Author: admin

  • ඇඳක් උඩ සම්මුඛ සාකච්ඡාවක්

    ඇඳක් උඩ සම්මුඛ සාකච්ඡාවක්

    මං එක සෙක්ස් වටයක් ඉවර කරලා එයා මතින් නැගිට්ටා. මං මගේ සුරතාන්තය ලැබුවට එයා එයාගෙ උපරිමයට ඇවිත් තිබුනෙ නෑ. ඉතිං මං එයාගෙ ඇඟ දිගේ ඉඹගෙන පහලට ගියා. කකුල් ඈත් කරලා දිවෙන් එයාව කිතිකවන්න, එයාගෙ ප්‍රමෝදයේ ඉහලටම අරන් යන්න මට ඕන වුනා.
    ම්හ්….
    වෙනදට ඒකට කැමති වුනත් අද එයා මාව වැලැක්වුවා.

    ඇයි?
    ඕනි නෑ. මාව මෙහෙම ටිකක් වෙලා බදාගෙන ඉන්න.

    එයා මට නැවත එයා මත වැතිරෙන මෙන් ඉල්ලීමක් කළා. ඇඟෙන් ඇඟ උනුසුමෙන් තැවරෙන අතරෙ එයා ඇස් පියාගත්තා.

    ඔයා ඇයි හස්බන්ඩ්ට හොරෙන් මාත් එක්ක මෙහෙම සම්බන්දයක් කරන්නෙ?

    මගේ ප්‍රශ්නෙට එයා ඇස් ඇරියා. ඒ ඇස්වල තිබුනෙ යන්තම් නොරිස්සන ගතියක්.
    ඔයා දන්නෙ නෑ පොඩ්ඩක්වත් මූඩ් එකක ඉන්න නේද? ෆැකල්ටි ඔෆ් සෙක්ස් එකේ එඩිටර් නේද?
    මං හිනාවුනා. 
     
    ඉතිං කියන්නකො.
    එයා මාව ඇඟ උඩින් පැත්තකට තල්ලු කරගෙන අනිත් පැත්තට වුනා. දැන් අපි මූනට මූන බලාගෙන. ඇඳේ දෙපැත්තෙ.
    මගෙන් ඔයාට එහෙම මාර සෙක්ස් ප්ලෙෂර් එකක් එන්නෙත් නෑනෙ.
    හ්ම්… දැන් ඇයි ඔයා මේවා අහන්නෙ? ලියන්නද?
    ඔව්.

    ඔයා දන්නවද කෙල්ලෙක් එක්ක සෙක්ස් කරලා ඒක වීඩියෝ කරලා ඔන්ලයින් දාන පිරිමියෙක් කරන වැඩේමයි ඔයා මේ කරන්නෙ කියල?

    ඔව්. එහෙම කියන්නත් පුළුවන් ඕනි නං.

     

    එයා හිනාවුනා.
    මං සතුටු වෙන්නෙ ඔයත් එක්ක මෙහෙම එන එකෙන්. ඉන්ටර්කෝස් එකෙන් නෙමෙයි. මේ කරන ඇඩ්වෙන්චර් එකෙන්. හොර වැඩෙන්.

    ඒ කියන්නෙ හස්බන්ඩ්ට චීට් කරන එකෙන්?

    මං විවෘතව ඇහුවා. දෙන්නෙකුට හෙළුවෙන් ඇඳක ඉන්නකොට පුළුවන් ඕන දෙයක් අමුවෙන් කතා කරන්න.

    මං එයාට චීට් කරලා සතුටු වෙනවා කියන එක වැරදියි. මං හිතන්නෙ මට මෙහෙම කරද්දි මුනගැහෙන මගේ වර්ෂන් එකටයි මං ආස. මං ළමයෙක් ඉන්න අම්මා කෙනෙක් කියන එක මට අමතක වෙනවා. මං බැඳලා මිනිහෙක් ඉන්නවා කියන එකත් මට අමතක වෙනවා. ඒ වෙනුවට මට අමතක වෙලා ගිය මාව මට ආපහු හම්බුවෙනවා. හොර සම්බන්දයක් ඇතුලෙ ගෑනියෙකුට තියෙන සතුට ඒක මං හිතන්නෙ.

    එයා සිගරට් එකක් පත්තු කරගත්තා. එයා සිගරට් බොන්නෙ මෙහෙම ගමනකදි විතරයි. නැත්තං එයා සාරි ඇඳන් ළමයත් අරන් ගුරුදෙගුරු රැස්වීම් වලට යන සමාජයට අනුව හොඳ හැදිච්ච ගෑනියෙක්.
    එතකොට මෙතන ඉන්නෙ මංද කවුද කියන අදාල නැද්ද?

    එයා හිනාවුනා.

    අදාල වෙනවා. ඒ ඔයා කොයිතරං වෙලා මාත් එක්ක සෙක්ස් කරනවද කියන එකෙන් නෙමෙයි. ඔයා එක්ක මට කොයිතරම් මගේ ඒ මගඇරිච්ච සෙල්ෆ් එක ෂෙයාර් කරගන්න පුළුවන්ද කියන එකෙන්. දැන් මේ ඔයා මේ විදිහට හාර හාර අහන ප්‍රශ්න වලින් මට ඔයාව එපා වෙනවා.
    එයා මගේ කම්මුලට එකක් ගැහුවා. 

    කවද හරි ඔයා හස්බන්ඩ් ඩිවෝස් කරලා ඔයා කැමති වයිල්ඩ් චරිතය මේන්ටේන් කරන්න පුළුවන් කෙනෙක් එක්ක ජීවත් වෙන්න හිතන්නෙ නැද්ද?

    පිස්සුද? මං එයාට ගොඩක් ආදරෙයි. මේ ඇඩ්වෙන්චර් එක කියන්නෙ මගේ ජීවිතේ පොඩි කොටසක් විතරයි. එයා එක්ක මං බෙදාගන්න දේවල් මං ඔයත් එක්ක බෙදාගන්නෙ නෑනෙ. එයා මගේ පුතාගෙ තාත්තා. ඒක සරල සම්බන්දයක් නෙමෙයි. අනික එයා හරිම හොඳ කෙනෙක්. 
     

    ඒ කියන්නෙ ආපහු මුලට ගිහින් කසාද බඳින්න තීරනය කළත් ඔයා එයාව බඳිනවද?
    අපි බැන්දෙ අවුරුදු හතරක ලව් එකකට පස්සෙ. මං තාමත් එයාට ඒ වගේම ආදරෙයි. ඔව්, බඳිනවා නං මං ආපහු බඳින්නෙ එයාවම තමයි.

    ඒක මාර වැඩක්නෙ?
     
    මාර වැඩක් නෙමෙයි. අපි ආදරේ කරනකොට මුලින් අපිට දැනෙන කුතුහලය, ආසාව වගේ දේවල් මාර ඉන්ටෙන්ස්. ඒ දවස්වල එයා අතින් ඇල්ලුවත් මාව වෙට් වෙනවා. ඒත් අපි අපි ගැන ගොඩක් දේවල් දැනගත්තම, නිතරම එකට ඉන්න පටන් ගත්තම ටික ටික ඒ ඉන්ටෙන්සිටි එක නැති වෙනවා. එයාට මාව දකින දකින වෙලාවෙදි ඉරෙක්ට් වෙන්නෙ නැති වෙනවා. 

    දැන් අපි සෙක්ස් කරන්නෙත් ගොඩක් කාලෙකින්. ඒ එක්සයිට්මන්ට් එක දෙන්නටම අඩුවෙලා ගිහින්. ඒක නැචුරල්. අපි ඊට වඩා ගොඩක් ගැඹුරෙන් සම්බන්ද වෙලා කියල මට තේරෙනවා.
     

    එතකොට මං?

    මං අසරණ ද ෑසින් බලාගෙන එයාගෙ දිග කොන්ඩ ගස් අතරින් ඇඟිලි අරන් ගියා.

    ඔයාගෙ මට වැදගත්ම දේ වෙන්නෙ මං දිහා ඔයා බලන ඒ ආශාව. ඒක තාම අලුත්. මගේ ඇඟේ හැමතැනකටම ඔයා තාම අලුත්. එහෙම තමන් දිහා පිරිමියෙක් ආසාවෙන් බලද්දි ගෑනියෙකුට දැනෙන ලොකු සතුටක් තියෙනවා. ඒකයි මං ඔයා ළඟට එන්නෙ.

    එයා මගේ අතක් අරගෙන එයාගෙ පියයුරු උඩින් තියාගත්තා.

    එහෙම නැතුව ඔයා මට ආදරේ නෑ ඒ කියන්නෙ?

    මං හිනාවෙවී ඇහුවා. ඒ අතරෙ එයාගෙ ළා දුඹුරු පාට නිපල් එක ඇඟිලිවලින් කිතිකැව්වා.

    ආදරේ කියන්නෙ හරි සංකීර්න වචනයක්නෙ. මං ආසයි ඔයා එක්ක ඉන්න මේ වෙලාවට. ඔයා කතා කරන දේවල්වලට. ඒත් මං කැමති නෑ මේක අත්අරින්න බැරි බැඳීමක් වෙනවට.
    ඔයාට ඕන මාව අත්අරින්න?

    කවද හරි අපි වෙනම අපේ පාරවල්වල යන්න ඕන. එතකොට රන්ඩු වෙවී ලොකු ඩ්‍රාමා දාන්න මං ආස නෑ. අපි ෂෙයාර් කරගත්ත ලස්සන දේවල් තියෙනවා. මට ඕන හැමදාම ඔයාව මගේ හොඳම යාලුවෙක් විදිහට තියාගන්න. අනික අපි අතර තියෙන ඒ දුරම තමයි අපේ එක්සයිට්මන්ට් එක. ඕනවට වඩා ළංවුනොත් ඔයත් මට කසාදෙ වගේම වෙයි.

    හ්ම්…

    ඔව්. මං මෙහෙම ආසයි… මං දිගටම ඒ සුමුදු ස්පර්ශය පවත්වාගෙන ගියා.
    ඉතිං ඔයා කැමති නැද්ද මේක හස්බන්ඩ්ට කියන්න? හොරෙන් නැතුව එලිපිට කරන්න?
    එයා ඇඳෙන් නැගිට්ටා. සිගරට් කොටේ ජනේලෙන් එලියට විසි කළා. පෑන්ටි එක අරන් ඇඳගත්තා.
    මං දන්නවා ඒක එයාට කොහොම බලපායිද කියල. මට ඕන නෑ එයාව එහෙම රිද්දන්න. ඊට වඩා මං කැමතියි මගේ ගිල්ටිය හිතේ තියාගන්න. ඒකෙන් මට එයා ගැන ආදරෙත් වැඩිවෙනවා.
    මගේ හිත නිදහස් කරගන්න කියල ඒ මනුස්සයාගෙ හිතට බරක් පටවන්න ඕන නෑ නේද?

    ඉතිං දවසක එයා දැනගත්තොත්?

    එයා කිසි ගානකට නැතුව කිව්වම මං ඇඳේ කෙලින් වෙලා ඇහුවා.
    ඇත්තටම. මට වැදගත්ම දේ මගේ පවුල වෙන්න ඕන නෙ.
    ඉතිං හස්බන්ඩ් එහෙම දැනගෙනත් ඔයාව තියාගනීද?
    දැන් එයා බ්‍රා එක අඳිනවා. එයා යන්නයි ලෑස්ති වෙන්නෙ. 
    එහෙම දේකින් කැඩිලා යන තරම් සරල සම්බන්දයක් නෙමෙයි අපි අතරෙ තියෙන්නෙ. 
    දැන් ඔයත් ප්‍රශ්න අහන වදකාර පිරිමියෙක් වෙලා. කෝ ඇඳගන්න. යං.
    එයා ඇවිත් පාත් වෙලා මාව ආදරෙන් ඉම්බා. 
    තරහද හ්ම්?  මූන ළඟට පාත්වෙලා ඇහුවා.
    මං හිනාවෙලා ඔලුව වැනුවා.

    ඔයා ඇත්තට ඇහුවා. මං ඇත්තට උත්තර දුන්නා. ඉක්මනට ඇතිවෙලා නැතිවෙලා යන දෙයක් හින්ද තමයි මේ අපේ සම්බන්දෙ පොඩි වෙලාවක්වත් අපතේ යවන්න නරක. ඒ අස්තිරබවම තමයි මේකෙ තියෙන ආස්වාදයත්. නැද්ද?

    දැන් මට මාව පාවිච්චි වෙනවා වගේ හැඟීමක් දැනෙනවා.. මං ඇඳෙන් නැගිටලා අන්ඩර්වෙයාර් එක හොයන ගමන් කිව්වා.

    අපි දෙන්නගෙන් එක්කෙනෙකුට එහෙම දැනෙන්න ඕනනෙ. ඒ කෙනා ඔයා වෙච්ච එක ගැන මට සතුටුයි.
    එයා හිනාවෙවී මගේ ජොකා අහුලලා මගේ පැත්තට විසි කළා.
     

    මේ දේවල් ලිව්වට කමක් නෑ. කිසිම නමක් ගමක් සඳහනක් කරන්නෙ එහෙම නෑ.
    මරනවා එහෙම වුනොත්.

    එයා මට ආදරෙන් කිව්වා

  • හෙලන්ගෙන් වදන් දහයක්

    හෙලන්ගෙන් වදන් දහයක්

    හෙලන් ගර්ලි බ්‍රවුන් අවුරුදු 32ක් කොස්මොපොලිටන් මැගසින් එකේ සංස්කාරක වෙලා හිටියා. එයා කොස්මො සඟරාව පාවිච්චි කළේ රැඩිකල් අදහසක් වෙනුවෙන්. ගැහැනුන්ට සමාජයේ එලියට බැහැලා හොඳ රස්සාවක් කරන්නත්, ඒ වගේම කැමති කෙනෙක් එක්ක රොමාන්තිකව ආදරය කරන්නත්, මිළමුදල් පොහොසත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නත් එකවිට පුළුවන් කියන මතය සමාජගත කරන්න. ගැහැණියක් මේ කිසි දෙයක් වෙනුවෙන් තව දෙයක් කැප කළ යුතුයි කියල හෙලන් විශ්වාස කළේ නෑ. එයා ඒක ආදර්ශයෙන් කරලා පෙන්නුවා.


    ගොඩක් කෙල්ලො වගේම කොල්ලොත් සෙක්ස් සහ රොමෑන්ස් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ කොස්මොපොලිටන් මැගසින් පිටුවලින්. කොස්මො තමයි 1960 ගනංවල ඉඳන් මෑතක් වෙනකල්ම තරුණ කෙල්ලන්ගෙ, තනිකඩ ගැහැණුන්ගෙ සහ නාගරික ගෘහනියන්ගෙ තොරතුරු තාක්‍ෂන සඟරාව වුනේ.
    ඒකෙ ගෞරවය තනිකරම හිමිවෙන්නෙ කොස්මොවලට සෙක්ස් සහ සෙක්ස් ඇපීල් එක ගැන විවෘත සංවාදය හඳුන්නලා දුන්නු හෙලන් බ්‍රවුන්ට. එයාගෙ සංස්කාරකත්වය යටතේ පලවුනු හැම ලිපියකම තිබුනා ෆෙමිනිස්ට් ටෝන් එකක්. ඒ වගේම සඟරා කාර්යාලෙත් හෙලන් ගැහැණුන්ට වගකීම් දරන ප්‍රධාන තැන් පවරා දුන්නා. අද ෆැෂන් මැගසින් දැක්කම ඒවා ස්ටයිල්වලට වඩා සෙක්ස් පැත්තට වැඩි වගේ කියල හිතෙනවා නම් ඒකටත් වගකියන්න ඕන හෙලන්.  ගැහැනියක් සෙක්ස්ද විලාසිතාද කියන දෙකෙන් එකක් තෝරගන්න ඕන කියල හෙලන් විශ්වාස කළේ නෑ.

    “මං කවදාවත් කැමති වුනේ නෑ මට ප්‍රෝග්‍රෑම්වෙලා තිබුනු ජීවිතයට. සාමාන්‍ය දුප්පත් ජීවිතයක්. අවුරුදු 07 ඉඳන් මං ඒකට විරුද්ධ වුනා.”
    හෙලන් පොඩි කාලෙ ඉඳන්ම එයාට පැවරුනුජීවිතේට එරෙහි කැරැල්ලක හිටපු කෙනෙක්.

    “ඔයා සෙක්ස් ඔබ්ජෙක්ට් එකක් නෙමෙයිද? එහෙනං ඔයා ඉන්නෙ ලොකු අවුලක”

     හෙලන් ප්‍රසිද්දියෙ කියද්දි සාම්ප්‍රදායික ස්ත්‍රීවාදීන් කුලප්පු වුනා. 

    හෙලන්  1962දි ලියනවා සෙක්ස් ඇන්ඩ් සින්ගල් ගර්ල් කියන පොත. ඒ පොතේ තියෙන්නෙ ගැහැනියකට තනිකඩව හිඳිමින් ජීවිතේ විශාලව ගත කරන විදිහ. ඒකෙ හෙලන්  විවෘතවම අවිවාහක කාන්තාවන් සෙක්ස් කිරීම සහ සෙක්ස් ආස්වාද කිරීම ගැන ලිව්වම ගොඩක් විචාරකයො හෙල්ලිලා ගියා. ඒ වගේම පොතේ මිලියන ගනං කොපි අලෙවි වුනා.

    හෙලන් අවුරුදු 90ක් ජීවත් වුනා. එයා අන්තිම වෙනකල්ම එයාගෙ තරුණකම අත්අරින්න ලෑස්ති වුනේ නෑ. නිව්යෝර්ක් ටයිම්ස් හෙලන්ගෙ ප්ලාස්ටික් සර්ජරි ගැන පවා ලිව්වා.

    මේරි රිචර්ඩ්ස් කියන ටීවී චරිතය තනිකඩ ගැහැණුන්ට කසාදය වෙනුවට වෘත්තීය සාර්ථකත්වය තෝරගන්න කියද්දි හෙලන්  කිව්වෙ මේ හැමදෙයක්ම එකපාර ලබාගන්න කියලයි. හොඳ රස්සාවක්, හොඳ ආදරයක් වගේම හොඳ ජීවිතයක් එකවර විඳින්න ගැහැනියකට හැකියාව තියෙනවා කියලයි කොස්මොපොලිටන් කිව්වෙ.

    “සල්ලිවලට සතුට ගේන්න බැරි නං අඩුතරමෙ සුවපහසු විදිහට දුක්වෙන්න ඉඩක් හදන්න පුළුවන්” හෙලන් පෙනී හිටියෙ සුවපහසු ජේත්තුකාර ජීවිතයක් වෙනුවෙන්.

    එයා කෙල්ලන්ට අවවාද කළා.“මතක තියාගන්න. තැනකට ගියාම දිගටම කතා කරගෙන යන්නෙ ඔයා නම්, මේ වෙද්දිත් ඔයා කාට හරි බෝරිං වෙන්න පටන් අරගෙන”

    හෙලන් බ්‍රවුන්ගෙ කොස්මොපොලිටන් පෙරලිය අද කාලෙට ගලපලා කරපු ටීවී සීරීස් එකක් නෙට්ෆ්ලික්ස්වල තියෙනවා. ද බෝල්ඩ් ටයිප්. ඒක නිර්මාණය කරන්නෙ හිටපු කොස්මොපොලිටන් සංස්කාරකවරියක් වුනු ජොආනා කෝල්ස්. හරිම සරල, සුමට, සබන්මය ගතියකින් කරපු නිර්මාණයක් වුනත් ඒක ඇතුලෙ කොස්මොපොලිටන් ෆිලොසොෆිය හොඳට විස්තර වෙනවා.

    මෙන්න හෙලන් කියපු හොඳම වදන් දහය.

    1. තියරියෙ හැටියට ලස්සන තනිකඩ කෙල්ලෙකුට සෙක්ස් ලයිෆ් එකක් තියෙන්න බෑ. මොන බොරුවක්ද? එහෙම කෙනෙක් තමයි එයාගෙ බැඳපු යාළුවන්ටත් වඩා හොඳ සෙක්ස් ලයිෆ් එකක් ගත කරන්නෙ.

    2. සෙක්ස් තමයි ලෝකෙ තියෙන හොඳම දේවල් තුනෙන් එකක්. අනිත් දෙක මොනවද කියල මං දන්නෙ නෑ. ඔයා නිතරම ඔයාට කියාගන්න ඕන මේ වචන. “ මං සෙක්ෂුවල් මනුස්සයෙක්. මට මගේ ජීවිතේට සෙක්ස් ඕන. මං කොහොමවත් ඒක නැතිවෙන්න දෙන්නෙ නෑ” 

    3. ගැහැණුන්ටත් ඕන පිරිමින්ට ඕන දේවල්මයි. සමාජයේ සාධාරණ පිලිගැනීම, සතුට, ගෞරවය, ප්‍රශංසාව සහ වැඩ කරන්න ධෛර්යය දීම කියන දේවල්.
    4. පිරිමි කියන්නෙ සතුරො නෙමෙයි. ඒ වගේම ගැහැණු කියන්නෙ ගොදුරු නෙමෙයි. කම්මැලිකම, බය, අරමුණු හඹා නොයාම තමයි ඔයාව එක තැන හිරකරලා තියෙන්නෙ.

    5. හැම ආදරයක්ම රොමැන්ටික් නෑ. ඔයාට පුළුවන් ගොඩක් අයට ආදරය කරන්න.

    6. අවදානමට බය වෙන්න එපා. ඔයාට නැවත නැවත වේදනා විඳින්න වෙන්න පුළුවන්. ඒත් වේදනාවට බෑ ඔයාව වට්ටන්න. වේදනාව උඩින් පිම්මක් පැනලා ඒ වේදනාව ඔයාගෙ ඊලඟ වැඩේට බලයක් කරගන්න පුළුවන් නම් ඔයා සාර්ථකයි.

    7. හොඳ කෙල්ලො ස්වර්ගයට යනවා. නරක කෙල්ලොන්ට පුළුවන් ඕන තැනක යන්න.

    8. ලස්සනට බෑ ඔයාව සතුටෙන් තියන්න. ඒත් කියවීම ලිවීම සහ සිතීම කියන මොලේ වැඩවලට ඒක පුළුවන්.

    9. කිසිම ගැහැණියක් ස්ත්‍රීවාදියෙක් වෙන්නෙ කොහොමද? ගැහැනියකට ඕන එයා වෙන්න. ෆෙමිනිස්ට් කියන්නෙ ඒක නෙමෙයි නං ඉතිං මං දන්නෙ නෑ ඒ මොකක්ද කියල.

    10. මගේ දර්ශනය මේකයි. ඔයා සෙක්ස් කරන්නෙ නැද්ද? එහෙනං ඔයා ඉවරයි

    Helen Gurley Brown and David Brown, New York City, 1963

  • බලය අතට

    බලය අතට

    පෝර්න් හබ් කියන්නෙ ලෝකෙ ක්‍රියේටිව්ම වැඩ කරන පෝර්න් සයිට් එක. ඇඩ්වර්ටයිසින් ලෝකෙ තාම කතාවෙන වැඩ පෝර්න් හබ් තමන්ගෙ අසම්මත ප්‍රොඩක්ට් එකෙන් කරලා තියෙනවා. ඒ ගොල්ලො ට්‍රයි කරන අලුත්ම වැඩේ තමයි වැන්ක්බෑන්ඩ් එක. සිංහලෙන් කිව්වොත් අතේගහන බෑන්ඩ් එක. ඒ ගොල්ලො මේක අරන් එන්නෙ ලෝක බලශක්ති අර්බුදයට විසඳුමක් විදිහට. පරිසරය ආරක්ෂා කරන පියවරක් විදිහට.

    තමන්ගෙ මිලියන ගානක් වීඩියෝ බලමින් සතුටුවෙන සුවහසක් ජනතාවගේ ඩර්ටි එනර්ජි එකතු කරන එකයි ඒ ගොල්ලොන්ගෙ අරමුණ. මේ බෑන්ඩ් එක අතේ බැඳගෙන ස්වයංවින්දනය කරද්දි ඉබේටම ඒක ඇතුලෙ තියෙන කයිනෙටික් චාර්ජර් එක චාර්ජ් වෙනවා. ඒ චාර්ජ්වෙන විදුලිය ෆෝන් ලැප්ටොප් චාර්ජ් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මීට පස්සෙ කවුරු හරි ස්වයං වින්දනය කර කර ඉඳලා අහුවුනොත් ටක් ගාලා කියන්න තියෙන්නෙ බැටරි චාර්ජ් කරනවා කියලයි.

    මේකට ගැහැණු පිරිමි භේදයක් නෑ. දෙපාර්ශ්වයටම පුළුවන් බලශක්ති අර්බුදයට උදව්වක් වෙන්න. ලෝකෙ හැම කෙනෙක්ම තමන් ස්වයංවින්දනයෙ යෙදෙද්දි අපතේ යන බලය නැවත ලෝකෙ සංවර්ධනය වෙනුවෙන් යොදවනවා කියන්නෙ සංකල්පයක් විදිහට මරු වැඩක්.

    දැන් මේ බෑන්ඩ් එක තියෙන්නෙ බීටා අවධියෙ. කැමති අයට තමන් සමග ලියාපදිංචි වෙලා මුල්ම වෑන්ක් වොරියර්ස්ලා වෙන්න පුළුවන් කියල පෝර්න් හබ් ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා.

     දැන් ලෝකෙ බේරගන්න බලය තියෙන්නෙ ඔබේ අතේ.

  • ස්ත්‍රී විමුක්තිය ගැන ජිජැක්

    ස්ත්‍රී විමුක්තිය ගැන ජිජැක්

    ගැහැණියක් පිරිමින්ගේ ඇල්ම බැල්ම ඇදබැඳගන්නා විදිහෙ ඇඳුමක් අඳිද්දි වෙන විදිහකට කිව්වොත් ඇය විසින් ඇයව ඔබ්ජෙක්ටිෆයි (පිරිමි ආශාවේ වස්තුවක්) කරගෙන පිරිමින්ව අනුරාගීව පොළඹවද්දි ඇය ඒක කරන්නෙ අක්‍රිය වස්තුවක් විදිහට නෙමෙයි. ඇය තමයි ඇගේ ඔබ්ජෙක්ටිෆිකේෂන් එකේ ක්‍රියාකාරී නියෝජිතයා වෙන්නෙ. පිරිමින්ව ඇවිස්සීමේ, ඔවුන් සමග සෙල්ලම් කිරීමේ වගේම අවශ්‍ය ඕනම වෙලාවක ඒ සෙල්ලමෙන් ඉවත්වීමේ හැකියාවත් ඇයට තියෙනවා. ඇගේ කලින් දුටු ඇලුම්බැලුම් එක්ක පිරිමින්ට මේක තේරුම්ගන්න බැරි දෙයක් වෙන්නත් පුළුවන්.

    ස්ත්‍රී ලිංගික විමුක්තිය කියන්නෙ පිරිමින්ගේ ආශා වස්තුවක් බවට පත්වීමෙන් වැලකී සිටීමේ පාරිශුද්ධ එකක් නෙමෙයි. ඇයට එම ආශා වස්තුව හැටියට සෙල්ලම් කිරීමට ඇති අයිතියයි. අවශ්‍ය විටක ඒක බවට පත්වෙන්නත් ඉන් ඉවත් වෙන්නත් ඇයට ඇති නිදහසයි.

    ස්ලැවොයි ජිජැක්

  • හෙළුවෙන් හොල්ලන සමාජ ජාලා

    හෙළුවෙන් හොල්ලන සමාජ ජාලා

    ”අනියම් ඇසුරක් මාට්ටු වී නිරුවතින් දිව යන මන්ත්‍රීවරයෙකුගේ වීඩියෝව සමාජ ජාලා හොල්ලයි”

    මේක මාර හෙඩිමක්. ඇසුර අනියම්. ඉන්නෙ මන්ත්‍රියෙක්. දුවන්නෙ හෙලුවෙන්. එහෙම දුවද්දි සමාජ ජාලා හෙල්ලෙනවා. මේවා නිව්ස් නෙමෙයි. වනචර කතන්දර. 

    මේ නිව්ස් එක හැදෙන්නෙ මන්ත්‍රී මහපාරෙ හෙළුවෙන් දුවලා නෙමෙයි. අපි මන්ත්‍රී හෙළුවෙන් හිටපු කාමරේ අස්සට රිංගලා. මේ වීඩියෝව මුදාහරින්නෙ ඒ කවුරු හරි එතන ඉන්නවා කියන ගැහැණියගේ සැමියා. වීඩියෝවෙ අරමුණ වෙන්නෙම සමාජය ඉස්සරහ මිනිස්සු දෙන්නෙක් නිරුවත් කිරීම. වරද ප්‍රේමයක්.

    ප්‍රේමයේ නියම් අනියම් කියල ප්‍රභේද නැහැ. ඒක තියෙන්නෙ නීතියෙ. නීතිය කියන්නෙ ප්‍රේමය නැතිම තැන. මේ සැමියා මේ වීඩියෝව කරන්නෙ රිවෙන්ජ් එකක් විදිහට. මගේ ගෑනි කියල හඳුන්වන කාන්තාවක් ඇගේ කැමැත්තෙන් කරගෙන යන ප්‍රේම සම්බන්ධතාවයක් මැද්දට සැමියෙක් කඩාගෙන පැනලා තියෙනවා. එයාගෙ අරමුණ වෙන්නෙ ඇයව නිරුවතින් පිරිමියෙක් සමග වීඩියෝ කරලා සමාජාපවාදයට ලක් කිරීම. එයාගෙ අදහස එයාට ඒකට අයිතියක් තියෙනවා කියල වෙන්න ඕන.

    ඒ වගේම මේ සැමියා කියන පිරිමියා තුල ඒ ගැහැනිය ගැන කිසිම ආදරයක් තබා මනුෂ්‍ය ගෞරවයක්වත් නැති වගත් පැහැදිලියි. ඈ සම්බන්ධතා පවත්වන්නෙ කාත් එක්කද කියන එක ඇගේ තීරණයක්. ඒක සැමියාගෙ කැමැත්තට පටහැනි නම් එයාට පුළුවන් වෙන් වෙන්න. නිරුවතින් වීඩියෝ කරලා සමාජයට මුදහැරීම කියන්නෙ අශිෂ්ට අසභ්‍ය ක්‍රියාවක්. අපරාධයක්.

    හෙඩිම වෙන්න ඕන අශිෂ්ට සැමියාගේ නිරුවත සමාජ ජාලා හොල්ලයි කියල.

    මේක සී නිව්ස් වගේ වෙබ් අඩවිවල පලවෙන එකෙන් සහ මේ මන්ත්‍රී කියල විශේෂයෙන් කොටු කරලා හැඳින්වීම ඇතුලෙ මේක පිටිපස්සෙ සෙක්ෂුවල් රිවෙන්ජ් එකට අමතරව පොලිටිකල් රිවෙන්ජ් එකකුත් තියෙන වග පැහැදිලියි. මෙතනදි සදාචාරයට මුවා වෙලා ඉන්න හැමෝම කරමින් ඉන්නෙ අපචාරයක්. මේ නිව්ස් එකේ කතා කරන හෙළුව තියෙන්නෙ කැමරාව ඉස්සරහ නෙමෙයි. කැමරාව පිටිපස්සෙ.

     අපි හිටගන්නෙ පෙම්වතුන්ගෙ පැත්තෙ. ඔයා හිටගන්නෙ පොලිසිය පැත්තෙද?

  • අම්මට හු*** හීනයක් නොහොත් ඇන්ටික් කඩේක මරණයක්

    අම්මට හු*** හීනයක් නොහොත් ඇන්ටික් කඩේක මරණයක්

    *Spoiler Alert

    හඳයා නාට්‍යයක් කරනවා කිව්වම මට මුලින්ම ආවෙ හඳයා ඉවර වෙන්න යනවද කියල සැකයක්. මොකද වේදිකාවෙන් පටන් අරන් ආපහු වේදිකාවෙන් රවුමක් සම්පූර්ණ වෙන්න යනවද කියල හැඟීමක් මට තිබුන. මිනිස්සුන්ට එහෙම වෙනවා. ආපහු මුලටම එනවා. ඔය රස්සාවෙන් විශ්‍රාම යනවා කියන කාලෙ හරිම ක්‍රිටිකල්.  ඒත් හඳයා තද විශ්වාසෙකින් ඉන්න වග පෙනුන.

    හඳයා කියන්නෙ ලංකාවෙ අමුතුම අනන්‍යතාවයක් හදාගත්ත ආර්ටිස්ට් කෙනෙක්. එයා කරන වැඩවලින් ලාබ ගන්න බෑ. ඒ වගේම මාර ප්‍රශංසා ලැබෙන්නෙත් නෑ. රට රටවල සම්මාන ලැබෙන්නෙත් අඩුවෙන්. හැබැයි ඒ ආර්ට්වලින් අනිවාර්යෙන්ම ලොකු කම්පනයක් ඇති කරනවා. සමහර වෙලාවට නඩු යන තරමට කම්පනය ප්‍රබලයි. හඳයා මහා සමාජයට කතා කරන්නෙ නෑ. එයා කතා කරන්නෙ නිෂ් එකකට. තෝරාගත් ක්‍රිටිකල් සමාජ තීරුවකට.  හරිම හිතුවක්කාර විදිහට එයා තමන්ට හිතෙන දෙයින් දමලා ගහනවා. ඒක ආර්ට්ද නැද්ද කියන එකවත් හඳයාට අදාල නෑ. එයාට අදාල වෙන්නෙ ඒකෙන් ඇති කරන කම්පනය. තිගැස්ම. ඒක හින්දම හඳයාගෙ හැම වැඩක්ම ප්‍රචන්ඩයි. ඉස්සර මං කිව්වෙ හඳයාගෙ වැඩ දේශපාලනිකයි කියල. ඒත් දැන් මං කැමතියි  හඳයාව ලිංගිකව කියවන්න. හඳයා අපේ අවිඥානය එක්ක කරන ගනුදෙනුව කියවන්න. හඳයා අපේ පුරුෂ ලිංගයෙන් අල්ලගන්න හැටි කියන්න.

    හරියට 07ට නාට්‍යය පටන් ගත්තා. 

    නාට්‍යයක් ආරම්භ වෙද්දි හෝල් එකක තියෙන්න ඕන බලාපොරොත්තුව පිරිලා පිම්බිලා තිබුන. ඒ වගේ ප්‍රේක්ෂාගාරයක ඉඳගෙන ඉන්න එකත් චමත්කාරයි. නාට්ටියෙ මුල ඉඳන්ම පුදුම එනර්ජි එකක් තිබුන. පටන් ගත්ත තැන ඉඳන් ඕඩියන්ස් එකත් එක්ක කෙලින් හරිම සජීවී සම්බන්දයක් ගොඩනගා ගන්නවා. අපි අපෙන් බාහිර කතාවක් බලන් ඉන්නවා නෙමෙයි. සිනමාවට වගේ නෙමෙයි වේදිකාවට පුළුවන් අපිත් එක්ක ගනුදෙනු කරන්න.

    තල ගණනාවක දිගහැරෙන ඇන්ටික් කඩයක් ඒක. කතාව, කතාව කියන තාක්‍ෂණය, වේදිකාව පාවිච්චි කරන විදිහ ආදී මේ හැමදේකදිම ලේයර් ගනනාවක් එකිනෙක අතිපිහිත වෙන විචක්ෂන එලීමක්.

    සිනමාවෙන් වේදිකාවට හඳයාගෙ පැමිනීම ඒකෙ තියෙනවා. ඒ සිනමාව ඇතුලෙ මූන දීපු නඩු තියෙනවා. සිනමාව ඇතුලෙ ඒ මේ චරිතවල අතීත කතාව තියෙනවා. වේදිකාව උඩ ඒ අයගෙ වර්තමානය තියෙනවා. ඒක කාලය සමග කරන පුදුමසහගත සෙල්ලමක්. සිනමා තිරයෙ ඉඳන් අපි ප්‍රේක්ෂකයො මේ ඉඳන් ඉන්න පුටුව දක්වා හඳයා එයාගෙ කතාව එලනවා. ඇස් ඉස්සරහ නළුනිළියො පේන වේදිකාව පාවිච්චි කරලා අපිව හීනයක් ඇතුලට ගෙනියනවා. ඒ හීනය සාමූහික හීනයක්. හඳයා ඇන්ටික් කඩේ ඇතුලෙන් යන්නෙ අපේ ඉතිහාසෙට. අතීතයේ ජීවත් වෙන ජාතියක් දකින භයානක හීනයක්. ඒ මදිවට ඒක ඇත්තක්.

    කතාවෙ මූලික තේමාවක් විදිහට ෆ්‍රොයිඩියානු ඊඩිපස් සංකල්පය එනවා. අම්මා සහ පුතා අතර සම්බන්ධය. හැම පැටලිල්ලක්ම පටන් ගන්නෙ මේ ඊඩිපස් අවුල හරියට විසඳිලා නැති තැනින්. කප්පාදු නොවුනු පුතෙක්. එයාට නීතියක් නෑ. නීති කඩන එකමයි එයාගෙ සතුට. එයාට ලෝකයක් නෑ. ඉන්නෙ අම්මෙක් විතරයි. එයා අම්මා එක්ක තියෙන සම්බන්දෙ සදාකාලික හිරකාරයෙක්. එකවර ලිංගික සහ අලිංගික ස්වභාවයන් දෙකම දරන ජීවිතේ එකම සම්බන්දය එයාව නෂ්ටකාමියෙක් කරනවා. මට ධර්මසිරිගෙ තුන්වෙනි යාමයෙ පොඩි එකාවත් මතක් වෙනවා. හැබැයි මං කැමති නෑ හඳයාව ෆ්‍රොයිඩ්ගෙ තියරියක හිරකරන්න.

    මේ පොඩි එකාට ඕන අම්මා එක්ක නිරුවතින් නාන්න විතරයි. ඌ කරදඬු උස්වෙනකලුත් සෙක්ස් කියල දන්නෙ එච්චරයි. ඉතුරු ටික ඌට අනුව දූෂනයක්. නොවැඩුනු කැඩීබිඳුනු ලිංගික ජීවිතයක අර්බුදය. හඳයා ලංකාවෙ ඉංග්‍රීසි කතා කරන මැද පංතියේ වර්තමානය කියවන්නෙ එහෙම.

    මේ කතාව අතීතයක් සහ අනාගතයක් අතර පිහිටන එකක්. ඒත් ඒ අනාගතය කියන්නෙ අද. එතකොට ඇත්තටම අනාගතයක් නෑ. අනාගතය කියන්නෙ අද දකින හීනයක් විතරයි. 

    හැබැයි මේ අද නැත්තං වර්තමානය තියෙන්නෙත් නැවතත් අතීතයක. ඒ අතීතයෙන් තමයි මේ වර්තමානයේ සියල්ල තීරනය කරන්නෙ. ඒ අතීතය කියන්නෙත් භයංකාර හීනයක්. අතීතය තුල පවතින වර්තමානයක් තමයි මේ ඇන්ටික් කඩේ මොහොත.

    මං වෙන්ඩ්ට් එකට ඇතුල්වෙන තැන ජැකා හිටියා. එයත් ඩ්‍රාමා එක බලන්න ඇවිත්. සෞම්‍ය කරන මේ ඇන්ටික් කඩේ මනුස්සයාගෙ චරිතෙ මට පුදුමාකාර විදිහට ජැකාට මාරු වෙවී පෙනුනා. ජාතික කෞතුකාගාරයක් මුර කරපු මනුස්සයා දැන් පුද්ගලික ඇන්ටික් කඩයක් දාගෙන ඉන්නවා. මිනිහා විකුනන්නෙ මහා සිංහල වංශකතාව. මං කියන්නෙ හඳයා ජැකාව ඔලුවෙ තියාගෙන මේ චරිතය කළා කියල නෙමෙයි. අපි ඉන්න වර්තමානය ඒ තරම් සමීපව වේදිකාව උඩ තිබුන කියන එක.

    මුලු කතාවම ඉන්සෙස්ට්. ව්‍යභිචාරීයි. අපේ ඉතිහාසය වගේමයි.  අම්මයි පුතයි අතර සම්බන්දෙ, ඊට පස්සෙ තාත්තයි දුවයි අතර සම්බන්දෙන් බිහිවෙන දරුවො, දුව සමග කොල්ලෙක් සංසර්ගය කරනකල් එලියට වෙලා ඉන්න තාත්තෙක්. මේ කතාවෙ තරුණයා ව්‍යභිචාරි සම්බන්දෙකින් පස්සෙ පරිවාසෙක අපචාරයට ලක්වෙමින් ඉඳලයි එලියට එන්නෙ. ඒ අපචාරී පරිවාසය තමයි ඒ තරුණයා දකින බාහිර ලෝකය.

    කතාව පිහිටන්නෙ පංති දෙකක් අතර කියලත් කෙනෙකුට කියන්න පුළුවන්. එකක් ඉංග්‍රීසි කතා කරන ඉහල මැද පංතිය. අනික සිංහල කතා කරන පහල මැද පංතිය. හඳයා මේ චරිතවලින් කියන්නෙ පංති විඥානයට වඩා පංති අවිඥානයේ කතාව කියලයි මට හිතෙන්නෙ.

    මේ සිංහල පහල මැද පංතිය  ආරක්ෂා කරන්නෙ අතීතය. ඒ කෞතුක වස්තු. ඒක තමයි ඒ ගොල්ලන්ට තියෙන එකම සහ ලොකුම එක. සාමූහික අතීතයක නටඹුන් උරුමය. ඒ ගොල්ලො ඒක ආරක්ෂා කරගෙන ඉන්නවා. පුළුවන්කමක් තියෙනවා නම් ඒ ජාතික උරුමය පුද්ගලික කරගන්න බලනවා. ඒ වගේම ඒ සිංහල අතීත උරුමය විකුනලා හරි සුද්දගෙ උරුමය ලබාගන්න හීන දකිනවා. ඒ ලෝකෙන් එන අපරාධකාරයෙක් වුනත් ගැලවුම්කාරයෙක් විදිහට වැළඳගන්නවා.

    ඉංග්‍රීසි කතා කරන ඉහල මැද පංතියෙ අතීතය හිස්. ඒක ගලපගන්න බැරි තරම් බිඳුනු එකක්. ඒක අම්මගෙ අතීතයක්. සිංහල පහල මැද පංතිය නියෝජනය කරන්නෙ තාත්තාගෙ අතීතයක්. දුටුගැමුනුගෙ පරපුර. ඇන්ටික් කතාවෙ පෙම්වතුන් වෙන්නෙ තාත්තා එක්ක හැදෙන දුවෙක් සහ අම්මා එක්ක හැදෙන පුතෙක්. මේ පිරිමි ඉතිහාසය අවුල් කරන්නෙ ගැහැනිය. ඇත්තටම නම් ඒ ගැහැනියගේ උමතුව. තෙරපාගත් පීඩාව පුපුරා හැලෙන මොහොත. වංශක්කාර පවුල්වල පිරිමින්ට දාව මෙහෙකාරියන්ට  ඉපදුනු, ඉංග්‍රීසි මැද පාංතික සමාජයේ වරප්‍රසාද ඇතුව හැදුනු වැඩුනු ගැහැනු, ඒ පංතියේ මළමිනී වගේ පිරිමි නිසා අර්බුදයට යනවා. පුපුරා යන ඒ ස්ත්‍රී ලිංගික ආතතිය සිංහල බෞද්ධ- වික්ටෝරියානු ඉතිහාසය කුඩුපට්ටම් කරගෙන යනවා. ඒ ගැහැණිය දමනය කරන්න පුළුවන් වෙන්නෙ ප්‍රානවත් වෙන පුරුෂ ලිංගයකට විතරයි. සිංහල බෞද්ධ ඉතිහාසය උරුම පරපුරෙත් ප්‍රානවත් වෙන පුරුෂ ලිංගයක් හොයාගන්න බැරි වෙලාවක්. ඒවා බෙලහීනවෙලා ගිහින්. ඒ බෙලහීනකම විශ්ව විද්‍යාල වාමාංශික අරගල විදිහට පවා එලියට ආ හැකියි.

    සිංහල මැද පාංතික පිරිමියාගේ අකලට කඩා වැටුනු ශිෂ්නය ප්‍රානවත් වන්නේ ඉංග්‍රීසි මැද පාංතික ගැහැනියගේ උමතුව ඇතුලෙයි. ඒ ට්‍රෝමැටික් අත්දැකීමට පස්සෙ  මුලු ජීවිත කාලයම ඒ පිරිමියා ගත කරන්නෙ වරක් පමනක් ලැබුනු ඒ අසමසම සුරතාන්තය ගැන හීන දකිමින්. ඒ මදිවට දූෂනයක වරදකාරීත්වයකුත් එතන තියෙනවා. අතීතය රකින්නාගෙ තැන ඉඳන් අතීතය විකුනං කන්නා බවට පත්වෙද්දි තමන්ගෙ සදාචාරය අවසන් වෙන අභ්‍යන්තර පැල්මකුත් සිංහල බෞද්ද- ක්‍රිස්තියානි තාත්තාගෙ තියෙනවා.

    දැන් පෙම්වතුන් දෙන්නා ගැන. පුංචි කාලෙ මේ කොල්ලට මේ කෙල්ලව මුනගැහෙන්නෙ සාපරාධී මොහොතක. ඒ කෙල්ල ඉස්සරහ කොල්ලා අම්මට පිහියෙන් අනිනවා. මැරෙන්න පණ අදින අම්මා ළඟට යන්න දෙන්නෙ නැතුව කෙල්ල කොල්ලව තමන් ළඟට ඇදලා ගන්නවා. තමන්ගේ මව මරනවා ඇසින් දුටු පිරිමියා සමග ප්‍රේමයෙන් වෙලීමේ නොතිත් ආශාවෙන් මැඩිමැඩී කෙල්ල ලොකුමහත් වෙනවා. ඒක මාර සරියල් තැනක්. මාතෘගාතක පිරිමියෙක් සමග රමණය කිරීමේ ගැහැණු ආශාව හඳයා වේදිකාව උඩට ගේනවා.

    මේ කෙල්ල අනුරාගී වෙන්නෙ අම්මා මරා දැමූ පුතාටයි. නමුත් පුතාට කෙල්ලව පේන්නෙ නැවත අම්මා වගේමයි. පන්සල් ප්‍රේමයක අතෘප්තියෙන් හිරවෙලා ඉන්න කෙල්ල මේ සාපරාධී පෙම්වතාට වසඟ වෙනවා. 

    එයාගෙ මෙච්චර කාලයක් හිරවෙලා තිබුනු ආශාව, පීඩාව ඇන්ටික් කඩය බිඳගෙන යක්ෂාවේශයක් විදිහට මුදාහරිනවා. පංති භේදයක් නැතුව ගැහැණියගේ උමතු ආශාව ඉතිහාසය කුඩුපට්ටම් කරනවා.  අම්මාගෙ අලිංගික ප්‍රේමයේ හිරවෙලා ඉන්න පුතා ආශාභරිත අම්මාගේ රූපයෙන් තැතිගෙන ඇයව මරා දානවා. පලවෙනි වතාවෙ තමන්ගේ රැකවරණයට ආපු අම්මව. දෙවෙනි වතාවෙ තමන් එක්ක රමණයට ආපු අම්මව.

    මේ විදිහට පංති  අතර කතාවක් මතුපිටින් තිබුනත් අන්තිමට අපි බලන් ඉන්නෙ එකම පංතියක කතාවක් දිහා. එකම පංතියක පීඩිත උන් පංති දෙකක් විදිහට වෙස් මාරු කරගැනීමක්. ඒ අයට නැවත මුනගැහෙන්නෙ ඒ අයමයි. වෙනින් කවුරුවත් නෙමෙයි.  

    ඇන්ටික් කඩේ කියන්නෙ ඇලොගරියක්. අපේ වර්තමානයෙන් ඇතුල්වෙලා අතීතය සහ අනාගතය දකින්න දොරක්. හැබැයි ඒ අතීතයත් අනාගතයත් තියෙන්නෙ මෙතන මේ මොහොතෙමයි.

    නළු නිළියන්ගෙ රංගනය විශිෂ්ට වග කියන්න ඕන. නිපුනි ශාරදා, පසන් ඒ චරිත කරනවා රිදෙන්න. අනිත් හැම චරිතයක්මත් අවසානය දක්වා පුදුම ජවයකින් තමන්ගෙ භූමිකාව කරනවා. නාට්‍යය පුරාම ඉන්නවා මියුසික් බෑන්ඩ් එකක්. උන් ඔය යන එන අයට විහිලුතහලු කරන වර්ගයේ සෙට් එකක්. කවුරු හරි කුනු කානුවක් ගැන කිව්වොත් උන් කියනවා කුනු කානුවේ ගීතය. ගල්කාලේ ගීතය. ඇඟ හිරිවැටෙන ගීතය, පුරුෂ ලිංගයේ ගීතය. හඳයා මේ සිංදු එක්ක කරන විහිලුව මරු. මං දන්න තරමින් හඳයාගෙ එකම වචනයක්වත් වෙනස් කරන්න මියුසික් බුවාට, අපේ චින්තක ජයකොඩිට අවසර නෑ. ඒ විදිහටම තියෙද්දි මෙලඩි දාන්න ඕනි.  ඒවා සිංදු කියල හිතලා ලියපු සිංදු නෙමෙයි. සිංදු නොවෙන සිංදු. පට්ටම ආතල් සිංදු.

    මේ මියුසික් බෑන්ඩ් එක හින්ද නාට්ටිය පුරාම තියෙනවා පොප් ගතියක්. විනෝදයක්. කොයිතරම් බරපතල කාරනා කතා කළත් ඇන්ටික් කඩේ කියන්නෙ ආතල් එකේ බලන්න පුළුවන් නාට්‍යයක්. ඒක හැම අංශයකින්ම  පොහොසත්, පරිකල්පනය කිතිකවන වැඩක්.

    ඇන්ටික් කඩේ පැහැදිලිවම පේන දේ තමයි පිරිමි ඇන්ටික් කඩේට විරුද්ධව ස්ත්‍රී ආවේශය අරන් එන එක. කතාව පුරාම අපි දකින්නෙ බිඳ වැටුනු දුර්වල පිරිමි සහ ශක්තිමත් ගැහැණු.

    ඩ්‍රාමා එක ඉවර වුනාම මං බලාපොරොත්තු වුනේ ස්ටෑන්ඩින් ඕවේෂන් එකක්. ඒත් ඒ නාට්ටිය බරයි. නැගිටගන්න බැරි තරම් බරට හැමෝටම නාට්ටිය වැදිලා තිබුන කියල මට හිතුන. ඉවර වෙලත් ටික වෙලාවක් යනකං පුටුවෙන් නැගිටගන්න බැරි තරමෙ කම්පනයක් ඇන්ටික් කඩේ තිබුන.

    හඳයා මරු.

     By Chinthana Dharmadasa

  • ලිංගිකත්වයේ දර්ශනය පලවෙනි කොටස

    ලිංගිකත්වයේ දර්ශනය පලවෙනි කොටස

    (ඇලන් සොබ්ල් කියන්නෙ ඇමරිකානු දාර්ශනිකයෙක් සහ ලේඛකයෙක්. එයා ලිංගිකත්වයේ දර්ශනය ගැන ලියනවා. නිව් ඔර්ලියන්ස් විශ්ව විද්‍යාලයේ සහ ඩේ‍රක්සල් විශ්ව විද්‍යාලයේ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙක්. මේ ලියමන එයාගෙන්).

    “පැරන්නන්ගේ ශෘංගාරය සහ අපි අතර වෙනස වෙන්නෙ පැරැන්නො අවශ්‍යතාවය මත ක්‍රියාත්මක වීම. අපි ක්‍රියාත්මක වෙන්නෙ වස්තුව මත. පැරැන්නො උත්කර්ෂයට නැගුවෙ ඒ අවශ්‍යතාවය. බාල වස්තුවක් වුනත් අවශ්‍යතාවය වෙනුවෙන් උස්සලා තිබ්බා. අපි අවශ්‍යතාවය පිලිකුලෙන් බැහැර කරනවා.  අපි නිර්මාණය කරගන්නා වස්තුවේ සුවිශේෂත්වය ඇතුලෙ ගැන නිදහසට කරුණු හොයනවා.”

    සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්

    විසිවෙනි සියවසේ අගභාගයෙදි දර්ශනයෙ අලුත් අංශයක් බිහිවෙනවා. ලිංගිකත්වයේ දර්ශනය නැත්තං ෆිලොසොෆි ඔෆ් සෙක්ස් කියන එක ඇකඩමික් මාතෘකාවක් වෙනවා. විශ්ව විද ්‍යාල විෂය ධාරාවන් මේ වෙනුවෙන් හැදෙනවා. මොකක්ද සෙක්ස් කියන්නෙ? ශාස්ත්‍රීය දාර්ශනිකයො සංවාද කරනවා. ක්ලින්ටන් මොනිකා එක්ක තමන් ලිංගික සම්බන්ධයක් පැවැත්වුවෙ නෑ කියල කිව්වම මහජනතාව සෙක්ස් ගැන කතා කරන්න ගන්නවා. මොකක්ද ස්වභාවික මානව ලිංගිකත්වය කියන්නෙ? මොකක්ද සදාචාරාත්මක ලිංගික චර්යාව කියන්නෙ? මේවා ගැන දාර්ශනික සංවාද ඇතිවෙනවා.

    මේක සිද්ද වෙන්නෙ දෙවෙනි ෆෙමිනිස්ට් රැල්ල විසින් විෂම ලිංගික දේශපාලනය සහ ලිංගිකව වෙනස් කොට සැලකීම ප්‍රශ්න කරන්න පටන් ගැනීමත් එක්ක.

    ඒ වගේම  සුළුතර ලිංගික ප්‍රජාවන් නීතිමය සහ සමාජමය විදිහට ටිකෙන් ටික බාරගැනීමක් සිද්ද වෙන වටපිටාවක. සාංදෘෂ්ටිකවාදීන්, පරිනාමවාදීන්, මාක්ස්වාදීන්, ආරක්ෂණවාදීන්, ලිබරල්වාදීන්, ස්ත්‍රීවාදීන්, විවිධ ආගමිකවාදීන් ලිංගිකත්වයේ පාරභෞතිකය සහ ආචාර විද්‍යාව ගැන ලියනවා. ඒත් ෆිලොසොෆි ඔෆ් සෙක්ස් කියන්නෙ මේ සියලු විෂයන් අතර පවතින අන්තර් විෂයික අවකාශයක් මිස මේ කිසිම මතවාදයකට අයිති එකක් නෙමෙයි.

    මේ විදිහට අමතරව ලිංගිකත්වයේ දර්ශනය දිහා ඓතිහාසිකව බලන දැක්මකුත් තියෙනවා. ඉතිහාසයේ ප්‍රසිද්ධ චරිත ලියූ කියූ දෙවල් අරගෙන ඒවායින් ලිංගිකත්වය ගැන කියවෙන කොටස්වලින් සමස්තය ගැන කියවීමක් කරන්න උත්සාහ කරනවා. නැත්තං දාර්ශනිකයෙකුගෙ අදහසක් ඔස්සේ ඒ කාලය සහ සංස්කෘතිය ගැන අදහසක් ගන්න උත්සාහ කරනවා. නැත්තං ඉතිහාසය කණ්ණාඩියක් විදිහට අල්ලලා වර්තමානය කියවන්න උත්සාහ කරනවා. නැත්තං චින්තකයො පෙලක් අරගෙන ඒ අයගෙ සිතීම් පුරා ලිංගිකත්වය පිළිබඳ අදහසේ වෙනස්වීම අධ්‍යනය කරනවා. ඒත් මේ ඓතිහාසික ධාරාව තමයි ලිංගිකත්වය පිලිබඳ දර්ශන විෂයේ අඩුවෙන්ම වර්ධනය වෙලා තියෙන කොටස.

    මානව ලිංගිකත්වය කියන එක මිනිස්සු තැන් තැන්වල කෙලවරක් නැතුව කතා කරන දෙයක්. ශාස්ත්‍රීය සංවාදවල ඉඳන් බාර්වල වෙරිකාරයො වෙනකල් මේක කතා කරනවා. මේ විෂය කොහෙත්ම ශාස්ත්‍රීය දාර්ශනිකයන්ට විතරක් අයිති එකක් නෙමෙයි. මේ ගැන පොත් සාප්පුවල රාක්ක පිරෙන්න ලියලා තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සු. මේ ගැන පරිනාමීය, මනෝවිද ්‍යාත්මක, සමාජ විද ්‍යාත්මක, ආගමික අදහස් සමාජගත කරන්නෙ ජනප්‍රිය ලේඛකයො. ශාස්ත්‍රීය දාර්ශනිකයෙක් ලිංගිකත්වය ගැන කරන විමසුමක සහ අපේ අම්මා දරන සෙක්ස් පිළිබඳ දර්ශනයෙ හෝ කොනේ කඩේ මනුස්සයා සෙක්ස් පිළිබඳ දරන දර්ශනයෙ වෙනස මොකක් වෙන්න පුළුවන්ද?

    එකක් විදිහට කියන්න පුළුවන් සොක්‍රටීසියානු කුතුහලය. සෙක්ස් පිලිබඳ දාර්ශනික වෑයම වෙන්න පුළුවන් ඒකයි. තමන්ගේ අදහස වෙනස් කරගත හැකි නම්‍යශීලී බව, අලුත් අදහස්වල විවෘතබව, නිරන්තරයෙන් නොදන්නා කරුණු සොයා යාමේ ගුණය ආදියෙන් සමන්විත සොක්‍රටීස් ප්‍රවේශය. හැබැයි මේකත් අර  දාර්ශනික යැයි කියාගන්නා අයට වඩා දාර්ශනික නොවන මිනිස්සු ළඟ තියෙනවා.

    මේ ලියමෙනේදි මං කරන්නෙ ප්‍රධාන දාර්ශනිකයො කියල හඳුන්වන අයගෙ ලේඛන හරහා ලිංගිකත්වය ගැන දාර්ශනික කියවීමක් කරන්න. ඒකෙන් කොහෙත්ම කියවෙන්නෙ නෑ අනිත් දාර්ශනිකයන් හෝ කුඩා ලේඛකයන් මේ ගැන ඉදිරිපත් කරන අදහස් කොහෙත්ම නොවැදගත් කියල. ඒ වෙනුවට ඒක වෙන්නෙ මෙහෙම. ඔයා අහන්න ලෝකය දුවන්නෙ සෙක්ස් හින්දද බලය හින්දද කියල. ඔයාට පබ් එක වහන්න වෙන්නෙ නෑ එලිවෙනකල්. ඔය ප්‍රශ්නෙම ගිහින් අහන්න දාර්ශනික සම්මන්ත්‍රණයක. එතන උන් කරන්නෙ ඇස් රෝල් කරන එක විතරයි. ඒ හින්ද එතන නියැදිය පොඩියි. මං උත්සාහ කරනවා දාර්ශනිකයො සෙක්ස් ගැන කියපු කතා අතර අනෙක් විෂයයන්වල වැඩ කරපු අය ඉදිරිපත් කළ ආකර්ශනීය අදහසුත් මතු කරන්න. උදා විදිහට ජේම්ස් තර්බර් සහ ඊ බී වයිට් දෙන්නා පොඩි පොතක් ලියනවා සෙක්ස් අවශ්‍යද කියල. ඒක 20 වෙනි සියවසේ ලිංගිකත්වය ගැන මනෝ විද ්‍යාවට පැරඩියක්. ඒත් මේ පොතෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩයි. මිනිහෙක් එයාගෙ කසාදය පරක්කු කරනවා. මේ ගැන තර්බර් සහ වයිට් පරීක්ෂා කරනවා.

    බලද්දි ඒ මනුස්සයා පෙලෙනවා අමුතු රෝගයකින්. ඒ මනුස්සයට හිතෙනවා තව පැය විසි හතරක් සමහර විට ඊට වඩා අඩු වෙලාවක් ඉවසන් හිටියොත් එයාට මේ ඉන්න පෙම්වතියට වඩා තමන්ට වඩා ගැලපෙන කෙනා මුනගැහෙනවා කියල. මේ සැකය හැම පිරිමියෙකුටම තියෙනවා. ඒක රාජකීය විදිහට විඳිනවා. මේ මනුස්සයා මේ සැකය වැඩිය හයියෙන් අල්ලගන්නවා මොකද මිනිහට හිතෙනවා තමන්ට මේ හරියටම ගැලපෙන අනෙකා ගැන ඡායාමාත්‍රයන් කීප තැනකදිම මුනගැහුනා කියල.

    කෝච්චියෙදි කෝපි කඩේදි, බස් ස්ටෑන්ඩ් එකේදි යන්තම් මිස් වුනා වගේ හැගීමක් එයාට තියෙනවා. මේ හරියටම ගැලපෙන අනෙකා පවතින බව ඇත්තක් කියල විශ්වාස නොකිරීම එයාටත්, තමන්ටත්, තමන් සමග මේ වෙලාවෙ ඉන්න පෙම්වතියටත් කරන දරුණු අසාධාරනයක් කියල එයා විශ්වාස කරනවා.

    තර්බර් සහ වයිට් කියන්නෙ ඉතිහාසයේ මාර දාර්ශනිකයො නෙමෙයි. හැබැයි සොරන් කියකගාර්ඩ් කියන්නෙ එහෙම කෙනෙක්. එයා මේකම මීට අවුරුදු සීයකට කලින් ලියනවා.

    “මිනිහෙක් ඉන්නවා කෙල්ලෙක් බැඳගෙන. මේ මිනිහා මේ කෙල්ලට කාලෙක ආදරය කරන්න ඇති නැත්තං කවදාවත්ම හරියට ආදරය නොකරන්න ඇති. එයා දකිනවා තව කෙල්ලෙක් හරියටම තමන්ට ගැලපෙන. මිනිහා ජීවිතේ වරදක් කරනවා. මේ පාර හරි හැබැයි ගේ වැරදියි. හරියටම පාර අනිත් පැත්තෙ දෙවෙනි තට්ටුවෙ ඉන්නවා එයාට හරියටම ගැලපෙන කෙල්ල. මේක කවියකට ගැලපෙන මාතෘකාවක්. පෙම්වතෙක් මිස්ටේක් එකක් කරගෙන. ලයිට් එලියෙන් එයා පෙම්වතිය දැක්කෙ කලු කෙස් ඇත්තියක් විදිහට. ඒත් ඇත්තටම බලද්දි එයා බ්ලොන්ඩ්. එයාගෙ සහෝදරිය තමයි හරියටම ගැලපෙන කෙනා. මේක කවියකට මාතෘකාවක්. මගේ අදහස හැටියට මේ විදිහෙ මිනිහෙක් කියන්නෙ ජීවිතේ වාතයක් විය හැකි ලැජ්ජාවක් නැති බල්ලෙක්. එලියට විසි කරලා දාන්න ඕන.”

    ෆියර් ඇන්ඩ් ටේ‍රම්බ්ලින්
    සොරන් කියකගාර්ඩ්

    දැන් මොකක්ද මේ දෙන්නගෙ දාර්ශනික හෝ ප්‍රවේශමය වෙනස? තර්බර් සහ වයිට් අපිව අපි ගැනම හිනස්සනවා. කියකගාර්ඩ් එයාගෙ ක්‍රිස්තියානියෙ ඉඳගෙන අපේ සාමාන්‍ය නැඹුරුවට අපහාස කරනවා.

    තර්බර් සහ වයිට් කතා කරනවා කෙනෙකුට ලිංගිකව ආශා කිරීම සහ ආදරය කිරීම අතර සදාතනික ප්‍රහේලිකාව ගැන.

    “හැම කෙනෙකුටම ජීවිතේදී මේ ප්‍රශ්නෙ ඇතිවෙනවා. මං ආදරය කරනවද? නැත්තං මං ආශාවෙන් පැටලිලා විතරද? මේක හරිම අමාරු ප්‍රශ්නයක්. මේක ඇතිවෙන්නෙම ඇති නොවිය යුතු තැන්වලදි. සමහර විට ලියුමක් ලියන්න ගනිද්දි, බදාගෙන ඉන්න අතරෙදි, රෑකදි. කෙනෙකුට පුළුවන් නම් ලේසියෙන්ම උත්තරයක් දෙන්න, ඔව් මං ආදරෙන් ඉන්නෙ කියල, නැත්තං නෑ මේක ආශාවක් කියල එයාට පුළුවන් වෙනවා පැය ගානක අපහසුතාවයකින් මිදෙන්න. ඒත් ලේසියෙන් කෙනෙකුට ඒ වගේ සරල උත්තරයක් දීගන්න බෑ”

    ගොඩක් ශාස්ත්‍රීය දාර්ශනිකයන් අතර ජේ මාර්ටින් ස්ටැෆර්ඩ් මේ අභියෝගය බාරගන්නවා. තර්බර් සහ වයිට් වගේ හාස්‍යමුසුව නෙමෙයි. සීරියස් විදිහට. ඒක සරල උත්තරයක් විදිහට නැතුව බරපතලට. ආශාව සහ ආදරය, එයා ලියනවා.

    “ආදරය කියන්නෙ විශේෂ ඇල්මක්, කාලයක් පුරා රැකබලාගන්නා ක්‍රියාවක්. අනෙකා සමග පමනක්ම තනිව බොහෝ කල් ගත කිරීමේ අවශ්‍යතාවයක්. ලිංගික ආශාව කියන්නෙ තෘප්තිමත් වීම හඹා යන උවමනාවක්. ඒකට තැනක් නොතැනක් නෑ. අනෙකාට අත්වෙන හොඳක් ගැන හැගීමක් නෑ. ”

    තර්බර් සහ වයිට් උනන්දු වෙන්නෙ සංකල්පීය විශ්ලේෂනයක් හෝ අර්ථ දැක්වීමක් ගැන නෙමෙයි. ඇඟට දැනෙන ආදරය සහ ආශාවේ හැඟීම ගැන. ඒක ඒ ගොල්ලො කියන්නෙ වෙන් කිරීම ඉතාම දුෂ්කරයි කියල. ඒ වගේම සමහර දාර්ශනිකයෙක් අහන්න පුළුවන්, ලිංගික ආශාවෙ අනෙකාගෙ යහපතක් ගැන හැගීමක් නෑ කියන්න පුළුවන්ද කියල. ආදරය ස්වභාවයෙන්ස ස්ථාවරයි, සුවිශේෂයි ලිංගික ආශාවට වඩා කියන එක ඇත්තක්ද කියල.

    අනෙක් කොටස ඉක්මනට.

  • සංවාසය වගේම සංවාදයත් කලාවක්

    සංවාසය වගේම සංවාදයත් කලාවක්

    ගැහැණියක් තමන්ගේ පෙම්වතාට හෝ පෙම්වතියට කියලා දෙන්න ඕන එයාව ස්පර්ශ කරන්න ඕන කොහොමද, එයාව අවදි කරන්න ඕන කොහොමද කියන එක. මේ ඉගැන්වීම තමයි හොඳ සම්බන්ධතාවයක් හදන්නෙ. පොත්වලින්, වීඩියෝවලින් ඉගෙන ගන්න පුළුවන්. ඒත් හැම ගැහැණියක්ම එකිනෙකාට වෙනස්. තෘප්තිය ලබන අත්විඳින විදිහ වෙනස්. තමන් සතුට ලබන කලාව තමන්ගේ පිරිමියාට හෝ සමරිසි නම් අනෙක් කාන්තාවට හෝ ඉගැන්වීම ආදරේ කොටසක්. ලිංගික සම්බන්ධයකදි තමන්ගේ තෘප්තිය අත්පත් කරගැනීම ගැහැනියකගෙ වගකීමක් වෙනවා.

    විශේෂයෙන්ම අද තරුණ තරුණියන් පුහුණු වෙන්න ඕන, ඉගෙන ගන්න ඕන දෙයක් තමයි සංවාදයක් පවත්වාගෙන යාමේ කලාව.  මෝබයිල් ෆෝන්, සෝෂල් මීඩියා නිසා අපිට නැතිවෙලා යන ඉතාම වටිනා ආර්ට් එකක් මේක. අනෙකා සමග ඉන්ටිමේට් සංවාදයක් අරගෙන යන එක. හොඳ ලිංගික ජීවිතයක් කියන්නෙ හොඳ සංවාදයක් පැවතීම කියන එකයි. පුළුවන් තරම් සංසර්ගය කිරීම කියන එක නෙමෙයි.

    මිනිස්සු කියනවා ඒ ගොල්ලොන්ගෙ වැඩ සහ ප්‍රශ්න නිසා සෙක්ස් කරන්න වෙලාවක් නෑ කියල. ඒක විනාශයක්. සෙක්ස්වලට වෙලාවක් හදාගන්න එක අතිශයින්ම වැදගත්. ගැහැනියකට ලිංගිකව අවදි වෙන්න පිරිමියෙකුට වඩා වෙලාවක් යනවා. අනිවාර්යෙන්ම ඒ වෙලාව පිරිමියා විසින් හදාගන්න ඕන.

    ඔයා සම්බන්ධතාවයක ඉන්නවා නම් ඒ අනිත් කෙනාව නැවත දැකීමේ ආශාවෙන් ඔයා පිරිලා ඉන්න ඕන. එයාව දකින මොහොතේදී කිසිම ආයාසයක් නැතුව ඔයාගෙ මුවට සතුටු හිනාවක් නැගෙන්න ඕන. ඔයාගෙ සහකරුවා හෝ සහකාරිය දැනගන්න ඕන එයා ඔයාගෙ ජීවිතේ ඉන්න එක ගැන ඔයා කොයිතරම් සතුටුද කියල.

    ආචාර්ය රූත් වෙස්ට්හයිමර්

  • අපේ කාලෙ ලිංගික රෙබෙලා PORN HUB

    අපේ කාලෙ ලිංගික රෙබෙලා PORN HUB

    පෝර්න් හබ් කියන ස්ට්‍රීමින්ග් සෙක්ස් අධිරාජයා විසින් හෙලන් ගර්ලි බ්‍රවුන් හරි මාස්ටර්ස් ඇන්ඩ් ජොන්සන් හරි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හරි කළාට වඩා මෙහෙයක් මිනිස් ලිංගික සිහින කලාපය විස්තීර්න කරන්න කළා කියන එක පිලිගත යුතු ඇත්තක්.

    THE CUT කියන පෙරලිකාර කාන්තා වෙබ් අඩවියෙ මෝරින් ඕ කොනර් මෙහෙම ලියනවා.

    ඉරිදා උදේ නැගිටිද්දි මට ටෙක්ස්ට් එකක් ආවා ඊයෙ පාටියෙ අපි ගියාට පස්සෙ තත්වය ගැන.

    “අපි හොඳටම වැදිලා ටෲත් ඕර් ඩෙයා කළා. ටෙඩුයි ඉවානුයි ඩොක් කළා”

    මේ ඩොක් Docking කියන එක කරන්නෙ පිරිමි දෙන්නෙක්. ඒකට එක්කෙනෙක් හරි  සුන්නත් නොකරපු කෙනෙක් වෙන්න ඕන. ගොඩක් වෙලාවට හෝමෝසෙක්ෂුවල් හරි බයිසෙක්ෂුවල් හරි අය අතර කෙරුනත් ස්ටේ්‍රට් අයත් මේක නොකරනවා නෙමෙයි. බ්‍රොමෑන්ස් නැත්තං පිරිමි දෙන්නෙක් අතර සහෝදර බැඳීමෙ උච්චාවස්තාවක් විදිහටත් ඩොකින්ග් කරන අය ඉන්නවා.

    ඒක කරන්නෙ මෙහෙමයි. පිරිමි දෙන්නෙක් මූනට මූන හිටගෙන ලිංගයන් ප්‍රානවත් කරගන්නවා. දෙන්නම තමතමන්ගෙ පෙරසම පස්සට අදිනවා. ශිෂ්නයන් එකිනෙකා ගෑවෙන තරමට ළංවෙනවා. එක්කෙනෙක් තමන්ගේ පෙරසම අනෙකාගේ ශිෂ්න මුන්ඩයත් වැසීයන පරිදි මුදාහරිනවා. එතකොට එකම සමක් ඇතුලෙ එක විට දෙන්නාගෙම ශිෂ්න එකට මුනගැහෙනවා. එක්කෙනෙක් මාස්ටර්බේට් කරද්දි අනෙකාටත් දැනෙනවා.  ගොඩක් වෙලාවට මේ ක්‍රමයෙන් දෙන්නටම එකවිට මෝචනය වෙනවා.

    මොනවා?

    මං හිතන් හිටියෙ ඒක පෝර්න් වල විතරක් වෙන දෙයක් කියල. ඒක මීට කලින් ඒ පාර්ටියෙ හිටපු කවුරුවත් කරලා තිබුනෙත් නෑ. ඒත් සමහර වෙලාවට ඒ වගේ අමුතු දෙයක් ඔලුවට ගියාම ඒක කොහොම හරි අත්හදා බැලෙනවා. ගොඩක් වෙලාවට ආශාව හෝ කුතුහලය නිසාම. ඇත්තටම ඒකට හේතුවක් තියෙන්නම ඕන නෑ. එහෙම දෙයක් තියෙනවා. ඔයා ඉන්නවා. ඔයාට ඒක කරලා බලන්න හිතෙනවා. එච්චරයි.

    ඉන්ටර්නෙට්වල තියෙනවා 34 වෙනි වගන්තිය කියල එකක්. ඒකෙ කියන්නෙ, ඔයාට යමක් ඉමැජින් කළ හැකිද, ඒ සඳහා වූ පෝර්න් එකක් පවතී කියල. ඒක අනිවාර්යයි. 

    දැන් අපි ඉන්ටර්නෙට් පෝර්න් යුගයෙ පිනුම් ගගහා ඉන්න හින්ද අපිට පුළුවන් තව නියමයක් එකතු කරන්න.

    “යම් පෝරන් එකක් පවතීද, මිනිසුන් විසින් එය අත්හදා බලනු ඇත”. ඒක 35 වෙනි නියමය වෙන්න පුළුවන්. 

    ඉතින් මිනිස්සු මේක අත්හදා බලනවා නම් ඒ සමහරක් ඕක වීඩියෝ කරලා අප්ලෝඩ් කරනවා. එතන ඉඳන් මේක දිගටම ලූප් එකක් වගේ වැඩකරන්න ගන්නවා. ඉස්සර කවුරු හරි අලුත් මොනවා හරි දෙයක් ට්‍රයි කරලා වීඩියෝ කළත් වීඑච්එස් එකක් හරි ඩීවීඩී එකක් හරි විදිහට ඕක පැතිරෙන්න අවුරුදු ගානක් යනවා. ඒ වෙන්නෙත්  පුංචි කට්ටියක් අතර. ඒත් අද පෝර්න් ගැන දන්නෙ නැති කෙනෙක් නෑ. පෝර්න් කියන එක මේන්ස්ටී්‍රම් වෙලා තියෙන්නෙ.

    මොකක් හරි දෙයක් ඔයා ඔයා විහින්ම ට්‍රයි කරලා බලන්න ඕන නෑ, ඒක නැරඹීමෙන්, ඒ ගැන ටෙක්ස්ට් කිරීමෙන්, ඒ ගැන ජෝක් කිරීමෙන්, ඒ ගැන හිතලා මාස්ටර්බේට් කිරීමෙන්, සර්ච් එන්ජින්වල ටයිප් කිරීමෙන් ඒ දේ සෙක්ෂුවල් විශ්වයට කැඳවන්න නිමවන්න ඔයා සමනල බලපෑම් ඇති කරනවා. මේවායින් සෙක්ෂුවල් මීම්ස් හැදෙනවා. ඉරොතික ක්‍රියාවන්, ෆැන්ටසීන් මේ විදිහට ලැව්ගිනි වගේ ඇවිලිලා යනවා.

    අපි මේ ජීවත් වෙන්නෙ සෙක්ෂුවල් ක්‍රියේටිවිටිවල ස්වර්ණමය යුගයෙ. ඒ හින්දම අද අපි අත්විඳින ඉරොතික පුනරුදය ඉතිහාසයේ කිසිදවසක නොවූ විරූ තත්වයේ එකක්. අද අපිට එක මිනිත්තුවකදි පුළුවන් කලිගියුලා රාජසභාවෙ කෙනෙක් ජීවිත කාලෙම දැක්කට වඩා ප්‍රානවත් වුනු ලිංගයන් දකින්න. මේකම සෙක්ෂුවල් සංස්කෘතියෙ සෑම අංශයක්ම විප්ලවීය වෙනසකට බඳුන් කරනවා. දැකීමෙන් වැඩේ නවතින්නෙ නෑ. අපි මේ දකින දේවල් නැවත ප්‍රතිනිර්මාණය කරනවා. ෂෙයාර් කරනවා. අලුත් කරනවා. මේක තමයි අපේ අද කාලෙ කින්සි වාර්තාව වෙන්නෙ. අපි අවට ඇති අතිවිශාල ප්‍රමාණයක් ඉරොතික ආශාවන් සහ චර්යාවන් විදහාපාන වේදිකාව වෙන්නෙ.

    මේ සමහර මීම්ස් අපේ ඇත්ත ජීවිතේ ඇතුලට පනිනවා. මෑත කාලෙදි මේ විදිහට හැදුනු ස්පෑන්කින්, ඩොකින්ග් වගේ ගොඩක් සෙක්ෂුවල් මීම්ස් ඇත්තට ගොඩක් අය ට්‍රයි කළා.

    ස්ක්වර්ට් කරන්න ඉගෙන ගන්න එක ෆෙමිනිස්ට් වැඩක්ද? බ්ලොග් එකක් කියවමින් හිටපු මගේ යාලුවෙක් දවසක් ඇහුවා. තව යාලුවෙක් මට කිව්වා සෙක්ස් කරන අතරෙ වැජයිනා එකට ගහන පිරිමි හින්ද එයාට තාවකාලික ලිංගික ඇසුරවල් එපා වෙලා කියල.

    “මං හිතන්නෙ මුං මේක අල්ලගෙන තියෙන්නෙ පෝර්න් බලලා..” එයා කිව්වා.
    එතකොට කොහොමද ඒක පෝර්න්වලට ආවෙ? මේක කිකිලිද බිත්තරේද වගේ ප්‍රශ්නයක්. අපි මේ විදිහට සෙක්ස් කරන්නෙ පෝර්න් හින්දද? නැත්තං පෝර්න් එහෙම වෙන්නෙ අපි එහෙම හින්දද? නැත්තං අපි හීන දකින්නෙ පෝර්න්වල වගේ  සෙක්ස් කරන්නද?

    පෝර්න් පටන් ගත්ත කාලෙ ඉඳන් පෝර්න් හින්ද අපේ සෙක්ස් ලයිෆ් එක විනාස වෙනවා කියල අඬා වැටෙන මිනිස්සු හිටියා. පෝර්න්වල ඇතුලට කිමිදෙන කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවා පෝර්න්වලින් අපිට උගන්නන සෙක්ස් ප්‍රභේදය අනුව පෝර්න් තේරුම් ගන්න එක ප්‍රමානවත් නෑ කියල. මොකද මේ ස්ටී්‍රමින් යුගයෙදි පෝර්න්වල විවිධත්වය සහ ප්‍රමානය අපේ ඇත්ත ජීවිතේ සෙක්ස්වල පරිමානයට වඩා අධිවේගයෙන් වර්ධනය වෙනවා. පෝර්න් කියන දේ ඇත්ත සෙක්ස්වලට වඩා ලොකුයි. ඇත්ත සෙක්ස් කියන කෝදුව පොඩියි.

    අපි බලන පෝර්න් අමුතුයි, වනචරයි, අපි ජීවිතේ කවදාවත් කරයි කියල හිතන්නෙවත් නැති දේවල් එතන තියෙනවා. පෝර්න් එක්ක ඇත්ත ජීවිතේ සෙක්ස්වල සම්බන්ධයක් නොපවතිනවා නෙමෙයි. ඒත් පෝර්න් ඇත්ත සෙක්ස්වලට වඩා අතිශයින්ම නිර්මාණශීලීයි. පෝර්න් කියන්නෙ සංසර්ගය කරන විලාසයන් පෙන්නීමක් නෙමෙයි. ඒ තමයි අපේ ලිංගික ආශා පරිකල්පනයේ පර්යේෂනාගාරය. ඒ තමයි හිතාගත නොහැකි වේගයෙන් පරිනාමය වන අපේ සාමූහික ලිංගික සවිඥානකත්වය.

    මේ පරිනාමයේ වේගය තේරුම් ගන්න පුළුවන් මේ වෙද්දි හැදෙන සෙක්ෂුවල් මීම්ස් කොයිතරම් අපේ සාම්ප්‍රදායික ලිංගික හැසිරීම්වලින් දුරස්තද කියන එකෙන්. පුසි ස්ලැපින්, බෝල් ස්ක්වීසින් වගේ අලුත් විනෝදයන් ආස්වාදයන් අපේ සාමාන්‍ය ලිංගික ජීවිතයට අසාමාන්‍ය රසයන් එකතු කරලා තියෙනවා. මේවා අලුත් නැරටිව් හදනවා. සමාජයෙදි පෝර්න්වලට විරුද්ද අය කාමරේදි ඒ විරුද්ද වුනු පෝර්න්ම නරඹනවා. සමලිංගිකත්වය ජුගුප්සාවෙන් බැහැර කරන අය තනිවුනාම සමලිංගික පෝර්න් බලනවා.

    ඒ තර්කය සදාචාරය බොඳ වුනු ශෘංගාර කලාපයේ රැඩිකල් විප්ලවකාරයා විදිහට පෝර්න් හබ් ඍජුව නැගී සිටිනවා.

  • අහිමි සුරතාන්තය

    අහිමි සුරතාන්තය

    ලංකාවෙ කසාදය ඇතුලෙ ගෑනියෙක් තමන්ගෙ සුරතාන්තය අහිමි වීම ගැන මීට කලින් කතා කරලා නෑ. ළමයි නැති එක වගේ සාම්ප්‍රදායික කාරණා ගැන තැන්තැන්වල  සිංදු ලියවුනත් ගෑනියෙකුගෙ සුරතාන්ත අයිතිය ගැන අපේ ගීත සාහිත්‍ය නිහඬයි. ඉන්දිකා උපමාලි පලවෙනි වතාවට සිංදුවකින් ගැහැණියකගෙ ලිංගික අයිතිය ගැන කතා කරනවා. අවාසනාවට ඒ සිංදුවෙ වචන ලියන්නෙත් පිරිමියෙක්.

    රෑ මද්දහනෙ බීගෙන ගෙදර එන සැමියෙක්.

    එයාගෙ උවමනාව එයාගෙ ධාතු ටික පහකර ගැනීම විතරයි. හැබැයි ඉස්සර එයා එහෙම නෙමෙයි. පීරියඩ්ස් ඉවර වෙනකල් බලන් ඉන්නෙ ඔරු පදින්න. මගදි අහම්බ මෝචනයක් වුනත් ආදරෙන් තුරුල් කරගෙන ඈවත් සුරතාන්ත ඉවුරට අරන් යන පෙම්වත් පෙම්වතෙක්.

    කොයිතරම් තව රුවල් දාපු නැව් ඇසට අසුවන මානයේ යාත්‍රා කළත් ඈ තාම පතන්නෙ ඒ පෙම්වත් පරණ ඔරු කඳමයි.

    ආයිමත් ඉස්සර වගේ ඔරු පදින දවසක් ඇගේ හීනයයි.

    රෑ මැදියම මත් වූ තොටියෝ
    ඔරු පදින්න මා කැඳවන නුඹ විතරක් එතෙරට යන
    රෑ මැදියම මත් වූ තොටියෝ

    මාස් වැස්ස ඉවර වෙලා
    අළුත් වතුර ගලන ගඟේ
    මල් නෙළුවා මතකද තොටියේ
    ඔරුව පෙරලුනත් ගඟ මැද
    මාව අරන් නුඹේ තුරුලට
    එතෙර කළා මතකයි තොටියෝ

    රුවල් නගා යන නැව් දැක
    සසල වෙලා බැලුවත් නුඹ
    නැව් නගින්න හිත නෑ තොටියෝ
    නුඹේ ඔරුවෙන් යලි දවසක
    කුමුදු පිපුන හඳ එළියක
    එතෙර යන්න ආසයි තොටියෝ

    පද- රජී වසන්ත වෙල්ගම

     https://www.youtube.com/watch?v=M4uZwyhHu6U