Author: admin

  • පහන්තුඩාවෙ අතීත වත

    පහන්තුඩාවෙ අතීත වත

    නිහාල් රත්නායකගේ සටහනක්.

    පහන්තුඩාවේ වු දේවල් අද ඊ⁣යේ සිදු වු දෙවල් නොවේ.
    සියවස් ගානකට පෙර සිට මේ මහ පොලොව මත සිදුවු සිදුවීම්ය.
    එදා දෘශ්‍ය මාධ්‍ය නොමැති බැවින් මුඛ පරම්පරාවෙන් පැමියේය. එසේ පැමිණ සාහිත්‍යය පොත් පත් වල මෙසේ ලියවී ඇත්තේය….

    ඔහු පොකුණ අසල ඉඳගෙන නාග මානවිකාවගේ කුහරය දිහා බලා සිටියේය. හඳපාන මැද්දෙහි හුදකලා වූ බෙනයේ අඳුරු ලපය කිසි යම් චමත්කාරජනක අන්දමකට ඔහුගේ නෙතට ගැටිණි. මෙසේ සිටිනා’තර බෙරකාරයාගේ දුව දින තුනක නිද්‍රාවෙන් පසු අවදි වී පොකුණ වෙත පැමිණෙනවා ඔහු දුටුවේය. සෙමින් සෙමින් පොකුණ වෙත ආ ඇය, දඩයක්කාරයා දෙස නොබලා අධික සේ සීතල වූ ජලාශයට බැස්සාය . ඔහුගේ කය වසා සිටි රළු කළු ලෝම හිරිගඩු පිපී කිරි කිළි පොළා නැග්ගේය. බොහෝ වේලාවක් දියේ ගිලී සිටි ඈ අන්තිමේදී දිය දෙබෑ කරගෙන මතු වූවා ය. දීර්ඝ වූ කේශ කලාපය පුරා වැගිරෙන රිදී වන් ජලය බේරා හරිමින් ඈ දඩයක්කාරයා දිහාට මුණ ලා ජලයෙන් ගොඩ වන්නට වූවාය. නිරෝගීව පිබිදී පවිත්‍ර ව තිබුණු ඇගේ කය හඳපානේ රන්වන් පාටකින් බැබළෙමින් තිබුණේය.

    දඩයක්කාරයා සඳරැසින් සඳ රැසින් නැහැවි නැහැවී ඇස් කඩා හැලෙන සෞන්දර්යයකින් වසඟයට පත් වී එහා පැත්තේ නාග මානවිකාවගේ කුහරයෙන් මතුවී ආ ඇති අලංකාර මායා රංගනයක් දිහා මුසපත් වී බලා සිටියේ ය.

    බෙරකාරයා ගේ දුව ඔහුගේ අබියසට පැමිණ ඔහුට ගෑවී නො ගෑවී හිටගෙන සිට අන්තිමේදී තෙත කේශ කලාපය හෙළාගෙන ඔහුගේ දෙපා අසල උඩුකුරුව වැතිරුණා ය.

    ඈ ඔහු ළඟ හිටගෙන ඉන්නා විට ඇගේ දෑතින් ස්පර්ශය ලැබී පිපී පීදී ඉදිරියට නෙරා ගිය තණ තන පුඩුවකින් මතු වුණු රන් කිරි බිංඳුවක් ඔහුගේ දෙතොලෙහි ද ගෑවුණා වාගේ ය.

    රෝමෝද්ගමනයෙන් උත්සන්න වූ ඔහුගේ කය මස් පිඩු ඔහු අබියස වැතිර ගත් ඇගේ රන්වන් කය පුරා පුරා සඳ රැසින් දඟලන මාංශ පේශියක් පාසා දඟලන්නට වූයේ ය. එසේ වු ආංබාං කොට ගත්ත නොහැකි වූ පොරයකට ඔහුගේ කය මස්පිඩු පාත්‍ර වූ විට හිත දැඩි කොට ගත් ඔහු , ඇයගේ සිරුරට උඩින් දුරින් පෙනෙන ගල් බෙනය දිහාම සෘජු ව බලා සිටින්නට වුයේය.

    නාග කන්‍යාවිය ඇදි ඇදී ඇදි එළියට එන්නීය. තම කය නටව නටවා සඳපහන හා ලාස්‍ය නැටුමකින් නටන්නීය. වාංගු කොට ගත නො හැක්කා වු තම කය කුස තුළ දරණ ගැසී සිටියා වු නාගරාජයා දරන දිග හරිමින් ගිනි විෂ පිඹිමින් නැගී සිටින්නට වූයේය.


    සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා
    සයිමන් නවගත්තේගම

  • පහන්තුඩාව

    පහන්තුඩාව

    ෆේස්බුක් එකේ පහන්තුඩාව කිය කිය ඇල්ලක් ළඟ එක එක ෆොටෝ වැටෙද්දි මං වල්මත් වෙලා බලන් හිටියා. මොකක් හරි ලීක් එකක් කියල හිතුනත් ‍හරියටම මොකක්ද කියල අදහසක් ගන්න බැරිවුනා. ඉතින් ලීක් වුනු වීඩියෝව ඉල්ලලා ‍ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ ඉල්ලීමක් කළා. ගොඩක් අය වීඩියෝව ඉන්බොක්ස් කරලා තිබුන. මගේ කුතුහලය සංසිඳුවීම ගැන ඒ හැමදෙනාටම ස්තුතියි.

    ඒත් ඒක ලීක් එකක් නෙමෙයි. පෝර්න් හබ් එකට වීඩියෝ හදන ලංකාවෙ යුවළක් විසින් කරපු තවත් එක වීඩියෝවක්. දැන් ටික කාලෙක ඉඳන් මම පෝර්න් හබ් බලන්නෙ නෑ. පෝර්න් හබ් වලින් රියල් ලයිෆ් වීඩියෝ අයින් කරලා සැලසුම් සහගතව කරපු, අනන්‍යතාව තහවුරු කරන වීඩියෝ විතරක් ඉතුරු වුනාට පස්සෙ මට ලංකාවෙ පෝර්න් ක්ලිප් එකක තියෙන ආස්වාදය අහිමි වුනා. ඉතින් වැඩිපුර මම ගැවසෙන්නෙ xvideos වල.

    ලංකාවෙ පෝර්න් හබ් එකට කරන ගොඩක් වීඩියෝවල මූන වැහෙන්න වෙස්මූනක් දානවා. ඒකෙන් මගේ සම්පූර්ණ වින්දනය බාධා වෙනවා. ඇත්තටම පෝර්න් එකක හැඟීම් දනවන තැන මූන. ශරීරයේ එක එක අවයව පෙන්නුවට ඒක ජීව විද්‍යා පාඩමක් වගේ වෙනවා විතරයි. ඒත් ලංකාව වගේ රටක එහෙම මූනත් පේන වීඩියෝ හදලා ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් නෑ. ඒ හින්ද මං නොබැලුවත් දේශීය පෝර්න් කලාවෙ පුරෝගාමී වැඩක් කරමින් හිටපු කොල්ලන්ට කෙල්ලන්ට මගේ තිබුණ ගරුත්වයක්.

    මේ පහන්තුඩාව වීඩියෝව කරන්නෙ විද්‍යා ඉසුරිකා කියල කෙනෙක්. එයාට තියෙනවා පෝර්න් හබ් චැනල් එකක්. ඒකෙ වීඩියෝ තුන්සිය හැටගානකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා හයදාස් ගානක් ඉන්නවා. මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක විව්ස් තියෙනවා.

    විද්‍යාගේ වීඩියෝ අනිත් අ‍යගේ වීඩියෝවලට වඩා වෙනස්.

    ‘මං ආසයි එයත් එක්ක ලෝකෙ වටේ ඇවිදින්න. විනෝද වෙන්න’

    ඒක තමයි විද්‍යාගෙ මො‍ටෝ එක. ඇත්තටම එයාගෙ වීඩියෝවල තියෙන්නෙත් පෙම්වතා එක්ක රටේ තැන් තැන්වලට ගිහින් සෙක්ස් කරන එක. මුල ඉඳන් බලාගෙන ගියොත් ඒ වීඩියෝ ටිකෙන් ටික තත්වයෙන් උසස් වෙන හැටිත්, නිර්මාණාත්මක වෙන හැටිත් දකින්න පුළුවන්. එයා වනාන්තරවල, මීමුරේ වගේ තැන්වල එලිමහනෙ පෙම්වතා එක්ක රමණය කරනවා. පෙම්වතා අතින් විද්‍යාව වීඩියෝ වෙනවා.

    නිකංම ශරීරයේ කොටස් වීඩියෝ කරනවා වෙනුවට මේ වීඩියෝවලදි අවට පරිසරයත් ඒ අනුරාගයට එකතු කරගන්න උත්සාහ කරනවා. සෙක්ස් කියන එක වැහුනු කාමරයක ඇඳක් උඩ කරන දෙයක් කියන තැනින් විද්‍යා ඒක ස්වභාවික එලිමහනක විඳින පැතිරුනු අනුරාගයක්, විනෝදයක් බවට පත්කරනවා.

    වැදගත්ම දේ මේ වීඩියෝවල මූනට වෙස්මූනක් දාන්නෙ නෑ. ඒ වෙනුවට කැමරා කෝනය වෙනස් කිරීමෙන් හෝ නැත්නම් කොන්ඩයෙන් මූන වැහෙන විදිහට සකස් කිරීමෙන් රූප රාමුව හදාගන්නවා. ඒ හින්දම මට අනිත් වීඩියෝවලදි වෙන ශෘංගාරභංගය විද්‍යාගේ වීඩියෝවලින් සිද්ද වෙන්නෙ නෑ. ඒ වීඩියෝ ඇත්තටම ආස්වාදනීයයි. ඒ වගේම බලාපොරොත්තු දනවනසුලුයි. විද්‍යාට ටිප් කරන්න උත්සාහ කළත් මොකක් හරි තාක්ෂණික දෝෂයක් නිසා ඒ ඔප්ෂන් එක වැඩ කරන්නෙ නෑ.

    එකපාරටම මේ ඇතිවුනු පහන්තුඩාව රැල්ල නිසා විද්‍යාගේ වීඩියෝ නිර්මාණවලට සංස්කෘතික පොලිසිවලින් හානියක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඇලවල් දොලවල් ළඟ පෙම්වතුන්ට ගිහින් මේ විදිහෙ ආස්වාදයක් ලබන්න ඇති අවස්ථා ඇහිරෙන එකක් නෑ කියලත් හිතනවා. මොකද මේ වගේ දේකට පස්සෙ ඇල්ල ළඟ මුරට ඉන්න වගේ විහිලු පටන් ගන්න බොහෝ ඉඩ තියෙන හින්ද.

    පහන්තුඩාවත් එක්ක මට හිතුන එලිමහනෙ ලිංගික හැසිරෙන එක ගැනත් ටිකක් කතා කරන්න. ඒක අනිවාර්යෙන්ම ඕනම කෙනෙක් විසින් ලැබිය යුතු වර්ගයේ දිව්‍යමය අත්දැකීමක්. හැමෝගෙම බකට් ලිස්ට් එකේ එහෙම එකක් තියෙන්නම ඕන. එලිමහන කිව්වම එක පැත්තකින් තියෙනවා ජනාකීර්ණ තැන්වල රහසින් කරන හදිසි ලිංගික එක්වීම්, පබ්ලික් සෙක්ස් කියන වර්ගයට අයිති වෙන. ඒත් මෙතනදි අපි කතා කරන්නෙ වඩාත් සොබා දහම එක්ක කරන රමණයන්. ඒ කියන්නෙ වනාන්තරවල, හුදකලා වෙරළ තීරවල, දියඇලි යට, රාත්‍රී තරු වියන් යට වගේ තැන්. මේ වගේ අනුරාගී අත්දැකීමකදි වැලි, කොල, වතුර සහ මඩ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕන. ඒවා සිරුරේ තැවරෙන්න වගේම ඒවත් එක්ක සෙක්ස් කරන්න සිද්ද වෙනවා.

    මේ විදිහෙ එලිමහනකදි දැනෙන ප්‍රධාන දේ තමයි ඇඩ්වෙන්චරස් ගතිය. ඒකෙ තියෙන රහස්‍ය බවත්, අලුත් බවත්, නිර්භීත බවත් මේ වගේ ලිංගික එක්වීමක් වඩාත් ආස්වාදනීය කරනවා. ඒ වගේමයි අසීරුව. හොඳ සනීප යහනක වැතිරෙනවා වගේ නෙමෙයි ගස් කඳක් බදාගෙන සෙක්ස් කරන එක. නමුත් මේ හැමදේකින්ම මේ රමණය වඩාත් රමණීය එකක් කරනවා.

    ලංකාවෙ එලිමහන් සෙක්ස් කරද්දි ඒක පරිස්සමෙන් කරන්න ඕන. කීයටවත් අහුවෙන්න නම් එපා. අපේ රටේ තියෙන ලිංගික අසහනයත් එක්ක ඒ වගේ දේක සුන්දරත්වය හෝ දඟකාරබව විඳින්න දන්න පිරිස අඩුයි. ඒ වෙනුවට ඔය සදාචාරය රකින පිරිස් එකතුවෙලා මේ පෙම්වතුන් ලැජ්ජාවට පත් කරමින්, පොලිසිය කැඳවමින් ලොකු සංදර්ශනයක් කරන්න ඉඩ තියෙනවා. නැත්නම් පාදඩයන් පිරිසක් විසින් මේ අයට අතවර කරන්න ඉඩ තියෙනවා. අපි සංස්කෘතිකව ආරක්ෂිත රටක් නෙමෙයි කියන තත්වය අවාසනාවන්ත විදිහට වුනත් අපිට මතක තියාගන්න වෙනවා.

    කලින් සූදානමක් ඇතුව යන එක වඩාත් හොඳයි. ඕන කරන විදිහෙ ගන බ්ලැන්කට්ටුවක්, ඇඳගන්න ඇඳුම් හෝ අවශ්‍ය වෙනත් දේවල් ලෑස්ති කරගෙන යන එකෙන් මුහුන දෙන අවහිරතා අඩු කරගන්න පුළුවන්. ඒත් ඒ අනපේක්ෂිත බවම විඳින්න කැමති අයට ඒ විදිහට කරන්නත් බාධාවක් නෑ.

    මේ වගේ තැන්වලදි ක්‍රියේටිව්ම දේ වෙන්නෙ තෝරගන්න පොසිෂන් එක. අපිට හිතේ තියෙන හැම විදිහකටම රමණය කරන්න එලිමහන සුවපහසු නෑ. ඒ හින්දම වෙලාවට තැනට ගැලපෙන පොසිෂන් තෝරගන්න නැත්නම් නිර්මාණය කරගන්න අපිට සිද්ද වෙනවා.

    පබ්ලික් සෙක්ස්වල වගේ හදිස්සියක් මේ විදිහෙ එලිමහන් රමණයකදි අවශ්‍ය වෙන්නෙ නෑ. ඊට වඩා අපිට නිදහසේ නිරුවතින් ඒ සියල්ල විඳින්න තියෙනවා නම් තමයි ඒ අත්දැකීම පරිපූර්ණ වෙන්නෙ. ශිෂ්ටාචාරෙන් පිටමං වෙලා වනාන්තරගත මොහොතක ශරීර ආශ්චර්යය විඳින එකයි ඒ වගේ දේක ගැඹුරු ආසාව වෙන්නෙ. නිකංම ලිංගික ක්‍රියාව කරලා දුවගෙන එනවා වෙනුවට නිරුවතින් වැතිරගෙන තුරු වියන් හෝ තරු වියන් නරඹමින් ඉන්න එක සුරතාන්තයට එහා ආස්වාදයක්.

    ඉතින් පහන්තුඩාවේ ආස්වාදය විද්‍යාට විතරක් නෙමෙයි. ඒකෙන් ඉන්ස්පයර් වෙලා තව තවත් අය, තව තවත් තැන්වල නිරුවත් වෙන්න. ඒකාකාරී රමණය රමණීය එකක් කරගන්න.

  • මල්ලි පරිස්සමෙන් තියාගන්න.

    මල්ලි පරිස්සමෙන් තියාගන්න.

    අපි පිරිමි ශිෂ්නය පිරිසිදුව තියාගන්නවද? පොල්කුඩු බැ‍‍ඳ‍ෙනවා වගේ කටවහරෙ තියෙන ප්‍රශ්නවලට හේතුව මොකක්ද? ඕක නිකං නානකොට අතුල්ලලා හෝදගත්තම ඇද්ද?

    පිරිමි ශිෂ්නයක් පිරිසිදුව පවත්වාගැනීම කියන එක තරමක අවධානය යොදන්න ඕන කාරණයක්. ස්ත්‍රී යෝනියක් නම් ඒක ඇතුලතට යොමුවෙලා තියෙන නිසාම ස්වභාවිකව පිරිසිදු බව පවත්වාගැනීමේ පහසුවක් තියෙනවා. නමුත් පිටත දහඩියට, උණුසුමට ගොදුරු වෙන ශිෂ්නයක් අපිරිසිදු වීමේ අවදානම් මොනවද?

    ශිෂ්නයක පිරිසිදු පැවැත්මට ඉතාම හොඳ දෙයක් තමයි චර්මඡේදනය. සිංහලෙන් කොන කපනවා කියන්නෙ. මේක මුස්ලිම් ආගමික සිරිතක් විදිහට බොහෝ විට බැහැර කරන්න, උපහාසයෙන් බලන්න නැඹුරුවක් තිබුණත් පුරුෂ ශිෂ්නයක පැවැත්මට මේ කොන කැපීම ඉතා හොඳ දෙයක්.

    මුලින්ම මේ නිසා ශිෂ්නය පිරිසිදු කිරීම පහසු වෙනවා. පෙරසමකින් වැසී නැති නිසාම දිලීර බැක්ටීරියා ආසාදන ඇතිවීම අවම කරනවා. බොහොමයක් ශිෂ්නාශ්‍රිත දිලීර බැක්ටීරියා ආසාදනවලට හේතුව පෙරසම. ඒ වගේම මේ චර්මඡේදනය නිසා එච්අයිවී සහ වෙනත් ලිංගිකව බෝවන රෝග බෝවීමේ අවදානමත් අඩු කරනවා. මේ කියන්නෙ කොන්ඩම පාවිච්චියකින් තොරව අනාරක්ෂිත සෙක්ස් කරන්න කියල නෙමෙයි. නමුත් චර්මඡේදනයෙන් ලිංගික රෝග බෝවීමේ අවදානම අඩු කරන බව ඇත්තක්. ඒ විතරක් නෙමෙයි ශිෂ්න පිළිකා ඇතිවීමත් මේකෙන් ඉතාමත් අවම කරනවා කියලයි කියන්නෙ.

    ඒත් කොහොම වුනත් චර්මඡේදනය කරලා නැත්නම් දැන් කොහොමද ශිෂ්නය පිරිසිදුව, නිරෝගීව පවත්වාගෙන යන්නෙ කියල කල්පනා කරන්න වෙනවා.

    ශිෂ්නය පිටතට නිරාවරණය වෙලා තියෙන හින්දම දාඩියත් එක්ක මේ ප්‍රදේශයේ දිලීර බැක්ටීරියා ආසාදන ඇතිවිය හැකි ප්‍රවණතාවය වැඩියි. ඒ වගේම ගඳ ගහන්නත් පටන් ගන්නවා. තව කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙද්දි තමන්ගේ අවයව පිරිසිදුව පවත්වාගැනීම අපේ හැදියාව සම්බන්ධ කාරණයක්. ඕක කොහොම හරි තියාගෙන ඉඳලා මුනගැහෙන කෙනෙකුගේ කටේ ඔබන්න සූදානම් වෙනවා කියන්නෙ අශිෂ්ට චර්යාවක්. ඒ නිසා තව කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙද්දි තමන්ගේ සිරුර උපරිමයෙන් පිරිසිදු සුවඳවත් තිළිණයක් කරන එක වැදගත්.

    ඒ නිසා ශිෂ්නය අවට රෝම වනාන්තරය වගේ වවාගෙන ඉන්න එපා. ඒවා මුඩු කිරීම හෝ කොටට කැපීම පුරුදු වෙන්න. එයින් ඒ අවට ප්‍ර‍දේශයේ පිරිසිදු බව පවත්වාගන්න උදව් වෙනවා විතරක් නෙමෙයි දකින කෙනෙකුටත් ස්පර්ශ කළ හැකි පිරිසිදු හැඟීමක් දනවනවා. (කිළුටු සෙක්ස් රසවිඳින පිරිසක් ඇතිබව බැහැර කරනවා නෙමෙයි)

    මේ දහඩිය මුසු පැවැත්ම නිසාම ශිෂ්නය පෙරසම පසුපසට කරමින් හොඳින් පිරිසිදු කරන්නෙ නැත්නම් යීස්ට් ආසාදන ඇතිවෙන්න පුළුවන්. එයින් ශිෂ්න මුන්ඩයේ රතුපාට පැල්ලම් ඇති කරනවා. දුර්ගන්ධයක් වහනය කරනවා. කැසීමක් ඇති කරනවා. ශිෂ්න මුන්ඩය මේ විදිහට ආසාදනය වීමට කියනවා බැලනයිටිස් කියල. මේ තත්වයෙදි පෙරසමේ මැරුනු කොටස් කහ පැහැයට හුරුව ශිෂ්නය වටා බැ‍ඳ‍ෙනවා. මේකට කියනවා ස්මෙග්මා කියල. අපි අර පොල්කුඩු කියන්නෙ ස්මෙග්මාවලට.

    මේ ආකාරයටම පෙරසම කොටස ආසාදනය වෙන්නත් පුළුවන්. ඒකට තමයි පොස්තයිටිස් කියන්නෙ.

    මේ විදිහෙ තත්වයක් ඇති වුනාම සමහර විට පෙරසම පසුපසට ගන්න බැරි වෙනවා. ඒ වගේ අවස්ථාවල බලෙන් පෙරසම මෑත් කිරීමෙන් තුවාල ඇතිවෙන්න පුළුවන්. මේකට කියනවා ෆයිමොසිස් කියල. පොඩි ළමයින්ගෙ අවුරුදු 5-7 දක්වා සමහර විට ස්වභාවිකවම මේ තත්වය තියෙන්න පුළුවන්. අපි නූල කැඩෙනවා කියන්නෙ මේ අවුල විස‍ඳ‍ෙන එකට. වයසත් එක්ක ඉබේටම පෙරසම පසුපසට එන හැටියෙන් සකස්වෙන එක. ආසාදනයන් නිසා ෆයිමොසිස් තත්වයක් ඇතිවුනාම වෛද්‍යවරයෙක් මුනගැහීම අවශ්‍යයි.

    මේ කිසි දෙයක් ලිංගිකව බෝවෙන රෝග නෙමෙයි. අපිරිසිදුකමේ විපාක. හොඳින් පිරිසිදු කිරීමෙන් මේ තත්වයන් මගහරවා ගන්න පුළුවන්. නමුත් ලිංගිකව බෝවන රෝගවලදිත් මීට සමාන ලක්ෂන ඇතිවෙනවා. ඒ නිසා රතු වීමක්, ඉදිමීමක්, කැසීමක්, ගැටිති හෝ ඉන්නන් වැනි යමක් ලේසියෙන් සුව නොවී පවතිනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න පරක්කු කරන්න එපා.

    ඔයා ඒනල් සෙක්ස් නැත්නම් අධෝමාර්ගයෙන් ශිෂ්නය ඇතුල් කිරීමෙන් තෘප්තියක් ලබනවා නම් අනිවාර්යෙන්ම කොන්ඩමයක් පළඳින්න. ගුද මාර්ගයේ බැක්ටීරියා ලේසියෙන්ම ශිෂ්නය ආසාදනය කරන්න පුළුවන්. එමගින් යුරේත්‍රාවේ පමණක් නෙමෙයි ප්‍රොස්ටේට්වල පවා ආසාදන ඇති කරන්න ඉඩ තියෙනවා.

    දැන් තේරෙනවනෙ ඕක නිකං එල්ලි එල්ලි තිබුනට විශේෂ සැලකිල්ලකින් බලාගන්න වෙනවා කියල.

    කොහොමද මේක පිරිසිදුව තියාගන්නෙ?

    දිනපතා උණුසුම් දියෙන් ශිෂ්නය, මුණ්ඩය, වෘෂන සහ ඉකිලි ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීම වැදගත්. මේ සඳහා ඉතා මෘදු සබන් වර්ගයක් පාවිච්චි කරන්න. සැර සබන් වලින් ආසාදන ඇති කරන්න පුළුවන්. බොඩි වොෂ් වගේ දේවල් නම් පාවිච්චි කරන්නම එපා. ඒ වගේම සබන් පාවිච්චියත් උවමනාවට වඩා කරන්න එපා.

    පෙරසම ඉවත් නොකළ කෙනෙක් නම් එය පසුපසට ගෙන හොඳින් ඇතුලත පිරිසිදු කරන්න. තදින් අතුල්ලන්න යන්න එපා. එහෙම වුනොත් ඒ මත ඇති සියුම් පටක තුවාල වෙන්න පුළුවන්.

    නාන්නෙ නැති දවසක වුනත් (අනිවාර්යෙන් දිනපතා නාන එක හොඳ පුරුද්දක්) මතක ඇතුව මේ ලිංග ප්‍රදේශය පිරිසිදු කරන්න. දහඩිය සහ උණුසුම නිසා අනිවාර්යෙන්ම මේ අවට අපිරිසිදු තත්වයක් නිර්මාණය වෙනවා.

    කා සමග හෝ ලිංගිකව හැසිරෙන්න කලින් ශිෂ්නය පිරිසිදු කිරීම අනිවාර්යෙන් කරන්න. ඒක අනෙකාට දක්වන ගෞරවයක්. ඒ වගේම සංසර්ගයෙන් පසුවත් නැවත හොඳින් පිරිසිදු කරගන්න. ඇතැම් විට අනෙක් තැනැත්තාගේ ශ්‍රාවයන්ගෙන් ඔයාගෙ ශිෂ්නය ආසාදනය කරන බැක්ටීරයා එන්න පුළුවන්. ඒ වගේම සංසර්ගයෙන් පසුව මේ පිරිසිදු කිරීම එච්අයිවී සහ වෙනත් ලිංගිකව බෝවන රෝග යම් පමණකින් අඩු කරන්නත් හේතු වෙනවා.

    ස්වයං වින්දනයේ යෙදුනු පසුවත් ශිෂ්නය පිරිසිදු කරන්න අමතක කරන්න එපා. නැත්නම් තැවරී ඇති ශුක්‍රානු ආදී තරලයන් නිසා විවිධ ආසාදනයන් ඉක්මන් කරන්න පුළුවන්. නිතරම ශිෂ්නය තෙත රහිතව තබා ගැනීම වැදගත්. ඒ නිසා සේදූ පසුව හොඳින් වියළා ගැනීමත් කරන්න ඕන.

    මේ විදිහට සුවඳට පිරිසිදුව තබාගන්නා ශිෂ්නයක් පුළුවන් තව කෙනෙකුට ආඩම්බරෙන් පිරිනමන්න. එහෙම නැතුව කුණු ගොඩක් වගේ ඕක අරන් ගිහින් තව කෙනෙකුගෙ මූනෙ අතුල්ලන්න පුළුවන් ගෝත්‍රිකයෙකුට විතරයි.

  • දාර්ශනිකයාට එරෙහිව කාන්තාවෝ පොලිසි යයි

    දාර්ශනිකයාට එරෙහිව කාන්තාවෝ පොලිසි යයි

    දාර්ශනිකයා ගැන නිතර මේ වගේ අතවර කතන්දර අහන්න ලැබෙනවා. මුල් කාලෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ගෙ පුක මිරිකීම් සහ ඒ අයට කළ නොමනා යෝජනා ගැන. ඒවා කනින් කොනින් ඇහුනු කතා මිස ඇත්ත නැත්ත දන්න කතා නෙමෙයි. ඊට පස්සෙ නදීකා බණ්ඩාරගේ සිද්ධියෙන් මේක ප්‍රසිද්ධ කතිකාවට ආවා. දාර්ශනිකයා සමාව ගත්තා. හැමෝම සමාව දුන්නා.

    ඊට පස්සෙ ‍ෆේස්බුක් එකෙන් වරින් වර දාර්ශනිකයා කාන්තාවන්ගේ පුක සහ පූසා බැලීමට ඉල්ලා තිබුන. ඉතාම සුලුතරයක් මේක ප්‍රසිද්ධියේ කියන්න තරම් නිර්භීත වුනා. බහුතරයක් කරබාගෙන නිකං හිටියා. කරබාගෙන නිකං ඉඳීමේ අදහස වෙන්නෙ බ්ලොක් කරලා දාන්න පුළුවන්නෙ, ඊට වඩා මොකටද කියන එක. තමන් ඉවත්වීමෙන් චර්යාවෙ පැවැත්ම සාධනය කරන එක.ලංකාවෙ ප්‍රධාන අර්බුදය ලිංගික එක්ක කියල අපි කියද්දි ඒකට ගොඩක් අය හිනාවුනා. ඒත් දැන් අපි එක දිගට මූන දෙන්නෙ ලිංගික අර්බුද. ඒ ලිංගික අර්බුද විසින් අපේ සාම්ප්‍රදායික බලයන් වුනු සඟ වෙද ගුරු ගොවි කම්කරු සිට නූතන බලයන් වුනු දාර්ශනිකයන් කලාකාරයන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නිරුවත් කරන්න පටන් අරගෙන තියෙනවා.

    දාර්ශනිකයන් කියන්නෙ කොහොමත් ලිංගික ප්‍රශ්නවලින් පෙලෙන අය. අපි හැමෝමත් එහෙම වුනත් දාර්ශනිකභාවය සහ ලිංගික යටපත් කිරීමේ සම්බන්ධය බලය එක්ක ගැටගැහෙනවා. හැම දාර්ශනිකයෙක්ම ස්වපීඩක හෝ පරපීඩක කාමුකත්වයකින් පීඩා විඳිනවා. දාර්ශනිකභාවයේ අනිත් පැත්ත තමයි මුනිවරභාවය. පෙරදිග තියෙන්නෙ ඒක. බටහිර දාර්ශනිකයො බිහිවෙද්දි ඒ අය තමන්ගේ අර්බුදය ලෝකයේ අර්බුදයක් විදිහට විසඳන්න යද්දි පෙරදිග මුනිවරු තමන් ඇතුලට ගිහින් අර්බුදයේ මූලය තේරුම් ගන්න බැලුවා. දාර්ශනිකයා තර්කය පාවිච්චි කරද්දි මුනිවරයා භාවනාව යොදාගත්තා. තමන්ගේ ඉන්ද්‍රියයන් ගහන කැරැල්ලෙන් ඒ කියන්නෙ සෙක්ස් වලින් අත්මිදෙන්න හෝ එය ඉක්මවා වැඩෙන්න අභ්‍යාස කළා.

    අද මේ දාර්ශනිකයාගේ ලිංගික අර්බුදය ගැටලුවක් විදිහට දකින බොහොමයක් වාමාංශිකයො කාල් මාක්ස්ගේ ලිංගික අර්බුදය ගැන මුනිවත රකිනවා. ඒ මාක්ස් එකම තමයි අදත් තියෙන්නෙ.

    දාර්ශනිකයාගේ පුක පෙන්නීමේ යෝජනාව, නෑ ඒක වැරදියි, ඒක යෝජනාවක් නෙමෙයි. ඒක බලහත්කාරයක්. ඉංග්‍රීසියෙන් හැරස්මන්ට් කියන එක. මේ යෝජනාව සාකච්ඡා කරන්න තරම් දෙයක් නෙමෙයි කියල පෙනී ඉන්න පිරිසකුත් ඉන්නවා. අජිත් පැරකුම් ජයසිංහ හරහා මේ එක පිරිසක් නියෝජනය වෙනවා. ඒ අය මේක අතෑරලා දාන්න ඕන කියන්නෙ වංගීසව ආරක්ෂා කිරීමේ උවමනාවෙන් නෙමෙයි කියන එක පැහැදිලියි. ඒ අයට ඇත්තෙන්ම මේක බරපතල වරදක් හැටියට දැනෙන්නෙ නෑ. ඊට වඩා දැඩි පීඩන යටතේ ජීවත් වීම නිසාම මේවා සුමට වැඩියි. නිදහස් චතුරශ්‍රයෙ පෙම්වතුන්ට අත් අල්ලන් ඉන්න නොදීම ගැන අපි විරෝධය දක්වද්දීත් මේ හා සමානම අදහසක් මතුවුනා. ඒකද වැදගත්ම ප්‍රශ්නය කියන එක. අපේ අදහස නම් ඉතාම සියුම් ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටීම හරහා දැඩි ප්‍රශ්නවලදි දැවැන්ත එරෙහිවීම් නිර්මාණය කරනවා කියන එක. ඒ තරම් පුංචි කාරණයක් වෙනුවෙන් මේ තරම් කැලඹීමක් නිර්මාණය වීම ලොකු කාරණා ඇතිවීම අධෛර්ය කරනවා කියන එක.මේ වෙද්දි නිර්මාණය වෙලා තියෙන පුහු පොලිටිකලි කරෙක්ට් විලාසිතාවේ කොටස්කරුවන් වීමේ ආශාවෙන් වර්චු සිග්නලින් දාන බහුතරයකට වඩා පැරකුම්ගේ ප්‍රශ්න කිරීම වැදගත්. ඒක සංවාදය ගොඩනගනවා. ඒ අතර සිරිමල් විජේසිංහ ප්‍රවර්ගය තාමත් සැමියාට ඕන නම් ගෑනිගෙ කනට දෙකක් ගහන එක වුනත් වරදක් නෑ කියන ගැමි වාමාංශික කොටසයි. මේ අදහසට අනුව සැමියා අතින් බිරිඳ දූෂනය වෙනවා වගේ දෙයක් ලෝකෙ පවතින්නෙ නෑ. කසාද මිනිහා නම් ඕනම වෙලාවක ගෑනි එක්ක සෙක්ස් කිරීමේ අයිතිය තියෙනවා සහ ඒක ගැන ලෝකෙ මැදිහත්වීමට විරුද්ද වෙනවා. පිලිප් ශාන්ත වගේ අයත් අඩුවැඩි වශයෙන් ඉන්නෙ මේ වපසරියෙ.

    මේ වගේ ටෙක්ස්ට් එකක් අපිට සළකන්න වෙන්නෙ වර්බල් ඇබියුස් එකක් විදිහට. ඇබියුස් නැත්තං අතවර කාණ්ඩ තුනක් තියෙනවා. කායික හෙවත් ෆිසිකල් ඇබියුස්, වාචික හෙවත් වර්බල් ඇබියුස්, රූපමය හෙවත් විෂුවල් ඇබියුස්. ඔය බලෙන් ඩික්පික් යවන එක ආදිය ගැනෙන්නෙ විෂුවල් ඇබියුස් විදිහට.

    දැන් මෙතනදි එනවා ඇබියුස් එකක් කියන්නෙ හරියටම මොකක්ද කියන ප්‍රශ්නය. කෙනෙක් අනෙකාව අපහසුතාවයට පත්කිරීමේ උවමනාවෙන් යම් ක්‍රියාවක් කරනවා නම් සහ අනෙකාට එය අපහසුවක් විදිහට දැනෙනවා නම් ඒක ඇබියුස් එකක් වෙනවා. මේකෙ තියෙන සාපේක්ෂබවේ වාසිය ශිෂ්ට සමාජයකදි හිමිවෙන්නෙ අතවරයට බඳුන්වෙන කෙනාටයි. උදා විදිහට අපිට ඌරෙකු‍ගේ පිංතූරයක් එවීම සහ මුස්ලිම් කෙනෙකුට ඒ පිංතූරය එවීමේ පීඩාව වෙනස්. මේ වගේමයි අපිට මෙට්ල් සංගීතය අහන්න පුළුවන් වුනා කියල තව කෙනෙකුගෙ කන පිරෙන්න මෙට්ල් දාන එක. අපිට පිරිත ආශීර්වාදයක් වුනා කියල මේක බෞද්ධ ගමක් කියන බහුතර විශ්වාසෙන් ලවුඩ්ස්පීකර් බැඳලා පිරිත් දාන එක.

    කොටින්ම තමන් අකමැතියි කියද්දි නැවත නැවත ආදරය ඉල්ලා ආයාචනා කිරීම පවා හැරස්මන්ට් එකක්. ඒක කෙනෙකුට පේන්න පුළුවන් පරම ආදරයක ලකුණක් විදිහට. ඒත් ලෝකෙ දියුණු වෙද්දි අපි පුද්ගල නිදහස ගැන හිතන සීමාව දියුණු වෙනවා. තව තවත් සියුම් වෙනවා. අපේ මානසික දියුණුව කියන කාරණය එක්ක අපි පුද්ගලයෙකුගේ නිදහස පිළිබඳ සිතන කාරණය ළඟින් සම්බන්ධයි.

    බස් එකක ජැක් එකක් ගහන සිද්ධියක් ගන්න. කාන්තාවකට පුළුවන් ඒක ලේසියෙන්ම මගඇරලා යන්න. වෙන තැනකට මාරු වුනාම හෝ බස් එකෙන් බැහැලා ගියාම වැඩේ ඉවරයි. ඒත් කාන්තාවන් ඒ ඇතිවෙන කේන්තිය පිටකරමින් ඊට විරුද්ධ වෙනවා. මුල්කාලෙදි ඒකටත් තිබුනෙ මේ වගේම පිළිගැනීමක්. ගොඩක් අය කිව්වා ඒ කාන්තාව කැපිලා පෙන්න හදනවා කියල. වෙන තැනකට ගියානම් වැඩේ ඉවරයිනෙ කියල. ඒත් ඒ පිළිකුලට ජුගුප්සාවට කෑ ගහන, පහර දෙන කාන්තාවො හිටියා. මේ වෙද්දි අපි හැමෝම වගේ ඒක අතවරයක් කියන එක වාදයකින් තොරව පිළිගන්න තැනකට ඇවිත් තියෙනවා. සීමාවන් වෙනස් වෙන්නෙ එහෙමයි.

    දාර්ශනිකයාගේ චැට්වලදි ඒක ඇත්තටම පුක හෝ පූසා දැකගැනීමේ අනුරාගී ආශාවක් විදිහට නෙමෙයි මතුවෙන්නෙ. ඒ වෙනුවට ප්‍රචන්ඩත්වයක් විදිහටමයි ඒ කඩාපැනීම සිද්ද වෙන්නෙ. කතාවක් අතර පවතින සමාජ ආචාර ධර්ම තියෙනවා. භාෂාව අපි ගොඩනගන විදිහක් තියෙනවා. ඒ කතාව හරහා අපිට අනෙකාගේ නිරුවත දකින්න අවසර ඉල්ලන්න පුළුවන්. එතකොට පැහැදිලිවම අනෙකාට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒත් මේ අවසර ඉල්ලීම නෙමෙයි. තමන්ගේ බලයෙන් අනෙකාව හුදකලා කොටගෙන පීඩාවට හසුකරගැනීමෙන් තබන තෘප්තිය.

    මෙතනදි කාන්තාවට දැනෙන පීඩාව වෙන්නෙම දාර්ශනිකයාගේ බලයයි. තමන් තුල ඔහු ගැන තිබුණු ‍ගෞරවයත් ඒ මොහොතේ අත්විඳින පිළිකුලත් අතර අර්බුදයකට ඇය පත්වෙනවා. සමාජය ඇතුලෙ හුදකලා වෙනවා. මෙතනදි නිශ්ශබ්ද වෙන හැම කාන්තාවක්ම නොදැනීම සමාජයත් එක්ක තමන්ගේ තියෙන විවෘත සම්බන්ධතා කලාපයක් අවහිර කරගන්නවා.

    අනෙක් පැත්තෙන් පිරිමි හැමෝම වල්, පිරිමි ඔක්කොම ඔහොමයි වගේ පරණ ග්‍රාම්‍ය එළඹුම් සාධාරනීකරණය වෙනවා. ඒක මිත්‍යාවක්. පිරිමින් කියන්නෙ ලිංගික බලහත්කාරයකින් තොරව ගැහැණියක් ඇසුරු කළ නොහැකි පිරිසක් නෙමෙයි. මෙතනදි ශෘංගාරය සහ අනුරාගයට ඇති ‍‍ගෞරවනීය බව කෙලෙසිලා ඒක වල්කමක් බවට පත්වෙනවා. මිනිස් අනුරාගී සබඳතාවලට තියෙන බියුටි එක වැනසෙනවා. කොයිවෙලාවක හෝ තමන්ට වල් කතාවක් කියයි කියල හිතේ තියාගෙන පිරිමියෙක් එක්ක කතා කරන ගැහැණියක් මුනගැහෙන එක දුකක්.

    අපිට බලහත්කාරයේ සීමාවන් අතික්‍රමණය කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් ආදරය හරහා විතරයි. ආදරය සහ ගෞරවය හරහා අපිට මේ පීඩාවේ සම්මුතීන් ඉක්මවා යන්න පුළුවන්. බීඩීඑස්එම් කියන්නෙ එහෙම කලාපයක්. අපි යාලුවන්ගෙ පුක මිරිකද්දි උන් අපිට පයින් ගහලා හිනාවෙන්නෙ ඒක සිද්ද වෙන්නෙ ආදරයේ සංදර්භයක් ඇතුලෙ හින්ද. ආදරයේ තබා අඩුම තරමේ භාෂාමය ගොඩනැංවීමක්වත් නැතුව කෙනෙකුට පුක පෙන්නන්න කියන්නෙ මිනිස් සම්බන්ධතා විෂය ගැන හූනු පුකක් තරම්වත් ශිෂ්ටත්වයක් නොදරන මිනිස්සු.මේ සම්බන්ධයෙන් 1995දි ලංකාවෙ දණ්ඩනීති සංග්‍රහයේ සංශෝධනයක් එනවා. ඒ 345වෙනි වගන්තිය.

    “කවුරුන් හෝ විසින් පහරදීමක් ප්‍රචන්ඩ බලපෑමක් මගින් තව කෙනෙකුට ලිංගිකව අතවර කරයි නම් හෝ වචන හෝ ක්‍රියා මගින් ලිංගිකව පීඩා කරයි නම් හෝ එය ලිංගික අතවරයක් ලෙස ගැනෙන අතර අවුරුදු පහක් දක්වා කාලයක සිරදඬුවමකට හෝ දඩයකට හෝ මේ දෙකම හෝ ඊට අමතරව පීඩාවට පත් තැනැත්තාට සිදුවූ අලාභය වෙනුවෙන් උසාවිය විසින් නියම කරන යම් මුදලක් හෝ ගෙවීමට යටත් විය යුතුය.

    වැඩකරන තැන හෝ වෙනත් තැනක බලයක් හිමි කෙනෙක් විසින් කෙනෙකුගේ අකමැත්තෙන් වචන සහ ක්‍රියා මගින් සිදුකරන ලිංගික බලපෑම් අතවර හැටියෙන් සැලකෙයි.

    363 වගන්තියට අනුව දූෂනයක් හැටියෙන් නොගැනෙන ඕනම ක්‍රියාවක් මේ යටතට අදාල වෙයි”

    මේ අනුව පොතේ හැටියට දාර්ශනිකයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පුළුවන්. මේ වෙද්දිත් පීඩාවට ලක්වුනු කාන්තාවන් දාර්ශනිකයාගේ අතවරය ගැන පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. වඩා වැදගත් දේ වෙන්නෙ මේක නීතිමය තලය දක්වා අරගෙන යන එකයි කියල අපි හිතනවා. ඒ දාර්ශනිකයාට ලැබෙන පුද්ගලික දඬුවමක් හින්ද නෙමෙයි. ඒ මේ කතිකාව සංවාදය ප්‍රධාන ධාරාවෙ වෙනස්කමක් දක්වා අරගෙන යන අවකාශයක් නිර්මාණය වෙන හින්ද. එතනින් පස්සෙ තවදුරටත් පුක පෙන්නීමේ යෝජනාව සාමාන්‍යක් විදිහට බහුතරයට නොපෙනෙන හින්ද.

    වර්චුවල් වචනයක් මගින් සිද්ද වෙන ඇබියුසයක් පවා තීරණාත්මක වීම කියන්නෙ කාන්තාවන්ගේ පුද්ගලික සීමාව සහ ගෞරවය ගැන පොදු සුවිශේෂ සලකුණු කිරීමක් වෙන හින්ද.

    වඩාත්ම වැදගත් දේ කොයිතරම් කකුලෙන් ඇදීම් තිබුනත්, බහුතරයක් විසින් මෙය පීඩාවක් හැටියෙන් නොසලකද්දී වුනත්, කොටින්ම තමන්ගේම මිතුරෙක් වුනත්, කාන්තාවකට ඇති කළ මානසික අතවරය වෙනුවෙන් කාන්තාවන් ඉදිරිපත්වීමයි. නැගී සිටීමයි. ප්‍රශ්න කිරීමයි. ගැටීමයි.

    ඒ වෙනුවෙන් ෆැකල්ටි ඔෆ් සෙක්ස් ගෞරවය ඔවුන්ට පිරිනමනවා.

  • පොඩ්ඩක් නවතින්න

    පොඩ්ඩක් නවතින්න

    පොඩ්ඩක් සංසුන් වෙන්න. කොහේ හරි යන්න වගේ තියෙන කලබලෙන්, අනාගතය ගැන තියෙන හදිස්සියෙන් මිදෙන්න. අනාගතය කියන්නෙම වියුක්ත අදහසක්. එහෙම අනාගතය කියල දෙයක් නෑ.

    මේ මොහොත නාස්ති කරන්න එපා. වර්තමාන මොහොත කියන්නෙ ශුද්ධ වූ මොහොතක්. ඒකෙ ජීවත් වෙන්න. වෙන කරන්න දෙයක් නෑ. මොකද ඔයාට වර්තමානයෙන් ගැලවීමක් නෑ. ඒත් මිනිස්සු ජීවිතේ ගිලදාන්නෙ හරියට කෑම ගිලදානවා වගේ. ඊට පස්සෙ ඒ ගොල්ලො පුදුම වෙනවා ජීවිතේ කොහෙද ගියෙ කියල.

    ඔයාට පුළුවන් වෙලාව හෙමින් ගත කරන්න. හැමෝම ඉන්නෙ පුදුම හදිස්සයකින්. රොබින්සන් ජෙෆර්ස් කියනවා ඇමරිකාවෙ අනිත් කොතනකටවත් වඩා වේගෙන් කැලිෆෝනියාවෙ වෙලාව දුවනවා කියල. මොකද හැමෝම ඉර පස්සෙන් දුවනවා. ගිහිල්ලා පැසිෆික් සාගරය ළඟ නතර වෙනවා. ඊට පස්සෙ ඉර බැහැලා යනවා. ඒත් මේ අය තවත් බටහිරට ඇවිදන් යනවා. හරියට දවස දිගු කරගැනීමෙන් ජීවිතේ දිගු කරගන්න වගේ. එහෙම වුනාම කොතනකදි හරි කොයිම වෙලාවකදි හරි තමන් හොයාගෙන යන මේ අනුරාගී වස්තුව මුනගැහෙයි කියල ඒ ගොල්ලො බලාපො‍රොත්තු වෙනවා. ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ. මොකද ඔයාට බෑ හෙට කියන එක හොයාගෙන යන්න. ඔයාට හොයාගන්න පුළුවන් අද මේ මොහොත විතරයි.

    අපේ සංස්කෘතියෙ ඉවුම් පිහුම් කරන්නෙ කවුද? හොඳටම පීඩාවට පත්වෙලා ඉන්න ගෘහනියක්. එයාට සිද්ද වෙනවා හැමදාම දරුවන්ටයි අනිත් අයටයි කෑම උයන්න. ඒ ගොල්ලො ඉන්නෙ පුළුවන් තරම් ඉක්මනට කෑම කාලා පිටවෙලා යන්න. හරියට ඊට වඩා ගොඩක් වැදගත් වැඩක් තියෙනවා වගේ. ගෙදරක උදේ බ්‍රෙක්ෆස්ට් එක කියන්නෙ පිස්සුවක්.

    මොකද හැමෝම නැගිටලා ළමයි වෙලාවට ඉස්කෝලෙ යවන්න ඕන. පවුලේ ස්වාමියාව වෙලාවට රස්සාවට යවන්න ඕන. මේක අන්තිම ‍මොහොත වෙනකල් ප්‍රමාද වෙනවා. ඒ‍ක වෙන්නෙ අන්තිම මොහොත වෙනකල් කලින් දවසෙ නින්ද ප්‍රමාද වෙන හින්ද. ඔය විදිහට අපේ ජීව විද්‍යාත්මක පැවැත්ම අඛණ්ඩව පවත්වාගෙන යනවා. ඒ පැවැත්ම තියෙන්නෙ මුදල් ඉපැයීම වෙනුවෙන්. මුදල් ඉපැයීම සහ සංස්කෘතික වීම තමයි කාරණය. මිනිස්සු ඉන්නවා ඒ ගොල්ලො මියුසික් අහන්නෙ, පොත් කියවන්නෙ, නාට්‍ය බලන්නෙ සංස්කෘතික මිනිස්සු බවට පත්වෙන්න උවමනාවෙන්. එහෙම අයට කවදාවත් මියුසික් අහන්න බෑ. ඒ අයට නාට්‍යය තේරෙන්නෙ නෑ. පොත් කියවන්න බෑ. මොකද ඒ ගොල්ලො ඒ ක්‍රියාවෙ යෙදෙන්නෙම ඒකෙන් තමන්ව කවුරු හරි කෙනෙක් බවට පත්කරන බලාපොරොත්තුවෙන්. ඒකෙන් යම් කිසි සමාජ තත්වයක් ලැබෙනවා කියන අපේක්ෂාවෙන්. ඉතින් ඒකෙන් ඇත්තටම මොකුත් කෙරෙන්නෙ නෑ.

    සුසුකි රොෂි කියල සැන්ෆ්‍රැන්සිස්කෝ වල සෙන් මාස්ටර් කෙනෙක් හිටියා. එයාගෙ ශිෂ්‍යයො පුදුම වෙලා හිටියෙ එයාට කරන්න පුළුවන් අසීමිත වැඩ ප්‍රමාණය ගැන. ඒත් කිසි වැඩක් වෙනුවෙන් එයා උත්සාහ ගන්නවා හෝ මහන්සි වෙනවා පෙනුනේ නෑ. එයාට පුළුවන් එයාට වඩා ශක්තිමත් තරුණයන්ට සාපේක්ෂව ලොකු බර උස්සන්න. එක දිගට වැඩකරන්න. එයා හති වැටුනෙ නෑ මොකද එයාට කිසි වෙලාවක හදිස්සියක් තිබුනෙ නෑ. ඔයාට දෙයක් අවසන් කිරීමේ උවමනාව හෝ අවසාන අරමුණක් නැත්තං වෙහෙසක් නෑ. කොතනකටවත් ළඟාවෙන්න, කවුරු හෝ බවට පත්වෙන්න හදිස්සියක් නෑ. ඔයාගෙ හිතේ තියෙන්නෙ වැඩේ එක්ක ගතවෙන ඒ මොහොත විතරයි. ඒක කොයිවෙලාවක හරි ගමනාන්තයට ළඟා වේවි. ඒත් ගමනාන්තයට වඩා මේ ගතවෙන මොහොතයි වටින්නෙ. ඒක හරියට ඔයා සංගීතය වාදනය කරනවා වගේ. ඔයා ඒ සංගීතය නිර්මාණය කරන්නයි ඒකෙ නියැලෙන්නෙ. ඔයාට ඒක වාදනය කරලා අවසන් කිරීමේ හදිස්සියක් නෑ.

    සෙක්ස් වලදිත් මේක මෙහෙමයි. ගොඩක් අය හදිස්සි වෙන්නෙ අවසානයට ළඟා වෙන්නයි. ඒක හින්ද ඒ අයට ලිංගික තෘප්තිය සම්පූර්ණයෙන් ලබන්න බැරි වෙනවා. ඒ අයට ලබන්නෙ සුරතාන්තයක් විතරයි.

    ඒත් මේක මොන තරම් නවනිංගිරාවක්ද මනුස්ස ජීවිතේට. ඔයා හැමදාම මොකක් හරි බස් එකක් අල්ලන්න දුවන මිනිහෙක්. ඔයා ගමනෙ වේගය අඩු කරන්න ඕනි. හදිස්සියෙන් ඉන්න කිසි කෙ‍ෙනක් ඒ මොහොතෙ භෞතික යතාර්ථය එක්ක සම්බන්ධ නෑ. නිකමට හිතන්න. ඔයාට උදේ හදිස්සියි කෝපි එකක් බොන්න. ඔයා මොකද කරන්නෙ? ඉන්ස්ටන්ට් කෝපි එකක් බොනවද? ඒක හරියට හදිස්සි වීමට දෙන දඬුවමක් වගේ. එතකොට ඔයා බොන්නෙ කෝපි නෙමෙයි. මොකද ඔයා ඒක බලෙන් හදිස්සි කරලා ගන්නෙ. හරියටම ඔයා තක්කාලි වවන්න හදිස්සි වෙනවා වගේ. ඔයා ඉක්මනට ගෙඩි ගන්න එක එක දේවල් කරනවා. ඔයාට හම්බුවෙන්නෙ තක්කාලි නෙමෙයි. මෙන්න මේක හරි වැදගත්. මේකෙන් පේනවා අපි ඉන්නෙ මෙතන මේ මොහොතෙ නෙමෙයි කියල. අපි උන්මත්තකයි. අපි හැම වෙලාවකම මොකක් හරි වෙන්න ට්‍රයි කර කර ඉන්නෙ. අපි ප්‍රතිඵලයක් හොයාගෙන යනවා. අන්තිමේදි අපිට සතුට හම්බුවෙයි කියල හිතනවා. වෙලාව කියන්නෙ බරපතල මායාවක්. වෙලාව කියල දෙයක් නෑ. වෙලාව කියන්නෙ චලනය මැනීමක් හරියට දේශාංස අක්ෂාංස වලින් පෘතුවිය මතුපිට මනිනවා වගේ.

    ඒත් ටයිමින්ග් කියල එකක් තියෙනවා. ඒක වෙලාව අල්ලන්න යන එකක් නෙමෙයි. ඒක රිද්මය එක්ක සම්බන්ද එකක්. ඔයා හදිස්සි නම් ඔයාට කීයටවත් හරි ‍ටයිමින් එක ගන්න බෑ. ඔයා අනාගතය අත්පත් කරගන්න හදිස්සියි. ඒත් අනාගතය කවදාවත් එන්නෙ නෑ. ඒක නිසා ඒ වෑයමට ඔයාට ලැබෙනවා දඬුවමක්. ඉන්ස්ටන්ට් කෝපි, ටීවී බලන් කෑම කන්න, ඔය ප්ලේන්වලට කන්න දෙන කෑම, ඉලෙක්ට්‍රොනික් උදුන්වල රෝස්ට් කරන බීෆ්.. ඒක රත්වෙලා තමයි, ඒත් රෝස්ට් කියන්නෙ ඒක නෙමෙයි. මේ ඔක්කොම අර මායාකාරී කාලය හඹාගෙන යාම වෙනුවෙන් ලැබුනු දඬුවම්. ‍මේකෙම ප්‍රතිඵලයක් තමයි අපේ අධ්‍යාපනය. සාක්ෂරතාවයයි ගණිතමය දැනුමයි පුහුණු කරන්නම නිර්මාණය වෙලා තියෙන ඒ ක්‍රමයෙන් අපි හැමෝමව ලිපිකරුවො, රක්ෂණ නියෝජිතයො‍ සහ නිලධාරීන් විදිහට පුහුණු කරනවා. අපේ ජීවිතය සහ සංස්කෘතිය එක්ක සම්බන්ධ ‍‍‍ මූලික කලාවන් වගාව, ඉවුම් පිහුම්, ඇඳුම්, වඩුවැඩ සහ ලිංගිකත්වය වගේ දේවල් සම්පූර්ණයෙන්ම නොතකා හැරලා තියෙනවා. මේ සමහර ඒවා ඉගෙන ගන්නෙ බුද්ධිමතෙක් වීමේ සුදුසුකම් සපුරා නැති අය විතරයි. මේ කලාවන් ගැන ගැඹුරු පුහුණුවක් දැනීමක් සාමාන්‍ය කෙනෙකුට ගන්න පුළුවන් තැනක් නෑ.

    මේක හින්දම අපි ඉතුරු කරගන්න කාලය මුදල අපිට වැය කරන්න ඵලදායී දෙයක් නැති වෙනවා. අපිට ගන්න තියෙන්නෙ ඔක්කොම කුණු. බොරු කාඩ්, බෝඩ්වලින් ගහපු ගෙවල්, කාඩ්බෝඩ් වගේ හැබැයි විටමින් පිරුන පාන් මේවා තමයි අපිට ගන්න තියෙන්නෙ. මේ අපි කාලය කියන මායාවට අහුවුන හින්ද. මේ හින්ද සංස්කෘතියක වැදගත්ම සාධකය වෙන්නෙ, සංවර්ධිත මනුස්ස ප්‍රජාවක් කියන්නෙ, මේ මොහොතෙ පවතින වර්තමාන භෞතික ලෝකය එක්ක බැඳුනු, තියරි ලෝකයක හිර නොවුනු මිනිස්සු.


    ඇලන් වොට්ස්


    සමහර විට නූතන බටහිරට පෙරදිග ආධ්‍යාත්මික දැනුම හඳුන්වාදුන් ප්‍රමුඛතම චරිතය ඇ‍ලන් වොට්ස් වෙන්න පුළුවන්. ඇලන් ‍වොට්ස්ට තියෙනවා ලිවිය නොහැකි දේ ලිවීමේ දුර්ලභ හැකියාවක්. වොට්ස් බුද්ධියේ තැනින් පටන් අරන් කලාත්මක සෞන්දර්ය හරහා ඒක ආධ්‍යාත්මය තෙක් අරන් යනවා. ගැඹුරු දැනීමකට ළඟාවිය හැකි ආකර්ශනීය මාවතක් නිර්මාණය කරනවා.


    LA Times

  • Hug එකක ආශ්චර්යය

    Hug එකක ආශ්චර්යය

    “මිනිසුන් දෙදෙනෙකු අතර වැළඳ ගැනීමේ සාමාන්‍ය කාලය තත්පර 3 කි. නමුත් පර්යේෂකයන් විසින් විශ්මය ජනක දෙයක් සොයා ගන්නා ලදී. වැළඳ ගැනීම තත්පර 20 ක් පවතින විට එය ශරීරයට සහ මනසට චිකිත්සක බලපෑමක් ඇති කරයි. එයට හේතුව අවංක වැළඳගැනීමෙන් හෝමෝනයක් නිපදවයි. ආදරයේ හෝමෝනය ලෙසද හැඳින්වෙන ඔක්සිටොසින්. මෙම ද්‍රව්‍යය අපගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට බොහෝ වාසි ඇති අතර, එය අපට විවේක ගැනීමට, ආරක්‍ෂිතව සිටීමට සහ අපගේ බිය සහ කාංසාව සන්සුන් කිරීමට උපකාරී වේ. ළමයෙකු තුරුළු කරගෙන, බල්ලෙකු හෝ බළලෙකු රැකබලා ගන්නාව්ට, සහකරු සමඟ නටමින්, යමෙකු ළඟට එන හෝ ඔහු උරහිසේ මිතුරෙකු තබා ගන්නා පුද්ගලයෙකු ඔබ අපේ අතට ගන්නා සෑම අවස්ථාවකම නොමිලේ මෙම අපූරු සන්සුන් භාවය පිරිනැමේ”

    • නිකොල් බෝඩෙලූ

    පරිවර්තනය – තරංග ලක්නාත්
    මූර්තිය – බෲනෝ බෲනි

  • මලක සුවඳින් අවදිවන්න

    මලක සුවඳින් අවදිවන්න

    පෘතුවිය. අවුරුදු මිලියන 114ට කලින් එක උදේක ඉර පායමින් තිබුන. පෘතුවිය මත පළමු වරට ඉර රැස් විඳිමින් මල් පිපෙමින් තිබුන. පෘතුවිය මත ශාඛ ජීවිතය විශාල පරිණාමීය වෙනසකට ලක් කළ මේ සිදුවීමට අවුරුදු මිලියන ගානකට කලින් පෘතුවිය ශාඛවලින් ආවරණය වෙලා තිබුන. මුලින්ම පිපුනු මල් වැඩි වෙලාවක් නොතිබෙන්න ඇති. කොහොමටත් මල් කියන එකම දුර්ලභ සංසිද්ධියක් වෙන්න ඇති. මොකද ඒ වෙනකොටත් මල් හැමතැනම පිපෙන්න කාරණා සකස් වෙලා තිබුනෙ නෑ. එක දවසක මේ සියල්ල සම්පූර්ණ වුනු මොහොතක පෘතුවිය පුරාම විවිධ වර්ණ වලින් විවිධ සුවඳින් මල් ඇතිරිල්ලක් එලෙන්න ඇති. ඒක විඳගත හැකි සවිඥාණයක් ඒ වෙද්දි තිබුනා නම්….

    ඊට ගොඩකාලෙකට පස්සෙ මේ මල් කියන සියුමැලි සුවඳ ජීවීන් තවත් වර්ගයකගේ සවිඥානකත්වයේ වැදගත්ම පරිවර්තනයක් ඇති කරනවා. මානවයො මේ මල්වල අලංකාරයට වශී වෙනවා, ඒවායින් ආස්වාදයට පත්වෙනවා. මානවයාගේ සවිඥානය වර්ධනය වෙද්දි තමන්ට උපයෝගීතාවයක් නැති නමුත් ඔවුන් වටිනාකමෙන් සළකපු පළමු දේ බොහෝවිට මල් වෙන්න ඉඩතියෙනවා. මල්වලින් මානවයාගේ ජීවිතය ගලවා ගැනීම වගේ දේකට උදව්වක් නෑ. ඒත් ඒවා ගිණිය නොහැකි තරම් කලාකරුවන් කවීන් මුනිවරයන් අවදි කරලා තියෙනවා. ඉන්ස්පයර් කරලා තියෙනවා. මල් දෙස බලා සිට ජීවත්වෙන හැටි උගන්නැයි ජේසුස් අපිට කියනවා. බුදුන් මලක් පාවිච්චි කරලා නිහඬ දේශනාවක් කරනවා. එයා මල අල්ලාගෙන ඒ දෙස බලා සිටින්නැයි කියනවා. ටික වෙලාවකට පස්සෙ ඒ පිරිස අතර හිටපු මහා කාශ්‍යප තෙරුන්ගෙ මුවට මදහසක් නැගෙනවා. එතන හිටපු අයගෙන් මේ දේශනය වැටුහුනු එකම කෙනා මහා කාශ්‍යප. පුරාවෘත්තයෙ හැටියට මේ අවබෝධයේ මදහස ආචාර්යවරුන් වහන්සේලා විසි අටකට උරුම වෙනවා. එතැනින් සෙන් දහමේ උපත සිදුවෙනවා.

    මලක සුන්දරත්වය දැකීමෙන් සුළු මොහොතකට හෝ ඕනම මනුෂ්‍යයෙක් තමන්ගේ අභ්‍යන්තර සුන්දරත්වයට අවදි වෙනවා. ඔවුන්ගේ සැබෑ ස්වභාවයට අවදි වෙනවා. මානව සවිඥානකත්ව පරිණාමයේ සුවිශේෂතම තැනක් තමයි මේ සුන්දරත්වය කියන දේ වැටහීම. සතුටේ සහ ආදරයේ හැඟීම් මේ දැනීමත් එක්ක අත්‍යන්තයෙන් බැඳිලයි තියෙන්නෙ. අපි නොදැනුවත් වුනත් මලක් අපිට කියන්නෙ අපි තුල පවතින හැඩයක් නැති, උසස්, දිව්‍යමය තත්වයක් ගැන හැඟීමක්. මලක් කියන්නෙ ඉතාම කෙටි වෙලාවක් පවතින අතිශයින්ම සියුමැලි ආධ්‍යාත්මික බවක් දනවන විකසිත වීමක්. ඒක ඒ මල දරන ගහට ඇති ගුණයක් නෙමෙයි. ඒක හරියට වෙන යතාර්ථයකින් අපිට එවන පණිවුඩයක් වගේ. හැඩයන් ආකෘතීන් පවතින මේ ලෝකයත් ආකෘතියක් හැඩයක් නොමැති වෙනත් ලෝකයකුත් අතර පාලමක්. මල් වලින් දැනෙන සුවඳ මතුපිට සංවේදනයක් විතරක් නෙමෙයි. ඒ සුවඳ කියන්නෙ ඇතුලතින් දැනෙන හැඟීමකුත් වෙනවා. අවබෝධයට පත්වීම නැත්තං එන්ලයිට්න්මන්ට් කියන එක වඩා පුළුල් අදහසකින් ගත්තොත් මලක් පිපෙනවා කියන්නෙ ගහක් අවබෝධයට පත්වීම කියල අපිට දකින්න පුළුවන්.ඕනම ජීවිත ආකෘතියක් අවබෝධයට පත්වෙනවා කියල අපිට කියන්න පුළුවන්. ඛනිජයක් වුනත්, එළවලුවක් වුනත්, සතෙක්, මනුස්සයෙක් වුනත් මේ අව‍බෝධයට පත්වීමේ ක්‍රියාවලිය තුලින් ගමන් කරනවා. ඒත් ඒක අන්තිම විරල සිදුවීමක්. මොකද ඒක පරිණාමීය ක්‍රියාව ඉක්මවා යන්නක්. එක විදිහකට ඒ පරිණාමීය භෞතික ක්‍රියාවෙන් ඛන්ඩනයක් සලකුනු කිරීමක්. වෙනම පැවැත්මකට ගන්නා වූ පිම්මක්. වැදගත්ම දේ ඒක ‍භෞතිකත්වයෙන් අඩුවීමක් දුරස්වීමක් දැනෙන තැනක්.


    Echart Tolle

    A New Earth

  • සමලිංගිකත්වය මානසික රෝගයක් නොවෙයි. ලිංගිකත්වය මත වෙනස්කම් කරන්න එපා!!!

    සමලිංගිකත්වය මානසික රෝගයක් නොවෙයි. ලිංගිකත්වය මත වෙනස්කම් කරන්න එපා!!!

    ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය

    ලිංගික දිශානතියේ සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවයේ විවිධත්වයක් පැවතීම මානසික රෝගයක් නොවන බවත්, සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්නභාවී (LGBTIQ) ප්‍රජාවන් ට වෙනස්කොට සැලකීම් සිදුනොකළ යුතු බවත් පවසමින් ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය (Sri Lanka College of Psychiatrists – SLCP) විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

    මෙම නිවේදනය නිකුත් කිරීමට හේතුව වන්නේ මෑත දිනක තමා මනෝ උපදේශිකාවක යැයි හඳුන්වා ගත් තැනැත්තියක විසින් මහනුවර පොලීසියේ ශ්‍රවණාගාරය තුළ පැවැත්වූ ආන්දෝලනාත්මක පුහුණු වැඩමුළුවකට ප්‍රතිචාර වශයෙනි.

    මෙම පුහුණු වැඩමුළුව සජීවීව පටිගත කොට සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබිණි. අදාළ පුහුණු වැඩමුළුව තුළ මෙම තැනැත්තිය විසින් සමලිංගිකත්වය යනු මානසික රෝගයක් බවත්, සමලිංගිකයන්ගේ ගොදුරු වීමෙන් කුඩා දරුවන් ආරක්ෂා කර ගත යුතු බවත් ඒත්තු ගන්වන අතර, වැඩමුළුවට සහභාගී වී සිටින පොලිස් නිලධාරීන් ඊට එකඟතාව පළකරන අයුරු ද එම වීඩියෝවේ දැක්වේ.

    ශ්‍රී ලංකා මනෝවෛද්‍යවරුන්ගේ විද්‍යාලය යනු මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳව ලංකාවේ පවතින ඉහළතම ආයතනය වන අතර, ඔවුන් පෙන්වා දෙන්නේ මෙම පුහුණු වැඩමුළුව තුළ මතුකර ඇති කරුණු වල සත්‍යතාවයක් නොමැති බවත්, නූතන වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීම අනුව ලිංගික අනන්‍යතාවයේ විවිධත්වයක් පැවතීම රෝගී කාණ්ඩයකට ඇතුළත් නොකරන බවත් ය.

    ඒ අනුව LGBTIQ ප්‍රජාවන්ට ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවය මත වෙනස්කොට සැලකීම් සිදුනොකළ යුතු බවත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුළ සමලිංගික හැසිරීම් සාපරාදීකරණය කරන වගන්ති අහෝසි විය යුතු බවත් අදාළ නිවේදනයේ වැඩිදුරත් දැක්වේ.

    සමලිංගිකත්වයට බලපාන නීති සංශෝධනය විය යුතු බවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් විසින් පිළිගත් දෙවන අවස්ථාව ලෙස මෙය හැඳින්විය හැකිය. මීට ඉහත දී සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් නිවාර්ණ වැඩසටහනේ (National STD/AIDS Control Program – NSACP) 2018 – 2022 වර්ෂයන්ට අදාළ ජාතික ක්‍රමෝපායික සැලැස්ම හරහා ද රජයට යෝජනා කර සිටියේ සමලිංගික හැසිරීම් සාපරාදීකරණය කරන දණ්ඩ නීති සංග්‍රහයේ 365 / 365අ වැනි ප්‍රතිපාදන සංශෝධනය විය යුතු බවයි.


    සංස්කාරක (LGBTIQ)

  • නොබි‍‍ඳ‍ෙන ආදරයක පුරාවෘත්තය, අතුල – සමිතා

    නොබි‍‍ඳ‍ෙන ආදරයක පුරාවෘත්තය, අතුල – සමිතා

    අතුල අධිකාරි එක්ක ළහිරු කරන ඉන්ටවිව් එකක් බැලුවා. මුලින් අපේ වෙදකම තියෙනවා නං කොරොනාවලට වුනත් බය වෙන්න ඕන නෑ වගේ කතා කියාගෙන එද්දි බලන එක නතර කරන්න හිතුනත් තව ටිකක් බලනවා කියල හිතුන. අතුල ලස්සනම දේවල් කියන්න පටන් ගන්නෙ ඊට පස්සෙ.

    ලංකාවෙ සම්බන්ධතා ගැන කතා කරනවා නම් ඒකට හොඳම දෙන්නා අතුලයි සමිතයි කියල මට හිතිලා තිබුන. ඒක‍ට හේතුව වුනෙම ඉතාම කුණාටු සහිත ආදර මුහුදක සුන්දරතම විදිහට යාත්‍රා ක‍ළේ උන් දෙන්නා කියල මට හිතෙන හින්ද. ඒ අන්අපොලොජටික් ජීවිතය ලංකාවෙ විරලයි. කොටින්ම ගොඩක් දාර්ශනික සංවාද කරන අයට වුනත් මේ විවෘතකම දරාගන්න අමාරුයි. ඒත් අතුල සමිතා අපේ නූතන සමාජයේ මනස්කාන්ත ආදර පුරාවෘත්තයක් නිර්මාණය කරලා තියෙනවා.

    අතුල තමන්ගේ වෙන්වීම ගැන කතා කරනවා.

    වෙන්වෙන අයත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යනවා කියල එයා කියනවා. අපි කවදාවත් අපේ ප්‍රශ්න අරන් පොලිසියකට ගිහින් නෑ. නඩු දාගෙන නෑ. අදටත් අපි එකට ඉඳ‍ගෙන කෑම කනවා..

    මේක ජීවිතය ගැන ලොකු චිත්‍රයක්. මරාගෙන මැරෙන සම්බන්ධතා වෙනුවට සදා කල් නොබි‍‍‍‍දෙන සම්බන්ධතාවයක් අතුල යෝජනා කරනවා.

    “අදටත් අතුල ඉන්නෙ අමායා එක්ක. අමායා කසාද බැඳලා. අපි යාළුවො. අපේ මනුස්සකම් ඉවර වෙලා නෑ”

    තමන්ගේ සීමිත ඉරිසියාකාර ප්‍රේමය වෙනුවට ඊට වඩා පළල් මනුස්ස සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් වීමේ කතාවයි මේ අතුල කියන්නෙ. අපේ රොමාන්තික ආදරය හෝ මොනොගමික විවාහය අවසන් වුනු තැනින් අ‍පේ මනුස්ස ආදරය නතර වෙන්න බෑ.

    “සංකීර්ණ වුනාම ලේසියි. ප්‍රශ්න අඩුයි” – අතුල

    සරල මතුපිට ජීවිතයකට වඩා එදිනෙදා සමාජ ප්‍රශ්නවලින් එලියෙ ගත කරන, වෙනස් ප්‍රශ්න සහ සිතුවිලි එක්ක ගතවෙන ජීවිතයකට පොදු සමාජයෙන් පැටවෙන ප්‍රශ්න අඩුයි. මහා සමාජ ආතතිය අඩුයි. ඒ හුදකලා පැවැත්ම ලේසියි. මොකද එතන තියෙන්නෙ තමන්ගෙ ප්‍රශ්න. අනුන්ගෙ ප්‍රශ්න නෙමෙයි.

    ජීවිතය සම්පූර්ණ වෙන්නෙ ආදරය ඇතුලෙ කියල අතුල කියනවා. ආදරය ඇතුලෙ ලිංගිකත්වය තියෙනවා. ලිංගිකත්වය ඇතුලෙ ආදරය තියෙනවා. ලංකාවෙ ඔය දෙක වෙන් කරනවා. සමහර අය ආදරේ විතරයි කරන්නෙ. සමහර අය සෙක්ස් කරනවා ආදරේ කරන්නෙ නෑ. ඔය දෙක ඉඳිකට්ටයි නූලයි වගේ. වෙන් කරන්න බෑ..

    අපේ රටේ ප්‍රධාන ධාරාවෙ තරු අතර අතිවිරල මේ විදිහෙ විවෘත අදහස් සහ නිදහස් පැවැත්මක් අතුලට එන්නෙ අතුලලාගේ පරම්පරාවට බලපාපු බටහිර සංගීතය ‍පිටිපස්සෙ නෑසී ඇසුනු ඒ බටහිර නිදහස් ස්වාධීන ජීවිතයක් ගැන අදහස් වලින් කියල මට හිතෙනවා.

    “මං කිසි දවසක මගේ පෙම්වතිය වැටෙයි කියල අල්ලගෙන යන්නෙ නෑ. ඒත් ලංකාවෙ ගොඩක් පෙම්වතුන් මුල් කාලෙදි පෙම්වතිය වැටෙයි කියල අල්ලගෙනමයි ඉන්නෙ. ඒත් ටික කාලයක් යද්දි ඒක නැති වෙනවා. අපේ රටේ පිරිමින්ට හීනමානයක් තියෙනවා. ගෑනියෙකුට සලකන එක මදිකමක් කියල හිතන්නෙ. වාහවනයක දොරක් ඇරලා දෙන එක. සුද්දා එහෙම නෑ. බිරිඳට වාඩිවෙන්න පුටුව දෙනවා. ආවාම කෝට් එක ගලවලා ගන්නවා. මං තාමත් සමිතාගෙ අම්මටත් අමයාගේ අම්මටත් එකම විදිහට ඒ ගෞරවයෙන් සලකනවා. අපි වෙන්වුනා කියල ඒ දේවල් වෙනස් වෙලා නෑ”

    අතුලට කසාදයක් ඇතුලෙ ඉන්න බැරි ඇයි කියල ළහිරු අහනවා. අතුල කියන්නෙ එයාට පුද්ගලිකත්වය ස්වාධීනත්වය ගැන හැඟීම වැඩියි කියල.

    විවාහය ඇතුලෙ හිත් අමනාපකම් ගැටීම් තිබුනා කියල කියන අතරෙම කිසි දවසක දරුවන් ඉස්සරහ රන්ඩු වෙලා නෑ කියල අතුල කියනවා. තමන්ගේ නිදහස් සම්බන්ධතා ගැන දරුවන්ට අදහසක් ඇතිවෙන්නෙ මෙතනින්. ඒක ආතතිකර, භයානක, තමන්ට යම් කෙනෙක් අහිමි කරන දෙයක් බවට පත්වෙන්නෙම අපි ඒ දේවල් විසඳගන්න ආකාරයත් එක්ක. දරුවන්ට ඒකෙන් ඇතිකරන කම්පනය තමයි බරපතලම වෙන්නෙ. ඒ අය ඉතාම දැඩිව කෙනෙක් අල්ලගන්නා, තදින් බැ‍‍ඳ‍ෙන, එනිසාම සම්බන්ධතා බි‍ඳ‍ෙන පිරිසක් වෙනවා. අතුල කියන්නෙ තමන්ගෙ නිදහස්කාමී ජීවිතය ඇතුලෙ ඇතිවුනු ප්‍රශ්න දරුවන්ට භයානක හීනයක් වෙන්න ඉඩ දුන්නෙ නෑ කියන එක.

    එයා හරි ලස්සන කතාවක් කියනවා අද කාලෙ ප්‍රේමයන් ගැන. ඉන්න තැනක ඉඳන් වීඩියෝ කෝල් ගන්න ඕන. ළඟ ඉන්නෙ කවුද කියල පෙන්නන්න ඕන. පරක්කු වුනොත් හේතු කියන්න ඕන. මේ විශ්වාසයක් නැතිකම.

    අතුල විවාහය කියන සංසිද්ධියෙ අවුල හරිම සරලව කියනවා. අවුරුදු ගානක් ඇසුරු කරපු පෙම්වතුන් බැඳලා මාස ගානෙන් වෙන්වෙන හැටි කියනවා. ඒ අත්සන් කරලා බාරගැනීමෙන් පස්සෙ එතෙක් තිබුනු හැමදෙයක්ම වෙනස් වෙන හැටි කියනවා.

    ‘අත්සනෙන් පස්සෙ අයිතියක් එනවා. ඒකයි අවුල’

    ‘ආදරේ කරද්දි යාළුවො වගේ ඉන්න ඕන. අරක අඳින්න එපා කොටට අඳින්න එපා, රස්සාවට යන්න එපා වගේ ඒවා යාළුවො කියන්නෙ නෑනෙ. ඩාන්සින් කරන කෙල්ලෙක් එක්ක යාළු වෙනවා ඊට පස්සෙ ඩාන්සින් අතාරින්න කියනවා…’

    නෙලු අධිකාරි ක්‍රිස්තියානි නිකායකට ගිය එක ගැනත් ළහිරු අහනවා. අදහන ආගමෙන් වැඩක් නෑ. මනුස්සයෙක් විදිහට ඉන්නවද කියන එකයි වැදගත්. බෞද්ධ කොඩිය දාගෙන හිටියත් අනුන්ට හෙණ ගහපං කියනවා නම් එයා බෞද්ධ නෙමෙයි නේද කියල අතුල අහනවා.

    ‘එක වීඩියෝවක් තියෙනවා, හාමුදුරු කෙනෙක් බනිනවා බණ මඩුවට බීලා ආපු මිනිහෙකුට. බැනලා එලවලා පොලිසියටත් කතා කරන්න හදනවා. බුදු හාමුදුරුවො නං එහෙම කරයිද? බීපු මිනිහෙකුටනෙ ප්‍රශ්න තියෙන්නෙ. එයාටනෙ බණ කියන්නම ඕන. දැන් බණට කියන්නෙ පෝර්න් ගැන. බණ කියනවා කියන්නෙ මිනිස්සුන්ට විහිළු සපයනවා කියන එක නෙමෙයි’

    ඒ වගේම අතුල තමන් බුක්ති විඳින නිදහසට පදනම වුනේ තමන්ගෙ දෙමව්පියන් නැත්තං හැදුනු වටපිටාව කියන එකත් මතක් කරනවා. කිසිම දවසකට තමන්ගේ අවසරයක් නැතිව තමන්ගේ කාමරයට ගෙදර අම්මා හෝ තාත්තාවත් ඇතුල් නොවුනු වග කියනවා. ඒ තරමට දරුවෙකුගෙ පුද්ගලිකත්වය ගරු කරන පරිසරයක් අතුලට තිබිලා තියෙනවා. කොටින්ම තමන් දික්කසාද වුනත් ඒ ගැනවත් කිසි දවසක අම්මලා තමන්ගෙන් ප්‍රශ්න කළේ නෑ කියල අතුල කියනවා. තාමත් අපි දෙන්නටම ඒ බැඳලා හිටපු කාලෙ සළකපු විදිහටම සළකනවා කියල ඒ බාරගැනීම ගෞරවයකින් මතක් කරනවා.

    අතුල සිරාම කතාව කියන්නෙ ඊට පස්සෙ. කිසි දවසක තමන්ගෙ දුව කවින්ද්‍යාට අවුරුදු විසි පහක් විතර වෙනකං කෙල්ලෙක් නැතුව හිටපු කොල්ලෙක්ව බඳින්න දෙන්නෙ නෑ කියල එයා කියනවා. කසාද බැඳපු මිනිහෙක් බැන්දත් ඒ මිනිහා බැඳපු වාර ගාන ප්‍රශ්නයක් කරගන්නෙ නැති අතුල අවුරුදු 25ක් වෙනකල් කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලපු නැති හොඳ පුතෙකුට විරුද්ධ වෙනවා.

    ‘ඒ කියන්නෙ එයාගෙ මොකක් හරි ලෙඩක්. එයා දන්නෙ නෑ ගෑනියෙක් එක්ක ඇසුරු කරන්නෙ කොහොමද කියල’

    කවදා හරි දවසක අතුලයි සමිතයි දෙන්නත් එක්ක ඒ දෙන්නගෙ ආදරේ ගැන අන්සෙන්සර්ඩ් කතාබහක් කරන්න තිබුනොත් ඒක මාර වෙයි. ඒත් මේක ලංකාවනෙ. එහෙම විවෘතකමක් බාරගන්න පුළුවන්කමක් තියෙනවද කියන එකත් සැකයක්.

    බෙල්ලෙ එල්ලෙන ධර්ම චක්‍රය ගැනත් අතුල කියනවා.

    ‘මේක සිම්බල් එකක්. අටලෝ දහම කියන එක. දුක සැප නින්ද ප්‍රශංසා ඔක්කොමත් එක්ක ජීවිතේ කැරකෙනවා කියන එක. සමහරු මේක හරි ශුද්ධ වූ දෙයක් විදිහට හිතනවා. ටොයිලට් එකට යද්දි ගලවලා යනවා. එහෙම දෙයක් නෙමෙයි මේක. මේක සංකේතයක්’

    දරුවන්ට යුතුකම් ඉටු කිරීම ගැනත් හරි වැදගත් කතාවක් කියවෙනවා. ලංකාවෙ දරුවන්ට යුතුකම් ඉටු කිරීම කියන්නෙ තමන්ට ඕන විදිහට තමන්ගේ අරමුණු කරා යන දරුවන් නිර්මාණය කරන එකනෙ. අතුල ‍දෙමව්පියන්ගෙ යුතුකම විදිහට දකින්නෙ දරුවන්ට නිදහසේ කරදරයක් නැතුව හැදෙන්න ඉඩදෙන එක. ඒ අයගෙ කැමැත්තට උදව් කරන එක. ඒ අයට බාධාවක් නොවෙන එක.

    සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්
    හිරු තෙදවන් මට දන් දුන් මගේ කිරුළු නුඹ ලා ගන්
    දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ….

    (සංවාදයේ අදහස අරගෙන සමහර වචන ගැලපෙන පරිදි වෙනස් කළ බව සළකන්න)


    චින්තන ධර්මදාස

  • සෙක්ස් ස්ලේව් (දෙවෙනි කොටස)

    සෙක්ස් ස්ලේව් (දෙවෙනි කොටස)

    පළමු කොටස මෙතැනින් කියවන්න


    ස්ටාලින් කිසිවක් කීවේ නැත. ඒ නිශ්ශබ්දතාවය අමන්දාගේ දවසම මූසල කළේය. උඩ පැන පැන තලන්න බලන් ඉඳිද්දී යකඩය රත් වෙන්නෙ නැතිවුනාම අසීරුය. ඒ අසහනය දරාගෙනම අමන්දා ගෙදර යන්න ගියාය.

    ත්‍රීවිලයක් ළඟපාත නැති නිසා ඈට ටික දුරක් ඇවිදන් යන්න සිදුවිය. ඇයට ඒ දවස වෙනදට වඩා වෙනස්වට දැණුනි. ඇගේ අඩියක් අඩියක් පාසා ස්ටාලින් බලන් ඉන්නවා යැයි හැඟුනි. එය මාරම විඩාවකි. කවුරුන් හෝ තමන්ගේ පැද්දෙන පස්ස දිහා බලන් ඉන්නවා යැයි සිතුනොත් ඉන් ඉස්සරහට ඇවිදින්න බැරිය. අමන්දාට වුනේ එබන්දකි. හැම අඩියක්ම ඕනවටත් වඩා සිතා තබන්නට ගොස් ඇය ඇද නොවැටුනා පමණකි. නොයෙක්වර බොරුවට දුරකතනය කනේ තබා ගත්තේද තමන්ටම තමන්ව රවටාගැනීමේ උවමනාව නිසාය.

    ස්ටාලින් ඇගේ මනසට රිංගා ඇත. ඇයව අමුතුම ආතතියකට ඇද දමා ඇත. ඒ මතක් වෙද්දි ඇය විසින් ස්ටාලින්ට කළ හදිය ගැන සතුටින් ඇය දත්මිටි කෑවා. දත්මිටි කන තරම් සතුටක්.. ඒක අමුතු එකක්.
    ගෙදර එද්දි පොඩි එකා බිංදු ආච්චි අම්මා එක්ක ඉඳලාම හෙම්බත් වීලයි සිටියෙ.

    අම්මා… ආච්චි අම්මා එක්ක බෑ.. එයා බොරු කියනවා..
    ගෙට ගොඩවෙද්දිම බිංදු පැමිනිල්ලක් අරන් ආවේය.
    එයා කියනවා අම්මා සිදුහත් කුමාරයා නෙළුම් මල් හතක් උඩ ඇවිද්දලු. මං ඇහුවා විලක් උඩද කියල. නෑලු ගොඩලු. පච නේද අම්මා. එයා මුසාවාදාත් කියනවා..
    මේ කොල්ලට වස් වදිනවා ඔය කතන්දර කියල. පන්ඩිතයා.. ආච්චි අම්මා බිංදුගෙ පුකට චටස් ගා එකක් ගැසුවා.
    ආව්… බිංදු ආපහු හැරී ආච්චි පස්සෙන් පැන්නුවෙ ආච්චිට රිටර්න් එකක් දීමටයි.

    බිංදු.. මං කියල තියෙනවානෙ ලොකු අයට…
    අමන්දා කෑ ගැහුවත් බිංදුට ඒ ඇහුනේ නැතිය. අමන්දා කිව්වෙත් ඒක ඇහෙනවට වඩා යුතුකමක් කොට සලකාය. ඈ කාමරයට ගොස් ඇගේ ඇඳුම් උනා දමන්න ගත්තාය. හැඳ සිටි ගවුම උනා දැමූ ඇය බ්‍රා එක සහ පෑන්ටි එක පිටින් කණ්ණාඩිය ඉස්සරහ උන්නාය.

    ඈ කවදාවත් මේ විදිහට ඇයව නරඹන්නේ නැත. පිළිකා පරීක්ෂාවට කියා පියයුරු මිරිකන්න කිව්වත් ඇය එය කරන්නේ කණ්ණාඩිය අසලට ඇවිත් නොවේ. කාලයත් සමග තමන්ගේ නිරුවත් දකින්නට තමන්ටම ඇතිවෙන ලැජ්ජාව ගැන අමන්දා පුදුම වුනේ නැත. ඇයට එය දැනුනේ දරුවෙක් සිටින මවකගේ ස්වභාවික තත්වයක් හැටියෙනි. දැන් ඇය විසේකාර කෙල්ලක නොවේ. ඇය දැන් මවකි. බිරිඳකි. ඇය ඒ ගරුත්වය රැකිය යුතුය.

    නමුත් අද අමන්දාට තමන් දෙස බැලුනේය. තමන්ගේ පියයුරු දෙස උවමනාවෙන් බැලුනේය. යන්තම් පියයුරු තනපටයෙන් පිටතට දමා බලන්නට සිතුනේය. හැරී තමන්ගේම නිතඹ දෙස බැලෙද්දි තාමත් හැඩකාර යැයි සිතුනේය. මේ හැමදෙයක්ම ස්ටාලින් හින්දාය. තමන්ගේ වහලෙක් වන්නත් පෙරුම් පුරන පිරිමියෙක් මේ රටේ සිටී. හැමෝම තමන් මවක් හැටියෙන් දකිද්දි තමන්ව කසයක් අතින් ගත් අනුරාගිනියක් හැටියෙන් දකින ස්ටාලින් කෙනෙක් සිටී. අමන්දාට තමන්ගේම සිතුවිලි ගැන සිනා නැගුනි. එතකොටම බිංදු කාමරේට ආවේය.

    අම්මා…
    අමන්දා අඩ නිරුවතිනි. ඇය බිම වැටී තිබුනු ගවුමෙන් ඇඟ වසා ගත්තාය.
    බිංදු.. මං කියල තියෙනවා ඇඳුම් මාරු කරද්දි කාමරේට එන්න එපා කියල..
    බිංදු අමන්දා දෙස බලා සිටියා. ඔහුගේ මූනේ තිබුනේ ප්‍රශ්නාර්ථයක්.
    නෑ අම්මා එහෙම කියල නෑනෙ..

    ඇස් ලොකු කරගෙන බිංදු එහෙම කියනවිට අමන්දාටද එය නිවැරදි වග මතක් විය. ඇය ඕනෑ තරම් බිංදුව කාමරේ තියාගෙන ඇඳුම් මාරු කරයි. බිංදු නිතර කිරි බොන්න හදන කරදරෙන් ඇය මිදුනේද මෑතකයි.
    මට මේ මොකද වෙලා තියෙන්නෙ…

    අමන්දා බිංදුගේ ඔලුව අතගාමින් සිනාසුනා. ෆේස්බුක් ගිහින් ස්ටාලින්ට මොකද වුනේ යැයි බැලුවා. තාමත් පොරය එහෙමමය. දැන් එය කාන්තාවාදී සටනකි. එය විනෝදයකි.

    පැය කීපයකින් නිර්මාල් ගෙදර ආවේය. ඔහුගේ කාර්එක මිදුලේ නවත්තන සද්දෙට අමන්දා උනන්දුවෙන් සාලයට ආවාය.

    මොකද පරක්කු වුනේ… ඇය ඇහුවෙ විශේෂයක් ඇති නිසා නොවේ. නිර්මාල් හැමදාම එන්නේ මේ වෙලාව ආසන්නයේය. ඕනෑ නම් පැය බාගයක් පරක්කු වෙන්න ඇතිය.

    අද අපේ ඔෆිස් එකට ආවානෙ හමුදාවෙන්. කොවිඩ් වැක්සින් එක ගහපු නැති අය අල්ලන්න. හොඳ වෙලාවට මගේ ළඟ කාඩ් එක තිබුනෙ. දෙන්නෙක් ඇල්ලුවා. උසාවි දැම්මා. මෙච්චර වෙලත් මුං වැක්සින් එක ගන්නෙ නෑනෙ..

    නිර්මාල් ගෙට ඇතුල් වුනේ තමන්ගේ දවසේ විශේෂම ප්‍රවෘත්තිය කියාගෙනය. බහුතරයක් වැක්සින් කර ඇති නිසා දැන් මාස්ක් පළඳනා කරදරය අහවරය. නමුත් කාඩ් එක ළඟ තබාගැනීම අයිඩෙන්ටියට වඩා වැදගත්ය. නැත්තං ඕනම වෙලාවක ඕනම තැනක අත්අඩංගුවට පත්විය හැකිය.

    ඒත් වැක්සිනය අන්තර් ජාතික කුමන්ත්‍රණයක් ලෙස සළකා එය නොකර සිටීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන සුලුතරයක් රටේ සිටී. නිර්මාල්ලාගේ ඔෆිස් එකේ හිටියේ නම් ඉඳිකටුවට ඇති බය නිසා මළත් එන්නත් නොකරන දෙන්නෙකි. උන් දැන් පිටුවහලුන් මෙන් හැංගි හැංගි ජීවත් වෙති. එන්නත් නොකරන සියල්ලන් රාජ්‍ය ද්‍රෝහීන් හැටියෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ කතාවට වඩා අමන්දාට දැනුනේ නිර්මාල් ළඟින් ආ බීර ගඳය. කොහෙට හෝ ගොසින් බීලා ඇවිත් ඇත. එය වරදක් නොවේ. නමුත් නිර්මාල් තමන් විසින්ම එය වරදක් හැටියෙන් ගෙන වසන් කරන්නට විවිධ දේශපාලන කතන්දර කියයි. එය විහිලුවකි. නමුත් ඒ නිර්මාල්ගේ හැටිය.

    අමන්දා නහය වසා ගත්තාය. ඒ ගඳ දැනෙන බව නොකියා ඇඟවීමටයි.

    ඔහු වැඩ කරන්නේ සොෆ්ට් වෙයාර් කොම්පැනියකය. ඒ නිසාම තේරුම් ගත නොහැකි ජාතිමාමකත්වයක්, ආගම් බැතියක් නිර්මාල්ට ඇත. උදේ කාර් එකේ ඩෑෂ් බොර්ඩ් එක උඩ අලවා ඇති බුදු පිළිමය ඉදිරියෙන් මල් කීපයක් නොතබා නිර්මාල් වාහනය ස්ටාර්ට් කරන්නේ පවා නැත. ඒ මදිවාට ඔහු වෙජිටේරියන්ය. අමන්දා බිංදුත් එක්ක එලියට ගිය විටෙක් මස් මාංශ කෑවොත් මිස ගෙදරට ඒවා නොගෙනෙයි. මේ නිසාම බිංදුගේ ආසම කෑම කේඑෆ්සී චිකන්ය.

    ස්ටාලින් ගැන කියන්නට ඕනෑ වුනත් අමන්දා එය නොකීවේ නිර්මාල් ළඟින් ආ බීර ගඳ නිසාය. බීර බීම ඇත්තට සිදුවු දෙයක් නොවන හැටියෙන් හිඳින්නට ඔහු දරන තේරුමක් නැති උත්සාහය අමන්දාට ඇති කළේ බාල හැඟීමකි.

    මල් පබා… වී….. මල් පබා…
    පුදුම නිර්මාණයක් අප්පා.. මේ රටේ මිනිස්සුන්ට මේවා වටින්නෙ නෑනෙ.. බලන්න වචන.. මියුසික්.. මේකනෙ සංගීතය කියන්නෙ. දැන් ඔක්කොම උන් කියන්නෙ කුණුහරුප. ඒ මදිවට ඒවා සාහිත්‍ය කියල කියන්න හදන එවුනුත් ඉන්නවා…

    නිර්මාල් තමන්ගේ අයිමැකයේ සිංදු අහමින් ඒවා තනියම විචාරය කරයි. අමන්දා පිටුපස සිට අසා සිටිනවා යැයි ඔහු සිතයි. අමන්දාට වේරලියැද්දව පේන්න බැරිය. ඇය සිටියේ හෙට ප්‍රසන්ට් කළ යුතු වාර්තාවක් සකස් කරමිනි. බිංදු ඇඳේ අනිත් පැත්තේ නිදි.

    නිදාගන්න පෙරාතුවද අමන්දා නැවත තමන්ගේ ෆේස්බුක් එක බැලුවාය. ස්ටාලින්ගෙන් මොනවා හෝ ඇවිත් ඇතැයි පැතුවාය. නමුත් සියල්ල හිස්ය. ගෝෂාව විතරය. ඈ ලැප්ටොපය පසෙකින් තබා නිදාගන්න හැදුවාය.

    මට ඔයාගෙ සෙක්ස් ස්ලේව් වෙන්න ඉඩ දෙන්න… ඈට ඒ අකුරු වචන වී සද්ද වී ඇසුනේය. ඒ වචනවලින් තමන්ගේ ඇඟට වෙන අමුත්තක් දැනුනේය. නිර්මාල් ඇඳට ආවේ අමන්දා ඒ හැඟීම් එක්ක ඒ අතට මේ අතට පෙරලෙද්දීය.

    කාමරේ ලයිට් නිමී ගියේය. නොනිමුනු පරිගනක තිරය විතරක් දැල්වුනේය.

    නිර්මාල්ගේ තමන්ගේ සිරුරේ යාන්තමින් තැවරෙද්දි අමන්දාට බොහෝ කලකින් නොදැනුනු හැඟීමක් දැනුනාය. ඈට තවත් ඒ ස්පර්ශය හොඳින් දැනෙන්න උවමනා විය. ඈ ඔහුට සමීප වූවාය.
    නිර්මා….ල්..
    ඈ හෙමින් මතුළාය.

    හ්ම්…. නිර්මාල් සාමාන්‍යයෙන් ඇඳට වැටෙන්නෙම නිදාගෙනය.
    ඈ හෙමින් ඔහුගේ අතක් රැගෙන තමන්ගේ ටීෂර්ට් එක ඇතුලෙන් දමාගත්තාය. යන්තමින් පියයුරුවල වැදෙන්නට ඉඩහැරියාය..

    අප්‍රාණිකව තමන්ගේ පියයුරු මත දැවටෙන ඇඟිලිවලින් අමන්දා මුසපත් විය. ඈට තුරුල් වෙන්නට උවමනා විය. ඒ ඇඟිලිවලින් තමන්ගේ පියයුරු මිරිකෙනවාට ආසා විය.

    නිර්මා….ල්.. මෙවර ඈ කීවේ අනුරාගී සුසුමක්ද සමගය. තමන්ටම පාලනය කරගත නොහැකි පරිදි ඈ නිරුවත් කකුලක්ද නිර්මාල්ගේ සිරුර මතින් දමා ගත්තාය.

    නිර්මාල්ගේ ඇස් ඇරුනි.
    මොකෝ මේ?

    ඔහු ඇසුවේ යම් රෝගයක් දැයි අසන නියාවෙනි. ඒ ස්වරයෙන්ම අමන්දාගෙ දැහැන් බිඳුනි. කකුල ආපසු නිසි තැනට ආවේය. අමන්දා අනිත් පැත්ත හැරුනාය.


    කාමකතා චක්‍රවර්තී රෝලන්ඩ් කේ පෙරේරා ලියයි