Category: Features

  • Dahmer යක්ෂයාගේ අවිහිංසකත්වය

    Dahmer යක්ෂයාගේ අවිහිංසකත්වය

    රයන් මර්ෆි කියන නම නෙට්ෆ්ලික්ස් හොරර් සීරීස්වලට ආදරේ කරන ගොඩක් දෙනෙක් දන්නවා. Glee වගේ කොමඩි සීරීස්වලින් පටන්ගත්තට මර්ෆි වඩා ජනප්‍රිය වෙන්නෙ ඇමරිකන් හොරර් ස්ටෝරි, ඇමරිකන් ක්‍රයිම් ස්ටෝරි වගේ සීරීස් එක්ක. ඊට පස්සෙ amFar කියන HIV පර්යේෂණ ආයතනය, මර්ෆි hiv පාලනය වෙනුවෙන් ලබාදුන් ඉන්ස්පිරේෂන් එකට ජුලියා රොබර්ට්ස් අතින් සම්මානයක් පවා පිරිනමනවා. 2018දි නෙට්ෆ්ලික්ස් රයන් මර්ෆි එක්ක ඩොලර් මිලියන 300ක ගිවිසුමක් අත්සන් කරනවා. ඒ අවුරුදු 05කට. මොකද රයන් මර්ෆි කියන්නෙ ටීවී ‍සීරීස් ලෝකෙ මේ වෙලාවෙ ඉන්න සුපිරිම වැඩකරු විදිහටයි සැලකෙන්නෙ. මේ ගිවිසුමෙන් පස්සෙ රයන් මර්ෆි එයාගෙ සුවිශේෂතම නිර්මාණය එලියට දානවා කියලයි මං දකින්නෙ. ඒ තමයි ජෙෆ්රි ඩාහ්මර් ගේ කතාව.

    ජෙෆ්රි ඩාහ්මර් කියන්නෙ 1978 ඉඳන් 91 විතර වෙනකල් සෑහෙන මිනිස්සු ගානක් මරපු සීරියල් කිලර් කෙනෙක්. ඇත්තටම මරලා කාපු කෙනෙක්. ඩාහ්මර්ගෙ බිහිසුණුකම කොයිතරම්ද කිව්වොත් එයා ගැන කිසිම කතාවක් ලියවෙන්න පවා එයා අතින් ඝාතනය වුනු අය වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව ඉඩදෙන්නෙ නෑ. රයන් මර්ෆි මේ සීරීස් එක පටන් ගන්නෙත් කිසිම විදිහකින් අපි ඩාහ්මර්ගෙ පැත්තෙන් කතාව කියන්නෙ නෑ කියන තැන ඉඳලා.
    ‘කිසිම විදිහකින් ප්‍රේක්ෂකයා ඩාහ්මර්ගෙ පැත්තෙ සිට නොගත යුතුයි’ එයා නළු නිළියන්ට උපදෙස් දෙනවා.

    ජෙෆ්රි ඩාහ්මර්ගෙ ඝාතනයන්ට මූලිකවම ලක්වෙන්නෙ කලු දුඹුරු වර්ණ ප්‍රජාව. ඒ වගේම ඩාහ්මර්ගෙ තිබුනු සමලිංගික චර්යාව නිසා මේ අය බොහොමයක් එයාගෙ පෙම්වතුන් විදිහට හමුවෙන අය. මේ වෙද්දි ඇමරිකාවෙ පැවතුනු දැඩි වර්ගවාදයත්, හෝමෙ‍ාෆෝබියාවත් නිසා මේ මිනිමැරුම් වළක්වාගන්න කොයිතරම් හැකියාවක් තිබුනත් නීතිය සහ සමාජය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඇත්තටම මේ මිනිමැරුම්වලට වගකිව යුතු වෙන්නෙ ප්‍රචන්ඩ මානසික විපරීතයකින් පෙළුනු ඩාහ්මර් නෙමෙයි. ඒ සිස්ටම් එක. මර්ෆි එයාගෙ කතාව හරියටම වගකීම වගකිව යුත්තන්ගේ පැත්තට ඉලක්ක කරනවා.

    ඒ වගේම රයන් මර්ෆි කොහොම කිව්වත් මේ කතාව ඩාහ්මර්ගෙ දෘෂ්ටිකෝනයේ ගැඹුරු පතුලටම යනවා. කොටින්ම නරඹන්නාව ගොදුරුවන චරිත වලට වඩා ඩාහ්මර් වෙතට ආකර්ශනය කරනවා. සීරියල් කිලර් කෙනෙකුගේ අභ්‍යන්තරය මේ තරම් සියුම්ව, අගතීන්වලින් තොරව ග්‍රහණය කරගත්ත වෙන ටීවී සීරීස් එකක් නැති තරම්.

    මීට කලින් 2002දි ඩාහ්මර් නමින් ඩේවිඩ් ජේකොබ්සන් චිත්‍රපටියක් හදනවා. ඒ චිත්‍රපටයත් ඩාහ්මර් නැමැති යක්ෂයාගේ මනුෂ්‍යත්වය මතු කරන්න උත්සාහ ගත්තත් මර්ෆිගේ සීරීස් එක යන තරම් සියුම් තැන් ස්පර්ශ කරන්න අසමත් වෙනවා. ඩාහ්මර් සීරීස් එක බලනවා කියන්නෙ අපි දවස් දහයක් ඩාහ්මර් එක්ක ගත කරනවා වගේ වැඩක්.

    මර්ෆි එයාගෙ කතාවට පාදක කරගන්නෙ ජෙෆ්රි ඩාහ්මර්, ඩිෆෙන්ස් ඇටර්නි වෙන්ඩි පැට්‍රිකස් එක්ක සිරගත වීමෙන් පසු කරන ලද සම්මුඛ සාකච්ඡා පෙළක්. ඒ සම්මුඛ සාකච්ඡාවලින් කෙරුනු ඩොකියුමෙන්ට්‍රියත් නෙට්ෆ්ලික්ස්වල තියෙනවා.

    වැදගත්ම කාරණය මර්ෆි විසින් ඩාහ්මර් නිර්මාණය වෙන ආකාරය මනුස්ස පැවැත්මක් හැටියෙන් පෙලින් පෙල නිරාවරණය කිරීමයි. සමාජයෙන් හුදකලා කෙරුනු මිනිසෙක් විසින් තමන්ගේ ආදරයේ ප්‍රකාශනයක් හැටියට ඝාතනය පාවිච්චි කරන විදිහ ‍ඩාහ්මර් සීරීස් එකෙන් කතා කරන ගැඹුරුම තේමාවයි.

    ජෙෆ්රි ඩාහ්මර් තමන්ගේ පෙම්වතුන් මරා දමන්නේ ඔවුන් තමන් හැරයාවි කියන බයට. තමන් එතරම් ආදරය කරන අයගෙන් වෙන් වෙන්න ඇති නොකැමැත්තට. මරා දැමීමෙන් පසු ඔවුන් සදාතනිකව තමන් සමග රැ‍දෙන බවට ඇති හැගීමෙන්. ඒ මරණය ඇත්තටම ආදරය ප්‍රකාශ කිරීමක්. මේක සමාජය පිළිගන්න මැළිවෙන බරපතල ස්ටේට්මන්ට් එකක්.

    ත්‍රිලර් හෝ ක්‍රයිම් ජොන්රා එකේ වැඩක් වඩාත්ම භයංකර වෙන්නෙ ඒ ඝාතකයා හෝ දුෂ්ටයා වෙනස් අභූත පැවැත්මක් විදිහට නැතුව හැගීම් දැනීම් ඇති මිනිහෙක් විදිහටම ඉදිරිපත් කිරීමේදීයි. එතනදි ඒ ඝාතනය පිළිබඳ හැගීම අපේ සාමාන්‍ය මිනිස් පරාසය ඇතුලට ගේනවා. අපිට අර ඝාතකයා සමග එම්පතියක් ගොඩනැගෙනවා. අපි තුල පවතින සමාන ප්‍රචන්ඩත්වයේ සේයාවන් ඉස්මතු කරනවා. සීරියල් කිලර් සහ අපි අතර සමීප සම්බන්දයක් ගොඩනගනවා. ජෙෆ්රි ඩාහ්මර් සීරීස් එක අතිශය භයානක වන්නේ මේ මානසික කලම්බනයට අපිව ලක් කරන නිසයි.

    මරණයක් සිදු කරන මොහොතේදී ඩාහ්මර්ගෙ හිතේ කෲර වූ හැගීම් කිසිවක් පවතින්නෙ නෑ. ඒ වෙනුවට තමන්ට පාලනය කළ නොහැකි ආවේගයකින් මෙහෙයවෙනවා විතරයි. ඒක හරියටම කොටියෙක් විසින් බඩගින්නට සතුන් ගොදුරු කරගන්නා හා සමානම ප්‍රාථමික පෙළඹවීමක්. ඒ වෙනුවෙන් උදව් ගන්න පවා ඩාහ්මර් සූදානමින් ඉන්නවා. ඒත් දෙමව්පියන් අතරවත්, සමාජයේදිවත් ඩාහ්මර්ට එහෙම විවරයක් මුනගැහෙන්නෙ නෑ. රයන් මර්ෆි මේ අසරණබව, තමන් කවුද යන්න අපැහැදිලිව විපිලිසර වුනු තාරුණ්‍යය ඒ චරිතය ඇතුලෙන් හොඳටම මතු කරනවා.

    ඩාහ්මර් පෙළෙන ලිංගික ආශාව ස්ප්ලැන්ච්නොෆීලීයා කියලා නම් කරනවා. ඒ කියන්නෙ කෙනෙකුගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ඇති ආශාවෙන් ලිංගික ප්‍රාණවත් වීම. ඒ ඉන්ද්‍රියයන්ගේ තෙත් සහිත බවට, ඇඟිලිවලට දැනෙන ස්වභාවයට අනුරාගී වීම. ඩාහ්මර් තමන්ගේ පෙම්වතුන්ගේ පපුවට කන තියලා හද ගැස්ම අහගෙන ඉන්නවා. එතකොට එයාට එනවා ඒ හදවත කෑමේ ‍වැළැක්විය නොහැකි ලිංගික ආශාවක්.

    තමන් කළ මිනීමැරුම් සියල්ල තමන් පැහැදිලි සිහියෙන් කළ බව ඩාහ්මර්. තමන් කිසියම් උමතුවකින් පෙළෙනවා නෙමෙයි කියලා අවධාරණය කරනවා. කතාව ඇතුලෙදි අපිට මිනීමරු ඩාහ්මර්ගෙ ඉනසන්ස් එක මුනගැහෙනවා. ඇත්තටම ඒ ඉනසන්ස් එක ඉස්සරහ පවතින සිස්ටම් එක වගේම ඒ සිස්ටම් එකට විරුද්ධව යුක්තිය ඉල්ලන ප්‍රගතිශීලීන් කියන දොකොටසම ප්‍රචන්ඩයි. ඒක ඩාහ්මර් සීරීස් එකේ එක්සිස්ටන්ෂල් තැනක් ස්පර්ශ කිරීමක්.

    ඩාහ්මර් අවසානයේ දැඩිව ආගම වැළඳගෙන බවුතීස්මය ලබනවා. තමන් වගේ පව්කාරයන්ටත් විනිශ්චයකින් තොරව ආධ්‍යාත්මයේ දොරටු විවෘත බව දැකීමෙන් සතුටට පත්වෙනවා. මර්ෆිගේ සීරීස් එකේ අවසානයේදී ඩාහ්මර් මුනිවර නිමේෂයකට එළඹෙනවා.

    අනෙක් පැත්තෙන් පාරිශුද්ධ දෙවියන් වෙනුවෙන් යුක්තිය ඉල්ලන තවත් ආගමිකයෙක් එනවා. එයාට අනුව ඩාහ්මර් විනිශ්චයට ලක්වෙන්න ඕන. කළ පව් වෙනුවෙන් විඳවන්න ඕන. ඔහු විසින් සිර ගෙදරදී ඩාහ්මර් මරා දමනවා.

    ඒත් ඒ මරණයට පත්වෙන්නෙ අර ඝාතනයන් කළ ඩාහ්මර් ද?

    මේ අතර ඩාහ්මර් කල්ට් වීරයෙක් වෙනවා. එයාගෙ මිනීමැරුම් වීරත්වයෙන් සලකන පිරිසක් නිර්මාණය වෙනවා. මේකට කියනවා හයිබ්‍රිස්ටොෆීලියා කියල. අපරාධකරුවන් ගැන ලිංගික ආශාවකින් පසුවීම. ඒ අයට ආදරය කිරීම.

    ඩාහ්මර්ගෙ තාත්තා තේරුම් ගන්නවා එයාටත් ඩාහ්මර් හා සමානම වූ සිතුවිලි පැවතුනු බව. ඒවා තමන් යටපත් කළ නමුත් තමන්ගේ පුතාගෙන් පිටතට පැමිණි වග. මේක සීරියල් කිලර් කෙනෙක් ගැන ප්‍රබලතම එම්පතියක් ජනනය කරන මොහ‍ොතක්. තාත්තා කෙනෙක් දරුවාගේ සිතුවිලි වෙනුවෙන් තමන්ගේ වගකීම බාරගැනීම. ප්‍රතික්ෂේප කරමින් අපවාදයෙන් ගැලවීම වෙනුවට අපවාදය බාරගැනීම. ඒක ආදරයේ ගැඹුරු තැනක්.

    ඩාහ්මර්ගේ තාත්තා ලයනල්ට එයාගෙ පුතා ගැන පොතක් ලිවීමට පවා විරෝධය එල්ල වෙනවා. ඩාහ්මර් ගැන කිසිවක් නොලිය යුතුයි කියන එකයි යුක්තිය ඉල්ලන වික්ටිම් පාර්ශ්වයේ බලකිරීම.

    නමුත් ඩාහ්මර්ගෙ කතාව?

    අපරාධකරුවාගේ මානුෂිකභාවය දැනවීම තරම් සමාජයක අපරාධහරණය කළ හැකි වෙනත් කිසිම මගක් නොතිබෙන්න පුළුවන්. ඒ අපරාධ කරන්නේ අමානුෂික යමෙක් නෙමෙයි, අපේ මනුෂ්‍යත්වයේම දිගුවක් බව තේරුම් ගැනීම තරම් අපරාධවල දරුණු බව දැනවීමට මගක් නොති‍බෙන්න පුළුවන්. රයන් මර්ෆි කරන්නෙ ඒක.

    ඩාහ්මර්ගෙ ආත්මය අපිට මුනගැහෙනවා. අපරාධකරුවා ඩාහ්මර්ද කියල අපිට ආපහු හිතන්න වෙනවා. ඒ අතර සමාජයේ වර්ගවාදය, ලිංගවාදය ප්‍රශ්න කරනවා. ඩාහ්මර් අපරාධකරුවෙක් කරන පවුල් පාසැල් සමාජ සංස්කෘතිය ඇතුලට කඩා වදිනවා. ඒ අතර ඉඳහිට මුනගැහෙන සාන්තුවරු දකිනවා.

    මේ සමහර පරිච්ඡේද ඩේවිඩ් ලීන්ච්ගෙ දුව ජෙනිෆර් ලින්ච් අතින් අධ්‍යක්ෂණය වෙලා තියෙනවා. මං පුද්ගලිකව ඒ ටච් එකට වඩා කැමතියි. නමුත් සමස්තයක් විදිහටම ජෙෆ්රි ඩාහ්මර් කියන්න ටීවී සීරීස් අතර නොමැකෙන සළකුණක්.

  • බොන්නම කියන කවි

    බොන්නම කියන කවි

    මට මේ බෝතලේ කවි හම්බුවෙන්නෙ කොළඹ පොත් ප්‍රදර්ශනයෙදි. කවියො වෙන හැමෝගෙම බලාපොරොත්තුව කවි පොතක් කරන එක. එහෙම නැත්තං එයා කවියෙක් වෙන්නෙ නෑ. මේ ලියාපදිංචිය අමතක කරලා තමන්ගෙ කවි බෝතලේට දාපු කවියා ගැන මට ඇතිවෙනවා ඇල්මක්. කවි ගැන මොකුත් නොදැනම. කවියට කරපු කෙළිය ගැනයි ඇල්ම.

    කවියේ හැඩය මාරු කරන එක ක්‍රියේටිව් වැඩක්. ඒකෙන් කවියාගේ හැඩයත් මාරු වෙනවා. තමන්ගේ කවි වෙනුවට කවි බහාලුම කතාවක් කරන්න හිතන එකම වැඩක්. ඕනම දේක අන්තර්ගතය තරම්ම සමහර විට ඊටත් වඩා ඇසුරුම වටිනවා කියන එකයි මගේ කියවීම. ඒක හින්ද මේ කවියාගේ මූලිකම කවිය වෙන්නෙ බෝතලය. කවි ගොඩක් බහාලූ බෝතලය තමයි චාමින්ද ගුණසිංහගේ කවි ප්‍රකාශනය.

    කවිය සහ මත්වීම අතර තියෙන්නෙ අපූර්ව සම්බන්ධයක්. ඒ මත් බවත් එක්ක හදවතට කතා කරන කවි කියවෙනවා. හිතේ දුකට එතකොට කවි කියවෙනවා කියලා අමරදේව කියන්නෙ ඒකයි. මේ කවි වගේම ඒ වෙලාවට පපුවට කතා කරන සිංදුත් මතක් වෙනවා.

    මේ විදිහට බොද්දි මතක් වෙන කවි කියන්නෙ ජන කවි. ඒවා ජෝතිලගේ මිල්ටන් ලාගේ සිංදු වගේ. ඒවා සම්මානලාභී, ප්‍රබුද්ධ ගණයේ ඒවා නෙමෙයි. ඒ කවි තියෙන්නෙ හැගීම් එක්ක පාවිච්චි වෙන්න. දාර්ශනිකව විවරණය කරන්න නෙමෙයි. ජිප්සීස්ලාගේ භාෂාවෙන් අපිට කියන්න පුළුවන් පීචං කවි කියල.

    අති විශේෂ කවි බෝතලය කියන්නෙ මෙන්න මේ විදිහෙ සාහිත්‍යය ඇගයුම් අතර නිර්ප්‍රභූ එළඹුමක්. ඒක ඇත්තටම මත්පැන් වීදුරුවක් එක්ක එකින් එක රස විඳින්න පුළුවන්. වදින්න වදින්න සමහර කවි දැනෙනවත් වැඩියි.

    ඒ කවි සමහරකගේ භාෂාව, බොහෝ ඒවායේ කවියේ තේමාව එහෙම පරණයි. ඒත් ගල් අරක්කු ටිකක් එක්ක පරණ කවියක රහ කියන්නෙත් මාරයි. ඒක ඒ නොස්තැල්ජියාවට හරියටම සෙට්.

    හාල් ගෝනිත් දැනගන්න ඕනි
    දවසෙම එයා ළග නැවෙන මුදලාලි
    විකුණලා ඉවර වුනු දාට පිටි සීනි
    පාපිස්සකට ගන්න බව
    හිස් ගෝනි

    පොඩි ආප්තෝපදේශයක්. ත්‍රීවීල් එකක ස්ටිකර් එකක් වගේ. කාලයක් මං පාවිච්චි කරපු එහෙම වැකියක් තමයි, සීනි දියවුනාට ගෝනි දියවෙන්නෙ නෑ කියන එක. මේක ඒකෙ රිවර්ස් අයිඩියා එක වගේ.

    ඩෝං නොයන් ඩෝං පුතා කියලා ජාතිමාමක සෙට් එකෙන් අවසර එහෙම ඉල්ලලා චාමින්ද අහනවා බොන්න ඕන ප්‍රශ්නයක්.

    සෝපාකට සුනීතට දෑත පා
    කොරෙකුට යන්න බැරි තැනක
    තියාවිද සිරිපා?

    බොන වෙලාවක බෞද්ධ ලැදියෙක් හිටියොත් අනිවා පැටලෙන තත්වයක්. ඒත් තනියම බෝතලේ එක්ක කවි බොන කෙනෙකුට බුදුන්ගේ මහා කරුණාවෙන් අඳ කොර පීඩිත මිනිස් ප්‍රජාවත් සිහිපත් කරන කඳුළක්.

    කිසිවකින් නොසැලෙන
    ගඳ සුවඳ හඳුනන
    දුක මත්තෙ නොදිරන
    ප්ලාස්ටික් පොලිතින්
    උඹේ ඔය හදවත

    මේ කවිය තියෙන්නෙ කුණුලොරියෙ ආරි ගැන. කවි බෝතලේ කවි ගොඩක්ම මේ වගේ පීඩිත මිනිස්සු ගැන සාම්ප්‍රදායික අනුකම්පාවෙන් පෙගිලා තියෙනවා. ඒවා එම්පති වෙනුවට සිම්පති පැත්තටයි බර. ඇල්කො‍හොලික් සිතීම එහෙමයි. අනෙකාට පිහිට විය යුතුයි කියන දැක්මෙන් සසලයි.

    පිළුණු වූ හදවත්ය
    පුයර ගෑ මුහුණත්ය

    නාගරික සංස්කෘතිය විසින් හුරු කළ මතුපිට සුන්දරත්වයට, රූපලාවන්‍යයට, විලවුන්වලට විරෝධයක් මේ කවි බෝතලය ඇතුලෙ තියෙනවා. ඒ වගේම වැලන්ටයින් දවසෙ රෙජිෆෝම් හාර්ට් ගැන අවුලක්, අම්මා තාත්තා ගැන නිතර බර දුකක්, ආපහු ගමට නැඹුරුවක් ඒ කවිවල තියෙනවා. මගේ කියවීමේ හැටියට මේ කවි පිහිටන්නෙ නගරයත් ගමත් අතරමැද තැනක. නගරයට ආශක්ත නමුත් ගම අතාරින්න බැරි අවුලක. අති විශේෂ බෝතලයකට හරියනම සැන්ඩිය.

    ඒ නෝනලා ඉන්නෙ පට්ට බඩගින්නක
    රොටිය නිවුනොත් කන්න බෑ බල්ලෙකුට
    හෙමින් පැදපන්
    අම්මා කිව්වට

    ගමෙන් නගරෙට ඇවිත් පීසා කඩේක වැඩකරන, විදුලි වේගෙන් බයිසිකල් පදින මල්ලි කෙනෙක් ගැන ලියපු කවියක්. පීසා ඩිලිවරි රස්සාව ගැන ඒ මල්ලිගේ ගමේ ඇහෙන් බලලා ආපු සිතුවිල්ලක්. ලංකාවෙ හැම පිරිමියෙකුටම තියෙන අම්මා අත්ඇරගන්න බැරි අවුලෙ ප්‍රතිඵලයක්.

    සිවුරට මුවාවෙන්න ඔට්ටු නෑ
    බුදු සාදු ඔහොම ඒවා කියලා නෑ

    එක කවියක එනවා රෝස මල සහ දාස්පෙතියා මල අතර සංවාදයක්. රෝස මල යෝජනා කරන්නෙ ශෘංගාර සංස්කෘතිය. දාස්පෙතියා මල යෝජනා කරන්නෙ මල්ග‍හේම පිපිලා ගහ යටම පෝර වෙන සංස්කෘතිය. දාස්පෙතියා මල කියන්නෙ යතාර්ථය කියල තනාගත් දුප්පත්කම. රෝස මල කියන්නෙ ප්‍රාර්ථනා කරන රොමාන්තිකය. දාස්පෙතියා මල කියන්නෙ ගම. රෝස මල කියන්නෙ නගරය. චාමින්දගෙ කවි තියෙන්නෙ රෝස මලට විරුද්ධව. දාස්පෙතියාට පක්ෂව.

    මේ බෝතලේ පතුලෙම තිබිලා හලාගත්ත අන්තිම කවි උගුර. එකම පෙමක් පතාගෙන ආපු පරණ පෙම්වතෙකුට බහු පෙම්සිත් රිසි නූතන පෙම්වතියක් මුණගැහුනු කම්පනය. ගල් අරක්කු වඩියකට කියාපු විරහවක්

    මං නැග්ගෙ
    දිගු දුරක්
    යනවමයි හිතාගෙන
    මාධවී
    ඔයා පවර් සෙට් එකක්
    පිටිපස්සෙ
    තව ඇන්ජිමක් තියාගෙන

    කවි බෝතලේ හිස්. අරක්කු ටිකක් ඉතුරුයි.

  • ලංකාවේ ශෘංගාර මූල්‍ය රැජන

    ලංකාවේ ශෘංගාර මූල්‍ය රැජන

    තිළිණි ප්‍රියමාලිගෙ මූල්‍ය වංචා ගැන සෑහෙන කතා පැතිරෙනවා. බිලියන දහයකට ආසන්න මුදලක් තිළිණි ළග තියෙනවා කියලත් කියනවා. හැබැයි පැමිණිලි නං තියෙන්නෙ තාම අටක් විතරලු.

    තිළිණි ළග මුදල් ආයෝජනය කරපු අය පොඩි මිනිස්සු නෙමෙයි. ඉහළ ප්‍රභූ පෙල‍ේ කට්ටිය. හාමුදුරුවරු, දේශපාලකයො, ව්‍යාපාරිකයො, ක්‍රීඩකයො ආදී අපි දන්න අදුරන සෙලිබ්‍රිටිලා ගොඩක් තිළිණිගෙ සාක්කුවේ ඉන්නවා. ජාති ආගම් පංති භේදයක් නැතුව එකට එකා වගේ ආයෝජන කරලා තියෙනවා.

    මේ අතර තිළිණි ප්‍රියමාලි කියන්නෙ කවුද කියලා විස්තර පලවෙනවා. වඩු කාර්මිකයෙකුගේ දුවක් වුනු ඇය අටේ පංතියට විතරක් උගත් කෙනෙක් කියලයි කියන්නෙ. පෙරදී නොතිබුනු ආකාරයේ සුන්දර රූ ශෝභාවක් පසු කාලෙකදි හිමිකරගන්නා ඇය චිත්‍රපට, දේපොල වෙළඳාම් ආදී සමාගම් ගණනාවක හිමිකාරිනියක් වෙනවා. සිනමා සම්මාන උළෙලක් පවා පවත්වනවා.

    තිළිණිගේ සාර්ථකත්වය පිටිපස්සෙ තියෙන්නෙ උගත්කම්, පවුල් පසුබිම් නෙමෙයි. තිළිණිගේ සාර්ථකත්වය පිටිපස්සෙ තියෙන්නෙ ප්‍රභූ පංතියෙ විතරක් නෙමෙයි ලංකාවෙම අන්තිම අසාර්ථක තැනක්. ඒ තමයි සෙක්ස්. තිළිණි අළෙවි කරන්නෙ ශෘංගාරය. උගත් බුද්ධිමත් දක්ෂ කීර්තිමත් සියලු පිරිස් තිළිණිගේ මේ ශෘංගාර අළෙවිය ඉස්සරහ දණගානවා. ඒ තමයි ලංකාවෙ සමාජයේ ඇත්ත නිලය.

    මීට කලින් තිළිණි විසින් ලිංගික ශ්‍රමිකයන් විදිහට කාන්තාවන් යොදාගත් ව්‍යාපාර පවා කළ බව කියනවා. ඒ වගේම මේ අලුත් ආයෝජන සඳහාත් එයා ප්‍රසිද්ධ නිළියන් සරාගී ඇමිනුම් විදිහට පාවිච්චි කරනවා. මේ ඉහළ ප්‍රභූ පංතියෙ ලිංගිකව දුර්වල පිරිමි එක්ක මේ නිළියන් සෙක්ස් සංවාද කරනවා. ඇතැම් විට සංවාස කරනවා. මේ අනුරාගයෙන් මුසපත්ව මුදල් ආයෝජන කරනවා. ඒ ආයෝජන ගැන නැවත පැමිනිල්ලක් හෝ කළ නොහැකි විදිහට ඔවුන්ගේ ලිංගික රහස් තිළිණි ළග තැන්පත් වෙනවා.

    තිළිණි සෙල්ලම් කරන්නෙ පිරිමින්ගෙ රහස් ජීවිතය එක්ක. බොහෝ විට රහසිගත ආදායම් එක්ක. රහස් ආශාවන් එක්ක. එළිමහනෙ නීතියට සදාචාරයට ආගමට හෝ සංස්කෘතියට තිළිණිව දමනය කරන්න බෑ. එයා ලංකාවෙ ඉහළම ප්‍රභූ පංතියෙ අනුර‍ාගී රහස් භාණ්ඩාගාරයක්. තිළිණි ඉන්නෙ ජාති ආගම් පංති සියල්ලටම ඉහළින්.

    තිළිණිගේ දුරකතන ඇමතුමකදී ඇය කියනවා ඈ ගැන ආදර හැගීමකින් මිලියන ගණන් දුන් පිරිමි ගැන. කවදා හෝ ඇගේ පහස ලබාගත හැකියි කියන ආශාවෙන් මුදල් විසි කරමින් මේ පිරිමින් දැවටෙනවා. ඇය විවාහ හතරක් කරගත්ත බව කියනවා. හතරවෙනි එක විවාහයක් නෙමෙයි ප්‍රේමයක් පමණක් කියලත් කියනවා. ඒ කොහොම වුනත් ඇය පිරිමි වසඟ කරන මහා බලයක් සතු සුවිසල් ගැහැණියක් බව අවිවාදිතයි.

    ඇගේ ව්‍යාපාර සඳහා, මේ ප්‍රභූ පංතිය වසඟ කිරීමට අඩුම තරමෙ ඇය ඉංග්‍රීසියවත් යොදාගන්නෙ නෑ. අමු සිංහලෙන් ලෝකයේ මහා ආයෝජනයන් කළ හැකි බව කියමින් ඇය මේ ශෘංගාර ක්‍රීඩාව කරනවා. ශෘංගාරය හමුවේ භාෂාව අසරණ වෙනවා. උගත්කම් නිලතල බිම දිගේ යනවා.

    ගොඩක් අය සක්විත රණසිංහ සමග තිළිණි ප්‍රියමාලි සංසන්දනය කරනවා. ඒක ඉතාමත් වැරදි සහගතයි. සක්විති ශෘංගාර මූල්‍ය ගණුදෙනුවක් කළ කෙනෙක් නෙමෙයි. සක්විති කරන්නෙ රැවටීම. තිළිණි කරන්නෙ සිඩක්ෂන්.

    තිළිණි කියන්නෙ ලංකාවෙ පළමු ශෘංගාර මූල්‍ය රැජන. ඇය සිරගෙදරක ජීවිතය ගත කළ යුතු ගැහැණියක් නෙමෙයි. ඇය විසින් පෙන්වා දුන්නේ ලංකාවේ පිරිමි අවුල. ලිංගික අතෘප්තිය. වෙනත් කිසිවකින් වසන් කළ නොහැකි මහා පුරුෂයන්ගේ දෙපරැන්ද අතර අසරණකම.

    තිළිණි ප්‍රියමාලි කියන්නෙ ගැහැණියක් සතු වසඟයේ කූටප්‍රාප්තියක්. ඇගේ අනුරාගයේ අනුහස විසින් දිනාගත් ලෝකය කෝටි ප්‍රකෝටිපති මහා පිරිමින්ගේ වත්කම් දෙකයි පණහට වට්ටනසුලුයි. දැන් ඇය හෙරක්, වංචාකාරියන් හැටියෙන් නැවත නැවත පුවත් පළකරමින් විව්ස් උපයන මාධ්‍ය පවා අළෙවි කරන්නේ ඇගේ ශෘංගාරයම මිස අනෙකක් නෙමෙයි. ඒ සියල්ල ඇය සතු වෙළඳපොල.

    SL දේශයේ දර්ශන හඳුන්ගොඩ කියන විදිහට ඇගේ දෑතට මාංචු දාන්න පොලිසියටවත් බෑ. පොලිසියේ ඉහළම නිලයන් පවා ඇගේ අනුරාග නිලයට දමනය වෙලා අවසන්. නීතිය හරියට කෙලින් වෙන්නෙ නෑ. තිළිණි ඉස්සරහ සියල්ල අඩකුඹයි.

    නමුත් හඳුන් ප්‍රාර්ථනා කරන හැටියට තිළිණි සිරගතව මාංචු ලා සිටිනු දැකීම අපේ පැතුම නෙමෙයි. ඇය අනුහස් ඇති ගැහැණියක්. ඇගේ ලිංගික ශක්තිය සුවිසල් එකක්. ඇය ඉක්මණින් නිදහස ලබාවි කියල අපි විශ්වාස කරනවා. ඇය සතු රහස් ගබඩාවන් සදාතනිකව වැසී තිබිය යුතුයි. ඒවා විවෘත වීමෙන් මහා කුවේරයන්ගේ පවුල් දෙදරා නොයා යුතුයි.

    සල්ලිවලින් කෝටිප්‍රකෝටිපතීන් වුවත් ලිංගිකත්වයෙන් අන්ත අසරණ පුංචි පිරිමින් සිත් සනීපයෙන් නින්දට යායුතුයි.

    තිළිණි ප්‍රියමාලි කළ ව්‍යාජ ව්‍යාපාර ලෝක වෙළඳපොලේ නැති වුනත් ඇය ගැන තැනෙන චිත්‍රපටයකට ලෝකයේ සැබවින්ම ලොකු වෙළඳපොලක් තැ‍නෙනු ඇති.

  • සැපේ ඉන්න!

    සැපේ ඉන්න!

    මදන මෝදක කියන එක අපි පුංචි කාලෙ ඉඳන් ප්‍රසිද්ධියේ අප්‍රසිද්ධව තිබුනා. ඕනම සිල්ලර කඩේක මදන මෝදකය පේන්න ඉස්සරහ රාක්කයකම තිබුන. හැඩි දැඩි බොඩි බිල්ඩර් කෙනෙක්ගෙ පිංතූරයක් ඒක ඉස්සරහ තිබුන. මදන මෝදකය විසින් හොඳට මස්පිඩු හැදෙනවා ඇති කියල තමයි දකින පොඩි එකෙක් හිතන්නෙ.

    මදන මෝදකය විසින් පුරුෂ ශක්තිය වඩවනවා කියල වැඩිහිටියො දැනගෙන හිටියා. ඒත් මෝදකය තරුණයො අතර ජනප්‍රිය වුනේ ඒ කාරණය හින්ද නෙමෙයි. ඒ වෙනුවට ‘ආතල් එක’ ‘හිනාවෙනවා ඉවරයක් නෑ’ ‘සැපක්’ වගේ අදහස් වෙනුවෙන් තමයි මෝදකේ කන්න පටන් ගන්නෙ. ගුලි, පහේ ටොපි වගේ නම් වලින් මෝදකය හැඳින්නුවා. ඒක අරගෙන උඩු තල්ලෙ අලවගෙන සීනි වැඩි ප්ලේන්ටි බොන්න තමයි කොල්ලො සෙට් වුනේ. කොහොම වුනත් මෝදකය අපේ ජීවිතවල සුන්දර මතක අතර තිබුන.

    මදන මෝදකය ගැන එලිපිට කතා නොකිරීම හින්දමත්, ඒක සැඟවුනු රහසක් විදිහට පැවතීම නිසාමත් ඒක හොඳටම අවභාවිතා වුනා. ප්‍රමිතිය ගැන ලොකු ගැටලු මතු වුනා. ඕනම ජාතියක් කලවම් කිරීමෙන් වැඩි මත්බවක් ඇතිවෙන්න මෝදක නිෂ්පාදනය වුනා. නමක් ගමක් නැති ඕනම ටොපියක් කටේ දාගන්න තරුණයො පුරුදු වුනා. ලොකු හානිකර ප්‍රතිඵල ඇති නොවුනත් මේ හින්ද මදන මෝදකය සතු වටිනාකම සමාජයට මගහැරුනා.

    කාලෙකදි මෝදක තහනම් වුනා. ඒ ගැන විවිධ කතන්දර මීඩියාවලින් පතුරන්න ගත්තා. විවිධ අපචාර එක්ක මෝදකය සම්බන්ධ කළා. කිසිම පදනමක් නැති කතන්දර වුනත් ඒ කාලෙ තිබුනු මෝදක නිෂ්පාදනයේ ප්‍රමිතියක්, වගකීමක් නැතිකම නිසාම මේ කතාවලට තටු ලැබුන.

    මදන මෝදකය හෙවත් ආයූර්වේද ඖෂධ පාවිච්චි කරලා හදන වාජීකරණ රසායනය ගැන ව්‍යවහාරයේ පැවති බොහෝ දේවල් ඇත්ත. ආතල් එක සැපක්, ආදී වශයෙන් හඳුන්වන්නෙ මෝදකයෙන් ලැබෙන සනීපදායක බවයි. මානසික ආතිතය දුරලීමේ ගුණයයි. හොඳ මෝදකයක් කෑවම ඇඟටත් හිතටත් ලොකු සනීපයක් දැනෙන එක ස්වභාවිකයි. තේ වගේම හොඳ කිරි එකක් එහෙමත් හොඳ මෝදකයකට හොඳම මුසුවක්.

    මෝදක ගැන තිබුනු ඒ මතකයට ආපහු පණ දෙන්නෙ සංජීවනී කාමේශ්වරීය. ඉස්සර වගේ කොලේක ඔතපු ටොපියක් වෙනුවට ලස්සනට අසුරපු බෝතලයක වැදගත්කමක්, සන්නාමයක් සහිතව සංජීවනී මෝදකය ඇවිත් තිබුන. ඒ භාවිතා කරන ද්‍රව්‍ය, බෙහෙත් වට්ටෝරු සහ ඉන් ලැබෙන ප්‍රතිලාභ වගීකමක් සහිතව සටහන් කරලා තිබුන. මෝදකය ගැන සමාජයේ තිබුනු අපවාදයෙන් ගලවලා ඒකට ලැබිය යුතු වටිනාකම ඇතුව යළි පිහිටුවන්න සංජීවනී කාමේශ්වරියට පුළුවන් වෙලා තිබුන.

    නොහිතපු විදිහට නොහිතපු තැන්වල කාමේශ්වරී රසායනය දැක්කා. ගොඩක් අය තමන්ගේ ආහාර දිරවීමේ ප්‍රශ්න වෙනුවෙන් ඔෆිස්වල තියාගෙන කාමේශ්වරිය පාවිච්චි කරනවා. සමහරු රිලැක්ස් වෙන්න ඒක පාවිච්චි කරනවා. ඒ වගේම පුරුෂ ශක්තිය වැඩි කරන්නත් කාමේශ්වරිය වැඩ කරනවා. ඔය එක එක පෙති ජාති වෙනුවට ගොඩක් වෙලා රති ක්‍රීඩාවෙ යෙදෙන්න ආස නම් කාමේශ්වරී ට්‍රයි කරලා බලන්න.

    කාමේශ්වරී රසායනය වැඩිපුරම ප්‍රචලිත වුනේ ඒකෙ ලේබල් එකේ සඳහන් කරලා නැති කාරණයක් එක්ක. ඒ තමයි මේ රසායනයේ කංසා අඩංගුයි කියන කතාව. අපේ ආයුර්වේදයේ වාජීකරණ ඖෂධයක් විදිහට කොහොමත් කංසා සෑහෙන කාලයක ඉඳන් පාවිච්චි වෙනවා. මෝදකවල අඩංගු මනස රිලැක්ස් කරන ගුණයත්, සතුට වඩවන ගුණයත් ඇති කරන්න මේ කංසා හේතු වෙනවා. ඒ වගේම ආයූර්වේද ඖෂධයක් හැටියට නිසි මාත්‍රාවලින් කංසා පාවිච්චි කරන්න තහනම් නෑ. අපේ රටේ වවන දේශීය කංසා කියන්නෙ දිව්‍යමය ඔසුවක්. අපේ මානසික සුවය, සාමය සමග බැඳුනු ඉතිහාසයක් පුරා අප සමග පැවතුනු මේ පැලය බටහිර ජාතීන් විසින් තහනම් කළා. ඒ තහනම අපි තවමත් පවත්වාගෙන යනවා. අපේ දේශීය ආයූර්වේදය පමණක් මේ පැලයේ ඇති ගුණය නිහඩව අපිට අරන් එනවා. ප්‍රමිතියට හදපු මදන මෝදකය කියන්නෙ ඒ ත්‍රෛලෝක ගුණය අපිට විඳින්න පුළුවන් හොඳම විදිහක්.

    සංජීවනී කාමේශ්වරිය මත්වීම වෙනුවට නිවීම ලබාදෙන රසායනයක්. මේක මත්ද්‍රව්‍යයක් නෙමෙයි. ශරීරය මනස සැපවත් කරන, ජීවිතේ ආස්වාදය වඩවන, සොඳුරු රසායනයක්. දවසේ ආතතිය දුරු කරනවට අමතරව කෑමවල රසගුණ දැනීම වර්ධනය කරනවා. ඒ වගේම දියවැඩියාව වගේ ලෙඩ පාලනය කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. මනසත් කයත් සතුටින් තැබීම නිසා රුව වඩවනවා. ජීවිතේ ආස්වාදජනකව, නිරෝගීව පවත්වාගෙන යන කෙනෙකුගේ ආයුෂ වර්ධනය වෙනවා.

    දවසට දෙපාරක් කාමේශ්වරී රසායනය පාවිච්චි කරන එක වැඩිහිටියෙක් නම් පුරුද්දක් කරගන්න. ඒ මෝදක මාත්‍රාවක් ඇතුලෙ දැනෙන සීයක් විතර විවිධ රස ටිකෙන් ටික විඳින එක පවා ආස්වාදයක්. 1977 ඉඳන් එන මේ නියම මෝදකයක රසගුණ නැවත නියම විදිහ‍ට හඳුන්වාදීමෙන් සංජීවනී කරන්නෙ ජාතියක සුඛ වර්ධනයක්.

  • Foreplay වලට කම්මැලිද?

    Foreplay වලට කම්මැලිද?

    ගොඩක් වෙලාවට පෙම්වතියන්ගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි තමන්‍ගේ පෙම්වතා foreplayවලට දක්වන්නෙ අඩු පෙළඹීමක් කියන එක. කාන්තාවන්ගෙ පැත්තෙන් ගත්තොත් සෙක්ස්වල වැදගත්ම කොටස වෙන්නෙ මේ foreplay නැත්නම් පූර්ව ලිංගික ක්‍රියාකාරකම් කොටස. ඒ කියන්නෙ සිපගැනීම්, ස්පර්ශයන්, ලෙවකෑම්, වැළඳගැනීම්, කනිලිංගස්, දිවෙන් තොල්වලින් ලිංගයන් උත්තේජනය කිරීම්, ආදර වදන් තෙපලීම් ආදිය. මේ දේවල්වලින් කාන්තාවක් සුවිසල් ලිංගික ආස්වාදයක් ලබනවා. ඇගේ යෝනි ශ්‍රාවයන් හොඳින් නිකුත්වෙමින්, පියයුරු තුඩු ඉදිරියට නෙරා එමින් ඇයව මත් කරන්නෙ මේ foreplay එක විසින්. ඒ තමයි අනුරාගී කොටස. ශෘංගාර ඉසව්ව. මේ කොටස මගහැරීම නිසා බොහෝ විට කාන්තාවක් පූර්ණ ලෙස තෘප්තිමත් කිරීමේ අවස්ථාව පිරිමියෙකුට අහිමි වෙනවා. සංසර්ගයෙන් පමණක් ගැහැණියක් සුරතාන්තයට පත්වීම ඉතා දුර්ලභ කාරණයක්. ඇයට විඳින්න හැගීම් දැනීම් ගොඩක් ඕන. ප්‍රාණවත් ශිෂ්නයක් ඉහළ පහළ යාම පමණක් මදි. ඒ වගේම ඒක බෝරිං.

    නමුත් පොදුවේ පිරිමි බහුතරයකට මේ foreplay සඳහා අවශ්‍ය ඉවසීම, සංයමය නෑ. ආරම්භයටත් පෙර ප්‍රාණවත්ව ඇති ශිෂ්නය හැකි තරම් ඉක්මණින් ඇගේ යෝනිය තුලට ඇතුල් කිරීමේ දැඩි උවමනාවකින්, කලබලයකින් පිරිමියා පෙලෙනවා. ඒක තමයි පිරිමියාගේ තෘප්තිය පවතින ඉසව්ව. මුඛ හෝ යෝනි සංසර්ගය තමයි පිරිමියෙකුගේ ප්‍රධාන මෙහෙයුම වෙන්නෙ. මුඛ සංසර්ගයත් foreplay එකක් වුනත් ඊට වඩා බොහෝ දේ මෙතනට එකතු වෙන්න ඕන.

    මේක ඇත්තටම පිරිමියෙකුට ජීව විද්‍යාත්මකවම දැනෙන හදිස්සියක් වෙන්න පුළුවන්. හැකි තරම් ඉක්මණින් ධාතු පිටකිරීමෙන් වර්ගයා බෝ කිරීමේ ස්වභාවික පෙළඹවීම මෙතන පවතින්න පුළුවන්. ඒ වගේම පිරිමියෙක් බොහෝ කාලයක් හුරුවන ලිංගික චර්යා‍ව නැත්නම් සංස්කෘතිය විසින් මේ තත්වය ඇති කරනවා වෙන්නත් පුළුවන්. උදා විදිහට වැඩිම කාලයක් ස්වයං වින්දනයෙන් තෘප්තිමත් වෙන පිරිමියෙක් ලිංගික තෘප්තිය සම්බන්ධයෙන් ශෘංගාරහරණය වූ චර්යාවකට නොදැනීම හුරු වෙන්න පුළුවන්. මේ කියන්නෙ ස්වයං වින්දනය නරකයි කියන එක නෙමෙයි. ඒක චර්යාමය ඇබ්බැහියක් විදිහට පවතින්න පුළුවන් කියන එකයි. සමහර පිරිමි ඉන්නවා කොයිතරම් වෙලාවක් සංසර්ගයේ යෙදුනත් ස්වයං වින්දනයේ යෙදීමෙන්ම පමණක් අවසානයේ සුරතාන්තය ලබන.

    ඒ වගේම අපේ අනුරාගය සඳහා නිතර නරඹන පෝර්න්වලින් අපිව කන්ඩිෂන් කිරීමක් සිද්ද වෙන්නත් පුළුවන්. බොහෝ විට පෝර්න් නිර්මාණය වෙන්නෙ පිරිමි ආස්වාදය කේන්ද්‍ර කරගෙනයි. එරිකා ලස්ට් වැනි අධ්‍යක්ෂවරියන් කීප දෙනෙක් විසින් කාන්තාවන්ගේ ආස්වාදය මුල්කරගත්, female gaze එකෙන් පෝර්න් නිර්මාණය කළත් අපි නරඹන බොහොමයක් පෝර්න් පිරිමියි. මේ පිරිමි පෝර්න්වල කේන්ද්‍රීය කාරණය වෙන්නෙ ශිෂ්නයයි. ඒ වගේම ෆාස්ට්ෆෝර්වර්ඩ් යවමින් ඉක්මන් තෘප්තියක් පිණිස හඹා යන පුරුද්දකුත් පෝර්න් සමග එනවා. මේ ක්ෂණික රසය කාලයත් සමග අපේ පුරුද්දක් වෙනවා. අනෙකා ගැන සිතීම, අනෙකා සමග සංවාද සංවාසය වෙනුවට ශාරීරික, ක්ෂනික මෝචන ආස්වාදයකට අපි නැඹුරු වෙනවා.

    මේක කොහෙත්ම අස්වාභාවික තත්වයක් නෙමෙයි. පිරිමි රති සංස්කෘතිය විසින් නිර්මාණය කළ තත්වයක්. මෙතනදි අවාසනාව වෙන්නෙ රමණයක පූර්ණත්වය අපිට විඳින්න බැරි වෙන එකයි. අනෙකා සමග ඇති බැඳීම, ඒකත්වය අපිට මගහැරෙන එකයි.

    ඒ නිසා සිහියෙන් යුතුව ශෘංගාරාත්මක රමණය පුහුණු වෙන්න අවශ්‍යයි. එතනදී පුළුවන් තරම් විවේකී වීම, කාලය ගැනීම සිතාමතා කරන්න වෙනවා. ගැහැණියට සම්පූර්ණයෙන් ඉඩදීම මෙතනදි වඩා ප්‍රායෝගිකයි. වැදගත්ම දේ වෙන්නෙ රමණයේ ස්ත්‍රී මොහොත ඉස්මතු වෙන්නට අවස්ථාව සැලසීම. ඇගේ ආස්වාදයට ප්‍රමුඛතාවය දීම. අනෙකාගේ තෘප්තිය වෙනුවෙන් වැයවීමෙන් මිස රමණයේ පූර්ණත්වය ළගා කරගත හැකි වෙන මගක් නෑ. ඒ පරාර්ථය ඇතුලෙයි සුරතාන්තය තියෙන්නෙ.

    පළමු වර අලුත්බව සහ නොඉවසිල්ල නිසා කලබලය සියල්ල අභිභවා මතුවෙන්න පුළුවන්. ඒත් හැමවිටම දෙවෙනි වරකට ඉඩ තියාගන්න. ඒ කලබලය මුදා හැරි පසුව භාවනානුයෝගීව දෙවෙනි වටයට මුලපුරන්න. ශිෂ්නයේ යාන්ත්‍රික බව වෙනුවට නිර්මාණාත්මක මුහුවීමේ ආස්වාදය විඳින්න.

    foreplay කියන්නෙ සෙක්ස්වලදි ස්ත්‍රිය විසින් දොරගුළු විවර කරන තැන. එය මගහැරීමෙන් අපි කරන්නෙ පඩිපෙල ළගම මෝචනය.

    ඒ වගේම කාන්තාවගේ පැත්තෙනුත් මෙතනදි යම් කොටසක් එකතු වෙන්න ඕන. පිරිමියා විසින් දෙනු ලබන දෙයක් පමණක් නිහඩව විඳිනවා වෙනුවට ලිංගික එක්වීමක් කියන්නෙ දෙන්නාගේම සහභාගීත්වයක් විදිහට තේරුම් ගන්න ඕන. පිරිමියාට අවශ්‍ය දේ ලබාදෙන අතරම තමන්ගේ ආස්වාදය පිණිස 69 වගේ පොසිෂන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පිරිමි කලබලය නිවිය හැකි සොඳුරු පාලනයන් තමන් අතට ගන්න පුළුවන්. තමන් හුදු ඔහුගේ ආස්වාදය පිණිස පවතිනවා නොව, තමන්ද ආස්වාදය වෙනුවෙන් පොරබදන බව ඔහුට දනවන්න ඕන.

    රමණීය රමණයකදි දීම වගේම ලබාගැනීමත් අනිවාර්ය සාධකයි.

    Foreplay කියන්නෙ ඇඳ උඩදි සිද්ද වෙන දෙයක් විතරක් නෙමෙයි. දවසෙ ඇය ගැන කරන ආදරණීය ප්‍රශංසාවක්, ඇය වෙනුවෙන් ගේන පුංචි තෑග්ගක්, සෙක්ස්ට් මැසේජ් එකක්, ආදරණීය හාදුවක්, එකට කුස්සියේ උයන එක පවා foreplay එකක් වෙන්න පුළුවන්. මේ පුංචි පුංචි ශෘංගාර මුහුවීම් ඇයව වඩාත් උණුසුම් කරන්න පුළුවන්.

    ඒ වගේම යහන්ගත වෙන්න කලින් අපි අහන සංගීතය, අපි විඳින සුවඳ, ගෙදර ආලෝකකරණය, සමහර විට ඉටිපන්දම් දැල්වීම මේ සියල්ලත් foreplay පරිචේඡදයට අයිතියි. මේ තමයි රමණයක් සිදුවිය යුතු ශෘංගාර විශ්වය. ඒක බොහොමත්ම ඉවසිලිවන්තයි. බොහොමත්ම නිර්මාණශීලීයි. සංසර්ග මොහොත කොයිතරම් කාලයක් පමා කරමින් මේ ශෘංගාර කලාපය සුවිසල් කරගැනීමයි රමණයේ කලාව දන්නවුන් කරන්නෙ.

  • ගහන්න ගහන්න ආදරෙයි

    ගහන්න ගහන්න ආදරෙයි

    ළගදි දවසක අවුරුදු 24ක විතර කෙල්ලෙක් මට කතා කළා. එයා හිටියෙ ගොඩක් අවුලෙන්. කොයිතරම් අවුලෙන්ද කිව්වොත් ඒ අවුල මාවත් අවුල් කළා.

    එයා කසාද බැඳලා දවස් කීපයයි. බැඳපු දවසට පහුවෙනිදා එයාව සැමියා විසින් නැවත ගෙදර ගිහින් බස්සනවා. එයා එක්ක ඉන්න බෑ කියනවා. මට කතා කරද්දිත් මේ තරුණිය විශ්වාස කලේ තමන්ගේ යම් වරදක් තියෙනවා කියල. ගෙදර අයට සිද්ද වුනු අවනම්බුවත්, තමන් ගැන දැනෙන වටිනාකමක් නැති හැගීමත් නිසා එයා කීප විදිහකින්ම දිවි නසාගන්න උත්සාහ කරනවා. මට කතා කලේ උදව් ගන්න පුළුවන් තැනක් දැනගන්න.

    මෙතන වරද තමන්ට ඉන්න බැරි කෙනෙකුගෙන් පිරිමියා වෙන්වීම නෙමෙයි. ඒ වෙන්වීම සඳහා සමාජයේ පවතින කාන්තාවට එරෙහි නොදියුණු සංස්කෘතික බලයක් පාවිච්චි කිරීම. ඇයව අපවාදයට, අපහාසයට ලක්වෙන ආකාරයෙන් ක්‍රියා කිරීම. ඕනම ප්‍රශ්නයක් විසඳගන්න මනුස්ස විදිහක් තියෙනවා.

    මේක සමාජ සංස්කෘතියක් ඇතුලෙන් කාන්තාවකට කරන හිංසනයක්. අන්තිමට තමන් සියල්ලට වරදකාරිය කියල තමන්ම පිලිගෙන ජීවිතය නැති කරගන්න තැන දක්වා මේ හිංසනය ගමන් කරනවා.

    ලංකාවෙ කාන්තාවන් සහ ගැහැණු ළමයින් මුහුණ දෙන හිංසනය ගැන කරපු සමීක්ෂණයක් මට කියවන්න ලැබුනා. මේක තමයි පළවෙනි වතාවට අපේ රටේ දිස්ත්‍රික්ක 25 ආවරණය වෙන විදිහට කෙරෙන සමීක්ෂණය. මේක සිද්ද වෙන්නෙ 2019දි.

    අපේ රටේ සංස්කෘතියෙම තියෙනවා කාන්තා හිංසනයට නැඹුරුවක්. නැත්තං සහාය දැක්වීමක්. සමාජයක් විදිහට අපි සහකරුවා අතින් සිදුවන හිංසනය වරදක් විදිහට දකින්නෙවත් නෑ. කසාද මනුස්සයා අතින් බිරිඳ දූෂණය වීම කියන එක අපිට සාමාන්‍යයක්.

    ඒ වගේම ඔය රන්ඩු බත්හැලිය ඉදෙන කල් විතරයි වගේ වහර පවා මේ ප්‍රචන්ඩත්වය සාධාරනීකරණය කරන්න නිර්මාණය වෙලා තියෙනවා. බනින්නෙ හදාගන්නනෙ මැට්ටියෙ වගේ පිලිගැනීමක් තියෙනවා. මේක කොයිතරම් බරපතලද කිව්වොත් සමහර පෙම්වතියො තමන්ට බනින්නෙ සැර කරන්නෙ නැති පෙම්වතෙක් තමන්ට ආදරේ නෑ කියල හිතන තත්වයක් තියෙනවා. කොටට අඳිනවට බනින්නෙ, වෙන කවුරු හරි දිහා බැලුවොත් ගහන්නෙ තමන්ට ඇති දැඩි ප්‍රේමය කියලයි අපේ රටේ ගොඩක් කාන්තාවො හිතන්නෙ. ඉතිං ජීවිත කාලයක් පුරා ගුටි කන ආදරේ මිහිර ඒ අය විඳිනවා. අවාසනාවට මේ මිහිර ඒ අයගෙ දරුවන්ගෙ ජීවිත පවා අඳුරු කරනවා.

    පියුමි හංසමාලි නැවත පරණ පෙම්වතා සමග එක්වීමේ ගොසිප් එකක් දකින්න ලැබුනා. මේ පරණ පෙම්වතා කවුද කියලා මං හරියටම දන්නෙ නැති වුනත් පියුමිගෙ කලින් පෙම්වතෙක් ඉතාම දරුණු විදිහට එයාට පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල තිබුන. ඒක මාරාන්තික පහර දීමක්. අනිවාර්යෙන්ම ඒ වීඩියෝවෙ තියෙන්නෙ පළවෙනි වතාවට සිද්ද වෙන යමක් නෙමෙයි. ඊට කලින් ඉඳන් ඒ පුද්ගලයා පියුමිට විතරක් නෙමෙයි තමන්ට මුනගැහෙන ඕනම සහකාරියක් වෙත ඔය ප්‍රචන්ඩත්වය මුදාහරින වග පැහැදිලියි. ඒත් ඒක ඉවසාගෙන ඉන්න ගැහැනු පුරුදු වෙනවා. පියුමි නැවත හාද වුනේ ඒ ප්‍රචන්ඩ පෙම්වතා සමග නෙමෙයි කියල හිතනවා. ඒත් මේ ගුටිකෑම සහ ආදරය අතර සම්බන්ධකමක් දැකීම ලංකාවෙ කාන්තාවන්ගෙ හැටියක්. ඒක සංස්කෘතික උරුමයක්.

    කොරොනා කාලෙදි නිවෙස්වල කාන්තාවන්ට අත්විඳින්න වෙන ප්‍රචන්ඩත්වයේ ඉහළ යාමක් වාර්තා වුනා. ඒ වගේම අර්බුද තත්වයන් මැද මේ හිංසනයන් තවත් ඉහළ යන්න පුළුවන්. පිරිමින්ගෙ හැම අමාරුවක්ම නිදහස් කරන ලේසි විදිහක් විදිහට කාන්තා හිංසනය අපේ සංස්කෘතිය ඇතුලෙ වැඩකරනවා.

    සදාචාරය ගැන බණ කියන හාමුදුරුවරු ටියුෂන් ගුරුවරු මේ හිංසනය පවත්වාගෙන යන්න අනුබල දෙනවා. කාන්තාව කවුරුන් විසින් පාලනය කළ යුතු කෙනෙක් විදිහට පවතින මතය පවත්වාගෙන යනවා. දෙමව්පියන්ගෙන්, සහෝදරයන්ගෙන්, පෙම්වතාගෙන්, සැමියාගෙන්, අවසානයේ දරුවන්ගෙන් පාලනය වෙනවා මිස නිදහස් ජීවිතයක අයිතියක් බොහෝ කාන්තාවන්ට ලැබෙන්නෙ නෑ.

    මේ කාන්තා හිංසනය කියන දේ දුප්පත් හෝ පහළ පාංතික හෝ පිරිස් අතර පමණක් තියෙන දෙයක් නෙමෙයි. මේ හිංසනයට පංතියක්, ජාතියක්, ආගමක් නෑ. ඉහළ, පහළ සියලු පංතිවල, සියලු ජාතීන් අතර කාන්තා හිංසනය පවතිනවා. වැදගත්ම දේ ර‍හසේ නෙමෙයි එලිපිට පවතිනවා.

    මේ කියන්නෙ BDSM වර්ගයේ ලිංගික ෆැන්‍ටසි ගැන නෙමෙයි. BDSM ආස්වාදයක් ලබන්න නම් දෙන්නාගේම කැමැත්ත ඒකට අවශ්‍යම වෙනවා. කැමැත්ත හෙවත් කන්සෙන්ට් එකක් නැති BDSM කියන්නෙ හිංසනයක්.

    අපේ රටේ සෑම කාන්තාවො සෑම පස්දෙනෙකුගෙන්ම එක්කෙනෙක් තමන්ගේ සහකරුවා අතින් ශාරීරික සහ ලිංගික හිංසනයට ලක්වෙනවා කියල මේ සමීක්ෂණ වාර්තාව පෙන්වනවා. ශාරීරික වධ හිංසනයට ලක්වෙන බහුතරයක් කාන්තාවො ලිංගික හිංසනයටත් ලක්වෙනවා. මේ දෙක අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා.

    සෑම කාන්තාවන්‍ 5 දෙනෙකුගෙන් දෙන්නෙක් ජීවිතේ මුනගැසෙන කවුරු හෝ සහකරුවෙකු අතින් ශෘරීරික, ලිංගික, ආර්තික‍ හෝ වෙනත් ආකාරයෙන් තමන්ව පාලනය කරන ප්‍රචන්ඩත්වයකට ගොදුරු වෙනවා. කවුරු හෝ පිරිමියෙක් විසින් කාන්තාවක් පාලනය කිරීමේ චර්යාව සාමාන්‍යයක් වෙලයි තියෙන්නෙ. සදාචාරය පැත්තෙන් සමාජයත් උත්සාහ කරන්නෙ කාන්තාව පාලනය කරන්න. මේක ඒ අයට එරෙහි ප්‍රචන්ඩත්වයක් කියන කියවීම අපිට නෑ. ඒ වෙනුවට මේක ආදරය විදිහටත් කියවාගන්නවා. අපේ රටේ කාන්තාවන් වැඩියෙන්ම මුහුණ දෙන ප්‍රචන්ඩත්වය විදිහට වාර්තා වෙන්නෙ සහකරුවා අතින් දැඩි පාලනයට ලක්වීම.

    දෙවෙනියට වඩාත් සුලබ වෙන්නෙ ශාරීරික හිංසනය. අපේ රටේ වතු ප්‍රදේශ ගත්තොත් සෑම කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක්කෙනෙක් ශාරීරික හිංසනයට ලක්වෙනවා.

    සෑම කාන්තාවන් 5 දෙනෙකුගෙන් 1 කෙනෙක් ආර්ථික හිංසනයට ලක්වෙනවා. ආර්ථික හිංසනය කියන්නෙ තමන්ගේ මුදල් පැහැර ගැනීම, මුදල් තිබියදීත් නිවසේ වියදම් ආදියට නොදී සිටීම, ඇයට රැකියාවක යෙදීමට අවස්ථාව නොදීම ආදී කාරණා. කාන්තාවන් බොහොමයක් මේ විදිහට ආර්ථික ස්වාධීනත්වය නැතිවීම හරහා සහකරුවන්ගේ පීඩාවට හිංසනයට ලක්වෙනවා. ඒ මගින් ඔවුන්ව යටත් කරගෙන ඉන්නවා.

    මේ සමීක්ෂණය අනුව පේන තවත් වැදගත්ම දෙයක් තමයි කාන්තාවක් පිටස්තරයෙකුට වඩා තමන්ගේම සහකරුවා අතින් ශාරීරික හිංසනයට ලක්වීමේ අවස්ථාව දෙගුනයකින් වැඩියි කියන එක. මේ හිංසනය එන්නෙ සම්බන්ධතාව ඇතුලෙන්මයි. ආදරය කියල විශ්වාස කරන තැනින්මයි.

    ලංකාවෙ සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන් 1 කෙනෙක් අවුරුදු 15 වගේ වයසක සිට ශාරීරික සහ හෝ ලිංගික හිංසනයට ලක්වෙන කාන්තාවන්. මේක සරල තත්වයක් නෙමෙයි. මේ හිංසනයන් ඒ අයගෙ මානසිකත්වයට බලපානවා. එතැනින් ඒ අයගෙ දරුවන්ට, ඒ අය කරන වැඩවලට බලපානවා. හිංසනයේ සංස්කෘතිය සමාජයේ විවිධ හැඩ ඇතුලෙ උඩුදුවමින් තියෙනවා. ඒත් අපි කාටවත් ඒක දරුණු ප්‍රශ්නයක් විදිහට දැනෙන්නෙ නෑ. මොකද අර්බුදය තියෙන්නෙ පවුල ඇතුලෙ. පවුල ඇතුලෙ දේවල් අපි දකින්නෙ පුද්ගලික විදිහට. ඒත් ඇත්තටම මේක සමාජ ප්‍රශ්නයක්. ඒක ඒ විදිහට බාරගන්න අපි ලෑස්ති නෑ.

    මේ විදිහට සහකරුවාගෙන් හිංසනයට ලක්වෙන කාන්තාවන් 3 දෙනෙකුගෙන් 1 කෙනෙක් සියදිවි නසාගැනීමට පෙළඹෙනවා. අපි ඒවා පත්තරවල කියවනවා. කාන්තා හිංසනය කියන සැබෑ හේතුව වෙනුවට දාහක් කුණුරස හේතු ගොතනවා.

    60%ක් හිංසනයට ලක්වෙන කාන්තාවො කියනවා ඒ අයගෙ දරුවන් මේ දේවල් දකිනවා කියල. ඒ කියන්නෙ හිංසනයේ සංස්කෘතිය දරුවන්ට ගමන් කරනවා. ඊට පස්සෙ ඒ දරුවො හිංසනයේ විෂම චක්‍රයටම ගොදුරු වෙනවා.

    4න් 1ට වඩා හිංසනයට ලක්වෙන කාන්තාවන්ට ඒ වගේම හිංසනයට ලක්වූ මවක් ඉඳලා තියෙනවා. ඒ මව විඳපු දුක් බලාගෙන සිටීම නිසා ඒ අයටත් හිංසනය සාමාන්‍ය දෙයක්, දරාගත යුතු දෙයක් හැටියෙන් අප්‍රකාශිත පුහුණුවක් ඇවිත් තියෙනවා. ඊට විරුද්ධව ක්‍රියා කරන්න, තමන්ගේ ජීවිතය බේරාගෙන එතැනින් අයින් වෙන්නවත් පෞර්ෂයක් මේ අයට අහිමි වෙනවා.

    මේ ආකාරයෙන් පහර දෙන සැමියන්ගෙන් වැඩිදෙනෙකුගේ අම්මලත් එහෙම හිංසනයට ලක්වූ කාන්තාවන් බව මෙතනදි හෙලිවෙනවා. එහෙම නැත්නම් දරුවෙක් විදිහට මේ පිරිමි හිංසන අත්දැකීම්වලට මුහුණ දීලා තියෙනවා. මේක පරම්පරාවෙන් පරම්පරාවට යන සමාජ රෝගයක් වග පැහැදිලියි.

    අපි මේ සංස්කෘතිය හුරතල් කරනවද නැත්තං මේක කඩාබිඳ දමනවාද කියන එක අපි සමාජයක් විදිහටත් තනි තනිවත් තීරණය කරන්න ඕන. මේ විදිහට හිංසනයත් ආතතියත් පවතින පවුල් පසුබිම්වලින් සමාජයට දායක කරන ප්‍රචන්ඩකාරී, ආතතිකර පෞර්ෂයන් තමයි අපිට ඊලගට ජාතිවාදය, ආගම්වාදය, අපරාධ, නවකවධය වගේ තැන්වලත් මුනගැහෙන්නෙ.

    සමාජයක සංස්කෘතියේ දියුණු බව හෝ නොදියුණු බව මනින්නෙ ඒ සමාජය කාන්තාවන්ට සලකන ආකාරය අනුවයි.

  • රැජිනගේ කාලෙ සෙක්ස්

    රැජිනගේ කාලෙ සෙක්ස්

    අද දෙවෙනි එලිසබෙත් රැජනගේ අවමංගල්‍යය. ඒ වගේ දවසක ඇත්තටම වටිනවා රැජනගෙන් අපිට ලැබුනු දේ ගැන හිතන එක. රැජන කියන්නෙ බ්‍රිතාන්‍ය කිරීටය. එලිසබෙත්ට කලින් වික්ටෝරියා අපිව පාලනය කළා. අපි නිතර කතා කරන වික්ටෝරියානු සංස්කෘතිය නිර්මාණය වෙන්නෙ මේ යුගයෙ. ඒ කියන්නෙ 1837 ඉඳන් 1901 දක්වා කාලය. මේ කාලෙදි තමයි බ්‍රිතාන්‍යයේ බලය ප්‍රධානතම ගෝලීය බලය විදිහට වර්ධනය වුනේ. ගල් අගුරු, යකඩ, වානේ සහ රෙදිපිලි නිෂ්පාදනයෙන් ලෝකයේ ප්‍රධානතම වෙළඳ බලයක් අත්පත් කරගන්නත්, කලාවේ සහ විද්‍යාවේ විප්ලවයන් සිදු කරන්නත් බ්‍රිතාන්‍යයට හැකියාව ලැබුනා. මේ සියල්ලේ ප්‍රතිඵලය වුනේ බ්‍රිතාන්‍ය වික්ටෝරියානු සංස්කෘතිය ලෝකයටම බලපෑම. යටත්විජිත රටවල් වුනු අපේ වගේ රටවලට මේක තදින්ම බලපෑවා. අද පවා අපිට අත්හළ නොහැකිව තිබෙන පුහු සදාචාරවාදී තත්වයන් බොහොමයක් වික්ටෝරියානු සම්ප්‍රදායන්ගෙන් පැවත එන ඒවා. විශේෂයෙන්ම ලිංගික සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ විරෝධතා පිටිපස්සෙ තියෙන්නෙ මේ යල්පැන ගියා වික්ටෝරියානු මතවාද.

    ඒ කොහොම වුනත් කාලයක සීමාවන්, තහංචි ලෙස පැවතුනු දෑ ඒ කාලය ඉක්ම ගිය පසු කලාවන් හැටියට රස විඳින්න පුළුවන් වෙනවා. වික්ටෝරියානු සංස්කෘතික අංගත් මේ වෙද්දි ඒ වගේ කලාත්මක රස වින්දනයන්ට නිමිති.

    වික්ටෝර‍ියානු සංස්කෘතිය පිටිපස්සෙ තිබුනු දැවැන්තම පීඩනය තමයි යටපත් කළ ලිංගික ආශාව. ඒ සංස්කෘතියෙ හැම අංගයක් තුලින්ම මේ ලිංගික පීඩනය එලියට පනිනවා. රැජනගේ මළගම වෙනුවෙන් අපි හැරී බලමු වික්ටෝරියානු සංස්කෘතික අවධියෙ සෙක්ස් කොයි වගේ තිබුනද කියල.

    වික්ටෝරියානු සංස්කෘතියෙ ප්‍රධානම දෙයක් තමයි උඩ ඉඳන් පහලටම හොඳට ආවරණය වෙන විදිහට බොත්තම් දාලා ඇඳුම් අඳින එක. පිරිමි ඇවිස්සෙයි කියල බයට මේ අය මේසවලට පවා කකුල් ආවරණය වෙන විදිහට රෙදි ඇන්දුවා.

    වික්ටෝරියානු සංස්කෘතිය හැමතිස්සෙම සදාචාරය ඉස්සරහට දාගත්ත එකක්. හැබැයි ඒ සංස්කෘතියම තමයි වැඩිපුරම මිනිස්සුන්ගෙ රහස් ජීවිතයට එබෙන්න ආසා කළෙත්. මේ දෙබිඩිකම ඒකෙ ලකුණක්. මේකම තමයි අද ලාංකිකයො විදිහට අපේ දෙබිඩිකමේ පදනමත්.

    වික්ටෝරියානුවො සෙක්ස්වලට බය වෙන්න සාධාරණ හේතුවකුත් තිබුන. ඒ තමයි 1800 ගණංවල පැතිරෙන්න ගත්ත සිපිලිස් වසංගතය. විරූපි වීම විතරක් නෙමෙයි සිපිලිස්වලින් මානසික තත්වයත් පිරිහුනා. ඒක බිහිවෙන දරුවන්ට පවා ආසාදනය වෙන්න පුළුවන්. ඒ කාලෙ සිපිලිස්වලට බෙහෙත් තිබුනෙ නෑ. (දැන් මේක ප්‍රතිකාර ගැනීමෙන් පහසුවෙන් සුව කරන්න පුළුවන් රෝගයක්)

    ඒ කාලෙත් ආරක්ෂාවට කොන්ඩම් තිබුන. ඒත් ඒවා පාවිච්චි කරන්න දැනුවත් කිරීමක් හෝ උනන්දු කිරීමක් තිබුනෙ නෑ. ඒ වගේම සතුන්ගෙ බඩවැල් ආදියෙන් නිෂ්පාදනය කරපු කොන්ඩම් නිතර ඉරී යාමේ අවදානමකුත් තිබුන. ගුඩ් ඉයර් නිෂ්පාදකයො 1855 දි රබර් කොන්ඩම් නිෂ්පාදනය කළත් ඒවා ඒ තරම් ව්‍යාප්ත වෙලා තිබුනෙ නෑ.

    Victorian Condom

    ඉතින් සමාජරෝග සැලකුවෙ වරදෙහි හැසිරීමට ලැබෙන දඩුවමක් විදිහට.

    ඉතින් මේ වික්ටෝරියානු සදාචාරය අනුව ස්වයං වින්දනය තමයි ඉහළින්ම අගය කරන්න ඕන. ඒත් ස්වයං වින්දනය වළක්වන්න උපකරණ පවා මේ අය නිෂ්පාදනය කළා. හීනෙන් ධාතු පහවීම සැලකුවෙ රෝගයක් විදිහට. ඒ කාලෙ දොස්තරලා මේක ස්පර්මොටොරියා නමින් හඳුන්වමින් ප්‍රතිකාර ලබාදෙන්න පියවර ගත්තා.

    කාන්තාවන් සම්බන්ධයෙන් මේ තත්වෙ තවත් නරක් වුනා. ඉසාක් බේකර් බ්‍රවුන් කියන ඒ කාලෙ ලන්ඩන් මෙඩිකල් සමාජයේ සභාපති විසින් කාන්තාවන් ස්වයං වින්දනයට ඇබ්බැහි වීම වළක්වන නිසැක ක්‍රමයක් විදිහට ක්ලිටෝරිසය සැත්කමකින් ඉවත් කිරීමට උපදෙස් දුන්නා .

    වික්ටෝරියානු සමාජය ගණිකා වෘත්තිය ලොකුම සමාජ අපරාධයක් විදිහටයි සැලකුවෙ. ඒකට දරුණු ප්‍රතිචාර දැක්වීමකුත් සිදුවුනා. ජැක් ද රිපර් වගේ ගණිකාවන් මරා දමන සීරියල් කිලර්ස්ලා පවා බිහිවුනේ වික්ටෝරියානු සදාචාරය ඇතුලෙයි.

    මේ යුගයේ පහළ පාංතික ජීවිතයේ දුක්ඛිතබව ගැන වර්කහවුස් ටේල්ස් කියන වෙබ් එකේ ලෙස්ලි හියුමන්ස් මෙහෙම ලියනවා.

    ‘19 වෙනි සියවසේ දුප්පත් කාන්තාවන්ට තිබුනෙ ඉතා සුළු රැකියා අවස්ථා ප්‍රමාණයක් වගේම ඒවා බොහොමයක් දුක්ඛිත ඒවා වුනා. සමහර කාන්තාවන් තමන්ට පහසුවෙන් විකිනිය හැකි ශරීරය විකුණා ජීවත් වුනා. ඒ වගේම මත්පැන්වලට ඇබ්බැහි වීම සහ ජීවිතයේ කණස්සල්ල නිසා බොහෝ දෙනෙක් ගණිකා වෘත්තියට යොමු වුනා.

    සමහර කාන්තාවන් වෘත්තියක් වශයෙන්ම ගණිකෘ වෘත්තිය තෝරාගත් අතර පසුව විවාහ වී සාමාන්‍ය යැයි සැලකෙන ජීවිත ගත කරන්නත් යොමු වුනා’

    අගමැතිවරයෙක් වුනු ග්ලැඩ්ස්ටන් ගණිකාවන් ගලවා ගැනීම වෙනුවෙන් කරපු උත්සාහයන් නිසා ජනප්‍රියයි. ඒත් ඒ උත්සාහයන් පිටුපස තිබුනු සැබෑ උවමනාවන්ද ප්‍රශ්නකාරී තත්වයක් තිබුන.

    ‘ද වර්ම් ඉන් ද බඩ්’ හෙවත් පොහොට්ටුවේ පණුවා නමින් වික්ටෝරියානු යුගයේ වංශවතුන්ගේ දෙබිඩි ජීවිත ගැන පොතක් ලියන රොනල්ඩ් පියර්සොල් ඒ ගැන මෙහෙම ලියනවා.

    ‘ග්ලැඩ්ස්ටන්ගෙ ගලවාගැනීමේ මෙහෙයුම පිටුපස ලස්සන කාන්තාවන්ට ඇති එයාගෙ ආශාවත් තිබුන. නැගෙනහිර දිග ලන්ඩනයේ (වඩාත්ම අඳුරු ප්‍රදේශය) ගණිකාවන් ඔහු කිසි දවසක ගලවාගත්තේ නෑ. ඒ වගේම රූපයෙන් ලස්සන නැති කිසි කෙනෙකුත් ඔහු විසින් ගලවා ගත්තේ නෑ’

    Victorian Vibrator
    Victorian Dildo

    ගොඩක් ජනප්‍රිය කතා තිබුනත් වික්ටෝරියානුවන් විසින් සෙක්ස් ටෝයිම් නිර්මාණය කලේ නෑ.

    ඩිල්ඩෝස් වගේ සෙක්ස් ටෝයිස් සෑහෙන කාලෙක ඉඳන් තිබුන. ඒත් වික්ටෝරියානු කාලෙදි සෙක්ස් කියන දේ වෛද්‍යකරණය වෙන්න පටන් ගත්තා. මේ කාලෙදි සෙක්ෂුවල් ෆ්‍රස්ට්‍රේෂන් හෙවත් ලිංගික වශයෙන් බලාපොරොත්තු සුන්වීම කියලා සැලකෙන සාමාන්‍ය තත්වය ඒ කාලෙදි හිස්ටීරියාව නම් සුව කළ යුතු රෝගයක් විදිහට සැලකුනා. මේ සඳහා දොස්තරලා වයිබ්‍රේටර්ස් පාවිච්චි කළා. තව කාන්තාවන් තමන්ටම කියලා ‘කාන්තා සහායකයෙක්’ (අත්කම් ලෙස නිමැවූ ඩිල්ඩෝවක්) තියාගන්න වාසනාවන්ත වුනා.

    ඇත්තටම වික්ටෝරියානුවන් ගෘහ භාන්ඩවල කකුල් පවා ආවරණය කරන්න උනන්දු වුනා කියන එක ජනප්‍රිය මිත්‍යාවක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන්නෙ වික්ටෝරියානුවන් කොයිතරම් අසභ්‍ය මනසකින් හිටියද කිව්වොත් මේස කකුලක් පවා හැගීම් අවුස්සන අසැබි දෙයක් විදිහට දැක්කා කියලයි. මේසෙක නැම්මක් පවා දරාගන්න බැරි වුනා කියලයි.

    ඒත් මේක ඒ තරම් සත්‍ය කාරණයක් නෙමෙයි. මේක සිද්ද වෙන්න මූලික හේතුව ඉංග්‍රීසි සංචාරකයෙක් වුනු ෆෙඩ්රික් මැරියට් 1837දි ඇමරිකාවට ගියාම අත්විඳපු විහිළුවක් වෙන්න පුළුවන්.

    ඉතිහාසඥයෙක් වෙන ටෝනි පෙරොටෙ මේ ගැන ලියන්නෙ මෙහෙම.

    ‘මැරියට් නයගරා ඇල්ල අසබඩ සෙමනේරියක තරුණ යුවතියන් පිරිසක් මුනගැහුනා. එතනදි පියානෝවක කකුල් පවා වැසෙන ලෙස කලිසම් අන්දවා තිබීම දැකලා එයා පුදුම වුනා. එතන හිටපු කෙනෙක් කිව්වෙ, මේ ලේසියෙන්ම නරකට පෙළඹෙනසුලු වයසෙ තරුණ යුවතියන්ගෙ සිත් දූෂ්‍ය නොවනු පිනිස එහෙම කරනවා කියලයි. තව වෙලාවක යැංකි යුවතියක් මැරියට් ට කියනවා ‘කකුල’ කියන වචනය පවා ඇමරිකාවෙ කියන එක අවදානම් කියල. කැප්ටන් මැරියට් මේ සියල්ල එයාගෙ ඇමරිකානු ඩයරියෙ සටහන් කරනවා.

    මේ හැරුනු කොට මේ ගැන කිසිදු තැනක සටහනක් නෑ. සමහර විට පියානෝ කකුල් දූවිල්ලෙන් වලක්වනු පිනිස ආවරණය කළා වෙන්න පුළුවන්’

    මේ මැරියට්ගෙ පොත කියවපු බ්‍රිතාන්‍ය වැසියන් ඇමරිකානුවන්ට දෙවෙනි නොවනු පිනිස මේ දේවල් අනුකරණය කළා වෙන්න පුළුවන්.

    Prince Albert and Victoria

    වික්ටෝරියානු සංස්කෘතිය සෙක්ස් ගැන ලොකු අවුලක් තිබුනට වික්ටෝරියා රැජන සෙක්ස්වලට බොහොම ආසා කළ කෙනෙක්. එයාගෙ සැමියා වුනු ඇල්බර්ට් එක්ක ඉතාම අනුරාගී දැඩි ඇල්මකින් පසුවුනු බවයි කියන්නෙ. එයාගෙ පළමු රාත්‍රිය ගැන දිනපොත් සටහනක් තබන වික්ටෝරියා මෙහෙම ලියනවා.‘ඒක පුදුම තරම් තෘප්තිදායක, මනස්කාන්ත රාත්‍රියක්. මං කිසි දවසක ඒ වගේ රාත්‍රියක් ගත කර නැහැ. ඔහුගේ දැඩි ප්‍රේමය සහ ඇල්ම දිව්‍යමය ප්‍රේමයක සහ සතුටක හැගීම් මට දුන්නා. ඔහුගේ දෑතින් මාව අල්ලාගෙන සිටි අතර අපි නැවත නැවතත් උනුන් සිපගත්තා’

    Victoria Secret

    ඒ කාලෙ තිබුනු විශ්වාසයන්ට පටහැනිව වික්ටෝරියා දැඩි ලෙස කායික ඇසුර ප්‍රිය කළා. නමුත් ඒ ඇය සහ ඇල්බර්ට් අතර විතරයි. සමහරු කියන විදිහට ඇය නිම්ෆොමේනියැක් හෙවත් තෘප්තිමත් කළ නොහැකි තරමේ ආශාවකින් පෙලෙන්නියක්. මේ නිසා ඇල්බර්ට් හිටියෙ හතිවැටිලා.

    වික්ටෝරියා ෆ්‍රාන්ස් එක්සැවර් වින්ටර්හෝල්ටර් කියන සිත්තරාට කියල ඇගේ ආලේඛ්‍ය රූපයක් අන්දවාගන්නවා. ඒ කාලෙ හැටියට ඒක තිගැස්සෙන තරමෙ අනුරාගී එකක්. ඒ චිත්‍රය තමයි වික්ටෝරියාගේ රහසිගත චිත්‍රය නමින් ප්‍රසිද්ද වුනේ. මේක ඇය කරන්නෙ ඇල්බර්ට් වෙනුවෙන්. දැන් කාලෙ හැටියට නම් ඒක පෙම්වතාට යවන නිරුවත් ඡායාරූපයක් හා සමානයි.

    Birty

    බර්ටි කියන නමින් පවුලේ හඳුන්වපු හත්වෙනි එඩ්වර්ඩ් (වික්ටෝරියාගේ වැඩිමල් පුතා) හොඳටම නරක චර්යාවක් තිබුනු කෙනෙක්. එයාගෙ තාත්තා ප්‍රින්ස් ඇල්බර්ට් එයාට කියනවා, මං දන්නවා උඹ දුර්වල මෝඩයෙක් කියල, ඒත් මෙහෙම සදාචාරයක් නැති එකෙක් කියල දැනගෙන හිටියෙ නෑ කියල.

    ඇල්බර්ට් ලෙඩ ඇදෙන් නැගිටලා බර්ටි බලන්න යනවා එයා නෙලී ක්ලිෆ්ඩන් කියන නිළිය එක්ක අයර්ලන්තයේ කාරා කෑම්ප්ස්වල හැසිරෙන හැටි ගැන කතා අහන් ඉන්න බැරුව. මේ ගමනෙදි ඇල්බර්ට් සීතලට අහුවීමෙන් එයාගෙ මරණය ඉක්මන් වුනා කියලත් කියනවා. ඒත් නිල වශයෙන් ඇල්බර්ට් මැරෙන්නෙ ටයිෆොයිඩ් හින්ද. ඒ්ත් වික්ටෝරියා බර්ටිට බැනවදිනවා එයා නිසා ඇතිවුනු ආතතිය මේකට හේතු වුනා කියල.

    ඇය පස්සෙ ඇගේ මේ අයාලෙ යන පුතා ගැන කියනවා, මට ඊට පස්සෙ කිසි දවසක අපහසුවකින් තොරව එයා දිහා බලන්න බැරි වුනා කියල. වික්ටෝරියා දැනගෙන හිටියා බර්ටිගෙ අවකල් ක්‍රියාවන් ගැන. ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය සමග විවාහ වුනු පසුවත් බර්ටි තමන්ගේ සුපුරුදු ස්ත්‍රීලෝලීත්වය පවත්වාගෙන ගියා. එයාගෙ ප්‍රියතම ගණිකා නිවාසය වුනු ‘ලෙ ෂබානාස්’ හි ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඔහුටම වෙන් කළ පුටුවක් පවා තියාගෙන හිටියා.

    මේ කාලෙ අසභ්‍ය පොතපතත් තිබුන. ‘ඔ‍ටොබයග්‍රෆි ඔෆ් ෆ්ලී’ හෙවත් මැක්කාගේ කතාව කියන්නෙ 1887දි ලියවුනු ඉරොටික් නවකතාවක්. පස්සෙ කාලෙක හෙලිදරව් වුනා මේ පොත ලිව්වෙ ලන්ඩනයේ නීතිඥයෙක් වුනු ස්ටැනිස්ලාස් ඩි රෝඩ්ස් බව.

    මේක අපේ රටේ මකුනාගේ කතාව වගේ එකක්. මැක්කාගේ දෘෂ්ටිකෝනයෙන් බෙලා කියන සුන්දර යුවතියකගේ අනුරාගය සහ ලිංගික හැසිරීම් ගැන මේක කියවෙනවා. ලන්ඩනයේ ‘හෝලිවෙල් ස්ට්‍රීට්’ ටයිම්ස් පත්තරෙන් හැඳින්නුවෙ ශිෂ්ට ලෝකයේ අශිෂ්ටම මාවත කියල. මේක පෝර්න්වල මධ්‍යස්ථානයක් වෙලයි තිබුනෙ. 1834දි පෝර්න් ෂොප් 57ක් පැවතුනු බවට ගනන් බලා තියෙනවා.

    1857දි අසභ්‍ය පණත ගේන්නෙ මේ අනීතික කර්මාන්තය නවත්තන්න හිතාගෙන. ඒත් ඒකෙන් වෙන්නෙ මේක තවත් අන්ඩර්ග්‍රවුන්ඩ් මාර්කට් එකකට හැරෙන එක. පොත් ප්‍රකාශකයො බොරු නම්වලින් මේ ප්‍රකාශන පවත්වාගෙන යන්න පටන් ගන්නවා.

    Holywell Street

    ආචාර්ය මැතිව් ග්‍රීන් ‘සීක්‍රට් හිස්ටරි ඔෆ් හෝලිවෙල් ස්ට්‍රීට්’ ලිපියෙ මෙහෙම ලියනවා,
    ‘හෝලිවෙල් මාවතේ සාමාන්‍ය දිනයක රංචු පිටින් පිරිමි, සමහර විට ගැහැණු මේ පෝර්න් ෂොප්වල පිටත ජනෙල්වලින් එබෙමින් සැරිසරනවා. ඉඳහිටලා ඇතුලට නොපෙනී යන්නෙ වික්ටෝරියානු ලන්ඩනයේ තහනම් ඵලයේ රස දත්වලින් සපා බැලීමටයි.
    ජනෙල්වලින් පේන පොළඹවනසුලු කවර, සහ අසභ්‍ය කැටයම් ඇතුලෙ ඇති අසභ්‍ය දේ ගැන සංඥාවක් දෙනවා.

    මේ සියවස මැද ඩේලි ටෙලිග්‍රාෆ් ලිපියක් මෙවන් අය පහත් කරමින් ලියා තිබුනෙ, රහසින් කවුළු තුලින් මේ පව්කාර කඩ ඇතුලට එබී බලන, අසහනයෙන් මේ අසැබි පොත් කවර පෙරලා බලන, ක්‍රියාව තරම් වනචර වූ මේ කැටයම් දෙස වරදකාරී ලෙස නැමී බලා සිටින්නවුන් විදිහටයි..

    ආන්ට් එප් නමින් හඳුන්වපු එල්ස්පෙත් මාර් වික්ටෝරියානු කාලෙ සෙක්ස් ගැන ලස්සන කතාවක් කියනවා. මේ කාන්තාව ඇත්තටම හිටියද නැද්ද කියලත් විවාදයක් තියෙනවා.
    ආන්ට් එප්ගේ ගයිඩ් ෆෝර් ලයිෆ් පොතේ ඇය කියනවා,

    ‘සෙක්ස් කියන්නෙ හරියට පාන් වගෙයි. ඒක නැතුව ජීවිතේ මොනවා කරන්නද? අන්තිම පල්’

  • අහුල ගත්ත විහිලු සහ රුවන් වැකි

    අහුල ගත්ත විහිලු සහ රුවන් වැකි

    සැබෑ යාලුවෙක් පුරුෂ ලිංගයක් වැනිය. අවශ්‍යම මොහොතේ ඔබ වෙනුවෙන් නැගී සිටී.
    නියම යාලුවෙක් බ්‍රා එකක් වැනිය. නිරන්තරයෙන් ඔබේ සහායට බර උසුලාගෙන සිටී.
    විශ්වාසවන්ත යාලුවෙක් කොන්ඩමයක් වැනිය. තැන නොතැන ඔබේ ආරක්ෂාව සලසයි.
    ආදරනීය යාලුවෙක් යෝනියක් වැනිය. ඔබේ ප්‍රශ්නයේ තරම කොයිතරම් වුනත් ඔබව ආදරයෙන් බාරගනී.

    ඔයා මොන වගේ යාලුවෙක්ද? ශිෂ්න මිතුරෙක්ද, කොන්ඩෝම මිතුරෙක්ද, වැජයිනා මිතුරෙක්ද?

    ඔයා දන්නවද ශිෂ්න පාතරාසයක් (penis for breakfast) තමයි හොඳම උදෑසන ආහාරය කියල? දොස්තරලා කියන විදිහට ඒකට තියෙනවා හත්තක් වගේ හිසක්. සොසේජයක් වගේ කඳක්. බිත්තර දෙකක්. සහ පෝෂනීය කිරි. ඒ පෝෂණයෙන් කාන්තාවන්ට මාස 09ක් නිරෝගීව ගත කරන්න පුළුවන්.

    ඒ වගේම පුරුෂ ලිංගයක තියෙනවා හොඳ ඇවතුම් පැවතුම් තුනක්.

    1. හැමවිටම ඉදිරිපත් කිරීමකට කලින් සිටගෙන ආචාර කරනවා.
    2. හරිම ඉමෝෂනල්. ඉදිරිපත් කිරීම අතරත් කඳුළු සලනවා.
    3. ඉතාම ගෞරව සම්පන්නයි. ඉදිරිපත් කිරීම අවසානයේ නැමී ආචාර කරනවා.

    කාමසූත්‍ර කියන විදිහට, ඔබ ගැහැණියකගේ එක් තන පුඩුවක් උරා බිව්වොත් ඇය විසින් අනෙකද ඔබට පිරිනමනු ඇත. මේ තමයි බයි වන් ගෙට් වන් ෆ්‍රී සංකල්පයේ උපත.

    ඔබ දැකලා තියෙනවද කාන්තාවන්ගේ උඩුකය සම්බන්ධ හැම දෙයක්ම ‘බී’ අකුරෙන් පටන් ගන්න වග? බ්‍රා, බ්ලව්ස්, බූබ්ස්. ඒ වගේම යටිකය සම්බන්ධ දේවල් පටන් ගන්නෙ ‘පී’ අකුරෙන්. පෙටිකෝට්, පෑන්ටීස්, පුසි.

    සෙක්ස් කරන්න කලින් එකිනෙකාට නිරුවත් වෙන්න උදව් වෙනවා. හැබැයි සෙක්ස් කරලා ඉවර වුනාට පස්සෙ ආපහු ඇඳගන්න වෙන්නෙ තනියම.
    අවවාදය- ඔබ හු.. ගත් පසු උදව් කරන්න කවුරුවත් නැත.

    සාර්ථකත්වයත් හරියටම ගර්භනීභාවය හා සමානයි. හැමෝම සුබ පතනවා. නමුත් ඒ කවුරුවත් දන්නෙ නෑ ඔබ ඒ වෙනුවෙන් කොයිතරමක් හු.. ගත්තද කියන එක.

    පිරිමියෙක් නම් කරන්න ඕන ගැහැනියකගේ පෑන්ටි තෙත් කරන එක මිස ඇස් තෙත් කරන එක නෙමෙයි.

    ගැබ් ගත්තම හැමෝම කාන්තාවගේ බඩට අත තියලා සුබපතනවා. ඒත් කවුරුවත් ඒක කරපු ශිෂ්නයට අත තියලා වෙල්ඩන් කියන්නෙ නෑ.
    අවවාදය – ප්‍රතිඵල මිස වෙහෙස සමාජය විසින් අගය කරන්නේ නැත.

  • කැෂුවල් සෙක්ස්වලට කැමතිද?

    කැෂුවල් සෙක්ස්වලට කැමතිද?

    කැෂුවල් කියන්නෙ නිදහස්, වැඩිය සීරියස් නැති, අනිවාර්ය නොවන, ස්ථාවර හෝ විධිමත් නොවන කියන තේරුම් දෙන වචනයක්. කැෂුවල් සෙක්ස් කියල ලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් මේක යෙදෙන අවස්ථා තියෙනවා. සිංහලෙන් ඕක පරිවර්තනය වෙන්නෙ අනියම් සම්බන්ධතා විදිහට. ස්ථාවර නොවන කියන අදහස විතරක් තෝරගෙන නිදහස් කියන තේරුම බැහැර කිරීමක් එතනදි සිද්ද වෙනවා.

    කැෂුවල් සෙක්ස් කිව්වම ඔයාට මොකක්ද හිතෙන්නෙ? මගේ සෙක්ස් උවමනාවන් සපුරගන්න හොඳම විදිහක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක කිසි හැගීමක් නැති දෙයක් විදිහට තව කෙනෙකුට හිතෙන්න පුළුවන්.

    කැෂුවල් සෙක්ස් ගැන සමා‍ජෙ තියෙන අදහස කොහොමත් නෙගටිව් එකක්. හැබැයි ඒ ලිංගික සම්බන්ධතා අනිවාර්යෙන්ම නරකයි කියන එක මිත්‍යාවක්. අපේ ජීවිතේ ගොඩක් දේවල් එනර්ජයිස් කරන්න, ලස්සන කරන්න කැෂුවල් සෙක්ස්වලට පුළුවන්. හැබැයි හරියටම අපිට ඒ සම්බන්ධතාවෙන් ඕන මොකක්ද කියන එක ගැන අපි හරි අව‍බෝධයෙන් යන්න ඕන.

    කැෂුවල් සෙක්ස් කියන්නෙ hookup culture කියන එකම නෙමෙයි. ඒකත් මේකට අයිති වෙන්න පුළුවන්. ඒත් ඉතාම පොසිටිව් විදිහට කැෂුවල් සෙක්ස් සම්බන්ධතා දිහා බලන්න පුළුවන්.

    1. ඔයා යම් කෙනෙක් එක්ක පවත්වන ලිංගික සම්බන්ධතාවය උපරිමයෙන් විඳන කෙනෙක්. ඒත් ඔයාට මේ වෙලාවෙ කැපවුනු සම්බන්ධතාවයකට යන්න පුළුවන්කමක් නෑ. ඔයාගෙ රස්සාව සෑහෙන කාර්යබහුල එකක් වෙන්න පුළුවන්. නැත්තං ඔයාට දරුවෙක් හෝ වැඩිහිටි දෙමව්පියෙක් රැකබලාගන්න තියෙනවා වෙන්න පුළුවන්.
    2. ඔයා ඉතාම ළගදි සම්බන්ධතාවයකින් බිඳුනු කෙනෙක්. අලු‍ත් සම්බන්ධතාවයක් පටන් ගන්න කලින් ඔයා කැමතියි කීප දෙනෙක් ඇසුරු කරලා ලිංගික පැත්තෙන් සහ ජීවිතය පැත්තෙන් වැඩිපුර දේවල් තේරුම් ගන්න.
    3. ඔයා කෙනෙක් එක්ක විවෘත සම්බන්ධතාවයක් පවත්වන කෙනෙක්. ඕපන් රිලේෂන්ෂිප් එකක්. ඔයා කැමතියි තව අයත් එක්ක ලිංගික සම්බන්ධතා රසවිඳින්න.
    4. ඔයා කැමතිම මිත්‍රත්වය ඇතුලෙ පවත්වන ලිංගික සම්බන්ධතාවලට. ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් කියන්නෙ.
    5. ඔයා විවිධ අයව ඇසුරු කරලා යම් සම්බන්ධතාවයක් දීර්ඝ කාලීන එකක් කරගැනීමට තරම් සුදුසුද කියල පරීක්ෂා කරන කෙනෙක්.

    ඉතිං මේ වගේ සාධාරණ හේතු ගොඩක් කැෂුවල් සෙක්ස්වලට තියෙන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ ගොඩක් අය කැෂුවල් සෙක්ස් හින්ද තෘප්තිමත් වෙනවා.

    කැෂුවල් සෙක්ස් ඔයාට හරියනවද කියල බලන්න නම් මුලින්ම ඒකෙ තියෙන හොඳ සහ නරක පැති දෙකම ගැන යම් තේරුම් ගැනීමක් තියෙන්න ඕන. නැත්තං ඉතාම ආස්වාදජනක තැනකින් පටන් ගන්න සම්බන්ධතා ඉවර වෙන්නෙ නාඩගමක් වෙලා.

    මෙන්න හොඳ පැත්ත

    1. ඔයාට තව කෙනෙකුගේ අත්දැකීම් සහ ස්පර්ශයන් බෙදාහදා ගන්න ලැබෙනවා. මේ සමීප සම්බන්ධතා අපිව නිරෝගී කරනවා. එන්ඩොෆින්ස්, ඔක්සිටොසින්, ඩොපමින් ආදී සතුටු හෝමෝන කොක්ටේල් එකක් රසවිඳින්න අවස්ථාව ලැබෙනවා.
    2. ඔයාට විවිධ අත්හදාබැලීම් කරන්න පුළුවන්. නිදහස වැඩියි. ඒ නිසාම ලිංගික තෘප්තිය හොයාගෙන යාමේ අවකාශයත් පුළුල් වෙනවා. සම්මත සබඳතාවයකදි කවදාවත් අත්විඳිය නොහැකි ආස්වාදයන් කැෂුවල් සෙක්ස් කලාපයේදි මුනගැහෙනවා.
    3. ඔයා ඉන්නෙ හිත් බිඳීමකින් නම් තැවුලකින් නම් කැෂුවල් සෙක්ස්වලින් ඔයාට ලොකු සහනයක් ලැබෙනවා. ඔයාගෙ හුදකලාව මැකෙනවා. නැවත දීර්ඝ සබඳතාවයක් අරඹනතාක් කල් ඔයාගේ හිතේ තුවාල සනීප කරන්න මේ වගේ සම්බන්ධයකට පුළුවන්.
    4. ඔයාට ලොකු ආත්ම විශ්වාසයක් අභිමානයක් දැනෙනවා. ඔයා කොයිතරම් ආකර්ශනීයද කියල හැගෙන්න පටන් ගන්නවා. මේ නැවුම් ආකර්ශනය තරම් ඇවිලෙනසුලු දෙයක් තවත් නැති තරම්.

    දැන් නරක පැත්ත

    1. ලිංගිකව බෝවන රෝග අවදානමක් තියෙනවා, ඔයා හරියට පරිස්සම් නොවුනොත්. ඒ වගේම අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් ආරක්ෂා වීමේ අර්බුදයත් තියෙනවා.
    2. ඔයා බලපොරොත්තු කඩවීමකට ලක්වෙන්න ඉඩ තියෙනවා. ඔයා තෝරාගන්නා අනෙක් සහකරුවා ඔයා අපේක්ෂා කරන අන්දමේ කෙනෙක් නොවුනොත්, එයා මේ සම්බන්ධතාවයෙන් හොයන්නෙ වෙන දෙයක් වුනොත්, ඒක ආපහු සිත් රිදීමක් ඇති කරන තත්වයක්.
    3. ඔයා හරියට සන්නි‍වේදනය කරන්න අපොහොසත් වුනොත් ඉතාම අතෘප්තිදායක සම්බන්ධතා රැල්ලකට අහුවෙන්න පුළුවන්. තමන්ට අවශ්‍ය දේ සහ තමන් සොයන තෘප්තිය ගැන නිසි සංවාදයක්, තේරුම් ගැනීමක් නැති කැෂුවල් සෙක්ස් අපිව හිස්කමකට අරන් යනවා.
    4. බීමතින් මෙවන් සම්බන්ධතාවලට යාමෙන් ඉතාම නරක ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්. මේ නිසා තෘප්තිය අහිමි වීම වගේම අවසානයේ කාලකණ්ණි හැගීමක් ඉතුරු වෙන්නත් පුළුවන්. (සරාගී මොහොතක මත්පැන් ටිකක් පානය කිරීම වැරදි ලෙස දැකීමක් නොවේ. නමුත් සම්බන්ධතාවය ඔබ ඉතා හොඳ සිහියෙන් ගත් තීරණයක් විය යුතුයි)
    ඔයා එවන් සම්බන්ධතාවයකින් පස්සෙ ෆෝන් එක දිහාම බලාගෙන, ටෙක්ස්ට් එකක් එනකල් විඳවමින් ඉන්න කෙනෙක් නම් ඔයා කැෂුවල් සෙක්ස් සම්බන්ධතාවලට සුදුසු කෙනෙක් නෙමෙයි. අනෙක් කෙනාගෙ හිතකවත් නැති බලාපොරොත්තු ඔයා තනියම හිතෙන් හදාගන්න එක හොඳ දෙයක් නෙමෙයි.

    එහෙම නැතුව අර හොඳ ලැයිස්තුව කියවද්දි ෂා, මේක මට මරු කියල හිතෙනවා නම් ඔයා ඒ වගේ සම්බන්ධයක් විඳින්න ඕන කරන ඇටිටියුඩ් එක තියෙන කෙනෙක්.

    කැෂුවල් සෙක්ස් සම්බන්ධතාවයක තෘප්තිය පවතින්නෙ කාරණා තුනක් මතයි.

    1. අපේ බලාපොරොත්තු
    2. අ‍පි ගැන අපිට තියෙන දැනීම
    3. අපි තෝරගන්නා සහකරුවන්ගේ කොලිටිය.

    කොහොමද ඉතින් හරි කෙනෙක් හොයාගන්නෙ? මේ කාලෙ ඇප් තියෙන නිසා ලොකු ප්‍රශ්නයක් නෑ තමයි. හැබැයි හැම ඇප් එකකම තියෙනවා වෙනස් අරමුණු. සමහර ඒවා hookups වලටමයි (ඒ කියන්න‍ෙ හුදෙක්ම ලිංගික ඇසුර සඳහාමයි, ගොඩක් වෙලාවට එක දවසක සම්බන්ධතාවක්) . සමහර ඒවා කසාද සඳහා.

    ලංකාවෙ වැඩිය ජනප්‍රිය නැති feeld වගේ ඇප් එකක් ගත්තොත් ඒක කැෂුවල් සෙක්ස් වලටම වුනත් ඒ සහකරුවන්ගේ සහකාරියන්ගේ යම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එකක්, පරිණතබවක් අපේක්ෂා කරනවා.

    හරියම ඔයාගෙ අරමුණ තේරුම් ගන්න. පරණ සබඳතාවයේ වේදනාව මකන්නද? ලිංගික දක්ෂතා වැඩි කරගන්නද? කින්කි අත්දැකීම්වලටද? මේක හරියටම තේරුම් ගත්තොත් කැෂුවල් සෙක්ස් ඉතා රසවත් වෙන්න පුළුවන්.

    පටන් ගනිද්දිම අනිත් කෙනාව හරියට දැනුවත් කරන්න. ‘මේක අදට විතරක් පවතින සම්බන්ධයක්’ කියන එක වුනත් පටන් ගනිද්දිම කියන්න පුළුවන් වෙන්න ඕන.

    සියලු විනිශ්චයන් අත්හරින්න. සමාජ සංස්කෘතික විනිශ්චයන් උස්සගෙන ඇතුල්වෙන්න සුදුසු කලාපයක් නෙමෙයි. නිදහස් මනසකින් ඉන්නවා නම් විතරක් ඇතුල්වෙන්න.

    ඔයාට ඕන කරන ලිංගික ආස්වාදය ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. හිතේ තියාගෙන ඉන්න දෙයක් නෑ. ෆෝප්ලේ ගොඩක් ඕනද? තුරුල් කරගෙන ආදරනීයව හෝ තමන්ව යටත් කරගැනීමෙන් කරන ලිංගික එක්වීමක්ද මේ දේ විවෘතව දන්වන්න.

    ඒ අවශ්‍යතාවලට ගැලපෙන්නෙ නැත්නම් ඒ අයව ප්‍රතික්ෂේප කරන්න මැළි වෙන්නත් එපා. කිසිම බරක් නැතුව, මං කැමති විදිහ ඔයාට හරියන්නෙ නැත්තං අපි සෙට් වෙන එකක් නෑ, කියල අයින් වෙන්න. වඩා වැදගත් වෙන්නෙ ඍජු සහ පැහැදිලි වීමයි.

    මතක තියාගන්න කැෂුවල් සෙක්ස් කියන්නෙ හැමෝටම හරියන එකක් නෙමෙයි. සෙක්ස්වලට පස්සෙ ඔයාට පාවිච්චි වුනා වගේ, නැත්නම් වටිනාකම අඩුවුනා වගේ දැනෙනවා නම් මේක ඔයාට හරියන මාර්ගය නෙමෙයි. වහාම අයින් වෙන්න.

    හැබැයි ඒ කියන්නෙ කැෂුවල් සෙක්ස් නරකයි කියන එක නෙමෙයි. ඒක ඉතාම සුන්දරව විඳින බොහොමයක් අය ඉන්නවා. හරියට තමන්ව තේරුම් ගන්න පුළුවන්, තමන්ව ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙකුට කැෂුවල් සෙක්ස් කියන්නෙ ජීවිතය පුරවන ආස්වාදයක්.

  • ගබ්සාව ඔබේ අයිතියක්

    ගබ්සාව ඔබේ අයිතියක්

    මං ආදරය කරපු මගේ පෙම්වතිය නොහිතපු වෙලාවක ගැබ් ගනිද්දි අපි කසාද බඳින්න හිතලාවත් නෑ. හරිම කල්පනාවෙන් එළියට ගැනීමේ න්‍යාය සහ පොස්ටිනො ගැනීම කියන දෙකම කරලත් පීරියඩ්ස් පරක්කු වෙන්න ගත්තා. ටෙස්ට් කරලා බලද්දි පොසිටිව්. දරුවෙක් හදන්න කොහෙත්ම පුළුවන්කමක් නැති වෙලාවක්. අපිට ජීවිත ගැන වෙනස් වෙනස් සැලසුම් තිබුන. අපි කසාද බඳියිද කියන එක ගැනවත් නිශ්චිතව හිතලා තිබුනෙ නෑ.

    ගබ්සාවක් ගැන කිසිම දෙයක් නොදන්න කාලයක් ඒක. දන්න හැමෝගෙන්ම විස්තර ඇහුවා. දොස්තරලා කීප දෙනෙක් මුනගැහෙන්නත් ගියා. ඒ අයගෙ අවවාදය වුනෙම දරුවා හදාගන්න කියන එක. ගබ්සාව නීති විරෝධීයි කියන එක. සැලසුමක් නැති දරුවෙක් බිහිකිරීමෙන් අපේ ජීවිත වලටත් දරුවාගේ ජීවිතයටත් වෙන අවදානම ගැන හිතන්න ඒ අයට උවමනාවක් හෝ හැකියාවක් තිබුනෙ නෑ. ගබ්සාව පාපයක් කියන එක දැන හෝ නොදැන උගත් නූගත් හැමෝගෙම හිත්වල පැලපදියම් වෙලා තිබුන.

    රෑට නින්ද නොයන ගානට අපි දෙන්නම බයෙන් හෙම්බත් වෙලා හිටියා.
    දරුවෙක්!! ඒක නිදි නැතුව පේන නපුරු හීනයක්.

    ඊළගට අමාරුවෙන් හොයාගත්ත තොරතුරක් අනුව ගබ්සාවක් කළ හැකි ආරක්ෂිත තැනක් හොයාගත්තා. ඒත් ඒකට යන වියදම අපිට දරන්න අමාරු එකක්. යාලු මිත්‍රයන්ගෙන් උදව් ඉල්ලුවා. කසාද නොබැඳපු යාලුවො සල්ලි දෙන්න බය වුනා. ඒ මේ පාපයට සම්බන්ධ වීමෙන් කවදා හරි උන්ට බැඳලා ළමයි නැති වෙයි කියල. උන් අවවාද තොග පිටින් නොමිලේ දුන්නා.

    අන්තිමට සාප කන්දරාවක් මැද්දෙ ඕන කරන මුදල් හොයාගත්තා. ගබ්සාවක් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ගබ්සා පෙති කීපයක් යෝනි මාර්ගය තුලට දැමීමෙන්. අනෙක සුළු සැත්කමක් මගින්. මේ පෙති ඇතුල් කිරීමෙන් පස්සෙ රුධිර වහනයත් එක්ක කළලය පිටව යන්න නියමිතයි. කළලය බොහෝ කලක් වැඩී තියෙනවා නම් තත්වය බරපතලයි. ඇත්තටම ඒ තරම් නොදැනුවත් හෝ වගකීම් රහිත වෙන්න නරකයි. ලිංගික එක්වීමක් සිදුවීමෙන් පස්සෙ පීරියඩ්ස් පමාවක් වූ සැනින් පරීක්ෂාව කරගන්න ඕන.

    ගැබ් ගැනීමක් සිදු නොවී ආරක්ෂිත ලිංගික එක්වීමකට නම් තියෙන හොඳම මාර්ගය කොන්ඩම් භාවිතය. පිටතට ගැනීම කිසිසේත්ම විශ්වාස කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. ඒ වගේම උපත් පාලන පෙති සහ අනෙකුත් ක්‍රම බොහොමයක් පැවතුනත් ඒවායින් විවිධ අපහසුතා, සංකූලතා ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවගේ හෝමෝන වෙනස්කම් ඇතිවීම නොයෙක් ආකාරයේ බලපෑම් ඇතිකරන්න පුළුවන්. (ඒ කිසිවක් සිදු නොවන අයත් ඉන්නවා).

    කොන්ඩමයක් ආරක්ෂිත වුනත් ලිංගික එක්වීමකදි පාවිච්චියට මැළි වීම ස්වභාවිකයි. රේන් කෝට් දාගෙන නානවා වගේ කියලනෙ කියන්නෙ. අවාසනාවට මීට වඩා සාර්ථක ක්‍රමයක් තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා. පොස්ටිනෝ හෙවත් මෝනිං ආෆ්ටර් පිල් කියන්නෙත් නිතර පාවිච්චියට සුදුසු ක්‍රමයක් නෙමෙයි.

    මේ කළලය ඉවත්වීමේ කාලය තරුණ ගැහැණු ළමයෙකුගේ පැත්තෙන් ඉතාම වේදනාකාරී අත්දැකීමක්. ශාරීරික දැනීමට වඩා මානසිකව. සම්ප්‍රදාය විසින් ගොඩනගලා තියෙන බොහෝ සංකල්ප, මතවාද විසින් මේ අවස්ථාව තවත් දරුණු කරනවා. කෙල්ලෙකුට දරා ගත නොහැකි හුදකලාවක් සහ අසරණ බවක් දැනෙන්න ඉඩ තියෙනවා. මේ නිසා ආදරෙන් ළග ඉඳන් රැකබලාගැනීම පෙම්වතාගේ වගකීමක්. වෙන කාටවත් කියන්න හෝ උදව් ඉල්ලන්න බැරි මේ අවස්ථාවෙදි ඇය ළග ඉන්න. ඇයට ආදරය දෙන්න.

    කිසිම වෙලාවක පවතින සම්ප්‍රදායික විශ්වාස ඇගයුම් නිසා සැලසුම් නොකළ දරුවෙක් හදන්න හිතන්න එපා. පාපයන් සහ ආගමික ඉගැන්වීම් පැත්තකින් තියන්න. තමන්ගේත් අනෙකාගේත් අනාගතය ගැන හොඳින් කල්පනා කරන්න. පුළුවන් නම් විශ්වාසවන්ත, විනිශ්චය නොකරන, ගතානුගතික නොවන කෙනෙක් මුනගැහිලා කතා කරන්න. උදව් ලබාගන්න.

    එකවරක් නෙමෙයි කීප වරක් ගබ්සාව කියන අත්දැකීමට මුහුණ දෙන්න මට සිද්ද වෙලා තියෙනවා. ඒ කිසිම අවස්ථාවක සැලසුමක් නැති දරුවෙක් ඉපැද්දවීම කියන එක මම බාරගත්තෙ නෑ. දරුවෙක් කියන්නෙ හොඳින් හිතලා ගත්ත තීරණයක් වෙන්න ඕන කියල අදත් මම විශ්වාස කරනවා.

    ගබ්සාවක් කියන්නෙ බිහිසුණු, පාපකාරී දෙයක් නෙමෙයි. ඒත් ආශාව නිසා සිදුවන අතපසුවීමකට ගෙවන්න වෙන මිළ අධික වන්දියක්. ඒත් ඒක ආරක්ෂිතව කරන්නත්, ඉන් පසු ජීවිතය නිදහසේ ගත කරන්නත් අවස්ථාව තියෙනවා. අද ලෝකෙ දියුණුයි.

    පුළුවන් තරම් ලිංගික ඇසුරකදි ආරක්ෂාකාරී වෙන්න උත්සාහ ගන්න. අත්වැරදීමක් සිදු‍වුනොත් හොඳින් හිතලා බලලා තීරණ ගන්න. දරුවන්ට ඇත්තටම ආදරය කරන්න. අතපසුවීම් සහ වැරදීම් නිසා දරුවන් ලෝකයට බිහි නොකරන්න වග බලාගන්න.