දෙකයි. එකක් මසාජ්රිපබ්ලික්. ඒක අන්තර්ජාතික සයිට් එකක්. දෙවෙනි එක ලංකාඇඩ්ස්. ඒක තමයි අපේ ලංකාවෙ එක. සදාචාර පොලිසිය විසින් මේ වෙබ් අඩවි තහනම් කරන්න ගන්නා සෑම උත්සාහයකදීම ෆැකල්ටි ඔෆ් සෙක්ස් අපි මේ අයගේ නිදහස වෙනුවෙන් පෙනී සිටින්නෙ ඒක අවශ්‍ය, ප්‍රගතිශීලී මෙහෙවරක් හැටියෙන් සලකන නිසායි.

    ලංකාඇඩ්ස් අපට කිව්වෙ, මේ වෙබ් අඩවිය නිදහස් අඩවියක් බවත් ඕනෑම කෙනෙකුට එහි දැන්වීම් පළ කරන්න පුළුවන් බවත්. ඒ අතර සිදුවන රැවටීම් සහ වංචනික ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා තමන් විසින් පැහැදිලිව සයිට් එකේ දැනුවත් කිරීම් කර තිබෙන බවත්. මේ ලිපිය සමග ඒ දැනුවත් කිරීම් අප පළ කරන්නේ ඉදිරියට මේ වෙබ් අඩවිය පාවිච්චි කරන කෙනෙකුගේ ආරක්ෂාව උදෙසාමයි.

    මෙහිදී ලංකාඇඩ්ස් සමග වෙරිෆයිඩ් සේවා සපයන්නන් සම්බන්ධ කර ගැනීමයි වැදගත්ම කාරණය වෙන්නෙ. ලිංගික ශ්‍රමික වෘත්තිය ලංකාවෙ නීතියෙන් තහනම් නැති වුනත් පොලිසියෙන් තහනම් නිසාම ඒ ආශ්‍රිතව සිදුවන අපරාධ, දූෂන, වංචා බෙහෙවින් වැඩියි. නීතිගත නොවන තත්වයක් තුල සේවා සපයන්නාට මෙන්ම පාරිභෝගිකයාටත් කිසිම ආරක්ෂාවක් රැකවරණයක් නෑ. රාජ්‍යය විසින් පුරවැසියාගේ ලිංගික අයිතිය නොතකා හැර තිබෙනවා.

    මේ වගේම වංචනික හෝ බොරු යැයි හඳුනාගත් අයගේ නොම්මර සහ විස්තර වෙනම එහි පළ කරලා තියෙනවා. කිසිසේත්ම සේවය ලබාගෙන අවසන් වන තුරු මුදල් ගෙවීමක් නොකරන මෙන් දැනුම් දී තිබෙනවා. නමුත් අපගේ අදහස මේ වැකිය සයිට් එකේ ඉදිරියෙන්ම ප්‍රදර්ශනය කර තැබුවත් යහපත් කියන එකයි.

    පහත දැක්වෙන්නේ මෙසේ බොරු/ වංචනික ලෙස හඳුනාගත් අයගේ විස්තර ඇති පිටුවයි.
    ttps://lankaads.com/check-for-fake-details

    ලංකාඇඩ්ස් හි පළ කර ඇති වට්ස්ඇප් අංකය මිස කිසිවිටෙක වෙනත් අංකයකින් සම්බන්ධ නොවන ලෙසත් එතන දැනුම් දීම් කරලා තියෙනවා.

    ප්‍රශ්නය වෙන්නෙ අපි මෙවන් සේවාවක් ලබා ගනිද්දි අනෙක් බඩුවක් මුට්ටුවක් ගන්න තරම් ප්‍රවේශමෙන් විස්තර කියවා බලන්න විවේකී නොවීමයි. නමුත් මේ සිදුවන වංචා ගැන ලංකාඇඩ්ස් තමන්ගේ පැත්තෙන් වගකීම්සහගතව උපදෙස් දීලා තියෙනවා.

    අවාසනාවට ලංකාවෙ සෙක්ස් කර්මාන්තය පාතාලයක්, හොරපොලක් විදිහ‍ට පවත්වාගෙන යන්නයි ලංකාවෙ බහුතරයක කැමැත්ත. ඒ කියන්නෙ ඒ කලාපය වංචනිකයන්ට, හොරුන්ට, අපරාධකරුවන්ට ලියලා දුන්නා හා සමානයි.

    HOW TO FIND LIVE CAM VERIFIED ADS
    ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
    සහතික කරන ලද දැන්වීම් සොයා ගන්නේ කෙසේද?

    1. කොළ පාටින් VERIFIED ලෙස සදහන් කර ඇත.

    2. රතු පාට තීරුවක් මගින් “සේවාව නොලබුණහොත් මුදල් නැවත ලබා ගත හැක” ලෙස සදහන් කර ඇත.
      ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
      VERIFIED නොකල Live Cam Ads සහ අනෙකුත් ඕනැම දැන්වීම් සදහා අප කිසිදු වගකීමක් බාරගන්නේ නැත.
      ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
      VERIFIED දැන්වීම් ඇතුළු අනෙකුත් ඕනැම දැන්වීම් වල පලකර ඇති සියලුම ඡායාරූප සදහා අප වග කියන්නේ නැත.

    සමහර ඡායාරූප සත්‍ය වන අතර සමහර ඡායාරූප ව්‍යාජ ඡායාරූප වේ.
    ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
    VERIFIED දැන්වීම් සදහා අප වග කියන්නේ ඔවුන්ගේ සේවාව සදහා පමණි
    ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
    VERIFIED දැන්වීම් සදහා අප වග කියන ආකාරය

    1. දැන්වීමේ සදහන් කර තිබෙන පැකේජයන් සදහා පමණි.

    2. දැන්වීමේ පලකර තිබෙන WhatsApp අංකයට පමණක් සම්බන්ධ විය යුතු ය.
      ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

    VERIFIED දැන්වීමක් සදහා ඔබ මුදල් ගෙවූ පසු සේවාව නොලබුනහොත් ඔබ ගෙවූ මුදල නැවත ලබා ගන්නා ආකාරය.

    1. මුදල් දැමූ රිසිට් පත්
    2. WhatsApp Chat History
    3. අදාළ දැන්වීමේ Screenshot එකක්
    4. අවශ්‍ය වුවහොත් Bank Statement

    මෙම සියලු දේ අප වෙත එවූ පසු අප ඒ සම්බන්ධව විමර්ශනය කර පැය 24 ක් ඇතුලත ඔබට මුදල් නැවත ලබා දෙන්නෙමු.
    ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
    පැමිණිලි WhatsApp No: +94 77 9 138 184
    ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
    ඔබ ප්‍රවේශම් විය යුතු අවස්ථා

    1. VERIFIED දැන්වීමක් මගින් ඔබට වෙනත් WhatsApp අංකයක් ලබා දී එම අංකයක් සම්බන්ධ වෙන්න කිවහොත් කිසි විටකත් සම්බන්ධ නොවන්න. එමගින් වංචාවක් සිදු වුවහොත් ඔබට මුදල් නැවත ලබා ගැනීමට නොහැකි වනු ඇත.

    2. දැන්වීම් විස්තරය තුල Verified ලෙස සදන් කර ඇති දැන්වීම් අප විසින් සහතික නොකළ දැන්වීම් බව සලකන්න.
      ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
      ඔබට සැක සහිත දුරකථන අංක හා බැංකු ගිණුම් අංක අපගේ FAKE AD DETAILS පිටුව මගින් සොයා බැලිය හැකි ය. https://lankaads.com/check-for-fake-details
      ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
      ස්තුති
      LANKAADS.COM
      COMPLAINTS ADMIN – WhatsApp No: +94 77 9 138 184
      ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

  • ලංකාඇඩ්ස් එකේ sex වංචා

    ලංකාඇඩ්ස් එකේ sex වංචා

    ලංකාවෙ සෙක්ස් ගැන උනන්දු වෙන ඕන කෙනෙක් ලංකාඇඩ්ස් ගැන දන්නවනෙ. කෙනෙකුට අවශ්‍ය ලිංගික ශ්‍රමික සේවය ලබාගන්න පුළුවන් දැන්වීම් ගොඩක් ලංකාඇඩ්ස්වල පළවෙනවා. ඒ වගේම මසාජ්රිපබ්ලික් වගේ සයිට් එකක තරම් ගණන් සැර නැති නිසා ගොඩක් අය ලංකාඇඩ්ස් වලින් මේ සේවාවන් ඇනවුම් කරන්න පෙළඹෙනවා.

    හැබැයි ලංකාඇඩ්ස්වල දැන්වීම් පළ කරන ලිංගික ශ්‍රමිකයන් බොහොමයක් තමන්ගේ පාරිභෝගිකයන්ගෙන් වංචනික ලෙස මුදල් සූරාකනවා. නැත්නම් කොල්ලකනවා. මේක ඉතාම ප්‍රවේශම් විය යුතු තත්වයක්.

    අපිට මේ විස්තරය ලබාදුන්නෙ ඉතාම මෑතක මේ විදිහට ලිංගික ශ්‍රමිකයෙකුගෙන් මුදල් කොල්ලකෑමකට ලක්වුනු තරුණයෙක්. නැවත මේ අයට අහු නොවනු පිණිස අදාල දැන්වීමේ සියලු විස්තර මේ සටහන සමග පළ කරනවා.

    මේ තරුණයා අදාල දැන්වීමේ අංකයට කතා කරලා ලිංගික ශ්‍රමිකයෙකුගේ සේවය ඉල්ලනවා. විශ්වාසනීය විදිහට කතාබහ කරන අනෙක් පාර්ශ්වය අදාල තැනැත්තිය ත්‍රීවිලරයක තරුණයාගේ නවාතැනට එනු ඇතැයි කියනවා. කියූ පරිදිම ත්‍රීවීල් එකේ රියදුරා සමග කාන්තාවන් දෙන්නෙක් එනවා. රියදුරා බැහැලා ඇවිත් සේවා සපයන්නිය ඇවිත් සිටින බව කියමින් ආරම්භයේදීම මුදල් ඉල්ලා සිටිනවා. ආධුනිකයෙක් වෙන මේ තරුණයා මුදල් ලබා දෙනවා.

    වහාම ත්‍රීවීලරයට නැග ගන්නා රියදුරා තරුණියන්ද සමග පලා යනවා. ඊට පස්සෙ දැන්වීම පළ කළ අංකයට ඇමතුම් ලබා දුන්නත් ඔවුන් විවිධ දේ කියමින් මගහරිනවා. අවසානයේ ඇමතුම් වලට පිළිතුරු දීම පවා ඇනහිටිනවා. මේ විදිහට අපට මේ විස්තරය කී තරුණයාට රුපියල් 25000ක මුදලක් අහිමි වෙනවා.

    ලංකාඇඩ්ස් මගින් මෙවන් දැන්වීම් පළකරන වංචාකාරී පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි වගකීම්සහගත යාන්ත්‍රණයක් පවත්වා ගත යුතුයි. නැත්නම් මේ වගේ පහත් ක්‍රියාවන් නිසා සිද්ද වෙන්නෙ මේ වෘත්තියේ සාධාරණ ලෙස නිරත වෙන අයටත් කෙලවෙන එකයි. ලිංගික ශ්‍රමික වෘත්තියේ අයිතීන් සම්බන්ධයෙන් නිතර පෙනී සිටින අප එම වෘත්තිය දඩමීමා කරගෙන සිදු කරන මෙවන් වංචාවන් පිළිකුලෙන් හෙලා දකිනවා.

    මේ කරන්නෙ ඒ සමස්ත වෘත්තියටම විනාශයක්. ලංකාඇඩ්ස් කරුණාකර ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කරන අය පිළිබඳ වගකියන තත්වයක් වහාම ඇති කරන්න. නැත්නම් ඔබත් මේ වංචාවන්ට අනුබල දෙන්නෙක් බවට පත්වෙනවා.