Category: Features

  • ශෘංගාර මුද්‍රා

    ශෘංගාර මුද්‍රා

    මෑත දවසක මම ලියන ලිපි කියවන ගෑණු ළමයෙක් මට කතා කළා.
    ‘ඔයා ඇයි සෙක්ස් හරියට ආධ්‍යාත්මික මාර්ගයක් වගේ ලියන්නෙ? ඒක හරි විකාරයක්. සෙක්ස් කියන්නෙ සෙක්ස්. මං කැමති අනංමනං නැතුව සෙක්ස් විදිහට සෙක්ස් විඳින්න. ඒක පහලට දාන්න ඕනත් නෑ ඕනවට වඩා උඩට දාන්න ඕනත් නෑ’

    එයා කිව්වෙ තරමක චෝදනාත්මක ස්වරයෙන්.

    ‘මට සෙක්ස් කියන්නෙ ඒ වගේ දෙයක්. මට ඒක දැනෙන්නෙ ඔයාට වඩා වෙනස් විදිහට’
    මං එයාට කිව්වා.

    මේ අපි කතා කරන්නෙ අපේ ශෘංගාර වෙනස ගැන. ඒකට කියන්නෙ අපේ ඉරොටික් බ්ලූ ප්‍රින්ට් එක කියල. ජයීයා-මා කියන සම්මානලාභී සෙක්සොලොජිස්ට් තමයි එයාගෙ පර්යේෂණ හරහා මේ ශෘංගාර වෙනස්කම සළකුනු කරන්නෙ. අපේ ශෘංගාර මුද්‍රාව අපි දැනගත්තොත් අපිට පුළුවන් වඩාත් ගැලපෙන සම්බන්ධතා හොයාගන්න. ඒ වගේම ඒ සම්බන්ධතාවල ගැඹුරු ආස්වාදයක් ලබන්න. මේ ශෘංගාර මුද්‍රා නැත්තං ඉරොටික් බ්ලූප්‍රින්ට් පහක් තියෙනවා.

    1. එනර්ජටික්.

    මේ ශෘංගාර කලාපයේ අය අවදි වෙන්නෙ ශක්තීන්ගේ හුවමාරුවෙන්. බලාසිටීමෙන්, යාන්තම් ස්පර්ශයකින් ඒ වගේම ප්‍රසන්ස් එකෙන්. ඒ කියන්නෙ පවතින බව දැනීමෙන්. යෝග, තන්ත්‍ර භාවනා හරහා ශෘංගාරය ලබන්න නැඹුරු වෙන්නෙ මේ ශක්ති ශෘංගාරිකයන්. ඒ අයට ස්පර්ශයට වඩා දේවල් දැනෙන්නයි උවමනා වෙන්නෙ. කාව්‍යාත්මක ප්‍රේමයන් අයිති වෙන්නෙත් මේ කලාපයට.

    මේ අයට පුළුවන් ස්පර්ශයකුදු නොලබාම වුනත් සුරතාන්තයට පත්වෙන්න. ඒ වගේම ශෘංගාරයේදී වෙනත් මානසික කලාපයන් ස්පර්ශ කරන්න. ගැඹුරු සම්බන්ධයක් සහ සමීපත්වයක් මේ අයට දැනෙනවා.

    නරක තියෙන්නෙ ඒ නිසා මේ අය හිතනවා අනිත් ශෘංගාරයන්ට වඩා තමන්ගේ එක වඩා උසස් කියල. අනෙක් ශෘංගාරයන් නොගැඹුරුයි කියල. ඒ වගේම අනෙකා පූර්ණව ඒ මොහොතේ තමන් හා පවතිනවා කියල දැනෙන්නෙ නැත්නම් මේ අයගේ ආශා දොරටු එසැණින් වැසී යනවා. අනුරාගී ස්පර්ශ කිරීම්වලදි එහෙම වෙව්ලන්න උණගන්න පවා ඉඩ තියෙනවා.

    2. සෙන්ෂුවල්

    ඉන්ද්‍රියමය ශෘංගාරය කියන්නෙ දැකීමෙන්, ඇසීමෙන්, විඳීමෙන් ආස්වාදය ලබන ශෘංගාරයට. මේ ශෘංගාර මුද්‍රාවෙ අය සුන්දර දර්ශන දැකීමෙන්, මියුරු සංගීතය ඇසීමෙන්, රස දේ කෑමෙන්, නර්තනයෙන්, සම්බාහනයෙන් උපරිම තෘප්තියට ළඟා වෙනවා. මේ අයට සුඛෝපභෝගීත්වය, දිව්‍යමය බව ඉන්ද්‍රියයන් හරහා දැනෙන්න ඕන.

    ඉන්ද්‍රිය ශෘංගාරිකයන්ගේ සුරතාන්තය පූර්ණ ශරීරමය එකක්. ඒ අයට පුළුවන් සුන්දර ඉර බහින දර්ශනයකින් වුනත් උත්තේජනය ලබන්න. රසවත් කෑමකින්, කැමති සංගීතයකින් ඒ අය පිබිදෙනවා. පූර්ණ ඉන්ද්‍රිය තෘප්තියක් වෙනුවෙන් ඒ අය කැපවෙනවා.

    මේ ශෘංගාරිකයන්ට ආස්වාදය ලබන්න පූර්ණ විවේකයක් අවශ්‍ය වෙනවා. සිතෙන් ගතෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න උවමනා කරනවා. පරිසරය අවුල් නම්, ඔලුවෙ මොකක් හරි ප්‍රශ්නයක් නම් තෘප්තිය ලබන්න බැරි වෙනවා. ඒ වගේම උවමනාවටත් වඩා දේවල් සැලකිලිමත් වෙන්න යන නිසා ගොඩක් ශෘංගාරයන් බාධා වෙනවා.

    3. සෙක්ෂුවල්

    ලිංගිකමය ශෘංගාරිකයන් උත්තේජනය වෙන්නෙ නිරුවත් ශරීර දැකීමෙන්මයි. ලිංගික අවයව ස්පර්ශ කිරීමෙන්, සංසර්ගයේ යෙදීමෙන්, පෝර්න් බැලීමෙන් වගේ දේවල් වලින්. මේ අය ඉතා බහුලව ලිංගික ක්‍රියාවල යෙදෙනවා.

    බොහෝ විට ලිංගික ශෘංගාරිකයන් සැහැල්ලුයි. විනෝදයි. ඒ අය සමග ලිංගිකව එක්වීම පහසුවක් වගේම නිදහසක්. ලිංගික දේ ගැන ලැජ්ජාවෙන් සහ විනිශ්චයෙන් තොරයි. සෙක්ස් කියන්නෙ මේ අයට ෆන් එකක්. හැමෝම හැම වෙලාවකම කළ යුතු හරිම විනෝද වැඩක්. ඒකෙ ලොකු ගැඹුරකුත් නෑ, කිසිම නරකකුත් නෑ.

    මේ හින්දම ලිංගික ශෘංගාරිකයන්ට සෙක්ස් ගැන දැනෙන පරාසය පටු වෙන්න පුළුවන්. ලිංගික සංසර්ගයක් නැත්තං සෙක්ස් නෙමෙයි කියල ඒ අය හිතන්න පුළුවන්. කවි ලියමින්, නටමින් ශෘංගාරයට කාලය ගත කිරීම මේ අයට විහිලුවක් වගේ. ඇයි කෙලින්ම අවශ්‍ය දේට යන්න බැරි? ඒ අය කැමති වටේ නොයන කෙලින් අයට. සුරතාන්තය ලැබීම තමයි ලිංගික ශෘංගාරිකයන්ගේ එකම අරමුණ වෙන්නෙ. ඒ නිසා ශෘංගාර සම්බන්ධතා ගොඩනැගීම පැත්තෙන් දුර්වල වෙන්න පුළුවන්.

    4. කින්කි

    කින්කි කියන එකට ගැලපෙන සිංහල වචනයක් හොයාගන්න බැරි නිසා ඉංග්‍රීසි වචනෙම පාවිච්චි කරමු. මේ අය උත්තේජනය වෙන්නෙ අසම්මත දේවලින්. නෝටි වැඩවලින්. තහනම් ස්පර්ශයන්ගෙන්. කින්කි ශෘංගාරිකයන්ට සෙක්ස් කියන්නෙ නිර්මාණශීලී රඟ මඩලක්. ඒ අය විවිධ පර්යේෂණ අත්හදා බැලීම් කරනවා.

    කින්කි කියන්නෙ ඉතාම ක්‍රියේටිව් ඉරොටික් ප්‍රින්ට් එකක්. නිවැරදිව කින්කි ශෘංගාරයේ යෙදෙන අයට ඉතාම ගැඹුරින් තමන්ගේ මනස සුවපත් කරගැනීමටත් වෙනත් සමාජ මානසික පරිවර්තනයන් ලබන්නත් හැකියාව තියෙනවා. ඒක ආර්ට් තෙරපි එකක්.

    මේ ශෘංගාරයේ මූලයන් ගැඹුරු නිසාම බොහෝ දෙනෙක් වරදවා තේරුම් ගන්නත් බියපත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම සන්නිවේදනයෙදි ඉතා දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. බොහෝ විට තමන්ගේ පෙම්වතුන් සමග හෝ තමන්ගේ ශෘංගාරය ගැන විවෘතව කතාබහ නොකොට කින්කි ශෘංගාරිකයන් ඉතාම දුක්බර සිරගත ජීවිත ගත කරනවා.

    5. ශේප් ෂිෆ්ටර්

    වේශ ශෘංගාර මුද්‍රාව කියන්නෙ කලින් කියපු ඕනෑම මුද්‍රාවක් බවට පරිවර්තනය වීමේ හැකියාව තියෙන අයට. මේ අය ලබන ආස්වාදය උපරිමයි. ඒ වගේම අලුත් අමුතු ශෘංගාර අත්දැකීම් හඹායන්න පෙළඹෙනවා. ඒ වගේම ඒවා ගැන කැමැත්ත මොහොතින් මොහොත වෙනස් වෙනවා.

    මේ අය ශෘංගාරය රසවිඳීම අතින් ඉතාම උසස්. එක එක විදි වලින් සුරතාන්තයන් අත්විඳින්න හැකියාව තියෙනවා. ඕනෑම ශෘංගාර මුද්‍රාවක කෙනෙක් එක්ක ඒ මුද්‍රාවට සමවැදීමෙන් ආස්වාදය ලබනවා. වේශ ශෘංගාරිකයන් දන්නවා අනිත් හැම කලාපයකම අය විඳින රසය ගැන.

    නරකකට තියෙන්නෙ මේකම සංකීර්ණ තත්වයක් ගන්න එක. නිතර තමන්ගේ පෙම්වතියගේ ශෘංගාර මුද්‍රාව බවට පරිවර්තනය වීමෙන් තමන් තුල අතෘප්තියක් ඉතුරු වෙන්න පුළුවන්. ඒ වගේම මේ ආශා ස්වරූපයන් පරිවර්තනය වීම ඒ අයටත් ඒ අය සමග සම්බන්ධතා පවත්වන අයටත් පැටලිලිසහගත වෙන්න පුළුවන්.

    ඉතින් අපි අනෙකාගේ ශෘංගාර ස්වරූපය ප්‍රශ්න කරන්න හෝ එයින් අවුල් වෙන්න උවමනා නෑ. අපේ ශෘංගාර කලාපය නිවැරදිව අවබෝධයෙන් හඳුනාගැනීමයි වැදගත් වෙන්නෙ. ඒකට ඉවසිල්ලෙන් අපේ ආශාව අනුරාගය දිහා බලාගෙන ඉන්න ඕන. ඒ වගේම සම්බන්ධතාවයකදි අනෙකාගේ ආශාවේ අනුරාගයේ ස්වරූපය තේරුම් ගැනීම සවිඥානක වෙන්නත් ඕන.

  • පියුමිව අල්ලන්න ආසද?

    පියුමිව අල්ලන්න ආසද?

    පහුගිය දවසක කොරොනා මැද චන්දිමාල්ගෙ අර මහා බර්ත්ඩේ පාටිය ටිකක් පොඩියට සමරපු සිද්ධියක් එලියට ආවා. ඒ ගැන චන්දිමාල් එක්ක පියුමි හංසමාලිව අත්අඩංගුවට අරන් රුපියල් මිලියනයක් වගේ ගානක ඇප මත මුදාහැරියා කියල ප්‍රවෘත්ති පලවුනා. ඔන්න ඊට පස්සෙ ෆේස්බුක් එකේ පියුමි අල්ලන රැල්ලක් හැදුනා. පියුමිව නිදහස් කරපු එක කොරොනා මැද්දෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ වුනා. කොහොමද මේක වුනේ?

    මුලින්ම කියන්න ඕන නිරෝධායන නීති කැඩුවා කියල මිනිස්සු හිරේ දානවට මං විරුද්ධයි. දඩයක් වගේ දේකින් ඒක ඉවර වෙන්න ඕන. සම්පූර්ණයෙන්ම අසාර්ථක රජයක් යටතේ මිනිස්සුන්ට කන්න වෙලා තියෙන පරිප්පුවට ආයිමත් උන්වම වැරදිකාරයො කරන එක රටක යුක්තියක් නෙමෙයි. ලොක්ඩවුන් කියන්නෙ හැම මිනිහෙකුටම සනීපෙන් ගෙදර ඉන්න පුළුවන් තත්වයක් නෙමෙයි.

    ඉතින් මං නිරෝධායන නීති කැඩුවයි කියල මිනිස්සුන්ව කරන හැම බලහත්කාරයකටම විරුද්ධයි. පියුමි හිරේ දැම්මා නං ඊටත් වඩා විරුද්ධයි.

    පියුමි හංසමාලි කියන්නෙ මං ලංකාවෙ ආදරේම කරන ගැහැණියක්. ලංකාවෙ ඉන්න එකම සරාගී නිළිය පියුමි. සුමනා ගෝමස්ට පස්සෙ අපේ රටට එහෙම ශෘංගාර ගැහැණියක් හිටියෙ නෑ. ඒක නිසා පියුමි යන පාටියක්, පියුමිගෙ අලුත් ෆොටෝ එකක් කියන්නෙ මාත් ඇතුලුව රටක්ම ආස්වාදය ලබන දේවල්. ඉතින් ඒ ශෘංගාරය නිර්මාණය කරන ගැහැණිය ගැන මට තියෙනවා ගෞරවයක්.

    මේ වරදට හරි නම් ඇඟිල්ල දික්වෙන්න කොතනටද? ඒ පාටිය තිබ්බා කියන හෝටලේට. මිනිස්සුන්ට වඩා ආයතන නීතිය රකින්න බැඳිලා ඉන්නවා. ඒත් කිසි පෝස්ට් එකක් ඒ ගැන මං දැක්කෙ නෑ. ඊට පස්සෙ එතන චන්දිමාලුත් ඉන්නවා. ඒත් චන්දිමාල් මාතෘකාවක් වෙන්නෙත් නෑ. පියුමි සහ පියුමිගේ තන් තමයි වැරැදිකාර වෙන්නෙ.

    ඇයි පියුමිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියල කියන්නෙ? පියුමිව පනිෂ් කරන්න ඕන හින්ද. ඒ පෝස්ට් හදන, චෝදනා කරන හැමෝම මටත් වඩා පියුමිට ආශාවෙන් මත්වුනු අය. හැබැයි ඒ ගොල්ලො සතුටු වෙන්නෙ තමන්ගේ ආශා වස්තුවට ප්‍රසිද්ධියේ අපහාස කරලා. මේක ඉරොතින් හියුමිලියේෂන් නෙමෙයි, පබ්ලික් හියුමිලියේෂන්. ඒ ආශා වස්තුව ප්‍රසිද්ධියේ නිරුවත් කරලා.

    අර ජේසුගෙ ප්‍රසිද්ද කතාවක් තියෙනවනෙ ගණිකාවකට ගල්ගැසීමක් ගැන. එතනදි ඒ ගැහැණිය එක්ක රමණය කළ උන්ම තමයි ගල් ගහන්න අත් උස්සන්නෙ. ඒක සදාචාරය කින්ක් එකක් විදිහට පාවිච්චි කරන අහිතකර කාම තෘප්තියක්.

    ඇයි ඒක අහිතකර? ඒකෙන් තව මනුස්සයෙකුගෙ ජීවිතයට බලපෑමක් සිද්ද වෙනවා. ඒක ගෞරවය ආදරය ඇතුලෙන් එන රාගයක් නෙමෙයි. යමක් ෆැන්ටසියක් ඇතුලට අරගෙන ඒක රසවිඳින්න දන්නෙ නැති ප්‍රාථමිත මිනිස් මනසක ඇතිවෙන සාපරාධී කාමුකත්වයක්. ඒවට අපි කියනවා අශිෂ්ට ආශාවන් කියල. ඒකෙන් කිසි දෙයක් ලස්සන වෙන්නෙ නෑ. බියුටි කියන වචනෙ ලස්සන කියන සිංහල වචනෙන් කැටි කරන්න අමාරුයි. බියුටි නැත්තං එතන ඉරොටික්ස් නෑ.

    ඒක නිසා පියුමි ගැන කතා කරන මේ සාපරාධී කාම රැල්ල හරියට තේරුම් ගන්න ඕන. ඒක එක පැත්තකින් කාව හරි වධයකට බන්ධනයකට ලක්කිරීමෙන් තෘප්තිමත් වෙන එකක්. අනෙක් පැත්තෙන් පියුමි කියන ශෘංගාර වස්තුව ප්‍රසිද්ධියේ කෙළෙසීමෙන් තෘප්තිමත් වෙන එකක්. මේ දෙකම නොමිනිස් කාණ්ඩයේ ආශාවන්.

    ඒක හින්ද පියුමිගේ පෝස්ට් එකක් දැක්කම පියුමිට වඩා බලන්න ඕන පෝස්ට් එක ෂෙයාර් කරපු කෙනා දිහා. ඔයාට එන්නෙ පබ්ලික් හියුමිලියේෂන් එකකට ආරාධනාවක්, ෂෙයාර් බොත්තම ඔබනවා කියන්නෙ ඔයා ඒ හිංසනයෙන් සතුටුවෙනවා කියන එක.

    ඉරොටික්ස් දන්න කෙනෙක් එහෙම කරන්නෙ නෑ.


    චින්තන ධර්මදාස

  • KINK ඔයා කින්කි ද?

    KINK ඔයා කින්කි ද?

    කින්ක් කියන එක වෙනම ඇහුවම නුහුරු වගේ දැණුනට අපි හැමෝගෙම කින්කි තැන් තියෙනවා. ඒවා කිසිම අමුත්තක් නැතුව සම්ප්‍රදාය එක්ක එකතුවෙලත් තියෙනවා. ඒ කියන්නෙ කින්කි දේවල් හැංගිලා තියෙනවා වගේම ප්‍රධාන ධාරවෙත් තියෙනවා. උදා විදිහට අම්මි තාත්ති කියල කතා කරන පෙම්වතුන් කොයිතරමක් ඉන්නවද? තමන් ලිංගිකව හැසිරෙන කෙනෙකුට අම්මි කියල කතා කරන එක කින්කි වැඩක්. ඒක අසම්මත පරිකල්පනයක්. අපේ සාම්ප්‍රදායිකම දෙයක් වෙන කන්‍යාභාවය ගැන ආශාව වුනත් කින්ක් එකක්. ස්වභාවික කියන ලේබලයට අනුව එහෙම කන්‍යා සිවියක් ගැන ආශාවකින් පසුවෙන්න විදිහක් නෑ. ඒක කොයිතරම් ප්‍රබල කින්ක් එකක්ද කිව්වොත් කන්‍යාවියන් බලාපොරොත්තුවෙන් බෝම්බ පුපුරගෙන මැරෙන්න පවා පිරිස් ඉන්නවා. ඒවා ආගම් විදිහට ප්‍රචලිත වෙනවා. මේ මෑතක මං දැක්කා පෝස්ට් එකක්. කකුල් දෙක අල්ලලා වඳින කෙල්ලෙක් ලබන්න පිං කරන්න ඕන කියල ඒකෙ තිබුන. තමන් එක්ක නිරුවතින් ලිංගිකව හැසිරෙන කෙල්ල තමන්ගේ කකුල් ළඟ වැටිලා වඳිනවා බලන්න තියෙන ආසාව කින්ක් එකකට වඩා දෙයක් නෙමෙයි. අපි නිතර අහන සිංදු ඇතුලෙත් කින්කිමය සංකල්ප තියෙනවා. එක ප්‍රසිද්ද සිංදුවක් තමයි ඔබේ දෙපා ළඟ දූවිල්ලක් වගේ දැවටෙන්න ආසයි කියන එක. මේ විදිහට ආදරය, පාරිශුද්ධත්වය වගේ කාරණා පිටිපස්සෙත් කින්කි ආශා පැටලිලා තියෙන්න පුළුවන්. හැබැයි අපි සාම්ප්‍රදායික විදිහට කින්කි කියල දකින්නෙ පොදුවෙ සම්මතය විසින් පිළිනොගන්නා දේවල්. ෆැන්ටසි.

    මොකක්ද කින්ක් කියන එකේ අදහස? කින්ක් කියල හඳුන්වන්නෙ ගතානුගතික නැත්නම් පැවත එන ආකාරයේ නොවන, වෙනස් ආකාරයේ ලිංගික රසයන්, පරිකල්පනයන් සහ චර්යාවන්. මේ අර්ථගැන්වීම ටිකක් ගැටලුකාරී එකක්. මොකද දරුවන් බිහිකිරීමට අදාල නොවෙන ඕනම දෙයක් මේ හඳුනාගැනීම අනුව කින්කි කියල දාන්න පුළුවන්. ලිස් පවෙල් කියන සෙක්ස් තෙරපිස්ට් පෙන්නලා දෙන විදිහට ඒක හින්ද මේ ලෝකෙ ඕනම දෙයක් කින්ක් වෙන්න පුළුවන්.

    කින්ක් සහ ෆෙටිෂ් කියන වචන දෙකම නිතර එක ළඟ යෙදෙනවා. ෆෙටිෂ් කියන්නෙ මොකක් හරි ශරීර අංගයක්, නැත්තං දෙයක්, උපකරණයක් නිසා ලිංගික උත්තේජනය ඇතිවෙන එකට. කින්ක් ෆැන්ටසියක් ඇතුලෙ ෆෙටිෂ් තියෙන්න පුළුවන්. අපිට හිතාගන්න බැරි දේවල් ගැන එක එක අයට ෆෙටිෂ් නිර්මාණය වෙන්න පුළුවන්. උදා විදිහට ජාතිය ආගම වගේ දේවල්වලින් පවා සමහර අයගෙ ෆෙටිෂ් හැදෙන්න ඉඩතියෙනවා. සිවුරක් විසින් කෙනෙකුට ලිංගික උත්තේජනයක් ඇති කරන්න පුළුවන්. ෆෙටිෂ් කියන එකට නම් සිංහලෙන් තියෙන නම ලස්සනයි. අර්චනකාමය. ඒත් කින්ක් කියන එකට නම් වචනයක් නෑ.

    එක එක පුද්ගලයා අනුව කින්කි ආශා වෙනස් වෙනවා. ඒක කොහෙත්ම පොදු තත්වයක් නෙමෙයි. එකම කින්ක් එකක වුනත් විවිධ පරිකල්පනයන් එක එක අය ළඟ තියෙනවා. මේ නිසා කින්ක් ලෝකය හරිම විචිත්‍ර එකක්. කොහෙත්ම බෝරිං එකක් නෙමෙයි. අන්‍යොන්‍ය කැමැත්ත ඇතුව කරන කිසිම කින්ක් එකක කිසිම වරදක් නෑ.
    ලෝකෙ ප්‍රසිද්ධ කින්ක් ෆැන්ටසි කීපයක් ගැන අපි කතා කරමු.

    1. වොයරිසම් Voyeurism

    මේක අපි හැමෝම හොඳටම දන්න දෙයක්. බීච් එකේ පාක් එකේ ලව් කරන්න ගියත් අපි දකින හිල්මරන්නො කියන්නෙ මේ වොයරිසම් වින්දනය ලබන අය. ඒ ගොල්ලො විතරක් නෙමෙයි පෝර්න් බලන, ෆිල්ම් බලන අපි ළඟත් වොයරිසම් උත්තේජනය තියෙනවා. මේකෙ අදහස තමයි වෙන කවුරු හරි ලිංගික ක්‍රියාවේ යෙදීම බලාගෙන ඉඳලා ඒකෙන් ආස්වාදයක් ලැබීම. මේ බැලීම කියන කාරණය ඊට වඩා දුර යන්නත් පුළුවන්. කවුරු හරි සෙක්ස් කරන සද්ද අහගෙන ඉන්න, ඒ අයගෙ ලිංගික අත්දැකීම් දැනගන්න තියෙන ආශාවත් වොයරිස්ටික් එකක්ම තමයි.

    2. Breath play

    මේ හුස්ම ක්‍රීඩාව වැටෙන්නෙ බීඩීඑස්එම් කැටගරියට. ඒ ගැන අපි ඊළඟට කතා කරනවා. මෙතනදි වෙන්නෙ කෙනෙකුගෙ හුස්ම හිරකරන අතරෙ ලිංගික ක්‍රියාවේ යෙදෙන එක. මේක ඉතාම අනතුරුදායක ආස්වාදයක්. අපි කවුරුත් දන්න ඩේවිඩ් කැරඩේන් මියයන්නෙත් මේ ක්‍රීඩාව වැරදීමකින් කියලයි කියන්නෙ. අපේ තෘප්තියේ සීමාව අනුව අනෙකාගෙ හුස්ම හිරවීම කොයිතරම් වෙයිද කියල නිශ්චිත නොවෙන්න පුළුවන්. ඒක නිසා ලිංගික උපදෙස් දෙන අය කියන්නෙ සංසර්ගය අතර තමන්ම හුස්ම හිරකරගැනීමෙන් මේ ආස්වාදය ලබන්න පුරුදු වෙන්න කියලයි. ඒත් ඉතින් මේක එහෙම කරලා ලබන්න පුළුවන් අත්දැකීමක් නෙමෙයි.

    3. BDSM

    ෆිෆ්ටි ෂේඩ්ස් ඔෆ් ග්‍රේ ෆිල්ම් එකත් එක්ක මේක ලෝකෙ පුරාම උන්මාදයක් විදිහට ජනප්‍රිය වුනු කින්ක් එකක්. මේකට අයිති වෙනවා ප්‍රධාන කාණ්ඩ කීපයක්.

    B සහ D – බොන්ඩේජ් සහ ඩිසිප්ලින්. ඒ කියන්නෙ බන්ධනය සහ ශික්ෂණය කියන එක. මාංචු, ලණුවලින් ගැටගැසීමෙන් සහ දඬුවම් කිරීමේ විවිධ ක්‍රමවලින් මේක ක්‍රියාවට නැගෙනවා.
    D සහ S – ඩොමිනේෂන් සහ සබ්මිෂන්. ඒ කියන්නෙ යටපත් කරගැනීම සහ යටත්වීම කියන එක.
    S සහ M – සේඩිසම් සහ මැසොකිසම්. ඒ කියන්නෙ පරපීඩකකාමය සහ ස්වපීඩකකාමය කියන එක.
    මෙතනදි වැදගත් කාරණයක් තමයි බීඩීඑස්එම් ක්‍රියාවල යෙදෙන්න අනිවාර්යෙන්ම ඒ අයගෙ කැමැත්ත අනුමැතිය තියෙන්න ඕන. මේක ආර්ට් එකක් විදිහට වේදනාව පුහුණු කිරීමේ සහ ඉන් ආස්වාදය ලැබීමේ සම්ප්‍රදායක්.

    4. රංග රතිය Scene play

    මේකට ඉංග්‍රීසියෙන් කියන්නෙ සීන්-ප්ලේ කියල. ඒ කියන්නෙ කින්කි රංගනයක් පවතින කාලය. මෙතනදි චරිත ආදිය ඒ අය විසින්ම නිර්මාණය කරගන්නවා. අදාල ෆෙටිෂ් එකතු කරගන්නවා. සාමාන්‍ය කෙනෙකුට නිකංම හුකප් එකක් වගේ පේන දෙයක් කින්කි මනසක් තියෙන කෙනෙකුට සැලසුම් කළ රංගයක් වෙන්න පුළුවන්. ඒ අය පිටපතකට අනුව තමන්ගේ ගැඹුරු අඳුරු ආශාවන් තෘප්තිමත් කරන කවුළුවක් නිර්මාණය කරගන්නවා.

    5. ඩොමිනේෂන් සහ සබ්මිෂන් Domination Submission

    සෙක්ස්වලදි ඩොමිනේෂන් කියන්නෙ තමන්ගේ ආධිපත්‍යය පැතිරීම. වදහිංසා කිරීම. අපහාස අපවාද කිරීම වගේ දේවල්. මේවා කායික හෝ මානසික වෙන්න පුළුවන්. ඒ වගේම සබ්මිෂන් කියන්නෙ ඒවා ලබාගන්නා පාර්ශ්වය. පහර කෑමට, අපහාස විඳීමට කැමැත්තෙන් බඳුන්වෙන පැත්ත. මේක අනන්‍යතාවය මත හැදෙන නිශ්චිත පාර්ශ්ව දෙකක් නෙමෙයි. ක්‍රියාව අනුව එකිනෙකා මේ භූමිකා මාරු කරගන්න පුළුවන්.

    6. සේඩිසම්- මැසොකිසම් Sadism Masochism

    සේඩිසම් කියන්නෙ අනෙකාට කායික හෝ මානසික වේදනාවක් දීමෙන් ලිංගික ආස්වාදයක් ලබන එකට. මැසොකිසම් කියන්නෙ ඒ වේදනාව විඳීමෙන් ලිංගික ආස්වාදයක් ලැබීමට. මේක ඩොමිනේෂන් සබ්මිෂන් එක්ක සමානයි වගේ පෙනුනත් හැමතිස්සෙම ඩොම් කෙනෙක් සේඩිස්ට් කෙනෙක් වීම හෝ සබ් කෙනෙක් මැසොකිස්ට් කෙනෙක් වීම අනිවාර්යයක් නෙමෙයි.

    7. ස්වර්ණ ස්නානය Golden shower

    මේකට පිස්-ප්ලේ කියලත් කියනවා. ඒ කියන්නෙ මුත්‍රා සමඟ රති ක්‍රීඩාවේ යෙදීම. අනෙකාගේ මුත්‍රාවලින් තමන්ගේ මුහුණ ශරීරය නහවා ගැනීමෙන් ආස්වාදය ලැබීමක් මෙතනදි වෙනවා. මේ ආස්වාද කලාපයෙන් බැහැර කෙනෙකුට මේක එක්ස්ටී්‍රම් විදිහට පේන්න ඉඩ තිබුනත් මෙතන සිද්ද වෙන අත්‍යන්ත බෙදාගැනීමකුත් තියෙනවා. සමාජ සම්මතය ඇතුලෙ පහත් කිළිටි ලෙස බැහැර කරන කිසිවක් අප්‍රිය නොකර උත්කර්ෂයෙන් බාරගැනීම ඇතුලෙ එකිනෙකා විඳින ශෘංගාරයක් මේ සම්බන්ධතාවය ඇතුලෙ තියෙනවා.

    8. ආන්තික ක්‍රීඩා Edge play

    මේකට කියන්නෙ එජ්ප්ලේ කියල. ගොඩක් වෙලාවට දරුණු කායික වේදනා ආදිය සමග කරන ශෘංගාර ක්‍රීඩා මේ ගනයට වැටෙනවා. පිහි, ඉඳිකටු පාවිච්චි කරමින් තරමක් දරාගත නොහැකි වේදනාවන් සමග ආස්වාදය ලබන වර්ගයේ කින්ක් මේ කොටසට අයිතිවෙනවා. ඒ වගේම ඉතාමත් අපහාසාත්මකයි අපචාරීයි වගේ බාහිරින් දකින චර්යාවනුත් මෙතනට අයිතියි. උදා විදිහට ස්වර්ණ ස්නානය වගේ දෙයක් වුනත් කෙනෙකුට එජ්ප්ලේ එකක් විදිහට දකින්න පුළුවන්.

    9. RACK

    මේ අකුරු හතරෙන් කියන්නෙ රිස්ක් අවෙයාර්නස් කන්සෙන්ෂුවල් කින්ක් කියන එක. ඒ කියන්නෙ කින්ක් එකක් කරන්න කලින් ඒ සම්බන්ධ හැමෝටම මුහුනදීමට සිද්ද වෙන අවදානම් ගැන හොඳ දැනුවත්භාවයකින් කින්ක් එක කරනවා කියන එකයි. මෙතනදි තමන් ගැන වගේම අනෙකා ගැනත් සිතීම වැදගත් වෙනවා. කින්ක් චර්යාවන්ගේ යෙදෙන අය මේක ආචාර ධර්මයක් වශයෙන් ආරක්ෂා කරනවා.

    10. අපවාද ශෘංගාරය- Erotic Humiliation

    කුණුහරුප, පහත් වචන පාවිච්චි කරමින් අනෙකාට අපහාස කිරීමත් ඒ අපහාස විඳීමත් මේ කින්ක් එකට අයිතියි. ඒ වගේම වෙන අය එක්ක සෙක්ස් කරන මෙන් බලකිරීම වගේ දේවලුත් ඉරොටික් හියුමිලියේෂන්වලම කොටසක් වෙන්න පුළුවන්. මෙතනදි අපවාද කරන්නා වගේම අපවාද විඳින්නාත් ඒකෙන් ආස්වාදයක් ලැබීම වැදගත්.

    11. කකෝල්ඩින්ග් Cuckolding

    මේක ගැන අපි කලින් ලිපියක වෙනම කතා කරලත් තියෙනවා. කකෝල්ඩින්ග් කියන්නෙත් ඉරොටික් හියුමිලියේෂන්වලටම අදාල කොටසක්. මුලදි මේ වචනෙ පාවිච්චි කළේ තමන්ගේ පෙම්වතිය හෝ බිරිඳ වෙන කෙනෙක් සමඟ යහන්ගත වෙන ආකාරය බලමින් සතුටුවෙන පිරිමින්ට. මේ පිරිමියාට කියනවා ‘කක්’ කියල. සහකාරිය හෝ පෙම්වතිය කකෝල්ඩ්‍රස් කියන නමිනුත් තෙවන පාර්ශ්වය ‘බුල්’ කියන නමිනුත් හඳුන්වනවා. ඒත් අද වෙද්දි මේක විෂම ලිංගික සම්බන්ධතාවලට සීමාවුනු දෙයක් නෙමෙයි. ලිංගභේදයක් නැතුව ඕනම කෙනෙකුට කකෝල්ඩින්ග් කරන්න පුළුවන්.

    මෙතනදි අනෙක් පිරිමියා ‘බුල්’ සමග සංවාසයේ යෙදීමට අමතරව තමන්ගේ සහකරුවාගේ ශිෂ්නයේ ප්‍රමාණය ආදිය ගැන අපහාස කිරීමත් මේ ශෘංගාරයේ කොටසක්. ‘කක්’ එකම කාමරයේ සිටීම හෝ වෙනත් තැනක තමන්ගේ සහකාරිය තව කෙනෙක් හා යහන්ගත වන බව දැනසිටීම, නොඑසේ ඒ බව දුරකථනයකින් හෝ දැන්වීම මගින් මේ ශෘංගාරය ක්‍රියාවට නැගෙන්න පුළුවන්.

    12. CBT

    සාමාන්‍යයෙන් සීබීටී කිව්වම එකපාර මතක් වෙන්නෙ කොග්නිටිව් බිහේවියරල් තෙරපි කියන එක. ඒ කියන්නෙ හැඟීම්මය ආවේගයන් පාලනය කරගන්න දැනුවත්ව ඇති කරන චර්යාත්මක වෙනස්කම්වලට. ඒත් මෙතන කතා කරන්නෙ වෙන දෙයක් ගැන. කින්ක් වලදි සීබීටී කියන්නෙ කොක් ඇන්ඩ් බෝල් ටෝචර් කියන එක. මං හිතන්නෙ වචනෙන්ම අදහස තේරෙනවා. පිරිමියාගේ කැමැත්ත පරිදි එයාගෙ ශිෂ්නය සහ වෘෂන වේදනාවට ලක්කිරීමෙන් ආස්වාදයක් ලැබීම/ලබාදීම මේකට අයිති වෙනවා. සමහර විට වෘෂනවලට පහරදෙන්න, මිරිකන්න, පාගන්න ආදිය කරන්න පුළුවන්.

    13. ෆුට් ෆෙටිෂ් Foot fetish

    මේක නම් ඉතාම සාමාන්‍ය ෆෙටිෂ් එකක්. දැන හෝ නොදැන ගොඩක් අය රසවිඳින දෙයක්. ගැහැණියකගේ පාද පිළිබඳ ශෘංගාරය තමයි මේකට අයිති වෙන්නෙ. ඇගේ පාද ශුද්ධ වූ වස්තු ලෙසින් වන්දනාමාන කරනවා. ඒවා සිඹින්න, ඒවාට පෑගෙන්න ආශාවෙන් බලාඉන්නවා. ඒ පාද සුන්දර කරන හීල්ස්, ආලේපන ආදිය ෆුට් ෆෙටිෂ් තවත් මනෝරම්‍ය කරනවා. ගොඩක් වෙලාවට කෙල්ලන්ගෙ ෆේස්බුක් ඉන්බොක්ස් ෆුට් ෆෙටිෂ්කාමීන්ගේ ඇරයුම්වලින් පිරිලා යනවා.

    14. ඉම්පැක්ට් ප්ලේ Impact play

    තදින් පහරදීම් කරන ශෘංගාර ක්‍රීඩාවන් අයිති වෙන්නෙ ඉම්පැක්ට් ප්ලේ කියන වර්ගයට. ස්පෑන්ක් කිරීම නැත්නම් තට්ටම්වලට තදින් අතුල් පහරවල් දීම, කසය පාවිච්චි කිරීම ආදිය මෙතනදි ප්‍රධානයි. මේ වර්ගයේ කින්ක් වලදි සේෆ්වර්ඩ් එකක් පාවිච්චි කරනවා. පහර ලබන අයට වේදනාව දරන්න අමාරු නම් ඒ මුරපදය කීමෙන් රංගය අවසන් වෙනවා. මොකද මේක රති ක්‍රීඩාවක් මිස වධ හිංසනයක් නොවෙන හින්ද.

    15. 24/7

    මේක නම් පිස්සුවක්. මෙතනදි වෙන්නෙ කින්ක් එකක නිර්මාණය කරන බල හුවමාරුව හෝ චරිත පැය 24 පුරාම පවත්වාගෙන යන එකයි. ඔෆිස් වැඩ, අනිත් වැඩ අතරෙදිත් කින්ක් එක දිගටම පවතිනවා. ඒකට අවනත වෙන්න සිද්ද වෙනවා. නිශ්චිතව අවසන් කරන තෙක්ම දවස් ගානක් වුනත් මේ ශෘංගාරය පවත්වාගෙන යන්න පුළුවන්.

    16. වයස් ක්‍රීඩාව Age play

    ඒජ්-ප්ලේ කියන්නෙ ටිකක් අමතු චරිත හුවමාරුවක්. කෙනෙක් වයස්ගත විදිහටත් අනෙකා ළාබාල විදිහටත් චරිත ආරෝපණය කරගනිමින් ආස්වාදයක් ලබනවා. උදා විදිහට තාත්තා සහ දුව අතර හෝ අම්මා සහ පුතා අතර ආකාරයේ, සම්මතයෙන් අපචාරී විදිහට හඳුන්වන ලිංගික සම්බන්ධතා ෆැන්ටසි විදිහට මෙතනදි ක්‍රියාත්මක වෙන්න පුළුවන්.

    17. රැහැන් බැඳුම් Rope Bondage

    කඹයකින් තදින් ගැටගැසීමෙන් ආස්වාදය ලැබීමේ සහ ලබාදීමේ ක්‍රමයක් මේක. කෙනෙක් අනෙකාගේ අත් තදින් ගැටගැහනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තං ෂිබාරි කියන ජපන් කලාව අනුව ශරීරයම කඹයකින් වෙළමින් නොයෙක් ආකාරයෙන් එල්ලා තබමින් ලබාදෙන තියුණු ආස්වාදයක් වෙන්නත් පුළුවන්.

    18. ෆිස්ටින්ග් Fisting

    මේක තරමක් දරුණු ආකාරයේ සෙල්ලමක්. කෙනෙකුගේ අතක ඉදිරි කොටස සම්පූර්ණයෙන් යෝනියට හෝ ගුද මාර්ගයට ඇතුල් කිරීමෙන් ලබන ආස්වාදයක්. ඉතාම හොඳ පුහුණුවක් සහ විශාල ලූබ් ප්‍රමාණයක් පාවිච්චි කරන්න ඕන වැඩක්.

    19. සුරතාන්ත පාලනය Orgasm Control

    ඕගස්ම් කොන්ට්‍රෝල් කියන එකෙන් අදහස් කරන්නෙ අනෙකාගේ සුරතාන්තය ලැබීමේ අයිතිය උදුරා ගැනීමක්. ඒ කියන්නෙ සුරතාන්තය ලබන ආසන්නයටම ගෙනත් නැවත අත්හැර දැමීමේ රති ක්‍රීඩාවක්. මෙහෙම කරන එකට එජින්ග් කියල කියනවා. තමන්ට අවශ්‍ය වෙලාවට තමන්ට අවශ්‍ය පරිදි සුරතාන්තය ලබාදීමේ ආධිතපත්‍යය තමයි මෙතනදි ශෘංගාර නිමිත්ත වෙන්නෙ. අනෙකා සුරතාන්තය ඉල්ලා ආයාචනා කරමින් මේ පීඩාවේ ශෘංගාරය විඳිනවා.

    මේක කින්ක් එකක් නෙමෙයි. නමුත් කින්ක්වලදි වැදගත්ම දෙයක්. හැම ක්‍රියාවකටම පස්සෙ අනෙකා එය විඳිනවද, ඉන් යම් අපහසුතාවයක් ඇතිවෙනවද වගේ කාරණා විමසා දැනගන්න එක වැදගත්. ඒක කින්ක් සම්බන්ධයකදි අනිත් කෙනා ගැන දක්වන ආදරය සැලකිල්ල ගැන කාරණයක්. සමාජ සම්මතයෙන් බැහැර මේ විචිත්‍ර ආශා ලෝකයේ තමන් සමග එන ගමන් සගයාට ගෞරව දැක්වීමක්. ඒ වගේම කින්ක් ඇක්ට් එකකට පස්සෙ ඒ ගැන කතාබහ කරමින් ආශා කරන නොකරන දේවල් ගැන වටහා ගැනීමක් ඇති කරගන්න එකත් වැදගත්.

    ඉතිං කින්ක් විශ්වයේ කෙන්දක් තරමෙ සංචාරයක් අපිට ඔය විදිහට සලකුණු කරන්න පුළුවන්. ඒත් මේ කිසිම දේකින් කින්ක් කියන්නෙ මේකටයි කියල සීමා පැනවෙන්නෙ නෑ. ඒක අතිශයින්ම පුද්ගලික දෙයක්. තමන් කැමති අසම්මත ආශාවන්, කාටවත් හානියක් නොවන පරිදි, අන්‍යොන්‍යව තෘප්තිමත් කිරීමේ සහ තෘප්තිය බෙදාගැනීමේ කින්කි සම්බන්ධයක් කියන්නෙ,
    ඕනම කෙනෙකුට ලොකු ආස්වාදයක්.

  • කැමරාව සමග ආදරෙන් බැඳීම – SEX CAM

    කැමරාව සමග ආදරෙන් බැඳීම – SEX CAM

    කොවිඩ් එක්ක මිනිස්සුන්ගෙ ලිංගික ජීවිතේ ලොකු පරිවර්තන ගොඩක් සිද්ද වෙනවා. සමහර විට ඒවා සිද්ද වෙන්නෙ නොදැනීම. සමහර විට ලංකාවෙ වගේ රටකට මේ වෙනස්කම් ලොකුවට බලපාන්නෙ නැතිවෙන්නත් පුළුවන්. ඒත් තරමකට හරි අපි හැමෝගෙම ලිංගික ජීවිතය වෙනස් කරන්න කොවිඩ්වලට පුළුවන්.

    සමාජ දුරස්ථභාවය කියන්නෙ අපේ ළඟම ස්පර්ශයෙන් දැනුනු සම්බන්ධතා සීමා කරන මායිමක්. ඒ වගේම හැම මුහුණක්ම ආවරණය කරන මුව වැසුම් කියන්නෙ අපි මෙතෙක් දුටු දෙතොල් සිනහව වාරණය කරන එළඹුමක්. පිටස්තරව එක්රොක් වුනු, සාදයන්, රාත්‍රී ජීවිතයන් අහිමි වීම කියන්නෙ අපිව බලහත්කාරයෙන් නිවෙස් තුලට කොටු කරතැබීමක්. ඒත් ලෝකෙ හැමෝටම මේක කරන්න වෙනවා. අපි ඉන්නෙ ජීවිතය ගැන අවදානමක.

    එතකොට අපේ ලිංගික ජීවිතය වෙන වෙන තැන්වලින් නිදහස හොයාගෙන අරගල කරනවා. එතනදි ලොකුම දොරටුව වෙන්නෙ අන්තර්ජාලය. අන්තර්ජාලයෙ සයිට් පිරෙන්න තියෙන පෝර්න් අපි ශීග්‍රයෙන් බලලා ඉවර කරනවා. ඒත් අපිට හිස්තැනක් දැනෙනවා. නොපිරෙන තැනක් තියෙනවා. අන්න එතනදි තමයි අපේ ෆෝන් එකේ, ටැබ් එකේ, ලැප් එකේ පුංචි කැමරාව ඔන් වෙන්නෙ.

    ලෝකෙ සෙක්ස් කැම් සයිට්වලට මේ කාලෙදි රීච් එක හුඟක් වැඩිවෙලා තියෙනවා. 30%ක විතර වර්ධනයක් කියලයි වාර්තා වෙන්නෙ. මේ සයිට්වල ප්‍රවීණයන් කියන්නෙ ඒ ගොල්ලොන්ගෙ රීච් එක දිහා බලලා පවතින තත්වය පවා අනුමාන කරන්න පුළුවන් කියලයි. ඒ කියන්නෙ සෝෂල් ඩිස්ටන්සින් සහ ලොක් ඩවුන් කාලවලදි පැහැදිලිව වෙනස් රීච් එකක් මේ සයිට්වල පෙන්නනවා.

    ඕන කෙනෙක් සරලව හිතන්නෙ මේක මෝල් වීම, නැත්තං හරි වචනෙ හෝර්නි වීම සම්බන්ධ කාරණයක් කියල. ඒත් මේ ගැන ගැඹුරින් හිතාබලන පිරිස් කියන්නෙ මේක ඊට වඩා සුවිශේෂ තත්වයක් කියල. මිනිස්සු ගෙවල්වල කොටුවීම සහ පිටස්තර සම්බන්ධතාවයක් සොයා යාමේ පිපාසය මේ රීච් එක ඇතුලෙ ප්‍රකට වෙනවා කියල ඒ අය දකිනවා.

    පෝර්න් හබ් වගේ සයිට් මේ කාලෙදි විශේෂ ඩිස්කවුන්ට්, ෆ්‍රී මෙම්බර්ෂිප් ආදිය පවා දෙන්න පටන් ගත්තා. ඇත්තටම අනිත් හැමෝම විසින් නොතකා හරින මූලික මිනිස් අවශ්‍යතාවයක් වෙනුවෙන් ඒ අය උනන්දු වුනා කියලත් කියන්න පුළුවන්. ලොක්ඩවුන් වෙන ප්‍රදේශවලට විශේෂ වුනු පැකේජයන් පෝර්න් හබ් වලින් දුන්නා.

    ඒ වගේම කැම්ස්.කොම්, කැම්සෝඩා, ස්ටි්‍රප්චැට්, එක්ස්හැම්ස්ටර්ලයිව් වගේ සයිට් වලින් ෆ්‍රී ටෝකන් දුන්නා. අලුතෙන් එකතු වෙන අයට මේ ටෝකන් පාවිච්චි කරලා තමන් කැමති දේවල් කැම් ගර්ල්ගෙන් ඉල්ලන්න පුළුවන්. නැත්තං ප්‍රයිවට් චැට්වලට යන්න පුළුවන්. කැම්සයිට් ගොඩක් මේ කාලෙදි තමන්ගේ පබ්ලික් චැට් රූම් නොමිලේ ලබාදුන්නා.

    ලොක්ඩවුන් කාලෙකදි අපිට නොදැනුවත්වම බලපාන ලොකු ආතතියක් තමයි ඇටෙන්ෂන් එක නැත්තං අවධානය නොලැබීම. වෙන දවසකදි අපි පිටත ගොඩක් අයව මුනගැහෙනවා. ඒ අය අපි ගැන එක එක දේවල් අපිට කියනවා. අපිට අපි ගැන පරාවර්තනයක් ලැබෙනවා. මේක මිනිස්සුන්ට අවශ්‍ය දෙයක්. අපි පවතිනවා කියල අපිට දැනෙන්නෙ එතකොට.

    මේ අහිමිවීමත් එක්ක කවුරු හරි වෙනස් කෙනෙක් එක්ක කතාබහ කිරීමේ ආශාවෙන් අපි පෙළෙනවා. අපිට ඇත්තටම ඕන වෙන්නෙ පිටස්තර සම්බන්ධතාවයක්. සෙක්ස් කියන්නෙ ඒ සම්බන්ධතාවය සමීප කරන ඉන්ටිමේට් කරන කාරණයක් විතරයි.

    කැම් සයිට් කියන්නෙ කිසිම විදිහකින් පැටලිල්ලක්, අනවශ්‍ය කරදරයක් නැති සම්බන්ධතා පිරිනමන තැනක්. ඒක ලේසියි. වාත වෙන්න දෙයක් නෑ. වැරදි වටහාගැනීම් නෑ.

    එක්ස්හැම්ස්ටර් ලයිව් එක මේ කාල සීමාවෙදි ඒකෙ ටියුබ් එකට වඩා දෙගුණයක ට්‍රැෆික් එකක් ගත්තා.
    ටියුබ්වලදි අපිට හම්බුවෙන්නෙ ඒකපාර්ශ්වික අත්දැකීමක්. දාලා තියෙන එකක් අපි බලනවා විතරයි. ඒත් කැම්සෙක්ස් කියන්නෙ රියැක්ටිව් එක්ස්පීරියන්ස් එකක්. අපිට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. අපිට ඇත්ත මිනිස් සම්බන්ධයක් එතනදි ලැබෙනවා.

    සෙක්ස්කැම් විසින් අනිත් හැම ලිංගික අත්දැකීමකටම වඩා වෙනස් අත්දැකීම් කලාපයක් නිර්මාණය කරනවා කියන එක කලින්ම තේරුම් අරගෙන තිබුනු දෙයක්. කැමරාව ඉස්සරහ නිකංම නිරුවත පෙන්නනවා වෙනුවට සමහර කැම් ගර්ල්ස්ලා තමන්ගේ ෆලෝවරුන් එක්ක සමීප සම්බන්ධතා ගොඩනගා ගත්තා. ඒ අය අනිත් අයට වඩා සාර්ථක වුනා. පෝර්න් බැලීමේ උවමනාවෙන් මෙතනට ගොඩවුනු අය පවා මේ අලුත් සම්බන්ධතා ස්වරූපයට ආශක්ත වුනා. මෙතනදි අත්විඳින ඉමෝෂනල් පර්සනල් ගතියට ඇබ්බැහි වුනා.

    ඒක නිසාම සෙක්ස්කැම්වලදි ගොඩක් අය ඇඳුම් ගලවා නිරුවත් වෙන්න හදිස්සි වෙන්නෙ නෑ. ඒ අය තමන්ගෙ ප්‍රේක්ෂකයා එක්ක නොයෙක් දේ කතාබහ කරනවා. විස්තර අහනවා. ඒ වගේම සෙක්ස්කැම්වල ගොඩක් හම්බුකරන පර්ෆෝමර්ස්ලා නෝ-නියුඩ් ඒ කියන්නෙ නිරුවත ප්‍රදර්ශනය නොකරන වර්ගයේ අය. නිකං ඇඳුම් උනා දැමීම විතරක් ප්‍රගුණ කරලා මේ මාධ්‍යයේ ඉහලට යන්න අමාරුයි. විශේෂයෙන් ප්‍රගුණ කරපු අනෙකා සමග බෙදාගන්නා හැඟීම්මය දක්ෂතාවයක් වගේම ලොකු මහන්සියක් සාර්ථක කැම්ගර්ල් කෙනෙක් වෙන්න ඕන වෙනවා.

    තවත් පෙනුන දෙයක් තමයි මේ චැට්රූම්වලට එන ගොඩක් අය කැම් ටු කැම් ටූල්ස් ඉල්ලන්න පටන් අරගෙන තිබුන. ඒ කියන්නෙ කැම්ගර්ල්ට තමන් දිහා බලන් ඉන්න කෙනාව පේනවා. නිකංම නම විතරක් වැටෙනවා නෙමෙයි. වඩා ඇත්ත වූ සමීප වූ සම්බන්ධයක් එතන හැදෙනවා. මෙතනදි අපි තේරුම්ගන්න ඕන දෙයක් තමයි සෙක්ස්කැම්වල මෙතෙක් පැවතුනු වොයෙරිස්ටික්, ඒ කියන්නෙ හොරෙන් අනෙකා දිහා බලාසිටීමේ සම්බන්ධතා ස්වරූපය මාරුවෙමින් යනවා කියන එක. හුදු පරිභෝජනය පමණක් නොවෙන වෙනස් සම්බන්ධතා ස්වරූපයක් ඒ මාධ්‍යය හරහා මිනිස්සු ඉල්ලා සිටිනවා.

    හොයන්නෙ සෙක්ස් නෙමෙයි නං ඇයි මේ තරම් වීඩියෝ කන්ෆරන්ස් ඇප් ආදිය තියෙද්දි මිනිස්සු සෙක්ස්කැම් වලට එන්නෙ? ඒක තමයි මෙතන ගොඩනැගෙන සම්බන්ධතාවයේ තියෙන විශේෂත්වය. වෙන ඕනම සම්බන්ධයක් දෙපැත්තකට වැඩකරනවා. අපිව කවුරු හරි අහගෙන ඉන්නවා නම් අපිටත් වෙනවා එයාව අහගෙන ඉන්න. ඒක සාමාන්‍ය සම්බන්ධතා ස්වරූපයේ අනිවාර්යයක්. අපේ දේ අහගෙන ඉන්න විතරක්ම, අපිව සනසන්න විතරක්ම අපේ සාමාන්‍ය මිනිස් ඇසුරුකිරීම් වැඩකරන්නෙ නෑ.

    ඒත් සෙක්ස්කැම්වල එයා ඉන්නෙම ඔයාව අහගෙන ඉන්න. ඔයාව සුවපහසු කිරීමමයි එයාගෙ එකම අරමුණ. ඒ සම්බන්ධතාවය වෙනුවෙන් ගෙවන මුදලට වඩා කිසිම වගකීමක් ඔයාට පැවරෙන්නෙ නෑ. ඒක නිදහස් සම්බන්ධයක්. ඒ වගේම අපිට ඕනම දෙයක් කියන්න පුළුවන් විදිහෙ සම්බන්ධයක්. නැවත විනිශ්චය කිරීමක්, අපිට හානිකර අන්දමින් ඒ දේවල් පාවිච්චි කිරීමක් සිද්ද වෙන්නෙ නෑ. ඒකයි ඒක විශේෂ.

    ගෙදරට වෙලා ඉන්න අතර ගෙදරම අය එක්ක කතා කිරීමෙන් අපේ හැඟීම් නිදහස් වෙන්නෙ නෑ. ඒ වගේම අපේ හැමදෙයක්ම ගෙදර අය එක්ක කතා කරන්නත් බැරිවෙන්න පුළුවන්. ඒ අයට අපේ ආතතීන් පවරන එක වරදක් වගේ හිතෙන්නත් පුළුවන්.

    මේ හින්දම කැම් වර්කර්ස්ලා අනිත් අයට වඩා ගොඩක් ඉමෝෂනලි ස්ටේ‍රස් වෙනවා. ඉංග්‍රීසියෙන් අපි කියනවා ඩ්රේන් වෙනවා කියල. ඒ කියන්නෙ ආතතියකින් ඉන්න කෙනෙක්ව දිගුවෙලාවක් අහගෙන ඉඳීමෙන් අපිට දැනෙන මානසික වෙහෙස. මොකද එයා නැවත සමතුලිත වෙන්නෙ අපේ හැඟීම්මය ශක්තියත් අරගෙන. ඒක නිසා කැම්සෙක්ස්වලදි දැනෙන මානසික වෙහෙස, ඉමෝෂනල් ලේබර් එක සෑහෙන වැඩියි. ඒක දරන්න අමාරු නිසාම මුදල් ලැබුනත් ගොඩක් අය මේකෙන් අයින් වෙනවා. ඒ වගේම සමහරු ඩිප්‍රෙෂන් වගේ තත්වවලට යනවා.

    කොරොනා නිසා ලිංගික ශ්‍රමිකයන් ගොඩකගේ රැකියාවන් අහිමි වුනා. සාමාන්‍ය ගණිකාවන් විදිහට හඳුන්වන අය වගේම, එස්කෝර්ට්ස්ලා, සාම්ප්‍රදායික පෝර්න් කර්මාන්තයේ යෙදෙන අය ගොඩක් මේ නිසා සෙක්ස්කැම්වලට අවතීර්ණ වුනා. කැම් වර්කර්ස්ලා විදිහට බැඳෙන්න අයදුම් කරන ප්‍රමාණය 25%කින් පමණ සමස්තයක් හැටියට මේ කාලෙදි වැඩිවෙලා තියෙනවා.

    මේ අලුත් සම්බන්ධතා ස්වරූපය අපේ සාමාන්‍ය ජීවිතේ අනිත් සබඳතාවලට කොයිවිදිහකින් බලපායිද? මේ විශේෂ ඉමෝෂනල් සම්බන්ධයත් එක්ක සෙක්ස්කැම්වල තව කොයිතරම් අලුත් පිටු නිර්මාණය වෙයිද? කැමරාවෙන් එපිට ඇය සහ මෙපිට මම අතර කාච සිවියෙන් වෙන්වුනු ආදරයේ අනාගතය කෙබඳුද?

  • සුදු ඉරි අතර පීනන්න White Lines – Alex Pina

    සුදු ඉරි අතර පීනන්න White Lines – Alex Pina

    ඇලෙක්ස් පීනා කියන ස්පාඤ්ඤ පෙරලිකාරයාගේ වයිට්ලයින්ස් සීරීස් එක ආවෙ 2020 මැයිවල. මනි හයිස්ට්වලින් පස්සෙ ලෝකෙ හැමෝම දැනගත්තා ඇලෙක්ස් පීනා කියන්නෙ කොහොම වැඩකාරයෙක්ද කියන එක. ටීවී සීරීස්වල තියෙන්නම ඕන විස්මිත චරිත ගොඩනැංවීමේ, සබ්ප්ලොට්කරණයේ සහ ප්ලොට් කරණම්වල සූරයෙක්. ඒ වගේම ලේයර් ගානක සෞන්දර්යයක් අධිවේගී විනෝදයක් එක්ක සමගාමීව පවත්වාගෙන යන්න දක්ෂයෙක්. පීනාගෙ හැම කතාවකම වගේ ගැඹුරුම තලයෙදි ස්පාඤ්ඤ දේශපාලන පැතිකඩකුත් සම්බන්ධ වෙනවා.

    ලොක්ඩ් අප් සීරීස් එකේදී ත්‍රස්තවාදය ගැන භීතිය, මනි හයිස්ට්වලදි මූල්‍ය ආතතිය සහ බැංකු විරෝධී මානසිකත්වය, එතකොට වයිට්ලයින්ස්වලින් කියන්නෙ ෆ්‍රැන්කො කාලෙ වලදාපු අපරාධ ගොඩගන්න ස්පාඤ්ඤයේ නවසූදානම ගැනද?

    පීනා කියන්නෙ මේ ඔක්කොම එතන තියෙනවා කියල. ‘ඒකාධිපතියෙක් යටතේ හිටපු අඳුරු පරිච්ඡේදයක් විසින් අනිවාර්යෙන්ම ප්‍රචන්ඩත්වය නිර්මාණය කරනවා. ඒ වගේම ජීවත් වෙන්න, විනෝද වෙන්න, දේවල් විඳින්න දැනෙන පුපුරායනසුලු උවමනාවකුත් ඇතිවෙනවා. ස්පාඤ්ඤයෙ සිවිල් යුද්ද කාලෙන් පස්සෙ ඇතිවුනු වෛර්ණම සංස්කෘතික මොහොත මේ නිසා ඇතිවුනා. මිනිස්සුන්ට සංගීතය, ක්ලබ්, දෙන ලද ජීවිතයෙන් පලායාම සහ ජීවිතේ උපරිමයෙන් විඳීම අවශ්‍ය වුනා. මෙන්න මේ කාලෙදි තමයි ඉබිසා බිහිවුනේ’

    ඇලෙක්ස් පීනාගෙ හැම ටීවී සීරීස් එකක් වගේම ටෙලිවිෂන් එකේ අසාර්ථක වෙනවා. පීනා කියන විදිහට එයා අතින් නිර්මාණය වෙන ඇඩ්රිනලින් රෂ් එක කොටස් වශයෙන් ඇඩ් මැද්දට කැපෙන ටෙලිඩ්‍රාමා මොඩ්ල් එකෙන් රසවිඳින්න බෑ. ඒ නිසාම නෙට්ෆ්ලික්ස් කියන්නෙ පීනාටම හදපු පිට්ටනියක්. එකදිගට බලාගෙන යන්න තියෙන වේගයෙන් ගලායන පීනාගේ නිර්මාණ හැම එකක්ම හිට්වෙන්නෙ නෙට්ෆ්ලික්ස්වලින්.

    වයිට්ලයින්ස් කියන්නෙම කොකේන් ඉරිවලට. මේ සීරීස් එක පටන් ගනිද්දිම උඩින් දානවා සෙක්ස්, ඩ්‍රග්ස්, වයලන්ස්, නියුඩිටි සහ එකී නොකී හැමදෙයක්ම තියෙන 18ට වැඩි අයට බලන්න තියෙන එකක් කියල. මං ටීවී සීරීස් එකක් බලන්න ඉඳගන්නෙ ඒ වගේ වැඩිහිටි කලාපයන් ස්පර්ශ කරනවා නම් විතරයි. ඒ වර්ගීකරණයට උපරිම සාධාරණයක් වයිට්ලයින්ස් කරනවා. අපි ඉන්නෙ පැය දහයක ටි්‍රප් එකක.වයිට්ලයින්ස් කැපෙන්නෙ ඉබීසාවල අතිසුන්දර රෙසෝට් ඇතුලෙ. කතාව ගතවෙන්නෙ දැවැන්ත ඩීජේ පාර්ටි මැද්දෙ. පැයේ කොටස් දහයක මේ කතාව කියන්නෙ ඇත්තටම පැය දහයක දිග පාටියක් කිව්වොත් ඒක හරි.

    මේ කතාව පටන් ගන්නෙ අවුරුදු 20ට කලින් මරලා වලදාපු තරුණයෙකුගේ සිරුරක් ගොඩගැනීමෙන්. මැන්චෙස්ටර්වල ඉඳන් ඉබීසාවලට ආපු මේ ඩීජේ තරුණයාගෙ සිරුර සහෝදරිය විසින් අඳුරගන්නවා. එයාට ඕනවෙනවා මේ මරණය කොහොම සිද්ද වුනාද කියල දැනගන්න. එයා අවුරුදු විස්සක් අතීතයට සම්බන්ධතා ඔස්සේ ගමන් කරනවා. මේ තාරුණ්‍යයෙන් මත්වුණු ඇක්සෙල් කියන තරුණයා එක්ක අවුරුදු 20ට කලින් සුඛපරම ජීවිතයක් ගතකරපු හැමෝම දැන් හතලිස් ගනන්වල. වෙන වෙන ජීවිතවල. ඒත් ඇක්සෙල්ගෙ මරණය හොයායාම පිටිපස්සෙන් මේ හැමෝම නැවත තමන්ගේ විසිගනංවල ජීවිතයට එබෙනවා. තමන්ට අහිමිවුනු ඒ ජීවිතයේ නිදහස උමතුව අනුරාගය ගැන තෘෂ්නාවෙන් පෙළෙනවා. නැවත ඒ තාරුණ්‍යය මොහොතකට හෝ අත්විඳින්න ආශාවෙන් ලුහුබඳිනවා.

    මේක රිවර්ඩේල් වගේ හයිස්කූල් ක්‍රයිම් ස්ටෝරි එකක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් මේ අතීතය නැත්තං අපරාධය නැවත විඳින්න යන්නෙ තාරුණ්‍යය ඉක්මවා ගිය පිරිසක්. ඒ වගේම මේ අපරාධය කතාවෙ කේන්ද්‍රයම වුනත් පීනා කතාව ඇතුලෙ ඒක කේන්ද්‍රීය නොවෙන තැනකට අරන් යනවා. අපරාධය නෙමෙයි අපරාධය සොයා යන්නා කේන්ද්‍රය බවට පත්වෙනවා. මේ අතීතය හඹායන අයගේ වර්තමාන ජීවිතයේ වෙනස්වීම්, තේරුම් ගැනීම් කතාවේ මධ්‍යයට ගේනවා. මේක ක්‍රයිම් ස්ටෝරි එකක්ද? මගේ අදහස නෑ කියන එක. ඒ අපරාධය රූපකයක්. ඒ අපරාධය කියන්නෙ අපේ තාරුණ්‍යය. අපේ වාරණය. ඒක හොයන්න යන හැමෝම ඒ සීමාවෙන් පිටපනිනවා. අතීතයේ මුනගැහුනු නොදැමුනු, මමත්වයෙන් ඉදිමුනු, තාරණ්‍යය පසුකිරීමට අසමත් වූ මිතුරා නිසා හැමෝම සැලසුම්කරලා, දේවල් යටපත් කරලා හදාගත්ත වර්තමානය කැළඹෙන්න පටන් ගන්නවා.

    වයිට් ලයින්ස් නිෂ්පාදනය කරන්නෙ පීනාගේ සමාගම සහ ක්‍රවුන් සීරීස් එක නිෂ්පාදනය කරපු බි්‍රතාන්‍ය ලෙෆ්ට් බෑන්ක් පික්චර්ස්ලා එකතු වෙලා. මේ අදහස මුලින්ම එන්නෙ ක්‍රවුන් නිෂ්පාදක ඇන්ඩි හැරීස්ට. ඒ ස්පාඤ්ඤය සහ බි්‍රතාන්‍යය එකට කරන සීරීස් එකක් ගැන. මුල් කාලෙදි මැන්චෙස්ටර් වගේ පැතිවල ඉඳන් ඉබීසාවලට ගිහින් එහේ ක්ලබ්වල ඩීජේ කරමින් අතිසුන්දර හිපි ජීවිතයක් ගතකරපු මිනිස්සු ගැන ඇත්ත අත්දැකීම් හැරීස් ළඟ තියෙනවා. එයා ඒ ගැන පීනා එක්ක කතා කරද්දි ඒක ආදරය, අනුරාගය, ප්‍රචන්ඩත්වය මිනිස් සන්තානයේ අඳුරු අහුමුළුවලට එබෙන ගතිය ඔක්කොම කලවම් කරන්න බඩු පීනා ළඟ තියෙනවා.

    ‘ඉංග්‍රීසි භාෂාව හරිම සංයුක්තයි. කෙටියි. ඕනම දෙයක් නිශ්චිතව කියන්න පුළුවන්. ඒත් ස්පාඤ්ඤ භාෂාව එහෙම නෙමෙයි. අපි දෙයක් කියන්න ගොඩක් වචන පාවිච්චි කරනවා. සංදර්ශනයක් වගේ. මේ වගේ වෙනස්කම් එක්ක වැඩකරන එක හරියට ඇන්ත්‍රොපොලොජිකල් වැඩක් වගේ වුනා. අපි ෂුට් එකකදි වුනත් මරාගන්නවා. කෑ ගහනවා. මේ නිසා අපේ බි්‍රතාන්‍ය කණ්ඩායම බයවෙලා හිටියෙ. ඒත් ඒ අපේ විදිහ. ඒක තරහ පිටකරගැනීමක් නෙමෙයි. අපි සුහදව වැඩකරන විදිහ”

    පීනා මේ වැඩේ කරපු බ්‍රිතාන්‍ය ස්පාඤ්ඤ හවුල ගැන කියනවා.

    වයිට්ලයින්ස් කියන්නෙ නැරටිව් බෝම්බයක්. සුඛපරමවාදය, ඝාතන, හාස්‍යය, ඇවිලුම් බිළි (ඊතලයක් මෙන් විදිය හැකි ආයුධයක්) මේ ඔක්කොම එකට. එකකින් අනිත් එකට කැපෙන්නෙ අපිට හිතාගන්නවත් බැරි ඉක්මනට. කිසිම ළඟ නවන වංගුවක් ගැන කිසිම විදිහක සමාවභජනයක් පීනාගෙ නෑ. කතාව අතිප්‍රචන්ඩ විදිහට මානසික කලාප ඉරාගෙන බහිනවා.

    ඇලෙක්ස් පීනා

    කතාවෙ පෙම්වතුන් දෙන්නාගෙ ආදර සිත් බැඳෙන්නෙම ඇවිලුම් බිළියකින් කකුල හිල්වෙන්න විදලා. එතන ඉඳන් අම්මලා එක්ක මාස්ටර්බේට් කරන පුතාලා, අම්මයි දුවයි දෙන්නා එක්කම ආදරෙන් බැඳෙන පෙම්වතුන්, පල්ලියෙ ෆාදර්ගෙ දේශනා අහන අතර කලිසම ඇතුලට අතදාන කාන්තාවො, කසාද බඳින දවසෙම යාලුවා එක්ක හොරෙන් සෙක්ස් කරන මනමාලියො මේ විදිහෙ විපරීත ශෘංගාර සූපයක් රසකරන මනුස්සකම, ආදරය, බැඳීම ගැන කතාවක් මේ සුදු ඉරි අතර තියෙනවා.

    වයිට් ලයින්ස්වල ප්‍රධාන තේමාව විදිහට එන්නෙ සොඉ කියන මැන්චෙස්ටර්වල පුස්තකාල කෙල්ලෙක් ඉබීසාවල තම සහෝදරයාගෙ මිනීමරුවා සොයා යාම. බි්‍රතාන්‍ය කියන්නෙ සදාචාරයට බර, හැඟීම් ආවේගයන් පාලනය කරන සංස්කෘතියක්. ස්පාඤ්ඤය විශේෂයෙන්ම මේ කතා කරන ඉබීසාවල හිපි යුගය කියන්නෙ ඊට සපුරාම වෙනස් කලාපයක්. සොඉ අම්මා කෙනෙක් විදිහට ඉබීසාවලට ආවට එතනදි එයාගෙ ජීවිතේ යටපත් කරලා තිබුනු නිදහස්කාමී යෞවනිය ඇහැරෙනවා. ඕනම කෙල්ලෙක් ආශාවෙන් බැඳෙන බොක්සර් කියන බවුන්සර් එක්ක ආදරෙන් පැටලෙනවා. නුනො ලොපෙස් කියන පෘතුගීසි නළුවා නිරූපණය කරන බොක්සර්ගෙ චරිතයත් අමුතුම එකක්. මිනිස්සුන්ව අමුවෙන් කොකුවල එල්ලා මරන්න තරම් හිත්පිත් නැති ප්‍රචන්ඩත්යක් එක්ක අනිත් පැත්තෙන් අතිරොමාන්තික චරිතයක්. සංගීතයද, නැටුම්ද, උයන පිහන කලාවද, කෙල්ලෙකුට ආදරය කිරීමේ කලාවද සියල්ල එකතැන්වුනු කොහෙත්ම පැවතිය නොහැකි පීනාගේ එක්ස්ටී්‍රම් එකක්. ඒක හරියටම වයිට්ලයින්ස් කතාව වගේ. එහෙම කතා කොහේවත් තියෙන්න බෑ.

    ඒත් ඇලෙක්ස් පීනාගේ විශ්මලන්තයේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ ලෝකෙ කොකේන් ගහන බල්ලො නාන තටාකවල පාවෙවී ඉන්නවා.

    වයිට්ලයින්ස් කියන්නෙ මේ වගේ ලොක්ඩවුන් කාලෙකට තෙරපියක්. ගෙවල්වල කොටුවෙලා ඉන්න අතරෙ ඒ සුන්දර මුහුදු තීරයන්, නිල්වන් අහස් කලාපයන්, අතිරමනීය රොසෝර්ටයන්, එකට පොදිවෙලා නටන ක්ලබ්කාමී ජීවිතය වගේම අනුරාගී මානව බැඳීම් අපිව ආශාවෙන් පොඟවනවා. නැවතත් අපි හදවත් ගැහෙන, ජීවිත විඳින්න පෙරමග බලාඉන්න මිනිස්සු වග පසක් කරනවා.

    අවාසනාවට මේ සීරීස් එක දෙවෙනි අදියරකට අරගෙන නොයන්න නෙට්ෆ්ලික්ස් තීරණය කළ බව කියනවා. ඒත් ටීවී සීරීස් අත්දැකීමක් විදිහට මේ සුදුඉරි ටික අපිට දුර්ලභ එක්ස්ටසිමය කොකේනියානු වින්දනයක් අරන් එනවා.

  • මීගමුව වෙරළට පණිවුඩයක්

    මීගමුව වෙරළට පණිවුඩයක්

    මුහුදෙ ගිනිගන්න නැවක සුන්බුන් මීගමුව වෙරළට පාවෙලා ඇවිත් තියෙනවා. නිරෝධායන නීතියි, මේවාවල වසවිස රසායන තියෙන්න පුළුවන් කියන එකයි ගැන කිසි ගානක් නැතුව අපේ කට්ටිය පුරුදු විදිහට මේ බඩු පුළුපුළුවන් තරමින් තමන්ගෙ ගෙවල්වලට අරන් ගිහින් තියෙනවා. මේ බඩු අතරෙ තිබුනා හරියට දත්බෙහෙත් ටියුබ් එකක් වගේ පෙනුම තියෙන එකක්. ඒකෙ නම ලා(ර්)ගෝ.

    ඔන්න ඔය ක්‍රීම් එක හරියට පාවිච්චි කරන එක වැදගත්. දත් මදින්න මූනෙ ගාන්න එහෙම ලෑස්ති වෙන්න එපා.

    මේක ඉන්වර්මා කියන ජර්මානු සමාගමේ නිෂ්පාදනයක්. අරාබියෙ මේ අවුරුද්දෙ වැඩිම අලෙවියක් වාර්තා කරපු ශිෂ්නය විශාල කරන සහ වැඩි කාලයක් සංසර්ගයේ යෙදීමේ හැකියාව ලබාදෙන ක්‍රීම් එකක්. මේ ගැන කරපු පර්යේෂණවලින් 95%කට සාර්ථක ප්‍රතිඵල තියෙනවා කියලයි කියන්නෙ. ඒ කියන්නෙ කොවිඩ් වැක්සින් එකට වඩා ෂුවර් තත්වයක්.

    මේ ක්‍රීම් එක දවසට එකපාරයි පාවිච්චි කිරීම සුදුසු. මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ 100% ස්වභාවික ද්‍රව්‍යවලින් කියල කියනවා. ඒ වගේම මේකෙන් ස්වභාවික ආකාරයේ ශිෂ්න වර්ධනයක් ඇති කරනවා මිස කෘතිම විශාලනයක් සිද්ද කරන්නෙ නෑ. පැය තුනක් දක්වා කාලයක් සෙක්ස් කරන්න පුළුවන් හැකියාවක් ලාර්ගෝ ලබාදෙනවා කියල පොරොන්දු වෙනවා. ඒ වගේම පෝර්න් ස්ටාර්ස්ලා වැඩිදෙනෙක් පාවිච්චි කරන මේ ආලේපනය ශිෂ්නය දැඩි විදිහට ප්‍රාණවත් කරනවා.

    සාමාන්‍ය පුරුෂ ලිංගයක් ප්‍රාණවත් වුනාට පස්සෙ සෙ.මි 13-15ක් විතර දිගයි. ඒත් ඕක ඊට වඩා දික්කරගන්න පුළුවන් නම් ගොඩක් අය ආසයි. දවසට වරක් බැගින් මේ ක්‍රීම් එක මාසයක් එක දිගට පාවිච්චි කරන්න කියල උපදෙස් දීලා තියෙනවා. මෙහි ඇති සංඝටක සමතුලින් ගමන් කරලා ලිංගය ප්‍රාණවත් කරන පේශීන්ට ඇතුල්වෙනවා. ශිෂ්නයට සැපයෙන රුධිර ප්‍රමාණය වැඩි කරනවා. එයින් ලිංගේන්ද්‍රය දිගින් සහ ප්‍රමාණයෙන් වර්ධනය වෙනවා කියලයි කියන්නෙ.

    මාසයකදි සෙ.මි 4-5ක පමණ වර්ධනයක් ශිෂ්නයේ ඇතිවෙනවා කියලා ලාර්ගෝ කියනවා. ඒ වගේම වෙනදට වඩා ඍජු ප්‍රාණවත් වීමක් මෙන්ම නොනවත්වා පැය තුනක් පමණ සංසර්ගයේ යෙදීමේ අසමසම හැකියාවක් මේකෙන් ලැබෙනවලු.

    වැඩි කාලයක් සෙක්ස් කරන්න. උපරිම සුරතාන්තයක් අත්විඳින්න. ඇයටත් වාරගණනක සුරතාන්තයක් ලබාදෙන්න. ඕනම තැනකදි ඕනම වෙලාවක සූදානමින් ඉන්න. එහෙමයි ලාර්ගෝ ආරාධනා කරන්නෙ.
    මීගමුවෙ කොල්ලො ලෑස්තිද??????

    කොවිඩ් කාලෙ ගෙදර ඉන්න එකේ අත්හදා බලන එක නරක නෑ. හැබැයි පරිස්සමෙන් හොඳ සිහියෙන්.

  • වෙසක් පොහොය නිමිත්තෙන් – තන්ත්‍ර

    වෙසක් පොහොය නිමිත්තෙන් – තන්ත්‍ර

    තන්ත්‍ර කියන වචනෙ ඇහුන ගමන් අපිට මතක් වෙන්නෙ සෙක්ස්. තන්ත්‍ර සම්ප්‍රදායෙ විශාල පරාසයම එක තැනකට කොටු කරලා අර්ථයෙන් පටුකරලා තියෙනවා. මේක සිද්ද වෙන්නෙ 1900 විතර පියරෙ බර්නාඩ් විසින් බටහිර පටන්ගන්න නියොතන්ත්‍ර ව්‍යාපාරයත් එක්ක. ඒකෙන් බටහිරට තන්ත්‍ර හොඳටම ව්‍යාප්ත වෙනවා. ඒත් අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

    එතකොට තන්ත්‍රවල සෙක්ස් නැද්ද? තන්ත්‍රවල සෙක්ස් තියෙනවා, අනිත් හැම ක්‍රියාවක්ම විදිහට. සෙක්ස් ප්‍රමුඛ කිරීමක් තන්ත්‍රවල නෑ. විශේෂයෙන්ම සෙක්ස් කියන්නෙ මාර්ගයක් විදිහට ගන්නවා මිස සෙක්ස් කියන්නෙ අවසානයක් විදිහට සලකන්නෙ නෑ. පියරෙ බර්නාර්ඩ් තන්ත්‍ර නමින් කරගෙන ගියේ සෙක්ස් ව්‍යාපෘතියක් විතරයි.

    තන්ත්‍ර කියන වචනෙ තේරුම වෙන්නෙම තාක්‍ෂණය කියන එක. පුහුණුව කියන එක. අනිත් හැම දර්ශනයකටම වඩා වෙනස් විදිහට තන්ත්‍ර දාර්ශනිකත්වයෙන් බැහැර වෙනවා. තර්කයෙන් බැහැර වෙනවා. ඒ වෙනුවට පුහුණුවක් ජීවිත ක්‍රමයක් යෝජනා කරනවා.

    තන්ත්‍ර කියන එක ඉසොටරික් පුහුණුවක්. ඒ කියන්නෙ පොඩි පිරිසක් අතර රහසින් පවත්වාගෙන ගිය සම්ප්‍රදායක්. ඒක බහුතරයට ගැලපෙන පුහුණුවක් නෙමෙයි.

    තන්ත්‍ර එක පැත්තකින් හින්දු සම්ප්‍රදායට වගේම තව පැත්තකින් බෞද්ධ සම්ප්‍රදායට සම්බන්ධ වෙනවා. ඒත් තන්ත්‍ර ඇතිවෙන්නෙ බුදුන්ට වඩා බොහොම කලින්. වේදාන්තවල ඉඳන්ම තන්ත්‍ර ඉගැන්වීම් වල කොටස් එනවා.

    තන්ත්‍රවල බිහිවීම සිදුවුනා කියන්නෙ ආදියෝගී විදිහට සලකන ශිවාගෙන්. ශිවා විසින් පාර්වතී ලබාදෙන පුහුණුව තමයි තන්ත්‍රවල උපත වෙන්නෙ. පාර්වතී ඇවිත් ශිවාගෙන් විවිධ ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න කිසි එකකට ශිවා උත්තර දෙන්නෙ නෑ. එයා ආදරයෙන් ඒ හැම ප්‍රශ්නයකටම උත්තරය හොයාගන්න පුහුණුවක් දෙනවා. මේ පුහුණු 212ක් එකතු වෙලා විඥාන භෛරව තන්ත්‍ර නිර්මාණය වෙනවා.

    තන්ත්‍ර කියන්නෙම විවිධ සම්ප්‍රදායන්ගෙන් පෝෂනය වුනු එකක්. ඒක තනි ගොඩනැංවීමක් නෙමෙයි. මේ නිසාම අදටත් හින්දු, වජ්‍රයාන සහ සෙන් සම්ප්‍රදායන්වල තාන්ත්‍රික කොටස් ඉන්නවා.

    මෑත දවසක මාත් එක්ක කතා කරපු තන්ත්‍ර ගැන හදාරන දෘවි නුලේශ්‍ය ලස්සන පැහැදිලි කිරීමක් කළා. ඉන්දියාවෙ තාන්ත්‍රකයො අතර වාමාංශික දක්ෂිනාංශික තාන්ත්‍රික වර්ග දෙකක් හිටියා කියල. වාමාංශික තාන්ත්‍රිකයො අත්තඛිලමතානුයෝගයටත් දක්ෂිණාංශික තාන්ත්‍රිකයො කාමසුඛල්ලිකානුයෝගයටත් යොමු වුනා කියල. ඒ අනුව බුදුන්ගේ දුෂ්කර ක්‍රියාව ගැනෙන්නෙත් තාන්ත්‍රික පුහුණුවක් විදිහට.

    තාන්ත්‍රිකයන්ගෙ පිළිවෙත වුනේ කිසිවක් බැහැර නොකිරීම. හොඳ නරක, පිරිසිදු කිළිටි, උස් පහත් ආදී වශයෙන් කිසිම බෙදීමකින් තොරව ජීවිතය සමස්තයක් විදිහට බාරගැනීම. ඒක උපරිමයෙන් විඳීම.

    බෞද්ධ සම්ප්‍රදායෙ කියන විදිහට තෘෂ්ණාව නැසීම ගැන තාන්ත්‍රිකයො උනන්දුවෙන්නෙ නෑ. ඒ අයගෙ උත්සාහය වෙන්නෙ තෘෂ්නාව පරිවර්තනය කිරීම. දැන් අපි බුදුන්ගෙ දර්ශනයෙන් ගත්තොත් සංසාරයේ කෙලවරනෙ නිර්වාණය තියෙන්නෙ. තන්ත්‍රයානය අනුව නිර්වාණය තියෙන්නෙ සංසාරය තුලමයි. මේ දෙක දෙකක් නෙමෙයි එකක්. මෙතන මේ මොහොතෙ ඔබ විඳින සංසාරයේම නිර්වාණ මොහොතත් පවතිනවා. ඒක හින්ද තන්ත්‍ර කියන්නෙ ජීවිතය බාරගැනීමේ පුහුණුවක්. බැහැර කිරීමේ හෝ බෙදා වෙන්කිරීමේ පුහුණුවක් නෙමෙයි.

    තන්ත්‍රවල වෑයම වෙන්නෙ මේ නිර්මාණ ක්‍රියාවලිය අවබෝධ කරගැනීම. මොහොතින් මොහොත ඇතිවෙමින් පරිවර්තනය වෙමින් පවතින ජීවිතේ හැමදෙයක්ම උපරිමයෙන් විඳීමෙන් ඒ ගැන අවබෝධය ලබන්න පුළුවන් කියලයි තන්ත්‍රවල උගන්නන්නෙ. මේ අවබෝධය කියන්නෙ ජීවිතේ සැබෑ ස්වභාවය දැකීම.

    සතුට, සමාධිය, තරහව, ඉරිසියාව මේ ඕනෑම දෙයක් බැඳීමක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ආවේගයන් පාලනය කිරීම විඳවීමක් වෙන්න පුළුවන්. මෙසේ ආවේගයන් යටපත් කිරීමේ ක්‍රමය හැමකෙනෙකුටම ගැලපෙන්නෙ නෑ. ඒක වෙනත් ව්‍යාධීන් විදිහට මතුවෙන්න පුළුවන්. තන්ත්‍ර කියන්නෙ ඒ අත්දැකීම තුලට සම්පූර්ණයෙන් සිහියෙන් යුතුව ගමන් කිරීමෙන් එහි යථා ස්වභාවය පිළිබඳ අවබෝධය ලබාගන්න පුළුවන් කියල.

    තන්ත්‍රවලට අනුව සංසාරයමයි නිර්වාණය. ඒ වගේම හැම සත්වයෙක්ම බුදු කෙනෙක්. ඒ කියන්නෙ ඕනෑම සත්වයෙක් තුල පවතින බුද්ධ ස්වභාවයක් තියෙනවා කියල තන්ත්‍ර කියනවා. ඕනම නරක ආවේගයක ධනාත්මක පැත්තකුත් තියෙනවා. අපේ ඍනාත්මක ආවේග ධනාත්මක පරිවර්තනයකට ලක්කිරීම තාන්ත්‍රික පුහුණුවක් වෙනවා.

    ලාමා යේෂේ මේක මේ විදිහට පැහැදිලි කරනවා.
    “අපේ අතෘප්තිය නිසා මතුවෙන සාමාන්‍ය ආශාවන්ගේ ශක්තියම තන්ත්‍ර මගින් සමාධියේ සහ ප්‍රඥාවේ අත්දැකීමක් බවට පෙරලනවා. මේ සමාධිය සහ ප්‍රඥාව තුලින් මෝහය දුරලා යතාර්ථය විනිවිද දකින්න පුළුවන් වෙනවා”

    සෙක්ස් භාවනාවක් කරන යෝග ක්‍රම තන්ත්‍රවල තියෙනවා. ඒ වගේම ඕනම ක්‍රියාවක් තාන්ත්‍රික පුහුණුවක් මගින් භාවනාවකට පෙරලන්න පුළුවන් වෙනවා. ඇවිදීම, ඇඳීම, කාමර අස්පස් කිරීම, නිදාගැනීම පවා සිහියෙන් පරිපූර්ණව කිරීමෙන් සමාධි තත්වයක් අත්විඳින්න පුළුවන්.

    බෞද්ධ සහ තන්ත්‍ර අතර සම්බන්ධයක් තිබුනත් පැහැදිලි වෙනස්කමුත් තියෙනවා. බෞද්ධ භික්ෂුවක් ලිංගිකත්වය යටපත් කිරීමේ උත්සාහයකයි ඉන්නෙ (දැන් පන්සල්වල ඉන්න අය නෙමෙයි). භික්ෂුව සෙක්ස් විතරක් නෙමෙයි සමස්ත ජීවිතයම යටපත් කිරීමේ වෑයමකයි ඉන්නෙ. සල්ලි, බලය, විලාසිතා මේ හැමදෙයක්ම බෞද්ධ භික්ෂුවකට අකැපයි. බුදුන් සෙක්ස් කියන්නෙ මහා නරක දෙයක් විදිහට දේශනා කළේ නෑ. නමුත් එය තෘෂ්නාවක් විදිහට දකිමින් විනයකින්, අවධානයෙන් සහ භාවනාවෙන් ඉක්මවා යායුතු තත්වයක් විදිහටයි බුදුන් විස්තර කළේ.

    තන්ත්‍ර පුහුණු කරන්නන් උත්සාහ කරන්නෙ තෘෂ්ණාව හෝ වෛරය පරිවර්තනය කරන්න. ඒක නසන්න නෙමෙයි. ‘මුවහත් ආයුධ සහිත සක’ කියන ඉගැන්වීමේ ගෙලෙක් රිම්පුෂෙ මෙහෙම විස්තර කරනවා.

    “අහිංසක සත්වයෝ ඔබේ වෛරයට විෂය වීම කිසිසේත් සුදුසු නෑ. අනෙක් අතින් මේ ඍනාත්මක ආවේගයන් නිර්මාණය කරන්නේම ඔබේ මමත්වය විසිනුයි. ඒ නිසා ඔබේ වෛරයට විෂය විය යුත්තේ ඔබේම මමත්වයයි.

    ඔබ නිවැරදි දිශාවට ඔබේ වෛරය එල්ල කළහොත් ඔබට වෛරයෙන් ගැලවිය නොහැකි වුවත් ඒ ආවේගය මාර්ගයට අවතීර්ණ වීම සඳහා යොදාගත හැකියි. වෛරය අන් සත්වයන් මත හෙලීම විනාශකාරීයි”

    තන්ත්‍ර පන්සල් ඇතුලෙ පුහුණු වෙන දෙයක් නෙමෙයි. ඒක ජීවිතේ ඇතුලෙ පුහුණු කළ යුතු දෙයක්.
    තන්ත්‍රවල මෙහෙම කියනවා,
    “සියලු ශබ්දයන් මන්ත්‍ර වේ. සියලු සත්වයන් බුදුවරුන් වේ”

    තාන්ත්‍රික පුහුණුවීම් වලදී මවාගැනීමේ වෙනම භාවනා ක්‍රම තියෙනවා. ඒ එකක් අනුව අපි බුදුවරයෙක් හැටියෙන් හිතාගෙන දවස ගත කරන්න ඕන. එතකොට ඒ මවාපෑම නිසා අපේ ඇත්ත බුද්ධ ස්වභාවය අවදි වෙන්න ගන්නවා කියලයි කියන්නෙ. බුදුවරයෙක් දේවල් වලට ප්‍රතික්‍රියා දක්වන්නෙ කොහොමද කියන එක ගැන සිහියෙන් අපිට අපේ ක්‍රියාවන් කරමින් දවස ගත කරන්න වෙනවා.

    මෙතනදි වැදගත්ම දේ තමයි කිසිසේත්ම ගුරුවරයෙක් නැතුව තන්ත්‍ර පුහුණු වීම නොකළ යුතුයි කියන එක. උදා විදිහට උඩ තියෙන පුහුණුවීමක් අපි කරද්දි අපි එකිනෙකා බුදු කෙනෙක් හැටියට මවාගන්නේ මොන විදිහෙ ගුණයන් තියෙන කෙනෙක්ද කියන ප්‍රශ්නය එනවා. ඒ උපදෙස් සහ මාර්ගය ගුරු කෙනෙක් විසින් පෙන්වා දිය යුතු වෙනවා.

    මෙතනදි නිතර කේන්ති යන කෙනෙකුට වෛරයේ පරිවර්තනය මූර්තිමත් කරන යමන්තක ගැන මෙනෙහි කරන්න කියනවා. කම්මැලියෙක් නම් හයාග්‍රීවගේ ශක්තිය ගැන මෙනෙහි කරන්න කියනවා. කාමාතුරයෙක් නම් වජ්‍රයෝගිනී පුහුණුව තියෙනවා. බයගුල්ලෙක් නම් තාරා සහ ප්‍රඥා පාරමිතාවේ බලය ගැන මෙනෙහි කරන්න පුළුවන්. මේ මොන විදිහකින් වුනත් තමන් ඉන්න තත්වයෙන්ම බුද්ධත්වය කරා එළඹීමක් මිස කිසිවක් පසෙක ලා මාර්ගයට පිවිසීමක් තන්ත්‍රවල කියන්නෙ නෑ.

    කලින් සඳහන් කළා වගේ තන්ත්‍ර සහ සෙන් බුද්ධාගමේ එක ළඟින් යන ගතියක් තිබුණත් ඒ දෙක ප්‍රතිවිරුද්ධ ආධ්‍යාත්මික එළඹුම් දෙකක්. තන්ත්‍රවල කියන්නෙ ලෝකයේ මේ පවතින ද්විත්ව ස්වභාවය, යතාර්ථය සහ මායාව දෙකම එක මිටට අරන් උපරිමෙන් විඳින්න කියල.

    සෙන් දහම මෙතනදි සංසාරයේ මුළාවට කෙලින්ම පහර දෙනවා. දෙබිඩි සිතීම බිඳිනවා. සෙන් සරලයි. ඍජුයි. ඒක හරියට සෙන් කතා කරන්නෙ නිර්වාණය පැත්තෙ ඉඳන් වගේ. තන්ත්‍ර කතා කරන්නෙ සංසාරය පැත්තෙ ඉඳන්.

    සෙන් දහමේ සහ තන්ත්‍රවල වෙනස උදාහරණයකින් කිව්වොත් ලොකු කානිවල් එකක් ගැන හිතන්න. සෙන් වලින් ඇතුල්වෙන කෙනෙක් කානිවල් එකේ කිසි දෙයක් නොබලා කෙලින්ම පිටවීමේ දොරටුව කරා යනවා. තන්ත්‍රවලින් කියන්නෙ කානිවල් එකේ හැම රවුමක්ම ගහලා විනෝදවෙලා පිටවීමේ දොර ළඟට යන්න කියලා. තන්ත්‍ර කියන්නෙ ත්‍රිල් රයිඩ් එකක්. ජීවිතෙන් එලියට ගිහින් බෑ ජීවිතේ ඇතුලට ගිහින් අවබෝධය ලබන්න කියල කරන යෝජනාවක්.

    තන්ත්‍රවල සංකේත දෙකක් වෙන ඝන්ටාරයයි වජ්‍රයයි කියන්නෙ ප්‍රඥාව සහ මෛත්‍රිය කියන දෙක. මේ දෙකම එකට පිහිටන්න ඕන. තන්ත්‍රවලදි නිර්වාණය සහ සංසාරය කියන්නෙ දෙකක් නෙමෙයි එකක්. ආකෘතිය සහ ශුන්‍යතාවය එකක්. ප්‍රඥාව සහ මෝඩකම කියන්නෙ එකක්.

    අනිත් භාවනා ක්‍රමවලදි මනස හිස්කිරීමෙන් සමාධිය ලැබීම වෙනුවට තාන්ත්‍රිකයන් පරිපූර්ණ මනසකින් විඳීම හරහා සමාධිය අභ්‍යාස කරනවා. ආශාව පතුලෙ නිර්වාණය ගවේෂණය කරනවා. බෙදුනු ජීවිතය වෙනුවට නොබෙදුනු පැවැත්මක් යෝජනා කරනවා.

  • Ethical Slut

    Ethical Slut

    1994 දි ලිංගික අධ්‍යාපනවේදිනියක් වුනු ජැනට් හාර්ඩි උණ ගැනිලා මාසයක් විතර ඇඳේ ඉන්නවා. ජැනට් කියන විදිහට ලෙඩේට කොඩේන් කෝෆ් සිරප් බීලා එයා හොඳටම ‘වැදිලා’ ඉන්නෙ. ඒ අතරෙ ටීවී එකේ යන ඉන්ඩීසන්ට් ප්‍රපෝසල් ෆිල්ම් එක එයා දකිනවා. ඩේවිඩ් සහ ඩයනා කියන විවාහක යුවළ ජෝන් කියන බිලියනපතියාගේ සදාචාර විරෝධී යෝජනාවෙන් කැළඹිලා යනවා. එක රාත්‍රියක් ඩයනා එක්ක ගත කරන්න ජෝන් ඩොලර් මිලියනයක් දෙන්න ලෑස්තියි. ජැනට් හාඩිගෙ වයස මේ වෙද්දි 62ක්. අවසානවරට කසාදයක හිටියෙ අවුරුදු 10ට කලින්. එදා ඉඳන් ජැනට් කවදාවත් ඒකභාර්යා විවාහයක් ඇතුලට ගියේ නෑ. මිලියනය ගන්න බැරුව අර දෙන්නා දඟලන එක දැක්කම ජැනට් හිතනවා එයා මේ උණ විකාරෙන් දකින හීනයක් කියල.

    මම ඉඳගෙන බලාගෙන හිටියා. ‘මේ මොකක්ද වෙන්නෙ?’ ඩොලර් මිලියනයක් දෙනවා. රොබර්ට් රොබර්ට් රෙඩ්ෆර්ඩ් එක්කයි ඉන්න තියෙන්නෙ. මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නෙ? මේක ජැන්ට්ට තේරෙන්නෙම නැතුව යනවා. ජැනට් කියන විදිහට ප්‍රධාන ධාරාවෙ ලිංගික ආචාර ධර්ම ගැන නොදැනෙන තරම් දුරට තමන් ගිහින් කියල එයාට තේරෙන්නෙ මේ වෙලාවෙදි.

    ජැනට් එයාගෙ යාලුවා සයිකොතෙරපිස්ට් කෙනෙක් වෙන ඩොසී ඊස්ටන්ව හම්බුවෙන්න යනවා. එයාට ඕන වෙන්නෙ මොනොගමි නොවීම ගැන පොතක් ලියන්න. ජැනට් සහ ඩොසී මීට කලින් පොත් දෙකක එකට වැඩ කරලා තියෙනවා. ඒ ‘කින්ක්’ සංස්කෘතිය ගැන. ඒ පොත් බීඩීඑස්එම් කව ඇතුලෙ ගොඩක් අය කියවනවා. මේ දෙන්නම නිශ්චිත නොවූ ලිංගික අනන්‍යතා තියෙන පොලියමරස් ඒ කියන්නෙ බහුපුරුෂ සම්බන්ධතා පවත්වන අය. ඒ දෙන්නට ඕනවෙනවා ‘ස්ලට්’ කියන වචනෙ ආපහු ගෞරවනීය තේරුමකට අරන් එන්න. මේ දෙන්නා ඒ දෙන්නගෙ විවෘත සම්බන්ධතා ඇතුලෙ ගතවුනු නොයෙක් ලිංගික සම්බන්ධතා, ඕර්ජීස් සහ ඒ එක්කම පොරබදන ඊර්ශ්‍යාව ගැන ලියනවා. ජැනට් හාර්ඩිගෙ පුංචි ප්‍රකාශන සමාගමෙන් 97දි එතිකල් ස්ලට් පොත එලියට එනවා. එතිකල් ස්ලට්-අසීමිත ලිංගික පරාසයක් සඳහා මගපෙන්වීමක් ඒකයි පොතේ නම. මේ පොත පිටපත් ලක්ෂ දෙකකට වඩා විකිණෙනවා.
    මේ කොටස් වශයෙන් පළවෙන්නෙ ඒ පොත

    යහපත් වලත්තී

    මාලි හෙට්ටිආරච්චිගේ පරිවර්තනයක්

    පළවෙනි පරිච්ඡේදය:
    යහපත් වලත්තියක් කියන්නෙ කවුද?

    විවෘත ලිංගික ජීවිතයක් ගතකරන්න බොහෝ දෙනෙක් හීන දකිනවා. ඒ තමන්ට උවමනා ආදරය, ලිංගිකත්වය, මිත්‍රත්වය සියල්ලම ලබා ගැනීමටයි. ගොඩක් අය උත්සාහ කරන්නෙම නෑ. එහෙම ජීවිතයක් ප්‍රායෝගිකව පැවතිය නොහැකි කියල විශ්වාස කරනවා. උත්සාහ කරන අයගෙන් බොහොමයක් මුහුණදීමට සිදුවන අභියෝග සහ දුෂ්කරතා නිසා ව්‍යායාමය මගදී අත්හැර දානවා. ඒ අතර කීපදෙනෙක් දිගටම එහි රැඳී ඉන්නවා. ඔවුන් විසින්, විවෘතව ලිංගිකව හා සමීපව සිටීම කළ හැකි දෙයක් පමණක් නොව, ඔවුන් සිතුවාටත් වඩා එය ප්‍රතිලාභදායී බව අවබෝධ කර ගන්නවා.

    මිනිස්සු දශක ගණනාවක් තිස්සේ නිහඬව වැඩි හාහෝවක් නැතිව නිදහස් ආදරයන් සාර්ථකව කරගෙන ගිහින් තියෙනවා. අපි මේ පොතෙන් කරන්නෙ ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු වුන තාක්‍ෂණයන්, කුසලතා සහ පරමාදර්ශයන් බෙදා ගැනීමයි.

    එහෙනම් යහපත් වලත්තියක් යනු කවුද? ඒ අපියි. තවත් බොහෝ අයයි. සමහර විට ඒ ඔබද විය හැකියි. ඔබ නිදහස ගැන, ලිංගිකත්වය ගැන, සීමාවක් නැති මිත්‍රත්වයන්, ෆ්ලර්ට් කිරීම්, ඒවා කැමැත්ත ඇතුව ජයගැනීම් ගැන සිහින දකිනවා නම්, ඔබේ ආශාවන් ලුහුබැඳ ඒවා ඔබව රැගෙන යන දිශාවට යාමට සිහින දකිනවා නම් ඔබ දැනටමත් පළමු පියවර තබා අවසන්.

    අපි මේ නම තෝරා ගත්තේ ඇයි?

    ඔබ මේ පොත දුටු හෝ ඒ ගැන ඇසූ මොහොතේ සිට සමහර විට තේරුම් ගන්න ඇති මෙහි ඇති සමහර යෙදුම් පාවිච්චි වෙන්නෙ ඔබට හුරු පුරුදු අර්ථයන්ගෙන් නොවන බව.

    තමන්ට වලත්ත යැයි අමතාගැනීමෙන් සතුටු වන්නේ කවුද? ඒ වගේ කෙනෙක් ඔහුගේ ආචාර ධර්ම වලට අනුව ඔහුව පිළිගැනීමක් ලබාදෙන මෙන් බල කරන්නේ ඇයි?

    ලෝකෙ බොහෝ රටවල “වලත්තිය” කියන්නෙ අතිශය අපහාසාත්මක යෙදුමක්. කාන්තාවකගේ නම් ඒක කෑදර, නින්දාසහගත හා කිසි වගවිභාගයක් නැති ලිංගික හැසිරීමක් දනවන්න භාවිතා කරන වදනක්. ඒත් මේකෙ සමාන සහ ප්‍රතිවිරුද්ධ වචනය වෙන ස්ටඩ් කියන එක පාවිච්චි වෙන්නෙ ලිංගිකව ඉතාම ආකර්ශනීය පිරිමියෙකුට. ඒක පිලිගැනීමක් ලබන, ඊර්ෂ්‍යාව දනවනසුලු යෙදුමක්. ඔබ පිරිමියෙකුගේ සදාචාරය ගැන ඇහුවොත් ඔබට අහන්න ලැබෙන්නෙ ඔහුගේ අවංකකම, පක්ෂපාතීත්වය, ප්‍රතිපත්තිගරුක බව සහ උසස් ගුණාංග වගේ දේවල් ගැනයි. ඔබ කාන්තාවකගේ සදාචාරය ගැන ඇසුවොත් ඔබට අහන්න ලැබෙන්නෙ ඇය සංවාසයේ යෙදුනේ කා සමගද, ඒ කුමන තත්වයන් යටතේද වගේ දේවල් ගැන. අපිට ඒක ප්‍රශ්නයක්.

    ඒ නිසා ”වලත්තිය” කියන වචනය පිලිගැනීමක් විතරක් නෙමෙයි ආදරය දනවන යෙදුමක් ලෙසිනුත් නැවත ශිෂ්ටත්වය කරා අපි ගේන්නෙ ආඩම්බරෙන්. අපට වලත්තිය කියන්නෙ සෙක්ස් ලස්සනයි. තෘප්තිය ඔබට හිතකරයි කියන රැඩිකල් අදහසට අනුව ජීවත් වෙන්න බය නැති ඕනෑම ලිංගිකයෙකුටයි. වලත්තියකට ඕනෑ නම් තමා සමග පමණක් හෝ මුලු පස්වන බලඇණිය සමගම හෝ ලිංගිකව හැසිරෙන්න තෝරගන්න පුළුවන්. ඒ තෝරා ගන්න කෙනා විෂමලිංගික, සමලිංගික, ද්විලිංගික, රැඩිකල් ක්‍රියාකාරී හෝ සාමකාමී නාගරික ඕනෑම කෙනෙක් විය හැකියි.

    ආඩම්බර වලත්තියන් ලෙස අපි විශ්වාස කරනවා ලිංගික ක්‍රියාව සහ ලිංගික ආදරය යහපත් ක්‍රියාවල මූලික බලවේගය කියල. බැඳීම් ශක්තිමත් කරන්න, ජීවිත වැඩි දියුණු කරන්න, අධ්‍යාත්මිකව අවදි කරන්න, සමහර විට ලෝකය වෙනස් කරන්න පවා සෙක්ස්වලට පුළුවන්. ඒ වගේම අපි පිළිගන්නවා ඕනම කැමැත්ත ඇතුව සිදුවන ලිංගික සම්බන්ධයක මේ හැකියාව තියෙනවා කියල. දැනුවත්ව තෝරාගෙන සිහියෙන් යුතුව අනුගමනය කරන ඕනෑම ලිංගික මාවතකට පුළුවන් පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ ප්‍රජාවන්ගේ ජීවිත වඩා ධනාත්මක හා නිර්මාණාත්මක කරන්න.

    වලත්තියක් ලිංගිකත්වය බෙදාගන්නෙ හරියට දානපතියෙක් එයාගෙ මුදල් බෙදාගන්නා ආකාරයටමයි. එයා ළඟ ගොඩක් තියෙනවා, ඒ වගේම බෙදාගැනීමෙන් එයා සතුටු වෙනවා, එහෙම බෙදාහදා ගැනීම ලෝකය වඩා යහපත් තැනක් කරනවා. වැඩි වැඩියෙන් ලිංගිකත්වය හා ආදරය ලබා දෙන තරමට, ඔවුන්ටද එය ලැබෙන බව වලත්තියො දන්නවා. පාන් සහ මාළු ප්‍රාතිහාර්යයේ වගේ සෑම කෙනෙකුටම වැඩි වැඩියෙන් ලැබීම සඳහා කෑදරකමට සහ ත්‍යාගශීලිත්වයට අත්වැල් බැඳගන්න පුළුවන්. ලිංගිකත්වයේ අසීමිත නිදහස ඇති ලෝකයක ජීවත්වීම මොහොතකට සිතෙහි මවාගෙන බලන්න!

    ලිංගික ඇඩ්වෙන්චරලෝලීත්වය

    ලෝකය සාමාන්‍යයෙන් වලත්තියන් දකින්නේ නිරෝගී ඒකභාර්යා විවාහයක් කරගත නොහැකි යම් මානසික රෝගයකින් පෙළෙන, පහත්, නීච, වැදගැම්මකට නැති, ජරා, දුරාචාරී, විනාශකාරී, අයාලේ යන පිරිසක් ලෙසයි. අනිවාර්යෙන්ම එහෙම එකක් යහපත් කියල කියන්න බෑ. අප අපව දකින්නේ ලිංගිකත්වය තුලින් සවිඥානකබවක් සොයායාමට කැපවුනු, අපේ ලිංගිකත්වය විඳීම සඳහා අපගේ ජීවිත නිදහස් කරන, අප එකිනෙකාට ගැලපෙන හැම ආකාරයකින්ම එය බෙදා ගන්නා පිරිසක් විදිහටයි. උත්සාහ කරන්නෙ නැතුව වඩා ගැලපෙන්නෙ මොකක්ද කියල අපි දන්නෙ නෑ. ඒ නිසා අපි කුතුහලයෙන් සහ ඇඩ්වෙන්චරීය බවෙන් යුතුයි.

    අපට ආශාවක් දනවන කෙනෙක් දැක්කම නිදහසේ ප්‍රතිචාර දක්වන්න අපි කැමතියි. අපේම ප්‍රතිචාරය දිගේ ගිහින් අපට එහෙම දැනෙන්න හේතු වුනු එම පුද්ගලයාගේ විශේෂත්වය හොයාගන්න අපි කැමතියි. අපි ආසයි මිනිස්සු එක්ක බැඳෙන්න. එක එක විදිහෙ මිතුරන් ඇසුරු කරන්න, අපි එකිනෙකාගෙ වෙනස්කම් කොයිතරම් අපේ සීමාවන් පුළුල් කරනවද, අපිට අපිව අලුතෙන් හොයාගන්න උදව් කරනවද කියල දකින්න.

  • ගැහැණුකමේ භාෂාව ආදරය

    ගැහැණුකමේ භාෂාව ආදරය

    මම ගැහැණියක් ගැන ලියන්න හදනවා. මට ගැහැණියක් ගැන ලියන්න පුළුවන්ද? මොකද මම පිරිමියෙක් හින්ද. එතකොට මගේ අතින් ලියවෙන්නෙ පිරිමියෙක් විසින් නිර්මාණය කරන ගැහැණියක් ගැනද?
    අනිත් අතට මම පිරිමියෙක්ද? පිරිමියෙක් හෝ ගැහැණියක් කියන්නෙ සම්පූර්ණ නිශ්චිත තත්වයක් නෙමෙයි. ලිංගිකත්වය ස්පෙක්ට්‍රම් එකක් නැත්තං වර්ණාවලියක් නම් අපි ඒකෙ විවිධ තැන්වල වෙනස් වර්ණ. මම පිරිමි ගැහැණු සංකලනයක්. ඒකෙ ප්‍රතිශතය අඩුවැඩි වෙන්න පුළුවන්.

    ඉතින් මම ගැහැණියක් ගැන ලියද්දි මට ලියන්න පුළුවන් වෙන්නෙ පුද්ගලයෙක් විදිහට මට ගැහැණියක් කවුද කියන එක. ඒක මට කියන්න වෙන්නෙ උපතේදී මුනගැහුනු අම්මාගේ සිට ජීවිත කාලයේ මට ඉන්ටිමේට් විදිහට බලපාපු ගැහැණු ජීවිත ඇසුරෙන්. ඒ ගැහැණු හැමෝමත් පරිපූර්ණ ගැහැණුද? කොහෙත්ම නෑ.

    ගැහැණියකගේ ඇසුර මට සුවිශේෂ වටිනාකමක් දෙන්නෙ ඇගේ ඇස්වලින් මම නොදකින ලෝකයක් මට ග්‍රහණය කරගන්න පුළුවන් නිසා. වෙනම සංස්කෘතික කලාපයක්, සංවේදන කලාපයක් ගැහැණු ඇස් ඇතුලෙන් මට ස්පර්ශ කරන්න පුළුවන් වෙනවා. ඒක මගේ පිරිමි ශරීරය සීමාවක් වෙමින් මගෙන් වසන් කළ මිනිස් පැවැත්මක ස්වභාවයක්. ඒ ගැහැණුකම දකිනකොට මට මගේ පිරිමි සීමාවන් මුනගැහෙනවා.
    ඒත් ගැහැණියක් කියන්නෙ වෙනම භාෂාවක්, වෙනම පැවැත්මක් කියන එක තේරුම් ගන්න මගේ ජීවිතේ ගොඩක් කල් ගතවුනා. ශරීරයට අනුරාගයට වඩා එහාට ගිහින් ගැහැණු සිතීම තේරුම් ගන්නවා කියන්නෙ පිරිමියෙක් ගැහැණු ආත්මයක් බවට පත්වෙනවා කියන එක නෙමෙයි. ඒ වෙනුවට පිරිමි තත්වානුරෝපනවලින් යම් තරමකට හෝ ඈත්වෙනවා කියන එක.

    මෙතනදි ගැහැණිය කියන පුද්ගලභාවයට යනවා වෙනුවට මම කැමතියි ගැහැණුකම කියන පැවැත්මේ ස්වභාවය ගැන කතා කරන්න. මේ ගැහැණුකම ඇතුලෙ පිරිමියෙකුට මුනගැහෙන තේරුම්ගන්නම බැරි දේ වෙන්නෙ ඈ කතා කරන ආදරයේ භාෂාව කියලයි මට හිතෙන්නෙ. පිරිමියෙක් තර්කයේ භාෂාවෙන් කියන්න හදන කිසි දෙයක් ගැහැණියකට වැඩක් වෙන්නෙ නෑ. විභාගවලට, උසස්වීම්වලට එහෙම වැදගත් වෙනවා ඇති. ඒත් ජීවිත ගනුදෙනුවකදි ගැහැණියක් බලන් ඉන්නෙ ඒ වචන හෝ ක්‍රියාවෙ තියෙන ආදරයේ මූලය දිහා.


    මොකක් හරි දේකදි ඈ එක්ක ගැටෙද්දි යම් දෙයක් ගැන එයාගෙ වරද අපි කියනවා කියල හිතමු. එතනදි එයා ඒ වරද කරන මනස ගැනත් අපි නොදැනුවත්ව උපකල්පනයකට යනවා. ඒක සිද්ද වෙන්නෙ අපේ මනසිකාරයට සාපේක්ෂව. එයා ඒ කිසි දෙයක් පිළිනොගන්න ඉඩතියෙනවා. එයා අපි එක්ක ගැටෙනවා. අපිට තරහ යනවා. එයා බොරු කියනවා කියල හිතෙනවා. ඒත් එක වෙලාවකදි අපිට එයාට රිදුනු තැන දකින්න පුළුවන් වෙනවා. එයාගෙ සම්පූර්ණ විරෝධයම තියෙන්නෙ අපි නැත්තං මම විසින් එයාව දැකපු විදිහ ගැන. ඒ සිදුවුනු කාරණය හෝ සිද්ධිය ගැන නෙමෙයි. ආදරය ඇතුලෙන් ඈ දිහා නොබලා පිටස්තර ද ෑසින් විනිශ්චය කිරීම ගැන. විනිශ්චය කියන්නෙ පිරිමි දඬුවමක්. ඒක මාරාන්තිකව බලපාන්නෙ ගැහැණුකමට.

    මේ වගේමයි ගැහැණුන්ට නිල ඇඳුම් නොපෙනෙන එකත්. පිරිමියෙක් බයෙන් තිගැස්සෙන පොලිස්කාරයෙකුගෙ තරුපටි ඉස්සරහා ගෑනු එල්ලි එල්ලි රන්ඩුවෙනවා. ගැහැණුන්ට පොලිස් නිලය පේන්නෙ නෑ. ඒ වෙනුවට ඒ ඇතුලෙ ඉන්න මනුස්ස ශරීරය ඈට පේනවා. එයා කතා කරන්නෙ, රණ්ඩු වෙන්නෙ ඒ මිනිහා එක්ක මිස නිලය එක්ක නෙමෙයි. ගැහැණු ලෝකෙ ඇතුලෙ නිල තානාන්තර හිස්.
    පිරිමියෙකුට ගැහැණු ඇසුරක ලැබෙන්න පුළුවන් නිර්වාණය වෙන්නෙ මේ ආදරයේ භාෂාව ඇතුලට යන එක. ඝනීභවනය වුනු පිරිමිකම දියවෙන සුරතාන්ත මොහොතක් ඒක. ඒ පැවැත්ම ඇතුලෙ සමාජය සහ සංස්කෘතිය විසින් පනවපු නීති රීති සීමා කිසිදෙයක් වලංගු නෑ. නිරුවත් පැවැත්මේ මොහොතක් විතරක් මුනගැහෙනවා. ඒක හරියටම ඩ්‍රග් එකක් වගේ. ගැහැණු මනසක ටි්‍රප් කරන එක. හීලෑ නොවුනු වනාන්තර පැවැත්මක භාවනාවක් ඒක.

    ගැහැණුකම කියන්නෙ ගලායන වතුර පාරක් නම් ඒක වීදුරුවක් කෝප්පයක් ඇතුලට පුරවලා ඒ ගැන කතා කිරීම තේරුමක් නෑ. එතකොට අපි කතා කරන්නෙ භාජනේ හැඩය විතරයි. වතුර කියන්නෙ වෙන එකක්. ඒක විඳින්න නම් අපි ඇළක දොළක මුහුදක ගිලිලා නාන්න ඕන. ඒ මහා ජලස්කන්ධයේ පාවෙන අංශූවක් වෙන්න ඕන.

    ආදරේ කියන්නෙ අන්න එහෙම තැනකට දොරටුවක්. නමක් නොදී මලක් දිහා අපිට කොයිතරම් වෙලා බලන් ඉන්න පුළුවන්ද? එතකොට අපි මල බවට පත්වෙනවා. ගැහැණියක් සමග විනිශ්චය පසෙකලා අපිට කොයිතරම් වෙලා බලන් ඉන්න පුළුවන්ද? අපි අපේ අත්හැරුණු ගැහැණුකම වැළඳගන්නවා.


    චින්තන ධර්මදාස

  • Sex at Dawn

    Sex at Dawn

    හඳුන්වාදීම

    මෑතක පළවුනු දීර්ඝ කාලීන සම්බන්ධතා සහ සෙක්ස් අතර ගැටුම ගැන ලිපියෙදි හොඳ සංවාදයක් මතුවුනා. ඒ මොනොගමික විවාහය ගැන. ගොඩක් අය හිතාගෙන ඉන්නවා මොනොගමි නැත්තං ඒකභාර්යා විවාහ කියන එක පරිණාමයේ මුල් අවධියෙ ඉඳන් අපේ පැවතුනු පවුල් සම්බන්ධතා රටාව කියල. ඒ හින්ද ඒක වෙනස් කිරීම ප්‍රායෝගික නෑ කියල. අපි අමතක කරන කාරණය තමයි මොනොගමි කියන්නෙ විවාහ ක්‍රමයක් වුනාට මේටින් නැත්තං ලිංගික සම්බන්ධතා පවත්වන ආකාරයක් නෙමෙයි කියන එක. කොහොම වුනත් මොනොගමි පවුල කියන එක අපේ මානව ඉතිහාසෙ වැඩි ඈතකට යන එකක් නෙමෙයි. මේ ගැන විස්තරාත්මකව කතා කරන පොතක් තමයි සෙක්ස් ඇට් ඩෝන් කියන පොත. ඒක ලියන්නෙ ආචාර්ය ක්‍රිස්ටොෆර් රයන් සහ වෛද්‍ය කැසිල්ඩා ජෙත කියන දෙන්නා. මේ පොත කොටස් වශයෙන් පලකරන්නයි මේ ආරම්භය.

    පෙරවදන

    හොඳ අරමුණින් කරන විමසා බැලීමක්

    අපි වානරයන්ගෙන් පැවත එනවා කියල ඔයා අහලා තියෙන කතා ඔක්කොම අමතක කරන්න. අපි වානරයන්ගෙන් පැවත එන්නෙ නෑ. අපි තමයි වානරයො. රූපකමය විදිහටත් දත්ත අනුවත් හෝමෝ සේපියන් කියන්නෙ ඉතුරුවෙලා ඉන්න මහා වානර වර්ග පහෙන් එකක්. චිම්පන්සි, බොනබොස්, ගොරිල්ලා, සහ ඔරන්ඔටන් තමයි අනිත් හතර. ගිබන් කියන්නෙ වානර මට්ටමට ටිකක් අඩු එකක්. අපි චිම්පන්සි සහ බොනබෝස්ලා එක්ක එකම මුතුන්මිත්තො පරම්පරාවක් බෙදාගත්තා අවුරුදු මිලියන 05ට කලින්. පරිණාමවාදී වචනයකින් කිව්වොත් ඒ අපේ ‘පෙරේදා’. අපිව අනිත් මහා වානරයන්ගෙන් වෙනස් කරනවා කියන නිශ්චිත සළකුන මේ කාලෙ ප්‍රිමෙටොලොජිස්ට්ලා (ආදි වානරයන් පිළිබඳ අධ්‍යනය කරන) පිලිගන්නෙ ඉතාම කෘතිම එකක් විදිහට.

    අපි ස්වභාව ධර්මයට ඉහළින් ඉන්නවා කියන කතාව හරියට කකුල් වෙවුලන සර්ෆර් කෙනෙක් මුහුදට ඉහළින් ඉන්නවා වගේ එකක්. අපි ලිස්සලා වැටුනෙ නැතත් ( ඒක හැමෝටම වෙනවා) අපේ අභ්‍යන්තර ස්වභාවය විසින් ඕනම වෙලාවක අපිව ඇතුලට ඇදලා ගන්න පුළුවන්. බටහිර හැදුනු අය විශ්වාස කළා මිනිසා හරි සුවිශේෂයි කියල. අනිත් හැම ජීවත්වෙන දේකටම වඩා වෙනස් කියල. ලෝකයට වඩා ඉහලින් ඉන්නෙ කියල. සත්ව ජීවිතය සලකුණු කරන පහත් අවමන් තත්වයන්ගෙන් නිදහස් කියල. අපිට පහතින් අපිට යාබදවම තියෙන ස්වභාවික ලෝකය කියන්නෙ ලැජ්ජාවට හේතුවක්, පිළිකුල්කටයුතු, අවධානයෙන් සිටිය යුතු, ගඳ ගහන, අවුල්සහගත, වසා දොරගුළු ලා සඟවා තබාගත යුතු තත්වයක් කියල. එහෙම නැත්තං අපි ඒක ඕනවටත් වඩා ඉහළින් තබමින් පාවෙන, දිව්‍යමය, අවිහිංසක, උසස්, සමතුලිත, ප්‍රඥාවන්ත දෙයක් විදිහට සලකන්න ගත්තා.

    බොනබොස්ලා චිම්පන්සි වගේම අපි අපේ කාමාතුර මුතුන්මිත්තන්ගෙන් පැවත එන කාමුක පරපුරක්. පලවෙනි වතාවට ලැජ්ජාව නිසාම ඒක වැඩිකරලා කියපු කතාවක් වගේ පේන්න පුළුවන්. ඒත් ඒක බොහෝ කාලෙකට කලින් පොදු දැනුමක් බවට පත්විය යුතුව තිබුනු දෙයක්. මොනොගමිය ගැන සාම්ප්‍රදායික මතය, මැරෙන තෙක් එකට පවතින කසාදයේ පීඩනය එන්නෙ අපි ගැන හදපු අපි නොවන මිත්‍යා ප්‍රබන්ධයක මහා බරක් එක්ක. මොකක්ද මානව ලිංගිකත්වයේ සාරය? ඒක එහෙම වුනේ කොහොමද? ඉස්සරහට එන පිටුවල අපි කතා කරන්නෙ අවුරුදු දහදාහකට පමණ කලින් ඇතිවුනු සංස්කෘතික වෙනස්කම්වල කම්පනය අපේ ඇත්ත මානව ලිංගිකත්වයේ කතාව විපරීත සහ තර්ජනාත්මක එකක් කළේ කොහොමද කියන එක ගැනයි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ආගමික අධිකාරීන් විසින් එය නිශ්ශබ්ද කරමින්, විශේෂඥයන් විසින් එය රෝගයක් බවට පත්කරමින්, විද්‍යාඥයන් විසින් එය නොතකා හරිමින්, සදාචාරය කරපින්නා ගත් වෛද්‍යවරුන් විසින් එය යටපත් කරමින් සිටි ආකාරයයි.