Category: Features

  • 69 කවුද හරි?

    69 කවුද හරි?

    අද නිකං ඉන්න වෙලාවෙ ති.නා සයිට් එකෙන් ‘කවුද හරි’ ෆිල්ම් එක බැලුවා. ඒක 1969 දි එලියට එන්නෙ. ලංකාවෙ ඩිරෙක්ටර් කෙනෙකුගෙ නමක් නැතුව ආපු පළවෙනි චිත්‍රපටිය කියලත් කියනවා. ඒ වෙනුවට වැටෙන්නෙ එඩිටර් ටයිටස් තොටවත්තගෙ නම. ඒ ෆිල්ම් එක අවසන් කරදීම වෙනුවෙන් ටයිටස්ට නිෂ්පාදක මණ්ඩලය ස්තුති කරලා සටහනකුත් පළ කරනවා. මොකක්ද මේ පලහිලව්ව?

    අරුණ ගුණරත්න එයාගෙ යූටියුබ් චැනල් එකේ මේ කතාව කියනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්න පැවරෙන්නෙ තිස්ස ලියනසූරියට. ඒ කියන්නෙ ගැටවරයො, සාරවිට වගේ නොමැකෙන ලකුණු තියපු ෆිල්ම් කරපු කෙනාට. ඒත් ලියනසූරියට ෆිල්ම් එක මැදදි ජාතික චිත්‍රපට අංශයෙ ප්‍රධානියා විදිහට පත්වීමක් ලැබෙනවා. එයා ෆිල්ම් එක නවත්තලා රජයේ සේවයට යනවා. ඉතින් වැඩ ඉවර කරන්න සිද්ද වෙන්නෙ ටයි මහත්තයාට. ටයි මහත්තයා ඊට කලින් රජයේ චිත්‍රපට අං‍ශයේ ප්‍රධානියා වෙලා ඉඳලා තියෙනවා. එයා ඒ රස්සාව දාලා තමයි චිත්‍රපටි හදන්න එලියට බහින්නෙ. දෙන්නා යන්නෙ දෙපැත්තට.

    තිස්ස ලියනසූරිය

    කොහොම වුනත් මේ චිත්‍රපටියෙ ටයි මහත්තයාගෙ වැඩක සළකුණු හැමතැනම මතු වෙනවා. ෆිල්ම් එක පටන් ගන්න ටයිට්ල් බෑන්ඩ් එක විතරක්ම වුනත් ඇති වැඩේ ගැන හිතාගන්න. දයා කරුණාරත්න නිර්මාණය ‍කරන මේ නාමාවලිය ඒ කාලෙ හැටියට හිතාගන්නවත් බැරි එකක්. ලූඩො බෝර්ඩ් එකක් උඩ කාටූන් ඇනිමේෂන් එකක් දුවනවා, අරිසෙන් අහුබුදුගෙ සිංදුවක් ඒක යට වාදනය වෙනවා. ඒක ඒ කාලෙ නිර්මාණයක විශ්වාස කරන්න බැරි විදිහෙ වැඩක්.

    නැගෙන වැටෙන වැටී නැගෙන

    පෙරලෙන ලෝකෙ

    වාසනාවෙ දාදු කැටේ ‍අපේ ජීවිතේ..

    ඒ වගේම ෆීල්ම් එකේ රඟපාන අයගෙ නම් වැටෙන්නෙත් ඒ ඒ චරිත තිරයෙ මතුවෙන වෙලාවට. පිලිවෙලක් නැතුව. ඒ හින්ද චිත්‍රපටිය පුරාම නළු නිළියන් හඳුන්වාදීම සිද්ද වෙනවා. සුපුරුදු නාමාවලි බ්ලොක් එකෙන් ගැලවිලා කරන ඒ වැඩේ හරිම නූතන අත්හදාබැලීමක්.

    චිත්‍රපටියෙ කතාව එහි නිෂ්පාදකාවගේ. කතාව කිව්වට කතාවෙ ඒ තරම් දෙයක් නෑ. හින්දි සිනමාවෙ ඒ කාලෙ සුපුරුදු කතන්දරයක් වුනු, මරණාසන්නයේදී අම්මා විසින් හෙලි කරන තමන්ගේ වලව්කාර උරුමය හොය‍ාගෙන යන දිළිඳු කෙල්ලෙකුගෙ කතාවක්. හැබැයි ඒ වගේ වට්ටෝරු කතාවක් වුනත් වැඩ්ඩො අතට අහු වුනාම වෙන්න පුළුවන් දේ තමයි කවුද හරි ෆිල්ම් එකේ තියෙන්නෙ.

    මේ සුපුරුදු කතාව යටපත් කරන තරමෙ අතුරු කතා චිත්‍රපටිය ඇතුලට එනවා. වි‍‍‍ශේෂයෙන් ඩී ආර් නානායක්කාර, දොන් සිරිසේන සහ තවත් කෙනෙක් විසින් සමාන්තරව වෙනම නාටකයක් අරගෙන එනවා. වලව්වල උන් ඉඩකඩම්වලට මරා ගන්න අතර ගැමියන් විසින් තුට්ටුවට දෙකට ඕනම අපරාදයක් කරන බව මේ දෙවෙනි පෙලෙන් කියවෙනවා. ටයි මහත්තයා තිරයට ගේන්නෙ පිවිතුරු අහිංසක ගම නෙමෙයි. ඕනම දේකට රැවටෙන, සදාචාරය නමින් පීඩිතයන් පෙළන, කපටි ගැමි ප්‍රජාවක් මේ චිත්‍රපටිය ඇතුලෙ මතුවෙනවා. ඒ වගේම ගැහැණියක් ලිංගිකව අපවාදයට බඳුන් කරමින් තමන් සුචරිතවාදී වෙන්න උත්සාහ කරන ගැමි කතුන්ද නාන තොටවල නිරුවත් වෙනවා. ඉහළ පාංතිකයාට ගැරහීමේ හෝ සිනහවට ලක් කිරීමේ බයිකම වෙනුවට ඉහළ පාංතික නාගරිකයාගේත්, පහළ පාංතික ගැමියාගේත් දොස් එක විදිහට දකින, ඒ දොස් මත උනුන් යැපෙන හැටි කියන දියුණු සමාජ දෘෂ්ටියක් කවුද හරි ෆිල්ම් එක ඇතුලෙ තියෙනවා. ඒක කතාවෙ චරිත අතරින් කවුද හරි කියල ප්‍රශ්න කිරීමක් විතරක් නෙමෙයි. ඒ වෙනුවට ගැමියාද, නාගරිකයාද හරි, යන ප්‍රශ්නයත් ඇතුලෙ ඇහෙනවා.

    තිර පිටපත ලියන්නෙ කරුනාරත්න අබේසේකර. ඒත් ටයි මහත්තයාට හුරු වහරත්, දෙපැත්ත කැපෙන දෙබසුත් චිත්‍රපටිය පුරාම විසිරෙනවා. ගැමියා විසින් කලිසම් ඇඳීමට, ඉංග්‍රීසියෙන් ආලය කිරීමට සහ නාගරිකබවට දක්වන ‍ලොල්ල දිගටම ටයි අතින් සමච්චලයට ලක්වෙනවා. අනෙක් පැත්තෙන් නාගරිකයා/ ඉඩම් හිමියා නැවත ගැමි සුන්දර කෙල්ලකට ආලයෙන් බැඳීමේ බොළඳ හැගුම්බර ප්‍රධාන කතාව දිවෙනවා.

    චිත්‍රපටියෙ එක තැනක ඉස්කෝලෙක විවිධ ප්‍රසංගයක් එනවා. ඒක මේ කතා පිටපතට කොහෙත්ම අදාල එකක් නෙමෙයි. ඒත් වේදිකාව මත අපූර්ව විදිහට දිගහැරෙන ගීත නාටකයක් කැමරාවේ දිග වෙලාවක් අරන් සටහන් වෙනවා. ඒ චිත්‍රපටි කතාව අතරමැද තවත් අතුරු කතාවක්. අදාල නොවුනත් අපූර්ව ඕෆ්බීට් වැඩක්.

    ටයිටස් තොටවත්ත

    මේ චිත්‍රපටියෙ රිද්මය ඉතා විශේෂ එකක්. ඒක ටයි මහත්තයාගේ වැඩහුරු සංස්කරණය නිසා සිද්ද වෙන්නක්. ඒ වගේම සමහර දර්ශන රූගත කරලා තියෙන ආකාරයත් විස්මිතයි. එක ප්‍රේම ගීයක් ආරම්භයේ ඇසෙන කරත්ත කවියක් මත ඡේදනය වෙන පෙම්වතුන්ගෙ රූප රාමු කිසිසේත් හැට ගනංවල වැඩක් කියලා හිතාගන්න බෑ. ඒ වගේම රොබින් ප්‍රනාන්දු සහ ‍ඩොමී ජයවර්ධන අතර ඓතිහාසික සටන් ජවනිකාවක් මේ චිත්‍රපටය හරහා සිනමාවට එනවා. දාන්න තියෙන වැඩ ඔක්කොම දාලා තියෙනවා.

    මීවදයකි ජීවිතේ සිංදුව එඩිට් කරලා තියෙන ගැම්ම ඕන කෙනෙකුට යූටියුබ් එකෙන් වුනත් බලාගන්න පුළුවන්.

    චිත්‍රපටියෙ ප්‍රධාන නළුවා වෙන්නෙ රගපාන්න බැරි කරු නානායක්කාර කියලා ප්‍රොඩියුසර්ගෙ හි‍තවතෙක්. ප්‍රධාන නිළිය මාලිනී. දුෂ්ට ජෝඩුව විදිහට ඉන්නෙ ඩොමී ජයවර්ධන සහ සන්ධ්‍යා කුමාරි. සන්ධ්‍යා කුමාරිගෙයි මාලනීගෙයි පෙනුමෙ ස්වභාවික සමීපත්වය චිත්‍රපටිය පුරාම මතුවෙනවා.

    රගපාන්න බැරි නළුවෙක් ප්‍රධාන චරිතයට අරන්, ඒක වැහෙන්නත් කතාවෙ රසය නොමැරෙන්නත් වැඩේ කරලා තියෙන විදිහයි වැඩියෙන් වටින්නෙ. දුර්වල කතාවක්, දුර්වල නළුවෙක්, අතරමැදදි අධ්‍යක්ෂ අතුරුදන් වීමකුත් එක්ක වුනත් සාර්ථක චිත්‍රපටියක් කරන්නෙ කොහොමද කියන එකට මැජිකල් උදාහරණයක් කවුද හරි කියන්නෙ.


    චින්තන ධර්මදාස

  • මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද?

    මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද?

    ගණිකා වෘත්තිය නීතිගත කිරීම ජාතික ජන බලවේගයෙ ප්‍රතිපත්තිය කියල හරිනි අමරසූරිය කියල තිබුන. ඒ වගේම සමන්මලී ගුණසිංහ ජාජාබෙ විධායක සභිකත් මේ ප්‍රකාශයම කරලා තිබුණ. ඇත්තටම මේ වගේ ප්‍රගතිශීලී ප්‍රකාශයක් පක්ෂයක් විදිහට කරලා තියෙන්නෙම ජාජාබෙ විතරයි. ලිබරල් වික්‍රමසිංහ වුනත් මේ වෙලාවෙ කරමින් ඉන්නෙ අන්ත ප්‍රතිගාමී බයියන් චූන් කරන වැඩ.

    හැබැයි ජාතික ජන බලවේගය මේ ගැන සීරියස්ද?
    ඒ කියන්නෙ ගණිකා වෘත්තිය තවත් වෘත්තියක් විදිහට පිළිඅරගෙන ඊට අවශ්‍ය වෘත්තීය ගරුත්වය සහ ආරක්ෂාව රජයක් විදිහට සැලසීම කියන කාරණයට ඇත්තටම මේ අය එකගද? මීට කලින් ජනතා විමුක්ති පෙරමුනේ අය කියමින් හිටපු ගණිකා වෘත්තිය වගේ තත්වයකට මේ පිරිස යොමු වුනු සමාජ කාරණා වෙනස් කිරීම වගේ පරණ හණමිටි දැන් මේ පිරිස පැත්තකින් තියලද?

    එහෙනං මෙන්න අත්දෙකම එකතු කරලා ජාජාබෙට අත්පුඩියක්.
    මේ කතාව අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධ වේදිකාවක කිව්වොත් ෆැකල්ටි ඔෆ් ‍සෙක්ස් අපිත් මාලිමාව දිනවන්න වැඩ කරනවා, සහතිකයි.

    මොකද ඒ වගේ ආර්ථික නිදහස පිළිබඳ කාරණයක් පිළිගන්නවා කියන්නෙම එවන් රජයක් මිනිස් නිදහස, ගරුත්වය සහ සතුට ගරු කරනවා කියන එකයි.

    ඒත් අපි හැමවෙලාවකම මෙහෙම කතා අහන්නෙ පක්‍ෂයක පැත්තකින් ඉන්න චරිත නිකං අවධානය ගන්න කරන කතා විදිහටයි. ජාතික ජන ‍බලවේගය මේ පාර එහෙම නෙමෙයි කියල අපි ප්‍රාර්ථනා කරමු.

  • ඒෂාන් කියන්නෙ ගැම්මක්!

    ඒෂාන් කියන්නෙ ගැම්මක්!

    (මේ පෝස්ට් එක උපුටා ගත්තේ ඒෂාන් ඩයස්ගෙ ෆේස්බුක් පිටුවෙන්)

    I hate it when people call me lucky. මට lucky කියන්න එපා. It’s not luck. It’s my blood sweat and tears.

    මම හිතන්නේ මම තමයි ලංකාවේ හිටපු unluckyම Social Media Personality. දැන් හූල්ලන්න එපා. මම කිව්වේ past tense එකෙන්????දැන් නම් කාලා බීලා ඇදලා fun එකේ ඉන්නවා ???? ඒත් ඒක තමයි ඇත්ත. මට කාලයක් තිබ්බා උදේට ෆෝන් එක අල්ලන්නෙවත් නැති. ඇයි ඒ? Comments 10 ක් කියෙව්වොත් 8 කම තියෙන්නේ කුනුහර්ප බැනුම්, නැත්තම් ලිංග භේද අහලා, එහෙමත් නැත්තම් මැරියන් කියලා. මම ඒ කාලේ ෆෝන් එකේ ting ගාන notification සද්දෙටත් බයයි. Video එකක් කරන්න සාරිය අතට ගත්තාම anxiety attacks එනවා මේ video එකට මොන බැනුමක් අහගන්න වෙයිද කියලා.

    මට අවුරුදු තුන හතරක්ම තිබ්බා ad promotion මොකුත් set වෙන්නැති. ඇයි දන්නවද? හුගාක් අය අකමැති ලු එයාලගේ brand එකත් එක්ක පො/&@යෙක්ව associate කරන්න. ඉතින් අවුරුදු ගානක් මම Social Media popular වුනත් අමු හිගන්නා. මම යන හැම audition එකක්ම මම පුලුවන් උපරිමේටම කරනවා. හැමෝටම ආස හිතෙනවා. ඒත් brand rep ආ ගමන් කතා දෙකක් නෑ කෙලින්ම reject කරනවා. ඇයි ඒ? මම ගෑනියෙක්ද මිනිහෙක්ද කියලා හොයාගන්න බැරිලු. එක්කෙනෙක් කිව්වා මගේ දත් ටික කෙල්ලෙක් වගේලු. ඒ නිසා ගන්න බෑ කියලා. යකෝ දත් ටිකේ ලිංගේ හොයන එවුන් ඉන්න රටක් මේ. මෙහෙමයි මට තේරෙනවා brands වැඩ කරන විදිය. ඒත් අපි මිනිස්සු නෙමෙයිද?

    තව මම director කෙනෙක්ව හම්බෙන්න ගියා එයාගේ ටෙලියක audition එහෙකට. එයා මාව තඹ සතේකට ගනන් ගත්තේ නෑ. පොඩ්ඩක් ඉන්න කිව්වා. පැය එකාමාරක් ගියා. තාම මම පොඩ්ඩක් ඉන්නවා. මම බැරිම තැන එයාගේ shooting මැද්දෙම එයා ගාවට ගියා. එයාට කියන්න දෙයක් නැතුව එයා කියනවා “ඔයා වගේ චරිත” මේ ටෙලියේ නෑ” කියලා. මොකද්ද මේ මං වගේ චරිත කිව්වේ? මෙයා මගේකම හෑල්ලුවට ලක්කළාවත්ද? මම සාමාන්‍යයෙන් අනේ ඕවා ගනන් ගන්නෙ නෑ. ඒත් මමත් මනුස්සයෙක්නේ. මටත් breaking point එකක් තියෙනවනේ. මට rejection after rejection උහුලන්න අමාරුයි. මට අද වගේ මතකයි එදා audition එකෙන් පස්සේ මට මාර දුකයි. දරාගන්න බැරි දුකක්. පාරේ යනකොටත් මගේ මූනෙන් කදුලු බේරෙනවා. අවුරුදු ගානක frustration එක ගිනිකන්දක් පිපුරුනා වගේ ඒ වෙලේ දුක පිපිරෙන්න ගත්තා. දැන් පාරේ අඩන්නත් බෑනෙ මාව අදුරන අය හිටියොත්. මං කලේ අර කුට්ටි කරලා විකුනන ඉඩම් තියෙන්නේ, ඔය වත්තකට පැනලා ගහකට මුවා වුනා. මුවා වෙලා ඇඩුවා ආයේ නෑ shirt එක තෙමෙන්න. ඇඩුවා නෙමෙයි ඇඩුනා. මට තිබ්බ ලොකුම දුක තමයි මට මගේ අම්මටවත් මොනාහරි අරං දෙන්න අතේ සතේ නෑ කියන එක. මම හරි අකමැති මගේ talent එක නාස්ති වෙනවට. මගේ talent එක නාස්ති වෙනවා කියලයි මට එදා දැනුනේ.

    ඔයාලට මතකත් ඇති මට දෙපාර තුන්පාරක්ම physical assault වෙන්න ගියා. ඒවා hate crimes කියලා මං දන්නේ පස්සේ. Physical පැත්තකින් තියන්නකෝ sexual ඒවා. මට දවසක් මතකයි event එකක්දි එක මිනිහෙක් මගේ පුප මිරිකුවා මට පහුවෙනිදත් රිදුනා, ඉදගන්න බැරි තරම්.

    මේවා ඔක්කොම මගේ ඉතිහාසය. දැන් වර්තමානේ දෙයියන්ගේ පිහිටෙන් හොද සැපවත් life එකක් ගත කරනවා. මට අවශ්‍ය වෙලා තිබ්බ respect එකත් මට ලැබෙනවා. අඩුපාඩු නැතුවාම නෙමෙයි. ඒත් කලින්ට වඩා හොදයි. ඉතින් අනේ ඔයාලා අද දකින මගේ ලස්සන සුන්දර නිදහස් ජීවිතේට lucky කියන්න එපා. එතකොට මම කාපු කට්ට, මගේ දුක, මගේ මහන්සිය, මගේ අම්මගේ මහන්සිය හෑල්ලුවට ලක්වෙනවා. මට කියන්න Eshan You earned it කියලා. මගේ luck එක මංම හදාගත්තා මිසක් මම Lucky නෑ….

  • රවට්ටගෙන ගිහින් වීඩියෝ කරලා

    රවට්ටගෙන ගිහින් වීඩියෝ කරලා

    මහනුවර පැත්තෙ සිසුවියන් රවටාගෙන කාමරවලට ගෙනිහින් අසභ්‍ය චිත්‍රපටි හදපු පාසැල් සිසුන් දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන.

    මේ සිසුවන් දෙදෙනා කෙල්ලන් සමග හාද වී ඔවුන්ගේ නිරුවත රූගත කරගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින වගට තර්ජනය කරමින් මේ සිසුවියන් අපයෝජනය කරලා තියෙනවා.

    මේක බරපතල වරදක්. ඒ ගැන කතා දෙකක් නෑ.

    ඒත් මේ විදිහට තර්ජනය කරමින් අපචාරයට ලක් කිරීමට ඇති සංස්කෘතික ඉඩ මේ විදිහෙ හුදකලා සිදුවීමක් නීතිය ඉදිරියට පැමිණවීමෙන් අවසන් වෙන්නෙ නෑ. ඒ අවකාශය තව තවත් විවෘත වෙනවා.

    කෙනෙක් තමන්ගේ නිරුවතක් ඉන්ටර්නෙට් එකට දානවා කියන පලියට බියට පත්නොවන සංස්කෘතියක් නිර්මාණය කරන්න ඕන. නිරුවත හෝ ලිංගිකව හැසිරීම කියන එක මහා රහසිගත දෙයක් කියන සෙක්ස් ඇරියස් මනෝභාවය ආමන්ත්‍රණය කරන්න ඕන. ඒකට සෙක්ස් මැජික් නැති සමාජයක් නිර්මාණය වෙන්න ඕන.

    පොලිසිය කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. පොලිසිය තමයි අපචාර සංස්කෘතිය පවත්වාගෙන යන්නෙ. ඒ අපචාරී දෘෂ්ටිය සමාජය ඇතුලෙ බලයත් එක්ක නඩත්තු කරන්නෙ. කොටින්ම වැඩබලන පොලිස්පති පවා බලහත්කාර අත්අඩංගුවට ගැනීමකට සහ ලිංගික අතවර කිරීමකට උසාවියෙන් වරදකරුවෙක් වෙලා තියෙනවා.

    මේ සිසුවන්ගෙ ෆෝන් පරීක්ෂා කිරීමේදී තවත් තරුණියන්ගේ අසභ්‍ය යැයි කියන දර්ශන පොලිසියට හම්බුවෙලා තියෙනවා. ඒ දර්ශන අසභ්‍යයි කියන්නෙ ඇයි කියල දන්නෙ දෙයියො තමයි. දෙන්නෙක් ලිංගිකව හැසිරීමක වීඩියෝවක් අසභ්‍ය නෑ. එය අනවසරයෙන් රූගත කිරීම හෝ මුදාහැරීමයි අසභ්‍ය ක්‍රියාව වෙන්නෙ.

    කොහොම වුනත් පොලිසිය අතට තවම අන්තර්ජාලයට මුදා නොහැරපු නිරුවත් දර්ශන පත්වීම තමයි භයානකම. මේ වීඩියෝ පොලිසිය සතුව තිබියදීම අන්තර්ජාලය මුදාහැරීමක් සිදු නොවේ යැයි ස්ථිරව කියන්න පුළුවන් සදාචාරයක් පොලිසියට තියෙනවද? රංජන් රාමනායකගේ හඩපටවලට සිද්ද වුනේ මොකක්ද?

  • නෂ්ඨකාමුකයෝ, කාමුකයෝ හා දොජභංග පොලීසිය

    නෂ්ඨකාමුකයෝ, කාමුකයෝ හා දොජභංග පොලීසිය

    දැන් සති කීපයකට කලින් හිනිදුම සරණසිරි නම් තරුණ භික්ෂුවකගේ ඉල්ලීමක් පොස්ටුවක් හැටියට බෙදා ගැණුන. ඔහු ඉතාම මාණුෂික ඉල්ලීමක් කරල තිබුනේ….

    “සිවුර ඇතුලේ සිටින අපටත් ලිංගිකත්වයක් අවශ්‍යයි”

    යන මුළික මානව අයිතිය හා මානුෂික වුවමනාවයි එයින් ප්‍රකාශයට පත් වුණේ. එහෙත් ඒකට උත්තර ලියපු හිංගල බෞද්ධ හරක් රැලක් එයට අවමානයෙන් සිනාසෙමින් සිටිය. මේ අමනයෝ රැලේ ප්‍රතිචාර වලින් කොටසක් එක පිංන්තුරයක තියෙනව. මේ තරුණ භික්ෂුවගේ ඉල්ලීමට සිනාසෙන, අවමන් කරන ගොන් රැල මස්කඩයකට මසට විකුණන්න පුළුවන් නම් මම අදම ඒක කරනව. මොකද මේ ජාතියේ බත් කන හරක් රටක තියාගෙන වැඩක් නෑ. අවාසනාවට මස්කඩකාරයොවත් මුන් සල්ලිවලට තියා නිකං දුන්නත් ගන්නේ නෑ. එවුන්ටත් මුං මොළේට ගහන ඇණයක් වෙනව.

    මගේ විශ්වාසයේ හැටියට මේ බෞද්ධ භික්ෂුව ලවා සිල් රක්කවන්න, තෙවැනි සිල් පදය නොකඩවන්න දඟලන පාරම්බාන හිංගල බෞද්ධ හැත්ත බරපතල ලිංගික ප්‍රශ්න දෙකකින් බැට කනව. එයින් පලමු වැන්න ආයුර්වේදයේ විස්තර කෙරෙන ‘දොජභංගය’. මේ දොජභංගයෙන් පෙලෙන එවුන් අනුරාගය විදින්න බයයි. ඒක සිද්ධ වෙන්නේ සුරතට එලඹෙන සැනින් මොවුන් සුරතාන්තයට පත් වීමයි. ඉතින් මොවුන් තමන් සුරතේ සැප නොවිදිනවා සේම අනෙකා සුරත විදිනවාට පරම සතුරුයි. මම හිතන්නේ දොජභංගයෙන් පීඩා විදින විශාලම පිරිස ඉන්නේ ලංකා පොලිසියේ.

    දෙවැන්න, නෂ්ඨකාමය. මේ නෂ්ඨකාමුකයන්ට තියෙන බරපතලම ප්‍රශ්නය ශරීරය අනුරාගයෙන් සංථර්පනය කිරීමට වුවමනාවන් ඇති නොවීම. ඒක මේ නෂ්ඨකාමුකයන්ගේ උපතින් එන දෝසයක් නෙවෙයි. ඔවුන් විවිධ රෝගාබාධයන්ට වැලදී තිබීම, එකාකාරි ජීවන රටාවන්ට හුරුවීම හා බලවත් උන්නතිකාමය නිසා ශාරිරික වුවමනාවන් නොතකා මුදල් ඉපයිමට හෝ වෙනත් අරමුණුවලට කැප වීම.

    මේ තමන්ගේ පැවැත්මේ ප්‍රශ්න නිසා තමනට අහිමි වූ අනුරාග සතුට වෙන කෙනෙක් ලබනවාට ඉහත කී මනුශ්‍යයන් විරුද්ධ වෙනව. එහෙත් ඔවුන් අනුරාග සතුට ලබන අනෙකා නතර කරන්න ක්‍රමයක් නෑ. ඔවුන්ට පාලනය කළ හැකි උදවියට විතරයි මේ අනුරාග තහනම පනවන්න පුළුවන්. මෙතනදී රෝගී දෙමාපියන්ගේ ගොදුරු වෙන්නේ ඔවුන්ගෙන් යැපෙන දරුවෝ. ඒ වගේම මොවුන්ගේ දානමාන ආදියෙන් යැපෙන භික්ෂුව. දොජභංගයෙන් පෙලෙන පොලිසියේ වින්දිතයො වෙන්නේ දිළිදු, තරුණ පෙම්වත්තු හා අනුරාගය මුදලට විකුණන ශ්‍රමිකයෝ.

    ඉහත රති රෝගවලට ආයුර්වේදයේ වගේම බටහිර වෛද්‍යවේදය තුලත් ප්‍රතිකාර තියෙනව. ප්‍රතිකාර ගන්න තමනට තියෙනේ අසනීපයක් බව දැන ගන්න එපායෑ…! ඒ නිසා හිනිදුම සරණතිස්ස ඇතුලු තරුණ භික්ෂුන්ට අපි කියන්නේ තමන්ගේ ශරීරය සංථර්පනය කිරීමට එකඑකාගෙ සරණ පතන්න එපා. ඒ වෙනුවෙන් කාගෙවත් සරණක් වුවමනා නැත. එය ශුද්ධ වූ මානව අයිතියකි. එය රිසි සේ භුක්ති විදින්න. මේ වෙනුවෙන් කතා කරන්න සිවුර අස්සේ කොන්දක් සඟවාගෙන සිටියාට විශාල ගෞරවයක් ඇති වෙනවා.


    නන්දන වීරරත්නගේ සටහනක්

  • අද කාලෙට ගැලපෙන ලස්සන ආදර කතාවක්

    අද කාලෙට ගැලපෙන ලස්සන ආදර කතාවක්

    පාසැල් දැරියක් විදිහට cosplay එකක් කරමින් අන්තර්ජාලය අසභ්‍ය වීඩියෝ මුදාහැරියා කියලා පෙම්වතුන් යුවළක් අත්අඩංගුවට අරගෙන. මේ කතාව හරිම ඉන්ටරෙස්ටින් එකක්. මෙතනදි පොලිසිය හැමදාම වගේ තමන්ගෙ අසභ්‍යත්වය ප්‍රදර්ශනය කරලා තියෙනවා. කිසිදු බලහත්කාරයක්, දූෂණයක් හෝ වංචාවක් සිදු නොකළ යුවළකගේ පෞද්ගලික ලිංගික ක්‍රියාවලියක් මැදට කඩාපැනලා තියෙනවා. ලංකාව වගේ ලිංගික ආතතියෙන් පෙලෙන සිංහල බෞද්දයන් බහුල රටක මේ වගේ තිරශ්චීන වැඩවලින් පොලිසියට ලකුණු දාගන්න පුළුවන්.

    රුවන්වැල්ලෙ තරුණියක් සහ පිළිමතලාවෙ තරුණයෙක් අතරයි මේ අසිරිමත් ආදර කතාව දිගහැරෙන්නෙ. මේ දෙන්නා නීතියෙන් විවාහ වූ අය. ඒ දෙන්නා දෙන්නාගේ කැමැත්තෙන් තමන්ගේ ලිංගික දර්ශන වීඩියෝ කරලා අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් කරනවා. ඒ හරහා මාසිකව රුපියල් ලක්ෂයක පමණ මුදලක් උපයාගෙන තියෙනවා.

    කොයිතරම් හොඳ රැකියාවක්ද? ආණ්ඩුවෙන් රස්සා ඉල්ලගෙන ගිහිල්ලත් නෑ. ආණ්ඩුවෙ සමෘද්ධිය හෝ වෙන සුබසාධන මත යැපිලත් නෑ. කිසි කෙනෙකුට පාඩුවක්, වංචාවක්, කොමිස් ගැහිල්ලක්, අපචාරයක් සිදු කරලත් නෑ. තමන්ගේ පාඩුවේ තමන්ගේ නිරුවත වීඩියෝ කරලා එය නරඹන්න කැමති, ඒ වෙනුවෙන් මුදල් ගෙවන්න කැමති අයගෙන් මුදල් උපයාගෙන ජීවත් වෙලා තියෙනවා. පොලිසිය නීතිය මුවාවෙන් කරන්නෙ මේ පුද්ගලයන්ගෙ ආර්ථික නිදහස කඩාකප්පල් කිරීමයි. එතනදි ඒ වීඩියෝ පළ කිරීමට කැමති අය වගේම ඒවා නැරඹීමට කැමති අයගේ අයිතියත් පොලිසිය විසින් උදුරාගන්නවා.

    මේ යුවලම උපාධිධාරීන්. ඒ කියන්නෙ ලංකාවෙ සම්මත අධ්‍යාපන මිනුම්දඩු වලට අනුව උගත් අය. තමන් කරන දේ පිළිබඳ දැනුවත් අය. එවැනි දෙන්නෙක් මෙවැනි වෘත්තියක් තෝරාගැනීමම කොයිතරම් වටිනවද? ලිංගික ප්‍රකාශනවල යෙදිය යුත්තේ මෙවැනි අය නෙමෙයිද? නූගත් නොදන්නා ගැමි අසරණ බව අපයෝජනය කිරීම වෙනුවට දැනුවත්ව වෘත්තියක් ලෙස තමන්ගේ ලිංගික ප්‍රකාශනය යොදාගැනීම මොන තරම් අගය කළ යුතු පෞර්ෂයක්ද?

    මේ අයට සබ්ස්ක්‍රයිබර්ස්ලා 5000ට ආසන්න ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. නැරඹුම්වාර මිලියන 09ට ආසන්නව තිබිලා තියෙනවා. මේ තොරතුරු කියන්නෙත් පොලිසිය. මේ කිසිම නැරඹීමක් නීතියෙන් හෝ වෙනයම් අනීතික ආකාරයකින් හෝ කරන ලද බලහත්කාරයක ප්‍රතිඵල නෙමෙයි. නරඹන්නන් විසින් සිය කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙස බුක්ති විඳපුවා. මේක ජාවාරමක් විදිහට ‍පොලිසිය හඳුන්වන්නෙ කුමන පදනමකින්ද? රජයට බදු ගෙවීමක් නොකරන හින්දද?

    කොහොම වුනත් ලංකාවෙ නීතියෙන් මෙවැනි දේවල් අසභ්‍ය හැටියට ඔප්පු කරන්න පුළුවන්කමක් නෑ. නමුත් කවුරුවත් නීතිය අභියෝග කරමින් දිගටම මෙවැනි නඩුවකදි සටන් කරන්නෙ නෑ. අනිත් පැත්තෙන් වරද පිලිගැනීමෙන් ‍විඳින්නට සිද්ද වෙන දඩුවම වුනත් ඉතා ලිහිල් එකක්. ඇත්තටම ලංකාවෙ නීතිය මෙවැනි දේවල් ලොකු වරදවල් හැටියෙන් පිලිගන්නෙ නෑ. මේ වෙද්දි මේ දෙන්නාත් ඇප ලබාගෙන නිදහස් වෙලා තියෙනවා.

    නමුත් සමලිංගික අයිතීන් වෙනුවෙන් වගේ තීරණාත්මක මැදිහත්වීම් සිවිල් සමාජය පැත්තෙන් සිදු නොවන නිසා පොලිසිය වරින්වර මේ සදාචාරය වෙනුවෙන් අපචාරය මුදාහැරීම සිද්ද කරනවා. ඒකෙන් කුහක බහුතරයක අසහනය සංතර්පනය කරනවා.

  • Luna’s Musings – 3

    Luna’s Musings – 3

    2021 කරපු සමීක්ෂණයක් කියන්නෙ,
    කසාද පිරිමි 23%ක් වෙනත් සබඳතා පවත්වනවා කියල. මේ කියන්නෙ ඒ පිරිමින් විසින් තමන් එවන් සබඳතා පවත්වනවා කියල පිළිගත් ප්‍රමාණය.
    කාන්තාවන් 15%ක් ඒ විදිහට තමන් අන් සබඳතා පවත්වනවා කියල පිළිඅරන් තියෙනවා.
    නමුත් විවිධ අවස්ථාවල කෙරුණු වෙනත් සමීක්ෂණවලින් කියන්නෙ විවාහයට බාහිර ලිංගික සබඳතා පවත්වන ප්‍රමාණය 46%ට වැඩියි කියල.
    මෙතනදි තව දෙයක් මතක තියාගන්න ඕන. මේ දත්තවලින් එන්නෙ එහෙම සම්බන්ධතා පවත්වනවා කියලා පිළිගත් ප්‍රමාණය. ඒක රහසක් විදිහට තියාගන්න අය මේ දත්තවල නෑ.
    ඒ වගේම එක එක අය තමන් cheat කරනවා කියන එක අර්ථකතනය කරන විදිහත් වෙනස්. සමහරුන්ට සෙක්ස් චැට් එකක් වුනත් cheating වෙද්දි තව කෙනෙකුට ඒක එහෙම නොවෙන්න පුළුවන්.
    කායිකව එක්වීම පමණක්ම කෙනෙක් cheating විදිහට තේරුම් ගන්නවා වෙන්න පුළුවන්.
    ඒ කොහොම වුනත් අපේ විවාහයෙන් හෝ ස්ථාවරයි කියන ප්‍රේම සම්බන්ධයෙන් බාහිර වෙනත් ආදරයක්, ඇල්මක් සොයා යාම අපිට ආපහු අපේ සම්බන්ධතා ඇතුලට හැරිලා බලන්න කවුළුවක් වෙන්න පුළුවන්.
    හැබැයි ඒක පදනම් වෙන්නෙ අපි අපිටම කොයිතරම් අවංක වෙනවද කියන එක උඩයි.

    මම ගොඩක් වෙලාවට දැකලා තියෙන දෙයක් තමයි,
    සම්බන්ධකමක කාලය යන්න යන්න,
    සමාජයෙන් හරිම සැලකිල්ලක්, ගෞරවයක් ඒ සම්බන්ධකම් වලට ලැබෙනවා. පරණ වෙන්න වෙන්න සම්බන්ධතාවලට ලැබෙන වටිනාකම වැඩියි.

    කෙනෙකුගෙ පළවෙනිම සම්බන්ධය කසාදයක් තැනටම ගෙනිහින් නම්,
    මේ කියන පිළිගැනීම තවත් වැඩියි. ගිය ආත්මෙ ඉඳන් හොයාගෙන ආවා වගේ දැනෙන්න පුළුවන්.
    ‘එක පාරින්ම හරිම දේ තෝරගෙන’ වගේ ගෞරවයක් සමාජයෙනුත් ලැබෙනවා.
    ‘වෙනස් වෙන්නෙ නැති මිනිස්සු’ කියලා තව කෙනෙක් ගරු කරනවා.

    නමුත්, වෙනස් වෙන්නෙ නැති මිනිස්සු ලෝකෙ ඉන්නවද?
    වෙනස් වෙන එක නරක දෙයක්ද?

    ගොඩක් වෙලාවට මට දැනිලා තියෙන දෙයක් තමයි, කාලයක් ගිය සම්බන්ධකම් කියන්නෙ,
    ‘සමාජය’ කියන ගෝනිබිල්ලට බයේ, මනංකල්පිත නීති රීති ටිකකට යට වෙලා,
    එකම විදිහට හදපු cookie cut ගෙවල් ටිකක් වගේ කියලා.
    කිසිම පෞර්ෂයයක් නැති සම්බන්ධකම්.
    එකිනෙකාගෙ ආවේණිකත්වය වෙනුවට,
    සමාජයෙන් පිළිගන්වපු මොඩ්ල් එකකට හිර වෙන එක සාර්ථකත්වය විදිහට දකින,
    කිසිම නිර්මාණශීලීත්වයක් නැති මිනිස්සු ඒ සම්බන්ධකම් ඇතුලට වෙලා ඉන්නවා.
    අපි මිනිස්සු විදිහට අපේ ඇත්ත පැවැත්ම කැප කරමින් කරන දේවල්ම සාර්ථකත්වය විදිහට දකින්නෙ ඇයි?

    සම්බන්ධකමක කාලය ගියාට, ඒ ගෙවුන කාලය ඇතුලෙ,
    තමන්ගෙ ඕනෑ එපාකම්, ආසාවන්, අනිත් කෙනාගෙ ආසාවන්, තේරුම් ගන්නෙ නැතුව,
    දෙන්නම ඒ හැම දෙයක්ම හිර කරගෙන,
    තමන් නොවෙන කෙනෙක් වෙලා ජීවිත ඔහේ ගෙවලා දාලා නම්,
    පසුතැවිලි ගොඩක් එක්ක, නිකන්ම කාලය පව්කාර විදිහට ගෙවිලා ගිහින් විතරයි.

    තමන්ට අවංක නොවී, තව කෙනෙක්ට අවංකව ආදරය කරනවා කියන්නෙම බොරුවක්.
    අපි දවසින් දවස පරිණත වෙනවා, අපේ ආසාවන්,
    අපිට ජීවිතේ ගැන තියෙන ආකල්ප වෙනස් වෙනවා,
    ඒ දේවල් ගැන විවෘත කතාබහක් තමන් ජීවිතේ බෙදාගන්න කෙනා එක්ක ඇති වෙන්නෙ නැහැ කියන්නෙ,
    හිතට එකඟ නොවී ජීවිතේම දුකක් විදිහට ගෙවන්න සිද්ධ වෙනවා. ඒක පිටතට අසිරිමත් විදිහට පෙනුනට ඇතුලත අපායක්.

    සම්බන්ධකම් රැකගන්න ඕනෙ තමයි,
    තමන් එක්ක ලෝකයක් නිර්මාණය කරපු ජීවිත තියෙනවා,
    ඒක නැති කරගන්න ඕනෙ කියනවා නෙමෙයි,
    නමුත් හිතන්න, තමන්තට තමන්ව මඟ ඇරෙන තැන,
    ජීවිතයකට සාර්ථකව පවතින්න පුලුවන්ද?

    සම්බන්ධකමක කාලෙ යන්න යන්න,
    ගොඩක් වෙලාවට මේ සම්බන්ධකම් ඇතුලෙ තියෙන්නෙ තමන් විසින්ම හදාගත්ත, ව්‍යාජ සැනසීමක්.
    පොඩි කාලෙ ඉඳන් දන්න කෙනා,
    අපි එකට ලොකු වුනා, අපි කසාද බැන්දා.

    අපේ ලෝකේ දැන් ළමයි, වගේ හේතු කාරණා.
    නමුත් අපි තේරුම් ගන්න ඕනෙ දේ තමයි,
    කාලෙත් එක්ක අපි කවුද කියන එක වෙනස් වෙනවා කියන එක.
    ඒ වෙනස් වීම් එක්ක ගලායන එක තමයි මිනිස් ජීවිතේ තේරුම.
    මිනිස් හිත වෙනස් වෙන්නෙ නැහැ කියලා හිතනවා කියන්නෙ,
    ගඟක් එක තැන නතර වෙයි කියලා හිතනවා වගේ බොළඳ අදහසක්. එහෙම නතර වුනොත් ඒක පල්වුනු වතුර වලක්.

    ලිංගික ආසාවන් කියන්නෙත්, මිනිස්සුන්ගෙ මූලිකම අවශ්‍යතාවයක්,
    කෑම බීම වගේම දෙයක්,
    නැති වුනොත් ලෙඩ වෙන දෙයක්.

    කාලයක් ගිය සම්බන්ධකම් ඇතුලෙ sex කියන්නෙ තව දුරටත් ආසාවන් සපුරා ගැනීමට වඩා,
    යුතුකමක්, වගකීමක්, පුරුද්දක්, චර්යාවක් විතරක් වෙනවා.
    ගොඩක් දෙනා මේ උද්‍යෝගය දිගටම පවත්වගෙන යන්න,
    නොයෙක් උත්සහයන් දරනවා.

    අලුත් අලුත් විදිවලට, විවිධ ෆැන්ටසි හදාගෙන, රෝල්ප්ලේ කරගෙන සරාගී බව අල්ලගන්න උත්සාහ කරනවා. එහෙම මහන්සි වෙන්න සිද්ද වෙනවා කියන්නෙම අනුරාගය මිස් වෙන්න පටන් අරගෙන කියන එක.
    sex වල උද්‍යෝගය රැඳී පවතින්නෙ නැවුම් බව, ඇඩ්වෙන්චරස් බව මත විතරයි. සෙක්ස් එහෙම බලෙන් අල්ලලා අවුලන්න පුළුවන් ආසාවක් නෙමෙයි.

    හිතන්න කෙනෙක් ආසම කෑම පොල්සම්බෝලයි බතුයි කියලා,
    හැමදාම රෑට ඒකම කෑවොත්,
    ටික කාලයක් ගියාම පොල්සම්බෝල එපා වෙන එක සාමාන්‍යයයි නේද.
    වෙන දෙයක් කන්න ඕනෙ කියලා හිතෙන එක?

    ලිංගික ආසාවන් කියන්නෙත් ඒ වගේම දෙයක්.
    කෙනාගෙන් කෙනාට, බැඳීමෙන් බැඳීමට, රස වෙනස් වෙන දෙයක්.
    එහෙම නෙමෙයි නම්, කසාද වල ඉන්න බහුතරයක් මිනිස්සුන්ට වෙන සම්බන්ධකම් තියෙන්නෙ ඇයි?

    අතිශයින් සාමාන්‍යය මේ ලිංගික ආසාවන් කියන්නෙ,
    සම්බන්ධකම් විනාස කරන දෙයක් නෙමෙයි.
    සම්බන්ධකම් නිසා නෙමෙයි අනෙකාව තේරුම් නොගැනීම නිසයි බැඳීමක් අසාර්ථක වෙන්නෙ.
    කසාදයක් හෝ සම්බන්ධකමක් සාර්ථකයි කියන්න පුලුවන් වෙන්නෙ,
    එකිනෙකාගෙ ලිංගික ආසාවන් සපුරන එකට වඩා එහාට ගිය අර්ථවත් ආත්මීය ගණුදෙනුවක් ඒ දෙන්නා අතර ගොඩනැගිලා තියෙනවා නම් විතරයි.
    එහෙම අය ලිංගිකත්වය සලකන්නෙ, තවත් එක ක්‍රියාකාරකමක් විදිහට විතරයි. ඒක මත නෙමෙයි ඒ අයගෙ බැඳීම පවතින්නෙ.

    මම ආදරය කරන්නෙ, අනිත් කෙනා ගැන මම හිතාගෙන ඉන්න මායාවට නම්,
    එහෙම ආදරේ කරන එක හරිම ලේසි දෙයක්.
    නමුත් මායාවක් කියන්නෙ, කොයි වෙලාවක හරි බිඳ වැටීමට නියමිත දෙයක්.
    තමන්ගෙ ඔලුවෙන් එළියට ඇවිත්, අනිත් කෙනාව ඒ ඉන්න විදිහට පිළිඅරගෙන ආදරේ කරන්න උත්සහ කරනවා කියන්නෙම,
    අභියෝගයක්.
    නමුත්, එතනදි මුණගැහෙන ආදරය කොන්දේසි විරහිත, ඒ දෙන්නාටම වෙන්වුනු ආදරයක්.

    හොඳ නරක සීමාවලින් එහා ඇති මිටියාවතේදී අපි මුනගැහෙමු… කියල රූමි කියන්නෙ එහෙම ආදරයක් ගැන.

    ආදරය ඉදිරියෙ ආත්මය නිරුවත් කරන එක,
    දුශ්කරයි නමුත් සුන්දරයි.
    ඒ ගමන් මඟ අපහසුතා, හිත් රිදීම්, බිඳ වැටීම්, බහුලයි.
    ගඟක් වුනත් ලස්සන, බාධා මැද්දෙ ගලනවා නම් විතරයි.
    එහෙම නැති වුනොත්,
    නිදහසක් ගැන නොදන්නා මිනිස්සු එකිනෙකාගේ පොලිස්කාරයන් විදිහට හිරකූඩුවක් නඩත්තු කරනවා විතරයි..


    LUNA

  • වේසි කිව්වම තරහ යන්නෙ ඇයි?

    වේසි කිව්වම තරහ යන්නෙ ඇයි?

    ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා ‘කවුද යකෝ වේසි?’ කියල.

    වේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා. හුත්තී, වේසි, බැල්ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ පකයා, කැරියා වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.

    එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.

    රමණය කිරීම හිකීම ලෙස කුණුහරුපයක් වුනා. වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ සංසර්ගය සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.

    වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ.ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.

    වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.

    වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.

    වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.

    ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.

    වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.

    කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.

  • IT පොතේ ළමයින්ගෙ සමූහ රමණයක් ගැන විස්තර

    IT පොතේ ළමයින්ගෙ සමූහ රමණයක් ගැන විස්තර

    ස්ටීවන් කිං එයාගෙ වැඩිම අලෙවියක් ඇති පොතක් වන IT ලියලා අවුරුදු 30ට පස්සෙ සමහර කියවන්නො පිරිසකට ඒකෙ එක සීන් එකක ලොකු අවුලක් දැනෙන්න පටන් අරං. ඒ අය කියන විදිහට ඒක ළමයින්ගෙ ගෲප් සෙක්ස් සීන් එකක්. ඒ හින්ද අන්තිම නරක තත්වයක්. ඔරිජිනල් පොතේ හැටියට ලූසර්ස් ක්ලබ් කියල හඳුන්වන පොඩි උන් ටිකක් ඒ අයගෙ භයානක හීන ඇත්තට සිද්ද වෙන එක පරාජය කරනවා. මේ භයානක හීන ඇත්තට මැනිෆෙස්ට් වෙන්නෙ බියජනක ක්ලවුන් කෙනෙක් විදිහට. හැබැයි මේ පිරිස මළාපවාහන උමං අතර අතරමං වෙනවා. මේ කට්ටියෙ ඉන්නෙ එකම එක කෙල්ලයි. එයා තමයි බෙවර්ලි මාර්ෂ්. එයා කියනවා මේ උමගෙන් එලියට යන්න තියෙන එකම විදිහ එයත් එක්ක සෙක්ස් කරන එක කියල. ඊට පස්සෙ අපිට කියවන්න ලැබෙනවා විස්තරාත්මකව බෙවර්ලි මේ එක එක කොල්ලාව සෙක්ස්වලට පොළඹවා ගන්න හැටි. තාක්ෂනිකව කිව්වොත් මේක පොඩි උන්ගෙ ගැන්ග් බැන්ග් එකක්.

    මේ සීන් එක හරි ආන්දෝලානාත්මක වුනා. පොත ෆිල්ම් එකක‍ට හදද්දි මේ හින්දම මේ සීන් එක නොතකා හැරියා. මේ ගැන ස්ටීවන් කිංගෙ අදහස ගූගල් කලොත් ඔයාට හම්බුවෙන්නෙ 2013 ස්ටීවන්කිං.කොම් ෆෝරම් එකක තියෙන ප්‍රකාශයක්.

    ‘මං මේකෙ සෙක්ෂුවල් පැත්ත ගැන හිතුවෙම නෑ. මේ පොත තියෙන්නෙ 1958 ළමා කාලය සහ වැඩිහිටි කාලය ගැන. වැඩිහිටියො වුනාට පස්සෙ ළමා කාලය මතක නෑ. අපි කාටවත් හරියට මතක නෑ ළමයි විදිහට අපි මොනවද කලේ කියල. අපි හිතනවා අපිට මතකයි කියල. ඒත් අපිට ඒ සිදුවීම් ඒ සිදුවුනු විදිහටම මතක නෑ. මෙතනදි ලූසර්ස්ලාට දැනීමක් තියෙනවා ඒ අය ආපහු එකතු විය යුතුයි කියල. මේ සෙක්ෂුවල් ඇක්ට් එක තමයි ළමා කාලය සහ වැඩිහිටි කාලය යා කරන්නෙ. ඒක හරියට ළමා පුස්තකාලය සහ වැඩිහිටි පුස්තකාලය යා කරන වීදුරු උමග වගේ. දැන් මේක මං ලියපු කාලෙට වඩා තත්වයන් වෙනස් වෙලා. දැන් මේ වගේ දේවල් ගැන වැඩියෙන් සංවේදී වෙන්න පටන් අරගෙන’.

    ස්ටීවන් කිංගෙ ඒජන්ට් කෙනෙකුගෙන් වල්චර් සගරාව මේ ගැන විමසීමක් කරනවා. ස්ටීවන් කිං කියනවා මේ ප්‍රකාශය තමන්ගේ එකක් කියලා කියන්න පුළුවන් වග. ඒ වගේම එයා ඒකට තව කොටසක් එකතු කරනවා.

    ‘මට හරි පුදුමයි මේ තනි සෙක්ස් සීන් එක ගැන මේ තරම් කතා වෙනවා ඒත් ඒකෙ තියෙන ළමා ඝාතන ගැන කතා කරන්නෙ කොයිතරම් අඩුවෙන්ද කියල. මං හිතන්නෙ ඒකෙන් යමක් කියවෙනවා. මට හරියටම කියන්න බෑ ඒ මොකක්ද කියල’


    ස්ටීවන් කිං

  • Brown Alice – Chapter 22

    Brown Alice – Chapter 22

    ආදරේ කියන්නෙ මහ පුදුම දෙයක් කියලා මට නිතර හිතෙනවා.
    මනුස්සයෙක්ට ජීවිත කාලෙ එකම එක වතාවක් හරි ඇට මිදුලු වලටම දැනෙන ආදරයක් තියෙන්න ඕනෙ.
    අපිට අපි කවුද කියලා හරියටම දැනෙන්න, ජීවිතේ කොච්චර නපුරුද වගේම ලස්සනද දැනෙන්න,
    හිත ආදරයක් නිසා විනාස වෙලා හැදෙන්නම ඕනෙ.

    මම ඔයාව මුලින්ම හම්බවෙන්න ආපු දවසෙ ආවෙ,
    අවුරුදු 6ක ආදර කතාවක අවසානයට පස්සෙ,
    Brown Alice විදිහට.
    ඒ අවසාන වුන ආදර කතාවෙ කතා නායකයා ගැන,
    තව ටිකක් දුරට කියන්න හිතුනා ඔයත් එක්ක අද..

    එයයි මමයි යාලු වුන විදිහ මම ගොඩක් කලින් දවසක ඔයත් එක්ක කියලා තියෙනවා,
    අපි හම්බවුනේ, ආශ්‍රය කලේ, ඇමෙරිකාවේ එන්න කලින් ලංකාවෙදි ගිය college එකකදි.
    අපි හොඳම යාලුවෝ වුනා,
    ඒ යාලුකම දුර දිග ගියා විතරයි ඇත්තටම.

    අපි ආශ්‍රය කරන්න පටන් ගන්නකොට, එයාට ඉස්කෝලේ කාලෙ ඉඳලා යාලු වෙලා හිටිය girlfriend කෙනෙක් හිටියා, මටත් boyfriend කෙනෙක් හිටියා,
    මට නම් තිබුනෙ එහෙම serious සම්බන්ධකමක් නෙමෙයි,
    ඒක break up වුනාට පස්සෙ, තව තව පොඩි පොඩි සම්බන්ධකම් මට තිබුනා.
    ඒ හැමදෙයක්ම මගෙ ජීවිතේ වෙනකොට, එයාට හිටියෙ ඒ girlfriendම විතරයි.
    එයයි, මමයි, හරිම ආදරණීය යාලුවෝ වුනා විතරයි.

    එයාගෙ රට යන්න ලෑස්ති වෙන වැඩ හැමදේමත් එක්ක, ජීවිතේ ටික ටික වෙනස් වෙනස් ගත්තා.
    ඉක්මනින් ඉක්මනින් වෙනස් වෙන ජීවිත එක්ක,
    පොඩි කාලෙ පටන් ගත්ත ආදර කතා වලට බර දැනුනා වැඩි වෙන්න ඇති.
    ඒ දෙන්නා break up වුනා.
    රට යන්න ඉන්න අස්සෙ, හිත කඩාගෙන බැරි වුනත්, එයාට වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ.
    මට තාම මතකයි, college එකට ඇතුල් වෙන තැන පඩිපෙල උඩ ඉඳගෙන එයා මගෙත් එක්ක අඬපු හැටි.
    මට හරිම දුක හිතුනා.
    ආදරේ නිසා අඬන කොල්ලෙක් දැක්කම, වෙන මොනා හිතෙන්නද?

    අඩන්න, බනින්න, හිතේ තියෙන දේවල් ඔහේ පිට කරන්න,
    මගෙ ජීවිතේ එයාට මම හරිම සැප පහසු තැනක් දීලා තිබුනා.
    හරිම නිදහසේ එයාගෙ හැඟීම් එතන එයා පිට කලා,
    අපි එන්න එන්නම ලං වුනා.

    අපිට නොදැනීම අපි ආදරේ කරන්න පටන් අරන් තිබුනා,
    කොහොම කවදා උනාද කියන්න මම දන්නෙ නැහැ,
    දවසක් අපි kiss කලා.
    ආත්ම ගානක ඉඳලා අපි kiss කරනවා කියලා දැනෙන තරමට ඒ තොල් හුරුපුරුදු වුනා.

    එයා රට යන්න හිටියෙ මට කලින්.
    තව ටික කාලෙකින් එයා මගෙන් ඈත් වෙනවා කියලා හිත දන්න නිසාද මන්දා,
    දවස් යන්න යන්න අපි තව තව බැඳුනා.
    මට එයාව නැතුව බැරි වුනා.
    එයාව kiss නොකර බැරි වුනා.
    මට හැමදාම එයාව දකිනකන් ඉවසිල්ලක් නැති වුනා.
    ඒ වෙනකන් මම date කරපු වෙන කිසි කෙනෙක් එයා තරමට තදින් මට දැනිලා තිබුනෙ නැහැ.
    මේ ගැන මගෙ යාලුවෝ සාක්ශි දරයි, මම ජීවත් වුනේ වෙනමම ලෝකෙක,
    මටවත් හිතාගන්න බැරි තරමට මම එයාට ආදරේ කලා.

    එයයි මමයි ගැලපුන තැන් ගොඩක් තිබුනා වගේම මම එයාගෙ ආකර්ශනය වුන හරිම සියුම්, ඉඳලා හිටලා මිනිස්සුන්ට පිහිටන ජාතියෙ ගතිගුණ එයාගෙ චරිතෙ තිබුනා.
    මගෙ ජීවිතේ කිසිම දෙයක් එයා judge කලේ නැහැ,
    මගෙ රහස් එයා ළඟ හරි පරිස්සමට තිබුනා.
    එයා එන්නෙ මම එන ජාතියේ පවුලකින් නෙමෙයි වුනත්,
    එයා මම එන වටපිටාව තේරුම් ගන්න හැමවෙලේම උත්සහ කලා.

    අපි ලංකාවෙ යාලු වෙලා හිටියෙ කාලෙ පොඩි කාලයක් වුනත්, ඒක හරිම සුන්දර කාලයක්.
    එයාගෙ තිබුනා හම්බෙන හැම දවසකම මොනාහරි මට දෙන පුරුද්දක්,
    මහ ලොකු තෑගි නෙමෙයි, එක්කො පොඩි key tag එකක්, chocolate එකක්, මොනාහරි පොඩි දෙයක්.
    සමහර දවසට දෙන්න දෙයක් නැත්තන්, bus ticket එකේ මොනාහරි ලියලා හරි දෙනවා.
    මගෙ ළඟ තාමත් memory box එකක් පිරෙන්න එයා දීපු අනං මනං පොඩි පොඩි මතක තියෙනවා.

    එයාට හොඳ fashion sense එකක් තියෙනවා.
    එයත් ලස්සනට අඳිනවා වගේම, මටත් වඩා මට ලස්සනට ඇඳුම් තෝරන්න එයාට පුලුවන්.
    මම ගවුම් අඳිනවට තමයි ආසම,
    ඒ නිසා අරන් දීලා තියෙන්නෙම ගවුම් විතරයි.

    එයා මාව ඒ දවස්වල හැම සයිවර් කඩේකටම කන්න එක්කක් ගිහින් ඇති.
    කොටුවෙ මුලින්ම කඩවල් ගානෙ මාව ඇවිදින්න එක්කන් ගියෙත් එයා.
    ලංකාවෙ ඉන්න කාලෙ අපි දෙන්නා ගිය dates අදටත් ජීවිතේ මම ගතකරපු ආසම දවස්.
    මම පළවෙනි පාරට කෝච්චියක ගියෙත් එයත් එක්ක.
    පළවෙනි පාරට කරපු ගොඩක් දේවල් මම කලෙ එයත් එක්ක.
    පළවෙනි පාරට sex කලෙත්!
    ඒ ගැන කියන්නම් වෙනමම දවසක..
    ඒ විතරක් නෙමෙයි,
    මගෙ මුලු ජීවිතේම වෙනස් කරපු weed වලට මාව මුණගස්සන්නෙත්, එයා.
    එයාගෙ අතින් මාව හැඩවුන වුන තරම් මෙච්චරයි කියලා කියන්න බැහැ.

    අපි ඒ දවස්වල ලංකාවෙ නිතරම වගේ ගිය තැනක් තිබුනා beach එක අයිනෙ, පැය ගානට කාමර දෙන.
    පැය 4කට රුපියල් 3000ක් වගේ ගානක් වුනේ එතකොට මට මතක හැටියට.
    පොඩි ඇඳක් තියෙනවා, A/C කරලා, tv එකක් තියෙනවා.
    එහෙම තනි වුන වෙලාවල් වල,
    එයා මාව kiss කරපු හැම පාරකම,
    මාව අතගාපු, අල්ලපු, හැම සැරයක් ගානෙම,
    මගෙ මුලු ආත්මයටම පණ එන්න ඇති,
    ඇඟේ හැම නහරකටම අලුතෙන් ජීවිතේ දැනෙන්න පටන්ගන්න ඇති,
    මට එයාව, ඒ ආදරේ, දැනුන හැටි ඊට වඩා කොහොම ඔයාට විස්තර කරන්නද කියලා තේරෙන්නෙ නැහැ.

    එයා හරිම sexy විදිහට හුස්ම ගන්නවා horny වුනාම.
    ඉවසන්නම බැරි වුනාම, ගොරවනවා, ගොදුරක් ලැබුන ගමන් සතෙක් වගේ.
    මම එයාගෙ අනිත් ආසම දේ තමයි, ඒ අත් දෙක,
    අත් දෙකේ නහර පේන එකට.
    dick එකේ වගේම.
    එයාගෙ හැඩරුවත් මාව පිස්සු වට්ටලා තිබුනෙ.
    ඒ රැවුල, ඇස් දෙක, හිනාව ඉඳලා හැමදෙයක්ම.

    එයා හරිම කලබලයි, මාව විඳින්න කලබලයි.
    අපිට මහ ලොකු වෙලාවක් නැති නිසා,
    පොඩි වෙලාවකින් උපරිම විඳින්න හදන නිසා වෙන්න ඇති,
    මාව කවුරුහරි අරන් යයි වගේ එයා කලබලයි.
    ඒ නොඉවසිලිමත් කමට මම පුදුම විදිහට ආස වුනා.
    ආස වුනා විතරක් නෙමෙයි, ඇබ්බැහි වුනා.
    මම එයාට ආදරේ කරපු තරමට, එයා ආදරේ කරන විදිහ කොයි විදිහ වුනත්,
    මම ඒකට අනිවාර්යයෙන්ම අවනත වෙනවා.
    මම හිතන්නෙ නැහැ එයත් එක්ක මට කිසිම සීමාවක් තියෙයි කියලා,
    එයා කැමති Bondage sex වුනත්, cuckold වුනත්, මොන විදිහක sex වුනත්,
    මම ඒකට කැමති වෙයි.
    එයා සතුටු වෙන හැටි බලලා මම උපරිම සතුටක් ලබයි, එයාගෙ සතුට මගෙ කරගෙන මම විඳියි.

    එයාට මාව ඕනෙ වෙන හැටි බලන එක තරම් මාව turn on කරන හැඟීමක් ඒ වෙද්දි මට දැනිලා තිබුනෙ නැහැ.
    රතු වෙනකන්, ඉවරයක් නැතුව මාව kiss කරනවා.
    බෙල්ලෙ ඉඳන් මුලු පපුවම, boobs උඩ හැමතැනම රතු වෙනකන් ඉඹිනවා.
    කන්න පුලුවන් වුනා නම් මාව කන තරමට එයා horny වෙනවා.
    පැය ගනන් මාව ලෙවකනවා.
    අදටත්, sex වලදි, මම ආසම ඇඟවල් එකට අඳුරගන්න ඒ කාලයට,
    Foreplay එකට.
    හරියට මැජික් එකක් වගේ.
    Sex කරන්න ඕනෙ, වෙන කරන්නම දෙයක් නැති තැන,
    දැන් නම් ඇතුලට එන්න එන්න කියලා ඇඟ බැගෑපත් වෙවී ඉල්ලනකොට විතරමයි!

    මේ කියන කාලෙ, Sex කලේ නැහැ අපි,
    එයාට ඕනෙ වුනා නම්, sex කරන්නත් තිබුනා.
    නමුත්, ඒකට මම ඉස්සර වුනේ නැති නිසා, එයා වුනෙත් නැහැ.
    මම virgin කෙනෙක් වුන නිසා වෙන්න ඇති, මුලින්ම sex කරන එක මගෙ තීරණයක් කියලා එයාට හිතෙන්න ඇති.
    හම්බුන හැම දවසකම, එයාගෙ dick එක මගෙ ඇඟ ඇතුලෙ උණුහුම වින්ඳෙ නැති වුනාට, ඒ ඇරෙන්න අනිත් හැමදේම අපි කලා,
    Best foreplay ever.
    එයා කලේම මගෙ මුලු ඇඟම අතගගා kiss කරපු එක.
    කකුල් තමයි වැඩිපුරම.
    අපි උපරිමේටම අපිව වින්දා.

    මෙහෙම අතීතය මතක් කරනකොට තේරෙන දෙයක් තමයි,
    කෙනෙක්ගෙ ඇඟක් එක්ක බැඳෙනකොට, තමන්ගෙ ඇඟ තව කෙනෙක්ගෙ පහසට, ස්පර්ශයට හුරු වෙනකොට ඒක ඇබ්බැහියක් වෙන හැටි.
    ඒකෙන් ගැලවෙන එක ඊට පස්සෙ ලේසි දෙයක් වෙන්නෙ නැති හැටි.

    අපිව විඳලා ඉවර වුනාට පස්සෙ, හවස් වෙනකන් අපි මුහුද අයිනෙ ඔහේ කතා කර කර ඇවිදිනවා.
    එයා කියන විස්තර අහන් ඉන්න මම ආසයි.
    අපේ dates කිසිම විදිහකින් මහ ලොකු වියදම් ගිය ඒවා නෙමෙයි.
    හරිම සරල වුනත්, හිත පතුලටම දැනුන සුන්දර දවස්.
    මම ආදරේ කියලා දැක්කෙම අපි අපිට කැමති වුන එක විතරයි,
    මම එයාගෙ පැවැත්මට ආස කලා, එයාගෙ ජීවිතේට ආස කලා, එයාගෙ දඟකාර කමට, කියාගන්න බැරි තරම් ආදරේ කලා.

    College එකේදි මට එක එක හේතු වලට රට යන්න ඉන්න අය මුණගැහුනා.
    ඒ අතරෙ, එයා යන්න හිටියෙ, එයාගෙ බාෂාවෙන් කියනවා නම්, ගේමක් ගහන්න.
    මට රට යන්න ඕනෙ වුනේ එහෙම කිසි දේකට නෙමෙයි,
    මානසික නිදහසක් ලබන්න,
    මගෙ පාඩුවෙ ජීවත් වෙන්න.
    ඒත් එයාගෙ ජීවිතේ ඒ තරම් සරල වුනේ නැහැ, එයාට තිබුනා කොහොමහරි ගොඩ ඇවිත් අම්මලට සලකන්න ඕනෙ, ඒගොල්ලොන්ට ගෙවල් දොරවල් හදලා දෙන්න ඕනෙ, යුතුකම් කරන්න ඕනෙ වගේ දේවල්.
    එයාගෙ අම්මාට එයා ඇරෙන්න වෙන ලෝකයක් තිබුනෙ නැහැ.

    අපි දෙන්නගෙ මේ හැම දෙයක්ම පරස්පර වුනාට,
    ආදරේ දැනුන විදිහ විතරක් එක විදිහ වුනා.
    මම ඒ නිසා හිතුවා වෙන කිසි දෙයක් අපිට වැඩක් වෙන්නෙ නැති වෙයි කියලා.
    පොඩි ගෑනු ළමයෙක්, ආදරේ ගැන හිතන විදිහ කොයිතරම් නම් සුන්දරද, නේද?

    කොහොමහරි, එයා රට යන්න ඉන්න දවසුත් ටික ටික ලං වුනා.
    Visa interview එක දවසෙ,
    එයා ඉවර වෙලා එනකන් මම embassy එකෙන් එළියට වෙලා බලාගෙන හිටියා.
    එළියට ආපු ගමන් එයා කලේ මාව බදාගත්ත එක.
    පුදුම සතුටකින් එයා හිටියෙ.
    කිසිම වචනයක් කිව්වෙ නැති වුනාට, එයාගෙ සතුට මාව බදාගත්ත විදිහෙන් මට දැනුනා.

    ‘මම දන්නවා ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ කියලා, Congratulations!’
    මම එයාව kiss කලා.

    අපි අත් අල්ලගෙන ඇවිදගෙන ගියා ගෝල්ෆේස් එක පැත්තට.
    ටිකක් වෙලා කතා කර කර ඉඳලා එන්න.
    මගෙ ළඟ තාම තියෙනවා මම එදා ගත්‍ත එයාගෙ ආසම photo එකක්.
    Interview ඇඳන් ගිය සුදු shirt එකයි, එයාගෙ nerdy කණ්නාඩි දෙකයි පිටින්,
    ඉස්සෝ වඩේ කන හැටි.

    වීසා ලැබුන වෙලාවෙ ඉඳලා කැඩිච්ච රෙකෝඩර් එකක් වගේ එයා මගෙන් ඇහුවෙ එකම දෙයයි.

    ‘කියන්න, එනවා නේද මම යන දිහාවටම?’

    ‘අම්මයි තාත්තායි යවන්න ඉන්නෙ නැන්දා ළඟට නෙ. කොහොමද මම කියන්නෙ එහෙ යන්නෙ නැතුව ඔයා යන තැනට යන්න ඕනෙ කියලා. යාලුයි කිව්වොත් යන්න දෙන්නෙම නැති වෙයි’

    ‘මම ඒවා දන්නෑ, මොනාහරි කියන්න. මට ඔයාව ඕනෙ’

    මට හිනත් යනවා එයා කියන විදිහට.
    ඒ හිතුවක්කාර කමට තමයි මම එයාගෙ ආසම.

    එයා අන්තිමේදී යන දවසත් ආවා.
    එදා තමයි මුලින්ම මම smart phone එකක් ගත්ත දවස.
    එයා ගියාට පස්සෙ, තනියෙන් දවස් ගෙවලා දාන එක මට එන්න එන්නම අමාරු වුනා.
    Phone එකෙන් විතරක් එයාව දකින එක ඉවසගන්න බැරි වුනා.
    එයාව miss වෙන එක දරාගන්නම බැරි වෙනකොට,
    එයා ගිය තැනට යනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තේරුනෙ නැහැ.

    ‘හිරු මල් දෑතේ සඟවා
    වලා රොදක නැගිලා
    සත් සමුදුරුම කළඹාලා
    ඔබ වෙතට එනවා…!’

    ම්ම්ම්..
    කලුවරත් වෙලා නේද?
    ඔයාට යන්නත් පරක්කු වෙනවා ඇති.
    පේනවානෙ එයා ගැන කතා කරන්න ගත්තම ඉවරයක් නැති හැටි.
    එදත් එහෙමයි, අදත් එහෙමයි.
    ඉතින් හිතෙන්නෙම මට,
    පුදුම නැද්ද ආදරේ?