Category: Features

  • අසභ්‍ය නීතිය කියන්නෙ නීතිය අසභ්‍යයි කියන එකද?

    අසභ්‍ය නීතිය කියන්නෙ නීතිය අසභ්‍යයි කියන එකද?

    සැප්තැම්බර් 27 වෙනිදා ඩේලි මිරර් පත්තරේ තියෙන විදිහට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියෙදි කාන්තාවකට සීඅයිඩිය විසින් නඩු පවරනවා. ඒ නඩු පවරන වරද වෙන්නෙ මේ කාන්තාව තමන්ගේ නිරුවත් වීඩියෝ අන්තර්ජාලය හරහා ගැනුම්කරුවෙකුට අලෙවි කිරීම. මිනිත්තුවකට රුපියල් 1000 බැගින් මේ ‍අලෙවි කිරීම සිදු කරලා තියෙනවා කියලා සීඅයිඩිය කියනවා. මේ කාන්තාව එක් දරු මවක්.

    උසාවිය ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඇය වෙනුවෙන් නීතිඥවරයෙක්වත් පෙනී සිටින්නෙ නෑ. ඇයට නඩු පැවරෙන්නෙ අසභ්‍ය ප්‍රකාශන පණත යටතෙ.

    මේ පණත අනුව අසභ්‍ය ප්‍රකාශන කරන කෙනෙකුට දඩය වෙන්නෙ රුපියල් 2500ක්. දෙවන වරට අහුවුනොත් දඩය රු 5000ක්. ඊට අතිරේකව මාස 06‍ට නොවැඩි සිරදඩුවමක් නියම වෙන්න පුළුවන්.

    මේ වරද යටතෙ විවිධ කාරණා දක්වලා තියෙනවා. අසභ්‍ය ප්‍රකාශන චිත්‍රපටි, කවි, චිත්‍ර, බලි කුරුටු ඕනම දෙයක් නිෂ්පාදනය, ඒවා ආනයන අපනයන කිරීම, ඒ ව්‍යාපාරවල කොටස්කරුවෙක් වීම, ඒවා ප්‍රචාරණය කියන වැරදි යටතේ කෙනෙක් අත්අඩංගුවට ගන්න පුළුවන්.

    නමුත් අසභ්‍ය යනු කුමක්ද කියන එක ගැන මේ පණතෙ කොතනකවත් අර්ථකතනයක් නෑ. ඒක එක එක අයට අනුව වෙනස් වෙන්න පුළුවන්.

    උදා විදිහට මේ කාන්තාව කාට හෝ ප්‍රදර්ශනය කරලා තියෙන්නෙ ඇගේ ශරීරය. ඇගේ නිරුවත් ශරීරය කාටද ප්‍රදර්ශනය කරන්නෙ කියන අයිතිය ඇය සතුයි. ඒ වගේම ඇය මෙතනදි ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් කරලා නෑ. අනෙකාගේ කැමැත්ත මත සිද්ද වෙන පුද්ගලික ගනුදෙනුවක් මේක. ඒත් සීඅයිඩියට අනුව එය අසභ්‍ය ප්‍රකාශනයක් වෙනවා. ඒ වෙනුවෙන් එක් දරු මවක් රක්ෂිත බන්ධනාගාරගත වෙනවා.

    මේ විදිහට තමන්ගේ නිරුවත් දර්ශන ඒවා ඉල්ලුම් කරන අයට අලෙවි කිරීමෙන් ජීවත් වීම කියන්නෙ ලිංගික ශ්‍රමිකයෙක් විදිහට කාන්තාවකට ආරක්ෂිතම ක්‍රමය. එහෙම නැත්නම් ඇයට සිද්ද වෙන්නෙ ගැනුම්කරුවෙක් එක්ක කාමරේකට යන්න. එය ලිංගිකව බෝවන රෝග පැත්තෙන් විතරක් නෙමෙයි ඇගේ ආරක්ෂාව පැත්තෙනුත් අවදානම්කාරී වෙන්න පුළුවන්.

    සීඅයිඩිය කියන විදිහට ඇගේ සැමියා දැනුවත්වයි මේ ව්‍යාපාරය කරගෙන ගිහින් තියෙන්නෙ. ඇගේ සැමියාට පවා ප්‍රශ්නයක් නැත්නම් ඒක පොලිසියට ප්‍රශ්නයක් වුනේ කොහොමද කියන එකයි පුරවැසියන් පෙරලා ඇසිය යුතු ප්‍රශ්නය?

    දෙන්නෙක් තමන්ගේ කැමැත්තෙන් කවර ලිංගික ක්‍රියාවක යෙදුනත් එය අසභ්‍ය ප්‍රකාශන පණත යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන් වරදක් වෙන්නෙ කොහොමද? එහෙම මිනිස්සුන්ගෙ පුද්ගලික ලිංගික ජීවිතයට අතපෙවීම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නෙමෙයිද? අවාසනාවට මේ වගේ කාරණාවලදි මුහුණට මුහුණ මේ සදාචාර පොලිසිය අභියෝග කරන ප්‍රගතිශීලී නිතිඥයො අපිට හරි අඩුයි.

    සමාජයක් විදිහට අපි උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් මේ ඔන්ලයින් ලිංගික ශ්‍රමික වෘත්තිය ප්‍රචලිත කරන එකයි. ඊට අවශ්‍ය තාක්ෂණ සහ අනෙක් පහසුකම් සලසා දෙන එකයි. මිනිස්සු නිරෝගී විදිහට තමන්ගේ ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීම සමාජයට වැඩදායී දෙයක්. ඒ ආතතිය දුරලීම වෙනුවෙන් මෙවන් කාන්තාවන්ගේ සේවය අගය කළ යුතු එකක්.

    ඒත් ඇය වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයෙක්වත් උසාවියෙ ඉඳලා නෑ.

    මේ අවාසනාවන්ත තත්වය වෙනස් කරන්න ලංකාවෙ ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී ඉන්න නීති බලඇණියක් නිර්මාණය කරන්න අපි උත්සාහ කළා. ඒත් ඒක තවමත් කරගන්න බැරි වුනා. ලිංගික ශ්‍රමිකයන් මේ රටට අවශ්‍යයි කියලා විශ්වාස කරන මිනිස්සු එකතු වෙලා මේ මිනිස්සු වෙනුවෙන් එවන් මැදිහත්වීමක් කරන්නම ඕන.

    එහෙම අයට තමයි රටක වැඩිහිටි පුරවැසියො කියන්නෙ.

  • ලැජ්ජයි පොලිසිය!

    ලැජ්ජයි පොලිසිය!

    හෝමාගම පොලිසිය විසින් තවත් වීරක්‍රියාවක් සිදු කර තිබේ. ඒ පුද්ගලික බිමක පෙම් කරමින් සිටි පෙම්වතුන් ජෝඩු 24ක් අත්අඩංගුවට ගැනීමෙනි. ශ්‍රී ලංකා පොලිසිය විසින් වරින් වර මේ බලහත්කාරය කිසිම ලැජ්ජාවකින් තොරව කරගෙන යමින් තිබේ.

    ප්‍රේම කිරීමට පොලිසියෙන් අවසර ගත යුතු යැයි ලංකාවෙ නීතියක් නැත. නමුත් දැන් පෙම් කරන්නේ නම් ඒ සඳහා දෙපාර්ශ්වයේ දෙමව්පියන්ගෙන් අවසර රැගත් අයදුම්පතක් පොලිසියට බාරදිය යුතු තත්වයට‍ රෝගය උත්සන්න වී ඇත.

    මේ සදාචාරය රකින අමන පොලිස් සම්ප්‍රදාය රාජපක්ෂවාදයේ මූලික සංස්කෘතික ලකුණකි. ඒ කාලෙ රාජපක්ෂලාගේ සදාචාරය වුනත් දැන් මේ රනිල් වික්‍රමසිංහගේ සදාචාරය වෙන්න පුළුවන.

    මිනිස්සුන්ගේ ලිංගික නිදහසට බාධා කරන මට්ටමට පොලිසිය විසින් තමන්ගේ නිලබලය කිසි ගානකට නැතුව අවභාවිතා කරමින් තිබේ. ජනතාව තමන්ගේ බදු මුදලින් පොලිසියට පඩි ගෙවන්නේ මෙවන් පහත් ක්‍රියාවන් කරගෙන යාමට දැයි අපි අපෙන්ම ප්‍රශ්න කළ යුතුය. අවුරුදු 16ට වැඩි දෙන්නෙකු නිදහසේ පෙම් කිරීම අත්අඩංගුවට පත්විය හැකි වරදක් යැයි පවසන නීතිය මොකක්දැයි පොලිසියෙන් විමසා දැනගත යුතුය.

    පොලිස් නිලධාරියා කියන්නේ මෙසේ පෙම් කිරීම නිසා සිදුවන අවදානම දරන්න වන්නේ තමන්ට බවයි. පොලිසියට එවන් පුරවැසියන්ගේ පුද්ගල සදාචාරය ආරක්ෂා කිරීමේ වගකීමක් පැවරී ඇත්දැයි පොලිස් ඇමති ටිරාන් අලස් පැහැදිලි කළ යුතුය. එහෙනම් මේ රටේ පොලිසිය සහ ආගම එකක් විය යුතුය.

    ඇත්තෙන්ම මේ තරුණ තරුණියන්ට ජීවිත අවදානමක් ගෙන දෙන්නේ මේ අමනෝඥ පොලිස් නිලධාරියාගේ ක්‍රියාවයි. මෙවන් ආතතීන් නිසා තරුණ තරුණියන් දිවිනසා ගන්නා අවස්ථාවන්ද ඕනෑ තරම්ය. එවැන්නක වගකීම නොදන්නා පොලිසිය සිප් එකක් ඇරගෙන සිටීමේ වගකීමක් ගැන කතා කරයි.

    මේ රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වන්නේ ලංකාවෙ අප්‍රකාශිත ලිංගික ප්‍රතිපත්තියයි. විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම වරදක් යැයි සම්මත සදාචාරයක් රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ ගැන අපි හොඳටම දන්නේ ලංකාවේ ලිංගික අධ්‍යාපනය පිණිස පැවරෙන ව්‍යාපෘති අපේ සෞඛ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාවට නගන පටු ආකාරය ඇස්පනාපිටම දැක ඇති බැවිනි. අවිවාහක අයට උපත් පාලනය පිළිබඳ දැනුවත් කිරීම පවා වරදක් යැයි පවසන, ලිංගික අධ්‍යාපන කටයුතු කරන ප්‍රධාන පෙලේ රජයේ වෛද්‍යවරු අපට මුනගැසී ඇත. ඉතින් මේ ලිංගික භීතිකාව පොලිසියේ පමණක් නොව සමස්ත රජයේ වගේම ඔය බොහෝ ප්‍රගතිශීලී යැයි කියන පක්ෂවල අයගේද රෝග තත්වයකි. ඇත්තෙන්ම එය සිංබෞ සංස්කෘතියේම අසහනකාරී දිගුවකි. සිංබෞවන් පවතින්නේ මේ ලිංගික ඇරියස් එක මතයි. රාජපක්ෂවාදය කියන්නේ මේ රෝගයෙහි රෝග ලක්ෂණයයි.

    මෙවන් සිදුවීමකදී කිසිම දේශපාලන පක්ෂයක් ඒ පෙම්වතුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නේ නැත. ලංකාවෙ එවන් වෙනසක් ඇති වුනේ 2015 පෙරලියෙන් විතරය. එදා පෙම්වතුන්ට නිදහස් චතුරශ්‍රයේ අත් අල්ලගෙන ඉන්න බෑ කියන ආරක්ෂකයන්ට විරුද්ධව රජයේ මැති ඇමතිවරු පවා එතනට රැස්වුනා. ඒත් එදා ඒ හිටපු අයත් අද මේ වගේ සිදුවීම්වලදි කතා නෑ.

    මේ පෙම්වතුන්ට බාධා කරමින් තමන්ගේ නිල ඇඳුමේ බලහත්කාරය මුදාහළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුමය. නැවත නැවත පොලිසිය විසින් ආඩම්බරයෙන් කරන මේ කාලකණ්ණි ක්‍රියාවට තිත තැබිය හැක්කේ එවන් ප්‍රායෝගික උදාහරණයක් වෙනුවෙන් බලකිරීමෙන් පමණකි. මෙය මානව අයිතිවාසිකම් කඩකිරීමකි. ඒ වෙනුවෙන් මේ නිලධාරීන් වගඋත්තරකරුවන් කළ යුතුය.

    මේ සිදුවීමේදී ඒ පෙම්වතුන්ට පෙම් කිරීම වෙනුවෙන් තමන්ගේ පුද්ගලික බිමෙහි අවසර ලබා දී තිබූ වැඩිහිටි ව්‍යාපාරිකයා විශේෂයෙන් අගය කළ යුතු මැදිහත්වීමක් කරයි. සිප් එකක් ඇරගෙන හිටියම වැරැද්දක් දැයි පොලිසියෙන් ප්‍රශ්න කරයි. ඒ ප්‍රශ්න කිරීම වරදක් යැයි කියමින් පොලිසිය ඒ පුද්ගලයාවද අත්අඩංගුවට ගනී. මේ කාගේ නීතියක් ද?

    ආදරයේ සහ ලිංගිකත්වයේ නිදහස වෙනුවෙන් එවන් පෙනී සිටීමක් සිදු කිරීමට හයියක් තිබූ ඒ ව්‍යාපාරිකයාට අපගේ ප්‍රණාමය. (අපිට ලංකාවෙ මේ වගේ අවස්ථාවල මෙතෙක් මුනගැහී තිබුනෙ මූන හංගගෙන දුවන බියගුල්ලන්ය)

    මේ සිදුවීම කිසිසේත් සරලව අමතක කර දැමිය නොහැකිය. ලව් කරන උන්ගෙ අයිතිය වෙනුවෙන්වත් පෙනී ඉන්න බැරි නං මොකටද ඉතිං.


    චින්තන ධර්මදාස

  • Brown Alice – Chapter 20

    Brown Alice – Chapter 20

    අද ඔයාව හම්බවෙන්න ආවෙ මං ගැනම විතරක් කියන්න.
    Sex වලදි මම ආසම මොනාටද,
    මම වැඩිපුරම turn on වෙන්නෙ මොනාටද කියලා ඔයත් එක්ක කවදාවත්ම කියලා නැති නිසා,
    ඒ ගැන මට කියන්න හිතුනා.

    සැබෑ ජීවිතේ නොලැබෙන දේවල් තමයි sex වලදි මම හැමවෙලාවකම crave කරන්නෙ කියලා මට හිතෙනවා.
    මගෙ goal එක හැම වෙලාවකම Reality එකෙන් පුලුවන් තරම් ඈතට යන එක.
    ඒක අපි හැමෝටම පොදු දෙයක් වෙන්න ඇති සමහරවිට, නේද?
    අපිට නොලැබෙන දේවල්ම හොයන එක?

    මම මං ගැන realize කරන් ඉන්න qualities, traits තියෙනවා.
    මම කෙනෙක්ට කැමති වුනොත්, ඒ කෙනත් මට කැමති වෙන possibility එක තමයි ජීවිතේ හැමතිස්සෙම මම අත්විඳලා තියෙන්නෙ.
    මේක looks සම්බන්ධ කාරණයක්ම නෙමෙයි,
    Looks matter වෙන්නෙ නැහැ කියනවා නෙමෙයි, මිනිස්සු ඒක matter කරගන්නවා, it’s the way of the world.
    නමුත්, looks වල power එක overcome කරන්න පුලුවන් personality එකට.
    තමන් තමන්ව carry කරන විදිහට.
    කොච්චර looks තිබුනත් වැඩක් නැහැ තමන් confident නැත්නම්.
    Confidence කියන්නෙ මගෙ ජීවිතේ නම්,
    coping mechanism එකක්.

    පොඩි කාලෙ විස්තර කියද්දි මම කිව්වා නෙ මම හැදුන වැඩුන වටපිටාව ගැන.
    ගෙදර ඇතුල toxic වුනාට, මම ආස කලා මගෙ වටේ හිටපු මිනිස්සුන්ට,
    ඒ හරහා මට ලැබුන exposure එකට.
    ඒ අය අතරෙ කිසි දවසක මම unseen, unheard, කියලා මට දැනිලා නැහැ.
    හැම වෙලාවකම අනිත් අය මාව desire කරනවා කියලා assurance එකක් මට නිතරම දැනුනා.
    මිනිස්සු මට කැමති වෙන එක,
    මාව ආශ්‍රය කරන්න ආස වෙන එක මට කාලෙත් එක්ක සාමාන්‍යය දෙයක් වුනා.
    I knew I was loved.
    ඒක තමයි ලොකු වෙනකන්ම මට තිබුන හයිය වුනේ.
    මම ගෙදරින් escape එකක් හොයන්න පාවිච්චි කලේ අනිත් මිනිස්සුන්ගෙන් මට ලැබුන ආදරේ, attention එක.
    මගෙ Safety net එක හැමවෙලේම තිබුනෙ මම හදාගත්ත අනිත් relationships ඇතුලෙ.
    ඒ හින්දා මගෙ personality එක ඒ විදිහට මිනිස්සු අතරෙමයි ගොඩනැගුනෙ.

    ලොකු වෙන්න වෙන්න, date කරන්න පටන්ගත්තමත්, ඒක ඒ විදිහටම සිද්ධ වුනා.
    මගෙ වටේ attraction එකක් හැමවෙලේම වගේ maintain වුනා,
    අඩුවක් නැතුව desired කියන එක හැමවෙලේම දැනුනා.
    කල් යන්න යන්න ඒකත් ජීවිතේ සාමාන්‍යය දෙයක් වුනා.
    මට කැමති නොවුන පිරිමියෙක් මේ තාක් මට ජීවිතේ මුණගැහිලා නැහැ.
    ඒ bubble එක තාමත් මගේ burst වෙලා නැහැ.
    මම ආස කෙනෙක් මට ආස වෙන එක හැමවෙලේම effortlessly සිද්ධ වෙලා තියෙනවා.

    මගෙ හොඳම යාලුවා ඉස්සර ඉඳලා මට විහිලු කරන දෙයක් තමයි,
    මාව හම්බවෙන කිසිම කොල්ලෙක් මට කැමති නොවී ඉන්නෙ නැහැ කියලා,
    මාව දැන අඳුරගෙන ආශ්‍රය කලොත්, කීයටවත් මට අකමැති වෙන්නෙ නැහැ කියලා.
    එතකොට මම එයාට එහෙම නොවුන තැන් ගැන මතක් කරලා දෙනවා,
    එතකොට එයා කියනවා, ඒ නම් ටික මට මතකෙන් කියන්න පුලුවන් කියන්නෙ,
    ඒ කොච්චර පොඩි ගානක්ද කියලා.
    මම ඉතින් හිනා වෙනවා.

    මේ හේතු හින්දා වෙන්න ඇති,
    මම ආස මාව වැඩිය ගනන් ගන්නෙ නැතුව,
    මට ලොකු importance එකක් දෙන්නෙ නැතුව,
    සාමාන්‍ය විදිහට මට සලකන අයට.
    ඒ කියන්නෙ, ignorant, rude කියන එක නෙමෙයි.
    නමුත්, මාව කෙල්ලෙක් විදිහට දකින්න කලින්, මනුස්සයෙක් විදිහට acknowledge කරන අයට මම හරිම ආසයි.
    Gender එකෙන් සම්බන්ධකම් මනින මිනිස්සු මට attractive නැහැ.

    දැන් හැරිලා බලනකොට තේරෙනවා,
    මම relationships වල ඉඳලා තියෙන්නෙම, අදටත් ඉන්නෙ,
    ආදරේ කරලා තියෙන්නෙ, අදටත් කරන්නෙ,
    ඒ grace එක තිබුන චරිත වලට විතරයි කියලා.

    Sex වලදි මම හොයන්නෙ මාව inferior කරන හැඟීමක්.
    මම කියන්නෙ, කාටවත් notice වෙන්නෙ නැති,
    යටහත් පහත් නොවුනොත්, sex ලබන්න පොඩ්ඩක්වත් capable නැති,
    බැගෑපත් නොවුනොත්, හැමෝම easily disregard කරන කෙනෙක් කියලා හිතන්න මම ආසයි.
    I’m a submissive lover,
    A giver.

    මතකයි නෙ ඔයාට මම කිව්වා අපේ ගෙවල් ළඟ electronics shop එකක් තිබුන මට වඩා වැඩිමල් අයියා කෙනෙක් ගැන?
    එදා එයා පළවෙනි පාරට මට එයාගෙ කාමරේට යමු කිව්වම,
    මම already convince වෙලා හිටියෙ.
    එයාගෙ charming personality එකෙන් මාව already submissive කරගෙන එයා හිටියෙ.
    ඇවිත් එයාගෙ ඔඩොක්කුවෙන් වාඩිවෙන්න කිව්වම, ඇඳේ හාන්සි වෙන්න කිව්වම,
    ඇඳුම් එයාට ඕන වෙලාවට එකින් එක ගලවනකොට,
    මම හිටියෙ එයාට මාව සම්පූර්ණයෙන්ම බාර දීලා.
    එයාට ඕනෙ දේ තමයි මටත් ඕනෙ වුනේ,
    That was what made me so horny.

    කාලෙ යන්න යන්න,
    මම හිටපු long term relationship එකෙත්,
    Sex කරපු, විඳපු ගොඩක් වෙලාවල් වල,
    මම crave කලේම,
    demean වෙන්න,
    Disregarded කියලා දැනෙන්න,
    පුලුවන් තරම් vulnerable වෙන්න,
    desperate කෙනෙක් වෙන්න,
    එළිය ලෝකෙදි මම නොවෙන, මට වෙන්න බැරි කෙනෙක් වෙන්න.
    Unnoticeable වෙන්න.
    ‘Do as you told’ කියන එක මට sex වලදි පුදුම විදිහට arousing.

    හැබැයි interestingම දේ තමයි,
    ඒ තැනට මාව පත් කරන්න හැම පිරිමියෙක්ටම බැරි එක.
    ‘පිරිමියෙක්’ කියලා කිව්වෙ,
    If it’s a girl, I don’t seek the same experience.
    I’ll tell you all about it on a different day.
    මට කැමති හැම පිරිමියෙක්ටම මට කැමති හිතෙන්නෙ නැහැ,
    ඒකෙන් මට තේරිලා තිබුනා මම හොයන්නෙ mainstream නොවන spark එකක් කියලා.

    මට sex වලදි boundaries නැහැ,
    මම කරන්න ආස නැහැ, බැහැ, කියලා දෙයක් මට ඇත්තටම නැහැ.
    As long as it gives me pleasure, I wanna do it all.
    සාමාන්‍යයෙන් නම් එදිනෙදා ජීවිතේ, මට හැමදේම පිළිවෙලට, පිරිසිදුවට ඕනෙ,
    I don’t like cluttered spaces, unswept floors, unmade beds, messy closets.
    But when in comes to sex, I want to be the dirtiest soul you could possibly imagine.
    I wanna be soaked in sweat and drowned in spit.

    මගෙ ආසාවන් මට හැමෝමත් එක්ක fulfill කරගන්න බැරි හේතු තියෙනවා.
    මොකද ඒ කෙනා,
    මම sex වලදි vulnerable වෙන තරම් දරාගන්න පුලුවන් strong masculinity එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ,
    එහෙම අය අඩුයි.
    ගොඩක් පිරිමි හිතන්නෙ, masculinity එක පෙන්නන්න පුලුවන් emotionally unavailable වෙන එකෙන් කියලා,
    එහෙම නැත්‍තන් තද ඉරකින් වගේ ගැහැණු, පිරිමි කියන එක පුලුවන් තරම් වෙන් කරලා සම්බන්ධකම් දිහා බලන්න ඕනෙ කියලා,
    That’s too immature.

    Sex වලදි මම ආස දේවල්, සැබෑ ජීවිතේත් එක්ක පටලගන්නෙ නැති කෙනෙක් කියන්නෙ,
    ‘Do as you told’ කියන එකට මම arouse වෙන්නෙ sex වලදි විතරයි කියන එක තේරෙන කෙනෙක්ට.
    බඩගින්නට sex හොයනවා වෙනුවට,
    Taste එකක්, preference එකක්, තියෙන කෙනෙක් විතරයි මට sexy.
    මට මේ තියෙනවා වගේම, එයාටත් requirements තියෙන්න ඕනෙ.
    මට කැමති ඇයි කියන එකට interesting උත්තරයක් නැත්තන් ඒ කෙනාට මට ආස හිතෙන්නෙ නැහැ.

    ඔයා දැන් මෙහෙම හිතන්න,
    මම ඔයා ඉස්සරහා කලු පාට lace bra එකක් එක්ක, සුදු පාට thong එකක් ඇදලා, කොණ්ඩෙ කඩලා, ඇදේ හාන්සි වෙලා ඉන්නවා කියලා.
    ඔයා ළඟ මම submissive වෙන්නෙ, ඇඳේ හාන්සි වෙන්නත් කලින්මයි.
    මම bra එකයි panty එකයි පිටින් ඉන්නත් කලින්මයි.
    ඒක වෙන්නෙ ඔයාගෙ personality එකට මම attract වෙනකොටමයි.
    එහෙම තමයි මම ඔයා කියන පරක්කුවට strip කරන්නෙ,
    ඔයා ලඟ දණ ගහගෙන ඔයාව සනසන්නෙ,
    ඔයා කියන ඕනම දෙයක් කරන්න ඉබේම කැමති වෙන්නෙ.

    මම මෙහෙම කියද්දි ඔයාට ඉන්න බැහැ නේද මාව kiss නොකර?
    අද යන්න කලින් kiss එකක් දෙන්නම්.
    ඊට කලින්,
    ඔයත් එක්ක මම කරන්න ආස දේවල් ගැන තව ටිකක් කියලා ඉන්නද?

    මම ආසයි,
    ඔයා මාව ඇඳේ එහෙට මෙහෙට දදා ඔයාට ඕන විදිහකට මාව පාවිච්චි කරනවා නම්.
    මගෙ කොණ්ඩෙන් අල්ලගෙන බෙල්ල kiss කරන ගමන්,
    අත් දෙක දෙපැත්තට කරලා තදට අල්ලගෙන,
    බෙල්ලෙ ඉඳන් මාව lick කරනවා නම්.
    ඒ වෙලාවට කිසි දෙයක් කරකියා ගන්න බැරුව ඔයා ළඟ අසරණ වෙන්න මම ආසයි.

    දණගහගෙන blowjob එකක් දෙනකොට ඔයා මගෙ ඔලුවෙන් අල්ලගෙන ඔයාට ඕන විදිහකට,
    ඕන පැත්තකට හරවලා මාව handle කරනවා නම් මම ආසයි.
    මට ඕනෙ ඔයා ළඟ weak වෙන්න.
    මම ඉන්නෙ ඔයාගෙ හැම ආසාවක්ම සංසිඳවලා ඔයාව සනසන්න විතරයි කියලා හිතන්නයි මට ඕනෙ.

    මට තියෙන එකම වටිනාකම ඔයාව සතුටු කරන එක කියලා ඔයාගෙ කටින් කියනවා අහන්න ආසයි.
    එහෙම කියන ගමන්, ඔයාගෙ දිවෙන් මාව තෙමලා දානවානම්,
    මාව පෙඟිලා යනකන් මාව lick කරනවා නම්.
    මගෙ ඇඟේ හැම තැනක්ම තියෙන්නෙ ඔයාට සතුට ගේන්න,
    ජීවිතේ මට වෙන purpose එකක් නැහැ කියලා හිතන්න මම ආසයි.

    මගෙ ඇඟ දිහා බලාගෙන ඔයා සතුටු වෙන හැටි,
    මාව අල්ල අල්ල විඳින හැටි බලන එක කියාගන්න බැරි තරම් arousing.
    මන්දා මට තව horny වෙන්න පුලුවන්ද කියලා.
    මේ wet වෙලා තියෙන තරමට මගෙ ඇඟම තෙමිලා ගිහින්!
    ඔයා කියන ඕනෙ දෙයක් මම දැන් කරන්න ලෑස්තියි.
    I wanna beg for you,
    For all of you.

    Mmm..
    තව මම ආස දේවල් ගොඩක් තියෙනවා,
    ඔයා එයාව නිදහසේ හම්බවෙන්න එන දවසක එයාම කියයි.

    එයා?

    ඔව්, එයා.
    එයා කියන්නෙ,
    Brown Alice.

    එයා කතා කරන්න දන්නෙ,
    නිරුවත් ආත්ම එක්ක විතරයි,
    එයා ආදරේ කියලා දන්නෙ,
    ඇඟවල් එකට බැඳෙනකොට දැනෙන හැඟීම් වලට විතරයි.
    එයා ඉන්න ලෝකෙ තියෙන්නෙ,
    නිමක් නැති desires විතරයි.
    නම්, ගම් නැහැ,
    ආදරේ විතරමයි.

    ඔය ඉතින්.
    ඔහොම බලන්න එපා මං දිහා…
    You are making me beg on my knees for you,
    Twice.

    Here’s a kiss on your lips,
    As promised,
    until we meet again.

  • යටි පතුල් පික්සෝ

    යටි පතුල් පික්සෝ

    මෑත හාමුදුරු කෙනෙක් තමන්ගේ පාද දෝවනය කරන්න ඕන හැටි විස්තරාත්මකව බණ‍ට කියන වීඩියෝවක් ජනප්‍රිය වුනා. පාද ස්පර්ශ කරන්න ඕන හැටි, සිපගන්න ඕන හැටි, පාද මත ගත කරන්න ඕන හැටි ආදී වශයෙන් උන්වහන්සේ පාද නමස්කාරය ගැන බුදුන් වදාල දහමක් වෙන්නැති ඒ දෙසන්නෙ. කොහොම වුනත් පාද නමස්කාරය නැත්නම් ෆුට් වර්ෂිප් කියන්නෙ රති සම්ප්‍රදායකුත් වෙනවා. බීඩීඑස්එම් හා බැඳුනු kink එකක් විදිහට එන මේ ෆුට් ෆෙටිෂ් ගැන උපාසිකාවන්ට බණ දේශනා කිරීමත් තවත් කින්ක් එකක් වෙන්න පුළුවන්. ෆෙටිෂ් එකක් කියලා කියන්නෙ අපේ ශරීරයේ ලිංගික ඉන්ද්‍රියයන්ගෙන් බැහැර වෙනත් වස්තූන් හෝ දේවල් වලින් ලිංගික උත්තේජනයක් ලබාගැනීමටයි. කින්ක් කියන්නෙ පිළිගත් ලිංගික සම්ප්‍රදායන්ගෙන් වෙනස් වූ ලිංගික චර්යාවන්ට.

    ෆුට් ෆෙටිෂ් කියන්නෙ කකුල්වලට ඇති ලිංගික අනුරාගය. ඒ කියන්නෙ කාගෙ හෝ කකුල්, පතුල්, ඇගිලි, වළලුකර ආදිය දැකීමෙන් ලිංගික ප්‍රාණවත්බවක් ලැබීම. මේ ආශාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. සමහර අයට කකුලක්, පතුලක් දැකීම ප්‍රමාණවත්. සමහර අයට පාට කළ පාද නියපොතු, පාදයේ පළඳනා ආදිය මේ උත්කර්ෂය දෙන්න පුළුවන්. තව සමහරු අර හාමුදුරුවො වගේ පාද සම්බාහනය කිරීමෙන්, දෝවනය කිරීමෙන්, පාද නැමදීමෙන් සුරතාන්තයට පත්වෙන්න පුළුවන්.

    ඔබේ දෙපා මත හිස රඳවන්නම්

    පළමු වතාවට හිමි සඳුනේ…

    ලංකාවෙ ගීතය තුලත් මේ ෆුට් ෆෙටිෂ් කතා කියවෙන තැන් බෝමයි.

    ෆුට් ෆෙටිෂ් කියන්නෙ ඉතා බහුලව පවතින අනුරාගයක්. ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන්ට බැඳුනු අනුරාගයන් අතර පාදානුරාගය ප්‍රමුඛ එකක් බවයි කියන්නෙ. මේ පාදවල ඇති ස්නායු අග්‍රයන් ස්පර්ශ කරද්දි කිතිය, දැනීම, උත්තේජනය ඕන කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. මේ තත්වය ලිංගික ප්‍රාණවත්වීමක් කරා යන එකයි ෆෙටිෂ් එකක වෙනස. හැබැයි ඒක කොහෙත්ම අස්වාභාවික එකක් නෙමෙයි.

    මේ ෆෙටිෂ් එකත් එක්ක සෙක්ස්වල හියුමිලියේෂන් නැත්නම් අපහාස විඳීම කියන කාරණය බැඳිලා තියෙන්න පුළුවන්. පාද සලකන්නෙ පහත් නැත්නම්, කිළිටි කොටසක් විදිහට. එවන් තැනක් ස්පර්ශ කිරීම, සිපගැනීම, නමස්කාරය කියන්නෙ අපි ඊටත් වඩා පහතට අපිව ඇද දමමින් dirty විදිහට රසවත් වීමක්. අනෙකා ඉදිරියේ ඒ තරමට යටත් වීමෙන් ලිංගිකව ආස්වාදය ලැබීමක්. ඒ බල ක්‍රීඩාව රති ක්‍රීඩාවක්.

    මේ ෆෙටිෂ් එකේ වර්ග තියෙනවා. සමහරු සපත්තු සහ මේස්වලට අනුරාගයෙන් බැ‍දෙනවා. සමහරු ‍නිරුවත් දෙපාවලට. තව සමහරු හයි හීල්ස්වලට. සමහරු යාන්තමින් ඇගිලි එලියට පනින සැන්ඩ්ල් වර්ගවලට. ස්ටොකින්ස්වලට ආසාවෙන් බැදෙන අයත් ඉන්නවා.

    ඔබේ පෙම්වතාගේ ‍හෝ පෙම්වතියගේ මේ ආසාව අඳුරාගන්න එකයි වැදගත්. එයා ඔයාගෙ කකුල් ගැන ගොඩක් කතා කරනවා, ඒ දිහා වැඩිපුර උනන්දුවෙන් බලන් ඉන්නවා නම් එයා එක්ක විවෘතව කතා කරන්න. ඒ ආශාව විනිශ්චය කරන්න යන්න එපා. යටිපතුල් අනුරාගය කියන්නෙ කිසිම වරදක් හෝ මානසික රෝගයක් නෙමෙයි. ඒක ආදරය රසවත් කරන තවත් අලුත් කවුළුවක් විදිහට දකින්න. ඒ ආශාවේ ඔයා සම්බන්ධ වෙන්න කැමති, ඔයාට අනුරාගී වෙන කොටස මොකක්ද කියල තේරුම් ගන්න. දෙන්නා අතර හොඳින් වටහා ගත් කින්ක් කලාපයක් නිර්මාණය කරගන්න.

    අවංකබව, අනෙකාගේ සීමාවන් තේරුම් ගැනීම, මනස සූදානම් වීමට අවශ්‍ය කාලය ලබාදීම, ටිකෙන් ටික සමහර විට ෆුට් මසාජ් එකක් වගේ තැනකින් හඳුන්වාදීම, අනෙක් කෙනාගේ පැහැදිලි කැමැත්ත ලබාගැනීම අලුතෙන් ෆුට් ෆෙටිෂ් ට්‍රයි කරන කෙනෙක් ඉවසිල්ලෙන් අභ්‍යාස කරන්න ඕන දේවල්.

    පාද නියපොතු සැකසීම හෙවත් පෙඩියුකියු හෝ පාද දෝවනය සමහරුන්ගේ රසවත් කලාපයක්. සමහර අය පාදවල සෙල්ෆි හුවමාරු කරගනිමින් මේ රතිය ආස්වාද කරනවා. ඔයාගෙ දෙපතුල්වල සෙල්ෆියක් දකින්න, ඒ බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙන්න ඔබේ පෙම්වතා කියාගන්න බැරි ආසාවකින් ඉන්නවා වෙන්න පුළුවන්. සපත්තුවලට ඇති ආදරයත් මේ ආශාවෙ තවත් සෞන්දර්යාත්මක ඉසව්වක්. සපත්තු එකතු කිරීම, ඒවා නමස්කාර කිරීම, ඒවා පළඳා ඉන් පැගීමෙන් තෘප්තිමත් වීම වගේ ආසාව තියෙනවා නම් කරන්න පුළුවන් ‍‍‍‍ගොඩක් දේවල් තියෙනවා.

    ඒ වගේම පාද ඇගිලි ලෙවකන්න සිපගන්න ඇති ආශාවත් තියෙනවා. ඒ වගේ පෙම්වතෙක් දිවෙන් ඇගිලි අතර කිතිකවන විට ඔයා කිසි දවසක අත්නොවිඳි තරම් අමන්දානන්දයට පත්වෙන්නත් ගොඩක් ඉඩ තියෙනවා. ඒ වගේම සමහරු කැමතියි ඒ පාද අතර තමන්ගේ ලිංගේන්ද්‍රිය ස්පර්ශ කරන්න. එයින් පිරිමදින්න. ඒ මත ශුක්‍ර මෝචනය කරන්න.

    එතකොට මේ ෆෙටිෂ් එක එන්නෙ ලස්සන, පිරිසිදු දෙපා ගැන විතරද? කොහෙත්ම නෑ. සමහරු කැමතියි එහෙම දෙපා වලට. දිගටි ඇගිලිවලට, බෝල ඇගිලිවලට ආදී වශයෙනුත් කැමැත්ත වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම පැළුණු, කැත වුණු, කිළිටි දෙපා ගැන අනුරාගයෙන් බැදෙන අයත් ඕන තරම්. සෙක්ස්වලදි කිසිම දෙයක් ඩිස්ක්‍රිමිනේෂන් නැත්නම් පහත්කොට සැලකීමක් සිද්ද වෙන්නෙ නෑ. පිරිසිදුකම වගේම අපිරිසිදුකමත් අනුරාගය වර්ධනය කරන්න පුළුවන්.

    අපි හැමෝම එකිනෙකාට වෙනස්. ඒ වෙනස්කම් බෙදාගෙන විනිශ්චය නොකර රස විඳින එකයි සෙක්ස්වල චමත්කාරය. මොනවා වුනත් අර හාමුදුරුවො ෆුට් ෆෙටිෂ්වල පළවෙනි පාඩමත්, පෙරහුරුවත් කරන එක අගය කරන්න ඕන.

  • ආශාව පුද්ගලිකයි. තෘප්තිය පොදුයි –  කල්ට් අතිරේකය

    ආශාව පුද්ගලිකයි. තෘප්තිය පොදුයි – කල්ට් අතිරේකය

    පුද්ගලික දේපොල ක්‍රමයට විරුද්ද වෙන කිසි කෙනෙක් මේ කාලෙ ඇති කියල මං හිතන්නෙ නෑ. පෙරටුගාමී පක්සෙ වගේ කණ්ඩායමක කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඒත් පුද්ගලික දේපොල ක්‍රමය කියන්නෙ මිනිසා විසින් නිර්මාණය කරගත්ත ඉතා සුවිශේෂ වගේම වැදගත් සංකල්පයක්.

    පොදු දේපොල කියන්නෙ ඇත්තටම නාස්තියක්. ඒක ප්‍රායෝගිකව ඕනම කෙනෙක් දන්නවා. ඒක හින්දයි රජය කියන පොදු අධිකාරියට වුනත් ව්‍යාපාර වලින් සහ අනෙක් ආර්ථිකමය දේවල් වලින් අයින් වෙලා නියාමන කාර්යයක් කරගෙන ඉන්න කියලා යෝජනා වෙන්නෙ. රජයේ පොදු කියන සංකල්පය විසින් රටක සම්පත් විනාශ කරනවා.

    මේක හොඳටම පැහැදිලි කරන්න පුළුවන් කංසා ගැන මට සමීප උදාහරණයකින්. සමහර වෙලාවට අපි යාලුවො ටිකක් එකතු වෙලා, සල්ලි දාලා පොදු පාවිච්චිය සඳහා කංසා ටිකක් ගන්නවා. මෙහෙම ගන්න පොදු කංසා ටික අපි පුදුම වේගයකින් ඉවර කරනවා. ඇත්තටම නාස්ති කරනවා. ඕනම තරමක් දවසකින් වගේ ඉවර කරනවා.

    හැබැයි අපි තනි තනියෙන් සල්ලි දාලා අපේ පුද්ගලික පාවිච්චිය වෙනුවෙන් කංසා ටිකක් ගන්න වෙලාවල් තියෙනවා. එතකොට අපි හරිම අරපරිස්සම්. කලින් වගේම යාලුවො එක්ක ඔතාගෙන බොනවා. ඒත් සීමිත විදිහට. ඒකෙන් හැමෝටම තේරුමක් ඇති විදිහට කංසා බොන්නත් අවස්ථාව ලැබෙනවා. අර පිස්සුවෙන් වගේ ගහගෙන ගහගෙන යාම නවතිනවා.

    කංසා පුද්ගලික දේපොලක් විදිහට අත්පත් කරගැනීම නිසා පොදුවේ පාවිච්චිය නවතින්නෙ නෑ. අපි හැම පුද්ගලික දෙයක්ම පාවිච්චි කරන්නෙ පොදුබවක් ඇතුලෙ. එහෙම නැත්තං මිනිස්සුන්ට සතුටු වෙන්න බෑ. පුද්ලිකව ධනය අත්පත් කරගන්න අය ලොකුවට පාර්ටි දානවා. නැත්තං පන්සල් හදනවා. නැත්තං තව තව බිස්නස්වලට වියදම් කරනවා. චිත්‍රපටි හදනවා. මේ කියන්නෙ පොදුබවක් වෙනුවෙන් ඒ මුදල් නැවත වියදම් වෙනවා. ඒකෙන් තමයි ඕනම කෙනෙක් තෘප්තිමත් වෙන්නෙ.

    මහින්ද රාජපක්ෂ පුද්ගලිකව මාර සල්ලි ගොඩක් හොරකම් කළා කියන එක ප්‍රසිද්ද කතාවක්නෙ. ඒත් ඒ සල්ලි ගොඩ හොරකම් කලේ ලංකාවෙ බහුතරයක් වෙනුවෙන් කියලයි මගේ තේරුම් ගැනීම. මහින්ද මහත්තයා කියන හැමෝම මහින්දගෙ කාලෙදි එක එක විදිහට අයථා ලාභ ඉපැයුවා. ගමේ පුංචිම තැන දක්වාම මුදල් ගලා යන දූෂිත ක්‍රමයක් මහින්ද නිර්මාණය කළා. ඒක නරක දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ හොරකමේ පොදුබවක් තියෙනවා.

    රජයක් කියන්නෙත් පොදු දෙයක් වශයෙන් තේරුම් ගැනීම වැරදියි. එතකොට රජය කියන්නෙම නාස්තියක් වෙනවා. රජයක් කියන්නෙ අපි අපේ පුද්ගලික බදු මුදල්වලින් නඩත්තු කරන, අපේ ආශාවන් හඹා යාම වෙනුවෙන් අවශ්‍ය තත්වයන් නිර්මාණය කරන්න මැදිහත්කරුවෙක් විදිහට ක්‍රියා කරන පාර්ශ්වයක්. එහෙම නොවන තැනදි අපි රජය ප්‍රශ්න කරනවා. ඒ කරන්නෙ අපේ පුද්ගලික උවමනාවන් අනුව. මාක්ස්වාදය හෝ ජාතිය හෝ ආගම හෝ ලිබරල්වාදය හෝ මේ කවර බැනර් එකක් යටතේ වුනත් අපි පෙනී ඉන්නෙ අපේ පුද්ගලික උවමනාව වෙනුවෙන්. ඒක එහෙම තේරුම් නොගැනීම භයානක ප්‍රතිඵල ඇති කරනවා.

    තව මෑතකදි දැකපු කාරණයක් තමයි අපි ලූප්හෝල්ස් නැත්තං විවරයන් කියන ඒවායේ වටිනාකම කොයිතරම් අවතක්සේරු කරනවද කියන එක. මේක මට මතක් වුනේ මෑතක ෂෙයාර් වුනු වීඩියෝවක් හින්ද. කාන්තාවක් කොතනක හෝ පොලිසිය විසින් පාර්ක් කළ නොහැකි යැයි සලකුණු කළ පෙදෙසක කාර් එකක් පාර්ක් කරලා. ඒකට දඩයක් ලියන්න ආපු පොලිස් නිලධාරියා ගැන එයා සැමියාට කෝල් එකක් අරගෙන කියනවා. ඒ කාන්තාව හැමදේකටම සැමියාට කතා කරන ස්වරූපයේ කාන්තාවක් බව පැහැදිලියි. ලයිසන් ඉන්ෂුවරන්ස් ගැන පවා අහන්නෙ මහත්තයාගෙන්. ඒක ඇය තමන්ගේ සැමියා එක්ක පවත්වාගෙන යන සම්බන්ධතාවෙ ස්වරූපය.

    මෙතන තියෙන අර්බුදය වෙන්නෙ සැමියාට පොලිස් නිලධාරීන්ගේ අංක ලබාදෙමින් ඔහුගේ යම් තත්වයක් උපයෝගි කරගෙන එතැනින් ගැලවීමට ඇය දරන උත්සාහයයි. ඒ කියන්නෙ අපේ රටේ පවතින විවරයක් ඇය සරලව පාවිච්චි කරනවා. ඒ තමයි දැනඇදුනුම්කම් හෝ තත්වය මතින් යම් වාසියක්, වරප්‍රසාදයක් ලබාගැනීම. මේක වරදක්ද? ඔව්. නීතිය අනුව වරදක්. ඒත් මේක නොකරන කෙනෙක් ඉන්නවද? ඍජුව හෝ වක්‍රව මේක අපි හැමෝම කරන ස්වභාවික වරදක් කියන එකයි මගේ තේරුම් ගැනීම. ඒක ලූප්හෝල් එකක්. හැබැයි හැම ලූප්හෝල් එකක් කියන්නෙම මානුෂික අවකාශයක්. ඒ කියන්නෙ යම් මනුස්ස ගනුදෙනුවක් ඇතුලෙ නිර්මාණය වෙලා තියෙන ඉඩක්.

    නීතිය කියන්නෙ මනුස්සකමෙන් තොර කලාපයක්. අපි නීති සහ තවත් සීමා පනවාගන්නෙ තාර්කික පදනමක් මතයි. ඒත් මිනිස් පැවැත්ම කියන්නෙ තාර්කික කලාපයක් නෙමෙයි. අපි අපේ අතාර්කික පැවැත්ම වෙනුවෙන් නීතිය වේවා, වෙන ඕනම ආකාරයකින් පනවා ගත් ආකෘතියක මිනිස් විවරයන් නිර්මාණය කරගන්නවා. මුදල් මගින්, ඇඳුනුම්කම්, තත්වය, බලය මේ ඕනම ආකාරයකින් අපි මේ විවරයන් යොදාගන්නවා. ඒවා වැරදිසහගත තමයි. ඒත් එහෙම විවරයන් නොතිබුනා නම් මීට වඩා ජනතාව පීඩාවට ලක්වෙන්න තිබුන. නීතිය හෝ එසේ පනවා ගත් සියලු ආකෘතීන් පරිණාමය වෙන්නෙ මේ විවරයන්හි පවතින අවශ්‍යතාවය තේරුම් ගැනීම හරහා මිස ඒ විවරයන් වසා දැමීමට උත්සාහ කිරීම මත නෙමෙයි.

    ඉතිං මේ කාන්තාව මෙසේ තමන්ගේ සැමියා හරහා යම් තත්වයක් පාවිච්චි කරමින් මේ දඩුවමෙන් ගැලවී යන්න දරන උත්සාහය මට මනුස්ස දෙයක්. එතනදි ඒක වීඩියෝ කරමින් පොලිස්කාරයා කරන්නෙ බරපතල වරදක්. වීඩියෝ කිරීම නෙමෙයි වරද වෙන්නෙ, එයා සමාජ මාධ්‍යවලට මුදාහැරීමයි. ඒක හරියටම යම් කෙනෙකුගේ ලිංගික වීඩියෝවක් ඉන්ටර්නෙට් එකේ දැමීම තරම්ම පාදඩ ක්‍රියාවක්. හැමෝම කරන ස්වභාවික වරදක් සාන්තුවරයෙක් වශයෙන් පෙනී සිටිමින් මෙසේ මුදාහරින පොලිස්කාරයා කරන්නෙ අර කාන්තාවගේ පුද්ගලික සීමාව වයලේට් කිරීමක්. ඒක පාර්කින් ටිකට් එකක් බේරගන්න සැමියාට කතා කිරීම වගේ නෙමෙයි බරපතල වරදක්. ඒත් අපි හැමෝම වර්චු සිග්නලින් නැත්තං ‘අපි හරිම යුක්තිගරුකයි’ පාර්ට් එකක් දාමින් අර කාන්තාවට ඇගිල්ල දික්කරනවා මිස කැමරාව පිටිපස්සෙ ඉන්න පොලිස්කාරයා දිහා බලන්නෙ නෑ.

    මට හිතෙන්නෙ අපි අපිට අවංක වීමයි වැදගත්. එතනදි අපිට අනුන්වත් තේරුම් ගන්න පුළුවන්, අපිවමත් තේරුම් ගන්න පුළුවන්. වැදගත්ම දේ ටොක්සික් නොවී ජීවත් වෙන්න පුළුවන්.

  • ආර්ට් සහ ආර්ටිස්ට් දෙකට පලමුද?

    ආර්ට් සහ ආර්ටිස්ට් දෙකට පලමුද?

    ලිව්වෙ – චින්තන ධර්මදාස
    ආර්ට් – මනූෂා ජයසිංහ

    ආර්ට් එකක් ආර්ටිස්ට්ගෙන් වෙන් කරලා ගන්න පුළුවන්ද කියන එක ලෝකෙ ලොකු සංවාදයක් යන මාතෘකාවක්. විශේෂයෙන්ම කැන්සල් කල්චර් එක විසින් අතීතයේ ළමා අපචාර කරපු අයගෙ, නැත්තං මිනිස් ඝාතනවලට වචනවලින් හෝ සහයෝගය දක්වපු අයගෙ, අතීත වහල් හිමියන් වුනු අයගෙ ආදී වශයෙන් විශාල ප්‍රමාණයක ආර්ටිස්ට්ලාගෙ ආර්ට් කැන්සල් කරන්න ගත්තා. මේ අතර හිටිය සමහරු මේ දේශපාලන නිවැරදිභාවය යැයි සළකන සම්මතයන්ට පිටින් වැඩ කරපු අය. කෙවින් ස්පේසි, ජේකේ රෝලින්ග්ස්, ලුවී සීකේ වගේ මං ඉතා කැමති ආර්ටිස්ට්ලා ගොඩකටත් මේ කැන්සල් කල්චර් එකෙන් වාරණ පැනවුනා. මාර්ටින් හයිඩගර් වගේ සුවිශේෂ දාර්ශනිකයන්ව කැන්සල් කරන්න කට්ටිය ඉදිරිපත් වුනා. ආර්ට් සහ ආර්ටිස්ට් වෙන් කළ නොහැක කියන එක කැන්සල් කල්චර් එක නිසා අලුත් විදිහෙ අර්ථයක් ගත්තා. ආර්ටිස්ට් වැරදි කළ නිසා ආර්ට් එක තහනම් විය යුතුයි කියන එකයි මේ woke කට්ටියගෙ අදහස වුනෙ.

    මේ කැන්සල් කල්චර් එක ගැන නම් මගේ කිසිම එකගතාවයක් නෑ. ඒක හුදු තමන්ගේ දේශපාලන අදහසට විරුද්ධව යන අයගෙ නිර්මාණ නිෂ්පාදන තහනම් කිරීමේ බොළඳ ප්‍රවණතාවයක් විදිහටයි මං දකින්නෙ. අපි එකඟ දේශපාලන අදහස පමණක් පැවතිය යුතුයි කියල හිතන එක තරම් ෆැසිස්ට්වාදයක් තවත් නෑ.

    නමුත් කෙනෙක් තමන් නොපිලිගන්නා ආර්ට් එකක් හෝ ප්‍රොඩක්ට් එකක් ප්‍රති‍ක්ෂේප කිරීම, එයට එරෙහිව ජනමතයක් ගොඩනැගීම වැරැද්දක් නෙමෙයි. ඒක වැදගත් අයිතියක් වගේම අවශ්‍ය ප්‍රතිචාරයක්. කෙනෙකුගේ පොතක, නිර්මාණයක, නිෂ්පාදනයක අළෙවිය බිඳවැටීම වගේ දෙයක් එතනදි වෙන්න පුළුවන්. නමුත් තමන් සතු දේශපාලන බලය හෝ සමාජ බලය පාවිච්චි කරලා යම් කෙනෙකුට තමන්ගේ නිර්මාණ එළිදැක්වීමට ප්ලැට්ෆෝම් අහිමි කිරීම බලහත්කාරයක්. ඒ අයගෙ පොත් මුද්‍රණය නොකරන මෙන් බලකිරීම හෝ ඒ අයව චිත්‍රපටවලට නොගන්නා මෙන් බලය පෑම ආදිය එකග වෙන්න පුළුවන් ආකාරයේ ප්‍රතිචාර දැක්වීම් නෙමෙයි. ඒවා නිසා අදහස් ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීමක් වෙනවා. අපගේ විරෝධය වගේම විරෝධය එල්ලවෙන කෙනාගේ ප්‍රකාශනයේ නිදහසත් එකවිට පවතින්න අවශ්‍යයි. බලය, බලහත්කාරය, අධිකාරිය පාවිච්චි කිරීම වෙනුවට යමකට ඇති ඉල්ලුම අඩුකිරීම ‍හේතුවෙන් නිර්මාණය හෝ නිෂ්පාදනය දුර්වල කිරීම ප්‍රජාතන්ත්‍රවාදී එළඹුමක් කියන්න පුළුවන්. එතනදි වෙළඳපොල තුල තමන්ගේ ප්‍රතික්ෂේප කිරීමේ අයිතියත්, අනෙකාගේ ප්‍රකාශනයේ අයිතියත් එකවිට තරගකාරීත්වය ඇතුලෙ ආරක්ෂා වෙනවා. බලය පාවිච්චි කරමින් කැන්සල් කිරීම හරියට මොනොපොලියක් වගේ තත්වයක්.

    ආර්ට් රස විඳිද්දි එක එක ආර්ට්වලට එක එක තත්වයන් පවතිනවා. අපි ජනකවියක් රස විඳින්නෙ එහි කර්තෘ ගැන දන්නෙවත් නැතුව. නමුත් කර්තෘ කෙනෙක් එහි තමන්ගේ මුද්‍රාව නොතැබීම දේශපාලන කාරණයක්. ඒ කියන්නෙ කර්තෘ විසින් එහි නිර්මාණ අයිතිය බැහැර කරලා තියෙනවා. ඒ නිර්මාණයට නිර්මාණකරුවා විසින් ලබා දුන් සවිඥාණක සහ අවිඥාණක ශ්‍රමයට බරක් නොතබා බැහැර කිරීමේ ප්‍රවේශයක් තමයි කර්තෘව නිර්මාණයෙන් ඉවත් කිරීම කියන්නෙ. මේක ගීතයකට, කවියකට කරන්න පුළුවන් වුනත් ස්ටෑන්ඩප් කොමඩියකට වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට ස්ටෑන්ඩප් කොමීඩියන්ව බැහැර කරමින් කොමඩිය රස විඳින්න පුළුවන්ද කියන කාරණය ගැටලුකාරීයි.

    සමහර ආර්ටිස්ට්ලා ඉන්නවා ඒ අය ‍මොන ආකාරයක දේශපාලනයක් කළත් ඒ අයගෙ ආර්ට් එක ඊට වඩා ලොකුවට පේනවා. දේශපාලන කොටස පුංචියි. ඒ වගේම සමහර ආර්ටිස්ට්ලාගෙ දේශපාලනය ආර්ට් එකට වඩා ලොකුවට එලියට පනිනවා. තව සමහරු ඉන්නවා දේශපාලනයත් ආර්ට් එකක්ම කරනවා. දැන් රංජන් වගේ කෙනෙක් ගත්තොත් එයා කොතන හිටියත් ඉන්නෙ වන්ෂොට්. ගොඩක් වෙලාවට ප්‍රේක්ෂක ප්‍රතිචාරය පදනම් වෙන්නෙ වඩාත් එලියට ප්‍රකාශමාන වෙලා තියෙන්නෙ කවුද කියන කාරණය මත. ආර්ට් එකද ආර්ටිස්ට්වද වැඩියෙන් මිනිස්සු දන්නෙ, මිනිස්සුන්ට වැඩියෙන් දැනුනෙ කියන කාරණය එතනදි මූලිකයි.

    ජාතිවාදය ආගම්වාදය වගේ කාරණා මුළුමනින්ම බැහැර කළත් මං නලින්ද සිල්වා ලියන දේවල් කියවනවා. නලින් ස්ටෑන්ඩප් ‍කොමඩියක් කළොත් බලන්න යනවා. නලින්ගේ මතවාදයට සිතීමට කොයිතරම් ප්‍රතිපක්ෂ වුනත් මං නලින් නිර්මාණකරුවෙක් විදිහට බාරගන්නවා. එතනදි මට වැදගත් වෙන්නෙ ඒ නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණය සමග ඇති අවංක සම්බන්ධයයි. ජාතිවාදියෙක් වුනත් තමන්ගේ නිර්මාණයට, තමන්ගේ සිතීමට අවංකව වැඩ කරගෙන යනවා නම්, තමන්ගේ අදහස් වෙනුවෙන් විවෘතව පෙනී ඉන්නවා නම්, ඒ සම්බන්ධයෙන් එන ප්‍රතිචාරවලට නොසැලී බාරගන්නවා නම් ඒ පුද්ගලයා ගැන මට තියෙනවා ගෞරවයක්. ඒ නිසා කර්තෘ කෙනෙක් තමන්ගේ බිරිදට පහර දෙන්නෙක්ද, ළමා අපචාරිකයෙක්ද, ඝාතකයෙක්ද යනාදී ප්‍රශ්න මට නිර්මාණ රස විඳීමට බලපාන්නෙ නෑ. සමහර විට ඒ වගේ ආන්දෝලනාත්මක, ප්‍රතිකේෂපයට ලක්වෙන කාරණා නිසා මම ඒ නිර්මාණවලට වඩාත් බැ‍දෙන්න පුළුවන්. උදා විදිහට ජපානයේ ජීවත්‍ වෙන ඉසෙයි සගාවා කියන මිනීමස් කන කොමික් ආර්ටිස්ට් මං ඉතා කැමති කෙනෙක් වෙනවා.

    ඒ කවුරු වුනත් තමන්ගේ අදහස, මතවාදය වෙනුවෙන් පෙනී ඉන්න හින්දයි. තමන්ගේ ආර්ට් එක වෙනයි, දේශපාලනය වෙනයි කියන ආර්ටිස්ට් කෙනෙකුගෙ නිර්මාණ රස විඳින්න මට පුළුවන්කමක් නෑ. එතනදි ඒ ආර්ටිස්ට් නැති කරගන්නෙ ඉන්ටග්‍රිටිය. ආර්ට් එක සහ ජීවිතය අතර සම්බන්ධය. මං රස විඳින්නෙ මනුස්ස ජීවිතයක් මිස හුදු ප්‍රකාශනයක් නෙමෙයි.

    AI ආර්ට්වලින් කවදා හරි ඇතිවේ යැයි උපකල්පනය කරමින් බයවෙන ආර්ටිස්ට් අතුරුදන් වීම කියන කාරණය ගැන මට සාංකාවක් නැත්තෙ මේ හින්දයි. මං රස විඳින්නෙ ආර්ටිස්ට්ගෙ මානුෂික පැවැත්මයි. ඒක AI එකකට ගේන්න බැරි දෙයක්. ආර්ටිස්ට් කෙනෙක් තමන්ගෙ ඇතුලෙ අවංකව පවත්වාගෙන යන කැරැල්ලයි මට ආර්ට් එකක් වෙන්නෙ. ආර්ට් කියන්නෙ රැස්වෙන පිරිස, එකතු වෙන මුදල, ලැබෙන ප්‍රසිද්ධිය ආදී වශයෙන් හිතන කෙනෙකුගේ ආර්ට් මට තේරුමක් නෑ.

    ඒ කියන්නෙ අපිට අහම්බෙන් මුනගැහෙන සිංදුවක්, ඒ ආර්ටිස්ට් ගැන කිසි දෙයක් නොදැන රස විඳින්න බැරිද? අපි ජීවිතේ එහෙම දේවල් කොයිතරම් රස විඳලා තියෙනවද? අපිට එහෙම හුදකලා කරලා ආර්ට් එකක් විඳින්න පුළුවන්. එතනදි අපි ආර්ට් එක වෙනුවට රස විඳින්නෙ අපිව. ඒ ආර්ට් එක අපේ කරගෙන. ඒක හරියට ස්වයං වින්දනයක් වගේ. නියම ආර්ට් එකක් රස විඳීම හරියට සංසර්ගයක් වගේ වෙන්න ඕන. අපි තවත් කෙනෙකුගේ මනස් කලාපයක සංචාරය කරනවා වගේ වැඩක්.

    ආර්ටිස්ට්ගේ සිතීම, එයාගෙ ජීවිතය, ඒ ජීවිතය දරන දේශපාලනය ‍ආදී කාරණාවලින් අපි ආර්ටිස්ට්ගෙ ආත්මයට සමීප වෙනවා. ඒ ආර්ටිස්ට් එක්ක රමණය කරනවා. එතන ආදරය උපදිනවා. අපි නිකං කඩෙන් ගන්න බඩුවක් වගේ නැතුව අපේ පෙම්වතියක් විසින් නිර්මාණය කර දුන් යමක් වගේ ඒ දේ විඳිනවා. මං හිතන්නෙ ආර්ට් එකක පූර්ණ තෘප්තිය ලැබෙන්නෙ එතකොට කියල. ඒත් ස්වයං වින්දනය කියන්නෙ කොහෙත්ම නරක දෙයක් නෙමෙයි.

    අරක්කු බෝතලයක් ගන්න. අරක්කු මොන බෝතලේක තිබිලා කවුරු බිව්වත් මත්වෙනවා. ඒත් අරක්කු ඊට අදාල බෝතලයක, ඒ අරක්කු පෙරන ලද වට්ටෝරුව සහ එහි ඉතිහාසය එක්ක බොද්දි අපි මත්වීමට වඩා දෙයක් එතන විඳිනවා. මං හිතන්නෙ අපි මත්වීමට ආර්ට් එකක් ගේනවා. ඒකට අපි වැලියු නැත්තං වටිනාකම කියලා කියනවා.

    නිකමට හිතන්න. අපි ඉස්සරහ ගී කියන ගායකයා මේ රටේ සුළු ජාතීන්ට, වෙනත් ලිංගික අනන්‍යතා ඇති අයට පීඩා කරන, අශිෂ්ටයෙක් කියලා අපි දන්නවා. ඉදිරිපත් කිරීමකින් පස්සෙ අපිට හදවතට එකගව ඒ ගායකයාට අත්පොලොසන් දෙන්න බැර වෙන්න පුළුවන්. අපි ටිකට් එකක් අරගෙන ඒ අශිෂ්ටත්වය නඩත්තු කරනවා, නැත්තං අනුමත කරනවා කියලා ගිල්ටියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් යම් ප්‍රසංගයකට යාම ප්‍රති‍ක්ෂේප කිරීම අතිශය සාධාරනයි.

    ඒ වගේම ඒ අශිෂ්ටත්වය ශිෂ්ට විදිහට දකින කෙනෙකුට එහෙම ප්‍රසංගයක් රස විඳින්න, ඒ වෙනුවෙන් ප්‍රීතිගෝෂා නගන්නත් පුළුවන්. ඒකත් සාධාරණයි.

    එතනදි ආර්ට් සහ ආර්ටිස්ට් වෙන් කරලා ගන්න වගේ කතා කියන එක නං අසාධාරණයි.

  • Wild Woman

    Wild Woman

    ගැහැණියක් වෙන එක කොච්චර සුන්දර දෙයක්ද කියලා මම නිතර හිතනවා.
    හිතනවා කියන්නෙ, ඒ ගැහැණුකම එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා.
    ලේසියෙන් ඇහෙන්නෙ නැති අමුතු කතාවක් තමයි,
    නමුත් මේ මට දැනෙන හැටි.

    ගැහැණියක් වෙන එක ලේසි නැහැ, ඒක ඇත්ත.
    ගෙවන හැම දවසක්ම challenging,
    විශේෂයෙන්ම අපේ වගේ රටවල් වල.
    ගැහැණියක් නම්, ඕනම දෙයක් fight කරලා ගන්න ඕනෙ ගතියක් ඉතිහාසයෙ ඉඳලම තියෙනවා,
    චන්ද අයිතිය, වාහනයක් drive කරන්න තියෙන අයිතිය,
    තමන්ගෙ ඇඟ විඳින්න තියෙන අයිතිය, sex කරන්න තියෙන අයිතිය පවා.
    ඒ ලේසි නැතිකමම තමයි මම හිතන්නෙ,
    ඒකෙන් අත්පත් කරගන්න පුලුවන් power එකත්.
    උඩුගම් බලා පීනනවා වගේ වැඩක් නිසාම,
    ඒ femininity එක හරිම ආකර්ශනීයයි.

    සමහර හාමුදුරුවරු, පූජකවරු, ගුරුවරු, ගැහැණියක් වෙලා ඉපදෙන එක පවක් කියලා කිව්වට, නොයෙක් අපහාස, අවලාද නැගුවට,
    කප්පාදු නොකළ ගැහැණුකම එක්ක ජීවත් වෙන ගැහැණියක්ට ඒ හැම දෙයක්ම නිකන් හිස් වචන විතරයි.
    එහෙම ගැහැණියක් හැමතිස්සෙම තමන් ගැහැණියක් කියන එකෙන්ම අප්‍රමාණ සතුටක් ලබනවා,
    තමන් ඇතුලෙ ඉන්න ගැහැණියව විඳිනවා.
    ඒ නිසා පිටින් එන කිසිදේකට එහෙම ගැහැණුන්ව වට්ටන්න බැහැ.

    ගැහැණුකමේ බලය දන්නා ගැහැණියක් ලබන වටිනාම අවබෝධයක් කියලා මම හිතන්නෙ,

    තමන් සතු සුන්දරත්වයේ සුවිශේෂී බවත් බලයක් කියන එක.

    තමන්ගෙ ඇගේ ස්වරූපයයි, සෙක්සුයි අතරේ කිසිම සම්බන්ධකමක් නැහැ කියන එක.
    Boobs කොච්චර ලොකුද, vagina එක කොච්චර tightද, වගේ දේවල් කතාවට කියන දේවල් විතරයි.
    Sex කියන්නෙ, හැඟීම් එක්ක යන ගමනක්, ආදරේ express කරන වෙලාවක්, යටපත් වෙලා තියෙන ආසාවන් සපුරගන්න වෙලාවක්.
    ශරීර‍යේ කොටස් කියන්නෙ ඒ ගමන යන්න උදව් කරන දේවල් ටිකක් විතරයි.
    මේක ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පොදුයි. මේ human experience එක තේරුම් අරන් ජීවත් වෙනකොට,
    ගැහැණියක් වුන එකේ සුන්දරත්වය ඇරෙන්න වෙන දෙයක් දැනෙන්න ඉඩක් නැහැ.
    ශක්තිමත් ගැහැණු රැඳෙන්නෙ, තමන්ව දරාගන්න පුළුවන් ශක්තිමත් පිරිමි ළඟ විතරයි.

    මිනිස්සු හිතුවට ලෝකෙ තියෙනවා කියලා beauty standards නැත්තං සුන්දරත්වය ගැන නිර්ණායක කියලා දෙයක්, ඇත්තටම එහෙම දෙයක් පවතින්නෙ නැහැ.
    අපි දේවල් බාරගන්න විදිහටයි, අපිට ඒ දේවල් බලපාන්නෙ.
    Models ලා sexy තමයි, ඒත් මිනිස්සු ආස කරන්නෙ සාමාන්‍ය ශරීරවලට.
    ‘Homebody’ කියන්නෙම සුවි‍ශේෂී බවට.
    මිනිස්සු විදිහට අපේ ආසාවන් තියෙන්නෙ එක එක දේවල් වලට.
    සමහරු ආසයි ඇඟවල් chunky වෙන තරමට, සමහරු ආසයි කකුල් වලට, තව සමහරු ආසයි love handles වලට, armpits, feet,
    ආසාවල් වල ඉවරයක් නෑ.
    මේ හැම ආසාවක්ම තියෙන්නෙ perfect ලස්සනකට නෙමෙයි.
    Natural boobs දෙකක් ගත්තොත්, ඒවා එක එක විදිහයි.
    එක සමාන නැහැ, එක පාට නැහැ,
    එක size එක නෙමෙයි,
    පිහිටලා තියෙන හැටි පවා වෙනස්,
    ඒ unique බව තමයි මිනිස්සු ආශා කරන්නෙ.
    අපි එදිනෙදා ජීවිත වල දකින්නෙ perfect ඇඟවල් නෙමෙයි,
    අපි දකින්නෙ සාමාන්‍යය ඇඟවල්, සාමාන්‍යය ලස්සන,
    අපෙ එදිනෙදා ජීවිත වල models ලා නැහැ.
    අපේ ආසාවන් වැඩෙන්නෙත්, අපි එදිනෙදා දකින දේවල් එක්ක,
    එතනින් එහාට අනිත් හැම දෙයක්ම අපිට තියෙන fantasies විතරයි.
    Model කෙනෙක් එක්ක sex කරන එක බහුතරයක් පිරිමින්ට ජීවිත කාලෙම fantasy එකක් විතරයි.

    ගැහැණියක් වීමෙ සුන්දරත්වය තියෙන්නෙ,
    තමන්ගෙ ස්වභාවික ගැහැණුකම වැළඳගන්නා විදිහෙයි.
    ඇඟට දැනෙන හැඟීම් හිත විඳිනකොට, වැජයිනා එක නෑවිලා express කරන්නෙ ඒ සතුට.
    ඒ සතුටෙන් තමනුත් නෑවිලා, අනිත් අයවත් නාවන්න පුලුවන් තරමට.
    ඒකට කියන්නෙ බලයක් කියලා නෙමෙයිද?
    වැජයිනා එක කියන්නෙ, කොයිතරම් සතුටක් ලබා දෙන දෙයක් ද කියන ආඩම්බරය ගැහැණියක් විදිහට තියෙන්නම ඕනෙ දෙයක් නෙමෙයිද?

    මාස්ටර්බේට් කරන වෙලාවට වගේම, පිරිමියෙක් එක්ක sex කරනකොටත් උපරිම නිදහස් ගැහැණියක් හිතින් මවාගන්න.
    කොණ්ඩෙ උරහිසින් බිමට වැටෙන හැටි,
    අත් කකුල් ඉණ, මුලු ඇඟම නැලවෙන හැටි,
    boobs පැද්දෙන හැටි,
    පස්ස හෙලවෙන හැටි,
    තමන්ගෙන්ම arouse වෙන්න පුලුවන් තරම් වයිල්ඩ් ගැහැණියක් මවාගන්න.
    දැන් හිතන්න ඒ ගැහැණිය තමන් කියලා.

    Sex කරන වෙලාවට, ඇඟේ හැම තැනකටම pleasure එක දැනෙනවා,
    ඇඟිලි තුඩු වලට පවා.
    තමන්ව kiss කරනකොට, අතගානකොට, ඒ දැනෙන හැඟීම් මඟඅරින්නෙ නැතුව විඳිනකොට,
    තමන් ඇතුලෙ ඉන්න ගැහැණිය ඉබේම නිදහස් වෙනවා.
    තමන්ව විඳින්නෙ නැතුව, කොහොමද තව කෙනෙක්ව විඳින්නෙ?
    මුලින්ම තමන්ගෙ ලෝකෙ විවර කරන් ඉන්න ඕනෙ.
    ගැහැණියකගෙ ලෝකෙ කොච්චර සුන්දරද කියලා පෙන්නන්න පුලුවන් වෙන්නෙ එතකොටයි.

    ගොඩක් පිරිමි, ශක්තිමත් ගැහැණු ළඟ intimidate වෙනවා. හීනමානයකින් පෙලෙනවා.
    දුර්වල ගැහැණු ළඟ වෙන්නෙ,
    දුර්වල පිරිමිකමක් පවතින පිරිමින්ගෙ ඒ masculinity එක තව තවත් දුර්වල වෙන එක විතරයි.
    තමන්ව හරියට අඳුරන්නෙ නැති ගැහැණියකගෙන්, තමන්ටවත්, අනුන්ටවත්, හොඳක් වෙන්නෙ නැත්තෙ ඒකයි.
    එහෙම ගැහැණියකට, තමන් ගැහැණියක් වීමෙ හොඳම කොටස මඟඇරිලා ගිහින් නිසා, හරිම නරක විදිහට ඒ negativity එක තමන් ඇසුරු කරන ජීවිත වලටත් බලපානවා.

    Sex වලදි pleasure එක ගන්න, දෙන්න, බය නැති ගැහැණියක් කියන්නෙ, තනිකර power house එකක්.
    එහෙම ගැහැණු හරිම soothing, ලෝකෙම වුනත් නිවන්න පුලුවන් තරම්.
    ගැහැණියක් සතුටින් තමන්ව express කරනවා කියන්නෙ,
    Everything she touches becomes magical.
    Lives, souls, and everything she nurtures.

    අපි ටික ටික මේ වැරදි වැටහීම් ලිහාගමු.
    Femininity එකේ, ගැහැණුක‍මේ මේ තියෙන ලස්සන, සුන්දරත්වය, බලය celebrate කරමු.
    සුන්දර, තෘප්තිමත්, ගැහැණු තමයි මිනිස් ජීවිත වල essence එක.
    ගැහැණියක් වෙන එක ලේසි නෑ.
    ගැහැණියක් වුන එකට මම ආසත් ඒ නිසාම තමයි.


    ලූනා අමරසේකර

  • ලෝක හාදු දිනය අදයි – ජූලි 06

    ලෝක හාදු දිනය අදයි – ජූලි 06

    අද අන්තර්ජාතික සිපගැනීමේ දවසයි. සිප ගන්නත් දවසක් ඕනද කියල ලංකාවෙ හැම එකටම නෙගටිව් කට්ටිය අහවි. ඔව්, හැම සාමාන්‍ය දේකටම විශේෂ දවසක් ඕන. ඒ අපි සාමාන්‍යයි කියල දකින දෙයෙහි සුවිශේෂත්වය දකින්න. හැගීමක් නැතුව දෙන සුපුරුදු හාදුවක අසිරිමත් බව සිහිපත් කරන්න. මේ සිපගැනීමේ දිනය පටන් ගන්නෙ එක්සත් රාජ්‍යයෙන්. 2000දි වගේ. ඊට පස්සෙ මේක ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙනවා.

    මේ දවසෙ අරමුණ සිප ගැනීමක දැනෙන ආදරය, සතුට සහ නිරෝගී බව සිහිපත් කරන එක. ඔව්, හැම සවිඥානක සිපගැනීමක්ම ඔබව නිරෝගී කරනවා. ඔබට ආදරය දනවනවා. ඔබට ඉතාම සමීපතමයන්ගේ උණුසුම, ස්පර්ශය සහ රස දනවනවා.

    මේ සිප ගැනීම ඕනම ආකාරයක එකක් වෙන්න පුළුවන්. අනුරාගයෙන් බැ‍‍‍දෙන ප්‍රංශ හාදුවක පටන් කම්මුලට දෙන සුබ පැතුම් හාදුවක් දක්වා ඕනම චුම්බනයක් වෙන්න පුළුවන්. ඒත් ඒ හැම එකක්ම කියන්නෙ ආදරය. බැඳීම.

    හාදුව කියන එක ලෝකෙ ප්‍රචලිත වුනේ රෝමානුවන් නිසා. රෝමානුවන්ට හාදු වර්ග තුනක් තිබුන.

    1. ඔස්කියුලම් – කම්මුලට දෙන මිත්‍රශීලී හාදුව
    2. බැසියම් – දොතොලට දෙන ආදර හාදුව
    3. සැවියම් – මුවෙන් මුව දෙන අනුරාගී හාදුව

    ඔබ කවුරුන් කොතැනක කොයි ආකාරයෙන් සිප ගන්නවාද කියන එක මත රෝමයේ සමාජ තත්වය සළකුණු වුනා. අපි අද නිතර කතා කරන ෆ්‍රෙන්ච් කිස් කියන වචනය නිර්මාණය වුනේ පළවෙනි ලෝක යුද්ද කාලෙ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් අතින්. තමන්ගේ රටවල ගැහැණුන්ට වඩා ප්‍රංශ කාන්තාවන් සිප ගැනීමේදී වඩා අනුරාගී තාක්ෂණයක් පාවිච්චි කරන බව මේ අය අත්දැක්කා. ෆ්‍රෙන්ච් කිස් කියන එක ප්‍රංශ ජාතිකයන් විසින් හඳුන්වා දුන් එකක් නොවුනත් සියවසකට එහා පටන් ප්‍රංශ ආදරවන්තයින් සිප ගන්නා ආකර්ශනීය, අනුරාගී විලාසය නිසාම ඒ ගෞරවය ඒ අයට බාරදෙන එක නිවැරදි වුනා.

    ආකර්ශනීය කාරණයක් වෙන්නෙ ඉතාම මෑතක් වෙන තුරු ප්‍රංශයෙන් මේ හාදුවට වචනයක් නැති වීමයි. ගැලුෂි කියලා වචනයක් තිබුනත් ඒකෙ තේරුම දිවෙන් දිව සිපගැනීම වගේ එකක්. ඒකත් විධිමත් වචනයක් නෙමෙයි.

    හාදු දීම නිසා අපිට අත්වෙන ප්‍රතිලාබ ගොඩක් තියෙනවා. එකක් තමයි සතුටු හෝර්මෝන මුදාහැරීම. මේ නිසා ආතතිකර හෝමෝන වන කෝර්ටිසෝල් අඩු කරනවා.

    අනෙත් කෙනා සමග ඇති බැඳීම වැඩි කරනවා. හොඳ සතියකින් යුතුව, හැගීමෙන් පිරුණු හාදුවකට පුළුවන් ඔබේ සම්බන්ධතාව තව අවුරුදු ගානකට ශක්තිමත් කරන්න.

    ඒ වගේම කෙනෙක් කොයිතරම් වටිනවාද, ඔහු හෝ ඇය වෙනුවෙන් තවත් කෙනෙක් කොයිතරම් ආදරෙන් බලා සිටිනවද කියන හැගීම දනවන්න හොඳම විදිහක් සිපගැනීම. එක හාදුවකින් ගොඩක් ප්‍රශ්න විසදන්න පුළුවන් වගේම ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය ගොඩනංවන්නත් පුළුවන්.

    සිපගැනීමකදි ඔබේ රුධිර නාල ප්‍රසාරණය වෙමින් රුධිර පීඩනය අඩු කරනවා කියලත් පර්යේෂණවලදි පෙනී ගිහින් තියෙනවා. ඒ වගේම හිස රුදාව වගේ තත්වයන්ටත් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් තමයි හොඳ ආදරණීය හාදුවක් කියන්නෙ. ශරීරටේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු වෙන්නත් හාදුවක පහස උදව් වෙනවා.

    අපේ ලිංගික ශක්තිය, අනුරාගය, ජීවිතය ගැන ආශාව වැඩි කරන්න හාදුවකට පුළුවන්. අපිව ඒ මොහොතට බඳවා තබා ගනිමින් ජීවිතය කොයිතරම් අසිරිමත්ද කියල දනවන්න පුළුවන්.

    මතක තියාගන්න. සෙමෙන් සිපගන්න. කිසි දේක හදිස්සියක් නෑ. ලෝකය හාදුවක් ගත වෙන පැයක් හරි නතර වෙලා තියේවි. ඔබ සෙමෙන් සිප ගන්න. අනෙකාගේ හුස්ම විඳින්න. ඒ හුස්මෙන් ඔබේ පෙනහළු පුරවාගන්න. දොතොලතර වෙලෙමින් ගතවෙන්න. වෙන කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතුව ඒ හාදුවේම නතර වෙන්න.

    ආදරයට ගෞරවය පුදන්න.

    ඉතිං තවත් මේක කියව කියව ඉන්නෙ නැතුව යන්න. ගිහින් සිපගන්න.

  • Ten Uyumu

    Ten Uyumu

    ඊයෙ මං චිත්‍රපටියක් බැලුවා. ඒකෙ ප්‍රධාන චරිතය හොඳටම බුලී වෙන තරුණයෙක්. එයාට හැම දෙයක්ම නැති වෙලා තියෙන්නෙ. කිසිම බලාපොරොත්තුවක් ජීවිතේ ගැන නෑ. එය හුදකලා වුනු ගමක හැමෝටම එපා වුනු තරුණයෙක්.

    මේ ගමට එනවා තරුණියක්. ඒ තරුණිය එන්නෙ ටෝකියෝ ඉඳලා. එයා මේ තරුණයාට ආදරය කරන්න ගන්නවා. ඒ දෙන්නා සෙක්ස් කරනවා. අර තරුණයා ගැහි ගැහී ඒ තරුණියගේ නිරුවත් සිරුර මත වැතිරෙනවා. ඒ හමේ සුවඳ විඳිනවා. ඒ ඇස් ඇතුලෙන් ළංවෙලා එබිලා බලනවා. ඇය ඔහු වෙනුවෙන් ඇගේ දෙකකුල් ඈත් කරනවා. ඔහු ඇය ඇතුලට පිවිසෙනවා. ඇය ඔහුව බාරගන්නවා.

    සෙක්ස් ගැන අපි කල්පනා කරන හැම වෙලාවකම සෙක්ස්වල තියෙන මේ ගැඹුරු මිනිස් බාරගැනීම කියන කාරණය අපි අමතක කරනවා. සෙක්ස් කියන්නෙ ජීවිතය ගැන බලාපොරොත්තු ඇවිලවීමක්. තමන්ගේ ඇස් තුලින් අනෙකාට ජීවිතය දකින්න ඉඩ‍දීමක්. ඒ හුස්මවලින් ඔහු හෝ ඇය කොයිතරම් තමන්ට උවමනාදැයි හැඟවීමක්. නිරුවතින් එකිනෙකා පිළිගැනීමක්.

    Ten Uyumu කියලා තුර්කි භාෂාවෙ වචනයක් තියෙනවා. ඒකෙ තේරුම සමෙන් සම අතර ගැලපීම. ස්කින් හාර්මනි කියලා ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. දෙන්නෙකුගේ ශරීරයේ ෆෙරමෝනවලින් ඇති කරන ආකර්ශනය. එහෙම ගැලපීමක් තියෙද්දි අපිට අනෙකාගේ සම මතින් අනුරාගී සුවඳක් දැනෙනවා. ඒ සම මත අනන්ත කාලයක් වැතිරී ඉන්න පුළුවන් වෙනවා. ඒක සම පිළිබඳ කාරණයක් විතරක් නෙමෙයි. අපේ සමස්ත රසායනය ගැලපීමක්. අපි එකිනෙකා ළංවෙද්දි අපේ හැම සෛලයක්ම නර්තනය වීමක්. ටෙන් උයුමු කියන්නෙ ආදරයේ අසිරිමත්ම නර්තනය.

    හැබැයි ඒක සදාකාලික නොවෙන්න පුළුවන්. ඒ නර්තනය ටිකෙන් ටික නිහඩ වෙන්න පුළුවන්. අපි එක්තරා මොහොතක එක හා සමාන ශක්ති කදම්බයන්ගෙන් කම්පනය වෙමින් හිටියා විතරයි. ඒ කම්පනය, ඒ ශක්තිය අපි ඒ සංඛ්‍යාතයෙන් මිදෙන ඇසිල්ලෙන් නොපෙනී යනවා.

    සබඳතාවක් කියන්නෙ ‘ටෙන් උයුමු’ විතරක් නෙමෙයි. ඒත් ඒ ශරීර අතර එකිනෙකා උමතු කරන ආදරය විඳින්න ඕනම දෙයක්.

  • බුදුන් වදාල ධර්මය සහ sex

    බුදුන් වදාල ධර්මය සහ sex

    ලංකාවේ ලිංගික අධ්‍යාපනයට වින කැටුවේ බෞද්ධ භික්ෂුවකි. නතාෂා ලිංගික කාරණා මතු කිරීම ගැන උරණව ICCPR කැඳවූයේද බෞද්ධ භික්ෂුවකි. බුදු දහම තමන්ට උවමනා පරිදි පටු කරගනිමින්, වික්ටෝරියානු දහමක් බවට පෙරලා ගනිමින්, බහුබූත සංස්කෘතියක් සභ්‍යත්වයක් රකින්නට සිවුර පාවිච්චි වනු පෙනේ. නමුත් සැබෑ බුදු දහම එබඳුද?

    බුදුන් විසින් විනය පිටකයේ දේශනා කළ පාරාජිකා පාලිය ගිහියන් විසින් කියවා ගත යුතු කාලය එළඹ ඇත. බුදුන් කිසි විටෙක ගිහියන්ගේ කාම ජීවිතයට සීමා පැනවූයේ නැත. පාරාජිකා පාලියේ සඳහන් වන්නේද භික්ෂුන් පිණිස පැනවූ විනය සීමාවන්ය. නමුත් බුදුන් කළ කොයිතරම් ලිංගික විවිධත්වයක්, ලිංගික චර්යා ප්‍රමාණයක් පැවතුනා දැයි දැනකියා ගැනීමට මේ කියවීම ප්‍රයෝජනවත් වනු ඇත. බෞද්ධයෙකු‍ට නූතන ලිංගික චර්යා විපරීත හෝ අසභ්‍ය හෝ වශයෙන් හැගෙන්නේ නම් තමන්ගේ පැරණි බෞද්ධ පොතපතටම එබී බැලීම වටින්නේය. බුදු දහම යනු ලිංගිකත්වයට බියෙන් සැගවුණු, මානව ලිංගිකත්වය තහනම් කළ දහමක් නම් නොවන්නේමය.

    මේ පළමු කොටසයි. උපුටා ගැනීම දහම්සිතුම් වෙබ් අඩිවියෙනි

    මෙථුන පාරාජිකා ශික්ඛාපද
    1 (1) ඒ කාලයේ එක්තරා භික්‍ෂුනමක් වැඳිරියක සමග (2) මෛථුන ධර්‍මයෙහි යෙදුනේය. ඔහුට සැකයක් ඇති විය (3) භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂා පදයක් පණවන ලදී. කිමෙක්ද,මම පාරාජිකා පාපයට පැමුණුනෙම්ද?. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකෙළේය. ,මහණෙනි, ඔබ පාරාජිකා ඇවතට පැමිනියෙහිය, .

    2 එකල්හි වනාහි විශාලා මහනුවර බොහෝ වජ්ජිපුත්‍රක භික්‍ෂුහු සිල් බහා නො තබා දුර්‍වල බව ප්‍රකාශ නො කොට මෛථුන ධර්‍මය සේවනය කළාහුය. ඔවුන්ට සැකයක් පහළ විය. භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපද පණවන ලදී. කිමෙක්ද? පාරාජිකා පාපයට පැමිණියාහුද, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළාහුය. , මහණෙනි, තෙපි පාරාජිකා පාපයට පැමණියාහුය.,

    3 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් , මෙසේ මට ඇවැත් නො වන්නේ යයි , ගිහිකමින් මෛථුන ධර්‍මය සේවනය කෙළේය. ඔහුට සැකයක් ඇති විය.( මෙහි1 ( 3 ))

    4 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් . මෙසේ මට ඇවත් නො වන්නේයයි . වස්ත්‍ර නැතිව මෛථුන ධර්‍මය සේවනය කෙළේය. ඔහුට සැකයක් ඇතිවිය. ( මෙහි 1 (3)

    5 (1) එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් .මෙසේ මට ඇවැත් නොවන්නේයයි . ( 2 ) කුසතණ හැඳ ( මෙහි 1 ( 2 ) ( 3)

    6 ( මෙහි 5 ( 1 ) යොදන්න. ) වැහැරි සිවුරු හැඳ ( මෙහි 1 ( 2) (3 )

    7 ( මෙහි 5 (1) පතුරු සිවුරු හැඳ ( මෙහි 1(2)(3)

    8 ( මෙහි 5 (1) හිසකෙස් වලින් වියූ වස්ත්‍රයක් හැඳ ( මෙහි 1(2) (3)

    9 ( මෙහි 5 (1) සතුන්ගේ කෙඳි වලින් වියූ වස්ත්‍ර හැඳ ( මෙහි 1 (2 ) (3)

    10 ( මෙහි 5 (1) බකමුහුණු පිහාටු ඇඳුමක් හැඳ ( මෙහි 1(2) ( 3)

    11 ( මෙහි 5( 1) අඳුන් දිවිසමක් හැඳ ( මෙහි (1) (2)(3)

    12 එකල්හි වනාහි එක්තරා පිඩුපිණිස යන භික්‍ෂුවක් පුටුවක හොත් ගෑණු ළමයකු දැක කාමයෙහි ඇලුනේ ඇගිල්ල ස්ත්‍රී ලිංගයට ඇතුලත් කෙළේය. ඕ තොමෝ කලුරිය කළාය.ඔහුට සැකයක් ඇති විය. භාග්‍යවතුන්වහන්සේ විසින් ශික්ඛාපදයක් පනවන ලදී. කිමෙක්ද? මම පාරාජිකා පාපයට පැමුණුනෙම් ද? භාග්‍යවතූන් වහන්සේට මේ කාරණය සැළකළේය. , මහණ,ඔබ පාරාජිකාවට නොපැමිණියෙහිය සංඝාදිසෙස ඇවතට පැමිණියෙහිය.,

    13 එකල්හි වනාහි එක්තරා තරුණයෙක් උත්පලවර්‍ණා භික්‍ෂුණිය සමග පිළිබඳ සිත් ඇත්තේ විය. ඉක්බිති ඒ තරුණ තෙමේ උත්පලවර්‍ණා භික්‍ෂුණිය ගමට පිඩු පිණිස වැඩි කල්හි කාමරයට වැද සැගවී සිටියේය. උත්පලවර්‍ණා භික්‍ෂුණිය පසුබත් වේලෙහි පිණඩපාතයෙන් නැවතූනේ පය පිසදමා කාමරයට ඇතූල්ව ඇඳෙහි හිඳගත්තාය. ඉක්බිති ඒ තරුණ තෙම උත්පලවර්‍ණා භික්‍ෂුණිය ඔසවා ගෙන දූෂ්‍ය කෙළේය. උත්පලවර්‍ණා භික්‍ෂුණිය භික්‍ෂුණීන්ට මේ කාරණය දැන්වුවාය. භික්‍ෂුණීහු භික්‍ෂූන්ට කීවාහුය. භික්‍ෂූහු භාග්‍යවතූන් වහන්සේට මේ කාරණය දැන්වූවාහුය. ,මහණෙනි,සතූටු නොවන්නීට ඇවැත් නැත.,

    14 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක්හට සත්‍රී ලිංගයක් ඇතිවිය.භාග්‍යවතුන් වහන්සේ්ට මේ කාරණය සැළ කළාහුය. ,මහණෙනි, ඒ උපාධ්‍යායන්ම, ඒ උපසම්පදාවම, ඒ වස්ම භික්‍ෂුණීන් අතර ගණන් ගන්නට අවසර දෙමි. යම් ඇවතක් භික්‍ෂුන්ට භික්‍ෂුණීන් සහ සමානද ඒ ඇවත් භික්‍ෂුණීන් සමීපයෙහි රකින්ට අනුදනිමි.යම් ඇවතක් භික්‍ෂුන්ට භික්‍ෂුණීන් සමග අසමානද. ඒ ඇවතින් ඇවත් නොවේ .

    15 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුණියක්හට පුරුෂ ලිංගයක් පහළවූයේය. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය. , මහණෙනි, ඒ උපාධ්‍යායන් වහන්සේම, ඒ උපසම්පදාවම , ඒ වස්ම භික්‍ෂුන් සමග ගණින්නට සුදුසුය. යම් ඇවැත් කෙනෙක් භික්‍ෂුණීන්ට භික්‍ෂුන් හා සමානද ඒ ඇවැත්වලින් ඇවැත් නො වේ.

    16 (1) එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් .මෙසේ මට ඇවත් නො වන්නේයයි . (2) මව සමග ( මෙහි 1 (2) (3 ) )

    17 (මෙහි 16 යොදන්න ,මව සමග , වෙනුවට , දුව සමග , යොදන්න.)

    18 ( මෙහි 16 යොදන්න ,මව සමග , වෙනුවට , නංගී සමග , යොදන්න.)

    19 එකල්හි එක්තරා භික්‍ෂුවක් පෙර බිරිඳ සමග මෛථුන ධර්‍මය සේවනය කෙළේය. ( මෙහි 1 (2) (3) )

    20 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් නැමෙන පිටක් ඇත්තේය.හෙතෙම නො ඇලීමෙන් යුක්ත වූයේ තමාගේ රහසග කටින් ගත්තේය. ඔහුට සැකයක් විය. ,මහණ, ඔබ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,

    21 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් එල්ලෙන පුරුෂ නිමිති ඇත්තේ විය. හෙතෙම නො ඇලීමෙන් පෙලුනේ තමාගේ රහස් අවයවය මල මාර්‍ගයෙහි ඇතුල් කෙළේය.ඔහුට සැකයක් විය., මහණ,ඔබ පාරාජිකාවට පැමුණුනෙහිය.,

    22 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් ශරීරයක් දුටුවේය. ඒ ශරීරයෙහි ස්ත්‍රී නිමිත්ත සමීපයෙහි වනයක් විය. හෙතෙම .මෙසේ මට ඇවත් නො වන්නේයයි . නිමිත්තෙහි නිමිත්ත ඇතුල් කරවා වනයෙන් පිට කෙළේය.ඔහුට සැකයක් විය. , මහණ, තෝ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,

    23 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් ශරීරයක් දුටුවේය.ඒ ශරීරයෙහි අංඞගජාතය ළග වනයක් විය. හෙතෙම .මට මෙසේ ඇවැත් නොවන්නේයයි . වණයෙන් පුරුෂ අවයවය යවා නිමිත්තෙන් එලියට ගත්තේය. ඔහුට සැකයක් ඇතිවිය. ,මහණ. ඔබ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,

    24 ,ඒ කාලයෙහි වනාහි එක්තරා භික්‍ෂුවක් කාමයෙහි ගිජුවූයේ ඇන්ද චිත්‍රයක නිමිත්ත පුරුෂ නිමිත්තෙන් තද කෙළේය. ඔහුට සැකයක් පහළ විය. ,මහණ. පාරාජිකා ඇවත නොවේ දුකුලා ඇවැත්වේ.,

    25 ඒ කාලයේ වනාහි එක්තරා භික්‍ෂුවක් කාමයෙහි ගිජු වුයේ ලී බෝනික්කකුගේ රහස් අවයවය පුරුෂ නිමිත්තෙන් ස්ර්‍පෂ කෙළේය.ඔහුට සැකයක් ඇතිවිය. , මහණ, පාරාජිකා ඇවැත් නොවේ. දුකුලා ඇවැත් වේ.,

    26 ඒ කාලයේ වනාහි සුන්දර නම් භික්‍ෂුවක් රජගහ නුවරින් පැවිදි වූයේ වීථියෙහි යයි.එක්තරා සත්‍රියක් ,සවාමීණි, මොහොතක් නවතින්න, වඳින්නෙමියි කීවාය. ඕ තොමෝ වඳිමින් අඳනය ඔසවා කටින් පුරුෂ නිමිත්ත අල්වා ගත්තාය. ඔහුට සැකයක් විය.,මහණ, තොප ඉවසූයෙහිද?, ,භාග්‍යවතුන් වහන්ස,මම නො ඉවසූයෙමිය,කීවාය. , මහණ, නො ඉවසන්නාට ඇවැත් නොවේ.,

    27 එකල්හි වනාහි එක්තරා සත්‍රියක් භික්‍ෂුවක් දැක , සවාමීණි, එනුමැනව මෛථුන ධර්‍මය සේවනය කරන්නැයි කීවාය, , නැගනිය, නොහැක. එය අකැපයයි කීවේය., , ස්වාමීන, එනුමැනව, මම ක්‍රීයා කරන්නෙමි. ඔබ ක්‍රියා නොකරන්න. මෙසේ ඔබට ඇවැත් නැතයි , කීවාය. ඒ මහණ, එසේ කළේය. ඔහුට සැකයක් පහළ විය.,මහණ, ඔබ පාරාජිකා ඇපත්තියට පැමිණුනෙහිය.,

    28 ( 27 වෙනි ඡෙදයේ , කරන්නෙමි, යන්නට , නො කරන්නේමි , කියාද ,නොකරන්න, යන්නට , කරන්න , කියාද වෙනස් කර යොදා ගත යුතු)

    29 ( 27 ඡෙදයේ , මම ක්‍රියා කරන්නෙමි, ඔබ ක්‍රියා නො කරන්න ,යන්නට, ඇතුලෙහි හප්පා පිටත පිට කරන්න, කියා වෙනස් කර යොදා ගත යුතුයි )

    30 ( 27 ඡෙදයේ ,මම ක්‍රියා කරන්නෙමි .ඔබ ක්‍රියා නො කරන්න , යන්නට ,පිටත හප්පා ඇතුලේ පිට කරන්න. , කියා වෙනස් කර යොදා ගත යුතුයි.)

    31 ඒ කාලයෙහි වනාහි එක්තරා භික්‍ෂුවක් සොහොනට ගොස් නොදිරූ ශරීරයක් දෑක ඊට මෛථුන ධර්‍මයෙහි හැසුරුනේය. ඔහුට සැකයක් විය. ,මහණ. ඔබ පාරාජිකා ඇවතට අසුවූයෙහිය.,

    32 ( 31 යොදන්න ,නොදිරු, යන්න ,බොහෝසේ නොදිරු, කියා වෙනස් කර යොදා ගත යුතූය.)

    33 ( 31 යොදන්න ,නොදිරු, යන්නට ,බොහෝ සේ දිරු , කියා වෙනස් කර යොදා ගත යුතූය.)

    34 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සොහොනට ගොස් හිස සිඳුන මළ කඳක් දැක වස්ත්‍රයෙන් වැසූ කටෙහි රහස් අවයවය සපර්‍ශ කරමින් ඇතූල් කෙළේය. ඔහුට සැකයක් ඇති විය.,මහණ, ඔබ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය,.

    35 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සොහොනට ගොස් සිඳුනු හිසක් දැක වස්ත්‍රයකින් වැසූ කටෙහි පුරුෂ නිමිති ස්පර්‍ශ නොකර ඇතූල් කෙලේය. ඔහුට සැකයක් පහළ විය. ,මහණ, පාරාජිකා ඇවත නොවේ. දුකුලා නම් ඇවැත්වේ.,

    36 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් එක්තරා ස්ත්‍රියක් සමග ආලය සහගත සිත් ඇත්තේ වේ. ඕ තොමෝ කලුරිය කළාය. සොහොනෙහි දමන ලද්දීය. ඇට විසුරුණාහු වෙත් ඉක්බිති ඒ මහණ තෙම සොහොනට ගොස් ඇට එකතු කොට පුරුෂ නිමිත්තෙන් ස්ත්‍රී අවයවය පිළියෙල කළේය. ඔහුට සැකයක් විය. ,මහණ, ඔබට පාරාජිකා ආපත්තිය නොවේ.දුකුලා නම් ඇවැත වේ ,

    37 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් නාග මානවිකාවක් සමග මෛථුන ධර්‍මය සේවනය කළේය. ඔහුට සැකයක් පහළ විය. .මහණ, ඔබ පාරාජිකා ඇවතට අසුවූයේය..

    38 ( 37 යොදන්න ,නාගමානවිකාවක් , යන්නට ,යක්‍ෂණියක් , කියා වෙනස් කර යොදාගත යුතුයි. ´

    39 (37 යොදන්න ,නාග මානවිකාවක් , යන්නට ,ප්‍රේතියක්, කියා වෙනස් කරන්න.´

    40 (37 යොදන්න,නාග මානවිකාවක් ,යන්නට ,නපුංසකයෙකු, කියා වෙනස් කරන්න.´

    41 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් කසන ලද ඉඳුරන් ඇත්තේ විය. හෙතෙම ,මම සැපක් හෝ දුකක් හෝ නොදනිමි මට ඇවැත් නොවන්නේයයි , මෛථුන ධර්‍මයෙහි හැසුරුනේය. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්වූවාහුය. ,මහණෙනි, ඒ හිස් පුරුෂයා දත්තේ හෝ නොදත්තේ හෝ පාරාජිකා ඇවතට පැමුණුනේය.,

    42 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් ස්ත්‍රියකට මෛථුන ධර්‍මයෙහි හැසිරෙමියි ස්පර්‍ශ කළ කෙණෙහි පසුතැවිලි විය. ඔහුට සැකයක් පහළ විය.,මහණ. පාරාජිකා ඇවත නොවේ. සංඝාදීසේස ඇවත වේ.,

    43 (1) එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් භද්දිය රට ජාතිය වනයෙහි දවල් වාසය පිණිස ගොස් වැද හොත්තේවේ. ඔහුගේ අවයව වාතයෙන් තදවූයේ වේ.එක්තරා ස්ත්‍රියක් දැක පුරුෂ නිමිත්තෙහි හිඳගෙන කැමතිතාක් උපක්‍රම කොට ගියාය. භික්ෂූහු තෙත්වීම දැක භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළහ. (2) ,මහණෙනි ක්‍රම පහකින් රහස් අවයවය කර්‍මන්‍යවෙයි. ආශාවෙන්ද, මළ නිසා ද, මුත්‍ර නිසා ද, වාතයෙන් ද, කුඩා දළඹු වර්‍ගයේ සතූන් දෂ්ට කිරීමෙන් ද, යන මෙයිනි.මහණෙනි, මේ ආකාර පසින් පුරුෂ නිමිත්ත කර්‍මන්‍යවේ. යම් හෙයකින් යම් භික්‍ෂුවකගේ ලිඞගය කර්‍මන්‍යවේද මහණෙනි. ඊට හේතු නැත. අවකාශ නැත. මහණෙනි. හෙතෙම රහත් භික්ෂුවයි. මහණෙනි. ඒ භික්ෂුවට ඇවැත් නැත.

    44 (1) එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් සැවැත්නුවර අන්‍ධ වනයෙහි දවල් වාසයට ගියේ වැද හොත්තේ වේ. (2 ) එක්තරා ගොපලු ස්ත්‍රියක් දැක (3 ) ලිඞගයෙහි වාඩිවූවාය. ඒ මහණතෙම ඇතුල්කිරීම ඉවසුවේය. ඇතුල්වීම ඉවසුවේය. තිබීම ඉවසුවේය. ගැනීම ඉවසුවේය. ඔහුට සැකයක් විය. ,මහණ. ඔබ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,

    45 ( මෙහි 44 (1) යොදන්න´ එක්තරා එලුවන් රකින්නියන් දැක) මෙහි 44.( 3)

    46 (මෙහි 44 (1) යොදන්න) දර ගෙනෙන්නියක් දැක. (මෙහි 44 (3) )

    47 (මෙහි 44 (1) යොදන්න) ගොම ගෙනෙන්නියක් දැක (මෙහි 44 (3) )

    48 එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් විශාලානුවර මහා වනයෙහි දවල් වාසයට ගියේ වැද හොත්තේ විය. එක්තරා ස්ත්‍රියක් දැක ලිඞගයෙහි හිඳ ඇතිතාක් උපක්‍රම කොට කිට්ටුව සිනාසෙමින් සිටියාය.ඒ මහණ තෙම පිබිදී ඒ ස්ත්‍රියට ,මේ වැඩේ කළේ ඔබදැයි , ඇසීය. ,එසේය. මාගේ වැඩක් යයි , කීවාය. ඔහුට සැක සිතුනේය. (භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වීය. , මහණ. ඔබ ඉවසුවේ දැයි , ඇසූ සේක. ,භාග්‍යවතුන් වහන්ස. මම නොදනිමි., .මහණ. නොදන්නාහට ඇවැත් නැත..

    49 එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් විශාලානුවර මහා වනයෙහි දවල් වාසයට ගියේ ගසකට හේත්තුවී වැද හොත්තේවේ. එක්තරා ස්ත්‍රියක් දැක ලිඞගයෙහි වාඩිවූවාය. ඒ මහණ වහා නැගිට්ටේය. ඔහුට සැකයක් විය. (2) ,මහණ. ඔබ ඉවසුවේද?, ,භාග්‍යවතුන් වහන්ස. මම නො ඉවසූයෙමි., ,මහණ. නො ඉවසන්නාට ඇවැත් නැතැයි ,වදාළේය.

    50 (මෙහි 49 යොදන්න. ,වහා නැගිට්ටේය.,යත්තට ,පෑගී වැටුණේය.,කියා වෙනස් කර යොදා ගතයුතුය.)

    51 එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් විශාලානුවර මහා වනයෙහි කුටාගාර ශාලාවෙහි දවල් වාසය කිරීමට පැමිණියේ. දොරහැර වැද හොත්තේ වේ. ඔහුගේ අවයව වාතයෙන් තදවූවාහූවෙත්. එකල්හි වනාහි විහාරය බලන බොහෝ ස්ත්‍රීහු සුවඳ ද මල් ද රැගෙන විහාරයට ගියෝය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ඒ භික්ෂුව දැක ලිඞගයෙහි වාඩිවී ඇතිතාක් උපක්‍රමකොට ඒකාන්තයෙන් මේ තෙමේ උතුම් පුරුෂයෙකැයි කියා සුවඳ ද මල් ද පටවා ගියාහුය. භික්‍ෂූහු තෙත්වූවහු දැක භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකලාහුය.(මෙහි 49 (2) යොදන්න.) මහණෙනි. දවල් නිදන්නහු විසින් දොර වසා නිදන්නට කියමි.,

    52 එකල්හි වනාහි භාරුකචඡ දේශවාසී එක්තරා භික්ෂුවක් සිහිනෙන් පෙර බිරිඳට මෛථුන ධර්‍මයෙහි හැසිර මම ශ්‍රමණයෙක් නොවෙමි. සිව්රු හරින්නෙමියි. භාරුකචඡ රටට යන්නේ. අතරමග ආයුෂ්මත් උපාලි තෙරුන් දැක මේ කාරණය සැළ කළාය. ආයුෂ්මත් උපාලි තෙමේ ,ඇවැත්නි. සිහිනෙන් ඇවැත් නැතැයි කීයේය.,

    53 එකල්හි වනාහි රජගහනුවර සුපබ්බා නම් උපාසිකාවක් හිස් ශ්‍රද්ධාවන්තියක් වෙයි. (2) ඕ තොමෝ යමෙක් මෛථුන ධර්‍මය දේද ඕ තොමෝ අග්‍රදානය දෙන්නීයයි. මෙවැනි දෘෂ්ටියක් ඇත්තීවෙයි. ඕ තොමෝ භික්‍ෂුවක් දැක ,ස්වාමීනි. වඩින්න මෛථුන ධර්‍මය සේවනය කරන්නැයි, කීවාය. ,නැගණිය. නොසුදුසුය මෙය කැප නැතැයි, කීවේය. (3) ,ස්වාමීනි. වඩිනු මැනව.දෙකලවා අතරෙහි ගටන්න මෙසේ ඔබට ඇවැත් නොවන්නේයයි,කීවාය. ඒ භික්‍ෂුව එසේ කළේය. ඔහුට සැකයක් පහළ විය.,මහණ. පාරාජිකා ඇවත නොවේ. සංඝාදිසෙස ඇවතවේ.,

    54 ( 53 1,2, හා 3 දෙකලවා අතරෙහි යන්නට බුරියෙහි (මෙහි 53 (2) යොදන්න.),බුරිය, යන්නට ,බඩේ, කියා වෙනස්කර යොදාගන්න.)

    55 (මෙහි 54, බුරියේ, වෙනුවට , කිසිල්ලේ, යොදන්න.)

    56 (මෙහි 54, බුරියෙහි, වෙනුවට , බෙල්ලෙහි, යොදන්න.)

    57 (මෙහි 54, බුරියෙහි, වෙනුවට , කන් සිදුරෙහි, යොදන්න.)

    58 (මෙහි 54, බුරියෙහි, වෙනුවට , කෙස් වැටියෙහි, යොදන්න.,

    59 (මෙහි 54,බුරියෙහි, වෙනුවට, ඇගිලි අතරෙහි,යොදන්න.)

    60 (මෙහි 54 රජගහ යන්නට සැවැත් කියාද.සුපබ්බ වෙනුවට සද්ධා කියාද. බුරියෙහි යන්නට කලවා අතරෙහි කියාද වෙනස්කර යොදාගත යුතුය.,

    61 (මෙහි 53 රජගහ. සුපබ්බා බුරියෙහි යන තුනට සැවැත්.සඞා. අතින් උපක්‍රමකොට මුදවන්නෙමි කියා වෙනස්කර යොදාගතයුතුයි.)

    62 එකල්හි වනාහි විශාලානුවර ලිච්ඡවි කුමාරයෝ භික්‍ෂුවක් ගෙන භික්‍ෂුණියකට වැරැද්ද වූවාහුය.දෙදෙනම ඉවසූහ. දෙදෙනම නැසිය (පැරදිය) යුතුය. දෙදෙනම නො ඉවසූවහු ද දෙදෙනාටම ඇවැත් නැත.

    63 (මෙහි 62, භික්‍ෂුණියකට, වෙනුවට, හික්මෙන්නියකට, යොදන්න.)

    64 (මෙහි 62, භික්‍ෂුණියකට, වෙනුවට, සාමණෙරියකට, යොදන්න.)

    65 (මෙහි 62, භික්‍ෂුණියකට, වෙනුවට, වෙශාවකට, නපුංසකයෙකුට, ගෘහිණියකට, කියාවෙනස් කර යොදාගත යුතුයි.)

    66 (62 මෙහි, භික්‍ෂුණියකට, යන්න වෙනුවට, භික්‍ෂුවක් ගෙන ඔවුනොවුන්, කියා වෙනස් කරගත යුතුයි.)

    67 එකල්හි වනාහි එක්තරා මහලු පැවිදි භික්‍ෂුවක් පෙර බිරිඳ දක්නට ගියේය. ඕ තොමෝ, ස්වාමීනි. එන්න සිවුරු හරින්නැයි, අල්වා ගත්තීය. ඒ භික්‍ෂුව ආපසු එන්නේ උඩුකුරුව වැටුනේය. ඕ තොමෝ මතුවී ලිඞගයෙහි වාඩි විය. ඔහුට සැකයක් පහළ විය. (මෙහි 49 (2) යොදන්න.)

    68 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් කැලේ වාසය කරයි. මුව පැටවෙක් උන්වහන්සේ මුත්‍ර කරන තැනට විත් මුත්‍ර බොන්නේ ලිඞගය කටින් ඩැහැගත්තේය. ඒ භික්‍ෂුව ඉවසුවේය.ඔහුට සැකයක් විය.භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ ප්‍රකාශ කරලීය. මහණ, ඔබ පාරාජිකා ඇවතට පැමුණුනේය.

    (ප්‍රථම පාරාජිකාව නිමි)