Category: Features

  • බල්ලෙක් හින්ද කෝසල මල්ලිකා සතියක් අපායෙ

    බල්ලෙක් හින්ද කෝසල මල්ලිකා සතියක් අපායෙ

    මහාචාර්යවරයාගේ බලු සුරතල් වීඩියෝව හින්ද සතුන් කෙරෙහි පහලවන ලිංගික ප්‍රේමය ගැන ලොකු කතාබහක් ඇති වුනා. මේ හින්දම මගේ යාලුවෙක් හාමුදුරු කෙනෙක් බණකට කියන කතාවක වීඩියෝවක් මට එවලා තිබුණ. ඒක බැලුවම මට කල්පනා වුනේ ඇත්තටම බුදු හාමුදුරුවොත් නැති තැනක් නෑ නේද කියල. විශේෂයෙන් ලිංගික කාරණා සම්බන්ධයෙන් බුද්ධ චරිතය සම්බන්ධ කතා තරම් ගැඹුරු විවෘත කියවීමක් මට මුනගැහිලා නෑ. විශේෂයෙන් ජාතක පොතට හැරුනොත් අද විපරීත යැයි සලකලා තැති අරන් උඩ පනින බමුණු- වික්ටෝරියානු බෞද්ධයන්ට සංසුන් වෙන්න බොහෝ කාරණා තියෙනවා.

    ඔන්න ඉතින් ඒ බණ කතාව.

    මල්ලිකා බිසව දවසක් නාන කොටුවට නාන්න යනවා. සුනඛයෙක් පස්සෙන් යනවා. මල්ලිකා බිසව ඉදිරිපසට හැරිලා කෙණ්ඩා ප්‍රදේශ අතුල්ලද්දි නැමුණු කාන්තා ශරීර‍යට කාමාශාව ඇතිවන බල්ලා මල්ලිකා එක්ක අසද්ධර්මයේ නිරත වෙනවා (අසද්ධර්මය කියලා වචනයක් නෑ. ඒ කියන්නෙ සංසර්ගයේ යෙදෙනවා) ස්පර්ශය සනීප නිසා මල්ලිකාත් දීගෙන ඉන්නවා. බල්ලා තමන්ගේ වැඩේ ඉවර වුනාට පස්සෙ බැහැලා යනවා. හැබැයි කොසොල් රජු උඩ ඉඳන් දකිනවා මේ නාන කොටුව ඇතුලෙ සිද්ද වුනු ඇනිමල් සෙක්ස් සීන් එක. මල්ලිකා නාලා පඩිපෙල නැගගෙන එද්දි රජා උඩ ඉඳන් කියනවා

    ‘වසලිය තෝ මැරිලා යන්න ඕනි’

    ‘ඇයි සුවාමිනී’ මල්ලිකා අහනවා.

    ‘රජ බිසවක් තියා වසලි‍යක්වත් කරන බලු වැඩක්ද තෝ කලේ?’ රජා අහනවා. තිට තිට ලැජ්ජ නැද්ද බල්ලෙක් එක්ක ඕක කරගන්න?

    මල්ලිකා තඩි ‍බොරුවක් කියනවා.

    ‘මේ මොනාද මේ කියන්නෙ සුවාමිනි. මං එහෙම දෙයක් කලේ නෑ. ඔය නාන තොටේදි කරන දේ නෙමෙයි පේන්නෙ. තමන්ගේ හෙවනැල්ල පිටිපස්සෙන් වැටුනාම තව කවුරු හරි ඉන්නවා වගෙමයි පේන්නෙ..’

    ‘මං ඔබ වහන්සේවත් ඔ‍හොමම දැකලා තියෙනවා..’

    ‘මොනවා මාවත් දැකලා තියෙනවද?’

    ‘අපොයි ඔව් ඔයිට වඩා දේවල් මං දැකලා තියෙනවා’ මල්ලිකා සැහැල්ලුවෙන් කියනවා.

    කොසොල් කියන්නෙ කොහොමත් තඩි බඩැති මෝඩ රජෙක්නෙ. මූ මේක විශ්වාස කරනවා.

    ‘ආ.. එහෙනං බලන්නකො මාව කොහොමද පේන්නෙ කියල..’

    කොසොල් තුවායත් කරේ දාගෙන නාන කොටුවට දුවනවා.

    කොසොල් නාද්දි මල්ලිකා උඩ පැන පැන හින‍ාවෙනවා.

    ‘මේ මොකෝ හිනාවෙන්නෙ’ නාන එක නවත්තලා කොසොල් අහනවා.

    ‘කොටළු දෙනක් එක්ක සංවාසයේ යෙදෙන්න ඔබ වහන්සේට ලැජ්ජා නැද්ද?’ මල්ලිකා හිනාවෙවී අහනවා.

    රජාට දැන් වැඩේ ඇත්තයි.

    ‘හරි එහෙනං මල්ලිකො.. වෙච්ච දේ දෙන්නටම සරිය කියල මේ සිද්දිය මෙතනින්ම අමතක කරමු. උඹ බල්ලෙක් එක්ක ඉන්නවා මං දැක්කෙත් නෑ.. මං කොටළු දෙනක් එක්ක ඉන්නවා උඹ දැක්කෙත් නෑ.. ඔට්ටුද?

    කොසොල් මල්ලිකා එක්ක අග්‍රිමන්ට් එකකට යනවා. වැඩේ එතනින් ඉවරයි. අවුරුදු ගානකට පස්සෙ මල්ලිකා දැන් නාකි වයසෙ. එයා ලෙඩ ඇදේ ඉන්නවා කොසොල් තමයි බොහොම ආදරෙන් උවටැන් කරන්නෙ.

    මේ මෝඩ ස්වාමියා දිහා බලන් ඉන්නකොට මල්ලිකාට දුක හිතෙනවා. මේ මනුස්සයා මට කොයිතරම් ආදරේද කියල හිතෙනවා. තමන් ඒ මිනිහට හොරෙන් වරදේ බැඳුනු තැන් මතක් වෙනවා. විශේෂයෙන් අර බල්ලා එක්ක කරපු සංවාසය මතක් වෙනවා.

    කරුමෙට මල්ලිකාට මැරෙන්න කලින් ඇතිවෙන්නෙ ඒ කණස්සල්ල.

    මල්ලිකා මැරෙනවා.

    මෙතනදි මේ බණ කියන හාමුදුරුවො පුදුම චිත්‍රයක් මවනවා.

    ‘මල්ලිකා ඔය දේවල් කාගෙන් හැංගුවත් බුදුන්ගෙන්, සැරයුත් මුගලන්ගෙන්, මහා කාශ්‍යපගෙන් හංගන්න බෑ. මල්ලිකා දාන දෙද්දි ඒ රහතන් වහන්සේලා හිතනවා, අනේ මේ ගෑණි ඉතින් බල්ලෙක් එක්කත් සංවාසයේ යෙදුනනෙ.. කියල..’

    මේක නම් බුදුන් ගැන අසභ්‍ය චිත්‍රයක් විදිහටයි මං දකින්නෙ. මල්ලිකා බල්ලොත් එක්කද, වෙන කවුරු එක්කද නිදාගන්නෙ කියල හිත හිත ඉන්න නම් ඒ රහතුනුත් අපේ ෆේස්බුකියෙ උන් වගේ වෙන්න ඕන. නැත්තං හිරුණිකා මෙන්ටැලිටි එකේ අය වෙන්න ඕන. ඒ නිසා හාමුදුරුවන් අද තමන්ට පහළවෙන ගොසිප් චිත්තයෙන් ඒ කාලෙ බුද්ධ චිත්තය අනුමාන කරන එක බුදුන්ට කරන අපහාසයක්.

    ඔය පසුතැවිල්ල මල්ලිකාට හිතෙන් අයින් කරන්න බැරි වුනා. ලෝකෙ තියෙන ලොකුම අකුසලයක් තමයි පසුතැවිල්ල. ඉතින් මල්ලිකා මැරුනට පස්සෙ කොයිතරම් පින්දහම් කරලා තිබුණත් කෙලින්ම යන්නෙ අවීචි මහ නරකාදියට. අපායෙ සතියක් ඉඳලා තමයි තුසිතයට ට්‍රාන්සර් එක ලැබෙන්නෙ. අර සතිය කන්නම වෙනවා.

    මෙතනදි මේ හාමුදුරුවො නොකියන නමුත් කතාවෙ පැහැදිලි වෙන සත්‍යය තමයි අකුසලය වන්නේ සුනඛයෙක් සමග සංවාසයේ යෙදීම නෙමෙයි. ඒ ගැන පවතින පසුතැවීම. කොසොල්ට බොරු කීම ගැන ඇති පශ්චත්තාපය. ඒකයි අකුසල කර්මය වෙන්නෙ.

    බුදුන් මේකට යෝජනා කරන්නෙ ආයතී සංවරය කියල මේ හාමුදුරුවො මතක් කරනවා. ඒ ගැන පසුතැවිලි වෙමින් කාලය ගත නොකර, නැවත එය නොකරමි කියන අධිෂ්ඨානයෙන්, වටහා ගැනීමෙන් ඉදිරියට යාමයි කළ යුතු හැටියෙන් බුදුන් කියන්නෙ.

    ඒක හින්ද කැමති කෙනෙක් කැමති විදිහකට නිදහසේ තමන්ගේ ලිංගික තෝරාගැනීම් කරන්න. ඒවා රස විඳින්න. සමාජයේ ස්ථාපිත පුහු සදාචාරය නිසා පසුතැවිලි සිත් ඇති කර නොගන්න.

  • සුනඛ අනුරාගය

    සුනඛ අනුරාගය

    සැබෑ විපරීතය පවතින්නේ ආශු මාරසිංහගේ නිදන කාමරයේ නොව ප්‍රසිද්ධීයේ ෆේස්බුකියේය.

    ආශු මාරසිංහ ගැන අපට කිසිදු අදාලත්වයක් නැත. නමුත් පුද්ගලයෙක් සමග ඇති දේශපාලන වෛරයකට, පලිගැනීමකට ලිංගික සංස්කෘතියක්, තෝරාගැනීමක් භාවිතා කිරීම බලු වැඩකි.

    ආශු මාරසිංහගේ ඇනිමල් පෝර්න් එකක් විදිහට ෂෙයාර් වෙන වීඩියෝවේ ෆැකල්ටි ඔෆ් සෙක්ස් අපට අනුව Bestality or Zoophilia නැත. ඒ කුඩා කොටසින් පේන්නේ තව කවුරුන් හෝ සමග ලිංගික ක්‍රියාවක් අතර තුර සිදුකරන විහිලුවක් වගෙයි. මෙහි සම්පූර්ණ වීඩියෝව දකින්න තිබුණා නම් ඒ ගැන නිවැරදි අදහසක් කියන්න පුළුවන් වුනත් මේ කුඩා කොටසින් කිසිවෙකුට යමක් නිශ්චිතව පවසන්න පුළුවන්කමක් නෑ.

    අපගේ ස්ථාවරය-
    කිසිසේත්ම සතුන් සමග ලිංගික ක්‍රියාවල යෙදීම පහත් හෝ මානසික රෝගී තත්වයක් හැටියෙන් අපි සලකන්නේ නැත. අපට අනුව එය ලිංගික තෝරාගැනීමකි. මීට බොහෝ කාලයකට කලින් ෆැකල්ටි ඔෆ් සෙක්ස් වෙබ් අඩවියේම දැනටත් කොලම්බියාවෙ සම්ප්‍රදායක් හැටියට බූරුවන් සමග සංවාසයේ යෙදීම ගැන ලිපියක් පළවුනා. (මෙතනින් ඒක කියවන්න පුළුවන්)

    මේ වීඩියෝවෙ ති‍බෙන්නේ ලිංගික ක්‍රියාවක් යැයි යම් කෙනෙක් උපකල්පනය කළත් කැනඩාව වැනි රටක නීතිය අනුව සතෙක් විසින් ලිංගික අවයව ලෙවකෑම Bestality විදිහට සලකන්නේ නෑ. ලංකාවෙ නීතියෙ මේ ගැන කිසි සංවාදයක් ඇතිවෙලා නෑ කියන එකයි මගේ විශ්වාසය.

    සතුන් සමග රමණය මානව ඉතිහාසයේ මුල් කාලයේ පටන්ම සෑම සංස්කෘතියකම පාහේ පැවත එන දෙයක්. ඉතා මෑත අවධියේදී මේක නීතිමය වශයෙන් වරදක් හැටියට සීමා කළා. ඒ සතුනුත් අයිතීන් ඇති කොටසක් හැටියට සැලකීමෙන්. ඒ කියන්නෙ මෙතෙක් මිනිසාට පමණක් තිබුණු free will එක සතුන්ටත් තියෙනවා කියල පිලිගැනීමත් එක්ක. එතනදි සතාට කන්සෙන්ට් කියන එක තියෙනවද, ඒක අපි දැනගන්නෙ කොහොමද වගේ ප්‍රශ්න මතුවෙනවා. මේ ගැන සංවාද සිද්ද වෙනවා.

    අපේ මානව සදාචාරයේ පවා සීමා දකින ෆැකල්ටි ඔෆ් සෙක්ස් අපි, ඒ අබ්බගාත සදාචාරය සතුන්ටත් බලපාන පරිදි දිගු කිරීම යුක්ති සහගත ලෙස බාරගන්නේ නැත.

    1948 ඇල්ෆ්‍රඩ් කින්සි එළිදරව් කරනවා ඇමරිකාවෙ 8%ක් පිරිමි, ඒ කියන්නෙ සෑම පිරිමි 12ටම එක් අයෙක් සතුන් සමග ලිංගිකව හැසිරෙනවා කියල. මේ මෑත කරන ලද පර්යේෂණවලදි පෙනුනෙ ගෑණු පිරිමි භේදයක් නැතුව, සෑම 5 දෙනෙකුටම කෙනෙක් යම් ආකාරයක සතුන් සමග ලිංගික හැසිරීමක් ගැන ෆැන්ටසියක් දරනවා කියල. ලංකාවෙ මේ ප්‍රතිශතය මීට වඩා ඉහළ අගයක් ගන්නවා වෙන්න පුළුවන්.

    ලංකාවෙ වගේම ඇමරිකාවෙත් ප්‍රාන්ත 45ක සතුන් සමග ලිංගිකව හැසිරීම නීතියෙන් වරදක්.

    මිනිස්සු සත්තු එක්ක ලිංගිකව හැසිරෙන්න කැමති ඇයි? මේ ගැන යම් දැනුමක් ගන්න පුළුවන් අධ්‍යනයක් journal of sex and marital therapy කියන ප්‍රකාශනයෙ පළවුනා. Zoophilesලා 958 දෙනෙක් ඔන්ලයින් සම්බන්ධ කරගෙන මේ පර්යේෂණය පැවැත්වුනා. මෙතනදි වඩාත්ම ලිංගික ආකර්ශනය ලබන සත්වයා වුනේ බල්ලා. දෙවෙනි තැන අස්සයාට ලැබුන.

    බොහෝ අය කිව්වෙ ඒ අය මේ සතුන්ගෙන් දැනෙන සුවඳට (ගඳට) ආකර්ශනය වෙනවා කියල. ඒ වගේම උන්ගේ ලිංගික ප්‍රදේශවලට ආශා කරන බවත් කිව්වා. ඒ තෙත් සහිත, රෝම වැවුනු, ගඳ ගහන ස්වභාවය තමන්ව උත්තේජනය කරන බව මේ අය කිව්වා.

    බොහෝ දෙනෙක් සතුන් සමග මෙන්ම මිනිසුන් සමගත් ලිංගික ඇසුර ප්‍රිය කළ අතර සුළු ප්‍රතිශතයක් සතුන් සමග පමණක්ම ලිංගිකව හැසිරීම තෝරාගත්තා.

    මෙතනදි මේ සතා එක්ක සෙක්ස් කිරීමට වඩා සමාජයේ සම්මතයන්, පිළිගැනීම් බිඳහෙලීම ඇතුලෙ මේ අය ලිංගික ආස්වාදයක් ලබන බව පෙනුනා. ඒ taboo බව ඇතුලෙ මේ අය ලොකු උත්තේජනයක් ලැබුවා. මිනිස්සුන්ට වගේම සතුන්ටත් සෙක්ස් ඇක්ට් එකක් වඩා තෘප්තිදායක කරන තාක්ෂණයන් පවතින බව මේ අය කියනවා.

    වැදගත්ම දේ තමයි මේ පිරිසෙන් 80%ක්ම තමන්ගේ ලිංගික ක්‍රියාවේ කිසිම වරදක් ඇති බවක් පිළිගන්නෙ නෑ. ඒ නිසා ඒ අයට කිසිම ආතතියක්, පීඩනයක් හෝ මානසික අවුලක් දැනෙන්නෙ නෑ. ඒ වගේම බහුතරයක් විශ්වාස කරනවා සතා සහ තමන් අතර ඒ සම්බන්ධයෙන් එකගතාවයක් තියෙනවා කියලත්. ඒ සතුන් කැමැත්ත හඟවන විලාස, ශබ්ද ආදිය ගැන මේ අයට වෙනම දැනීමක් තියෙනවා.

    (මේ උනන්දුවත් එක්කම 1972 දි වූඩි ඇලන් විසින් නිර්මාණය කරපු Everything You Always Wanted to Know About Sex කියන ෆිල්ම් එකත් බලන්න. ඒකෙ බැටළුවෙක් සමග ප්‍රේමයෙන් වෙළෙන මිනිහෙකුගේ කතාව මේ සංදර්භය වඩාත් පොහොසත් කරනවා)

    විශේෂයෙන් බල්ලන් කාන්තාවන් සමග ලිංගික ඇසුර පැවැත්වීමේදී විශාල වශයෙන් සතුටක් ලබන බව මේ පර්යේෂණයට සම්බන්ධ වූ අය කියල තිබුණ.

    නීතිය කො‍හොමත් සදාචාරය සම්බන්ධ කාරණා දිහා බලන්නෙ ගතානුගතික පටු රාමුවක් ඇතුලෙන්. ඒ නිසාම බො‍හෝ සමාජ සංස්කෘතික කාරණා විෂයෙහි නීතිය නැවත අභියෝග කිරීම වැදගත් වෙනවා. සතුන් සමග ලිංගික හැසිරීම පමණක් නීතියෙන් වරදක් වෙලා සතුන්ට උන්ගේ ජීවිතය අහිමි කරන, උන්ව මිනිසුන්ගේ වහලුන් බවට පත් කරන අන් සියලු චර්යාවන් නීතියෙන් සම්මත ඒවා වීම හාස්‍යයට කාරණයක්.

    මේක මනෝ ව්‍යාධිමය තත්වයක් කියල විශේෂඥභාවයකින් යුතුව ගොඩක් අය කියන කතා ගොඩක් දැක්කා. ඒත් යමක් රෝගයක් වෙන්න නම් ඒකෙන් ඒ තැනැත්තා හෝ සමාජය පීඩාවක් විඳින්න ඕන. විශේෂයෙන් මේ රෝග‍යෙන් පෙළෙන, එය වළක්වාගත නොහැකි වීමෙන් පසුතැවිලි වෙන කෙනෙක් ඉන්න ඕන. ඒත් zoophilia වල එහෙම තත්වයක් නෑ කියන එකයි මේ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන මනෝ විශේෂඥයන් පෙන්වා දෙන්නෙ.

    සතුන් සමග ලිංගික ක්‍රියාවන් සර්ච් කිරීම අතින් ලෝකයේ අංක 1 බවට පත්වන්නේ දකුණු අප්‍රිකාව. ඒත් සතුන් සමග සෙක්ස් කිරීම ඒ රටෙත් නීතියෙන් තහනම්. මේක මිනිස් ලිංගික අයිතියක්/ තෝරාගැනීමක් විෂයෙහි රජය අසාධාරණ පරිදි අතපෙවීමක් නෙමෙයිද?

    ඒ වගේම zoophilia ගැන කරපු අධ්‍යයන වලදි පේන්නෙ මේ ආශාවෙන් පසුවන අයගෙ ශාරීරික වශයෙන් හෝ මොළයේ හෝ කිසිම ආකාරයක අමුත්තක්/ වෙනසක් සාමාන්‍ය යැයි කියන ලිංගික හැසිරීමක් දක්වන කෙනෙකුට සාපේක්ෂව නොපවතින බවයි.

    මේ කාරණා කොහොම වුනත් වඩාත් අවධානයට ලක්විය යුත්තේ රටට, දේශපාලනයට කිසිසේත් අදාලත්වයක් නැති යම් කෙනෙකුගේ ලිංගික චර්යාවක් මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රසිද්ධියේ පැවසීමට තරම් සමාජයට අහිතකර, අශිෂ්ට මානසික තත්වයක පසුවන්නේ කවුද කියන එකයි. මෙතනදි හිරුණිකා යම් මනෝ ලිංගික ව්‍යාධියකින් පෙළෙන බව පැහැදිලි කාරණයක්. හිරුණිකාට බැක්සයිඩ් කියන්න ගත්තම ඊට දැඩි ලෙස විරුද්ධ වෙමින් ඇය වෙනුවෙන් සිටගත් අපිම මේ වෙලාවෙ කියන්නෙ ඇය ඉතාම රෝගී අන්දමින් අන් අයගේ ලිංගිකත්වයන් හුවා දක්වමින් අපහාස කිරීමේ අශික්ෂිත ආශාවක් ප්‍රකට කරන බවයි.

    මීට කලින් රටේ ජනාධිපතිගේ ඇට දෙකක් ගැන ඇය ප්‍රසිද්ධියේ කතා කළා. දැන් තවත් කෙනෙක් හුරතල් බල්ලා සමග නිරුවතින් වි‍නෝද වීමේ දර්ශනයක් ලිංගික ක්‍රියාවක් හැටියෙන් මාධ්‍ය ඉස්සරහ තලු මරනවා. එය එම අර්ථගැන්වීම සහිතව සිරස ප්‍රවෘත්තිවල පවා පෙන්වනවා. එය මෙයාකාරයෙන් ප්‍රසිද්ධ මාධ්‍යයක ප්‍රදර්ශනය කිරීම Bestality Porn අසභ්‍ය වරද යටතට නොගැනෙන්නේ කොහොමද?

    ඒ ‍වගේම එයින් උත්තේජනය ලබන විශාල පිරිසක් ෆේස්බුකියෙ ඉන්නවා. යම් කෙනෙක් බල්ලෙක් සමග පවත්වන ලිංගික සම්බන්ධයක් අපිට මේ තරම් වැදගත් වෙන්නෙ කොහොමද? අපේ රටේ ප්‍රශ්න බොහොමයක් ඇතැයි යම් යම් අය කියද්දි අපේ රටේ ප්‍රශ්න වෙනුවට රෝග බොහොමයක් ඇතැයි අපි කියන්නේ මේ නිසයි.

    අපි යමකින් වඩාත් ආකර්ශනය වෙනවා නම් එතැන බොහෝ විට අපේ මනෝ ලිංගික රෝග ලක්ෂණයක්ද පවතින බව අපි තේරුම් ගන්න ඕන. මේ වගේ සිද්ධීන් වඩා වැදගත් වෙන්නෙ අපේ ර‍ටේ ලිංගික මනෝ විද්‍යාත්මක තත්වය මේවායේ යටිපෙළ හැටියට මතුවෙන නිසයි.

  • ඩාර්වින් නොදත් විද්‍යාව – දෙවෙනි කොටස (Sex At Dawn පරිවර්තනයක්)

    ඩාර්වින් නොදත් විද්‍යාව – දෙවෙනි කොටස (Sex At Dawn පරිවර්තනයක්)

    ඩාර්වින්ට පෙනුන මේ පිරිමි විසින් ගැහැණු කීප දෙනෙක් සමග ලිංගිකව හැසිරෙන චර්යාව නිසා එයා සැක හිතුවා මුල්ම මානවයො පොලිගමි හෙවත් බහු පුරුෂ- බහු භාර්යා සේවනයේ පසුවුනා කියල. එයා මෙහෙම ලියනවා, දැනට පවතින මිනිසාගේ සමාජ පුරුදු මත පිහිටා විනිශ්චය කරන කල, බොහෝ බොහෝ වනචාරීන් පොලිගමි වීම මත, වැඩි සම්භාවිතාවක් ඇති දැක්ම වන්නේ ගෝත්‍රික විදිහට ජීවත් වුනු අතීත මානවයාට තමන්ට රැකබලාගත හැකි තරම් කාන්තාවන් පිරිසක් සිටි බවත්, ඒ අයව ඊර්ශ්‍යාවෙන් යුතුව අනෙක් අයගෙන් ආරක්ෂා කිරීමට කටයුතු කළ බවත්ය..’

    පරිණාමවාදී මනෝවිද්‍යාඥයෙක් වෙන ස්ටීවන් පින්කර් මේ ඩාර්වින් කියන ‘දැනට පවතින මිනිසාගේ සමාජ පුරුදු මත පිහිටා විනිශ්චය කරන ලද..’ කියන කොටස ඩාර්වින්ගේ අනුදැනුමකින් තොරව ඊටත් වඩා එහාට අරගෙන යනවා. පින්කර් කියනවා, ‘සෑම සමාජයකම සෙක්ස් කියන එක යම් ආකාරයකින් කැත දෙයක් වුනා. ඒක සිද්ද වුනේ පුද්ගලිකව. තරයේ හිතාබැලීමට ලක්වුනා. සම්ප්‍රදායන් සහ තහංචි මගින් පාලනය වුනා. සෙක්ස් නිසා ඕපාදූප ඇතිවුනා. ලිංගික ඉරිසියාව පැන නැගුනා’

    සෙක්ස් සම්ප්‍රදායන් සහ තහංචි විසින් පාලනය කරන ලද වුනත් පින්කර් කියන අනිත් හැමදේටම කොයිතරම් වෙනස් තත්වයන් පැවතුනාද කියල අපි ඉදිරියට පෙන්නන්නම්.

    අපි හැමෝම වගේ ඩාර්වින් එයාගෙ පුද්ගල විශ්වාසයන්, හෝ ඒවා නොමැතිකම්, මානව ස්වභාවය පිළිබඳ තමන්ගේ උපකල්පන, න්‍යායන් සඳහා පාවිච්චි කළා. ‍ෆ්‍රෙන්ච් ලුතිනන්’ස් වයිෆ් පොතේ ජෝන් ෆෙල්ස් (fowls) මේ ඩාර්වින් විසින් නිර්මාණය කරපු ලෝකයේ පවතින ලිංගික කුහකත්වය විස්තර කරනවා.

    ෆෙල්ස් ලියනවා, දහනම වෙනි සියවසේ එංගලන්තය කියන්නෙ කාන්තාවො ශුද්ධ වූ වස්තූන් විදිහට සලකපු කාලයක්. ඒත් ඕනම තැනකින් ඔබට අවුරුදු දහතුනක දැරියකගේ පහස පවුම් කීපයකට ලබාගත හැකිව තිබුනා. පැයකට හෝ දෙකකට නම් සිලිං කීපයකට. කාන්තා සිරුර ඒ තරම් සඟවන ලද කාලයක් තිබුනෙ නෑ. මූර්ති අඹන්නන්ගේ විශිෂ්ටත්වය මනින ලද්දේ නිරුවත් කාන්තා රූපයක් ඇඹිය හැකි වීම මතයි. කාන්තාවන්ට සුරතාන්තයක් ලැබිය නොහැකියයි විශ්වීය ලෙස පිළිගත් මතයක් තිබුනා. නමුත් වෙසඟනන්ගෙන් ඉල්ලා සිටියේ එය මවා පාන ලෙසයි’

    වික්ටෝරියානු බ්‍රිතාන්‍යයේ ලිංගික චර්යාව හරියටම තේරුම් ගන්න පුළුවන් මේ යුගය නිර්වචනය කරන සොයාගැනීම ලෙස සලකන වාෂ්ප එන්ජිමෙන්. ඉරොතික ශක්තිය නිදහසේ චලනය වීම අවහිර කිරීම හරහා ඒ ආතතියෙන්, කෙටි කාලීන, විශාල නිෂ්පාදන ක්‍රියාවලියක් අවදි කර තිබුනා. බොහෝ දේ සම්බන්ධයෙන් වැරදි වුනත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ කාරණය සම්බන්ධයෙන් නිවැරදියි. ශිෂ්ටාචාරය බිහිකර තිබෙන්නේ අවහිර කරන ලද, සංකේන්ද්‍ර කරන ලද, එකතු කොට නැවත ප්‍රතිදිශාගත කරන ලද ලිංගික ශක්තිය මතයි’ කියල ෆ්‍රොයිඩ් කියනවා.

    සිත හා කය දූෂිත නොවි තබා ගැනීමට පිරිමි දරුවන්ට කාන්තාව විශාල ගරුත්වයකින් යුත්, ආශ්චර්යමත් වස්තුවක් ලෙස දකින්න පුරුදු කළා.. වෝල්ටර් හෆ්ටන් වික්‍ටෝරියන් ෆ්‍රේම් ඔෆ් මයින්ඩ් පොතේ ලියනවා. තමන්ගේ මව සහෝදරිය සහ අනාගත බිරිඳ මනුෂ්‍යත්වයට වඩා දේවත්වයට සමීප වූ අය විදිහට ඔහු දැකිය යුතු වුනා. මේ ප්‍රතිරූපය නිර්මාණය කර තිබුනේ ආදරය සහ ලිංගිකත්වය වෙන් කරන්න විතරක් නෙමෙයි, ආදරය වන්දනාවක් බවට පත් කරන්නත්, එය ශුද්ධත්වය බවය පත් කරන්නත් මේ හරහා ක්‍රියාත්මක වුනා. මේ මවගේ, සහෝදරියගේ, නැත්නම් බිරිඳගේ ශුද්ධවන්තභාවය තුලින් නිවීම ලද නොහැකි තැනදී පිරිමින් වෛශ්‍යාවන් ඇසුරෙහි මේ පාපයන් මුදාහල යුතුව තිබුන. එසේ නොකොට වෙනත් යහපත් කාන්තාවන් වරදෙහි හෙලීමෙන් සමාජ සහ පවුල් සංස්ථාවේ ස්ථාවරබවට තර්ජනයක් ඇති කිරීම නොකළ යුතු වුනා. 19 වෙනි සියවසේ ආතර් ෂොපෙන්හවර් කියන විදිහට ලන්ඩන් නගරයේ පමණක් 80000ක් ගණිකාවන් හිටියා. මේ අයව සලකන්න වෙන්නෙ මොනොගමි අල්තාරය මත කළ ආත්ම පූජාවන් මිස වෙන කොයි විදිහකටද?

    චාර්ල්ස් ඩාර්වින් මේ යුගයේ පැවතුනු ඉරොටොෆෝබියාවෙන් කොහෙත්ම ගැලවුනේ නෑ. කෙනෙකුට කියන්න පුළුවන් ඩාර්වින් මේ ගැන වඩාත් සංවේදී වුනා කියලත්. මොකද ඩාර්වින්ගේ කාලය එළඹුනේ සමාජ සදාචාරය පයිසෙකට මායිස් නොකළ, එයාගෙ ප්‍රසිද්ධ, ලැජ්ජා නැති, සීයා වුනු ඉරැස්මස් ඩාර්වින්ගේ සෙවනැල්ල යටයි. ඉරැස්මස් ඩාර්වින් ප්‍රසිද්ධියේ බොහෝ කාන්තාවන් ඇසුරු කරමින් දරුවන් බිහි කළ අතර ඔහුගේ කවිවල ගෲප් සෙක්ස් පවා උත්කර්ෂයට නංවපු කෙනෙක්. ඒ වගේම අවුරුදු 08දි මවගේ වියෝවත් ඩාර්වින්ට මෙම කාන්තාවන් සම්බන්ධයෙන් ස්වභාවික ආශාවන්ට සහ හැගීම්වලට ඔබ්බෙන් පවතින දිව්‍යමය හැගීම ඇති කරන්න උදව් වුනා කියල හිතන්න පුළුවන්.

    ජෝන් බෝල්බි කියන ඩාර්වින්ගේ ඉතා විශිෂ්ට යැයි පිළිගැනෙන ජීවිත කතාවලින් එකක් ලියන මනෝ විද්‍යාඥයා පෙන්වා දෙන විදිහට ඩාර්වින්ගේ ජීවිත කාලය පුරාම පවතින ඇන්සයටි බලපෑම්, විෂාධි තත්වය, දරුණු හිසරදය, නිදිමත, වමනය, හේතුවක් නැතිව එක්වර හඩා වැටීම ආදී බොහෝ කාරණා මවගෙන් ඇතිවූ වියෝගය නිසා මතුවන සෙපරේෂන් ඇන්සයටි තත්වයන්ට වඩාත් ගැලපෙනවා. චාර්ල්ස් ඩාර්වින් ඔහුගේ ඥාති සහෝදරයෙකුගේ බිරිද වියෝ වූ විට ලියන ලිපියකින් මේ තත්වය වඩාත් පැහැදිලිව මතුවෙනවා.

    ‘මගේ ජීවිතේට මේ තරම් ළග ඥාතියෙක් මියගොස් නෑ…’ ඩාර්වින්ට තමන්ගේ මවගේ මියයාම අව‍රෝධිත මතකයක්. ‘මට හිතාගන්න බෑ කොහොමද ඔබ මේ තරම් දුකක් දරාගන්නෙ කියල..’

    ඒ වගේම ඩාර්වින්ගේ මිණිපිරියක් කියන විදිහට ස්ක්‍රැබල් වගේ සෙල්ලමක් කරද්දි කවුරුන් හෝ විසින් other කියන වචනය ඉදිරියෙන් M අකුර තබන සෑම අවස්ථාවකම ඩාර්වින් විශාල තැතිගැන්මකට යනවා. ඩාර්වින් ඒ වෙලාවට දිගු කාලයක් බෝර්ඩ් එක දිහා බලාගෙන ඉඳලා කියනවා ‘එහෙම වචනයක් නෑ’ කියල.

    මේ ශෘංගාරයට එරෙහි (එමෙන්ම එහි දැඩිව ඇලුනු) අධි වික්ටෝරියානු බලපෑම චාර්ල්ස් ඩාර්වින්ගෙ වැඩිමල් දුව හෙන්රිටා දක්වාම යනවා. එටී නමින් හඳුන්වන ඇය තමයි තාත්තාගේ පොත් සංස්කරණය කරන්නෙ.

    එයා නිල්පාට හුනු කෑල්ලකින් අනවශ්‍ය කොටස් ලකුණු කරලා ඉවත් කරනවා. චාර්ල්ස් එයාගෙ සීයාගේ නිදහස්කාමී ජීවිතය ගැන බයොග්‍රෆිය ලියද්දි ඇය ඉරැස්මස්ගේ ස්ත්‍රීලෝලීත්වය පිළිබඳ උදාහරණයක් ඉවත් කරනවා. ‘ද ඩිසෙන්ට් ඔෆ් මෑන්’ සහ ඩාර්වින්ගේ ජීවිත කතාවෙනුත් ඇය නුසුදුසු යැයි ලකුණු කරමින් කොටස් කපා දමනවා.

    එටීගේ මේ ලිංගිකත්වයට සම්බන්ධ ඕනෑම දෙයක් කපා ඉවත් කිරීමේ පුරුද්ද ලිඛිත වචනවලට පමණක් සීමා වුනේ නෑ. වත්තෙ පිපෙන ස්ටින්කොර්න් නැමැති හතු වර්ගයකට (ෆැලස් රැවනෙලි) විරුද්ධවත් ඇය සටනක් කරනවා. ඒ හතුවල ස්වභාවය පුරුෂ ලිංගයක හැඩය ගැනීම ඇයට දරාගන්න බැරි වෙනවා. ඇගේ නෑනා වන (චාර්ල්ස්ගේ මිනිපිරිය) ලියන විදිහට ආන්ටි එටී බාස්කට් එකක රිටක් සහ දඩයමේ යන ඇඳුමක් ඇඳගෙන මේ හතු හොයාගෙන වත්තට යනවා. හවස් වෙද්දි එකතු කරගත්ත මේ හතු සියල්ලම අරගෙන ඇය රහසේම විසිත්ත කාමරයට වැදිලා අගුල් ලා ගන්නවා. ඒ හතු පුළුස්සා දමනවා. රහසේම මේ දේ කරන්නෙ ඇය සේවිකාවන්ගේ සදාචාරයට මේ හතු දැකීමෙන් හානියක් වෙයි කියන සිතුවිල්ලෙන්.


    ඊළග කොටස බලාපොරොත්තු වන්න.

  • චාර්ල්ස් ඩාර්වින් දන්න සෙක්ස්

    චාර්ල්ස් ඩාර්වින් දන්න සෙක්ස්

    මුතුගල සර් හින්ද දැන් රටේම චාර්ල්ස් ඩාර්වින් ගැනත් පරිණාමවාදය ගැනත් එකපාර උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. ඉතින් චාර්ල්ස් ඩාර්වින් මං ඉතා කැමති සෙක්ස් විෂයට බලපාන්නෙ කොහොමද කියන එක ගැන යමක් මේ සංවාදයට එකතු කරන්න කල්පනා කළා. විශේෂයෙන් එයාගෙ ස්වභාවික වරණවාදය කොයිතරම් දෝෂ සහිතද කියන එකත්, ඒ පිළිගැනීම් ලිංගික සහ සමාජ විෂයෙහි කොයිතරම් නරක ප්‍රතිඵල ඇති කළාද කියන එකත් මෙතනදි කතාවට ගැනෙනවා. මේ පරිච්ඡේදය ක්‍රිස්ටෝෆර් රයන් සහ කැසිල්ඩා ජේතා විසින් රචිත ‘Sex at Dawn’ කියන පොතෙන් ගත්ත එකක්. මට පුළුවන් තරම් සරලව ඒක සිංහලෙන් කියන්න උත්සාහ කරනවා.

    ඩාර්වින් සෙක්ස් ගැන නොදැන සිටියේ කුමක්ද?

    ‘අප මෙතනදි බිය හෝ බලාපොරොත්තු ගැන උනන්දු වන්නේ නැත. අපේ උනන්දුව ඇත්තේ සත්‍යය පිළිබඳ පමණි. ඒ අපේ තර්කය විසින් එය අනාවරණය කර ගත හැකි තාක්ය’.

    චාර්ල්ස් ඩාර්වින් – ද ඩිසෙන්ට් ඔෆ් මෑන්

    අත්තික්කා කොලයකින් ගොඩක් දේවල් වහගන්න පුළුවන් ඇති. ඒත් මිනිසාගේ ලිංගය ප්‍රාණවත් වීම නම් ඒකෙන් වහන්න බෑ. මානව ලිංගිකත්වය ගැන තියෙන පොදු මහා නැරටිව් එක රවටනසුලු, පිළිගත නොහැකි මොනොගමියක සංවර්ධනයක් ගැන අදහස ස්ථාවර කරන්න ගොඩනගපු එකක්. මේ නැරටිව් එකේ හැටියට විෂම ලිංගික ස්ත්‍රී පුරුෂයන් යනු අපේ ප්‍රතිවිරුද්ධ ජානවල ඇජන්ඩාවක් අනුව ක්‍රියාත්මක වෙන යුද්ධයක ඉත්තන් වගේ වෙනවා. සියලු විනාශයට මුල අපේ ජීව විද්‍යාත්මක ඩිසයින් එක කියලයි අපිට උගන්නන්නෙ. පිරිමි තමන්ගේ බීජ පුළුවන් තරම් පතුරවන්න වෙහෙසෙනවා. (මේ අතර තමන්ට පමණක්ම කියල ස්ත්‍රීන් තබාගැනීමෙන් පිතෘත්වය සහතික කරන්න දගලනවා) මේ අතර කාන්තාවන් තමන්ගේ සීමිත ඒ නිසාම වටිනා ඩිම්බ නොවැදගත් පිරිමින්ගෙන් ආරක්ෂා කරගන්න වෙහෙසෙනවා. හැබැයි තමන්ට සපයා දෙන්න පුලුවන් සැමියෙක් සමග ලැබුනු පසු ඒ අය ජානමය වශයෙන් ඉහළ යැයි ගැනෙන මෝල්ඩර් වර්ගයේ හතරැස් හනු සහිත පිරිමින් සමග රහසින් රමණයේ යෙදෙන්න ඉඩ ලද සැණින් සාය උස්සනවා. මේක නිර්මාණය කරන්නෙ ලස්සන චිත්‍රයක් නම් නෙමෙයි.

    ජීව විද්‍යාඥයෙක් වන ජොආන් රෆ්ගාර්ඩන් කියන්නෙ මේක අවුරුදු 150ට කලින් ඩාර්වින් විසින් විස්තර කළ චිත්‍රයේම දිගුවක් කියල. ස්ත්‍රී පුරුෂ ලිංගික භූමිකා ගැන ඩාර්විනියානු නැරටිව් එක අහම්බ පටලැවීමක් නෙමෙයි. අද විද්‍යාත්මකයි කියල පිළිගන්න අන්ඩරදෙමළ ඇතුලෙ මේක විද්‍යාත්මකව ඔප්පු කළ සත්‍යයක් වෙලා තියෙනවා. ස්වභාව ධර්මය ගැන ලිංගික වරණයේ දැක්ම විසින් යෝජනා කරන්නෙ ගැටුම්කාරී, රැවටිලිකාර, කැත ජාන මුහුවීමක්.

    මේ ජනප්‍රිය කතාව Advice Goddess නමින් කොලමක් ලියන එමි ඇල්කන් හොඳටම විස්තර කරනවා.
    ‘ තනිව දරුවෙක් රැකබලාගන්නා මවකට පවතින්න නරක තැන් ගොඩක් තියෙන්න පුළුවන්. ඒත් වඩාත්ම නරක තැන වෙන්නෙ අවුරුදු මිලියන 1.8ට එපිට සැවානා බිමයි. අපිට සාර්ථකව ජාන මුහුකළ අපේ මිත්තනියන් වන්නේ තමන් පඳුරකට මුවාවෙන්නෙ කා සමගද යන්න හොඳින් තීරණය කළ අයයි. අධමයන්ගෙන් පියවරුන් වෙන් කරගත හැකි වූ අයයි. පිරිමින්ට වෙනත් ජානමය අවශ්‍යතාවක් තිබුන. තමන්ගේ නොවන දරුවන් තමන් විසින් මරාගත් බයිසන්ලා ගෙනත් පෝෂණය කරන්න ඒ අයට ඕන වුනේ නෑ . ලේසියෙන්ම රෙද්ද උස්සන කාන්තාවන්ට ගලක් උඩ පෙරලගන්නවට වඩා වටිනාකමක් දීම අවදානමක් වුනා’

    බලන්න මේ කතා කොයිතරම් හොඳට එකිනෙක ගැලපෙනවද කියල. මවක් වීමේ අවදානම, අධමයන්ගෙන් පියවරුන් වෙන් කර ගැනීම, පියෙක් විදිහට ආයෝජනය, ඉරිසියාව, ලිංගික දෙබිඩිකම… ඒත් හොඳට ගැටගහලා තියෙන, ඔබේ නොවන පැකේජ් ගනිද්දි පරිස්සම් වෙන්න කියල එයාර්පෝර්ට්වලදි පවා දැනුවත් කරනවා.

    ‘ඉංග්‍රීසි කාන්තාවක් කියන්නෙ කවුද කියන එකත් මට දැන් අමතක වෙලා තියෙනවා. ඇය සතුව දිව්‍යමය යහපත් බවක් තිබුන’.

    චාල්ස් ඩාර්වින් – බීගල් සිට ලියූ ලිපියක

    ‘වංශවතුන් ගැන අනුකම්පා කළ යුතුයි. ආදරයේදි ඔවුන්ට තිබුණු වාසි ඉතා අල්පයි. ඔවුන්ට කියන්න පුළුවන් ඔවුන් සුන්දර බිරිඳකගේ චුම්බනයක් බලාපොරොත්තුවෙන් දේවස්ථාන උද්‍යානයේ රැඳී ඉන්නවා කියල. ඒත් ඔවුන්ට කියන්න බෑ ඇය මට යටවෙලා, මගේ පිට පහුරු ගාමින් සිටියා කියල. මම මගේ ශුකානු ඇගේ පතුලටම විද්දා කියල..
    රොජර් මැක්ඩොනල්ඩ්
    මිස්ටර් ඩාවින්ස් ෂුටර්

    අපේ සම්බන්ධතා සහ ලිංගිකත්වය අතර මේ අතිශය ගැටලුකාරී තත්වෙ ගැන අපි නැවත සිතා බලන්න පටන් ගන්නවා නම් ඒකට හොඳම තැන තමයි චාල්ස් ඩාවින්.

    ඩාවින්ගේ විශිෂ්ට අධ්‍යයන විසින් නොදැනුවත්වම ශෘංගාර විරෝධී නැඹුරුවට සෑහෙන කාලයක් පවතින විද්‍යාත්මක මතුපිටක් සකස් කර දී තියෙනවා. කොයිතරම් විශිෂ්ටයෙක් වුනත් ඩාර්වින් සෙක්ස් ගැන නොදන්නා තරම වෙළුම් ගණන් ලියන්න පුළුවන්. මේ එයින් එකක් විතරයි.

    1859 දි On the Origins of Species මුද්‍රණය වෙද්දි ක්ලැසිකල් ඊරා එකට කලින් තිබුනු මානව ජීවිතය ගැන දැනගෙන හිටපු දේ ඉතා අල්පයි. පූර්ව ඉතිහාස යුගය විදිහට සැලකෙන මේ අවුරුදු 200,000 ක පමණ කාලය, ඒ කියන්නෙ මිනිසා ශරීරමය වශයෙන් නූතන නමුත් කෘෂිකර්මය හෝ ලේඛනය නොමැතිව වාසය කරපු කාලය කියන්නෙ අනුමාන අඩමාන තියරිවලින් පුරවන්න පුළුවන් කාලයක් විතරයි. ඩාර්වින් සහ තවත් අය විද්‍යාවේ සහ ආගම අතර ගැටගැහුනු තැන් ලිහිල් කරන්න වෙහෙසෙන කාලෙ වෙද්දි අපේ ඈත අතීතය ගැන තිබුනු හැම විශ්වාසයක්ම ආගමික ඒවට සීමා වුනා. ප්‍රයිමේටාවො ( අපි වඳුරො වානර‍යො අයිති වෙන ක්ෂිරපායි කාණ්ඩය) ගැන දැනුම තිබුනෙ ළදරු තත්වයක. මේ හින්ද ඩාර්වින් නොදැකපු විද්‍යාත්මක කාරණා දිහා බලද්දි අපිට තේරෙනවා මේ විශිෂ්ටයා අන්ධ වූ පැත්තත් එයාගෙ ඉන්සයිට්ස් තරම්ම අපිට වැදගත් අවබෝධයක් ලබා දෙනවා කියල.

    උදාහරණයක් විදිහට ඩාර්වින් ප්‍රශ්න කිරීමක් නැතුවම තෝමස් හොබ්ස් විසින් ආදි මානවයා ගැන දරපු මතවාදය බාරගත්තා. ඒ යුගයේ ජීවිතය මෘග, දුක්ඛිත,වේදනාකාරී, ප්‍රචන්ඩ සහ කෙටි එකක් කියන එක. මේ මතවාදය නූතන මිනිස් ලිංගිකත්වය විස්තර කිරීම දක්වාම ගමන් කරන්න ඩාර්වින් විසින් ඉඩ හැදුවා. පූර්ව ඉතිහාසික ලිංගිකත්වය ගැන පරිකල්පනය කරන්න කියපු ගමන් අපිට මතක් වෙන්නෙ මුගුරක් අතින් ගත්ත තඩි මිනිහෙක් ගෑනියෙක්ව කොන්ඩෙන් ඇදගෙන ගල්ගුහාවකට අරන් යනවා වගේ දර්ශනයක්.

    අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් මේ පූර්ව යුගය පිළිබඳ හොබ්සියානු අදහස් කොයිතරම් සාවද්‍යද කියන එක. ඒ වගේම ඩාර්වින් තෝමස් මැල්තුස් ගෙ කිසිම විදිහකින් ඔප්පු නොකළ අතීත මානව ජීවිතය ගැන තියරි එයාගෙ න්‍යාය ගොඩනැගීම පිණිස පාවිච්චි කළා. මේ නිසා ඩාර්වින්ට මේ පූුර්ව යුගය ගැන තිබුනෙ අධිනිශ්චය කළ දුකක්, ඛේදයක් වගේ හැගීමක්. එයාට වික්ටෝරියානු ජීවිතය වඩා උසස් කියන අදහස තිබුණ. මේ මූලික වැරදි වටහා ගැනීම වර්තමානය දක්වාම එන පරිණාමවාදී කියවීම්වලට පසුබිම් වෙලා තියෙනවා.

    මේ ප්‍රචන්ඩ පිරිමියා සහ තෝරනසුලු ගැහැණිය අතර නොනවතින නර්තනය ගැන නැරටිව් එක ඩාර්වින් විසින් ඉදිරිපත් කළ එකක් නෙමෙයි. ඒත් ඩාර්වින් මේ නැරටිව් එක ස්වභාවික සහ වෙනස් කළ නොහැකි එකක් විදිහට තහවුරු කරන්න ලොකු වැඩ කොටසක් කළා.
    එයා මෙහෙම ලියනවා,
    ‘ගැහැණිය, ඉතාම කලාතුරකින් හැරෙන්නට, පිරිමියා තරම් (ලිංගික ක්‍රියාවට) කෑදර නැත. ඇය පොළඹවා ගත යුතුය. ඇය ලැජ්ජාශීලියි. ඇය බොහෝ කාලයක් පිරිමියා මගහැර යන්නට උත්සාහ කරයි.’

    මේ කාන්තාවන්ගේ ප්‍රතික්ෂේප කිරීමේ චර්යාව බොහෝ ක්ෂීරපායී සතුන් අතර සංසර්ග ක්‍රියාවේදී දකින්න තිබුනත් ඒක මානවයන්ට කොහෙත්ම අදාල වෙන එකක් නෙමෙයි. ඒ වගේම අපිට බෙහෙවින් සමීප අනෙක් ප්‍රයිමේටාවො අතරත් මේ තත්වය දකින්න නෑ.

    ඉදිරි කොටසින් හමුවෙමු.

  • එක ගැහැණියක් – එක පිරිමියෙක් මිත්‍යාව

    එක ගැහැණියක් – එක පිරිමියෙක් මිත්‍යාව

    එක ගැහැණියක් එක පිරිමියෙක් කියන්නෙ විවාහය කියන සංස්ථාවට හොඳ ගැලපීමක් වෙන්න පුළුවන්. ඒත් ඒක සම්බන්ධතා එක්ක පටලගැනීම නරකයි. ඒ කියන්නෙ විවාහය කියන නීතිමය, සමාජ සංස්ථාව සැලසුම් වෙලා තියෙන්නෙ එක ගැහැණියක්- එක පිරිමියෙක් පදනම උඩයි. ඒත් අපි ඒ විවාහයට කොටු වෙලා අපේ සම්බන්ධතා පවත්වන්නෙ එක ගැහැණියක් හෝ එක පිරිමියෙක් සමග විතරක් නම් ඒක හරියට එක පොතක් විතරක් කියවනවා වගේ. එක කවියක්, එක චිත්‍රපටියක් විතරක් රස විඳිනවා වගේ. අපේ ඇතුලාන්තය හිස් කරන වැඩක්.

    කිසිම ගැහැණියකට හෝ පිරිමියෙකුට තවත් කෙනෙකුගේ සම්පූර්ණ මානසික අවශ්‍යතා සපුරන්න පුළුවන්කමක් නෑ. ඒ විදිහෙ සීමා පැනවීමකින් වෙන්නෙ අපේ මානසික අවශ්‍යතා පටු කරගැනීමක්, සිර කරගැනීමක් විතරයි. ඒ කියන්නෙ ඒවා වෙනත් විකෘති, නරක ආකාරවලින් පිටතට මුදාහැරෙනවා. ගොඩක් වෙලාවට දරුවන්ගේ පිටින් ඒ පීඩනයන් ගලා යන්න පටන් ගන්නවා.

    දෙන්නෙක් ඒ දෙන්නා සමග පමණක් ලිංගික සම්බන්ධතා පවත්වනවා යන සීමාව මත ජීවත් වෙනවා කියන්නෙ ඒ අයගෙ ජීවිතය පදනම් වෙලා තියෙන්නෙම ලිංගිකත්වය මතයි කියන එකයි. ඇත්තටම ජීවිතය ඊට වඩා ගොඩක් විශාලයි. ලිංගිකත්වය කියන්නෙ ඉතාම පුංචි, සැහැල්ලු, සෙල්ලක්කාර ආශාවක් විතරයි.

    ගොඩක් අය මේ දෙන්නෙක් එක්ක විතරක් ගත කරන සිරගත ජීවිතයට කියන්නෙ විශ්වාසය කියල. ඒත් හොඳට බැලුවොත් පේන දෙයක් තමයි ඒ ජීවිතේ ළගා කරගත නොහැකිම දේ වෙන්නෙත් විශ්වාසය කියන එක. අනෙකාගෙ ජීවිතයේ ආශාවේ සීමාව තමන් වෙනවා කියන්නෙ ඇත්තටම ඒ කෙනාගේ ජීවිතය සිරගත කරලා යතුර තමන් ළග තියාගෙන ඉන්නවා වගේ වැඩක්.

    විවෘත ලිංගික ඇසුරු කිරීම් සහිත සම්බන්ධතාවලදි අවංකත්වය සහ විශ්වාසය ඉතාම වැඩියි කියන එක පර්යේෂණ මගින් ඔප්පු වුනු දෙයක්. ඒ අය විවෘත සම්බන්ධතාවලට යන්නෙම අවංක ඇසුරක් අනෙකා සමග පවත්වාගෙන යාමට තියෙන උවමනාව නිසයි. කෙනෙකුට හොරෙන් තවත් කෙනෙක් එක්ක පවත්වන සම්බන්ධතා ගැන නෙමෙයි මේ කියන්නෙ. එකිනෙකා දැනුවත්ව තමන්ගේ ලිංගික ආශාවන් නිදහසේ සපුරාගැනීමට අවකාශ ඇති සම්බන්ධතාවයක තියෙන රමණීයත්වය ගැනයි.

    මේ විදිහෙ විවෘත සම්බන්ධතාවල එකිනෙකා අතර සංවාදය හැමදාටම පවතිනවා. ඒ අය තමන්ගේ හැගීම් ගැන එළිපිට අනෙත් සහකර‍ැවා සහකාරිය එක්ක කතාබහ කරනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි ලිංගිකත්වයට වඩා විශාල ඇත්ත හේතු ගොඩක් තමන්ගේ සම්බන්ධතාවය පවත්වාගැනීමට පදනම් වෙනවා කියලා ඒ අය තේරුම් ගන්නවා.

    විවාහයක් බිඳ වැටෙන්නෙ ලිංගික සතුට නැතිවීම නිසා කියන කතාව මෝඩ මිත්‍යාවක්. විවාහයක් නෙමෙයි කිසිම මිනිස් සම්බන්ධතාවයක් ලිංගික සතුට මත පමණක් පවතිනවා නම් ඒක රෝගයක්. ඒත් අපේ සම්මත සමාජ ජීවිතය අපිට අදහන්න පුරුදු කරලා තියෙන සත්‍යය මේකයි. කවුරු හරි විවාහයෙන් පිට සම්බන්ධතාවයක් පවත්වනවා නම් ඒ අනෙකාට ලිංගික සතුට සපුරන්න නොහැකි නිසා යැයි විශ්වාස කිරීම ආදිකල්පිකයි.

    ලිංගික සතුට කියන්නෙම නිදහස, කුතුහලය, අලුත් දේ සොයා යාම මත පවතින දෙයක්. එහෙම නොවන හැම තැනකම තියෙන්නෙ රෝගී ලිංගිකත්වයක්. ඒ කියන්නෙ සිරගත කළ, සදාචාරගත කළ ලිංගික ඇසුරක්. ඒක ආශාව නිදහස්වන, මිනිසා පරිපූර්ණ කරන ආස්වාදයක් නෙමෙයි. ඒ වගේ ඇසුරන් අපිට නිතර මතක් කරන්නෙ අපේ ජීවිතේ කොයිතරම් බෝරිංද කියල විතරයි.

    ලිංගිකත්වය නිදහස් කරලා ඇත්ත සම්බන්ධතාවයකට එළඹෙන එකයි දෙන්නෙකුගේ සැබෑ උත්සාහය විය යුත්තෙ. ඉරිසියාව සැකය පදනම් වුනු මිනිස් සම්බන්ධතාවයක් වෙනුවට ආදරය නිදහස පදනම් වුනු සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමයි අපේ දිශාව විය යුත්තෙ.

    මේ ලිංගික නිදහස් වීමෙන් සමාජයට ලැබෙන ප්‍රතිලාභයත් විශාලයි. ඇරියස් වලින් පිරුණු ආතතිකර මිනිස්සු වෙනුවට සැහැල්ලු, විනෝදකාමී, විනිශ්චයන්ගෙන් තොර නිරෝගී මිනිස්සු සමාජයේදි මුනගැහෙන්න පටන් ගන්නවා. ඒ වගේම දෙන්නෙක් කියල කොටු කරපු විවාහ සංස්ථා වෙනුවට ආදරයෙන් බැඳුනු, වඩා අවංක සම්බන්ධතා පවත්වන ලොකු පවුල් නිර්මාණය වෙනවා. අපි එකිනෙකා සම්බන්ධ වෙන හැම කෙනෙක්ම අපේ පවුලෙ සාමාජිකයෙක්. ඒ වගේ ජීවිතයක් වඩා සුන්දර මිනිස් වාසයක් නිර්මාණය කරනවා.

    ආදරයේ මුල් අවධියේදී ඉරිසියාව, ආශාව මත තමන්ට සීමා කරගත හැකි අනෙකා පිළිබඳ උමතුව ස්වභාවිකයි. ඒ තත්වයත් රස විඳිය යුතු එකක්. නමුත් එතැනින් ඔබ්බට ඒක බාධාවක්, බරක්, කණස්සල්ලක් වශයෙන් පවතිනවා විතරයි. අපේ මිනිස් සම්බන්ධතාවයේ සොදුරු බව, අවංක බව, විශ්වාසය නැති කරනවා විතරයි.

    මිනිස් ඇසුරක පදනම විය යුත්තේම නිදහසයි. ආදරයක පදනම විය යුත්තේම අනෙකාගේ සතුටයි. මේ කාරණා සීමා කරන කිසිම තැනක නිරෝගී මිනිස් ඇසුරක් පවතින්න විදිහක් නෑ.

    විවාහයට බාහිර ආදර සම්බන්ධතා නිසා විවාහයක් තවත් රසවත් වෙනවා. නිදහස් වෙනවා. නමුත් වැදගත් කාරණය වෙන්නෙ විවෘතභාවයයි. අනෙකාටත් ඒ නිදහස ලබා දෙමින්, අනෙකාත් දැනුවත්ව ඒ චමත්කාරය අත්විඳීමයි.

  • ඩයනා ඉදිරියේ නිරුවත් පාර්ලිමේන්තුව

    ඩයනා ඉදිරියේ නිරුවත් පාර්ලිමේන්තුව

    ඩයනා ගමගේ කියන්නෙ අපි කැමති විදිහෙ චරිතයක් නෙමෙයි. ඒත් ඩයනා පාර්ලිමේන්තුව ඇතුලෙ ජෙන්ඩර් පොලිටික්ස් පැත්තෙන් කරන කාර්යභාරය නොසලකා හරින්න පුළුවන් එකක් නෙමෙයි. ඇය නිර්ප්‍රභූ ගැහැණියක් විදිහට පාර්ලිමේන්තුවේ කරන්නෙ ලිංගික සංස්කෘතික පෙරළියක්. ඒක හරිනි අමරසූරියලා කරන විදිහෙ පොෂ් ෆෙමිනිස්ට් බොරුවක් නෙමෙයි.

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්තරා කාලෙක රංජන් රාමනායකගෙ බැක්සයිඩ් කතාවක් හින්ද පාර්ලිමේන්තුව ඇතුලෙ අපහසුතාවයට ලක්වුනා. මගේ ඉස්සරහ සයිඩ් එකයි බැක්සයිඩ් එකයි දෙකම දෙන්නෙ මගේ මහත්තයාට කියල එයා ඒ පිරිමි ලිංගික අපහාස මැද හිටගෙන කියපු කතාවට අපි අත් උස්සලා අත්පුඩි ගැහුවා. ඊට පස්සෙ හිරුණිකා කාන්තා වීරවරියක් වුනා. මහා වීර ගෝඨාභයගෙ ගේ ඉස්සරහට ගිහින් ගේම ඉල්ලුවා.

    පස්සෙ ඒ ස්ත්‍රී අභිමානය හිරුණිකාට ඉස්මුරුත්තාවට ගියා. මෑත වේදිකාවක එයා කිසි හිරිකිතයක් නැතුව රනිල් ගෙ බෝල දෙක ගැන කතා පවත්වන්න ගත්තා. ජලනි ප්‍රේමදාස උඩ පැන පැන හිනාවුනා. ගැහැණියකට ලිංගික අපහාස කිරීම වගේම පිරිමියෙකුට ලිංගික අපහාස කිරීමත් නින්දිත ක්‍රියාවක් වග හිරුණිකාට ඒ වෙලාවෙ මතක් වුනේ නෑ. ජලනි එහෙම දෙයක් දන්නෙවත් නෑ.

    පාර්ලිමේන්තු ආපු අශිෂ්ටයෙක් වන තිස්සකුට්ටිආරච්චි එක වෙලාවක ලිංගික අපහාසයක් විදිහට වම්බටු ගෙඩියකින් රෝහිනී කවිරත්නට දමලා ගැහුවා. ඒ වෙලාවෙ ස්ත්‍රී පෙරමුණක් විදිහට හරිනි අමරසූරියලා වම්බටු ගෙඩියට එරෙහිව කවිරත්න එක්ක හි‍ටගත්තා.

    ඉතාම මෑතක නලින් බණ්ඩාර දිව එළියට දාලා ඩයනා ගමගේව පෙරලගත්ත කතාවක් පාර්ලිමේන්තුවෙ කියනවා. ඩයනා ඒ වෙලාවෙදි, කවුරු පෙරලගත්තත් ඔයාට පෙරලගන්න හම්බුවෙන්නෙ නෑ කියල අනිත් පැත්තට නිර්භයව කියල දානවා. නලින් බණ්ඩාර තමන්ගේ ලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරමින් ඩයනාට ගලි බවුසරයක් කියලත් අපහාස කරනවා. රෝහිනී කවිරත්නත් ඇතුලු පාර්ලිමේන්තුවෙ සියලු ස්ත්‍රී චරිත නෑසුකන්ව ඉන්නවා. සමහරු ඒ අශික්ෂිතබව දිරිමත් කරමින් හිනාවෙනවා.

    කවර දුර්වලතා තිබුනත් ඩයනා ස්ත්‍රිය කියන සම්මත සමාජ පිළිගැනීමේ ස්ටීරියොටයිප් කුඩු කරපු ගැහැණියක්. පිරිමි මන්ත්‍රීන් පවා පුහු සදාචාරය නිසා කතා කරන්න මැළිවෙන කංසා නීතිගත කිරීම ගැන ඇය ගැහැණියක් විදිහට බය නැතුව කතා කරනවා. ඒ නිසා අනේක විධ අපහාස විඳිනවා. නාගරිකව රාත්‍රී සමාජ ජීවිතයක් නිර්මාණය කළ යුතු බව කියනවා. එයා කතා කරන්නෙ ගැහැණුකමේ සීමාවන් ආරක්ෂා කරමින් නෙමෙයි. එයා අමුවෙන් කතා කරනවා. නොනැවතී බැන ගන්නවා. සුකොමල, ලැජ්ජාශීලී කාන්තා ප්‍රතිරූපය කුඩුපට්ටම් කරනවා. පිරිමි ගොඩක් ඩයනාට අකමැති ඒකයි. ගැහැණු ගොඩක් අකැමැති වෙන්න හේතුවත් ඒකයි.

    ස්ත්‍රියකගේ අයිතිවාසිකම් සහ ගරුත්වය ආරක්ෂා කළ යුත්තේ ඇය මටසිළුටු වැදගත් ගැහැණියක් නම් පමණක් නෙමෙයි. ඇය වැදගත් යැයි සම්මත සීමාවන් නොතකා හරිමින් සිටියත් ඇයට ඇගේ පුද්ගලික ජීවිතයේ ගරුත්වය හිමි විය යුතුයි. ඇය යහන්ගත වෙන්නෙ කවුරුන් සමගදැයි යන්න අනිත් අයට ප්‍රශ්නයක් නොවිය යුතුයි.
    පාර්ලිමේන්තුවේ ගැහැණියකට එරෙහිව භාවිතා වුනු අශිෂ්ට ලිංගික ප්‍රචන්ඩත්වය අපි හෙළා දකිනවා. ටයිකෝට් ඇඳගෙන නලින් බණ්ඩාර කරපු කතාව ඇත්තටම නිරුවතින් කළා නම් නම්බුකාරයි. ඒ වගේම තවමත් ඒ ප්‍රකාශය ගැන තමන්ගේ විරෝධය ප්‍රකාශ නොකළ සජබෙ සංස්කෘතියත් මෙතනදි නිරුවත් වෙනවා.

    කොළඹ ස්ත්‍රීවාදීන්ට අමතක වන ස්ත්‍රී- පුරුෂ කවර හෝ පුද්ගලයෙකුගේ මනුස්ස ගරුත්වය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ගැහැණියක් වේවා, පිරිමියෙක් වේවා, ඔවුන්ගේ පංතිමය වැදගත්කම්, සදාචාර සීමාවන් කවර හෝ වේවා ඔවුන්ට ලිංගිකව අපහාස කිරීම නින්දිත පහත් ක්‍රියාවක්. එවන් පහත් පිරිමින් ගැහැණුන් මැද තනිව සිටගෙන නොවැටී කතා කළ ඩයනාගේ ශක්තිමත්බව අගය කළ යුත්තක්.

  • ජපන් කාම සිනමාව

    ජපන් කාම සිනමාව

    මං ඉතාම තද ජපන් පෝර්න් රසිකයෙක්. ලෝකෙ වෙන කිසිම පෝර්න් එකකින් නොලබන ආස්වාදයක් ජපන් පෝර්න්වලින් ලබන්න පුළුවන්. ඒකට හේතු ගණනාවක් තියෙනවා.

    ප්‍රධානම එක ජපන් කාන්තාවන්ගේ තියෙන සුන්දරත්වය. ඒ ලප කැළැල් නැති සම. ඒ වගේම බටහිර පෝර්න්වල අපිට බහුලව දකින්න තියෙන්නෙ කෘතිමව හදාගත්ත සිලිකන් පියයුරු. ඒත් ජපන් පෝර්න්වල අපි දකින්නෙ කාන්තාවන්ගෙ ස්වභාවික පියයුරු. ඒ සුන්දරත්වය කොයිතරම් මිසින්ග්ද කියල තේරුම් යන්නෙ බටහිර පෝර්න් අතරම ඉඳලා ජපන් පෝර්න් විශ්වයට ඇතුල්වෙද්දියි.

    ඒ වගේම ජපන් පෝර්න් වල පයිප්ප බාස්, පීසා කොල්ලා එක්ක සෙක්ස් කරන ඉතාම මෝඩපහේ එළඹුම දකින්න නෑ. ඒ වෙනුවට මොකක් හරි විදිහක කතාවක් ඇතුලෙ ශෘංගාරයක් මේ පෝර්න්වලට විෂය වෙනවා. ජපන් පෝර්න් නිළියන්ගෙ රංගනය වුනත් මේ සාර්ථකත්වයට බලපානවා. මේ පෝර්න් බහුතරයක් සබ්මිසිව්. ඒ කියන්නෙ කාන්තාව ලිංගිකත්වය දරාගෙන ඉන්න කෙනා විදිහටත් පිරිමියා ලිංගිකත්වය ලුහුබඳින කෙනා විදිහටත් තමයි නිරූපණය වෙන්නෙ. මේ තත්වය බටහිරදි වෙනස් වුනත් තවමත් බටහිර පිරිමියා පවා මේ සබ්මිසිව් ගැහැණිය රස විඳින්න කැමැත්තක් දක්වනවා. ජපන් පෝර්න්වලට යුරෝපයේ පවා විශාල ඉල්ලුමක් තියෙන්නෙ මේ නිසා.

    ගොඩක් අය කියන කතාවක් තමයි මේ ජපන් පෝර්න් නිළියන්ගෙ රමණාස්වාදය දනවන කෙඳිරිය හරියට අඩනවා වගේ කියල. නමුත් පිරිමි වගේ හඩකින් ‘ෆක් මී ෆක් මී’ කියනවට වඩා මේ ජපන් රමණ කෙඳිරීම් ස්ත්‍රීමය ආස්වාදයක් දනවන වග අපිට පිළිගන්න සිද්ද වෙනවා.

    ජපානයේ අසභ්‍ය නීති අනුව මේ JAV නැත්නම් ජැපනීස් ඇඩල්ට් වීඩියෝ කියන කැටගරියෙ චිත්‍රපටවල ලිංගේන්ද්‍රිය ප්‍රදේශයේ මයිල්ගහක්වත් ප්‍රදර්ශනය තහනම්. මේ නිසා මේ පෝර්න්වල ඒ ප්‍රදේශවල කොටු කොටු බොඳ කිරීමක් දකින්න තියෙනවා. ඇත්තටම මේ ප්‍රදර්ශනය නොකිරීම පවා ඒ වීඩියෝවල වින්දනය වැඩි කරන කාරණයක් වෙලා තියෙනවා.

    ජපානය අතීතයේදි ලිංගික වශයෙන් බොහෝ විවෘත රටක්. වි‍ශේෂයෙන් ෂුන්ගා වැනි පොර්නොග්‍රෆි සම්ප්‍රදායන් ජපානයේ උරුමයක්. මේ අසභ්‍ය නීති මගින් සීමා පැනවීම පවා සිදුවුනේ බටහිර සදාචාරය ජපානය මත බලපාන්න පටන් ගත්තට පස්සෙ. ආසියාතික ලිංගික නිදහස වික්ටෝරියානු සදාචාරයේ සීමාවලට සිරගත වීම ජපානය, ලංකාව, ඉන්දියාව වගේ බොහෝ ආසියාතික රටවල දකින්න පුළුවන් පොදු කාරණයක්.

    ජපන් පෝර්න්වල අපි දකින පිරිමියා සික්ස් පැක්, මාංශපේශිධාරි පිරිමියා නෙමෙයි. අඩියක් විතර දිග පුරුෂ ලිංගයක් හිමි දැවැන්තයෙකුත් නෙමෙයි. ඒ වෙනුවට බඩ තියෙන, වයස්ගත, කෙසඟ හෝ අතිශය සාමාන්‍ය පිරිමි තමයි ජපන් පෝර්න්වල ඉන්නෙ. මේ නිසා අපිට ඒ අත්දැකීම සමීප වෙනවා වැඩියි.

    ඒ වගේම ක්‍රීඩාවක් හෝ යගදාවක් සමග වික්‍රම පෑමක් වෙනුවට ජපන් පෝර්න්වල අපි දකින්නෙ සංකල්පමය වින්දනයක්. ඒ කතාව හෝ ඉරියව් මගින් ජනනය කරන තෘප්තිය බටහිර පෝර්න්වල හුදු ලිංගේන්ද්‍රියන්ටම යොමුවුනු, පහරදීම, වේගය ආදිය උත්කර්ෂයට නංවන තෘප්තියට වඩා බෙහෙවින් වෙනස්.

    ජපන් පෝර්න්වල අපිට ස්වභාවික නිරුවත් ආශාව දකින්න තියෙනවා. එයින් අපේ පතුලෙම සිරවුනු ජාගර හැගීම් උද්දීපනය කරනවා. ඒක ශරීර සහ ක්‍රියාව ඉලක්ක කරගත් එකක් නෙමෙයි. ඊට වඩා මනුස්ස හැගීම් සහ සම්මත සංස්කෘතිය එක්ක පර්වර්ට් විදිහෙ ගනුදෙනුවක් කරන එකක්.

    ඒ වගේම ජපන් පෝර්න්වල ඉතා පුළුල් පරාසයක විහිදුනු ෆැන්‍ටසි සහ ෆෙටිෂ් රසවිඳින්න පුළුවන්. බටහිර පෝර්න්වල ෆැන්‍ට‍සි වුනත් අතිශය සීමිතයි සහ ඒකාකාරීයි. ඒත් ජපන් පෝර්න් මේ අතින් අතිශය විප්ලවීයයි. පෙරලිකාරයි.

    බටහිර පෝර්න් එකක් බලද්දි අපිට දැනෙන්නෙ අපිව හරියට ක්‍රීඩාගාරයකට අරන් ගියා වගේ. ඒත් ජපන් පෝර්න් එකක් අපිව හරියටම නිදන කාමරයේ නිරුවත් මොහොතට අරන් යනවා. ඒ ස්වභාවිකත්වය අපිට ජීවිතය දනවනවා.

    පෝර්න් විෂය සම්බන්ධ පුරෝගාමී මෙහෙවරක් කරන JAV නරඹද්දි ඒවායින් පෝර්න්වලට එකතු වුනු වචන ගැනත් දැනගෙන හිටියොත් ආස්වාදය තවත් වැඩිවෙන්න පුළුවන්.

    Aieki – කියන්නෙ පිරිමි හෝ ගැහැණු ලිංගික ශ්‍රාවයන්ට. ලව් ජූස්වලට
    Ana Kyodai – එකම ගැහැණියක් සමග ලිංගික ක්‍රියාවේ යෙදෙන පිරිමි
    Anaru – ඒනල් සෙක්ස්
    Aokan – එළිමහන් රතිකෙළිය
    Ashikoki – පතුල් වලින් පුරුෂ ලිංගය පිරිමැදීම

    Bakku de – ඩොගි ස්ටයිල්
    Banira- Vanilla – ශුක්‍රාණු
    Bobo – යෝනිය
    Bukake- මුහුණ මත ශුක්‍රානු පහකිරීම
    Bishonen- ලස්සන කොල්‍ලා

    Chichi – පියයුරු
    Chikubi – තනපුඩු
    Chinchin – පුරුෂ ලිංගය
    Chinara – යෝනියෙන් නිකුත් කරන වාතය

    Dekapai – විශාල පියයුරු
    Dekachin – විශාල පුරුෂ ලිංගය
    Deru – ශුක්‍ර මෝචනය
    Doutei – පිරිමි කන්‍යාව

    Echchi – Hentai – පර්වර්ට්
    Echchiban – පෝර්න් මැගසින්

    Fukku – fuck
    Funyachin – අප්‍රාණික ලිංගය
    Fera- Ferachio – මුඛ සංසර්ගය

    Gokkun – මුඛ සංසර්ගයට පසු මුව තුල ශුක්‍රාණු සමග සෙල්ලම් කිරීම
    Hamadori – පිරිමියෙකුගේ පොයින්ට් ඔෆ් විව් එකෙන් රමණය රූගත කිරීම.
    Harigata – ඩිල්ඩො

    Iku – සුරතාන්තයට පත්වීම
    Karami – කෙනෙක් සමග සම්පූර්ණ ලිංගික ක්‍රියාව. පූර්ව ලිංගික ක්‍රියාවල සිට ධාතු පහවීම දක්වා
    Ketsu – තට්ටම්
    Kintama – වෘෂණ
    Koku – ස්වයං වින්දනය
    Kuri – Kuritorisiu – ක්ලිටොරිසය

    Maguro – ගැහැණිය සංසර්ගය පුරා ඔහේ වැතිර සිටීම
    Manzuri – ස්ත්‍රී ස්වයංවින්දනය
    Mange – කාන්තා ලිංගේන්ද්‍රිය රෝම
    Manjiru – කාන්තා ලිංගික ශ්‍රාවයන්
    Mazarin – වාරණය නොකළ අසභ්‍ය පිංතූර සහිත පොත්
    Nakadashi – යෝනිය තුල ධාතු පහකිරීම
    Nyotaimori-Naked Sushi – කාන්තාවකගේ නග්න සිරුර මත සුෂි පිලිගැන්වීම. අනතුරුව සංසර්ගය
    Nakinami – ෆිස්ටින්

    Paipan – රෝම ඉවත් කළ වැජයිනාව
    Pechapai – කුඩා පියයුරු
    Panchira – සාය යටින්

    Rezu- Rezubian – ලෙස්බියන්

    Sanpi – ත්‍රීසම්
    Scatoro – මළපහ කිරීමක් සමග ලිංගික සංසර්ගය
    Shibari – බොන්ඩෙජ්
    Shojo – කන්‍යාව

    Tannima – ක්ලිවේජ්

  • විරෝධයේ ශෘංගාරය

    විරෝධයේ ශෘංගාරය

    මේ සටහන ඉන්ස්පයර් වුනේ උදාන් ෆර්නැන්ඩු විසින් තබන ලද ෆේස්බුක් සටහනක් නිසාවෙනි. එය කදිම හඳුනාගැනීමකි. විලාසිතාව, ලිංගිකත්වය සහ විරෝධය අතර සුන්දර රමණයකි.

    කතාවේ වස්තු බීජය වන්නේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් නිදහස් කිරීම වෙනුවෙන් පැවති අරගලයක මර්චන්ඩයිස් එකකි. මර්චන්ඩයිස් කියන්නෙ යමක් අළෙවිය පිණිස එහි ආකර්ශනය වැඩි කිරීම සඳහා භාවිතා කරන ඕනෑම දෙයකි. එනම් පණිවුඩය හෝ සන්නාමය මුද්‍රණය කළ කැප්, කෝප්ප, ටීෂර්ට් ආදිය මේ කාණ්ඩයේ ලා මාර්කටින්වලදි සැලකෙයි. මෙහි අරමුණ වන්නේ තව තවත් මිළදී ගැනීමට පාරිභෝගිකයා පෙළඹවීමයි. මර්චන්ඩයිසින් යනු පරිභෝජනවාදයේ ඉහළම භාවිතාවකි.

    දැන් අපි කතාවට එමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ වසන්ත, සිරිධම්ම මෙන්ම තවත් බොහෝ රැදෙවියන් අසාධාරණ අන්දමින් සිරගත කරගෙන සිටී. නමුත් වසන්ත සහ සිරිධම්ම යන පෙරටුගාමී පක්ෂ නියෝජිතයන් වෙනුවෙන් පැන නැගෙන මෙම ත්‍රස්ත පණතට විරෝධය අවුරුදු ගණන් සිරබත් කන අනෙක් දෙමළ සගයන් වෙනුවෙන් පැන නැගු‍නේ නැත. මේ පණතට එරෙහි සටනේ මුහුණ විය යුතුව තිබුනේ අවුරුදු 16ක් සිරගතව සිටිමින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන පවා දිනාගත් සිවලිංගම් අරුන්ය. නමුත් පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් වීරයන් ලෙස නිර්මාණය කරගෙන තිබෙන්නේ දවස් 90ක් සිරගත වූ වසන්ත සහ සිරිධම්මය. දේශපාලනය වැඩකරන්නේ එහෙමය.

    මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අමානුෂික එකකි. එය වහා ඉවත් කළ යුතු බව අවිවාදිතය. නමුත් අසාධාරණයට ලක්වන අය අතරද නොසළකා හැරෙන පීඩිතයන් සිටීම දේශපාලනිකව කියවා ගත යුතුය. එතැනදී මේ සාධාරණය වෙනුවෙන් යැයි නැගිටින පිරිස් අතින් සිදුවන අසාධාරණය ප්‍රශ්න කිරීමද අත්‍යාවශ්‍යය.

    මේ වීරයන් වෙනුවෙන් මර්චන්ඩයිස් ලෙස ටීෂර්ට් මුද්‍රණය කර තිබේ. පරිභෝජනවාදයට, ධනවාදයට උඩ පැන පැන තලන පෙරටුගාමීන් නයිකි සන්නාමය රැගත් ටීෂර්ට් මත මේ වීරයන්ගේ මුහුණු අලවා තිබීම හාස්‍යජනකය. ඒ මදිවාට නයිකි ටැග් ලයින් එකම විරෝධය සඳහාද යොදාගෙන ඇත. Just Do It, යන්න Do It Now යනුවෙන් සුළු වෙනස්කමක් ඇතිව භාවිතා වී තිබේ.

    පරිභෝජනය සහ මාර්කටින් පිළිබඳ කිසිම විරෝධයක් නැති අපට මෙය චමත්කාරජනකය. වැඩියෙන්ම ඒ චමත්කාරය මතුවන්නේ මාර්කටින් විරෝධී වම මෙයාකාරයෙන් සන්නාමවලට කඩේ යද්දීය.

    මේ ටීෂර්ට් එක හැඳ නයිකි වයිසරයක්ද පැළඳ ඉදිරියෙන්ම යන්නේ රූමත් තරුණියකි. ඇය ආකර්ශනීයය. ඇගේ විරෝධය ශෘංගාරාත්මකය. ඊට පිටිපස්සෙන් පරණ කලු බැනර් දරාගත් රැළ ඇවිදිමින් සිටී. ඔවුන් දහඩියෙන් බත්වූ, යටිගිරියෙන් මොරදෙන බැරියර් පෙරළන්නවුන්ය. ඇය තනියෙනි. ඉදිරියෙනි. ඇගේ ඉරියව් විරෝධය ආස්වාදයකට පෙරළයි. අර සෙනග වෙනුවට දහසක් ඇස් මේ මර්චන්ඩයිසර් යුවතිය ළග නතර කරයි.

    විරෝධය, පරිභෝජනය සහ ශෘංගාරය එක්වුනු හැගීමක් ඇය විසින් නිර්මාණය කරයි. දේශපාලනය හැමදාම වගේ ඇදෙන්නේ පිටුපසින් රංචුවක් ලෙසය. ශෘංගාරය, ලිංගිකත්වය ඒ සියල්ලට ඉදිරියෙන් සොඳුරු ලෙසය. වමට විශේෂයෙන් පෙරටුගාමීන්ට සිදුවන මේ අලකලංචියට අප ඉතා කැමතිය. අරගලයේ ජංගියක් දැකීමෙන් කලබල වුනු පෙරටුගාමීන් තමන්ගේ සිරගත සගයන් නිදහස් කරගැනීමට ස්ත්‍රී අනුරාගය යොදාගැනීම ආතල්ජනකය. ටයර් විකුණන්න ස්ත්‍රියක් යෙදීම ගැන මොර‍දෙන වමේ ඇන්ටයි-සෙක්ස් ස්ත්‍රීවාදීන්ද කිසි සද්දයක් නැත. විරෝධතා වෙනුවෙන් ස්ත්‍රීන් විකිණීම ඔවුන්ගේ දර්ශනයේ හැටියට වරදක් නොවිය හැකිය.

    විරෝධතා ශෘංගාරාත්මක වීම ඉතා හොඳය. මොරදීම, ප්‍රචන්ඩත්වය වෙනුවට සෙක්සි ගතිය පාවිච්චි කිරීම රමණීයය. පරිභෝජනවාදය සහ වම ස්ත්‍රිය මත එකට පිහිටීම ආශ්චර්යය. මේ නයිකිමය විරෝධයට අප ද එකපයින්ම මනාපය. සහෝදරවරුනි, ඉදිරියේදී තව තවත් සොඳුරු යුවතියන්, සන්නාමයන් ඔබලාගේ විරෝධයන් පිණිස යොදාගන්න. ලිංගිකත්වය, ශෘංගාරය මහපාරට අරන් එන්න. නිදහස පිළිබඳ සැබෑ විප්ලවය එතන තිබෙන බව ෆැකල්ටි ඔෆ් සෙක්ස් සැමදා පෙනී සිටි ස්ථාවරයයි.

  • ධනුෂ්කට මොකද වුනේ?

    ධනුෂ්කට මොකද වුනේ?

    ධනුෂ්ක ගුණතිලක කියන ක්‍රිකට් ක්‍රීඩකයා ඔස්ට්‍රේලියාවෙදි තරුණියකට ලිංගික අතවර සිදු කළා යැයි චෝදනා ලබලා තියෙනවා. මේ තරුණිය ටින්ඩර් ඇප් එක හරහා මුනගැහුනු බවත් දැනගන්න තියෙනවා. තරුණියගේද යම් කැමැත්තක් ඇතිව පැවැත්වුනු බවක් පැහැදිලි මේ සම්බන්ධයේ කොතනකදි හෝ ඇගේ අකමැත්ත නොතකා ක්‍රීඩකයා ඇය සමග ලිංගික හැසිරීමක් සිදුකර තියෙනවා.

    දැන් මේ ගැන විවිධාකාරයේ අදහස් යෝජනා පළවුනත් මේ පරාසය අතිශයින්ම නිශ්චිත නොවූ බොඳවුනු කලාපයක්. කැමැත්තෙන් ආරම්භ කරන ලිංගික සම්බන්ධතාවයක් වුනත් මගදී යම් කෙනෙක් විසින් අකමැත්ත පළ කළහොත් වහාම එය නතර කිරීමයි සිදු විය යුත්තෙ. ඒත් ඒක ඒ තරම්ම සරලද? අකමැත්ත පළකිරීම තේරුම් ගත නොහැකි තරමේ හැගීම් කුලප්පුවක අනෙකා ඉන්න පුළුවන්. මෙවන් සිදුවීමක් නීතිමය තත්වයක් දක්වා දුරදිග යාම කියන්නෙම ඒ දෙදෙනා අතර පැවතුනු මිනිස් ගනුදෙනුවේ අවුලක්.

    තරුණියකට නිරුවත්ව යහන්ගත වී සිටියදී වුවත් සම්බන්ධතාවය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය තියෙනවා. පිරිමියෙකුටත් මේ අයිතිය මේ විදිහටම හිමි විය යුතුයි. සම්බන්ධතාවයකදී එකිනෙකා අතර ඇති මිනිස් ගරුත්වයේ තරම මත එම එක්වීම අතවරයක්ද නැද්ද යන්න තීරණය වෙනවා.

    එක පැත්තකින් ධනුෂ්ක ඇය එපා කියද්දීත් එසේ හැසිරුනා නම් ඔහු වරදකරුවෙක්. එපා යන්න හරි හැටි ඔහුට නොවැටහුනා නම් ඔහු අසරණයෙක්.

    අනෙක් පැත්තෙන් මෙම කන්සෙන්ට් එක අවලංගු කිරීමේ අයිතිය මෑතක සිට බොහෝ කාන්තාවන් වංචනික ආකාරයෙන් පාවිච්චි කරන ස්වරූපයකුත් තියෙනවා. පලිගැනීමේ චේතනාවෙන් හෝ මුදල් සහ ප්‍රසිද්ධිය ලබාගැනීමේ චේතනාවෙන් මෙය ඉතාම පහසුවෙන් කළ හැකි චෝදනාවක්. කාන්තාවන් සම්බන්ධයෙන් නීතියේ පවතින වැඩි නම්‍යශීලී බව සමහරුන් වාසිය පිණිස යොදාගන්නවා. ලිංගික එක්වීමකින් පසු ඕනෑම කාලයකදී කාන්තාවකට මෙසේ තමන්ට අතවර වූ බවට පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා. (ඇතැම් රටවල නඩු විභාග කිරීම සහ දඩුවම් ලබාදී‍ම සඳහා නිශ්චිත කාල රාමු පණවා තියෙනවා. උදා විදිහට ඉන්දියාවේ අතවරයෙන් අවුරුදු තුනකට අඩු කාලයකදී පැමිණිලි කළයුතු වෙනවා)

    ධනුෂ්ක ගුණතිලක ලිංගික එක්වීමේදී තරුණිය විසින් දන්වා සිටි පරිදි කොන්ඩම් පැළඳීම සිදු නොකළ නිසා මෙය අතවරයක් හැටියට පැමිණිලි කළ බවටත් කියවෙනවා. එහෙම වුනා නම් එය තරුණියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නයක් මතු කරන තත්වයක්. කෙටි වින්දනයක් වෙනුවෙන් ආරක්ෂාකාරී නොවන අයුරින් සබඳතා පවත්වන පිරිමියෙකුගෙන් යම් ලිංගිකව බෝවන රෝගයක් පවා ඇයට වැළඳීමට ඉඩ තියෙනවා. නමුත් අපි මේ කිසි දෙයක් ගැන ස්ථිරව කියන්න දන්නෙ නෑ.

    ධනුෂ්කට සිදුවුනු දේ ගැන බොහෝ අවවාද අනුශාසනා දෙන්න යන එක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. මේ අවදානම ඕනම පිරිමියෙකුට තියෙනවා. ඕනම අවස්ථාවක පිරිමියෙක් හා යහන්ගත වන කාන්තාවකට එය අකමැත්ත මත සිදුවූ යමක් යැයි චෝදනා ගොනු කිරීමේ අවකාශ තියෙනවා. එය කාන්තාවක් සම්බන්ධයෙන් ආරක්ෂාවට අවශ්‍ය තත්වයක් වගේම ඉතාම පහසුවෙන් වෙනත් අරමුණු සඳහා යොදා ගත හැකි තත්වයක්.

    මේ නිසා අපිට කරන්න පුළුවන් අපි පවත්වන සම්බන්ධතාවල මනුස්ස ගණුදෙනුව නිසි ආකාරයෙන් පවත්වාගැනීමම විතරයි. අපේ යහන්ගත වීම නීතිය මැදිහත් විය යුතු තත්වයක් බවට පත් කරගන්නවා වෙනුවට එය ආදරය සහ විශ්වාසය මූලික එක්වීමක් බවට පත් කරගැනීමයි වැදගත්. එකිනෙකාට වඩාත් ගරු කිරීමයි වැදගත්. අනෙකාගේ සන්නිවේදනය නිසි ආකාරයෙන් වටහා ගැනීමකින් තොරව ලිංගිකව එක්වීමට යාම බෙහෙවින් අවදානම්කාරී දෙයක්.

    ධනුෂ්කට බණ කියනවාට වඩා ධනුෂ්කට වූ දේ අපි (පිරිමි) කාට වුනත් සිදුවිය හැකි බව තේරුම් ගැනීමයි අවශ්‍ය වෙන්නෙ.

  • කන්‍යා සිවි සැත්කම

    කන්‍යා සිවි සැත්කම

    තිළිණි ප්‍රියමාලි විසින් නිළියන්ගේ කන්‍යා පටල සකස් කරමින් ඔවුන් විවිධ අය‍ට අළෙවි කළ බවටත්, ඒ සැත්කම් සිදු කළ වෛද්‍යවරයා ගැන පර්යේෂණ කරන බවටත් ප්‍රවෘත්තියක් පළවුනා. මේක දෙරණ අරුණ විසින් පළ කරපු පුවතක්ත අයිටීඑන් පත්තර කියවද්දි ඒක ටීවී ප්‍රවෘත්තියක් වෙනවා.

    තිළිණි ප්‍රියමාලි කියන්නෙ ලංකාවෙ අතිප්‍රබල නාමයක්. ඒ නම ලියවුනු තැනක් ඇත්නම් එතන රීච් එක හැදෙනවා. මං යූටියුබ් චැනල් බොහෝ ගානක රීච් එක පරීක්ෂා කළා. මගේ සයිට් එකේ පවා වැඩිම රීච් එකක් තිබුනෙ ලිපිය ප්‍රියමාලි ගැන ලිපියට.

    මේක ටීවී ප්‍රවෘත්තියක් වීම ගැන මට තියෙනවා ප්‍රශ්නයක්. පත්තර ප්‍රවෘත්තියක් ටීවී එකක කියවද්දි සිද්ද වෙන මාධ්‍ය අවුලක් මෙතන තියෙනවා. පත්තර දුවන්නෙ ගොසිප් උඩ. ටීවී එක ගොසිප්කරණයට වඩාත්ම ළංවුනේ මං හිතන්නෙ ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් වලින්.

    ටීවී එක තමයි ලංකාවෙ ප්‍රබලතම මාධ්‍ය. පත්තරේ කියන්නෙ ඔන්ලයින් පැවැත්මකට මාරු වෙමින් ඉන්න කඩදාසි පැවැත්මක්. එතනදි පත්තරේ ගහන නිව්ස් එකක් ටීවී එකේ නිව්ස් එකක් වෙද්දි, ඒ නිව්ස් එකේ තේරීම අනුව චැනල් එකේ සංස්කෘතික දේශපාලනය පේන්න පටන් ගන්නවා. ITN එකේ අලුත් වෙනස්කම් ගැන උනන්දු කෙනෙක් විදිහට මට ඒ නොදැනුවත්කම ප්‍රශ්නයක් වුනා. මං ඒකට ෆේස්බුක් පෝස්ට් එකක් දැම්මා..

    ‘මේක නිව්ස් වෙච්ච එක නම් වරදක් නෙමෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් කරනවා කියන එක නිව්ස් එකක් නෙමෙයි නං මොනාදානේ නිව්ස් කියන්නෙ’
    – උදාර සී විලත්ගමුව

    මේ නිව්ස් එකෙන් මොකක්ද කියන්නෙ? නිව්ස් කියල දෙයක් ඇත්තටම ලෝකෙ නෑ. ඇත්තටම තියෙන්නෙ ෆ්‍රේම්ස්. ඒ කියන්නෙ අපි රාමුව තියන්නෙ කොතනද කියන එකයි. නිව්ස් එකකින් ආවරණය කරන්නෙ මොකක්ද කියන එකයි.

    අපි කතාවටත් කියන්නෙ ප්‍රවෘත්ති ආවරණය කියලනෙ (කවරේජ්). ඒ කියන්නෙ වසා තැබීම වෙන්නත් පුළුවන්.

    තිළිණි ප්‍රියංගිකා හෝ වෙන ඕනම කෙනෙක් තමන්ගේ කන්‍යා පටලය නැවත සකස් කරන සැත්කමක් සිදු කරගැනීම නීතියෙන් වරදක් නෙමෙයි. ඒ සැත්කමක් සිදුකිරීම නීතියෙන් වරදකුත් නෙමෙයි. එහෙම සැත්කමක් කළ කෙනෙක් සමග ඕනම කෙනෙක් ලිංගිකව හැසිරීම නීතියෙන් වරදකුත් නෙමෙයි. එහෙනං කොහොමද මේක ප්‍රවෘත්තියක් වෙන්නෙ? මොකක්ද මේකෙ ප්‍රවෘත්තිය?

    කන්‍යාපටලය. ඒකයි මෙතන නිව්ස් එක. ඇත්තටම මෙතන තියෙන්නෙ තිළිණි ප්‍රියංගිකාගේ කන්‍යා පටලය කියන නිව්ස් එක. ඒකයි මේක රූපවාහිනී නාලිකාවක ප්‍රකාශ කිරීම ප්‍රශ්නකාරී වෙන්නෙ. මේ නිව්ස් එක අරගෙන මෙවන් ප්‍රවෘත්තියක පවතින කන්‍යා සිවි ෆෙටිෂ් එක ගැන කතා කිරීම වගකීමක් ඇති මාධ්‍ය නාලිකාවක වැඩිහිටි වැඩසටහනක් වෙන්න තිබුන.

    ‘කන්‍යා පටලයක් තියෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන එක තව කෙනෙක්ගේ ෆැන්ටසි එකක් වෙන්න පුළුවන්. ත්‍රීසම්,ෆෝසම්,ගෘප්, ගැන්ග් බැන්ග්, BDSM ඔක්කොම උත්කර්ෂයට නගන ගමං අර අවශ්‍යතාව විතරක් ‘මෝඩ’ කියලා ලඝු කරන්නේ ඇයි ?’
    – සහන් කසීර

    මගේ පෝස්ටුවෙ කන්‍යාසිවිලොල් පිරිමින් ‘මෝඩ’ යැයි හැඳින්වීම ගැන දියුණු ප්‍රශ්න කිරීමක් සහන් කසීර කරලා තිබුන. ඒක ගෝත්‍රිකභාවයද, නැත්නම් දියුණු ෆෙටිෂ් එකක්ද කියන එක. මිලී සයිරස් වැනි පොප් අයිකන් පවා තමන් විවාහ වෙන තුරු කන්‍යාවක්ව සිටීම ගැන ආඩම්බර වෙන රැල්ලක් තියෙනවා. රිදී පියුරිටි රිංග්ස් ඕනෑකමෙන් කැමරාවලට අල්ලනවා (තමන් විවාහ වන තුරු ලිංගිකව නොහැසිරෙන බවට ප්‍රතිඥා දෙමින් පළඳින නව රැල්ලේ ක්‍රිස්තියානි මුදු). මේකෙම අනිත් පැත්ත විදිහට කන්‍යාවන් සමග යහන්ගත වීමේ ආශාව ෆෙටිෂ් එකක් වෙනවා.

    මේක සාම්ප්‍රදායික කාන්තාවන් පෙළන ගෝත්‍රික සංකල්පයක් විදිහට පවතිනවද, නැත්නම් කැමැත්තෙන් කරන තෝරාගැනීමක් විදිහට පවතිනවද කියන එක මත මේක ෆෙටිෂ් එකක් විදිහට සංස්කෘතිකකරණය වෙලාද යන්න තීරණය වෙනවා. ෆෙටිෂ් එකක් කියන්නෙ යම් ‘දෙයක්’ හෝ වස්තුවක් නිසා ඇතිවෙන ලිංගික ආශාව. මේකට අර්චනකාමය කියලත් කියනවා. යම් කෙනෙකුගේ පුද්ගලික අර්චනකාමයක්, අ‍න් අයට හානිදායක නොවන විදිහට පවත්වාගෙන යාමේ කිසි වරදක් නෑ. නමුත් මේක සමාජයක බහුතරයක් විසින් බෙදාගන්නා අර්චනකාමයක් නම් ඒක පුද්ගලික දෙයෙක් වෙනුවට රංචුමය ගෝත්‍රික හැගීමක් වෙනවා.

    ITN එකේ සභාපතිතුමා අපේ මිතුරු සුදර්ශන ගුණවර්ධන නිහතමානීව එය පළ නොකළ යුතු පුවතක් හැටියෙන් පිළිතුරු දීමක් කරලා තිබුනා. සුදර්ශන කියන්නෙ ප්‍රගතිශීලී සංස්කෘතියක් විශ්වාස කරන කෙනෙක්. කන්‍යා සිවි සංස්කෘතිය ප්‍රමෝට් කිරීමට තමන්ගේ නාලිකාවේ ඔහු දැනුවත්ව ඉඩක් ලබා නොදෙන බව මගේද විශ්වාසයයි.