Author: admin

  • අනුරාගය සිඳී යන්නේ ඇයි? එස්තර් පෙරල්ගෙන් හේතු 10ක්.

    අනුරාගය සිඳී යන්නේ ඇයි? එස්තර් පෙරල්ගෙන් හේතු 10ක්.

    එස්තර් පෙරල් කියන්නෙ බෙල්ජියානු සයිකොතෙරපිස්ට් කෙනෙක්. සෙක්සොලොජිස්ට් කෙනෙක්. පිරිමි ගැහැණු දෙපාර්ශ්වයෙම කාලයත් එක්ක අනුරාගය අඩුවී යාම ගැන එයා කතා කරනවා. ඒකට බලපාන්න පුළුවන් කරුණු 10ක් මතක් කරනවා.

    1. දීර්ඝ කාලීන කැපවුනු සම්බන්ධතාවයක් නිසා
    සායනික මනෝවෛද්‍ය මාර්තා මීනා කියන විදිහට වගකීම්සහගත බව නිසාම ගැහැනියකගේ ආශාව මිය යනවා. කැපවුනු දිග කාලයක් පවතින සම්බන්ධතාවයක තියෙන ඒකාකාරීබව, සෙක්ස් කිරීමේ අනිවාර්යතාව වගේම පැවරුනු, අපේක්ෂා කරන වැඩකොටස ආදිය නිසා ගැහැනියකගේ ලිංගික ආශාව ටිකෙන් ටික නැති වෙන්න පුළුවන්. එයාට නිතර සතුටින් ඉන්න, සැහැල්ලු වෙන්න පෙම්වතාගෙ උදව් අවශ්‍ය වෙන්න පුළුවන්. දේවල් අත්හරින්න, ඇඟ අඩුකිරීම වගේ දේවල් පීඩාවක් නොකරගන්න, එයාගෙ ලස්සන නැවත නැවත මතක් කරන්න ළඟම දැනෙන කෙනෙකුගෙ වචන ඕන කරනවා. සැහැල්ලුව, වගකීම් විරහිත බව නැවත අනුරාගය අවුලනවා. 

     

    2.  foreplay අමතක කිරීම

    ඇත්තටම ගැහැනියකට ෆොර්ප්ලේ එකක් සෙක්ස්වලට වඩා ආස්වාදනීය වෙන්න පුළුවන්. සිපගැනීම්, වැළඳගැනීම්, සරාගී ස්පර්ශයන්, අනුරාගී කෙඳිරුම් ගැහැනියකගේ ආශාව ඇත්ත ලිංගික ක්‍රියාවට වඩා ගොඩක් දුර අරන් යනවා. ගොඩක් වෙලාවට ගැහැනු කරන පැමිනිල්ලක් වෙන්නෙ පිරිමියාගේ මේ ආදර ඇවටිලි දැවටිලි කොහොමෙන් හරි සංසර්ගයට පොළඹවාගැනීමේ දිශාවටම කේන්ද්‍ර වෙනවා කියන එක. පිරිමියාට උවමනාව ඇතිවුනු වෙලාවට විතරක් මේ සිපවැළඳගැනීම් සීමාවෙනවා කියන එක. ගැහැණියක් දවස පුරාම අවධානය සහ ආදරය බලාපොරොත්තු වෙනවා. ඇයට කලින් සුරතාන්තය අවසන් වුනු මොහොතේ පටන් නැවත පූර්ව රති රංගය ආරම්භ වෙනවා.

     

    3.  සුරතාන්තයෙන් සැනසීම ලැබේ යැයි සිතීම

    ගොඩක් වෙලාවට පිරිමි හිතන්නෙ සුරතාන්තය ලැබුවා කියන්නෙ සෙක්ස්වල උපරිම තෘප්තිය ලැබුවා කියල. ඒත් තෘප්තිය සහ බැඳීම කියන එක ලිංගික ක්‍රියාවට වඩා ගොඩක් දුර යනවා. ගැහැණු සෙක්ස්වලට කැමති වෙන්නෙ එහි අවසානය නිසා නෙමෙයි. ඒ වෙනුවෙන් ඇතිවෙන අනුරාගී බව, උවමනාවේ ආස්වාදය නිසා. ගොඩක් ගැහැනු ඉන්නවා ඒ අය අනුරාගී බැඳීම් ප්‍රතික්‍ෂේප කරන්නෙම මේ සම්පූර්ණ ක්‍රියාවට නතුවෙන්න තියෙන අකමැත්තට. ඇය සිපගැනීම් සුරතල්වීම්වලට ආශා කරන්න පුළුවන්. ඒත් සුරතාන්තයක් දක්වා සියල්ල ගෙනියන්න අකමැති වෙන්න පුළුවන්. පිරිමින්ට සිපගැනීමේ සිට සුරතාන්තය දක්වා තියෙන්නෙ සරල රේඛාවක්. ඒත් ගැහැණුන්ට ඒ ඇතිවෙන සම්බන්ධතාවය විතරක්ම ආස්වාදනීය වෙන්න පුළුවන්. මේක බොඳවුනු කලාපයක්. පිරිමි ඇවිස්සුනාම ඒ අයට අමතක වෙනවා ගැහැනියට නවතින්න අවශ්‍ය තැන ගැන සාවධාන වෙන්න.

    4. වගකීම් සහගත බිරිඳක් හෝ පෙම්වතියක් වීම

    ගොඩක් කාන්තාවො කියනවා මං සෙක්ස් කරන්නෙ මං ඒක අනිවාර්යෙන් කළ යුතු නිසා කියල. ඒක මං කරන්නෙ මගේ සැමියා වෙනුවෙන් කියල. මේ අනෙකා ගැන වගකීමක් දරන්න යාම ඇතුලෙම ගැහැනියක් එයා ගැන එයාට අවශ්‍ය දේ ගැන අමතක කරනවා. අනෙකාව සතුටු කිරීම විතරක්ම අරමුණු කරනවා. සෙක්ස් ගැන හිතද්දි එයා හිතන්නෙ සහකරුවාට අවශ්‍ය සෙක්ස් ගැන. මෙතනදි පිරිමියා වරදක් කරනවා නෙමෙයි. ගැහැනියක් එහෙම වුනාම පිරිමියෙකුට බෝරිං වෙනවා. පිරිමියෙක් කැමතියි තමන්ගෙන් සතුටුවෙන ගැහැනියක් දකින්න.  ගැහැණියකගෙ මේ වගකීම්සහගත චරිතය විසින් පිරිමියාගෙ අනුරාගය මරා දමනවා.

    5. කාන්තාවගේ ලිංගිකත්වය වැරදියට තේරුම් ගැනීම

    ගැහැණු ආශාව එක එක්කෙනා අනුව වෙනස් වෙනවා වගේම අඩුවැඩි වෙනවා. ඉන්ද්‍රිය මූලික, සුරතාන්ත කේන්ද්‍රිය ලිංගික ආශාව ඇත්තටම පිරිමි එකක්. ගැහැනියකට එයාගෙ කකුල් අතර වෙන දේට වඩා කන් අද්දර කොඳුරන දෙයින් එයාව අවදි කරන්න පුළුවන්. ඇගේ අනුරාගීබව ගැන, ඇගේ ලස්සන ගැන, ඇගෙන් ලැබෙන සුවය ගැන අහන එකමත් ඇයව තෘප්තියේ අද්දරට අරන් යනවා. ගැහැනු ආශාව හරිම ලේසියෙන් ඇති කරන්න පුළුවන් වගේම හරිම ලේසියෙන් බිඳී යනවා. ඒ වගේම නැවත ඉක්මනින් ඇති වෙනවා. ඒක හරිම ගලායනසුලු එකක්.

    6. ගැහැනු ප්‍රතිවිරෝදතාවලින් කන්ෆියුස් වීම

    ඊයෙ ඇය සෙක්ස්වලට ගොඩක් කැමති වුනා කියන්නෙ අදත් ඇය ඒකට කැමති වෙනවා කියන එක නෙමෙයි. එයා ඊයෙ අයිස්ක්‍රීම් කන්න ආස වෙලා අදත් ඒ විදිහටම ආස වෙන්න පුළුවන්. ඒත් සෙක්ස් වලදි එයා වෙනස්. එයා මෙහෙම කියන්න පුළුවන්.

    ‘මට බෑ. ඒත් මං බෑ කිව්වා කියල ඔයා අත්අරින්න බෑ. ඔයා ඒ තරම් ලේසියෙන් අත්අරිනවා කියන්නෙ ඔයාට ඇත්තටම ඒක ඕන වෙලා නෑ. අනිත් පැත්තට, ඔයා මට ඒක ඉල්ලලා කරදර කලොත් ඒ කියන්නෙ ඔයා මගේ සීමාවන්ට ගරු කරන්නෙ නෑ.’

    නැත්තං එයා මෙහෙම කියයි.
    ‘මට ඒක ඕන නෑ වගේ. ඒත් ඔයාට පුළුවන් මට ඒක ඕන කරන්න. මට හා කියන්න සලස්සන්න. හැබැයි සතෙක් වගේ වෙන්නෙ නැතුව’

    7. ඒක ශාරීරික හේතුවක් වෙන්න පුළුවන්

    හෝමෝන අඩුවීමක් නිසා එහෙම ආශාව නැති තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔයාගෙ ආර්තවය නතරවෙලා නම් ඒකෙන් අනිවාර්යෙන්ම වෙනසක් ඇති කරනවා. ගොඩක් වෙලාවට තයිරොයිඩ් ප්‍රශ්න නිසත් මේ බලපෑම ඇති වෙනවා.

    8. සෙක්ස් කම්මැලි වීම

    පිරිමි ගොඩක් ලේසියෙන් ඒ ගොල්ලොන්ගෙ පෙම්වතියන්ට ඇලීගැලී ඉන්න පුළුවන්. ඒ ගොල්ලොන්ට ඕන ඒ ගොල්ලො තරම්ම ඒ පෙම්වතියනුත් සෙක්ස් වලට ආස කරන්න. ඒත් ගැහැනු හරිම ලේසියෙන්ම සෙක්ස් වලට ඇති ආශාව අත්අරින හින්දම ඒ ගොල්ලොන්ට ඒ රස වැඩි කරන අලුත් දේවල් ඕන. එයාට සෙක්ස් කරන එක කරන්න වටින මහන්සියක් වෙන්න ඕන. නිකංම හම්බුවෙන සෙක්ස් වලින් ගැහැනියක් අනුරාගී වෙනවා අඩුයි. එයා සෙක්ස්වලට කැමති නම් එයා කැමති වෙන්නෙ සීමාවන්  අභිභවා යන්නයි.  ඒකාකාරීත්වයන්ගෙන් එලියට යන්නයි. කළ යුතු නොයුතු ලැයිස්තුවට අකීකරු වෙන්නයි.

    9. ආරක්ෂාව සහ ආශාව අතර වියවුල

    ගැහැනු ඒ ගොල්ලො දිහා බලන්නෙ අම්මලා, රැකබලාගන්නො විදිහට. මේ  භූමිකාව කොහෙත්ම සෙක්සි එකක් නෙමෙයි. ඔයාට ශෘංගාරයට ඇතුල් වෙන්න නම් මේ ගෘහනියගෙ භූමිකාව අතාරින්නම වෙනවා. ඉතිහාසය පුරාම සියවස් ගානක් කුමන්ත්‍රනය කලේ බිරින්දන් සහ මව්වරුන් ශෘංගාරහරනය කරන්නෙ කොහොමද කියලයි. ඒ ඉගැන්වීම් තාමත් කාන්තාවන්ගෙ ශරීර ඇතුලෙ මුල්බැහැගෙන තියෙනවා.

    10 අවදි නොවීම

    ඇවිස්සුනු ගැහැනියක් තරම් පිරිමියෙක් අවුස්සනසුලු වෙන දෙයක් නෑ. අවුස්සන උවමනාව තරම් ගැහැනියක් ඇවිස්සෙනසුලු වෙන දේකුත් නෑ. පිරිමියා සෙක්ස්වලට ලෑස්ති වෙන්න පුළුවන්. ඒත් ගැහැනිය ඉන්නෙ එයාගෙ ශරීරයත් එක්ක සම්බන්ධය දැනෙන, ඇයට ඇය හැටියෙන් හැඟෙන මොහොතක් නෙමෙයි නම් ඒකෙන් ඇයට කිසි දෙයක් වෙන්නෙ නෑ. පිරිමියාට කියන්න පුළුවන් ඇය කොයිතරම් ලස්සනද කියල. ඒත් මේ සෙක්ස් කිරීමේ උවමනාව නිසාමයි කියල ගැහැනියට තේරෙනවා නම් ඇය ඔහු කියන කිසි දෙයක් ගනං ගන්නෙ නෑ. රෝස්මරි බෙසන් කියන සෙක්සොලොජිස්ට් කියනවා ගැහැනියක් සෙක්ස්වලට යන්න කාරනා තුනක් හේතු වෙනවා  කියල.

    ඒ තමයි, ඇවිස්සීම, ආශාව සහ උවමනාව. ගැහැනියක් ශාරීරිකව උත්තේජනය වෙලා ඇවිස්සිලා ඉන්න පුළුවන් ඒත් ආශාවක් දැනෙන්නෙ නැතුව. එයා ඇඟෙන් ඇවිස්සුනාට ඒකට ඕන කරන හැඟුම්මය සපෝර්ට් එක මිසින්ග්. තව වෙලාවක එයාට ආශාව තියෙන්න පුළුවන්. ඒත් ඇඟට දැනෙන කිසි ඇවිස්සීමක් නැතුව. ඒක හරියට සෙක්ස් ගැන අදහසක් තියෙනවා ඒත් තාම ඇඟට ඒක පත්තු වෙලා නෑ වගේ. උවමනාව කියන්නෙ දිගටම කුතුහලයෙන්, ආශාවෙන් සිද්ද වෙන දේට ඉඩහරින්න ඇගේ තියෙන සූදානම. සියල්ල අත්හැර ඒ මොහොතට ඉඩදීමේ ඇගේ කැමැත්ත. එයාට තාම මූඩ් එක ඇවිත් නැති වෙන්න පුළුවන්. ඒත් එයා ලෑස්තියි මූඩ් එක එනකල් එතන ගත වෙන්න.

  • හෙට එච්චර පැහැදිලි නෑ

    හෙට එච්චර පැහැදිලි නෑ

    ඉරිදා දවසට ජිම් එක පාලුයි. කවුරුත් කම්මැලියි ඉරිදට බර උස්සන්න. සතියෙම කම්මැලිකමට නිකං හිටපු මං වගේ ගෝතයෙක් විතරයි ඉරිදට ජිම් එකට එන්නෙ.

    කකුල් දෙක බෑ බෑ කියල පස්සට අදිද්දි දැඩි අධිෂ්ටානයෙන් හරියට  නෙස්ටමෝල්ට් දෙක තුනක් ගහලා වගේ  බලය ජවය ශක්තිය පාවිච්චි කරලා මං ජිම් එකේ දොර ඇරියා. දොරම කිලෝ විසිපහක් තිහක් බරට දැනුනා.

    ජිම් එකක් කියන්නෙ හරිම ලස්සන තැනක්. ජීවිතේ අපිට ගොඩක් වෙලාවට මුනගැහෙන්නෙ කඩන් වැටෙන, ඩිප්‍රෙස් වෙන, කලකිරෙන දේවල්. හැමතැනින්ම ඇහෙන්නෙ ජීවිතය දුකයි කියන ගෝසාව. ඒක ලංකාවෙ හැටි. ඒත් ජිම් එකක් ඒකෙ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. 

    ජීවිතේ ගැන ආශාව වඩවන්න තියෙන තැනක්. වේදනාව ඇතුලෙන් තෘප්තිය හොයන්න පුරුදු කරන තැනක්. දුකෙන්ම දුක නැති කරන තැනක්. පරම අනුරාගී ආරාමයක්. ඒත් ඉරිදට ඒක කනත්තක් වගේ.හයියෙන් සිංදු දාලා තියෙනවා. ඒකෙන් කොහොම හරි පොඩි ගැම්මක් දෙනවා. ඉතිං මං අතට අහුවෙන ඩම්බෙල් දෙකක් කම්මැලිකමට උස්සනවා පාත් කරනවා.

    හෙට ඇවිත් අද ටිකත් එක්කම ගැහුවා නං ඉවරයි..
    හිත පස්සට අදින ගේම අත්ඇරලා නෑ.

    ඔන්න එකපාරට දොර ඇරුනා. කොන්ඩෙ චූටියට උඩට වෙන්න ගැටගහන් එයා ආවා. පින්ක් ටීෂර්ට් එකක්, කලු ටයිට් ජින් එකක්, ආපහු තද පින්ක් ඇන්ඩ් බ්ලැක්  සපත්තු දෙකක් එයාව වහගෙන හිටියා. මොහොතකට කලින් එයාගෙ මූනෙන් බාගයක් වහගෙන හිටපු කැත සර්ජිකල් මාස්ක් එක ඇතුල්වෙන තැනදිම ගලවලා එයා තොල් නිරුවත් කළා.

    දෙවඟනක් වගේ අනුරාගය පුරවගෙන එයා ඇතුලට ආවා. මුලු ඇඟම රත් කරගෙන, ඇහැරවාගෙන එන ලා රස්නයක් මට ලේවලින් දැනුනා. ඉර එලිය වැටුනා වගේ.

    මං එයාව දන්නවා. වෙනදට එයා එන්නෙ එයාගෙ හස්බන්ඩ් එක්ක. හස්බන්ඩ් ආවට එක්සර්සයිස් කරන්නෙ නෑ. ඌට ආපු වෙලාවෙ ඉඳන් කෝල් එනවා. මිනිහා කොට කලිසමක් ගහගෙන ෆෝන් එක කනේ තියාගෙන වටේ ඇවිදින හින්ද කොයි වෙලාවකවත් ඕනතරමට ඕන විදිහට එයා දිහා බලන් ඉන්න ලැබෙන්නෙ නෑ. ඒක හින්ද හැමතිස්සෙම එයා මගේ හිතේ අඩුවක් හැදුවා. එයා ප්‍රයිවට් කම්පැනි එකක මාර්කටින් ඩිරෙක්ටර් කෙනෙක්. හරිම සැර ගතියක් නිතරම එයාගෙ මූනෙ තිබුන.

    හෙඩ්ෆෝන් දෙකක් කනේ ගහගෙන එයා දරුණුවට ව්‍යායාම් කළා. කණ්ණාඩියෙන් කණ්ණාඩියට පරාවර්තනය වෙවී එයාගෙ රූපෙ ජිම් එක පුරාම පෙනුනා. ඒත් කාගෙ හරි ඇහැකට අහුවුනොත් කියන අපහසුතාවය සාමාන්‍ය දවසකදි ඒ රූපය රිසි සේ විඳින්න බාධා කරනවා.

    කෙල්ලෙක් එක්සර්සයිස් කරද්දි මාරම සෙක්සි. රූරා වැටෙන දාඩියත් එක්ක ඒ හදිස්සි හුස්ම වෙන කොයිම තැනකටත් අපේ වනචාරීම ආශාවන්ට ළඟින්ම ජිම් එකකදි කෙල්ලෙක්ව ෆීල් කරවනවා. අනිත් අතට ජිම් එකක ඉන්න කෙල්ලෙකුගෙ වෑයම වෙන්නෙම ඇඟ තව හැඩ කරන්න. පියයුරු උස්සන්න, පස්ස වටකුරු කරන්න, ඉන්ද්‍රිය අවදි කරන්න, ආශාව විඳින්න. ජිම් එකක් කියන්නෙ ගැහැනු පිරිමි භේදයක් නැතුව අපි අපේ සතා අවුස්සමින් ඉන්න වෙලාවක්.

    එයා එයාගෙ ෂෙඩියුල් එක පටන් ගත්තා. මට වටේම තියෙන කණ්ණාඩිවලින් එයාව පේනවා. මාව වාරණය කරන්න කවුරුත්ම නෑ.  වෙනදට වඩා ලොකු බර මට සැහැල්ලු විදිහට දැනෙනවා. එයාගෙ පරාවර්තනත් එක්ක මගේ හතිය මහන්සිය එකතු වෙනවා. ජිම් එකටම එයයි මමයි ජිම් එක බලාගන්න කොල්ලයි විතරයි.

    එයා මගේ බෙන්ච් එකට එහා පැත්තෙ ඇවිත් ඉඳගත්තා. හරිම නිර්භීතකමක්. මේ තරම් ආශාභරිත මගේ සීමාව උල්ලංඝනය කරනවා කියන්නෙ…

    එයාගෙ බෙල්ල දිගේ දාඩිය බිංදු බේරිලා එනවා ටීෂර්ට් එකේ කරට. උඩට බැඳපු කොන්ඩෙන් ලිහුන එකක් දෙකක් කෙස් කැරලි පෙඟිලා රන්වන් පාට බෙල්ල උඩ ඇලිලා, අල්ලන්න ආස හිතෙනවා. සැරින් සැරේට එයා බෙල්ල වටයක් කරකවලා නිදහස් කරනවා.  මං ඇයි මේ තරම් එයාගෙ බෙල්ල ගැන කියන්නෙ?

    එයාගෙ බෙල්ල තමයි ලස්සනම. හීනියි දිගටියි, වැර ගනිද්දි ලා නහරවල් මතුවෙනවා. බෙල්ලට ළඟින් හපන්න හිතෙන කන්පෙති තියෙනවා. එයාට තිබුනෙ පුංචි පියයුරු. පුංචි පස්සක් එක්ක හීනි ඇඟක්. එයාට ඕන ඇති තව ඇඟ හැදෙන්න. ඒත් එයා ලස්සනම මෙහෙම. හීනියට.

    මං එයාගෙ ඇස් මුනගැහෙන වෙලාවක් බලන් ඉඳලා හිනාවුනේ කතාවකට මුල පුරන්න. ඒත් එයා කිසිම හැඟීමක් නැති ඇස්වලින් මං දිහා බලාගෙන හිටියා විතරයි. ගල් ලුක් එකක්. ඒක කොහොමවත් ආරධනාවක් නෙමෙයි. එයා පාත්වෙද්දි ටීෂර්ට් එක ඉස්සිලා එයාගෙ පිට දිගට නිරුවත් වෙනවා. දාඩියෙන් තෙමුන පිටේ හරියටම තුනටිය මැද ධර්ම චක්‍රයක් ටැටූ කරලා තිබුනා. ආ, නෑ ඒක නැව් සුක්කානමක් වෙන්න ඇති. එතන ඒ වගේ එකකට කියාපු තැන. මහ මුහුදක එයාව කැමති දිහාවක පදවන්න පුළුවන්.

    එයාගෙ තොල් හුස්ම පිටකරලා මහන්සියට ඇරීගෙනම තිබුන. ඒවා තඩිස්සි වෙලා කියල මට හිතුන. මූනම රතුවෙලා කියල මට කණ්ණාඩියෙන් පෙනුනා.

    එයා නපුරුයි. ඒ නපුරුකම එයාට ගැලපෙනවා. මං එයාගෙ එරවිල්ලටවත් ඇස් අහකට නොගෙන අකීකරු ළමයෙක් වගේ හිටියා. උස්සන බරට වඩා ඇස්වල බර වැඩි වෙලා එයා එතනින් නැගිට්ටා. තරහෙන් ටවල් එකත් ගසල වේගෙන් යන්න ගියා. එයා ගියේ වොෂ් රූම් එක පැත්තට.

    මට කිසිම දවසක එන්නෙ නැති නරකම අදහසක් ආවෙ මේ වෙලාවෙ. ඒ අදහස පාලනය කරන්නම බැරි වුනා. ඒ වෙනුවට මං ඒ අදහසේ වහලෙක් වෙලා තිබුන. සමහර වෙලාවල් තියෙනවා එහෙම. අපිව අපේ වානර ආත්මය විසින් අත්පත් කරගන්න. ශිෂ්ටාචාරෙ මායිමෙන් අපිව එහාට තල්ලු කරන. ඇත්තම කතාව ඒ අසංවර අශිෂ්ටකමේ පතුලෙ අපි අපිව පූර්න පැවැත්මක අසම්මත ආස්වාදයක් විඳිනවා.

    මාත් ගියා වොෂ් රූම් එකට.

    ගැහැනු සංකේතය තඹයකට නොතකා මං දොර තල්ලු කළා.  ඇතුලෙ වෙන කවුරුවත් ඉන්න විදිහක් නෑ. එයා විතරයි. තව මොහොතකින් එයයි මායි විතරයි.

    එයා හිටියෙ ටීෂර්ට් එක මාරු කරමින්. මාව කණ්ණාඩියෙන් දැකලා එකපාරටම ගැස්සුනා. සමහර විට එයාගෙ ජීවිතේ දැනුන ලොකුම කම්පනය ඒක වෙන්න ඇති.

    එතකොටම රේඩියෝ එකේ මැඩොනාගෙ හියුමන් නේචර් ප්ලේ වෙන්න ගත්තා.

    එක්ස්ප්‍රෙස් යුර් සෙල්ෆ් ඩෝන්ට් රිප්‍රෙස් යුර් සෙල්ෆ්..

    තත්පර ගානක හයි ඉන්ටෙන්සිටි නැවතුමක්. ඊට පස්සෙ අධිවේගෙන් මං පැනලා එයාව බදාගත්තා. එයා තල්ලු වෙලා ගිහින් සින්ක් එකේ හැපුනා. අත උඩට ඉස්සිලා ටීෂර්ට් එකට හිරවෙලා තිබුනු හින්ද බ්‍රා එකට යනකල්ම බඳ නිරුවත්ව තිබුන. මගේ අත කෙලින්ම ඒ බඳ බදලා නතර වුනා. සීතල දාඩියට ඇලුනා. එයාට කෑ ගැහුනා. මාව හිරිවැටුනා.

    කලබලෙන් ටීෂර්ට් එක ගලවලා බිමට අතෑරලා එයා මං දිහා බැලුවා. මට ඕන වුනේ එයාගෙ දාඩියෙන් තෙත්වුනු එයාගෙ දිග බෙල්ල ඉඹින්න. මං අනවසරයෙන්ම ළංවුනා. මගේ ඇස් පියවුනා.

    ඒ දාඩිය සුවඳ… ජීවිතේ කිසිම තැනකදි කිසිම දවසක විඳලා නැති තරම් අනුරාගී සුවඳක් එයාගෙන් වහනය වෙමින් මාව මෝහනය කළා. ගෑනුන්ට මල් සුවඳ තවරන එක වැරදියි. ඒ සුවඳ තනිකරම මුල්වල සුවඳක්.

     

    ඒත් එයාගෙ අත මට වඩා ඉස්සර වුනා.

    චටාස්… එක කම්මුලක් කිස් කනවා ඇහුනා. කිසි දෙයක් දැනුනෙ නෑ.

    මං බලන් හිටියා. එයා වෙව්ලනවා කේන්තියට බයට. මං වෙව්ලනවා ආසාව වැඩිකමට.

    එයා මගේ අනිත් කම්මුලටත් අත දිග ඇරලා තව පාරක් ගැහුවා. බ්‍රා එකයි ජීන් එකයි විතරක් ඇඳගෙන, මගේ අතින් බඳට තද වෙලා ඉඳගෙන මගේ නපුරු සුරංගනාවි මට දඩුවම් කරමින් හිටියා.

    ඊට පස්සෙ එක දිගට කම්මුල් පාරවල් වැලක්. මට මොකුත් පේන්නෙ නැතුව ගියා. එයාව අත්ඇරුනා. ඒ ටිකට ටීෂර්ට් එකත් අරගෙන එයා දිව්වා. එතකොටම මැඩෝනාගෙ සිංදුව නතර වුනා. මං වොෂ්රූම් එකේ තනි වුනා.

    එතනින් පස්සෙ ඕනම දෙයක් වෙන්න පුළුවන්. කලබල වෙන එකේ තේරුමක් නෑ. මං හෙමින් පිරිමි වොෂ්රූම් එක ඇතුලට ගියා.

    එයාගෙ නපුරු මූන, තෙතට ඇලෙන හීනි ඇඟ, ඒ ආදම්ගේ උයනෙ සුවඳ,  කිස් කන කම්මුල් පාරවල්.. මං මාස්ටර්බේට් කරගෙන කරගෙන ගියා.

    හ්ම්ම්ම්ම්ම්…….හ්…පියවි සිහියට ආවෙ එතකොට. එලියෙ මහ කලබලයක් බලාපොරොත්තුවෙන් මං වොෂ්රූම් එකේ දොර ඇරියා. ම්හ්… කිසි කෙනෙක් නෑ. එලියට එන තැන ජිම් එකේ කොල්ලත් උගේ පාඩුවෙ වැඩක්.

    යනවා මචං..

    බෑග් එකත් අරන් එන ගමන් මං කිව්වෙ නිකමට ටෙස්ට් කරන්න. ඌ ඔලුව උස්සලා බැලුවෙ වත් නෑ.

    එතකොට එයා කිසි දෙයක් කියල නැද්ද?

    ගෙදර ගිහින් හස්බන්ඩ්ට කියයි. ඌ ඇවිත් කම්ප්ලේන් කරයි. ජිම් එකෙන් මට කෝල් එකක් එයි. මෙම්බර්ෂිප් කැන්සල් කියයි. එච්චරයි.

    එහෙම නොවුනොත් දවස් කීපයක් බලලා මං ආයිමත් ජිම් එකට එනවා. එතකොට එයාව හම්බුවෙනවා.

    මට පුළුවන් එයාට සොරි කියන්න.

  • ASMR සෙක්ස්

    ASMR සෙක්ස්

    එයාගෙ කෙඳිරිල්ලකට පුළුවන් නම් ඔයාව ගොඩක් දුර අරන් යන්න ඔයත් ASMR ලෝලියෙක් වෙන්න පුළුවන්.

    හීන් කෙඳිරිල්ලක්, මේසෙකට නියපොතුවලින් දාන යාන්තම් තට්ටුවක්, සුමුදු සීරුමක්, සමහර විට කෑම කන එක වෙන්න පුළුවන්, මේවායින් අපිව මාර රිලැක්සේෂන් එකකට හරි, ස්වර්ගාස්වාදය වගේ තත්වයකට හරි ගෙනියනවා නම් ඒක ASMR (ඔටොනමස් සෙන්සරි මෙරිඩියන් රෙස්පොන්ස්) තත්වයක් කියල කියනවා. ඉන්ද්‍රිය ස්වායත්ත කූටප්‍රාප්ති ප්‍රතිචාරයක් කියල දල වශයෙන් කියන්න පුළුවන්. කොන්ඩෙ කපද්දි කතුර කන ළඟින් එහා මෙහා යන සද්දෙටත් මෙහෙම එකක් දැනෙනවා. ඒක ඇඟම කිළිපොලා යන අත්දැකීමක්

    කොහොම වුනත් මේ තත්වය බහුතරයකට තියෙන එකක් නෙමෙයි. ඒ වගේම තියෙන අයටත් ඒ ගොල්ලොන්ව ටි්‍රගර් වෙන දේවල්වල රේන්ජ් එක මාර ලොකුයි. ASMR තත්වයක්ම නැතත් ශබ්ද සහ සංවේදන වලින් ඕන කෙනෙකුගෙ ශෘංගාරය අවදි කරන්න පුළුවන්. ළාවට කොන්ඩෙ අතරින් බෙල්ල දිගේ පහලට යන සුමුදු ස්පර්ශයක හැඟීම කොයි වගේද? ඒක සුරතාන්ත අත්දැකීමක් වගේ නැද්ද? මේ අත්දැකීමත් ඊට බෙහෙවින්ම සමීපයි. මේ එස්එම්ආර් වලින් පුළුවන් අපේ සෙක්ස්ලයිෆ් එක වෙනම තලයකට අරන් එන්න.

    ASMR කියන්නෙ මූලිකවම ශබ්දය සහ රූප වලින් ඇති කරන කිතිකැවෙන, ආස්වාදජනක හෝ රිලැක්ස් කරනසුලු සංවේදනයට. මුක්බාන්ග් කියන ඉන්ටර්නෙට් ටේ‍රන්ඩ් එක මේ විදිහෙ ASMR ලෝලීන්ගෙ වැඩක්. කවුරු හරි කැමරාවක් ඉස්සරහ කෑම කන එකේ වීඩියෝ තමයි එතනදි පාවිච්චි වුනේ. ඒ කෑම කන, උරන, ලෙවකන, හපන රූපය සහ ශබ්ද ඒක නරඹන්නන්ට අර යුෆොරික් හැඟීම දෙනවා. මුක්බාන්ග් ස්ටාර්ස් ලා ඉන්නවා.

    කොඳුරන සද්දෙට, හුළඟක් වදින සද්දෙට, හීරුමක සද්දෙට, මොකක් හරි ලියද්දි, ටයිප් කරද්දි එන සද්දෙට, කොටින්ම ඔරලෝසුවෙ කටු දුවන සද්දෙට වුනත් ASMR අවදි වෙන්න පුළුවන්.

    මේ අත්දැකීම පෝර්න් එකකින් ගන්න එක්සයිට්මන්ට් එකට වඩා වෙනස්. පෝර්න් එකක් බලද්දි අපි ආස්වාදයකට ගියත් අපේ හාර්ට් එක ගැහෙන වේගය වැඩි වෙනවා. ASMR කියන්නෙ අපිව ගොඩක් සංසුන් කරන අත්දැකීමක්. සෙක්ස්වලට ගියත් ඒක හරියට සෙන් භාවනාවක් වගේ. මේකෙන් ඇන්සයටි ඩිප්‍රෙෂන් අඩුවෙනවා කියලයි කියන්නෙ. හාර්ට් එක ගැහෙන වේගය පවා තත්පරයට වාර තුනකින් අඩුවෙනවා කියල පර්යේෂණවලින් පෙන්නනවා.

     ASMR තියෙන අය වුනත් ඒක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ කෙලින්ම සෙක්ස්වලට නෙමෙයි. ඒක මොලේ ඇතුලෙ ඒ රහ ඇති කරන තැනම උපදින තෘප්තියක් වගේ දෙයක්. චොක්ලට් කේක් එකක් දැක්කම කෙනෙකුට ම්ම්ම්ම් ගාලා කියවෙන්න පුළුවන්. ඒක අපේ මොලෙන් නිර්මාණය කරන ත්‍රිල් එකක්.

    ASMR වැඩ කරන්නෙ සෙක්ස්වලට නොවුනට ඒ හරහා වෙන රිලැක්ස් වීම සෙක්ස්වල උපරිම ආස්වාදයක් කරා යන්න උදව් වෙනවා. මුලින් කරන සිහින් කෙඳිරිලිවලට පුළුවන්, ඒ කොඳුරන දේ තේරුමට නෙමෙයි ඒ සද්දෙට, අපිව ශෘංගාර ලෝකෙක මංමුලා කරන්න. ඒ හුස්මට, කන අද්දරින් වදින හුස්ම හුළඟට පුළුවන් අපිව ආදම්ගෙ උයනට කැඳවන්න. අල්ලන මිරිකන මොහොතට කලින් ඇඟ පුරා දුවන සිහින් ස්පර්ශයකට පුළුවන් හැම තැනක්ම අවදි කරන්න.

    ASMR වීඩියෝ ගොඩක් යූ ටියුබ් තියෙනවා. ඒවා බලලා කෙනෙකුට පුළුවන් තමන්ව කිතිකවන ASMR වර්ගය හොයාගන්න. මේ වීඩියෝ බලද්දි අනිවාර්යෙන්ම හෙඩ්ෆෝන් පාවිච්චි කරන්න ඕන. මේවා අන්තිම පර්සනල්. ඔයත් එක්ක, කෙලින්ම ඔයාගෙ මොලෙත් එක්ක විතරයි ගනුදෙනු කරන්නෙ. සමහර අය කෑම කන හැටි, තොල් හොලවන හැටි, දිවෙන් තෙත් කරන හැටි අපිව තෙත් කරනසුලුයි.

    අපිට අලුත් සංවේදන කලාපයක් විවෘත කරන හැම විදිහකින්ම සිද්ද වෙන්නෙ අපේ ශෘංගාරය ඉරොතිකය පුළුල් වෙන එක. අල්ලනවා, මිරිකනවා, හපනවා, ඉඹිනවා, සංසර්ගය කරනවා කියන හැමදාම කරන ටික වෙනුවට ASMR කලාපයත් අපේ රාග වියමනට එකතු කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් වළාකුල් අතර තටු ගහන්න.

     https://www.youtube.com/watch?v=hclLssaEgqE

  • බෞද්ධ සම්ප්‍රදායේ ශෘංගාර කැරලිකරුවා ගෙන්ඩුන් චොපෙල්

    බෞද්ධ සම්ප්‍රදායේ ශෘංගාර කැරලිකරුවා ගෙන්ඩුන් චොපෙල්

    (මේ ලිපියෙ කර්තෘ ඩොනල්ඩ් එස් ලෝපෙස් මිචිගන් සරසවියෙ බෞද්ධ සහ ටිබෙට් අධ්‍යයන මහාචාර්යවරයෙක්. රති නිබන්ධය- ආදරය සහ කාමය සඳහා ටිබෙටියානු මාර්ගෝපදේශ පොත ලියන්නෙ එයා.)

    කිසිවෙකුට හිංසාවක් නොවන හෝ පහර දීමක් නොවන
    පිහිතුඩෙන් හෙලි තුඩෙන් කළ කුරිරු සිදුරු කිරීමක් නොවන
    ආශාව උරුම හැඟුම්බර මිනිසුන්ටයි
    එය කුසලයක් නොවුනත් පාපයක් වනු කෙලෙස?

    • ගෙන්ඩුන් චොපෙල්- රති නිබන්ධය 1967

    බෞද්ධ භික්ෂුවක් විසින් පිලිපැදිය යුතු නීති බොහොමයි. එක සම්ප්‍රදායක නීති 253ක්. තව එකක 200ක්. කතාවෙ හැටියට මේ නීති බුදුන් විසින්ම පනවන ලද ඒවායි. බුදුන් මේ නීති සියල්ල එකපාර ප්‍රකාශයට පත් කළා නෙමෙයි. හරියට මෝසෙස් සිනායි කන්දෙ ඉඳන් දස පනත අරන් ආවා වගේ. මේ නීති ටිකෙන් ටික පරිණාමය වුනා. යම් ඇවතක් සිදුවුන තැනදියි නීතියක් පැනවුනෙ. බුද්ධ සාසනයෙ මුලින්ම නීති පැනවුනෙ මිනිස් ඝාතනයට විරුද්ධව නෙමෙයි. සෙක්ස්වලට විරුද්ධවයි.

    හොඳම උදාහරනෙ සුදින්නගෙ කතාව. සුදින්න එයාගෙ බිරිඳ සහ මව අත්ඇරලා ගිහින් මහන වෙනවා. ටික කාලෙකට පස්සෙ එයා ආපහු ගෙදර එනවා සුවදුක් බලලා යන්න. මේ ආපු ගමනෙදි සුදින්න භික්ෂුව ඒ පැවිදිබවට පෙර බිරිඳ එක්ක ලිංගිකව එකතු වෙනවා. නමුත් මේක සිද්ද වෙන්නෙ කාමය හෝ ප්‍රේමය නිසා නෙමෙයි. සුදින්නගේ මවගෙ බලවත් ඉල්ලීම නිසා. ඒ අම්මයි වයස්ගත තාත්තයි මළ දවසක පරම්පරාවෙ උරුමක්කාරයෙක් නැතිවීමෙන් සියලු දේපොල රජා විසින් අල්ල ගනී කියන බයටයි මේ ඉල්ලීම කරන්නෙ. ඒත් සුදින්නගෙ හිතට මේක හරි නෑ. එයා ඒ හින්ද අනිත් භික්ෂුන්ට මේ ගැන කියනවා. ඒ භික්ෂුන් මේක බුදුන්ට කියල බුදුන් සුදින්නව කැඳවනවා. කැඳවලා අමතනවා සැරෙන්.

    අසත්පුරුෂය, ස්ත්‍රී යෝනියක් තුලට දැම්මාට වඩා හොඳයි උඹේ ඔය ලිංගය විෂකුරු සර්පයෙකුගෙ කටේ එබුවා නම්. ස්ත්‍රී යෝනියක් තුලට දැම්මාට වඩා හොඳයි උඹේ ඔය ලිංගය කලු පොළඟකුගේ කටේ එබුවා නම්. ස්ත්‍රී යෝනියක් තුලට දැම්මාට වඩා හොඳයි උඹේ ඔය ලිංගය දැවෙන ගිනිඅඟුරු ගොඩක එබුවා නම්. ඒ මොකද? උඹ ඒ මොහොතේ මරණය හා සමාන වේදනාවක් වින්දත් ඒ නිසා උඹ මරණින් මතු නිරයෙහි පැසෙන්නේ නැති නිසයි.

    බෞද්ධ ඉතිහාසය පුරා බෞද්ධ පොතපත වැඩිපුරම ලියවී තියෙන්නෙ බ්‍රහ්මචාරී භික්ෂුන් අතින්. අබ ඇටයක තරම් ගැඹුරට කරන ලිංගික විනිවිදයාමක් වුනත් ශාසනයෙන් සදහටම නෙරපා දැමීමට හැකි පළමු විනය උල්ලංඝනය විදිහට සලකනවා. ඒ වගේම භික්ෂුන් සාමාන්‍ය මිනිස්සුන්ගෙත් ලිංගික ජීවිතය පාලනය කරන්න උත්සාහ කළා. යෝනිය මිස අන් කොහෙන්වත් ඇතුල්වීම වරදක් කියල ඇතැම් භික්ෂුන් දේශනා කළා. දහවල් කාලයේ ලිංගිකව හැසිරීම වරදක් කියල කිව්වා. අද වුනත් සමලිංගිකත්වය ගැන භික්ෂුන් දරන මත මේ ආකාරයෙන්ම සීමාකාරීයි.  ආසියාතිකව බෞද්ධ භික්ෂුව නිරූපනය වුනේ බ්‍රහ්මචර්යාවෙ ප්‍රතිමූර්තියක් හැටියටයි. ඒත් නොයෙක් බෞද්ධ රටවල නවකතා නාට්‍ය තුල භික්ෂුව මීට වඩා වෙනස් වෙනස් විදිවලට ගෙනහැර පානවා.

    බෞද්ධ සම්ප්‍රදායෙ මීට ප්‍රතිවිරුද්ධ කතිකාව ගෙනාවෙ තන්ත්‍ර සම්ප්‍රදායෙන්. ඒ බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු දාහකට පස්සෙ. මෙතෙක් සෙක්ස් කියන එක දූෂිත වරදකාරී දෙයක් හැටියෙන් තිබුනත්  තන්ත්‍ර විසින් සෙක්ස් කියන්නෙ පාරිශුද්ධත්වය කරා යන මාවත බවට පත් කරනවා. තන්ත්‍රවලදි සුරතාන්තය සමග ගමන් කළ හැකි විවිධ ආධ්‍යාත්මික තලයන් ගැන සවිස්තරාත්මකව කතා කරනවා. ඒ සුඛයේ ගැඹුරේදී දැනගත් රහස් තාක්‍ෂණයන් ගැන කියනවා.  සම්භෝගය හරහා බුද්ධත්වය ලබන තාන්ත්‍රික බුදුවරුන් ඉන්නවා.

    විසි වෙනි සියවස වෙනකල්ම අපිට තන්ත්‍රවලින් පිටත මේ විදිහෙ සාම්ප්‍රදායික භික්ෂු ශික්ෂාව විචාරය කරන, ලිංගික තෘප්තිය වෙනුවෙන් පෙනී ඉන්න බෞද්ධ සාහිත්‍යයක් මුනගැහෙන්නෙ නෑ. 1939දි ටිබෙට් ලේඛකයෙක්, උපැවදි වුනු භික්ෂුවක්, ගෙන්ඩුන් චොපෙල් රති නිබන්ධය ලියන්න ගන්නවා. කවි විදිහට ලියන මේ පොත තමයි ටිබෙට් බෞද්ධ සාහිත්‍යයට අයිති ශෘංගාර රචනා දෙකෙන් එකක් වෙන්නෙ.

    ගෙන්ඩුන් චොපෙල් කියන්නෙ 20 වෙනි සියවසේ ප්‍රකට වගේම කුප්‍රකට ටිබෙට් බුද්ධිමතා. අවුරුදු 12දි පැවිදි වෙන ගෙන්ඩුන් 1934දි ටිබෙටයෙන් නික්මෙන කල්ම බෞද්ධ ඇකඩමියාවෙ ඉහලටම ඉගෙන ගන්නවා. එයා ඊට පස්සෙ අවුරුදු 12ක් ඉන්දියාවෙ, නේපාලෙ, ලංකාවෙ සංස්කෘත භාෂාව හදාරමින් ගත කරනවා. මේ අතර ගෙන්ඩුන් පැවිදිබව අත්හරිනවා. එයා එතන ඉඳන් චිත්‍ර අඳින්නත් ලියන්නත් පටන් ගන්නවා. කොටුවෙලා ඉන්න ටිබෙටයට නිදහස් ලෝකයක් ගැන විස්තර ලියනවා.

    ගෙන්ඩුන් චොපෙල් සංස්කෘත සම්භාව්‍ය කෘතියක් වුනු කාම සුත්‍ර හදාරන්න පටන් ගන්නවා. ටිබෙටයට ශෘංගාර සාහිත්‍ය නාඳුනන කලාපයක් නිසා එයා තමන්ගෙම රති නිබන්ධය ප්‍රබන්ධ කරන්න ගන්නවා. ඒ සඳහා සංස්කෘත ලිංගිකෝපදේශ ග්‍රන්ථ වගේම කල්කටාවෙ ගණිකා මඩම්වල සහ පෙම්වතියන් සමග එයාගෙ අත්දැකීම් පාවිච්චි කරනවා. ඒ පෙම්වතියන්ට ගෙන්ඩුන් නම් සඳහන් කරමින් තමන්ගෙ පොතේ ස්තුති කරනවා.

    බ්‍රහ්මචාරය අත්හැරි විගස නිසාම පළමු වරට ලිංගික අත්දැකීමක් විඳින කෙනෙකුගේ ප්‍රහර්ෂය ගෙන්ඩුන්ගෙ කවිවල දකින්න පුළුවන්. කාලයක් පුරා තහනම් වුනු රසයක් නිසාම ඒ හැමදෙයක්ම එයාට වඩාත් සුන්දර මතකයන් මවනවා. ඒ කවිවල තියෙන්නෙ පිරිමියෙකුගේ ආශාව ගැහැණියකගෙන් සන්තර්පනය කරගැනීමක් නෙමෙයි, ඒ වෙනුවට රති කෙලියේ පූර්ණ සහකරුවන් හැටියට ආස්වාදය බෙදාහදාගැනීමක්. ගෙන්ඩුන් චොපෙල් රති නිබන්ධය පුරා හොයන්නෙ තාන්ත්‍රික සමාධියේ ඇත්ත ස්වභාවය. ඒ වගේම කොහොමද ඒක සම්භෝගය එක්ක සම්බන්ද වෙන්නෙ කියල.

    කඳු සහ නිම්න බිමකට අලංකාරයි
    විසකුරු හැඟුම් දිවියට දෝෂකාරයි
    භාවනාවෙන් තොරව නවතන්න හැඟුමන්
    පෘතග්ජනයාට ඇත්තෙ රතියේ සමාධිය පමනයි.

    ගෙන්ඩුන් චොපෙල් ඉන්දියාවට එන්නෙ නිදහස් අරගලයෙ කූටප්‍රාප්තියෙදි. හින්දු මුස්ලිම් දේශප්‍රේමීන් බි්‍රතාන්‍යයන්ගෙන් ගැලවෙන්න සටන් කරනවා. ගෙන්ඩුන් මේ අරගලයෙන් ගොඩක් දේවල් ටිබෙටයට අරන් ගියා. ඒ වගේම එයා තව මෙහෙයුමක හිටියා. ඒ තමයි ලිංගික නිදහස වෙනුවෙන් වූ අරගලය. එයා රාජ්‍ය සහ ආගමික ආයතන වලින් පවත්වාගෙන යන බොරු සදාචාරය ප්‍රතික්‍ෂේප කළා. ලිංගික තෘප්තිය කියන්නෙ ස්වභාව ධර්මයේ අවශ්‍යතාවයක් සහ විශ්වීය මිනිස් අයිතියක් කියල පෙනී සිටියා. කාම සූත්‍ර ලියවුනෙ ප්‍රභූන්ට. තන්ත්‍ර ආවෙ ආධ්‍යාත්මිකව දියුණු අයට. නමුත් ඒ ධර්ම ප්‍රකාශ වෙලා තියෙන්නෙ සමස්ත මිනිස් වර්ගයාම වෙනුවෙන්. රති නිබන්ධයෙන් ගෙන්ඩුන් කරන්න හදන්නෙ ශෘංගාරය පාලක පන්තියෙන් හොරකම් කරගෙන වැඩකරන ජනතාව අතරට ගේන එක.

    මේ පළල් පොලෝ මත  සියලු මිනිසුන්
    හැඟුම් විරහිත නීතියේ බැම්මෙන් මිදේවා
    නිසි අවැසි තෘප්තීන්
    නිදහසේ විඳින්නට ලැබේවා

    ලිංගික නිදහස අනෙක් රටවලත් ජයග්‍රහනය කළා වුනත් ඒ විප්ලවකාරීන්ට දරුණු අර්බුදවලට මුහුන දෙන්න වුනා. ඒකම ටිබෙටයේ ගෙන්ඩුන් චොපෙල්ටත් වුනා. අවුරුදු 12ට පස්සෙ 1945 එයා ලාසාවලට එනවා. මුලින්ම එයා තමයි ටවුමෙ සුවිශේෂීම චරිතය වුනේ. හැම රෑකම ප්‍රභූවරයෙක් එක්ක සාදයක් තිබුන. ඒත් ඉක්මනටම එයා සැකකාරයෙක් වුනා. බොහෝවිට ඒක වුනේ බි්‍රතාන්‍ය නියෝජිතයන්ගෙ පෙළඹවීම මත.

    1948 චොපෙල්ව අත්අඩංගුවට ගන්නවා හොර සල්ලි බෙදාහැරියා කියන අභූත චෝදනා මත. එයා අවුරුදු තුනක් හිරේ ඉන්නවා. පස්සෙ වර්තමාන දලයි ලාමා එයාගෙ බහුතරය අත්පත් කරගැනීම වෙනුවෙන් ලැබුනු පොදු සමාවකින් චොපෙල් නිදහස වෙනවා. 1951 සැප්තැම්බර් ජනතා විමුක්ති හමුදා ටිබෙටය නැවත චීනයට ලැබුනු පනිවුඩය අරන් ලාසාවලට එද්දි ගෙන්ඩුන් චොපෙල්ට ඒ පැරඩ් එක බලන්න හිටගන්නවත් වාරු නෑ. එයා ඉන්නෙ මැරෙන්න වැටිලා. එයාගෙ නිබන්ධනය මුද්‍රණය වෙන්නෙ එයා මැරිලත් හුඟ කාලෙකට පස්සෙ 1967දි. ඒත් ටිබෙට්වල නෙමෙයි. ඉන්දියාවෙ. දලයි ලාමා එක්ක පිටුවහල් වුනු බොහොමයක් ටිබෙට් ජාතිකයනුත් ඒ වෙද්දි ඉන්දියාවෙ.

    ගෙන්ඩුන් චොපෙල්ගෙ පොත1960 ඇති වුනු යුරෝ ඇමරිකානු ලිංගික අරගලයට දායක වුනේ නෑ. ඒත් රති ක්‍රීඩාව ගැන චොපෙල් දෙන උපදෙස් බෞද්ධ ලෝකයටත් ඉන් එපිටටත් තව බොහෝ දේ විඳින්න තියෙනවා කියල මතක් කරනවා.

  • දර්ශනයට එරෙහිව සුරතාන්තය

    දර්ශනයට එරෙහිව සුරතාන්තය

    වික්ටෝරියා බෲක්ස් කියන්නෙ ලේඛිකාවක් වගේම ලිංගික ආචාර ධර්ම ගැන පර්යේෂිකාවක්. එයා ප්‍රකාශන ගනනාවක්ම කරනවා දර්ශනය, ආචාර ධර්ම සහ කාන්තා ලිංගිකත්වය ගැන. එයාගෙ අලුත් පොතේ නම, ෆකින්ග් ලෝ- ඇගේ ලිංගික ආචාර ධර්ම සොයා යාම. එයා කුයර් කියලා හඳුන්වන ගේ, ලෙස්බියන්, බයි සහ ට්‍රාන්ස්ජෙන්ඩර් ලිංගිකත්නවන් ගැන වඩාත් උනන්දුයි. ඊලග ව්‍යාපෘතිය විදිහට කරමින් ඉන්නෙත් කුයර් ආශාව ගැන ප්‍රබන්ධ රචනයක්.

    ප්‍රශ්නය-
    ඔයාගෙ පොත ඔයා හදුන්වන්නෙ බටහිර දර්ශනවාදයට සුරතාන්ත ප්‍රහාරයක් කියල. මේ පොතේ ඔයා ගේන චරිතයක් ඉන්නවා ඇගේ දාර්ශනිකයා කියල හඳුන්වන. එයා ඔයත් එක්ක අර්බුදකාරී සම්බන්ධතාවක් පවත්වපු කෙනෙක් කියල ඔයා කියනවා. ඇත්තටම මේ සම්බන්දෙ ඇතුලෙ ඔයා මතුකරන ප්‍රශ්න ඔයාට දර්ශනවාදයත් එක්ක තියෙන ප්‍රශ්න කියල කියන්න පුළුවන්. ඔයා ලිංගිකත්වයේ දර්ශනය පරීක්ෂා කරන අතර දර්ශනවාදයේ ලිංගිකත්වය ප්‍රශ්න කරනවා. දාර්ශනිකයො වෙනස් විදිහකට හුකනවද? ඔයා කියන විදිහට ඔව්. සෙක්ස්වලට පස්සෙ කොට්ටෙ උඩට වෙලා ඒ ගොල්ලොන්ට නොනවත්වාම දේවල් කතා කරන්න පුළුවන්.

    වික්ටෝරියා – මේ පොතේ තැනක එනවා මං ඇගේ දාර්ශනිකයා කියල හඳුන්වන පිරිමියා එක්ක ෆෝන් කෝල් එකකින් ඇවිලෙන. මං ෆෝන් එක කාමරේ මුල්ලකට විසි කරලා දානවා තරහෙන්. මං ඒක ආපහු උස්සලා ගනිද්දිත් එයා තාමත් කතා කරනවා. කිසිම බාධාවක් එයාට දැනිලා නෑ. මේ නොනවත්වා කතාව දාර්ශනිකයන්ගෙ විදිහක්. වෙන කාටවත් ඒකට ඇතුල්වෙන්න ඉඩක් නෑ. ඒක තමයි ස්ත්‍රී ලිංගික දෘෂ්ටිකෝනයකට මේක පේන විදිහ. මං දර්ශනය උගන්නද්දි මං කාමරේ ඉන්න ගෑනුන්ගෙන් වගේම පිරිමින්ගෙනුත් සමාව ඉල්ලනවා. අපි ඉගෙනගන්න හැමදෙයක්ම පිරිමි විසින් ලියපුවා. දර්ශනය කොහොමත් දිග බෝරිං කතන්දර. ඒ වගේම ඉහල ඉඳන් පහල බලලා කතා කරන විලාසයක් තියෙන්නෙ.

    ප්‍රශ්නය- ඒ කියන්නෙ දර්ශනය හරියට මෑන්ස්ප්ලේන්වල (පිරිමින් විසින් අනෙකාට උගන්වන ස්වරූපයෙන් කරන පැහැදිලිකිරීම්) අන්තයක් වගේ?

    වික්ටෝරියා- හරියටම හරි. ඒක උපරිම මෑන්ස්ප්ලේන් එකක්. මං මේ මෑතක ලිව්වා ස්ත්‍රී ලිංගිකත්වය සහ දර්ශනය ගැන ලිපියක්. ඒකට කමෙන්ට් විදිහට ආපු තරමක් ආවෙත්, නෑ නෑ කාන්ට් කියන්නෙ එහෙම වර්ගවාදියෙක් නෙමෙයි වගේ මෑන්ස්ප්ලේන් කතන්දර. කාන්ට් කියපු වර්ගවාදී කතා ඕනතරම් තියෙනවා. මං කියන්නෙ නෑ පිරිමින්ගෙ කමෙන්ට්ස්වල වලංගුතාවයක් නෑ කියල. ඒත් ස්ත්‍රී ලිංගිකත්වය කියන කාරනයෙදි ඒවා අදාල නොවෙන්න පුළුවන්. මාව වැරදියට තේරුම් ගන්න එපා. මං මාර කැමතියි දර්ශනයට. ඩෙලියුසෙ වගේ අයට විශේෂයෙන්. ඒත් මේ ටෙක්ස්ට් අපි කියවන්න ඕන සිතීම් විදිහට විතරයි පැරඩයිම් නැත්තං සුසමාදර්ශ විදිහට නෙමෙයි.

    ප්‍රශ්නය-
    ඔයාට දර්ශනය එක්ක තියෙන්නෙ ලව් හේට් සම්බන්ධයක් කියල ඔයාගෙ ලිවීම්වලින් පේනවා. ඔයා එක වෙලාවක කියනවා, ඔයාගෙ වචනවලින් මාව විනාශ කරන්න. නැත්තං මට ඕගසම් එකට එන්න බෑ කියල. තව තැනක කියනවා, ඔයාට සෙක්ෂුවලිටි ගැන පර්යේෂන ඇතුලෙ ඔයාගෙ ඔලුව නන්නත්තාර කරගන්න ඕන. ඒත් ඔයාට ඒක කරන්න බෑ මොකද ඔයාගෙ ඔලුව හැමතිස්සෙම සෙක්සි කියල. ඔයා සෙක්ස්වල මේ උභතෝකෝටිකය ගැන ගොඩක් උනන්දුයි නේද?

    වික්ටෝරියා – මං හිතන්නෙ මට ඔය පැරඩොක්ස් හරියට කරදර කරනවා. මේ දාර්ශනිකයන්ට බලයක් තියෙනවා. ඒක අන්තිම විසකුරු එකක්. ඒ වගේම ඒක සෙක්සිත් එක්ක. ඒක ඔයාව අවදි කරනවා. ඔයාගෙ වචනවලින් මාව විනාශ කරන්න කියල මං කියන්නෙ ඒ ෆ්‍රස්ටේ්‍රෂන් එක.

    ප්‍රශ්නය-
    ඔයාගෙ පොතේ වැඩිහරියක් තියෙන්නෙ ප්‍රථම පුරුෂෙන්. ඒ අතර ඉටැලික්වලින් ඔයාට හිතෙන දේවල් උත්තම පුරුෂ විදිහටත් ලියලා තියෙනවා. එහෙම ඒවා අවශ්‍යයි කියල පස්සෙ තීරණය කළාද?

    වික්ටෝරියා –
    මට ඒ ආරක්ෂිත කලාපය ඕන වුනා. ප්‍රථම පුරුෂ කතාවක මට දේවල් කියන්න පුළුවන්. පාඨකයාටත් මේක මෙහෙම වුනාද නැද්ද කියල අහන්න පුළුවන්. මට හිතෙනවා ප්‍රථම පුරුෂෙන් ලියද්දි ඔයා පාඨකයා එක්ක සමානව කතාව ඇතුලට යනවා කියල. දෙන්නම කතාව තාම දන්නෙ නෑ වගේ. ඒ වගේම ප්‍රථම පුරුෂයෙන් ලියන එක ෆන්. වඩා නිදහස් සහ අඩුවෙන් රිදවනසුලුයි.

    ප්‍රශ්නය- අඩුවෙන් රිදවනසුලුයි කියන්නෙ?

    වික්ටෝරියා -කවුරු හරි මේක කියවල විනිශ්චයන්ට එනවා නම් මට ඒක ගන්න පුළුවන් එයා විනිශ්චය කරන්නෙ කතාව මිසක් මාව නෙමෙයි කියල. මෙතන පුදුම දේ වෙන්නෙ මගේ වැඩ ගොඩක්ම වාස්තවික දේවල් ගැන සහ ඒවායින් ඔබව දුරස් කර නොගැනීම ගැන. ඒ එකට බැඳුනු බව ගැන. ඒත් මෙතනදි මේ දුරස්තබව ලස්සනයි.

    ප්‍රශ්නය- පොත ඉවර වෙන්නෙ මේ ඇගේ දාර්ශනිකයා කියන චරිතය එක්ක සම්බන්ධය බිඳෙන තැනින්. ඒ කියන්නෙ ඔයා දර්ශනවාදයත් එක්කත් බිඳීමක් ඇති කරගත්තා කියන එකද? වික්ටෝරියා- මං ක්‍රියාවක් විදිහට දර්ශනයට කැමතියි. ඒත් දර්ශනය මට පිටතින් තියෙන න්‍යායක් විදිහට ඉහල ඉඳන්  මං ගැන සහ මගේ ලිංගිකත්වය ගැන මං දන්නවට වඩා දන්නවා වගේ පෙන්නන්න යන තැනින් ගැලවෙන්න මට ඕන.  මට තියෙන මගේ ආශා පද්ධතියක් බටහිර සංකල්ප රාමුව එක්ක නිතර ගැටෙන. ඒක නිසා මට ඒ රාමුවෙන් ගැලවෙන්න ඕන.

    ප්‍රශ්නය- ඔයා ලියන භාෂාව හරිම ප්‍රීතිමත් එකක්. ඒක ඇකඩමික් රචනා වලින් ආවා කියල හිතන්නවත් බෑ. ඔයාට කොයි වගේ ලේඛකයොද බලපෑවෙ?

    වික්ටෝරියා- උල්බෙක් මට සෑහෙන බලපෑමක් කළා. ඒක හරි ගැටලුකාරීයි මොකද එයා හරිම පුරුෂවාදී ලියන්නෙක්. ඒත් සෙක්ස් සහ දර්ශනය මුනගැහෙන ලේඛනය මං උල්බෙක්ගෙන් ගත්තා. ඊට පස්සෙ ඒක ස්ත්‍රී ලිංගිකත්වය ඇතුලෙන් කියෙව්වොත් කොහොමද කියල හිතුවා. නිකොල්සන් බේකර්ගෙ හවුස් ඔෆ් හෝල්ස් කියන්නෙත් මට වැදුන පොතක්. අනික චාර්ලට් රොෂ්ගෙ වෙට්ලන්ඩ්ස්. ඒක මට මට ඕන දේ ලියන්න ධෛර්ය දුන්නා. 

    රශ්නය- ඔයාගෙ පොත සබ්ටයිට්ල් කරලා තියෙන්නෙ ‘සර්ච් ෆොර් සෙක්ෂුවල් එතික්ස්’ කියල. ඒත් පොත ඉවර වෙනකලුත් ඔයා මොනවද ඒ එතික්ස් කියල කියන්නෙ නෑ. ඔයාට ගුරුවරයෙක් වගේ වෙන්න උවමනා නැති වුනාද?

    වික්ටෝරියා- හරියටම හරි. නැත්තං මාත් මෑන්ස්පේලේනිං කරනවා වගේ වෙනවා. ඔයා එහෙම කෝඩ් එකක් ලියපු ගමන් ඒක බයිබල් පාඨයක් වගේ වෙනවා. ඒක කඩන්න බැරි නීතියක් වෙනවා. ලිංගික වර්ධනය කියන්නෙම රූල් කඩන එක. මං පිලිගන්නෙ අපි විනිශ්චය කරන සෙක්ෂුවල් එතික්ස් වලින් කරුණාව මූලික සෙක්ෂුවල් එතික්ස්වලට මාරු වෙන්න ඕන කියල. අනික මං විශ්වාස කරන්නෙ ඒවා පුද්ගලයා අනුව වෙනස් වෙනවා කියල.

    ප්‍රශ්නය- පොත කියවද්දි එක තැනක් තිබුනා මාව තිගැස්සෙන. ඔයා විස්තර කරනවා බීච් එකක ඕර්ජි එකකට සම්බන්ධ වෙන අවස්ථාවක්. තව මිනිස්සු වටවෙලා ඉන්න අතරෙ. ඔයා එතනදි කියනවා ඔයාගෙ ඉමෝෂන් එක වුනේ සටන් කරන්න කියල. අනිත් අයට වඩා වැඩි ආස්වාදයක් වෙනුවෙන් සටන් කරන්න. අනිත් අයගෙ ආශාව පරදවන්න. මං පොත කියවලා නැති අයගෙ රසය විනාශ කරන්නෙ නෑ. ඒත් ඒක ලොකු ජීවිත අත්දැකීමක් වගේ දැනෙන තැනක්. මේ අත්දැකීම ඔයා දර්ශනය බාරගන්න විදිහ වෙනස් කරයි කියල ඔයා දැනගෙන හිටියද?

    වික්ටෝරියා- හැමතිස්සෙම මගේ ලිංගික අත්දැකීම් සහ දර්ශනවාදය අතර සංවාදයක් තිබුනා. ඒක යුක්තිය පිළිබඳ දෙයක්. ඇයි පිරිමි ආශාව මගේ ආශාවට වඩා බලවත් වෙන්න හදන්නෙ? මගේ ලිංගිකත්වය සහ දර්ශනය අතර දෙබසක් තිබුනට ඒක දර්ශනය එක්ක සම්බන්ධ වුනේ නෑ කොතනදිවත්. මට කාන්ට්ගෙන් මගේ ලිංගිකත්වය දකින්න බෑ. මං හිතන්නෙ ප්‍රෙතියාඩො තමයි කිව්වෙ හැනා ඇරන්ඩ්ට්ව කෝට් කරන අතරෙ කාටවත් සුරතාන්තයක් ගන්න බෑ කියල.

    ප්‍රශ්නය- ඔයාට එහෙම ඉන්නවද සුරතාන්තයට බාධා නොකර දාර්ශනිකයෙක් කවුරු හරි?

    වික්ටෝරියා- මොකක් හරි ෆෙටිෂ් එකක් තිබුනොත් නම් පුළුවන් වෙයි.

    ප්‍රශ්නය- ප්‍රෙතියාඩෝ ඔයාගෙ පොත ගැන කියල තිබුන මීටූ කාලෙ නිදහස්කාමී ප්‍රේම නිබන්ධයක් කියල. ඒ ගැන මොකද හිතන්නෙ?

     

    වික්ටෝරියා- මේ කාලෙ මොනවා හරි යන්තම් ෆෙමිනිස්ට් හෝ ජෙන්ඩර් සහ සෙක්ෂුවලිටි ගැන හෝ නම් ඒක කියවන්නෙ මීටූ මූව්මන්ට් එක හරහා නෙ. ප්‍රෙතියාඩො කියන එකේ වරදක් නෑ. මීටු කියන්නෙම සෙක්ස් ගැන සංවාදය පුළුල් කිරීමක්. විශේෂයෙන්ම සෙක්ස්වල ගැහැණු අත්දැකීම ගැන. ඇකඩමික් දෙපාර්තමේන්තුවලටත් මේක බලපෑවා. නැත්තං ගොඩක් කථිකාචාර්යවරු සහ මහාචාර්යවරු, විශේෂයෙන්ම දර්ශනය කරන අය වයසක පිරිමි. මේ පොත ගැහැණු ලිංගිකත්වය ගැන. මං ආරාධනා කරනවා පිරිමින්ටත් ඒ සංවාදයට එකතු වෙන්න කියල.

  • අම්මත් එක්ක.

    අම්මත් එක්ක.

    ෆැකල්ටි ඔෆ් සෙක්ස් මැසේජ් බොක්ස් එකට ප්‍රශ්නයක් ඇවිත් තිබුන.

    මං කැමති මගේ අම්මත් එක්ක සෙක්ස් කරන්න. නැත්තං එයා වෙන කාත් එක්ක හරි සෙක්ස් කරනවා බලන් ඉන්න. ඒ ආසාව මට නවත්තගන්නම බෑ. මං මොකක්ද කරන්න ඕන?

    මීට ටික කාලෙකට කලින් ෆේස්බුක් ගෲප් එකකුත් හැදිලා තිබුන. අම්මලා සමග සෙක්ස් කරන්න කැමති උන්ගේ සංගමය කියල. ඒකට කුපිත වුනු අනෙක් ෆේස්බුක් මහජනතාව ඒක රිපෝර්ට් කරලා කරලා ගලවලම දැම්මද කොහෙද.

    අපිට තියෙන ලොකුම කුනුහරුපෙ තමයි අම්මට හුකනවා කියන එක. සමහරුන්ට ඕක ඇහුන ගමන් මළ පනිනවා හොඳටම. කොහොම වුනත් මේ මව සමග සංවාසය කියන එක සෑහෙන ඈත අතීතයේ ඉඳන් පැවත එන ව්‍යභිචාරයක්. ඉන්සෙස්ට් එකක්.

    ඒක බරපතල තහංචියක් වෙන එකෙන්ම පැහැදිලි අනෙක් කාරණය තමයි ඒක පවතිනවා කියන එක. ඒ වගේම ඒක සමාජ සංස්ථාවෙ දරුණු නිලයක් කියන එක. අපි මේ කතා කරන්නෙ අපි දන්න ලොකුම කුනුහරුපෙ ගැන.

    මව සමග සංවාසය කියන ආශාව, ෆැන්ටසිය ඍජුව මුදුන්පත් කරගන්න බැරි වුනාම අපි අම්මා වගේ කෙනෙක් සමග සංවාසය රසවිඳින තැනට මාරු වෙනවා. මිල්ෆ් නැත්තං මම්ස් අයි ලව් ටු ෆක් කියන කැටගරිය නියෝජනය කරන්නෙ මේ වෙස්මාරු කරපු ආශාව.

    අම්මලට පිරිමි පුතාලගෙ ඇතිවෙන ලිංගික ආකර්ශනය ලොකු රහසක් නෙමෙයි. හැබැයි සමහර අය මේක ඕනවට වඩා දුර  අරගෙන යනවා. මිචිගන්වල කිම් වෙස්ට් සහ බෙන් ෆෝර්ඩ්ගෙ කතාව එහෙම එකක්. ඒ කතාව මාධ්‍යවල පළවුනාට පස්සෙ ඇමරිකානු පොලිසිය කියනවා මේ දෙන්නට අවුරුදු 15ක සිරදඩුවමක් දෙන්න පුළුවන් කියල. ඊට පස්සෙ මේ දෙන්නට සිද්ද වෙනවා වසන් වෙලා ජීවත් වෙන්න. 

    කිම් වෙස්ට් ට අවුරුදු 51ක්. බෙන්ට  32 ක්.  අවුරුදු දෙකක ආදර සම්බන්දයකින් පස්සෙ ඒ ගොල්ලො කසාද බඳින්න තීරණය කරනවා. අපි පුදුම තරම් ආස්වාදනීය ලිංගික ජීවිතයක් ගත කරනවා කියල ඒ දෙපල කියනවා.

    බෙන් කියන්නෙ කිම්ගෙ පුතා. බෙන්ට සතියක් වයසෙදි කිම් එයාව හදාගන්න දීලා තියෙනවා. 2013දි මේ දෙන්නා හදිස්සියෙ මුනගැහෙනවා. කිම් කියනවා එයාට මුල් දුරකථන සංවාදවලදිම බෙන් ගැන හැගීම් ඇතිවෙන්න ගත්තා කියල. එයාට බෙන් සම්බන්ද  ශෘංගාර හීන පේන්න ගන්නවා. අන්තිමේදි මේ දෙන්නා හෝටල් කාමරයක මුනගැහෙනවා. ෂැම්පේන් බෝතලයකින් ආදරය සමරනවා. පලවෙනි හාදුව හුවමාරු කරගන්නවා. හැමදෙයක්ම පටන් ගත්තෙ එතනින්.

    මීට කලින් බෙන් කසාද බැඳලා ඉන්නෙ. එයා අම්මා වෙනුවෙන් ඒ කසාදය අත්අරිනවා. මේ දෙන්නා කියන්නෙ ඒ ගොල්ලො ජෙනටික් සෙක්ෂුවල් ඇට්‍රෑක්ෂන් වෙන විදිහකට කිව්වොත් ජානමය ලිංගික ආකර්ශන තත්වයක් නිසා මෙහෙම බැඳුනා කියල. ඒක ව්‍යභිචාරයක් හැටියෙන් ඒ ගොල්ලො බාරගන්නෙ නෑ.

    නමුත් ජෝන් මේයර් කියන මනෝ වෛද්‍යවරයා කියන්නෙ එහෙම එකක් නෑ කියල. ජීඑස්ඒ කියන්නෙ මිනිස්සු සමාජයේ වටිනාකම් පද්ධතිය බිඳින්න පාවිච්චි කරන නිදහසට කාරණයක් කියල.

    මේයර් කියන්නෙ ඉන්සෙස්ට් කියන දේ අපේ සමාජවල හැමදාකම පැවතුනා කියල. ඒ සමාජ අපවාදය, තහංචිය  ඒ විදිහට දිගටම ශිෂ්ටාචාරයෙ තිබුනෙ ඒක පවත්වාගෙන යාමට අවශ්‍ය හේතු තිබුනු නිසා. මේයර්ට අනුව බෙන් සහ කිම් කියන්නෙ  සමාජවිරෝධී ජීවිත ගත කරන මානසික රෝගීන් දෙන්නෙක්.

    නිව්යෝර්ක් සෙක්ස් තෙරපිස්ට් කෙනෙක් වෙන ඉයන් කර්නර්ට මේ ගැන තියෙන්නෙ සැකයක්. ජාන ලිංගික ආකර්ශනය කියන එක ගැන තාම කවුරුවත් අධ්‍යනය කරලා නෑ කියලයි එයා කියන්නෙ. නමුත් අපේ සංවාස සම්ප්‍රදාය හැදිලා තියෙන්නෙ ජානමය වෙනස්කම් හොයාගෙන යන්න මිස සමානකම් හොයාගෙන යන්න නෙමෙයි. නමුත් මේ විදිහෙ ව්‍යභිචාර තත්ව වලදි පොදු කාරනා හොයලා ඒක රෝගයක් හෝ ජානමය තත්වයක් කියනවට වඩා වැදගත් වෙන්නෙ ඒ අයගෙ පුද්ගලික ජීවිතය ඇතුලෙන් මේ දිහා බලන එක කියලයි ඉයන් කියන්නෙ.

    2015දි නිව්යෝර්ක් මැගසින් එක මේ වගේම මේ කතාවෙ අනිත් පැත්ත වාර්තා කරනවා. ඒ තාත්තා කෙනෙක් එක්ක ලිංගිකව එක්වීමෙන් කන්‍යාභාවය නැති කරගත්ත දුවෙක් ගැන. ඒ අය එකිනෙකා දකින්නෙ අවුරුදු 12ට පස්සෙ. ඒ දැකපු ගමන් ඒ දෙන්නා අතර ඇතිවෙන වාවාගත නොහැකි හැගීම් නිසා ඒ මොහොතෙම විවාහ වෙලා දරුවන් ලබන්න ඕන වුනා කියල ඒ ගොල්ලො කියනවා.

    සමාජයෙන් තහංචි පැනවුනු ඉතා සමීප ඥාති සම්බන්ධතා ඇති අය අතර ලිංගික සම්බන්ධතාවලට අපි කියනවා ඉන්සෙස්ට් නැත්තං ව්‍යභිචාරය කියල. දෙමව්පියන් දරුවන් අතර සහෝදර සහෝදරියන් අතර ඇතිවෙන සබඳතා මේකට උදාහරන. මේක ලිංගික සංසර්ගයක්ම විය යුතු නෑ. කවර හෝ ලිංගිකමය ආශ්‍රයක් මේ ගනයට වැටෙනවා.

    මේක ටැබූ එකක් වුනත් මේක යුනිවර්සල් ටැබූ එකක්. හැම සමාජයකම ව්‍යභිචාරය තියෙනවා. සංස්කෘතියෙන් සංස්කෘතියට සමහර ඥාති සම්බන්ධතා අතර සම්බන්ධතා පිලිගන්න හැටි වෙනස් වෙනවා. සමහර සංස්කෘතීන්ට අනුව පලවෙනි මස්සිනා එක්ක හැර අනිත් අය එක්ක සෙක්ස් කරන්න පුළුවන්. කලින් කසාදයේ දුවත් එක්ක දෙවෙනි කසාදෙ බාප්පා අතර ඇතිවෙන සම්බන්දය තවත් මේ වගේ එකක්. පරණ ඊජිප්තු ඉන්කා සමාජවල රාජකීයයන් අතර ඉන්සෙස්ට් එක අනිවාර්යයක් වුනා. ඒ උරුමය පිනිස ඒ පවුල්වල අයට ඒ පවුල් අතරම ලිංගික සම්බන්ධතා පවත්වන්න වුනා.

    මනෝවිශ්ලේෂනවාදය කියන විදිහට අවුරුදු 3 සිට 5 දක්වා දරුවෙක් තමන්ගේ විරුද්ධ ලිංගික මව හෝ පියා සමග ව්‍යභිචාරාත්මක ලිංගික ආශාවක් ඇති කරගන්නවා. පිරිමි දරුවෙක් නම් මේ සම්බන්දතාවට ඊඩිපස් සංකීර්නය කියල ෆ්‍රොයිඩ් කියනවා. ඒ අදහස ෆ්‍රොයිඩ් ගන්නෙ ග්‍රීක ඛේදාන්තයක් වුනු මහා ඊඩිපස්  කතාවෙන්. මව ගැන ලිංගික ආකර්ශනයකින් සහ තාත්තා සමග එදිරිවාදීකමකින් දරුවෙක් පෙලෙනවා කියල ෆ්‍රොයිඩ් කිව්වා. තාත්තා විසින් තමාව කප්පාදු කරයි කියලා ඇතිවෙන බිය නිසා පිරිමි දරුවා තාත්තා වගේ වෙන්නත්, තාත්තාගේ වටිනාකම් සමග අනුගත වෙන්නත් පෙළඹෙනවා. මේකම ෆ්‍රොයිඩ් ගැහැනු දරුවන්ගෙ පැත්තෙන් ඉලෙක්ට්‍රා සංකීර්නය කියල කතා කරනවා.

    සහෝදර සහෝදරියන් අතර සහ තාත්තා දුව අතර ලිංගික සම්බන්ධතා ඇතිවීම මව සහ පුතා අතර සම්බන්ධතාවයන්ට වඩා වැඩියි කියලයි පිලිගැනීම. පවුල ඇතුලෙම පුතා සහ මව අතර ගුප්ත ලිංගිකමය සම්බන්දයක් පැවතීම ගොඩක් සංස්කෘතීන්වල ස්වභාවික දෙයක්. ඒක අනුරාගී එකක් නොවුනත් ලිංගිකමය එකක්. ඒක අපි අධි පිවිතුරු තත්වයක් වෙනකල් ශිෂ්ට කරලා අරගෙන තියෙනවා.
    පවුලේ පිරිමියෙක් අතින් ඉන්සෙස්ට් සම්බන්ධතා ඇතිවීමේ වැඩි ප්‍රවනතාවයක් තියෙනවා. විවිධ මානසික ප්‍රශ්න සහ ආවේගයන්ගෙන් පෙලෙන තාත්තලා අතින් දුවලා අතවරයට ලක්වීම බහුලයි. මේ බොහෝ අවස්තාවල අම්මා ඒ ගැන දැනුවත්ව හිටියත් ඊට විරුද්දව කිසිවක් කරකියාගන්න බැරි තත්වයක් තියෙනවා.

    ව්‍යභිචාරය ඇතිවෙන්න දුප්පත් පොහොසත්, නාගරික ගම්බද, දියුණු නොදියුණු වගේ කිසි වෙනස්කමක් බලපාන්නෙ නෑ. ඒක ඕන තැනක වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලාවට මේකට ගොදුරු වෙන්නෙ බාල වයස්කාරයන්. ඒක බලහත්කාරයක් විදිහට සිද්ද වුනාම ඒ ගොදුරු වෙන අයට ලිංගික දුර්වලතා ඇතිවීම, ප්‍රචන්ඩ ලිංගික චර්යාවන් ඇතිවීම, අපචාරී වීම වගේ දේවල් වෙන්න පුළුවන්. අපි දන්නවට වඩා ඉන්සෙස්ට් සම්බන්ධතා ඇත්තටම බහුලයි. පවුලේ ගරුත්වය ගැන හිතන නිසා ඒවා වාර්තා වෙන්නෙ අඩුවෙන්. ඒ වගේම පුංචි දරුවන්ට බොහෝ විට තමන් මුහුන දෙන අතවරය ගැන පැමිනිලි කරන්න හැකියාවක් නෑ.

    ඇමරිකාවෙ ලොකුම පෝර්න් කැටගරි තියෙන වෙබ්සයිට් එකක් තමයි ගේම්ලින්ක්.  ඒ ගොල්ලො කියන විදිහට අන්තිම අවුරුදු 04 ඇතුලත මිල්ෆ් කියන පෝර්න් කැටගරිය 83%කින් වැඩිවෙලා තියෙනවා.

    ගේම්ලින්ක් කියන විදිහට මේ මිල්ෆ් පෙරලිය ඇතිවුනු තැන ලේසියෙන්ම ලකුනු කරන්න පුළුවන්. ඒ 99 ඇමරිකන් පයි ෆිල්ම් එකේ ස්ටිෆ්ලර්ගෙ අම්මා පුතාගෙ යාලුවෙක් එක්ක බේස්මන්ට් එකේ පූල් ටේබල් එකක් උඩ සෙක්ස් කරන තැනින්. 2003දි ෆවුන්ටන්ස් ඔෆ් වේන් බෑන්ඩ් එක ස්ටේසිස් මාම් සිංදුව රිලීස් කරනවා. ඒකත් මේ ආසාවට හොඳ තල්ලුවක් දුන්නා. 2007 සහ 2009 අතර ලීසා ඈන් විසින් සාරා පේලින්ගෙ පැරඩිය ‘හූස් නේලින්ග් පේලින්’කියන පෝර්න් එක කරාම මිල්ෆ් අලෙවිය රොකට් වගේ නගින්න පටන් අරන් තියෙනවා.

    මේ කතාව වෙන විදිහකට කිව්වොත් ගොඩක් අය අම්මලට ආස කරනවා. ඒ මොකද? ක්ලැසික් උත්තරේ වෙන්නෙ අර උඩ කියපු ෆ්‍රොයිඩියානු කතාව. එතකොට තාත්තාගෙ අතින් කප්පාදු වෙන්න ඇති බය නිසා මේක අම්මාගෙන් අම්මා වගේ අය කරා මාරු වෙනවා.

    තව තියරියක් තමයි ජැක් මොරින් කියන සෙක්ස් තෙරපිස්ට් එයාගෙ ‘ද ඉරොටික් මයින්ඩ්’ පොතේ කතා කරන මධ්‍ය ශෘංගාර තේමාවන්. නැත්තං කෝර් ඉරොටික් තීම්ස්.  එයා කියන්නෙ ඒවා අපේ වැඩෙන වයසෙදි අපි මුහුන දෙන හැගීම්මය තත්වයන්ට අපේ සබ්කොන්ෂස් එකෙන් දක්වන ප්‍රතිචාර කියල. මේවා දිගටම අපේ ලිංගික ජීවිතයට බලපානවා. අම්මලා ගැන ආශාවත් සමහර අයට ඒ වගේ ඇතිවෙන ප්‍රාථමික ශෘංගාර තේමාවක්.

    පීටර් කැනරිස් කියන සායනික මනෝවෛද්‍යවරයා කියන්නෙ  මේක ටැබූ එකක් වීමමත් ඒ ආශාව වැඩි කරනවා කියල. ඒක ව්‍යභිචාරී ෆැන්ටසියක්. නමුත් සමාජය ඇතුලෙ මේක දරුණු ලැජ්ජාවක ප්‍රභවයක්. එක්කො ෆැන්ටසිය තියෙන කෙනාම ඒ ගැන ලැජ්ජාවෙනවා. නැත්තං එයාට විශේෂ අනෙකෙක් විසින් මේක ගැන දැනගැනීම ලැජ්ජාවක් ඇති කරනවා. තමන්ගෙම අම්මා නොවුනත්, මේ වෙන අම්මා කෙනෙක් වෙත දිගු වෙන ෆැන්ටසියෙ වුනත් කෙනෙක් ව්‍යභිචාරී වරදකාරයෙක් වෙන තැනක් තියෙනවා. මේ එකම ආශාව.

    කැනරිස් දකින විදිහට අපේ සමාජයෙ අම්මා කෙනෙක් දරුවන් ලැබුනට පස්සෙ සෙක්ස්හරණය කළ තත්වයකින් සැලකීමත් මේ ටැබූමය ගතිය වැඩි කරනවා. නමුත් ඇත්තටම මේ ෆැන්ටසිය වර්ධනය කරන්නෙ දරුවන් වැඩෙන අවදියේදී අම්මලා එක්ක ගත කරන ලිංගික අත්දැකීමකට සමාන සම්බන්ධතා ස්වරූපය හින්ද.  අම්මලා එක්ක මේ කුඩා වියේ ඇතිවන ලිංගිකරූපී ආදරය සාමාන්‍යයක්. මේක යටපත් වෙලා තිබිලා නැවත ඇක්ටිවේට් වෙමින් අපේ ආශාවෙ න්‍යෂ්ටිය බවට පත්වෙන එකයි වෙන්නෙ.

    ගොඩක් පුතාලා අන්තිමට බඳින්නෙ තමන්ගෙ අම්මට සමාන රූපයක් ඇති ගැහැනු. සම්බන්ධතා ඇතුලෙ උත්සාහ කරන්නෙ තමන්ගෙ අම්මා වගේ ගැහැනියක් හදන්න. අඩුවැඩි වශයෙන් අපි හැමෝම ව්‍යභිචාරියි.

    ඒත් හැම ෆැන්ටසියක්ම යතාර්ථයක් කරගන්න අවශ්‍ය නෑ. සමහර ෆැන්ටසි යතාර්ථයක් වුනහම පොලොවෙ වැදිලා කුඩුපට්ටම් වෙලා යනවා. හැම ෆැන්ටසියක්ම ඇත්ත කරගන්න උත්සාහ නොකර ඒක ෆැන්ටසියක් විදිහටම රස විඳින්න අපිට ඕන වෙනවා ශෘංගාර පරිණතකමක්. ඒ පරිණතභාවය හුරු කර නොගැනීම අපිව ආශාව රස විඳින්නෙක් වෙනුවට ආශාවෙ වහලෙක් බවට පත් කරනවා.

    ටැබූ කඩන එක නරක නෑ . හැබැයි ටැබූ ගැන පූර්ණ සවිඥානක වීමකින් පස්සෙ.

  • දාර්ශනිකයන්ගේ ලිංගික ජීවිතය

    දාර්ශනිකයන්ගේ ලිංගික ජීවිතය

    2002දි ඩෙරිඩා එක්ක කරපු ඩොකියුමෙන්ටි්‍රයක ඒකෙ ඩිරෙක්ටර් ඇමි සීරින්ග් කොෆ්මන් මේ දාර්ශනිකයගෙන් අහනවා ප්‍රශ්නයක්.

    කාන්ට්, හයිඩගර්, හෝ හේගල් ගැන කරන ෆිල්ම් එකක ඔයා දකින්නම ආස මොනවද?
    ඩෙරීඩා ටිකක් වෙලා ගන්නවා උත්තර දෙන්න. ඊට පස්සෙ එයා කියනවා,
    ඒ ගොල්ලොන්ගෙ ලිංගික ජීවිතය.

    කොෆ්මන් ආපහු ප්‍රශ්න කරනවා.

    ඒ ඇයි?

    ඩෙරීඩා කියනවා මේ දාර්ශනිකයො කවදාවත් ඒ ගොල්ලොන්ගෙ දර්ශනය ඇතුලෙ ඒ අයගෙ ලිංගික ජීවිතය ගැන කතා කරන්නෙ නෑ. ඒ ගොල්ලො පෙනී ඉන්නෙ හරියට ඒසෙක්ෂුවල් වගේ. ඒත් ඩෙරීඩා කල්පනා කරනවා ඒ අයට සහ ඒ අයගෙ ලිවීම්වලට ඒ අය ආදරේ කරපු අය, සෙක්ස් කරපු අයට වඩා වැදගත් වෙන්නෙ මොනවද කියල. දර්ශනයට ආදරය ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. සමහර විට දර්ශනය පටන්ගන්න ඇත්තෙම ඒ ප්‍රශ්නෙත් එක්ක.
    ආදරය කියන්නෙ මොකක්ද?

    ඒත් ඩෙරීඩා කියන්නෙ තනි තනි දාර්ශනිකයො ඒ අයගෙ ආදර ජීවිත ගැන ඒ අයගෙ දාර්ශනික සටහන් අතර කතා කරන්නෙ හරිම අඩුවෙන් කියල. දර්ශනය කියන්නෙ තාර්කික සහ විශ්වීය සිතීම් පද්ධතියක් ඇතුලෙ කරන අපුද්ගල ගොඩනැංවීමක්.   සාම්ප්‍රදායිකව කෙනෙකුගෙ ජීවිතේ ඇතුලෙන් එන දේට දර්ශනය තුල ඉඩක් දිය යුතු නෑ කියලයි විශ්වාස කරන්නෙ. ඒත් දාර්ශනික ඉතිහාසය බලද්දි කෙනෙකුට තේරෙනවා මේ දාර්ශනිකයන්ට තමන්ගෙ දර්ශනයට බලපාපු ලිංගිකත්වය ගැන කොයිතරම් දේවල් කියන්න තියෙන්න ඇද්ද කියල.

    ප්ලේටොගේ සහ ඇරිස්ටෝටල්ගෙ ලියවිලි ග්‍රීක ආදරය ගැන කතාවලින් පිරිලා තියෙනවා. මේ ලියලා තියෙන චරිත අතර සම්බන්ධතා හැමතිස්සෙම ප්ලෙටොනික වර්ගයේ (පරමාදර්ශී) ඒවා නෙමෙයි. දේවධාර්මික දාර්ශනිකයෙක් වුනු ශාන්ත ඔගස්ටයින් ලිවීමේදී පාපොච්චාරන ශෛලියක් දර්ශනයට හඳුන්වලා දෙනවා. එයා බ්‍රහ්මචාරී වෙන්න කලින් බොහෝ කාන්තාවන්ගෙ පෙම්වතා වුනු යුගය ගැන ලියනවා.

    දෙවියනි,මට බ්‍රහ්මචර්යාව දෙන්න. හැබැයි දැන්ම නෙමෙයි.. එයා කියනවා.මධ්‍යතන බුද්ධිමතෙක් වුනු පීටර් අබෙලාර්ඩ් සහ එයාගෙ පෙම්වතා වුනු දාර්ශනික අලොයිස් ඩාජෙන්ටුඅයිල්ගෙ කතාව බොහොම ප්‍රසිද්ධ එකක්. ඒ ගොල්ලොන්ගෙ ආදර කවි බටහිර ලේඛන සාහිත්‍යයේ බොහොම වැදගත් විදිහට ගන්නවා. ඇබෙලාර්ඩ්ගෙ ආදර කවි එයාගෙ දීර්ඝ දාර්ශනික ලිවීම් තරමටම සම තත්වයෙන් ගන්න පුළුවන්.

    ජෝ ජාක් රූසො එයාගෙ ‘ජුලි ඕර් ද නිව් හෙලොයිස්’ කියන ලිපිමය නවකතාවෙ මේ ගැන සඳහන් කරනවා. රූසොගෙ ගොඩක් දේවල් වගේම මේ නවකතාවත් ප්‍රබන්ධය සහ දාර්ශනික අදහස් එකතු වුනු කෘතියක්. එයාගෙම පාපොච්චාරන වලදි රූසො අපිට කියනවා එයාගෙ ආදරයන් සහ විරහවන් ගැන. මැඩම් ඩි වොරන්ස්ගෙ ගෙදර අයට සහ එයාගෙ පෙම්වතාට රූසො සේවකයෙක් විදිහට වැඩකරපු හැටි එයා කියනවා. රූසොට වගේම  එයාගෙන් පස්සෙ එන කාන්ට්ටත් ස්වයං වින්දනය ගැන කියන්න පුදුම තරම් දේවල් තිබුන. කාන්ට් එයාගෙ දර්ශනය ඇතුලෙ විෂම ලිංගික විවාහයේ අයිතීන් ගැන දීර්ඝ වශයෙන් ලියනවා වගේම ස්වයං ප්‍රේමයේ සදාචාරාත්මක නොවන පැත්ත ගැන දැඩි විදිහට කතා කරනවා.

    තවත් හොඳ උදාහරණයක් තමයි සොරෙන් කියකගාර්ඩ්ගෙ ‘සෙඩියුසර්ස් ඩයරි’ කියන පොත. ඒකෙ තියෙන්නෙ තරුණ කෙල්ලෙකුගෙ අනුරාගී පෙළඹවීම් ගැන. සරලවම එතන කියවෙන්නෙ කියකගාර්ඩ් රෙජින් ඔල්සෙන් එක්ක තිබුනු සම්බන්ධතාවය.

    ෂොපෙන්හවර් ගැහැනිය පිළිබඳව දීර්ඝ විශ්ලේෂනයක් ලියනවා. හැබැයි මේක කොහෙත්ම පිරිමි දාර්ශනිකයෙකුගෙ තමන්ගෙ ශෘස්ත්‍රීය ස්වාධීනත්වය, පවුල් සංතුෂ්ටිය ගැන ආශාව සහ දහඅටවන සියවසේ තිබුන ස්ත්‍රිය පහත් කොට දකින දෘෂ්ටිය අතර දෝලනයකට වැඩි දුරක් යන්නෙ නෑ.

    හේගල්ට තිබුන ගොඩක් දේවල් කියන්න. ක්‍රිස්තියානි පවුල, විවාහය සහ ලිංගිකත්වය ගැන දාර්ශනිකව සහ වාරණමය විදිහට. ඒවා හරියට එයා ලියපුවා නෙමෙයි වගේ. මේවා එයා එයාගෙ සහෝදරියට සහ අනෙක් අයට ලියන ලියුම්වලට සීමා කළා. මේ සමහරක් ලියුම් එයාගෙ දරුවන් විසින් පුළුස්සා දැම්මා. ඒ ගොල්ලො කිව්වෙ හේගල් එයාගෙ නිවෙස්හිමියාගෙ බිරිඳගේ නීත්‍යානුකූල නොවන දරුවාට තාත්තා වීම ගැන වැරදි වටහාගැනීමක් ඇති කරගනීවී කියල ඒවා පිච්චුවා කියලයි.

    විසිවෙනි සියවසේදී හයිඩගර් එයාගෙ දර්ශනයට ගේනවා ‘කෙයාර්’ නැත්තං පරිස්සම කියල තේමාවක්. ඒත් එයාගෙ ශිෂ්‍යාවක් වුනු හැනා ඇරන්ඩ්ට් එක්ක තිබුනු සම්බන්ධය ගැන කිසි දෙයක් කියන්නෙ නෑ. ඒකත් නවකතාවක් විදිහට ප්‍රකාශයට පත්වෙන තවත් දාර්ශනික ආදර සම්බන්ධයක් විතරයි.  අයිරනියක් වෙන්නෙ ඇරන්ඩ්ට් හයිඩගර් යටතේ ලියන තිසීසය ලියන්නෙ ශාන්ත ඔගස්ටයින් සහ ආදරය ගැන.

    ෂන් පෝල් සාත්‍ර සහ සිමොන් ඩි බොවාට ගොඩක් දේවල් තියෙනවා ඒ දෙන්නාගෙ ආදරය සහ ඒ දෙන්නා අනිත් අය එක්ක පවත්වපු ආදර සම්බන්දතා ගැන කියන්න. කැමුගෙ වගේම ඒ වගේ දේවලුත් එලියට එන්නෙ ප්‍රබන්ධ ඇතුලෙන්.  රෝලන්ඩ් බාත්ගෙ මාර ප්‍රසිද්ධ ආදරවන්තයෙකුගෙ කතිකාව, ‘අ ලවර්ස් ඩිස්කෝස්’ කියන ප්‍රකාශනය ඇත්තටම එයාගෙ මරණයෙන් පස්සෙ ප්‍රසිද්ධ වුනු බාත් ලිංගික සම්බන්ධතා පවත්වපු අය එක්ක පෙලට තියාගෙන කියවිය යුතු එකක්.

    මිෂෙල් ෆුකො  ලිංගිකත්වය පිළිබඳ විශිෂ්ටතම දාර්ශනිකයා  වෙළුම් තුනක් ලියනවා ලිංගිකත්වයේ ඉතිහාසය ගැන. ඒ  1984 එයා ඒඩ්ස් හැදිලා මැරෙන්න කලින්. ඩෙරීඩා එයාගෙ ඇත්ත ජීවිතේ ආශාවන් සහ ලිංගික අත්දැකීම් ‘ද පෝස්ට් කාර්ඩ්’ වගේ දාර්ශනික ලියමනක කේන්ද්‍රය කර ගත්තට ෆුකො කිසි දවසක එයාගෙ නිදන කාමරයේ දර්ශනය (මාකි ඩි සාද්ගෙ වදනක්) එයාගෙ පොත්වලට ගේන්නෙ නෑ.

    ඉතිහාසය පුරාම මේ විදිහට දාර්ශනිකයන්ගෙ සිතීමට ඒ අයගෙ ලිංගික ජීවිතය බලපාපු හැටි හොයන්න අසීරු නෑ. වැදගත් ප්‍රශ්නය වෙන්නෙ මේ අවස්ථා කොහොමද ඒ අයගෙ දාර්ශනික කෘති තේරුම් ගන්න උදව් වෙන්නෙ කියන එක. මං හිතන්නෙ නෑ නියැල් ෆර්ගියුසන් කියන ඉතිහාසවේදියා මේනර්ඩ් කීන්ස් ගැන කියනවා වගේ ‘ලිංගිකත්වය සිතීමේ සියල්ල පැහැදිලි කරයි’ කියන කාරණය මෙතනදි ඒ තරම් සුදුසුයි කියල. ඒක තරමක ඌනිත කියවීමක්. ඒත් අපිට දකින්න පුළුවන් කියකගාර්ඩ්, ඩිබොවා, හෝ ඩෙරීඩා වගේ දාර්ශනිකයන්ගෙ ලිංගිකත්වය සම්බන්ධ සිද්ධීන් ඒ ගොල්ලොන්ගෙ දාර්ශනික තේමාවන්ගෙ මායිමේ අත්හැර දැමූ සාහිත්‍යයක ස්වරූපයෙන් පවතිනවා කියන එක.

    සාහිත්‍ය විසින් දර්ශනය නිරුවත් කරනවා. දර්ශනය වෙන්නෙ මේකයි නොවෙන්නෙ මේකයි වශයෙන් පනවා ගන්නා  සීමාවන් ප්‍රතික්‍ෂේප කරනවා. දාර්ශනිකයන්ගෙ ලිංගික ජීවිත කියන්නෙ දර්ශනයෙ අවසර ලත් සහ අවසර නොලත් කියන බෙදීම සලකුනු කරන තැනක් වීම අහම්බයක් නෙමෙයි. දර්ශනය යනු කුමක්ද කියන එක එන්නෙ මේ බැහැර කිරීමත් එක්ක.
    මං හිතන්නෙ නෑ ලේඛකයාගෙ ලිංගික ජීවිතය දැනගැනීමෙන් මේකට උත්තරයක් ලැබෙනවා කියල. ඒත් ඒකෙන් අපිට පුළුවන් වෙනවා මේ ප්‍රශ්නෙ නැවත නැවත අහන්න. ඒ හරහා දර්ශනයේ ප්‍රතිවිරෝධතා සහ සංකීර්ණතා තහවුරු කරමින් අදට ගැලපෙන විදිහට දර්ශනය කියවාගන්න.

    මාර්ටින් මැකිලන්ගේ සටහනක් ඇසුරෙන්.

  • Dominatrix – ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක් වත්..

    Dominatrix – ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක් වත්..

    මෑත දවසකදි අපේ ඔෆිස් එකේ කෙල්ලෙක් මට මග් එකක් තෑගි දුන්නා. මං ඕකෙ ෆොටෝ එකක් ෆේස්බුක් දැම්මා. ඒ කෙල්ලට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ගොඩක් ආවා. මේ අතරෙ කෙනෙක් අමුතුම ආදර හසුනකුත් එවලා තිබුන.

    මට ඔයාගෙ කකුල් ඉඹින්න දෙන්න. ඒ ඇඟිලි ලෙවකන්න දෙන්න. ඒ පතුල්වලින් පෑගෙන්න අවසර දෙන්න. මට ඔයාගෙ කකුල් ළඟ දැවටෙන්න දෙන්න… ඔයා මගේ දේවදූතිය වෙන්න.

    ඕක දැකපු ගමන් ඒ කෙල්ල හොඳටම බය වුනා. ඒක එයාට දැනුනෙ අපහාසයක් වගේ. ඒත් ඇත්තටම ඒ නෝට් එක පුරාම තිබුනෙ වර්ණනාවක්.

    ලංකාවෙ මේ විදිහට ෆෙටිෂ් එකක් තේරුම් ගන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. ඒ වෙනුවට ඒ නෝට් එක අරගෙන නමත් එක්ක එෆ්බී දාලා අර මිනිහව විනාශ කරන අවස්ථා වැඩියි. තමන්ගෙ කකුල් ඉඹින්න ආසාවෙන් පෙලෙන මිනිහව පර්වර්ට් කෙනෙක් අසහනකාරයෙක් මානසික රෝගියෙක් විදිහට ප්‍රකාශයට පත් කරලා තමන්ගෙ යහපත්භාවය තහවුරු කරගන්නයි ගොඩක් අය පෙළඹෙන්නෙ. ඒක පුද්ගලිකව ඒ කාගෙවත් වැරැද්දක් නෙමෙයි. අපේ සංස්කෘතික ඉගැන්වීමෙ විදිහ.

    ලංකාවෙ ෆුට් ෆෙටිෂ් කියපු ගමන් මට මතක් වෙන සිංදුවක් තියෙනවා.

    ‘ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම්…’ චන්ද්‍රලේඛා කියන මේ වචන ටික එයා කියන්නෙ මේ අදහසින් නොවුනත් ෆුට් ෆෙටිෂ්වල ඉස්තරම් ප්‍රකාශනයක්.

    මං මේ දවස්වල අහන ලව් ඇන්ඩ් රේඩියෝ කියල පොඩ්කාස්ට් එකක් තියෙනවා. ඒකෙ විවිධ ලිංගික ෆැන්ටසිවල ජීවත්වෙන අය තමන්ගෙ අත්දැකීම් බෙදාගන්නවා. ඒක අහනකොට දැනෙන දෙයක් තමයි සාමාන්‍ය සමාජය විපරීතයි කියන සම්බන්ධතා ඇතුලෙ මොනතරම් එකිනෙකා ගැන විශ්වාසයක්, ගෞරවයක් ආරක්ෂා වෙනවද කියන එක. ඒ හැමදෙයක්ම කරන්නෙ ඒ පදනම උඩ. ඒ වගේම ඒ ලිංගික පරිකල්පනයන් අපිව පුදුම කරනවා. අපි සෙක්ස් කියල දකින්නෙ මොනතරම් බෝරිං දේවල් ටිකක්ද කියල හිතෙනවා.

    එක එපිසෝඩ් එකක ඒකෙ කතා කරනවා ඩොමිනේටි්‍රක්ස් ගැන. ෆුට් ෆෙටිෂ් කියන එකත් බොහෝ විට මේ ඩොමිනේටි්‍රක්ස් කියන බීඩීඑස්එම් ශෘංගාරයේ එක කලාපයක්. ඩොමිනේටි්‍රක්ස් කියන්නෙ කාන්තාව විසින් ආධිපත්‍ය අරගෙන පිරිමියාව පාගා දමන ස්වරූපයේ ලිංගික අත්දැකීමකට. ඒකෙ ඩොමිනන්ට් කියන පදයෙන් බිඳලා අරගෙන මේ නපුරු ගැහැණිය ඩොම් කියල හඳුන්වනවා. මේ නපුරු ගැහැනියගේ කුරිරුකම තමයි පිරිිමියාගෙ සතුට වෙන්නෙ.

    ඇරිස්ටෝටල් සහ ෆිලිස්ගෙ කතාව ඩොමිනේටි්‍රක්ස්වල ප්‍රසිද්ද කතාවක්. ෆිලිස් කියන මේ අධිපති ගැහැනිය ඇරිස්ටෝටල් කියන මහා දාර්ශනිකයාව යටපත් කරගන්නවා. ඇරිස්ටෝටල්ට දනගහන්න කියල අන කරනවා. ඊට පස්සෙ ඇරිස්ටෝටල්ගෙ පිට උඩ නැගලා ෆිලිස් කස පහර දිදි අස්සයො පදිනවා.

    මේ පොඩ්කාස්ට් එපිසෝඩ් එකේදි මේ පුංචි කෙල්ල කියනවා එයා කොහොමද මේ ෆැන්ටසියට ඇතුල් වුනේ කියල. එයාට නිතර මැසේජ් එවන අර කලින් විදිහෙ ශෘංගාර රසිකයෙක් ඉන්නවා. එයාගෙ කකුල් ගැන, එයාගෙ ඇඟිලි ගැන, ඒ නියපොතු, හීනි මයිල් ගස් මේ වගේ එකීනොකී හැම දෙයක්ම ඒ පිරිමියාගෙ වර්ණනාවට අහුවෙනවා. මුලින් මේ කෙල්ලට තරහ යනවා. තරහ ගිහින් බනිනවා. හැබැයි අපේ ගෑනු ළමයි වගේ ඒවා කොපි කරලා එෆ්බී දාන්නෙ නෑ.

    අර තරුණයා කියනවා එයාට තියෙන්නෙ අඟල් දෙකක විතර පුංචි ශිෂ්නයක් කියල. මේ කෙල්ල ඒකට හිනාවෙනවා. හිනාවෙලා පාච්චල් කරනවා. මේ හැමදේකින්ම අර පිරිමියා සතුටු වෙනවා කියල එයා තේරුම් ගන්නවා.  කොයිතරම් අපහාස කළත් ඒ පිරිමියා එයාට කතා කරන්නෙ මැඩම් කියන ගෞරවාර්ථයෙන්ම විතරයි. ඒ යටහත් පහත් බව එයා සදා රකිනවා. කොයිතරම් තේරුම් ගන්න අමාරු වුනත් මේ කෙල්ල අර වහල් පිරිමියාව බ්ලොක් කරන්නෙ නෑ. මේ වැඩේ හරි ඉන්ටරෙස්ටින් කියල කෙල්ලට හිතෙනවා.

    දවසක් මේ පිරිමියා එයාගෙන් මුත්‍රා ටිකක් ඉල්ලනවා. ඒ වෙනුවෙන් හොඳ මුදල් ගෙවන්නත් එයා ලෑස්ති වෙනවා. ඒත් මේ කෙල්ල හිතන්නෙ මේක පචයක් කියල. චූ ටිකකට මෙච්චර ගානක් ගෙවන්නෙ කවුද කියල එයාට හිතෙනවා. ඒත් නැති වෙන්න තියෙන්නෙ මොනවද? එයා චූටි බෝතලේකට චූ කරලා ඒක ලස්සනට පැක් කරලා අර පිරිමියාගෙ ඇඩ්‍රස් එකට යවනවා. එයාට අර කියපු මුදල චෙක් එකක් විදිහට ලැබෙනවා.

    ඊට පස්සෙ එයා දැනගන්නවා කෙල්ලන්ගෙ ඇඳපු යට ඇඳුම්, කොන්ඩ බෝල, මේස්, ස්ටොකින්ස්, කෙස්ගස්, වසාරෝම හැමදේකටම මේ විදිහෙ ඉල්ලුමක් තියෙනවා කියල. එයා එයාගෙ චැනල් එකක් පටන් ගන්නෙ ඊට පස්සෙ.

    ඒ ච ැනල් එකේ එයා කැමරාව ඉස්සරහට ඇවිත් එයාගෙ කුරිරුකම් විඳින්න සැදී පැහැදී ඉන්න පිරිමි එක්ක කතා කරනවා. ඒ පිරිමින්ට සැර කරනවා. අපහාස කරනවා. එයා ඇඳපු පැලඳපු දේවල් විකුණනවා. ඒ පිරිමි ඒ වෙනුවෙන් සල්ලි දෙනවා.

    සමහර වෙලාවට තමන්ගෙ බැංකු ගිනුමෙ අංකය අරගෙන සම්පූර්නයෙන්ම තමන්ව බංකොලොත් කරන්න කියල ඒ පිරිමි ඉල්ලනවා. ඒක තමයි ආස්වාදය. තව කෙනෙකුට තියෙනවා යෝද ගැහැනියකගෙන් පෑගිලා මැරෙන ශෘංගාරයක්. එතකොට මේ කෙල්ල හොඳටම ලෝ ඈන්ගල් ෂොට් එකක ඉඳන්, එතකොට එයාව යෝදියෙක් වගේ පේනවා, ඒක ඒ පිරිමියා එක්ක කතා කරනවා. ගොඩ්සිලා ගෑනියෙක් විසින් මේ පුංචි කුරාකුහුඹු පිරිමියා පාගලා මරන හැටි, කටේ දාගෙන හපන හැටි එයා විස්තර කරනවා. ඒ අතරෙ අනිත් පැත්තෙ පිරිමියා ස්වයං වින්දනයෙ යෙදෙනවා.

    උඹ මේවා අහගෙන මාස්ටර්බේට් කරනවා නේද අගුටුමිට්ටො?
    ඔව්.. ඔව් මැඩම්.. මට සමාවෙන්න මැඩම්.. මාව මරන්න මැඩම්..

    ඒක හරිම අපූර්ව ෆැන්ටසියක්. මේ කෙල්ලගෙ රසිකයො කැමති නෑ කොයිම වෙලාවකවත් එයා නිරුවත් වෙනවට. එයා ඔවුන් වෙනුවෙන් නිරුවත් වෙනවට වඩා ඉහළ දෙවඟන තත්වයක් තමයි ඒ ගොල්ලොන්ට ඕන. සමහර විට මේ කෙල්ලට එයා ආදරේ කරන කොල්ලො එක්ක ඩේට් යන්න පවා වියදම් කරන්නෙ මේ යටහත් පිරිමි.

    එයා මේ ෆැන්ටසිය විඳින්නෙ නෑ කියල මේ කෙල්ල කියනවා. ඒක එයාට ප්ලේ එකක්. ඒක එයා කරන පර්ෆෝර්ම් එකක්. ඒකට ඇත්තටම ඒ ෆැන්ටසිය එයා විඳිනවද කියන එක අදාල නෑ.
    ඒ වගේම අර පිරිමිත් කරන්නෙ ඇක්ට් එකක්. ඒ අයට ඇත්තටම පුංචි ශිෂ්නයක් නැතුව ඇති. ඇත්ත බැංකු ගිනුම් අංක දෙන්නෙ නැතුව ඇති. ඒ ආස්වාදය වෙනුවෙන් ඒ ගොල්ලො චරිතයක් නිර්මාණය කරගන්නවා. මේක තනිකරම රෝල් ප්ලේ එකක්.

    ඉතින් ගොඩක් අය හිතනවා වගේ මේක මානසික රෝගයක් නෙමෙයි කියලයි මේ කෙල්ල කියන්නෙ. ඒ වෙනුවට ඉතාම දැනුවත්ව, අනෙකාගෙ පුද්ගලිකත්වට ගරු කරමින් කරගෙන යන ශෘංගාර නාටකයක් විදිහටයි එයා මේක දකින්නෙ. නමුත් තමන්ගෙම ප්‍රේක්ෂක පිරිසක් එක්ක, තමන්ගේ සුවපහසුව ආරක්ෂාව ඇතුව හොඳ ආදායමක් උපයමින් මේ කරන වෘත්තිය ගැන ඇය ඉන්නෙ තෘප්තියෙන්.

    එයා තව තවත් නිර්මාණශීලී දේවල් තමන්ගෙ වහල් පිරිමින් වෙනුවෙන් ඉදිරිපත් කරනවා. අලුත් වධහිංසන හොයාගන්නවා. අලුත් අපහාස යොදාගන්නවා.

    ඒ අන්ධකාර රාත්‍රියේ තමන්ගෙ දෙපා සිඹින්නට බලන් ඉන්න සියගානක් පිරිමි ඉස්සරහට එයා මහේශාක්‍ය විදිහට කසය අරන් එනවා. අපිට දඩුවම් කරන්න මැඩම්…

  • Sithara and Jennifer

    Sithara and Jennifer

    සිතාරා සඳමාලි ෆර්නැන්ඩො සහ ජෙනිෆර් එලිසබෙත් කාටර් යුවළ ඇල්බාර්ටාහි එඩ්මන්ටන් වලදි 2019 ඔක්තෝම්බර් 05 වෙනිදා අතිනත ගත්තා. ඒ ගැන ඔවුන් මේ විදිහෙ සටහනක් යොදලා තිබුන.

    ”අපි සමලිංගික,  ජාතීන් දෙකකට අයත් යුවළක් වන අතර අපේ විවාහ මංගල්‍යයත් තරමක් සුවිශේෂී එකක්. අපිට ඕන වුනේ ඒක ඉතාම නිදහස් විනෝදකාමී එකක් කරන්න. අපේ ආරාධිතයන්ට අපිත් එක්ක සතුටු වෙන්න ඉඩ හදන්න. අපි තෝරගත්ත ශාලාව ඩවුන්ටවුන් එඩ්මන්ටන්වල හොලිඩේ ඉන් එක සුන්දර වගේම මිල අධික නොවන තැනක්. අපි බස් එකක් හයර් කළා එඩ්මන්ටන් ට්‍රාන්සිට් එකේ ඉඳන් අපිව ෆොටෝ ගන්න අරන් යන්න. ඩ්‍රැග් ක්වීන්ලා දෙන්නෙක් (ගැහැණු විදිහට අඳින පළඳින පිරිමින්) හිටියා අපේ අමුත්තන්ව පිලිගන්න. අපිට හරිම සතුටුයි අපේ සුන්දරම දවසෙ හැමදේම හරියට සිද්ද වුනු එක ගැන.

    මේ යුවළ අතිනත් ගැනීමේදී එකිනෙකාට මෙහෙම පොරොන්දුවක් දුන්නා.”

    ‘ජෙනිෆර් එලිසබෙත් කාටර්වන මම ,
    සිතාරා සඳමාලි ෆර්නැන්ඩො වන මම,
    මගේ ආදරනීය භාර්යාව සහ ජීවිතයේ සහකාරිය හැටියෙන් බාරගන්නා බවටත්
    අද පටන් සෑම මොහොතකම ඔබ සමීපයෙන්ම සිටින බවටත් ඔබව දිවිහිමියෙන් විශ්වාස කරන බවටත්,
    ඔබේ පුද්ගලිකත්වයට ගරු කරන බවට සහ ගෞරවයෙන් ඔබව රැකබලාගන්නා බවටත්
    නිරන්තරයෙන් ඔබව දිරිගැන්වීමට සහ  සහයෝගය ලබා දීමට කැපවන බවටත්
    ඔබ සමග මගේ සතුට දුක බලාපොරොත්තු සහ සිහින බෙදාගන්නා බවටත්
    අද පටන් ජීවිතය පුරාම ඔබ සමගම රැඳෙන බවටත් පොරොන්දු වෙමින්  ඔබේ අත ගන්නවා.
    මේ මුදුව සදාකාලයටම අපේ මංගල දවසෙ පොරොන්දුවත් ඔබ ගැන ඇති මගේ ආදරයේ සහ කැපවීම පිළිබඳ සිහිවටනයත් වනු ඇති.’

    මෙතනදී විවාහය සිදුකරන කාන්තාව මෙහෙම කියනවා

    ”ඔබ දෙපල, බිරිඳ සහ බිරිඳ වශයෙන් ප්‍රකාශ කරන අතර හාදුවකින් එය තහවුරු කර මෙන් ඉල්ලා සිටිනවා”
    සිතාරා සහ ජෙනිෆර් ඉතාම ආදරෙන් ඔවුනොවුන් සිපගන්නවා. තවමත් අසම්මතයක් වූ මේ විවාහයට ඔවුන්ගේ දෙමව්පියන්  ආදරෙන් ආශීර්වාද කරනවා.

    ලිංගිකත්වය පිළිබඳ සම්මතයන් නොතකා ආදරයේ අසම්මතය ආදරනීය ලෙස වැළඳගත් ඔවුන්ට අපේ සුබපැතුම්. https://youtu.be/jV3bKHVmTsQ 





  • වල් කතා කියවීම සහ වාත නොවී සෙක්ස් කිරීම – ගැහැනු ළමයෙකුගෙන් චෝදනාවක්

    වල් කතා කියවීම සහ වාත නොවී සෙක්ස් කිරීම – ගැහැනු ළමයෙකුගෙන් චෝදනාවක්

    ඔයාගෙ පොත් කියවලා මිනිස්සු වල් වෙනවා. අහලපහල අයටවත් ඉන්න විදිහක් නෑ.

    මට මැසෙන්ජර් එකෙන් කමෙන්ට් එකක් එව්වා ගෑනු ළමයෙක්.

    ආ?

    විහිලුවක්ද, බැනුමක්ද කියල අකුරුවලින් හිතාගන්න බැරුව මං ප්‍රශ්නාර්තයක් යැව්වා.
    මං ඉන්නෙ උඩ තට්ටුවක රෙන්ට් එකට. මායි තව ගෑනු ළමයෙකුයි තමයි මේ තට්ටුවෙ ඉන්නෙ. පහල තට්ටුවෙ ගෙදර අයිතිකාරයො. කිසිම අවුලක් නැති කාගෙවත් දේවල්වල ඇගිලි ගහන්නෙ නැති ජෝඩුවක්. ඒ ගොල්ලොන්ට ළමයි දෙන්නෙකුත් ඉන්නවා.

    ටික දවසක ඉඳන් මහ රෑට අල්ලපු ගෙදරින් මහ සද්දෙට සිංදු ඇහෙනවා. ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ඒ සද්දෙටම ඒවා කියනවත් එක්ක. ඒක ගෝෂාවක්. ඒ මදිවට උදේට රන්ඩු වෙනවා. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම බැනගන්නවා. ඔක්කොමටම වඩා උන් සෙක්ස් කරනකොට. වටේම මිනිස්සු දන්නවා. කෙඳිරිගන්නෙයි එක එක ඒවා කියන්නෙයි රටටම ඇහෙන්න.

    මේක ඉවසන්නම බැරි තැන මායි මගේ එහා පැත්තෙ අපාර්ට්මන්ට් එකේ ගෑනු ළමයයි තීරණය කළා මේ ගොල්ලොන්ට මේක කියන්න. අපිට නිදාගන්න විදිහක් නෑ කියල. එයාලගෙ බේඩරූම් එක තියෙන්නෙ අපේ බැල්කනිවලට කෙලින්ම. හැමදේම හොඳටම පේනවා රෑ ලයිට් එලියට. ඔන්න එදා රෑත් දෙන්නා රන්ඩු වෙන්න ගත්තා. ඊට පැයකට පස්සෙ සිංදු කියන්න ගත්තා. සද්දෙන් හිනාවෙන්න ගත්තා. වෙලාව එකට විතර ඇති.

    අපි බැල්කනියට ගිහින් කතා කළා. ඇහෙන්නෙ නැති තැන කෝටු කෑල්ලකින් දමලා ගැහුවා ජනේලෙට. ජනේලෙ ඇරලා ඒ ගෙදර පිරිමියා කතා කළා. අවුරුදු 50ක් විතර ඇති. මැරෑටි පාටයි.
    අපි බොහොම කරුනාවෙන් අපිට තියෙන කරදරේ කිව්වා. නිදාගන්න බෑ සද්දෙ ටිකක් අඩු කරන්න කියල ඉල්ලුවා. ඒත් මේ මිනිහා අපි දෙන්නටම බැන්නා.

    පුළුවන් දෙයක් කරපල්ලා, පොලිසි පලයල්ලා කියල ඉංග්‍රීසි භාෂාවෙ නරකම වචන ගොඩකුත් කිව්වා. ඒකට අපේ ගෙදර අයිතිකාරයාට තරහ ගිහින් එයත් ඇවිත් අර මිනිහට බැන්නා. රන්ඩුව එතනින් ඉවර වුනාට සද්දෙ ඉවර වුනේ නෑ. දිගටම ඒ ගොල්ලො ඒක කරගෙන ගියා. 
    ඊගාව දවසෙ මං වැඩ ඇරිලා එද්දි අර මනුස්සයා ජනේලෙන්  මට හූ කිව්වා. මං ගානකට නොගෙන ඇවිත් නාලා ඇඳුම් වැලට දාන්න බැල්කනියට යද්දි අර මිනිහා මහ හයියෙන්

    oh baby.. suck my dick.. I wanna suck your pussy..
    වගේ ඒවා කියනවා. 

    ඒ අතරෙ ජනේලෙත් ඇරියා. මට ඉතින් ඒ පැත්ත බැලුනා. කාමර් ලයිට් දාලා. ඒ මිනිහා ජනේලෙ එල්ලිලා මං දිහා බලන් ඉන්නවා. ගෑනු කෙනා එතනම දන ගහගෙන එතනම වැඩේ කරනවා.

    මම ඉක්මනට ගේ ඇතුලට ගිහින් ලයිට් ඔෆ් කළා. එක දිගටම ඒ දෙන්නා අදාල කාර්ය කරගෙන ගියා. සද්දෙන් කියවන්නයි කෙඳිරිගාන්නයි ගත්තා. බොරු කියන්න ඕන නෑනෙ මාත් බලාගෙන හිටියා.
    උන් දෙන්නා එතනම සෙක්ස් කරනවා කිසිම අවුලක් නැතුව. මට ඒක නං ප්‍රශ්නයක් නෙමෙයි.
    ඊට පස්සෙ මං මගේ කාමරෙන් ඒ පැත්ත පේන ජනේලෙ කොල අලවලා වහලා දැම්මා. (වැහුවට වැඩක් නෑ දිගටම උන් සෙක්ස් කරන සද්දෙ අපිට අහගෙන ඉන්න වුනා) පස්සෙ ගෙදර අයිති අක්කට මේ කතාව කිව්වා. එයා අර ගෙදර අයිති අයට කියලා ඒ අයිති අය අර මිනිහව හම්බුවෙන්න ආවා. ඒ ගෙදර අයිති අවුරුදු 60ක විතර ආන්ටි කෙනෙකුට.

    පිරිමියා මිනිස්ටර් කෙනෙක් ළඟ වැඩලු.

    ඒ ආන්ටි අපේ අක්කට කියල, අර මිනිස්සු වල් පොත් කියව කියව, වල් ෆිල්ම් බල බල බිබී සෙක්ස් කරනවා කියල. අක්කා අහලා මොන වල් පොත්ද කියල. අර චින්තන ධර්මදාසද මොකෙක්ද කියල වල්පොත් ලියන මිනිහෙක් ඉන්නෙ. ඇතුල්වෙන තැන මේසෙ උඩම තියෙන්නෙ ඒ පොත් කියල.
    අක්කා මට මේක කිව්වම මට ඔයාට මේක කියන්න හිතුනා. ඔයාගෙ පොත් හින්ද අනිත් මිනිස්සුන්ට නිදාගන්නවත් නෑ කියල. ඔයා ඕකෙ ලියලා තියෙනවද රෑට ජනෙල් ඇරගෙන මහ සද්දෙට අනිත් එවුනුත් ඇහැරෙන්න සෙක්ස් කරන්න කියල?

    මගේ පොත් මේ විදිහෙ පිලිගැනීමකට ලක්වෙන එක ආඩම්බරේකට කාරණයක් වුනත් අනිත් මිනිස්සුන්ට තමන් සෙක්ස් කරන එක වාතයක් වෙන එක නං මං කිසි දවසක බලාපොරොත්තු නොවුනු තත්වයක්.
    මං ඉතින් මට මේ කතාව කියපු ගෑනු ළමයගෙන් ඒ වෙනුවෙන් සමාව ඉල්ලුවා. පොලිසියට කිව්වත් බය නැති හාදයෙක්ට මං කියල මොනා කරන්නද? ඕන නං ඔය කාමරේ මට ගන්න පුළුවන්.  චින්තන ධර්මදාස