Author: admin

  • වමත හුරු නම් සෙක්ස් හොඳයි

    වමත හුරු නම් සෙක්ස් හොඳයි

    අද අගෝස්තු 13 ලෝක වමත්කරුවන්ගේ දවස. ඇත්තටම මගේ ජීවිතේ මුනගැහුනු ගොඩක් වමත්කරුවන් විවිධ දේවලින් වඩා නිර්මාණශීලී අය. ඒ අය පංතියේ ලියන මේසෙ ඉඳන් කන තැන්වලදි, ගිටාර් ගහද්දි, කොටින්ම කෑන් ඕපනර් එකක් පාවිච්චි කරද්දි පවා අපහසුතාවයට පත්වෙනවා. හැබැයි ඒ හින්දම ඒ ගොල්ලො ගොඩක් දේවලදි නිර්මාණශීලී වෙනවා. විශේෂයෙන්ම සෙක්ස් වලදි.

    2014 ලෝකයේම 10,000ක් දෙනා සම්බන්ධ කරගනිමින් කරපු පර්යේෂණයකට අනුව වමත්කරුවන් දකුණත් හුරු අයට වඩා තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගතකරනවා. ඒ පර්යේෂණයෙදි වමත්කරුවන් 86%ක් තමන්ගේ ලිංගික ජීවිතය ගැන අතිශය තෘප්තිමත් කියල කිව්වා. ඒත් දකුණත්කරුවන්ගෙන් ලිංගික ජීවිතය තෘප්තිමත් කියල කිව්වෙ 15%ක පිරිසක් විතරයි. මේක බරපතල පරතරයක්.

    ලෝක ජනගහනයෙන් 10%ක පිරිසක් වමත්කරුවන් වෙනවා. ඇයි මේ අයගේ ලිංගික ජීවිතය වඩා හොඳ වෙන්නෙ? මේකට හේතුව විදිහට කියන්නෙ වමත්කරුවන් වඩා තෘප්තිමත් වෙන්නෙ තමන්ගෙ මොළයෙ දකුණු අර්ධයෙන් කියන එකයි. මොළයේ මේ දකූනු පැත්ත තමයි නිර්මාණශීලීත්වයට, කලාත්මකබවට සහ අනුරාගයට මුල්වෙන්නෙ. මේ නිසා ඒ අයගෙ ලිංගික ජීවිතයත් ඒ දේවල්වලින් පොහොසත් වෙනවා. අනිත් පැත්තට දකූණ හුරු අය වැඩි තෘප්තියක් ලබන්නෙ තමන්ගෙ මොළයෙ වම් අර්ධයෙන්. ඒ කියන්නෙ ගණිතයට, තර්කයට, විශ්ලේෂණයට බර කොටස. ඉතින් සෙක්ස්වලදි තෘප්තිය අඩුවීම අහන්නත් දෙයක්ද?

    මේ හින්දම LELO කියන සමාගම Detrux කියල ස්ටේ‍රස් බෝලයක් වගේ සෙක්ස් ටෝයි එකක් නිර්මාණය කරලා තියෙනවා දකුණත් හුරු අය වෙනුවෙන්ම. ඒ වමත්කරුවන් ලබන ලිංගික තෘප්තිය පුහුණු වෙන්න. ඒක වම් අතේ මිරිකගත්තම වයිබේ්‍රට් වෙමින් මොළයේ දකූණු අර්ධය උත්තේජනය කරනවා කියලයි කියන්නෙ. එතකොට දකුණත්කරුවන්ට වමත්කරුවන් ලබන අසීමිත ලිංගික තෘප්තිය අත්දකින්න පුළුවන් වෙනවලු.

    දැන් කෙනෙකුට ඕන නම් පුළුවන් තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තෝරාගැනීමේදී මොන අතද වඩා හුරු කියන එකත් වලංගු කාරණයක් කරගන්න. කොහොම වුනත් මගේ පෙම්වතියත් ඇතුලු සමස්ත සෙක්සි වමත්කරුවන්/කාරියන්ට සුබ දවසක් වේවා.

  • රස්තියාදු පදනම අසභ්‍ය ද?

    රස්තියාදු පදනම අසභ්‍ය ද?

    මුලින්ම කියන්න ඕන මං රස්තියාදු පදනමේ රසිකයෙක් නෙමෙයි. ඊටත් වඩා රස්තියාදු සිංදු ඇහුවත් පදනමේ සිංදුවල රහ මට තාම සෙට් වුනේ නෑ. ඒත් කොල්ලො ටිකක් මෙහෙම එකතු වෙලා මොකක් නිර්මාණයක් කරනවා කියන එක මට වටින දෙයක්. ඒකෙන් කාටවත් හානියක් හෝ අපහාසයක් නොවෙනවා නම් ඒක සභ්‍ය දෙයක්. ඒ වචන, සංගීත භාවිතය, සංස්කෘතිය වගේ දේවල් සමාජයක සංවාදයට බඳුන්වෙනවා මිස නීතියෙන් විනිශ්චය කරන්න යන එක සභ්‍ය දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම පොලිසිය විසින් තීරණය කරන එක අසභ්‍යම තත්වයක්.

    රස්තියාදු පදනමේ අවුරුදු කීපයක් පරණ සිංදුවක් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මෙහෙම අසභ්‍යයි කියල විනිශ්චය කරලා ඒ අයව අත්අඩංගුවට ගත්තා. අද අලුත්කඩේදී මේ ගීතය වහාම ඉවත් කරගන්න කියල මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරලා මේ අයට ඇප ලබා දුන්නා. එතනදි මහේස්ත්‍රාත්වරිය විසින් කියල තිබුනෙ පාසැල් දරුවන් මේ දවස්වල ඔන්ලයින් අධ්‍යාපනය ලබන නිසා මේවගේ දේවල් වලින් ඒ අයගේ මනස් දූෂණය වෙනවා කියල.

    ඒ අනුව දැන් යූටියුබ් නාලිකා හැමදෙයක්ම කරන්න ඕන දරුවන්ට සුදුසුද කියන දර්ශකය අනුවයි. සිනමාව, රූපවාහිනිය, යූටියුබ් ඇතුළු සියලු සමාජ මාධ්‍යයන් දරුවන් වෙනුවෙන් වෙන් කරලා වැඩිහිටි සමාජයක් රටේ ජීවත් වෙනවා කියන එක අමතක කරපු යුගයකයි අපි ජීවත් වෙන්නෙ. තමන්ගේ දරුවන් නරඹන්නේ මොනවද කියන එක ගැන වගකීමක් ගන්න අපොහොසත් දෙමව්පියන් නිසා ඒ ගැන තීන්දු තීරණ ගන්න වෙලා තියෙන්නෙ උසාවියට. මේ කියන ප්‍රවෘත්තියේ හැටියට දෙමව්පියන් පිරිසක් විසින් තමන්ගේ දරුවන් මේවා නරඹනවා කියල පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. තමන්ගේ දරුවන් හදාගැනීමේ වගකීමක් තමන්ට නැද්ද කියල අහන්න තරම් දැනුමක් නැති පොලිසිය විසින් අර නිර්මාණය කරපු පිරිස අත්අඩංගුවට ගන්නවා. මොකක්ද මේ සදාචාරය?

    මෙතනදි රස්තියාදු පදනමේ සිංදුවට වඩා ඉරාජ්ගේ ෆිල්ටිගෙ සිංදු අසභ්‍යයි. ඒවායින් විවිධ පුද්ගලයන්ට අපහාස කරනවා. ඒ අපහාස පිණිස ලිංගික අර්ථයන් පාවිච්චි කරනවා. ඒත් ඒ වගේ සිංදු ගැන පොලිසියට පැමිණිලි එන්නෙ නෑ.

    මෙතන අනියමින් ක්‍රියාත්මක වෙන්නෙ සමාජ මාධ්‍ය පාලනය කිරීමේ නීති ගෙනඒමේ උවමනාව වග පැහැදිලියි. ඒ හරහා පුරවැසි සමාජයක් ළමා සමාජයක් ලෙස පවත්වාගෙන යාමේ උවමනාව සුපැහැදිලියි. අපි අද කුණුහරුප විදිහට හඳුන්වන හැම වචනයක්ම ඉතාම හොඳ සිංහල වචන ලෙස පැවතුනු ඒවා වග ඒ බස හසුරුවන ජාතියම නොදැන සිටීම ලැජ්ජාවක් වගේම දුකක්.

    උදා හැටියට හුත්තී යනු සුත්තී හෙවත් සුතන් ඇත්තී කියන එක. ඒ කියන්නෙ යහපත් වූ තන් ඇත්තී, වෙන කවුරුවත් නෙමෙයි අම්මා කියන එක. ඒ වගේම හුකනවා කියන්නෙ සුඛ නැත්තං සුකනවා, සැප ලබනවා කියන එක. සිංහල නොදැන යද්දි මේවා කුණුහරුප වගේ පේනවා.

    “සිංහලේ කුණුහරුප කියල දෙයක් නෑ. දෙයක් කුණුහරුපයක් වෙන්නෙ බලන කෙනාගේ හිත කුණුහරුපයක් හින්ද. දැන් ගෑණු ළමයෙක් කොටට ඇඳන් යන එක කාටහරි අසභ්‍යයි කියල පේන්න පුළුවන්. ඒත් ඒක කොට ඇඳුමෙ අසභ්‍යකමක් නෙමෙයි බලන මිනිහගෙ හිතේ අසභ්‍යකම. ගොවියෙකුගෙ අමුඩයක් වුනත් කෙනෙකුට අසභ්‍ය ඇඳුමක් වෙන්න පුළුවන්…”

    – උපුල් ශාන්ත සන්නස්ගල

    අසභ්‍ය කියන දේ තේරුම හරියට දැනගත්තා නම් පොලිසිය අසභ්‍ය විදිහට දරුවො හදනවා කියල අවවාද කරන්න ඕන මේ දෙමව්පියන්ට. අධිකරණය අවවාද කරන්න තිබුනෙ පොලිසියට. ඒත් මේකෙන් වෙන්නෙ හැමදෙයක්ම කුණුහරුපයක් වෙන එක. මේ සිතීම සභ්‍ය නෑ. අපි අසභ්‍ය සමාජයක් නිර්මාණය කරමින් ඉන්නවා.

    දරුවන් නොමනා වීඩියෝ බැලීම නතර කිරීමට කළ යුත්තේ දෙමව්පියන්ට බ්‍රවුසින් සීමා කිරීමේ තාක්‍ෂණය පුහුණු කිරීම මිස සියලු සමාජ මාධ්‍ය ළදරු කිරීම නෙමෙයි.


    චින්තන ධර්මදාස

  • ගෙදර

    ගෙදර

    මේ දවස්වල මගේ යාලුවෙක් ගෙයක් හදනවා. මිනිහෙකුට ජීවිතේ තියෙන වෙහෙසකරම වැඩේ මේක වෙන්න පුළුවන්. ඒත් තමන්ගෙ විදිහට ස්පේස් එකක්, අවකාශයක් නිර්මාණය කරගැනීම ගොඩක් අයගෙ හීනයක්.

    අපිට ඉන්න හිතෙන අවකාශයක් නිර්මාණය කරගැනීම කියන අදහස ඇතිවුනේ ගොඩක් මෑතක. ඊට කලින් ගෙයක් ගැන අපිට තිබුනෙ හිසට වහලක්, වැටිලා ඉන්න තැනක් වගේ අදහසක්. වලව් වගේ ගෙවල් තිබුනු අයට එහෙම එකක් තිබුණා කියල අපිට හිතෙන්න පුළුවන්. ඒත් සුද්දන්ගෙ බංගලාවලින් ගොඩක් වෙලාවට කොපි කරලා කළා මිසක් ඒ පිටිපස්සෙ තිබුණු විවේකය කියන අදහස ගත්තද කියන එක සැකයි. කොහොම වුනත් ඉහළ පාංතිකයන්ට විතරක් සීමා වෙලා තිබුනු මේ විවේකය කියන දේ අපි අතරට ආවෙ ගොඩක් මෑතකදි. ඒ ලංකාවෙ බහුතරයක් මධ්‍යම පාංතිකයො වෙද්දි.

    ඉස්සර අපේ අම්මා ගේ හැදුවෙ කෑමක් දෙන්න, දානයක් දෙන්න ලොකු සාලයක් තියෙන්න ඕන කියන අදහසින්. ගෙදරක දාන ශාලාවක් හදන ආසාවක් කොහෙන් ආවද කියල මං තාම පුදුම වෙනවා. ගොඩක් බිසී නැති වුනත් අපේ අම්මලාගේ පරම්පරාවට එහෙම විවේකයක් තිබුනෙ නෑ. ඒ ගොල්ලො ගොඩක් වැඩ කළා. ගේ හදන්න ගත්ත ලෝන් එකත් අවුරුදු පහලොවක් විතර ගෙව්වා.

    අපි නිර්මාණය කරන අපේ අවකාශය ගැන අපි එක එක්කෙනාට තියෙන්නෙ එක එක අදහස්. සමහර විට අපි කැමති අපාර්ට්මන්ට් එකකට, නැත්තං ෆ්ලැට් එකකට. එතනදි අපිට ගෙදර කියන අවකාශය ඕන වෙන්නෙ පහසුවට. රස්සාව කරන්න ළඟ, බඩු ටිකක් ගන්න ළඟ, නාගරික, සාමූහික පරිසරයක නවාතැනක් විදිහට. එතනදි අපි ගත කිරීම කියන එකට තෝරගන්නෙ එළිය. ගෙදර තියෙන්නෙ සුවපහසුව නිදාගන්න, ෆිල්ම් එකක් බලන්න, වැඩ ටිකක් කරන්න.

    තාමත් සමහර ඇඩ්වල හිසට වහලක් කියල හවුසින් ලෝන් විකුණනවා මං දැකලා තියෙනවා. එහෙම ඒවා ලියලත් තියෙනවා. හිසට වහලක් කියන්නෙ ගෙදරක් ගැන තියෙන්න පුළුවන් අවම හැඟීම. අව්වට වැස්සට නොතෙමී ඉන්නවා මිසක් ඊට වඩා වටිනාකමක් ගෙදරකින් දකින්න බැරි එක සංකල්පීය දුප්පත්කමක්.

    ගෙදරක් කියන්නෙ අපි, අපි වෙනුවෙන් නිර්මාණය කරගන්න අවකාශයක්. ගත කරන්න, විඳින්න, ඉන්න ආසම තැන ගෙදර වෙන්න පුළුවන්. ඒ බිත්ති අපිටම වෙන්වුනු ගැලරියක බිත්ති. ඒ ඉඳගන්න පුටු, ලියන කියන මේස, වැවෙන ගස්කොලන්, ඇහෙන මියුසික්, සෙක්ස් කරන ඇඳ එක්ක එලියට නොගිහින් දවස් සති මාස ගත කරන්න පුළුවන්. එතකොට අපි එලියෙ වැඩකරන්නෙ පුළුවන් තරම් ඉක්මනට ගෙදර යන්න. ඒ ගෙදර කියන්නෙ අපේ පුද්ගලික ආර්ට් එක.

    මිනිස්සු එළිමහන් ජීවිතේ අත්ඇරලා ගෙදරට කූඩු වෙන්න ඕන කියන අදහස නෙමෙයි මේ කියන්නෙ. අපි අපේ පුද්ගලික අවකාශයක ගත කරන්න පුරුදු වෙන එක ලස්සනයි කියල විතරයි. ඒ විවේකය, ඒ තෘප්තිමත් බව අපිට එලියට අරන් එන්න පුළුවන් නම් මාරයි. නැත්තං අපිට පුළුවන් එලියෙ අපි ආදරය කරන අය ගෙදර එක්කන් යන්න.

    පීටර් ස්ලොඩඩයි කියන ජර්මානු කල්චර් තියරිස්ට් කියනවා අපි කියන්නෙම අපි විසින් නිර්මාණය කරන අවකාශයේ ප්‍රතිඵලයක් කියල.

    ගෙදර ඇති කරන හුරතල් සත්තු කියන්නෙ හරියට ඒ ගෙදර ආත්මය භෞතික වේශයක් අරගෙන වගේ. අපි ගෙදර එනකල් බලන් ඉන්න, අපිට නවතින්න, ගත කරන්න බලකරන, හුස්ම ගන්න ගෙදර කොටස්. පූසන්ව ඇතිකරන අය දන්නවා පූසො විවේකය ගැන කියල දෙන පාඩම්. ගෙදරට ඉර එළිය වැටෙන හැටි, හවස් වෙද්දි අනිත් පැත්තෙන් ඉරඑළිය බහින හැටි විඳින්න පූසො දන්නවා.

    ගෙවල් වලටත් ආයු කාලයක් තියෙනවා. කඩලා වෙන ගොඩනැගිල්ලක් නොහැදුවත් කාලයත් එක්ක ගෙවල් මැරෙනවා. ඒ ගෙවල් එක්ක බැඳුනු ජීවිත, මතක, අලුත් වෙන්නෙ නැත්තං ගෙවල් නාකි වෙලා නිහඬවම මැරිලා යනවා. ඒ වගේ ගෙදරක බිත්තියකට අත තියලා බැලුවත් ඒක දැනෙනවා. ඒ වගේමයි ඒ ගෙදර අවකාශයේ ජීවත් වෙන, විඳින, රමණය කරන මිනිස්සු ඉන්න ගෙවල්වල බිත්ති හුස්ම ගන්නවා.

    ඉංග්‍රීසියෙන් හවුස් සහ හෝම් කියල වචන දෙකක් තියෙනවා. සිංහලෙන් නිවස සහ ගෙදර කිව්වොත් හරිද මං දන්නෙ නෑ. ඒත් හවුස් කියන්නෙ ගොඩනැගිල්ලට. හෝම් කියන්නෙ හැඟීමට. ගොඩක් අයට තියෙන්නෙ නිවස කියන ගොඩනැගිල්ල. ගෙදර කියන තමන් සමවදින අවකාශය නෑ.

    මිනිස්සු තවත් මිනිසුන්ගේ ඇසුර විඳිනවට එහා ගිහින් නිර්මාණය කරගන්නා අවකාශයන් විඳින්න ගත්ත එක සංකල්පීය දියුණුවක්. තමන්ට පිටින්, තමන්ගෙ වටේට හිස් අවකාශයක් තියෙනවා කියල හිතන තැනින් තමනුත් අඩංගු වෙන විශාල අවකාශයක දියවීම කියන්නෙ සෞන්දර්ය පුහුණුවක්. ශරීරයක් වෙනුවට හැඟීමක්, පැවැත්මක් බවට පත්වෙන මොහොතක්. ගෙදරක් කියන්නෙ අපිට එහෙම කරන තැනක්.

    එතකොට මේක කොහොමද සෙක්ස්වලට සම්බන්ධ වෙන්නෙ? පුද්ගලික අවකාශය නැත්තං ස්පේස් එක විඳින්න දන්නෙ නැත්තං සෙක්ස් කොහොම වුනත් ශෘංගාරයේ ලොකු කොටසක් අහිමි වෙනවා. ශරීර දෙකක් විතරක් නෙමෙයි බෙදුනු විහිදුනු වැසුනු නොවැසුනු අවකාශයක රමණයක් හැටියෙන් අපිට එයින් ලැබිය යුතු විමුක්තිය ලබන්න බැරි වෙනවා.


    චින්තන ධර්මදාස

  • සෙක්ස් ස්ලේව්

    සෙක්ස් ස්ලේව්

    කාමකතා චක්‍රවර්තී රෝලන්ඩ් කේ පෙරේරා ලියන නවකතාව

    පළමු කොටස

    එදින කාර්ය බහුල දවසකි. අමන්දා හිටියේ පිස්සුවෙන් වගේය. හුවමාරු වෙන කෝල් අතරෙ ඇගේ සිහියද විකල් විය. ඒත් ජීවිතයේ හැටි එහෙමය. පඩියට වැඩ කරනවා නම් මහන්සි විය යුතුමය. නිකං පඩි දෙන්න කවුරුවත් අමන්දාට නැත.

    ආ.. මොකද මූන රතුවෙන්න වැඩ හම්බුවෙලා නේද?
    පිටිපස්සෙන් යන ගමන් අරලියා අමන්දාගේ පස්ස කෙනිත්තුවාය.

    ඌයි..
    අනිත් පැත්තේ ක්ලයන්ට් ගැන නොහිතා අමන්දාට කෑ ගැස්සුනි. අමන්දා හිටියේ මේසයට හේත්තු වී ඉදිරියට නැමීගෙනය. අරලියා හැමතිස්සෙම එහෙමය. අමන්දාගේ පස්ස දුටු තැන අඩන්තේට්ටම් කරයි. අමන්දාට තිබුනෙත් එහෙම මොනවාම හරි කරන්න හිතෙන පස්සකි. කෙනිත්තූ වෙලාවට කේන්තියෙන් ගහන්න පැන්නත් පස්සෙ හැඩයට ලැබුනු ප්‍රශංසාව අමන්දාට මොහොතකින් සතුටක් ගෙනෙයි.

    කොන්ෆරන්ස් කෝල් කියන්නෙ ඔහේ කාලය කාදමමින් අහගෙන ඉන්න එකටය. වැදගත් කාරණයක් කවුරුන් හෝ කියතොත් ඒ ඉතාම අහම්බයකි. කොහොමත් කතා කරන සියල්ල පටිගත වෙයි. එබැවින් කතා කරන කෙනෙකුට කියවාගෙන යන්න ඉඩදෙනවා මිස කළ යුතු වෙන මොකුත් නැත. කනේ ෆෝන් එක තිබුනට කන ඕෆ් කර තබා ගත හැක. එය කාලයක් තිස්සෙ දුරකතන පනිවුඩවලින් හිරිහැරයට පත්වෙන කන් විසින් සොයාගන්නා තාක්‍ෂණයකි.

    අමන්දා කෝල් එක අහන් ඉන්න අතරෙ ෆේස්බුක් එක එබුවාය. මැසෙන්ජර් පනිවුඩයක් ඇවිත් එල්ලී තිබුනේය. එය එවා ඇත්තේ ජෝසප් ස්ටාලින්ය.

    ඇමන්ඩා මයි ඒන්ජල්. ලෙට් මී බී යුර් සෙක්ස් ස්ලේව් ෆොර් මයි එන්ටයර් ලයිෆ්. ලෙට් මී වර්ෂිප් යූ.
    (අමන්දා මගේ දෙවඟන. මගේ ජීවිත කාලය පුරාවටම ඔබේ ලිංගික වහලා වීමට මට ඉඩදෙන්න . ඔබව නමස්කාර කිරීමට අවසර දෙන්න)

    පණිවුඩය එපමණය. හාට් සහ හාදු පෝලිමක්ය. කෝල් එක අතර පනිවුඩය බැලූ අමන්දාට ඉක්කා වැටුනි. ඈට නිතැතින්ම වටපිට බැලුනේ එය කාගේ හෝ නොමනා විහිලුවක් වීමට ඕනෑතරම් ඉඩ ඇති නිසාවෙන්ය.
    ඒත් හැමෝම තමන්ගේ පාඩුවේ වැඩය.

    හෙලෝ.. කැන් අයි කෝල් යූ ඉන් අ මිනිට්..
    (හලෝ, මම ඔබට තව ටිකකින් කතාකරන්නද)

    එක්වරම නැගුනු මැඩගත නොහැකි කෝපය නිසා අමන්දාට ක්ලයන්ට්ව විසන්ධි කරන්නට සිදුවිය. මොනවා හෝ කියවෙන්න ඉඩ ඇත. සියල්ලට පෙර තමන්ගේ කේන්තිය පිටකර හැරිය යුතුය. ඒකට මේ වහලාව ඉවරයක් කළ යුතුය.

    ජෝසප් ස්ටාලින්? ගුරු සටනෙ ඉස්සරහ හිටපු කෙනා නෙමෙයි. අවුරුදු හතලිහක විතර පෙනුමක් තියෙන මූන උල් හාදයෙක්. කොහොමටත් ගුටිකන මූනක් ඔහුට තිබුනෙ. බැඳලා ළමයිනුත් ඉන්න මිනිහෙක්. අහලා පුරුදු නමක් මිසක් කොහේවත් දැකලා පුරුදු කෙනෙක් නෙමෙයි. අමන්දාට ඔහු දුටුවනම ආවෙ පිළිකුලකි.

    ඒ පණිවුඩය තමන්ට අපහාසයක් හැටියෙන් අමන්දාට දැනුනේ ඇයි කියා අප දන්නේ නැතිය. අමන්දා ඒ ගැන දැනසිටියේද නැතිය. නමුත් කවුරුන් හෝ තමන් අපහරණය කරනවා වගේ හැඟීමක් අමන්දාට දැනුනේය.

    හිටපං මං ඉස්ටාලින්ට..

    අමන්දා අනිත් සියලු වැඩ පැත්තකින් තබාලා ස්ටාලින්ගේ ෆේස්බුක් පිටුවේ ස්ක්‍රීන් ෂොට් ගහන්න වුනාය. දත්මිටි කමින් ඒ ගැසූ සියල්ල එකතු කර පෝස්ට් එකක් ලියන්න ගත්තාය.

    ”මේ ස්ටාලින් කියන පිරිමියා මගේ සෙක්ස් ස්ලේව් වෙන්න අහනවා. ලැජ්ජාවක් නැති මිනිහෙක්. මං මේ ඔක්කොම එතුමාගේ බිරිඳටත් යවනවා. වැඩ කරන තැන්වලටත් යවනවා. වහලෙක් වෙලා තමයි ඊට පස්සෙ කොහොමත් ඉන්න වෙන්නෙ.”ඇය ඇඬෙන හිනා පෝලිමක්ද අගට එකතු කළාය. ස්ටාලින් වැඩකරන්නෙ බැංකුවකය. පුළුවන් හැමතැනම ස්ටාලින්ගේ රෙදි ගැලවීම අමන්දාගෙ ඒ මොහොතේ ඒකායන පරමාර්ථය වුනේය. පෝස්ට් බොත්තම ඔබන්න ඔන්න මෙන්න තියෙද්දි අරලියා එතනට කඩාපාත් වුනාය.
    මොනවද උඹ ඔය කරන්නෙ?

    මං මේ බෙල්ල කඩාගෙන වැඩකරනවා. මේ යකා බලපං.. ඌ මගේ සෙක්ස් ස්ලේව් වෙන්න අහනවා..
    ඉතිං ඇයි ඔච්චර තරහ ගිහින්. මිනිහා මොනවා හරි නරක දෙයක් කියල තියෙනවද?
    නරක දෙයක්? ඇයි මේක හොඳ දෙයක්ද?

    අරලියාට තමන්ගේ කේන්තිය නොතේරීම නිසාම ඇතිවුනු තරහට අමන්දාගෙ අතින් පෝස්ට් බොත්තම තද විය.

    ඕක ඩිලීට් කරන්න.. ඌ පව්..
    අරලියා ඉල්ලා සිටියත් අමන්දා සිටියේ කාලි ආවේශ වීය. තමන්ගේ පුද්ගලික මැසේජ් කලාපයට ඇවිත් තමන්ට ලිංගික යෝජනා කිරීම නිසාම ඇගේ සංස්කෘතිය සදාචාරය කෝප වී සන්නිපාත වී තිබුනේය. ඒ වෙලාවට කතා කිරීමෙන් පලක් නැත. අරලියා පැත්තකට විය.

    ඌ වැරැද්දක් කරලා නෑ. උඹයි වැරදි..
    යන්න කලින් අරලියා ඒ ටික අමන්දාට කිව්වාය. අමන්දාට යක්ෂාවේශ වීමට උවමනා වී තිබුනේ ඒ කෙනිත්තිල්ල විතරය.

    ඔයා මේ වගේ වල්කම් ටොලරේට් කළාට මං එහෙම නෑ අරලියා. අයි ඇම් අ මැරීඩ් වුමන්. අයි හැව් අ හස්බන්ඩ් ඇන්ඩ් අ සන්. සම් පීපල් හැව් සම්තින්ග් කෝල්ඩ් ඩිග්නිටි ඉවන් දෝ මැනි ඩෝන්ට් හැව් ඉට්..
    (මම කසාද බැඳපු ගැහැණියක්. මට සැමියෙක් ඉන්නවා. පුතෙක් ඉන්නවා. සමහර අයට තිබෙනවා ගරුත්වය කියා දෙයක් . බොහෝ දෙනෙකුට නැතුවාට)

    ස්ටාලින් ගැන කෝපය අමන්දා අරලියාට දමා ගැසුවාය. අරලියා මොහොතින් එතනින් වාෂ්ප විය. පස්සෙන් පන්න පන්නා බනින්න අමන්දාට ඕනෑ වුනු නමුත් ඈ ඒ මැඩ ගත්තාය. අරලියා අතහැර නැවත ස්ටාලින් වෙත හැරුනාය.

    කමෙන්ට් වරුසාවක් වැස තිබුනි. බුකි වාසීන් ස්ටාලින්ගේ ඇඳිවත උනා ඉන් සරුංගල් අරමින් සිටින්නේය. ඔහුගේ බිරිඳගේ සහ දරුවන්ගේ පිංතූරද එලියට ඇදී ඇවිත්ය.

    මෙච්චර ලස්සන ගෑනියෙක් මොකට බැන්දද මන්දා අර වගේ අසහනකාරයෙක්…

    අමන්දාට ස්ටාලින්ගේ බිරිඳ ගැන අවංකව දුක හිතුනි. තමන්ගේ සැමියා ගැන හීන් ආඩම්බරයක්ද දැනුනි.
    මොනවා නැතත් මෙහෙම වල් නැති එකම මදිද..

    මොනවා නැතත් කියා ඇයට සිතුනේ මොනවා ගැනදැයි ඇය දැන සිටියේ නැතිය. ඇය දැන නොසිටි මොනවා හෝ ඇයට නැතිවී ඇද්දැයි සොයාගන්නටද බැරිය. බුකියට කාන්තා අපචාරයක යෙදුනු එක පිරිමියෙක් හසුවී ඇත්තේය. එබැවින් මොහොතකින්, කමෙන්ටුවක් හෝ ෂෙයාර් එකක ප්‍රමාදයෙන් අන් සියල්ලන්ට සුදනන් විය හැක්කේය. අමන්දා බලා සිටියේ ස්ටාලින්ගේ ප්‍රතිචාරයක් එනකල්ය.

    උඹට දෙන්නංකො මං සෙක්ස් ස්ලේව්..’


    දෙවන කොටස මෙතැනින් කියවන්න

  • කමලා දාස්

    කමලා දාස්ව මට මුලින්ම කියවන්න හම්බුවෙන්නෙ අනුරාගයේ මුල්පොත කියන පොතෙන්. ඩබ් ඒ අබේසිංහ ඒ පොත පරිවර්තනය කරන්නෙ ද ඇල්ෆබට් ඔෆ් ලස්ට් කියන ඉංග්‍රීසි පොතෙන්. දහය වසරෙ විතර හිටපු මට ගැහැණියක් විසින් ලියපු ඒ පොත අමුතු හැඟීමක් දුන්නා. අනුරාගයට එහා ගිහින් කමලා දාස් කියන්නෙ මගේ ලෝකෙ වීරයෙක් වුනා.

    කමලාදාස් ඉපදන්නෙ 1934. එයාගෙ කසාද නම තමයි කමලා දාස් කියන්නෙ. මාධවීකුට්ටි කියන්නෙ එයාගෙ ගෙදරට කියන නම. එයා ඉපදෙන්නෙ කේරලේ. එයාට මලයාලම් භාෂාවෙන් වගේම ඉංග්‍රීසියෙනුත් හොඳට ලියන්න පුළුවන්. එයා ලියපු හැමදෙයක්ම වගේ ලිව්වෙ එයාගෙ ජීවිතේ ගැන. ගැහැණියක් විදිහට බය නැතුව දැනෙන දේ ලියන්න, හිතෙන විදිහට ජීවත් වෙන්න කමලා දාස් උත්සාහ කළා. එයාගෙ තාත්තා ඉංග්‍රීසි ආන්ඩුවෙ හොඳ රස්සාවක් කළා. අම්මටත් හොඳට ලියන්න පුළුවන්. නලපත් නාරායන කියන එයාගෙ මාමාත් ප්‍රසිද්ධ ලේඛකයෙක්.

    කමලා අවුරුදු පහලොවේදි අම්මලාගෙ උවමනාවට කසාද බඳිනවා. ඒ තමයි මාධව් දාස්. කමලා ලියන හැඳින්වීමක් කියන කවියෙදි මේ කසාදය ගැන කියනවා. අවුරුදු පහලොවක කෙල්ලෙක් විදිහට එයාට දැනුන තරහ ලියනවා. ඒත් මාධව් කමලාට ගොඩක් ආදරේ කරනවා. එයාව ලියන්න උනන්දු කරනවා. කමලාගේ විරෝධාකල්පික ජීවිතය දරාගෙන එයා එක්ක හැමදාම ආදරෙන් ඉන්නවා. කමලා ඉංග්‍රීසියෙන් ලියන්නෙත් තමන්ගේ භාෂාව ඇතුලෙ තමන්ට පැනවුනු සීමාවන් එක්ක තරහට. එයාගෙ සටන වෙන්නෙම ගැහැණුකම නිදහස් කරගැනීම.

    එයා අවුරුදු 43දි මගේ කතාව නමින් තමන්ගේ ජීවිත කතාව ලියනවා. ඒක අතිශය ආන්දෝලනාත්මක කතාවක්. මේ විදිහට නිරුවත්ව ලියන්න එපා කියල ගොඩක් අය එයාට අවවාද කරනවා.

    කමලා ඒ ගැන මෙහෙම කියනවා.

    සමහරු මට කියනවා මේ විදිහට කිසිවක් නොසඟවා උපරිම අවංකව ලියන එක හරියට ප්‍රසිද්ධියෙ ඇඳුම් උනාදැමීමක් වගේ කියල. ඇත්ත. මං මුලින්ම මගේ ඇඳුම් සහ පළඳනා උනා දමන්නම්. ඊට පස්සෙ මගේ තද දුඹුරු හම පලා ඇටකටු බිඳින්නම්. අන්තිමට ඔබ දකීවි මගේ අසරණ අනාථ අතිශය සුන්දර ආත්මය. ඇටකටුවලට පතුලෙන් හතරවෙනි මානයේ සැරිසරන….

    හැඳින්වීමක් – කමලා දාස්

    මං දේශපාලනය දන්නෙ නෑ.
    ඒත් මං දන්නවා බලයෙ හිටපු අයගෙ නම්,
    නේරුගෙන් පටන්ගෙන එකදිගට කියන්න පුළුවන්
    හරියට සතියෙ දවස් ටික වගේ, නැත්තං මාස ටික වගේ.
    මං ඉන්දියානුවෙක්, තද දුඹුරු පාට. මලබාරයේ ඉපදුනු
    මං භාෂා තුනක් කතා කරනවා, දෙකකින් ලියනවා,
    එකකින් හීන දකිනවා.
    ලියන්නෙපා ඉංග්‍රීසියෙන්, ඒ ගොල්ලො කියනවා.
    ඉංග්‍රීසි ඔයාගෙ මව්බස නෙමෙයි.
    ඇයි මට පාඩුවෙ ඉන්නෙ නොදෙන්නෙ?
    විචාරකයො, යාළුවො, යන එන නෑදෑ සොහොයුරො
    ඔය හැමෝම.
    ඇයි මං කැමති භාෂාවකින් කතා කරන්න නොදෙන්නෙ?
    මං කතා කරන භාෂාව මගේ. ඒකෙ ඇදපළුදු, අමුතුකම් මගේ. මගේ විතරමයි.
    ඒක බාගෙට ඉංග්‍රීසි, බාගෙට ඉන්දියානු, සමහර විට අමුතු නමුත් හරි අවංක.
    ඒක මනුස්සයි මං වගේම. පේන්නෙ නැද්ද ඔයාට? ඒ හඬ මගේ සතුට, මගේ බලාසිටීම, මගේ ප්‍රාර්ථනාව
    කපුටෙකුට උගේ කැරැව්ව වගේම සිංහයෙකුට උගේ ගෙරවිල්ල වගේම ඒක මනුස්ස භාෂාවක්.
    ඒක මනසක භාෂාවක් එතන නෙමෙයි මෙතන. දකින, ඇහෙන, දැනෙන මනසක.
    හුළඟට අහුවුනු අඳබිහිරි ගස්වල භාෂාව නෙමෙයි. මෝසම් වළකුලු හෝ වැස්සේ හෝ
    ඇවිලෙන දරසෑයෙ අපැහැදිලි මිමිනිල්ල නෙමෙයි.
    මං පොඩි එකෙක්. පස්සෙ ඒ ගොල්ලො කිව්වා මං ලොකුවෙලා කියල. මං උසගිහින්, කකුල් මහත් වෙලා, තැනක දෙකක මයිල් වැවුන හින්ද.
    වෙන ඉල්ලන්න දෙයක් නොදැන මං ආදරේ ඉල්ලුවම
    ඔහු අවුරුදු දාසයක මාව කාමරේට දාගෙන දොරවැහුවා
    මට ගැහුවෙ නෑ. ඒත් මගේ දුක්මුසු ගැහැණු ශරීරය හොඳටම තැලුම්කෑවා.
    මගේ පියයුරුවල සහ ගර්භාෂයේ බරින් මාව අසරණව ඇකිලුනා.
    ඊට පස්සෙ මං මගේ සොයුරාගෙ ෂර්ට් කලිසම් ඇන්දා
    කොටට කොන්ඩෙ කපලා ගැහැණුකම අමතක කළා
    සාරි අඳින්න, ගැහැණියක් වෙන්න, බිරිඳක් වෙන්න ඒ ගොල්ලො කිව්වා
    එම්බ්‍රොයිඩර් කරන්න, උයන්න, වැඩකරන අය එක්ක රන්ඩුවෙන්න.
    හැඩගැහෙන්න. හරියට හැදෙන්න. බෙදා කාන්ඩ කරන අය කෑගැහුවා.
    තාප්ප උඩ ඉන්න එපා, ජනෙල්තිරවලින් එබෙන්නෙපා
    ඒමි වෙන්න, නැත්තං කමලා, මාධවීකුට්ටි නං වැඩිය හොඳයි
    නමක් තෝරගන්න, චරිතයක් තෝරගන්න.
    බොරු රැවටිලි සෙල්ලං කරන්න එපා.
    පිස්සියෙක් හෝ වල් ගෑනියෙක් වෙන්න එපා.
    ආදරෙන් පැරදුනාම ලැජ්ජ හිතෙන තරමට කෑ ගහලා අඬන්න එපා.
    මට පිරිමියෙක් හම්බුනා. මං ආදරේ කළා.
    නමෙන් ඇති වැඩක් නෑ. හැම පිරිමියෙක් වගේම එයාට ඕන වුනේ ගෑනියෙක්.
    හැම ගැහැනියක් වගේම මට ඕන වුනේ ආදරයක්.
    එයා තුල ගැලුවෙ කලබලකාරී ගඟක්
    මං තුල තිබුනෙ මුහුදක්. ඉවරයක් නැති බලාහිඳීමක්.
    ඔයා කවුද? මං එක එක්කෙනාගෙන් ඇහුවා
    මම කියන එකයි උත්තරේ
    ඕනම තැනක මේ ලෝකෙ පිරිමියෙක් කියනවා ඒ මම කියල.
    ඒක කොපුවක ලූ කඩුවක් වගේම තදින් බැඳිලා තිබුනෙ පිරිමින්ට.
    ඒ මම තමයි
    නාඳුනන නගරවල හෝටල්වල
    රෑ දොළහටත් තනියම බොන්නෙ.
    ඒ මම තමයි හිනාවෙන්නෙ, රමණය කරන්නෙ
    ලැජ්ජා වෙන්නෙ. ඒ මම තමයි මැරෙන්න වැටිලා උගුරෙ හිරවුනු ගොර ගොරයත් එක්ක ඉන්නෙ.
    මම පව්කාරියක්. මම සාන්තුවරියක්
    මම පෙම්වතියක් වගේම පාවා දෙනු ලබන්නෙත් මාවයි
    මගේ සතුටත් ඔබේ වගේමයි. මගේ වේදනාවත් ඔබේ වගේමයි
    මාත් මට කතා කරන්නෙ මම කියලයි.


    පරිවර්තනය – චින්තන ධර්මදාස

  • වින්දනේ ස්වයං වින්දනේ

    වින්දනේ ස්වයං වින්දනේ

    එහෙන් කොතලාවල ප්‍රශ්නෙ, මෙහෙන් ගුරුවරුන්ගෙ ප්‍රශ්නෙ, අරහෙන් කොවිඩ් රැල්ල, මේ ඔක්කොමත් එක්ක මේ රටේ මනුස්සයෙකුට මාස්ටර්බේට් කරන්නවත් ඉස්පාසුවක් නැතිවීම සාධාරණයි. එහෙම නැත්තං මේ දේවල් නැරඹීම, කියවීම ම මාස්ටර්බේෂන් එකක් කරගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි මොන දේ රටේ සිද්ද වුනත් අපි මාස්ටර්බේට් නොකර ඉන්න නරකයි.

    මාස්ටර්බේෂන් නැත්තං ස්වයං වින්දනය කියන්නෙ අපි හැමෝම වගේ එක්ස්පර්ට්ස්ලා වුනු විෂයක්. අනිත් මොනවා ගැන නැති වුනත් මේ ගැන අපි ගොඩක් දන්නවා. ඉස්සෙල්ලම ඉස්කෝලෙ කාලෙදි මේක ඉතා නරක පුරුද්දක්, ඇඟ කෙට්ටු කරන ඇබ්බැහියක් වගේ කතන්දර මැදින් පටන් ගත්ත ගමන අපි සෑහෙන දුරක් මේ සොඳුරු පුරුද්දත් එක්ක ඇවිත් තියෙනවා. ඒත් අපි සමහර විට නොදන්න දේවල් ටිකක් තියෙන්න පුළුවන්. සමහර විට තාමත් කෙනෙක් මාස්ටර්බේට් කරන හින්ද තමන් කෙට්ටුයි කියල හිතන් ඉන්න වුනත් පුළුවන්.

    සෙක්ස් කරන්න කවුරුත් නැති හින්ද මාස්ටර්බේට් කරනවා කියල කිව්වට මේ දෙක සම්පූර්ණයෙන්ම දෙකක්. කවුරු හරි හිටියත් අපි මාස්ටර්බේට් කරන පුරුද්ද අත්අරින්නෙ නෑ. ඒ වගේම සෙක්ස්වලදි ශරීරය ප්‍රතිචාර දක්වන විදිහට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකටයි මාස්ටර්බේෂන්වලදි ප්‍රතිචාර දක්වන්නෙ. මේ දෙකෙන් ලැබෙන සුරතාන්තය පවා වෙනස්.

    තව කෙනෙක් එක්ක සෙක්ස් කරද්දි අපේ රුධිර පීඩනයට, හදවතට වගේම ප්‍රොස්ටේට් ග්‍රන්ථිවලටත් යහපත් ප්‍රතිඵල ලැබෙනවා. ඒත් මාස්ටර්බේෂන් එකකින් ඒ තරම් ප්‍රතිලාභ ලැබෙන්නෙ නෑ. හැබැයි මාස්ටර්බේට් කරන එක ප්‍රොස්ටේට් පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන බව නම් හොයාගෙන තියෙනවා.

    අපේ ශරීරය මේ දෙකේදි වෙනස් විදිහට ප්‍රතිචාර දක්වන්නෙ ඇයි කියන එක ගැන නිශ්චිත හේතුවක් කියන්න පුළුවන්කමක් නෑ. ඒත් මාස්ටර්බේට් කරලා පිටවන ශුක්‍රානු පවා සෙක්ස් වලදි පිටවෙන ශුක්‍රානුවලට වඩා වෙනස්.කොහොමත් සෙක්ස් කියන්නෙ තවත් කෙනෙක් එක්ක කයින් මනසින් එකතු වෙන මොහොතක්. ඒක ශරීර දෙකක හෝ වැඩි ගණනක මුහුවීමක්. ඒ මානසික කායික අත්දැකීම මාස්ටර්බේෂන් එකකට සමාන කරන්න බෑ.

    එතකොට මාස්ටර්බේට් කරනවා වැඩියි කියල එකක් තියෙනවද? කරන්න සුදුසු වාර ගණනක් තියෙනවද? එහෙම දෙයක් නෑ. අපේ වැඩ පාඩු නොවෙන, අපේ සම්බන්ධතාවලට ප්‍රශ්නයක් නොවන ප්‍රමාණයක් අපිට මාස්ටර්බේට් කරන්න පුළුවන්. මාස්ටර්බේට් කරන නිසා ඔයාට පෙම්වතා හෝ පෙම්වතිය එක්ක සෙක්ස් කරන්න බැරි වෙනවා නම් අන්න අර්බුදයක් තියෙනවා. ඒක හින්ද අපි මාස්ටර්බේට් කරන්න ඕන අපිට ඕන ගානට, අපිට ඕන වෙලාවට.

    ගොඩක් අය හිතනවා මාස්ටර්බේට් කරන්නෙ කසාද බඳිනකං කියල. ඒත් බැන්දා කියල ඒක නතර වෙන්නෙ නෑ. බැඳලා ඉන්න අතරෙ මාස්ටර්බේට් කරනවා කියන්නෙ සෙක්ස්වල ප්‍රශ්නයක්වත්, වෙන මානසික ගැටලුවක්වත් නෙමෙයි. තනියම හිටියා, බැඳලා හිටියා කියල වෙනසක් නැතුව, හොඳ සම්බන්ධයක්, නරක සම්බන්ධයක් කියල භේදයක් නැතුව, සතුටේදීත් දුකේදීත් මාස්ටර්බේට් කරන එක සාමාන්‍යයක්.

    මාස්ටර්බේෂන්වල තියෙන වැදගත්ම ප්‍රතිලාභයක් තමයි මනස සංසුන් කරන එක. සමහර වෙලාවට වැඩක් පටන් ගන්න කලින් මාස්ටර්බේට් කළාම හිත වටේ දුවන්නෙ නැතුව වැඩේට අරමුණු කරගන්න ලේසියි. වැඩ කරන්න කලින් පෝර්න් එකක් බලලා මාස්ටර්බේට් කරලා වැඩේ කරන්න පුරුදු වුනු අය ගොඩක් ඉන්නවා. ඒ වගේමයි ගොඩක් ස්ටේ‍රස් දවසක කෙලවරේදි හිතට සහනයක් දෙන්නත් මාස්ටර්බේෂන් එකකට පුළුවන්. මහන්සිය ආතතිය දුරු කරලා අපිව සැහැල්ලු කරන්න ඒක පොඩි ව්‍යායාමයක්.

    පිරිමි තමන්ගේ ලිංගික ඕනෑඑපාකම් ගොඩක් ඉගෙන ගන්නෙ මාස්ටර්බේෂන් හරහා. ඒ හින්දම සාමාන්‍යයෙන් ගැහැණුන්ට වඩා පිරිමින් තමන්ගේ ආශාවන් හොයාගෙන යන්න දන්නවා. ඒ වගේම මාස්ටර්බේට් කරන ගැහැණුත් අනිත් ගැහැණුන්ට වඩා සෙක්ස්වලදි පරිණතයි, නිර්මාණශීලීයි. තමන්ගේ රළුවට ස්පර්ශ විය යුතු තැන්, සුමුදුව ස්පර්ශ විය යුතු තැන් ඒ ගොල්ලො දන්නවා. හොඳ ලිංගික ජීවිතයකට මාස්ටර්බේෂන් කියන එක ලොකු උදව්වක් වෙනවා.

    ලිංගික වෛද්‍යවරුන් කියන්නෙ මාස්ටර්බේට් කරන එක නෙමෙයි නොකරන එකයි සැලකිලිමත් විය ප්‍රශ්නෙ කියල. කවුරු හරි මාස්ටර්බේට් කරන්නෙ නැත්තං ඒක තමයි අසාමාන්‍ය කාරණය වෙන්නෙ. මොකද මාස්ටර්බේට් කරන එක අන්තිම සාමාන්‍යයි.

  • අමාගේ සමරිසි විරෝදේ

    අමාගේ සමරිසි විරෝදේ

    අමා දිසානායක කියල ගෑනු කෙනෙක් මනෝ උපදේශිකාවක් විදිහට නුවර පොලිසියට කරන වැඩසටහනක වීඩියෝවක් සංසරණය වෙනවා. මේක නිකං යූටියුබ් වීඩියෝවක් වුනානං කතා කරන්න වටිනකමක් ඇති දෙයක් නෙමෙයි. ඒත් අමා මෙතනදි ගිහින් උපදෙස් දෙන්නෙ පොලිසියට. ඒ නිලධාරීන් ලවා කෑගහලා ප්‍රතිඥා ගන්නවා තමන් සමලිංගිකත්වයට විරුද්ධයි කියල. මං දන්නෙ නෑ ලිංගිකත්වය මත වෙනස්කොට සැලකීම පුහුණු කරවන මේ වගේ වැඩසටහන්වලට රාජ්‍ය ආයතනවල ඉඩදෙන්නෙ මොන ප්‍රතිපාදන යටතෙද කියල.

    මේ ගැන මංගල සමරවීරත් දෙරණෙදි ප්‍රශ්න කරනවා.

    අමා දිසානායක මේ විදිහට පොලිසිය තුල සමලිංගික විරෝධය වර්ධනය කරන්න උත්සාහ කරන්නෙ පොලිස්පති තුමාගේ අනුදැනුම ඇතුවද කියල මංගල එතනදි අහනවා.පොලිසිය කියන්නෙ ලිංගිකත්වය සම්බන්ධ කාරණාවලදි කොහොමත් අන්තිම ග්‍රාම්‍ය තැනක පවතින ආයතනයක්. වෙරලක ඉන්න පෙම්වතුන් අල්ලාගෙන යාමත් සදාචාරය රකින මෙහෙවරක් හැටියෙන් සළකන පොලිසිය අතින් වෙනස් ලිංගිකත්වයන් ඇති පිරිස් නිතර අතවර, අපහාස සහ අපහරණයන්ට ලක්වෙනවා. පොලිසියට ඒ දේවල් උගන්නන්නෙ, ඒ පිරිහුනු මතවාදයන් සනාථ කරන්නෙ, ඔවුන්ට ඒවා සමාදන් කරවන්නෙ අමා දිසානායක වගේ කට්ටිය.

    සමරිසිභාවය කියන දේ මානව චර්යාවට විරුද්ධයි කියල අමා කෑ ගහලා කියනවා. මානව ඉතිහාසය ලියවෙන්න ගත්ත දවසෙ ඉඳන්මත් පවතින සමලිංගිකත්වය මානව චර්යාවට විරුද්ධ වෙන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ. අනිත් පැත්තෙන් සමලිංගිකත්වය මානව චර්යාවක් නෙමෙයිද එතකොට?

    හැමෝම සමලිංගිකයන් වුනොත් ළමයි හදන්න බෑ කියල තමයි අමා මානව වර්ගයා රැකගන්න ඉස්සරහට එන්නෙ. ඉතින් හැමෝම සමලිංගික වෙන්නෙ මොකටද? එහෙම වෙන්නෙ කොහොමද? මේවා දැවෙන ප්‍රශ්න. අනිත් අතට අමා හිතන් ඉන්නෙ ලෝකෙ මිනිස් ජනගහනය අඩුවෙමින් යනවා කියලද? අඩුගානෙ ලංකාවෙවත් ඒක එහෙමද? අමා කියන විදිහට හැමෝම අනිවාර්යෙන් ළමයි හදන්නම ඕනද? සෙක්ස් කරන්න අවසර තියෙන්නෙ ළමයි හදනවා නම් විතරද?

    දරුවන් හැදීම කියන කාරණයට බැහැරින් සෙක්ස් නොකළ යුතුයි කියල කිව්වෙ ක්‍රිස්තියානි පල්ලිය. මේ වෙද්දි අපි සෙක්ස් කරද්දි වැඩියෙන් මහන්සි වෙන්නෙ ළමයි නොහදා ඒක කරගන්නෙ කොහොමද කියන එකට. කොන්ඩම්, උපත් පාලන පෙති, ගබ්සා මේ හැම විප්ලවයක්ම සිද්ද වෙන්නෙ ළමයි හැදීම අඩු කරගැනීමේ උවමනාව ඒ තරම් දරුණු හින්ද. මිනිස්සු සෙක්ස් කරන්නෙ ආස්වාදයට. තෘප්තියට. දරුවන් හැදීම සහ සෙක්ස් කිරීම අතර සම්බන්ධය බිඳිලා දැන් සියවස් ගානක් වෙනවා. අමා තාම අපේ පොලිසියට උගන්නන්නෙ ඒ කුණුබක්කියට වැටුනු අදහස්. ඊට පස්සෙ පොලිසිය ඒ කුණු ගෙනැත් අපේ ඇඟේ හලනවා.

    මෙතනදි අමා දිසානායක සමලිංගිකත්වය ගැනත් කිසි දෙයක් නොදන්නා වග ලැජ්ජාවකින් තොරවම හෙලි කරනවා. තමන්ගේ දරුවා සමලිංගිකයෙකුගේ ගොදුරක් වෙනවට කැමතිද කියල අමා අහනවා. ඒ බයටම මිනිස්සු සමලිංගිකයන්ට විරුද්ධ වෙන්න ඕන කියලයි එයා කියන්නෙ.

    ළමා අපචාර සහ සමලිංගිකත්වය කියන්නෙ එකක් විදිහටයි අමාට තේරෙන්නෙ. පහුගිය කාලයක් පුරාම අපේ දැරියන් අතවරයට ලක්වුනේ සමලිංගිකයන් අතින් නෙමෙයි. විෂම ලිංගික චීවරධාරී, පොලිසි, නීති, වෛද්‍ය, මැති ඇමති ආදී පිරිස් අතින්. සමලිංගිකත්වය සහ ළමා අපචාර අතර සම්බන්ධය මේ මනෝ උපදේශකවරිය කොහොම ගොඩනගනවද කියන එක දන්නෙ නාථ දෙයියොම විතරයි. ළමා අපචාරවලට හේතුවෙන කාමුකත්වය කියන්නෙ පීඩොෆීලියාව. ඒක සමරිසි හෝ විෂම හෝ වෙනත් ඕනෑම ලිංගිකත්වයක් දරන කෙනෙක් අතින් වෙන්න පුළුවන්. සමලිංගිකයන් ළමා අපචාරිකයන් හැටියට පොලිසියට ඉගැන්වීම කොයිතරම් භයානකද?

    එහෙම නැත්නම් එයා සමලිංගිකත්වය යනු බෝවෙන තත්වයක් කියලා හිතුවද දන්නෙත් නෑ. සමලිංගිකයෙක් හා ඇසුරු කිරීමෙන් ඔබේ දරුවා සමලිංගිකයෙක් විය හැකිය වගේ ලෝකෙ පළමු වරට යම් මනෝ විද්‍යාත්මක හෙලිදරව් කිරීමක් අමා කරනවා වෙන්නත් පුළුවන්. ලංකාවෙ මෑතක ඉඳන් ගොඩක් විද්‍යාව සම්බන්ධ කලාපවල අපි ලෝකය හෙල්ලුම් කන වර්ගයේ හෙලිදරව් කිරීම් කරනවා.

    ඊට පස්සෙ අමා දිසානායක සම්පූර්ණයෙන්ම නිරුවත් වෙනවා. එයා කියනවා පහුගිය කාලෙ මේ සමරිසි පිරිස් එකතු වෙලා ආණ්ඩුව පෙරලුවා කියල. නැවත ඒ වගේ දෙයක් වෙයි කියල අනතුරු අඟවනවා. මේක පොහොට්ටුවෙන් ගෙනාපු සමනළ විරෝධයත් එක්ක හරියටම එක මත එක පිහිටනවා. ප්‍රොපගැන්ඩාව එලිවෙනවා. මේ සමරිසි විරෝධය පිටිපස්සෙ තියෙන්නෙ ජාතිවාදී ආගම්වාදී රාජපක්ෂ දේශපාලනයේ ජනප්‍රිය මතවාදයමයි. පැණියෙ ඉඳන් සමරිසිභාවය දක්වාම විද්‍යාව සපයන්නෙ එකම අධිකාරියක්.

    දැන් අපි අමාව පැත්තකින් තියලා මේ කතාවෙ ඇත්ත පැත්ත ගැන බලමු. අමා දිසානායක කරපු පර්යේෂණයන් අනුව කොහොම වුනත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට සමලිංගිකත්වය කියන්නෙ කිසිසේත්ම මානසික ව්‍යාධියක් නෙමෙයි. විකෘතියක් නෙමෙයි. පූර්ණ නිරෝගී මනුස්සයෙකුගේ ලිංගික පිහිටීම සමලිංගික වෙන්න පුළුවන්. ඒක තමයි ලෝකය පිළිගන්නා විද්‍යාත්මක මතය වෙන්නෙ.

    ස්ත්‍රී හෝ පුරුෂ සමලිංගිකභාවය, බයිසෙක්ෂුවල් නැත්තං ද්විත්ව ලිංගිකභාවය, සංක්‍රාන්ති හෝ අන්තර් ලිංගිකභාවය යන කිසිවක් රෝගී, විකෘති තත්වයන් නොව ඒවා මානව ලිංගිකත්වයේ විවිධත්වයන් හැටියෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නවා.

    ඒ ගොල්ලොන්ගෙ තියෙනවා ICD- International Classification of Diseases කියල අන්තර්ජාතික රෝග වර්ගීකරණයක්. 1977 වෙනකල් ඒකෙ සමලිංගිකත්වය රෝගයක් වශයෙන් දක්වලා තිබුන. ඒත් 1990 වෙද්දි ලෝක සෞඛ්‍ය සංවිධානය ඒක ඉවත් කරලා සමලිංගිකත්වය නිරෝගී ලිංගික තෝරාගැනීමක් හැටියෙන් අවධාරණය කළා.

    නමුත් මේ අමා දිසානායක වගේ අය විසින් නිර්මාණය කරන හෝමොෆෝබියා කියන තත්වය, ඒ කියන්නෙ සමලිංගික භීතිකාව මානසික රෝගී ලක්ෂණ දරන්න පුළුවන් කියල ලිංගික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජර්නලයේ පළවෙන පර්යේෂණයකින් එලිවෙනවා. හෝමොෆෝබියාව ඇති අයගෙ සයිකොටිසිසම් පෞර්ෂයක්, ඒ කියන්නෙ ප්‍රකෝපකාරී, අනෙකා කෙරෙහි වෛරය මුසු, ආවේගකාරී, සමාජ විරෝධී හැසිරීම් සහ අපරිණත ආරක්ෂන යාන්ත්‍රණ (ඩිෆෙන්ස් මිකැනිසම්) දරන පෞර්ෂයක් දකින්න ලැබෙනවා කියල ඒ පර්යේෂකයන් කියනවා. මේ පෞර්ෂය ඇති අය මනෝව්‍යාධිමය තත්වයට පත්වීමේ අවදානමක් දරනවා.

    අනිත් පැත්තෙන් මේ හොමෝෆෝබියාව නිසා සමාජයේ සමලිංගික දරුවන්ට ආතතිකර තත්වයක් ඇති කරනවා. ඒ අයට මානසික කායික පීඩා ඇතිවිය හැකි වාතාවරණයක් නිර්මාණය කරනවා. ඒකෙන් ඒ දරුවන් තුල ඩිප්‍රෙෂන් වගේ රෝගී තත්වයන් ඇති කරන්න පුළුවන්. මේ නරක ප්‍රතිඵලත් අවසානයේ දරන්න සිද්ද වෙන්නෙ සමාජයටයි. විවෘතව ලිංගිකත්වයන් බාරගන්නා සමාජයක පුරවැසියන්ගේ මානසික තත්වය වඩා යහපත් සහ නිරෝගී බව පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා.

    සමලිංගික සහ අනෙක් ලිංගිකත්වයන් ප්‍රතික්‍ෂේප කරන ලෝකයේ එක කඳවුරක් තියෙනවා. අරාබිය, ඉරානය, උගන්ඩාව, රුසියාව වගේ රටවල සමලිංගිකත්වය පීඩාවට ලක්කරන නීති තියෙනවා. අපේ පොලිසිය ආදියට මේ ලබා දෙන උපදේශකත්වයන් හරහා අපේ රාජ්‍ය මතවාදය පිහිටන තැනත් සළකුණු වෙනවා. අපි නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වෙතින් මේ ප්‍රතිගාමී ඒකාධිපති රටවල් පැත්තට ගමන් කරමින් ඉන්නවා.

    සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ හොමොෆෝබියා හෙවත් සමරිසිභීතිකාව තේරුම් ගන්න හොඳ පැහැදිලි කිරීමක් ගේනවා. කෙනෙක් විෂම ලිංගික වෙන්නෙ ජීව විද්‍යාත්මක කාරණා නිසා පමණක් නෙමෙයි කියල ෆ්‍රොයිඩ් කියනවා. මේ දැඩි විෂම ලිංගිකත්වය පිටිපස්සෙ තියෙන්නෙ දෙමව්පියන්ගෙන් සහ සමාජයෙන් ලැබෙන සමරිසි විරෝධය බව එයා කියනවා. ඒ කියන්නෙ අපි විෂම ලිංගික වෙන්නෙ සමලිංගිකත්වයට ඇති බය නිසා.

    ෆ්‍රොයිඩ් කියන විදිහට හැම දරුවෙකුටම තමන්ගේ සමාන ලිංගික මව හෝ පියා ගැන ආකර්ශනයක් පවතිනවා. මේක විසඳෙන්නෙ ඊඩිපස් සංකීර්ණයෙදි. ඒත් සමහර අයගෙ මේක හරියට විසඳෙන්නෙ නෑ. ෆ්‍රොයිඩ්ගෙ අදහස් තවත් ඉස්සරහට අරගෙන ගිහින් සැන්ඩර් ෆෙරන්චි කියන හංගේරියානු මනෝවිශ්ලේෂකයා මේ සමරිසිභීතිකාව ගැන තවදුරටත් හොයනවා. මේ භීතිකාව පිටිපස්සෙ තියෙන්නෙ තමන්ගේ යටපත් කළ ආශාව කියලා ෆෙරන්චි කියනවා. සමරිසිභාවය ගැන තියෙන බය, පිළිකුල, විරෝධය තමන් තුලම ඒ ගැන පවතින කැමැත්තට ප්‍රතිවිරෝධයක් හැටියෙන් ඇතිවෙන තත්වයක් කියල ෆෙරන්චි විස්තර කරනවා.මේ සමරිසිභීතිය පිටිපස්සෙ තියෙන තව කාරණයක් තමයි සිම්බොලික් රේසිසම් නැත්තං සංකේතමය වර්ගවාදය කියන එක. කලුසුදු භේදය, දෙමළ සිංහල භේදය ආදී විදිහට අපි හදාගත්ත අපේ කල්පිත වටිනාකම් පද්ධතියක් වඩා උසස් සහ මාරයි කියන හැඟීම මේ ලිංගික ප්‍රශ්නෙදිත් තියෙනවා. සමරිසිභාවය එක්ක අපි ස්වභාවිකයි කියල පිළිගන්න පවුල, ලිංගිකත්වය, අපේ ලිංගික තත්වය වගේ සංකේතීය කාරණා අර්බුදයට යනවා. අපේ ආගම්වලින් ගොඩනගපු ගතානුගතික විශ්වාස අවුලට යනවා. එතකොට අපිට අනාරක්ෂිත තත්වයක් ඇතිවෙනවා. අපි බය වෙනවා. ප්‍රචන්ඩ විදිහට ඒක යටපත් කරන්න හදනවා. සමරිසි විරෝධය පිටිපස්සෙ තියෙන්නෙත් ජාතිවාදය ආගම්වාදය පිටිපස්සෙ තියෙන වර්ගවාදයම තමයි. එක විදිහක වෙනස් කොට සැලකීමක් තියෙන කෙනෙක් ළඟ අනිත් සියල්ලත් අඩුවැඩි වශයෙන් තියෙන්නෙ ඒකයි. උදා විදිහට ජාතිවාදියෙක් නම් බොහෝවිට එයා සමරිසි විරෝධියෙක්. මේ හෝමොෆෝබියාව රාජපක්ෂ මතවාදය එක්ක ඉබේටම ගැටගැහෙන්නෙ මෙතනදි. ඇත්තටම මේ ලිංගිකත්වය පිළිබඳ අර්බුදය තමයි ජාතිය ආගම රකින්න කියල සිංහ වෙස් අරගෙන හපන්න පනින්නෙ.


    Chinthana Dharmadasa

  • තුරුල් වෙන්න….

    තුරුල් වෙන්න….

    දෙන්නෙක් අතර සම්බන්ධයක් දිග කාලයක් හොඳට පවත්වාගෙන යනවා කියන්නෙ හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි. ඒ වගේම දීර්ඝ කාලයක් හොඳ ලිංගික සම්බන්ධතාවයකුත් එක්ක දෙන්නෙක් ජීවත්වෙනවා කියන්නෙ ඊටත් වඩා අමාරු වැඩක්. කාලයත් එක්ක සම්බන්ධතාවය පරණ වෙන්න ගනිද්දි රොමාන්තික ආදරයේ උත්කර්ෂය අඩු වෙන්න පටන් ගන්නවා. අපි වෙන වෙන දේවල් එක්ක කාර්යබහුල වෙනවා. සම්බන්ධතාවය ඇතුලෙ දේවල් චාරිත්‍ර වගේ වෙනවා. හැඟීමෙන් තොර වෙනවා.

    මෙතනදි සෙක්ස් කියන එක ඊටත් වඩා වෙනස් කතාවක්. සෙක්ස්වල ආශාව තියෙන්නෙම අලුත්බව නැත්තං කුතුහලය එක්ක. කාලයත් එක්ක ගතවෙන සම්බන්ධයක ඒ සෙක්ස් ගැන උනන්දුව අඩුවෙන එක ස්වභාවිකයි. මේ ගැන එමිලි නගොස්කි කියන ලිංගික උපදේශිකාව විස්තර කරනවා.

    එයා කියන විදිහට කාලයත් එක්ක අමතක නොවෙන අනුරාගී සම්බන්ධයක රහස තියෙන්නෙ සෙක්ස්වල නෙමෙයි. සෙක්සි නෑ කියල හිතෙන මිත්‍රත්වය, තුරුල් වීම, විශ්වාසය, මූලිකත්වය දීම වගේ කාරණාවලින් තමයි සම්බන්ධයක් අනුරාගී කරන්නෙ.

    අපි නිතර හිතන්නෙ සෙක්ස් කරන වාර ගණන හෝ ඒකෙ යෙදෙන ඇඩ්වෙන්චරීය ගතිය සම්බන්ධයක පැවැත්ම තීරණය කරනවා කියල. ඒත් දීර්ඝ කාලීන සම්බන්ධයකදි ඔය කාරණා ඒ තරම් අදාල වෙන්නෙ නෑ. ජීවිතේ ගතවෙනවත් එක්ක අපි බිසී වෙනවා. අපේ සම්බන්ධතාවෙ ස්වරූපය වෙනස් වෙනවා. ඔය කියන වික්‍රම කතාවට විතරක් වෙනවා.

    එමිලි කියන විදිහට සෙක්ස් කරන විදිහ හෝ වාර ගණන හෝ කරන ආකාරය නෙමෙයි වැදගත් වෙන්නෙ සෙක්ස් කළාට පස්සෙ තුරුල් වෙලා කොයිතරම් කාලයක් ගතකරනවද කියන එකයි.

    දෙන්නෙක් දැක්කම අල්ලන්නෙ නැතුව ඉන්න බැරිකම, කොයිවෙලාවෙත් තුරුල්වෙන්න ඕනකම අපි කියන්නෙ ස්පොන්ටෙනියස් ඩිසයර් එකක් නැත්තං නිරායාස ආශාවක් කියල. ඒක හොඳ දෙයක්. සම්බන්ධතාවයකදි මුල් කාලෙ අපි දකින්නෙ ඒ විදිහෙ උද්දීපනයක්. ඒක තෘප්තියක් අපේක්ෂාවෙන් යන දිශාවක්.

    සම්බන්ධතාවයක් පරණ වෙද්දි වැදගත් වෙන්නෙ රෙස්පොන්සිව් ඩිසයර් කියන එක. ඒ කියන්නෙ ප්‍රතිචාරාත්මක ආශාව. මේකෙදි සිද්ද වෙන්නෙ තෘප්තියට ප්‍රතිචාර දැක්වීමක්. ඒ කියන්නෙ කලින් ලබා ඇති, මතක ඇති තෘප්තියක් පිළිබඳ ආශාවෙන් උද්දීපනය වෙන එක.

    එමිලි මේක විස්තර කරන්නෙ හරියට පාටියකට යන්න ලෑස්ති වෙනවා වගේ. පාටිය යාළුවෙකුගෙ වුනත් ඇඳුම් අඳින්නයි, එලියට බහින්නයි, ට්‍රැෆික් එකේ යන්නයි තියෙන කම්මැලිකමට නොයා ඉන්නම හිතෙනවා වෙන්න පුළුවන්. ඒත් අපි කොහොම හරි එතනට ගියොත් ආපු එක මරු කියල හිතෙනවා. සෑහෙන ෆන් එකක් ගන්නවා. රෙස්පොන්සිව් ඩිසයර් එක එහෙම දෙයක්.

    අපි ඇඳේ එකිනෙකා එක්ක තැවරෙද්දි, ඒ උනුසුම, ස්පර්ශය දැනෙද්දි, ඒ සුවඳ විඳිද්දි අතීත මිහිරියාවකින් අපිව පිරෙනවා. අපිට නැවත ඒ සුන්දරත්වය ලබන්න ඕන වෙනවා. ඒ ආශාවෙන් ප්‍රමුදිත මොහොතට ආශක්ත වෙනවා. ඒක අපි දන්න හඳුනන තෘප්තියක්. සාමකාමී අනුරාගයක්.

    මේ වගේ හැඟීමක් දිග කාලයක් තිස්සෙ දැනෙන්න කාරණා දෙකක් බලපානවා. ප්‍රධානම එක මිත්‍රත්වය සහ විශ්වාසය. ඕනම වෙලාවක අනෙකා ඉන්නවා කියල දැනෙන හැඟීම. එයා ළඟ ඉන්නකොට ගෙදර ඉන්නවා වගේ දැනෙන එක. දෙවෙනි කාරණය සෙක්ස් මූලික කර ගැනීම. ඒ කියන්නෙ අනිත් හැමදෙයක්ම දෙවෙනි කරලා දෙන්නා නිරුවත්ව වැළඳගැනීම කියන දේට ප්‍රමුඛත්වය දීම.

    කාලයක් ගතවුනු සම්බන්ධතාවල ජීවත් වෙන අයගෙන් ඒ අය අතර සෙක්ස් ගැන ඇහුවොත්, ඒ අයට ගොඩක් වෙලාවට අපහසුතාවයක් දැනෙන්න ගන්නවා. ඒ මාතෘකාවෙන්ම අප්‍රසන්න බවක් ඇති කරනවා. මේකට හේතුව විදිහට එමිලි කියන්නෙ අපි ඇතුලෙ ඉන්න නිහඬ ඉත්තෑවො කියල.

    නිහඬ ඉත්තෑවො කියන්නෙ අපේ හිතේ කාලයත් එක්ක තැන්පත් වෙලා තියෙන අනෙකා ගැන අප්‍රසන්න මතකයන්. කතා නොකර හිතේ තියාගත්ත දේවල්. අමිහිරි අත්දැකීම්. මේ දේවල් හිත ඇතුලෙ තිබිලා ඒ කෙනා එක්ක නිරුවතින් ගත කරන මොහොතක් ගැන සිතීම පවා ප්‍රතික්‍ෂේප කරනවා. ගොඩක් සාමකාමීව ජීවත් වෙන පවුල්වල වුනත් දෙන්නා සෙක්ස් ගැන කතා නොකරන්නෙ මේ හින්ද.

    හොඳ මිත්‍රත්වයක් පවතිනවා නම් ඒ සිත් තැවුල් ගැන විවෘතව කතා කරනවා. හිතේ පැහැවන්න නොදී එලියට මුදා හරිනවා. සම්බන්ධතාවය අලුත් කරනවා. නැවත ආදරෙන් වෙළෙනවා. හිතේ තියෙන හැමදෙයක්ම අනෙකා එක්ක බෙදාගන්න තරම් නිදහස් සමීපත්වයක් වැදගත් වෙන්නෙ ඒ හින්ද.

    සෙක්ස්වලට මූලිකත්වය දෙන්න කියන්නෙත් ඒකමයි. ජීවිතේ අන් සියලුම දේවල්වලට වඩා එයත් එක්ක ගත කරන හුදකලා මොහොතක් වටිනවා කියල දෙන පණිවුඩයක් ඒක. කාලයත් එක්ක තාමත් ඒ නිරුවත් මොහොත විඳිනවා කියල දනවන තැනක්. ඒක හුදු සංසර්ගය ගැන කාරණයක් නෙමෙයි. ලෝකයේ අනිත් සියල්ලෙන් බැහැරව තමන්ගේ ආදරය කරන අනෙකා සමග හුදකලාවීමට තියෙන අනුරාගය ගැන කාරණයක්.

    ආදරය කරන අනෙකාගේ ඇස් ඇතුලෙන් බලද්දි තමන්ට තමන්ගේ මිහිරිතම දවස් මැවෙනවා නම් ඒ සම්බන්ධය තාමත් දළුදානවා. අපි ඒ අනෙකාගේ ඇස් ඇතුලෙන් අපිට ආදරය කරන්න ගන්නවා. කොයිතරම් කාලයක් ගියත් ඒ අනෙකාගේ ආදරයේ පිළිඹිබුව අපේ ඇස් ඇතුලෙන් පේනවා කියන්නෙ ඒ ආදරය කල් ඉකුත් වෙන්නෙ නෑ කියන එක.

  • Untitled post 5076

    වැල තහනම බොරුවක්!!
    නීතිඥ තිශ්‍ය වේරගොඩගේ ෆේස්බුක් පිටුවෙන්


    බුකියේ හැම තැනම පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මූණත් එක්ක පොස්ටුවක් යනවා “අසභ්‍ය දර්ශන නැරඹුවහොත් අද සිට නිවසටම පොලිසියෙන් කියලා”. බොහෝම අමාරුවෙන් පහත දිගුව හොයාගෙන ඇහුවා.

    https://m.youtube.com/watch?v=S4y-C4as6m0&feature=youtu.be

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක බොහෝ අවස්ථාවල බොරු කියන නිසාත්, අසත්‍ය ප්‍රකාශ සමාජගත කරන නිසාත් බොහෝ විට මගේ හාස්‍යට ලක්වෙනවා. නමුත් මේ අවස්ථාවේදී එතුමා කියන කතාව නිවැරදී. බාල වයස්කාර දරුවන් අපයෝජයනට ලක් කිරීම හා අදාලව තමා ඔහු කරුණු කියන්නේ. නැතිව වැඩිහිටියන්ට අදාලව තිබෙන ලිංගික දර්ශන ගැන නෙමෙයි. ළමා අපයෝජනයන්ට එරෙහිව ඉතාමත්ම දැඩි නීති තියෙනවා යුරෝපයේ සහ ඇමරිකාවේ. ඒ අනුව එවැනි දර්ශන බාගත කිරීමම දඬුවම් ලැබිය හැකි වරදක් ඒ රටවල් වල. ඒවා විමර්ෂණය කිරීමට අදාලව නීති තීයෙනවා. ඒ නීති අනුව යම් යම් දේ වාර්ථා වෙනවා. එම වාර්ථා අපේ රටේ නීති ක්‍රියාත්මක කරන ආයතන වලටත් ලැබෙනවා. ඒ අනුව තමයි ඔහු කියන්නේ බාලවයස්කාර දරුවන් අපයෝජනයට අදාල අසභ්‍ය දර්ශන සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරනවා කියලා. මම හිතන්නේ නෑ, එහෙම නැතිව වැඩිහිටියන් ස්වකැමැත්තෙන් ලිංගික කටයුතු වල යෙදන දර්ශන බලන අයගේ පසු පසින් එන්න පොලිසියට නෛතික හැකියාවක් තියෙනවා කියලා. අසභ්‍ය ප්‍රකාශන පිළිබඳ පනතේ පැහැදිලිව තියෙන්නේ විකිණීමට, බෙදා හැරීමට හෝ අන්‍යාකාරයෙන් කටයුතු කිරීම සඳහා සන්තකයේ තබා ගැනීම වරදක් කියලා මිසක් තම පුද්ගලික ආශ්වාදයට ළඟ තබා ගැනීම වරදක් කියලා නෙමෙයි. ඒ උනාට අපේ රටේ පොලිසියට නම් මේ පිළිඹඳ පැහැදිලි වැටහීමක් නෑ. ඒක නිසා තමයි තමන්ගේ ජංගම දුරකථනය සොරකම් කලා කියලා පැමිණිලි කරපු පුද්ගලයෙක්ගේ ජංගම දුරකථනයේ අසැබි දර්ශන තිබ්බා කියලා ඔහුවත් අත් අඩංගුවට අරගෙන තිබ්බේ. ඔක්කෝමලාම වලිගේ පාගගෙන වගේ මේ පාර.

  • ශරීර අතර ශක්තිය

    ශරීර අතර ශක්තිය

    අද උදේ ෆේස්බුක් එකේ දැකපු පෝස්ට් එකක් මට නතර වෙලා ටිකක් කල්පනා කරන්න කිව්වා. ඒ පෝස්ට් එක දාලා තිබුනෙ විසි ගානක කොල්ලෙක්. ඒ කොල්ලා අහලා තිබුනෙ තමන් දරුණුවට පීඩා විඳින ප්‍රශ්නයක් ගැන.

    කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් ගොඩනගා ගැනීමේ දැඩි උවමනාවක් තිබුනත් එයාට කෙල්ලෙක්ව මුනගැහෙන සමාජ අවකාශයක් නැති වීමේ ප්‍රශ්නයක් තියෙනවා. ගෙදර ඉඳන් ඔන්ලයින් රස්සාවක් කරන හින්ද මිනිස්සු මුනගැහෙන තැනක් නෑ. ඒ හින්දම එයා විවිධ පාඨමාලා, ක්‍රීඩා කරන්න යනවා. ඒ කවුරුන් හෝ මුනගැසීමේ උවමනාව වෙනුවෙන්ම. ඒත් ඒ උත්සාහයත් ඒ තරම් සාර්ථක වෙන්නෙ නෑ. මේ හින්දම මේ තරුණයා ඩිප්‍රෙෂන් එකකට යනවා. එයා උදව් ඉල්ලලා තිබුනෙ කෙල්ලොන්ව දකින්න ඇසුරු කරන්න ලැබෙන කලාපයක් ගැන විස්තර දැනගන්න.

    මේක ඉස්සරහට තව තවත් මුහුන දෙන්න සිද්ද වෙන අර්බුදයක්. අපි තාක්‍ෂණයේ දියුනුවත් එක්ක ශරීර මුනගැහෙන අවකාශයන් අවතක්සේරු කරලා තියෙනවා. මිනිස්සු විදිහට පොකුරට මුනගැහුනම ඒ පොදුබව ඇතුලෙ නිර්මාණය වෙන, බෙදාගන්නා ශක්තිය නොතකා හැරලා තියෙනවා. ඒක ඔන්ලයින් සම්බන්ධතා හරහා ඇති කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි.

    ඉස්සර පන්සල්වල, පල්ලිවල මේ අවකාශය තිබුන. දේශපාලනය කියන්නෙ මූලිකවම මෙන්න මේ මිනිස් හැකියාව පිළිබඳ කාරණයක්. එකට එකතු වීමේ, එකට වැඩ කිරීමේ, පුද්ගලික අපිට වඩා විශාල සමස්තයක්, දේවත්වයක් නිර්මාණය කරන තැනක්. අපි සාකච්ඡාවකදි වුනත් ඔන්ලයින් තනියම එකතු වෙනවට වඩා මුහුනට මුහුන සංවාද කරද්දි එහා මෙහා වෙන එනර්ජි එක වෙනස්.

    මහා සංගීත ප්‍රසංගවල අපිට දැනෙන උතුරා යන ජීවය මේක. ලක්ෂ ගානක් මිනිස්සු එකට එකතු වෙද්දි, එකම අරමුණකට දිශාගත වෙද්දි, එකම හැඟීමක් බෙදා ගනිද්දි දැනෙන ආශ්චර්යමත් හැඟීම. ඒක සාමූහික සත්වයෙක් විදිහට මිනිසාට අවශ්‍යම දැනීමක්.

    හුදකලා බව අනවශ්‍යයි නෙමෙයි. ඒත් සාමූහික බව ගැන සැලකිලිමත් වීම අවශ්‍යයි. ජාතිවාදී ආගම්වාදී ගෝත්‍රික රංචු ගැසීම් වෙනුවට මිනිස්සු එකතුවෙන සුන්දර ලෞකික අවකාශයන් අවශ්‍යයි. ඒ මහා සාමූහික එක්රැස්වීම් නිර්මාණය කරන මිනිස්සු අවශ්‍යයි. ඒවා චාරිත්‍රයන් ලෙස සැමරීම පවත්වාගැනීම අවශ්‍යයි.

    ශරීර අතර සන්නිවේදනය නොතකා හැරීම හින්ද අපි අපේ පැවැත්මේ මූලිකම හරයක් අහිමි කරගන්නවා. අපිට ග්‍රවුන්ඩ් රියැලිටිය අහිමි වෙනවා. අපේ මනස් අධිරාජ්‍යයක් ජීවත් වෙන්න පටන් ගන්නවා.

    අනෙකාගේ මැදිහත්වීම, අනෙකාගේ පැවැත්මේ අභියෝගය අපිට අහිමි වෙනවා. ඒකෙන් කාලයත් එක්ක අපිට අපිවම අහිමි වෙන්න පටන් ගන්නවා. අපේ දැනීමේ සහ සිතීමේ සීමාවන් පටුවෙන්න ගන්නවා. අපිට එකතු වීම, එකතු වී වැඩ කිරීම ගැන තියෙන දක්ෂතාවයන්, ඒ ආඛ්‍යානයන් ටිකෙන් ටික නැති වෙනවා.

    ඇත්තටම මිනිස්සු එකතු කරන නිර්මාණයක් හෝ ප්‍රසංගයක් හෝ මොනයම්ම දෙයක් හෝ කරන කෙනෙක් එතනදි කරන සුවිශේෂම කාරණය වෙන්නෙ ඒ මිනිස් පොකුරකට එකතු වෙන්න අවකාශයක් නිර්මාණය කරන එක. ඒ සමූහ සන්නිවේදනය ඇති කරන එක. ආර්ට් එක හෝ ඉදිරිපත් කිරීම එතනදි ද්විතියිකයි. වැදගත් දේ සීයක් දෙසීයක් එකට බඳවාගෙන උත්පාදනය කරන ශක්තිය. ඒ මිනිස් ඇදහිල්ල.

    මේ වෙනුවෙන් තාක්‍ෂණය උදව් කරගන්නත් අපිට පුළුවන්. උදා විදිහට කිසි තේරුමක් නැති ඩේටින් ඇප් වෙනුවට මිනිස්සු එකිනෙකා මුනගැහෙන ඇසුරු කිරීම් කලාප නිර්මාණය කරන ඇප් ගැන අපිට හිතන්න පුළුවන්. පොත් කියවන්න එකතු වෙන අය, ෆිල්ම් බලන්න එකතු වෙන අය, බියර් බොන්න එකතු වෙන අය වගේ තව එකී නොකී අමුතු අපූරු සාමූහික මුනගැසීම් නිර්මාණය කරන්න පුළුවන්. තවකෙක් සමග ඇසුරක් පවත්වාගෙන යාමේ මූලික මිනිස් හැකියාවන් වර්ධනය කරන්න, පවත්වාගෙන යන්න අපිට මීට වඩා හිතන්න සිද්ද වෙනවා. එහෙම නැති වුනොත් වෙන්නෙ ටිකෙන් ටික අපි කාංසාව හරහා ඩිප්‍රෙෂන්වලට යන එක.

    එහෙම මිනිස් ඇසුරක් නැතිව, ආදරෙන් වියළුනු, හැකිළුනු සිත් ඇතිව අපි ගන්න තීරණ ධනාත්මක වෙන්නෙ නෑ. ඒ වෙනුවට අපේ යටපත් හැඟීම්, පීඩාවන් විසින් අපේ ලෝක දෘෂ්ටිය අඳුරු කරනවා. පටු කරනවා. ආත්මාර්ථකාමී කරනවා. අපි වඩා සුන්දර දේවල් නිර්මාණය කරන්නෙ ආදරය ඇතුලෙ. අපේ හිත් පිරිලා තියෙන කොට. හිත් හිස් වෙලා තියෙද්දි වැඩ කරන්නෙ තාර්කික මොළය විතරයි. ඒ තීරණ වියළියි.

    කොවිඩ් වගේ වසංගත විසින් අපිට ඇති කරන ලොකුම බලපෑම වෙන්නෙ මේක. අපේ සාමූහිකත්වය නැති කරන එක. අපේ ශරීර අතර සම්බන්ධය අහිමි කරන එක. ඒ හරහා මිනිස් සමූහයක් විදිහට අපිට නිර්මාණය කළ හැකි විශාල ආඛ්‍යානයන් නතර කරන එක. මේ ඇහැට පේන හෝ විද්‍යාත්මක මනින්න පුළුවන් කාරණයක් නෙමෙයි. ප්‍රොඩක්ටිවිටි ගැන නිර්ණායකවලට අහුවෙන දෙයක් නෙමෙයි. ඒත් දීර්ඝ කාලීන දරණු හිස්කමක් සහ මානව පැවැත්ම පිළිබඳ ගොඩ ආ නොහැකි කාංසාවක් මතු කරන තත්වයක්. ඒ ගැන අපි දැනුවත් වෙද්දි ඒක ස්වභාවිකයක් වෙලා ඉවරයි. අපි අපේ ශරීරයේ භාෂාව නැති කරගෙන හමාරයි.