Author: admin

  • Hugh Hefner 1826-2017

    Hugh Hefner 1826-2017

    හියු හෙෆ්නර් කියන්නෙ ප්ලේබෝයි සඟරාවෙ නිර්මාතෘ. 1970 ඇතිවුනු ලිංගික විප්ලවයේ පුරෝගාමී චරිතයක් විදිහට හෙෆ්නර්ව හඳුන්වනවා. 1950 ගනංවල ඇමරිකාවෙ තිබුනු දැඩි ආගමික සදාචාරවාදී සමාජයෙන් තමන් තුල ඇති කරපු පීඩනය තමයි ප්ලේබෝයි සඟරාව විදිහට පුපුරා ගියේ කියල හෙෆ්නර් කියනවා.

    එයා ප්ලේබෝයි කියන බ්‍රෑන්ඞ් එක තමන්ගෙ ජීවිතයම කරගත්තා. නියම නිදහස් ඇමරිකානු ප්ලේබෝයි කෙනෙකුගේ ජීවිතය නිර්මාණය කරන්න උත්සාහ කළා. ඒ අනුරාගී ජීවිතයටම අදාල වුනු විකල්ප සංස්කෘතියක් නිර්මාණය කළා. ජීවිතය හොලිවුඞ් චිත්‍රපටියක් වගේ ගත කරන්න උත්සාහ කළා. මහා මන්දිරවල සුවිසල් සාද අතර, සුරූපී ලඳුන් වටකරගෙන, සිල්ක් පිජාමාවලින් සැරසීගෙන දුම් පයිප්පයක් කටේ රුවාගත්ත හියු හෙෆ්නර්ගෙ ජීවිතය කියන්නෙම සාම්ප්‍රදායික සමාජ වටිනාකම්වලට එරෙහි විප්ලවයක්.

    අසභ්‍ය යනු කුමක්ද කියන එකත් මිනිස් ප්‍රකාශනයේ නිදහස කියන එකත් හෙෆ්නර් තමන්ගෙ කාලය පුරාම ගැටුනු ප්‍රශ්න කරපු අරමුණු දෙකක්.

    “අපි කොක්ටේල්වලට කැමතියි. මූඞ් එකක් දෙන සංගීතයක් එක්ක සුන්දර කෙල්ලෙක් පිකාසො ගැන නීට්ෂ ගැන ජෑස් ගැන සෙක්ස් ගැන මේ පිටු අතරෙ සංවාද කරාවි. ඒක තමයි ප්ලේබෝයි සඟරාවෙ මූඞ් එක. හෙෆ්නර් එයාගෙ එඩිටෝරියල් එකේ ලියනවා.

    හෙෆ්නර් කියන චරිතය බොහෝ විට ජේ ගැට්ස්බි, සිටිසන් කේන්, වෝල්ට් ඩිස්නි වගේ චරිත එක්ක සංසන්දනය කළත් ඇත්තටම හෙෆ්නර් කියන්නෙ එයාටම විතරයි.

  • Larry Flynt 1942

    Larry Flynt 1942

    මේ කාලෙදිම කරලියට එන ඊලග පෙරලිකාරයා තමයි ලැරී ෆ්ලින්ට්. එයා පටන් ගන්නෙ පොඩි බාර් එකකින්. ඊට පස්සෙ ක්ලබ් එකක් ගන්නවා. ඒක ක්ලබ් ගොඩක් වෙනවා. ඒ ක්ලබ් අතරෙ බෙදන්න එයා හස්ලර් කියලා පිටු දෙකක නිව්ස්ලෙටර් එකක් පටන් ගන්නවා. පස්සෙ මේකෙ ජනප්‍රියභාවය නිසාම ටික ටික පිටු ගාන වැඩිවෙනවා. එක වෙලාවකදි හස්ලර් ජාතික මට්ටමේ සඟරාවක් බවට පෙරලනවා. මේක වෙන්නෙ 1974දි.

    අනිත් සඟරා දෙක වගේම ලැරී ෆ්ලින්ට් හස්ලර් ජනප්‍රිය කරන්න අනවසර නිරුවතක් අලෙවි කරනවා. ඒ ජැක්ලීන් කෙනඩිගෙ හිරු රැස් විඳින නිරුවත් පැපරාසි ෆොටෝ ටිකක්. ඒකෙන් හස්ලර් පෝර්න් ලෝකයේ ප්‍රධානම සෙල්ලක්කාරයන් අතරට එකතු වෙනවා.

    මුල්වරට ස්ත්‍රී යෝනි ප්‍රදේශය නිරුවත් ඡායාරූප පලවෙන්නෙ හස්ලර් මැගසින් එකේ. අනිත් දෙන්නට වගේම ලැරීටත් දිගටම අසභ්‍ය ප්‍රකාශන චෝදනා සහ නඩු වැටෙනවා. මේ නඩුවකට ගිහින් එද්දි ඝාතකයෙක් ලැරී ෆ්ල්න්ට්ට වෙඩි තියනවා. ඒකෙන් එයාගෙ කොන්දෙන් පහල කොටස පන නැති වෙලා යනවා.

    හස්ලර් මැගසින් එක සලකන්නෙ පෝර්න් සඟරා අතර වාමාංශික නැඹුරුවක් ඇති සඟරාව විදිහට. පෙන්ට්හවුස්, ප්ලේබෝයි වගේ සඟරා පුළුවන් තරම් ඉහල පාංතික වෙන්න උත්සාහ ගනිද්දි හස්ලර් වැඩකරන ජනතාව අතර ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම ආයතනයක් විදිහට ලැරී ෆ්ලින්ට් පබ්ලිකේෂන් ප්‍රතිපත්ති ගොඩක් වමට බරයි.


    හස්ලර් මැගසින් එකේ තියෙනවා ඈස්හෝල් ඔෆ්ද මන්ත් කියල පිටුවක්. රටේ ප්‍රසිද්ද චරිතයක් අරගෙන ඒ චරිතය ප්‍රසිද්ධියෙ නිරුවත් කිරීම මේ පිටුවෙන් දිගටම කරගෙන ආවා. 

    2013 වෙනකල්ම හස්ලර් සඟරාව නොමිලේ කොංග්‍රසයේ හැමෝටම ලැබෙන්න සලස්සන ක්‍රමවේදයක් තිබුන. ‘මේ මිනිස්සු දැනගන්න ඕන රටේ ලෝකෙ මොනාද වෙන්නෙ කියල’ ඒකට හේතුව විදිහට ලැරී ෆ්ලින්ට් කිව්වෙ එහෙම.

    ලැරී ෆ්ලින්ට්ම තමන්ව හඳුන්වන විදිහට එයා දැඩි සිවිල් ලිබටේරියන් කෙනෙක්. ඒ වගේම අදේවවාදියෙක්. එයාගෙ දුව දැඩි ආගමික භක්තියක් වැළඳගෙන පෝර්න්වලට විරුද්ධව කතා කරන්න ගත්තම ලැරී එයාව දුහිතෘකමෙන් අයින් කරනවා. ඒ වගේම එයා දැඩිවම මරණ දඩුවමට එරෙහිව පෙනී ඉන්නවා. කොටින්ම ලැරීට වෙඩි තියපු ඝාතකයාට මරණ දඩුවම පැනවීම ගැන පවා ලැරී ෆ්ලින්ට් දැඩිව විරෝධය පලකරනවා. සුදු අන්තවාදියෙක් වුනු ඒ ඝාතකයා ලැරීට වෙඩි තියන්නෙ කවරය සඳහා කලු ජාතිකයන් පාවිච්චි කළා කියන තරහට.

    මෝසස් යුදෙව්වන්ට නිදහස දුන්නා. ලින්කන් වහල්ලුන්ට නිදහස දුන්නා. මම නියුරොසිකයන්ට නිදහස දුන්නා.

    ලැරී ෆ්ලින්ට්

  • ලැජ්ජාව වැළඳගන්න

    ලැජ්ජාව වැළඳගන්න

    ටාමි ලින් කෙන්ට් කියන්නෙ කාන්තාවන්ගෙ යෝනි මාර්ගය ආශ්‍රිත ආබාධවලට ප්‍රතිකාර කරන තෙරපිස්ට් කෙනෙක්. එයා යෝනි මාර්ගය හුදු කායිකමය දෙයක් කියන තැනින් එහාට අරගෙන ගිහින් ඒ හා සම්බන්ධ මානසික සහ ආධ්‍යාත්මික කාරනා ගැනත් උනන්දු වෙනවා. ඒක හින්දම එයාට වැජයිනා විස්පරර් ඒ කියන්නෙ යෝනි මාර්ගය හා කොඳුරන්නා කියල නමක් පවා ගැටගැහිලා තියෙනවා.

    ලින් කෙන්ට්ගෙ අදහස් කතා කරන්න කලින් අපි ඉන්නෙ කොතනද කියලත් අවබෝධයක් අපිට තියෙන්න ඕන. අපි මේ කතා කරන්නෙ කාන්තාවන්ගෙ සනීපාරක්ෂක තුවා ගැන කතා කිරීම පවා ලැජ්ජාවක් කියන රටක ඉඳගෙන. අපේ රටේ ජනකාන්ත නළු නිළියො වේදිකා උඩ නැගලා කිව්වා තමන්ගේ පීරියඞ්ස් නැත්තං ඔසප් වීම තමන්ගෙ සැමියාවත් දන්නෙ නැති රහසක් කියල. ඒ රහස ඒ ගොල්ලො හංගගෙන රැකගෙන ඉන්නෙ ලැජ්ජාවෙන්. තමන්ගෙ ශරීරයේ තමන්ගෙම ඉන්ද්‍රිය කලාපයක් ගැන ලැජ්ජාවෙන් පසුවෙන කාන්තාවන් අපේ රටේ ඉන්නෙ.

    ලින් කෙන්ට් කියන විදිහට කාන්තාවන්ගෙ ඇත්ත බලය එක්ක යෝනි මාර්ගය සම්බන්ධයි. ඒ තමයි ඇය විසින් ලෝකයට දරුවන් උපදවන මාර්ගය. ඇගේ ලිංගික තෘප්තියේ සහ ස්ත්‍රීත්වයේ මධ්‍යය. ඒත් කාන්තාවන්ට තමන්ගේ යෝනිය ලැජ්ජාසහගත හෝ ඒ ගැන කතා නොකළ යුතු දෙයක් කියල හිතෙනවා කියන්නෙ ඒ කාන්තාවන් ඒ සමාජය ඇතුලෙ අඩපනයි. ඇයව ඇගේ ශරීරයෙන්ම වෙන් කරලා තියෙන්නෙ. ඇගේ ශරීරයේ කොටස්ම ඇයට ලැජ්ජාවක් බවට පත් කරලා තියෙන්නෙ.

    මේක හොඳටම තේරෙනවා අපි ලීක් වෙන ෆොටෝ දිහා බැලුවොත්. කොල්ලෙකුගෙ නිරුවත් ෆොටෝ නැත්තං වීඩියෝ ලීක් වුනා කියල කිසි කෙනෙක් කලබල වෙන්නෙ නෑ. අඩුම ගානෙ ඒ කොල්ලාවත් ඒ ගැන ලැජ්ජා වෙන එකක් නෑ. ඒත් කාන්තා නිරුවතක් හැම වෙලාවකම ඒ කාන්තාවට දිවිනසා ගන්න තරමෙ ආතතියක් සමාජය පැත්තෙන් නිර්මාණය කරනවා. ඇගේ සම්පූර්ණ ජීවිතයම ඒ නිරුවත බවට ලඝු කරනවා.

    ගැහැනියක් තමන්ගේ නිරුවත් ශරීරය නැත්තං යෝනි මාර්ගය අත්පත් කරගන්නවා කියන්නෙ, ඒක ආඩම්බරෙන් බාරගන්නවා කියන්නෙ එයාගෙ ලිංගික ශක්තිය පූර්ණ විදිහට වැළඳගන්නවා කියන එක. ඒක තමයි කාන්තාවකගේ පරිපූර්ණ පැවැත්ම. ඒත් සමාජය විසින් පනවාපු පටවාපු ලැජ්ජාව කාන්තාවන් තමන්ගෙ යෝනි මාර්ගයෙන් දුරස් කරනවා. ඒක තමන්ගෙ නොවන කොටසක් බවට පත් කරනවා.

    සමාජය විසින් ස්ත්‍රී යෝනිය ලැජ්ජාවක් බවට පත් කරලා තියෙනවා.

    අපි පුළුවන් තරම් බලන්නෙ ලැජ්ජාවෙන් පැනලා යන්න. අර නිළියො ටික ස්ටේජ් උඩ කිව්වෙ ඒක. ලැජ්ජාවෙන් වහන් වෙලා ඉන්න ඉඩදෙන්න කියන එක. ඒත් ලැජ්ජාව ඇතුලට යාමෙන්, ඒ ලැජ්ජාව බාරගැනීමෙන් විතරයි අපිට පුළුවන් වෙන්නෙ ඒක ඉක්මවා යන්න. නැවත අපිව අත්පත් කරගන්න.

    ශිෂ්ට සමාජයක් ගැන විශ්වාස කරන මිනිස්සුන්ට තියෙන ලොකුම අභියෝගයක් තමයි කාන්තා ශරීරය ලැජ්ජාව කියන තැනින් ගෞරවය කියන තැනට ඔසවා තියන එක. එක එක කොටස් වාරණය කිරීමෙන්, හංගාගැනීමෙන් නෙමෙයි. සමස්ත ස්ත්‍රී ශරීරය එහි අලංකාරය සුන්දරත්වය සහ දරුවන් බිහිකිරීමේ දරාගැනීමේ සුවිශේෂ හැකියාව වෙනුවෙන් ගරුත්වයට පත්වෙන්න ඕන. යෝනිය ලැජ්ජාවන ඉන්ද්‍රියක් නෙමෙයි බුහුමන් ලබන ඉන්ද්‍රියයක් වෙන්න ඕන

    තමන්ගෙ යෝනි මාර්ගය ගැන ලැජ්ජාවෙන් ජීවත් වෙන කාන්තාවක් එයාගෙ සමස්ත සම්බන්ධතා රටාවම හදාගන්නෙ ඒ ලැජ්ජාව ඇතුලෙන්. ඒක එයා එක්ක ගනුදෙනු කරන අනිත් මිනිස්සුන්ටත් සමාජයටත් බලපාන කාරණයක් වෙනවා. එයා විවෘත නිදහස් ජීවියෙක් විදිහට නෙමෙයි ජීවත් වෙමින් ඉන්නෙ. එයා රෝගී වෙලයි ඉන්නෙ. මේ රෝගී බව එයාගෙ ආදරයට, දරුවන්ට පවා බෝවෙනවා.

    අපි හැමෝම ගැහැණු ශරීරයක් ඇතුලෙ ජීවත් වුනු මිනිස්සු. ඒ තමයි අපේ මුල්ම නිවහන.

    ලින් කියනවා එයාට මුනගැහෙන බොහොමයක් ගැහැනුන්ගෙ යෝනි මාර්ගයන් විවිධ ආතතීන් නිසා ආබාධවලින් පෙලෙනවා කියල. සමහර ඒවා උපතින්ම එන දෝෂ. තව බහුතරයක් සමාජය විසින් ඇති කරන දෝෂ.

    ගැහැනු ගොඩක් තමන්ගේ යෝනිය ගැන හිතන්නෙ නෑ. ඒ ඉල්ලීම් වලට සාවධාන නෑ. තමන්ගේ ශරීරයේ තිබුනට ඒ ගැන දන්නෙවත් නෑ. කොටින්ම ඒක ශරීරයේ කොටසක් විදිහට සලකන්නෙ නෑ.

    ලින් හොයාගන්නවා මේ යෝනි මාර්ගය ආශ්‍රිත ආබාධ තියෙන ගොඩක් කාන්තාවන්ට ඒ පිටිපස්සෙ ලොකු මානසික වේදනාවක් හිරවෙලා තියෙනවා කියල. මේ ආතතීන් ඇති කරන ප්‍රධානම හේතුව ලැජ්ජාව සම්බන්ධ කාරණයක්. ලැජ්ජාව කියන්නෙ අපිට උපතින් එන එකක් නෙමෙයි. ඒක අපේ අත්දැකීම් තුලින් අපි ඇතුලෙ නිර්මාණය කරන දෙයක්. ඔයාගෙ ඇඟේ කොටසක් ගැන ඔයාට ලැජ්ජාවක් ඇතිවුනොත් ඔයා ඒ කොටසෙන් ඈත් වෙනවා. ඒක තමන්ගේ නොවෙන විදිහට හිතනවා.

    පෙල්වික් ගර්භය නැත්තං ශ්‍රෝනිය ආශ්‍රිත මේ කලාපය ලස්සන තැනක්. ලින් කෙන්ට් කියන්නෙ ඒක තමයි කාන්තාවන්ගේ නිර්මාණශීලීත්වයේ උපත. ගැහැනුකමේ ගැඹුර. ඒත් අවසනාවට ගැහැනුන්ව මේ තමන්ගේ පන්සලෙන් එලියට ඇදලා දාලා තියෙනවා. ඒ ගොල්ලො ඉන්නෙ ඒ ගොල්ලොන්ගෙම ආත්මයේ ගැඹුරු සම්බන්ධතාවයක් අහිමිව.

    ගැහැණුකම කියන්නෙ වනාන්තර ආත්මයක්. ඒක සුන්දරයි. ගැහැණුමයයි. යෝනි මාර්ගය ආශ්‍රිත ආතතීන්ගෙන් පෙලෙන ගොඩක් අයට ඕන කරන්නෙ කායිකමය සුවපත් වීමක් නෙමෙයි. මේ බිඳුනු ආධ්‍යාත්මික සම්බන්ධය ආපහු හදන්න. අපි මේ ගැහැණු ශරීරයේ ප්‍රඥාවට කන්දෙන්න ඕන. ඒ නිහඬතාවයේ ගැඹුර තේරුම් ගන්න ඕන.

    හරියටම ලැජ්ජාව තියෙන තැනමයි සුවපත් කිරීම අවශ්‍ය වෙන්නෙ. පෑඞ් එක ගැන ලැජ්ජාව ආපු තැනමයි ඇත්ත ප්‍රශ්නෙ තියෙන්නෙ. අපි කරන්න ඕන ඒ ගැන කතා කිරීම නතර කරන එක නෙමෙයි. තව තවත් ඒ ලැජ්ජාව ගැන විවෘත වෙන්න පුළුවන් නිදහසක් නිර්මාණය කරන එකයි.

    ලින් කෙන්ට් එයාගෙ ප්‍රතිකාර හරහා ගැහැණු ශරීරයෙන් ඉගෙන ගත්ත සත්‍යයන් කීපයක් සලකුණු කරනවා.

    එකක් තමයි යෝනිය ආශ්‍රිතව පවතින ලැජ්ජාව කොයිම ආකාරයකින් හෝ අතීත ඛේදයක් එක්ක සම්බන්ධයි කියන එක. බහුතරයක් ගැහැනුන්ට මේ විදිහෙ ජීවිතේ ප්‍රකාශ නොකර හිරකරගත්ත ට්‍රෝමා තියෙනවා. ඒවා යෝනි මාර්ගයේ ආබාධ විදිහට ප්‍රකාශමාන වෙනවා.

    ලින් කියන විදිහට එයාට මුනගැහුනු ගැහැනු 80%ක් කායික හෝ ලිංගික බලහත්කාරකම්වලට මූන දීලා තියෙනවා. මේක හැරස්මන්ට් වගේ තත්වයකින් සැලකුවොත් කාන්තාවන් 100%ක්ම මේ තත්වයන් අත්විඳලා තියෙනවා.

    ගැහැණුන්ගෙන් පහෙන් එකක් රේප් වීමකට නැත්තං දූෂනයකට ලක්වෙලා තියෙනවා කියලයි සංඛ්‍යා දත්ත කියන්නෙ. මේ පිරිසෙන් 81%ක් දීර්ඝ කාලීන හෝ කෙටි කාලීන පෝස්ට් ට්‍රොමැටික් ආබාධවලට ලක්වෙනවා. 

    කොයිතරම් අඩුපාඩු තිබුනත් METOO කියන කැම්පේන් එක ආවෙ මේ නිදහස් කිරීම වෙනුවෙන්. එලියට හැමදෙයක්ම හඬගාලා කියලා තමන්ගෙ ලැජ්ජාව නිරුවත් කිරීමේ ව්‍යාපෘතියක් ඒක. ඒ ලැජ්ජාවෙන් නැවත සමාජයට දමා ගැසීමේ සාමූහික ප්‍රතිකාරයක් ඒක. ලැජ්ජාවෙන් කෙනෙක්ව සදාතනිකව අබ්බගාත කරන්න පුළුවන්. එයාට එයාගෙ ශරීරය එක්ක තියෙන සම්බන්ධය බිඳෙනවා කියන්නෙ සරල දෙයක් නෙමෙයි. මේ වගේ තත්වයන්ට පූර්ණ සුවපත් කිරීමක් අවශ්‍යයි කියලයි ලින් කියන්නෙ.

    මේ විදිහෙ ඛේදනීය බලහත්කාරයකට ලක්වුනු කෙනෙකුගෙ මානසික පීඩාව විසින් යෝනිය ආශ්‍රිත මාංශපේශීන් තද කරනවා. එයාගෙ ලිංගික ජීවිතය ප්‍රතික්‍ෂේප කරනවා. කාංසාමය තත්වයන් ඇති කරනවා. කොටින්ම සදාකාලිකව කාන්තාවකගේ සතුට සහ සාමය උදුර ගන්නවා. කාන්තාවක් සමතුලිත වෙන්නෙ තමන්ගේ යෝනිමාර්ගය නිරෝගී විදිහට බාරගන්න පුලුවන් තැනදි විතරයි.

    රේප් එකක් ගැන ඇබියුස් එකක් ගැන කතා කිරීමත් ටැබූ එකක් වුනු සමාජයක අපි ජීවත් වෙන්නෙ. තමන්ගේ වේදනාව හෝ පැල්ම එක්ක තනියම හුදකලාවීම මිස වෙන විකල්පයක් කාන්තාවකට නෑ.

    සමහර අම්මලට තමන්ගෙ මුල්ම දරුවා උපතේදී මීය ගිය වේදනාව විසින් යෝනි මාර්ගය ප්‍රතික්‍ෂේපිත කලාපයක් බවට පත් කරනවා. වේදනාකාරී ප්‍රදේශයක් කරනවා. ලින් කියනවා එයාට මුනගැහුනු ආර්ටිස්ට් කෙනෙක් ගැන. ඒ ආර්ටිස්ට් මුහුන දුන් රේප් එකක් නිසා එයාගෙ සම්පූර්ණ කලාත්මක ප්‍රකාශනයම අවහිර වෙනවා. නිර්මාණශීලීත්වය අගුල් වැටෙනවා

    කෙනෙකුට තමන්ගේ සැමියා එක්ක කිසි දවසක ඕගසම් එකකට යන්න බැරි විදිහට එයාට මූන දෙන්න සිද්ද වුනු අතීත බලහත්කාරයක් නැවත නැවත මතක් වෙනවා.

    අපිට සිද්ද වුනු ට්‍රෝමා එකක් වෙනස් කරන්න බෑ. ඒත් ඒක ඇඟ ඇතුලෙ හිරවෙලා ලෙඩ කරන එක නතර කරන්න පුළුවන්. ඒකට ඒ දුක වේදනාව බාරගන්න ඒක බෙදාගන්න පොළඹවන්න සිද්ද වෙනවා. ඒ නිදහස් කිරීමෙන් විතරයි සුවපත් කිරීම ආරම්භ වෙන්නෙ.

    රෙප් වුනු කෙනෙකුට නැවත ආරක්ෂාව ගැන හැඟීමක් ඇති කරන්න ඕන. ඒ බලහත්කාරය විසින් එයාට අහිමි කළ ඒ ශරීරය ආපහු එයාට අත්පත් කරලා දෙන්න ඕන. ඒක මිනිස් වගකීමක්. සමාජයක් විදිහට අපිට සිද්ද වෙනවා ගැහැනියට අහිමි කළ ඇගේ ගෞරවය නැවත ඇයට හිමි කරලා දෙන්න. ගෞරවය තමයි ලැජ්ජාවට තියෙන එකම ඇන්ටිඩෝට් එක.

    පිරිමි ළමයින්ට පොඩි කාලෙ ගැහැනු ශරීරය ගැන කියල දෙන්න කියල ලින් මතක් කරනවා. ඔසප් වීම ගැන, ඉන් විඳින පීඩාව ගැන වගේම ඒ වගේ වෙලාවලට පුළුවන් තරම් සහනයක් උදව්වක් වෙන්න පිරිමි දරුවන් පුරුදු කරන්න ඕන. පොඩි කාලෙ ඉඳන් පවුල ඇතුලෙ ගැහැනියට ගරු කිරීම උගන්නන්න ඕන.

    පීරියඞ්ස් ගැන කතා නොකරන මහ මිනිස්සු ඉන්න එක ගැන ලැජ්ජ වෙන්න ඕන. ලේ කියන්නෙ ජීවය. ලේ කියන්නෙ නරක අපවිත්‍ර හෝ කිළිඅහුවෙන දෙයක් නෙමෙයි.

    සමහර ගෝත්‍රවල ශාමන්ලා ඒ කියන්නෙ ඒ රැහේ ආධ්‍යාත්මික නායකයො හිටියා ගිනිමැලය ළඟට වෙලා ගමේ ඔසප් වෙන ගැහැනුන්ගෙ හීනවලට ඇහුම්කන් දෙන. මේ කතාව මොකක් වුනත් ඒ හරහා ඒ අය කිව්වෙ මේ කාන්තාවන් ඔසප් වෙන කාලෙදි විවිධ ගැඹුරු ආධ්‍යාත්මික පනිවුඩ ලබනවා කියල. ඒ විශ්වාසයන් ඇතුලෙන් ඔසප් වීම ගැන ගෞරවයක් ඒ සමාජයට ඉගැන්නුවා. ලැජ්ජා කරනවා වෙනුවට ඒක ආධ්‍යාත්මික තැනකට ඔසවා තැබුවා.

    අද අපි කොතනද?

    වේදනාව සුවපත් කරන්න නම් නැවත ශරීරයට ගරු කරන්න පුරුදු වෙන්න ඕන.

  • ලිංගික විප්ලවයේ ජේත්තුකාර පයිප්පකාරයා – HUGH HEFNER

    ලිංගික විප්ලවයේ ජේත්තුකාර පයිප්පකාරයා – HUGH HEFNER

    හියු හෙෆ්නර් ගැන මං හිතාගෙන හිටියෙ නිකංම සල්ලාලයෙක් විදිහට. බිස්නස්කාරයෙක් විදිහට. ප්ලේබෝයි සඟරාවෙ අයිතිකාරයා, මන්දිරවල කෙල්ලො වටකරගෙන හිටපු නාකියා ඉතිං ඊට වඩා මොනාද? 

    ඒත් හියු හෙෆ්නර් කියන්නෙ ඇත්තටම ලෙජන්ඩරි ක්‍රියේටිව් වැඩක් කරපු විප්ලවීය චරිතයක් කියල තේරුම් ගත්තෙ මෑතකදි. 70 ගනංවල සෙක්ෂුවල් රෙවලූෂන් එකේ පුරෝගාමී චරිතය වුනේ හෙෆ්නර්.
    හෙෆ්නර්ගෙ කාලෙ ඇමරිකාව ලංකාව වගේම ඇත්තටම ඊටත් වඩා සාම්ප්‍රදායික හැදියාවෙන් ලෙඩවුන රටක්. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්නෙ නෑ බඳිනකල්ම. සෙක්ස් කියන්නෙ කතා නොකල යුතු මාතෘකාවක්. වික්ටෝරියානු එකේ උපරිම තිබුන කාලයක්. එහෙම තැනක තමයි මේ සිල්ක් පිජාමා අඳින පයිප්පකාරයා  1953දි ප්ලේබෝයි අතාරින්නෙ. පලවෙනි කවරෙම මැරලින් මොන්රොගෙ නිරුවත් පිංතූරයක්. 

    ප්ලේබෝයි කියන්නෙ පිරිමින්ගෙ සඟරාවක්. ඒත් ඒ වෙද්දි තව පිරිමි සඟරා තිබුන. ඒත් හෙෆ්නර් ප්ලේබෝයි හරහා සෙක්ස්වලට සංස්කෘතියක් ගෙනාවා. ප්ලේබෝයි කියන චරිතයෙ සංස්කෘතිය නිර්මාණය කරන්නෙ හෙෆ්නර්. 

    ප්ලේබෝයි කෙනෙක් කියන්නෙ කවුද? 

    එයා කන්නෙ බොන්නෙ අඳින්නෙ කොහොමද? 

    එයා හිතන්න ඕන කොහොමද? 

    එයා අහන්න ඕන සංගීතය මොකක්ද? 

    මේ හැමදෙයක්ම අර ජේත්තුකාර පයිප්පකාරයා නිර්මාණය කළා. පර්ෆෙක්ට් තනිකඩයෙකුගෙ ජීවිතයේ සෞන්දර්ය තමයි ප්ලේබෝයි සඟරාව වුනේ.

    අවුරුදු පහක් යද්දි ප්ලේබෝයි සඟරා මිලියනයක් විකිනෙන්න ගන්නවා.

    ෆෙමිනිස්ට්ලා ගොඩක් හියු හෙෆ්නර්ට විරුද්ධයි. ඒ ගැහැනිය එක්ස්ප්ලොයිට් කරනවා කියල. ඒත් හෙෆ්නර් කියන්නෙ එයා ගැහැනිය එම්පවර් කරනවා නැත්තං බලය අතට දෙනවා කියල. ඇත්තටමත් හෙෆ්නර් කාන්තාවන්ගෙ ප්‍රජනන අයිතීන්, සමලිංගික අයිතීන් වගේම පුද්ගල නිදහස සම්බන්ධ අයිතීන් වෙනුවෙන් හැම වෙලාවකම සටන් කළා.




    මේ තියෙන්නෙ හියු හෙෆ්නර්ගෙ අයිකොනික් වදන් දහයක්

     1. එක්කෙනෙක් මගෙන් ඇහුවා මොකක්ද ඔයාගෙ පිකප් ලයින් එක කියල. මගේ හොඳම පිකප් ලයින් එක, හෙලෝ, මං තමයි හියු හෙෆ්නර් කියන එක.

    2. ලෝකයේ මූලිකවම මිනිස්සු ශිෂ්ට කිරීමේ බලවේගය ආගම නෙමෙයි. සෙක්ස්. 

    3. අපේ සමාජයේ තියෙන විකාරරූපීම දේ තමයි අපි නිදහස ගැන ලොකුවට කතා කරනවා. ඒත් ජීවිතේ වඩාත්ම නිදහස් විය යුතු දේවල් සීමා කරගෙන ඉන්නවා.

    4. ඔව්. රයිට් සහෝදරයො හිටියෙ නැතත් ලෝකෙ ගුවන්යානාව හදයි. එඩිසන් හිටියෙ නැතත් ලෝකෙ විදුලි බල්බය හොයාගනී. හෙෆ්නර් හිටියෙ නැතත් මිනිස්සු සෙක්ස් කරයි. හැබැයි මේ තරම් එන්ජෝයි නොකරයි. ඒක හින්ද ලෝකෙ මීට වඩා ටිකක් දුප්පත් වෙයි. 

    5. මං කසාද බැන්දෙ මට මාව මුනගැහෙන්න කලින්. මිනිහෙකුට කසාද බඳින්න කලින් තමන්ට තමන්ව මුනැගැහෙන්න ඕන.  6. මං වර්ගවාදයට විරුද්ධව සටන් කළා. ලිංගවාදයට විරුද්ධව සටන් කළා. දැන් මං වයස්ගතවාදයට විරුද්ධව සටන් කරනවා. මිනිහෙක් තමන්ව අර්ථකතනය කරන්න ඕන තමන්ගේම නිර්ණායක මතයි. තමන් කවුද කියන එක තීරණය කරන්න සමාජයට හරි අනිත් කාට හරි පවරනවා කියන්නෙ ඔයා ඉන්නෙ ඒ කාට හරි වඩා පහලින් කියන එකයි. 7. ජීවිතේ හරි කෙටියි. ඒ හින්ද වෙන මිනිහෙකුගෙ හීනයක් ඇතුලෙ ජීවත් වෙන්න එපා. 

    8. මිනිහෙකුට තමන්ගේ විදිහට දෙවියන් හොයාගන්න ශුද්ධ වූ අයිතියක් තියෙනවා නම් තමන්ගේ විදිහට යක්ෂයා හොයාගෙන යන්නත් ඒ හා සමාන ශුද්ධ වූ අයිතියක් තියෙන්න ඕන.

    9. දේවල් විය යුතු තරම් සුන්දර විදිහට සිද්ද වෙන්නෙ නැත්තං ඒක තමන්ගෙ වරදක් බව ගොඩක් මිනිස්සු ජීවිතේ ඇතුලෙ තේරුම් ගන්නෙ නෑ.

    10. සෙක්ස් ගැන තියෙන බොරුව අයින් වෙන එකෙන් වඩාත්ම යහපත සැලසෙන්නෙ ගැහැනුන්ට. ඒත් දැන් සමහර අය කියන්නෙ සෙක්ෂුවල් රෙවලූෂන් එක කියන්නෙ පිරිමි විසින් සෙක්ස් කරන්න හදාගත්ත සැලසුමක් කියල. මේ කාන්තා ව්‍යාපාර විසින් නොදැනුවත්වම කරගෙන තියෙන දෙයක් තමයි ශෘංගාරය කියන එක කෙනෙකුට හිංසා කිරීමක් වගේ අදහසක් එක්ක ගැටගහගෙන ඉන්න එක.

  • අසිරිමත් නිරුවත

    අසිරිමත් නිරුවත

    දැන් ලංකාවෙත් ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ ලීක් වෙන එක. මේ ලීක් හින්ද මිනිස්සුන්ට රටවල් අත්ඇරලා යන්න පවා සිද්ද වෙනවා. ගොඩක් වෙලාවට සමූහ සමාජ ප්‍රතිචාරය හැදෙන්නෙම මානසික රෝගී තත්වයක් විදිහට. අන් කෙනෙකුගේ නිරුවත අනවසරයෙන් නැරඹීමේ වරද කරන පිරිසම ඒ නිරුවත පාවිච්චි කරලා අදාල චරිතවලට අවමාන කරමින් තෘප්තියක් ලැබීම කරගෙන යනවා. නිරුවත මහා වරදක්, අසාමාන්‍ය දෙයක් විදිහට සලකන එකයි සාමාන්‍ය වෙලා තියෙන්නෙ. හැමෝම උත්සාහ කරන්නෙ තමන්ගෙ ඒවා ලීක් නොකර තියාගන්න. අනිත් අයගෙ ලීක් නරඹන්න.

    ඒත් මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කැමරාව පුංචි වෙමින් එන්නෙම රහස් දේවල් නිරාවරණය කරන්න. ආශාවේ සීමා මායිම් තරණය කරන්න. ප්‍රශ්නෙ තියෙන්නෙ තාක්ෂණය දියුණු වෙන වේගෙට අපේ ඇටිටියුඞ් නැත්තං අපි දෙයක් බාරගන්න තරමෙ පරිණත වීමක් සිද්ද වෙන්නෙ නෑ. පසුගාමී සංස්කෘතික පෙළඹවීම් නවීකරනය වෙන්නෙ නෑ. අපිට සිද්ද වෙනවා දැනුවත්ව අපි හිතන, අපි අවට මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් තරමෙ මැදිහත් වීමක් කරන්න.

    මේ වෙනුවෙන් නොයෙක් රටවල නොයෙක් පිරිස් එක එක විදිහෙ දේවල් කරනවා. ඔන්ලයින් නිරුවත සාමාන්‍යකරනය කිරීමේ ලොකු ව්‍යාපෘති සිද්ද වෙනවා. එතිකල් පෝර්න් විදිහට අපේ විපරීත පරිකල්පනයන් පවා අනෙකාට හිංසාවක් නැති සදාචාරයක් ඇතුලට ගේන්න නිර්මාණශීලී වැඩ කෙරෙනවා.

    මේ අතර එකක් තමයි සාමූහිකව තම තමන්ගේ නිරුවත් ශරීර ලැජ්ජාවක් බයක් නැතුව අන්තර්ජාලයට මුදාහැරීම. ඒක දරුණු වෙනසක් ඇති කරන ප්‍රවේශයක්. විරෝධාකල්පයක්. 

    එක පැත්තකින් සික්ස් පැක් පිරිමි ශරීර, කෙට්ටු මොඞ්ල් ගැහැනු ශරීර වෙළඳපොල විසින් අධිතක්සේරු කිරීම හරහා සාමාන්‍ය පියවි ශරීර ලැජ්ජාවට පත් කිරීමට එරෙහිව මේ නිරුවත් වීම් සටන් කරනවා. මහත, බඩ තියෙන, කොට, දිග කාගෙ වුනත් ශරීරයේ අනන්‍ය වූ සුන්දරත්වයක් තියෙනවා. ඒ විවිධත්වයට ගරු කිරීම වෙනුවට එක විදිහක අසාමාන්‍ය ශරීර විලාසිතාවක් ජනප්‍රිය කිරීමයි සිද්ද වෙන්නෙ. මේ වෙළඳපොල ප්‍රයෝගය ඇතුලෙ අවාසනාවන්ත විදිහට හැමකෙනෙකුටම තමන්ගේ ශරීරය ගැන ලැජ්ජාවක්, අඩුවක් දැනෙන්න පටන් ගන්නවා. තමන්ගේ නිරුවත ගැන හීනමානයක් ඇති කිරීම කියන්නෙ ජීවිතේ හැම තෘප්තියක්ම කප්පාදු කිරීමක්.

    ඒ වගේම හුදු ලිංගික, සරාගී අරමුණුවලින් තොරව නිරුවත එහි සමස්තයේ සුන්දරත්වය විඳින්න පුළුවන් අවකාශයකට අරන් එනවා කියන්නෙ මේ මොහොතේ විප්ලවීය වැඩක්. මොකද නිරුවත කියන්නෙම සංසර්ගය කියන තැනට ලඝු වීම නරක ප්‍රතිඵල ඇති කරන විකෘතියක්. හැම නිරුවතකම ඒ ශරීරය හිමි මනුස්සයාගෙ මනසත් තියෙනවා.

    කවුරු හරි තමන්ගේ කැමැත්තෙන් තමන්ගේ නිරුවත අන්තර්ජාලයේ මුදාහැරලා තියෙනවා නම් ඒ අය දන්නවා ඒ ක්‍රියාවම කොයිතරම් නිදහසක් දනවන එකක්ද කියල. සමාජයේ ප්‍රතිචාරය ගැන කිසිදු තැකීමක් නැතුව තමන්ට නිරුවත් වෙන්න පුළුවන් වීම තරම් ආත්ම විශ්වාසය වැඩි කරන වෙන කිසි දෙයක් නෑ. ඒත් මේ නිදහස විඳින්න අපිට ඕන වෙනවා යම් කිසි සාමූහිකත්වයක්. ආරක්ෂාවක්.

    ෆැකල්ටි ඔෆ් සෙක්ස් අපි තීරනය කළා කැමති හැමෝටම තමන්ගේ නිරුවත් ශරීර ප්‍රකාශනය මුදාහරින්න ඉඩක් දෙන්න. ඒක ගෲප් එකක්. ඒ ගෲප් එකේ ඕනම කෙනෙකුට තමන්ගේ නිරුවත් රූපයක් පෝස්ට් කරන්න පුළුවන්. ඇත්ත නමකින් හෝ බොරු නමකින්. සම්පූර්ණ නිරුවත හෝ මූන නැතුව.

    හැබැයි ඒ නිරුවත සෙක්ස් පෝස් එකක් වෙන්න බෑ. ලිංගික උත්තේජනයක් ඇති කරන අරමුනෙන් කරපු එකක් වෙන්න බෑ. මොකද මේ ගෲප් එකේ අරමුනම නිරුවත් ශරීරය හුදු ලිංගික දෙයක් කියන තැනින් එහාට අරන් යන එක. ඒ නිරුවත් ශරීරය ඇතුලෙ ජීවත් වෙන මනුස්සයාගෙ සුවිශේෂ සෞන්දර්යය මතු කරන එක.  ඒ හින්ද මේ පිංතූර සාමාන්‍ය ශරීරය පෙන්නන ඒවා වෙන්න ඕන. කැත ලස්සන, මහත කෙට්ටු, ආබාධිත ඕනම කෙනෙකුට තමන්ගෙ නිරුවත් රූප මෙතන පලකරන්න පුළුවන්. 

     

    අනිත් පැත්තෙන් ඕනම කෙනෙකුට පුළුවන් ඒ ෆොටෝවලට කමෙන්ට් කරන්න. ඒත් කිසිම විටක ඒ කමෙන්ට් අපහාසාත්මක, කෙනෙක් ලැජ්ජාවට හෝ අපහසුතාවයට පත් කරන ඒවා වෙන්න බෑ, ඒවා ලිංගික ග්‍රාම්‍ය ඒවා වෙන්න බෑ. එහෙම කමෙන්ට් එසැනින් අයින් කරනවා. ඒ වරදට ගෲප් එකේ සාමාජිකත්වයත් අහිමි වෙනවා.

    ඒ වෙනුවට අර පිංතූරය හිමි කෙනාගෙ ශරීරයේ සුන්දරත්වය ගැන කතා කරන්න අපිට පුළුවන්. ඒ හරහා කමෙන්ට් කරන අයගෙ විනයක් ඇති කරනවා. අනෙකාගෙ නිරුවතක් දිහා මිනිස්සු වගේ බලන්න, යාලුවො වගේ කතා කරන්න අපිට නුහුරු දේ හුරු වෙන්නයි මේ ප්‍රැක්ටිස් එක.  නිරුවතින් පෙනී ඉන්න මිනිස්සු වඩාත් එම්පවර් කරන එකයි සාමූහිකයේ අරමුණ. 

    මේක අනාගත නිරෝගී සමාජයකට අවශ්‍යම පුහුනුවක් කියල අපි විශ්වාස කරනවා. දැඩි මැදිහත්වීමක් ඇතුව නිරුවත පිලිබඳ අලුත් සදාචාරයක් ගොඩනැංවීමක් මේ ගෲප් එකේ පරමාර්ථය වෙනවා.
  • HIV කියන්නෙම ලිංගික තහනමේ අවාසනාවන්ත ප්‍රතිඵලයක්

    HIV කියන්නෙම ලිංගික තහනමේ අවාසනාවන්ත ප්‍රතිඵලයක්

    මුලදි රටේ වැඩිම HIV ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වුනේ 35ත් 40ත් අතර. 2010 න් පස්සේ මේ පිරිස අවුරුදු 25-35ත් අතර අය වුනා. දැන් අවුරුදු 18-19 අයත් HIV ආසාදිතයන් විදිහට වාර්තා වෙන්න අරගෙන.

    දොස්තර දයානාත් රණතුංග
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒඞ්ස් මර්දන ව්‍යාපෘතියේ හිටපු ශ්‍රී ලංකා කළමනාකරු
    බීබීසී සිංහල

    මේ ප්‍රවෘත්තිය පලවුනේ බාල පරපුර සෙක්ස් කරන්න පටන් අරගෙන වගේ කැප්ෂන් එකකින්. ඒක කියවන්නා නොමග යවනසුලුයි. අවුරුදු 18ක් කියන්නෙ තවදුරටත් බාල පරපුරේ කෙනෙක් නෙමෙයි. නමුත් අවුරුදු 18 කොල්ලෙකුට හෝ කෙල්ලෙකුට HIV ආසාදනය වෙන්න පුළුවන් කොහොමද කියන එක හිතන්න වටින කාරණයක්.

    මේ වයසෙදි විෂම ලිංගික කොල්ලෙක් හෝ කෙල්ලෙක් නම් ස්වභාවිකව තමන්ගේ වයසෙම කෙනෙක් හෝ කීප දෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ සාමාන්‍ය ලිංගික ඇසුරකදි ්‍HIV බෝවෙන අවදානම අඩුයි. මෙතනදි බොහෝ විට විය හැකි දේ තමයි ලංකාව වගේ රටක පනවලා තියෙන සෙක්ස් තහංචි නිසා සම වයසෙ කෙල්ලෙක්ව හොයාගන්න බැරි වෙන එක. කසාදෙට කලින් ලිංගික ඇසුර ගැන තියෙන පසුගාමී අදහස් නිසා ඒ අය ආදරය කළත් සෙක්ස් නොකර ඉන්න එක. එතකොට ඒ අවශ්‍යතා වෙනුවෙන් ලිංගික ශ්‍රමිකයෙකුගෙ සහාය ගන්න වෙනවා.  HIV ආසාදනය වීමේ වැඩි අවදානමක් තියෙන කලාපයට විශේෂයෙන්ම තරුණයො තල්ලු වෙන්නෙ මේ විදිහට. ඒකට මූලිකම හේතුවක් වෙන්නෙ සෙක්ස් ගැන විවෘත බාරගැනීමක් සමාජයේ නැතිකම. කොල්ලෙක් කෙල්ලෙක් බීච් එකේ ඉඳගෙන ඉන්න එක පවා පොලිසි යන්න වෙන වරදක් කරන සංස්කෘතිය.

    අනිත් පැත්තෙන් ගණිකා වෘත්තිය තහනම් වෘත්තියක් කිරීම නිසා ඒ වෘත්තියේ ආරක්ෂිත තත්වයන් ගොඩනංවා ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නීත්‍යානුකූල වෘත්තියක් වුනා නම් අනිවාර්ය සෞඛ්‍ය පරීක්ෂාවක් පනවන්න පුළුවන් වෙනවා. කොන්ඩොම පාවිච්චියේ වැදගත්කම ගැන අවබෝධයෙන් සහ තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් ඒ වෘත්තිය කරන්න අවකාශ සැලසීමෙන් මේ වෘත්තිකයන් අතර  HIV ආසාදනය අවම කරගන්න හැකියාව තියෙනවා. ඒත් නැවතත් අපේ සංස්කෘතියෙන් ගණිකා වෘත්තිය නීතිගත කරන්න බැරි වෙනවා.

    සමලිංගික ප්‍රජාව අතරත් තත්වය මේකමයි. සමලිංගිකත්වය වරදක් කිරීමෙන් වගේම ඒ ගැන පනවා තියෙන සමාජ සංස්කෘතික තහංචි නිසා ඒ මිනිස් ලිංගික ඇසුර නොමිනිස් අඳුරු තැනකට තල්ලු කරලා තියෙනවා. මිනිස්සුන්ගෙ ස්වභාවික අවශ්‍යතාවයක් තහනම් වීමෙන් සිද්ද වෙන එකම දේ ඒක අපචාරී දිශාවන්ට ගමන් කරන එක. තමන්ගේ ශරීර සෞඛ්‍යය හෝ ආරක්ෂාව හෝ ගැන සැලකීමට වඩා අවශ්‍යතාවය ඉස්මතු වෙන එක. ඒ වගේම සමලිංගික ආදර සම්බන්ධතා ඇතුලෙ වඩා පරිණත, විවෘත සම්බන්ධතා ගොඩනැගෙන්න ඉඩ ඇහිරෙනවා. ඒකෙන් වෙන්නෙ අවශ්‍ය කරන දැනුවත් කිරීම, සමාජයෙන් මිනිස්සු විදිහට බාරගැනීම ආදී තත්වයන් නිර්මාණය නොවීම නිසා මේ මිනිස් ලිංගික ඇසුර අනාරක්ෂිත කලාපයකට ඇදන් වැටෙන එක.

    HIV ව්‍යාප්තිය කියන්නෙම ලංකාව වගේ රටක නම් සංස්කෘතික ලිංගික තහනමේ ප්‍රතිඵලයක් වෙනවා. ඉස්කෝලවල ලිංගික අධ්‍යාපනය ලබාදීමටත් විරුද්ද වෙන හාමුදුරුවරු වගේම සෙක්ස් කරන අනෙකාගෙ ශරීරයවත් නොබලා සෙක්ස් කරන්න බණ කියන හාමුදුරුවරු මේ පාපයේ වගකීම බාරගන්න වෙනවා.

  • පිරිමි ජාති පහක්

    පිරිමි ජාති පහක්

    ලෝකෙ එක එක විදිහෙ මිනිස්සු ඉන්නවනෙ. ඒ මිනිස්සුන්ට තියෙනවා එක එක හැඩයෙ පෞර්ෂයන්. නැත්තං පර්සනැලිටීස්. ඒ පෞර්ෂයන් ඔක්කොම වර්ග කීපයකට බෙදලා අඳුරගන්න පුළුවන්. ඇල්ෆා, බීටා, ඔමේගා, ගිගා,  ඩෙල්ටා කියලා මේ පෞර්ෂ කාන්ඩ නම් කරනවා. ගෑණු පිරිමි දෙවර්ගයේම මේ පෞර්ෂ වර්ග 05 ඉන්නවා. මෙතනදි පිරිමි පෞර්ෂ විතරක් විශේෂ කරලා කතා කළාට ඒකෙ ස්ත්‍රී වර්ෂන් එකත් ඒ විදිහටම පවතිනවා.

    ඇල්ෆා මේල්

    සත්තුන්ගෙ අපිට මූලිකව අඳුරගන්න පුළුවන් චරිතය ඇල්ෆා මේල්. රැහේ නායකයා. එයා තමයි වඩාත් හැදිදැඩි රළු පිරිමියා. හැම ගෑනියෙකුගම ආකර්ශනය එයාට. එයා කැමති ඕනම ගෑනියෙක් එයාට අත්පත් කරගන්න පුළුවන්. 

    අපි නිතර දකින බෑඞ් බෝයි චරිත අයිති වෙන්නෙ මේ පෞර්ෂයට. එයා ඇග්‍රෙසිව්. තමන් ගැන ඕනවටත් වඩා කන්ෆිඩන්ට්. මචෝ. අපි කියන්නෙ නියම පිරිමියා කියල මෙයාට. 

    මේ පෞර්ෂයෙ තියෙන ප්‍රධාන දුර්වලතාව වෙන්නෙ පාලනය කරගන්න බැරි ඊගො එක. ඒක නිසාම නිතර ගැටුම් ඇතිවෙනවා. තමන්ගෙ පෙම්වතිය එක්කවත් සංවාදයක් කරගෙන යන්න බැරිවෙනවා. ගැහැනියෙකුට ඕන කරන ඉමෝෂනල් දේවල් දෙන්න මේ පෞර්ෂය ඇතුලෙ අමාරු වෙනවා. ඒත් අනිත් කාරණා වලින් හැමදෙයක්ම ගොඩදාගන්න පුළුවන් වෙනවා. 

    ඇල්ෆා මේල්ලා බොහෝ වෙලාවට කැමති වෙන්නෙ දුර්වල ගෑනුන්ට. ඒ වගේම ගෑනියෙක් චීට් කරන්න ඕන වුනාම වැඩිපුරම හොයාගන්නෙත් ඇල්ෆා මේල් කෙනෙක්.

    පද්මාවතී ෆිල්ම් එකේ රන්වීර් සිං කියන්නෙ හරියටම ඇල්ෆා මේල් චරිතයක්

    බීටා මේල්

    බීටා මේල් අය තමයි හොඳ ළමයි වගේ අය. ඒක නිසාම ගොඩක් අය විසින් රවට්ටන්න ඉඩ තියෙනවා. ඒ රැවැට්ටුවත් ඒ ගොල්ලොන්ගෙ හොඳකම නැති වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට මේ අය වැඩිය කතා බහ නොකරන, ඉන්ට්‍රොවර්ට් චරිත. ඒත් පොදුවෙ දකින කතා කරන හැමෝම කැමති වෙන විදිහෙ පර්සනැලිටියක්. ගොඩක් කෙල්ලො ඇල්ෆා මේල් කෙනෙක්ගෙන් බූට් එකක් කෑවම තෝරගන්නෙ බීටා මේල් කෙනෙක්. කාලයක් පවතින ස්ථාවර සම්බන්ධතාවයකට හරියන්නෙම මේ අයව. ඉස්කෝලෙදි වුනත් පැත්තකට වෙලා ඉන්න නර්ඞ් චරිත. දේවල් සීරියස් ගන්නෙ නැති ලස්සන සරල සිතුවිලි තියෙන අය. කෙල්ලන්ට හොඳම ළඟම යාලුවො වෙන්නෙ බීටා මේල් අය.

    කල්හෝනා හෝ ෆිල්ම් එකේ රෝහිත් මෙන්න මේ වගේ කෙනෙක්.

    ඔමේගා මේල්

    මේ ගොල්ලො ලෝකෙ කිසිම සම්මතයකට ජීවත් නොවෙන පිරිසක්. ඇල්ෆා මේල් එකේම ඉන්ට්‍රොවර්ට් වර්ෂන් එක වගේ. සමාජයේ ප්‍රතිචාරය ගැන කිසිම ගානකට ගන්නෙ නැති පිරිසක්. තමන්ට අනුව තමන් හදාගත්ත වටිනාකම් පද්ධතියක් එක්ක ජීවත් වෙනවා. ගොඩක් වෙලාවට ඔමේගා මේල් අය ක්‍රියේටිව්. හැබැයි දෙයක් කරන්න තියෙන උනන්දුව සෑහෙන අඩුයි. මේ වගේ අය එක්ක විවාහ වෙන එක ගෑනියෙකුට සෑහෙන අවාසනාවන්ත වෙන්න පුළුවන්. මොකද තමන්ගෙ ජීවිතේ කිසි දෙයක් ආදරය හෝ වෙන කිසිම දෙයක් නිසා මේ අය වෙනස් නොකරන හින්ද. 

    ගොඩක් බුද්ධිමත් ඒත් ඒ බුද්ධියෙන් කිසි වැඩක් ගන්න දන්නෙ නැති අයත් මේ පෞර්ෂ කාන්ඩයට අයිති වෙනවා.  සමහර ඔමේගා පොරවල් ඉන්නවා පීසා එකක් කකා  දරුනු ගනිත ගැටලු විසඳන්න පුළුවන්. අපිට ගොඩක් වෙලාවට පොලොවෙ නෙමෙයි ඉන්නෙ වගේ පේන්නෙ ඔමේගාවො.

    ෆුක්රෙ ෆිල්ම් එකේ චූචා මේ වගේ චරිතයක්.

    ගැමා මේල්

    ඇල්ෆා මේල් කෙනෙක් පරිණත වුනාම මේ වගේ වෙනවා කියල හිතන්න පුළුවන්. හොඳටම වගකීම් සහගතයි. ඒ වගේම  ඇඞ්වෙන්චරස්, ෆන් එකට ඉතා කැමතියි.  මේ ඔක්කොම තිබුනත් නිතර තමන්ගේ පෙම්වතියගේ හැගීම් සහ උවමනාවන් ගැනත් හිතනවා. ඇක්ටිවිටි නැතුව ඉන්න බැරි ගතියක් තියෙනවා. කොයිදේකදි වුනත් පවුල මුල් කරගෙන හිතනවා. ගෑනියෙකුගෙ වාසනාව මේ වගේ පිරිමියෙක් හම්බුවෙන එක කියල කියන්න පුළුවන්.

    කබි කුෂි කබි ගම් එකේ ෂාරුක් ගැමා මේල් උදාහරනයක්


    ඩෙල්ටා මේල්

    මේ අය හරියට ජීවිතෙන් කඩාවැටුනු අය . ඇල්ෆා හෝ ගැමා මේල් චරිතයකට ලොකු ට්‍රැජඩියකට මූන දෙන්න වුනාම මේ විදිහෙ පෞර්ෂයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට හුදකලා, පරාජිත ගතියක් තියෙනවා. ඒ ගොල්ලොන්ට ඕන තමන්ගෙ උපරිම හැකියාවන් අත්පත් කරගන්න. ඒත් ආත්ම විශ්වාසය හොඳටම හීනයි.  පාර්ටි වලට මිනිස්සු එකතු වෙන තැන්වලට යන්නෙ නෑ. ඒක නිසා ගොඩක් වෙලාවට ඩෙල්ටා පෞර්ෂ බෝරිං විදිහටයි පේන්නෙ. මේ අය හොයන්නෙ තමන්ව තේරුම් අරගෙන තමන්ගෙ උපරිමය බවට පත්වෙන්න උදව් කරන්න කෙනෙක්.

    රබ්නෙ බනා ඩි ජෝඩි එකේ සුරින්දර් සුරි මෙහෙම කෙනෙක්.

  • සෙක්ස් හරි විනෝදයි

    සෙක්ස් හරි විනෝදයි

    සෙක්ස් කියන්නෙ අපේ ප්‍රාතමිකම ක්‍රියාවලින් එකක්. අපිට හිතාගන්න බැරි තරම් කාලෙක ඉඳන් අපි සෙක්ස් කරනවා. ඒත් කොයිතරම් කළත් අපිට තියෙන ලොකුම මිස්ටි්‍ර එකක් වෙන්නෙත් සෙක්ස්. දන්නවා කියල හිතෙන හැම වෙලාවකම සෙක්ස්වල නොදන්නා දෙයක් අපිව පුදුම කරනවා. හොඳ වෙලාවට සෙක්ස් සීරියස් නෑ. ඒක නිසා සෙක්ස් ගැන දැනගන්න හැමදෙයක්ම අපිට ඇති කරන්නෙ පොසිටිව් හැගීමක්.

    මේ සෙක්ස් ගැන තවත් ජොලි කාරනා කීපයක්.

    වයිබ්‍රේටර්ස්. අද කාන්තාවන්ගෙ ලිංගික ආස්වාදය වෙනුවෙන් පාවිච්චි වෙන වයිබ්‍රේටර් එක 19 වෙනි සියවසේදී හොයාගන්නෙ හිස්ටීරියාවට ප්‍රතිකර්මයක් විදිහට. අද පාවිච්චි වෙන වැඬේට නෙමෙයි. මේ ගැන තවදුරටත් පරීක්ෂා කරන්න කිසි කෙනෙක් කාන්තාවන්ගෙ වයිබ්‍රේටර්ස් හංගන්න එපා කියලත් අවවාද කරනවා. ඒකෙන් භයානක ප්‍රතිඵල ඇති වෙලා තියෙනවා.

    සුකුරු – සාමාන්‍ය පිරිමියෙක් එක තේ හැන්දක තරම් ශුක්‍ර ප්‍රමානයක ජීවී ශුක්‍රානු මිලියන 300ක් විතර මුදාහරිනවා. ඒත් ඩිම්බය එක්ක සංසේචනය වෙන්න ඕන වෙන්නෙ එකම එක ශුක්‍රානුවයි. මොන තරම් නාස්තියක්ද? අනවශ්‍ය තරම් නිපදවීම කියන ධනවාදයේ මූලධර්ම එන්නෙ ශුක්‍රානුවල ඉඳන්.

    ඒ වගේම සෙක්සර්සයිස් වලින් පුළුවන් කැලරි බර්න් කරන්නත්. ඒ කියන්නෙ කම්මැලි නැතුව මහන්සි වෙලා සෙක්ස් කලොත්. එහෙම පැය බාගයක් සෙක්සර්සයිස් කලොත් කැලරි 200ක් බර්න් වෙනවා කියල කියන්නෙ. මිනිත්තු එකලහෙන් නම් ඉතින් වැඩක් වෙන්නෙ නෑ.

    ඒ වගේම ශුක්‍රානු කියන්නෙ ඇන්ටි-ඩිප්‍රෙසන්ට් එකක්. ශුක්‍රානු දැකීමෙන් ඩිප්‍රෙෂන් රෝග ලක්ෂන අඩු කරන්න පුළුවන් කියල හොයාගෙන තියෙනවා. ඒ වගේම ශුක්‍රානු තේ හැන්දක තියෙනවා 200ක් විතර ප්‍රෝටීන. විටමින් සී, කැල්සියම්, ක්ලෝරින්, මැග්නීසියම්, පොටෑසියම්, සෝඩියම්, බී12, වගේ විටමින්, ඛනිජ ලවණ තොගේකුත් තියෙනවා. ඒ කියන්නෙ ශුක්‍රානු ගුනයි. කොරොනා වලින් ආරක්ෂා කරනවා වගේ දෙයක් වෙන්න බැරිද දන්නෙ නෑ.

    අනික ලිංගිකව අවදි වුනාම ගෑනු පිරිමි භේදයක් නැතුව හැමෝම සාමාන්‍යයෙන් ඊයා කියන ඒවා ආසාවෙන් හිතන්න ගන්නවලු. සෙක්ස්වල ලස්සන තියෙන්නෙම ඒක. අපි කැතයි කියල බැහැර කරන හැමදෙයක්ම මොහොතකින් අනුරාගී කරන එක. ඒ වගේම ශරීරයේ එක එක තැන් ලිංගිකව උත්තේජනය කරද්දි මොලයේ වෙන වෙන තැන් ක්‍රියාකාරී වෙන බව හොයාගෙන තියෙනවා. ඒ කියන්නෙ නිපල්ස් කිති කවද්දි මොලේ ක්‍රියාකාරී වෙන ප්‍රදේශයට වඩා වෙනස් ප්‍රදේශයක් ක්ලිටෝරිසය සිපගැනීමේදී ක්‍රියාකාරී වෙනවා. එහෙම මොලේ වැඩ කරන එක හොඳ දෙයක්. සමහර විට සෙක්ස් වලින් බුද්ධිය වර්ධනය කරනවා වෙන්න පුළුවන්.

    කොහොම වුනත් වැදගත් දේ වෙන්නෙ පුළුවන් තරම් සෙක්ස් කරන එක. නිකං හදිස්සියට උවමනාවට වඩා ආසාවට, ආර්ට් එකක් විදිහට, ඉපදුනේ ඒකම කරන්න තරම් වැදගත්කමෙන් සෙක්ස් කරන එක. දැන් අහන්න එපා එහෙම නැත්තං මොකද කරන්නෙ කියල.

  • සුරතාන්තයේ මිහිරියාව

    සුරතාන්තයේ මිහිරියාව

    මිනිස් ශිෂ්ටාචාරයේ විද්‍යාව සහ සෙක්ස් අතර අපූරු සම්බන්ධය ගැන මේරි රෝච් ‘බොන්ක්’ කියල පොතක් ලියනවා. ලිංගිකත්වය ගැන ඇරිස්ටෝටල්ගෙ කාලෙ ඉඳන් විද්‍යාත්මක කියවන්න ගත්ත උත්සාහයන් මේකෙ සඳහන් වෙනවා. මේරි ටෙඞ් කතාවක් කරනවා සුරතාන්තය නැත්තං ඕගසම් එක ගැන අපි නොදන්නා කාරණා දහයක් ගැන. මේ ඒ කතාව ඇසුරෙන් සකස් කරපු ලිපියක්.

    සුරතාන්තය කියන්නෙ අපේ ඇගේ ස්වයංසිද්ද ස්නායු පද්ධතිය මගින් සිද්ද වෙන දෙයක්. මේක අපේ බලපෑමෙන් තොරයි. හරියට හුස්ම ගැනීම, ආහාර ජීර්නය, ලිංගික ප්‍රානවත් වීම වගේමයි.

     

    තව එකක් තමයි සුරතාන්තයක් වෙන්න ලිංගික අවයවයක්ම අවශ්‍ය වෙන්නෙ නෑ. ඒකට තව ගොඩක් සංවේදන බලපානවා. ඇල්ෆ්‍රඞ් කින්සි එයාගේ පර්යේෂන කරද්දි මුනගැහෙන කාන්තාවක් කියනවා ඇහිබැම සකස් කරද්දි එයා සුරතාන්තයට පත්වෙනවා කියල. හදිසි අනතුරුවලින් එහෙම කොඳු නාරටිය ආබාධ වුනු අයගෙ බොහෝ විය ඒ ආබාධිත ප්‍රදේශය අසලම මේ විදිහෙ සංවේදී කලාපයක් නිර්මානය වෙනවා. දනිස් සුරතාන්තය කියල හඳුන්වන්නෙත් මේ වගේ තත්වයක්. ඒ වගේම දත් මදිද්දි සුරතාන්තයට පත්වෙන කාන්තාවක් ගැන පර්යේෂනයක් තියෙනවා.  දොස්තරලා මේ ගැන විවිධ දේ යොදාගෙන පරීක්ෂා කළත් ඒවා එකක් වත් හරි ගියෙ නෑ. ඒක බ්‍රෂ් එකෙන් මැදීමේ සම්පූර්න ක්‍රියාවලියක් විදිහට විතරක්ම ඇතිවෙන තත්වයක් වුනා. පස්සෙ මේ කාන්තාව මේක යක්ෂයාගෙ බලපෑමක් කියල හිතලා දත් මැදීම අත්අරිනවා. මවුත් වොෂ් පාවිච්චි කරන්න ගන්නවා. තව සමහරු ඉන්නවා ඕනම වෙලාවක හිතලා මිනිත්තුවෙන් සුරතාන්තයට පත්වෙන්න පුළුවන්.

    සුරතාන්තය ඇතිවෙන්නෙ කොඳු ඇට පෙල කෙලවරේ සේක්‍රඞ් බෝන් කියල හඳුන්වන ප්‍රදේශයෙන්. ඒ ස්නායු නෘතිමව ඉලෙක්ට්‍රෝඩයකින් උද්දීපනය කළත් අපි සුරතාන්තයට පත්වෙනවා. වඩාත් විස්මිත කාරණය වෙන්නෙ බ්‍රේන් ඩෙඞ් එහෙම නැත්තං මොළය මැරුණු අයගෙ පවා සුරතාන්තය ඇති කරන්න පුළුවන්වීම. මැරුනු අය ආපහු අවදිවෙන ලාසරස් අෆෙක්ට් එක වගේම ඕගසම් අෆේක්ට් එකත් ඇති කරන්න පුළුවන් මේ සේක්රඞ් නර්ව් එක ඔක්සිජන් ගමනාගමනය ඇතුව පවතිනවා නම්.

    තියඩෝර් වැන්ඩවෙල්ඞ් කියන්නෙ අයිඩිසයල් මැරේජ් කියන පොත ලියපු කෙනා. එයා ශුක්‍රානු ගැන කොනොසර් කෙනෙක්. එයා කියනවා තරුණයෙකුගෙ ශුක්‍රානු ඉතාම නැවුම් සුවඳක් දෙන අතර වැඩිහිටියෙකුගෙ ශුක්‍රානුවලින් ස්පැනිෂ් චෙස්නට් සුවඳ විහිදෙනවා කියල. සමහර වෙලාවට මේක මල් සුවඳක් වගේම තව වෙලාවක ඕනවට වඩා සුවඳ ගඳක් විදිහට දැනෙන්න  පුළුවන්. ලිංගික සංසර්ගයට පස්සෙ පැයක් විතර යනකල් කාන්තාවකගේ මුවෙන් මේ ශූක්‍රානු සුවඳ දැනෙනවා කියලත් එයා කියනවා. 

    ඊශ්‍රායලයෙ වාර්තා වෙනවා සුවකළ නොහැකි ඉක්කාවක් තිබුනු කෙනෙක් බිරිඳ සමග සංවාසයෙන් සුරතාන්තයට පත්වුනාට පස්සෙ මේ ඉක්කාව හොඳ වුනා කියල. සුවකළ නොහැකි ඉක්කාවට ලිංගික ප්‍රතිකාරයක් විදිහට මේක ගැන කැනේඩියානු මෙඩිකල් ජර්නල්වල සඳහන් වෙනවා. මේකෙ එක තැනක තියෙනවා නවතින්නෙ නැති ඉක්කාව ඇතිවෙනවා නම් ඒ අතරෙ ඔයා තනිකඩ නම් මාස්ටර්බේට් කරන්න කියලත්.

    1900දි විතර විශ්වාස කලේ සුරතාන්තයකදි ගර්භාෂය ඇතුලට ශූක්‍රානු  ඇද ගැනීමෙන් පිළිසිඳ ගැනීම වඩා සාර්තක වෙනවා කියල. ඒ කාලෙ දොස්තරලා විශ්වාස කළා පිලිසිඳ ගැනීමකට සුරතාන්තය අවශ්‍යමයි කියල. ඒ ගොල්ලො පිරිමින්ට උපදෙස් දුන්නා කාන්තාවන් උපරිමෙන් සතුටු කරන්න කියල.

    මාස්ටර්ස් ඇන්ඞ් ජොන්සන් මේ ‘අප්සක් තියරිය’ (උඩට ඇදගන්න කතාව) විශ්වාස කලේ නෑ. ඒ ගොල්ලො කාන්තාවන් පස්දෙනෙක් ගෙනල්ලා ඒ ගොල්ලොන්ට කෘතිම ශුකානු ඇතුල්වෙන විදිහට සකස් කලා. ඒවායෙ රේඩියෝ ඇක්ටිව් ද්‍රාවනයක් මුහු කරලා තිබුන. එක්ස්රේ මගින් පරීක්ෂා කළා මේ විදිහෙ අප්සක් වීමක් සිද්ද වෙනවද කියල. ඒත් එහෙම දෙයක් සිද්ද වුනේ නෑ.

    ඉස්සර විශ්වාසයක් තිබුනා ශුක්‍රානු නිකංම සතියක් විතර තිබුනොත් ඒවායෙ සරු බව අඩුවෙනවා කියල. දුර්වල වෙනවා කියල. බි්‍රතාන්‍ය සෙක්සොලොජිස්ට් කෙනෙක් වුනු රෝයි ලෙවින් හිතුවා මේක නිසා තමයි පිරිමි නිතර මාස්ටර්බේට් කරන්නෙ කියල.  ශුකානු අලුත් කරගන්න. ඌරන්ට මේ විදිහට ලිංගිකව උත්තේජනය කරමින් ශුක්‍රානු ඇතුල් කිරීමෙන් පැටව් ලැබීම වැඩිවෙනවා කියල පර්යේෂන කරලා තියෙනවා. මේක ගැන වීඩියෝ තියෙනවා බලන්න ආස හිතෙන.

    මාස්ටර්ස් ඇන්ඞ් ජොන්සන්ස් මිනිස්සුන්ගෙ සම්පූර්ණ ඉරොතික චක්‍රයම විද්‍යාත්මකව අධ්‍යනය කළා. අවදි වීමේ ඉඳන් අවසානය දක්වාම. ඒ ගොල්ලො පීනස් කැමරාවක් (ශිෂ්නයක් විදිහට සකස් කළ කැමරාවක්) දාලා සෙක්ස් කරද්දි කාන්තාවන්ගේ සිදුවන අභ්‍යන්තර වෙනස්කම් පවා අධ්‍යනය කළා.

    කින්සි ශුක්‍රානු විදින දුර ගැන පර්යේෂන කළා. ඒ කාලෙ වඩා දුර ශූක්‍රානු විදිනවා නම් ගැබ් ගැනීම වඩා සාර්තකයි කියලයි හිතුවෙ. මිනිස්සු 300ක් මිනුම් උපකරන සහ කැමරා එක්ක මේ පර්යේෂණයට සහභාගි වුනා. හතරෙන් තුනකගෙම ශුක්‍රානු එක තැනම වැටෙනවා. හැබැයි හැමෝමව පුදුම කරමින් එක්කෙනෙක් අඩි අටක් දුර විද්දා.

    ලිංගික හැසිරීමකට සූදානම් වෙන මීයෙක් ඉස්සරහට චීස් කෑල්ලක් විසි කරලා උන්ගෙ අරමුණු වෙනස්වන ස්වභාවය ගැන පර්යේෂන කරලා තියෙනවා.  විසි කරන චීස් කෑලිවලට පුළුවන් වෙනවා ගෑනු මීයාව ඩිස්ටර්බ් කරන්න. හැබැයි පිරිමි මීයාට ඒ වෙලාවට චීස් ගැන වගක්වත් නෑ.

    ලෝකෙ මිනිස්සු සුරතාන්තය ගැන මේ තරම් දේවල් හෙව්වට ලංකාවෙ අපේ අම්මලාගෙ පරම්පරාවෙ ගෑනු සුරතාන්තය කියල එකක් තියෙනවද කියලවත් නොදැන මැරිලා ගියා. පිරිමියාගෙ ධාතු පිටවීම විතරක් සංසර්ගයේ එකම කාර්යය වුනා. ඒත් දැන් තත්වය වෙනස්. පිරිමි වගේම ගැහැනුත් දන්නවා සංසර්ගයකදී සුරතාන්තය ලැබීම තමන්ගෙ අයිතියක් කියල.  

  • හැම පිරිමියෙක්ම අහන්න ඕන

    හැම පිරිමියෙක්ම අහන්න ඕන

    මේ සටහන අද මගේ කන් පුරවපු ඒ ආස්වාදනීය හඬපට ගැන. මං ඒ කෙල්ලො පුද්ගලිකව කරපු සංවාදයක් උන්ගෙ අවසරයක් අනුදැනුමක් නැතුව රසවින්දා. ඒ නිසා මෙතනදි මුලින්ම මං පාදඩයෙක්. ඒ කෙල්ලො තුන්දෙනාගෙ සංවාදය මාරයි. මාරයි කියන්නෙ මාර රහයි. ඒක ඇහුවා කියල උන්ට සිද්ද වෙන අවදානම ඉතා අවම එකක් හින්ද මේක පුළුවන් තරම් ෂෙයාර් කරගෙන අහන්න කියල මං ඉල්ලා සිටිනවා. ඒක හැම පිරිමියෙක්ම අහන්න ඕන එකක්. මුලින්ම මට හිතුනෙ ඒක රොමැන්ටික් කොමඩි වෙබ් සීරීස් එකක් විදිහට විශ්මිත වැඩක් කරන්න පුළුවන් ප්ලොට් එකක් කියල.

    අපි කෙල්ලො ගැන ඔහොම කොච්චර කයිය ගහලා ඇද්ද? ඒකෙ ෆීමේල් වර්ෂන් එක අහද්දි දැනෙන හැගීම විස්තර කරන්න බෑ. ඉස්සර හිටපු ලෙඩ ගෑනු වගේ නෙමෙයි දැන් කෙල්ලො. උන් නිදහසේ උන් විඳින්න කැමති දේ විඳිනවා. කොල්ලො මත්තෙ ආදරෙන් හැපි හැපි මැරෙනවා වෙනුවට උන් කොල්ලොන්ගෙන් ආතල් ගන්නවා. උන්ව ෂෙයාර් කරගන්නවා. ලංකාවෙ මෙහෙම කෙල්ලො ඉන්න එක ගැන මට ඇතිවුනෙ ආඩම්බරයක්. තාක්‍ෂනයත් එක්ක උන්ට තටු ඇවිත්.

    මේක එක ජෙනරේෂන් එකක් ගැන තේරුම් ගන්න තියෙන අනර්ඝතම මූලාශ්‍රයක්. උන්ගෙ නිදහස ඇතුලෙම තැවරුනු ජාතිවාදය තියෙනවා. සල්ලි ගැන උන්මාදයක් තියෙනවා. මොකද්දෝ ලොකු හිස්කමක් තියෙනවා. ඒත් උන් පිරිමින්ගෙ අනුහසින් නිදහස්. උන් එකතු වෙලා කොල්ලොන්ව වර්චුවලි රේප් කරනවා. මං ආසයි ඒ හඬපට වලට. ඒවා මට ගොඩක් දේ ඉගැන්නුවා. ප.ලි- අනිත් එක්ක උන්ගෙ පලිගැනීම. ඒ තරම් සොඳුරු පලිගැනීමක් !!!!

    චින්තන ධර්මදාස